Chapter 6: chapter 5

My Little Wolfie | TK || CompletedWords: 31658

ටේහ්‍යුන්ගෙයි ජන්ග්කුක්ගෙයි පවුලේ අය ඇවිල්ලා දෙන්නාවම එකම රූම් එකකට දාලා ආයි හවස් වෙලා එන්න කියලා ගියේ දෙන්නාම දැන් ඉන්නෙ හොද නින්දක කියලා ටේහ්‍යුන්ගේ තාත්‍තා ඔප්පු කරාට පස්සේ තමා..මිසිස් කිම්ව නම් ජින් එක්ක බලෙන්ම ගෙදර යැව්වේ මිස්ටර් කිම් ඒ දෙන්නා ලගින් හෙලවෙන්නේ නෑ කියන පොරොන්දුව අරගෙන...

කොහොම හරි හැමෝම ගිහින් පැය තුනකට වගේ පස්සේ ජන්ග්කුක්ට වගේම ටේහ්‍යුන්ටත් සිහිය ආවේ එකම වෙලාවේ...දෙන්නාම ඇදේ හිටපු විදියටම ඉදගෙන සිවිලිම දිහා බලගෙන කල්පනා කරේ එයාලාට එකපාරටම උනේ මොකක්ද කියලා..ජන්ග්කුක්ට නම් මේ වගේ දේවල් සාමාන්‍ය උනත් ටේහ්‍යුන්ට එහෙම නෑ...එයා මුලු ජීවිත කාලෙටම කලන්තේ දාලා තියෙන්නේ දෙපාරයි..

ඒත් දැන් ටේහ්‍යුන්ට තියෙන ප්‍රශ්නේ වෙනදට වඩා වේගෙන් එයාගේ පපුව ගැහෙන්නේ ඇයි කියන එක..තමන්ගේ පපුවට අතත් තියන් ටේහ්‍යුන් කල්පනා කර කර ඉන්නකොට ටේහ්‍යුන්ට හිතාගන්න බැරි උනේ කිසිම දුකක් නැතුව එයාගේ ඇස්වලින් කදුලු බේරෙන්න පටන් ගත්තේ ඇයි කියන එක...එහෙම්ම ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඉවරයක් නැතුව ඇස් දෙකෙන් ගලන එයාගේ කදුලු අතින් අල්ලන් පිහිදලා බැලුවේ ඇත්තටම වැටෙන්නේ කදුලුද කියන සැකෙන්..මොකද ටේහ්‍යුන් අඩන කෙනෙක් නෙමෙයි..කොච්චර රිදුනත් පොඩි කාලේ ඉදන් ටේහ්‍යුන් අඩලා නෑ...ඒත් එතකොට දැන් මේ ඇස් දෙකෙන් බේරෙන්නේ මොනවාද ??

තමන්ට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට එකපාරටම තමන්ගේ එහාපැය්හ්තේ ඇදේ ඉන්න කෙනා ඉකි ගහන සද්දෙ ඇහුනාම තමා ටේහ්‍යුන් තාම එයා ජීවතුන් අතර ඉන්නෙ කියලා තේරුම් ගත්තේ...ඒත් එහා පැත්තේ ඉන්න කෙනාව බැලුවත් එයා හිටියේ ටේහ්‍යුන්ට පිටුපාලා රෙද්දෙන් මුලු ඇගම වහගෙන..හැබැයි එයාගේ ඇග හෙල්ලෙන විදියයි සැරින් සැරේ ඇහෙන ඉකි ගහන සද්දෙයි නිසා ටේහ්‍යුන්ට තේරුනා එයා අඩනවා කියලා..

🐯 ම්...මේ.....ඔ..ඔයා අඩනවාද ??

