Chapter 12 of 23

එකොළොස්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]3,009 words~16 min read

මල්ලී බෑන්ඩ් එකේ ලමයි ඇරෙන්න ඉතුරු අය තව පැයකින් ස්කූල් එකට එක්කන් යන්න කියලා හවුස් කැප්ටන්ලට කියන්න..

හරි අයියේ..

HP අයියා ඇවිත් කියද්දී මාත් බෑන්ඩ් එකේ ලමයි අතේ හැම හවුස් එක්කටම පණිවිඩ යවලා පැවිලියන් එකෙන් වාඩි උනා.. බුදාම්මෝ ග්‍රවුන්ඩ් එකට ආවත් හරි වාඩි උනාමද කොහෙද.. දැන් එකොළහට විතර ඇති.. ස්කොඩ් එක ග්‍රවුන්ඩ් දාන්න කියනකන් මං track and field events වල සිලෙක්ශන් කරා.. හෙල්ල ඇරෙන්න ඉතුරුවා ශේප්..

This announcement is for the students who are participate for the march past.. please report to the ground to final rehearsal for the day..

අනේ මට ටිකක් වාඩිවෙලා ඉන්න දීපියව්..

අයියේ යමුද..

යමු යමු.. කෝ යසා..

එයාගේ ඉන්ස්ටෘමන්ට් එක අරන් එන්න කිව්වා ප්ලැටූන් එකට එන්නම් කිව්වා..

Okay hurry up boys..

මම බෑන්ඩ් එකත් අරන් ලයිනප් වෙලා බලන් ඉන්නවා අපේ හවුස් එකයි යසාලයි කැඩෙට් ප්ලැටූන් එකයි විතරයි.. දැන් විනාඩි පහලවක් විතර.. මේක හරියන්නෑ..

සාජන්..

මං කතා කරේ කැඩෙට් සාජන්ට.. පොර අපේ වයසේ මැත්ස් කරන්නේ..

යෙප්..

මේ මුන් එන පාටක් නෑ.. ඔයා ගිහින් රිපෝර්ට් කරලා වැඩේ පටන් ගන්න.. ආවොත් එහෙමයි නාවොත් ඒත් එහෙමයි කියලා මං ලීඩ් කරන්නම් ඉන්න ටික..

මාත් මේ කියන්න හැදුවේ.. එහෙනම් බොසා මං ගියා..

මටත් සැලියුට් එක්ක දාලා පොර ඉස්සරහට ගිහින් රිපෝර්ට් කරන්න ගත්තා.. මොන තාම අනික් හවුසස් වලින් වත් හෙඩ් බෝඩ් එකවත් නෙවෙයි ලයිනප් වෙන්න ආවේ.. යාලුවො උනාට කරන්න දෙයක් නෑ..

ආචාර පෙලපාලිය... මැදින් පෙල දකුණ බලා දකුණට... හැරෙන්..

1 2 3 1...

මමයි හවුස් කැප්ටන්ලා දෙන්නයි සාජනුයි අපිට අදාල තැන්වලට ගිහින් හිටගත්තා.. ඔන්න දැන් තමයි අනික් උන්ගේ පුප ගිනි අරන් තියෙන්නේ.. අනික් හවුසස් දෙකේ කැප්ටන්ලා ලමයිව පැවිලියන් වලින් එලවනවා.. HP අයියයි GC අයියයි ස්කූල් ෆ්ලෑග් එකයි ස්පෝර්ට් ෆ්ලෑග් එකයි අරන් මේන් පැවිලියන් එකේ ඉදලා හුරේ රන් එකක් දුවන් එනවා දැක දැක සාජන් කමාන්ඩ් කරා..

ආචාර පෙලපාලිය... මැදින් පෙල.. ගමනේ යා...

මටත් මොකෑ.. මාත් බෑන්ඩ් එක ලීඩ් කරන් පුරුදු පාරෙම ගිහින් මැදින් හැරිලා පැවිලියන් එක ඉස්සරහට ඇවිත් මුලු ස්කොඩ් එකම ආවට පස්සේ ඩබල් බීට් දීලා නැවැත්තුවා..

මොකද්ද මල්ලී ඒ කරපු වැඩේ..

ඔන්න ඔන්න හෙඩා ටිපර් වෙලා.. කෙලින්ම ආවේ මං ලගට..

ඇයි අයියේ..

කැඩෙට් සාජනුත් ආවා..

අපි එනකන් ඉන්නැතුව පටන්ගත්තේ..

ස්කොඩ් එකට බහින්න කියලා කොච්චර වෙලාද.. අපි දෙගොල්ලොයි අර හවුසස් දෙකයි විනාඩි විස්සක් විතර අවුවේ..

අපිට ඉන්න බැරිකමක් නෑ ඒත් හවුසස් වල ලමයි.. අයියලා උනත් කැමති නෑනේ අවුවේ නිකරුනේ හිටන් ඉන්න..

