Chapter 10 of 23

නවවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,861 words~15 min read

ප්‍රයිස් ගිවින් තියෙන දවස වෙනකන් ඊලඟ දවස් ටික එකම විදියට ගෙවිලා ගියේ හරිම ඒකාකාරී විදියට.. අද සිකුරාදා.. ආෆ්ටර් ස්කූල් තමයි ඉවෙන්ට් එක තියෙන්නේ.. එහෙමයි කියලා නෑ ටීචර්ස්ල ඩියුටි මාරුවෙන් මාරුවට බෙදාන ඒලෙවල් ක්ලාසස් වලට ඇරෙන්න ගිහින් උගන්නනවා.. කොහොමත් ලොකු පන්තිවල ලමයි වැඩිය නෑනේ..

උදේම හෝල් එකේ ඩෙකෝ ටික පටන් ගත්ත නිසා ප්‍රිෆෙක්ට් බෝඩ් එකම එතන.. මාත් එතනට පොඩ්ඩක් ඔලුව දාලා ෆයිනල් රිහසල් එකටත් ඉදලා HP අයියටත් යනවා කියාන යසා එක්ක මියුසික් රූම් එකට ආවා.. ඒ ඔක්කොම ඉවර වෙද්දී එකයි.. ඉවෙන්ට් එක පටන්ගන්නේ තුනට.. අපි යද්දී පොඩි අය කොස්ටියුම් එකේ ට්‍රවුසර් එක දාගෙන ඉන්ස්ටෘමන්ට් රෙඩි කරනවා.. එදා කිව්වා වගේම අකීල් යාලුවොත් එක්ක ඇවිත් හිටියා.. මං එයාට කට පුරවලා හිනාවක් දෙද්දී යසා මට තට්ටුවකුත් දාන ට්‍රවුසර් එක දාගන්න ගියා..

ලමයි.. කෝ බියුගල් ප්ලේ කරන පස්දෙනා..

හිරුෂ මල්ලී එක්ක තව මල්ලිලා හතරක් මං ලගට ආවා..

ඔක්කොම හරිද.. ට්‍රම්පට් හරියට පිච් වෙනවද.. ස්ලෑෂස් ටික හරිද..

ඔව් අයියේ..

එහෙනම් ස්ලෑෂස් ටික දාගන්න.. බියුගල් එකෙයි වෙල්කම් එකෙයි ෆයිනල් රිහසල් එක ගමු.. අනික් අයත් ඉන්ස්ටෘමන්ට් අරන් රෙඩි වෙන්න..

ෆයිනල් රිහසල් එකත් අරන් ඉවරවෙලා කට්ටියම චේන්ජ් කරගන්න යවලා මං බෑන්ඩ් එකේ රෙජිස්ටර් එකත් අරන් මේසෙකින් වාඩි උනා.. මේසේ ලගට ආව අකීල් පුටුවකුත් ඇදන් මං ලගින් වාඩි වුනා..

මොකද කරන්නේ..

ගිය දවස් ටිකේ රෙජිස්ටර් එක මාක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ.. හැමෝම හැමදාම ආව නිසා කට්ටිය ලෑස්ති වෙනකන් මේක ඉවර කරනවා..

එතකොට ඔයා..

යසා ආවම යනවා.. මෙයාලව බලන්න සීනියර් කෙනෙක් ඉන්න ඕන නේ..

මං කියපු දේට අකීල් ඔලුව විතරක් වනලා රෙජිස්ටර් එක්ට එබුනා.. මාත් පාඩුවේ ඒක මාර්ක් කරා..

නෙතුවා මං හරි.. උබත් ගිහින් රෙඩි වෙයන්..

හරි බං.. පොඩි අය හරිද..

ඔව්.. උන් කොහොමත් භාගෙට රෙඩි වෙලානේ හිටියේ.. උබ තාම ට්‍රැක් කිට් එක පිටින්.. ඉක්මනට චේන්ජ් කරගන්න..

හරි..

එහෙම කියාන මං මියුසික් රූම් එකේම පැත්තකට වෙන්න තිබුණු බෑන්ඩ් එකේ ලොකර් රූම් එකට ගියා.. මං ට්‍රවුසර් එක දාගද්දී ඇතුලේ හිටපු අන්තිම කොල්ලත් රෙඩි වෙලා එලියට ගියා.. තාම දෙකටවත් නැති නිසා හෙමීට රෙඩි වෙද්දී කව්දෝ ලොකර් රූම් එකේ දොරට තඩිබාන්න ගත්තා..

කව්ද යකෝ දොර ගලවන්න හදන්නේ..

නෙතුවා.. බෑන්ඩ් එකට හෝල් එක ලගට එන්න කියලා.. මං පොඩි උන් අරන් යනවා.. හෙල්ප් එකක් ඕන නම් අකීල් ඉන්නවා කියන්න..

හරේ.. පරිස්සමින් එක්ක පලයන්..

