Chapter 18 of 23

දහසයවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]1,948 words~10 min read

මා සුදා මගේ සුදා..

අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ පටන්ගත්තේ අද.. නිවාඩුව කිව්වට ඉතින් සතියයි.. උදේ ඩියුටි ඉවර වෙලා ආර්ට් එකට යද්දී සින්දුවකුත් කියාන මගේ කරේ එල්ලුනේ වෙන මොකාවත් නෙවෙයි දුකට සැපට ඉන්න යසා..

බෙල්ලේ එල්ලෙන්න එපා ඕයි.. බෙල්ලේ අමාරුවෙන් ඉන්නේ..

අඩෝ සොරි බං.. ගොඩක් රිදෙනවද..

හම්ම්.. වෙනසක් පේනවද..

එහෙ... අඩෝ ටේප් කරන්න තරන් අමාරුද..

ටේප් එක පේනවද..

එකපාරට නෑ ඒත් ටිකක් හොදට බැලුවොත් පේනවා..

බෙල්ලේ අමාරුව ගැන කියනවානම් අපේ නංගි තමයි හේතුව.. හිටපු ගමන් සහෝදර ප්‍රේමේ වැඩි වෙනවානේ.. අපේ අම්මා නම් හරි බයයි අපි දෙන්නගේ ඔන්න ඕක වැඩි වෙනවට මොකවත් හින්දා නෙවෙයි ඊලඟට පටන්ගන්න ඊශ්‍රායල පලස්තීන යුද්දෙට බයේ.. මේකත් ඒ වගේ තමා.. අපේ එකීට පිගී බැක් යන්න ඕනේ කියලා අප්පච්චිට කිව්වම මං ස්වකැමැත්තෙන්ම ඌව එක්කන් ගියා දවස් දෙකක්.. මේකි ඊට පහුවදත් ඇවිත් නොකියම කරට පැන්නා.. එකපාරටම උන නිසා මාත් පිටිපස්සට නැවුනා.. නැවුන පාර යන්තන් කොන්ද බේරිලා බෙල්ල උලුක්කු උනා.. අප්පච්චිට කියලා ශෝට් වේව් පාරක් දාගත්තට තාම රිදෙන නිසා කේටේප් එක්කුත් ගහගෙන අද ඉස්කෝලේ ආවේ..

අඩෝ මං පෙනෙයි කියලමයි අප්පච්චිට කියලා ස්කින් කලර් එකෙන්ම ටේප් කරගත්තේ.. අකී දැක්කොත් ඉවරයි..

ඇයි උබ කිව්වේ නෑ..

නෑ බං.. ලොකු දෙයක් නෙවෙයි නේ..

ඒක ඉතින් උබේ මිනිහත් එක්ක බලාගනින්.. මේ ඒක නෙවෙයි දැන් අපි දහතුනේ නේද බං..

ඉක්මනට කාලේ ගිහින්නේ..

රෙද්දේ කාලේ.. මුං එක ලග එක්සෑම් තිබ්බා බං..

යසා නහයෙන් පිබ පිබ කියද්දී මට හිනා ගියා..

හවසට මීටින් එකක් ගන්නවා කීවද බං ප්‍රිෆෙක්ට්ලට..

දන්නෑ.. එහෙම එකක් එහෙන් මෙහෙන් ඇහුනා.. අනවුන්ස් කරයිනේ..

හම්ම්.. යමන් දැන් ක්ලාස් එකට.. පටන්ගන්න දවසේවත් ලමයි දහයක් හිටියොත් ඇති..

යාසාගේ පිටට තට්ටුවකුත් දාගෙන මං අපේ ක්ලාස් එකට රිංගගත්ත..

.

.

.

.

This announcement is for the all the prefects and who have been selected for the next headboard.. Gather in the 13C2 class for a short meeting.. Thank you..