මායි සාජනුයි කියපුවට එයාලට කියන්න දෙයක් නෑ.. පරක්කුවෝ සෙට් එක නිසා අපිට ආපහු පාරක් ස්කොඩ් යන්න උනා.. ඊටපස්සේ බෑන්ඩ් එක ඇරෙන්න ඉතුරු ලමයි ඉස්කෝලෙට එක්ක යද්දී මායි යසායිත් අපේ හවුස් එක්ක සප් එකට ගිහින් ආවා.. මහීෂයි අකීල්ලයි බෑන්ඩ් එකත් එක්ක ග්‍රවුන්ඩ් එකේ නැවතුනා..

අපි හෙමීට කාලා බීලා ලෑස්ති උනේ ඩිස්ප්ලේ ප්‍රැක්ටිස් කරන්න.. නිවාඩු කාලේ දවස් තුනක් විතර පොඩි අය ගෙන්නලා අපි ස්ටෙප්ස් මියුසික් ඇරේන්ජ් කරගත්තා.. දැන් තියෙන්නේ ප්ලේ කරන ගමන් ස්ටෙප්ස් ටික හරියට හදාගන්න.. මුන්ට මතකද දන්නෑ කියලා දුන්න ඒවා..

ඕකේ බෝයිස්.. ඉස්සෙල්ලාම අපි ඉන්ස්ටෘමන්ට් නැතුව ස්ටෙප්ස් ටික බලමු..යන්න ඉක්මනට ලයිනප් වෙන්න..

පැතුම් සර් ඇවිත් කියද්දී අපි ගිහින් ලයිනප් වෙලා මුලින්ම ස්ටෙප්ස් ටික බැලුවා.. මුලින් මුලින් සමහර තැන් අමතක වෙලා තිබ්බත් දෙතුන් පාරක් කරද්දී කොල්ලෝ ටික ට්‍රැක් එකට වැටුනා..

හරි දැන් ඉන්ස්ටෘමන්ට් ගන්න.. හැබැයි පුතෝ ප්ලේ කරන නිසා ස්ටෙප්ස්වත් ස්ටෙප්ස් නිසා ප්ලෙයින්ග්වත් අමතක වෙන්න බෑ..

වෝනින් එකත් දීගෙනම එක්ස්ට්‍රා සයිඩ් ස්ටික් එක්කුත් අරන් සර් ආයෙත් ප්‍රැක්ටිස් පටන් ගත්තා.. දෙයියනේ කියලා සුභ නැකතින් වම් කකුල පෙරට තියලා රිපෝර්ට් කරන්න ගියපු මම කකුල් දෙකට කිස් කන්න පාරක් කෑවේ මෙස් එක හරි ලෙවල් එකට අප් කරේ නෑ කියලා.. ඇදලා හිටියේ ෂෝට් එක නිසා මට දවල් තරු පෙනුනා.. හැබැයි මං ගුටි කාපු නිසාද මන්දා පොඩි නෝට් දෙක තුනක් ඇරෙන්න ප්ලේ එක ඉවර වෙනකන් ලොකුවට මුකුත් වැරැද්දුවේ නෑ..

ඉතින් දෙකයි කාල විතර වෙනකන් ප්‍රැක්ටිස් කරවලා දැන් ඇති ඉස්කෝලෙට යන්න ලෑස්ති වෙන්න කියද්දී මට නිකන් දිව්‍යලෝකේ දොර දැක්කා වගේ.. ඔක්කොලාටම කලින් මෙස් එකත් බදාගෙන පැවිලියන් එකේ පුටුවකට කඩන් වැටුනේ පටන්ගද්දිම සර් ගහපු

පාර තාමත් කැක්කුම් අල්ලද්දී..

ම්ම්.. මේක ගා ගන්නවා.. උබ හරියට අප් කරානම් ඔච්චර නෑනේ කොල්ලෝ..

වාඩිවෙලා හිටපු මගේ උකුලට බාම් එකක් විසිකරපු පැතුම් සර් ඔලුවත් අතගාගෙන ගේට් එක පැත්තට ගියා.. වෙන අය වගේ නෙවෙයි දඩුවම් දීලා වැරදි පෙන්නලා ඊලඟ පාර එහෙම නොවෙන්නම අපේ වැරදි හදනවා.. ඕක නිසයි අපි සර්ට ආදරේ..

ඒ මචං.. උඹට අවුලක් නෑ නේද..

නෑ බං.. ඕවා ඉතින් පුරුදු වෙන්න දේවල් නෙවෙයි නේ.. මෙන්න මේක ගාපන්කෝ..

අම්මෝ මේ අපිට නම් කියන්න එපා.. අර මේ පැත්තට එන්නේ උබේ බෝයිෆි.. එයාටම කියලා ගා ගන්න.. නැත්තන් ඌ පිඹින පිඹිල්ලට පිච්චිලා අලු වෙලා යන්න තමයි වෙන්නේ..

සර් යනවත් එක්කම කකුල් වලට කොහොමද කියලා අහන් ආපු යසායි මහී අපේ පැත්තට එන අකීල්ව පෙන්නලා එතනින් මාරු උනා..

නෙතු ඔයාට රිදෙනවාද..

පිස්සුද අකී.. මං පොඩ්ඩ ඇත්තන් ටැප් එක ඇරගන්න කෙල්ලෙක් කියලා හිතුවද.. අපි එල කොල්ලෝ.. අනික ඔයා අද දැක්කේ පොඩි දෙයක්.. පහුගිය නිවාඩුවේ තිබුණු ප්‍රැක්ටිස් එක දැක්කා නම් හික් ගෑවෙනවා..