යසා පොඩි උන් ටිකත් අරන් ගියා.. මං රතු පාට කොලර් එක තියෙනෙ තද නිල් බ්ලේසර් එක ඇතුලට අදින ආම් කට් ස්කිනි එක ඇදලා බ්ලේසර් එකත් දාගෙන කහ පාට ටසල්ස් ටිකත් හදාන ඒ පාටම ස්ලෑෂ් එකත් අරන් දකුණු උරහිසෙන් දාලා වම් අත පිටිපස්සට ගෙනියැව්වේ ඒක ඉස්සරහට ගන්න.. ඒත් එක්කම මට ටිකක් හයියෙන් කෙදිරියක් පිට උනේ වැලමිටට උඩින් දැනුන වේදනාවට..

නෙතූ.. මොකද උනේ..

අනේ අකීල් මගේ අතට මොනාහරි උනා..

මේ දොර අරින්න මට ඇතුලට එන්න..

ඇරලා තියෙන්නේ..

ඒ කියලා තප්පරෙන් අකීල් ඇතුලට ආවා..

මොකද උනේ.. කෝ අත පෙන්නන්න..

ආව් ආව් හෙමීට අනේ..

මං හිතන්නේ පොඩ්ඩක් ඇඹරුනා..

ආයිශ් පරිස්සමින්.. කෝ දැන් හරි.. තාමත් රිදෙනවද.. පර්ෆෝම් කරන්න පුලුවන්ද.. කාටහරි කතා කරන්නද..

අකීල් මගේ අත හෙමීට ඉස්සරහට අරන් මාව හරව හරව අහනවා තව කොහෙද රිදෙන්නේ කාටහරි කතා කරන්නද අහනවා.. ඒ ඇස් හරි

කලබලයි..

ඕන්නෑ අකීල්.. මේක පොඩි දෙයක් මට පර්ෆෝම් කරන්න පුලුවන්.. ඔතන තියෙන ස්පෝර්ට් බෑග් එකේ ස්ප්‍රේ එකක් ඇති.. අරන් පොඩ්ඩක් ස්ප්‍රේ කරන්නකෝ..

අකීල්ට එතන බෙන්ච් එක උඩ තිබුණු මගේ ස්පෝර්ට් බෑග් එක පෙන්නලා කියද්දී එයා හරි හදිස්සියෙන් බෑග් එක ඇදලා ස්ප්‍රේ එක අරන් මගේ වැලමිටට උඩ ටිකට ස්ප්‍රේ කරා..

බලන්නකෝ.. පරිස්සන් වෙන්න එපෑ.. මීට වඩා දෙයක් උනා නම්.. මං හිටියේ නැත්තන්..

අයියෝ මේක පොඩි දෙයක්.. බය වෙන්න එපා..

ඒ උනාට.. පරිස්සමින් වැඩ කරන්න..

හරි දැන් මට හෙල්ප් කරන්නකෝ..

ඉතින් අකීල්ගෙත් හෙල්ප් එකෙන් මං ඉතුරු ටික රෙඩි උනා.. නොකිව්වට අත ටිකක් රිදෙනවා.. ඒ උනාට දැන් ඒක කිව්වොත් මෙයා මෙතන නටනවා.. අන්තිමට අකීල් මගේ තොප්පියත් දාලා හරි ආඩම්බරෙන් වගේ මං දිහා බලාන හිටියා..

මොකද..

හැඩ බැලුවේ..

මේ මං..

හම්ම්.. ඔයා හරි හැඩයි ඔය කිට් එකට.. අමුතු එකක් තියෙනවා..

මේකට විතරද හැඩ..

ඔන්න පොර ගොලු බෙහෙත් බිව්වා..

ඉතින් කියන්න.. මොකෝ..

ඕකට විතරක් නෙවෙයි ඉතින්.. දැන් යමු.. තුනටත් කිට්ටුයි..

මෙච්චර වෙලා මගේ පැත්තට තිබුණු ඇස් කලබලෙන් එහෙ මෙහෙ දුවන ගමන් වෙලාව හරි කියලා යන්න හදිස්සි කරා.. ඒ කලබලේ දැකලා හිනාවක් පනින්න ආවත් ඒක හිරකරන් ඔලුවත් වනලා එයාවත් ඇදගෙන මෙස් එකත් අරන් මං රූම් එකත් ලොක් කරන් එලියට ආවා..

ඔයා මොකද කරන්නේ.. කීයටද යන්නේ..

ඔයාලා ප්ලේ කරලා ඉවර උනාම යන්නම්..

අර දෙන්නත් ඉන්නවා නේ..

එහෙනම් ඔයාලට පුලුවන්නේ ප්ලේ කරලා ඉවරවෙලා කෙලින්ම ගෙවල් වලට යන අය ගේට් එකෙන් එලියට යනකන් බලන්න.. අනික් අය ඉන්ස්ටෘමන්ට් තියලා කෙලින්ම හෝල් එකට යනවා..

