Chapter 11 of 23

දසවැනි දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]3,190 words~16 min read

කවුද දොර ඇරියේ කියලා බලන්න ඇස් විතරක් ඉස්සුවේ සීනියර්ස්ලා තාම අපේ ප්‍රසන්ටේෂන් එක ගැන කතාකරන නිසා.. ඇස් උස්සපු මං දැක්කේ කාමරේට ආව අකීල් වෙද්දී මගේ දිහා බලානම මේකා දොර වැහුවා.. යකූ තාම හරියට හා කිව්වෙත් නෑ, මේකට දැන්ම විසේ ගහලා.. දොර වහපු අකීල් එයාගේ අර කටකොනේ හිනාවත් දාගෙන ඇද ලගට ඇවිත් මගේ එහාපැත්තෙන් වාඩි වෙලා ලැප් එකයි මගෙයි අතරේ තිබුණු පොඩි ඉඩෙන් කොට්ටේකුත් තියලා ඔලුව තියාන හාන්සි උනා..

Nethusha malli.. can you hear me..

හුටා.. මේකගේ පිස්සු වැඩ නිසා තව පොඩ්ඩෙන් මීටින් එකත් අමතක වෙනවා.. එයාට නම් මොකද.. දැන් මගේ මූණ දිහා බලාන පොඩි එකෙක් වගේ හිනාවෙනවා..

Yes ayya.. there's sudden power cut..

Oh it's okay.. previously I talk about the idea that you brought about the Secret Santa.. That was nice idea.. Seca, දැනට කීදෙනෙක් ටිකට්ස් අරන් තියෙන්වද..

Lectures එක්ක දැනට පන්සීයක් විතර ඉන්නවා.. තව එකසියපනහක් විතර හෙට ගන්නවා කියලා තියෙනවා.. So total is near to seven hundred..

ආහ්.. මොන..

මල්ලී මොකක් හරි ප්‍රශ්නයක් ද..

මේ අකීල් නම්.. සීනියර්ස්ලා කියන දේවල් වලින් මට වැදගත් වෙන දේවල් නෝට් කරගන්න ගමන් හිටපු මට කෑගැහුනේ මගේ ඔඩොක්කුවේ ඔලුව තියන් හිටපු අලි බබා ටී එක අස්සෙන් අත් දාලා මාව හග් කරපු නිසා.. දැන් ඉන්නවා මොකුත් නොකරා වගේ..

අහ් නෑ අයියේ.. මේ අපේ පූසා..

Okay.. ඔයාට අයිඩියා එකක් තියෙනවාද කොහොමද කට්ටියව බෙදන්නේ කියලා..

Yep.. හෙටනේ ටිකට්ස් දෙන අන්තිම දවස.. ටිකට් ගත්ත අයගේ නම් චිට්ස් වල ලියලා බොක්ස් එක්ක දාලා Monday අනිවාර්යයෙන්ම ඇවිත් ගන්න කියමු.. කොහොමත් එදාට බැජ් දෙකතුනකට ඇරෙන්න ඔක්කොලාටම ලෙක්චර්ස් නේ..

Good idea.. එහෙනම් එහෙම කරමු.. මං හිතනවා කාටවත් ඒ ගැන ප්‍රශ්නයක් නැතුව ඇති කියලා.. නෙතුෂට පුලුවන්නේ ඒකට අදාල rules and regulations එක්ක පෝස්ට් එකක් හදලා රෙපාලගේ ගෲප් එක්ට දාන්න.. මතක ඇතුව හෙට ටිකට්ස් දෙන අන්තිම දවස කියන එකයි චිට් එකක් ගන්න එක අනිවාර්යයයි කියන එකයි highlight කරන්න..

මං ඒක දැන්ම දාන්නම්..

Okay it's all for today.. let's windup the meeting.. thanks for joining..

අම්මෝ ඉවර උනා.. මම බැලුවේ අකීල් දිහා..

මොනාද හලෝ කරන්නේ..

ඇයි..

ඇයි කියන්නේ.. තවපොඩ්ඩෙන් මීටින් එක මැද කෑගැහෙනවා..

දැන් මං යන්තන් ඇල්ලුවත් මගේ මැණිකට කෑගැහෙනවද..

මෙයත් එක්ක බෑ අයියෝ.. නෙතුවට ලැජ්ජයි නේ.. මං අකීල්ට රවලා පෝස්ට් එක හදන්න ගත්තා.. ටික වෙලාවක් පාඩුවේ හිටියත් පෝස්ට් එක ගෲප් එකේ ශෙයා කරනවත් එක්කම අකීල් මගේ ටී එකට යටින් දාගෙන හිටපු අත් වලින් මගේ ඉන පිරිමදිද්දී ගැස්සුන මට ආයෙත් කෙදිරිගෑවුනා.. ආයෙත් අර ලබ්බේ කට් කොනේ හිනාව දාපු එයා එකපාරටම ලැප් එකත් ඇදෙන් තියලා මාව ඇදේ පෙරලගත්තා.. මං කිව්වේ මේකට හරියට උත්තරයක් දෙන්න කලින්ම විසේ ගහලා..

යාහ් අකී.. මොකද මේ..

ඇයි බයද..

හහ්.. මං මොකටද බය වෙන්නේ.. අනික මේවට කල් වැඩි නැද්ද..

මං කියපු එකට මටම ලැජ්ජ හිතෙද්දී ටිකක් වෙලා බලන් හිටපු අකීල් හිනා වෙන්න ගත්තා.. ඒ පාර මොකද..