හම්ම්.. කෝ අනික් පැත්ත හැරිලා හිටගන්න ඔය බාම් එක ගාන්න..

අකීල් මගේ කකුල් වල බාම් ගාලා ටික වෙලාවකින් මං බෑන්ඩ් එකත් අරන් ආපු විදියටම ආයෙත් ඉස්කෝලෙට යන්න පිටත් වුනා.. මේ දවස්වල හැම ඉස්කෝලේම වගේ ස්පෝර්ට් මීට් ප්‍රැක්ටිස්.. අපි යද්දී අපිට අල්ලපු වැට වගේ ඉන්න මාලියන්ස්ලත් ග්‍රවුන්ඩ් ගිහින් එනවා.. හම්මේ කෙල්ලොන්ටත් ඉතින් බෑන්ඩ් එකක් දැක්කම ඉන්න බෑ.. මං දැක්කා උන්ගේ ප්‍රිෆෙක්ට්ලා කෑගහන්නවා පාර බලාගෙන පලයව් කියලා..

අපි මේ පැත්තෙන් පල්ලෙහාට එද්දී මාලියන්ස්ලගේ බෑන්ඩ් එකත් වෙස්ටර්ස්ලගේ ප්‍රයිමරි පාරෙන් ප්ලේ කරගෙන එනවා.. මලකෙලියයි.. මෙහෙම ගියොත් රේල්ගේට් එක ලග බ්ලොක් වෙනවා.. කෙල්ලොන්ගේ ලීඩර් අමා මගේ ෆිට් එකක්, මොකද අපි දෙන්නම ඒලෙවල් වෙස්ටන් මියුසික් කරනවා.. කෙල්ල මාව දැක්කම හිනා වුනා.. මාත් කට පුරවලා හිනා වුනා.. අපි දෙගොල්ලොම දැන් ඉන්නේ රේල් ගේට් එකට මෙහයින් නැවතිලා.. කෙල්ලො ටිකක් පාර පනිනවා..

ඒ අමා ඔයා ඉස්සෙල්ලාම යන්න කට්ටිය එක්ක..

අපි ගිහින් ඉස්කෝලේ ඉස්සරහ නැවතුනාම ඔයාලට යන්න බැරිවෙනවා.. ඒ නිසා ඔයා ඔයාගේ කට්ටිය අරගෙන ඉස්සෙල්ලා යන්න නෙතුවා..

එහෙනම් බොසා අපි ගියා..

අර කෙල්ලෝ ටික යනකන් බෑන්ඩ් දෙකේම සද්දේ මැද්දේ කෑගහලා කතාවුනු අපි දෙන්නගෙන් මම අපේ අය අරගෙන අමාටත් සැලියුට් එකක් ගහගෙන ඉස්සෙල්ලා ආවා.. ඉස්කෝලේට ඇවිත් බෑන්ඩ් එකේ වැඩ ටික ඉවර කරලා ලමයි ටිකත් යවලා ඉක්මනට චේන්ජ් උන මම යසාරටලටත් බායි කියලා අකීල්වත් ඇදන් ආයෙත් ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එකට ගියේ දැනටමත් අපේ හවුස් එකේ හෙට ප්ලේ කරන ලමයි ප්‍රැක්ටිස් ගිහින් නිසා.. අපි දෙන්න යද්දී ප්‍රැක්ටිස් පටන් අරන්.. මං මගේ වයිස් ලගට යනකොට අකීල් රැකට් එකක් අරන් ටේබල් එකක් ලගට ගියා..

මල්ලී කොහොමද තත්වේ..

දැනට නම් ශේප් එකේ යනවා..

කෝ කැපායි වයිසයි..

ස්විමිග් රිසාල්ට් අරන් එන්න ෆාදර්ගේ ඔෆිස් එකේ..

අයියෝ මේ පාරත් රෑ කුරුල්ලෝ වලියක් ඇද්ද ද..

උන් ගැන කියලා වැඩක් නෑ.. උන්ගේ කැපා අද නෑනේ.. ස්පෝර්ට් කැපත් ග්‍රවුන්ඩ් එකේ යසාරට අයියාත් බෑන්ඩ් එකේ.. ඉතින් අර අපේ වයසේ ස්පෝර්ට් වයිසගේ ඇටයක් වැඩිවෙලා.. උන්ගේ හවුස් එකේනේ ගිය පාර best butterfly technique කොල්ලා හිටියේ.. ඒ යකා මේ පාර අපෙන් හිටපු එකාට පැරදුනා.. අනික් techniques වලත් අපි ෆස්ට් ප්ලේස් තුන අතරේ හිටියත් උන් දෙකක ෆෝත්.. ඒ තරහයි අරකෙන් සෙකන්ඩ් උන එකේ තරහයි එක්ක අරූ වලියක් ඇද්දා.. නිකන් නෙවෙයි ස්විමින්ග් කෝච් එක්ක..

අනේ අම්මේ මේ පොඩි ඇටයෝ.. පට්ටම හම්බුනාම හිතන්නේ ලෝකෙම උන්ගේ අතේ කියලා..

