Chapter 32: chapter 31

My Little Wolfie | TK || CompletedWords: 23919

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

Mrs.kim : මූයොන්ග් ඩැඩාව නිදහස් කරන්න..ඇයි මෙහෙම හැසිරෙන්නේ ??

මිසිස් කිම් එයාගේ ඩැඩාව අල්ලන් ඉන්න මූයොන්ගේ සෙබලු දිහා බලාගෙන මූයොන්ගෙන් ඉල්ලුවත් එයාට ලැබුනේ මූයොන්ගේ කට කොනේ හිනාව විතරයි..

Mrs.kim : මූයොන්ග් කියන දේ අහලා මේ දේ නවත්තන්න...

🧛 ඇයි මන් නවත්තන්නේ ?? ආහ් කියනවා !! මට ලැබෙන්න ඕන දේවල් ඔයාලා පාවිච්චි කරනකොට ඇයි මන් නවත්තන්නේ ??

Mrs.kim : මූයොන්ග් කියන දේ අහනවා..ඔයා දන්නවා කොහොමත් ඊලග උරුමක්කාරයා ටේහ්‍යුන් කියලා..ඉතින් ඇයි එහෙම කරන්නේ ??

🧛 හහ් !! ටේහ්‍යුන්ට කොහෙන්ද අයිතියක් ?? මෙච්චර කාලයක් ඩැඩා එක්ක හැමදේම බලාගෙන හිටියේ මන්...මමයි මේ රාජ්‍යයේ හැම දෙයක්ම කරේ..ඒත් තමුන් කියන්නේ මන් මෙච්චර දේවල් කරලත් අන්තිමට කුණු ලේ කාරයෙක්ගේ දරුවෙක්ට මගේ උරුමය දෙන්න කියලාද ??

මූයොන්ග් කෑ ගහනකොට තමන්ගේ පුතාට අපහාස කරනවා සේහිට තවත් බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...කෙලින්ම මූයොන්ග් ලගට ගිය සේහි මූයොන්ගේ කොලර් එකෙන් අල්ලගත්තා.

Mrs.kim : තමුන් කොහොමද ඔහොම මගේ දරුවාට කතා කරන්නේ ??

🧛 ඇයි මන් කියන්නෙ බොරුද ?? ටේහ්‍යුන් කියන්නේ තමුන් වටේ ගිහින් ගද ගහන වෘකයෙක් එක්ක එකතු වෙලා හැදුන කුණු ලේකාරයෙක් විතරයි...ටේහ්‍යුන්ගේ ඇගේ තියෙන්නේ පිරිසිදු ලේ නෙමෙයි...තමුන්ගේ දරුවෝ ඔක්කොම කිසි වැඩකට නැති කුණු ලේ කාරයෝ..

Mrs.kim : නවත්තගන්නවා මූයොන්ග් !! මන් මෙච්චර වෙලා ඉවසුවේ තමුන් මගේ නංගි නිසායි...ඒත් මගේ දරුවන්ට මුකුත්ම කියන්න මන් ඉඩ තියන්නේ නෑ...මන් එයාලගේ ඔම්මා..

මූයොන්ග්ට හිතන්නවත් වෙලාවක් නොදී මිසිස් කිම් ( සේහි ) මූයොන්ග්ට පහර දුන්නාම මූයොන්ග් විසික් වෙලා ගිහින් වැටුනත් එයා ලේසියෙන් පරාජය භාරගන්න කැමති උනේ නෑ...මූයොන්ග් නැගිටලා ඇවිල්ලා සේහි එක්ක සටන් කරනකොට මූයොන්ග් වගේ දක්ෂ සටන්කාරියක් එක්ක සටන් කරන එක සේහිට ලේසි උනේ නෑ..අනිත් එක මූයොන්ග්ට තිබ්බ බලය සේහිව තවත් අඩපන කරනවා..මූයොන්ග්ට පුලුවන් වැම්පයර්ස්ලාගේ කන් පුපුරන තරම් ශබ්ද නිකුත් කරන්න...වෘකයන්ට ඒ දේ නොදැනුනත් මූයොන්ගේ ශබ්දය වැම්පයර්ස්ලට දරාගන්න අමාරුයි..ඒ නිසාම සේහිට මූයොන්ග් එක්ක සටන් කරන එක ලේසි නෑ...සේහි මූයොන්ග් එක්ක සටන් කරනව නම් අනිවාර්යයෙන්ම ඒ වේදනාවත් දරාගන්න ඕන..මූයොන්ග්ට වගේම සේහිටත් බලයක් තිබ්බාත් සේහිගේ බලය සටන් කලාවට ගැලපුනේ නෑ...

