Chapter 41: chapter 40

My Little Wolfie | TK || CompletedWords: 39706

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

🐨 බෙයාර්...මේ පාර මූයොන්ග්ව පරද්දන එක ලේසි නෑ..මායාවරු හුගක් එයාගේ පැත්තේ ඉන්නේ !! අනික අද පුරපෝය දවසක් නිසා මායාවරුන්ගේ ශක්තිය වැඩියි..අපිට බෑ අද වගේ දවසක එයාලා එක්ක සටන් කරන්න..

🐯 මට ඒකෙන් වැඩක් නෑ හ්‍යුන්ග්..මගේ බේබිව මොකක්ම හරි කරලා බේරගන්නයි මට ඕනේ..

Mr.kim : කලබල වෙලා වැඩ කරන්න බැහැ පුතා..

🐯 කලබල වෙලා ?? හහ් ඩැඩා ඔයාලට ඇත්තටම ගානක් නැද්ද ?? මගේ බේබි දැන් දවසක් තිස්සේ අර ගෑනි ලග !! එයා ඉන්නේ මූයොන්ග් ලග කියලා දැන දැනත් අපි මෙතන ප්ලෑන් හද හද ඉන්නවා...මගේ බේබිට මොනවා හරි කරදරයක් උනොත්...එතකොටත් මට කලබල නොවී ඉන්න කියලද කියන්නේ ?? ආහ් !!

ටේහ්‍යුන් හැමෝටම කෑ ගහනකොට හැමකෙනෙක්ම ඔලුව බිමට හරවගත්තේ ටේහ්‍යුන් දැන් ඉන්න තත්ත්වේ දන්න නිසායි..ඇත්තටම මේට් නැතුව කේන්තියෙන් ඉන්න ටේහ්‍යුන්ගේ වැම්පයර් දෙයක් තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක නෑ..

🐱 මේක අහන්න බෙයාර්... ඔයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි..ඔයයි මෙහෙ රජු..ඔයාට බැහැ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ගිහින් කුකීව බේරගෙන එන්න..ඔයාට මොනවා හරි උනොත් මේ රාජ්‍යයට මොකද වෙන්නේ ?? තේරුම් ගන්න ටිකක් !!

🐯 වාව්..මේ ඔයාද හ්‍යුන්ග් ?? කුකී වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති ඔයාද මෙහෙම කතා කරන්නේ ?? ඔයාට ගානක් නැද්ද කුකී මූයොන්ග් ලග ඉන්න එක ගැන ?? මෙච්චර කල් මගේ කුකී ගගා බොරුවටද ආදරේ කරේ ?? වාහ්...ඔයා මාරයිනේ..!! ඔයාලා ඔක්කොම එකයි..ඔයාලා කිසිම කෙනෙක්ට කුකී නැති එක ගානක් නෑ...ම..මට විතරයි එයාව ඕන..ඔයාලා ඔක්කොම එයාට ආදරේ කරේ බොරුවට...ඔයාලා ඔක්කොගෙම විශේෂයෙන්ම යූන්ගි හ්‍යුන්ග් ඔයාගේ ආදරේ මහ බොරුවක් !!

🐥 ටේහ්‍යුන් !!

ටේහ්‍යුන් යූන්ගිට බනිනකොට ජිමින් ටේහ්‍යුන්ගේ නමින්ම කෑ ගැහුවේ යූන්ගි ඉන්නේ කොච්චර වේදනාවෙන්ද කියලා ජිමින්ට දැනුන නිසායි..ජිමින්ට දැනුනා ටේහ්‍යුන්ගේ වචනවලින් යූන්ගිව තව කොච්චර රිදෙනවද කියලා..ඒත් එයාලට කරන්න දෙයක් නෑ...ජන්ග්කුක්ව බේරගන්න ඕන උනත් අද ඒ දේ කරන්න බැහැ..එහෙම කරොත් ජන්ග්කුක්ගේ ජිවිතේ වගේම ටේහ්‍යුන්ගේ ජිවිතෙත් අනතුරක..

