Chapter 14 of 23

දහතුන්වෙනි දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]4,086 words~21 min read

කොල්ලනේ නැගිටපල්ලා.. හතර හමාරයි වෙලාව..

අපේ අප්පච්චිගේ වොයිස් එක නේද.. මෙච්චර උදෙන්ම.. වෙන්න බෑ.. හීනයක් වෙන්න ඇති.. නින්දෙන් ඇහෙන වොයිස් එක අප්පච්චිගේ වගේ උනාට හීනයක් කියලා හිතපු මම තාමත් මට තුරුලු වෙලා ඉන්න අකීව තව ටිකක් ඇගට තද කරගෙන නිදාගන්න හැදුවේ..

අයියා.. නැගිටින්න..

ඒ පාර නම් අම්මා..

හරි අම්මා..

අකී නිදි කියලවත් නොබලා එයාගේ කන අස්සේ කෑ ගහලා උත්තර දුන්නට එයා නෙවෙයි හෙල්ලුනේ.. බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරන් බලද්දී වෙලාව පහට කාලයි..

අකී නැගිටින්න.. අපි ලෑස්ති වෙන්න ඕන..

ෆයිව් මිනිට්ස් සුදු..

ගුටි නොකා නැගිටපන් බං.. උබ යුනිෆෝම් උනාට මට එල්ලගන්න කෑලි ගොඩක් තියෙනවා..

හපෝ මලකරදරේ..

මට පුප්ප පුප්ප ඇදෙන් නැගිටපු අකී කුටු කුටු ගගා වොෂ්‍ රූම් එකට රිංගගත්තා.. එයා ගියාම ඇදෙන් නැගිට්ට මම ඇදත් හදලා කුස්සියට යද්දී අම්මා උදේට කන්න උයනවා.. මෙහෙම අම්මව දකින එක සුපුරුදු උනාට අම්මාගේ එහාපැත්තට වෙලා හැමෝගෙම මග් වලට උදේ කිරි එක වක්කරන අප්පච්චි නම් සෑහෙන්න නුපුරුදු දර්ශනයක්..

ඈ අප්පච්චි.. ඇයි අනේ ඔයාට බැරි හැමදාම මෙහෙම උදේට නැගිටින්න..

මං කිව්වේ කෑම මේසේ පුටුවකින් වාඩිවෙන ගමන්..

එතකොට අගයක් නෑනේ..

ඔය බලාපල්ලාකෝ.. අගයක් නෑ කියන්නේ.. මම තව මොනාහරි කියන්න කලින් නිදිමතේ වැනි වැනි ආව යසා මගේ කකුල් දෙක උඩින් වාඩිවෙලා බෙල්ල අස්සේ මූණ ඔබාගත්තා..

යසාර පුතා කෝ මිලාන්..

ඌ වොෂ්‍ රූම් එකට රිංගගත්ත අංකල්..

නිදිමතේ හිටපු යසා අතට අප්පච්චි කිරි මග් එක දුන්නම ඒක එක හුස්මට බීලා ආයෙත් මගේ බෙල්ල අස්සේ මූණ ගහගත්තා.. මේකා වෙලාවකට පොඩි එකෙක් වගේ.. අද අප්පච්චිලා කීයටද එන්නේ එන වෙලාවට වාඩිවෙන්න හොද තැනක් සෙට් වෙයිද අද කාලෙකින් හම්බෙන එයාගේ යාලුවො ගැන කියව කියව තව විනාඩි විස්සක් විතර යද්දී අකී මිලානුයි ලෑස්තිවෙලා කුස්සියට ආවා..

ඒ බලුස් නැගිටපන්.. අකී ආවා..

අනේ මේ උට බම්බු ගහන්න කියපන්.. උට කලින් තෝ මගේ උනේ..

එහෙම කියලා මේකා තවටිකක් හොදට හරිබරි ගැහිලා මගේ කකුල් දෙක උඩ වාඩි උනා.. මාත් ඉතින් එක අතක් පිට මැදින් දාලා අනික් අත කලවා උඩින් දාලා වැටෙයි කියලා හොදට අල්ලගත්තා.. ලෑස්තිවෙලා A ඇවිත් හිටපු දෙන්නා මගේ දෙපැත්තේ තිබුණු පුටුවලින් වාඩි උනා..

මේ මොකද..

මිලාන් ඇහුවේ අප්පච්චි දුන්න කිරි එකෙන් උගුරක් බොන ගමන් ගෙබි පැටියෙක් වගේ එල්ලිලා ඉන්න යසාව පෙන්නලා.. අකී නම් හිනාවෙවී යසාගේ ඔලුවට තට්ටුවක් දැම්මා..

මං වාඩිවෙලා ඉන්නේ මගේ බොක්කගෙ ඔඩොක්කුවේ නම් කාටවත් ඇයි වේදනා..

එකපාරටම ඔලුව උස්සලා යසා කියද්දී මට නිකන්ම හිනාවක් පැන්නා..

හරි හරි.. දැන් වුබර්ටත් ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකුයි නේ.. ඔහොම පලයන්කෝ.. අපිටත් දවසක හදද ඉරද, මොකක් හරි දෙකෙන් එකක් පායයි නේ.. හම්..

වයින් වෙච්ච බෝනික්කා වගේ කියවන් කියවන් ගිය මිනිහා මගේ කකුල් දෙකෙන් බැහැලා කුස්සියේ හිටපු ඔක්කොලාටම ගස්සගෙන ගියා.. ගිය පයින් ආයෙත් කුස්සියට එබිලා තොට ලෑස්ති වෙන්න ඕන්නැද්ද මිනිහෝ.. ලීඩර් නැතුවද බෑන්ඩ් එකට යන්න කියන්නේ.. කියලා මටත් කෑගහලා ගියා..

එයාට මොකද වෙලා තියෙන්නේ..

ගනන් ගන්න එපා.. තාම නැගිටපු ගමන් නේ.. මාත් යනවා රෙඩි වෙන්න..

කෑම මේසෙන් නැගිටපු මම කෙලින්ම වොෂ්‍ රූම් එකට රිංගලා දත් ටිකත් මැදගෙන හොදට වොෂ්‍ එකකුත් දාගෙන ඇවිත් කොස්ටියුම් එකත් ඇද ගත්තා.. එහෙන් මෙහෙන් එල්ලගන්න තියෙන කෑලි ටිකත් එල්ලගෙන බූට්ස් දෙකත් දාගෙන ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහින් හිටගත්තා.. වොහ් කොල්ලා හැන්ඩ්සම් ඈ.. ස්කූල් එකේ නම ගහපු ස්ලෑෂ් එක පපුව මැද්දේ තියෙනවා පේනකොට හිතට අමුතුම හැගීමක් එන්නේ.. මං පැත්තක හේත්තු කරලා තිබුණු මෙස් එකත් අතට ගත්තා.. අපේ අප්පච්චිගේ විදියට කිව්වොත් පොල්ල.. එයා කියන්නෙම අපේ අයියා පොල්ලක් වන වන අර ලමයි ටිකක් ඉස්සරහින් යන්වා කියලා.. දැන් ඉතින් තොපි වෙන වෙන දේවල් හිතන්නේ එහෙම නෑ..

