Chapter 13 of 23

දොලොස්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,268 words~12 min read

ඕයි හරියට මාච් කරපන්.. තොපි කැට් වෝක් එකක්නේ යන්නේ..

උදේම ස්කොඩ් එකේ ලමයි ටිකත් අරන් ග්‍රවුන්ඩ් බැහැලා හිටපු මං කීවෙනි පාරටදෝ කෑගැහුවා.. තව දවස් දෙකයි ස්පෝර්ට් මීට් එකට.. ගෙවුන මාසේ අයියලාගේ එක්සෑම් තියෙද්දී හැමදාම වගේ ප්‍රැක්ටිස් තිබුණා.. ඒ අතරින් පතර ඉතුරුවෙලා තිබුණු ටූනමන්ට් කම්පිටිශන් ටිකත් තියලා ඉවර කරා.. හෙට රිහසල් අතරේ රනින් ඉවෙන්ට්ස් වලින් ටිකක් තියලා ඉතුරුවා අනිද්දා තියන්න තමයි ප්ලෑන් එක.. අස්ගිරියේ අපේ ග්‍රවුන්ඩ් එකේ කන්ස්ට්‍රක්ශන් වගයක් නිසා මේ පාර බෝගම්බර ග්‍රවුන්ඩ් එකේ තමයි ස්පෝර්ට් මීට් එක ඕගනයිස් කරලා තියෙන්නේ.. ඉතින් අදයි හෙටයි අනිද්දයි දවස් තුනම බෝගම්බර අපේ තමයි..

මොකද බල්ලෝ බෙරිහන් දෙන්නේ..

බෙරිහන් දෙන්නේ කියන්නේ.. මුන් එකෙක්වත් හරියට මාච් කරන්නෑ.. හු#ත තරහ යනවා බං..

හරි හරි මං බලන්නම් ඉතුරු ටික උබ බෑන්ඩ් එක ගනින්කෝ..

මං සසර කලකිරිලා වගේ ‍අපේ ස්කොඩ් එක දිහා බලන් ඉද්දී එතනට ආපු හවුස් කැප්ටන්ට ඒක බාරදීලා මං බෑන්ඩ් එක පැත්තට ආවා.. බෑන්ඩ් එකට කතාකරලා ඉවර වෙද්දී මාච්පාස්ට් එක පටන්ගන්න අනවුන්ස්මන්ට් එක දෙද්දී මං බෑන්ඩ් එකත් ලීඩ් කරන් ඉස්සරහට ගිහින් ග්‍රවුන්ඩ් එක වටේ රවුම ගිහින් මැදින් හිටගත්තා.. මට පේනවා පැතුම් සර් සයිඩ් ස්ටික් එක්කුත් අරගෙන මේ පැත්තට පිඹගෙන එනවා.. ඒ පාර මොන මරාලයක්ද.. පිඹගෙන ආවා චටාස් ගාලා මගේ කකුල් දෙකට දුන්නා.. ඒ වේගෙටම පස්සට ගියා ට්‍රම්පට් මල්ලිලා දෙන්නෙක්ටත් දුන්නා රත් වෙන්න.. ඇදන් හිටියේ ග්‍රවුන්ඩ් ප්‍රැක්ටිස් කිට් එක නිසා කකුල් වලට තව සැපයි..

ඈ බොල.. තොපි ජීවිතේට මාච් කරලා නෑ වගේනේ.. ඒකටම හරියන්න හවුස් ටිකත්.. කෝ මේවගේ ස්පෝර්ට් කැප්ටන් කියන උන්..

සර්ට බඩු හරි..මොකද එයා එපෑ ස්කොඩ් එකට වගකියන්න.. ඉතින් මායි අනික් හවුස් වල ස්පෝර්ට් කැප්ටන්ලායි ඉස්සරහට ආවා..