හ්ම්ම්..

අපි මේන් හෝල් එක ලගට යද්දී බෑන්ඩ් එක ලයිනප් වෙලා.. ගිමායි මිලානුයි කොස්ටියුම් වල අඩුපාඩු බලනවා.. මහීෂත් එලියට ඇවිත් ට්‍රම්පට්ලට උපදෙස් දෙනවා.. මාත් රීඩ්ස්ලට කතා කරලා බෑන්ඩ් එකේ ඉස්සරහින් හිටගත්තා..

ලමයි ටැප් එක්කින් ගේට් එක ලගට ගිහින් කවුන්ට මාචර්ච් එක්කින් හැරිලා අ'බව් ටර්න් එකක් ගහමු..

Okay..

ඉතින් කලින් කියපු විදියට ගිහින් ගේට් එක ලග ලයිනප් වෙලා හිටියේ ගෙස්ට් එනකන්.. ප්‍රයිමරි එකේ පොඩි මල්ලිලා තුන්දෙනෙක් මට ඉස්සරහින් ඉන්නවා ෆ්ලවර් බන්ච් තුනකුත් තියාන..අකීල්ලාත් සැරින් සැරේට ඇවිත් අපිත් එක්ක කතාකරලා යනවා..

ඕයි.. කීයටද බං මේක පටන් ගන්නේ..

අනේ පොඩ්ඩක් හිටපන් බං.. කවදාවත් කාපු නැති කට්ටක් වගේ නේ.. මේ අන්තිම පාර බං අපි දෙන්නා මේකේ වෙල්කම් ඉන්න..

සිරාවටම අන්තිම පාර නේ..

හම්ම්ම්..

අයියේ අන්න ආවා.. හැරියන්..

ඇතියන්තන්..

මං ටර්න් එකක් ගහලා බලන් හිටියා අර පොඩි තුන්දෙනා වෙල්කම් කරනකන්.. මං ඇස් කොනින් දැක්කා අර තුන්දෙනා ෆෝන් උස්සන් ෆොටෝ වීඩියෝ ගන්නවා.. ඉතින් වෙල්කම් එකත් ඉවර කරලා රූම් එකට ඇවිත් ගෙවල් වලට යන අය අකීල්ලා එක්ක යැව්වා.. තිබ්බ කලබලේට අකීල්ට හරියට බායි කියන්නවත් බැරි උනා.. කොහොමහරි ප්‍රයිස් නැති බියුගල් ටිකත් බැල්කනි එකෙන් වාඩි කරවලා ප්‍රයිස් තියෙන ඔක්කොලාමත් එක්කන් ඇවිත් මේන් හෝල් එකෙන් වාඩි උනා.. ඉස්සෙල්ලාම ග්‍රේඩ් ප්‍රයිස් දීලා ඊලඟට ස්පෙශල් ප්‍රයිස් ටික.. ඒ හැම ප්‍රයිස් එකක් ගානෙම ගන්න කෙනාගේ තනතුරු අනන් මනන් සේරම කියනවා.. ඕලෙවල් 6As වලට එනකන් දෙනවා, යකූ අපේ පන්තියේ හතරපහක් ඇරෙන්න ඔක්කොම පෝලිමේ..

අඩෝ.. ඔක්කොම මෙතන..

කෑගහන්න එපා කංචුවෝ..

උබ ඉතින් හැමදාම අපිට කෑගහන්න එපා කිය කියනේ හිටියේ.. ඒකට බලපන් අපේ ක්ලාස් කැප්ටන් උතුමා.. අපි මලොත් විතරක් පොඩ්ඩක් හැරිලා බලයි..

ඌ නිසාම හොදයි තොපිට.. හැබැයි ඌ එක වචනයයි තොපි ඔක්කොම සයිලන්ට්නේ..

අනේ පලයන් යන්න..

මෙතන ඇවිල්ලාත් මහීෂයි කංචුකයි වලි.. මුං නම් කවදාවත් හැදෙන්නෑ..

නවත්තපන්.. අන්න අපේ ඒවා පටන් ගත්තා..

ඉතින් අපි ස්පෙශල් ප්‍රයිස් ගත්තා.. මගේ එක ගන්න මං ඉතින් මගේ අර තියෙන පට්ටන් ඔක්කොම කියලා ස්ටේජ් එකට නගිද්දී විනාඩි දහයක් විතර ගිහින්.. ඒක ගද්දී මං දැක්කා ස්ටේජ් එකේ වාඩිවෙලා හිටපු අපේ නිමේෂා මිස්ගේ ඇස් දිලිසෙනවා.. එයාට කොච්චර ආඩම්බර ඇද්ද එයා උගන්නපු ලමයි ඔක්කොලාම වගේ මෙහෙම දකිද්දී.. ඇයි අප්පා එකෙක්වත් හරියකට පන්තියේ හිටපු අය නෙවෙයි නේ.. මං ප්‍රයිස් එකත් අරන් කෙලින්ම බැල්කනි එකට.. මගේ පස්සෙන් යසාත් ඇවිත්.. යකූ මූ මං මැරුණ දවසක වලටත් පස්සෙන් එයි..