දෙයියනේ කියලා දවසම ඉගෙනගත්තා.. අන්තිම පීරියඩ් දෙක ජිට් වෙද්දී අයිටී ලැබ් එකට වෙලා නිදිකිරන්න කියලා මුල්ලක් අල්ලගන්න දුවද්දී ලිස්ට් එකේ ඉන්න සෙට් එකටයි ප්‍රිෆෙක්ට්ලටයි මීටින් එක්කට එන්න කියද්දී අතේ තිබ්බ රෙකෝඩ් බුක් එක පන්තියේ එකෙක්ගේ ඇගේ ගහලා උඩට ගියා.. මං යද්දී කවුරුත් නෑ කියලා හිතුවට මහීලා ඉස්කෝලේ ඇවිත්..

ආ බොසා.. වරෙන් වරෙන්..

උබලා හතරදෙනා විතරද අද..

ඔව් බං.. අපි ආවෙත් පටන්ගත්ත දවස නිසා..

අනික් අය එනකන් මං අකීල්ලා ලගින් වාඩිඋනා.. මේ මොකද අපේ එක්කෙනා මං දිහා අමුතු විදියට බලන්නේ.. අකීල් මොනාහරි අහන්න යද්දීම යසා ක්ලාස් එකට ආවා..

ඔහේට මොනවැයි තිබ්බේ..

ජිට්..

සැක් මට හෙල බස තිබ්බේ.. වෙලාවට එන්න කිව්වේ.. නැත්තන් තවටිකකින් වනජීවී එකෙන් මාව කුදලන් යනවා..

ඒ අහවල් එක්කටද..

සැලළිහිණියෙක්ගේ බෙල්ල මිරිකුවා කියලා..

අනේ බම්ලෝ..

මං ලග හිටපු එකාටත් ගහන ගමන් හිනා උනා.. ඇතිවෙන්න හිනාවෙලා එහාපැත්ත බලද්දී තමයි වැලලෙන්න හිතුනේ.. අකීල් මගේ දිහා ස්මයිල් ඉන් පේන් ලුක් එක්කින් බලන් ඉන්නවා..

ඇයි ඒයි ඔහොම බලන්නේ.. මගේ හිනාව එච්චරකට හරිනැද්ද..

හිනාව නම් අවුලක් නෑ සුදූ ඒත් ඔය හිනාවෙනගමන් ලග ඉන්න එකාට ගහන පුරුද්ද නම් අතෑරගන්න හොදේ..

අනේ පැංචෝ.. මේ පුරුද්ද නම් සාපයක්.. ප්‍රිෆෙක්ට්ලා අත් දිගට ශර්ට් එක ඇන්දට අනික් ලමයි අත් කොටටනේ අදින්නේ.. මගෙන් වැදුන පාරවල් වලට අකීල්ගේ අත රතුවෙලා ඇගිලි පාරත් හිටලද මන්දා..

අනේ සොරි අකී.. රිදෙනවාද..

අවුලක් නෑ ශේප්..

අකීල්ගේ රතු උන අත අතගාද්දී අනික් ප්‍රිෆෙක්ට්ලත් ක්ලාස් එකට ඇවිත් වාඩි උනා.. ටිකකින් හෙඩ් බෝඩ් එකත් ඇවිත් ඉස්සරහින් වාඩි උනාම මහීලා යන්න නැගිට්ටා..

මල්ලී කොහෙද යන්නේ..

එලියට.. ඔයාලට දැන් මීටින් එකක්නේ..

අනේ මෙන්න මෙහෙන් වාඩිවෙයන්.. ඉස්කෝලේ ඉන්නකන් යසාරලා අස්සේ ඉන්න උබලා ඩියුටි බුක් එකේ සයින් එක විතරනේ නොදාන්නේ..

යන්න නැගිටපු මහීලට HP අයියා මෙන්න මෙහෙන් හිටපන් කිව්වම ආයෙත් හිටපු තැන්වලින් වාඩි උනා.. ඊටපස්සේ සුපුරුදු විදියට මීටින් එක පටන්ගෙන මහතැන් ටික බණ කියන්න ගත්තා.. ඒක ඉවර වෙනකන් මායි යසයි මැද්දේ හිටපු තරුවට හේත්තුවක් දාගෙන හිටියා.. නින්ද යනවා සගෝර්..

