Chapter 30: chapter 29

My Little Wolfie | TK || CompletedWords: 31948

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

අද තමයි දවස...එක්කෝ ටේහ්‍යුන් නැත්තම් මූයොන්ග් දිනින දවස...ටේහ්‍යුන්ලා කොච්චර බලය රැස් කරත් මූයොන්ග්ට විරුද්ධව සටන් කරන එක ලේසි නෑ...මොකද මේ වෙනකොට රාජකීය හමුදාව පවා තියෙන්නේ මූයොන්ගේ පැත්තට...මින්ගුක් වෘක රාජධානියේ කිරුල හිමි කුමාරයවත් එයාගේ පැත්තට නම්මගෙන නිසා වෘක රාජධානිය උනත් තිබ්බේ එයාලගේ පැත්තට..කොච්චර හංගන්න හැදුවත් ඇල්ෆා දේහ්‍යුන් හොරෙන්ම කට්ටිය රැස් කරගන්නවා කියලා මින්ගුක් දැනගත්තා..ඒ මාර්ගයෙන් වෘක රාජධානියට ඇල්ෆා දේහ්‍යුන් පහර දීලා රාජ්‍ය බලය එයාගේ අතට ගන්න යනවා කියලා බය කරලා දේහ්‍යුන්ගෙම හ්‍යුන්ග්ව එයාට විරුද්ධව පාවිච්චි කරන්න මින්ගුක්ට පුලුවන් උනා..ඒ නිසාම වැම්පයර් රාජධානිය වගේම වෘක රාජධානියත් මේ වෙනකොට මින්ගුක්, මූයොන්ග්ට ඕන විදියට වැඩ කරන්නේ...එතනින් සුලු පිරිසක් විතරයි ටේහ්‍යුන්ලාගේ පැත්තට ඉන්නේ..මොකද හැම කෙනාම බයයි රාජකීයන්ට පිටින් යන්න..

🧛 ටේහ්‍යුන් ඔබ ලෑස්තිද ??

මෙච්චර වෙලා කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රූපේ දිහා බලාගෙන එයාගේ බේබි ගැන කල්පනාවක හිටිය ටේහ්‍යුන් හරි සිහියට ආවේ මූයොන්ගේ කටහඩට...ඒත් එක්කම ටේහ්‍යුන් මූයොන්ගේ පැත්තට හැරුනාම තමා මූයොන්ග් ටේහ්‍යුන්ගේ පෙනුම හරියටම දැක්කේ...උඩිකය නිරුවත්ව හිටපු ටේහ්‍යුන් අඹාපු පිලිමයක්..ටේහ්‍යුන් දිහා මූයොන්ග් බලාගෙන හිටියේ වශී වෙලා..මස්ල් පිරුනු ඇග, පිරුනු පපුව, sixpack, වී ලයිනර් එක ගානට තියෙන ටේහ්‍යුන්ව ඇගට මූයොන්ග් වශී උනා..මූයොන්ග්ට එක තප්පරේකට අමතක උනා ටේහ්‍යුන් කියන්නේ එයාගේ අක්කාගේ පුතා කියන එකත්...මූයොන්ග් කටත් ඇරන් වශීවෙලා වගේ ටේහ්‍යුන් දිහා බලන් ඉන්නකොට කට කොනේ හිනා උන ටේහ්‍යුන් මූයොන්ගේ කන ලගටම ලන් උනා..

🐯 මන් අද එච්චරටම ලස්සනයි ද..ම්ම්...

ටේහ්‍යුන් ටිකක් සරාගී විදියට එයාගෙම නැන්දාගෙන් අහනකොට ඒ ගැඹුරු කටහඩ ඇතුලේ මූයොන්ග් තවත් හිර උනා..

🧛 ම්ම්...ලස්සනයි...

🐯 ඔයාගේ ලව් එකටත් වඩා..ම්ම්....

ටේහ්‍යුන් එයාගේ කටහඩ උපරිමේටම ගැඹුරු කරගෙන මූයොන්ගෙන් අහනකොට මූයොන්ග් ඉබේටම වගේ ඔලුව වැනුවා...ටේහ්‍යුන් කට කොනේ හිනා වෙලා මූයොන්ග්ව එයාගෙයි බිත්තියෙයි අතරට මැදි කරගත්තා..

