Chapter 3: chapter 2

My Little Wolfie | TK || CompletedWords: 28181

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

Extra Point :

මේකේ කැම්පස් වල පාවිච්චි කරන වචන එහෙම තියෙනවනේ..පොඩි බබාලා දන්නේ නෑනේ ඒවා..ඔයාලා මෙහෙම හිතන්නකෝ...

• බැට්ච් රෙප් හරියට ක්ලාස් මොනිටර් වගේ...හැබැයි බැට්ච් රෙප්ට මොනිටර්ට වඩා වැඩ වැඩියි..එයා තමා මුලු බැට්ච් එකටම වග කියන්න ඕන..බැට්ච් එකේ ප්‍රශ්නයක් උනොත් එයාගෙන් තමා මුලින්ම ප්‍රශ්න කරන්නේ...අපේ නම් බැට්ච් රෙප්ලා දෙන්නෙක් ඉන්නවා..

• ඉස්කෝලේ වගේ ටීචර්ස්ලා නෑ...ඉන්නේ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චර්ස්ලා...එයාලා එක්ක අපිට ප්‍රශ්න ඩිරෙක්ට්ලි කතා කරන්න බැහැ..ඒක කරන්න පුලුවන් බැට්ච් රෙප් හරහා..

• ඩීන් කියන්නේ හරියට සෙක්ශනල් හෙඩ් වගේ කෙනෙක්...මුලු ෆැකල්ටි එකම භාර එයාට..එයාට ඕනේ විදියට තමා වෙන්නේ..එක්සෑම් පවා තීරණය කරන්නේ එයා..හුගක් වෙලේට හොස්ස ලගින් මැස්ස යන්න බැරි චරිතයක්..අපිට ඉන්නෙ එහෙම කෙනෙක්..එයා අපෙන් වැරැද්දක් උනොත් එක්සෑම් වලින් තමා පලිගන්නේ..🙂

• ඒ වගේම කැම්පස් වල එච්පී ඩී එච්පීලා නෑ...ඒ වගේ ඉන්නේ ඉතින් ලාස්ට් ඉයර් බැට්ච් එකේ රෙපාලා දෙන්නා තමා...ඕක දිගට දිගේ ලියන්න බැරි නිසායි මන් ජින්ව Dhp කරා..නම්ජුන්ව HP කරා..හරි නම් එයාලා තමා ලාස්ට් ඉයර් බැට්ච් එකේ රෙපාල දෙන්නා...එයාලා තමයි අනිත් රෙපාලටත් කරන්න ඕන ඒව කියන්නේ...සීනියර්ස්ලා කියන්නේ ඉතින් ආයි කතා දෙකක් නෑ හැම වෙලේම උඩින් යන්නේ..එයාලා කියන දෙයක් හා කියලා ඉන්න ඕනේ...අලුතෙන් බැට්ච් එකක් ආවම කැම්පස් එක ගැන ඒකේ නීති ගැන කලින් බැට්ච් එකේ රෙපා ඇවිල්ලා කියලා දෙනවා..🙂

..............................................................................................

🌹 බෙයාර්...නැගිටින්න....

බෙයාර්...

🐯 හ්ම්....

🌹 නැගිටින්න ලමයෝ....මමා ආවොත් ඉවරයි...

🐯 හරි හරි අනේ...හ්‍යුන්ග්ව ඇහැරවන්නකෝ...

නිදිමතේම මන් එහෙම කියලා ආයි රෙද්ද පොරවන් නිදාගන්න හැදුවාත් එකපාරටම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගේ රෙද්ද ඇදලා මගේ ඇග උඩට පැන්නා..

🐯 යාහ් හ්‍යුන්ග් !!

වෙන කවුද ඉතින් මගේ හ්‍යුන්ග් තමයි...මට කලින් බැරි වෙලාවත් එයා නැගිට්ටොත් මගේ කොන්ද කඩන එක එයාගේ සාමාන්‍ය පුරුද්ද...

🐹 නැගිටින්න බෙයාර්....පරක්කු වෙනවා...

🌹 ජිනි ඒ ලමයාගේ ඇග උඩින් නැගින්න..ඉන්න ලොකුම එකා පොඩි එකෙක් වගේ හැසිරෙනවා...