දැන් ගිහින් වතුර බීලා ආයෙත් ප්‍රැක්ටිස් පටන්ගන්නවා.. මාච් එක හදාගන්නකන් නවතින්නෑ.. හොදින් හෝ නරකින්.. අද කීයට හරි මේ වැඩේ ඉවර කරනවා.. මේක බෑන්ඩ් එකටත් අදාලයි.. මොනාහරි ගැටලු තියෙනවා නම් කෙලින්ම මාව හම්බෙන්න..

අතේ තිබුණු ස්ටික් එකත් මගේ ඇගට දමලා ගහලා පොර ගියා.. හෙඩ් බෝඩ් එක ඇතුලු ඔක්කොම මං දිහා බලාන..

මොනාද තවත් තොපි බලාන ඉන්නේ.. සර් කියපුවා ඇහුනා නේ.. ඒ විදියට කරපිය.. යකෝ කොහෙවත් ඉන්න දෙසිය තිහක් විතර ප#&#% නිසා ම‍ං ගුටි කනවා.. තොපි එකෙක්ට ආයේ සමාවක් නෑ.. කෙලින්ම කතා කරන්නේ මේකෙන්..

මං අතේ තිබුණු ස්ටික් එක පෙන්නුවා.. එතකොටම වගේ කැඩෙට් සාජනුත් මං ලගට ආවා.. මෙතන හිටගත්ත ගමන් උන්ගේ සර් ඌව ඇදන් ගියා.. පොර මෙතනට එද්දී උගේ බැටන් එක අල්ලන් ආපු විදියට උටත් සම්බුව හම්බෙලා කියලා තේරුනා..

තවත් බලන් ඉන්නේ.. ඉක්මනට ගිහින් එනවලා.. බෑන්ඩ් එකට වතුර ඕනද..

නෑ අයියේ..

හම්ම්.. ඕන්නම් කියපන්.. හිරුෂ අදට ලීඩ් කරපන්.. මං මුන්ගේ මාචින් බලන්න ඕන..මචං උබත් බලපන්..

සාජන්ගෙත් පිටට තට්ටුවක් දාගෙන මං පෙරඩ් එකෙන් පැත්තකට උනා..

.

.

.

.

කොහොමහරි දොලහ විතර වෙද්දී වදෙන් පොරෙන් වටටම නෙලලා අන්තිමට මුලු ස්කොඩ් එකම එක ගානට මිම්මට මාච් කරවන්න ප්‍රැක්ටිස් කරගත්තා.. හෙට හරි අනිද්දාට හරි මුන් වැරැද්දුවොත් සර්ගෙන් මට සෝක් කෑමක් සෙට් වෙනවා කියලා ශුවර්.. ස්කොඩ් එක ඉවර වෙද්දී ඩ්‍රිල් එක පටන් ගත්තා.. ඕන්නම් කතා කරයිනේ..

අයියේ.. ආ මේක බීපන්..

බෑන්ඩ් එකත් අරන් මේන් පැවිලියන් එකට වම් පැත්තෙන් තිබුණු පැවිලියන් එකෙන් වාඩිවෙලා හිටපු මට ජූස් බොට්ල් එකක් දික් කරේ මගේ වයිසා..

ඩ්‍රිල් එක ශේප් නේද..

ඔව් අයියේ..

කොස්ටියුම් ටික කීයටද ගේනවා කිව්වේ..

තව විනාඩි විස්සක් විතර යයි කිව්වා.. අදම බෙදලා දෙනවද හෙට දෙනවද..

අදම දෙමු.. අඩුපාඩු මොනාහරි තිබ්බොත් හදාගන්න වෙලා තියෙනවා එතකොට..

අයියේ ඩ්‍රිල් එකේ කොස්ටියුම් ඇවිල්ලා කියලා ඒ ටික ගන්න එන්න කිව්වා..

අපි හිටපු තැනට දුවගෙන ආපු පොඩි ඇච්චෙක් එහෙම කියලා ආයෙත් දුවලා ගියා..

අයියා ඉන්න මං බලන්නම්..

කොස්ටියුම් ගැන බලන්න යන්න නැගිටිපු මට මගේ වයිස් කියද්දී..