🐯 ඇයි මොකද ජන්ග් ජිමින් ?? ඔයාගේ මේට්ට රිදෙනකොට ඔයාට රිදෙනවාද ?? තේරුම් ගන්නවා මට ඊට වඩා රිදෙනවා !! ඒ ඉන්නේ මගේ පන...මන් නැතුව තප්පරයක්වත් ඉන්න බැරි එයා අද තනියම කාත් කවුරුවත් නැතුව එයාගේ වචනෙන් කිව්වොත් නපුරු මිනිස්සු ගොඩක් එක්ක හිර වෙලා..ඔයාලා මෙතන ඉදන් මට කියනවා සන්සුන් වෙන්න බෙයාර්,අද අපිට එයාව බේරගන්න බැහැ බෙයාර්,හෙට වෙනකම් ඉවසන්න බෙයාර්, ඔයායි මේ රාජ්‍යයේ රජතුමා බෙයාර්....හහ් !! මගේ මැණිකට අරහේ මොනවා වෙලාද කියලා මන් දන්නේ නෑ..ඒත් ඔයාලා මට කියන්නේ ඕවා අහ අහ ඉන්න කියලාද ?? ඒක සාධාරණ ද ජිමින් ?? ඔයාට වචනවලින් ඔයාගේ මේට්ට රිදෙනකොට මගේ මේට් අරහේ දුක් විදිනවා කියලා දැනෙනකොට..ඒකත් මන් නිසා දුක් විදිනවා කියලා දැනෙනකොට මට කොහොම දැනෙනවා ඇති කියලාද හිතන්නේ ජිමින් ?? ආහ් කියනවා !!

ටේහ්‍යුන් ජිමින්ව හොලව හොලව කෑ ගහනකොට ජින් ටේහ්‍යුන්ව ඇදලා අරගෙන එයාගේ තුරුලට ගත්තේ කේන්ති ගිහින් ඉන්න ටේහ්‍යුන්ව මොනවා කරන්නත් කලින් සන්සුන් කරන්න ඕන නිසායි..

🐹 සන්සුන් වෙන්න බේයර්...ඔයා දන්නවා හොදටම අද අපිට එයාලා එක්ක හැප්පෙන්න බැහැ කියලා..හෙට වෙනකම් ඉවසන්න...අපි හෙට ජිවිත දීලා හරි කුකීව බේරගමු..

🐯 යනවා යන්න මෙතනින් !!

ටේහ්‍යුන් එයාගේ ඇගෙන් ජින්ව තල්ලු කරලා දානකොට ජින් විසික් වෙලා ගිය..නම්ජුන් අල්ල ගත්තේ නැත්තම් ඇත්තටම ජින් බිත්තියේ වැදිලා ඔලුවත් පලාගන්නවා..ඒ තරම් වේගෙකින් ටේහ්‍යුන් ජින්ව විසික් කරේ..

🐯 ආඅහ්හ්හ්හ්හ්....

නම්ජුන් ටේහ්‍යුන්ට බනින්න කට හදාගත්තාත් ටේහ්‍යුන් එකපාරටම පපුව අල්ලන් කෑ ගහගෙන පහත් වෙනකොට හැමෝම බය උනා..එයාලා දන්නවා ටේහ්‍යුන්ට රිදෙන්නේ ජන්ග්කුක්ට රිදෙනකොට කියලා...

🦄 බෙ..බෙයාර්...

🐯 ග් ර් ර් ර් ර්...

හොබි වචන ගොත ගගා ටේහ්‍යුන්ට කතා කරනකොට ටේහ්‍යුන් හිටියේ බිම දන ගහන් අත් දෙක පොලවේ තියන් හයියෙන් හුස්ම ගන්න ගමනුයි..හොබි ටේහ්‍යුන් ලගට ලන් වෙන්න හැදුවත් ටේහ්‍යුන් කවදාවත්ම නැතුව ගොරවනකොට හොබි ටිකක් පස්සට වෙලා අනිත් අයගෙ මූන බැලුවේ සැකෙන් වගේ..

Mr.min : ඉන්න !! දෙයියනේ මට කොහොමද මේක අමතක උනේ ??

මිස්ටර් මින් ටේහ්‍යුන් ලගින් හොබීව ඈත් කරන ගමන් කෑ ගහනකොට හැමෝම මින් දිහා බැලුවේ පුදුමෙන්..ඒත් එක්කම මින් මිස්ටර් කිම්ට යාන්තම් පායගෙන එන හද පෙන්නනකොට මිස්ටර් කිම් උනත් ටිකක් කලබල උනේ පුරහදත් එක්ක ටේහ්‍යුන්ගේ මොකක්ම හරි සම්බන්ධයක් ඇති කියලා දැනුන නිසායි..මොකද ජන්ග්කුක් නැති වෙලේ ඉදන් ටේහ්‍යුන් කොච්චර පාලනය කරන් හිටියත් කලුවර වැටෙන්න ගන්නකොට ටේහ්‍යුන්ගේ පාලනය ටික ටික නැති වෙනවා කියලා එයාටත් තේරුනා..නැත්තම් ටේහ්‍යුන් කවදාවත්ම ජින්ව එහෙම තල්ලු කරන්නේ නෑ..