🐹 ඒයි...ඔයාට ඉරිසියයි නේද ?? එන්න මන් ඔයාවත් බදාගන්නම් ලොකූ...

🌹 යනවා යන්න ගදයා...💥💥

හ්‍යුන්ග් මගේ ඇගෙන් නැගිටලා ලොකූ ( ජිසූ ) ලගට යනකොට ලොකූ පයින් ශොට් එකක් ජින් හ්‍යුන්ග්ට දුන්නේ පැත්තක ඉදන් මෙහෙට ආව පොඩීත් ( ජෙනි ) එක්කම මගේ ඇග උඩට පෙරලෙන්නමයි..

🐯 ආහ්..නැගිටිනවලා....

අම්මපා මේ ගෙදර මිනිස්සු ඇයි උදේ පාන්දරට හැම මගුලටම මගේ කාමරේම තෝරගන්නේ..කාමරේ විතරක් නම් කමක් නෑ...මගේ ඇග උඩට පත බෑවෙන එක නම් මහ කරුමයක්..

🌺 ඒයි ජිනි...නැගිටිනවා තඩියෝ....තමුසේ බරයි...

🐹 ලොකූ මේහ්...

🌹 ඇගෙන් නැගිටලා කියන එකක් කියනවා...මගේ පොඩි එකා තැලෙනවා..

🐹 හොද පොඩි එකා...මේකා කොලේජ් ගිහින් කරන වැඩ දන්නවා නම් තේරෙයි මේකගේ පොඩිකම...

🌹 අනෙහ් මේහ්...මගේ අහින්සකයාට එක එක ඒවා කියන්න එපා...මගේ බෙයාර් හුරතල්...බලන්න ඒ මූනේ තියෙන හුරතලේ...

පොඩියි ජින් හ්‍යුන්ග්නුයි මගේ ඇගෙන් නැගිටිනකොට මාත් කෙලින් වෙලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනාම ලොකූ මගේ කම්මුල් වලින් ඇද ඇද මාව හුරතල් කරනවා..මගේ කම්මුල් අදිනවට මන් පොඩ්ඩක්වත් ආස නෑ...ඇයි මේ ගෙදර මිනිස්සුන්ට මාව තාමත් පොඩි එකෙක් වගේ පේන්නේ...කොලේජ් එකේ ලමයි දැක්කොත් එහෙම මන් මෙහෙම හුරතල් වෙනවා මගේ ජන්මේ ඉවරයි..

🌱 ලොකූ...කෝ මගේ ශැම්පු එක...

කෑ ගහගෙන මගේ කාමරේට ආව ඩෝලි තප්පර අරික් කාලක් මන් දිහා බලාගෙන ඉන්න ඇති...

එකායි

දෙකායි

තුනායි

🌱 යාහ්...තමුසෙට ඇදුම් ඇදන් නිදාගන්න බැරිද ??

🐯 ඇදුම් නැතුව නිදාගත්තාම ලස්සන වෙනවලු..

🐹 ඒක ඇත්ත හැබැයි...අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...

ජින් හ්‍යුන්ග්නුත් මට පහක් ගහන ගමන් කිව්වා...ඇත්තටම අපි දෙන්නාම දැන් ඉන්නේ උඩුකය නිර්වස්ත්‍රව...යටි කය වහන් ඉන්නේ..මොකද අපේ ගෙදර ඉන්න කෙල්ලො තුන අපි දෙන්නාගේ කාමර එයාලගේ කියලා හිතන් ඉන්නේ..ඒ නිසා අනවසරයෙන් හරියට ඇතුල් වෙනවා..බදින එකා දකින්න ඕන ඒවා වෙන අය දකින්න ඕනේ නැති නිසා ඒවා වහගෙන තමා දොයියගන්නේ..

🌱 ඊව්...ඔයාලා හරිම අප්‍රසන්නයි...

🐯 අනේ පල ඩෝලි යන්න...නාන්නේ නැතුව සෙන්ට් උලන ඔයා එනවා මෙතන අපිට අප්‍රසන්නයි කියන්න...

🌱 මමා....බලන්නකෝ....

Mrs.kim : ලමයි...මන් උඩට ආවොත් ඔක්කොටම ගහනවා හැබැයි...ඉක්මනට ලෑස්ති වෙලා එනවලා...පරක්කු වෙලා හොදටම...

