Chapter 4: chapter 3

My Little Wolfie | TK || CompletedWords: 26149

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

Author pov

🐱 කුකී...කෝ නැගිටින්න මැණික..

අද ඔයා කොලේජ් යන්න ඕනේ පැට්ටෝ...කෝ නැගිටින්න...

හා පස්සත් උඩ දාගෙන සැපට නිදාගෙන ඉන්න ජන්ග්කුක්ගේ පස්සට තට්ටු දදා යූන්ගි දැන් හෙන වෙලේක ඉදන් ජන්ග්කුක්ව ඇහැරවන්න හදන්නේ..ජන්ග්කුක් නෙමෙයි හ්ම් සද්දයක් දාන්නේ..

🐱 කුකී...ඔයා නැගිට්ටේ නැත්තම් මන් දාලා යනවා හරිද ?? පලවෙනි දවසෙම තනියම යන එකයි ඇත්තේ...

යූන්ගි පොඩ්ඩක් සැරෙන් කියලා යන්න හැරෙනකොට ජන්ග්කුක් ඉද්ද ගැහුවා වගේ ඇදේ කෙලින් උනා...තාමත් බාගෙට ඇස් ඇරන් නිදිමතේ වාඩි වෙලා ඉන්න ජන්ග්කුක් දැක්කාම යූන්ගිට දුකත් හිතුනා...

🐱 කෝ එන්න...අපි වොශ් දාමු...

යූන්ගි එහෙම කියලා නිදිමතේ ඉන්න ජන්ග්කුක්ව උස්සගෙන ගිහින් බාතෲම් එකෙන් තියලා අතට බ්‍රශ් එක දීලා ටූත් පේස්ට් ඒකට දාලා තාමත් ඇස් වහන් ඉන්න ජන්ග්කුක්ගේ කටට බ්‍රශ් එක ගහලම තමා එලියට ගියේ..

ටිකක් වෙලා බ්‍රශ් එක එහෙම්ම තියාගෙන ඉදලා යූන්ගි එලියේ ඉදන් කෑ ගහනකොට තමා වොශ් දාන්න පටන් ගත්තේ...කොහොම හරි පැයක් විතර ගිහින් වොශ් දාලා ඔක්කොම කරලා ජන්ග්කුක් කන්නාඩිය ඉස්සරහින් හිට ගත්තා..

එයාගේ හිත පොඩ්ඩක් කලබලයි...අද ඉතින් කොලේජ් යන පලවෙනි දවසනේ...ජන්ග්කුක් තාම අවුරුදු 18ක් උනාට හොදට ඉගෙන ගන්න පුළුවන් නිසා එයාට අවුරුද්දක් කලින් කොලේජ් යන්න චාන්ස් එකක් හම්බුනා...ඒත් ඉතින් කොල්ල පොඩ්ඩක් බයෙන් ඉන්නේ...ජන්ග්කුක්ට මේ වෙනකම් යාලුවෝ ඉදලා නෑ...ඒකට ලොකුම හේතුව ජන්ග්කුක් සමාජශීලි නෑ...එයා මිනිස්සු එක්ක කතා කරන්න බයයි...හැම වෙලේම අක්කායි අයියායි එක්ක හුරතලේට හැදුන ජන්ග්කුක්ගේ ලෝකෙම උනේ ඒ දෙන්නා..ඉස්කෝලේ යන කාලේ ඉදන්ම අයිනක ඉදන් පොතට විතරක් අවදානේ දීගෙන ඉන්න ජන්ග්කුක් බුලි වෙන අවස්තාවලුත් ආවා..හැබැයි ඒ හැම වෙලේකම එයාගේ නූනා හරි හ්‍යුන්ග් හරි හිටියා..