අනේ නිකන් ඉදු.. මං වෙනුවට මේ කරන වැඩ මදිද.. උබ ගිහින් නම් ටික බලපන්.. මං අර ටික අරන් එන්නම්.. පොඩි උන් දෙතුන්දෙනෙක් ඒ පැත්තට එවන්න ඒ ටික උස්සන් එන්න..

හරි අයියේ..

මං කොස්ටියුම් ටික ගන්න යද්දී අනික් හවුස් වලින් ඇවිත් එයාලගෙ ඒවා අරගන්නවා.. මම ඉතින් වටටම සිරික්කිය දාලා අපේ ටික ගන්න යද්දී තමයි එතන හිටපු තරුවා දැක්කේ.. ඩ්‍රැගන්ලගෙන් ඌයි තව මල්ලිලා දෙන්නෙකුයි තමයි ඇවිත් හිටියේ.. එයාලගේ කොස්ටියුම් ටිකත් අරගෙන යන්න යද්දී තමයි ඌ මාව දැක්කේ.. මං ඉතින් දත් ටිකත් පෙන්නලා හිනා උනාම මෙන්න මේකා ගස්සගෙන ගියා.. අනේ යකෝ මේකා තාමත් තරහයිද.. ඔය වෙන මොකටවත් නෙවෙයි එදා මැච් එක අකීට පැරදුණු තරහ.. ඇයි ඉතින් වෙනදට මූ කොහොමහරි උන්ගේ හවුස් එකට ෆස්ට් අරන් දෙනවානේ.. ඔය මොන තරහත් ස්පෝර්ට් මීට් එක ඉවර වෙනකන් විතරයි.. ඒකට ගස්සන්න බැරි නම් පද්දපන් කියලා මං අපේ හවුස් එකෙන් ඇවිත් හිටපු මල්ලිලා අතේ කොස්ටියුම් ටික යවලා මාත් පස්සෙන් ගියා..

මං ගිහින් ටික වෙලාවකට පස්සේ ඩ්‍රිල් එකේ ලමයි හවුස් එකට ආවම වයිස් එක්ක එකතුවෙලා කොස්ටියුම් ටික බෙදලා දුන්නා..

මල්ලී අකීල්ව දැක්කාද..

මං වටේම බලන ගමන් ඇහුවේ ස්කොඩ් ප්‍රැක්ටිස් වලින් පස්සේ පොර අතුරුදහන් නිසා..

අකීල් අයියා කැප්ටන් එක්ක ටවුන් එකට ගියා හවුස් එකේ නම ගහන්න ඕන ගෝනි ටිකයි ස්ප්‍රේ කෑන් ටිකයි ගේන්න.. ඒ ටික අරගෙන කෙලින්ම ස්කූල් එකට යනවා කිව්වා..

හරි මල්ලී..

යකූ මේකා මට කියලා ගියේ නෑනේ.. අඩුම මැසේජ් එකක්වත් දාලා නෑ කියලා හිතින් පලු යවන ගමන් ශෝට් එකේ සාක්කුවෙන් ෆෝන් එක ගද්දී මං දැක්කේ ෆෝන් එක ෆලයිට් මෝඩ් වැටිලා.. මලකෙලියයි.. ෆලයිට් මෝඩ් ඕෆ් කරද්දී අකීල්ගේ මිස් කෝල්ස් බර ගානක් ස්ක්‍රීන් එකේ පොප් අප් වෙන්න ගත්තා.. හුස්මක් අරන් පහලට දාන්න උනේ නෑ ආයෙත් එයාගෙන් කෝල් එකක්..

හෙලෝ අකී..

අකී.. අකී තමයි.. ෆෝන් එකත් ඕෆ් කරන් මොන ලෝකෙද ඉන්නේ.. මං කීපාරක් ගත්තාද.. සෙල්ලන් කරනවා කියලා හිතුවද සුදූ..