ඊයේ බෑන්ඩ් එකේ බඩු ඔක්කොම ග්‍රවුන්ඩ් එකේ ස්පෝර්ට් රූම් එකේ තියලා ආවට මෙස් එක සර් මට ගෙදර ගෙනියන්න කිව්වා.. ඒකත් අරගෙන ආයෙත් ඩ්‍රෙසින් ටේබල් එකේ කණ්නාඩියෙන් මං මගේ දිහා බැලුවා.. කලින් තිබුණු හැගීම තව ටිකක් වැඩිපුර දැනෙද්දී අඩුපාඩු බලලා හදාගෙන ඔලුවට දාන තොප්පියත් කිහිල්ලේ ගහගෙන රූම් එකෙන් එලියට ආවේ ඉස්සෙල්ලාම ලෑස්ති උන අකී මගේ ඉතුරු බඩු ටික අරන් ගිහින් නිසා.. මම රූම් එකෙන් එලියට එද්දී යසාත් ගෙස්ට් රූම් එකෙන් එලියට ආවා.. අපි දෙන්නම කුස්සියට එබුනත් කවුරුත් හිටපු නැති නිසා ඔක්කොලාම සාලේ ඇත්තේ කියලා ඒ පැත්තට යද්දී අම්මා අකීටයි මිලාන්ටයි කවනවා..

ඒ ඒ සේමි.. ඔයා අපි දෙන්නව කපලා අලුත් පුතාලට කවනවා නේ..

සාලෙට ආපු අපි දෙන්නව කාටවත් නෝට් උනේ නෑ කියලා තේරුන යසා උගේ බෝක්කු කට ඇරියා.. ඔන්න එතකොට නම් කට්ටියගේ අවදානේ චුට්ටක් මේ අහිංසකයෝ දෙන්නට ලැබුණා.. අම්මා ඉදුල් නැති අතින් කට වහගත්තා.. අප්පච්චිගේ නම් ඇස් දෙක දිලිසෙනවා.. අකීලුයි මිලානුයිත් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.. හරි හරි වෙනදට වඩා කෑලී බෑලී වැඩී තමයි.. වෙනද වගේම හැන්ඩ්සම් තමයි.. ඒත් එහෙමයි කියලා ඔහොම බලන්න ඕනෙත.. මං හිතුවේ අපේ මිනිහා මාව ගිලී කියලා ඒ බලන් හිටපු බැල්මට.. වෙලාවට අම්මා කතාකරලා කට්ටියගේ දැහැන බින්දේ..

දෙයියනේ මේ කොල්ලන්ගේ ලස්සන.. හැන්ඩ්සම්..

සේමිට ඕන්නම් වේකන්සි තියෙනවා.. ආයෙත් බදිමුතේ..

මේ මේ කොල්ලෝ.. ඕවට නම් එන්න එපා.. මගේ කෙල්ලට මං හොදයි.. වෙන උන් ඕන්නෑ..

අපේ අම්මා කියපු එකට යසා කට කැඩිච්ච කතාවක් කියද්දී අප්පච්චි ටිපර් උනා..

බලන්න ඒ ආතරේ.. මාත් හොයාගන්නවා මේ වගේ සුවාමිපුරුසයෙක්..

මොකද්ද යකූ මේකා ඒ කිව්වේ.. මං සුටුස් ගලා අම්මාගෙයි අප්පච්චිගෙයි මූණු දිහා බැලුවා.. ඊලඟට අකී දිහා බැලුවා.. එයා නම් ගානක් නැතුව ඉන්නවා..

හොයාගනින් හොයාගනින් හොද එකෙක්.. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නෑ ජීවිත කාලෙම සතුටෙදි වගේම දුකේදිත් අතාරින්නැතුව අල්ලන් ඉන්න එකෙක්..

ඔව්.. මොනවා කලත් නිරුවතින් ඉපදෙන අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතුපාට ලේ නම් ආදරේට මොකටද ජෙන්ඩර් එකක්.. තමන්ගේ සැනසීම, සතුට, ආරක්ෂාව උපරිමේටම තියෙනවානම් එතනයි නවතින්න ඕන හරිම තැන කියලා දැනෙනවා නම් ඇයි කාගෙවත් උවමනාවට එතන මග ඇරලා ජීවිතේම අපායක් කරගන්නේ..

දෙයියනේ මට දැන් ඇඩෙන්න වගේ.. අප්පච්චි ඕන එකෙක් හොයාගනින් සතුටින් ඉන්න පුලුවන් නම් කියලා මගේ දිහා බලද්දී අම්මත් මගේ දිහා බලලා ආදරේට මොකටද ජෙන්ඩර් එකක් කියලා ඉතුරුවා හැමෝම දිහා බලාන කියලා අන්තිම ටිකට ආයෙත් මගේ දිහා බැලුවා.. එයාලට තාම මං මගේ sexuality එක ගැන කියලා නෑ.. ඒත් ඒ මගේ අම්මයි අප්පච්චියි නේ.. එයාලා ගෙස් කරලා මං හිතන්නේ.. ඒකට කමක් නෑ.. ඔක්කොටම වඩා මට වටින්නේ එයාලා කියපු දේවල්..

මගේ එහාපැත්තේ හිටපු යසා මගේ අත හෙමීට මිරිකලා ඇතෑරියා..

අපි ඉතින් ඔයාලට ආදරේ ඕකනේ රෙජී.. ඒවා වැඩක් නෑ.. දැන් මේ හැන්ඩ්සම් කොල්ලෝ දෙන්නටත් කවන්න.. නැත්තන් පරක්කු වෙයි..

ඊටපස්සේ අම්මට කියලා කවාගෙන අප්පච්චි එක්ක ගෙදරින් පිටත් උනා.. තාම වෙලාව හයටවත් නැති වෙද්දී පාරේ වාහන නැති නිසාම පැය භාගයක් විතර යද්දී අප්පච්චි අපිව ස්කූල් එක ලගින් දාලා ආයෙත් ගෙදර ගියේ නවයට විතර අම්මලවත් එක්කන් එන්නම් කියලා.. ඊටපස්සේ ඉතින් අපි අපේ වැඩ වලට ගියේ අකීල් මගෙන් හවුස් එකට වෙන්න ඕන දේවල් බලන්නම් කියලා යද්දී..

