Chapter 7 of 42

chapter 6

My Little Wolfie | TK || Completed1,636 words~9 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🐹 මෙතන මොකක්ද ඇත්තටම වෙන්නේ ??

ජින් ටිකක් සද්දෙන් ඇහුවාම තමා මෙච්චර වෙලා ටේහ්‍යුන්ගේ සලකුණ දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් හරි සිහියට ආවේ...ඒත් එයාගේ පිටිපස්සෙන් නාදුනන කටහඩක් එක්ක හුගක් අයගේ ඉව දැනුන නිසා ජන්ග්කුක් ගොඩක් බය උනා..එයා බයයි හුගක් අයගේ අවධානේ එයාට එනවට...එහෙම්ම හිමින් සැරේ පිටිපස්ස හැරිලා බැලුව ජන්ග්කුක් දැක්කේ 11 දෙනෙක්ගේ ඇස් 22ක් එයාගේ පැත්තට හැරිලා තියෙනවා..

ජන්ග්කුක් එහෙම්ම ටේහ්‍යුන්ගේ ඇගට පැනලා ටේහ්‍යුන්ගේ නිරුවත් පපුව අස්සේ මුන හංගගෙන එ පුංචි අත්වලින් ටේහ්‍යුන්ව තද කරලා බදාගත්තා..ජන්ග්කුක්ගේ සුදුපාට බූල් වලිගේ ටේහ්‍යුන්ගේ අතක් වටේ තදින් එතෙනකොට හැමෝගෙම ඇස් පුදුමෙන් ලොකු වෙලා තිබ්බේ..

ටේහ්‍යුන් ඒක දැක්ක නිසා එයාගේ තුරුලේ හැංගිලා ඉන්න පුංචි ජන්ග්කුක්ව තව ටිකක් තද කරලා බදාගත්තා..එයාට දැනුනා ජන්ග්කුක් බය වෙලා ඉන්නේ කියලා..ඒ නිසාම ටේහ්‍යුන් පරිස්සමින් ජන්ග්කුක්ගේ ඔලුව අතගෑවා..ටේහ්‍යුන් පවා හිටියේ එයාගේ ෆැමිලි එකේ අයටයි ජින්ගේ යාලුවන්ටයි දැන් මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව...මොකද ඉතින් ටේහ්‍යුන් දන්නේ නෑනේ එයාගේ හා පැටියාගේ හ්‍යුන්ග් යූන්ගි කියලා..

🦄 යු..යුගී එයා !!

🐱 කුකී...මැණික බය වෙන්න එපා...මේ හ්‍යුන්ගී ඉන්නවා...

හොබි යුන්ගිගෙන් අහන්න යන්නේ මොනවාද කියලා යූන්ගිට තේරුනත් යූන්ගි ඒක ඇහුනේ නෑ වගේ ඉක්මනට ජන්ග්කුක් ලගට ගියේ ජන්ග්කුක් දැන් ඉන්නේ බය වෙලා කියලා දන්න නිසායි..ඒත් නොහිතපු විදිහට ජන්ග්කුක් යූන්ගිගේ ස්පර්ශෙටත් බය වෙලා ටේහ්‍යුන්ව තව තද කරලා බදාගන්නකොට ටේහ්‍යුන්ගේ ඇස් එකපාරටම රතුපාට උනා..එයාට හිතුනේ එයගේ මේට්ට කරදරයක් කියලායි..

🐱 කුකී බය වෙන්න එපා...මන් යූන්ගි හ්‍යුන්ග් !!

යූන්ගි එහෙම කියලා ජන්ග්කුක්ව අල්ලන්න හැදුවත් ඊට කලින් ඉස්සර උන ටේහ්‍යුන් යූන්ගිගේ අත තද කරලා අල්ලගත්තා...යූන්ගි එතකොටයි දැක්කේ ටේහ්‍යුන්ගේ ඇස් රතු වෙලා දැනටමත් කටින් උල් දත් මතුවෙලා තියෙනවා..ටේහ්‍යුන්ගේ ටෑන් කලර් මූන සුදුමැලි වෙලා නහරවල් පවා පේනවා..ටේහ්‍යුන් එක අතකින් එයාගේ තුරුලේ ගුලි වෙලා ඉන්න ජන්ග්කුක්ව අල්ලගෙන අනිත් අතේන් යූන්ගිව අල්ලන් හිටියේ...ඒ අතේ නහරවල් පෑදිලා නියපොතු දික් වෙලා උල් වෙලා තිබ්බේ....යූන්ගි ඇල්ෆා කෙනෙක් උනත් භාගෙට පරිවර්තනය වෙලා ඉන්න ටේහ්‍යුන්ව දැක්කාම ටිකක් ගැස්සුනා..ටේහ්‍යුන්ගේ පෙනුම ඒ තරම් භායානකයි..

