Chapter 15 of 23

දහහතරවැනි දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]3,489 words~18 min read

ඕයි ඔය ඩස්ට්පෑන් එක එවපන්..

ඔය ඩෙස් ලග වැඩී බොල.. කොපි කරාට කමක් නෑ ඔච්චර ලගින් ඩෙස් දාන්න එපා..

අද කීයටද ඉවර වෙන්නේ.. කවුරුහරි ටයිම් ටේබල් එක බෝඩ් එකේ දාන්න..

ස්පෝර්ට් මීට් එක ඉවර වෙලා හරියට සතියයි.. ඒක ඉවර වෙලා යන්තන් අතපය කෙලින් කරන් සදුදා ඉස්කෝලේ ගියාම සෙක්ෂන් හෙඩ් ලමයි ලබන සතියේ ඔයාලගේ තර්ඩ් ටර්ම් ටෙස්ට් එක, ලෑස්ති වෙන්න කියපි.. අම්මට හික්කඩු යන්න කුනුහරුප කියන ජාතිය මතක් උනත් මුකුත් නොකියා හිටියේ හෙට අනිද්දාට පැන්ෂන් යන්න ඉන්න මනුස්සයා නිසා.. මං දන්නවා මේ පාර නම් මියුසික් එකට ඇරෙන්න මට ලෙසටම කෙලවෙනවා.. ඔවා ගැන හිත හිත එක්සෑම් එකට පන්තිය හද හද ඉද්දී එකපාරට මොකෙක්ද එකෙක් පන්තියේ දොර ගැලවෙන්න තරන් හයියෙන් ඇරගෙන ඇතුලට පැන්නා..

කුඩු මහත්තයා..

අපේ අප්පෝ යසා.. පන්තියට පැනපු එකා වටේම ස්කෑන් කරලා ටාගට් එක අහුවුනා වගේ මාව දැකලා දුවන් ඇවිත් කරට පැන්නා..

මොකද බොල උදේම.. පාඩුවේ ගිහින් පොතක් පතක් බලාගනින්කෝ..

එලවන්න එපා පනේ.. මං මේ වැදගත්  ප්‍රශ්නයක් අහන්න ආවේ..

කියපන්කෝ බලන්න..

මේ සහජාන් ටජ්මහල හැදුවේ මුට්ටාස්ට තියෙන ආදරේට නම් ඇයි මුට්ටාස් මැරුණම එයාගේ සහෝදරීව සහේට ගත්තේ..

නොදකින් පකයා ඉදලා ඉදලා අහපු කතාව.. මේකට චිත්‍ර පේපරේට පාඩම් කරලා වැඩි වෙලා..

යකෝ ඒක දැනගන්න මම සහජාන් කියලා හිතුවද..

හරි ටෝ සහජාන් නෙවෙයි කියමුකෝ.. අකීල් උබ වෙනුවෙන් ටජ්මහලක් හදලා උබ මැරුණම උබේ නංගිව බැන්දො...

කට වහපිය.. උබ කට ඇරියම ගමටම පීකරේ බැන්දා වගේ.. පොඩ්ඩක් වටේ බලපන්..

ඌ කියන්න ගියපු එක ඉවර කරන්න කලින් කට වහලා වටේ ඉන්න උන්ව පෙන්නුවා.. ලැන්ග්වේජස් එකේ මම ඇරෙන්න අනික් ඔක්කොම අලුතෙන් ආපු අය.. මාත් එක්ක හිනාවෙලා කතා කරාට උන්ගේ තාමත් අර අලි ඔලුව.. මායි යසායි හැසිරෙන විදිය අපේ පරන උන්ට නෝර්මල් උනාට අලුත් උන් විශේෂයෙන් අපේ ක්ලාස් එකේ ලමයි බලන්නෙම වපර ඇහෙන්.. නිව් ජෙනරේශ්න් එක කිව්වට වැඩක් නෑ තාමත් සමහරක් ඉන්නේ අර දෙදාස්පන්සීයක් කියන අතීතේ..

යාලුවො වෙච්ච අපි දිහා ඔහොම බලනවා නම් මගෙයි අකීගෙයි එෆෙයාර් එක ගැන දැනගත්තදාට මුන් මෙතන දහාඅට සන්නියම නටලා මදිපාඩුවට කොහොඹා කංකාරියත් නටයි..

හුටා.. සොරි බ්‍රෝ..

වටේම බලලා යසා මගේ කනට කරලා කිව්වා.. ඊට පස්සේ පොඩි වල්පල් ටිකක් කියව කියව ඉදලා බෙල් එක ගැහුවාම පොර උන්ගේ පන්තියට ගියා..

.

.

.

.

.

එක්සෑම් සතිය ඔහේ ගෙවිලා ගියා.. ඊටපස්සේ ඊලඟ හෙඩ් බෝඩ් එකට ඉන්ටවිව් කෝල් කරා.. ඒකට ෆේස් කරලා දවස් දෙකෙන් තෝරගත්ත නව දෙනාගේ නම් නෝටිස් බෝඩ් එකට දානවා කිව්වට අද තුන්වෙනි දවස.. එක්සෑම් ඉවර නිසා ලමයි එහෙමෙහෙ යනවා.. ලබන සතියේ ඉදලා බිග්මැච් සීසන් එක.. තව සති දෙකකින්කින් අපේ බිග්මැච් එක.. අප්පා ආයෙත් ග්‍රවුන්ඩ් එකේ.. මං මේ ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉදලා ක්ලාස් එකට යන ගමන්.. A2 එක ලගින් යද්දී ඒක ඇතුලෙන් මහීගේ වොයිස් එක ඇහුන නිසා නිකමට එබිලා බලද්දී මෙන්න යකෝ කොමස් එක පිටින්ම මේක අස්සේ..

නෙතුවා වරෙන් ඇතුලට..