අනේ අම්මේ මයෙ කන ලෙප්ට්.. ඒ අස්සේ අර කැප්ටන් කියන එකා හිකි හිකි ගානවත් ඇහෙනවා..

සොරි අකී.. ෆෝන් එක ෆලයිට් මෝඩ් වැටිලා.. දැන් තමා හවුස් එකට ආවේ.. ඔයාලා කොහෙද..

අපි දැන් ස්කූල් එකට ආවේ..

හම්ම්.. අපිත් තව ටිකකින් එනවා..

අද හවස ප්‍රැක්ටිස්ද..

නෑ.. හෙට උදේ තියෙන පොඩි රිහසල් එකෙන් පස්සේ ප්‍රයිමරි ග්‍රවුන්ඩ් එකේ ෆයිනල් ප්‍රැක්ටිස් එක ගන්නවා..

හරි.. දැන් පරිස්සමින් එන්නකෝ.. මං තියන්නම්..

හම්.. බායි..

බුදාම්මෝ ඔයින් බේරුනා මදැයි.. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකෙන් ගෙදර යන ලමයි යවලා ඉතුරු අය අනික් ප්‍රිෆෙක්ට්ලා එක්ක ඉස්කෝලේට එවලා බෑන්ඩ් එක ස්කූල් බස් එකට පටවන් මායි හිරුෂ මල්ලී ඉස්කෝලේට ආවා..

.

.

.

.

.

කවුද ඕයි හැරී පෝටර්ගේ කෝට්ට ගත්තේ..

පොඩ්ඩක් හිටපන් අයියේ කෝට්ටේ මිට හරිගස්සනවා..

ඔයාලා බලනවා ඇති කතාව මැදට හැරී පෝටර් කොහෙන්ද ආවේ කියලා.. ගනන් ගන්න එපා අපි මේ හවුස් ඩෙකෝ කරනවා.. හවුස් එකේ පාට රතු වෙනකොට මේ පාර අපේ තීම් එක උනේ හැරී පෝටර් මූවි එක.. ඉතින් ඒ ඒ හවුසස් එයාලගේ පාටවල් වලට මූවි එකේ හවුසස් බෙදාගෙන තිබුණා.. අපි හැරීව ගද්දී යසාලා මැල්ෆොයිව, හිරුෂලා ලූනාව, තරුෂලා සෙඩ්‍රික්ව අරගෙන තිබුණා..

දැන් නම් දෙක හමාරට විතර වෙලා.. උදේම ෆයිනල් රිහසල් එක ඉවර කරලා ලමයි ටික ඉස්කෝලේට ගිහින් දැම්මා.. ඊට පස්සේ බෑන්ඩ් එක මියුසික් නැතුව ඩිස්ප්ලේ එකේ ඩ්‍රිල්ස් ටික ප්‍රැක්ටිස් කරා.. එයාලවත් එක විතර වෙද්දී ඉස්කෝලෙට එක්කන් ගිහින් අවසාන පණිවිඩ ටික දීලා මායි යසයි හිරුෂ මල්ලියි ආයෙත් බෝගම්බර ආවා හවුස් ඩෙකෝ වලට.. දොලහ දහතුන කොල්ලෝ බැහැලා වැඩ.. මං දැක්කා මහී යසා එක්ක එකතුවෙලා කොලපාට පත සර්පයෙක් උස්සන් යනවා.. මැල්ෆොයිත් ඇති ඔය කොහෙහරි.. හිරුෂලා නිල්පාට ගිනි පිබින ග්‍රිෆින් කෙනෙක් එක්ක ලූනාව එයාලගේ පාටින් ඩ්‍රෙස් කරවලා තිබුණා.. තරුෂලා ගෝල්ඩන් එග් එක අතේ තියාන ඉන්න සෙඩ්‍රික් එක්ක මූවි එකේ මකරව අරන් තිබුණා.. අපි හැරී එක්ක මූවි එකේ හිටපු ෆීනික්ස්ව ගත්තා..

