Chapter 16 of 23

පහලොස්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]3,771 words~19 min read

ජය බන්දා ලොවේ

ධජ ලෙලවා අපේ

මම එනවා මගේ අම්මේ..

මැච් එක ඉවර වෙලා ආෆ්ටර් පාර්ටි එකට අකී ඇරේන්ජ් කරලා තිබ්බ හොටෙල් එකට අපි ඇවිල්ලා ටිකකින් ටීම් එකත් ආවා.. ඩිනර් එක ඉවර වෙන්කන් හිටපු ටීම් එකේ කෝච් ගෙදර ගියේ කට්ටියට දවස් තුනක් ප්‍රැක්ටිස් නෑ කියාගෙන වෙනකොට එතන ඉදලා තමයි නියම පාර්ටි එක පටන්ගත්තේ.. අකී ඇරේන්ජ් කරලා තිබ්බේ රූෆ් ටොප් එක වෙනකොට මං බයේ හිටියේ කොච්චර සේෆ් උනත් නාගසලං වෙන්න ගසලා හිටපු එකෙක් මෙතනින් පල්ලෙහාට පනී කියලා..

කහම්.. ලේඩී...........ස් ඇන්ඩ් ජෙන්ටල්මෑ.........න්.. ඔහ් ලේඩීස්ලා නෑ නේද.. කමක් නෑ.. මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි..

මෙච්චර වෙලා ඩීජේ එකට කැපිච්ච පනුවෝ වගේ නටලා නටලා ඩීජේ කොල්ලටත් පොවලා පිස්සු නට නට හිටපු උන්ට මයික් එක අහුවෙලා.. ඔක්කොටම හපන් කංචුවයි අපේ වලි කාපර් මහීෂයි කරට අතත් දාගෙන සින්දු කියන්න යන්නේ.. මොන කුනුහරුපයක් කියයිද දන්නෑ..

වත්තට යන්නම්..

මලක් කඩන්නම්..

චී චී.. ඒක හරියන්නෑ මචං.. හිටපන් මං එකක් කියන්න.. රෝස මල්.........ඒ.. නටුවේ කටු..

ඕහ් යේහ්..

වන බඹරෝ ඔහොම හිටූඌඌඌඌඌඌඌ..

කැරකිලා, කැරකිලා..

කැරකිලා කොහොමද ඔහොම හිටින්නේ..

එහෙම උනොත් මෙහෙක් වෙලා හිටී නේත..

මහීෂ අයියේ.. දැන් ඇති මයේ අම්මා.. අතනින් වාඩිවෙයන්..

මයික් එක අතේ තියාන මහී කංචුයි විකාරයක් කියවද්දී ඒක බලන් ඉන්න බැරි උන ටීම් එකේ පොඩි එකෙක් මයික් එක අතට අරන් වටේටම ඇස් යවලා මගේ ලග නතර වෙද්දී මට රෑ අහසේ දවල් තරු පෙනුනා.. අනේ යකූ ඌ කැතලික් ඇසෝසියේෂන් එකේ මං ලගින්ම අදුරන පොරක්..

සභාවෙන් අවසරයි.. අවසර නොදුන්නට කමක් නෑ..

අරුන් දෙන්නට විතරක් නෙවෙයි අනික් හැමෝටමත් ගානට වැදිලා ඉද්දී මයික් එක ගත්ත එකා කතා කරන්න ගත්තා..

මා මෙතනට පැමිණියේ උබලට කතා කරන්න නෙවෙයි අකීල් අයියට ස්ටේජ් එක භාර දෙන්න..

එහෙම කියලා මේකා අපේ එක්කෙනා ඉස්සරහට ආවම උස ස්ටූල් එක්කුයි ගිටාර් එක්කුයි අරන් ඇවිත් අතට දීලා මයික් ස්ටෑන්ඩ් එක ගානට හදලා ඌ ගියා..

This is for you..

මගේ දිහා බලාගෙන එහෙම කියලා එයා ගිටාර් එක ප්ලේ කරන්න ගත්තා.. ඒකට හරියන්න ඩීජේ එකෙන් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ප්ලේ වෙද්දී මගේ වටේ හිටපු සෙට් එක ෆෝන්ස් වල ටෝච් ඔන් කරලා දෙපැත්තට වනන්න ගත්තා.. මේ මොකද.. කවුරුත් මට මෙහෙම දෙයක් කිව්වේ නෑනේ..

මම පැතුවේ ඔබ ලගම

හැමදාම නවතින්න

මතකයට ඉඩ දෙන්න

තියෙනවා තව දුර යන්න

හිත ඇතුලේ ආදරය

සගවා ගෙන බෑ ඉන්න

ආදරයෙන් ඔබෙ ලගට වී

ඔබටම අත දෙන්න

දෙයියනේ අකීල් සින්ග් කරනවා.. ලේසියෙන් වචනයක් එලියට දාන්නැති මනුස්සයා සෙට් එකක් ඉස්සරහ ගිටාර් එකක් ප්ලේ කරන ගමන් සින්ග් කරනවා.. ඇස් දෙක පියාන සින්ග් කරන්න පටන් අරන් "හිත ඇතුලේ" කෑල්ලට ඇස් ඇරලා මගේ දිහා බලපු එයා ඊලඟ තප්පරේ ආයෙත් ඒ ගැඹුරු කලු ඇස් පියාගෙන සින්ග් කරන්න ගත්තා..

හිරු යනවා අවරටම

කලුවරට හුරු වෙන්න

සඳට පුලුවනි අඹරටම

දිදුලන එළියක් වෙන්න

එයා ආයෙත් "සදට පුලුවනි" කෑලලෙදි ඇස් ඇරලා මගේ දිහා බලලා අර මට පේන්න බැරි කට කොනේ හිනාව දැම්මා..

තිබෙනා තුරු ඔබෙ ආලේ

මට ඕනේ රැක ගන්න

ඔබෙ ලගටම වී ඉන්න

හැමදාම ඉඩ දෙන්න

සින්දුවේ ඊලග කෑල්ල ඉවර වෙද්දී ගිටාර් එකත් පැත්තකින් තියලා නැගිට්ටලා එයා මගේ පැත්තට එන්න ගත්තේ සින්දුව දිගටම කන්ටිනිව් කරන ගමන්..