මාව දැකපු යසා ඇතුලට කතා කරා.. මාත් ගිහින් ඉඩ තිබුණු තැනකින් වාඩිවෙන්න හැදුවම අකීල් ලග වාඩිවෙලා උන්න මහී නැගිටලා මාව එතනට තල්ලුකරා.. තල්ලුකරපු පාරට පුටුවේ කෙසේවෙතත් මං කෙලින්ම අකීල්ගේ ඇගේ..

ඕඕඕඕඕඕඕහ්.......

නොදෝකින්.. කට්ටිය එක එක සද්ද දාද්දී මං දඩබඩ ගාලා පුටුවෙන් වාඩි උනා.. වෙලාවට එතන වැඩිය කවුරුත් නෑ.. අපේ සෙට් එකයි කංචුකයි උගේ යාලුවො සෙට් එකයි විතරයි.. එක්සෑම් ඉවර නිසා ලමයි ඉස්කෝලේ එන්නෑ වැඩිය දැන්..

ඉතින්..

ඉතින් මොනාද..

මං වාඩිඋනාම කංචු ඉතින් කියනවා..

ඔය මහත්තයාගේ ආදරවන්තයව අපිට අදුන්නලා දෙන්නැතෙයි..

මොන ආදරවන්තයද..

අනේ බොරු මරිසි නොදා හිටපන් බං.. අපි දැක්කා ගැරඩි දෙන්නා වගේ වෙලිලා ඩීජේ එකේ නටනවා..

සවලක් නෑත මට වැලලෙන්න.. අකී නම් සිවිලිමේ කොටු ගනිනවා..

දැක්කා නම් අහන්නේ අහවල් එහෙකටද කංචු..

ඒ කියන්නේ කන්ෆර්ම් නේ..

හම් හම්..

අඩෝ.. පාර්ටි දීපන්..

උබලා බිග්මැච් එක දින්නොත් අපි දෙන්නා ගානේ පාර්ටි..

එහෙනම් රෙඩි පිට හිටපන්..

පාර්ටිය ඕකේ උනාට පස්සේ ආයෙත් නැවතිලා තිබුණු සංගීතේ පටන්ගත්තා..

නෙතුසායියේ..

කවුද යකෝ බෝම්බ දාන්නේ..

දොරත් වහගෙන සින්දු කියන ගමන් හිටපු සෙට් ව්ක උඩ ගියේ එක පාරට ඇතුලට පැනපු හිරුෂ නිසා..

තෝ මොකද මෙහෙ.. තමුසෙලට උගන්නනවා නේ..

පොඩි එකා මුකුත් කියන්න කලින් මහී කෑගහන්න පටන්ගත්තා.. හම්මට අයිතිකාරයා ටිපර් වෙලා..

අනේ නිකන් ඉදු මහී අයියේ.. මං ආවේ නෙතුසායියට පණිවිඩයක් කියන්න.. ඔයා දැන් මාත් එක්ක යන්න එන්න ඕනා.. ඔයා විතරක් නෙවෙයි යසාරයියත් එන්න..

කොහෙද බොල යන්නේ..

යන්කෝ යන්කෝ..

අඩෝ ඔහොම හිටපන් අපිත් එනවා..

හිරුෂ මාවයි යසාවයි ඇදගෙන පහලට දුවද්දී අපිත් එක්ක හිටපු අනික් අයත් පස්සෙන් ආවා.. හිරුෂ කෙලින්ම ගිහින් නැවතුනේ ස්ටාෆ් රූම් එක ලග තියෙන මේන් නෝටිස් බෝඩ් එක ලග.. හැබැයි ලගට යන්න බෑ මීමැසි පොදියක් වගේ ලමයි ඒක වට කරගෙන, හුගක් හිටියේ ප්‍රිෆෙක්ට්ලා..

පොඩ්ඩක් අයින් වෙලා ඉඩ දෙන්න අයියෝ.. මේන් කැරැක්ටර්ස් දෙක එක්කන් ආවා..

හිරුෂගේ කෑගැහිල්ලට කට්ටිය දෙපැත්තට වෙලා ඉඩ දුන්නම අපි නෝටිස් බෝඩ් එක ලගට කිට්ටු කරා.. අම්මටසිරි වෙන්න ඊලග ටොප් බෝඩ් එකට තොරගත්ත සෙට් එකේ නම් ටික දාලා.. උඩින්ම මගේ නම ඊලගට යසා.. තරුවා ටොප් බෝඩ් ඉල්ලුවේ නෑ..

කන්ග්‍රෑට්ස්.. මචං..

එතන හිටපු අපේ වයසේ ප්‍රිෆෙක්ට්ලා අපිට විශ් කරා.. උඩින්ම නම තිබ්බට වැඩක් නෑ.. අපිට පෝස්ට් එක හම්බෙනකන් ටීචර්ස්ලගේ වගේම දැන් ඉන්න ටොප් බෝඩ් එකේ අදීක්ශ්නය යටතේ ඉන්න වෙනවා.. අපි කරන සුලු වැරැද්දකින් පවා දැනට අපිට ලැබිලා තියෙන ලකුණු කැපිලා යනවා.. සමහරවිට ලිස්ට් එකෙන් එලියටම යන්න පුලුවන්..

කොහොමින් කොහොමහරි වටේ හිටපු සෙට් එකගේ සුබපැතුම් මැද්දේ අපි අපේ පන්ති වලට ගියා..

.

.

.

.

.

ඔය ලමයට පන්තියේ ඉන්න කිසිම අදහසක් නැද්ද.. ගිය මාසේ ස්පෝර්ට් මීට් කියලා නෑ.. දැන් බිග්මැච් කියලා නෑ.. බලනවා මේ පාර ලකුණු.. මෙහෙම ගියොත් ඔය ලමයට කීයටවත් එක්සෑම් පාස් වෙන්න බෑ.. අනිවාර්යයෙන් ෆේල්..