මෙච්චර වෙලා අඩ අඩ හිටපු ජන්ග්කුක් එයාගේ ඇඩිල්ල නතර කරේ එයාට එහපැත්තේ හිටපු කෙනා එයාගෙන් එහෙම ඇහුවාමයි...ඇත්තටම ජන්ග්කුක්ට දුකයි...එයා හුගක් ආසාවෙන් අද කොලේජ් යන්න ආවේ...එයාට ඕනේ උනා හැමදාම වගේ හැංගිලා ඉන්නේ නැතුව ඉස්සරහට එන්න...ඒත් එයාට උනේ ආයි පාරක් දවස් ගානක් හොස්පිටල් එහෙක ඉන්න...ජන්ග්කුක් එයාගේ ජිවිතේට මෙච්චරටම වෛර කරන්නේ ඒ නිසාමයි..ජන්ග්කුක් මේ ලෝකෙන් වැඩිපුරම වෛර කරන තැන තමා හොස්පිටල් එක...ඒ උනාට මාසෙට සැරයක් අනිවාර්යයෙන් මෙහෙට එයාට එන්න වෙනවා...

🐯 මේ ඔයා අඩන එක නවත්තනවාද...ඔයා නිසා මටත් ඇඩෙනවා...

නිකන් බොරුවට වැටෙන කදුලු ටික පිහිද පිහිද ටේහ්‍යුන් ඒක ටිකක් සැරෙන් කිව්වේ...මොකද ටේහ්‍යුන්ට තේරුනා එයාගේ එහාපැත්තේ ඉන්නේ කවුරු උනත් එයාට එයාව දැනෙනවා කියලා..එයා අඩන නිසා තමයි එයාට ඇඩෙන්නේ කියලා..

හැබැයි ජන්ග්කුකට නම් මේ එයාගේ එහාපැත්තේ ඉන්න ගැඹුරු කටහඩක් තියෙන කෙනා කිව්ව දේ නිසා කේන්තිගියා...තමන් ඇඩුවා කියලා එයා අඩන්නේ මොකටද ?? අනික එයා ජන්ග්කුක්ගේ කවුරුත් නෙමෙයිනේ...පිස්සෙක් කියලා හිතන් බනින්න කියල ඇදේ එකපාරටම කෙලින් වෙලා එයාගේ පැත්තට හැරුනත් හැරුන විදියටම එහෙම්ම හිටියේ ඒ රූපේ නිසා..

ටේහ්‍යුන් උනත් තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනාගේ මූන දැකලා ඇසුත් ලොකු කරන් කටත් ඇරන් බලන් හිටියේ...ටේහ්‍යුන්ගේ හදවත පිනුම් ගහනවා...එයාට සතුටුයි...කියාගන්න බැරි තරම් සතුටුයි...එතනම පිනුමක් ගහලා කැරකිලා නටන්න තරම් සතුටුයි...

එතකොට ජන්ග්කුක් !! එයාට හිතුනේ මේක හීනයක් කියලා...සති ගානක් තිස්සේ කන්නාඩිය ඉස්සරහ ඉන්න ඒ කඩවසම් රූපේ දැන් තමන්ගේ ඉස්සරහ ඉන්නවා...ඒ බෝල ඇස් තවත් බෝල වෙලා...චූටි කට උල් වෙලා ඇරිලා තියෙන විදියට ටේහ්‍යුන්ට හපන්න හිතුනා..ජන්ග්කුක් තාමත් ඉන්නේ හීනයක කියලා හිතුනාත් ජන්ග්කුක්ට ඕන උනා හීනෙන් හරි එයාගේ හිත හොරකම් කරපු කෙනාව එකම එක පාරක් අල්ලන්න...ඒ වගේම එයා ආසම යටි බඩ හරියේ වී ලයින් එකට කිට්ටුව තියෙන අඩසද සලකුණ අල්ලන්න...

ජන්ග්කුක් එහෙම්ම ඇදෙන් බැහැලා කටත් ඇරන් හිමීට ටේහ්‍යුන් ලගට ගියා..ජන්ග්කුක් තමන්ගේ ලගට එන නිසා ටේහ්‍යුන් ආසාවෙන් බලාගෙන හිටියේ එයා හැමදාම හීනෙන් දකින හුරතල් හා පැටියා දැන් හැබහින්ම එයාගේ ඉස්සරහ ඉන්න නිසා..ජන්ග්කුක් හිමින් හිමින් ටේහ්‍යුන් ලගට ලන් වෙනකොට ජන්ග්කුක්ගේ හදවත හයියෙන් ගැහෙනකොට ඒක ටේහ්‍යුන්ට දැනුනා..එයාට ජන්ග්කුක්ව දැනෙනවා...ඔව් එයාට එයාගේ හා පැටියාව දැනෙනවා...