🌱 එ..එයාට මොකද වෙන්නේ ??

ටේහ්‍යුන්ගේ අත්වලින් නියපොතු දික් වෙලා අත් ටිකෙන් ටික දික් වෙන දිහා බලන් ලීසා ඇහුවේ හුගක් බයෙන්..එයලා දැකලා තියෙනවා ටේහ්‍යුන් පරිවර්තනය වෙනවා..ඒත් මේක ටිකක් ඊට වඩා භායනක වැඩියි...ඔව් ඒක ඇත්තටම භයානකයි..ටේහ්‍යුන් ඔලුව පහත් කරන් හිටියත් එයාගේ ඇග ඇදුම් ඉරාගෙන ටික ටික ලොකු වෙනකොට නියපොතු පොලව හාරන් ඇතුලට ගිලා බහිනවා හැමෝටම පෙනුනා..

Mr.min : හැමෝම ඈත් වෙන්න..එයා වෘක රාක්ෂයෙක් වෙන්න යන්නේ !!

🌱 මොකෙක් ??

🐨 අර්ධයක් මනුස්සයෙක්..අර්ධයක් වෘකයෙක්..වැම්පයර් කෙනෙක්ගේ බලය හිමි මායා ශක්තියක් තියෙන අඩි 10ක් විතර ලොකු සතෙක්..එ..ඒත් ඒක මිත්‍යා විශ්වාසයක් නෙමෙයිද ??

Mr.kim : මිනිස් ලෝකේ වැම්පයර්ස්ලා වෘකයොත් මිත්‍යාවිශ්වාස තමයි ජූන්...ඔයා හිතනවාද මිත්‍යාවක් උනත් නිකන් හැදෙයි කියලා..මිත්‍යාවන් කියන්නේ කාලෙකට කලින් මිනිස්සු විශ්වාස කරපු දේවල්ම තමයි...

Mr.min : ඒක ඇත්ත ජූන්...හැමෝම පරිස්සම් වෙන්න..වෘක රාක්ෂයෙක් හීලෑ වෙන්නේ මේට්ට විතරයි..!!

මිස්ටර් මින් කියනකොට හැමෝම ටේහ්‍යුන්ගේ ඈත් වෙලා හැමෝම හැංගුනෙ මොනවා උනත් වෙන්නේ හොද දෙයක් නෙමෙයි කියලා තේරුන නිසායී..ඒත් එක්කම වාඩිවෙලා හිටපු ටේහ්‍යුන් ගොරවගෙන නැගිට්ටා..

ඒත් ඒ ටේහ්‍යුන් නෙමෙයි..

එතන හිටියේ කකුල් වලින් හිටන් ඉන්න අඩි 10ක් විතර ලොකු වෘක රාක්ෂයෙක්..රතු ඇස්, උල් දත් දිග නියපොතු, වෘක හිසත් එක්ක හැඩි දැඩි සිරුර ඇත්තටම භයානක පෙනුමක් ටේහ්‍යුන්ට ගෙනල්ලා තිබ්බා..

🐥 එ..එයා...ඇත්තටම බය හිතෙනවා..

🐱 ශ්ශ්ශ් ජිමින්..

යුන්ගි ඉක්මනට ජිමින්ගේ කට වැහුවේ හදිසියෙවත් ටේහ්‍යුන්ට ඇහෙයි කියන බයටයි..මොකද යූන්ගි ජන්ග්කුක්ගෙන් මායා බලය අයින් කරවන්න පොත් කියවනකොට වෘක රාක්ෂයන් ගැන පුරාවෘත කියවලා තියෙනවා..වෘක රාක්ෂයන් මේට්ට හැරෙන්න කිසිම කෙනෙක්ට හීලා නෑ..එයාගේ ඉස්සරහට එන ඕනම කෙනෙක්ව දෙපාරක් නොහිතා මරලා දන්න තරම් ශක්තියක් එයාට තියෙනවා..

Mr.min : කවුරුත් සද්ද කරන්න එපා..

මිස්ටර් මින් රහසින් කියනකොට හැමෝම හිටපු තැනම හැංගිලා සද්ද නැතුව රහසින් හිටියේ ටේහ්‍යුන් දැන් ඉන්නේ පාලනයෙන් තොරව කියලා දන්න නිසායි..

🐬 රජතුමනී...රජතුමනී...මූයොන්ග් රැජිනවත් අරගෙන මාලිගා ද්වාරයට ඇවිල්ලා..