සේහි මේ වෙනකොට හිටියේ හොදටම තුවාල වෙලා..මූයොන්ග් සේහිගේ බෙල්ල හිර කරගෙන නියපොතු සේහිගේ බෙල්ල හරහා ගිලා බස්සනකොට සේහිගේ ඇස්වලින් කදුලු පැන්නා..හුස්ම ගන්න අමාරු වීගෙන කලන්ත ගතියක් එනවාත් එක්ක සේහිට දැනුනා මූයොන්ග් එයාගේ ඇගෙන් විසික් වෙලා යනවා..

🐰 ග් ර් ර් ර් ර් ර්....

සේහි කැහැලා අන්තිමට අමාරුවෙන් ඇස් අරිනකොට මූයොන්ග් හිටියේ සුදුපාට වෘකයෙක්ට යට වෙලා..සුදුපාට වෘකයාගේ නියපොතු මූයොන්ගේ ඇග තුවාල කරලා කියලා සේහි දැක්කා...ඒත් එයාට හිතාගන්න බැරුව හිටියේ ඒ සුදු වෘකයා කවුද කියලා..ඒත් මූයොන්ගේ වචන ඇහුනාම තමයි සෙහ්ට තේරුනේ සුදුපාට ඔමේගා ජන්ග්කුක් කියලා..

🧛 හහ් !! එහෙනම් ඒ තමුන්...අනාගත රැජින...

මූයොන්ග් වෘකයාගේ ඇස් දිහා බලාගෙන කියනකොට වෘකයා හයියෙන් ගෙරෙව්වා..ඔමෙගා කෙනෙක් උනත් ඒ ශක්තිමත් ගෙරවිල්ලට මූයොන්ග් උනත් බය උනා..තවත් විනාඩි කිහිපයක් ඇතුලතදි මූයොන්ග් සහ ඔමේගා අතර සටන යනකොට ඇල්ෆා කෙනෙක් තරම් ශක්තිමත් ඔමේගා කෙනෙක් මූයොන්ග්ට සටන් කරන එක ලේසි උනේ නෑ..ජන්ග්කුක්ගේ නියපොතු වලට මූයොන්ග් හොදටම තුවාල වෙලා තිබ්බේ..ඒත් මූයොන්ග් සටන අතාරින්න කැමති උනේ නෑ..

🧛 මෝඩ ඔමේගා...තමුන් හිතනවාද තමුන් වගේ දුර්වල ඔමෙගා කෙනෙක්ට රටක් පාලනය කරන්න පුලුවන් කියලා...තමුසේ රැජිනක් වෙන්න සුදුසු නෑ..

🐰 ග් ර් ර් ර් ර් ර් ර් .....

ජන්ග්කුක් මූයොන්ග්ට ගොරවගෙන ඇගට පැනලා මූයොන්ගව එතනම ඉවරයක් කරන්න නියපොතු උල් කරන් අත ඉස්සුවත් මූයොන්ග් ඊලග කිව්ව දේ නිසා ඔමේගා එතනම නතර උනා..

🧛 මාව මැරුවට වැඩක් නෑ ජන්ග්කුක් !! තමුසේගේ මහ ලොකු මේට් තව ටිකකින් මාත් එක්කම මැරෙයි..උබේ ඇගට ඇතුල් කරපු විස මාර්ක් කරද්දී මෝඩ ටේහ්‍යුන් එයාගේ ඇගට ගත්තා කියලා අමතක කරන්න එපා..හාහ් හාහ්...!! මන් මැරෙන්නේ ඌවත් මරාගෙනම තමයි...තමුන් එතකොට ජීවිත කාලෙම විදවපන්...මෝඩ ඔමෙගා !!

