Chapter 12 of 12

Chapter 12...(last)

◉FEELINGs◉ [ GL ✓ ]422 words~3 min read

" ම්ම්ම්හ්හ්..."

" ලියෝ..."

" මාත් දෙයක් කියන්නද?"

" ම්හ් කියන්න."

ලියෝ වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා සියා ලගට ඇවිත් වාඩි වුනා.සියාගේ අත් දෙකත් අල්ලගෙන සියා දිහා බැලුව ලියෝ ,

" සියා..."

" ලියෝ... ඔයා මාව බය කරනවනේ."

" මේකයි..."

ලියෝ එහෙම කියලා සියාට තවත් ලන් වෙලා සියාගේ කන ලගටම කිට්ටු වුනා.

රහසින් වගේ සියාගේ කනට කරලා ලියෝ " ඔයාගේ හැගිම් ඔක්කොටම නිදහස් වෙන්න දෙන්න."

ලියෝ එහෙම කියලා සියාගේ තොල්වලට නැමුනා...

එක විනාඩියකට සියාව ගල් ගැහුණා වගේ.සියාට වුණ දේ හිතා ගන්න බැරුව ගියා.ඇස් පිල්ලම්වත් නොගහා සියා බලන් හිටියේ...

ලියෝ කිස් කලත් සියා කිස් බැක් කලේ නෑ.එයා නිකම් හීන ලෝකෙක අතරමන් වෙලා වගේ...

ඒත්,

හිමිට ඇස් දෙක පියාගත්ත සියා හිමින් සිරුවේ ලියෝර රිඇක්ට් කලා...

.

.

.

සුළු මොහොතකට දෙන්නට දෙන්නා තමන්ගේ හැගිම් ඔක්කොන්ටම නිදහස් වෙන්න දුන්නා...

කිස් එකෙන් පස්සේ හිමිට ඈත් වුන දෙන්නා දෙන්නගේ නළලට නළල තියාගෙන හිටියේ හිනාවෙන ගමන්.ඒත් එක්කෙනෙක් වත් කතා කලේ නෑ...

අවසානේදි ලියෝ එයාගේ කතා කලා..

" සියා.... මන් මේක කොහොම කියනවද කියලා මට හිතාගන්න බැරුව හිටියේ.මේතාක් කාලෙකට මට ලැබුන හොදම යාළුවා ඔයා.මට මගේ හිතට ආව එක හැගිමක් නිසා ඒක නැති කරගන්න මට ඕන වුනේ නෑ.."

" ලියෝ..."

" ඒත් ඔයා මෙහෙම ඇහුවහම මට හිතුනා ඕන දේකට ඒක කියන්න.ඔයාට ඉන්න හරි මන් ලග ඉන්න හරි.."

" ලියෝ...මන් ඔයාව අතාරින්නේ නෑ...ඔයා අකමැති නම් ඒක අමතක කරලා දාන්න පුළුවන් කියලා..."

" මන් අකමැති වගේ ඔයාට පෙන්නේ නෑ නේද?..."

" ලියෝ...ඒත් අම්මලා තාත්තලා..."

" එයාලා අකමැති වෙන්නේ නෑ. එයාලට මාව තේරුම් ගන්න පුළුවන් කියලා මන් හිතනවා."

" එයාලා තේරුම් නොගත්තොත්..."

" එහෙම වෙන්නේ නෑ..."

" හ්ම්ම්ම්... දැන් මට ගොඩක් සැහැල්ලුයි වගේ ඔයාට ඔක්කොම දේවල් කිව්වට පස්සේ. මන් කවදාවත් එහෙම කිව්වේ නැත්තන් ඔයත් මට කියන්නේ නැද්ද ලියෝ?"

" ම්ම්ම් දන්නෑ... දැන් කිව්වනේ මන්. ඒ නිසා ඒක ඕන නෑ දැන්."

" හ්ම්ම්ම්..."

.

.

.

.

.

.

ලියෝ සියෝව එයාගේ තුරුලට අරගත්තා.

" I love you siya..."

" me too liyo..."

එහෙම කියපු ලියෝ සියාගේ නළලට හාදුවක් දුන්නා...

ඒ ආදරේට බාදාවක් නොවි ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා පතමු.

....THE END....

කතාව මේ විදියට ඉවර වුනා.

ඔයාලා මොකද හිතන්නේ.මගේ පළවෙනි gl ස්ටෝරිය නිසා මට හුරු නෑ මේ ටයිප් එකේ ස්ටෝරි ලියලා.මන් ආසාවට ලිව්වේ.සැටිස් නෑ වගේ කියලත් හිත කියනවා මගේ.අනේ මන්දා ඉතින් අවසාන වශයෙන් මට එක වචනයක් හරි කියාන යන්න.

හැම එපියකටම කමෙන්ට් එකක් දාලා කතාව ලියන්න සපොර්ට් කලාට තැන්ක්ස් හොදේ.ඒම නොදෑවා නම් මෙලාහකට කතාව ඩිලිට් කරලා මන් 😁.

මේක එදාම දෙන්න හිතම් හිටියේ.ඔයාලා ඉල්ලලත් තිබ්බා.පාර්ටි එකක් තිබ්බ නිසා දෙන්න බැරි වුනා.ඒ මදිවට ඕතර් කකුලත් කඩන් ඉන්නේ...

ඔන්න ඉතිම් කෝම කෝම හරි දුන්නා.මගේ හැල්ලත් කියෙව්වට තැන්කූ රීඩස්...

ඇත්තටම කතාව මොන වගේ වුනා නම් කියලා ඔයාලට හිතෙන දෙයක් තියේ නම් කියන් යන්න.

loving author jeon_aroo...

2022/07/25

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!