Chapter 1 of 12

Episode 1...

◉FEELINGs◉ [ GL ✓ ]353 words~2 min read

මන් සියා...

හැමෝම වගේ මට කතා කරන්නේ ඒ විදියට.මගේ නම සියානා වුනාට මන් ගොඩක් ප්‍රසිද්ධ සියා විදියට.මන් දැන් ඉන්නේ ඇමෙරිකා වල.ඒ මගේ කොලේජ් එකේ ඒ කිව්වේ මගේ ඩාන්සින් ෆැකල්ටි එකේ.ෆැකල්ටි එකක් කිව්වට දැන් අපි කොලේජ් එකට වඩා ඉන්නේ ඩාන්සින් ස්කූල් එකේ.ෆැකල්ටි එකේ මෑම් තමා ඒ ස්කූල් එක කරන්නේ.ඉතින් අපි... ආහ් මම ස්කූල් එකට යනවා.ඒ මෑම්ට උදව් කරන්න.මන් ස්කූල් එකේ ටිචර් කෙනෙක් වගේ තමා මෑම් තරම් දක්ශ නෑ තමා ඒත් උගන්නනවා.

මගේ පවුල ගත්තොත් පොහොසත් නොවුනට සාමාන්‍ය විදියට ජිවිතේ ගෙවන අය.මට ඕන වුනේ ඩාන්සින් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න නිසා අම්මා අප්පා දෙන්නම මට ඒකට ඉඩ දුන්නා.ඒ දෙන්නා මට නිදහස දීලා එයාලගේ කාලේ ගෙවනවා.එක අතකින් මට ඒක යම් පහසුවක් වුනා.

.

.

.

.

.

.

වෙනදා වගේම මන් කොලේජ් එකට ගියේ අද මෑම් මට ඩාන්සින් ස්කූල් එකේ ළමයින්ට කරන්න කියලා මට දෙන වැඩ ටික අහ ගන්න.ඉතින් මන් ඉක්මනටම ගිහිල්ලා මෑම්ගෙන් ඒ දේවල් දැනගෙන ස්කූල් එකට දිව්වා.

" ඕහ්... අප්පා හතියි... දුවලම මහන්සියි... බොඩිමේ ඉදන් කොලේජ් එකට දුවලා ආයේම එතන ඉදන් ස්කූල් එකට... කමක් නෑ අමුතුවෙන් එක්ස් සයිස් කරන්න ඕන නෑනේ..."

මන් ස්කුල් එකට ඇතුල් වෙන්න තියෙන දොරත් තල්ලු කරගෙන ඇතුලට යන්න හද්දිම වගේ එහා පැත්තෙන් ආව කෙනෙක් දොර ඇරිය නිසා මන් නැවතුනේ එයාවත් පෙරලගෙන බිමට වැටිලා.

" ආහ්.... I'm sorry...මන් ඔයා එනවා දැක්කේ නැතුව ඇතුලට ආවේ."

" it's ok දැම් ඔයාට පුළුවන් ද මගේ ඇග උඩින් අයින් වෙන්න..."

" ඔහ් සොරි සොරි..."

මන් එයාව පෙරලගෙන වැටිලා ඔළුව උස්සලා බලද්දි දැක්කේ අමුතුම ලුක් එකක් තියෙන කෙනෙක්ව.දැක්ක ගමන්ම එයා කොල්ලෙක් කියලා හිතුනත් ටිකක් බැලුවට පස්සේ තමා මට තේරුනේ එයා කෙල්ලෙක් කියලා.

එයා ටිකක් නපුරු ලුක් එකක් තිබ්බට කටහඩෙන් නම් මට එහෙම දැනුනේ නෑ...

එයාගේ ඇග උඩින් මන් අයින් වෙලා ආයෙම පාරක් සොරි කිව්වේ එයාව පෙරලගෙන වැටුනට.එයත් මට සොරි කියලා එලියට ගියා.මන් කල්පනා කලේ කවදාවත් නොදැක්ක අද දැක්ක මේ කෙනා කවුද කියලා.

මන් ආයේම හරි සිහියට එන්න ඔළුව දෙපැත්තට වනලා ඇතුලට ගියා ක්ලාස් එක පටන් ගන්න.

⦁───────────────────────⦁

🌿⦂ අලුත් ස්ටෝරියක්

(මගේ 1 story එකට අවුරුද්දක් වෙනවා අදට.මට හිතුනා ඉතින් මේක අද දෙන්න.)

🌿⦂ කලින් මන් ලියලා නැති නිසා මේ ටයිප් එකට උපරිමෙන් ට්‍රයි කරනවා හොදටම දෙන්න😚

🌿⦂ මේක රික්වෙස්ට් එකක් මගේ රීඩර් කෙනෙම්ක්ගෙන් 🤗💖

🌿⦂ පොඩි එපි වලින් දෙන්නම් මන් කතාව.ඉස්සරහට මා එක්කලා ඉදී කියලා හිතනවා🤗

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!