Chapter 25: chapter 24

My Little Wolfie | TK || CompletedWords: 26291

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🐨 ජිනි ගෙදර යමු..

නම්ජුන් කියන පරක්කුවට ජින් නැට්ටත් වන වන කාර් එකේ පැසෙන්ජර් ශීට් එකේ වාඩි උනා..නම්ජුනුත් එයාගේ එක්ස්ට්‍රා ශර්ට් එකක් අරගෙන ඇදගෙන කාර් එක ස්ටාර්ට් කරලා යන්න නම් උනේ ටික දුරයි...නම්ජුන්ගේ කාර් එක හයි ස්පීඩ් වලට පොලිසියෙන් නතර කරා..

👮️ මිස්ටර් කොහෙද මේ මෙච්චර හයියෙන් යන්නේ??

🐨 ම..මන් මේ ගෙදර යනවා..

👮️ තනියම..??

.

.

.

.

.

බුදු අම්මෝ කාර් එක ඇතුලේ වෘකයෙක්...

එකපාරටම පොලිස් ඔෆිසර් කෑ ගහගෙන පස්සට පනිනකොට අනිත් අයත් එතනට ආවා..නම්ජුනුත් කාර් එකෙන් ඉක්මනට බැස්සේ නීතියට අනුව වෘකයෙක්ව ඇති කරන්න තහනම් කියලා දන්න නිසායි...මොකෝ ඉතින් මේ ඉන්නේ වෘකයෙක් නෙමෙයි මනුස්සයෙක් කියලා කිව්වාට සාමාන්‍ය මිනිස්සු පිලිගන්නෙත් නෑනේ..

🐨 සර් පොඩ්ඩක් අහන්නකෝ...එයා වෘකයෙක් නෙමෙයි..ඒ මගේ බලු පැටියා..

👮️තමුසේ හිතුවාද බල්ලෙක්වයි වෘකයෙක්වයි අදුරගන්න බැරි තරම් මන් මෝඩයෙක් කියලා ??

නම්ජුන් ඔව් කියලා ඔලුව වනලා ආයි මෝඩ හිනාවක් දාලා නෑ කියලා ඔලුව වැනුවා..

🐨 සර් මේ අහන්නකෝ..මන් ඇත්තමයි කියන්නේ..ඒ ඉන්නෙ මගේ බලු පැටියා...ජිනි පොඩ්ඩක් එලියට එන්න පැටියෝ..

නම්ජුන් බලු පැටියෙක්ට අඩ ගහනවා වගේ අත දික් කරන් ජින්ට අඩගහනකොට නම්ජුන්ට රැව්ව ජින් දිවත් එලියට දාගෙන ඇසුත් බෝල කරන් නැට්ටත් වන වන එලියට ඇවිල්ලා නම්ජුන්ගේ කකුලේ ඇතිල්ලෙන්න පටන් ගත්තා..

🐨 ජිනි බේබි..ඔයා බල්ලෙක් මිසක් පූසෙක් නෙමෙයි..කකුලේ ඇතිලෙන්න එපා..

නම්ජුන් හිමින් සැරේ ජින්ගේ කන ලගට පහත් වෙලා පූසෙක් වගේ එයාගේ කකුලේ ඇතිල්ලෙන ඇල්ෆාගෙර් ඔලුව අතගාන ගමන් කිව්වා..

" ජූන්..මාව බල්ලෙක් ගානට දැම්මාට තමුසේ ගැන පස්සේ බලාගන්නම් මන්.."

ජින් මයින්ඩ් ලින්ක් එකෙන් කියනකොට නම්ජුන් ජින්ට පොඩි හිනාවක් දාලා පොලිස් ඔෆිසර් දිහා බැලුවා..

🐨 දැක්කානේ ඔෆිසර්..එයා බල්ලෙක්..ඔන්න බලන්නකෝ..

නම්ජුන් එහෙම කියලා ලග තිබ්බ කෝට්ටක් අරන් ඈතට විසික් කරා..

🐨 ජිනි දුවලා ගිහින් කෝට්ට අරන් එන්න..

