Chapter 8: chapter 7

My Little Wolfie | TK || CompletedWords: 21250

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

නම්ජුන් හිටියේ උඩුකය නිරුවත්ව යකඩ දම්වැල් වලින් ගැට ගහලා...එයාගේ මුලු ඇගම බෙල්ට් එකකින් ලැබුන සැර පාරවල් නිසා රතු වෙලා තැන් තැන් වලින් හම පුපුරලා ලේ ගලන ගමන් තිබ්බේ..ඒත් කිසිම හ්ම් සද්දයක් නැතුව නම්ජුන්ට ලැබෙන හැම පාරක්ම ඇස් තදින් වහන් ඉවසන් හිටියේ මේවා එයට සාමාන්‍ය දේවල් නිසායි..

ඒත් අද වෙනදාට වඩා පාරවල් සැර වැඩි...සුදු යකඩින් තනපු දම්වැල් වලින් අත් ගැට ගහලා නිසා අතපය සුදු යකඩ පිච්චිලා තිබ්බේ...අවුරුදු ගානකින් වුල්ෆ් ස්ටෝන් ගල නිසා තමන්ගේ ඇග ඇතුලේ හිර වෙලා ඉන්න ටෲ බල්ඩ් ඇල්ෆාට පවා මේක දරාගන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නෑ...මොකද ඒ පහරවල් ඒ තරම්ම දරුණුයි...නම්ජුන්ට ගහන කෙනාගේ රතු ඇස් කේන්තියෙන් , බල ලෝබයෙන් පිරිලා තිබ්බේ...

🐨 අප්පා...

මින්ගුක් : තමුන්ගේ කටින් මට අප්පා කියන්න හිතන්නවත් එපා...💥

🐨 ආහ්...

ඇල්ෆා මින්ගුක්ගේ බෙල්ට් එකෙන් නම්ජුන්ගේ පපුවටම ලැබුන සැර ප්‍රහාරය නිසා මෙච්චර වෙල හැම පාරක්ම ඉවසන් හිටිය නම්ජුන්ගේ කටින් හීන් කෙදිරිල්ලක් පිට උනා...

මින්ගුක් : තමුසෙට මන් කිව්ව වැඩේ ද නම්ජුන් තමුසේ කරන්නේ...අවුරුදු ගානක් ට්‍රේනින්ග් කරවලා යැව්වේ මනුස්ස කොල්ලෙක් එක්ක ලව් කරන්නද ??

🐨 අප්පා ඒ මගේ මේට්..

නම්ජුන් අමාරුවෙන් කෙදිරි ගාන ගමන් එහෙම කියනකොට ඇල්ෆා මින්ගුක් එහෙමත් නැත්තම් නම්ජුන්ගේ අප්පා නම්ජුන්ගේ කම්මුල තද කරලා අල්ලගත්තා..

මින්ගුක් : මේක හොදට අහගන්නවා නම්ජුන්..තමුසෙගේ මේට් වෙන්න පුළුවන් එකම කෙනා මීලගට රජවෙන අනාවැකියේ කුමාරයා විතරයි..ඒ හැරෙන්න මනුස්සයෙක් වගේ දුර්වල මේට් කෙනෙක් එක්ක තමුසෙට ජීවත් වෙන්න වෙන්නේ නෑ කියලා මතක තියාගන්නවා...

ඇල්ෆා මින්ගුක්ගේ වචනවලට නම්ජුන්ගේ ඇස්වල කදුලු පිරුනා..එයාට මතක් උනේ එයාගේ ජිනිගේ ලස්සන මූන...හුරතල් වැඩ...ඒත් ජිනි එයාට අයිති නෑ...එයාට අයිති කරගන්න විදියක් ඇත්තෙත් නෑ...

නම්ජුන් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් නිසා ජින් කොච්චර එයාගේ සුවද හැංගුවත් නම්ජුන්ට ඒ සුවද ලාවට දැනුනා..ජින්ගෙන් එන වැනිලා මික්ස් උන ලැවැන්ඩ්‍රා සුවදින් ජින් නම්ජුන්ගේ මේට් කියලා දැනගත්තාත් ජින් කියන්නේ වෘකයෙක් කියන එක නම් දැනගන්න නම්ජුන්ට ජින්ගෙන් දැනෙන ඉව මදි උනා..ඒ නිසාම නම්ජුන් වගේම නම්ජුන්ගේ අප්පා උනත් හිතන් ඉන්නේ ජින් කියන්නෙ මනුස්සයෙක් කියලා..

🐨 අ..අප්පා මන් එ..එයාට ආදරෙයි...