ඇයි ඔයා හිනාවෙන්නේ..

අනේ අනේ.. ඔයාට හොදටම ශුවර්ද ඔය මැටි මොලෙන් ගේමක් ගහලා තමයි 9A දැන්මේ කියලා.. ඔයා ඔය හිතන දේවල් වලට තව කල් තියෙනවා නෙතු.. අනික මට කවදාවත් ඕන නෑ මලක් වගේ ඉන්න ඔයාගේ පෙති තලලා දාන්න.. මට ඕන ඒ මලව ලගට අරන් වතුර චුට්ටක් දාලා සාත්තු කරලා පරිස්සමට බලාගන්න..

හිනාවෙන එක නතර කරපු එයා නලලට තට්ටුවකුත් දාන ගමන් මේ මොලෙන්ද ගේම ගැහුවේ කියලා ඒ නලලින්ම හාදුවක් තියන ගමන් මාව මලකට සමාන කරා.. ඒ මල තලලා දාන්න ඕනෙනෑ පරිස්සමින් බලාගන්නයි ඕන කිව්වා.. බොරු මොකටද ඒ වචන අස්සේ විතරක් නෙවෙයි ඒ ඇස් අස්සෙත් මං මහා ලොකු ආදරයක් දැක්කා.. ආයෙත් මගේ නලලින් උනුසුම් හාදුවක් තිව්ව එයා මගේ පපුව උඩින් ඔලුව තියාගත්තා..

නෙතු..

හ්ම්ම්..

ඔලුව ටිකක් අතගානවද..

ඉතින් මං මගේ ඇගිලි හෙමින් සීරුවේ ඒ සිනිදු කෙස් අතරින් එහෙමෙහෙ අරන් ගියා.. එයා බරම බර හුස්මක් අතෑරියා..

හරි සැනසීමයි නෙතු.. හරියට අම්මා ලග ඉන්නවා වගේ..

මට අකීල් ගැන දුක හිතුනා.. මං දන්න විදියට එයාගේ අම්මා කැන්සර් එකකින් නැති වෙද්දී එයාට අවුරුදු හයක් විතර.. එයා හැදිලා තිබුණේ එයාගේ අප්පච්චිගේ ආදරේ එක්ක.. සූරියසිංහ අංකල් අකීල්ට මහ ගොඩක් ආදරෙයි කියලා මුලු රටම දන්නවා.. මොකද අංකල් මොනදේ කරත් අකීට මුල් තැන දෙනවා කියන එක ප්‍රසිද්ධ මාධ්‍යයේ කියලා විතරක් නෙවෙයි කරලත් පෙන්නලා තියෙනවා.. ඒත් නැති උන අම්මගේ උණුහුම.. මං හිතන්නෑ ඒ දේ අම්මගෙන් ඇරෙන්න කාගෙන්වත් ගන්න පුලුවන් කියලා.. හැබැයි එයා කියනවා මගේ ලග ඉද්දී අම්මා ලග ඉන්නවා වගේලු.. එයාට එහෙම දැනෙනවා නම් මං ඕන තරම් මෙහෙම ඉන්නවා.. මොකද මට කවදාවත් මගේ අම්මා නැති ජීවිතයක් හිතාගන්න බෑ..

ඔයාලා කියයි කවදහරි එයාලා නැතුව ජීවත් වෙන්න වෙනවනේ කියලා.. එතකොට මං මගේ ජීවිතේ මගේ විදියට හදාගෙන තියෙයි.. ඒත් තාම මං දෙමාපියන්ගෙන් යැපෙන ඉස්කෝලේ යන කොල්ලෙක්.. මට මෙහෙම නම් අවුරුදු හයේදී අම්මව සදහටම අහිමි උනු එයාට කොහොම දැනෙන්න ඇද්ද.. ඒ අහිමිවීමත් එක්ක නිහඬ සීතල චරිතයක් උන අකීල් දැන් ටික ටික වෙනස් වෙනවා.. මං හරි ආසයි එයා ඇතුලේ ඉන්න ඒ දගකාර කොල්ලා එලියට එනවට..

මොනාද ඔච්චරටම හිතන්නේ..

මුකුත් නෑ අකී.. ඒක නෙවෙයි කෝ අනික් අය..

එයාලා තාම වෙලේ.. මං ආවේ ඔයාගේ වැඩ ඉවරයි නම් එක්කන් යන්න..

මරු කෙනා තමයි ඇවිත් තියෙන්නේ.. බලන්න දැන් දෙකටත් කිට්ටුයි..

අපි දෙන්නා පැයක් විතර කෝලන් කරලා නේ..

යැයි යැයි යැයි තමයි.. දැන් අරුන් ආවම කනක් ඇහිලා ඉන්න නැති වෙයි..

ඒත් එක්කම ඉස්සරහ දොර ඇරෙනවා ඇහෙද්දී මං ඔලුවේ අතගහගත්තා.. දැන් පටන් ගනී බෙලිකටු මල්ල හොලවන්න..

කෝ යකෝ අර ඉක්මනට එන්නම් කියපු එකා.. ඒකා විතරක් නෙවෙයි හොයන්න ආපු එකත් නෑ..

අඩෝ නෙතුවා උබ අකීල් එක්ක හදපානේ පැනලා ගියාද..

අනේ අම්මේ මුන්ගේ කටවල්.. මට විතරක් නෙවෙයි අකීල්ටත් හිනා.. හැබැයි ඊලඟට සෙට් එක කතා කරන ගමන් මගේ කාමරේ පැත්තට එනවා ඇහෙද්දී මට දෙලෝ රත් උනා..