" තමුසේ අද ඉවරයි කිම් නම්ජුන් "

නම්ජුන්ට රැව්ව ජින් බල්ලෙක් වගේ නැට්ට වනවන ගිහින් කෝට්ට අරන් ඇවිල්ලා නම්ජුන්ගේ අතට දුන්නා..

🐨 දැක්කානේ සර්..එයා බල්ලෙක්..වෘකයෝ එහෙම කියන දේ අහන්නේ නෑනේ...

👮️ හ්ම්..ඒත් මට හිතෙන්නේ ම මූ වෘකයෙක් කියලනේ..

🐨 අයියෝ නෑ සර්..මේ බල්ලෙක්..ඔන්න බලන්න..ජිනි බුරලා පෙන්නන්න..

නම්ජුන් කරපු ලොකුම මෝඩ වැඩේ උනේ ඒක..මෙච්චර වෙලා බල්ලෙක් වගේ ඇක්ට් කරත් ජින්ට බුරලා පෙන්නන්න කිව්වාම ජින් බුරන්න ට්‍රයි කරත් ඒකෙන් උනේ වෘකයෙක්ගේ ගෙරවිල්ලක් පිට උන එක විතරයි...කොච්චර හුරතල් විදියට බුරන්න හැදුවත් විශාල ඇල්ෆා කෙනෙක් උන ජින්ගේ කටින් පිට උනේ දත් විලිස්සගෙන ගෙරවුමක් විතරයි..

👮️ උ...ඌ...වෘකයෙක්...

🐨 නෑ..නෑ..සර් එයා බල්ලෙක්...උගුර පොඩ්ඩක් සවුත්තු වෙලා..ඒකයි බුරාගන්න බැරි...

නම්ජුන් එහෙම කියනකොට කේන්තියේ උපරිමේටම ගිය පොලිස් ඔෆිස් එක පාරටම නම්ජුන්ගේ කොලර් එකෙන් අල්ල ගත්තා..

👮️ තමුසෙට මාව පිස්සෙක් වගේද පේන්නේ ??

🐨 ආහ්..

පොලිස් ඔෆිසර් නම්ජුන්ගේ කොලර් එකෙන් අල්ලලා කාර් එකට හේත්තු කරනකොට ටිකක් හයියෙන් ගිහින් වැදුන නිසා නම්ජුන්ගේ කටින් පොඩි කෙදිරිල්ලක් පිට උනා..මොකද ලගදිත් අප්පා නිසා උන නම්ජුන්ගේ පිටේ තුවාල 100%ක් ම හොද වෙලා තිබ්බේ නෑ..පිටිපස්සට ගිහින් තල්ලු උනාම ඒ තුවාල කාර් එකේ වැදිලා පෑ රුනා..නම්ජුන්ගේ කටින් වේදනාත්මක කෙදිරිල්ලක් පිට උන ගමන් මෙච්චර වෙලා ජින්ගේ පාලනේ හිටපු ඇල්ෆා එයාගේ පාලනය අරගත්තා..මොකද ඇල්ෆා පොඩ්ඩක්වත් ආස නෑ එයාගේ ජුන්ට රිදෙනවාට..පොලිස් ඔෆිසර් එයාගේ ජූන්ට රිද්දනවා..

🐹 ග් ර් ර් ර් ර් ර් ර්.....

🐨 ජිනි...ඕක නම් කරන්න එපා...ඇල්ෆා කන්ට්‍රෝල් වෙන්න...යාහ් ඇල්ෆා..එපා..එපා..එපා...

👮️ ආආආආආආආආආඅ...........

.

.

.

.

.

.

.

🐯 මියුන්ග්සෝ හ්‍යුන්ග් !!