මේ බිග් මැච් පටන්ගන්න සතියේ බදාදා.. ලිට් කරන මැඩම් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ගෙනල්ලා.. හිතන් හිටපු විදියටම පේපරේට ලෙසටම කෙල වෙලා.. ලකුණු හතලිස් හයයි.. මං නම් හිතුවේ ලයිට් කනුවක් කියලා.. මැඩම් පනහට අඩු උන්ට නැගිටින්න කිව්වම පන්තියේ මීටරේ ඇරෙන්න ලිට් කරන ඉතුරු ඔක්කොම නැගිට්ටා.. මේ පාර මාත් ඒ ගොඩේ.. වෙනදට කොහොම හරි හැටකට හැටපහකට ලියනවා ඒ උනාට මේ පාර පොතක්වත් අතින් අල්ලන්නැතුව ඔය ගත්ත ලකුණ මටනම් හොදටම ඇති.. මට වඩා ගත්ත එක ලමයයි උටත් හතලිස් නවයයි.. ඉතුරු උන් ඔක්කොම ෆේල්.. මැඩම්ට ඩබල් එකේ මලපැනලා.. මාත් ඉන්නවා දැක්කම ආයේ ඉතින් වෙනදා කතාකරන ඉංග්ලිශ් කැලේ සිංහලෙන්ම ඇමතුවා..

හැබැයි ඉතින් අර කවදාවත් පාස් වෙන්න බෑ අනිවාර්යයෙන්ම ෆේල් කියපු එකට නම් හිත රිදුනා.. ඒක ටීචර්ස්ලගේ හැටිනේ කියලා හිත හදාගන්න පුලුවන් ඒත් එයාලගේ වගකීමක් නේ ෆේල් වෙන්න හරි ලමයිව මෝටිවේට් කරලා එක්සෑම් එකට ෆේස් කරන්න මයින්ඩ් සෙට් එක හදන එක.. අපි මෙතනට එන්නේ දන්නැති දේවල් ඉගෙන ගන්නනේ.. දන්නවා නම් ඉස්කෝලේ එන්න ඕනේ නෑනේ.. ඔහොම කතා කිව්වම වෙන්නේ බහුතරයක් ලමයි හිතෙන් කඩන් වැටෙනවා අපිට ඒක බෑ අරයට විතරයි පුලුවන් කියලා.. කරන එකා කොහොමහරි කට්ට කාලා කරගත්තට අනික් අයට මොකද වෙන්නේ..

මැඩම්ගේ දේශනෙත් අහන් ඉදලා එයා ක්ලාස් එකෙන් ගියාට පස්සේ මං ගියා අපේ ක්ලාස් ටීචර්ව හොයාන.. මොකද කොච්චර වැඩ තිබ්බත් ක්ලාස් කැප්ටන් කියලා පට්ටමකුත් තියෙනවානේ.. ඉස්කෝලේ වටේම රවුමක් ගහලා මහේන් සර්වත් හොයාගෙන ලකුණු පොතට ලිට් ලකුණු ටිකත් දාලා රිපෝර්ට් ටිකත් හදලා ඉවර කරා.. හනේව් මං මේ පාර පන්තියේ හත යකෝ.. මේ මොන නවනිංගිරාවක්ද.. දැන් ඉතින් අර පන්තියේ ඉන්න අලි ඔලුවොන්ගේ රැස් බලපන්කෝ.. උන් හිතන් ඉන්නේ පිටින් ආපු නිසා අපිට වඩා වැඩ පුලුවන් කියලා.. ෆ්‍රෙන්ච් පීරියඩ් එකේ විතරයි උන් මාත් එක්ක සාමදාන.. අනේ මං නම් ගනන්ගන්නෑ පඩේකවත්..

ඒ වැඩත් ඉවර කරලා මං ගියා ප්‍රිෆෙක්ට් රූම් එකට.. ඒක ඇතුලේ එකම ගෝසාවයි.. සිකුරාදා රජයේ නිවාඩු දවසක් නිසා අපේ පැරඩ් එක මේ ඉරිදා  ෆස්ට් මැච් එක ලබන ඉරිදා ෆයිනල් එක.. මං ඉතින් බෑන්ඩ් එක භාරව යන නිසා ඩියුටි ඉල්ලේ.. අනික් උන් නම් යමරෙට වැඩ.. HP අයියා නිකන් කතරගම දෙයියෝ වැහිලා වගේ..

මල්ලී.. අර ඕබී එකෙන් ටීශර්ට්ස් ටික එවලා.. ප්‍රිෆෙක්ට්ලාගේ ටික අරන් එන්නකෝ ඉතුරුවා කෝප් එකට දෙන්න එතනින් අනික් අය බයි කරයි..

HP කිව්වම මල්ලි කෙනෙක් තව දෙන්නෙකුත් ඇදන් එලියට ගියා..

නෙතුෂ බෑන්ඩ් එක රෙඩිනේ.. ඔයාලට ඩබල් ඩෙකර් එකේ උඩ තට්ටුව බුක් කරලා තියෙන්නේ..

එහෙනම් කිසි ප්‍රස්නයක් නෑ අයියේ.. දෙන්නම් පපරයක් දොඹෙන් යන්න..

අයියේ මෙන්න ටීශර්ට්ස් ටික..

හරි තෑන්ක්ස් බං.. ඒ නෙතුෂ උබට වැඩක් නෑනේ.. මේ ටික නම් බලලා බෙදපන්කෝ.. මෙතන නැති උන්ගේ ටික කබඩ් එකට දාපන්..

අර මල්ලිලා ගෙනාපු ටීශර්ට් ටික මගේ කරේ ගහලා හෙඩා මාරු.. මටත් වෙන වැඩක් නෑනේ.. අර චූටි කාලේ පන්තියේ පොත් බෙදනවා වගේ ලිස්ට් එකේ තිබ්බ නම් කිය කිය ඒ ටික බෙදලා දැම්මා..

.

.

.

.

.

.

දැන් ඕක කීයටද පටන්ගන්නේ..