හරි ලමයි.. මං හිතන්නේ හැමෝම දකින්න ඇති ඊලග හෙඩ් බෝඩ් එකට තෝරගත්ත අයගේ නම් නෝටිස් බෝඩ් එකේ දාලා තියෙනවා.. එයාලගේ බැජින් සෙරමනි එක නොවැම්බර් වල තියනවා..

මොන උට්ටක්ද.. කල් වැඩී යකෝ.. එක්සෑම් එකට මාසයක් තියලා අහවල් එකක් කරන්න හදනවද..

ඒක අහපු ගමන් කට්ටිය කුටු කුටු ගාන්න ගත්ත නිසා,

හා හා කලබල වෙන්න එපා.. එක්සෑම් ඉවර වෙනකන් උබලට වගකීම් භාර දෙන්නෑ.. හොදට එක්සෑම් කරගන්න ඔක්කොටම කලින්..

බෝඩ් එකේ ඉන්නේ කවුද කියලා දන්නවා උනාට එයාලගේ පොසිශන්ස් දන්නෑ නේ.. අපි අදාල පොසිශන්ස් වලට නේම් ටැග්ස් හදාගෙන ආවා.. දැන් නම් කියද්දී නැගිටලා ඉස්සරහට එන්න..

හෙඩා එහෙම කියලා නේම් ටැග් ටිකත් අරන් නැගිට්ටා.. ඩිපියුටියා නම් කියවද්දී එක එකා ඉස්සරහට ගිහින් ටැග් එකත් අතට අරන් පේලියට හිටගත්තා.. තව ඉතුරු මුල්ම පුටු හතර විතරයි..

ඩිපියුටි ගේම්ස් කැප්ටන් යසාර..

හනේ මයේ එකා..

ගේම්ස් කැප්ටන් බිනර..

හම්මට අපේ ඉස්කෝලේ ඊලඟට වෙන්න ඉන්න රගර් කැපා.. ඌත් එක්ක බලද්දී නම් මයේ එකා හාල්මැස්සෙක් වගේ..

දැන් ඉතුරු මායි මේ පාර මාත් එක්ක ස්පෝර්ට් මීට් එකේ හිටපු කැඩෙට් සාජන් නිසලුයි..

ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් නිසල්..

සෝ නෙතුෂ මල්ලී You are the next head prefect of the college..

මමයි නිසලුයි ගිහින් අපි දෙන්නගේ නේම් ටැග් දෙකත් අරන් අපිට ඉතුරු කරලා තිබුණු ඉඩෙන් හිටගත්තා..

හොදයි.. මේ ඉන්නේ අපි දැනට තෝරගත්ත හෙඩ් බෝඩ් එක.. හොදට මතක තියාගන්න මෙයාලගේ හැසිරීම මත නොවැම්බර් වෙනකන් තියෙන ප්‍රොබේශන් පීරියඩ් එකේදි පොසිශන්ස් වෙනස් වෙන්න පුලුවන්.. මොනදේ මොන විදියට උනත් මෙතන ඉන්න හැමෝම මෙයාලට ඔයාලගේ උපරිම සහයෝගය දෙන්න ඕන.. තේරුනාද..

ඔව් අයියේ..

එහෙනම් අදට මීටින් එක ඉවරයි.. තව විනාඩි විස්සක් තියෙනවානේ ඉස්කෝලේ අරින්න.. බිස්කට් වගයක් තියේ ඒවා කාලා කෙලින්ම ඩියුටි පලයල්ලා.. දැන් ආයෙත් ක්ලාසස් වලට යන්න ඕන්නෑ..

ඔන්න බලාපල්ලා ආදර්සමත් සිස්ස නායක උත්තමයෝ..

මහීෂ මල්ලි ඔයාලත් එන්න..

මහීලත් ඇවිත් අපි ලගින් වාඩිඋනා..

කන්ග්‍රෑට්ස් සුදූ..

තෑන්ක්ස්.. හැබැයි එහෙන් මෙහෙන් මිරිකන්න එන්න් එපා..

මං ලගින් වාඩි උන අකීල් ශේපට මගේ ඉනෙන් අල්ලන ගමන් විශ් කරද්දී ඊලඟ පියවර ක්‍රියාත්මක වෙන්න කලින් චිටිස් ගලා එයාගේ අතට පාරක් ගැහුවා..