ඒ ප්‍රශ්නේ ගැන කතා කර කර ඉද්දී

කැපයි වයිසයි ආවා..

මොකෝ උනේ.. මල්ලී මට කිව්වා උන

දේ ගැන..

අපි චැම්පියන් බං..

අඩෝ මරුනේ.. ඉතුරු තුන..

අර පොඩි ඇටයා වලි අල්ලපු නිසා නයිටිංගේල් සෙකන්ඩ් තිබුණු එක තර්ඩ් උනා.. තර්ඩ් හිටපු ග්‍රිෆින් සෙකන්ඩ් ඩ්‍රැගන් ෆෝත්..

අපරාදේ අර ඇටයට හික් ගෑවෙන්න ෆෝත් කරන්න තිබුණේ.. ඒ උනාට එකෙක් නිසා මුලු හවුස් එකක්ම පනිශ් වෙන්න ඕන්නෑ නේ..

හම්ම්.. හෙට නම් ඔය සෙල්ලන් බෑ.. මල්ලී උබ වයිස් එක්ක ඩ්‍රිල් එකේ ලමයි අරන් ග්‍රවුන්ඩ් යන්න.. මම නෙතුෂ එක්ක මැච්ස් වලට යනවා.. කොහොමත් නෙතුෂ ප්ලේ කරනවා නේ.. කොහොමද ඒ පැත්තේ වැඩ නෙතුෂ..

ටීටී සීනියර් එක ලොකුවට බයවෙන්න දෙයක් නෑ අකීල් ඉන්න නිසා.. ජූනියර් එකත් ලොකු අවුලක් නෑ ෆස්ට් බැරි උනත් උන් සෙකන්ඩ් හරි ගනී.. බැට්මින්ටන් ජූනියර් ගේමක් නෑ සීනියර් එකේ නයිටිංගේල් තමයි අවුල, මොකද යසාරට ඉන්නවා..

මං කලින් කිව්වද.. යසා තමයි අපේ බැට්මින්ටන් ක්ලබ් එකේ කැප්ටන්.. මිනිහා ප්ලේ කරද්දී බලන් ඉන්න ආසයි.. පට්ට techniques ටිකක් තියෙන්නේ..

උන් විතරනේ.. අවුලක් නෑ.. මං හිතන විදියට හෙට මේවා ඉවර උනාම දැනට හවුසස් වල ප්ලේස් අනවුන්ස් කරයි..

හෙට වැඩ ගැන තව ටිකක් කතා කරලා මාත් චුට්ටක් ප්‍රැක්ටිස් කරලා හෙට වෙන්න ඕන කොහොමද ඒ ගැන ලමයින්ට උපදෙස් ටිකකුත් දීලා ප්‍රැක්ටිස් ඉවර කරා..

හෙටට ඕන විදියට ස්ටේඩියම් එක අස්කරලා මං අකීල් එක්ක පහලට එද්දී හයටත් කිට්ටුයි.. වෙනදට නම් හවසට කලින් ඉවර උනාම අම්මලා එක්ක යනවා.. හැබැයි දැන් නම් එයාලා ගෙදර ගිහින නාලා කාලා බුජි ඇති.. අපි යද්දී මිලාන් ඉන්නවා රේල් ගේට් එක ලග.. අද ඩ්‍රැගන්ලත් ඉස්කෝලේ හවස ප්‍රැක්ටිස් කරා..

තරුවා ගියාද මිලාන්..

ඔව් නෙතුවා.. මං මේ හිටියේ උබලා එනකන්..

එහෙනම් යං හයේ බස් එකට යන්න පුලුවන්.. ඔයා කොහොමද යන්නේ අකී..

ඔයාගේ අකී අද අපේ ගෙදර නෙතුවා.. ඒකයි මං හිටියේ..

අඩෝ කොහොමද ඒක.. මේ මිනිහා මට නිකන්වත් කිව්වේ නෑ.. කිව්වා නම් ඇගේ කෑල්ලක් යනවද.. නෑනේ.. මං ඔරවලා බලද්දී මේකා බෙල්ල කසන ගමන් උඩ බලන් කාක්කෝ ගනිනවා..

මේ වෙලාවට කාක්කෝ නෑ ඒ නිසා වවුලෝ ගැනපන් අකීල්.. අද මිලාන්ලගෙ ගෙදර යනවා කියලා මට නිකමටවත් කිව්වේ නෑ.. කිව්වනම් උබේ ගැලවෙනවා කියලද නෑනේ.. දැන් ඉතින් උඩ බලන් ඉදපන් හෝතඹුවා..

අයියෝ නෙතු.. ඔයාව සප්‍රයිස් කරන්නේ.. අනික ඔයා බිසීනේ.. මං යන ගමන් කියන්න හිටියේ..

ඔව් ඔව් මං මේ සර්පයිස් වෙලා ඉන්නේ.. %&#ත තමයි..

අම්මෝ අකීල් මේකගේ කට.. වක්කඩේ කැඩුවා වගේ.. හරි හරි උබලගේ රන්ඩුව බස් එකට නැගලා කන්ටිනිව් කරපන්.. දැන් යමන් නැත්තන් වාඩි වෙන්න සීට් නැතිවෙයි..