ජන්ග්කුක් හිමීට ටේහ්‍යුන් ලගට ඇවිල්ලා මුලින්ම අත් තිබ්බේ ටේහ්‍යුන්ගේ ඝනට වැවිලා තියෙන ඇහිබම වලට..ජන්ග්කුක්ගේ පුංචි අත් තමන්ගේ ඇස් ලග නතර වෙනකොට ටේහ්‍යුන් ඇස් පරිස්සමින් වහලා එයාගේ පුංචි හා පැටියාට එයාගේ වැඩේ කරගන්න ඉඩ දුන්නා..

ජන්ග්කුක් එයගේ චූටි අත් වලින් ඇහිබම අතගාලා හිමීට අත අරන් ආවේ ටේහ්‍යුන් ගැඹුරු කොටියෙක්ගේ වගේ තියුණු ඇස්වලට...හරි පරිස්සනට ටේහ්‍යුන්ගේ ඇස් අතගෑව ජන්ග්කුක් එහෙම්ම අරන් ගියේ ටේහ්‍යුන්ගේ නහයට...නහය අල්ලනකොට දැනුන කිචිය නිසා ටේහ්‍යුන් ඇස් ඇරියත් ජන්ග්කුක් තමන්ගේ නහය උඩ තියෙන පුංචි ලපේ අල්ලගෙන හුරතල් හිනාවක් දානවා දැක්කාම ටේහ්‍යුන්ට ජන්ග්කුකව කන්න හිතුනා..

ටිකක් වෙලා ටේහ්‍යුන්ගේ නහයෙන් අත අරන් ගිහින් එහෙම්ම තොල්වල නතර වෙනකොට ටේහ්‍යුන්ගේ මුලු ඇග දිගේම කරන්ට් එකක් යනවා වගේ දැනුනේ..ටේහ්‍යුන් එයාව මෙහෙම පිට කෙනෙක්ට අල්ලන්න දෙන්නෙ නෑ...ඒත් මේ එයව අල්ලන්නේ එයාගේ හීන වල ඉන්න හා පැටියානේ...එයාගේ ?? හ්ම්ම් ඔව්...කිම් ටේහ්‍යුන්ගේ හා පැටියා....

🐰 ලස්සනයි...හීනවල ඉන්න ඔයා හුගක් ලස්සනයි..

ජන්ග්කුක් ඒක හිමීට කෙදිරුවත් හොද සංවේදනයක් තියෙන ටේහ්‍යුන්ට නම් ඒක ඇහුනා..එතකොට තමා එයාට තේරුනේ එයා වගේම ජන්ග්කුකත් එයාව හීනෙන් දැකලා කියලා..

🐯 ඔයත් ලස්සනයි...හීනවල ඉන්නවට වඩා ලස්සනයි...

ටේහ්‍යුන් එහෙම කිව්වම තමා ජන්ග්කුක් පියවි සිහියට ආවේ...අන්න එවෙලේ තමා ජන්ග්කුක්ට තේරුනේ එයා ඉන්නේ හීනෙක නෙමෙයි කියලා...මොකද එයාගේ හීන වල ඉන්න කොටියා කතා කරනවා එයාට ඇහෙන්නේ නෑනේ...ඒක මතක් උන ගමන් ටේහ්‍යුන්ගේ තොල් අතර තිබ්බ තමන්ගේ අත ඇදලා ගත්ත ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන් ලගින් පස්සට යන්න ගියත් ටේහ්‍යුන් එකපාරටම ජන්ග්කුක්ගේ පුංචි ඉන වටේට අත දාල එයාව තමන්ගේ ලගට අරගත්තා..

🐯 කොහෙද දැන් මේ මගේ හා පැටියා දුවන්න හදන්නේ ම්ම්...