.

.

.

.

.

තව කොච්චර වෙලාවක් තියෙනවාද ඉවෙන්ට් එක පටන් ගන්න..

හත හත හමාර වෙද්දී ස්කූල් එකේ හිටපු ඔක්කොලාම ස්කූල් බස් වල ග්‍රවුන්ඩ් එකට ආවා.. අනික් අය හවුස් ඩෙකෝ අනන් මනන් බලද්දී මම බෑන්ඩ් එකත් අරන් රත්වත්තේ පැවිලියන් එකට වම් පැත්තේ තියෙන පැවිලියන් එකේ යට කෑල්ලට ගියා.. ඒකේ භාගෙක බෑන්ඩ් එක ඉද්දී අනික් ටික ඉන්වයිටඩ් ස්කූල්ස් වලට වෙන් වෙලා තිබුණා.. ඒ ලමයිත් ටික ටික එද්දී මං බෑන්ඩ් එක අරන් ගේට් එක ලගට ගියේ වෙල්කම් එකේ පොඩි රිහසල් එකක් ගන්න.. ඒකත් ඉවර වෙලා එතනම තිබුණු නයිටිංගේල් එකෙන් වාඩි උනේ වැඩේ පටන්ගන්න වෙලාව ලග නිසා.. දැන් නම් ලමයි ඕල්ඩ් බෝයිස්ලා වගේම පේරන්ට්ස්ලත් ඔක්කොම වගේ ඇවිත්.. අපේ අම්මලත් ඇවිත් ඇති..

තව විනාඩි පහලවක් වගේ..

එහෙනම් දැන් ලයිනප් වෙමු..

පොඩි අය අරන් යන්නකෝ යසා.. මං එන්නම්..

ඇයි උබ කොහෙ, ආ... හරි හරි කතා කරලා එන්නකෝ..

යසාරට ලමයි ටිකත් අරන් යන්න කිව්වේ අකී මේ පැත්තට එනවා දැක්ක නිසා.. මං යන්නේ කොහෙද කියලා අහන්නත් ගිහින් අකීල්ව දැකලා පොර මට එන්න කියාන ලමයි ටිකත් අරන් එන්ට්‍රන්ස් එක ලගට ගියා..

බය වෙලාද ඉන්නේ..

අකී ඇහුවේ ලස්සන හිනාවකුත් එක්ක..

A little bit.. බයක් නෙවෙයි නර්වස් ගතියක් තියෙන්නේ..

ලොකුවට හිත්න එපා..

හම්ම්.. කොහොමද හවුස් එකේ තත්වේ..

ඒ වැඩ ඔක්කොම හරි.. ඔයා එක්ක ඔලිම්පික් ලෑම්ප් එක ලගට යන ලමයි අතේ හවුස් ෆ්ලෑග් එක යවන්න කියලා කැප්ටන් කිව්වා.. බෑන්ඩ් එක ස්කූල් ඇන්තම් එක ගහලා ග්‍රවුන්ඩ් එකෙන් අයින් උනාම ඔයා චේන්ජ් කරන් එතනට යන්න.. මං එන්නම් හෙල්ප් එකට..

ඇත්තද සුදු මහත්තයා.. හෙල්ප් කරන්නද එන්නේ..

මනුස්සයා හවුස් එක ගැන කියලා අන්තිමට මට චේන්ජ් කරගන්න හෙල්ප් කරන්නම් කිව්වේ මනමාල හිනාවක් මූණේ තියාන..

ඇයි එපාද..

අපෝ නෑ.. එන්න එන්න.. මං යන්වා අතනට.. වෙලාවට ඇවිත් ඉන්න..

මීට් එක පටන්ගන්න විනාඩි පහයි කියලා අනවුන්ස්මන්ට් එක දෙද්දී මාත් බෑන්ඩ් එක ඉස්සරහින් හිටගත්තා.. මේ පාර අපේ චීෆ් ගෙස්ට් ඩිලන්ත මාලගමුව.. එයත් එක්ක දැනටමත් ෆාදර් කතා කරද්දී මීඩියා යුනිට් එකෙන් මීට් එක පටන් ගත්තා..

A very good morning to you all.. It's time to start one of the biggest events of the year.. We warmly welcome you all who are taking part in our one of biggest event in the year, The Annual sports meet of the ****** college kandy..

Now our honorable cheif gust Mr. Dilantha Malagamuwa is being welcomed by the principal of the college, father ******* and the staff members..

ගුඩ් ලක් කොල්ලනේ..

මෙච්චර වෙලා බෑන්ඩ් එක පැත්තට හැරිලා හිටපු මම අනික් පැත්තට හැරුනා..

Now, the honorable cheif gust and the principal are being welcomed by the senior western band of our college..

මං අඩියක් ඉස්සරහට ගිහින් සැලියුට් කරලා කට්ටියව වෙල්කම් කරා.. ඊටපස්සේ ගෝල් පෝස්ට් එක ලගට එනකන් ස්ලෝ මාර්ච් එකෙන් ඇවිත් එතන හිටපු ස්කවුට්ලට ගෙස්ට්ලව භාර දීලා ටැප් එකකින් ඇවිත් කොඩි කනු ඉස්සරහින් හිට ගත්තා.. නැශනල් ෆ්ලෑග් එකයි ස්කූල් ෆ්ලෑග් එකයි ඉස්සුවට පස්සේ ඇන්තම් දෙක ප්ලේ කරලා ආයෙත් ටැප් එකකින් පැවිලියන් එකට ඇවිත් හිරුෂ මල්ලිට ලමයි ටික බලන්න කියලා මායි යසායි චේන්ජින් රූම් එකට පැනගත්තා.. අපි යද්දී අකීල් ඇතුලේ..

අපෝ.. තොපි මේක අස්සෙත් පෙම් කෙලින්නද යන්නේ..

මං ආවේ උබලට උදව් කරන්න..

අන්න එහෙම බහු වචනෙන් වරෙන්..

ඉතින් අකීල්ගෙත් උදව් ඇතුව දඩබඩ ගාලා චේන්ජ් කරන් අපි එලියට එද්දී ඉන්වයිටීස්ල විදියට ආපු මාලියන්ස්ලගේ ග්‍රීක් මේඩන්ස්ලා රෙඩි වෙන්වා..

Now, the flags of the four houses are lifted by the vice captains of each house..