ටේහ්‍යුන් පහලට ආවේම මියුන්ග්සෝට කතා කරන ගමන්මයි..මියුන්ග්සෝ මෙච්චර වෙලා බිම බලාගෙන හිටියේ ගෙදරට ආපු වෙලේ ඉදන් මිසිස් කිම්ගෙයි මිස්ටර් කිම්ගෙයි ලීසාගෙයි ජෙනීගෙයි ඇස් එයා ලගින් හෙල්ලෙන්නෙවත් නැති නිසායි.. කොල්ලා බයට ගැහෙනවත් එක්ක...මොකද ඉතින් සෙටියේ වාඩි වෙලා ඉන්න මියුන්ග්සෝ දිහා කට්ටියම කන්න වගේනේ බලන් ඉන්නේ..කොල්ලාට සිය වෙනි පාරටත් හිතුනා එයා නම්ජුන්වත් නැතුව ජිසූ එක්ක මේ ගෙදරට ආවේ ඇයි කියලා..අන්තිමට ඉතින් ටේහ්‍යුන්ගේ කටහඩ ඇහුනාම තමා මියුන්ග්සෝට පොඩ්ඩක් හුස්ම ගන්න හරි පුලුවන් උනේ..

🕊️ ආහ්..ටේහ්‍යුන්..!!

මියුන්ග්සෝ හිනා වෙලා ටේහ්‍යුන් දිහා බැලුවාත් ආයි එයාගේ වටේ ඉදගෙන අත් බැදගෙන එයා දිහා බලන් ඉන්න කිම් ෆැමිලි එක දිහා බලලා ආයි ඔලුව බිමට හරවා ගත්තා..හොරෙන් හොරෙන් සෙටියේ කොනක නිදාගෙන ඉන්න යූන්ගි දිහාත් මුල්ලකට වෙලා මොනවද මන්දා හොරෙන් කියවන රෝස්, ජිමින්, කායි, ජැක්සන් දිහාත් මියුන්ග්සෝ බැලුවා...ඒත් ඇත්තටම දැන් කොල්ලා ඉන්නේ ගිරේට අහු උන පුවක් ගෙඩිය වගෙ මිසිස් කිම්ගෙයි මිස්ටර් කිම්ගෙයි මැද්දේ වාඩි වෙලා..

🐯 හ්‍යුන්ග් මොකද මේ පැත්තේ ??

ටේහ්‍යුන් මියුන්ග්සෝගේ උත්තරේ බලාගෙන ඇහුවත් මියුන්ග්සෝ උත්තරේ දෙන්න කලින් උත්තර දුන්නේ වෙන කෙනෙක්..

Mrs.kim : ලොකූ එක්කලු ආවේ..

Mr.kim : ලොකූ හේතුවක් කියලා නෙමෙයි එක්කන් ඇවිල්ලා තියෙන්නේ..

🐯 ඔහ් ගෝර්ඩ්...මාම් ඩෑඩ්..ඔය විකාරේ නවත්‍තන්න..ඔයාලාගේ වැඩ නිසා හ්‍යුන්ග් බය වෙලා ඉන්නේ !!

ටේහ්‍යුන් එයගේ ඩැමටික් පවුල දිහා ඇස් රෝල් කරන් බලලා කියලා මියුන්ග්සෝට බය වෙන්න එපා කියලා උරහිසට තට්ටුවක් දැම්මා..කොල්ලත් ඉතින් අමාරුවෙන් මූනට ගත්ත හිනාවක් දැම්මේ එයා බය නෑ කියලා පෙන්නන්න හිතාගෙන..

🐯 ලොකූ දැන් ඇයි අපිට එන්න කිව්වේ ?? ලෙක්චර්ස් ඉන්නෙත් නැතුව ආවේ !!

🐥 අනේ මේහ්...උබ ගියත් ලෙක් ඉන්න එකානේ..මෝඩ වැම්පි...

🐯 කටවහගන්නවා නරියා..

🐥 යාහ් මන් නරියෙක් නෙමෙයි...මන් වෘ...ම්ම්ම්ම්

ජිමින්ගේ කටින් එයාලා කවුද කියලා පනින්න හදනකොටම එයා ලග හිටියෙ රෝස් ජිමින්ගේ කට තද කරලා වැහුවා...ජිමින් එයාගේ කට රෝස්ගේ අතින් ගලවන්න දගලනකොට රෝස් ඇස්වලින් මියුන්ග්සෝව පෙන්නුවාම තමා ජිමින්ට මතක් උනේ මෙතන මියුන්ග්සෝත් ඉන්නවා කියලා..