🐥 යූන්ගි හ්‍යුන්ග් පස්සට වෙන්න..

එකපාරටම ලගට දුවගෙන ආව ජිමින් ටේහ්‍යුන්ගේ අතින් යූන්ගිව ගලවගෙන ලගට ගත්තා..ටේහ්‍යුන් නොදන්නවා උනාට ටේහ්‍යුන් කියන්නේ සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙමෙයි කියලා ජිමින් දන්නවා..ටේහ්‍යුන්ගේ ශක්තියට ඇල්ෆා කෙනෙක්ගේ ශක්තිය දැනෙන්නෙවත් නෑ..මොකක් හරි හේතුවකට ජිමින්ට බය හිතුනා ටේහ්‍යුන් අතින් යුන්ගිට කරදරයක් වෙයි කියලා..

මේ ජිමින් හිතන විදියට ඒක මේ ටේහ්‍යුන් අතින් යූන්ගිට කරදරයක් වෙයි කියලා නෙමෙයි මේ මේ යූන්ගි අතින් ටේහ්‍යුන්ට කරදරයක් වෙයි කියලා...ඔව් ඔව්..එහෙම තමා එයා හිතුවේ...

Mr.Kim : බෙයාර් කලබල කරන්න එපා...එයාට අපෙන් කරදරයක් නෑ..

මිස්ටර් කිම් එහෙම කිව්වාත් ටේහ්‍යුන්ගේ රතු ඇස් කේන්තියෙන් මිස්ටර් කිම් දිහා බැලුවාම එයත් අඩියක් පස්සට තිබ්බා..මොකද ටේහ්‍යුන් දැන් ඉන්නේ පාලනයකින් තොරවයි කියලා එයාලට තේරුනා...

Mr.Kim : සේහි එයා ලගට යන්න..ඔයාට විතරයි එයාව පාලනය කරන්න පුළුවන්..මන් හිතන්නේ ඒ ඉන්නේ එයාගේ මේට්...

All : මෝ ?? මේට් ??

Mr.kim : දේ...ඒ ඉන්නේ බෙයාර්ගේ මේට්...එයා හිතන්නේ එයාගේ මේට්ට අපෙන් කරදරයක් වෙයි කියලායි...ඒකයි අපි කාටවත් එයා ලගට ලන් වෙන්න දෙන්නේ නැත්තේ...සේහි යන්න එයා ලගට..ඔයාට පුළුවන් වෙයි එයාව පාලනය කරන්න..

Mrs.kim : මන් නෙමෙයි..මගේ ශක්තියට වඩා බෙයාර්ගේ ශක්තිය වැඩියි..ජිසු...ඔයා යන්න..ඔයාට විතරයි මේට්ට හැරෙන්න බෙයාර්ව පාලනය කරන්න පුළුවන්...

මිසිස් කිම් එහෙම කිව්වාම හැමෝම මේ දිහා බලන් හිටියේ කටත් ඇරගෙන..හැමෝටම හිතාගන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා...ඒත් ඒ හිත් ඔක්කොම බයෙන් තියෙන්නේ...මොකද එයාලා අවුරුදු ගානක් ආරක්ෂා කරපු රහස එයාලට හෙලි කරන්න වෙනවා දැන්...වෙන කරන්න දෙයක් නෑ..

🌹 බෙයාර්...මන් දිහා බලන්න...ඔයාගේ මේට්ට අපි කාගෙන්වත් කිසිම කරදරයක් නෑ...ඒ නිසා බය වෙන්න එපා..

ජිසූ හිමීට ටේහ්‍යුන්ගේ අතින් අල්ලන්න හදනගමන් කියනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්වත් තුරුල් කරන් ඇදෙ පස්සට ගියා..