අනවුන්ස්මන්ට් එක ඇහෙද්දී යසා කඩාගෙන කොඩි කනු ලගට දිව්වා.. මාත් හෙමින් හෙමින් බ්ලේසර් එකේ එල්ලන් ඉන්න සලන් බලන් කෑලි බෑලී ටිකත් අත් දෙකෙන් අල්ලගෙන ග්‍රීක් මේඩන්ස්ලා එක්කම ග්‍රවුන්ඩ් එකට ගිහින් ඔලිම්පික් ලෑම්ප් එක ලගින් හිටගෙන මල්ලි කෙනෙක් අතේ තිබුණු හවුස් ෆ්ලෑග් එක ඉල්ලගත්තා.. ඊටපස්සේ අර මේඩන්ස්ලා නටලා කරලා හවුස් කැප්ටන්ලා ග්‍රවුන්ඩ් එක වටේ වටයක් ගිහින් ඔලිම්පික් ලෑම්ප් එක පත්තු කරලා ඔෆීශියල් විදියට ස්පෝර්ට් මීට් එක පටන් ගත්තා..

ඔලිම්පික් ලෑම්ප් එක ලග ඉදලා හවුස් එකට ගියාට පස්සේ එහාටයි මෙහාටයි තරග වලට ඉන්න ලමයි එක්කන් ගියා.. දැන් නම් බ්ලේසර් එකට ඇගම තැම්බිලා.. තව රනින් ඉවෙන්ට්ස් දෙක්කට පස්සේ 13 ගෲප් ඉවෙන්ට් එක.. ඇදන් ඉන්න යුනිෆෝම් එක උඩින් පටන්ගන්න එක්කෙනාටයි ඉවර කරන කෙනාටයි උරහිසෙන් හරහට හවුස් එකේ පාටින් රිබන් එකක් දාන්න තමයි දාන්නේ..  රවුමක් හැදිලා එක්කෙනෙක් මැද ඉදලා වටේ ඉන්න අයට ටෙනිස් බෝල දෙකක් මාරුවෙන් මාරුවට පාස් කරන්න තියෙන්නේ.. මැද ඉන්න කෙනා ඔක්කොලාටම පාස් කරලා ඉවර වෙලා බෝල එතනම බිම තියලා රවුමට එකතු උනාම ඊලඟ කෙනා මැදට ගිහින් අර විදියටම කරනවා.. හැමෝම එහෙම ඉවර කරලා ඉස්සෙල්ලාම බිම වාඩිවෙන අය තමා දිනන්නේ.. අපෙන් පටන් ගන්න ඉන්නේ හවුස් කැපා ඉවර කරන්නේ අකීල්..

අපේ සෙට් එක රෙඩි නේද..

පිට් මචං..

මං ඇහුවම කැපා නිකන් පිස්සෙක් වගේ හිනාවෙලා කිව්වා.. දැන් ටික්කට කලින් හවුසස් වල දැනට අරන් තියෙන ලකුණුයි ප්ලේස් ටිකයි කිව්වා.. ඩ්‍රැගන්ලා ෆෝත් නයිටිංගේල් තර්ඩ් අපිට වඩා ලකුණු තිස්පහක් පස්සෙන් අපි සෙකන්ඩ් ග්‍රිෆින් අපිට වඩා ලකුණු හතකින් ෆස්ට්.. ඊලඟට තියෙන රිලේ එකේ ෆස්ට් ගත්තොත් අපි ෆස්ට් ගෲප් ඉවෙන්ට් එකත් ෆස්ට් වෙලා අනික් රනින් ඉවෙන්ට් එක ෆස්ට් නැත්ත් සෙකන්ඩ් උනොත් අපිව අල්ලන්න ටිකක් අමාරුයි.. කොහොමහරි ලකුණු කිව්ව වෙලාවේ ඉදලා කැපා ට්‍රැක් අවුට්..

අනේ බං.. ඔහොම ඉන්න එපා..

අපිට ෆස්ට් වෙන්න පුලුවන්ද බං..

ගොං කතා අහන්න එපා.. අපි තමයි එක.. මේ මං යනවා චේන්ජ් කරගන්න.. දුවන සෙට් එකයි ගෲප් ඉවෙන්ට් එකට ඉන්න සෙට් එකයි අරන් උබත් බෑන්ඩ් එක ඉන්න තැනට වරෙන්..  මල්ලි ඩ්‍රිල් එකේ සෙට් එක ගානට එවන්න.. ඊලඟට දුවන්න ඉන්න සෙට් එකයි 13 සෙට් එකයි පල්ලෙහාට බැහැපල්ලා..

කැපාට කට්ටිය අරන් එන්න කිව්වට වැඩක් නෑ උගේ ට්‍රැක් එක හොදටම පැනලා.. වයිස් ස්පෝර්ට් කැප්ටන් මල්ලිට වයිස් කැපා එක්ක හවුස් එක බලන්න කියලා පහලට බැහැපු සෙට් එකත් අරන් මං බෑන්ඩ් එක ලගට ඇවිත් එතනින් වාඩි කරවලා අකීල් එක්ක දුවන අය ස්ටාර්ටින් පොයින්ට් එකට යවලා චේන්ජ් කරගන්න ගියා.. මං යනකොට යසා චේන්ජ් කරනවා.. ඌත් එක්කම චේන්ජ් කරන් එලියට එද්දී සෙකන්ඩ් උනත් කමක් නෑ කියපු එක ෆස්ට් වෙලා රිලේ එකට අනවුන්ස් කරනවා.. හිරුෂ අතේ තිබුණු මෙස් එකත් අරන් යසායි මායි අකීල් ලගින් වාඩි උනා.. අරක දිනපු නිසා කැපා ට්‍රැක් එකට වැටිලා ස්ටාර්ටින් පොයින්ට් එකට ගිහින් අකීල්ව එවලා තිබුණා..

ඒයි නෙතුවා..

හම්මට කෙල්ලෙක්ගේ වොයිස් එකක්.. අපේ මිනිහා නම් හොදම එකෙන් රවලා බැලුවා.. යකූ රවන්න කලින් පොඩ්ඩක් හිටු කවුද කතා කරේ බලනකන්..

මං ඉන්වයිටඩ් ස්කූල්ස් හිටපු පැත්ත බලද්දී මාලියන්ස්ලගේ බෑන්ඩ් ලීඩර් අමා අත වනාගෙන මේ පැත්තට එනවා.. ආයෙත් අකී ඉන්න පැත්ත බලද්දී මේකා තාමත් රවනවා..

තමුසෙට දැන් අපිව දැක්කම කතා කරන්නවත් වෙලාවක් නෑ නේ..