මේ පැරඩ් එකට කලින් දවසේ රෑ අපේ ගෙදර තත්වේ.. කවුරුත් නෙවෙයි ඔය ගහගන්න වගේ ඇහුවේ අපේ අප්පච්චි.. මේකනේ වැඩේ.. අපේ බිග්මැච් එක ඒ කියන්නේ Hill Country Battle of the Blues තියෙන්නේ අපේ ඉස්කෝලෙයි අප්පච්චිලාගේ ඉස්කෝලෙයි අතර සෝ බිග්මැච් කාලේට ගෙදර ඊශ්‍රායලෙයි පලස්තීනයි වගේ.. මේ පාර ඉතින් අපේ සෙට් එකේම වැඩිහිටි පරම්පරාව ඒ ඉස්කෝලේ වෙද්දී පොඩිහිටි පරම්පරාව මේ ඉස්කෝලේ.. අප්පච්චිලාගේ සෙනසුරාදා..

දහයට ඉස්කෝලේ ගාවින්.. ඊටපස්සේ ටවුන් එකට ගිහින් ක්ලොක් ටවර් එක ගාවින් උඩට දලා පොලිස් ග්‍රවුන්ඩ් එක පැත්තෙන් සෙමෙට්‍රි පාරෙන් ගිහින් මහයියාවෙන් මේන් රෝඩ් එකට දාලා ආයෙත් ඉස්කෝලේට..

මේ පාර මාලිගාව පැත්තෙන් යනවද..

ඕ.. රූට් එක වෙනස් කරා නිවාඩු දවසක් නිසා..

හම් හම්.. පරිස්සමින් ගිහින් එන්න.. මං උදේට ගිහින් දාන්නම්.. මිලාන් පුතාටත් එන්න කියන්න..

හරි අප්පච්චි..

.

.

.

.

අම්මටසිරි.. ගුඩ් මෝනින් බොක්ක..

මෝනින් මෝනින්.. කෝ සැට් එක..

ඉන්ස්ටෘමන්ට් ලෑස්ති කරගන්නවා..

එල..

සිකුරාදා උදේම අප්පච්චි මාවයි මිලාන්වයි ඉස්කෝලේ ගාවින් බස්සලා පාර පුරා නවත්තලා තිබුණු එක එක මොඩ්ල් එකේ වාහන වලටත් කට ඇදකරලා යන්න ගියා..

අද පැරඩ් යන ඔක්කොලාම අලුතෙන් ප්‍රින්ට් කරපු ටීශර්ට්ස් ඇදලා.. මාත් බ්ලැක් ඩෙනිම් එකට ලෝන්ග් ස්ලීව් බ්ලැක් ටී එක උඩින් ස්කූල් ටී එක දාලා ඩෙනිම් එකට ටැග් කරලා එක අතක වොච් එක අනික් අතේ ස්කූල් බෑංගල් එක.. ගේට් එකෙන් ඇතුලට එද්දිම ෆේස් පේන්ටිං කරන තැනින් කම්මුල් දෙකේම ස්කූල් කලර්ස් තුනෙන් පේන්ට් කරා.. යාන්තමට වැවිලා තිබ්බ කොන්ඩෙත් ජෙල් ටිකක් ගාලා උඩට කරලා ස්කූල් කලර්ස් වලින්ම හෙඩ් බෑන්ඩ් එකකුත් දාලා තමයි මේ කොම්ලා අද එලියට බැස්සේ.. මං දැක්කා මල්ලිලා උඩ ඉදලා පහලට බලනවා.. ඇයි ඉතින් වෙනදට HPටත් වඩා නීතියට වැඩ කරන මනුස්සයා අද මෙහෙම ආවම..

මේන් හෝල් එක ලගදි යසාව සෙට් උන නිසා ඌත් එක්ක කයියක් දාගෙනම මියුසික් රූම් එක් පැත්තට යද්දී අපේ අනික් සෙට් එක ඉන්නවා බාස්කට් බෝල් කෝට් එකේ.. මහියා හැරෙන හැරෙන් අතර සෙල්ෆි ගහනවා.. තරුවාට නම් අරූගේ සෙල්ෆි ගැහිල්ල දැන්ම එපා වෙලා.. උන් දෙන්නට එහා පැත්තේ ගිමායි අකීයි බර කයියක්.. යෝහ් අපේ මනුස්සයාගේ හැඩ.. පොරත් බ්ලැක් ඩෙනිම් එක්කට ටී එක ටැග් කරලා සිල්වර් වොච් එකක් එක අතක.. හැමෝගෙම වගේ එයාගෙත් ස්කූල් කලර්ස් වලින් ෆේස් පේන්ටිං කරලා.. අනේ මට මූව ගුලි කරලා සාක්කුවේ දාගන්න හිතයි..

අම්මෝ මෙන්න කොල්ලෝ..

ඇයි මොකෝ..

නෑ බලපන්කෝ හැඩ..

ඇයි අපි හැඩ නැද්ද.. අපිට ලාදුරුද..

අපි එතනට යනකොට ගිමා මාව පෙන්නලා කියද්දී කවදත් වගේ යසා මැද්දට පැන්නා..

නෑ නෑ.. උබත් හැඩයි.. හැබැයි කියුට්..

කැහ් කැහ්..

ඌඌඌඌඌඌ..

ගිමා යසාට හෙන මනමාල හිනාවක් දාගෙන කියද්දී ඌ රතු උනා.. අපි කැහි වාට්ටුවට පේන මානෙන් නතර උනා..

හා හා.. උබලගේ මගුල් පස්සේ පුලුවන්.. ඔයැයිලා යන්නේ කොහොමත..

අපි ඩිෆෙන්ඩර් එකේ..

අඩෝ කාගෙද ඒක..

අද අකීල් එයාගේ බ්ලැකීව බස්සලා නේ..

යෝහ්.. අපේ නෙතුවා ලකියා..

මොන ලකියා උනත් වැඩක්ද මං බෑන්ඩ් එකත් එක්ක යන්න එපෑ..

ඉතින් යකෝ මාලිගාව පහුවෙනකන් අකීල් එක්ක පලකෝ.. ඊටපස්සේ නේ පපරේ පටන් ගන්නේ..

එතනට යනකන් කවුද බලන්නේ..

මං බලන්නම් උබ පලයන්..

අඩෝ ආදරෙයි මචං..

