Chapter 22: chapter 21

My Little Wolfie | TK || CompletedWords: 25695

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

💛 ආආආආආආ......මාව බේරගන්නඩෝ....

🐯 ඔහොම නවතිනවා මෝඩ නරියා.....මන් තමුසෙව කෑලි කරනවා..

🐥 ඇයි මේ අපි දුවන්නේ...

🐰 අයිගෝ හ්‍යුන්ගී එයව අතාරින්නකෝ...

🐱 කුකී බබා දුවන්න එපා ලමයෝ....ඔයාට මහන්සි වෙන්න හොද නෑ...

❤️ දෙයියනේ කුකී බබා නතර වෙන්න..

🌱 හම්මියෝ...හිමින් දුවමු..හිමින්...

🐵 යාහ් බෙයාර් මගේ මල්ලි පස්සේ දුවන එක නතර කරනවා...

🦄 ජැකී...දුවන්න එපා බේස පැටියෝ...හිමින් යනවා..

🐵 තමුසේ ඇල්ෆා කෙනෙක් නේද මෝඩයෝ...ගිහින් මගේ මල්ලිව අර කොටියාගෙන් බේරගන්නවා..

මේ වෙලාවේ වෙන දේ හරිම සරලයි..ඉයුන්වූ ටේහ්‍යුන්ගෙන් බේරෙන්න කොලේජ් එක පුරාම දුවනවා..ටේහ්‍යුන් යූන්ගි එක්ක මුකුලු කර කර හිටිය ජිමින්වත් ඇදගෙන ඉයුන්වූගේ පස්සෙන් දුවනවා..මුකුත් නොදන්න ජිමින් ඔහේ ටේහ්‍යුන්ගේ පස්සෙ ඇදිලා යනවා..

ජන්ග්කුක් එයාගේ අහින්සක යාලුවාව කේන්ති ගිය කොටියෙක්ගෙන් බේරගන්න ඒ පස්සෙන් දුවනවා..ජන්ග්කුක් දුවනවා දැක්ක නිසා ජන්ග්කුක්ට දුවන්න හොද නෑ කියලා මතක් කරලා දෙන්න එයාගේ පස්සෙන් යූන්ගියි රෝසුයි දුවනවා..එතකොට රෝස් දුවන්න පටන් ගත්තේ එයාගේ අතේ එල්ලිලා හිටපු ලීසාවත් ඇදගෙනමයි..ඒ නිසා ලීසාත් එයාලා එක්කම කිසිම හේතුවක් නොදැන දුවනවා...

එතකොට අයිනකට වෙලා ලව් කර කර හිටිය ජැක්හෝප් ඩබලව පෙරලන් කට්ටියම දිව්ව නිසා හේතුවක් නොදැන ඒ දෙන්නාත් කට්ටිය පස්සෙන් දුවනවා...කොහොම හරි මගදි ජැක්සන් හොයාගත්තා මොකක් හරි හේතුවකට ටේහ්‍යුන් ඉයුන්වූ පස්සෙන් පන්නනවා කියලා..ඒනිසා දැන් ජැක්සන් දුවන්නේ එයාගේ මල්ලිගේ ජිවිතේ බේරගන්න..

💛 ජිනි හ්‍යුන්ග්...ජූන් හ්‍යුන්ග් එහාට වෙන්ඩෝ....

පූල් එක ලග ලමයෙක් එක්ක ස්පෝර්ට් මීට් එකේ කතාවක් දාගෙන හිටිය නම්ජින් දෙන්නාම උඩ ගියේ ඉයුන්වූගේ සද්දේටයි ඒ පස්සෙන් දුවන් එන සේනාව දැකලායි..හැබැයි ඉතින් ඒ දෙන්නාට එච්චර දෙයක් හිතන්න වෙලාවක් හම්බුනේ නෑ...එයාලා එක්ක කතා කර කර හිටපු කොල්ලවත් තල්ලු කරලා ඉයුන්වූ දෙන්නාගේ මැද්දෙන් දිව්වේ පූල් එකේ ගැට්ටේ හිටිය නම්ජින් දෙන්නාවම වතුරට තල්ලු කරලායි..

ජින් පූල් එකට වැටුන ක්ෂණිකයෙන් ඉයුන්වූ පස්සේ පන්නන එක නතර කරලා ටේහ්‍යුන් පූල් එකට පැන්නා..ඒත් එක්කම ජැක්සනුත් පූල් එකට පැන්නෙ පස්සෙන් ආපු හැමෝම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව පූල් එක ලගම නතර වෙනකොටයි..