හම්මේ ඒ චුට්ටට මේකී මෙතන.. අමා ඇවිත් අපි ඉස්සරහ තිබුණු පුටු පේලියෙන් වාඩි උනා..

බිසී පීපල්ස්ලනේ නංගේ.. ඒක නෙවෙයි වුබර් මොකද මේ පැත්තේ..

සිරාවටම උබට ඇතීනට හිටපු එකීව අදුරගන්න බැරි උනාද..

මූණ බැලුවේ නෑ බං..

ආ ඔය කියද්දීම එන්නේ..

අමා පෙන්නපු පැත්ත බැලුවා දැක්කේ ට්‍රැක් කිට් එක ඇදන් මේ පැත්තට එන ඒකිගේ අනික් භාගේ හේශි.. උන් දෙන්නත් මායි යසායි වගේ..

අඩෝ උබද ඇතීනට හිටියේ..

කෝමත කෙල්ල හැඩයි නේ..

ඒකනේ අපිට අදුරගන්න බැරි උනා.. මූණේ උලපු පොටි ජාතිය මොකද්ද.. නිපොලැක්ද..

අනේ මේ යසාර.. තෝ කුනුහරුප කියන ජාතිය දන්නවා නේ.. මෙතන මේ වැදගත් පෙනුමට ඉන්න කොල්ලෙක් ඉන්න නිසා ම‍ං තමුසෙට සිංහල උගන්නන්නෑ.. කැස්වට්ටා..

අම්මෝ මේ යසාටත් අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න පුදුම අමාරුවක් තියෙන්නේ..

ඒක නෙවෙයි කවුද මේ හැන්ඩ්සම් කොල්ලා.. එදා ප්ලේ කරගෙන එද්දිත් ඔයාලා එක්ක හිටියා..

අමා ඇහුවේ තාමත් උන් දෙන්නට රවන් ඉන්න අකීල්ව පෙන්නලා..

ඉන්න අදුන්නලා දෙන්න ඔයාලව.. අකීල් මේ ඉන්නේ මාලියන්ස්ලගේ බෑන්ඩ් ලීඩර් අමා.. මාත් එක්ක වෙස්ටන් මියුසික් කරනවා පොඩි කාලේ ඉදලා.. අනික් එක්කෙනා එයාගේ යාලුවා හේශි.. එයා නම් ඩාන්සින්.. මායි යසායි වගේ හොදම යාලුවො තමයි.. එතකොට ගර්ල්ස් මේ ඉන්නේ අකීල් මගේ අරයා..

අරයා කිව්වේ කොරයද අනේ..

මේ කෙල්ලෝ දෙන්නා මාව ඕනවටත් වඩා දන්නවා.. ඒකයි ඔය කින්ඩිය දාන්නේ..

ඔව්වොව්.. උබලා හිතන කෙනා තමයි..

යසා මැදින් පැනලා කියද්දී උන් දෙන්නා අතිනුත් කටවල් වහන් හිනා වෙනවා.. අම්මෙ.......ඒ ඔයාගේ අයියා බබාට ලැජ්ජයි නේ..

අනේ දැන්නම් මැරුණත් සැපයි..

ඊව් මෙහෙමත් යාලුවො.. මං උනට රවන්න ගද්දී අකී නම් හොදට හිනාවෙනවා.. එහෙම හරි කමක් නෑ මේ මිනිහා වලි අල්ලන් නැතුව ඉන්නවා නම්..

මේ මස්සිනේ.. අපේ එකාව හොදට බලාගන්න හොදේ..

නෝ ඩවුට්ස් සිස්..

අකී කිව්වේ මගේ කර වටේ අතකුත් දාගෙන..

This announcement for the students who are participateing for the grade 13 group event.. please report to the starting point..

අන්න කතා කරනවා..

යන්න නම් මගේ එනජී පිල් එක දෙන්න..

මොනාද මනුස්සයෝ කට්ටිය ඉන්න තැන කියන්නේ..

දුන්නොත් යන්නම්..

අකී කම්මුලකට ඇගිල්ලෙන් තට්ටු කරන ගමන් කියද්දී මං අනික් අය දිහා බැලුවා.. අමායි හේශියි දැන් චුට්ටකට කලින් මෙතනට ආපු හිරුෂ එක්ක බර කතාවක්.. යසා නම් කාක්කෝ ගනිනවා.. හොද හුස්මක් ගත්ත මම එයා මං දිහාට දික් කරන් හිටපු කම්මුලට කිස් එකක් දුන්නා..

Oh my poor heartuuuu...

තනිකඩ දෑස මගෙව් පිංවන්තයි..

අනේ.. මුං මට කෝචොක් කරනවා අම්මේඒඒඒ...

Thanks babe.. I'll win this..

වටේ හිටපු එකෙක්වත් ගනන් ගන්නැතුව අකී මගේ නලලට කිස් එකක් දීලා ග්‍රවුන්ඩ් එකට දිව්වා..

මොනවද බලන්නේ..

තාමත් මං දිහා කන්න වගේ බලන් ඉන්න සෙට් එකෙන් ඇහුවම මුකුත් නෑ කියන්න උන ඔලු ගැලවිලා යන්න හොල්ලනවා..

යසා වරෙන් අපේ අයට චියර් කරන්න යන්න.. උබල දෙන්නව පස්සේ මීට් වෙන්නම්..

කෙල්ලෝ දෙන්නට බායි පාරක් දාගෙන අපි ගෲප් ඉවෙන්ට් තියෙන තැනට ගියා.. අපේ අනික් අයත් එයාලගේ හවුස් වලින් ඉන්න නිසා අපි දෙන්නා යාලුවොන්ට නැතුව හවුස් එකට චියර් කරන්න ගත්තා.. සිග්නල් එකත් එක්ක කට්ටිය පටන් ගද්දී කට්ටිය අම්මටසිරි වෙන්න කැච් අල්ලනවා.. කොච්චර හොදට කරනවද කියනවා නම් සමහර ඒවා අල්ලන්න ක්‍රිකට් මැච් එක්ක හතරේ සීමාව නවත්තන්න දුවනවා වගේ.. අපේ හවුස් එකේ මැදක හිටපු දෙන්නෙක් විතර අතෑරගත්තට වැඩිය දුර යන්න නොදී අල්ලගත්තා.. අන්තිමට අකීල් ආවම මං පොඩ්ඩක් වැඩිපුර කෑගහපු එක වෙනම එකක්.. අන්තිම දෙන්නා ඉද්දී අකීට කැච් එක මිස් වෙලා ටිකක් දුර ගිහින් අපේ හවුස් එකට බඩු හරි කියලා කට්ටිය හිතුවට සෑහෙන්න ස්පීඩ් එකක් තියෙන ස්පෝර්ට්මන් කෙනෙක් විදියට අකී ලේසියෙන් බෝලෙ ආපහු ඇහිදන් ඇවිත් අන්තිම දෙන්නටත් මාරුකරලා හවුස් එක දිනෙව්වා.. අපේ කැපාට මාරම සතුටුයි.. දැන් ඉතින් ඉතුරු ඩ්‍රිල් එකයි ප්‍රිෆෙක්ට් රේස් එකයි ඕබී එකේ රේස් එකයි..