🐯 ඇද්ද අහගත්තා..

🌱 පුහ්..

ඩෝලි ගැස්සුවා ගැස්සිල්ලාක් ඇගේ පලුවක් බිමද කොහෙද ??

🌹 පව් බෙයාර්...හැම වෙලේම එයාව අවුස්සනවා..

🐯 එයා කොහොමත් කුණු ගොඩක්නේ..නිකනුත් ඇවිස්සෙනවා...

🌺 ඔයාගේ නුනාට එක එක ඒවා කියන එක නවත්තලා ලෑස්ති වෙනවා...💥

පොඩි මගේ ඔලුවටත් එකක් ගහලා එතනින් ගියේ ලොකූවත් ඇදගෙනමයි..

🐯 ආව් ඒක රිදුනා..

🐹 බොරුව නොදා ඉන්නවා..බෙටා කෙනෙක් ගහපුවා උබ වගේ පත වැම්පියෙක්ට කොහෙද රිදෙන්නේ...

ජින් හ්‍යුන්ග් කට ඇද කරලා කියලා කාමරෙන් එලියට ගියා...එයා ඉස්සරහ නම් බොරුවක් කියන්න නම් ලේසි නෑ...වෙලාවකට හිතෙනවා හ්‍යුන්ග්ට හිත් කියවන්න පුලුවන් ද කියලා..ඔමෝ...එහෙම උනොත් නම් ඔයාගේ අවසානය තමා කිම් ටේහ්‍යුන්...

ලෑස්ති වෙලා කාලා බීලා ඔක්කොම කරලා මන් ඉක්මනට කැම්පස් එකට ආවා..මන් යන්නේ මගේ බයික් එකේ...නැත්තන් කාර් එකේ...මට අද නිකමට හිතුනා බයික් එකේ යන්න...

කැම්පස් එකේ කවුරුත් දන්නේ නෑ එයාලගේ ප්‍රොෆෙසර් ජෙනි මගේ නූනා කියලවත් එයාලගේ ෆේමස් වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් ජින් මගේ හ්‍යුන්ග් කියලවත් පිස්සු ලීසා මගේ ට්වීනා කියලවත්...ඒක අපි හතර දෙනා කතා වෙලාමයි එහෙම කරමු කියලා තීරණය කරේ...කෝකටත් ඇගට ගුණයිනේ..

බයික් එකේ ඇවිල්ලා බහිනකොටම කෙල්ලෝ කොල්ලො වට කරගෙන ඔප්පා පප්පා ගාන්න පටන් ගත්තා...ඊව් මට මේ මනුස්සයෝ පේන්න බැහැ...එයාලා ලග ගදයි...ගද යන්න බොරුවට උඩින් සෙන්ට් උලන් එනවා...ඔක්කෝටම වඩා මට පේන්න බැරි එයාලා ඔක්කොම මගේ පස්සෙන් එන්නේ මගේ පෙනුමටයි මගේ සල්ලි වලටයි...ඔය දෙකම නැතුව මන් ඉපදුනා නම් මාව ගනන් ගන්න එකක් නෑ...මගේ වෙලාවට මට හොද පෙනුමක් එක්ක නාන්න සල්ලි තියෙනවා...

වටේ පිටේ හූ තියන සද්ද ගනන් නොගෙන මන් ඉස්සරහට ආවේ සුපුරුදු එවිල් මූඩ් ඔන් කරන්..කැම්පස් එකේ කවුරුත් මගේ හිනාව දැකලා නැති තරම්..මට ඕනෙත් නෑ එයාලා ඉස්සරහ හිනා වෙන්න...මන් මගේ හිනාව පෙන්නන්නේ මන් ආදරේ කරන අයට විතරයි..ඒ නිසාම කැම්පස් එකේ හැමෝම හිතන්නේ මන් හිනා වෙන්න දන්නෙ නැති නපුරු කෙනෙක් කියලා...එහෙම හිතන එකත් හොදයි...මට නිදහසේ ඉන්න පුලුවන් එතකොට..

= ඔප්පා...