ඕයි කෝ මේකගේ අනික් තට්ට..

ඒ පාර වයිස් කැපා ෆීනික්ස්ගේ එක තට්ටක් උස්සන් අනික හොයනවා..

ඉස්සෙල්ලා ඕකගේ බොඩිය කෙලින් කරන් හිටපන් බං..

ඉනිමග දීපන් නගින්න..

උබ කොටා පුලුවන් වැඩක් කරපන්.. කෝ අපේ හවුස් එකේ දණ්ඩා..

අනේ පලයන් යන්න..

හවුස් එකට අබ සරණයි මුන් දෙන්නා එක්ක.. මුන් ඔය දණ්ඩා කිය කිය හොයන්නේ මගෙ මිනිහව.. ඇත්තටම කිව්වොත් එයා අපේ හවුස් එකේ උසම එකා.. කලින් නම් හිටියේ අපේ කැපා ඒ උනාට අපේ මිනිහා උටත් වඩා අගලක් විතර උසයි..

යකෝ මයේ මිනිහට පාඩුවේ ඉන්න දීපන්කෝ..

එහෙනම් උට කියපන් උගේ උසෙන් ටිකක් උබට දෙන්න කියලා..

දැන් උබ නොකියා කියන්නේ මං කොටයි කියලද..

තොප්පිය හරි නම් දාගන්න බොසා..

යකෝ මං තොට වඩා දෙකයි අඩු..

හරි මචං උබ කොට නෑ.. දැන්වත් උබේ මිනිහා හොයන් වරෙන්කෝ..

අකීට පාඩුවේ ඉන්න දෙන්න කියලා කියන්න ගිහින් මට අහගන්න උන කතා ගොඩ..

ඌ ගියා ඉනිමග ගේන්න.. ආ අර එන්නේ..

මං කිව්වේ ඉනිමගත් උස්සන් ග්‍රවුන්ඩ් එක ඇතුලට එන අකීල්ව පෙන්නලා.. ඉනිමග උස්සන් ආව මනුස්සයම ඉනිමගේ නග්ගලා ෆීනික්ස්ව කෙලින් කරගෙන හැරීව ඇරෙන්න ඉතුරු ඔක්කොම ඩෙකෝ හතර වෙද්දී ඉවර කරා.. මීට් එක් දහයට පටන්ගන්න නිසා ඉතුරු ඩෙකෝ උදේට කරන්න ඉතුරු කරා.. අද යසායි අකීයි මිලානුයි අපේ ගෙදර.. ඉතින් ඒ දෙන්නවත් පටවන් අප්පච්චිත් එක්ක අපි ගෙදර ආවා..

මේ දැන්ම කිව්වා මායි මිලානුයි ගෙස්ට් රූම් එකේ..

කාර් එකට නැග්ග ගමන් යසා පටන් ගත්තා.. ඌ අප්පච්චි එක්ක ඉස්සරහ මායි අකීයි මිලානුයි පස්සහ..

ඉතින් හිටපන්.. අකීල් ඔයා මාත් එක්ක ඉමු..

කැහ් කැහ්..

මේ යසෝ තෝ කැහැලා හෙට ප්ලේ එක කාපන්කෝ බලන්න..

ඇති ඇති කොල්ලනේ.. උබලා නැග්ගට පස්සේ කාර් එක නිකන් මාර්කට් එක වගේ..

අනේ යන්න රජී යන්න.. ඔයා මගේ මේ ලව්ලි වොයිස් එකට නේත ඔය අපහාස කරන්නේ..

අපේ අම්මයි අප්පච්චි කියන්නේ මගේ යාලුවොන්ට උන්ගේ බොක්ක වගේ.. මුන් ඒ කාලේ ඉදලම කතා කරන්නේ නම් වලින්.. හැබැයි ඉතින් ඒ දෙන්නට තරහ ගිහින් හිටියොත් මුන් මටත් වඩා ගූ බයයි..

අපේ අප්පෝ නෑ..

නෑ නෙවෙයි ඔව්.. හුම්..