එයාලා හිතුවා ජන්ග්කුක් පරිවර්තනය උනාට පස්සේ හරි එයගේ කුලෑටි ගතිය යයි කියලා..මොකද මේල් ඔමේගලා හුගක් ශක්තිමත්..ඒත් පරිවර්තනයෙන් පස්සේ උනේ එයාලා හිතපු දෙයින් අනිත් පැත්ත...ජන්ග්කුක් පරිවර්තනය වෙන්න තිබ්බ දවසේ පරිවර්තනය උනේ නෑ...එයාට සම්පූර්ණ පරිවර්තනයක් වෙන්න බැහැ...එයා ඒකට උත්සාහ කරන හැම වෙලේකම වගේ ඒයාගේ චූටි කන් දෙකයි සුදුපාට බූල් නැට්ටයි විතරයි එලියට එන්නේ...ඉතින් ඒ නිසාම ජන්ග්කුක් තවත් දුර්වල උනා..එයා තව තවත් සමාජෙන් ඈත් උනා...ඔක්කොටම වඩා ජන්ග්කුක්ගේ දුර්වල හදවත තවත් දුර්වල උන එකයි උනේ...ජන්ග්කුක් ඉපදුනේම දුර්වල හදවතක් එක්ක..බය වෙන, අඩන, මහන්සි වෙන හැමවෙලේකම ජන්ග්කුක් හුස්ම ගන්න බැරුව අමාරු වෙලා සිහිය නැති වෙලා තමා නතර වෙන්නේ...ඒ නිසාම යූන්ගි , රෝස් දෙන්නා ජන්ග්කුක් ලගින් හෙල්ලෙන්නේ නෑ...එයා බය වෙන දේවල් කරන්නෙත් නෑ...පුළුවන් උපරිම එයාව සතුටින් තියන එක තමා ඒ දෙන්නාගේ පලවෙනි රාජකාරිය..ජන්ග්කුක් පිට අය එක්ක කතා කරන්න බයයි කියලා දන්න නිසාම තමයි යූන්ගි රෝස් දෙන්නාම එයාලගෙ යාලුවන්ටවත් ජන්ග්කුක්ව හදුන්වලා දීලා නැත්තේ...ජන්ග්කුක් එයාගේ හ්‍යුන්ග්නුයි නුනායි හැරෙන්න කතා කරන එකම කෙනා එයාලගේ ගෙදර වැඩ කරන අජුම්මා විතරයි..

කොහොම උනත් ජන්ග්කුක් හැම වෙලේම සතුටු වෙන දෙයක් තිබ්බා...ඒ තමයි එයාගේ හීන..පරිවර්තනය උනාට පස්සේ හොද දෙයක් උනා නම් උනේ එයාගේ හීන වලට ලස්සන කුමාරයෙක් ආපු එක විතරයි...රන්වන් පාට හම, රෝසපාට තොල්,දිග ඇහි පිහාටු, කොටියෙක් වගේ තියුණු ඇස්,පලල උරහිස්, සික්ස් පැක් පිරුණු ඇග වගේම ජන්ග්කුක් ආසම උනේ එයාගේ බඩේ කොනේ තියෙන හද පලු හැඩැති සලකුණට..ඉනේ වී ලයින් එකට කිට්ටුවෙන්ම තියෙන හදපලුව ජන්ග්කුක්ව ඕනවටත් වඩා ආකර්ෂණය කරා...ඒත් ඒ කවුද , ඇයි එයාම මෙහෙම හීනෙන් පේන්නේ මේ කිසිම දෙයක් ගැන ජන්ග්කුක්ට පැහැදිලි කිරීමක් තිබ්බේ නෑ..ඒත් ජන්ග්කුක්ට ටික ටික එයාව බලන්න ඕන උන ආසාව නම් වැඩි උනා...

❤️ කුකී....බෙහෙත් බිව්වා නේද මැණික ??

මෙච්චර වෙලා ජන්ග්කුක්ගේ කොටි පැටියා ගැන හිත හිත හිතපු ජන්ග්කුක් ගැස්සිලා ගියේ රෝස්ගේ කටහඩට...ජන්ග්කුක් එයාගේ නූනාට ඒකට උත්තර දුන්නේ නම් උපරිම කියුට් ලුක් එකක් දාලා දත් තිස් දෙකම පෙන්නගෙන...

