Chapter 8 of 12

Chapter 8....

◉FEELINGs◉ [ GL ✓ ]278 words~2 min read

පහුවදා උදේ කලින්ම ඇහැරුනේ ලියෝට.ඒ වෙලාවේ සියා හිටියේ ලියෝට තුරුල්වෙලා.

සියාගේ දිහා ලියෝ බලාගෙනම හිටියා.ලියෝ සියාගේ ඇස් දිහා වගේම මූණේ හැම තැනකම ඇස් අරන් ගියා.සියාගේ මූණට වැටිලා තිබ්බ කෙස් කැරැල්ලක් ලියො හිමින් අරගෙන සියාගේ කන පිටි පස්සේ රැදෙව්වා. ලියෝ ඇහැරවන්න ලෝභකමින් වගේ සියා දිහා බලන් හිටියේ.

ලියෝට සියාව දැක්කහම ඇස් අහකට ගන්න නොහිතෙන පුරුද්ද පටන් අරගෙන දැන් ගොඩක් කල්.හැමවෙලේම ලියෝගේ ඇස් සියාව හෙව්වා.හැම මොහොතකම ලියෝ සියාව දකින්න ආස කලා.

ඒ වගේම ලියෝට මේක යාළුකමක් නෙවෙයි.ඊට එහාට ගිය දෙයක් විදිහට දැනිලා තිබ්බා.ඒවට උදාහරණ තමා සියාට නොදැනුනා වුනාට ලියෝගේ හැම වෙලාවකම හිතේ හිටියේ සියා.

සියාගේ මූණ දිහා බලාගෙනම ලොකු කල්පනාවකට වැටුන ලියෝ ආයෙම පියවි සිහියට ආවේ සියා ඇහැරිලා ලියෝට කතා කරද්දි...

" ගුඩ්මෝනින් ලියෝ..."

" ආහ් නැගිට්ටද සියා.ගුඩ්මෝනින්..."

" හ්ම්ම්ම්...ඔයා මොනාද උදේම මගේ මූණ දිහා බලාගෙන කල්ප්නා කරන්නේ ඔය තරමට..."

" මුකුත් නෑ...ඇත්තටම අපි ආයේ රොමැන්ටික් ෆිල්ම් නොබලා ඉමු.කම්මැළි නිසා වෙන්න ඇති දෙන්නටම නින්ද ගියේ."

" ඔව් මන් හිතන්නේ...ඒත් ඒ ෆිල්ම් එක කිසිම ෆීලින් එකක් තිබ්බේ නෑ මට නම්.."

" ඇත්තටම...ඒත් ඒ මොකද..."

ලියෝ ඒක ඇහුවේ නැගිටලා වාඩි වෙන ගමන්...

" අනේ මන්දා...ඒත් මන් හිතන්නේ මන් ස්ට්‍රේට් නෙමේද කොහෙද."

ඒකට නම් ලියෝ පොඩ්ඩක් ගැස්සුනා වගේ වුනා.

" සියා... ඔයා ඔය සිරියස්ලිමද කියන්නේ."

" ඔව් ලියෝ...ඒක එහෙම වෙන්නැති...මට ඉස්සරම ස්ට්‍රේට් ෆීල් වෙන්නත් දැන් නැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනනේ."

ඒක ඇහුනම ලියෝට නම් උඩ පයින්න හිතුනා කියලා මට සුවර්...මොකද ලියෝ මේක කලෙත් සියාගේ රිඇක්ශන් එක මොන වගේද බලන්න...එයාගෙන්ම එයා ස්ට්‍රේට්ද නැත්තන් ලෙස්බියන්ද කියලා අහගන්න ඕන නිසා...

" ඒක කිව්වේ ඇත්තටමද. එහෙනමද සියා..."

" ඔව්...මන් මොනා හරි හදන්නම්...ඔයා වොශ් දාන් එන්න..."

එහෙම කියාගෙන සියා කිචන් එකට ගියේ ලියෝගේ කොන්ඩෙත් අවුල් කරලා...

ලියෝ කොන්ඩෙත් හදන ගමන් හිනා වුනේ කට කොනින්...

─────────────────────────♡

◉♡ ඒ මේ මේක මැචින් නැද්ද.නිකම් හරි නෑ වගේනේ අනේ මන්දා...

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!