This announcement for this drill display.. Please align your event as houses..

ගෲප් ඉවෙන්ට් ඉවර වෙද්දි දීපු අනවුන්ස්මන්ට් එකට කැපා හවුස් එකට යද්දී මං යසාවයි අකීවයි ඇදගෙන පේරන්ට්ස්ලා හිටපු පැවිලියන් එකට ගියා.. අපි යද්දී මිලානුයි ගිමායි මගින් සෙට් උනා.. මහී උන්ගේ හවුස් එකේ යසාගේ වැඩ බලන ගමන් අපේ අම්මලා හම්බෙන්න ගිහින් තිබ්බා.. තරුවත් ඒත් එක්ක ගිහින් තිබ්බා..

අපි උඩට යද්දී අපේ අම්මලා අප්පච්චිලා ඉන්නවා හොදට ග්‍රවුන්ඩ් එක පේන තැනක වාඩිවෙලා කයියක් ගහන.. අප්පච්චිලා සෙට් එක ඉතින් කාලෙකින්නේ සෙට් වෙලා තියෙන්නේ.. අපේ නංගි නම් යසාගේ නංගි එක්ක සෙට් වෙලා.. ඒ දෙන්නා එකම ඉස්කෝලේනේ.. අපි යද්දී බෑන්ඩ් කොස්ටියුම් එක නිසා අවදානේ පොඩ්ඩක් වැඩිපුර ලැබුනට ඩ්‍රිල් එක පටන් ගත්ත නිසා ශේප් උනා..

ආ.. මේ එන්නේ අපේ හැන්ඩ්සම් කොල්ලෝ ටික.. අනික් දෙන්නා නම් කලින් ඇවිත් වැඩ තියෙනවා කියලා දිව්වා..

අපිව දැකපු අම්මලා එහෙම කියලා ඩ්‍රිල් එකට අවදානේ දුන්නා.. අපේ අප්පච්චි ලගට ගිය මං එහෙන්නම් එයාගේ ඔඩොක්කුවේ වාඩිඋනා..

ඈ බං කොල්ලෝ.. දැන් යස ඉලන්දාරියෙක් නේද.. මොකද මේ හුරත්ලේ..

අනේ නිකන් ඉන්න ජයේ අංකල්.. එහෙම වෙන්න මං කාගෙන්වත් කාවවත් ඉල්ලුවේ නෑ නේ.. කාටහරි මාව ඕන්නම් ඉල්ලන් යන්න තියෙන්නේ..

මිලාන්ගේ අප්පච්චිට දීපු උත්තරේට කට්ටියට හිනා..

අකීල් පුතා නියමෙට ප්ලේ කරා..

අප්පච්චි වගේම නැතෑ..

තැන්කිව්..

සුරේ.. මේ ඉන්නේ මගේ ආඩම්බරේ.. නෙතුෂ..

අකී කලින් ගෲප් ඉවෙන්ට් එකේ ප්ලේ කරපු එක ගැන අදහස් ඉදිරිපත් කරලා ඉවර වෙද්දී අපේ අප්පච්චි එයාගේ එහාපැත්තේ වාඩිවෙලා හිටපු අකීල්ගේ අප්පච්චි උන සූරියසිංහ අංකල්ට මාව පෙන්නලා මම එයාගේ ආඩම්බරේ කිව්වා.. මං තව ටිකක් අප්පච්චිට තුරුල් උනා..

දැන් නම් උබ වගේමයි රජී.. අපේ අකීල් ඉස්සර ගෙදර ඇවිල්ලා කියෙව්වට මං හිතුවේ නෑ උබේ කොල්ලා වෙන්න ඇති කියලා..

අප්පච්චී..

මොකද පුතා.. මං ඇත්තනේ කිව්වේ.. ඉස්සර මැච් එකක් ඉවර වෙලා ගෙදර ආව වෙලාවේ ඉදලා වරුවක් විතර කියවන්නේ නෙතුෂ මෙහෙමයි අරෙහෙමයි කියලා..

හතතික්කේ.. මේ මිනිහා අංකල් එක්ක මොන මොනවා කියෙව්වාද දන්නෑ.. අංකල් නම් මගේ ඔලුවත් අතගාන ගමන් අකී දිහා බලලා ආයෙත් මං දිහා බලලා ලස්සනට හිනාඋනා.. මාත් ඉතින් හිනාඋනා..

ඩ්‍රිල් එකට පස්සේ මොකද්ද පුතා තියෙන්නෙ..

අප්පච්චි ඊලඟට තියෙ..

යසා..

යසා සමරේ අංකල් අහපු එකට උත්තර දෙන්න ගිහින් තවපොඩ්ඩෙන් සප්‍රයිස් එක කනවා.. ඊලඟට ඩිස්ප්ලේ එක තිබ්බට ඒක ගැන දැනගෙන හිටියේ අනවුන්ස් කරන අයයි ෆාදර් අපේ සෙට් එකයි විතරයි.. ඒ අය දැනන් හිටියට දැකලා නෑ.. අනික මේ කොවිඩ් වලින් පස්සේ කරන ෆස්ට් එකනේ..

ඇයි පුතා..

නෑ අංකල්.. අපි දැන් යන්න ඕනේ.. අපි යනවා..

ඩ්‍රිල් එක ඉවර වෙද්දී අපි මේන් ගේට් එකෙන් ඇතුලට එන්න ඕන නිසා කට්ටියටම වැදලා අකීටයි අනික් දෙන්නටයි හග් එකක් දීලා මායි යසායි පල්ලෙහාට ඇවිත් බෑන්ඩ් එකත් අරන් ශේපට ගේට් එකෙන් එලියට ගිහින් ලයිනප් උනා..

බෝයිස්..රෙඩි නේද..

යප්..

ස්මෝක් බෝම්ස් කලර් ඩස්ට්..

ඒවා හරේ..

එහෙනම් වැඩේ ගින්දර වගේ දෙමු..

එලම අයියේ..

Give a round of applause for the drill display..