මන් ඉස්සරහට යන්න අඩිය තියනකොට ම රෝස මල් බොකියකුත් අරන් කෙල්ලෙක් මගේ ඉස්සරහට ආවා...මන් එක ඇහිබැමක් උස්සලා ඇයි කියලා ඇහුවාම කෙල්ල මූනත් රතු කරන් ඇබරෙන්න පටන් ගත්තා...මේ මොන මල විකාරයක්ද මේ...ඇයි යකෝ කූඹිවත් කනවාද මේකිව...මෙච්චර ඇබරෙන්නේ..

= ඔප්පා මේ...මේ...

🐯 ගොත ගහන්නෙ නැතුව කියනවා...

මන් ටිකක් හයියෙන් කිව්වාම මන් දැක්කා ඒ කෙල්ල ගැස්සෙනවා...කොහොමත් එයාලා හැමෝම මට බයයි...මට බය නැත්තේ අපේ පවුලේ අය විතරයි..මගේ දෙවෙනියට ලොකුම බලාපොරොත්තුව එයාලාත් කවදා හරි මට බය වෙයි කියන එක තමා..

= ඔප්පා මේ...මේ...මන් ඔයාට...

🐯 තමුසේ ඕක කියනවාද මන් යන්නද ??

= ඔප්පා මන් ඔයාට කැමති...

එහෙම කියලා එකපාරටම ඒ කෙල්ල මූනත් රතු කරන් මගේ පැත්තට මල් බොකිය දික් කරා...මන් ටිකක් වෙලා එයා දිහා බලන් ඉදලා කට කොනේ හිනාවක් එක්කම මල් බොකි එක අතට ගත්තා..

🐯 චින්චා...ඔයා කැමතිද මට ??

මන් එහෙම ඇහුවම කෙල්ල ඔව් ගාලා එක දිගට උඩට පහලට ඔලුව වැනුවා...ඔහෝ පුයරු බබා..ඔයා කැමති මටද ?? මගේ පෙනුමටද ?? මගේ සල්ලි වලටද ??

🐯 අරස්සෝ...ඔයා මට කැමති කියලා ඔප්පු කරන්න..

= කො..කොහොමද ??

කෙල්ල මූනත් රතු කරගෙන එහෙම අහනකොට මන් කෙල්ලගේ කන ලගට ලන් වෙලා රහසින් කිව්ව දේට කෙල්ලගේ මූන රතු වෙලා ඇස් බෝල වෙලා කදුලුත් පිරුනා..

🐯 ඇදුම් ඔක්කොම ගලවලා කැම්පස් එක වටේට වටයක් ගිහින් පෙන්නන්න...එතකොට මන් විශ්වාස කරන්නම් ඔයා මට කැමති කියලා..

= එ..ඒත් ඔප්පා...

🐯 ඔයාට ඒක කරන්න බැරි නම් කරන්න දෙයක් නෑ...මන් යනවා..

= ඉන්න..ය..යන්න එපා...මන් ඒක කරන්නම්..

🐯 චින්චා...ඔයා කියන්නේ මන් වෙනුවෙන් ඇදුම් නැතුව කැම්පස් එක ඇතුලේ යන්න පුලුවන් කියලාද ??

= ද්..දේ

🐯 වේ ?? ඇයි මන් වෙනුවෙන් තමන්ගේ ආත්මගරුත්වය නැති කරගන්නේ ??

= මොකද මන් ඔයාට කැමති..

🐯 ඌප්ස්..සොරි බේබි ගර්ල්...ඔයා මට නෙමෙයි කැමති..මගේ පෙනුමට...මගේ සල්ලි වලට..අනික මට ඕනේ කැමත්තක් නෙමෙයි...ආදරයක්...තමන්ට ආදරයක් නැති කෙනා කොහොමද මට ආදරේ කරන්නේ ?? තමුන්ට තමුන් ගැන ගරුත්වයක් නැතුව කොහොමද මට ගරු කරන්නේ ??

= ඒත් ඔප්පා...

🐯 උදේ පාන්දර මගේ යකා අවුස්සන්න එපා...

මන් එහෙම්ම මගේ අතේ තිබ්බ මල් බොකි එක බිම දාලා කකුලෙන් පෑගුවා..මට ඇහුනා වටෙම ඉන්න නයින්ට ජාතක උන සෙට් එක සූස් සූස් ගානවා..උන්ටත් අනුන්ගේ කෙහෙල් මලක් නම් ඊට වඩා දෙයක් නෑ..