ආව් සුදූ..

එන්න එපා එහෙන් මෙහෙන් මිරිකන්න.. ඕනවට වැඩී දැන්..

ඉතින් අනේ මගේනේ..

කවුද අයිතිය දුන්නේ..

දුන්න කෙනා ගැන කියන්න නම් පුලුවන්.. යන්ද අර පැත්තට චුට්ටක්..

මේකගේ මූණේ තියෙන පැණි පාට.. දැන් නම් ම්ගේ කම්මුල් වලට ලේ පිරෙනවා දැනෙනවා.. අම්මීඊඊඊඊඊඊඊඊ..

මේ ඒක නෙවෙයි බෙල්ලට මොකද උනේ..

හරියට හරි බඩු සෙට්..

ඇයි මොනා වෙලාද..

මං කිව්වේ අකීල්ගේ ඇස් මගාරින ගමන්..

මාව තම්බන්න ඔයාගේ ලුනු ගොරක මදි සුදූ.. මොකද උනේ කියන්න..

නංගි බෙල්ලේ එල්ලුනා අකී..

අනේ අම්මපා මේ අයියගෙයි නංගිගෙයි පුදුම විසයක් තියෙන්නේ..

එයා මටයි නංගිටයි බනින ගමන් මට ටොක්කකුත් ඇනලා ලගට ආපු බිස්කට් පැකට් එකෙන් බිස්කට් එකක් කටේ දාගත්තා..

.

.

.

.

.

අම්මේ.. අම්මගේ අයියා බබා ගෙදර ආවෝ..

හවස මීටින් එක ඉවරයි කිව්වට ෆාදරටයි අනික් වගකිවයුතු නිළධාරි මණ්ඩලේටයි කතාකරන්න ඕනේ කියලා ආයෙත් මීටින් එකක් තිබ්බා.. ඒක ඉවර වෙද්දී තුනහමාරයි.. ඊටපස්සේ ඉතින් යසා එක්ක මාලිගාවටත් ගිහින් නිදහසේ වැදලා kcc එකටත් ගිහින් ටවුන් එකේ පොඩි රවුමකුත් ගහලා යන්තන් පහේ බස් එකේ එල්ලිලා ගෙදර එද්දී හයයි..

මට අයියලා නෑ.. අක්කලා විතරයි ඉන්නේ..

ඒකට නම් මෙතන රිදුනා..

බොරුවට නටන්නැතුව ගිහින් වොෂ්‍ එකක් දාගෙන ඇවිත් පහන තියන්න..

මං ගෙට ගොඩ වෙද්දී වෙනදා වගේම අපේ අම්මා සාලේ මැද්දේ බිම ඉදගෙන නංගිට හෝම්වර්ක් කරවන ගමන් හිටයේ.. අප්පච්චි නම් පේන්න නෑ, ජිම් එකේද දන්නෑ.. තාම දහාටාගේ කොල්ලා වගේනේ ඉන්නේ..

.

.

.

.

මං හිටියේ රෑට කාලා නංගිත් එක්ක එයාගේ මැත්ස් ෆෙයාර් එකට ඕන කිව්ව පෝස්ටර් එකක් හදන ගමන්.. මුලු සාලෙම ඉවරයි මාර්කස් ඩිමයි කාර්ඩ්බෝඩ් වනලා.. අම්මයි අප්පච්චි ඇනී අම්මයි ටීවී බලනවා.. ඒ තුන්දෙනා කෝක නැතත් ටෙලි පෙරහැර නම් මිස් කරන්නෑ..

අයියා..

ඕ අප්පච්චි..

ඇයි අද පරක්කු උනේ..

නෙක්ස්ට් හෙඩ් බෝඩ් එකට මීටින් එකක් තිබ්බා අප්පච්චි.. ඒක ඉවරවෙලා මායි යසායි මාලිගාවට ගියා..

ඔය මහත්තුරු දෙන්නට මොකද එකපාරටම පින් කරන්න හිතුනේ..

එහෙම නෙවෙයි අම්මා.. ඉන්නකෝ ටිකක්..