කවුද රන්ඩු උනේ..

නෑ නෑ.. කවුරුත් රන්ඩු උන්නෑ..

මං ඒ දෙන්නටත් ගස්සලා එන්න ආවම අකීල් දුවන් ඇවිත් මගේ කර වටේ අතක් දාගත්තා.. මිලානුත් අනික් පැත්තෙන් අපිට සමාන්තරව ඇවිදන් ආවා.. දෙන්නා දෙපැත්තේ නෙතුවා මැද්දේ.. අපි තුන්දෙනා විකාර ගොඩක් කියව කියව රේල්පාර දිගේ ක්ලොක් ටවර් එක ලගට ආවේ කච්චේරිය පැත්තෙන් ආවොත් වෙලා යන නිසා.. අපි යද්දීම වගේ බස් එකත් ඇවිත් පාක් කරා, අද පරක්කුවෙලා.. බස් එකට නැගපු අපි තුන්දෙනා පිටිපස්සහ ශීට් එකෙන් වාඩිඋනා.. මම ජනේලේ ලග මට එහා පැත්තෙන් අකීල් ඊලඟට මිලාන්.. තව ටිකකින් බස් එක ෆුල් වෙනවා ක්ලාස් යන ලමයින්ගෙන් වගේම ඔෆිස් යන අයගෙන්.. හැබැයි ඉතින් භාගයක්ම කටුගස්තොට පාලම පැන්න ගමන් අඩු වෙනවා.. ඉතුරු සෙට් එකෙන් වැඩි හරියක් බහින්නේ අපේ ගෙවල් ලග..

හරියට හයට බස් එක පිටත් වෙද්දී කන්ඩක්ටර් ඇවිත් ටිකට් කඩලා ඉස්සරහට ගියා.. දැන් නම් එලිය වැඩිපුර ටිකක් කලුවරයි.. ඒත් අහස තාමත් ලාවට තැඹිලි රතු පාටයි.. අහස දිහා බලන් හිටපු මට අකීල්ගේ පැත්තට හැරුනේ එයා මගේ වම් අතේ ඇගිලි වලට එයාගේ වම් අතේ ඇගිලි පටල ගන්න ගමන් මගේ උරහිස වටේට අනික් අත දාලා එයාගේ ඇගට හේත්තු කරගත්ත නිසා..

මහන්සිද..

උරහිසේ තිබුණු අතින්ම මගේ ඔලුව අතගාන ගමන් එයා අහනවා..

ටිකක්.. ඔයාටත් මහන්සි නේද.. මං ඔයාව එහෙමෙහෙ ඇදන් දුවනවානේ..

ඔයාට උදව් කරන්නනැතුව මං කාට උදව් කරන්නද..

එයා මගේ නලලේ පැත්තක් කිස් කරන ගමන් කිව්වා.. මං දැක්කා මිලාන් හිනාවෙවී ෆෝන් එකට කොටනවා.. ටිකකින් බස් එක කලර් ලයිට්ස් වලට නවතිනකොට මගේ අකීල්ගේ වගේම මිලාන්ගෙත් ෆෝන් රින්ග් වුනා.. අරන් බලද්දී යසාගේ අර සමයන් ගෲප් එකෙන් කෝල් එකක්.. අනික් තුන්දෙනායි හිරුෂ මල්ලීයි දැන් මේකේ ඉන්නවා..මටයි මිලාන්ටයි ඉන්න කියලා අකී එයාගේ ෆෝන් එකෙන් කෝල් එකට ජොයින් උනේ දැනටමත් ඉතුරු අය ජොයින් වෙලා ඉද්දී..

අඩෝ අකීල්.. අරුන් දෙන්නා ඔන්ලයින් ඉදලත් ෆෝන් උස්, ඕයි ඕයි නෙතුවා.. උබ කොහෙද ජෝඩු දාලා අකීල් එක්ක යන්නේ..

කෝල් එකට ජොයින් උන ගමන් මුකුත් බලන්නැතුව කියවපු යසා අකී ලගින් ෆෝන් එකට එබිලා ඉන්න මාව දැකලා පරල වෙන්න ගත්තා..

අපි තුන්සමේ යනවා..

එහාපැත්තෙන් හිටපු මිලානුත් එබිලා කිව්වම අරූ හෙන ඩ්‍රැමටික් විදියට එක අතක් පපුවට තියාන අනික නලලෙන් තියාගත්තා..

නහී.. මට මොනාද මග ඇරුනේ..

රගන්නැතුව හිටපන් යසා.. සිරාවටම අකීල් කොහෙද මුන් දෙන්නත් එක්ක යන්නේ..

අද මං මිලාන්ලගෙ ගෙදර..

ඒක නෙවෙයි උබලා ඉන්නෙ පස්ස ශීට් එකේද..

ඔව් ඇයි..

උබත් එහෙනම් පෙම්මුල්ලෙන් වාඩි උනා.. යු නයිස් කීප් ගොයින් මයේයම්මා..

අනේ පලයන්.. ඒක නෙවෙයි මොකද කෝල් කරේ..

තා පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.. උබලට ආරංචිද අද වෙච්ච් දේ..