🧛 මො..මොකද ක..කරන්නේ ටේහ්‍යුන් ??

🐯 මොනවා කරනවා වගේද පේන්නේ...ම්ම්...

ටේහ්‍යුන් මූයොන්ගේ කන ලගට නැවිලා ගැඹුරු සරාගී විදියට කතා කරනකොට මූයොන්ග්ට කෙලත් ගිලුනා..

🧛 එ..එහාට වෙන්න ටේහ්‍යුන්...ම..මන් ඔයාගේ නැන්දා...

🐯 ශ්ශ්ශ්ශ්.....

මූයොන්ගේ තොල් වලට අත තිබ්බ ටේහ්‍යුන් මූයොන්ගේ මූන ලගටම නැවුනා..

🐯 නැන්දා උනාට ඔයා තාමත් කෙල්ලව ඉන්නවානේ බේබි...ඉතින් මොකද ??

🧛 ත..තමුන් මොනවාද කරන්න හදන්නේ මේ ??

🐯 ඔයා කැමති නම් ඕන දෙයක් කරන්න පුලුවන්..ම්ම්..මොකද කියන්නේ...

ටේහ්‍යුන් මූයොන්ගේ මූන දිගේ එයාගේ දිග ඇගිල්ලක් ගෙනියන ගමන් කතා කරන්න පටන් ගත්තා..මූයොන්ග් ඒ දැනෙන පහසට ඇසුත් වහගත්තේ ටේහ්‍යුන්ගේ කට කොනේ ඉබේම මතුවෙනකොටයි..

🧛 ඔ..ඔයාට මොනවාද ඕන ටේහ්‍යුන් !!

මූයොන්ග් ටේහ්‍යුන්ගේ අත අල්ලගෙන ඇහුවාම ටේහ්‍යුන් එහෙම්ම මූයොන්ග් කන් ලගට නැවුනා..තව ටිකක් ටේහ්‍යුන්ගේ නිරුවත් ශරීරය මූයොන්ගේ ඇගට ලන් කරාම මූයොන්ගේ ඇස් ආයි පාරක් ඉබේම වැහුනේ ටේහ්‍යුන්ගේ උනුසුම් හුස්ම එයාගේ බෙල්ලේ වදින නිසායි..

🐯 ඔයා දන්නවාද නැන්දා...මට අර ගද ගහන වෘකයා එක්ක ඉදලා එපා වෙලා...උගේ යටට වෙලා ඉන්න මට ඕන නෑ...ඒක වැම්පයර් රාජධානියටම ලැජ්ජාවක්...

🧛 ටේ..ටේහ්‍යුන් !!

🐯 ශ්ශ්...කෑ නොගහා මන් කියන එක අහන්න..

මූයොන්ගේ තොල් වලට ආයි අත තියලා ටේහ්‍යුන් එයාගේ අත් දෙකෙන්ම මූයොන්ග්ව මැද්දට හිටින විදියට තියාගත්තා..

🐯 මොකද කියන්නේ...අදින් පස්සේ අර ගද ගහන වෘකයෝ දෙන්නාම ඉවරයක් කරලා රාජ්‍යයන් දෙකෙම අයිතිය අපි දෙන්නා ගමුද ??

ටේහ්‍යුන් එහෙම අහනකොට මූයොන්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා..ඒත් ඒ ක්ෂණිකයෙන් ඇස් සරාගී විදියට හදාගත්ත මූයොන්ග් ටේහ්‍යුන්ගේ කන් වලට ලන් උනා...

🧛 මන් හිතුවට වඩා ඔයාට මොලේ තියෙනවානේ.. මන් හිතන්නේ මට පුලුවන් වෙයි ඔයාට උදව් කරන්න බේබි...

ටේහ්‍යුන්ගේ කනට වෙට් කිස් එකක් දුන්න මූයොන්ග් හිනා වෙලා එතනින් ගියේ මේ දිහා බලන් හිටපු තව කෙනෙක් අත මිටි කරගෙන එතනින් යනකොටයි..