ඇත්තට කෝ බං මුන් දෙන්නා..

කාමරේ ඇත්තේ.. යමන්..

අනේ අකීල් නැගිටින්නකෝ.. අරුන් අපිව මෙහෙම දැක්කොත් වසන්න වෙන්නෑ..

දගලන්නැතුව ඉන්න නෙතු.. ඔයා මගේ නම් මං ඔයාගේ නම් අපි කොහොම හිටියත් උන්ට මොකද..

ඒක ඇත්ත.. ඒ උනාට..

නම්පචන් ගන්නැතුව ඔහොම ඉන්න.. උ..

අකීල් තව මොනාහරි කියන්න ගියත් ඊට කලින් කාමරේ දොර ඇරුනා..

දෙයියනේ දෙයියනේ.. මොනාද මේ මගේ වර්ජින් ඇස් දකින්නේ..

අඩෝ නෙතුවා..

අකීල් මචං.. උබ එහෙනම් මෙච්චරකට දියුණු වෙලා නේද..

කවුරුහරි ඔය පොඩි එකාගේ ඇස් දෙක වහපන්..

නිකන් ඉදුකො තරුෂ අයියේ..

අපි එලියෙන් ඉන්නම් මචං.. උබලා කන්ටිනිව් කරන් පලයල්ලා.. හැබැයි ඉක්මනට වරෙන් බඩගිනි..

දඩබඩ ගාලා දොර ඇරන් ඇතුලට පැන්න සෙට් එක දොර ලගම බ්‍රේක් ගහලා තප්පර දහයක් ඇසුත් ලොකු කරන් අපි දිහා බලන් ඉන්න ඇති.. ඇයි ඉතින් මං ඇදේ හාන්සි වෙලා අකීල් මගේ පපුව උඩින් ඔලුවත් තියාන මගේ ඉන වටේ අතුත් පටලන්.. අපි දිහා බලාන හෙන විකාර තොගයක් කියවලා එලියට පැනපු කට්ටිය වැඩේ කන්ටිනිව් කරලා ඉක්මනට එන්න බඩගිනි කිව්වම තමයි අකීල් මගෙන් ඩෑස් පාරක් කෑවේ..

මොකද බං ගහන්නේ..

ගහන්න නෙවෙයි හම ගහන්න වටින්නේ.. මං කිව්වා ඔයාට අරුන්ගේ කුනු කතා අහන්න වෙයි කියලා.. දැන් ආසාව හරිනේ.. දැන්වත් නැගිටින්න.. කන්න මොනාහරි හදන්න ඕන..

එයා නැගිට්ටම මාත් ඇදෙන් නැගිටලා සාලේ පැත්තවත් බලන්නැතුව කෙලින්ම කුස්සියට ආවේ එයා මිලාන්ල ගාවින් වාඩි වෙද්දී.. මං විතරක් ඉන්න නිසා අද අම්මලා ගෙනියන්න විතරයි උයලා තිබ්බේ.. ඉතින් මං චිකන් එකක් එලියෙන් තියලා හාල් ටිකක් හෝදලා කහ චුට්ටක් රම්පේ කෑල්ලක් කරාඹු නැටි දෙකක් එක්ක රයිස් කුකර් එකට කහ බතක් ගැහුවා.. සලාද කොල ටිකක් හෝදලා පොඩියට සලාදයකුත් හදලා එලියෙන් තියපු චිකන් එක හොදට ලුනු ගම්මිරිස් අතගාලා එයාෆ්‍රයර් එකට දැම්මා..

නෙතුවා බඩගිනී..

ඉස්සරහින්ම ආවේ මහී වෙද්දී ඉතුරු අයත් ඒ පස්සෙන්ම කුස්සියට ඇවිත් කෑම මේසෙන් ඉදගත්තා..

තව පැය භාගයක් දෙන්න.. එතකන් ගිහින් වොෂ්‍ දාගෙන එන්නකෝ කට්ටියම.. ඇදුම් ඕන නම් මගේ අල්මාරියේ හරි ගෙසට් රූම් එකේ එකෙන් හරි ගන්න.. මේ තුන්දෙනාගේ ඒවත් ඇති..

එලම බොසා.. අපිත් ඇදුම් අරන් ආවේ..

කට්ටිය වොෂ්‍ දාන්න යද්දී කබඩ් එකෙන් හොයාගත්ත පපඩ්ම් ටිකකුත් බැදලා ලූනු ගෙඩියකුයි මිරිස් කරලකුයි හීනියට කපලා ගත්තේ චිකන් ඩෙවල් එකක් දාන්න.. ටිකකින් එයාෆ්‍රයර් එකේ බෙල් එක වදිද්දී චිකන් ටිකත් එලියට අරන් ඩෙවල් එකත් හදලා ඉවර වෙද්දී යසායි තරුයි වොෂ්‍ දාන් ආවා.. එයාලා දෙන්නත් එක්කම හදපු කෑම ටික මේසේට තියලා බත් එකත් කුකර් එක පිටින්ම මේසෙට ඇරියා.. මගේ කෑම මේසය පිලිබඳ මම තෘප්තිමත්.. ටිකකින් අනික් අයත් කෑම වලට ඉව අල්ල අල්ල කෑම මේසෙන් වාඩි උනා..

අම්මෝ සුවද..

අඩෝ මේ චුට්ටට උබ තනියම මේ සේරම හැදුවා කියන්න එපා..

I'm sorry Gima, but that is the truth..