ටේහ්‍යුන් හතර වටේට ම ඉව කර කර හිමීට ගෙරෙව්වේ එයාගේ මේට්ගේ සුවද හොයාගන්න උනත් එකපාරටම එතනට කඩාගෙන දොර ඇරගෙන ආපු බෝගම් නිසා ටේහ්‍යුන්ට කේන්ති ගියා..ඒත් එක්කම බෝගම්ගේ ඇග උඩට ටේහ්‍යුන් කඩාගෙන පැන්නාම තමයි බෝගම් ටේහ්‍යුන්ව දැක්කේ..

🐯 ග්‍ ර් ර් ර් ර් ර්...

🐬 ඈඈඈඅ......

බෝගම් කෑ ගහගෙන පස්සට යනකොට බෝගම්ගේ කෑ ගැහිල්ල නිසා වෘක රාක්ෂයට තවත් කේන්ති ගිහින් බෝගම්ව මරන්න නියපොතු උල් කරන් අත ඉස්සුවත් ඒක කරන්න හම්බුනේ නැත්තේ එයාගේ පිටට ගලක් වැදුන නිසායි..වෘක රාක්ෂයට ගල ඇගට දැනුනෙත් නැති තරම් උනත් බෝගම්ව ඇතෑරලා ගල ගහපු පැත්තට හිමීට ඇවිදගෙන ගියේ එයාට හැම කෙනාම යටත් වෙලා ඉන්න ඕන කියන හැගීමත් එක්කයි...ඒකයි වෘක රාක්ෂයෙකගේ නියමය...මේට් හැරෙන්න හැම කෙනාම ඔහුට යටත් වෙන්න ඕන..සද්ද වලට අකමැති ඔහු දිහා කිසිම කෙනෙක්ට එක එල්ලේ බලන්න බැහැ..එහෙම කරන හැම කෙනාටම අයත් වෙන්නේ මරණය..

🐥 හේ..හේ...ඔයාට රිදුනා නම් සොරි වෙන්න ඕන..

🐯 ග් ර් ර් ර් ර් ර්....

🐱 මෝඩ ජිමිනි !!

යූන්ගිගේ අතින් මිදිලා ගිහින් බෝගම්ව බේරගන්න වෘක රාක්ෂයට ගලකින් ගහලා මෝඩයෙක් වගේ හිනා වෙවී ඉන්න ජිමින් ලගට යූන්ගි ඔලුවත් වන වන ගියේ පරිවර්තනය වෙන ගමන්මයි..ඒත් යූන්ගි දන්නවා එයා ඇල්ෆා කෙනෙක් උනත් ටේහ්‍යුන් එක්ක හැප්පෙන්න බැහැ කියලා..ඒත් ජිමින් වෙනුවෙන් ඇල්ෆා ස්වරූපයෙන් ඉස්සරහට පැන්නාම කේන්ති ගිය වෘක රාක්ෂයා යූන්ගිව උස්සලා අරන් ඈතට විසික් කරේ හයියෙන් ගොරවන ගමන්මයි..

🐥🐹🐨🦄🌱🐵 යූන්ගී !!

🐥 යු..යූන්ගි හ්‍යුන්ග්

යූන්ගිව ඈතට විසික් වෙලා ගිහින් කණුවක වැදිලා වැටෙනකොට ජිමින් එහෙම්ම බිම වාඩි උනේ ඇස්වල කදුලු පුරෝගෙනමයි..ජිමින්ට එතනින් බේරෙන්න විදියක් තිබ්බේ නෑ..එයා දැක්කා යූන්ගි වැදුන පාරට සිහිය නැතුව වැටුනෙ කියලා..ඇරත් ජිමින් දැන් ඉන්නේ වෘක රාක්ෂයටයි බිත්තියටයි මැදි වෙලා..

🐥 ඔ..ඔයා මාව මරනවද මි..මිස්ටර් වැම්පී...

🐯 ග් ර් ර් ර් ර් ර් ර් ර් ර්...

වෘක රාක්ෂය ජිමින්ව එකපාරටම ඉවරයක් කරන්න හිතන් ඉස්සරහට අඩියක් තිබ්බාත් ජිමින් මිස්ටර් වැම්පී කියලා අහනකොට පුදුමෙකට වගේ එයා නැවතුනා..ඔව් වෘක රාක්ෂයව යාන්තම් ටේහ්‍යුන් පාලනය කරා..ඒත් ඒ ටික වෙලාවකට විතරයි..