ජන්ග්කුක්ගේ රතුවෙලා තියෙන පුංචි කම්මුලක් අල්ලන් ටේහ්‍යුන්ගේ දිග ඇගිලි වලින් ජන්ග්කුක්ගේ කම්මුල අතගානකොට ජන්ග්කුක්ගේ මුලු මූනම රතු වෙලා තිබ්බේ...ඒ දැනෙන සනීපෙට ජන්ග්කුක්ගේ ඇස් වැහුනේ ඉබේටමයි...

🐯 ඔයාගෙ නම මොකක්ද හා පැටියෝ...

🐰 ජ..ජ..ජන්ග්කුක්

🐯 ඔයා හුගක් හුරතල්නේ...අනේ මට ඔයාව කන්න හිතෙනවා..

ජන්ග්කුක්ගේ කම්මුලක් මිරිකන් එහෙම කියනකොට ජන්ග්කුක් ඇස් ලොකු කරලා බෝල කරලා බෙල්ලත් ඇල කරලා ටේහ්‍යුන් දිහා බැලුවේ ඇත්තටම ටේහ්‍යුන් එයාව කයිද කියන සැකෙන්..මොකද ඒ තරම් පෙරේත බැල්මක් ටේහ්‍යුන්ට තිබ්බේ...

🐯 අනෙ...ඔහොම බලන්න එපා...ඇත්‍තමයි ඉවසීමේ සීමාව පැන්නොත් මන් ඔයාව කනවා..

🐰 ඔ..ඔයා ඇත්තටම මාව කනවාද ??

ජන්ග්කුක් තවත් ඇස් බෝල කරන් අහනකොට ටේහ්‍යුන් හරි අමාරුවෙන් එයාව පාලනේ කරන් හිටියේ...

🐯 මට පුළුවන් නම් ඇත්තටම මන් ඔයාව කනවා...ඔයා ඒ තරම්ම හුරතල්නේ...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කම්මුලක් මිරිකන ගමන් එහෙම කියනකොට ජන්ග්කුක් හුරතලේට හිනාඋනා..ඇත්තටම ජන්ග්කුක් කියලා නිම කරන්න බැරි තරම් හුරතල්...

🐰 හ්‍යුන්ගිගේ නම මොකක්ද ??

🐯 ඕහ්...මගේ නම ටේහ්‍යුන්...කිම් ටේහ්‍යුන්..

ටේහ්‍යුන් ජන්ග්කුකව උස්සලා අරන් එයාගේ ඔඩොක්කුවෙන් තියාගෙන ජන්ග්කුක්ගේ කම්මුලක් හපලා නම කිව්වාම ජන්ග්කුක් තව තවත් රතු උනා..

🐰 මන් ඔයාට ටේටේ කියන්නද ??

🐯 ඔයාට කැමති නමක් කියන්න පැටියෝ...මන් ඔයාව අවුරුදු 2ක් තිස්සේ හොයන්නේ...කොහෙද අප්පේ මෙච්චර දවස් හැංගිලා හිටියේ...

තමන්ගේ ඔඩොක්කුවේ ඉදන් ඇගිලි එක්ක සෙල්ලම් කර කර ඉන්න ජන්ග්කුක්ගෙන් ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක් ඇස් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බැලුවා..

අවුරුදු 2ක්...ඇත්තටම ඒක ලොකු කාලයක්...

🐰 ටේටේ හ්‍යුන්ග් මාව අවුරුදු 2ක් හීනෙන් දැක්කාද ??

🐯 දේ...මේ පුංචි හා පැටියා කන්නාඩිය ඉස්සරහ ඉදන් දගලනකොට මන් හුගක් දවස්වලට හීනෙන් දැක්කා..

ජන්ග්කුක්ට ඇත්තටම ලැජ්ජ හිතුනා ඒකට..ඒ නිසා එයා කරේ හුරතලේට ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන ගහන් හැංගුන එක...ටේහ්‍යුන් හරි පරිස්සමින් ජන්ග්කුක්ගේ ඔලුව අතගෑවා..

🐯 කූ...ඔයා කොච්චර කාලයක් මාව හීනෙන් දැක්කාද ??

🐰 පරිවර්තනය උන...