🧛 ආහ් ටේහ්‍යුන්...අද කිසිම වැරැද්දක් වෙන්න බැහැ..ඔයාගේ මමායි ඩැඩායි අද බලන් ඉන්නෙ එයාලගේ බලය ආයි ඔයාගෙන් අරගන්න..ඒ වගේම් ඔයාගේ හිටපු මේටුත් එයි අද...ඉමෝශනල් වෙලා වැඩේ වැරද්දගන්න හදන්න එපා...

🐯 කමෝන් බේබි...ඔයා මන් ගැන හොදටම දන්නවානේ...

ටේහ්‍යුන් බිත්තියට හේත්තු වෙලා දොරෙන් එබිලා බලන් ඉන්න මූයොන්ග්ට ඇහැක් ගහන ගමන් කියනකොට මූයොන්ග් හිනා වෙලා ටේහ්‍යුන්ටත් ඇහැක් ගහලා එතනින් ගියා...

🐯 පුහ්හ්....ඊව්...මලජරාව...

මූයොන්ග් ගියපු ගමන් කනේ ගෑ විලා තිබ්බ මූයොන්ගේ කෙල පිහිදපු ටේහ්‍යුන් ටිශූ එකකුත් අරගෙන පිහිදැම්මා..

🐨 ඊව්...ඒක නම් ඇත්තටම හරිම අප්‍රසන්න දර්ශනයක්...නැන්දායි පුතායි...ඊව්ව්ව්....

මෙච්චර වෙලා ඇද අස්සේ හැංගිලා හිටිය නම්ජුන් දූවිලි ගස ගස එලියට එනකොට ටේහ්‍යුන් නම්ජුන්ට රැව්වා..

🐯 හරි විහිලුව...තමුසේ මොනවද ඇද යට කරේ හ්‍යුන්ග් !!

🐨 හාහ් !! මූයොන්ග් එනකොට එකපාරටම හැංගෙන්න කියලා දැන් අහනවා ඇද යට මොකද කරේ කියලා..බූරුවා..

🐯 මන් නෙමෙයි බූරුවා තමුසේ...දැන් ඔතන හැංගුනාම තමුසෙගේ බලු ගද එනවානේ හ්‍යුන්ග්...

🐨 ඔහ් ඒකද !! ඩෝන්ට් කෙයාර් බේබී...කොහොමත් ඔයා ලගින් මගේ බලු ගද එන නිසා කවුරුත් මන් මෙතන හිටියා කියලා විශ්වාස කරන්නෙ නෑ...

🐯 වලත්තයා..තමුසෙට මගේ හ්‍යුන්ග්ව මන් දෙන්නේ නෑ..

🐨 මන් එයාව දැනටමත් මගේ කරගෙන ඉවරයි බෙයාර්..

නම්ජුන් හෙන ආඩම්බරෙන් කියනකොට ටේහ්‍යුන් ඇස් රෝල් කරලා එයාගේ රාජකීය ඇදුම අදින්න පටන් ගත්තා..

🐯 ඒක නෙමෙයි හ්‍යුන්ග්...අපේ ප්ලෑන් එකේ විදියට හැමදෙම උනාද ??

🐨 හ්ම්ම් මන් හිතන්නේ...ඔයාල දෙන්නා ඉන්න විදිය දැකලා අප්පාගේ කේන්තියෙන් පිරුනු මූන දැක්කාම මට හිතන්නේ අපි සාර්ථකයි..

නම්ජුන් ඒක කියලා ලොකු හුස්මක් පහලට දාලා ඇදෙන් වාඩි උනා...ටේහ්‍යුන් එයාගේ රාජකීය ඇදුමත් ඇදගෙන නම්ජුන්ගේ එහා පැත්තෙන් වාඩි උනේ නම්ජුන් ඉන්නේ හොදින් නෙමෙයි කියලා පෙනුන නිසායි..

🐯 හ්‍යුන්ග්..

🐨 හ්ම්...

🐯 ඔයා හොදින්ද ??

🐨 හ්ම්...

නම්ජුන් බිම බලාගෙන හ්ම් කියනකොට ටේහ්‍යුන් නම්ජුන්ගේ උරහිසෙන් ඇල්ලුවා..