මූයොන්ග් කටින් පනින ලේ පිහිදලා හයියෙන් හිනා වෙනකොට ඔමේගා අඩියක් පස්සට ගියා...ජන්ග්කුක්ගේ ඔලුව සම්පූර්ණයෙන්ම වැඩ කරේ මූයොන්ගේ වචන..එයාට බය හිතුනා මූයොන්ග් කිව්ව විදියට ටේහ්‍යුන්ව එයාට නැති වෙයි කියලා...ඔව් මූයොන්ග් ජන්ග්කුක්ගේ දුර්වලතාවය පාවිච්චි කරා..මූයොන්ග්ට ඕන විදියට ජන්ග්කුක් දුර්වල වෙනකොට ඔමෙගාගේ දම්පාට ඇස්වලින් කදුලු බේරෙනකොට මූයොන්ග් කට කොනේ හිනාවක් එක්ක එයාගේ ඇග උඩ ඉන්න ඔමේගාව ඈතට විසික් කරා..

Mrs.kim : අ..ආනි කුකී...

මූයොන්ග් කොච්චර වේගෙන් තල්ලු කරාද කියනවා නම් ජන්ග්කුක් විසික් වෙලා ගිහින් ගහක කොන්ද වැදිලා බිම තියෙන ගලක ඔලුවත් වැදිලායි බිමට වැටුනේ..සුදුපාට බූල් පිරුණු හම රතුපාට වෙනකොට ජන්ග්කුක්ගේ ඔලුව වැදුන තැනින් ලේ එන්න පටන් ගත්තා..ඔමෙගා තුවාල පිටින්ම නැගිටින්න හැදුවත් ඒක ලේසි උනේ නෑ...එතනම ආයි බිම වැටෙනකොට ඔමේගාගේ කටින් වේදනාත්මක කෙදිරිල්ලක් පිට කරේ මූයොන්ගේ හිනාව තවත් වැඩි කරලායි..

🧛 මෝඩ ඔමේගා...මාව නවත්තන්න තමුන්ට බෑ...මන් ආයි එනවා..!!

ජන්ග්කුක් දිහා බලලා වට පිට බැලුව මූයොන්ග් එහෙම්ම අතුරුදහන් වුනා...මොකද මූයොන්ග් දැනගත්තා දැන් එයා තවත් මෙතන හිටියොත් අනිවාර්යයෙන්ම ටේහ්‍යුන් අතින් මැරෙන්න වෙනවා කියලා..

Mrs.kim : කුකී...

සේහි බොහොම අමාරුවෙන් වැටුන තැනින් නැගිටලා ජන්ග්කුක් ලගට එනකොට ජන්ග්කුක් වේදනාව දරාගන්නම බැරිම තැන සාමාන්‍ය මනුස්සයෙක් බවට පරිවර්තනය වෙනගමන් හිටියේ..ජන්ග්කුක්ගේ ආයි මනුස්සයෙක් බවට පරිවර්තනය වෙනකොට එයා හිටියේ නිරුවත්ව..වේදනාවත් එක්ක ලැජ්ජාවෙන් ජන්ග්කුක් ඇඹරෙනකොට සේහි ඉක්මනට එයාගේ ඉනේ තිබ්බ රෙද්ද ගලවලා අරන් ජන්ග්කුක්ගේ යටි කොටස වැහුවා..

🐰 ම්..මමා හ්..හ්‍යුන්ගී...

ජන්ග්කුක් අමාරුවෙන් මුමුනනවත් එක්කම ටේහ්‍යුන් එතනට ඇවිල්ල ඉවරයි...

🐯 මගේ බේබී...

ජන්ග්කුක් මූයොන්ග් එක්ක සටන් කරනකොට ටේහ්‍යුන් වැම්පයර්ස්ලා පස් දෙනෙක් එක්ක සටන් කරන ගමන් හිටියේ...ඒත් ජන්ග්කුක් විසික් වෙලා ගිහින් කෙදිරිල්ලක් පිටවෙනකොටම ටේහ්‍යුන්ට ජන්ග්කුකව දැනුනා..මාර්ක් කරලා නිසා ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ වේදනාව වෙනදාට වඩා හොදට දැනුනා..ජන්ග්කුකට අවදානේ දුන්න නිසා වැම්පයර්ස්ලා දෙන්නෙක් ටේහ්‍යුන්ව අල්ලගන්නකොට එතනට ආපු මියුන්ග්සො නිසයි ටේහ්‍යුන්ට ගැලවෙන්න පුලුවන් උනේ...පුලුවන් උපරිමෙන් ජන්ග්කුක් ලගට ආව ටේහ්‍යුන් ජන්ග්කුකව උස්සලා එයාගේ තුරුලට ගත්තා..