🦄 ඒයි මෝඩ බෙයාර් !! මගේ මල්ලිට කරදරයක් කරන්නේ එහෙම නෑ හරිද ??

ජිමින් වෙනුවෙන් හොබි, ජැක්සන් , ජින් , නම්ජුන්, කායි, මිස්ටර් ජන්ග්, මිස්ටර් මින් සහ මිස්ටර් කිම් පරිවර්තනය වෙලා ඉස්සරහට ආවත් ඒ එන හැම කෙනෙක්වම හරිම ලේසියෙන් ටේහ්‍යුන් ඈතට විසික් කරලා දැම්මා..එයාට පොඩ්ඩක් හරි සටන් කරන්න අමාරු උනේ නම්ජුන් එක්ක විතරයි..නම්ජුන් ටෲ බ්ලඩ් කෙනෙක් නිසා අනිත් අයට වඩා ශක්තිය වැඩියි..ඒ නිසා එයාට ටිකකට ටේහ්‍යුන්ව පාලනය කරගන්න පුලුවන් උනත් නම්ජුන්ව උස්සලා ගත්ත වෘක රාක්ෂය අමාරුවෙන් වැටුන තැනින් නැගිට්ට ජින්ගේ ඇගටම විසික් කරේ දෙන්නාවම ගිහින් ආයි බිත්තියේ වැදිලා සිහිය නැති වෙලා වැටෙන්නමයි..

ඒත් එක්කම ජෙනීගේ අතේ නිදන් හිටපු බබා නැගිටලා අඩන්න ගන්නකොටම වෘක රාක්ෂයගේ අවදානය ඒ පැත්තට ගියා..ඒත් එක්කම ජෙනී දරුවාව තුරුල් කරන් පස්සෙන් පස්සට යනකොට ජිසූ, ලීසා , රෝස් , මිසිස් කිම්, මිස්ටර් ජන්ග් ඉස්සරහට ආවත් එයාලව වෘක රාක්ෂය ගානකටවත් ගත්තේ නෑ..

🌺 නෑ...බෙයාර් මන් ඔයාගේ පොඩී...හරි සිහියට එන්න...ඔ..ඕන නම් මාව මරන්න !! මගේ දරුවා දිහා ඔහොම බලන්න එපා...බෙයාර්...!!

🐯 ග්...ර්...ර්...ර්.....

Mrs.kim : අහන්න මගේ මැණික...සන්සුන් වෙන්න...ඔයාට පුලුවන් ඔයාව පාලනය කරගන්න..

මිසිස් කිම් ඉස්සරහට ගිහින් වෘක රාක්ෂයව පාලනය කරන්න හැදුවත් ඒකෙන් උනේ වෘක රාක්ෂයට කේන්ති ගිහින් මිසිස් කිම්ට ගහපු එකයි..ටේහ්‍යුන්ගේ දිග නියපොතු වලට මිසිස් කිම්ගේ අතක් කැපිලා ලේ ගලනකොට අසිහියෙන් ඉන්න ටේහ්‍යුන් ටික ටික මිසිස් කිම් ලගට ලන් වෙනකොට මිසිස් කිම් බයටම ටිකෙන් ටික පස්සට ගියා..

🐯 ග්..ර්...ර්...ර්....

වෙන්න යන්නේ හොද දෙයක් නෙමෙයි කියලා තේරුන ජිමින් ටේහ්‍යුන්ට ආයි කතා කරේ එයා ටේහ්‍යුන් අතින් මැරිලා හරි අනිත් අයව බේරන්න කියලා හිතාගෙනයි..

🐥ඒයි මිස්ටර් වැම්පී...මෙහෙට එනවා..ඇවිල්ලා මාව මරන්න..එයාලට පාඩුවේ ඉන්න දෙන්න..එයාලට මොනවා හරි උනොත් ඔයා හරි සිහියට ආවම ඔයා කවදාවත් ඔයාට සමාව දෙන එකක් නෑ ටේයා..ඒ නිසා මෙහෙට එන්න..කෝ මේ බලන්න මන් දිහා...

ජිමින් හිමින් සැරේ හිටපු තැනින් නැගිටලා ටේහ්‍යුන් ලගට ලන් වෙන ගමන් ආදරෙන් කතා කරනකොට පුදුමෙකට වගේ ටේහ්‍යුන් සන්සුන් උනා...එයාගේ ගිනි බෝල ඇස්වල රතුපාට අඩුවීගෙන යනකොට ටේහ්‍යුන් හිමීට ජිම්න් ලගට ලන් උනත් එකපාරටම ඇහුන කෑ ගැහිල්ල නිසා ටේහ්‍යුන් එහෙම්ම නතර උනා..