මට ආසයි අත අල්ලන්

ඔබෙ මුවග සිප ගන්න

ඔබෙ මුහුණ සිනාවෙන්

හැමදාම පුරවන්න

මට අඩි දහයක් විතර තියලා එයා නවතිද්දී වටේම කරුවල වෙලා ගියා.. ඒ පාර මොන කෙන්ගෙඩියක්ද.. මං කරුවලේම කනා වගේ වටේම කැරකෙද්දී යසා එකපාරටම "කමෝන් අකීල්" කියලා කෑගද්දී මං ආයෙත් අකීල් ඊස්සෙල්ලා නැවතුන පැත්තට හැරුනා.. ඒ උනාට මට දකින්න හම්බුනේ මගේ මූන ඉස්සරහ තියෙන ලිලීස් මික්ස් වෙච්ච ලස්සන ෆලවර් බොකේ එකක්.. ඒත් කෝ අකීල්.. පොඩ්ඩක් ඉන්න මේ බොකේ එක අල්ලන් ඉන්නේ.....

අකී..

මං බොකේ එක අතට ගන්න ගමන් මගේ ඉස්සරහ දනගහගෙන හිටපු අකීල්ට කතා කරද්දී....

දුක දැනෙනා විට නුඹට

මට තුරුලුව සැනසෙන්න

මට ඕනේ හැමදාම

නුඹෙ තුරුලටම වී ඉන්න

සින්දු ඉවරකරන ගමන් සාක්කුවෙන් ගත්ත පොඩි බොක්ස් එකක් අතට ගත්ත එයා ඒක ඇරලා මට දික්කරා.. ඒක ඇතුලේ තිබ්බේ සිල්වර් කලර් සිම්පල් ඩිසයින් එක්ක රින්ග්ස් දෙකක්... දෙයියනේ මේ මිනිහා හැමෝම ඉස්සරහ මොනාද මේ කරන්නේ..

Will you be my boyfriend Nethusha..

No..

මගේ උත්තරේ එක්ක එයා විතරක් නෙවෙයි වටේ හිටපු අයත් ශොක් උනා..

ඒ ඒ පිස්සුද නෙතුවා..

අයියේ මොනාද මේ කියන්නේ..

යකෝ හි... කතා කියන්න එපා..

වටේ උන් සේරම පිස්සුවෙන් වගේ කෑගහද්දී එයා තාමත් හිටපු විදියටම මගේ ඉස්සරහ දනගහගෙන මගේ මූණ දිහා බලන් ඉන්නවා.. මං බලන් ඉද්දිම මගේ ඇස් වල පැටලුනු ඒ කලු ගැඹුරු ඇස් එක තත්පරෙන් දිලිසෙන කදුලු කැට වලින් පිරුණා..

I'm not be your boyfriend..

දැන්නම් අර ඇස් අග එකතු උන කදුලු කැට වැටෙන්න ඔන්න මෙන්න..

I'll be your other half until the death Akeel..

අනේ පොරකකා තිබුණු කදුලු කැට අකීල්ගේ කම්මුල් දිගේ පහලට බහින්න ගත්තා.. හැබැයි ඒ දුකට නෙවෙයි කියලා මට ඕන තැනක දිවුරන්න පුලුවන්.. මං දික්කරපු අතට අර රින්ග්ස් දෙකෙන් එකක් දාලා රින්ග් එක උඩටම කිස් එකක් දීලා නැගිට්ටම මාත් අනික් රින්ග් එක එයාට දාලා කිටි කිටියේ එයාව හග් කරා..

මෝඩයා.. මං බය උන තරමක්..

එයා කිව්වේ මාව තව ටිකක් එයාගේ පපුවට තදකරගන්න ගමන්..

හිතුවද රිජෙක්ට් වෙයි කියලා..

For a second..

අනේ මගේ පිස්සා..

වටේම උන් චියර් කරද්දී අකී මගේ නලලට කිස් එකක් දීලා මගෙන් ඈත් උනා.. ඒත් එක්කම මගේ පිට මැද්දෑවටම ඩෑස් පාරක් වැදුනා.. බලද්දී අපේ උන් ටික..

මී හරකා.. මං හිතුවා තෝ සිරාවටම බෑ කිව්වා කියලා..

හේ හේ.. පොඩි ප්‍රෑන්ක් එකක් කරේ..

අනේ පලයන් බං.. Enyway congratulations බොක්ක.. දැන්වත් අපිට වද නොදී හිටපන්..

ආ... ඒ කියන්නේ උබලට මාව වදයක් නේ.. අකී බලන්නකෝ..

ගනන්ගන්න එපා සුදූ.. ඔයාට මං ඉන්නවා නේ..

උබලා පස්සේ ලව් කරපන් දැන් වරෙන් නටන්න..

ඩීජේ එකෙන් නැගලා යන සින්දු ටිකක් ප්ලේ වෙද්දී පදමට වැදිලා හිටපු සෙට් එක හිටු කියලා නටන්න ගත්තා.. පාන්දර දෙක තුන වෙනකන් ඇති පදමට නටපු උන් හොටෙල් එකේ රෙඩි කරලා තිබ්බ රූම්ස් වලට රිංගගත්තම තමයි පලාතම නිස්සබ්ද උනේ..

.

.

.

.

.

.

.