🌱 ලොකූ බොරුවට බය කරලා අපිවත් ගෙන්නුවා..දැන් එපාර ජිනි ඔප්පායි ජූන් ඔප්පායි එනකම් මුකුත් කියන්නේ නෑ..

ලීසා ඇස් රෝල් කරලා කියනකොට මියුන්ග්සෝට බීම එකක් හදපු ජිසූ ඒක මියුන්ග්සෝ ලගින් ගෙනත් තියලා එයාගේ ඉස්සරහින් වාඩි උනා..

🌹 මියුන්ග්සෝ දැන්වත් කියන්න..ඔයාලා කවුද ??

🕊️ ආහ් !!

ජිසූ අහපු ප්‍රශ්නේ මියුන්ග්සෝට තේරුනේ නැති නිසා එයා ඔලුව උස්සලා ජිසූ දිහා බැලුවත් එයාගේ දෙපැත්තේ වාඩි වෙලා ඔරවගෙන ඉන්න mr. & mrs.kim දැකලා ආයි ඔලුව පහත් කරගත්තා..

🌹 මියුන්ග්සෝ ඔයාලා මිනිස්සු නෙමෙයිද ??

🐯 නෑ..එයාලා වෘකයෝ..

ජිසූගේ ප්‍රශ්නේට ටේහ්‍යුන් උත්තර දුන්නාම හැමෝම ඇස් ටොම්බ සයිස් කරන් බැලුවා...එතකොට තමා ජිමින්ටයි රෝස්‍ටයි යූන්ගිටයිත් මතක් උනේ නම්ජුන් වෘකයෙක් නම් එයාගේ අයියත් වෘකයෙක් වෙන්න ඕන කියලා...ඒත් මියුන්ග්සෝ නම් තාමත් ඉන්නේ තුශ්නිම්භූත වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන..

🌹 බෙයාර් !! ඔයා කොහොමද ඒක දන්නේ ??

🐯 වේ ?? නම්ජුන් හ්‍යුන්ග් වෘකයෙක් නම් එයාගේ හ්‍යුන්ග්නුත් වෘකයෙක් වෙන්න ඕනනේ...ඒක තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක් නෙමෙයි මන්..

ටේහ්‍යුන් ඇස් රෝල් කරලා කියනකොට මියුන්ග්සෝ නම් ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන ගමන් හිටියේ..මෙච්චර කාලයක් එයා පරිස්සමින් හංගන් හිටිය රහස එලි උනේ කොහොමද කියන එක මියුන්ග්සෝට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ..කොහොම හරි ඉතින් අනිත් අයට ප්‍රශ්න අහන්න කලින් මියුන්ග්සෝගේ ෆෝන් එක රින්ග්ස් යන්න පටන් ගත්තා..

Mrs.kim : ඔය ෆෝන් එක ආන්ස්වර් කරන්න..

මිසිස් කිම් එහෙම කිව්වාම තමා කොල්ලා හොරෙන් මිසිස් කිම් දිහා බලලා ෆෝන් එක අතට ගත්තේ..එතකොට තියෙන කෝල් අයිඩි එක දැක්කාම ඉතින් මියුන්ග්සෝට මිනිහෙක් මරන්න තරම් අයිඩියා එකක් ආවා..මොකද මේ වෙනකොට එයාට තේරිලා තියෙන්නේ තමන්ව මේ ගිරේට අහු වෙලා තියෙන්න ප්‍රධානම හේතුව දැන් කෝල් කරන කෙනා කියලා..

📲මොනි ❤️

📞🐨 යොබුසයෝ හ්‍යුන්ග් !!

📞🕊️ මොනි කොහෙද ඉන්නේ ?? ඉන්න තැනකින් ඇවිල්ලා මාව බේරගනින්..

මුල ටික හයියෙන් කිව්වාත් අන්තිම ටික හිමීට මුමුනපු මියුන්ග්සෝ එයා දිහා රවාගෙන බලන් ඉන්න කිම් කපල් එකට මෝඩ හිනාවක් දැම්මා..