🐰 දේ නූනා...

කොල්ලා හිනා වෙලා කිව්වාම රෝස්ගේන් මූන පුරාවටම එයාගේ ආසම හාදු වැස්ස හම්බුනා..ටිකකින් යූන්ගි ඇවිත් ජන්ග්කුකව උස්සලා ඔඩොක්කුවට ගත්තේ ලොකු කතාවක් කියන්න වගේ..

🐱 කුකී මේ අහන්නකෝ...ඉස්කෝලේ වගේ නෙමෙයි...කොලේජ් එකේදි අපි දෙන්නාට හැම වෙලේම ඔයාව බලන්න බැරි වෙයි...අපි ඔයාව අතාරිනවා කියන එක නෙමෙයි මන් කියන්නේ...එහේ හුගක් ලොකුයිනේ මැණික...ඉතින් බය නැතුව ඉන්න හරිද ?? ඉස්කෝලෙදි වගේම එහෙදිත් ඔයා මගේ මල්ලි කිව්වාම කවුරුත් ඔයාට අත තියන්න එන එකක් නෑ..

යූන්ගි තව කියන්න ගියත් ජන්ග්කුක් එකපාරටම යූන්ගිව නැවැත්තුවා...

🐰 හ්‍යුන්ගි...ම..මන් කොලේජ් එකේ තනියම ඉන්නම්...මට පුළුවන් මන් ගැන බලාගන්න...හ්‍යුන්ග්ටයි නූනාටයි හැම වෙලේම මට වද දෙන්න බැහැ..

❤️ අනේ මැණික කවුද කිව්වේ ඔයාව අපිට වදයක් කියලා..ම්ම්....ඔයා අපේ පනනේ කුකී...

රෝස් ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකන ගමන් කියනකොට ජන්ග්කුක් ආයි එයාගේ හුරතල් බනි හිනාව ජන්ග්කුක්ට දැම්මා..

🐰 මන් ආදරෙයි ඔය දෙන්නාට...

🐱❤️ අපිත් ආදරෙයි කුකී..

🐰 එහෙනම් මන් ඔයාලගේ මල්ලි කියලා හැමෝටම කියන්න එපා...ඉස්කෝලේ යන කාලෙත් හැමෝම මන් ගැන බැලුවේ ඔයාලාගේ මල්ලි නිසා විතරයි...එයාලට මාව නෙමෙයි ඕන උනේ..ඔයාලා දෙන්නාගේ අවධානය...මට මෙහෙදිත් එහෙම වෙන්න ඕන නෑ නූනා...ඔයාලා ඔයාලගේ ලගම යාලුවන්ට කිව්වාට අනිත් කිසිම කෙනෙක්ට මන් කවුද කියලා කියන්න එපා...මන් යාලුවෝ හදාගන්න උත්සාහ කරන්නම්...

🐱 හරි අපි කුකී කියන විදියට කරමු..හැබැයි ඔයා වෙලාවට බෙහෙත් ටික බොනවා කියලා පොරොන්දු වෙන්න ඕන...ඒ වගේම ප්‍රශ්නයක් උනත් හංගන්නෙ නැතුව අපි දෙන්නාට කියන්න ඕන...අරස්සෝ...

🐰 දේ...

🐱 ඔකේ...එහෙනම් අපි ඉක්මනට කාලා යමු..

ඔයාගේ නූනාගේ කරවෙච්ච පෑන් කේක් සමග හ්‍යුන්ග්ගේ රසම රස බනානා මිල්ක්ශේක් තියෙනවා..

❤️ යාහ් ඔප්පා..

.

.