ලමයි ලෑස්ති නේ..

පිට් තමා අයියා..

බියුගල් එකෙන් පස්සේ මට තිබ්බ එකම එකම ඩියුටියත් කරලා අම්මාවයි බෑන්ඩ් එකේ සෙට් එකයි අල්ලගෙන ෆොටෝත් ගහලා කොහොමහරි ඒ වැඩෙත් ඉවර කරා.. කලින් ෆුල් බෑන්ඩ් එකත් එක්කම ෆොටෝ එකක් ගත්තා..

.

.

.

.

.

.

.

.

.

.

ඉස්සරහට ආව දවස් ටික පුරුදු විදියට ඉගෙන ගන්න ඒවත් එක්ක යද්දී ස්පෙශල් දෙයකට උනේ හැම පාරම ස්කූල් එකේ ඉන්ට්‍රැක් ක්ලබ් එකයි කැතලික් ඇසෝසියේෂන් එකයි වෙස්ටන් මියුසික් ක්ලබ් එකයි එකතුවෙලා ක්‍රිස්මස් එකට කරන කැරොල් සර්විස් එකයි ක්‍රිස්මස් පාර්ටි එකයි.. ඔය තුනේම මුල් පුටුවල අපි හතරදෙනා ඉන්න නිසා හැමදාම වගේ මේ දවස් ටිකෙත් පන්තියේ නෑ.. අපි නෑ කියලා උගන්නන්නැතුව ඉන්නෑනේ.. ඉතින් හවස හයට විතර ගෙදර ගියපු වෙලාවේ ඉදලා ලියන මහත්තයා වගේ.. සමහර දවසට රෑ කෑම එක අම්මා ඇවිත් කවලා යනවා මාලුපිනි මොනාද කියලවත් දන්නෑ..

මං මගේ software engineering degree එකත් මේ අස්සේම කන්ටිනිව් කරන නිසා කැම්පස් එකෙත් වැඩ කැටියයි.. Assessment හතරකින් තුනක් ඉවර කරලා ජනවාරි වලට කලින් Submit කරන්න ඕන.. අනික් එක ගෲප් වර්ක් එකක්.. අපේ ටීම් එක හිතන් ඉන්නේ ගන්නෝරුවේ ආමි කෑම්ප් එකට වර්ක්ශොප් එකක් කරන්න.. මිලාන්ගේ අප්පච්චිට කියලා ඒ වැඩේ කතා කරගන්නවා.. දෙයියනේ දැන් නම් පිස්සු වගේ.. යන්තන් ඊයේ ස්කූල් එකේ තියෙන්න තිබ්බ සේරම ඉවර කරලා නිවාඩු දුන්නා.. වැඩිය නෑ, ක්‍රිස්මස් වීක් එකයි ඊටපස්සේ වීක් එකයි.. 23 කැම්පස් එකේ පාර්ටි එක.. ඊට කලින් assessment දෙකක්වත් ඉවර කරගන්න ඕන..

අද ගෙදර කවුරුත් නෑ.. ඇනී අම්මා ක්‍රිස්මස් එකට ගෙදර ගියා.. නංගිව එයාලගේ ස්කූල් එකේ කැරොල් ප්‍රැක්ටිස් ගියා.. අම්මලා ඉතින් තුන්සියහැටපස් දවසෙම වැඩනේ.. පාලුව යන්න හෙඩ් සෙට් එකත් දාගෙන එකක් ඉවර කරලා දෙවෙනි එකෙත් කාලක් වගේ ඉවර කරද්දී ප්ලේ වෙවී තිබුණු සින්දුව අස්සෙන් ඩෝබෙල් එක රිං වෙනවා වගේ ඇහුනත් ගනන් ගත්තේ නැත්තේ සින්දුවේ කෑල්ලක් කියලා හිතලා.. එහෙම හිතලා විනාඩියක් යන්නැති මට මහීගෙන් කෝල් එකක් ආවා..

කියපන්..

දොර ඇරපන්..

මොන..

උබලගේ ගෙදර..

ඒ අහවල් එකටද..

ඇරපන්කෝ.. එතකොට අහවල් එක පෙනෙයි..

මං තව මුකුත් කියන්න කලින් ඌ කට් කරා..මොන මගුලක්ද ඒ උනේ.. ඔන්න ඔහේ ඕන දෙයක් වෙන්න ආයෙත් හෙඩ් සෙට් එකත් දාගෙනම කාමරෙන් එලියට ආවා.. සාලෙට ආවාම තමයි දැක්කේ හූනෙක් වගේ ඉස්සරහ ජනේලේ ඇලිලා ඉන්න යසා.. ඊට එහායින් තව දෙතුන්දෙනෙක් හිටියා.. අඩේ මුං ඇවිල්ලා.. මං ඉතින් ප්ලේ වෙවී තිබුණු සින්දුවට හරියන්න පස්ස පොඩ්ඩක් කරකවලා ඩාන්ස් කෑල්ලකුත් දාගෙන ගිහින් දොර ඇරියා..