බිග්මැච් එකත් එක්ක මාර්තුවත් ගෙවිලා ගිහින් අප්‍රේල් අවුරුද්දත් කිට්ටු උනා.. කිට්ටු උනා කියන්නේ ඉතින් ලබන සතියේ අවුරුදු ඒ නිසා අද නිවාඩු දෙනවා.. නිවාඩු දවසටම අපේ අවුරුදු උතසවෙත් සංවිධානය කරලා තිබ්බ නිසා බිග්මැච් එකෙන් පස්සේ ඒකට නැහුනා.. ඊයේ ප්‍රයිමරි ලමයිගේ උත්සවේටත් ශිෂ්‍ය නායකයෝ වෙච්ච් අපිට එන්න උනා.. ඒක නම් එපා උනේ ගැමි ගෙදර සාමාජිකයෝ ටික අල්ලන්න ග්‍රවුන්ඩ් එක වටේ දුවලා.. අම්මට හිටපු පොඩි එකා ඔසරි පොටත් ඉනේ ගහගෙන ඇත්තටම අම්මා කෙනෙක් වගේ ලමයින්ට බැන බැන ග්‍රවුන්ඩ් එක වටේ යනවා, තාත්තා කියන එකා උගේ බස්තමෙන් ලග ඉන්න එකාට ගහලා එකෙක් අඩනවා.. ඒ අස්සේ දුවට ඉන්න එකා මම කෙල්ලෙක් නෙවෙයි කියලා ගවුම ගලවන්න ලෑස්ති.. දෙයියනේ කියලා එක විදියට හිටියේ පුතා විතරයි.. ඌ අවුරුදු කෑම මේසෙට නැකතටත් කලින් වැඩේ දෙන්න ගියපු පාර අපේ එකෙක් ඌව වඩාගෙන හිටියා නැකත එනකන්.. උදේ වරුවේ ඒක ඉවර උනාම අපි ඉක්කමනට ග්‍රවුන්ඩ් එක අස්කරලා අපිට ඕන විදියට හදාගත්තේ අපේ අවුරුදු උත්සවේට.. ඊයේ ගෙදර යද්දී රෑ දොලහට විතර ඇති.. ආයෙත් පාන්දර හතරට විතර නැගිටලා බොටම් ටී දාගෙන පහටත් කලින් ග්‍රවුන්ඩ් එකට ආවේ ගේට් එකේ තොරණයි ස්ටේජ් එකෙයි ඔන්චිල්ලාවෙයි මල් වැල් ටිකයි ඉතුරු අඩුපාඩු ටික බලන්නයි.. ඒ ටික ඉවර කරලා අපි ආවේ ප්‍රයිමරියට.. පොඩි අයට අද නිවාඩු.. පාර පැනපු ගමන් ඉස්කෝලේට රිංගන්න පුලුවන් නිසා හොදයි.. දැන් තියෙන්නේ චේන්ජ් කරගන්න..

මුලු ප්‍රිෆෙක්ට් බෝඩ් එකම එකම විදියට නැශනල් කිට් එක මහලා තිබ්බේ, කලුපාට සරමේ වම් පැත්තට වෙන්න රතුපාට ලියවැලක්.. රතුපාට ටොප් එකේ දකුණු පැත්තෙ කලුපාට ලියවැලක්.. කිට් එක ඇන්දම ගානට ලියවැල් දෙක සෙට් වෙනවා.. ගැමි ගෙදර වැඩිහිටියෝ හෙඩ් බෝඩ් එක නිසා ඒ සෙට් එක නැකත් ඉවර වෙනකන් ඔසරි ගවුම් කෝට් සරන් පටලගත්තා.. HP අයියා බස්තමකුත් අරන් ඒක වන වන එහෙට යනවා මෙහෙට යනවා.. මට ඊයේ පොඩි පගයවත් මතක් උනා.. ඔය ටික ඔය විදියටම ලබන අවුරුද්දේ අපි කරන්න ඕනේ කියලා මතක් උනාම මට නගිනවා.. මුකුත් නෙවෙයි ප්‍රෙසර්.. අනික් ලමයි ඉස්කෝලේ එන වෙලාවට ග්‍රවුන්ඩ් එකට එන නිසා අපිත් හත විතර වෙද්දී ග්‍රවුන්ඩ් එකට ඇවිත් කැවිලි මේසේ තරග අනන්මනන් ටික ආයෙත් චෙක් කරා.. මමයි යසායි තරුවයි මෙතන උනාට අපේ බැජ් නැති සෙට් එක කොහෙද දන්නෑ.. හිරුෂ මල්ලි නම් මං දැක්කා ගම ගෙදර පැත්තට දුවනවා.. ඌ තමා පුතාට හිටියේ.. කොහොමහරි අට වෙද්දී උත්සවේ පටන් අරන් නැකතට කිරි උතුරවලා ආහාර අනුභව කරලා අනික් චාරිත්‍ර ටිකත් ඉවර උනා..

අඩෝ නෙතුවා..

ඔය මොකද බං කබයක් බෙල්ලේ එල්ලන්..

අනේ බං මට කබේ මාරු වෙලා..

මොන මගුලක්ද යසා උබ කියවන්නේ..

මේ... මේකයි.. මං කබ අදින්න තිබ්බ කබෙන තමා කනා මුට්ටි ටික ගැට ගහලා තියෙන්නේ.. මේ තියෙන්නේ මුට්ටි එල්ලන්න තිබ්බ කබේ..

අනේ තෝ කරොත් වැඩක් ඔහොම්මමයි.. වරෙන් යන්න කබේ මාරු කරන්න පුලුවන්ද බලන්න..

මං බෙල්ලේ කබයක් ඔතන් හිටපු යසාවත් ඇදන් කනා මුට්ටි බිදින තැනට ගියා.. එතන වැඩ බලන්න හිටියේ තරුවා නිසා හොදයි.. දැනටමත් තරගේ පටන් ගෙන නිසා කබ ඇදිල්ල කොහොමත් හවසට සෙට් කටරලා තියෙන නිසාත් මේක ඉවර උනාම සේපට කබේ ගලවගමු කියලා යසාව සේප් කරා.. කට්ටිය හිටු කියලා පොල්ලත් උස්සන් මුට්ටිය බිදින්න යනවා.. කොහේ තරුවා කරනකවන කැරකිල්ලට කෙලින් තියා ඇදේටවත් යන්න බෑ.. ටිකක් වෙලා ඒක දිහා බලන් ඉද්දී කවුරුහරි පිටිපස්සෙන් ඇවිත් ඉන වටේ අතක් දැම්මා.. මොන හු- ඉනෙන් අල්ලන්නේ කියාන අනික් පැත්තට දෙකක් කියන්න හැරුනම දැක්කේ මෙච්චර වෙලා හොය හොය හිටපු අපේ අනික් සෙට් එක එතනට ඇවිත්.. වෙන කවුරුත් නෙවෙයි අකීල් තමයි ඉනෙන් අල්ලලා තියෙන්නේ තවපොඩ්ඩෙන් හුප් පදෙන් අහගන්නවානේ.. එයාලත් අපිටම මැච් වෙන්න නැශනල් කිට් ඇදලා හිටියේ.. හැබැයි පාට වෙනස්.. අකීල් නම් මගේ පාටමයි හැබැයි ටොප් එකෙයි සරමෙයි පාට මාරු කරලා අනික් අය නිලුයි කහයි..

ආ.. මල්ලේ වැඩ වගේ..

අනේ නිකන් හිටපන් ගිමා.. උබේ කොල්ලා මෙතන අපේ වැඩ දෙක කරනවා..

මගේ කොල්ලා.. ඒ මොකාද..