සුවද වගේම රසත් ඇතිනේ..

කාලම බලමු..

කට්ටියම බෙදාගද්දී අඩුපාඩු එහෙමත් බලලා මාත් වාඩිවෙලා බෙදාගත්තා.. කාලා ඉවර වෙද්දී ඩෙසර්ට් එකට ෆ්‍රිජ් එකේ තිබුණු අයිස්ක්‍රීම් එක ගෙනල්ලා මේස උඩින තිබ්බා විතරයි මම දැක්කේ සහෝදර සහෝදරියනි.. සෝමාලියාවට පාන් පෙත්තක් වැටුනා වගේ..

කාලා බීලා වලන් පිගන් හෝදලා කුස්සියත් අස්කරලා කට්ටියම සාලේ මැද්දේ පතබෑවුනේ කාපු බඩවල් උස්ස ගන්න බැරුව.. මාත් අකීල්ට එහා පැත්තෙන් සෝෆා එක ලග බිමින් වාඩි උනා..

අකීල් අයියා හරි ලකී..

ඇයි..

නෑ ඉතින්.. එයාට ඉන්නේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් උනත් කටට රහට උයන්න පුලුවන්.. ගෙදර දොරේ වැඩ පුලුවන්.. හොදම එක හොදට ලමයි බලන්නත් පුලුවන්.. හැබැයි ඉතින් අනික් වැඩ හොදද නැද්ද කියලා දන්නේ අකීල් අයියාම තමයි..

අන්න කොල්ලෝ දවසේ කතාව..

නොදෝකින් මේ පොඩි ඇටයා කියපු කතාව.. සෙට් එකම පෙරලි පෙරලි හිනාවෙන ගමන් දවසේ කතාව කියනවා.. මං දැක්කා අකීල් මූණත් රතුකරන් අහක බලගන්නවා.. යකූ මං නෙවෙයිද ලැජ්ජ වෙන්න ඕනේ.. මම අතට අහුවුණු එකෙන් හිරුෂ මල්ලිට දීලා ඇද්දා.. ඒකා බේරෙන්න ලග හිටපු මහීට මුවා උනාට මගේ ඉලක්කේ කොච්චර හොදද කියනවා නම් විසිකරපු එක මුවා වෙන්න තප්පරේකට කලින් ටොක් ගාගෙන අරූගේ ඔලුවේ වැදුනා.. මං විසිකරලා තියෙන්නේ මගේ ස්පෙක්ස් දෙක දාලා තිබුණු බොක්ස් එක.. ඩිග්‍රිය නිසා වැඩිපුර ඉන්නේ ඩිවයිස්වල නිසා මගේ ඇස් පෙනීම සුට්ටක් අවුල්.. අපේ අම්මා දහාතේ බැන බැන ඕක හදලා දුන්නට මට පාවිච්චි වෙන්නේ නැති තරම්.. ටිකක් වෙලා යද්දී බොදවෙලා වගේ පෙනෙද්දී තමයි ස්පෙක්ස් මතක් වෙන්නේ.. හරියට දාපු තැනක්වත් මතක නෑ.. අද උදෙත් නංගිට බැන්නා මගේ ස්පෙක්ස් දෙක කොහෙහරි දාලා කියලා.. බලද්දී ඒක තිබිලා තියෙන්නේ සෝෆා එක යට..

බුදාම්මෝ.. මෙන්න මිනී මරනෝ..

පොඩි එකා ඔලුවත් බදාන කෑගහනවා.. මං දූවලා ගිහින් ගුවන් ගත උන මගේ ස්පෙක්ස් අහුල ගත්තා..

අනේ සුදා ඔයාට මොනාහරි උනාද..

ඔයා මට ගැහුවට ආදරෙයි නේද අයියේ..

පිස්සුද බං.. මං බැලුවේ මගේ ස්පෙකී ගැන..

මං කිව්වම අරූ මූණ ඔහොක් කරගත්තා..

උබ කවදා ඉදලද ස්පෙක්ස් යූස් කරන්නේ..

කැම්පස් යන්න ගත්තට පස්සේ..

අපි දැකලා නෑ නේ..

ඩිවයිස්වලට විතරයි බං.. හැබැයි අම්මා කිව්වා ටිකක් එකදිගට දාන්න කියලා.. සෝ.. නෙක්ස්ට් ටර්ම් එකේ ඉදලා ඔයාලට කණ්නාඩි නෙතුෂ කෙනෙක්ව බලන්න පුලුවන්..

දැන් දාලා පෙන්නපන්කෝ..

මාත් ඔන්න ඔහේ දැම්මා..

අඩෝ.. මේ උබමද බං..

හෙන මැචුවර්ඩ් පාටයි ඕයි..

හැන්ඩ්සම්..

ඔන්න අපේ මිනිහගේ කටෙන් පැන්න වචනේ.. දහසක් කතා මැද්දේ මං ආයෙත් අකීල් ලගින් වාඩි උනා..

නෙතු..

හම්..

ඕක දාගෙන එලියට බහින්න එපා..

ඇයි..

මට ඔයාව පරිස්සන් කරන්න වෙනම කෝස් එකක් කරන්න වෙනවා..

ආවුස් කොහොමද ඒක..

බ්ලෑ.. මං මේක දාගෙන යනවා ගර්ල්ස් ස්කූල් වටේ..

එයා කියපු එකට මාත් චුට්ටක් ගනන් ඉස්සුවා.. ඔන්න ඔන්න මගේ මිනිහා ඔරවනවා..මකරෙක් වගේ නහයෙනුත් පිබිනවා.. ගින්දර එහෙම පිටවුනා නම් මං මෙතන ගිනිගෙන දැවිලා..