විනාඩියක් යන්න කලින් ටේහ්‍යුන් ජින්වත් ජැක්සන් නම්ජුන්වත් උඩට උස්සලා ගත්තා...ඒත් ඉතුන් නම්ජින් දෙන්නාම ඇස් වහන් තද කරගෙන ටේහ්‍යුන්වයි ජැක්සන්වයි තද කරගෙන හිටියේ..

🐹 ම..මාව මරන්න එපා...

🐯 ශ්ශ්...හ්‍යුන්ග් හැමදේම හරි මන් ලග ඉන්නවා..

ඇසුත් වහන් පූල් එකේ දගලන ජින්ව ටේහ්‍යුන් තද කරලා බදාගෙන ටේහ්‍යුන්ගේ සුවද ජින්ට දැනෙන්න දුන්නාම ටිකක් වෙලා ගිහින් ජින් සන්සුන් උනා..ඒත් තාමත් ජැක්සන්ව අල්ලගෙන එයාගේ උරහිසෙන් ඔලුව තියාගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් හිටියේ...

🐵 ජූන්...දැන් හරි හැමදේම හොදින්...

ජැක්සන් නම්ජුන්ගේ ඔලුව අතගාන ගමන් නම්ජුන්ව සන්සුන් කරනකොට ඉරිසියාකාර ඇල්ෆා කෙනෙක් ජැක්සන්ට ගොරව ගොරව හිටියේ...ඇයි ඉතින් එයාගේ මේට්ව වෙන කෙනෙක් බදාගෙන නේ..

හේතු දෙකකට උනත් නම්ජින් දෙන්නාම වතුරට බයයි...හැමවෙලේම ඇල්ෆලා ශක්තිමත් කියලා කිව්වාත් ඒ හැම කෙනෙක්ටම පොඩි හරි වීක් පොයින්ට් එකක් තියෙනවා...ඉතින් නම්ජින් දෙන්නාගෙම වීක් පොයින්ට් එක ගැඹුරු වතුර...

🐵 ජූන් ඔයාගේ සුවද...

අනිත් හැමෝම ටැබ්ලට්ස් පාවිච්චි කරලා හිටියාත් නම්ජුන් එයාගේ සුවද නැති කරගෙන හිටියේ ඇගේ ගාලා තිබ්බ බොඩිලෝශන් එකකින්...දැන් වතුරට වැටුන නිසා බොඩිලෝශන් සේරම නම්ජුන්ගේ ඇගෙන් අයින් වෙලා එයාගේ ටෲ බ්ලඩ් ඇල්ෆා සුවද හැමෝටම දැනෙන්න පටන් ගත්තා..

🐰 ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්...

ජන්ග්කුක්ගේ කටහඩ ඇහුනම තමයි නම්ජුන් හරි සිහියට ආවේ...එයාගේ සුවද අනිත් අයට දැනුනාත් ඒක ප්‍රශ්නයක් නොවෙයි කියලා හිතුවාට එයා කවුද කියලා ජන්ග්කුක් හරියටම අදුරගත්ත නිසා නම්ජුන් හුගක් කලබල උනා..ඒ නිසාම ඉක්මනට නම්ජුන් ජැක්සන්ගේ ඇගෙන් අයින් වෙලා යන්න හැදුවත් ඊට කලින් ඉක්මන් උන ජින් ටේහ්‍යුන්ගේ තුරුලෙන් ඈත් වෙලා නම්ජුන්ගේ අතින් අල්ලගන්න හැදුවත් නම්ජුන් ඉස්සරහට උන එකෙන් උනේ නම්ජුන්ගේ අත් දිග ශර්ට් එකේ පලුවක්ම දෙකට මැදින් ඉරලා ගිය එකයි..

මෙච්චර කාලයක් ඇග පුරාම තිබ්බ කැලැල් හැමෝගෙන්ම හැංගුවත් ශර්ට් එක දෙපැත්තට ඉරිලා ගිය එකෙන් නම්ජුන්ගේ අලුත් පරන තාමත් තුවාල තියෙන මුලු ඇගම හැමෝටම නිරාවරණය උනා..නම්ජුන්ගේ ඇගේ තියෙන කැලලි දැක්ක ගමන් ජින්ගේ අත ඉබේටම වගේ ලිහිල් වෙලා ගියා..ඒ චාන්ස් එකෙන් නම්ජුන් ඉක්මනට ශර්ට් එක සම්පූර්ණයෙන් ම ඉරලා දාලා ලග තිබ්බ ටවල් එකකුත් දාගෙන එතනින් දිව්වා..

🐹 ජූන් ඔහොම ඉන්න...