හේයි සුදාම්...

හේ හේ.. මට එච්චරයි කියන්න පුලුවන් උනේ.. මොකද තරුවට පිටිපස්සෙන් හිටපු අය දැක්කම මට හික් ගෑවුනා..

මොකද උබ නැවැත්තුවේ.. ඉතුරු ටිකත් කියපන්..

අනේ බල්ලෝ.. කලින් කියන්න එපෑ මෙයාලත් ආවා කියලා..

උන් තියා අපි ආවා කියලවත් උබට වගක් තියේද..

ඒක නෙවෙයි අරයා ඇයි අරෙහෙම බලන් ඉන්නේ..

වෙන කවුරුත් නෙවෙයි අකීල්ලා තමයි හිටියේ.. හනේ මං පගර ඩාන්ස් එකකුත් දාගෙන ආවේ.. මං අහපු දේට මහී අකීල් දිහා බලලා ආපහු මගේ දිහා උඩ ඉදලා පහලට බලලා හෙන වල් හිනාවක් දැම්මා.. හරියට එයාගේ මූණේ මේ දැන් තියෙන හිනාව වගේ, හැබැයි ඒ තරම් හැන්ඩ්සම් නෑ.. ඔන්න ඔන්න ආයෙත් පටන් ගත්තා අසහනකාරී හිත.. ආයෙත් වටේ ගියා.. හිත බං හිත.. මහී බලපු බැල්ම ඇල්ලුවේ නැති නිසා මාත් මං දිහා බැලුවා.. හුටා මං ඇදන් ඉන්නේ කොට ශෝටකට ආම් කට් එකක්.. කොට කියන්නේ ඉතින් ගල් දෙක සම්පූර්ණයෙන්ම එලියේ වගේ.. ආම් කට් එකෙත් අත ඉස්සුවොත් ඔක්කොම එලියේ.. කවුද යකෝ එයා එයි කියලා හිතන්නේ.. ඒත් ඇයි මේ ලැජ්ජ වෙන්නේ.. එයත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. ගොන් හිනාවකුත් දාගෙන මං අයෙත් සෙට් එක දිහා බලද්දී අකීල්ගේ බැල්ම වෙනස් වෙලා.. ඒකට නම් තඩි කෙල ගුලියකුත් ගිලුනා..

හේ හේ.. කලින් කියන්න එපෑ ඔක්කොලාම එනවා කියලා.. එන්න ඇතුලට..

ඇතුලට ආපු සෙට් එක කෙලින්ම සාලේ සෝෆා එකෙන් පතබෑවුනා..

අඩෝ තෝ නිකන් ගෙදර අයිතිකාරයා වගේ නේ..

අපි ලොක්ඩවුන් කාලේ මෙහෙ තමයි වාසය කරේ බ්‍රෝ..

මිලාන් ගිහින් පුරුදුකාරයා වගේ A/C එක ඔන් කරාම ගිමාලට හෙන ප්‍රශ්නේ..

අඩෝ සිරාවටම..

යෙප්.. අපි ඒ දවස් වල නෙතුවලගේ වෙලේ ක්‍රිකට් ගහනවා.. මෙතන පහල නේ.. ඊටපස්සේ මං දවල්ටත් කාලා හවස් වෙනකන් මෙහෙ තමා හිටියේ..

උබලා ඒ කාලේ හෙන ආතල් අරන් නේ..

එයාලා කතාකරන අතරේ මං කුස්සියට ගියේ බොන්න මොනාහරි ගේන්න.. මං දැක්කා යසාත් මගේ පස්සෙන් එනවා..

ඉතින් නෙතුවා.. ඔයා මොනාද මේකෙන් බලාපොරොත්තු උනේ..

යසා ඇහුවේ මං ලගින් කිචන් අයිලන් එකට හේත්තුවෙන ගමන්..

මොනා ගැනද අහන්නේ..

මං ඇහුවේ ෆ්‍රිජ් එකෙන් ගත්ත ඇපල් ජූස් එක ග්ලාස් වලට දානගමන්..

ඔය කොට ශෝටයි ආම්කට් එක ගැනයි.. අකීල්ව අවුස්සන්නද..

මොකා.....ක් තොට පිස්සුද.. ඇයි අවුස්සන්න එයා කුනු ගොඩක්ද..

අනේ බොරු පානිය නොදා හිටපන්.. ඇත්තටම උබට තේරෙන්නැද්ද බං..

මොනාද..