උබ මට කියලා කන පලාගන්න එපා මැණික..

උබ පලනකන් මං බලාන ඉදී..

ඇයි දැන් මට බෑ කියලද හිතන්නේ..

අම්මෝ කූල් මෑන්.. මං ජෝක් එකක් කරේ..

මෙන්න මේ මිනිහා ගස්සලා අහක බලාගත්තා.. ගෑනු පරාදයි ඒ ගැස්සිල්ලට.. කොහොමහරි තව බටර් ටිකක් ගාලා මං අකීල්ව ශේප් කරගත්තා.. තව ටික වෙලාවක් වල්පල් කියව කියව ඉද්දී ඇදිලා ආවේ ඊලඟ ඒලෙවල් බැජ් එක ගැන..

හිරුෂ.. කවද්ද ඔයාලට ස්කූල් පටන් ගන්නවා කිව්වේ..

ඒලෙවල් එක්සෑම් එකට සති දෙක්කට කලින් විතර පටන්ගන්න කතාවක් යන්නේ.. කොහොමත් ඔයාලාගේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකෙන් පස්සේ තමයි..

'ටසිරි වෙන්න එහෙම එක්කුත් තියෙනවා නේ..

ඔයා මොනාද ඒලෙවල් කරන්න හිතන් ඉන්නේ..

කොමස් තමයි අයියේ..

දැන් ක්ලාස් එහෙම යනවද..

ඕ.. මහී අයියා හොද ක්ලාස් ටිකක් හොයලා දුන්නා..

හම් හම් හාකෝ හාකෝ..

ඔහොම වල්පල් ගොඩක් කියව කියව ඉදලා හතරට විතර කට්ටියම ගෙවල් වලට ගියා.. ඊට පැයකට විතර පස්සේ අම්මලාත් ගෙදර ආවා..

.

.

.

.

.

හිතාන හිටපු විදියටම බදාදා කැම්පස් එකේ ක්‍රිස්මස් පාර්ටි එකත් සාර්ථක විදියට ඉවර කරගත්තා.. ආතල්ම වැඩේ උනේ සීක්‍රට් සැන්ටා.. සමහරුන්ට තමන්ට පෙන්නම බැරි අයව පාට්නර් විදියට හම්බෙලා, සමහරුන්ට තමන්ගේ ක්‍රශ් එක තමන්ගේ සැන්ටා වෙලා.. මං සැන්ටා උනේ අපේ බැජ් රෙපී උන ඩියාශාට.. මගේ සැන්ටා වෙලා තිබුණේ මං කැම්පස් ආපු මුල් කාලේ ඉදලා මගේ පස්සෙන් ආපු සීනියර් අක්කෙක්.. අනේ ඒ ආදරේ කොච්චරද කියනවා නම් මට තඩි ගිෆ්ට් බෑග් එකක් හම්බුනා.. එපා කියන්නත් බැරි නිසා හිනාවෙලා ඒක අරන් මං හිටපු ටේබල් එකට යද්දී මගේ කැම්පස් බොක්ක වෙච්ච භාග්‍ය පිස්සෙක් වගේ මුල්ලක් අල්ලන් හිනා උනා.. කොහොමහරි ඒ වැඩෙන් කෙලින්ම කියාගන්න බැරුව හිටපු කොකු ගොඩක් සෙට් උනා..

ගෙදර ඇවිත් අර අක්කා දුන්න බෑග් එක ඇදට හැලුවම මට හික් ගෑවුනා.. යකඩෝ CK ලන්තයක්.. වයිට් ටී එකයි බ්ලැක් අත් දිග ටී එකයි බ්ලැක් හුඩි එකයි පර්ෆියුම් එකයි වොලට් එකයි.. යකූ මෙකි සල්ලි ගස් වලින් කඩලද.. පස්සේ තමයි මතක් උනේ ඒකිගේ තාත්තා බිස්නස්මන් කෙනෙක් කියලා භාග්‍ය මට කිව්වා කියලා..

.

.

.

.

.

.

.

.

.

.

.

.

ලොකූ දේවල් නැතුව ජනවාරි පලවෙනිදත් ඔහේ ගෙවිලා ගියා.. මොකෝ පාර්ටි දාන්න අම්මලා ගෙදරද.. එයාලා තිස් එකත් වැඩ පලවෙනිදත් වැඩ.. දෙවෙනිදම ඉස්කෝලේ ඊලඟ වාරේ පටන් ගෙන දෙවෙනි සතියෙ සකන්ඩ් ටර්ම් ටෙස්ට් එක තිබ්බා.. ඒකත් සුපුරුදු විදියට මේ පාරත් ඔන්න ඔහේ ලියලා දැම්මා.. ඒක ඉවර වෙද්දී සිපෝර්ට් මීට් භීෂණේ..