🐯 ග්...ර්..ර්..ර්..ර්.......

ටේහ්‍යුන් අදුර ගත්තා ඒ සද්දේ මොකක්ද කියලා..ඔව් ඒ එයාගේ මේට්...ජන්ග්කුක්ගේ වේදනාත්මක කෑ ගැහිල්ලක සද්දෙයි ටේහ්‍යුන්ට ඇහුනේ...ටේහ්‍යුන් එහෙම්ම ඇස්වල කදුලු පුරවන් ජිමින් දිහා බැලුවේ හරිම අසරණ විදියටයි..හරියට ජිමින්ට එයාව තේරුම් ගන්න කියනවා වගේ..

🐥 යන්න වැම්පී...ගිහින් කුකීව බේරගන්න..ඔයාට විතරයි ඒක පුලුවන්...ඔයාට විතරමයි මේ රාජ්‍යයයි කුකීවයි දෙන්නවම ඒ යක්ෂනීගෙන් බේරගන්න පුලුවන්..

ජිමින් හිනා වෙලා කියනකොට වෘක රාක්ෂය හැමෝම දිහා ටිකක් වෙලා බලලා ඔලුව නවලා සමාව ඉල්ලලා එහෙම්ම බැල්කනියෙන් පහලට පැන්නේ හැමෝමව කෑ ගස්සලයි..

Mrs.kim : දෙයියනේ බෙයාර් !!

මිසිස් කිම් ලේ ගලන අතත් අල්ලන් ඉක්මනට බැල්කනි එකෙන් පහල බැලුවේ ටේහ්‍යුන් ඉන්නවද බලන්න උනත් තට්ටු හතරක උස බිල්ඩින් එකෙන් පහල කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ...

Mrs.Jung : බෙයාර් ගැන බය වෙන්න එපා සේහි..එන්න ඔයාගෙන් ලේ එනවා හුගක්..අනික අපි මෙයාලට උදව් කරන්න..ගොඩක් අයට සිහිය නෑ තාම...

.

.

.

.

මේ අතරේ ජන්ග්කුක් හිටියේ යකඩ මායා දම්වැල්වලින් ගැට ගහලා මූයොන්ග් ලග හිටගෙන..මාලිගා ද්වාරය ඉස්සරහ මූයොන්ග් ජන්ග්කුක්ව ගැට ගහන් මායාවරුන් එක්ක හිටගෙන හරි ආඩම්බරෙන් හිටියේ ටේහ්‍යුන් ආවම ටේහ්‍යුන් වගේම හැමෝමව ඉවරයක් කරලා දාලා රාජ්‍යය අල්ලගන්න හිතාගෙනමයි..

🧛 කෝ ඔහෙලගේ මහ ලොකු රජතුමා...හහ්..ඌ මට බයේ හැංගිලාද ?? උබලගේ මහ ලොකු රජාට කියනවා රැජින පන පිටින් ඕන නම් යටත් වෙන්න කියලා..

මුයොන්ග් දොරටුව ලග ඉදන් කෑ ගහලා දිග කසයක් අරන් ජන්ග්කුක්ට ගැහුවේ ජන්ග්කුක් වේදනාවට ගිරිය යටින් කෑ ගස්සලයි...පුංචි සීරීමක්වත් දරාගන්න බැරි ජන්ග්කුක් මේ වෙනකොට මූයොන්ගේ කසපාරවල් වලින් හෙම්බත් වෙලා හිටියේ...ඒ මදිවට අඩි දහයක් ඇවිදින්නෙ නැති ජන්ග්කුකව මූයොන්ග් සතෙක් ගානට ගැට ගහලා පාර දිගේ ඇදගෙන ආවා..ජන්ග්කුකව කෙනෙක් දැක්කොත් ඇත්තටම ඒ ජන්ග්කුක් කියලම අදහගන්න බැරි වෙයි..ඒ තරමට මේ පැය ගානට ජන්ග්කුක් වෙනස් වෙලා..අඩලා අඩලාම මුලු මූනම ඉදිමිලා, ඇස් රතු වෙලා..අත පය නිල් වෙලා..රෝස පාට තොල් වේලිලා...ඉපදුන දවසේ ඉදන් සැපට හැදුන ජන්ග්කුක්ට මේ දේවල් දරාගන්න බැහැ..ඒත් එයාට එක හේතුවක් තියෙනවා මේ දේවල් දරාගන්න..

🐰 හ්..හ්‍යුන්ගී ම..මගේ බබාලා දෙ..දෙන්නා...

