Chapter 4: Episode 4...

◉FEELINGs◉ [ GL ✓ ]Words: 4350

" මන් දැන් එහෙනම් යන්න ඕන.ගොඩක් ස්තුතියි මට උදව් කලාට"

" තනියම යන්න පුළුවන් ද?"

" මට ප්‍රශ්නයක් නෑ.එයාලා ආයේ එන එකක් නෑ."

" කමක් නෑ.මන් ඔයාව ගිහින් දාන්නම්."

" නෑ නෑ ඕන නෑ.මට තනියම යන්න පුළුවන්.ඔයා කරදර වෙන්න එපා."

" කවුද දැන් කරදරයක් කිව්වේ.මෙන්න මෙහේ යන්."

මෙන්න මෙහේ යන් කියලා මගේ අතකින් ඇදලා ගතිපු පාර තා ඩිංගෙම් මන් නවතින්නේ බිමත් වැටිලා.බැලන්සින් පුළුවන් නිසා බේරුනා.අතින් ඇදන් ගියාට ඉතින් එයා මගේ ගෙදර යන පාර දන්නේ නෑනේ.

ටික දුරක් ගිහිල්ලා ඉතින් ආයේම මන් දිහා බලලා,

" දැන් කොහේද යන්නේ.."

කියලා ඇහුවම මට හිනා යන්න ආවත් මන් ඒක තද කරගත්තා.

" මන් තනියෙන් යන්නම් කිව්වට ඇහුවේ නැතුව මෙතන මහ ලොකුවට ඇදගෙනත් ආවනේ."

මන් ඒක හිමින් කියලා ඉස්සර වුණේ ගෙදර යන්න.එයත් මගේ පස්සෙන් ආවා.ඒත් ඉතින් වචනයක්වත් කතා නම් කලේ නෑ.මට හිතුනත් කතා කරන්න ආයේම බෑ කියලා හිතුනා.කඩන් පැන්නොතින් ඇගට එහෙම.

මන් යනවා එයා පස්සෙන් එනවා.කොහොම හරි ඉතින් මගේ එපාර්ට්මන්ට් එක ලගටම එයා මගේ පස්සෙන්ම ආවා.

මන් එපාර්ට්මන්ට් එක ලග නැවතිලා හැරිලා ආයේම ලියෝ දිහාට හැරුනා.

" අපි ආවා."

" ආහ්... මෙතනද ඔයා ඉන්නේ."

" නෑ..."

" එහෙනම් ආවා කිව්වේ දැන්."

" ඔව් ඔව් මෙතන තමා ඉන්නේ මන්."

ලියෝ වටේටම හැරි හැරිත් බලනවා නිකම් පොලිසියෙන් කවුරු හරි හොයනවා වගේ.

" හේ ලියෝ...ඔයා අවට සිරි නරඹලා ඉවර්ද? ගොඩක් ස්තුතියි අද කරපු උදව්වට වගේම එපා කියද්දි ගෙදරටම ගෙනත් දෑවට."

" ඒක සුළු දෙයක්."

" ම්හ්... එහෙනම් මන් යන්නම්."

" ඕකේ.පරිස්සමෙන් ඉන්න.හෙට හම්බෙමු."

" ඔයත් පරිස්සමෙන් යන්න.හෙට හම්බෙමු."

මන් එහෙම කියලා බායි කිව්වත් එයා බායි නොකිය හැරිලා පෝන් එකත් බල බල ගියා.

හුම්...බායි කිව්වම මොනා වෙනවද.අපරාදේ බායි කිව්වේ මන්.

─────────────────────────◉

♡⦁ ගෙදරින් කේස් නිසා පොඩ්ඩක් කතාව පමා වුනා දවස ගානේ දෙන්න හිටිය එක බ්‍රේක් වුනා සැක්💔🙂

♡⦁ කෝම හරි කතාව දානවා මන් බයක් ගන්න එපා.අකුරු අඩුපාඩු ඇති කලබලේ නිසා ගනම් ගන්න එපා හොදේ..

♡⦁ කතාව ලස්සනද නම් දන්නෑ🙄

♡🌿 ඊලග එපියෙන් හමුවෙමු....