Next, we've got a big surprise for everyone here.. It's not a surprise at all.. But after the pandemic, this is the first time that we organized this event for the sports meet.. So, welcome the western band of the ******* college kandy for the band display..

අනවුන්ස්මන්ට් පටන් ගද්දී අපි කුයික් මාර්ච් එකකින් ගේට් එකෙන් ඇතුලට ගියා.. කට්ටිය ඉස්සෙල්ලා ඩ්‍රිල් එකේ සිහියෙන් හිටපු නිසා ගොඩක් අය පුදුමෙන් වගේ බලන් හිටියත් පට්ට චියර් එකක් හම්බුනා..

The western band trained under Mr. Pathum Jayaweera for six years and had to stop all of them due to the recent epidemic situation.. But since the end of last year they started training again, they have been able to perform in this platform..

Today, the thirty-six-member band is led by Nethusha Reyan Samaradiwakara, a bright student and a prefect of the college.. Give a big round of applause for them..

ඔය කතා ටිකත් එක්ක රත්වත්තේ පැවිලියන් එක ඉස්සරහට ගිහින් රිපෝර්ට් කරලා ඇවිත් ගැම්මෙන් වැඩේ පටන්ගෙන මෙච්චර දවසක් මැරීගෙන ප්‍රැක්ටිස් කරපු දේවල් සේරම අපිට තිබුණු විනාඩි දහය ඇතුලත අපේ උපරිමෙන් පර්ෆෝම් කරා.. මෙස් එක උඩ දාද්දී ස්මෝක් බෝම්ස් වලට ඩස්ට් වලට ඉන්ස්ටෘමන්ට් සොලෝ ඩ්‍රම් ලයින් එකට ලොකු චියර් එකක් ලැබුණා.. ඩිස්ප්ලේ එක ඉවර කරලා ආයෙත් රිපෝර්ට් එක දීලා කවුන්ට මාර්ච් එකකින් හැරිලා යද්දී මුලු ඕඩියන්ස් එකෙන්ම ලොකුම ලොකු ස්පෙල් එකක් එක්ක චියර් එකක් හම්බුනා.. දැන් නම් මට නිවන් දැක්කා වගේ..

Give a big round of applause again to the wonderful performance of the Western Band of ******* College, Kandy..

අයියේ අපි ඒක කරා..

හම් ඒකත් ඉවරයි.. මීට එක ඉවර වෙලා උබලට හග් එකක් දෙන්නම් දැන් ඔතනින් වාඩිවෙලා ඉන්න ස්කොඩ් එක එනකන්..

කලින් අපි හිටපු පැවිලියන් එකට ග්‍රවුන්ඩ් එකේ විරුද්ධ පැත්තට වෙන්න කෙලින්ම තියෙන පැවිලියන් එකේ ලමයිව වාඩි කරවලා මං බලන් හිටියේ ස්කොඩ් එක එනකන්..ඊලඟ තියන්න තිබුණු ඉවෙන්ට්ස් ඔක්කොම ඉවර වෙලා ස්කොඩ් එකට කතා කරද්දී වාඩිවෙලා හිටපු තැනින් නැගිටපු මම ලමයි ඉස්සරහට ගියාම යසාත් මං ලගට ආවා..

ලමයි.. මේ අපි දෙන්නගේ අන්තිම ස්පෝර්ට් මීට් එක.. ඉතින් මට කියන්න තියෙන්නේ අද අපි මේ වැඩ ටික ඉවර කරන්නේ කොහොමද, ඊට වඩා හොදට ඊලඟට එන ලීඩර් එක්ක ඔයාලා ඊලඟ අවුරුද්දේ පර්ෆෝම් කරන්න ඕනේ.. දැන් ඔක්කොම නොටේෂන් ගන්න..මීට් එකෙන් පස්සේ පොඩි පපරයක් ගිහින් තමයි ඩීජේ එක දාන්නේ.. ඒ වෙද්දී ඔක්කොම ඉන්ස්ටෘමන්ට් පැක් කරලා බස් එකට දාලා තියන්න ඕනේ.. ඉස්කෝලේට යන අය අත උස්සන්න.. ඒ අයට පුලුවන්ද හෙමීට ඒ ටික හෝල් එකට හරි රූම් එකට හරි දාන්න සර්ත් එක්ක..

පුලුවන් අයියේ..

ඔකේ.. දැන් ග්‍රවුන්ඩ් එකට බහින්න.. අපි මේක ඉවර කරමු..

ස්කොඩ් එකත් ගිහින් හවුසස් හතරාම ඇවිත් ග්‍රවුන්ඩ් එක මැදින් හිටගත්තම අමුත්තන්ගේ කතාවලින් පස්සේ තෑගි දෙන්න පටන්ගත්තා.. අම්මටසිරි වෙන්න අපේ හවුස් කැපා කොඩියත් උස්සන් ඉස්සරහට යනවා ආයේ එනවා.. අපේ කොල්ලෝ ඒ තරමටමට වැඩ  කරලා.. අපි විතරක් නෙවෙයි අනික් අයත් එහෙමයි..

දැන් තියෙන්නේ ෆයිනල් ස්කෝ කියන්න..

Today with 285 points, the fourth place is goes to... Dragon House..

අඩෝ තරුවලා..

With 305 points, the third place is goes to... nightingale  House..

අම්මටසිරි ගිය පාර එක මේ පාර තුන.. දැන් ඉතින් එකයි දෙකයි විතරයි ඉතුරු..

The second place is goes to Griffin house by getting 315 points and the first place is won by Phoenix house by getting 365 points..

අඩෝ අපි දිනලා.. ගියපාර කොවිඩ් නිසා ස්පෝර්ට්ස් ටික විතරක් තියලා ප්ලේසස් දුන්න එකෙන් අපි හතර.. මේ පාර එක.. මට දැන් උඩ පනින්න ඕනේ.. කොහෙද මේ පෝස්ට් එකක් එක්ක බෑනේ.. සකන්ඩ්ස්ලට ශීල්ඩ් එක දීලා ඊලඟට අපිට ශීල්ඩ් එක දෙන්න අනවුන්ස් කරාම මට කරගන්න දෙයක් නැති උනා..

We invite the Captain, Vice-Captain, Sports and Vice-Sports Captain of the Phoenix House who won first place to receive their shield..

මං කැපාට ඇස් වලින් කිව්වා මං වෙනුවට කාවහරි එක්ක යන්න කියලා.. කොහෙද මේකා කොඩියත් උස්සන් අනික් දෙන්නා එක්ක ඇවිත් මං ලගින් හිටගත්තා..

බල්ලන්නේ.. මට මෙතනින් යන්න බෑ.. කවුරුහරි එක්ක පල..