නම්ජුන්ව අතෑරලා දාලා යන්න හැදුව මින්ගුක්ට නම්ජුන් අඩන ගමන් කතා කරනකොට මින්ගුක්ට තවත් කේන්ති ගියා...එයාගේ මතයට අනුව කදුලු කියන්නේ දුර්වලතාවයක්...ඒ නිසා ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්ට අඩන්න කොහෙත්ම බැහැ...ඒ වගේම නම්ජුන්ට ආදරේ කරන්න තහනම්...ආදරේ කියන්නේ නම්ජුන්ගේ ජිවිතේ තිබ්බ තවත් තහනම් වචනයක් වෙනකොට නම්ජුන්ට ආදරේ කියන එක ලැබුනේ එයාගේ හ්‍යුන්ග් ලගින් විතරමයි..

නම්ජුන්ගේ වචන සහ ඉකිය නිසා මින්ගුක්ගේ කේන්තිය ඉහ වහා ගිය නිසා එහාපැත්තේ තිබ්බ සුදු යකඩ දම්වැල කෙලින්ම ඇවිල්ලා නතර උනේ නම්ජුන්ගේ ඇගේ වැදිලායි..

🐨 ආහ්...

සුදු යකඩ වලට හම පිච්චිලා ලේ ගලන්න ගන්නකොට නම්ජුන්ගේ කටින් කෙදිරිල්ලක් පිට උනා..එක දිගටම නම්ජුන්ට සුදු යකඩ දම්වැල් වලින් පහරවල් වදිනකොට නම්ජුන්ගේ ශක්තිය එන්න එන්නම දුර්වල වෙනවා වගේ එයාට දැනුනා..සිහියත් අසිහියත් අතර නම්ජුන්ට හිතුනේම ඇයි එයා මේ ලෝකේ ජීවත් වෙන්නේ කියන එක විතරමයි...

🕊️ මොනි...

නම්ජුන්ව හිර කරලා කියලා දැන ගත්ත ගමන් වෙනදා වගේම තමන්ගේ හැම වැඩක්ම නතර කරලා දාලා මියුන්ග්සෝ දුවන් ආවේ තමන්ගේ එකම මල්ලිව අප්පා කියන රාස්සයගෙන් ආරක්ෂා කරන්න..ඒත් නම්ජුන් ලේ පෙරාගෙන ඇස් ඇරගන්නවත් බැරි තරම් දුර්වල වෙලා ඉන්නවා දැක්කාම මියුන්ග්සෝට කරගන්න දෙයක් හිතාගන්න බැරි උනා...ඒ නිසාම දෙපාරක් හිතන්නේ නැතුව නම්ජුන්ගේ ඉස්සරහට පැන්න මියුන්ග්සෝ නම්ජුන්ට සුදු යකඩ දම්වැල් පාරවල් වදින්නේ නැති වෙන්න කවර් කරගත්තා..

මින්ගුක් : මියුන්ග්සෝ යනවා ඔතනින් එහාට...

මින්ගුක් කෑ ගැහුවත් මියුන්ග්ඩසෝ ඒක ගනන් ගත්තේ නෑ...මේ ලෝකෙන් මින්ගුක්ට බය නැති එකම කෙනා මියුන්ග්සෝ වෙන්න ඇති...ඒ නිසාමද මන්දා වෙන ලමයිගේ වීරයා තමන්ගේ තාත්‍තා වෙනකොට නම්ජුන්ගේ වීරයා නම් උනේ එයාගේ එකම හ්‍යුන්ග්..

🕊️ මොනි...කින්චානා..

මියුන්ග්සෝ කදුලු පුරෝගෙන බෙල්ල පහලට කඩන් වැටිලා ඉන්න නම්ජුන්ගේ මූනෙන් අල්ලලා උඩට උස්සලා අහනකොට නම්ජුන් එයාගේ වීරයාව දැකලා යාන්තම් හිනාවක් දැම්මා..

මින්ගුක් : මියුන්ග්සෝ මන් ආයි කියන්නේ නෑ...ඔතනින් එහාට වෙනවා...

🕊️ මන් තමුන්ට බය නෑ කියලා දන්නවානේ...මගේ මල්ලිට රිද්දන එක නවත්තලා පැත්තකට වෙනවා...

නම්ජුන්ව එයාගේ තුරුලට අරන් කෑ ගහනකොට මින්ගුක් දම්වැල පැත්තකට දැම්මා..මින්ගුක් දන්නවා නම්ජුන් වගේ ලේසියෙන් මියුන්ග්සෝව පාලනය කරන්න බැහැ කියලා..මියුන්ග්සෝත් නම්ජුන් වගේ ම ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් උනත් එයා නම්ජුන්ට වඩා හිතින් ශක්තිමත්..