ජින්ට නම්ජුන් පස්සෙන් යන්න ඕන කියලා තේරුන නිසා ටේහ්‍යුන් ජින්ව උස්සලා පූල් එකේ එලියෙන් තිබ්බාම ඉක්මනට ජින් නම්ජුන්ගේ පස්සෙන් දිව්වා.. එතන උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටිය හැමෝම ජැක්සන්ගේ පැත්තට හැරුනා.

🐵 ඔහොම බලන්න එපා ඉතින්..මාත් ලගදි දැනගත්තේ...ඒත් අර කැලල් වලට හේතුව නම් මන් දන්නේ නෑ හැබැයි...මන් දන්නේ නම්ජුන් ඇල්ෆා කෙනෙක් කියලායි එයා වතුරට බයයි කියලායි විතරයි...

ජැක්සන් මෝඩ හිනාවක් දාගෙන කියනකොට අනිත් අය ඒ ටිකෙන් සෑහීමකට පත් උනත් හොබිගේ ඇල්ෆා නම් හිටියේ කේන්ති ගිහින්..මොකද එයාගේ මේට් බදාගෙන හිටියේ වෙන ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්ව..හොබි නම්ජුන් මනුස්සයෙක් කියලා හිත හදාගත්තාත් නම්ජුන්ගෙන් සැර ටෲ බ්ලඩ් සුවද ආවම හොබීගේ ඇල්ෆාට කේන්ති ගියා..කිසිම ඇල්ෆා කෙනෙක් කැමති නෑ තමන්ගේ මේට් වෙන කෙනෙක්ට ලන් වෙනවාට..විශේශයෙන්ම තවත් ඇල්ෆා කෙනෙක්ට...මෙච්චර වෙලා ජැක්සන් දිහා ගිනි පිටවෙන ඇස්වලින් බලන් හිටිය හොබි එතනින් ගියේ එයාට කේන්ති ගියොත් පාලනය කරගන්න අමාරු නිසායි...හොබි හැමවෙලේම හිනා වෙලා හිටියාට එයාගේ ඇල්ෆා හුගක් තද ගතිගුන තියෙන කෙනෙක්..ඒ වගේම එයාට කේන්ති ගියාම හුගක් දරුණුයි..පාලනය කරන්න අමාරුයි...ඒ නිසාමයි හොබි ඉක්මනට එතනින් ගියේ..

🐵 හොබි ඉන්න...

හොබීව නතර කරගන්න පූල් එකේ ඉදන් ජැක්සන් කෑ ගහනකොට හොබි තව ටිකක් වේගේ වැඩි කරලා එතනින් ගියා..

🐥 හ්‍යුන්ගීගේ ඇල්ෆාට කේන්ති ගිහින්...ඇල්ෆාව කන්ට්‍රෝල් කරගන්නකම් ටිකක් ඉදලා යන්න ජැකි හ්‍යුන්ග්..

🐵 ඒත්...

🐯 ජිමින් කියන දේ හරි හ්‍යුන්ග්...හොබි හ්‍යුන්ග්ට කේන්ති ගියාම අපි කාටවත් එයාව කන්ට්‍රෝල් කරන්න බැහැ..ඔයා ටිකක් වෙලා ඉදලා ගිහින් එයාව ශේප් කරගන්න..දැන්ම යන්න එපා..

🐱 ඒත් ජිනි ඇයි වතුරට බය..

🐯 චූටි කාලෙදි හ්‍යුන්ග්ව මිනිස්සු කට්ටියක් කිඩ්නැප් කරා..එයාලා ගියපු වාහනේ කන්දකින් පහලට වැටිලා පහල තිබ්බ ගගට හ්‍යුන්ග්ව වැටුනා..එදා ඉදන් හ්‍යුන්ග් වතුරට බයයි...

ටේහ්‍යුන් එහෙම කියලා ජිමින්ගෙයි ජන්ග්කුක්ගෙයි උදව් අරන් පූල් එකෙන් එලියට ආවා..එතකොට තමයි දැක්කේ එයාලා හැරෙන්න තව මනුස්ස ලමයෙකුත් ඒ හැම දෙයක්ම අහගෙන හිටියේ කියලා...ටේහ්‍යුන් කට කොනේ හිනාවක් එක්ක හිමීට ඒ ලමයා ලගට ලන් වෙනකොට හැමෝටම තේරුනා ටේහ්‍යුන් මොකක්ද කරන්න හදන්නේ කියලා...හිමිට බය වෙලා ඉන්න කොල්ලා ලගට ගිය ටේහ්‍යුන් එයාගේ රතු ඇස් වලින් ඒ කොල්ලාගේ ඇස් දිහා බැලුවා..