ජන්ග්කුක් මුලු වෙලාව පුරාම මැතුරුවේ ඒක...එයාට කස පාරවල් වදිනකොට බඩ පරිස්සම් කරගන්න ලොකු වෙහෙසක් දැම්මා..පුදුමෙකට වගේ ජන්ග්කුක්ගේ ඇගේ කොහෙට කස පාර වැදුනත් බඩට වැදුන කිසිම කස පාරක් රිදුනේ නෑ..අඩුම කැලලක්වත් නෑ...මායා දම්වැල් නිසා ජන්ග්කුක්ට මායා ශක්තිය පාවිච්චි කරන්න බැරි උනත් එයා එයාගේ උපරිම ශක්තිය පාවිච්චි කරලා එයාගේ දරුවෝ දෙන්නාව ආරක්ෂා කරා..ඒ නිසායි බඩට වදින කිසිම පාරක වේදනාවක් නොදැනුනේ..ජන්ග්කුක් දන්නවා මොන වේදනාව දරාගත්තාත් එයාගේ කවුපි ඇට දෙකට හිරීමක්වත් වෙන එක එයාට දරාගන්න බැහැ කියලා..මායා දම්වැල් වලට විරුද්ධව ශක්තිය පාවිච්චි කරලාම ජන්ග්කුක් දැන් හුගක් දුර්වල වෙලා තිබ්බේ...

🐰 හ්..හ්‍යුන්ගී බේබීට තවත් ඉවසන්න බැහැනේ... මොකද කරන්නේ හ්‍යුන්ගී...බේබිට හොදටම රිදෙනවා..බේබි මැරෙයිද හ්‍යුන්ගී....

🐯 ග්...ර්...ර්...ර්...ර්.....

ජන්ග්කුක් හිමීට කොදුරනකොට එයාගේ වචන ඉබේටම නතර උනේ ඈතින් ඇහුන බය හිතෙන ගෙරවිල්ලටයි...ඒත් සුවදින්ම ජන්ග්කුක් දැන ගත්තා ටේහ්‍යුන් ලගය එනවා කියලා...ජන්ග්කුක් දැක්කා ගෙරවිල්ලත් එක්ක මූයොන්ගේ මූන වෙනස් වෙනවා..

🐰 මන් කිව්වානේ මගේ හ්‍යුන්ග් එනවා...ඔහේ ඉවරයි නාකි ආච්චි...මගේ හ්‍යුන්ග් ආවම ඔයාව ඉවරයක් කරලා දායි...

🧛 කටවහගන්නවා !!

ජන්ග්කුක් කියන ඒවාට කේන්ති ගිය මූයොන්ග් එයාට ගහන්න කසේ ඉස්සුවත් ඒ කසේ ජන්ග්කුක්ට වැදුනේ නෑ..ජන්ග්කුක් උනත් කස පාරට ඇස් පියාගත්තාත් ඒක වැදුනේ නැති නිසා ඇස් ඇරලා බැලුවාම පිටිපස්සේ ඉන්න කෙනාව දැකලා ජන්ග්කුක් බය උනෙ නෑ කිව්වොත් බොරුවක්..හැබැයි ජන්ග්කුක් ඒ කවුද කියලා අදුරගත්තා..ඒ ආදරේ පිරුන ඇස් ගැන ජන්ග්කුක් දන්නවා..

🐰 හ්...හ්‍යුන්ගී...

🐯 ග්...ර්...ර්...ර්....

හෙන සද්දෙන් ගොරවපු වෘක රාක්ෂය කසය පිටින්ම මූයොන්ග්ව ඇදලා අරන් ඈතට විසික් කරලා ඉක්මනට ලන් උනේ ගැට ගහලා ඉන්න ජන්ග්කුක් ලගට..ටේහ්‍යුන් ඒ විදියට ඉන්න ගමන් එයා ලගට ආවම බය හිතුනත් ජන්ග්කුක් බය පෙන්නන්නේ නැතුව ඉන්න තීරණය කරා..

🐰 හ්..හ්‍යුන්ගී මේ ඔයාද ??

🐯 ග්..ර්..ර්....

ජන්ග්කුක් ලගට කෙදිරි ගගා ලන් උන වෘක රාක්ෂය ඉක්මනට ජන්ග්කුක්ගේ මායා දම්වැල් අත් දෙකෙන්ම කඩලා දාලා ජන්ග්කුකව එයාගේ හැඩි දැඩි සිරුරට තුරුල් කරගත්තා..අඩි හයක්වත් නැති චූටි ජන්ග්කුක් අඩි 10කට වඩා උස වෘක රාක්ෂයගේ ඇග අස්සේ හැංගෙනකොට ජන්ග්කුක්ගේ කිසිම දෙයක් පෙනුනේ නෑ...හරියට පුලුන් ගොඩක් අස්සේ හැංගුන හා පැටියෙක් වගේ..