🌹 බෙයාර් බය වෙන්න එපා...මන් ඔයාගේ නූනා..මේ බලන්න..මන් ඔයාගේ හා පැටියාට මුකුත් කරන්නේ නෑ...මෙතන ඉන්න ඔක්කොම ඔයාගේ පවුලේ අය බෙයාර්...කලබල වෙන්න එපා...ඔයා දන්නවා අපෙන් ඔයාලට කරදරයක් නෑ කියලා..

ජිසූ එහෙම කිව්වාම ටේහ්‍යුන් එකපාරටම හැරුනේ යූන්ගියි රෝසුයි දිහාවට...ඒ ක්ෂණිකයෙන් ජිමින් යූන්ගි ඉස්සරහටත් ජෙනි රෝස් ඉස්සරහටත් ඇවිල්ලා කවර් කරගත්තේ ටේහ්‍යුන්ගෙන් එයාලට කරදරයක් වෙයි කියන බයටමයි...එයාල දන්නව ටේහ්‍යුන් කොච්චර පාලනයෙන් පිට පැන්නාත් එයාගේ පවුලේ අයට කරදරයක් කරන්නෙ නෑ කියලා..

🌹 බෙයාර්...ඒ ඉන්නේ ඔයාගේ මේට්ගේ පවුලේ අය...කුකී කියන්නේ යූන්ගිගෙයි රෝස්ගෙයි මල්ලි..ඉතින් එයාලගෙන් ඔයාගේ මේට්ට කරදරයක් වෙන්නේ නෑ...බලන්න කුකි දැන් ඉන්නේ හොදින්..ඔයා තමයි බය වෙලා ඉන්නේ..කුකී බබා..එයාව පාලනය කරන්න බලන්න...අපෙන් ඔයාට කරදරයක් නෑ..

ටේහ්‍යුන්ට කියලා තේරුමක් නැති නිසා ජිසූ ටේහ්‍යුන්ගේ අත අස්සෙන් හොරෙන් එයා දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක්ට හිනාවක් දාලා කියලා පස්සට ගියා..ජන්ග්කුක්ට තේරුනා ටේහ්‍යුන් ඉන්නෙ බය වෙලා කියලා...ඒ නිසා එයා එහෙම්ම ඉදගෙනම ටේහ්‍යුන්ගේ පිට අතගෑවා...

🐰 හ්‍යුන්ගී මන් හොදින්...ඔහොම ඉන්නකොට මට බයයි...

ජන්ග්කුක්ගේ කටින් එහෙම පිටවෙනවත් එක්කම ටේහ්‍යුන් සාමාන්‍ය තත්වෙට ආවේ...ඒ ගමන්ම තමන්ගේ තුරුලේ හිටපු ජන්ග්කුක්ගේ මූන උඩට කරලා අත් දෙකෙන් මූන අල්ලගත්තා..

🐯 කූ...බය උනාද ඔයා..මට සමාවෙන්න..ඔයාව බය කරන්න ඕන උනේ නෑ මට...මියානේ...

ටේහ්‍යුන් ජන්ග්කුක්ව එයාට තුරුල් කරන් කියනකොට ජන්ග්කුක්ගේ සතුටට වැනෙන නැට්ට දැක්කාම ටේහ්‍යුන්ට වගේම අනිත් හැමෝටමත් ජන්ග්කුක් ගැන ඇති උනේ ලොකු ආදරයක්..

Mr.kim : බෙයාර් හොදින් නේද ??

🐯 දේ ඩැඩා...මියානේ...

Mr.kim : ඉට්ස් ඕකේ පුතා...මන් හිතන්නේ මේ ඉන්නේ අපේ බෑනා..

ඇල්ෆා දේහ්‍යුන් හිනාවේවී ජන්ග්කුක්ව පෙන්නන ගමන් අහනකොට ටේහ්‍යුන් වගේම ජන්ග්කුකත් ලැජ්ජාවෙන් රතුවෙලා ගියා..ජන්ග්කුක්ගේ රතු උන මූන දැක්කාම යූන්ගිට වගේම රෝස්ටත් මතු උනේ තමන්ගේ පුංචි මල්ලි ගැන ඇති උනේ ආඩම්බරය පිරුණු ආදරණීය හිනාවක්..