ග්ලාස් ටික ට්‍රේ එකේ තියලා අතට ගන්න ගමන් යසා දිහාට හැරුනේ මූ කියන අපප්බ්‍රන්සේ මොකද්ද කියලා දැනගන්න..

ඇත්තටම උබට අකීල්ගේ හිතේ තියෙන දේ තේරෙන්නැද්ද..

මං ඇහිබැමකුත් උස්සලා ඌ දිහා බලද්දී ඒකා ජූස් ට්‍රේ එක උගේ අතට ගත්‍තා..

හරි මට කියපන්කෝ උබට ඌ ගැන කොහොමද දැනෙන්නේ.. මං අහන්නේ ලග ඉන්නකොට..

වෙනසක් නෑ.. උබලා වගේම යාලුවෙක්..

අනේ බූරුවෝ.. හරි මෙහෙම හිතපන්කෝ උබයි අකීල්ලුයි විතරයි මෙතන ඉන්නේ.. මෙන්න මෙහෙම ලගට වෙලා උබේ උරහිස වටේ අතත් දාගෙන.. දැන් කොහොමද..

යසා කියපු විදියට කරද්දී මට මතක් උනේ එදා අඹ ගහ යට බංකුවේදී අකීල් මාව සයිඩ් හග් කරලා මගේ හිත හදපු හැටි.. එතකොට නම් මගේ හාර්ට් එක ආයෙත් මීටර් සීය දුවන්න ගත්තා..

කියපන් ඉතින්..

හරි මං ඇත්තම කියන්නම්.. උබ දන්නවා අනික් උන් දෙන්නට වඩා මං උබට ක්ලෝස් අපේ අප්පච්චිලා නිසා.. එයාගේ ලග ඉද්දී මාරම කම්ෆටබල් බං.. හරියට අප්පච්චි ලග ඉන්නවා වගේ.. එයාගේ අත් අස්සේ ඉද්දී මාරම, මං දන්නෑ මොනා කියන්නද කියලා, හරියට උබ ලගින් අම්මා අප්පච්චි ලගින් දැනෙනවා වගේ.. හෙනම සේෆ් ෆීලින් එකක්.. අනික එයාගේ ඇස් කියන කතාව ලොකුවට නැතත් නොතේරෙනවා නෙවෙයි.. ඒත් මට බයයි බං.. If it's just an attraction, what should I do yasa...

ඇත්ත.. මේ ටික දවසට ඒ ඇස් හැමතිස්සෙම කියපු කතාව නොතේරෙන්න මම බබෙක් නෙවෙයි නේ..

මේ අහපන් බං.. උබ කියන කතාවේ වැරැද්දක් නෑ.. ඒත් එයාව මතක් කරපු ගමන් උබේ ඔය පිස්සට හැතැම්මෙ නෑ වගේ ගැහෙන හාර්ට් එකෙන් අහලා බලපන් උබට හරියටම දැනෙන දේ.. ඒවගේම හොදට මොලේ කල්පනා කරලා ගන්න තීරණයක් ගනින්..

එහෙම කියපු යසා මං ලගින් ජූස් එකකුත් තියලා ඉතුරු ටිකත් අරන් කුස්සියෙන් එලියට ගියා.. ඇත්තටම මට මේ දැනෙන හැගීම ඇත්තද.. මං දන්නවා අපේ ගෙදර අයටවත් මගේ යාලුවොන්ටවත් මගේ සෙක්ශුවැලිටි එක ප්‍රශ්නයක් නෙවෙයි.. ඒත් මං ගන්න ඕන හරි තීරණයක් නේ.. ජූස් එක දිහා බලාන කල්පනා ලෝකෙක හිටපු මම ඒකෙන් එලියට ආවේ පිටිපස්සෙන් කවුරුහරි උගුර පාදනවා ඇහුන නිසා..කවුද කියලා බලන්න අනික් පැත්තට හැරෙද්දී මගේ නලල ගිහින් වැදුනේ ගල් ගෙඩියක.. සිදුනා යකූ..

කවුද යකෝ ගල,..

කවුරු උනත් කමක් නෑ කියලා කෑ ගහගෙන ඔලුව උස්සද්දී අකීල් ඉන්නවා කට කොනේ හිනාවකුත් දාන.. අනේ මට බෑ... අම්මාආආආආ.. මේ මිනිහා මට වඩා උසයි තමයි ඒත්..

මේ ඔයාගේ උස කීයද..

ඕක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ.. ගොන් තමයි ඒත් මොනා කරන්නද..

හයයි දෙකයි..

ඔහ් මට වැඩිය තුනක්.. ඉතින් ඇයි ඔයා කුස්සියට ආවේ..

හිනාවකුත් දාගෙන මං අහද්දී අකීල් හෙමින් හෙමින් මගේ මූණට පාත් උනා.. දැන් නම් මගේ හාර්ට් බීට් එක එයාට දැනෙනවා කියලා සීයට දාහක් ශුවර්.. හෙමීට ගැහියන් යකූ මාව ලැජ්ජ නොකර..