මින්ගුක් : මූට කියනවා ආයි අර මනුස්ස කොල්ලා එක්ක විකාර කරන්න පටන් ගත්තොත් මන් උගේ ඔලුව ගෙනල්ලා මුගේ අතට දෙනවා කියලා...ඒ වගේම තමුසෙලා දෙන්නාට තව මාසයක් දෙන්නම්..එයාව හොයාගන්නවා...නැත්තන් මන් තමුන්ලා දෙන්නා මගේ පුතාලා කියන එක අමතක කරලා දානවා..

මින්ගුක් කේන්තියෙන් කෑ ගහලා අතේ තිබ්බ දම්වැලත් පොලවේ ගහලා ගියාම මියුන්ග්සෝ එහෙම්ම බැලුවේ එතන හිටපු ආරක්ෂකයා දිහා..මියුන්ග්සෝගේ බැල්මෙන්ම එයා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්‍ත සේවකයා වෙව්ලන අත් වලින් ඉක්මනට නම්ජුන්ව දම්වැල් වලින් ලිහුවා..

🕊️ මොනි...පැටියෝ ඔයා හොදින් ද ??

🐨 හ්..හ්‍යුන්ග්..

නම්ජුන් එහෙම්ම තමන්ගේ හ්‍යුන්ගේ පපුවට තුරුල් වෙලා මහ හයියෙන් අඩන්න පටන් ගත්තේ අප්පාගේ වචන වලට දැනුන බය නිසායි...එයාගේ ජිනීට මොනවා හරි උනොත් නම්ජුන් ජීවත් වෙලාත් වැඩක් නැති වෙයි...

🕊️ දැන් ඇඩුවා ඇති පැටියෝ...හ්‍යුන්ග් ඉන්නවානේ ඔයාට...කෝ අපි දැන් ගිහින් බෙහෙත් කරලා ඉමුකෝ...

මියුන්ග්සෝ හිමීට පරිස්සමින් නම්ජුන්ව උස්සලා කරට අරන් කාර් එකට දාගෙන කෙලින්ම ගියේ එයාලගේ මැන්ශන් එකට....කොරියාවේ හොදම කම්පැනි එකක අයිතිකාරයෝ විදියට එයාලා හිටියේ ලක්සරි ගෙයක..ඒත් පිටතට කොච්චර ලස්සන උනත් ඒ ගේ ඇතුලේ ඉන්න අයගේ හිතේ සතුට කියා එක තිබ්බේ නෑ...එයාලා ලක්සරි ගේක හිටියාට ජීවත් වෙන්නේ අපායක...

හරිම පරිස්සමට නම්ජුන්ව එයාගේ කාමරෙන් තිබ්බ මියුන්ග්සෝ හිමීට පරිස්සමින් තුවාල වලට පිඹ පිඹ බෙහෙත් කරන්න පටන් ගත්තා..නම්ජුන් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් නිසා බෙල්ට් පාරවල් ඉක්මනට සනීප උනත් සුදු යකඩ දම්වැල් වලින් ඇති උන පිලිස්සුම් තුවාල නම් නම්ජුන්ට ගෙනාවේ ලොකු වේදනාවක්...ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි වෙනකොට නම්ජුන් හ්ම් නොකියා මියුන්ග්සෝට බෙහෙත් දාන්න ඉඩ දීලා තිබ්බා..

🕊️ දැන් කොහොමද මොනි...හුගක් රිදෙනවාද ??

මියුන්ග්සෝ නම්ජුන්ගේ ඔලුව අතගාන ගමන් අහනකොට නම්ජුන් අමාරු උනත් නෑ කියලා ඔලුව වැනුවා..ඒත් නම්ජුන්ගේ ඇස් අගින් බේරිලා යන කදුලු දැක්කාම මියුන්ග්සෝගේ ඇසුත් කලබලෙන් නම්ජුන්ගේ ඇග පුරාම දිව්වා..

🕊️ මොනි..ඇයි අඩන්නේ ?? රිදෙනවාද හුගක්...

🐨 ම...මට මැරෙන්න ඕන හ්‍යුන්ග්...