📞🐨 හ්‍යුන්ග් පොඩි ප්‍රශ්නයක් උනා...

📞🕊️ ඇයි මොකද ?? ඉන්නේ කොහෙද කියනවා..අපි දැන් ජිසූගේ ගෙදරට ඇවිල්ලා හෙන වෙලාවක් වෙනවා..

📞🐨 හ්‍යුන්ග් මේ...මේ...

📞🕊️ ගොත නොගහා කියනවා නම්ජුන් !!

📞🐨 හ්‍යුන්ග් අපි ඉන්නේ හොස්පිටල් එකේ..

📞🕊️ මොකක් !! ඇයි මොකද උනේ ?? ඔයාට තුවාල ද මොනි ?? මොන හොස්පිටල් එකේද ?? අනේ හුගක් අමාරු ද පැටියෝ ?? බය වෙන්න එපා හ්‍යුන්ග් ඉක්මනට ඔයා ලගට එන්නම්..

📞🐨 යාහ්..යාහ්..හ්‍යුන්ග් කලබල වෙන්න එපා..

නම්ජුන් හොස්පිටල් එකේ කියනකොටම කලබල උන මියුන්ග්සෝ පුටුවෙනුත් නැගිටගෙන කෑ ගහනකොට මියුන්ග්සෝගේ බයෙන් පිරුන මූන දැකලා හැමෝම වගේ කලබල උනා..

🌹 මියුන්ග්සෝ...මොකද උනේ ??

🕊️ එයාලා හොස්පිටල් එකේලු..

මියුන්ග්සෝ නම්ජුන් කියන්නේ මොනවාද කියලා අහන්නෙත් නැතුව ජිසූට උත්තරේ දුන්නාම හැමෝම හොදටම කලබල උනා..

Mrs.kim : දෙයියනේ මගේ ජිනි...අනේ එයාලට මොකද උනේ ?? මගෙ දරුවා...අනේ දේහ්‍යුන් බලන්නකෝ මගේ දරුවාට මොකද උනේ ??

🌺 දෙයියනේ මගේ ජිනි...කාර් එක අරන් ගිය එකට බැන්නා තමා..ඒත් දෙයියනේ ඇයි ඔහොම කරගත්තේ ?? පොඩ්ඩක් ඉන්න..එතකොට මගේ කාර් එක කෝ !! අනේ කායි මගේ ජිනි...

🐺 කලබල වෙන්න එපා ජෙනි...ඔයාට අඩන්න හොදත් නෑනේ..

🌱 ජිනි මාව කේන්ති ගස්සනවා තමයි...ඒ වේලේට අන්ඩක් කැඩෙන්න ඕන කිව්වාට මන් ඒක හිතලා නෙමෙයි කිව්වේ...අනේ ජිනි ඔප්පා..ඇයි ඔයා ඔහොම කරගත්තේ ?? අනේ....ඩැඩා...

මිසිස් කිම් මිස්ටර් කිම්ව බදාගෙන අඩනකොට ජෙනී අඩාගෙන ගිහින් පැත්තක ඉදන් වෙන්නෙ මොනවද බල බල හිටපු කායිගේ ඇගේ එල්ලිලා අඩන්න පටන් ගත්තාම ඒ දිහා බලන් හිටපු ලීසාත් රෝස්ව බදාගෙන අඩන්න පටන් ගත්තා..

🐯 ආයිශ්...මෙහෙ දෙනවා ෆෝන් එක..

එක එකාව බදාගෙන අඩන පවුලේ අය දිහා බය වෙලා වගේ බලන් ඉන්න මියුන්ග්සෝගේ අතෙන් ෆෝන් එක උදුරලා ගත්ත ටේහ්‍යුන් කතා කරන්න පටන් ගත්තා..

📞🐯 යොබුසයෝ හ්‍යුන්ග් !! ඔයාලා හොදින්ද ?? මොකද උනේ ??

📞🐨 අපිට ප්‍රශ්නයක් නෑ බෙයාර්..