🐯 හ්‍යුන්ග් ඔයාට ශුවර්ද ඔයා හොදින් කියලා...ඒ ඔයාගේ අප්පා හ්‍යුන්ග් !! ඔයාට පුලුවන් මන් ලග විවෘත වෙන්න...ඔයා මට මගේම හ්‍යුන්ග් වගේ ජූන් හ්‍යුන්ග්..

ටේහ්‍යුන් එහෙම කියනකොට නම්ජුන් ඔලුව උස්සලා ටේහ්‍යුන් එක්ක හින උනා.

🐨 ඔයත් මට මගේම මල්ලි තමා බෙයාර්...මන් ඇත්තටම හොදින් කියන්න බැහැ...ඒත් මන් හොදින්..

🐯 හ්‍යුන්ග් !!

🐨 ඒ මගේ අප්පා තමයි බෙයාර්...ඒත් එයා කවදාවත් මාව එයාගේ පුතෙක් විදියට දැක්කේ නෑ..එයා හැමදාම කරේ මාව එයාගේ ඉත්තෙක් කරගත්තු එක විතරයි...මන් එයාට ආදරේ කරාට එයා කවදාවත් මට ආදරේ කරේ නෑ...එයා හැමදාම මාව පාවිච්චි කරේ සෙල්ලම් බඩුවක් වගේ...ජිනි මගේ ලෝකෙට එනකම් මන් ජීවත් උනේ මැරෙන්න බැරිකමට...ඒත් දැන් මට මැරෙන්න බැහැ ටේහ්‍යුන් !! මට ඉස්සරහට මගේ ජිනි එක්ක ඔයාලා එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන..

නම්ජුන් දුක පිරුනු හිනාවක් දාලා එතනින් නැගිටලා ජනේලේ ලගින් හිටගෙන දැනටමත් රාජාභිශේකයට රැස්වෙලා ඉන්න වෘක වගේම වැම්පයර් ජනතාව දිහා බැලුවා..

🐨 හැමෝම ඔයා එනකම් බලන් ඉන්නවා..

🐯 ම..මට පුලුවන් වෙයිද හ්‍යුන්ග් හැමෝමව ආරක්ෂා කරන්න ??

🐨 ඔයාට ඒක පුලුවන් බෙයාර්...මට විශ්වාසයි...

නම්ජුන් ටේහ්‍යුන්ගේ උරහිසින් අල්ලන් කියනකොට ටේහ්‍යුන් යාන්තම් හිනා උනා..මොනවා උනත් ටේහ්‍යුන්ගේ හිත බයයි..එයාගේ අතින් පොඩි වැරැද්දක් උනොත් හැමෝගෙම ජීවිත අනතුරේ..

🐨 කෝ නැගිටින්න..අපි දැන් යන්න ඕන..

ටේහ්‍යුන් යාන්තම් හිනා වෙලා නැගිට්ටාම නම්ජුන් ටේහ්‍යුන්ගේ කොලර් එක හරියට හැදුවා..

🐨 ඔයා දවසක් මගෙන් ඇහුවා නේද මන් ඇයි වතුරට බය කියලා ??

නම්ජුන් ටේහ්‍යුන්ගේ ඇදුමේ තැන් තැන් හදන ගමන් අහනකොට මෙච්චර වෙලා ඔලුව පහත් කරන් හිටපු ටේහ්‍යුන් ඔලුව උඩට ඉස්සුවා..

🐨 දවසක් මන් අප්පා මරන්න හදපු කොල්ලෙක්ව බේරගත්ත නිසා අප්පා මාව වතුර බාල්දියක දාලා හුස්ම හිර කරා..මන් එදා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි හ්‍යුන්ග් ඇවිල්ලා මාව බේරගත්තේ..එදා ඉදන් වතුර යට ගිලෙනකොට මට ඒ හැගීම දැනෙනවා..හරියට ඒ කෙනාව අප්පා ආයිපාරක් මරයි වගේ හැගීමක්...හරියට මට කෙනෙක්ව නැති වෙයි වගේ හැගීමක්...

.

.