අනේ අම්මේ මේ අලි කොල්ලෝන්ගේ හුරත්ලේ.. හරි හරි ඒවා වැඩක් නෑ.. මට කියන්නකෝ අයියා මේ ඉන්නේ ඔයාගේ අලුත් යාලුවද..

අප්පච්චි මගේ එහාපැත්තේ වාඩිවෙලා හිටපු අකීල්ව පෙන්නලා ඇහුවා..

ඔව් අප්පච්චි.. මේ ඉන්නේ අකීල්.. කලින් මෙයයි මිලානුයි එක ස්කූල් එකේ හිටියේ..

එතකොට පුතා අපේ පුතාලගේ ස්කූල් එකට ආවේ ඒලෙවල්ස් වලට..

ඔව් අංකල්..

පුතාගේ පේරන්ට්ස්ලා මොකද කරන්නේ..

අංකල් නොදන්නවා නෙවෙයිනේ සූරියසිංහ කන්ස්ට්‍රක්ශන්.. ඔය ඉන්නේ ඒකේ ඊලඟ අයිතිකාරයා..

අඩෝ නෝ.. මේ අපේ රොහාගේ කොල්ලාද..

අංකල් අපේ අප්පච්චිව දන්නවද..

දන්නවද කියලත් අහනවා කොල්ලෝ.. පුතාගේ අප්පච්චියි මිලාන් පුතාගේ අප්පච්චියි මේ යසාගේ අප්පච්චියි මමයි එක ස්කූල් එකේ එක පන්තියේ.. ඒලෙවල්ස් වලදි තමයි අපි සෙක්ෂන් හතරකට බෙදුනේ..

ජයේ අංකල්ව දැනන් හිටියට අපේ අප්පච්චි අනික් අය ගැන කියලා නෑ..

පුතාගේ අප්පච්චි විතරක් නෙවෙයි අම්මවත් මං හොදට අදුරනවා.. එයා මගේ නංගිගේ හොදම යාලුවා..

ආන්ටිව මතක් කරාම අකීල්ගේ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුනා..

එහෙමද අංකල්..

ඔව් ඔව්.. රොහාන් මේ දවස්වල මොකද කරන්නේ පුතා.. ගෙදර නැද්ද..

දැන් සති දෙකක් විතර අප්පච්චි කලම්බෝ වල අංකල්.. අලුත් රෙස්ටුරන්ට් ඡෙන් එකක් පටන්ගන්න ප්ලෑන් කරනවා.. හෙට උදේට නුවර එනවා කිව්වා ස්පෝර්ට් මීට් එක නිසා..

හොදයිනේ.. කාලෙකින් පොරව දැක්කෙත් නෑ.. හෙට මුනගැහෙයි නේ.. අනික් දෙන්නගේ කොහොමද..

අපේ අප්පච්චිත් එනවා කිව්වා අංකල්.. අලුත් ස්කූල් එකේ වැඩ බලන්න..

අපේ එක්කෙනා ගැන ඔයා දන්නවානේ රජී.. එයා අද උදේ ඉදලා රෙඩි වෙන්නේ..

දැන් මේ එක්කෙනෙක්වත් මං ඉන්නවද නැද්ද ගානක් නෑ.. ඔක්කොමත් හරි අප්පච්චිත් හෙට එනවලු ස්පෝර්ට් මීට් එක බලන්න.. සාමාන්‍යයෙන් අම්මා තමා හැම එකටම එන්නේ.. අප්පච්චි හරි කලාතුරකින් තමයි ස්පෝර්ට් මීට් එන්නේ.. මෙයාලගේ කතා එක්ක අපි ගෙදරට ඇවිල්ලා.. කාර් එකෙන් බැස්ස ගමන් ම‍ං දිව්වේ අම්මා හොයාගෙන.. ම‍ං යද්දී එයා නංගිගේ හෝම්වර්ක් කරවනවා සාලේ මැද..

අම්මා..