ඇත්තටම මේ අපිට නෙමෙයි ප්‍රශ්නේ..මේ..මේ මේකයි ජිනි පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ අතක් හැපුවා..

📞🐯 මොකක් අතක් හැපුවා ??

Mrs.kim : දෙයියනේ මගේ කොල්ලාගේ අතක් කපලාලු...අනේ දේහ්‍යුන් මන් කොහොමද මේවා දරාගෙන ඉන්නේ...මගේ පැටියා ලගට මාව එක්කගෙන යන්න...

🌹 අනේ මියුන්ග්සෝ මොකක්ද මේ උනේ ?? මගේ පැටියා මියුන්ග්සෝ..

ටේහ්‍යුන් හැපුවා කියන එක කැපුවා වගේ ඇහුන නිසා ඔක්කොම එකපාරටම ආයි අඩන්න පටන් ගත්තා...ජිසූත් මියුන්ග්සෝට තුරුල් වෙලා අඩනකොට ලැබුන චාන්ස් එකෙන් මියුන්ග්සෝ තව ටිකක් ජිසූව එයාගෙ තුරුලට ගත්තා..ජින්ට ඇත්තටම හුගක් තුවාල වෙලා කියලා හිතපු ජිමිනුත් අඩාගෙන ඇවීල්ලා යූන්ගිට තුරුලු වෙනකොට ජැක්සනුත් හොබීට ඉක්මනට එන්න කියලා මයින්ඩ් ලින්ක් එකක් යැව්වා..

🐯 ආයිශ්...කටවහගන්නවලා ඔක්කෝම...කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ...

නම්ජුන් කියන කිසිම දෙයක් ඇඩිලි නිසා ඇහෙන්නේ නැති වෙනකොට ටේහ්‍යුන් හයියෙන් කෑ ගැහුවාම හැමෝම නිශ්ශබ්ද උනා...

🐵 බෙයාර්..ජිනිගේ අත ඇත්තටම කපලාද ??

🐯 පිස්සුද හ්‍යුන්ග්..එයාගේ අත කපලා නෑ..එයා නම් කාගෙද අතක් හපලාලු..ඒ මනුස්සයට බෙහෙත් කරන්න හොස්පිටල් ගිහින් තියෙන්නේ..

🌱මේ බෙයාර්...තමුසෙ හිතුවාද එක එකාගේ අත් හපන්න අපේ ඔප්පා බල්ලෙක් කියලා ??

🐯 නෑ ගද ගහන වෘකයෙක් කියලා හිතුවේ..

ලීසාට රවලා කියපු ටේහ්‍යුන් ආයි නම්ජුන් එක්ක කතා කරන්න පටන් ගත්තේ මෙතන තත්ත්වේ පොඩ්ඩක් සෙට්ල් කරලයි..

📞🐯 යොබුසයෝ හ්‍යුන්ග් දැන් කියන්න..

📞🐨 බෙයාර් දැන් විස්තර කරන්න වෙලාවක් නෑ..හ්‍යුන්ග්ට කියන්න කාව හරි එවලා අපි දෙන්නාව එක්කන් යන්න කියලා...පොලිසිය වෘකයෙක්ව ලග තියාගන්න බැහැ කියලා මෙතනින් අපි දෙන්නාට යන්න දෙන්නේ නෑ...

📞🐯 ආහ්...දේ දේ හ්‍යුන්ග්..මන් ඉක්මනට මියුන්ග්සෝ හ්‍යුන්ග්ව එවන්නම්..කෝ ජිනි හ්‍යුන්ග් ??

📞🐨 එයාව කූඩුවකට දාලා බෙයාර්...ඇල්ෆා හුගක් කලබල කරනවා..ජිනි එහෙම ඉන්නවා මට බලන්න බැහැ..ඉක්මනට එන්න..

📞🐯 දේ දේ හ්‍යුන්ග්..අපි ඉක්මනට එන්නම්..

.

.

.

.

.

කතාව එකම තැන ඇදෙනවා වගේ නේද ලමයි 🙂 ඊලග චැප්ටර් එකෙන් මන් වෙනස් කරන්නම්..

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️❤️