කාලා බීලා ඔක්කොම කරලා මගක් වෙනකම්ම ජන්ග්කුක් රෝස් , යූන්ගි දෙන්නා එක්ක කාර් ආවත්‍ ජන්ග්කුක්ගේ වදේ නිසාම යූන්ගි කැම්පස් එකට ලන් කරලා මගින් කාර් එක නැවැත්තුවා...ජන්ග්කුක්ගේ අසනීපේ නිසා එයාලා බයයි ජන්ග්කුක්ව මෙහෙම තනියම යවන්න...ඒත් ඉතින් හිතුවක්කාර ජන්ග්කුක් කියන දෙයක් අහන්නේ නෑනේ..

❤️ ඔප්පා ඔයා යන්න...මන් හිමීට හොරෙන් කුකී පස්සෙන් යන්නම්..

ජන්ග්කුක් කාර් එකෙන් බැහැලා ටිකක් දුර යනකම් ඉදලා රෝසුත් බැස්සේ කොච්චර උනත් ජන්ග්කුක්ව තනියම යවන්න එයාලගේ හිත හදාගන්න බැරි නිසායි..එයාලා ඕනවටත් වඩා එයාලගේ පුංචි මල්ලි ගැන හිතනවා..

ජන්ග්කුක්ට නම් ඉතින් කාර් එකෙන් බැස්සට පස්සේ තනියම යන්න පොඩ්ඩක් බය උනත් එයාගේ ඉවට එයාගේ පස්සෙන් එයාගේ නූනා එනවා කියලා දැනුනා..එයාලා තුන් දෙනා අනිත් අයගෙන් තමන්ගේ සුවද හංගන් හිටියත් උපතින්ම ජන්ග්කුක්ට ලැබුන ඉවෙන් නම් ඒ දෙන්නාට හැංගෙන්න බෑ...ඉපදුන දවසේ ඉදන් නූනාගෙයි හ්‍යුන්ග්ගෙයි තුරුලේ හැදුන ජන්ග්කුක්ට එයාලගෙ ඉව හොදට හුරුයි...නූනා පස්සෙන් එනවා කියලා දැනුන නිසා තමන්ගේ හිතේ තිබ්බ පුංචි බයත් පැත්තකින් දාලා ජන්ග්කුක් හිමීට කොලේජ් එක පැත්තට ඇවිදගෙන ගියා..

දකින ඕනම කෙනෙක්ට ඇතුලට යන්න හිතෙන තරම් කොලේජ් එක ලස්සනයි...ජන්ග්කුක්ගේ බෝල ඇස් කොලේජ් එක දිහාට හැරුනේ දිලිසෙන ගමන්..ගේට් එක ලග ඉදන් ඇතුල බලන් ඉදලා බෑග් එකේ පටි දෙක තද කරලා අල්ල ගත්ත ජන්ග්කුක් ලොකු හුස්මක් පිට කරලා ගේට් එකෙන් ඇතුලට අඩිය තිබ්බා...

ගේට් එකෙන් ඇතුලට අඩිය තිබ්බාත් හරි එකපාරටම ජන්ග්කුක්ගේ පපුවේ වේගෙන් ගැහෙන්න පටන් ගත්තේ එයාටත් එකපාරටම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි කරලායි...එයාට මෙහෙම වෙන්න විදියක් නෑ...ජන්ග්කුක් උදෙ බෙහෙත් බිව්වා..දැන් එයා බය වෙලත් නෑ..මහන්සියක් දැනෙන්නෙත් නෑ...ඇඩුවෙත් නෑ...එහෙනම් ඇයි ??

අඩිය ඉස්සරහට ගන්න හැදුවත් පපුවේ වේදනාව එන්න එන්නම වැඩි වෙන නිසා එයාට ඒක දරාගන්න බැරි උනා..ජන්ග්කුක් පපුවත් අල්ලන් පහත් වෙනකොට ඈත ඉදන් දැක්ක රෝස් බය වෙලා ලගට එන්න හැදුවත් ඊට කලින් ජන්ග්කුක් ලගට ගිය කෙනා නිසා රෝස් එහෙම්ම නතර උනා..