මොකද අයියා කෑගහන්නේ..

අම්මා.. අප්පච්චි අර කියන්නේ ඇත්තද..

මොනා ගැනද..

හෙට මීට් එක බලන්න එනවා කියන්නේ..

ආ.... ඒකද..

ඔව් ඒක තමයි..

මං අම්මාගෙන් හෙට අප්පච්චි එනවද කියලා අහද්දී අප්පච්චි පිටිපස්සෙන් යසාලත් ගෙට ආවා..

හෙට අප්පච්චි මමයි නංගියි තුන්දෙනාම එනවා..

මොකා........ක්..

ඇයි කොල්ලෝ මේ..

ඇයි කියලා අහන්නේ අප්පච්චි.. ඔයා අවුරුදු තුනකින් විතර මේ එන්නේ..

මගේ කොල්ලා අන්තිමට ප්ලේ කරන ස්පෝර්ට් මීට් එක බැලුවේ නැත්තන් මේ අප්පච්චිගෙන් වැඩක්ද.. හෙට මං ඕක බලන්න එන්නේ ගැම්මෙන්..

අනේ.. දැන් නම් මට ඇඩෙනවා.. කිව්වත් වගේ අප්පච්චි ඒක කිව්වේ හෙන ගැම්මෙන්.. එයාගේ ඇස් ස්පාර්ක් වෙනවා.. මං දුවගෙන ගිහින් අප්පච්චිගේ කරට පැන්නම එයා මාව උස්සල වටයක් කරකලා බිමින් තිබ්බා.. මං තාමත් අප්පච්චිගේ කරේ එල්ලිලා..

I'm so proud of my boy..

මගේ ඔලුව අතගාන ගමන් අප්පච්චි කියද්දී එයාට වඩා අගල් දෙක්ක විතර කොට මම හිටපු විදියටම ඉන්න ගමන් ඔලුව උස්සලා අප්පච්චි දිහා බැලුවා..

මං කවදාවත් අප්පච්චිගේ ගැම්ම බස්සන්නෑ..

මං දන්නවා මගේ කොල්ලා ගැන..

අප්පච්චිගෙයි පුතාගෙයි කෝලන් ඇති.. දැන් ගිහින් කට්ටියම වොෂ්‍ දාලා කාලා බීලා නිදාගන්න.. හෙට උදේම යන්න ඕනේ කිව්වා නේ..

අපෝ මෙයාගේ ඊරිසියාව.. නේද අප්පච්චි..

අම්මා අපේ සමයන් වලට තිත තියලා හෙට යන්න රෙස්ට් කරන්න කිව්වම මං අප්පච්චිව ඇතෑරලා ගිහින් අම්මාගේ කම්මුලක් කිස් කරා..

යන්න යන්න.. අර දරුවන්ටත් මහන්සි ඇති අයියා..

හරි හරි අනේ.. ආ අම්මා.. මේ ඉන්නේ අකීල්.. එයාගේ ඉතුරු විස්තර අප්පච්චිගෙන් අහගන්න.. අපි යනවා..

එහෙම කියාන අනික් තුන්දෙනා එක්ක මං රූම් එකට ආවා.. අපිට තියෙන්නේ තනි තට්ටුව්වේ ලොකු ගෙදරක්.. ඉස්සරහ ලොකු සාලේ ඊලගට ටීවී රූම් එක.. එතනින් වමට තියෙන පොඩි පැසේජ් එකේ අම්මලගෙයි නංගිගෙයි ගෙස්ට් රූම් දෙකෙන් එකකුයි ඇනී අම්මාගේ රූම් එකයි.. ඒ පැසේජ් එකේ දිගටම යද්දී දකුණු පැත්‍තේ තමයි කුස්සිය තියෙන්නේ.. වම් පැත්තට ආයෙත් පැසේජ් එක කන්ටිනිව් වෙද්දී එක පැත්තක මගේ රූම් එකයි ඊට ඉස්සරහින් අනික් ගෙස්ට් රූම් එකයි.. පැසේජ් එක ඉවර වෙන්නේ පොඩි ජිම් එකකින්.. මගේ රූම් එකේ ජනෙල් කෙලින්ම තියෙන්නේ වෙලයි අප්පච්චිගේ එළවලු කොටුවයි පේන්න..