එච්චරයි කියන්න හම්බුනේ ඉන වටේ එතුන යකඩ අතකින් මාව ඇදිලා ගිහින් ගලකට හේත්තු උනා.. යෝහ් මේ මිනිහාගේ ඊරිසියාව..

තමුසෙ මට විතරක් ආදරේ කරාම ඇති..

ඒ කියපු විදියට ඇගත් එක්ක හිරිවැටිලා ගියා.. අකීල් එහෙම කියන ගමන් යසාට රැව්වා..

අනේ මට එපා උබගේ ආදරේ.. උබම තියාගනින් ඕකව..

කොහොමත් දෙන්නෑ..

අකීගේ යකඩ අත් වලින් බේරිලා සෙට් එකත් එක්කම මියුසික් රූම් එකට ගිහින් බෑන්ඩ් එක එක්ක ගිහින් ඩබල් ඩෙකර් එකේ උඩට නැගලා මාලිගාව පහුවෙනකන් යසා කියනදේ අහලා හිටපල්ලා කියලා මං අකීලුයි මිලානුයි තරුවයි එක්ක ඩිෆෙන්ඩර් එක ලගට ආවා.. ගිමා යසා එක්ක.. ඩිෆෙන්ඩර් එක දැක්කම මට හාර්ට් ඇටෑක් වගේ.. තනි කලු වාහනේ ඉස්සරහ බොනට් එකේ පාට තුනෙන් ස්කූල් ෆ්ලෑග් එක සෙට් කරලා පිටිපස්සෙත් ග්ලාස් එකට ස්ටිකර් එක ගහලා රූෆ් එකත් ඇරලා..

මේකේ ගියේ නැත්තන් වැඩක් නෑ කොල්ලෝ..

තරුෂ මල්ලී බෑන්ඩ් ලීඩර් ආවද..

ඩිෆෙන්ඩර් එක වටේ රවුමක් දාද්දී එතනට ආව HP මාව හොයනවා.. අනේ යකෝ.. මෙච්චර මේ එහාපැත්තේ ඉන්න මාව අදුරගන්න බැරුවද අයියෝ..

ඔය එහාපැත්තේ ඉන්නේ..

'ටසිරි.. අඩෝ සිරාවටම අදුරගන්න බැරි උනා බං.. බලපන්කෝ මුගේ වෙනස..

හැමදාම එකම විදියට ඉන්න බෑනේ..

ඔයාගේ කට්ටිය රෙඩිද..

එයාලා රෙඩි.. අයියා කිව්වා වගේ මාලිගාව පහුවෙනකන් පොඩියට සින්දු ටිකක් ගහලා kcc එක හරියෙන් පපරේ පටන් ගන්නවා..

එලම.. මං යනවා.. ආ තව දෙයක් තමුසෙ අද හැන්ඩ්සම්..

බෑන්ඩ් එක ගැනත් අහලා මටත් හැන්ඩ්සම් කියලා හෙඩා නම් ගියා.. දැන් ඉතින් මං එපෑ අපේ මනුස්සයාගේ ගිනිගත්ත රුසියාව නිවන්න..

මචං මිලාන්.. නෙතු බහිද්දි උබ වාහනේ ගනින්.. තරුවා එක්ක යන්න පුලුවන්නේ..

ඇයි උබ එන්නැද්ද..

අද මට මගේ මල වටේ කැරකෙන පැණි බබරුන්ගෙන් බේරෙගන්න තියෙනවා..

මං කිව්වේ මේ මිනිහට රුසියාව.. බලපන් ඉතින් ඔක්කොලාම ඉස්සරහ කියපු කතාව.. මං උටත් ගස්සන් පැසෙන්ජර් සීට් එකට නැගලා දොර වහගත්තම අනික් අයත් නැග්ගා.. තරුවා නම් කෙලින්ම රූෆ් එකෙන් එලියට ඔලුව දාගත්තා.. මිලානුත් තඩි කොඩියක් අරන් තරුවා ලගිනම හිටගත්තා.. අපේ එක්කෙනාත් ඩ්‍රයිවින් සීට් එකට නැගලා වාහනේ ස්ටාර්ට් කරගද්දී ගේට් එක ලගින් ලොකු ස්පෙල් එකක් එක්ක පැරඩ් එක පටන්ගත්තා.. වාහනේ ඉස්කෝලෙන් එලියට දැම්මට පස්සේ අකී එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනික් අත මගේ අතක පටලන් පිට අල්ලට හාදුවක් දුන්නා.. එයාට හිනාවක් දුන්න මම ඇරලා තිබුණු ශටර් එකෙන් එලියට අතක් දාගත්තා..

අද මුලු ටවුන් එකම රතු නිල් කහ පාටයි.. මාලිගාව පහුවෙනකන් අකීල්ගේ ඩිෆෙන්ඩර් එකේ ගිහින් වැව රවුම ලගින් බෝගම්බර පැත්තට පල්ලෙහාට දාන්න කලින් මායි අකීයි මිලාන්ටයි තරුවටයි වාහනේ දීලා දුවලා ගිහින් ඩබල් ඩෙකර් එකට නැග්ගා.. දැන් තියෙන්නේ නුවරම දෙක වෙන්න පපරයක් ගහන්න තමයි තියෙන්නේ.. උඩට නගිද්දිම යසා මගේ අතට මෙස් එක දීලා දුවලා ගිහින් උගේ කිස්කන්නව අරගෙන දෙක වෙන්න ලදේ ගහන්න ගත්තා.. පොඩි උනුත් උඩ පැන පැන ගහනවා.. යකෝ ඇයි උන් විතරක් ආතල් ගන්නේ.. මාත් අතේ තිබ්බ මෙස් එක කවර් එකට දාලා පරිස්සමට පැත්තකින් තියලා උදේ ගෙදරින් ගෙනාපු මගේ සුකුටු බුකුට්ටව එලියට ගත්තා.. වෙන මොකක්වත් නෙවෙයි මගේ සැක්සෆෝන් එක.. ඒක මට දහඅටවෙනි උපන්දිනේට කැනඩා ඉන්න මගේ වන් ඇන් ඔන්ලි නැන්දයි මාමයි එවපු සර්පයිස් ගිප්ටුව.. රීඩ් ඉන්ස්ටෘමන්ට් කියන්නේ ආගමක් නම් මං ඒක ඉහලින්ම අදහන බැතිමතෙක්.. සැක්ස් එකත් බෙල්ලේ එල්ලන් බස් එකට හේත්තු උන මමත් කන පැලෙන්න ප්ලේ කරන්න ගත්තා.. මහීත් ට්‍රම්පට් එකක් ඉල්ලන් ප්ලේ කරන්න ගත්තා.. ගිමායි අකීයි කන්පියුස් වෙලා බලන් ඉන්නවා මොකද එයාලා යසාව දැකලා තිබ්බට අපිව මෙහෙම ප්ලේ කරනවා දැක්ක ෆස්ට් ටයිම්..