🦄 ඔයා හොදින්ද ??

කොලේජ් එකට ආපු හොබි චූටි කොල්ලෙක් කොලේජ් එක ඉස්සරහම පපුව අල්ලන් ඉන්නවා දැක්කාම ඉක්මනට ලගට ගියා...කවුරුත් එයාට උදව් නොකර බල බල යන එකට හොබීට කේන්‍ති ගිහින් තිබ්බේ...ඒ නිසාම වටේම ඉන්න අයට රවාගෙන හා පැටියෙක් වගේ ඉන්න කොලු පැන්චා ලගට ගිහින් මූනට එබුනා..

🦄 ඔයාට අමාරුද පැටියෝ ??

හොබී අහපු එකට ජන්ග්කුක්ගේ එකම උත්තරේ උනේ ඔලුව උඩට පහලට කරන එක තමයි...හොබි දන්නේ නැති උනාට එයාගේ ඉස්සරහ ඉන්න හුරතල් හා පැටියා එයගේ හොදම යාලුවාගේ මල්ලි බව ජන්ග්කුක් නම් හොබිව දැක්ක සැනින් අදුරගත්තා..මොකද එයාලා හැමෝම යූන්ගිගේ ගෙදර ඇවිල්ලා තියෙනවා..ජන්ග්කුක් ඉතින් එලියට එන්නේ නැතුව කාමරේට වෙලා හොරගල් අහුල අහුල කට්ටිය කතා කරන්නේ මොනවාද , එයාලා කොයිවගේද කියලා බලන එක තමා කරන්නෙ..ඒ නිසා ජන්ග්කුක් නම් හොබීව හොදට අදුරගත්තා..

🦄 ඔයා අලුතෙන්ද පැටියෝ ??

පුංචි හා පැටියාව තමන්ගෙ පපුවට තුරුල් කරන් හොබි අහනකොට පපුවත් අල්ලන් හයියෙන් හුස්ම අදින ගමන් ජන්ග්කුක් කදුලු පුරෝගෙන ඔව් කියලා ඔලුව වැනුවා..

🦄 කෝ එන්න අපි යමු...

හොබි එහෙම කියලා ජන්ග්කුක්ව එක්කගෙන යන්න හැදුවත් හිතුවේවත් නැති විදියට ජන්ග්කුක් කලන්තේ දාලා වැටුනේ හොබීට කරන්නේ මොකක්ද කියලා හිතගන්න බැරි කරලා..

❤️ කුකී...

මෙච්චර වෙලා ජන්ග්කුක් හොබි ලග ඉන්න නිසා සද්ද නැතුව හිටියත් එකපාරටම ජන්ග්කුක් කලන්තේ දැම්මාම රෝස් දුවගෙන එතනට ආවේ ජන්ග්කුක්ගේ නම කෑ ගහගෙනමයි..

❤️ කුකි...කුකී...අනේ මැණික කතා කරන්නකෝ...

හොබිගේ තුරුලේ ඇස් පියාගෙන ඉන්න ජන්ග්කුක්ගේ මූනට තට්ටු දදා රෝස් අඩනකොට හොබි නම් බලන් හිටියේ රෝස් මෙතනට කඩා පැන්නේ කොහෙන්ද කියන ලුක් එකෙන්...

🦄 රෝස් ඔයා මෙයාව දන්නවාද ??

❤️ ඔප්පා මේ මගේ මල්ලි...අනේ මොනවා හරි කරන්නකෝ....

🦄 මොකක් !! ඒත්...

❤️ පස්සෙ විස්තරේ කියන්නම් හොබි ඔප්පා...ඉක්මනට මෙයාව ඩොක්ටර් ලගට අරන් යමු...

🦄 මන් මෙයාව අරන් යන්නම්...ඔයා යූන්ගිව එක්කගෙන එන්න...