🐵 හරි...ඔයා මාමායි බෑනයි පස්සේ ලව් කරගන්න..මට මුලින්ම මේක කියන්න..ඔයාලා කවුද ?? බෙයාර් ඔයා වැම්පයර් කෙනෙක්ද ?? එතකොට කුකි ඔයා වෘකයෙක්ද ??

ජැක්සන් ටේහ්‍යුන්ගෙන් අහනකොට ටේහ්‍යුන් වගේම ජන්ග්කුකත් ඔව් කියලා ඔලුව වැනුවා..

🐵 එතකොට යූන්ගි, රෝස් ඔයලාත් වෘකයෙකයොද ??

තවත් හන්ගලා තේරුමක් නැති නිසා යූන්ගි වගේම රෝසුත් ඔව් කියලා එකටම ඔලුව වැනුවා..

🐵 එතකොට ඔයාලා ?? ඔයාලා වැම්පයර්ස්ලා ද ??

ජැක්සන් අනිත් අයගෙන් එහෙම අහනකොට බාගයක් ඔව් කියලත් භාගයක් නෑ කියලත් ඔලුව වැනුවේ හොදට තිබ්බ ජැක්සන්ගේ මොලේ කර කරලායි..

🐵 එතකොට ඔයාලා එකම පවුලේ නෙමෙයිද??

ජැක්සන් එහෙම ඇහුවාම කිම් ෆැමිලි එකේ ඔක්කොම එහෙම නෙමෙයි කියන්න නෑ කියලා ඔලුව වැනුවා..

🐵 අයිගෝ මගේ ඔලුව...මොනවද අප්පා ඔයාලා කියන්නේ..මේක නිකන් ඔව් නෑ බෑ තරගක් වගේනේ..

🦄 අයිගෝ ජැකී පන...ඔයාගේ ඔය තියෙන පුංචි මොලේ මේවා ගැන හිතන්න විසදන්න එපා..එයාල එකම පවුලේ අය තමයි...හැබැයි භාගයක් අය වැම්පයර්ස්ලා ඉතුරු ටික වෘකයෝ...

🐱🐵❤️ මෝ ??

🐱 එහෙම වෙන්නේ කොහොමද ??

🐹 මොකද බැරි...මේ වෙලා තියෙන්නේ...මායි ඩැඩායි ඇල්ෆලා...ජෙනියි, ඩෝලි බෙටාලා..

එතකොට ඔම්මායි ජිසූයි බෙයාර්යි වැම්පයර්ස්ලා..

❤️ ඒත් එහෙම වෙන්නෙ කොහොමද ??

Mrs.kim : එහෙම වෙන්න පුළුවන් ලමයි...මන් වෘකයෙක් උනාට මගේ මේට් වැම්පයර් කෙනෙක්..ඉතින් අපේ ලමයි භාගයක් අර්ධ වෘකයෝ...භාගයක් අර්ධ වැම්පයර්ස්ලා...

🐱 ඔහෝ...ඒකයි ටේහ්‍යුන් මෙච්චර ශක්තිමත්..

🦄 අනි තව හේතුවක් තියෙනවා...මන් හිතන්නේ අන්කල් ඒක කියන්න කල් හරි...ඩැඩා මට කිව්වා එයාලා දැනටමත් ඔයාලව හොයන්න පටන් අරන් කියලා..ඉතින් යූන්ගිලා වෘකයෝ නිසා අපිට එයාලගේත් උදව් ගන්න පුළුවන් වෙයි...

හොබි එහෙම කිව්වාම දේහ්‍යුන් කෙලින්ම බැලුවේ සෙහිගේ මුහුන...සේහි යුන්ගි, රෝස්, ජන්ග්කුක් වගේම ජැක්සන් දිහාත් තියුණු බැල්මක් දාලා දේහ්‍යුන්ට හැමදේම කියන්න කියලා ඔලුව වැනුවා..

Mr.kim : හ්ම්...මායි සේහියි සාමාන්‍ය අය නෙමෙයි..අපි රාජකීය අය...මන් තමයි වෘක රාජධානියේ ප්‍රධාන ඇල්ෆාගේ පොඩි පුතා..ඒ වගේම සේහි තමයි වැම්පයර් රාජධානියේ රජුගේ ලොකු දුව..

🐯🐱❤️🐹🐵🐰🌹🌱 මෝ ??

🐱 එතකොට ඔබතුමියයි වැම්පයර් රාජධානියේ නැති උන කුමාරිකාව ??