අඩෝ ඔව් බං.. කවුද ඒ පොඩි පගයා..

දොලහෙ ඇටකිච්චෙක්.. දෙන්න පුලුවන් ඒකාගේ ඇට දෙක ගුවන්ගත වෙන්න..

මහීයි යසායි හවස කේස් එකට උන්ගේ හවුස් එකේ වයිස් ස්පෝර්ට් කැපාගේ පලු ඇරලා හෙට මැච්ස් ගැනත් කතා කරලා කෝල් එක කට් කරා.. කෝල් එක අතරේ අපේ උන්ගේ කටේ සද්දෙට බස් එකේ මිනිසුන් බලන නිසා අකී මං ලගින් චුට්ටක් ඈත් උනා..

බස් එක අපේ ගෙවල් පාරට හැරෙව්වම මං ආයෙත් අකීට හේත්තු උනේ කට්ටිය අඩු නිසා.. ඉස්සෙල්ලා වගේම ආයෙත් මගේ උරහිස වටේ අත දාගත්ත එයා එක එක විකාර ඒත් ආදරණීය දේවල් කනට මුමුණද්දී මායි එයයි දෙන්නම හිනා උනා.. ඔක්කොමත් හරි මේ මිනිහා මගේ කනට චූටි චූටි කිස් තියන්න ගත්තා.. දැන් නම් දෙලෝ රත් වෙලා ඉන්නේ..

අකී එපා අනේ..

මොන මේකට ඇහෙන්නෑ.. තව හෝල්ට් තුනයි අපි බහින්න ඕන.. හරි තව දෙකයි..

මිනිහෝ නවත්තපන්.. තව හෝල්ට් එකයි අපි බහින්න ඕන..

මොකද්ද සුදූ.. යසා කිව්වා වගේ පෙම්මුල්ලෙන් වාඩිවෙලා මෙහෙම දෙයක්වත් කරේ නැත්තන් වැඩක්ද..

යැයි යැයි යැයි තමා..

මේ උබලා දෙන්නා පෙම් කෙලලා ඉවරනම් නැගිටපන්.. ඊලගට අපි බහින්න ඕන..

යන්තන් ඇවිලිලා හිටපු අපි දෙන්නව මිලාන් දෙපැත්තට කරලා හන්දියෙන් බස්ස ගත්තා.. මම දැන් ආපස්සට අඩි විස්සක් විතර යන්න ඕන.. ගේ ලගින් පාරට වැටෙන්න දාලා තියෙන ලයිට් එක පත්තු වෙනවා.. අකී මිලාන් එක්ක හන්දියෙන් ඇතුල් පාරේ මීටර් පන්සීයක් විතර ඇතුලට යන්න ඕන..

මේ හෙට උදේට අපිත් එක්ක යමු.. අපි හයට විතර යනවා..

එලම බොසා අපි දෙන්නා උදේට උබලගෙ ගෙදර එන්නම්..

හරි.. එහෙන්ම් මං යනවා ඔයාලත් පරිස්සමට යන්න..

ඉස්සෙල්ලාම ඔයා යන්නකෝ නෙතු ඊටපස්සේ අපි යන්නම්..

කැහ් කැහ්.. ඔව් ඔව් උබ පලයන්..

අකී මට ඉස්සෙල්ලාම යන්න කියද්දී මිලාන්ට කැස්සක් ඇල්ලුවා.. සැක් දැන් නම් මගේ මූණත් රතුවෙලා ඇති.. ඉතින් මං ගෙදරට යන පාර ගාවට ගිහින් අත වැනුවම අර දෙන්නත් අත වනාගෙන යන්න ගියා..

ගේ ඇතුලට ගිය ගමන් කාමරේට පැනලා වොෂ්‍ රූම් එකට රිංගන් ඇගේ පතේ අමාරු ඔක්කොම යන්න හොදට වොෂ්‍ එක්කුත් දාගෙන අම්මට කියලා රෑට කවාගෙන හෙට ගෙනියන්න ඕන ඒවා දාලා ස්කූල් බෑග් එකයි ස්පෝර්ට් බෑග් එකයි හදලා අකී ගෙදර ගියා කියලා දාලා තිබුණු මැසේජ් එකට රිප්ලයි කරලා ඇදට වැටෙනවා විතරයි මට මතක ප්‍රෙන්ස්...

.

.

.

.

.

.

.

.

කමොන් ෆීනික්ස්.. ටූ මෝර්..

ඩෝන්ට් ගිවප් ග්‍රිෆින්..

ඉන්ඩෝර් ස්ටේඩියම් එකම සැරින් සැරේට හෙල්ලිලා යන්න තරම් හවුස් හතරෙන කොල්ලෝ චියර් කරනවා.. දැන් එකොලහට විතර ඇති.. අද උදේම අකීවයි මිලාන්වයි දාගෙන මං ඉස්කෝලේට ඇවිත් ඇටෙන්ඩන්ස් මාක් කරලා අපේ හවුස් එකේ ටීටී ඇන්ඩ් බැට්මින්ටන් ප්ලේයර්ස්ලා ටිකත් අරන් ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එකට ආවා.. හරියට අට වෙද්දී බැට්මින්ටන් මැච්ස් පටන් ගද්දී U16 එකේ ෆස්ට් අපි වෙද්දී යසාලා සෙකන්ඩ්.. දහයට ටීටී මැච්ස් පටන්ගත්තා.. දැන් එහාපැත්තේ කෝට් එකේ U19 බැට්මින්ටන් ෆයිනල් යද්දී මෙහාපැත්තේ කෝට් එකේ ටීට U16 ෆයිනල් වගේම U19 සෙමි ෆයිනල් යනවා..