හොබි එහෙම කියලා යන්න හැදුවත් එකපාරටම ආයි නතර උනේ ජිමින්ගෙන් ආව මයින්ඩ් ලින්ක් එක නිසායි...

" හ්‍යුන්ග් ඉක්මනට එන්නකෝ...

ටේටේ...ටේටේ...කලන්තේ දැම්මා..."

ජිමින් අඩ අඩ කියනකොට හොබීට කරගන්න දෙයක් නැති උනා...එයා දැන් මෙතනින් යන්නත් බෑ..රෝස්ට මයින්ඩ් ලින්ක් කතාව කියන්නත් බැහැ..එහෙන් ජන්ග්කුක් අමාරුවෙන් උඩට පහලට හුස්ම ගන්නේ...හොබි දෙපැත්තක හිර වෙලා හිටියේ..

🦄 රෝස්...ඉක්මනට යන්න...ගිහින් යූන්ගිට කියන්න කාර් එක ගේන්න කියලා...පල්ලි....

කොහොම හරි එතනින් රෝස්ව අරන් ආපු ජිමින් ජැක්සන්ට මයින්ඩ් ලින්ක් එකක් යැව්වේ ජින් එක්ක පුළුවන් තරම් ඉක්මනට කැෆටේරියා එකට ගිහින් ටේහ්‍යුන්ව බලන්න කියන්න..

යූන්ගි කාර් එක අරන් ආව ගමන් හොබි ජන්ග්කුක්ව වඩාගෙන කාර් එකට දාගෙන හොස්පිටල් අරන් යන අතරේ හොබිගේ පනිවිඩේ නිසා ජැක්සන් ජින් එක්ක පුළුවන් තරම් ඉක්මනට කැෆටේරියා එකට දුවගෙන ගියා..එයාලා යනකොටත් ජිමින් සිහිය නැතුව එයාගෙ පපුවේ තුරුල් වෙලා ඉන්න ටේව බදාගෙන අඩනවා..හැමෝම වට වෙලා මේ දිහා බලන් ඉන්නේ ජිවිතේට කලන්තේ දාපු කෙනෙක් දැකලා නෑ වගේ..

🐹 බෙයාර්...

ටේහ්‍යුන් සිහිය නැතුව ඉන්නවා දැක්කාම ජින්ට කරගන්න දෙයක් නැති උනා..කැෆටේරියා එකට ඇතුල් උනේම කෑ ගහගෙන..

🐥 හ්..හ්‍යුන්ගී...හ්‍යුන්ගි...මගේ ටේටේ...

🐹 ජිමින් මොකක්ද උනේ ??

🐥 ද..දන්නේ නෑ....එය එකපාරටම පපුව අල්ලන් පහත් උනා...ඊට පස්සෙ...ඊට ප.ස්සේ...

🐵 හරි හරි පැට්ටෝ...ජින් මන් කාර් එක අරන් එන්නම්..ඉක්මනට ටේයාව උස්සගෙන එන්න..

ජින් අඩනවා...ඇල්ෆා කෙනෙක් අඩන්නේ හරිම කලාතුරකින්...ඒත් මේ ඉන්නේ එයාගේ පනනේ..එයාගේ චූටි මල්ලි...ටේහ්‍යුන් කියන්නේ ලේසියෙන් අසනීප වෙන කෙනෙක් නෙමෙයි..එහෙම එකේ මෙහෙම එකපාරටම සිහිය නැතුව වැටුනාම ජින්ට මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි උනා...ජැක්සන් කාර් එක අරන් එන්න ගියාම ජින් එයාගේ අත් දෙකෙන්ම ටේහ්‍යුන්ව උස්සගෙන් කාර් පාර්කින් එකට ගියේ ජිමිනුත් අඩාගෙන ඒ පස්සෙන් එනකොටමයි...පුළුවන් තරම් ඉක්මනට එයාලත් ටේහ්‍යුන්ව හොස්පිටල් එකට අරන් ගියේ හොදටම බය වෙලා...

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️