විකාර කියවන්න එපා.. බලපන් සර් දිහා..

එහෙම කියද්දී මං බැලුවේ බෑන්ඩ් එකට ඉස්සරහ තිබුණු කොඩිකනු ලග හිටන් ඉන්න පැතුම් සර් දිහා.. එයා ඔලුව වනලා මට යන්නලු.. මේක ඉතින් ජීවිතේ හම්බෙන්නේ එක පාරයිනේ.. මමත් බෑන්ඩ් එක සීරුවට දාලා අර තුන්දෙනා එක්ක ඉස්සරහට ගියේ අපේ ශීල්ඩ් එක ගන්න.. ඊටපස්සේ ඒකත් අරන් කට්ටිය හවුස් එකට යද්දී මම බෑන්ඩ් එක ලගට ගිහින් මීට් එක ඉවර කරන්න නැශනල් ඇන්තම් එක ප්ලේ කරලා කට්ටිය ජය සමරනකන් පපරේ එකකුත් ප්ලේ කරා.. බෑන්ඩ් එකේ කලින් හිටපු ඕබී එකේ අයියලත් ඇවිත් අපිත් එක්ක ප්ලේ කරා.. ඊටපස්සේ ඩීජේ එක දාන්න කලින් ඉක්මනට ඉන්ස්ටෘමන්ට් ටික බස් එකට දාලා යන්න පරක්කු වෙන ලමයින්ව සර් එක්ක ඉස්කෝලේට යැව්වා..

අපි ආයෙත් ග්‍රවුන්ඩ් එකට දිව්වේ ඩීජේ එකට කලින් හවුස් වලට පැනලා ජය සමරන්න මොකද ඒක පටන්ගත්තම ස්පෝර්ට් මීට් එක ඉවරයි ලග ඉන්න එකත් එක්ක පිස්පුවෙන් වගේ නටන්න තමා තියෙන්නේ..

හවුස් එකට පැනලා ඒකටත් චියර් කරලා ඩීජේ එකට නටන්න පටන්ගද්දිත් අපේ මනුස්සයා මිසින්.. තාමත් ඉන්නේ බෑන්ඩ් කොස්ටියුම් එකෙන් නිසා සෑහෙන්න තැම්බිලා ඉන්නේ.. එහෙමයි කියලා ගලවන්නත් බෑ.. අකීව හොයාගන්න වටපිට බලද්දී තමයි දැක්කේ දගර ඩාන්ස් දාන අපේ සෙට් එක.. හැබැයි එතනත් අකී නෑ.. මං ඒ පැත්තට ලං වෙද්දී එකපාරට මගේ ඉනවටේ අත් දෙකක් එතුනා.. එකපාරට උන නිසා කලබල උනත් දන්න කියන උණුහුමක් නිසා මං එහෙන්ම හිටියා.. කාටවත් වැඩිය නෝට් නෑ මොකද කොල්ලෝ විතරනේ අනික උන් ඔක්කොම එකට ඇතිල්ලි ඇතිල්ලි තමයි නටන්නේ..

කොහෙද ගියේ..

අප්පච්චිලට කතා කරලා එන්න ගියා.. අද රෑට අපේ වැව රවුමේ තියෙන හොටෙල් එකේ රූම්ස් අපේ අයට බුක් කරා.. මේක ඉවර වෙද්දී වෙහිකල් එක ඇවිත් තියෙයි..

ඇදුම්..

ඒවා ඔක්කොම හරි..

හම්ම්..

අද වැඩ ටික පට්ට..

තැන්කිව්..

කතාවෙන් කතාවෙන් අපි සෙට් එක හිටපු හරියටම ඇවිත්..

රත්තරනේ.. මේක බීපන් මයේ අම්මා..

එතනට ගියපු ගාමන් මහී ජූස් බෝතල් දෙකක් අපි දෙන්නගෙ කටේ ගැහුවා.. අඩෝ බෝතලේ ජූස් උනාට ඇතුලේ බියර්.. අනේ අම්මපා මේකුන්ගේ වැඩ.. මං අකී දිහා බලද්දී ඒකා හිනා වෙවී ඒක බොනවා.. උට හොදනම් මට මොකෝ කියලා මාත් ගසලා ඇරියා..

ටිකක් වෙලා යද්දී බඩු සෙට් වේගෙන එද්දී මං එහෙන්නම මාව බැක් හග් කරන් හිටපු අකීල්ගේ උරහිසට ඔලුව හේත්තු කරගත්තා.. ඒ වෙලාවේ ප්ලේ උනේ ellie goulding ගේ love me like you do වෙද්දී අකී මගේ ඉනෙන් අල්ලගෙනම දෙපැත්තට පැද්දෙන්න ගත්තා.. මං දැක්කා මහී හිරුෂ මල්ලිත් එක්ක අපි වගේම හෙමීට නටනවා.. අනික් උන හතරදෙනා නම් ලෙසටම වැදිලා කරවල් වලට අත් දාගෙන බෙරිහන් දෙන ගමන් සින්දුව කියනවා නෙවෙයි අනාගෙන කනවා.. ඒ අස්සේ අකී මගේ කන අස්සේ මුමුණද්දී මාව හිරිවැටිලා ගියා..

Love you babe..

Love you too akii.

එහෙම කියලා එයා මගේ නලල පැත්තකටයි ඇහැ කොනකටයි කිස් එක ගානේ දීලා තවටිකක් මාව එයාගේ ඇගට තදකරගත්තා..

කොහොමහරි හොදම එකෙන පිස්සු කෙලලා ඩීජේ එක ඉවර උනාම බේබද්දෝ ටිකත් කුදලගෙන අකීලගේ හොටෙල් එකෙන් ඇවිත් තිබුණු වෙහිකල් එකට දාගෙන හොටෙල් එකට ආවා.. වේටර්ස්ලගේ උදව්වෙන් කට්ටියව රූම්ස් වලට දාලා මායි අකී වොෂ්‍ දාලා චේන්ජ් කරගෙන ඇදට වැටුනා විතරයි මතක..

*************************************

ස්පෝර්ට් මීට් එක ඉවරයි..

නෙතුෂගේ අප්පච්චි අකීල්ගේ අප්පච්චිට කොල්ලව ඉට්‍රොඩියුස් කරාලු ඔන්න..

ඔයාලා මේකේ ඉන්න සයිඩ් කපල් හොයාගත්තද.. දෙවෙනි චැපියේ ඉදලා හින්ට් දීලා තියේ..

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඔන්න ගොඩක් දවසකින් නිසා 4000+ words හොදේ..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!