ක්ලොක් ටවර් එක ලගින් උඩට දාලා පොලිස් ග්‍රවුන්ඩ් පැත්තෙන් ගිහින් මහයියාවෙන් මේන් රෝඩ් එකට පැරඩ් එක දාද්දී අම්මටසිරි වෙන්න පරිප්පුවෝ බෑන්ඩ් ප්‍රැක්ටිස්.. අපේ පැරඩ් එක දිහා ටික වෙලාවක් බලන් හිටපු උන් එක පාරට ඇටෑක් එකට වගේ ප්ලේ කරන්න ගත්තා.. අපි සැලෙනවද.. උගුරු කඩාන අපිත් පටන්ගද්දි හෙඩ් බෝඩ් එකත් උඩට ඇවිත් නටන්න ගත්තා.. එතන විනාඩි දහයක් විතර ප්ලේ කරලා අන්තිමට බෑන්ඩ් දෙකම එකම සෝන්ග් එකකින් වැඩේ ඉවර කරලා උනටත් සැලියුට් එකක් දාගෙන ආයෙත් ඉස්කෝලේ පැත්තට ආවා.. ආයෙත් ස්කූල් ගේට් එකෙන් ඇතුලට පුලුවන් තරම් වාහන ඇතුලට දැම්මම අපිත් එක්ක හිටපු HP ලමයි ටිකත් එක්ක ලොකුම ලොකු ස්පෙල් එකක් දෙද්දී බෑන්ඩ් එකෙන් ෆෑන්ෆෙයාර් එකක් ප්ලේ කරලා පැරඩ් එක ඉවර කරා..

.

.

.

.

.

.

.

Good morning leadies and gentlemen.. Boys and girls.. We welcome you all to the 2nd and final day of the Hill Country Battle of the Blues..

පහුගිය සතියේ බිග්මැච් එකේ ෆස්ට් මැච් එක ******* ග්‍රවුන්ඩ් එකේ තිබ්බා.. අපි ලකුණු පහකින් දිනන්න තිබ්බ චාන්ස් එක ******* එකේ එකෙක් ලාස්ට් බෝල් එකට හතරකුත් ගහලා එක රන් එකකින් මැච් එක ඩ්‍රෝ කරා.. අද මැච් එක තියෙන්නේ අස්ගිරියේ අපේ ග්‍රවුන්ඩ් එකේ.. දැන් නවයහමාරයි.. මැච් එක දහයට නිසා මේ යන්නේ සෙකන්ඩ් ඩේ එකේ ඕපනින් සෙරමනිය.. අනික් ටීම් එකයි අපේ ටීම් එකයි පොඩි මල්ලිලා සෙට් එකක් අතින් අල්ලන් ග්‍රවුන්ඩ් එක මැද හිටගෙන ඉද්දී නැශනල් ඇන්තම් එකයි ස්කූල් ඇන්තම් දෙකයි ඉස්කෝල දෙකේ බෑන්ඩ් දෙකෙන් ප්ලේ කරලා ටීම්ස් දෙක අතට අත දීලා පැත්තකට ගියේ කැප්ටන්ලා දෙන්නා ටොස් එක දාන්න ග්‍රවුන්ඩ් එකේ ඉතුරු වෙද්දී..

ඒ.. ටොස් එක කාට යයිද..

කවුද බං දන්නේ..

අන්න දැම්මා..

ඔව් මේ අවස්ථාවේ කාසියේ වාසිය ****** විද්‍යාලයට.. ඔවුන් මුලින් පන්දුවට පහරදීමට තිරනය කරනවා..

ටොස් එක අපේ සෙට් එකට හම්බෙද්දී අපේ කැපා වෙච්ච කංචුක බැටින් තෝරගත්තා.. අද ටීම් දෙකේම ෆුල් ට්‍රයි එක වින් කරන්න මොකද ෆස්ට් එක ඩ්‍රෝනේ..

බැටින් තෝරගත්ත අපේ සෙට් එක ******ලට දෙයියෝ සිහිවෙන්න හතර අතට නෙලන්න ගත්තා.. ඕපනින් බැට්ස්මන්ලා දෙන්නා ෆස්ට් විකට් එකට ලකුණු 78යි.. ඊටපස්සේ නම් එකදිගට විකට් තුනක් විතර ගියේ අනික් පැත්තේ උන් දැනටමත් මැච් එක වින් කරා වගේ බෙරිහන් දෙද්දී.. හතරවෙනි විකට් එක යනවත් එක්කම ග්‍රවුන්ඩ් එකට ආවේ අපේ කංචුවා.. එතකොට අපේ ලකුණු 134යි.. කැප්ටන් එද්දී බලන්න ඕන කොල්ලෝන්ගේ සද්දේ.. අපේ සෙට් එක ගැන කියනවනම් මං බෑන්ඩ් එක ගැන තනියම බලද්දී අනික් උන් ටිකත් ඒ පැවිලියන් එකටම රිංගගෙන අත්වැටේ එල්ලිලා අපි ප්ලේ කරන පපරෙටත් වඩා සද්දෙන් ටීම් එකට චියර් කරනවා.. පැරඩ් එක දවසේ වගේම් කට්ටිය ස්කූල් ටී ඇන්ඩ් ඩෙනිම් වලින් ඉද්දී ප්‍රිෆෙක්ට්ලා උන මායි තරුවයි යසායි බෑන්ඩ් එකයි ස්කූල් යුනිෆෝම් හිටියා.. බෑන්ඩ් එකේ සෙට් එකගේ නම් උරහිස්වල ස්කූල් කලර්ස් වලින් ඇප්ලට්ස් තියෙද්දී ප්‍රිෆෙක්ට්ලා පපුව මැද්දේ ගහපු බැජ් එකට අමතරව ස්කූල් කලර්ස් වලින්ම ලස්සනට ගොතපු නූලක් ගියපු කව්බෝයි හැට් එකක් දාගෙන හිටියේ.. මායි යසායි ඔය දෙකම දාගෙන හෙන ගැම්මෙන් හිටියේ..