බැට්මින්ටන් ෆයිනල් හිටියේ නයිටිංගේල් එකෙන් යසායි අපේ ෆීනික්ස් මල්ලී කෙනෙකුයි.. ඕක කොහොමත් යසා දිනනවා.. ටීටී ගත්තොත් මේ අවස්ථාවේ ජයග්‍රාහී ලෙස U16 ෆස්ට් ප්ලේස් අපිට හම්බුනා.. ග්‍රිෆින් සෙකන්ඩ්.. U19 සෙමි ෆයිනල් අපේ හවුස් එකෙන් අකීල් නයිටිංගේල් එක්ක ප්ලේ කරලා මහීව පරද්දලා ෆයිනල් තේරිලා ග්‍රිෆින් එකෙයි ඩ්‍රැගන් එකෙයි සෙමිය අද්‍යනය කරන ගමන් ඉන්නේ.. මාව ක්වාටර් ෆයිනල් එකේදි මහියා කපලා දැම්මා.. ග්‍රිෆින් එකෙන් ගිමායි ඩ්‍රැගන් එකෙන් තරුයි තමා සෙමි ප්ලේ කරන්නේ..

වෙල්ඩ්න් මල්ලා.. නියමෙට කරා..

U16 දිනපු මල්ලී හවුස් එකට ආවම වාඩි කරවලා වතුර චුට්ටක් දෙන ගමන් මං ඔලුව අතගාලා කිව්වා.. පව් පොඩි එකාට මහන්සි ඇති, ඒ උනාට හිනා කටයි දිනපු සතුටට..

යේහ්.. ඩ්‍රැගන් ඩ්‍රැගන් ඩ්‍රැගන්..

පොඩි එකාව බලන ටිකට සෙමිය ඉවර වෙලා.. ගිමාව කපලා තරුවා ෆයිනල් ඇවිත්.. ෆයිනල් එකට කලින් චූටි බ්‍රේක් එකක් දුන්න නිසා මෙතන හිටපු ඔක්කොලාම එහා කෝට් එකට දිව්වේ බැට්මින්ටන් ෆයිනල් බලන්න..

කමෝන් මල්ලී..

කමෝන් යසාර..

යසා එක්ක දිනන්න හම්බෙන්නෑ.. හම්බුනත් ලේසි නෑ.. එහෙමයි කියලා චියර් නොකර ඉන්නද.. ඉතින් සුපුරුදු ලෙස යසා නයිටිංගේල්ලව ෆස්ට් කරා..

ගනන්ගන්න එපා කොල්ලෝ..

අපොයි මේක කොහොමත් දිනන්න වෙන්නෑ කියලා මං දන්නව අයියේ.. යසාර අයියාට ගහන්න අපිට පුලුවන්ද..

කෝට් එකෙන් එලියට ආපු ෆීනික්ස් එකේ මල්ලිගේ කරට අතකුත් දාගෙන හවුස් කැපා කියද්දී පොඩි එකා යසා ගැන වරුනේ..

හරි.. දැන් යන් අකීල්ගේ ෆයිනල් බලන්න..

ආයෙත් අනික් කෝට් එකට ආව මම පැත්තක වාඩි වෙලා රැකට් එකයි ෆේස් ටවල් එකයි අතේ තියාන කල්පනාවක හිටිය අකීල් ලගින් හිටගත්තා..

මොනාද ඔච්චර හිතන්නේ..

එහෙම මුකුත් නෑ.. තරූගේ ටෙක්නික්ස් ටික පොඩ්ඩක්..

මොකෝ පරදී වගේද..

Never.. you know what sudu.. I'm definitely gonna win this for..

For who..

For my lovely dovely babe..

Who is that luckiest person..

He is stand infront of me right now..

ඒව් මේකා හෙන චීසිනේ..

අකී එයා ඉස්සරහ හිටපු මගේ ඉන වටේ අත දාලා ලගට ඇදලා අරන් බඩට ඔලුව තියාගත්තා..

ඔයාට බැරිනම් කාටද පුලුවන්..

මම කියද්දී එයා ඔලුව හරවලා මං දිහා බැලුවා.. මුල් දවස්වල වගේම ඒ කලු ඇස් තාමත් කතා කරනවා.. අපි දෙන්නා ඇස් වලින් කොච්චර වෙලා කතා කරලද කියලා තේරුනේ අපේ කැපා ඇවිත් උගුර පෑදුවම.. මං ටක්ගාලා එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා නෙවෙයි මාව අතෑරියේ.. සැක් අරූ මොනා හිතුවද දන්නෑ..

අහ්ම්..

අහ් මචං.. ටයිම් හරිද..

තව විනාඩි දෙකක් විතර තියේ.. ඊට කලින් කියපන්කෝ මෙතන වෙන්නේ මට හිතෙනදේද කියලා..