ඉතුරු ටික කියන්න ඉස්සෙල්ලා ජන්ග්කුක් එයාගේ අත් දෙකෙන් එයගේ කට තද කරලා වහ ගත්තා..තව ඩින්ගෙන් එයාගේ කටින් පිට වෙනවා එයා කවුද කියලා..හැබැයි ජන්ග්කුක් එහෙම හිතුවාට ටේහ්‍යුන්ට ඒක ඇහුනා...

🐯 පරිවර්තනය !! ඔයා කවුද බනි ?? මනුස්සයෙක් නෙමෙයිද ??

ටේහ්‍යුන්ගේ පපුව අස්සේ මූන හන්ගන් ඉන්න ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් අහනකොට ජන්ග්කුක් මුලින්ම නෑ කියලා ඔලුව වනලා ආයි ඔව් කියලා ඔලුව වැනුවා..ටේහ්‍යුන්ගේ ජන්ග්කුක්ගේ මේ හුරතල් වැඩ වලට හිනා යනවාත් එක්ක...ඇත්තටම ටේහ්‍යුන් ජන්ග්කුක්ව හපලා කන්නේ නැතුව ඉන්නේ බොහොම අමාරුවෙන්...

🐯 මේ අහන්න බනී...ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න...මොකද මාත් මනුස්සයෙක් නෙමෙයි...

ටේහ්‍යුන් එහෙම කිව්ව ගමන් ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ පපුව අස්සෙන් ඔලුව අරන් ටේහ්‍යුන්ගේ මූනට එබුනා...මොකද එයා මෙච්චර වෙලා ඕක ගැන කල්පනා කර කර හිටියේ...ටේහ්‍යුන්ගේ හදවතේ ගැස්ම මනුස්සයෙක්ගේ වගේ නෙමෙයි..ඒත් වෘකයෙක්ගේ වගෙත් නෙමෙයි...එතකොට ටේහ්‍යුන් කවුද ??

🐰 ඔ..ඔයා කවුද ??

🐯 මුලින්ම බනි කවුද කිව්වොත් මන් කියන්නම් මන් කවුද කියලා...

ටේහ්‍යුන් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම ජන්ග්කුක්ගේ බෝල ඇස් නිල් පාටට දිලිසුනා..

🐯 වාහ්...ඔයා ඔමෙගා කෙනෙක්ද ??

ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක් එක දිගට එයාගේ ඔලුව වනාගෙන වනාගෙන ගියා..ටිකක් වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියාම ටේහ්‍යුනුත් ජන්ග්කුක් ඉස්සරහ බාගෙට පරිවර්තනය උනා..ටේහ්‍යුන් රතුපාට ඇස්, උල් දතුයි දැක්කාම ජන්ග්කුක් නිල් ඇස් ඒ රතු ඇස් දිහා වශීවෙලා වගේ බලාගෙන හිටියේ...හරිනම් වැම්පයර් කෙනෙක්ට වෘකයෙක් බය වෙන්න ඕන...ඒත් ජන්ග්කුක් නම් ටේහ්‍යුන්ගේ තුරුලේ ටේහ්‍යුන්ගේ ඇස්වලට වශී වෙලා හිටියේ...ටේහ්‍යුන්ගේ කියලා වෙනසක් නෑ..එයාත් ජන්ග්කුක්ගේ නිල් ඇස් වල ගිලිලා හිටියේ..

ටේහ්‍යුන්ගේ ඇස් දිහා වශීවෙලා වගේ බලන් හිටපු ජන්ග්කුක්ගේ පිටිපස්සෙන් සුදුම සුදුපාට බූල් නැට්ටක් ඇවිල්ලා ටේහ්‍යුන්ගේ අතක පැටලුනා. කන් දෙකත් වෘකයෙක්ගේ වගේ වෙනස් උනත් බාගෙට පරිවර්තනය වෙලා ඉන්න ජන්ග්කුක් ඇත්තටම හුග්ක් හුරතල්..

🐯 ඔමෝ...ඔයා හුගක් හුරතල් බනි...ඒ වගේම සුවදයි...ස්ට්‍රෝබෙරි සුවදයි...

🐰 හ්‍යුන්ගී ලැවෙන්ඩ්‍රා සුවදයි...

ටේහ්‍යුන්ගේ ඇස්දිහා බලාගෙනම කියනකොට ඒ දෙන්නා එවෙලේ තේරුම් ගත්ත පලවෙනි දේ තමයි එයාලා මේට්ලා කියන එක...