🐰 හ්..හ්‍යුන්ගී ඒ ඒ විස..ඔ..ඔයාගේ ඇග ඇතුලේ...එ..ඒක...

🐯 ශ්ශ්ශ්...බය වෙන්න එපා බේබි..හ්‍යුන්ගීට මුකුත් වෙන්නේ නෑ..

ඇත්තටම විශ ටේහ්‍යුන්ගේ ඇග ඇතුලේ දුවන නිසා එයාට සැරින් සැරේ කැරකවිල්ලක් වගේ ආවත් ටේහ්‍යුන් ජන්ග්කුක් වෙනුවෙන් ඒ දේ ඉවසගෙන හිටියා..මොකද එයාට මේ වෙලේ දුර්වල වෙන්න බැහැ..ටේහ්‍යුන් වැටුනොත් දිනාගෙන ආපු සටන එතනින්ම ඉවරයි..

Mrs.kim : බෙයාර්...මූයොන්ග් පැනලා ගියා..කුකීව මෙතනින් අරන් යන්න..මන් මෙතන බලාගන්නම්..

🐯 අනි..මමාට අමාරුයි..බේබී ඔයාට පුලුවන් ද ටෙලිපෝර්ට් වෙන්න ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේන් අහනකොට එයා අමාරුවෙන් උනත් ඔව් කියලා ඔලුව වැනුවා..

🐰 ඒත් හ්‍යුන්ග් ??

🐯 හ්‍යුන්ග් එන්නම් බේබී...මමාව අරන් මෙතනින් යන්න..

🐰 හ්‍යුන්ගීව දාලා යන්න බැහැ...

🐯 මේ අහන්න කුකී...මමා එක්ක යන්න..මන් මූයොන්ග්ව හොයාගෙන එන්නම්..

Mrs.kim : බේයාර් ඒක පස්සේ...දැන් එන්න ඔයත් අපි එක්ක යමු...පුලුවන් තරම් ඉක්මනට ඔයාගේ ඇගෙන් විස අයින් කරන්න ඕන..

🐯 ඒත් මමා..

🐰 හ්‍යුන්ග් !!

ජන්ග්කුක් රවාගෙන කෑ ගහනකොට ටේහ්‍යුන් අන්තිමට හා කියලා ඔලුව වැනුවා..මොකද මේ වෙනකොට මූයොන්ගේ සේනාවෙන් 90%ක්ම විනාස වෙලා ඉවරයි..

🐯 ගිහින් මූයොන්ගව කොයි ලෝකෙන් හරි හොයාගන්නවා !!

= එසේයි උතුමාණනි..

ටේහ්‍යුන්ගේ ආරක්ෂවට හිටිය සෙබලු ටික යවලා ටේහ්‍යුන් ජන්ග්කුකව වඩාගෙන සේහි එක්කම මාලිගාවට ටෙලිපෝර්ට් උනා...මේ වෙනකොටත් තුවාල උන අයට බෙහෙත් කරන්න ටීම් එකක් ටේහ්‍යුන් හදලයි තිබ්බේ...ජන්ග්කුක්ව පරිස්සමින් ඇදෙන් තිබ්බ ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක්ට ඇදුමක් අන්දලා බෙහෙත් කරන අයට ජන්ග්කුක්වයි සේහිවයි දීලා එහෙම්ම ගියේ මාලිගාවේ උඩුමහලට...ටේහ්‍යුන් එතන ඉදන් පහල බලනකොට දැක්කේ පහල තිබ්බ ලේ ගග දිහායි..වෘකයෝ වැම්පයර්ස්ලා වගේම මායාකාරයොත් හුගක් මැරිලා තණ පිට්ටනිය රතුපාටට හැරිලා තිබ්බා...ඒත් ටේහ්‍යුන් දිනලා තිබ්බා...මූයොන්ග් පැනලා යනවත් එක්කම මූයොන්ගේ සෙබලු යටත් වෙලා තිබ්බ නිසා ටේහ්‍යුන් දිනලයි තිබ්බේ...