අපේ හවුස් හතරයි.. Nightingale, Griffin, Dragon, Phoenix.. මම ෆීනික්ස්, මහීෂයි යසායි නයිටිංගේල්, තරුවා ඩ්‍රැගන්, හිරුෂ ග්‍රිෆින්.. ස්පෝර්ට් මීට් කාලෙට අපේ මිත්‍රකම් කැලේ.. දුටු තැන මරාගන්නවා.. මේ පාර අකීල් එහෙමත් ඉන්නවා නේ.. ගිමා වැටිලා තිබුනේ හිරුෂ එක්ක ග්‍රිෆින්.. මිලාන් තරුවා එක්ක ඩ්‍රැගන්.. අකීල් ඉතින් මාත් එක්ක ෆීනික්ස් තමයි.. මනුස්සය ඕක දැනගත්ත වෙලාවේ ඉදලා ඕවදර් මූන්.. හවුස් මීටින් එහෙම තියලා කැප්ටන්ලා වයිස්ලා පත්කරද්දී මොකෙද්ද එකෙක් මාව හවුස් එකේ ස්පෝර්ට් කැප්ටන්ට යෝජනා කරල ම්න් මුකුත් කියන්නත් කලින් සම්මත කරා.. දැන් ඉතින් අනික් උන් එක්ක නිකන් හරි කතා කරලා ඉන්න වෙන්නෑ.. මං ඉතින් පුප්ප පුප්ප මීටින් එකෙන් එලියට එද්දී අකීල් ඇවිත් මගේ කරට අතක් දාගත්තා..

අයියෝ නෙතු ඕක ගැන ඔච්චර හිතන්න එපා.. මීට් එක ඉවර වෙනකන් විතරනේ..

ඔයා කියයි අකී.. අරුන් ටික දැන් මගේ පට්ටම දැනගත්ත ගමන් මොකද වෙන්නේ බලන්නකෝ.. ඔන්න කියනකොටම එනවා.. මං හිතන්නේ දැන්ම නිව්ස් එක ගිහිල්ලද කොහෙද..

අකීල් එක්ක මීටින් එක තිබුණු බිල්ඩින් එකෙන් එලියට බහිද්දිම අනික් සෙට් එක අපේ ඉස්සරහට එනවා දැක්කා..

ආ... ගිනිකුරුලු කීඩා නායකතුමා..

අනේ පලයන් මහී.. යසා කන්ග්‍රෑට්ස් නයිටිංගේල් වයිස් කැප්ටන් කියලා ආරංචි..

තෑන්ක් මචං.. විශ් යූ ද සේම්..

නෙතු ඔයාට කොයිවෙලාවෙද මෙයා කැප්ටන් කියලා පණිවිඩේ හම්බුනේ.. මං ඔයත් එක්කමනේ හිටියේ..

අයියෝ අකී.. එහෙම තමයි අපේ ස්පයිලා..

මං අපේ සිපෝර්ට් කැප්ටන් උනා වගේම යසා එයාලගේ වයිස් කැප්ටන් වෙලා තිබුනා.. තරුවාත් එයාලගේ වයිස් කැප්ටන්.. දැන් ඉතින් යාලුකන් පැත්තකින් තියලා මරාගන්න තමා තියෙන්නේ..

.

.

.

.

.

ඊලඟ සතියේ ඉදලා එක එක ස්පෝට්ස් ප්‍රැක්ටිස් වගේම මැච්ස් පටන් ගද්දී පිස්සුවෙන් වගේ ලමයි එහෙමෙහෙ ගියේ.. මාත් මොකාද වගේ ෆයිල් කැටියක් උස්සන් එහෙට මෙහෙට දුවන ගමන් ලමයි හොයද්දී අකීල් මගේ නැට්ට වගේ පස්සෙන්ම හිටියා.. අපි වැඩිපුරම හිටියේ අපේ අඹ ගහ යට බංකුවේ.. මේ දැනුත් මං එතන නම් ලිස්ට් එකක් ලියනවා.. එක එක ග්‍රේඩ්ස් වලින් තෝරගත්ත මල්ලිලා මං දෙන නේම් ලිස්ට් වල ඉන්න ලමයි හොයන්න යන්න මගේ වටේ..

මල්ලී.. මේ තියෙන්නේ හෙට තියෙන ස්විමින්ග් කම්පිටිශන් එකට ඉන්න ලමයි.. මෙයාලට දැන්ම ඇවිත් මේකට සයින් එකක් දාලා යන්න කියන්න..

හරි අයියා..

ඔය අනික් මල්ලී.. බැට්මින්ටන් ප්ලේ කරනවා නේද.. අනිද්දා බැට්මින්ටන් ඇන්ඩ් ටීටී මැච්ස් මේ තියෙන්නේ දෙගොල්ලන්ගෙන්ම ඊයේ සිලෙක්ට් කරපු නම් ටික.. මෙයාලට කියන්න හෙට හවස අනිවා ප්‍රැක්ටිස් ඉන්න කියලා..

ඒ කොල්ලවත් යවලා මං එහෙන්මම බංකුවට හෙත්තු උනේ ලොකු හුස්මක් පහලට අතාරින ගමන්.. මහන්සි යකූ.. අද හවසට කැම්පස් එකේ ලෙක්චර්ස්.. ඉස්කෝලේ ඇරුන ගමන් ඒකට දුවන්නත් ඕන..

නෙතුෂ අයියේ..

ඒ අපේ හවුස් එකේ වයිස් සිපෝර්ට් කැප්ටන් මල්ලී..

කියන්න මල්ලී..

අයියේ සිකුරාදා චෙස් ඇන්ඩ් කැරම් ටූනමන්ට් කියලා කිව්වා..

සෙට් එකක් හිටියා නේද..

ඔව් අයියේ ස්කූල් ටීම් එකෙන් භාගයක් අපේ හවුස් එකේ..

එහෙනම් ලොකු ගේමක් නෑනේ.. ඒජ් ගෲප් වලට ලමයි ටික දාලා නම් ලිස්ට් එක හදන්න.. මතක ඇතුව සයින් එක ගන්න.. ඔයාට ඒ වැඩ ටික බලන්න පුලුවන් නේ..