🐯🐰 මේට් !!

දෙන්නාගෙම කටින් එහෙම පිට උනාම දෙන්නාටම ආයි හිනා ගියා..බෙහෙත් වලින් සුවද කොච්චර හැංගුවත් දෙන්නාම බාගෙට පරිවර්තනය වෙලා හිටිය නිසා ලාවට ඒ සුවද දැනුනා..

🐰 හ්‍යුන්ගී...මට අරක බලන්න පුළුවන් ද ??

මෙච්චර වෙලා ජන්ග්කුක්ට බලන්න ඕන වෙලා තිබ්බ එක ගැන මූන රතු කරන් බිම බලාගෙන කියනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ නිකටින් අල්ලලා ඒ මූන උඩට ඉස්සුවා...

🐯 කෝකද මැණික

🐰 මේක

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඉන ලග තියෙන සලකුණ පෙන්නුවත් ටේහ්‍යුන් නම් දැක්කේ ජන්ග්කුක්ගේ ඇගිල්ල ගිහින් තියෙන්නෙ තමන්ගේ යටිකය දෙසට කියලායි...දැක්ක පලවෙනි දවසේම ජන්ග්කුක් තමන්ගෙන් මේ වගේ දෙයක් බලන්න ඕන කියපු එකට ටේහ්‍යුන් පුදුම වෙලා හිටියේ...ඒත් ඉතින් මේ එයාගේ මේට්නේ...ඉතින් මේට්ට ඕන දෙයක් බලන්න පුළුවන්නේ..

🐯 බනි ඇත්තටම ඔයාට මෙතන මේ දැන්ම ඒක බලන්න ඕන ද ??

ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක් ඇස්වල කදුලු පුරවන් ඔව් කියාලා ඔලුව වැනුවා..ජන්ග්කුක් හිතුවේ ටේහ්‍යුන් සලකුණ පෙන්නන බෑ කියයි කියලා..ඒත් ඉතින් ජන්ග්කුක්ගේ බෝල ඇස් දිහා බලාගෙන ටේහ්‍යුන් කොහොමද බෑ කියන්නේ...එයා දැන් ඉන්නේ ජන්ග්කුක් වෙනුවෙන් ඇදුමම උනත් ගලවන්න පුළුවන් විදියට...

🐯 අඩන්න එපා ඉතින්..මන් බෑ කිව්වේ නෑනේ...බනී කැමති දෙයක් බලන්න...මේ ඇග ඔයාගේනේ...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කදුලු පිහිදන ගමන් කියනකොට ජන්ග්කුක් ඉක්මනට ඇඩිල්ල නතර කරලා හරි ලස්සනට හිනා උනා...ඊට පස්සේ හිමීට ටේහ්‍යුන්ගේ ශර්ට් එකට අත ගෙනියපු ජන්ග්කුක් මූනත් රතු කරන් තොල් හපන් ශර්ට් එක ගලවන්න පටන් ගත්තා..

ජන්ග්කුක් බලන්න ඕන කිව්ව එක බලන්න ශර්ට් එක ගලවන්න ඕන නෑනේ කියලා හිතුනාත් ඕන දෙයක් වෙච්චි දෙන් කියලා ටේහ්‍යුන් බලන් හිටියා..ජන්ග්කුක් තොලත් හපන් ශ්ර්ට් එක ගලවනකොට ජන්ග්කුක් පුලුන් වලිගේ එක දිගට දෙපැත්තට වැනෙන්නේ සතුට පල කරන්න වගේ..ලොකු වැඩක් කරනවා වගේ අන්‍තිම බොත්තමටම ශර්ට් එක ගලවලා ටේහ්‍යුන්ගේ ඇගෙන්ම ජන්ග්කුක් ශර්ට් එක ගලවලාම දැම්මා...ඊට පස්සේ ටේහ්‍යුන්ගේ කකුල් අතර පහත් උන ජන්ග්කුක් අත් කෙලින්ම ගියේ කලිසමට..