කමෝන් කංචුවෝ.. අරුන්ට දුවන්න ගහපාආආආආආන්..

මල්ලි ගහපන් හොද පපරයක්..

කංචු ගිහින් හතර අතට නෙලන්න ගද්දී අපේ ඉස්කෝලේ සෙට් එකෙක් ෆුල් සද්දයක් තිබ්බේ.. කොහොමහරි තව විකට් තුනක් ගිහින් ඕවර්ස් ටික ඉවර වෙද්දී ******ලට 235 ටාගර්ට් එකක් තිබ්බා.. අනික් ටීම් එක බැට් කරන්න කලින් දෙන පොඩි බ්‍රෙක් එකට මම අකීල්වත් ඇදගෙන ප්‍රතිවාදී පිලේ පැවිලියන් පැත්තට ගියේ අම්මා කෝල් කරලා අප්පච්චිව බලලා එන්න කියපු නිසා.. අපේ, අකීල්ගේ, මිලාන්ගේ වගේම යසාගේ අප්පච්චිලත් අද මැච් එක බලන්න ඇවිත් හිටියා.. අප්පච්චිලා ඒ පැත්තේ පුතාලා මේ පැත්තේ.. අපි ඕල්ඩ් බෝයිස්ලා හිටපු පැවිලියන් එකට යද්දී කට්ටිය අපි දිහා අමුතුවට බලනවා දැක්කත් ගනන්නොගෙන හිටියේ අපි දෙන්නා දැනටමත් අර කලු කපුටෝ ගොඩක් මැද ඉන්න සුදු කපුටෝ දෙන්නා වගේ නිසා.. අප්පච්චිලා සෙට් එක හොයන්න වටේම බෙල්ල කරකවද්දී දැක්කා සෙට් එකම පැවිලියන් එකේ උඩටම වෙලා පපරේ සද්දෙට හොදට නටනවා.. අම්මා කෝල් කරපු වෙලාවේ කිව්වා වගේ කට්ටියට බඩු සෙට් වෙලා..

අප්පච්චී..

ආ කොල්ලෝ.. මොකද මේ පැත්තට ඇවිත්.. උබත් අර දියවන්නාවේ ඉන්න උන් වගේ පැත්ත මාරු කරාද..

අනේ මම නම් මලත් පැත්ත මාරු කරන්නෑ.. මං ආවේ අම්මා කෝල් කරලා ඔයා ෆෝන් එක උස්සන්නෑ පොඩ්ඩක් බලන්න කිව්ව නිසා..

'ටසිරි.. එයා කෝල් කරලද.. ඇහෙන්නෑනේ මේ සද්දෙට..

ඇත්ත තමයි.. අපි දෙන්නා දැන් උනත් කතා කරේ මහ හයියෙන් බෙරිහන් දීලා අත් වලින් එක එක දේවල් පෙන්නන ගමන්.. අකීල් නම් අංකල් එක්ක කතාව..

ඒ මචං.. ප්‍රශ්නයක්ද..

අප්පච්චි මායි කතාකරන තැනට ආපු අංකල් කෙනෙක් එහෙම ඇහුවේ සමහරවිට අපි දෙන්නා අතපය විසික්කරලා කතා කරපු නිසා වෙන්න ඇති..

නෑ.. බං අවුලක් නෑ.. මේ මගේ පුතා.. පණිවිඩයක් කියලා යන්න..

අඩේ.. පුතණ්ඩියා අනික් පැත්තෙද..

මොනා කරන්නද බං.. දුක තමයි..

අනේ මේ අප්පච්චි.. ඔයා ඔනේ දෙයක් කරගන්න මං යනවා.. මතක් කරලා අම්මට කෝල් එකක් දෙන්න.. අකීල් අපි යමු..

තවත් එතන ඉන්නැතුව අකීල්වත් අඩගහගෙන මං එතනින් ආවේ ආයෙත් මැච් එක පටන්ගන්න අනවුන්ස් කරපු නිසා..

රස්නෙයි නේද.. බොන්න මොනාහරි අරන් දෙන්නද..

පැවිලියන් පල්ලෙහා තිබුණු ස්ටෝල්ස් හරියෙන් යද්දී අකීල් ඇහුවේ මම ඔලුවේ තිබ්බ හැට් එක ගලවලා පවන් ගහන්න ගද්දී..

හා..

මොනාද ඕනේ..

සන් ක්‍රශ්..

යමු..

එතන තිබ්බ ඩ්‍රින්ක්ස් විකුණන ස්ටෝල් එකකට ගියපු අකීල් මටයි අපේ සෙට් එකටයි ඕඩර් එක දාද්දී මමත් බෑන්ඩ් එකේ සෙට් එකට ගත්තා.. ඒ ටිකත් අරන් කලින් හිටපු තැනට යද්දී අනික් ටීම් එක ගහන්න පටන් අරන් විකට් දෙකකුත් ගිහින්..

අඩෝ.. කොහෙද අතුරුදහන් උනේ..