🐯 ඔයාගේ නම මොකක්ද ??

= ක්...ක්‍යුන්සෝ...

🐯 හොදයි ක්‍යුන්සෝ...මගේ ඇස් දිහා හොදට බලන්න...මෙතන උන කිසිම දෙයක් ඔයාට ඇහුනෙත් නෑ...දැක්කෙත් නෑ..තේරුනාද ??

ටේහ්‍යුන් ඩීප් වොයිස් එකකින් එහෙම කියනකොට ඒ කොල්ලා ඔව් කියලා ඔලුව වැනුවා..

🐯 හොද ලමයා..දැන් එහෙනම් ඔහොම්ම නිදාගන්න ක්‍යුන්සෝ..

ටේහ්‍යුන් එහෙම කිව්වාම ඒ කොල්ලා වැටුන තැනම එහෙම්ම නිදාගත්තා..එහෙම්ම ටේහ්‍යුන් හැරුනත් මුලු ඇගම තෙත් වෙලා ඉන්න ටේහ්‍යුන්ව දැක්ක ජන්ග්කුක් ඉක්මනට ගිහින් ටේහ්‍යුන්ව කවර් කරගත්තා..

🐯 බේබි ඇයි ??

චූටි ඇගෙන් තමන්ගේ මුලු ඇගම කවර් කරගන්න හදන ජන්ග්කුක්ගේ ලගට පහත් වෙලා ටේහ්‍යුන් අහනකොට වටපිට බැලුව ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලුනා..ටේහ්‍යුනුත් ඉතින් එයාගේ කෝලර් බෙයාර්ව උස්සලා අත් දෙකට ගත්තා..

🐯 බේබි ඔයත් දැන් තෙමෙනවානේ..

🐰කමක් නෑ..ඉක්මනට ගිහින් ඇදුම් මාරු කරගමු...මන් මෙහෙම ඉදන් හ්‍යුන්ගීගේ ඇග කාටවත් පේන්නේ නැති වෙන්න වහගන්නම්...

🐯 අනේ ඉතින් මෙහෙමත් ඉරිසියාවක්..

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකන් හුරතල් කරනකොට ඒ දෙන්නාගේ විකාර බලන් හිටපු අනිත් අය එතනින් ගියා..ජැක්සන් හොබීව හොයාගෙන යනකොට යූන්මින් දෙන්නායි රෝස්ලී දෙන්නායි ආයි ලෙක්චර්ස් වලට ගියා..

ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්වත් වඩාගෙනම ගියේ ෆිටෝන් රූම්ස් තියෙන පැත්තටයි..ජන්ග්කුකව වඩාගෙනම ටේහ්‍යුන්ගේ ලොකර් එකෙන් වෙන ඇදුමක් ගත්ත ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්ව උස්සලා බෙන්ච් එකකින් තියලා ශර්ට් එක ගැලෙව්වා..හැමදාම වගේ ටේහ්‍යුන් ශර්ට් එක ගලවලා ඉන්නවා ජන්ග්කුක් දැකලා තිබ්බාත් අද පලවෙනි වතාවට ජන්ග්කුක්ට හුගක් ලැජ්ජ හිතුනා..සමහරවිට ඊයේ එලි වෙනකම් බේබි කෙනෙක් හදන හැටි හොයපු නිසා වෙන්නත් පුලුවන්...

ටේහ්‍යුන්ගෙන් ඇහුවාම එයා කිව්ව විදියට ඩිම්බයි ශුක්‍රාණුයි එකතු වෙලා සංසේචනය උනාම තමයි බේබි කෙනෙක් බම්බ් එකේ හැදෙන්න ගන්නේ...ඒත් ඉතින් විද්‍යාවට හොද ලකුණු තිබ්බ ජන්ග්කුක්ට ඒක තේරුනත් ජන්ග්කුක්ට ඕනේ උනේ එතනින් එහාට දෙයයි..ඒත් ඉතින් ජන්ග්කුක්ට වඩා එයාගේ ටීචර්ට ලැජ්ජ හිතුන නිසා එතනින් එහාට පාඩම කියලා දෙනවා වෙනුවට ටේහ්‍යුන් කරේ මූනත් රතු කරන් ජන්ග්කුක්ගේ තොල් සිප ගෙන බොහොම අමාරුවෙන් ජන්ග්කුක්ව නිදිකරපු එකයි..ටේහ්‍යුන්ගෙන් අහලා වැඩක් නෑ කියලා තේරුන ජන්ග්කුක් උදෙ පාන්දරම ගියේ එයාගේ අතිජාත මිත්‍රයා වෙන ජිමින් ලගට..