ටේහ්‍යුන් නම් ජන්ග්කුක්ගේ වැඩ නිස දැනටමත් සෙමි හාර්ඩ් වෙලා ඉන්නේ..තමන්ව පාලනය කරගන්න ගමන් ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන් දැක්කේ ජන්ග්කුක්ගේ පුංචි අත් එයාගෙ කලිසමේ තියෙනවා...එතකොට මෙච්චර වෙලා වැනි වැනි තිබ්බ වලිගේ ටේහ්‍යුන්ගේ කකුලක එතිලා..ජන්ග්කුක් කලිසම පහත් කරන්න හදනකොටම ටේහ්‍යුන් ඇස්වහගත්තාත් සම්පූර්ණයෙන් ම පහත් නොකර ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඉන හරිය අල්ලනවා කියලා දැනෙනකොට ටේහ්‍යුන් ආයිත් ඇස් ඇරල බැලුවා..

🐰 ඒක ලස්සනයි...

තමන්ගේ ඉනේ තියෙන සලකුණ අතගාන ගමන් ජන්ග්කුක් හින වෙනකොට තමා ටේහ්‍යුන්ට තේරුනේ ජන්ග්කුක් මෙච්චර වෙලා බලන්න ඕන කිව්වේ තමන් හිතපු එක නෙමෙයි කියලා..ජන්ග්කුක් කොච්චර අහින්සකද කියලා ටේහ්‍යුන්ට හිතුනා..

🐯 කූ ඒකට ආසද ??

🐰 දේ...ඒක ශෝයි...මගෙත් එකක් තියෙනවා..

🐯 චින්චා...

ටේහ්‍යුන් හිනා වෙලා එහෙම කිව්වාත් ජන්ග්කුක් ඊලගට කරපු දේ නිසා ටේහ්‍යුන්ගේ ඇගම හිරිවැටිලා ගියා...ජන්ග්කුක් එයාගේ පුංචි ඇගිලි සලකුණ වටේ අරන් යනකොට ටේහ්‍යුන්ට දැනුනේ එයාගේ යටි බඩ පෙරලෙනවා වගෙ...මුලු ඇගම හිරිවැටිලා වගෙ යනකොට ටේහ්‍යුන් එයාගේ කටින් පිටවෙන කෙදිරිල්ල නැති කරගන්න බෙඩ්ශීට් තදින් අල්ලගෙන ඔලුව පස්සට කරන් තොල් දත් අතරට තද කරන් ඇස් වහගෙන හිටියා..ඒත් ටේහ්‍යුන්ගේ වගෙම ජන්ග්කුක්ගත් අවධානය බිදුනේ කිහිප දෙනෙක්ගේ කටහඩවල් ඇහුන නිසායි..

🌱 ඕහ්..මයි පුවර් ආයිස්ස්ස්ස්.....

Mrs. & Mr.kim 🌺🌹: බෙයාර් !!

🐱❤️ කුකී !!

🐹 what the fu*k !!

🐵 එහෙම එකක් තමා..අපි වැරදි වෙලේකද ආවේ ??

🐥 හොබි හ්‍යුන්ග්...අත අයින් කරන්නකෝ...මුකුත් පේන්නේ නෑ...කෝ මොකක්ද වෙන්නේ ??

කිම් ෆැමිලි එකයි මින් ෆැමිලි එකයි ජන්ග් ෆැමිලි එකයි ඔක්කොම එකටම ආයි ටේහ්‍යුන්වයි ජන්ග්කුකවයි බලන්න ආවේ මේ වෙනකොට එයාල දෙන්නා නැගිටලා ඉන්න ඕන නිසායි...ඒත් දොර ඇරන් ඇතුලට ආපු කට්ටිය දැක්කේ ටේහ්‍යුන්ගේ කකුල් දෙක මැද්ද මූන ඔබන් ඉන්න ජන්ග්කුක්වයි දාඩිය දාගෙන තොල හපන් ඇස්වහන් ඔලුව පස්සට කරන් ඉන්න ටේහ්‍යුන්වයි...ඉතින් පිටින් දකින ඕනම කෙනෙක්ට මේක පේන්නේ දෙන්නා ලොකු වැඩක ඉන්නවා වගේ තමයි...

.

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️