රූම් වලට රිංගගත්ත අපි මහන්සිය යන්න හොදට වොෂ්‍ කරලා රෑටත් කාලා ආයෙත් රූම් වලට ඇවිත් හෙට ඕන කරන බඩු ලෑස්ති කරගත්තා..

බ්ලේසර් කේස් එක්ක ඇයි..

ඇදේ හරස් අතට වැටිලා හිටපු අකීල් මගෙන් ඇහුවා.. එයා නම් ඔක්කොම රෙඩි කරගෙන ඇවිත් තියෙන්නේ..

බෑන්ඩ් ලීඩර් විතරක් නෙවෙයිනේ හවුස් එකේ ස්පෝර්ට් කැප්ටන් නේ.. වෙල්කම් එකයි ඇන්තම් වලිනුයි පස්සේ ඔලිම්පික් ලෑම්ප් එක ලග හවුස් ෆ්ලෑග් එකත් අරන් ඉන්න ඔනේ..

මං එයාට උත්තර දුන්නේ ඩාර්ක් බ්ලූ ස්කූල් බ්ලේසර් එක කේස් එකෙන් එලියට ගන්න ගමන්.. ඒකේ වම් පැත්තෙන් ස්කූල් බැජ් එක තියෙනකොට අනික් පැත්තේ ගහන්න බැජ් ටිකයි මෙඩ්ල්ස් කැටියකුයි තියේනේ.. ඒ ටිකත් ඇදට හලලා ආයෙත් ක්ලෝසෙට් එක ලගට ගිහින් බෑන්ඩ් කොස්ටියුම් එක අරගෙන කාමරේ කොනක තිබුණු අයන් බෝඩ් එක උඩින් දැම්මා..

එතකොට හෙට ඇදන් යන්නේ කොස්ටියුම් එකද..

ඔව්.. යුනිෆෝම් එකයි බ්ලේසර් එකයි අරන් ගිහින් අර වෙලාවට විතරක් චේන්ජ් කරගන්නවා..

හම්ම්..

නිදිමතේ නේද ඉන්නේ..

ඔයා එනකන් ඉන්නම්..

හරියට හාන්සි වෙන්නකෝ.. මං මේ ටික ගහලා එන්නම්..

අකීල් හරියට හාන්සි උනාම එයාගේ එහාපැත්තෙන් වාඩිවෙලා මං බ්ලේසර් එක හදන්න ගත්තා.. ඒ වැඩේ ඉවර වෙලා බලද්දී අකීට නින්ද ගිහින්.. මැදලා තිබුණු යුනිෆෝම් එක උඩින්ම හැගර් එකට බ්ලේසර් එක දාලා කෙස් එකටත් දාලා පොලිෂ් කලු සපත්තු දෙකත් ස්පෝර්ට් බෑග් එකට දාලා බෑන්ඩ් කොස්ටියුම් එක තිබුණු අයන් බෝඩ් එක ලගින් තිබ්බා.. පොලිෂ් කරපු බූට්ස් දෙකත් එතනම තියලා ලයිට් එකත් ඕෆ් කරන් ඇදට ගිහින් හාන්සි උනාම අකී මගේ පපුව උඩින් ඔලුව තියාගත්තා.. එයාවත් තුරුලු කරගෙන මං ඇස් දෙක පියාගත්තේ හෙට දවසේ හැමදේම හොදට වෙන්න කියලා හිතන ගමන්..

*************************************

ඊලඟ එකෙන් ස්පෝර්ට් මීට් එක ඉවරයි..

අප්පච්චිලා ඔක්කොලාම යාලුවො කියන්නේ.. මං නම් දන්නෑ..

ඔයාලා කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!