මගේ ජූස් එක ඉල්ල ගන්න..

යසා අරන් ගියානේ..

ශුවර්..

එහෙම කියන ගමන් එයා ඇස් වලින් මට කිචන් අයිලන් එක පෙන්නුවා.. මං අනික් පැත්තට හැරෙද්දී දැක්කේ යසා මං ලගින් තියලා ගියපු ජූස් එක.. ආ..... යසා.. මට දැන් ආයෙත් හැරෙන්න ලැජ්ජයි.. ලැජ්ජාවටත් වඩා අකීල් ඉන්න විදියට කොහොමත් බෑ.. මොකද ඒ තරමට එයාගේ පපුවේ රස්නේ මට දැනෙනවා.. මං කිචන් අයිලන් එක තදකරලා අල්ලගත්තා.. එයා දකුණු අත මගේ පැත්තකින් දාලා ජූස් එක අතට ගන්න ගමන් වම් අත මගේ ඉන වටේ යවද්දී මට හුස්ම ගන්න හැටිත් අමතක උනා..

මං දන්නවා අනුන්ගේ කතා අහන් ඉන්න එක හොද පුරුද්දක් නෙවෙයි.. ඒත් එහෙම නොවුනනම් මං කොහොමද ඔය හිතේ තියෙන දේ දැනගන්නේ.. නේද මැණික..

අතට ගත්ත ජූස් එකෙන් උගුරක් බීලා ඉනේ තිබුණු අත චුට්ටක් තද කරන ගමන් අකීල් කන අස්සේ මුමුණද්දී මගේ කොන්ද දිගේ හිරියක් ගියේ මගේ ඇගම පන නැති කරලා.. දෙයියනේ එයාට සේරම ඇහිලා..

ඉතින් උබ මගේ හිතේ තියෙන දේ දන්නවා කියලා මාත් දැන් දන්නවා.. ඒකට උත්තරේ මම මේ හදිස්සියේ ඉල්ලන්නෑ.. හෙමීට හිතලා උත්තරයක් දීපන් මැණික.. එතකන් අපිට ලගින් ආශ්‍රය කරලා අපි අපිවම තේරුම්ගන්න පුලුවන්නේ.. හැබැයි එහෙමයි කියලා උබේ වැඩ එකක්වත් පාඩු කරගන්න බෑ.. තේරුනාද..

මම ඔලුව වැනුවේ වචනයක්වත් එලියට දාගන්න බැරිවෙන්න මාව ශොක් වෙලා නිසා..

දැන් ඉතින් ගොලු බෙහෙත් බිව්ව එකා වගේ ඉන්නැතුව අර කටර් එක එලියට දාපන්කෝ..

අනේ..

මොකෝ ලැජ්ජයි ද..

ඔව් නේ.. යා අකීල් හුස්ම ගන්න බැරිවෙයි..

මං ලැජ්ජයි කියද්දී එයා ඉන වටේ තිබුණු අත තදකරලා මාව එයාගේ ඇගට තවත් හේත්තු කරගත්තා..

නොකිව්වට දැන් ඉතින් මගේ නේ.. නේද..

අතේ තිබුණු ජූස් එකේ අන්තිම උගුර මට දෙන ගමන් මගේ උරහිසෙන් එයා නිකට හේත්තු කරගද්දී අන්තිම ජූස් ටික මං එක උගුරට බිව්වා..

කියන්නකෝ..

හ්ම්ම්..

යෙස්..

මගේ හම් එකට එයා මාවත් ඇතෑරලා උඩපැන්නේ යෙස් කියන ගමන්.. එයාට එච්චර සතුටුද..

යා....හ් ඔච්චර නටන්න දෙයක් මං කිව්වද..

ඔයා දන්නෑ මැණික මං මෙහෙම හරි ඔයාගෙන් උත්තරයක් ගන්න කොච්චරකල් බලන් හිටියද කියලා..

ඉතින් කොච්චර කල්ද..

ඒකත් ඉක්මනට කියන්නම්කෝ.. හැබැයි මේක ඔෆීශියල් වෙච්ච දවසට..

හාකෝ.. දැන්වත් අපි ඉස්සරහට යමුද.. අනික් අය බලාන ඇති..

හෝදපු ග්ලාස් එකත් පැත්තකින් තියලා මං අහද්දී එයා මගේ ඉන වටේ අතක් දාගත්තා..

මේ මොකද.. අත ගන්න..

බෑ.. අනික් අය දැනගන්න ඕන නේ..

ඔයත් වෙලාවකට මහ කෝලමක් අකී..

අකී..

ඇයි මට එහෙම කතා කරන්න බැරිද..

අපොයි මොකද බැරි..