මං බලන්නම්.. අයියා අද හවස ඉන්නවද.. බාස්කට් බෝල් ටීම් එක ඉන්නවා කිව්වා හවස ප්‍රැක්ටිස් වලට..

මට අද නම් ඉන්න වෙන්නෑ කොල්ලෝ.. හවස ලෙක්චර්ස්..

කමක් නෑ අයියේ මං බලන්නම්..

හරි.. ආ තවපොඩ්ඩෙන් අමතක වෙනවා.. චෙස් කැරම් බාස්කට් බෝල් ස්විමින්ග් ඇරෙන්න ඉතුරු සේරම මැච්ස් තියෙන්නේ අස්ගිරියේ සිපෝර්ට් කම්ප්ලෙක්ස් එකේ කියලා පණිවිඩේ දෙන්න.. ලබන සතියේ ඉදලා අයියලාට ඒලෙවල් පටන්ගන්න නිසා ඉතුරු ඔක්කොම ප්‍රැක්ටිස් තියෙන්නේ එක්කෝ අස්ගිරියේ නැත්තන් ප්‍රයිමරි ග්‍රවුන්ඩ් එකේ.. ගෲප් වලට එන මැසේජස් ගැන ඇලට් එකේ ඉන්න කියන්න.. මේ ටික අද හවසට ග්‍රේඩ් කෝඩිනේටර්ස්ලට කියන්න..

හරි අයියේ..

හවුස් ඩ්‍රාමා ක්‍රිකට් රගර් නිවාඩුවෙන් පස්සේ තියයි.. හෙට ස්විමින්ග් කම්පිටිශන් එක මල්ලී බලන්න මං සිලෙක්ශන් වලට ලමයි ටිකත් අරන් ග්‍රවුන්ඩ් යන්නම්..

රනින් ඉවෙන්ට්ස් ටිකයි ඩ්‍රිල් එකයි ස්කොඩ් එකයි තමා එතකොට ඉතුරු වෙන්නේ.. ආ තව බොක්සිං කරාටේ ජූඩෝ තියෙනවා අයියේ..

අනේ බං ස්පෝර්ට් බිම්මල් මතුවෙනවා වගේනේ..

සිලෙක්ශන් ගැන තව ටිකක් කතා කරපු අපි දෙන්නා ඊලඟට ගියේ හවුස් කැප්ටන් හොයාන..

.

.

.

.

.

පහුවෙනිදා උදේම ඉස්කෝලෙට ගියපු මං වයිස් මල්ලී එක්ක ස්විමින්ග් සෙට් එක අල්ලන් උපදෙස් කෝටියක් විතර දීලා එතනට ආව වයිස් හවුස් කැප්ටන්වත් එතන නතර කරලා කැප්ටන් එක්ක ග්‍රවුන්ඩ් යන ලමයි ටික බලන්න.. මං දැක්කා හෙඩ් බෝඩ් එකත් ඇවිල්ලා කැරකි කැරකි ඉන්නවා..

අර මේ පැත්තට දුවන් එන්නේ හිරුෂ මල්ලී නේද..

කෝඩිනේටර් කෙනෙක් එක්ක කතාවක හිටිය මම අපේ කැපාගේ දිහාට හැරුනේ හිරුෂ ගැන කියපු නිසා.. මෙන්න මේකා දුවන ඇවිත් අපි ලග දඩාර බ්‍රේක් එකක් ගහලා නැවතුනා..

මොකද හිරුෂ..

අයියේ බෑන්ඩ් එකත් එක්ක යන්න කිව්වා..

මොන හුයන්නක්ද බං.. මාව කතරගම දෙයියෝ වගේ පේනවද දන්නෑ..

ඒක නම් දන්නෑ අයියේ..

අනේ උබත් මගෙන් ආතල් ගන්නැතුව හිටු.. යනවා නම් පාරේ ප්ලේ කරන් යමු.. ප්‍රිෆෙක්ට්ලට කියන්න ඒ ගැන මං අනවුන්ස්මන්ට් එකක් දීලා අපේ සෙට් එක ගෙන්න ගන්නම්.. උබට හවුස් එකේ වැඩ ටික බලන්න පුලුවන් නේ..

අවුලක් නෑ බොසා මං බලන්නම්..

මාත් ග්‍රවුන්ඩ් එකට ආවම සප් එකක් දෙන්නම්..

හිරුෂ ප්‍රිෆෙක්ට්ලට පණිවිඩේ කියන්න යද්දී මං මීඩියා රූම් එකට ගිහින් බෑන්ඩ් එකට මියුසික් රූම් එකට එන්න කියලා අනවුන්ස්මන්ට් එක දුන්නා..

This announcement is for all Western band members. Please report to the music room now.

මං මියුසික් රූම් එකට යද්දී කට්ටිය ඉන්ස්ටෘමන්ට් එහෙම අරන් ලෑස්තිවෙලා.. හොද වෙලාවට ග්‍රවුන්ඩ් අදින ප්‍රැක්ටිස් කිට් වෙච්ච් වයිට් ටී එකයි වයිට් ෂෝට් එකයි අපි වැඩිපුර අපේ ලොකර් වල දාලා තියෙන්නේ.. යසා හිරුෂයි කතාවක්.. මමත් ටක්ගාලා චේන්ජ් කරගත්තා..

ඒ යසා උබට අවුලක් නැද්ද හවුස් එක දාලා ආවට..