Mrs.kim : හ්ම් දේ...අපි දෙන්නා මේට්ලා උනාට අපේ ෆැමිලි දෙක ඒකට කැමති උනේ නෑ..ඒ නිසා අපි එහෙන් පැනලා ඇවිල්ලා මිනිස්සු අතරේ හැංගුනා..ඒත් ඔයාලා දන්නවානේ මගේ ඩැඩාගෙන් පස්සේ රජකම හම්බුවෙන්නේ මට...ඒත් මන් රජකම ඇතෑරලා දාලා ආවා....එයා බෙයාර්ව අපිට හම්බුවෙනකම් ප්‍රශ්නයක් නැතුව ඉන්න දුන්නා..ඒත් බෙයාර් හම්බුන දවසේ ඇතිවුන අනාවැකිය නිසා එයාලා බෙයාර්ව හොයන්න පටන් ගත්තා...ඒ නිසා අපි සෝල් වලට ඇවිල්ලා අපේ සුවද අනිත් අයට දැනෙන්නේ නැති වෙන්න හැංගුනා..ඒකට අපිට උදව් කරේ හොබිගේ ඩැඩායි මගේ නංගියි තමා..

මිස්ටර් කිම් විස්තර කරලා ඉවර වෙනකොට හැමෝම හිටියේ කටවලුත් ඇරන්..මොකද කිම් ෆැමිලි එකේ කිසිම ලමයෙක් දැනගෙන හිටියේ නෑ එයාලා ඇත්තටම කවුද කියලා..එයාගේ ඩැඩායි මමායි කියන නිසායි මෙච්චර කාලයකට එයාලගේ අනන්‍යතාවය හංගලා හිටියෙ...ඒත් දැන් මේක එයාලට ලොකු ශොක් එකක්...විශේශයෙන්ම ටේහ්‍යුන්ට...මෙච්චර දවසක් නිදහසේ හිටපු ටේහ්‍යුන්ගේ ඔලුවට එකපාරටම එයාව මරන්න කට්ටියක් ඉන්නවා කියන එක දරාගන්න බැරි තරම්..

🐥 ශීත ඍතුවේ උපන් කුමරු තුන්ලොවෙහි පාලකයා වෙයි...

වෘක, වැම්පයර් සහ මායා දේශයන් එක්ව නව දේශයක් නිර්මාණය වේ...

ඔහුගේ සහකාරුයි එහි යතුර...

ජිමින් ටේහ්‍යුන් දිහා වගේම එයාට තුරුල් වෙලා ඉන්න ජන්ග්කුක් දිහා බලාගෙන අනාවැකිය මුමුනනකොට හැමෝගෙම අවධානේ එයාලා දෙන්නාට ගියත් ජැක්සන් නම් හිටියේ වෙනම කල්පනාවක..

🐵 හොබි...ඔයා දැනගෙන හිටියාද එයාලා ගැන..ඒකද ඔයා මාව මාර්ක් කරේවත් නැත්තේ ??

ජැක්සන්ගේ මූනේ නම් තිබ්බේ ලොකු පසුතැවීමක්..මොකද එයාගේ මේට් එයාගෙන් මෙච්චර කාලයක් ලොකු රහසක් හංගගෙන හිටියේ..ඒකට හේතුව මොකක් උනත් ජැක්සන්ගේ හිත හොදටම රිදිලායි තිබ්බේ...ජැක්සන්ට හොබි එයාව මාර්ක් නොකරන එක ප්‍රශ්නයක් උනත් ඒ දේවල් කරේ තමන්ව විශ්වාස නැති නිසා කියලායි ජැක්සන්ට හිතුනේ..

🦄 මියානේ ජැකි...මට ඩැඩාගේ ඕඩර්ස්වලට පිටින් යන්න පුළුවන්කමක් තිබ්බේ නෑ...දේහ්‍යුන් අන්කල්ගේ නංගි තමයි මගේ මමා..ඉතින් මමායි ඩැඩියි අපිව අන්කල්ලා එක්ක මෙහෙට එව්වා එයාලව ආරක්ෂා කරන්න කියලා..ඉතින් අපිට පුළුවන්කමක් තිබ්බේ නෑ කිසිම දෙයක් තමන්ගේ මේට්ටවත් කියන්න...මියානේ ජැකි...