බොරු මරිසි එපා බ්‍රෝ.. අපි දන්නවා උබ යසාට ලයින් කියලා..

ඒ ඒ මහියා හෙමින් කියපන්.. උට තියෙන්නේ හා කන් දෙකක්..

උබ උට බයයි නේ..

උට බය නෑ බං.. උගේ කටටයි බය.. මොන හරුපයක් කියයිද දන්නෑනේ ඊලඟට..

ගිමා ඔලුවත් කස කස කියද්දී අපි බඩවල් අල්ලන් හිනාඋනේ යසාගේ හැකර කට මතක් වෙලා..

ලස්සනයි..

වෙනදට හොරෙන් හොරෙන් කියන දේවල් කන්ෆෙස් කරපු දවසේ ඉදලා අකීල් එලිපිටම කියනවා.. අනේ ලැජ්ජයි අප්පාවේ.. අනික් උන් කැහි වාට්ටුවෙන් බැහැලා වගේ කහිනවා..

තෑන්ක්ස්.. ඔයත් හැඩයි අද..

ඕඕඕඕඕඕඕ...

මුන් එක්ක බෑ අප්පා..

ආ මේ ඇවිලා ඉන්නේ කුමාරයෝ ටික.. යමුද මුට්ටියක් බිදින්න..

එතන තිබ්බ අමුතු ටෙන්ශන් එක බිදින ගමන් කොහෙද ඉදලා මැද්දට පැනපු යසා එහෙම ඇහුවම මම අකීල්ව උගේ ඇගට තල්ලු කරා..

ඊලඟ අකීව දාපන් මචං..

එලම..

එහෙම කියාන යසා අකීල්ව ඇදන් යද්දී ඇයි සුදූ ඔයා මට මෙහෙම කරන්නේ වගේ බැල්මට් එක්කින් අකී මං දිහා බලාන අරූ පස්සෙන් ඇදිලා ගියා.. කොහොමහරි තරුවා අකීල්ගේ ඇස් ගැටගහලා පොල්ලත් අතට දීලා කරකවලා ඇතෑරියාම අකීල් වැනි වැනි ඉස්සරහට යන්න ගත්තා..

කමෝන් මචං.. වමට වමට.. ආ හරි දැන් දකුනට.. උබේ දකුන යකෝ.. හරි හරි ගහපන් ගහපන්..

ගිමායි මිලානුයි කෑගහලා කෑගහලා කොහොම හරි මුට්ටියක් ලගට අකීල්ව යැව්වා.. එයත් දෝත බදලා පොල්ලෙන් ගැහුවා කෙලින්ම මුට්ටිය කුඩේ කුඩු.. ඒක ඇතුලෙන් එලියට වැටුනේ තඩි ටොබ්ලරෝන් ඩාක් චොක්ලට් එක්කුයි පොඩි පොඩි කිට්කැට් ගොඩකුයි.. අනේ යකෝ මේ අපෙන් එකතුකරපු සල්ලි..

ඔව් මේ අවස්ථාවේ පලවෙනි මුට්ටිය බිදී යනවා.. ඒත් අවාසනාවකට ඒ ජයග්‍රාහී මුට්ටිය නම් නෙවෙයි.. කනා මුට්ටිය ජයග්‍රහනයට නම් ඔබට නිල් වතුර තිබෙන මුට්ටිය බිදින්නම ඕනේ..

අකීල් චොක්ලට් ටිකත් ඇහිදගෙන පොඩි පොඩි ටිකෙන් භාගයක් එතන හිටපු ඇච්චොන්ට දීලා ඉතුරු ටික අරන් අපි හිටපු තැනට එද්දී මයික් එකත් අතේ තියන් හිටපු පොඩි එකා බෙරිහන් දෙන්න ගත්තා..

ඊලඟට උබ.. වරෙන්..

ආයෙත් අපි හිටපු තැනට කඩන් පැන්න යසා අපි මුකුත් හිතන්නත් කලින් ගිමාව ඇදන් ගිහින් ඇස් දෙක ගැටගහලා පොල්ල අතට දුන්නා.. මුට දැන් ඕනේ වෙන මුකුත් නෙවෙයි ඉක්මනට මේක ඉවර කරලා කබේ ගන්න.. තරුවා ගිමාව කරකවලා ඇතෑරියම ඔක්කොටම වඩා හයියෙන් කෑගහන්න ගත්තේ යසා..

වමට වමට.. ආ හරි දැන් දකුනට.. උබේ දකුන යකෝ.. දැන් ආයේ වමට.. ඔච්චර වේගෙන් යන්නේ කෝච්චිය අල්ලන්නද.. හෙමින් පලයන්.. හරි හරි ගහපන් ගහපන්..

යසාගේ කෑගැහිල්ල දරාගන්න බැරුවද කොහෙද ගිමා මුට්ටියට ගැහුවා තමයි වටේ හිටපු උනුත් නිල් වතුර නාන්න.. වෙලාවට කට්ටිය ටිකක් පස්සට වෙන්න හිටිය නිසා ලොකු ආපදාවක් නෑ..

මෙන්න අද දවසේ අපේ කනා මුට්ටි තරගයේ ජයග්‍රාහකයා..

ආයෙත් අර පොඩි එකා මයික් එකට කෑ ගහද්දී යසා දුවලා ගිහින් ගිමාගේ ඇගට පැනලා බදාගත්තා.. ගිමා ගල්ගැහිලා වගේ බලන් ඉන්නවා.. කොච්චර යාලුවො සෙට් එකේ හිටියත් ඒ ඉතින් උගේ හිතගිය කුමාරයානේ..

ඉස්කෝතු වේවා වස්තුවේ.. මං යනවා කබේ ගලවගන්න..

යසා අරූගේ කම්මුලකට කිස් එක්කුත් දීලා දුවලා ගියේ මුට්ටි එල්ලලා තිබ්බ කනුවක් ලගට.. මං කිව්වේ මුට ඕනේ කබේ විතරයි.. ගිමා තාමත් හොල්මන් වෙලා වගේ ගිහින් උගේ තෑග්ගත් අරන් අපි ලගට ආවා..

ආව් ආව්.. එක්කෙනෙක්ට අද එයාගේ හිතගිය කෙනාගෙන චොක් එකක් හම්බෙලා..

අනේ පලයන්කෝ.. මට තාමත් හිතාගන්න බෑ ඒ මොකද්ද උනේ කියලා..