🐯 මේක අහගන්න...ඇදුම් නැතුව කැම්පස් එකේ නෙමෙයි රට වටේට ගිහින් කැපවීම් කරත් මාව ඔයාට ලබාගන්න බැරි වෙයි...මොකද මගෙ හිත ගත්ත කෙනෙක් ඉන්නවා...ඇරත් තමුසේ වගේ කිසිම ලැජ්ජාවක් නැති ගරුත්වයක් නැති මනුස්ස කෙල්ලන්ව මට පේන්න බෑ..

මන් එහෙම කියලා ඒ කෙල්ලගේ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සලා එතනින් ආවා..මොනවා උනත් ඒ කෙල්ල පව් කියලා හිතුනා...ඔයාගේ හිත හොද වැඩියි ටේහ්‍යුන්...වැම්පියෙක් උනාම නපුරු වෙන්න ඕන...

හුම් මන් නපුරුයි...😌😌

🐥 බෙයාර්...

කොහෙදෝ මන්දා ඉදන් දුවගෙන ආපු මිනි එකපාරටම පිටිපස්සෙන් ඉදන් මගේ කරට පැන්නා..දැන් ඉතින් යන දිහාක මේකවත් උස්සන් යන්න තමා වෙන්නේ...මන් ශක්තිමත් නිසා එයා මගේ කරේ ඉන්නකොට පුලුන් කොට්ටයක් වගේ දැනෙන්නේ...වාඩි වෙනකම් ආයි මලාට බහින්නේ නෑ කියලා මන් දන්නවනේ..දකින අයට මේක ගානකුත් නෑ...ඇත්තටම වැඩි හරියක් මිනි යන්නේ මගේ පිට උඩ..ඉතින් කැම්පස් එකේ අයට ඒක ගානක් නෑ...එක්කෙනෙක්ට හැරෙන්න...ඒ තමයි යූන්ගි හ්‍යුන්ග්...ඔමෝ එයාගේ ඇස් ඉරිසියාවෙන් පුපුරනවා..මාව බැදලා කන්න වගේ බලන්නේ...ඒත් ඉතින් අහින්සක මන් මොනවා කරන්නද ??

🐯 තමුසෙට මන් කියලා තියෙනවා මට ඔය නම කොලේජ් එක ඇතුලේ කියන්න එපා කියලා..

🐥 මියානේ මිස්ටර් වැම්පි...මට බඩගිනි...මොනවා හරි කමුකෝ..

🐯 ඇයි උදේ කන්න දුන්නේ නැද්ද ??

🐥 මේකයි...මන් අද නැගිටිනකොට සූට්ටම සුට්ටක් පරක්කු උනා...ඉතින් අනේ ඔයාට කියන්න...කායි හ්‍යුන්ග්ට පරක්කුයි කියලා මාව කරේ තියන් ඇවිල්ලා කාර් එකට දාලා කකා හිටපු හොබි හ්‍යුන්ග්වත් උස්සන් ඇවිල්ලා කාර් එකට දාලා මෙතනින් බස්සලා ගියා...කිසිම හිතක් පපුවක් නැති විදියට මෙයා එයා හැසිරෙන්නේ...මගේ හාර්ටුවට සිදුනා ඒක නම්...

මිනි මගේ කරේ ඉදන් කකුල් පද්ද පද්ද හුරතල් විදියට කියනකොට මට හිනාත් ගියා..එයා ඇත්තටම බෙටා කෙනෙක් උනාට ඔමෙගා කෙනෙක් වගෙ..හ්‍යුන්ග්ලා දෙන්නාම ඇල්ෆලා නිසා එයාලා මිනිව හදලා තියෙන්නේ හුගක් හුරතල් විදියට..ඇරත් මිනීගේ හිත හරිම පුංචි...මායි එයයි එක වයසේ උනාට මිනි මාත් එක්ක ඉන්නේ පොඩි දරුවෙක් වගේ...ඉක්මනට හිත රිදෙනවා..පොඩි දේටත් කදුලු එනවා..හැබැයි මිනි එයාගේ හැගීම් හන්ගන් ඉන්න නම් දක්ෂයි...