ලොකු හිනාවක් එක්ක එයා කියද්දී අපි අනික් අය ලගට ගියා.. 'ටසිරි අපි කුස්සියේ හිටපු ටිකට හිරුෂ මල්ලිත් ඇවිත්..

මෙයා කාත් එක්කද ආවේ..

මල්ලිව එක්කන් ආවේ මං.. උබට ප්‍රශ්නයක්ද..

අපොයි නෑ මහී.. හොදට බලගනින් උබේ මල්ලි බබාව.. පුලුවන් නම් හරහට අරන් කුක්කු ටිකකුත් දීපන්..

ඒ ගැන මං බලාගන්නම්.. උබ කලබල නොවී හිටපන්..

අම්මෝ කෝමද ඒක..

උබ මුන්ට එක එක දේවල් කියන වෙලාවේ ඔය ඉන වටේ තියෙන අත ගැන අපිට පැහැදිලි අදහසක් දුන්නා නම්..

මෙහෙමයි එහෙම නෙවෙයි.. හැබැයි එහෙම තමයි..

අනේව් මිලාන්.. අද ඉදලා අපි නිදහස් මචං..

ගිමා කෑගහගෙන මිලාන්ව බදාගත්තා.. wtf බැල්මකින් මං උන් දෙන්නා දිහා බලලා අකීල් දිහා බැලුවා.. මේකත් ඉන්නවා හිනා වෙවී..

ඇයි දැන් උබලා අද ඉදලා නිදහස් වෙන්නේ.. ලංකාවට නිදහස ලැබුණේ 1948 නේ..

තරුවා ඇහුවේ මොනාද මුන් මේ කියන්නේ කියලා මං වගේම තේරුම් ගන්න බැරුව.. මුටත් වෙලාවකට ට්‍රැක්..

නෑ බං.. දැන් ඔය බබා වගේ නෙතුවාගේ ඉන වටේ අත පටලන් ඉන්න අපේ අකීල් සහෝදරයා හැමදාම අපිට උගේ ලව් එක ගැන කියන අඩෝවැඩියාවෙන් අපි නිදහස් වෙන්නේ මචං..

අඩේ අයියේ.. පාටි දීපන්..

උබ කටවහප් පොඩි එකා..

හරි දැන් ඇයි උබලා ආවේ..

ගෙවල් වලට වෙලා ඉදලා කම්මැලී බං..

එහෙනම් ක්‍රිකට් අතක්වත් ගහමු..

යමන්.. මං දැක්කා සෙට් එකක් වෙලේ ඉන්නවා..

උබලා පලයල්ලා.. මට assessment එකක් ඉවර කරලා submit කරන්න තියේ එකට කලින්.. ඊට පස්සේ 11ට ඔන්ලයින් මීටින් එකක් තියේ 23 කැම්පස් එකේ ක්‍රිස්මස් පාර්ටි එක ගැන.. ඒ ටික ඉක්මනට ඉවර කරලා මං එන්නම්..

ඉක්මනට එන්න..

කට්ටියම මිලාන් අරන් ආව මගේ බැට් එකත් අරන් යන්න ලෑස්ති වෙද්දී අකීල් මගේ කම්මුලකට කිස් එක්කුත් දීලා ඉක්මනට එන්න කියද්දී වටෙන්ම සූ සද්දයක් ඇහුනා.. දැනුන කෝල බවට ඉක්මනට ඔලුව හොල්ලපු මං අඩියට දෙකට කාමරේට රින්ගගත්තා..

.

.

.

.

.

.

.

විනාඩි හතලිස් පහකින් විතර දෙවෙනි assessment එකත් ඉවර කරලා දෙකම submit කරා.. ඉතුරු එක හෙට පටන් ගන්නවා.. එතකොට පලවෙනිදට කලින් ඉවර කරගන්න පුලුවන්.. හරියට 11ට මීටින් එක පටන් ගද්දී ලැප් එකත් අරන් ඇදට ආව මම සීනියර් අක්කලා අයියලා කියන දේවල් වලට ඔලුව වන වන හිටියේ ඊලඟට අපේ බැජ් එකේ රෙපා විදියට පාර්ටි එකට අපේ අදහස් දාලා හදපු ප්‍රසන්ටේෂන් එකට චාන්ස් එක ලැබෙනකල්.. ඉතින් මගේ වාරේ ආවම අපේ අදහස් එකතු උන ප්‍රසන්ටේෂන් එක උපරිමෙන් මං කරා.. මං ඒක ඉවර වෙනවත් එක්කම ලැප් එකට උඩින් මං දැක්කේ මගේ කාමරේ දොර ඇරෙනවා..

*************************************

ඕන්න නෙතුෂ අකීල් ඔෆීශියල් නොවුනට සෙට් උනාලු.. හිකිස්..

කවුද කාමරේට ආවේ..

ඊලඟ එකෙන් එන්නම්.. (oya horen kywl yana aya yata thiyena chuti tharuwt touch ekk dla thabili pata krpu dwst)

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!