අප්පච්චිලා බලන්න ගියා.. අපේ ටීම් එක අරුන් ආපු ගමන් හරවලා යැව්වද..

ආයෙත් අහලා.. උන් ආවා බැට් එක වැනුවා ගියා..

එහෙනම් අද ටීම් එකේ ආෆ්ටර් පාර්ටි එකට අපිට ලෑස්ති වෙන්න වෙයි නේද සුදූ..

අඩේ සිරාවටම අකීල් කියනකන් මට මතක් උන්නෑ මං කංචුවට උන පොරොන්දුව..

අපි දෙන්නගේ කාඩ් දෙකට බුදුසරණයි මා පුතේ..

මං කිව්වම අකීල් මහ හයියෙන් හිනා උනා..

.

.

.

.

දැන් යන්නේ ලාස්ට් ඕවර් එක.. තව විකට් දෙකක් ඉතුරුයි.. අනික් ටීම් එකට බෝල හයට ලකුණු 36ක් ගහන්න තියෙනවා.. හතර අතට කෙලියොත් ඕක මහලොකු දෙයක් නෙවෙයි.. ඒ උනාට දැන් තියෙන ප්‍රෙශර් එකට මොනවා වෙයිද කියන්න බෑනේ.. මායි යසායි තරුවයි පල්ලෙහාට බැහැලා අනික් ප්‍රිෆෙක්ට්ලා එක්ක ග්‍රවුන්ඩ් ටීම් එකට වෙන්කරලා තිබුණු ටෙන්ට් එකේ හිටියේ.. ඉස්කෝල දෙකම එක වගේ ටීම් දෙකට චියර් කරනවා.. අන්තිම ඕවර් එක බෝල් කරේ කැප්ටන් කංචු.. පලවෙනි බෝලෙට හයක් දෙවෙනි එකට තවත් හයක් එක්ක දෙකක් දිව්වා තුනට විකට් එකක්.. තව බෝල තුනයි අනේ පුතේ මේක පැරදුනොත් ගෙදර ගිහින් ඉවරයි.. දැන් නම් ඉස්සෙල්ලා තරම් ග්‍රවුන්ඩ් එකේ සද්දේ නෑ මොකද ඉස්කෝල දෙකම බලන් ඉන්නේ ඊලඟට මොනවා වෙයිද කියලා.. ඊලඟ බෝලෙ දාද්දී බැට් කරන්න හිටපු එකා අත දිගෑගරලා ගැහුවා උඩීන් යන්න.. ඒ ගහපු ගැහිල්ලට නම් හයක් ශුවර්..

අප්පච්චිලාගේ සෙට් එක දෙක වෙන්න කෑගහනවා ඒත්.. දෙයියෝ බැලුවා වගේ බවුන්ඩරිය ලග ෆීල්ඩිං හිටිය කොල්ලෙක් බවුන්ඩරියෙන් එලියට පැනලා හයක් යන්න කලින් කැච් එකක් ගත්තා.. අන්තින කැච් අවුට් එක.. එක පාරටම සයිලන්ට් උන ග්‍රවුන්ඩ් එක ඊලඟ මොහොතේ පුපුරලා ගියා..

යෙස් වුට්ටෝ යෙස්.. අපි දින්නා බං..

කෑගහගෙනම ප්‍රිෆෙක්ට්ස්ලයි ටීම් ඒකේ ඉතුරු අයයි ග්‍රවුන්ඩ් එකට පැනලා කංචුවයි අන්තිම විකට් එක ගත්ත එකයි කරට අරන චියර් කරන්න ගත්තා.. ලකුණු 22කින් අපි වින් කරා.. ඒ චියර් එකෙන් පස්සේ ඉස්කෝල දෙකේම ටීම්ස් අතට අත දීලා ලෑස්ති උනේ අවෝර්ඩ් සෙරමනි එකට.. වෙලාව හවස පහට හයට විතර නිසා අහස හරි ලස්සන පාට ගොඩකින් හැඩවෙලා තිබුණේ නිකන් අපිට සුබපතන්න වගේ..

තරගයේ වීරයා අර කැච් එක ගත්ත කොල්ල වෙද්දී තරගාවලියේ වීරයා කංචුක උනා.. ******ලට මෙඩ්ල්ස් ටිකයි සෙටිෆිකට් ටිකයි දීලා කංචුකට කප් එක ගන්න ඉන්වයිට් කරද්දී බෑන්ඩ් එකේ ෆෑන් ෆෙයාර් එකක් එක්ක ලොකු ස්පෙල් එකක් ගියා.. එතන වැඩ ටිකත් ඉවර කරලා බෑන්ඩ් එක හරින්ද මල්ලි එක්ක බස් එකේ පටවලා ඉස්කෝලේට යවලා ග්‍රවුන්ඩ් එක චුට්ටක් අස් කරා.. ඊටපස්සේ අප්පච්චිලාට ටටා බායි කියලා ටීම් එක චේන්ජ් කරගෙන එනකන් බලන් හිටියා ආෆ්ටර් පාර්ටි එක දෙන්න.. අකීල් පාර්ටි එක එදා අපි මීට් එක ඉවර වෙලා නතර උන හොටෙල් එකේ රෙඩි කරලා තිබ්බා රූම්ස් එක්කම මොකද කට්ටියට වැදුනම ඉතින් දන්නවා නේ..

ටීම් එක ආවම කට්ටියම එක්කන් එයාලට ස්කූල් එකෙන් දීලා තියෙන බස් එකේ හොටෙල් එකට එන්න කියලා අපි අකීල්ගේ වාහනේ ආවා..

*************************************

යෝහ්.. මාසෙකට විතර පස්සේ නේද..

බිග්මැච් එකත් ඉවරයි.. (මම කිරිකැට් ගැන ලොකුවට දන්න ලබ්බක් නෑ ලමයි.. ඔය ලිව්ව ඒවගේ වැරදි තියේ නම් කමා කරන්න)

හිතුවට වඩා චැපිය දිග උනා..

ඒ නිසා පාර්ටිය ඊලඟ එකෙන් දෙන්නම්..

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!