උදේ පාන්දරම ජිමින් ලගට දිව්වා ජන්ග්කුක් කාවවත් පේන්නේ නැති තැනකට ජිමින්ව ඇදන් ගිහින් බේබි කෙනෙක් හදන විදිය ඇහුවා...කාත් එක්ක හුරතල් උනත් ජිමින් කියන්නේ ඉතින් ටේහ්‍යුන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නිසා ඒ කුපාඩි මොලේ හොදට පිහිටලා තිබ්බා..ඉතින් ජිමින් බේබි කෙනෙක් හදන විදිය මුල ඉදන්ම ජන්ග්කුක්ට අකුරක් නෑර කියලා දුන්නේ අහින්සක ජන්ග්කුක් ජම්බු ගෙඩියක් වගේ රතු කරලායි...ජිමින්ගෙන් පාඩම අහගත්තාට පස්සේ ජන්ග්කුක් එතනින් එහාට වචනයක්වත් ඇහුවේ නෑ...කොහේ අහන්නද කොල්ලාට ලැජ්ජ හිතිලානේ තිබ්බේ..ටේහ්‍යුන් ඉයුන්වූගේ පස්සෙන් පන්නනකම් ජන්ග්කුක් ටේහ්‍යුන් එක්කවත් කතා කරේ නෑ..

🐯 බේබී...කොහෙද ඔය බලාගෙන ඉන්නේ..

ජන්ග්කුක් මූනත් රතු කරන් ඇස් බෝල කරගෙන ලොකු කල්පනාවක ඉදන් බලන් ඉන්නේ කොහෙද කියලා බලනකොට තමා ටේහ්‍යුන් දැක්කේ ජන්ග්කුක්ගේ ඇස් තියෙන්නේ කොහෙද කියලා.. කට කොනේ හිනාවක් එක්ක ජන්ග්කුක්ගේන් ටේහ්‍යුන් එහෙම ඇහුවත් ජන්ග්කුක් ඊලගට කියපු එකට ටේහ්‍යුන්ට කැස්සකුත් ආවා..

🐰 ඒක හුගක් ලොකුයි ද හ්‍යුන්ගී...කුකී බබාට රිදෙයිද ??

🐯 මොකක් !! කැහ්..කැහ්...

ජිමින් කියපු ඒවාගේ සිහියේ ඉදන් ටේහ්‍යුන්ගේ තෙත් වෙලා ඇගටම ඇලිලා තියෙන යටිකය දිහා බලන් එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ජන්ග්කුක් මෙලෝ සිහියක් නැතුව ටේහ්‍යුන්ට ම ඉදිරිපත් කරත් ටේහ්‍යුන් කැස්සම තමා ජන්ග්කුක් හරි සිහියට ආවේ...කොල්ලා ඉක්මනට එයා කියපුවාගේ තේරුම තේරිච්ච ගමන් එතනින් නැගිටලා දුවන්න හැදුවත් ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක්ව අල්ලගත්තා..

🐯 බේබී...ඔයා මොකක් ද කිව්වේ ??

🐰 මු..මුකුත් නෑ..

තමන්ගේ රතු වෙලා තියෙන මූන ටේහ්‍යුන්ගේ පපුව අස්සේ හංගගෙන පේන්නේ නැති වෙන්න තියාගෙන ජන්ග්කුක් මුමුනනකොට ටේහ්‍යුන්ට හිනා යන්න ආවත් එයා හිනාව තද කරන් හිටියේ ජන්ග්කුකව තව ටිකක් අවුස්සන්න කියලා හිතාගෙනයි..

🐯 මට ඇහුනානේ බේබි ඒක ලොකුද අහනවා..

🐰 ම..මම ?? අ..අනි...මම ඇහුවේ නෑ...හ්‍යුන්ගීට වෙන කෙනෙක් කියන එකක් ඇහෙන්න ඇත්තේ..

🐯 ම්ම්...ඒත් මේක ඇතුලේ ඉන්නේ අපි දෙන්නා විතරයිනේ...

🐰 ම..මම මුකුත් ඇහුවේ නෑ...

ජන්ග්කුක් ලැජ්ජාවට මූනත් හංගන් ටේහ්‍යුන්ව තල්ලු කරලා එලියට දුවනකොට ටේහ්‍යුන් තද කරන් හිටිය හිනාව පැන්නා..

🐯 බේබි දැන් දිව්වාට මන් ඔයාව ගෙදර ගිහින් අල්ලගන්නම්කො...

.

.

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ❤️❤️