🐥 මිස්ටර් වැම්පි..

🐯 ම්ම්...

🐥 ඔයාගේ අද සුවද වෙනස්නේ

🐯 මොකක් !!

🐥 දේ...ඔයාගේ වෙනදා තියෙන හඩු ගද නෙමෙයි අද තියෙන්නේ...ඔයා අද සතුටින්ද ඉන්නේ ??

🐯 අනේ මන්දා...මට ඒ ඇයි කියන්න තේරෙන්නේ නෑ...හැබැයි මට අද උදේ ඉදන් සතුටුයි...හරිම ෆ්‍රෙශ් වගේ...නිකන් හුග කාලෙක ඉදන් මන් බලාපොරොත්තු උන දෙයක් අද මට ලැබෙනවා වගේ..

🐥 එහෙනම් ඔයාගේ හා පැටියාවවත් අද හම්බුවෙයිද දන්නේ නෑ..

🐯 ආහ් ඔයා ඕක කිව්වාමයි මතක් උනේ...අද මන් හීනෙන් එයාව දැක්කා...එයා අද අලුතින්ම කොහෙට හරි යනවා වගේ..කන්නාඩිය ඉස්සරහ ඉදන් එයා එයාගෙම මූන බලන් ගොඩක් වෙලා කල්පනා කරා..එයාගේ ඇස් හරිම කලබලයි..

🐥 චින්චා...මන් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හා පැටියාව ඉක්මනට හම්බුවෙන්න කියලා..

🐯 එතකොට ඔයාගේ මේට්ව ඔයාට ඕනේ නැද්ද මිනි ??

🐥 අනියෝ...එයා දවසක එයිනේ...මන් කැමති ඔයාගෙයි මගෙයි මේට්ලා දෙන්නාම එකට හම්බුවෙනවා නම්..

🐯 මිනි !!

🐥 ඌප්ස්..සොලි...මට අමතක උනා ඔයා මේටින්ග් බොන්ඩ් එකට ආස නෑ කියලා...ඒත් වැම්පි අපිට බෑනේ ඒක රිජෙක්ට් කරන්න..

🐯 අපි ආවා...

මිනීට තව මුකුත්ම නොකියා මන් එයාව එහෙම්ම මේසෙ උඩින් වාඩි කරා...මිනි පැනලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා..ඒක එයාගේ පුරුද්ද..කරේ තියන් එන එකට එයා දෙන ගිෆ්ට් එක තමා කිස් එක..මන් එයාගේ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සලා එයාට කෑම එකක් අරන් එන්න ආවා..හොබි හ්‍යුන්ග් මට මිනිගේ වගකීම බාර දීලා තියෙන්නේ..කොච්චර චන්ඩියා වගෙ හිටියත් මිනි සෙනග ඉන්න තැන් වලට බයයි...අනික එයාට යාලුවෙක් විදියට ඉන්නෙත් මන් විතරයි...

ඉස්සරහට යන්න අඩිය තිබ්බාත් එකපාරටම මට දැනුනේ මගේ පපුව හයියෙන් ගැහෙන්න ගන්නවා වගේ...ටික ටික ගැහෙන පපුව කවුරු හරි අතින් අල්ලලා මිරිකනවා වගේ දැනෙනකොට මන් එහෙම්ම පපුව අල්ලන් පහත් උනා...

🐥 ටේයා....

මට ඇහුනා මිනි එකපාරටම දුවගෙන ඇවිල්ලා මාව තුරුල් කරගන්නවා...ඒත් මගේ ඇගට ලොකු අමාරුවක් දැනුනා..හරියට කවුරු හරි මාව මිරිකනවා වගේ...මගේ හාර්ට් එක එලියට ගන්න හදනවා වගේ මට දැනුනේ...

🐯 ආහ්..මිනි ම..මගේ පපුව...

🐥 ටේයා..අනේ ඇයි මේ ?? ටේයා...කතා කරන්නකෝ...ටේයා...මොකක්ද ඔයාට එකපාරටම උනේ ??

මිනි මොනවදෝ මගෙන් අහනවා වගේ ඇහෙනකොට මන් එහෙම්ම එයාගේ පපුවට ඔලුව තියාගෙන ඇස්වහගත්තා...

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️