ඒකා උබට චොක් එකක් දුන්නේ උබට තියෙන ආදරේකට නෙවෙයි කබේ ගන්න පුලුවන් උන නිසා.. අර බලපන්..

ආපු ගමන් ගිමාව මහියයි මිලානුයි චා කරන්න ගත්තම මං පෙන්නුවේ මහා අනර්ඝ වස්තුවක් අතට ලැබුනා වගේ කබේ බදාගෙන ඉන්න යසාව..

පෙම් සිත රිදුනා රත්තරනේ..

.

.

.

උදේ ඉදලා එහෙට මෙහෙට වෙවී එකින් එක එකින් එක තරග ඉවර උනා.. අපේ සැට් එකත් හැම එකටම වගේ පැනගෙන ගියා.. යසා පිටි ගොඩේ රුපියල හොයන්න ගිහින් බූතයෙක් වගේ ආපහු ආවේ රුපියල හොයාගන්න බැරුව.. කොට්ට පොර ගහන්න ගියේ මහියා.. ඌ නම් යන්තන් දෙවෙනියා.. ඊලඟට දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, බනිස් කෑම, ගෝනි රේස්, අලියට ඇහැ තැබීම, ඔය ඔක්කොටම මුන් ගියා.. යන්තන් යසා දිනුවේ හොදම හිනාව.. යකෝ ඒක පුදුම හිනාවක්.. විනිශ්චය මණ්ඩලෙත් බඩ අල්ලන් හිනා උනා ඒක දැකලා.. මං නම් ඉතින් පාඩුවේ පැත්තකට වෙලා හිටියා කියලද හිතුවේ.. ඒවා කොහෙද පාප මිතුරු කැලක් ඉද්දී..

මුන් මාව ඉස්සෙල්ලම දාලා තිබ්බේ පොල් ගාන්න.. අත්තම්මලාගේ ගෙදර ගියාම බංකු හිරමනේ පොල් ගාලා පුරුදු නිසා ජාමේ බේරගත්තා..

බදින එකාට වාසනාවන්..

දිනපු තෑග්ග ගද්දී අපේ උන් බෙරිහන් දුන්නා.. ඊලඟට දාලා තිබ්බේ ජනකවි කියන්න.. ඒකනම් ඉතින් චිල් එකේ ගිහින් කියලා ඒකෙත් ෆස්ට් ප්ලේස් එක උස්සන් ආවා.. ඊටපස්සේ තමයි හොදම එක.. යකෝ ගෝනි පනින්න.. මාත් ඉතින් සරම කැහපට ගහගෙන දුවන්න ලෑස්ති උනා.. අපිට තිබ්බේ දුවලා ගිහින් ගෝනියට බැහැලා ආපහු හිටපු තැනට පැනගෙන එන්න.. ඒක නම් ප්ලේස් එකක් නැතත් නම්බුව බේරගත්තා.. යසානම් ගෝනියේ පටලිලා සරමත් කඩාන බිම..

දැන් නම තුනට විතර.. අද ලොකු අව්වකුත් නැති නිසා හොදයි.. නැත්තන් කර වෙන්න එපෑ.. ඔය තරගයක් අතර මැදින් එක එක නැටුම් සින්දු එහෙමත් තිබ්බා.. අද ප්‍රිෆෙක්ට්ලාගෙන් ලොකු සප්‍රයිස් එක්කුත් තියේ කට්ටියට.. මෙච්චර වෙලා අපේ සෙට් එකත් එක්ක හිටපු මායි යසයි තරුවයි ග්‍රවුන්ඩ් එකේ කෙලවරක තිබ්බ ස්ටේජ් එක පිටිපස්සට රිංගුවේ ඊලගට තියෙන්නේ ප්‍රිෆෙක්ට්ලාගේ වැඩේ නිසා.. මං ගියපු ගමන් මීඩියා යුනිට් එකේ මල්ලි කෙනෙක් මට fm හෙඩ් මයික් එකක් සෙට් කරගන්න උදව් කරා..

8, 9, 10 සෙට් එක රෙඩි නම් ඉක්මනට ස්ටේජ් එකේ පඩිපෙල ලගට යන්න..

නෙතුෂ මල්ලී ඔන්චිල්ලාවට යන්න.. ඉතුරු සෙට් එක පොඩි අයගේ එක ඉවර වෙන්න ලං වෙද්දී ස්ටේජ් එකට නැගලා පිටිපස්සට වෙලා ඉන්න.. හොදට කරන්න ලමයි..

ප්‍රිෆෙක්ට්ලා රෙඩි වෙද්දී එතනට ආපු HP අයියයි DHP අයියයි වෙන්න ඕන දේවල් කියලා යන්න ගියා.. පොඩි අය ස්ටේජ් එකට නගින්න ලෑස්ති වෙද්දී මං තරුවත් එක්ක ගියේ ස්ටේජ් එකට ටිකක් එහාට වෙන්න තිබ්බ ලොකු මැයිමාර ගහේ බැදලා තිබ්බ ඔන්චිල්ලාව ලගට.. ඔන්චිල්ලාවෙන් වාඩි වෙද්දී මං දැක්කේ මහීලා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.. අනවුන්ස් කරන මල්ලී ඉවෙන්ට් එක ගැන කියලා ඉවර වෙද්දී මියුසික් එක ප්ලේ වෙන්න ගත්තා.. තරුවා ඔන්චිල්ලාව තල්ලු කරද්දී හොද හුස්මක් ගත්ත මම ඔන්චිලි වාරමක් කියන්න ගත්තා..

සරණයි සරණයි බුද්ධං සරණයි...

සරණයි සරණයි දම්මං සරණයි...

සරණයි සරණයි සංඝං සරණයි...

සරණයි සරණයි මේ තුන් සරණයි...

ඊලඟට ආයෙත් මියුසික් එක මාරු උනා.. ඒත් එක්කම මල්ලිලා ස්ටේජ් එකට නැග්ගා.. මං ආයෙත් සින්ග් කරන්න ගත්තා..

මේ අවුරුද්දේ... කිරි ඉතිරෙන්ටයි...

රට වැසියන්ගේ... ආයු වැඩෙන්ටයි...