ස්පෝර්ට් කැපා ඉන්නවා.. ග්‍රවුන්ඩ් එකට ගියාම එතනට සෙට් වෙනවා.. බ්ලෑන්ක් එකක් එක්ක පාරේ ප්ලේ කරන්න බෑනේ..

හරි ලමයි අහන්න.. වෙනදා ප්ලේ කරන ඕඩර් එකට යමු.. ගේට් එකෙන් එලියට යනකන් ටැප් එකෙන්.. දැන් යන්න ලයිනප් වෙන්න..

මාත් මෙස් එක අරන් ඉස්සරහට ගියා..

නෙතු..

ඔහ් අකී..

හිරුෂ කිව්වා ඔයාලා ග්‍රවුන්ඩ් එකට ප්ලේ කරන් යන්නේ කියලා.. අපිත් එන්නද..

අවුලක් නෑ.. නේද යසා..

ඔයා කියන දෙයක් තමයි ඒයි..

මේන් හෝල් එක ඉස්සරහ ලයිනප් වෙද්දී අපි ලගට ආව අකීල් ගිමා ඇන්ඩ් මිලාන් අපිත් එක්ක එන්නද ඇහුවම මං හා කියලා යසාරටත් කිව්වම මේකා මට අමුතු හිනාවකින් ඔයා කියන දෙයක් තමයි ඒයි කියපි.. ගහප් මේකට මොකෙන් හරි..

අකී.. ඔයාට පුලුවන්ද මගේ බෑග් එක අරන් යන්න..

ඕකේ.. ඒක නෙවෙයි නෙතු.. ඔයාට බැරිද ඔය ස්පෙක්ස් නැතුව යන්න.. මට ඊරිසියයි පිට උන් ඔයාව ඔහොම දකිනකොට..

අනේ බොල.. මේක පුදුම ඊරිසියාවක්නේ.. ඔයා කියන විදියට යන්න නම් පුලුවන්.. හැබැයි පාර පේන්නැතුව ගිහින් වාහනේකට හැප්පුනොත් ඔයාට අපේ අම්මලාට අයියා බබෙක් හොයලා දෙන්න වෙයි..

ආයිශ්.. හරි හරි ඕක දාගෙන යන්න..

මේකගේ පුදුම ඊරිසියාවක්නේ තියෙන්නේ.. කමක් නෑ ආදරේටනේ.. ලමයි ටික ඔක්කොම ගේට් එකෙන් එලියට ගියාම මාත් බෑන්ඩ් එක අරන් පාරට ආවා.. තාම උදේ අටහමාරට නවයට වගේ නිසා ලොකුවට වාහන නෑ.. ප්‍රිෆෙක්ට්ලා දෙපැත්තෙන් ඉඩ අරන් දෙනකොට අපි ප්ලේ කරන්න පටන්ගත්තා.. මේන් රෝඩ් එකේ කෙලින්ම ගිහින් ඩයලොග් එක ඉස්සරහින් පලවෙනි හරස් පාරට හැරිලා කච්චේරිය ඉස්සරහින් ආයෙත් මේන් රෝඩ් එකට ඇවිත් රේල් පාර පැනලා වෙස්ටර්ස්ලගේ ප්‍රයිමරි පාරෙන් නැතුව අනික් පැත්තෙන් අපි උඩට අවා.. ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එකයි ග්‍රවුන්ඩ් එකයි තිබ්බේ චන්දාන්දේ ඉස්සරහ පාරෙන් අනික් පැත්තට වෙන්න.. අපි යද්දී එයාලගේ පොඩි ලමයි ජනෙල් වලින් බලන් ඉන්නවා දැක්කා.. අපි ග්‍රවුන්ඩ් එකට එනකන්ම ගිමා අපිව වීඩියෝ කරනවා මං ඇස් කොනෙන් දැක්කා.. හොදට ආවද දන්නෑ, මොකද කලින් ප්ලේ කරලා තිබුණට පාරේ ලීඩ් කරපු ෆස්ට් ටයිම් නේ..

ග්‍රවුන්ඩ් එක ඇතුලට ආවම ලමයි ටික පැවිලියන් එකේ වාඩි කරවලා හිරුෂට බලාගන්න දුන්න මායි යසායි අපේ හවුසස් වලට ඔලුව දාලා එන්න ගියා.. මොකද ඒ වෙනකොට අපිත් එක්ක ආපු අනික් අය තම තමන්ගේ හවුසස් වලට ගිහින් තිබුණා..

*************************************

අකීට ඊරිසියයිලු එයාගේ නෙතු ස්පෙක්ස් දාලා අනික් අය දකිනවට..

කණ්නාඩි නෙතුවා

මේ ලමයට දිගටම ලෙක්චර්ස් වැටිලා අටට පටන් ගත්තම හයට ඉවර වෙන්නේ.. ස්කූල් එකට ඔලුව දාන්නත් ඔනේ ජුන්නෝ මේ දවස්වල ස්පෝර්ට් මීට් එකට ඩිස්ප්ලේ ප්‍රැක්ටිස්..

මගේ මොස්ට පූස් යුම්කියා වලියකට ගිහින් මූණේ පැත්තක් ගන්න දෙයක් නෑ, ඒකට බෙහෙත් දාන්න ඔනේ දවසක් ඇර දවසක්.. ඒ අස්සේ දකුණු අතේ ඇගිල්ලක් කඩාගන්නැතුව නූලෙන් බේරගෙන හරි අමාරුවෙන් ටයිප් කරන්නේ අයියෝ..

මේ ලමයා හරි....යට බිසී අප්පා..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!