හ්ම්ම්...දැන් යමු බෙයාර්..

නම්ජුන් කොලර් එක හදලා ඔක්කොම කරලා ටේහ්‍යුන්ට එලියට එන්න දොර ඇරියාම ටේහ්‍යුන් ඉස්සරහට ඇවිල්ලා ආයි බයට එතනම නතර උනා..ඒත් එක්කම නම්ජුන් ටේහ්‍යුන්ගේ කනට කරලා මුමුනපු දෙයින් ටේහ්‍යුන්ගේ අත මිට මෙලවුනේ ඉබේටමයි...ඇස් කේන්තියෙන් රතු වෙනකොට නම්ජුන් කට කොනේ හිනාවක් දැම්මා..

.

.

.

.

ටේහ්‍යුන් හිටියේ රාජාභිශේකය සිදුකරන මන්ඩපය උඩ..එයා දැක්කා එතනට එයාගේ පවුලේ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා..ටේහ්‍යුන් හිමින් සැරේ බැලුවේ එයාගේ බේබිගේ ඇස්...හරියටම දවස් 8කට පස්සේ ටේහ්‍යුන් එයාගේ බේබිව දකින්නේ..ටේහ්‍යුන් දැක්කා ඒ ඇස්වල ඉස්සර තිබ්බ සතුට නැතිවෙලා ගිහින්..ඒ බම්බි ඇස් ටේහ්‍යුන්ව දැකලා දිලිසුනත් ඒ ඇස්වල ආදරේ පිරිලා උතුරන්න තිබ්බාත් ඒ ඇස් පසුතැවීමෙන් වේදනාවෙන් පිරිලා..ඇස් ඉදිමිලා තියෙන තරමෙන් ටේහ්‍යුන්ගේ බේබි කොච්චර අඩලාද කියලා ටේහ්‍යුන්ට දැනුනා...ඉස්සර පිම්බිලා තිබ්බ කම්මුල් සතියට හකු බැහැලා..බෝල ගෙඩිය වගේ හිටපු ටේහ්‍යුන්ගේ හා පැටියා හුගක් කෙට්ටුවෙලා ගිහින්...ජන්ග්කුක් දිහා බැලූ බැල්මට පේනවා එයා කොච්චර දුර්වල වෙලාද කියලා..අඩුම කෙලින් හිටන් ඉන්නවත් ජන්ග්කුක්ට ශක්තියක් නෑ..එයා හිටියේ ජිමින්ගේ ඇගට බර වෙලා...ජන්ග්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ට එයාගේ කේන්තිය තවත් වැඩි උනා...එයාට මෙතනම හැමෝමව මරලා දාන්න හිතුනත් එයා ඉවසන්න ඕනේ...මාණික්‍යයේ බලය තමන් අතට ලැබෙනකම් ටේහ්‍යුන් ඉවසන්න ඕනේ..ඒ නිසාම ටේහ්‍යුන් බොහොම අමාරුවෙන් ජන්ග්කුක්ගේ ඇස්වලින් එයාගේ ඇස් ඉවතට ගත්තා...

🧛 වැඩේට අවධානය දෙනවා ටේහ්‍යුන් !!

මූයොන්ගේ කටහඩත් එක්ක තමා ටේහ්‍යුන් හරි සිහියට ආවේ...ඒත් ඒ කටහඩ කලින් තිබ්බා වගේ සියුම් උනේ නෑ...ඒක තනිකරම අනක ස්වරූපයක් තිබ්බා කියලා ටේහ්‍යුන්ට වගේම ඊට එහාපැත්තෙන් හිටිය නම්ජුන්ටත් තේරුනා..

🧛 මේට් දැකලා හිත වෙනස් කරගන්න හදන්න එපා ටේහ්‍යුන් !! ඔයා මන් කිව්ව විදියට වැඩ නොකරොත් ඔයාගේ මේට් ජීවත් වෙලා ඉන්න එකක් නෑ..