සින්දුවේ ඉතුරු කෑල්ල පටන් ගද්දී මල්ලිලා නටන්න ගත්තා.. ඒ අතරට මායි තරුවයි ආයෙත් ස්ටේජ් එක පිටිපස්සට ඇවිත් මයික් එකත් ගලවලා අනික් ප්‍රිෆෙක්ට්ලා ලගට ගිහින් අපේ තැන් වලින් හිටන් හිටගත්තා.. මල්ලිලාගේ සින්දුවේ අන්තිම ටික යද්දී අපි ස්ටේජ් එකට නැගලා පිටිපස්සෙන් හිටගත්තා.. පොඩි අය බැහැලා යද්දී අපේ සින්දුවේ මියුසික් එක ප්ලේ වෙන්න ගත්තා.. දැන් ඉතින් තියෙන්නේ මෙච්චර දවස් හැංගි හොරා ඩාන්සින් රූම් එකේ ප්‍රැක්ටිස් කරපුවා එලිපිට නටන්න.. මට කට කොනින් හිනාවක් ගියේ අකීල් මට දීපු වදේ මතක් වෙලා..

Flashback

සුදූ කොහෙද ඔය දුවන්නේ..

අපේ උන්ව මග ඇරලා ඩාන්සින් රූම් එකට දුවන්න හදපු මාව අහුවුනේ අකීල්ට.. අනික් දෙන්නා නම් දැනටම ගිහින් ඇති..

පොඩි වැඩ වගයක් තියෙනවා.. අයින් වෙන්න පරක්කුයි..

ඉතින් කොහෙද යන්නේ කියලා යන්න..

කියන්න පුලුවන් නම් කියනවානේ අකී.. දැන් යන්න දෙන්නකෝ..

ඔයාගේ දැන් හොර වැඩ ගොඩයි මේ ඊයේ පෙරේදා ඉදලා..

අයියෝ ඔයාට ඉක්මනට බලන්න පුලුවන් මට දැන් යන්න දුන්නොත්..

හම් හම් යන්නකෝ.. මං ඔයාව ඉක්මනට අල්ලගන්නම්..

Present

අම්මටසිරි වෙන්නම කට්ටිය ඇස් කටේ දාන් බලන් ඉන්නවා.. ඔක්කොමත් හරි මායි අනික් උන් දෙන්නයි ඉස්සරහම පේලියේ..

රන් පාටින් පෙනේ දිලීලා..

නිල් යායේ කරල් පැසීලා..

සින්දුව පටන් ගද්දී ඕඩියන්ස් එකෙන් හෙන චියර් එකක් හම්බෙද්දී අපිත් ගැම්මට අඩිය තිය නැටුවා..

ගැමි ලිය නාරිලතා ගමනෙන් යයි පාද තබා..

ඒ කෑල්ලට කෙල්ලෙක් වගේ ඇවිදන් ගියේ යසා වෙද්දී උගේ නාරිලතා ගමනට මුලු ඕඩියන්ස් එකම පුපුරලා ගියා.. කොහොමහරි මෙච්චර දවස් පුරුදු වෙච්ච එක අපි අපේ උපරිමෙන් කරලා ස්ටේජ් එකෙන් බහිද්දි ලොකුම ලොකු ක්ලැප් එකක් හම්බුනා..

උබලා සුපිරියට කරා කොල්ලනේ.. ඊලඟට කබ අදින්න තියෙන්නේ ඒලෙවල් සෙක්ෂන් එකට.. ලොකු උන් ටික ඉක්මනට එතනට වරෙව්..

ආයෙත් කොහෙන්ද මතු උන HP කියාන කියාන ගිහින් අතුරුදහන් උනා.. ඒලෙවල් සෙට් එක කබ අදින තැනට යද්දී අපේ අනික් උන් ඉන්නවා ඉනටත් අත් තියාන..

හේ හේ.. කොහොමද අපේ නැටුම..

යසා අහුවේ අත්වල දබර ඇගිලි දෙකත් එකට වද්දන ගමන්..

අනේ පකෝ.. කලින් කිව්වානම් හෙන් ගහනවද.. අපි තනිකර කන්පියුස්නේ..

කලින් කිව්වානම් කොහොමද සප්‍රයිස් කරන්නේ..

තරුවා එහෙම කිව්වේ ඔලුවත් කසන ගමන්..

එහෙනම් මේකයි හොර වැඩේ.. මං ඔයාව පස්සේ අල්ලගන්නම් සුදූ.. දැන් යමු කබ අදින්න..

අකීල් එහෙම කියන ගමන් මගේ දිහාට දාපු බැල්මට මට කෙල ගුලියකුත් ගිලුනා.. ඉතින් ඊලඟට කබ අදින්න තුණ්ඩු දානකොට මුලින්ම සයන්ස් එකත් එක්ක මැත්ස් එකයි ටෙක් එකත් එක්ක කොමස් එකයි ඔය හතරෙන් දිනන එකත් එක්ක ආර්ට් එකයි විදියට තමයි තුණ්ඩු අල්ලලා තිබ්බේ.. මුලින්ම තිබ්බ එකෙන් තරුවලා මැත්ස් එක පරද්දද්දී අකීල්ලා ටෙක් එක පරද්දලා තිබ්බා.. ඊලඟට තිබ්බ එකෙන් කිසි ගේමක් නැතුව අකීල්ලා දින්නේ සයන්ස් එකේ උන් හිතන්නත් කලින් කබේ කොමස් එක පැත්තට ඇදිලා ගිහිල්ලා.. ඉතින් ආර්ට් එකේ අපිට සෙට් උනේ කොමස් එක.. කොමස් එකේ අපේ සෙට් එකත් එක්ක දහයක් ඉද්දී අපේ පැත්තෙන් මමයි යසායි කංචුකයි උගේ යාලුවොත් එක්ක දහයක් හිටියා.. හැබැයි ඔතන ලැන්ග්වේජස් එකෙන් හිටියේ මං විතරයි මොකද ඒකේ ඉතුරු උන් මලෙන් උපන් අහවල් එවුන්නේ, පොඩ්ඩක් අතක් පයක් හොල්ලලා වැඩක් කරන්න බෑ..

අන්තිම තරගේ නිසා වටපිටාව සෑහෙන්න ලමයි ගොඩක් හිටියා.. තරුවා කලින්ම මං කාටවත් සපෝර්ට් කරන්නෑ කියලා පැත්තකට උනා.. තරගේ පටන්ගත්තා.. කබේ එහෙට ඇදෙනවා මෙහෙට ඇදෙනවා.. කවුරුත් කාටවත් දිනුම දෙන්න ලෑස්ති නෑ.. ආර්ට් එකේ ඉස්සරහම හිටියේ මම අනික් පැත්තේ මහියා උට පිටිපස්සේ අකීල්.. අපේ පස්සහම හිටියේ කංචුයි උගේ හයේ හතරේ සෙට් එකයි.. මහියා එහාපැත්තේ ඉදලා කින්ඩිය දානවා.. හිටපන්කෝ..