හරි දැන් උබ මොනාද හිතන්නේ..

You two are in love.. when it comes to simple boyfriends..

යකෝ පොල්ලෙන් ගහන්න වගේ කියන්න එපා බං..

හරි හරි.. කොහොමත් ඒකනේ ඇත්ත..

හ්ම්ම්..

මේ අහපන් බං.. උබලා ලව් බැරි නම් ඉලව් කරත් මට කමක් නෑ.. හැබැයි පරිස්සමින්.. මොකද මම, තව කීපදෙනෙක් ඕපන් මයින්ඩඩ් හිතුවට මේ ලකේ පංකාවේ බහුතරේ ට්‍රැඩිශනල් නේ බං..

අයිනෝ බං.. උන්ට හැරුනත් ඇදයක්නේ..

Enyway congratulations.. but Akeel.. උබ නිකන්වත් නෙතුෂව අතාරින්න හිතන්න එපා.. එහෙම කරොත් උබ පයින් ගහන්නේ මැණිකකට කියලා මතක තියාගනින්..

Never.. කට්ට කාලා දාගත්තේ අතාරින්න නෙවෙයි..

මේ බලන්නකෝ මෙයාගේ ටෝක් එක.. ඒත් එක්කම ටයිම් එක හරි කියලා විසිල් එක වදිද්දී මගේ වටේ තිබුණු අත් අයින් කරන්නැතුවම නැගිට්ට අකී කැපා ඉස්සරහම මගේ කම්මුලක් කිස් කරලා කෝට් එක ඇතුලට ගියා.. අම්මාආආආ... ඔයාලගේ අයියා බබා රතුවෙලා පුපුරන්නයි යන්නේ.. අරූ අතින් කටත් වහන් හිනා වෙනවා..

.

.

.

.

.

ත්‍රී සෙට් ෆයිනල් මැච් එකේ පලවෙනි සෙට් එක තරු වින් කරද්දී දෙවනි එක අකීල් වින් කරා.. තව තප්පර ගානකින් තුන්වෙනි සෙට් එක පටන් ගන්නවා.. ඒකට කලින් දෙන චූටි බ්‍රේක් එකට ප්ලේයර්ස්ලා දෙන්නම තමන්ගේ හවුස් වලට ඇවිල්ලා හිටියේ..

මායි අනික් ප්ලේයර්ස්ලා ටිකයි කෝට් එක ඇතුලේ හිටියට හවුස් එකේ අනික් ලමයි පැවිලියන් එකේ වැටෙන් එබිලා අපිට උඩින් හිටගෙන හිටියා..

අකී.. ඊලඟ එක කොහොමද..

අපිට වින් කරන්න පුලුවන්.. බය වෙන්න එපා..

කැපා අහපුදේට උත්තර දීගෙනම අල්ලන් හිටපු මගේ අතත් මිරිකලා එයා ආයෙත් කෝට් එකට ගියා.. මේ පාර ග්‍රිෆින්ලයි නයිටිංගේල්ලයි කාගෙවත් පැත්තක් ගන්නැතුව සද්ද නැතුව ඉන්නවා.. මං දැක්කා ඊයේ වලි අල්ලපු පොඩි ඇටයා අද කියන දෙයක් කරලා දීලා පැත්තකට වෙලා ඉන්නවා..

.

.

.

.

ෆයිනල් එකේ මැච් පොයින්ට් දෙක.. 9:4 යි.. ආයෙත් අහලා අකීල් තමයි ලීඩ් එක.. මුන් දෙන්නා යක්කු දෙන්නෙක් වගේ..

කමෝන් ෆීනික්ස්..

තවත් පොයින්ට් එකක් අකීල්ට.. තව එකයි..

කමෝන් අකීල්.. යූ කැන් ඩූ ඉට්..

වන් මෝර්..

අයියෝ..

කමෝන් තරුෂ..

අකීට බෝල් එක මිස් උනා.. 10:5.. මුන් නිකන් වර්ල්ඩ් කප් එක බලනවා වගේ.. සර්විස් එක අකීට තියෙද්දි එයා ටේබල් එක ලගින් හිටටගත්ත පොෂිශන් එකට එයාගේ සර්විස් එක මොකද්ද කියලා මට නම් තේරුනා.. short sidespin pendulum service.. ඒක පේන්නේ නිකන්ම sidespin එකක් වගේ.. හිතුව වගේම තරුට ඒක මිස් වෙද්දී ෆීනික්ස්ලා පුපුරලා ගියා..

ඒ විදියට එදා දවසත් ඉවර වෙද්දී යකෝ ස්පෝර්ට් මීට් එක තව එහෙම්මම නේද කියලා කැපා මතක් කරාම වයිස් අතේ තිබුණු වතුර බෝතලෙත් අරන් උට ගහන්න ස්ටේඩියම් එක වටේ පැන්නුවා..

*************************************

ඔන්න අකීල් මැච් එක දිනුවා..

ෆීනික්ස් කැප්ටනුත් අකීගෙයි නෙතුවාගෙයි හුටපටේ දන්නවලු.. කේස් වෙයිද..

ඔයාලා කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!