මූයොන්ග් ටේහ්‍යුන්ගේ කනට කරලා කියනකොට එකපාරටම මූයොන්ග් ඇයි එහෙම දෙයක් කිව්වේ කියලා ටේහ්‍යුන්ට හිතාගන්න බැරි උනා..එයා එහෙම්ම මූයොන්ගේ දිහා එක ඇහැක් උස්සලා බැලුවාම මූයොන්ග් එහෙම්ම පෙන්නුවේ ජන්ග්කුකව...ටේහ්‍යුන් වගේම නම්ජුනුත් එවෙලේ තමයි දැක්කේ ජන්ග්කුක් ඉන්නේ හුගක් අමාරුවෙන් කියලා...ටිකෙන් ටික ටේහ්‍යුන්ගේ පපුවත් රිදීගෙන එනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවා..ඒත් එක්කම එයා දැක්කේ ජන්ග්කුක් පපුව අල්ලන් කහිනවා...ටේහ්‍යුන්ගේ ඇස් ලොකු වෙලා ජන්ග්කුක් ලගට යන්න අඩිය තිබ්බාත් මූයොන්ග් ටේහ්‍යුන්ගේ අත අල්ලගත්තා..

🧛 ඉක්මන් වෙන්න හදන්න එපා බේබි...මන් කැමති ඉස්සෙල්ලා ඔයා කරපු යෝජනාවට...ඔයා බලය ගත්ත ගමන් මට ඒක ලබා දෙන්න..එතකොට අපි දෙන්නාටම පුලුවන් මේ ගද ගහන බලු තඩියෝ දෙන්නාව ඉවරයක් කරලා දාලා රාජධානි ඔක්කොම සතුටින් පාලනය කරන්න...අපි දෙන්නා එකට.....

මූයොන්ග් ටේහ්‍යුන්ගේ කනට කරලා කියනකොට ටේහ්‍යුන් එහෙම්ම බැලුවේ ජන්ග්කුක්ගේ දිහා..ජන්ග්කුක් ඒ වෙනකොටත් කටෙන් ලේ පෙරාගෙන පපුව අල්ලන් ජිමින්ට තුරුල් වෙලා හිටියේ..ටේහ්‍යුන්ගේ පවුලේ අය ඔක්කොම හිතපු නැති විදියට උන ජන්ග්කුක්ගේ අසනීපේ නිසා කලබල වෙලා හිටියේ...මේක එයාලගේ ප්ලෑන් එකෙ කොටසක් නෙමෙයි...

🐯 ත..තමුන් මගේ කුකීට මොකද කරේ ??

ටේහ්‍යුන් කේන්තියෙන් ඇස් රතු කරන් මූයොන්ගෙන් අහනකොට මූයොන්ග් කරේ හිනා උන එක විතරයි..ඒකෙන් උනේ ටේහ්‍යුන්ගේ කේන්තිය තවත් වැඩි උන එක...

🧛 ඔහ්...මොකද මේ ?? ඇයි කේන්ති අරන්..ඒ කොල්ලා ජීවත් උනත් නැතත් තමුන්ට ඒක දුකක් වෙන්න විදියක් නෑනේ ටේහ්‍යුන් !! තමුන් වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි නේද ටේහ්‍යුන් !! එහෙම නේ ?? ම්ම්...

මූයොන්ග් කට කොනේ හිනාවක් දාගෙන කියනකොට ටේහ්‍යුන්ගේ අත මිට මෙලවුනත් නම්ජුන් ඉක්මනට ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්තා..නම්ටේ දෙන්නාගේ ඇස් තිබ්බේ ජන්ග්කුක් ලග..ජන්ග්කුක් ඉන්නෙ අමාරුවෙන්..ඒ ඇස්වල කදුලු බේරුනත් ඒ ඇස් තිබ්බේ ටේහ්‍යුන් ලග...ඒ ඇස් වේදනාවෙන්...ඒ ඇස් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ගේ ඇස්වලත් කදුලු බේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..ටේහ්‍යුන්ගේ පපුව දිගේ හීන් වේදනාවක් එනකොට ටේහ්‍යුන්ට එයාගේ අත්වලින් එයා ලග හිටිය නම්ජුන්ගේ අත තද කරලා අල්ලගත්තා...