කංචුවා..

හරි මචං..

මං කෑගහනවා එක්කම හරි කියපු පස්සහ සෙට් එක උපරිම ඩම් එක දාලා එකපාරයි ඇද්දේ කොමස් එක හොම්බෙන් යන්න කබේ ඇදිලා අවා.. ආර්ට් එකේ උන් හූ තියනවා.. ඒකත් ඉවර වෙද්දී ඊලඟට තිබ්බේ අවසාන හැමෝම මෙච්චර වෙලා බලන් හිටපු අවුරුදු කුමාරයා තෝරන තරගේ.. දැනටමත් අනවුන්ස් කරන මල්ලිලා ඉදිරිපත් වෙලා හිටපු කට්ටියගේ නම් එක්ක අංක කියනවා පෝලින් ගැහෙන්න.. සමහරු නම් යාලුවොන්ටත් බැන බැන යනවා.. තව ටික්කින් මටත් කන පුරවලා අහගන්න වෙයිද දන්නෑ.. මේ පාර ප්‍රිෆෙක්ට්ලට ඉදිරිපත් වෙන්න එපා අනික් අයට අවස්ථාව දෙන්න කියපු නිසා මම නෑ.. නැත්තන් සාටකේ ඉතින් කෙලින්ම මේ හැන්ඩ්සම් කොම්ලට තමා.. හැමෝගෙම ඒකමතික තීරණයෙන් මම අද උදේ අපෙන් යන කෙනාගේ නම දීලා ආවා.. තව ටික්කින් ඒක කිව්වම,

අංක හත, සාරන්‍ය අකීල්..

හරියට හරි.. මගේ මිනිහා කන්පියුස්.. මං එයාවත් ඇදන් ස්ටේජ් එක ලගට දුවලා අංකෙත් ඉල්ලන් අතේ ගැටගහලා ඇදුමේ පොඩි උන තැනුත් හදලා කොණ්ඩෙත් පොඩ්ඩක් හදනකනුත් මිනිහා මොකද උනේ කියලා ප්‍රොසෙස් කරගන්නවා.. මං කතාකරාම තමයි හරි සිහියට ආවේ..

අකී..

සුදූ.. මොකද්ද මේ වෙන්නේ.. මං නම දුන්නෑ මෙහෙම මගුලකට..

ඔයා දුන්නැති උනාට මං දුන්නා..

අනේ සුදූ මට බෑ ඕයි..

බෑ කියලා බෑ.. මේ පාර මට යන්න බෑ.. ඒ නිසා ඔයා යන්නම ඕනේ.. දැන් ඉතින් නමයි අ‍ංකෙයි කිව්වම ස්ටේජ් එකට නැගලා ආයුබෝවන් කියලා නමයි වයසයි කියලා පේලියෙන් හිටගන්න.. ඉතුරු වටවලට තේරුනොත් කියන දෙයක් කරලා කොහොමහරි සාටකේ අරන් මිසක් පහලට බහිනවා එහෙම නෙවෙයි..

මට තර්ජනය කරනවද..

කැමති විදියකට හිතාගන්න.. දෙවෙනි වටේ වෙද්දී මමත් ස්ටේජ් එකේ ඉන්නවා.. ගුඩ්ලක්..

මෙච්චර වෙලා එයාගේ කොන්ඩෙත් හදන ගමන් වෙන්න ඕන ඒවා කියලා වටපිට බලලා එයාගේ කම්මුලට කිස් එක්කුත් දීලා මං ආවේ ස්ටේජ් එක ඉස්සරහට.. ටික වෙලාවකින් ඉදිරිපත් උන අය එක එක්කෙනා ඉස්සරහට ඇවිත් හිනාවෙලා නම කියලා ස්ටේජ් එක මැද හරියෙන් පෝලිමට හිටගත්තා.. ඊලඟට අකීල්..

යකෝ මේකා බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිලලා වගේනේ.. හිනා කදුලක් නෑ මූණේ..

මං හිතපු එක මිලාන් කිව්වා.. එයාගේ ඇස් ඕඩියන්ස් එක පුරා ගිහින් අපි ලගින් නැවතුනාම මං ඇගිලි දෙකක් මගේ කට දෙපැත්තෙන් තියන ගමන් අකීල් දිහා බලලා ස්මයිල් කිව්වම ඔන්න පොඩි හිනාවක් ගියා.. අනික් අය වගේම එයත් නම කියලා පෝලිමෙන් හිටගත්තා.. ටිකකින් දෙවෙනි වටේට තෝරගත්ත අයගේ නම් කියන්න පටන්ගත්තා..

අංක හත අකීල් සාරන්‍ය..

අංක දොලහ කංචුක ඩි'මැල්..

හරිම අගෙයි.. අඩෝ අරුන් දෙන්නගෙන් එකෙක් තෝරන්නේ කොහොමද..

බලපන්කෝ අපේ ක්‍රිකට් කැපාගේ ගැම්ම..

අකීල් අයියත් හෙන හැන්ඩ්සම් ඕයි.. මට නම එක්කෙනෙක් තෝරන්න බෑ..

වටේ කතා ගොඩයි.. ඔය මොනා උනත් අපේ එක්කෙනා සාටකේ අරන ආවේ නැත්තන් සරම ගලවනවා ඔලුවෙන්..

දෙවෙනි වටේ ඉස්සරහට ඇවිත් තමන්ට තියෙන දක්ශතාවක් පෙන්නන්න කිව්වම අකීල්ගේ මූණ බෙරි උනා.. මං ශේප් එකේ ගිහින් එයාට හොදට පේන තැනකින් හිටගත්තා.. එක එක්කෙනා ඇවිත් නටනවා සින්දු කියනවා රගපානවා.. අකීත් ආවා ඉස්සරහට..

පුතා මොකද්ද කරන්න හිතන්නේ..

ජජ් බෝඩ් එකේ හිටපු ඩාන්සින් මැඩම් අහද්දී මේකා මගේ දිහා බලලා උගේ අර කඩප්පුලි හිනාව දැම්මා..