" ටේහ්‍යුන් අධිරජුට ජය වේවා !! "

" ටේහ්‍යුන් රජු දිඝුකල් වැජඹෙවා !! "

සටනෙන් ටේහ්‍යුන් දින්න නිසා සාමාන්‍ය ජනතාවගේ ඝෝෂා මැද්දේ ටේහ්‍යුන් බැලුවේ බැලුවේ එයාගේ හ්‍යුන්ග්ලා දිහා..එයාලා ටේහ්‍යුන් දිහා බලන් හිටියේ හරිම ආඩම්බරෙන්...

ටේහ්‍යුන් දැක්කා නම්ජුන් තුවාල වෙලා ඉන්න ජින්ව තුරුල් කරන් ඉන්නවා..යූන්ගි ජිමින්ගේ උරහිසවටෙව් අත දාගෙන එයා දිහා බලාගෙන හිටියා..කායිගේ අත ජෙනීගේ බඩ වටේ හරි පරිස්සමට එතිලා තියෙනවා...මියුන්ග්සොගෙ කකුලේ තුවාලෙට ජිසූ ලේ යන එක නවත්තන්න රෙදි පටියක් ගැට ගහන ගමන් හිටියේ...රෝස් , ලීසා දෙන්නා තාමත් මූයොන්ගේ සෙබලෙක් අල්ලන් එයාට ගහනවා..ජැක්හෝප් ඩබල ලැජ්ජාවක් නැතුව දෙනෝ දාහක් මැද්දේ රන්ඩු වෙනවා...

🐰 හ්‍යුන්ගී...

හැමෝම දිහා හිනා වෙලා බලන් හිටපු ටේහ්‍යුන් පිටිපස්ස හැරුනේ ජන්ග්කුක්ගේ කටහඩට...ඒත් ටේහ්‍යුන්ට දැනුනා එයාගේ ඇස් බොද වෙනවා වගේ..මෙච්චර වෙලා හැමදේම ඉවසගෙන හිටියත් ටේහ්‍යුන්ට තේරුනා එයාගේ ඇගට විස තවත් දරාගන්න බැහැ කියලා..ජන්ග්කුක් ඔලුවේ බැන්ඩේජ් එකකුත් බැදගෙන ටිකෙන් ටික ටේහ්‍යුන් ලගට ලන් උනාත් ටේහ්‍යුන්ට දැනුනේ ඔක්කොම කැරකෙනවා වගේ...ජන්ග්කුක්ව බොදවෙලා පේනකොට තවත් දරාගෙන ඉන්න බැරිම තැන ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇග උඩටම සිහිය නැතුව වැටුනෙ මුලු රාජධානියම නිශ්ශබ්ද කරලයි..

" මියානේ බේබි...හ්‍යුන්ගීට තවත් දරාගෙන ඉන්න බැහැ...මියානේ...."

🐰 හ්..හ්‍යුන්ග් !!

ජන්ග්කුක්ට එකපාරටම උන දෙ හිතාගන්න බැරි උනා..ටේහ්‍යුන් ඉන්නේ අමාරුවෙන් කියලා දැනුන නිසා ජන්ග්කුක් අල්ලගන්න ඉක්මනට ලගට ආවත් එකපාරටම ජන්ග්කුක්ගේ ඇග උඩටම ටේහ්‍යුන් කඩාගෙන වැටෙනකොට පුංචි ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ලොකු ඇගත් එක්ක නොවැටී බේරුනේ හරිම අමාරුවෙන්.. එහෙම්ම ටේහ්‍යුන් එක්කම පහත් උන ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ ඔලුව එයාගේ ඔඩොක්කුවට ගත්තා..

🐰 හ්...හ්‍යුන්ග් ඇස් අරින්නකෝ....හ්‍යුන්ගී ඇස් අරින්නකෝ..චේබල්....හ්‍යුන්ගී කුකීව දාලා යන්න එපා...යාහ් හ්‍යුන්ගී....

.

.

.

.

______________________♡_________________________

සුබ ගමන් ලොකූ.....🥺

ඔයා එනකම් අවුරුදු දෙකම අපි බලාගෙන ඉන්නවා ජින් ඔප්පා...පරිස්සමින් ගිහින් එන්න... ❤️❤️

සරන්හේ ❤️❤️❤️

______________________♡_________________________

අද අප්ඩේට් එක මට නිකන් හරි නෑ වගේ 😕 සොරි හොදේ ඒකට...ඊලග එක ලස්සනට දෙන්නම්..🥺

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️