නම්ජුන් හිටියේ ජීවිතේම එපා වෙලා..එයා ආදරේ කරන කෙනා එයාව ප්‍රතික්ෂේප කරනකොට එයාගේම අප්පා එයාගේ ආදරේ මරනවා කියලා තර්ජනේ කරනකොට නම්ජුන්ට හිතුනෙම ඇයි එයා ජීවත් වෙන්නේ කියන එක...නම්ජුන් ඉපදෙනකොටම එයාගේ ඔම්මා මැරුන නිසා නම්ජුන්ට ඔම්මාගේ ආදරයක් ලැබුනේ නෑ..ඔම්මාගේ මරනේ එක්ක අප්පා වෙනස් වෙනකොට නම්ජුන්ට අප්පාගේ ආදරයක් ලැබුනෙත් නෑ...එයාට මේ ලෝකේ ආදරේ කරා නම් ඒ කරපු එකම කෙනා එයාගේ හ්‍යුන්ග් විතරයි...නම්ජුන්ගේ අම්මා උනෙත් නම්ජුන්ගේ අප්පා උනෙත් නම්ජුන්ගේ ලෝකේ වීරයා උනෙත් මියුන්ග්සෝ..නම්ජුන් ලෝකේ ඉස්සරහ කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් එයාගේ අප්පා ඉස්සරහ නම්ජුන් දුර්වලයෙක් වෙන්න ලොකුම හේතුව එයාගේ ඔම්මා..ඔම්මා මාරගෙන ආපු ලමයෙක් විදියට අප්පා එයාගේ මේට් නැති උන නිසා වෙනස් උනා කියලා හිතන නම්ජුන් තමන්ගේ අප්පාගේ වෙනස්වීම හැමවෙලේම එයාගේ පිටට දාගත්තා....ඉතින් නම්ජුන් හිතුවේ එයා නිසායි එයාගේ අප්පා වෙනස් උනේ කියලා..එයාට ගහන්න අප්පාට අයිතියක් තියෙනවා කියලා...ඒ නිසාම නම්ජුන් කොච්චර ශක්තිමත් උනත් එයාගේ අප්පා ඉස්සරහ දුර්වල වෙනවා...ඒත් දැන් නම්ජුන් තවත් දුර්වලයි..එයා නිසා එයා ආදරේ කරන තව කෙනෙක්ගේ ජිවිතේ අනතුරේ...ඒ නිසා නම්ජුට එයාගේ ජිවිතේ එපා වෙලා තිබ්බේ..

🕊️ මොනවාද මොනි කියවන්නේ...හ්‍යුන්ග් කොහොමද මගේ හුරතල් කෝල පැටියා නැතුව ජීවත් වෙන්නේ...හ්‍යුන්ග්ට ආදරේ නැද්ද මොනි..ඒකද ඔහොම කතා කියන්නේ ??

🐨 මි..මියානේ...

මියුන්ග්සෝගේ ඇස්වලින් වැටෙන කදුලු දැක්ක නම්ජුන්ට එයා තප්පර ගානකට කලින් කිව්ව් දේ ගැන පසුතැවිලි උනා..

🕊️ හ්‍යුන්ග් ඔයාව මේ අපායෙන් පුළුවන් තරම් ඉක්මනට එලියට ගන්නම් මැණික..එතකම් ශක්තිමත් වෙලා ඉන්න...අප්පා කියන කෙනාව හ්‍යුන්ග් පුළුවන් තරම් ඉක්මනට හොයාගන්නම්...

🐨 මට එයාව මේට් කරගන්න ඕන නෑ හ්‍යුන්ග්..මන් ජිනීට ආදරෙයි...ජිනියි මගේ මේට්...

🕊️ ඒක අපි එදාට බලමුකෝ...ඔයා ශක්තිමත් වෙලා ඉන්නකම් අප්පාට ඔයාගේ ජිනීට මුකුත්ම කරන්න බැහැ...තේරුනාද ??

මියුන්ග්සෝ ඔලුව අත ගගා අහනකොට නම්ජුන් ඔව් කියලා ඔලුව වැනුවා..

🕊️ මගේ හොද මොනි...දැන් නිදාගන්නකෝ...

මියුන්ග්සෝ නම්ජුන්ගේ නලලට හාදුවක් දීලා එතනින් ගියාම එක එක දේවල් කල්පනා කර කර හිටපු නම්ජුන් මහන්සියටම නින්දට වැටුනා..හැබැයි නම්ජුන් එක දෙයක් තීරණය කරා...ඒ එයා තව දුරටත් දුර්වලයෙක් නොයි එයාගේ හ්‍යුන්ග් කිව්ව විදියට ශක්තිමත් වෙන්න ඕනේ කියන එක...

එයාගේ ආදරේ වෙනුවෙන්...එයාගෙ ජිනි වෙනුවෙන්...

.

.

.

Infinite band එකේ Kim Myun Soo ( L )

ඕතරි මෙයාගෙ බයි හාර්ට් ෆෑන් කෙනෙක් ලමයි 😁 ජුනාගේ අයියා විදියට කතාවට ගත්තේ ඒකයි...පොඩියට පෙනුනාට කොහොමත් එයා ජූන්ට වඩා වැඩිමල්..ජින්ගේ වයසේ...🤭

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️