මැඩම් මම සින්දුවක් කියන්න යන්නේ.. ඒක ඩුවට් එකක් මට පුලුවන්ද මගේ යාලුවෙක් එකතුකරගන්න..

ශුවර් පුතා..

අකීල් අනවුන්ස් කරන්න හිටපු මල්ලිගේ කනට කරලා මොනාහරි කිව්වම ඒකත් මහ කැත විදියට හිනා වෙලා,

අපේ අකීල් අයියගේ ඩුවට් පාර්ට්නර් විදියට එයා නෙතුෂ අයියව රික්වෙස්ට් කරනවා..

අනේ කාපන් මාව මෝඩයා.. දැන් ඉතින් නොයත් බෑ.. මං හෙමින් හෙමින් ස්ටේජ් එකට නැග්ගම මයික් එකක් අතට ලැබුණා ඊලඟට මියුසික් එක ප්ලේ උනා.. ඒක ඇහුනම නම් මට වහ කන්න හිතුනා..

කිචි බිචියට ගී ගයන්න

රූ වරුණා මැව්වයි

කතා කරන ඔය ඇස් දෙක

අලුත් ඉරක් මැව්වයි

එයා මගේ මූණ දිහා බලාගෙනම පටන්ගත්තා.. ඒ පාර මගේ වටේ කැරකෙනවා..

අයියණ්ඩිගේ හිත අද්දර

නොකී කතා රැඳුනයි

එපා එපා නොදොඩා ඉන්න

සුනංගු නම් නැතිවෙයි

මටත් මොකෝ, මාත් හොද පැණි හිනාවක් දාලා එයාගේ පපුවටත් ඇගිල්ලකින් ඇනලා ඊලඟ පාර්ට් එක කිව්වා.. ඒ උනාට මගේ කම්මුල් රත්වෙනවා වගේනේ..

රූ වරුණා පද බඳනා

සිත සනහා නෙතු නළවා

හිරු මඟුලට හිනැහෙන්නයි

අහස් ගව්ව සොයා යන්න

සමනල තටු ලැබුණයි

නුඹේ අතින් හැදෙන ඇඹුල

දිගු ගමනක් යන්නයි

අකීල් ඊලග ටික කිව්වේ මගේ අතිනුත් අල්ලගෙන.. කොල්ලෝ හූ තියනවා..

හීන් හිනා කවට කතා

අද විතරක් ඔට්ටුයි

කිරි වදිනා හෙට දිනයේ

අලුත් පැලක් තැනුණයි

රූ වරුණා පද බඳනා

සිත සනහා නෙතු නළවා

හිරු මඟුලට හිනැහෙන්නයි

ඉතුරු ටිකත් කියලා ඉවර කරලා මං දඩබඩ ගාලා ස්ටේජ් එකෙන් බැහැලා ආවා.. අම්මෝ පුදුම රස්නයක් තියෙන්නේ.. අපේ උන් කුප්ප හිනා දැම්මට මුකුත් කිව්වේ නැති එක නම් ලොකු දෙයක්.. කංචුක නම් එයාගේ අවස්ථාවේ ලස්සන නැටුමක් ඉදිරිපත් කරා.. අන්තිම වටේට කොල්ලෝ හතක් තේරිලා හිටියා.. එයාලා ආපහු ස්ටේජ් එක වටේ රවුමක් ගිහින් පෝලිමට හිටගත්තා.. ටිකකින් ජජ් බෝඩ් එකේ හිටපු ඩාන්සින් මැඩම් එක්ක තව සර් කෙනෙක් ස්ටේජ් එකට නැගලා ප්ලේස් කියන්න ගත්තා..

අවුරුදු කුමරා තේරිමේ තරගයේ තුන්වන ස්ථානය දිනාගන්නේ අංක දෙක..

මං හිතන්නේ තුන උන එකා එකොලහේද කොහෙද..

දෙවන ස්ථානය හිමිකරගන්නේ..... අංක දොලහා..

දෙක කංචුවා.. තව පහක් ඉන්නවා..

20** මහනුවර *** විද්‍යාලයේ බක්මහ උලෙළේ අවුරුදු කුමරා ලෙස අභිසෙස් ලබන්නේ.... අංක හත ඒ ඔබයි..

ටිකක් ශොක් වෙලා වගේ හිටපු අකීල් ඔලුවත් දෙපැත්තට ගසලා ඉස්සරහට ආවම ඩාන්සින් මැඩම් බෙල්ල වටේට සාටකේ දාලා තෑග්ග අතට දුන්නා.. ඊටපස්සේ අනික් දෙන්නත් එක්ක ෆොටෝ එක්කට ඉදලා අකීල් ස්ටේජ් එකෙන් බැහැලා අපි ලගට ආවා..

දැන් නම් මහින්ද මාත්තයා වගේමයි..

මිලාන් කියනකන් මට ඒක මීටර් උන්නෑ.. මේ පාර සාටකේ මේරූන් පාටයි.. නියම කුරහන් සාටකේ වගේ..

ට්‍රීට් දීපන්..

ඒ ගිමයි යසායි.. නියෙමෙට කැපෙන ජෝඩුව.. කන්න දෙනවානම් ඕන කුනු ගොඩක්..

හැම එකටම ට්‍රීට් ඉල්ලන්න එපා බම්ලෝ..

තරුවා දුන්නා යසාගේ ඔලුවට පාරක්.. අකීල් නම් හිනා වෙනවා.. හිනා වෙලා ඉවර උන අකීල් මගේ පැත්තට හැරිලා,

ඔන්න මං සුදූ කියපු විදියටම සාටකේ අරන් ආවා.. දැන් මට මොනාද දෙන්නේ..

සාටකේ මගේ බෙල්ලට දාන ගමන් ඇහුවා.. අපේ උන්ට ශිවන්‍යා ආවේස වෙලා වගේ..

ඒක වෙලාව ආවම දෙන්නම්..

*************************************

ඉශූ ආවා ඒයි..

අන්න අකීල් අවුරුදු කුමාරයා උනා හලෝ..

නෙතුෂත් මොනාදෝ වෙලාව ආවම දෙන්නම් කියන්නේ..

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

මේ වගේ බොකේ එකක්ලු නෙතුෂට හම්බුනේ..

Lilies : These beautiful flowers are symbols of pure and everlasting love

මේ තියෙන්නේ රින්ග්ස්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!