🐵 එ..ඒකට කමක් නෑ...ම..මන් ටිකක් එලියෙන් ඉන්නම්...

ජැක්සන් හොබිව තේරුම් ගත්තාත් එයාට එයාගේ හිත ලේසියෙන් හදාගන්න පුළුවන් උනේ නම් නෑ..ජැක්සන්ගේ හිත හොදටම රිදිලායි තිබ්බේ..ජැක්සන් ඉක්මනට එලියට යනකොට හොබිත් සමාව අරගෙන එයාලා එක්කම එලියට ගියා..

🐱 ජැකි..එ..එයාත් වෘකයෙක්ද ??

🐹 දේ...එයා බෙටා කෙනෙක්..ඒ වගේම හොබිගේ මේට්...

ජින් එහෙම කිව්වේ ඈතට දුවලා යන ජැක්සන් ගැන දුකෙන්..ජින්ට එයා ගැනත් වරදකාරි හැගීමක් දැනුනේ..මොකද එයාලාගේ ආරක්ෂව නිසායි අද එයාගේ හොදම යාලුවෝ දෙන්නා අතරේ හිත් රිදීම් ඇති වෙලා තියෙන්නේ..

🐯 පොඩ්ඩක් ඉන්න...දැන් ඔයාලා කියන විදියට මන් කොහොමද තුන් ලොවෙහි රජු වෙන්නේ ?? මන් මේ කියන්නේ ඩැඩායි මමායි රාජකීය ලේ තියෙන අය තමයි...ඒත් මායා දේශය එක්ක අපේ සම්බන්ධකමක් නෑනේ..

🐱 මන් හිතන්නේ ඔයාට ඒක කුකීගෙන් ලැබෙයි..

යූන්ගි එහෙම කියනකොට හැමෝම යූන්ගි දිහා ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මා...මොකද එයා කියන හරුපේ කිසිම කෙනෙක්ට තේරුනෙ නෑ..

❤️ ටේහ්‍යුන්...ඔයා වගේම කුකීත් රාජකීය ලේ තියෙන කෙනෙක්...

🌱 ඒ කිව්වේ ?? ඔලුවත් එක්ක විකාරයි...

ලීසා ඔලුවත් අල්ලන් කියනකොට රෝස් ලීසා දිහාට හිනාවක් දාලා යූන්ගි දිහා බැලලා ඇස්වලින්ම හැම දෙයක්ම කියන්න කිව්වා..මොකද කොහොමත් දැන් මේ ඉන්නෙ එයාගේ මල්ලිගේ මේට්ගේ ෆැමිලි එක..එයාලා ජන්ග්කුක්ව පරිස්සම් කරනවා කියලා එයා දන්නවා..

🐱 හ්ම්...අපේ අප්පා වෘකයෙක් උනාට ඔම්මා වෘකයෙක් නෙමෙයි...එයා මායා වංශයේ රාජකීය කුමරිය...ඒත් මටවත් රෝස්ටවත් මායා බලය පිහිටුවේ නෑ...ඒත් කුකීට ඒක තියෙනවා..ඔම්මාගේ මරනයත් එක්ක මායා ශක්තිය ඊලට උරුමක්කරු විදියට තේරුවේ කුකීව....එයාට තියෙනවා ඔමෙගා ශක්තිය වගේම මායා ශක්තියත්...මායා ශක්තිය නිසායි කුකීගේ හදවත දුර්වල...එයා තමයි ඔම්මාට පස්සේ මායා දේශයේ ඊලග උරුමක්කාරයා...ඉතින් එයාලා ඔම්මා මැරුනට පස්සේ කුකීව හොයන්න පටන් ගත්තා..එයාලා අප්පාව මගේ ඉස්සරහම මැරුවා..වෙන කරන්න දෙයක් නැති නිසායි මන් රෝස්වයි කුකිවයි අරන් එහෙන් පැනලා ඇවිල්ලා අපේ සුවද හංගන් මෙහෙ හැංගුනේ..

.

.

.

ඔයාලට මෙතන කතාවෙ වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙනවා නේද ??😕

එතකොට දැන් ඉතුරු නම්ජුන් විතරයි...එයා කවුරු කියලාද හිතන්නේ ?? 😁

(මේක මාරම කියුට් අප්පා...ආදරේ හිතෙනවා )

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️

Contents
Contents