🐰 හ්..හ්‍යුන්ගී බේබිට මහන්සී...බේබි ඇස් පියාගන්නද ?? ම..මට අ..අමාරුයිනේ...

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ තුරුලේ ඉදන්ම මුමුනලා සිහිය නැතුව වැටෙනකොට ජන්ග්කුක්ව තුරුල් කරගත්ත වෘක රාක්ෂය වේදනාත්මක ගෙරවිල්ලක් පිට කරේ ජන්ග්කුක්ට ඇස් වහගන්න එපා කියන්න වගේ...මේ අතරේ ඈතට විසික් වෙලා ගිය මූයොන්ග් ආයි නැගිටලා ආවේ වෘක රාක්ෂයව ඉවරයක් කරනවා කියලා හිතාගෙනමයි...

🧛 ඌව අල්ලගන්නවා !! ඒ ඉන්නේ ටේහ්‍යුන්...ඌත් එක්කම උගේ මේට්වත් ඉවරයක් කරලා දානවා !!

මායාවරුන්ට අන දුන්න මූයොන්ග් එයාගේ මායා යෂ්ටිය අරන් පහර දෙන්න හදනකොට වෘක රාක්ෂය සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ව එයාට තුරුල් කරගෙන මූයොන්ගට ගෙරෙව්වා..එහෙම්ම මායාවරුන්ගේ පැත්තට හැරුන වෘක රාක්ෂය ජන්ග්කුකව පරිස්සමින් එක අතකට තුරුල් කරන් ඉස්සරහට එන හැම මායාවරයෙක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව මරන ගමන් කෙලින්ම ගියේ එයාගේ පැත්තට දුවන් එන යූන්මින් දෙන්න ලගටයි.. පරිස්සමින් ජන්ග්කුකව එයාගේ තුරුලෙන් ගත්ත වෘක රාක්ෂය ජන්ග්කුකව යූන්ගිගේ අත්වලට දීලා ඇස්වලින් එයාව පරිස්සම් කරගන්න කියන්න වගේ කියලා කෙලින්ම ගියේ මූයොන්ග් ලගටයි..

🐯 ග්..ර්...ර්...ර්....ර්...

දත් විලිස්සගෙන ඉස්සරහට ආපු වෘක රාක්ෂය ආපු හැම මායාවරයෙක්ම විනාස කරන ගමන් මූයොන්ග් ලගට ඇවිල්ලා මූයොන්ග්ව ඉනෙන් අල්ලලා ඉස්සුවා..මූයොන්ග් බයටම වෙව්ලනකොට මහ හයියෙන් ගොරවපු වෘක රාක්ෂයා මූයොන්ග්ව දෙකට මැදින් කඩලා විනාස කරලා දැම්මේ මූයොන්ගේ සිරුර අලු ගොඩක් වෙලා දැවිලා යන්නමයි..ඒත් එක්කම මුලු රාජ්‍යටම ඇහෙන්න මහ සද්දෙන් ගොරවපු වෘක රාක්ෂයා ටේහ්‍යුන් බවට පරිවර්තනය වෙලා එතනම සිහිය නැතුව වැටුනා..

🐱🐥 ටේහ්‍යුන් !!

.

.

.

.

.

.

❤️❤️ Happy Birthday hobiiiiii....❤️❤️

සුට්ටක් පරක්කු උනා...සොරි හොදෙ...තව එකයි තියෙන්නේ...🥺🥺 ඊට පස්සේ ඔයාලට අප්ඩේට් පරක්කු කර කර හිත් රිද්දන්න මන් ඇත්තෙම නෑ..🙂

Sl award 2023 ceremony එකට මාව mention කරපු හැමෝටම තැන්කූ ලමයි 🥺❤️ ඇත්තටම මන් හිතුවේ නෑ මාව mention වෙයි කියලා..ඔයාල මට එච්චරටම ආදරෙයි කියලා දන්නේ අදනේ 🥺 ඒ ආදරේ වෙනුවෙන් final update එක හෙට දවස ඇතුලත අනිවාර්යයෙන්ම දෙන්නම් 🥺❤️❤️

( මේ ෆොටෝ එකට මන් මාරම ආසයි ලමයි..කුකීව කන්න හිතෙනවා මට 🥺 )

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️