🧛 තමුන් හිතුවාද තමුන්ගේ රගපෑම්වලට අහුවෙන්න මන් මෝඩයෙක් කියලා කිම් ටේහ්‍යුන් !! මුගේ මෝඩ අප්පා අහු උනාට මන් එවට අහු වෙන්න මෝඩ නෑ...අද උදේ වෙනකම් මන් හිතන් හිටියේ උබ අපේ පැත්තේ කියලා..ඒත් බේබි අද ඔයාට අමතක උනා ඔයාගේ බොරු මාර්කින්ග් මාර්ක් එක ඇදගෙන ඉන්න...

ඒ කියන්නේ ටේහ්‍යුන් අතින් අන්තිම මොහොතේ වැඩේ වැරදුනා..මූයොන්ග් හැම දෙයක්ම දැනගෙන...නම්ජුන් ටේහ්‍යුන්ව මාර්ක් කරේ නෑ කියන එකත්....එයාලගේ මහන්සිය ඔක්කොම දැන් වතුරේ...එයාගේ පවුලේ අයගේ ජිවිත පවා අනතුරේ..

🧛 මන් කියන විදියට දැන් වැඩ ටික වෙන්න ඕන..එහෙම නැත්තම් තමුන්ගේ මේට් මෙතනම මන් දුන්න වස වලට මැරිලා යයි..

🐨🐯 මෝ ??

🐯 ව...ව..වස..??

වස !! ටේහ්‍යුන්ගේ පපුව ඒ වචනෙට නතර උනා..බැලන්ස් නැතුව වැටෙන්න ගිය ටේහ්‍යුන්ව අල්ලගත්තේ නම්ජුන්...මුලු රාජ්‍යයම මේ දිහා බලාගෙන ඉන්නවා...එතකොට ටේහ්‍යුන්ලගේ ප්ලෑන්ස් ඔක්කොම වතුරේ ගිහින්ද ??

🐯 ම..මගේ බ්..බේබී....

🧛 එයා ලගට ගිහින් මෙතන වැඩ විනාස කරන්න හදන්න එපා ටේහ්‍යුන් !! මන් කිව්ව විදියට වැඩේ කරනවා...මාණික්‍ය ඔයාට අරගෙන මේ දැන්ම මගේ අතට ආයි මාණික්‍යයේ භාරකාරිත්වය දෙන්න ඕන.. එහෙම නොවුනොත් ඔයාගේ කුකී මැරිලා යයි..ඉක්මනට මන් කියන විදියට වැඩ කරොත් ප්‍රතිනාශක මන් දෙන්නම්..නැත්තන් උබේ බේබි හැමෝගෙම ඇස් ඉස්සරහ මැරිලා යයි..

මූයොන්ග් කට කොනේ හිනාවක් දාගෙන එයාගේ අතේ තියෙන ප්‍රතිනාශකය පෙන්නලා කියනකොට ටේහ්‍යුන්ට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..එයාලා හිතුවට වඩා මූයොන්ග් කපටි..

🐨 තමුන් මොනවාද කරේ ඒ අහින්සකයාට !!

ටේහ්‍යුන්ව තද කරලා අල්ලගෙන නම්ජුන් කේන්තියෙන් අහනකොට මූයොන්ග් නම්ජුන්ගේ කොලර් එක හදන ගමන් සාමාන්‍ය විදියට කතා කරන්න පටන් ගත්තා..

🧛 වැඩිය දගලන්න හදන්න එපා නම්ජුන්...ජින්ගේ ජිවිතේ ආයි පාරක් බේරගන්න ඔයාට බැරි වෙයි..එදා ඔයා ජින්ව බේරගන්න උත්සාහ කරාට මේ පාර ලේසි වෙන එකක් නෑ...

මූයොන්ගේ වචන වලට නම්ජුන් ගොලු උනා..ඒ කියන්නේ නම්ජුන්ගේ මේට් ජින් කියලත් මූයොන්ග් දන්නවා..එයාලා හැමෝම මූයොන්ගේ ගැටේට අහුවෙලා ඉවරයි...දැන් මෙතන කලබලයක් කරොත් ජන්ග්කුක් වගේම ජින්ගේ ජිවිතත් අනතුරේ...

🐯 අ..අපි පටන් ගමු....

.

.

.

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️