බිම බඩගාගෙන නංගිගේ පෝස්ටර් එකේ ලියනගමන් හිටපු මම ඉතුරුවා එයාට ලියන්න කියලා දුවලා ගියේ රූම් එකට.. මගේ කණ්නාඩි මේසේ එහාපැත්තෙන් ඇතුලේ වෙල්වට් ස්පොන්ජ් එකකුයි වීදුරු පියනකුයි තියෙන පොඩි ලී පෙට්ටියක් එල්ලලා තියෙනවා.. පොඩි කිව්වට පොඩිමත් නෑ.. ඒකේ තියෙන්නේ ඉස්කෝලේ ගියපු අවුරුදු ගානටම හිටපු එක එක සමිති සමාගම් අනන්මනන් වලින් හම්බුන බැජ්.. එතනම එහාපැත්තේ අපේ ගෙදර සම්මාන විතරයි සීන් එකේ තියෙන කබඩ් එකක් තියෙනවා..

මං අර ලී පෙට්ටිය ඇරලා ඇතුල් පැත්තේ ඇණේක එල්ලලා තිබ්බ අද හම්බුන නේම් ටැග් එක ගත්තා.. ඊට පිටිපස්සෙන් එක එක ක්ලබ් වල නේම් ටැග්ස් එල්ලලා තියෙනවා.. ටැග් එකත් අරන් මං ආයෙත් සාලෙට ගිහින් අම්මා අතින් ටැග් එක තිබ්බා..

අයියා බබා..

මෙතන දැන් ඉන්නේ නිකම්ම අයියා බබා නෙවෙයි ඉස්කෝලේ ඊලඟ හෙඩ් බෝයි..

උබ මොන බෝයි උනත් වැඩක් නෑ එක්සෑම් හරියට කරගන්න ඕන..

හරි හරි අප්පච්චි..

දැන් කොයි කාලෙද මේ පට්ටම හම්බෙන්නේ..

නොවැම්බර් බැජින් සෙරමනි එක.. ඒ උනාට එක්සෑම් ඉවර වෙනකන් අයියලා ඩියුටි බලලා දෙන්නම් කිව්වා..

ඕකට හෙන චාරිත්‍ර ගොඩක් තියෙනවා නේද කරන්න..

ඔව් අප්පා.. ලබන මාසේ ඉදලා මස් මාලු නොකා බැජ් එක හම්බෙනකන් පේ වෙන්න ඕන කිව්වා.. තව මාලිගාවට වෙන බාරෙයි චර්ච් එකෙන් මාසෙකට සැරයක් ආශිර්වාද පූජාවකුත් තියේ.. ආ තව අස්ගිරියේ පන්සලෙන් පිරිතකුත් කියවනවා..

අපේ ඉස්කෝලේ හෙඩ් බෝඩ් එක වෙනවා කියන එක නිකන් නැටුම් කරන ලමයින්ට වෙස් තියනවා වගේ.. භාරගත්තා වගේ නෙවෙයි පට්ට කට්ටක් කන්න ඕනේ..

සතියක් නොදැනිම ගෙවිලා ගිහින්.. විශේෂ දේකට කියලා ඉතින් උනේ ලබන සතියෙන් පටන්ගන්න අලුත් මාසේ ඉදලා අපි පේ වෙන්න ඕන එකට ලෑස්ති උන එක.. ලෑස්ති උනා කියන්නේ ඉතින් ඒක පටන්ගන්න අපි එදා උදේ දළදා තේවාවට සහභාගී වෙලා බාර වෙනන්න ඕන..

අපේ සෙට් එකත් එක්ක ලොකුවට බජනෙට යන්නත් බැරි උනා.. අද සිකුරාදා.. මං මේ ඉන්ටවල් එකට කන්න සෙට් එක එනකන් කැන්ටින් එකෙන් වාඩිවෙලා ඉන්නවා.. ඔය එන්නේ මතක්කරනකොටම..

ගොඩක් වෙලාද ඇවිත්..

නෑ.. ඉක්කමනට කමුකෝ මට බඩගිනී..

කට්ටිය වාඩිවෙද්දී අකීල් මං ලගින් වාඩි උනා.. විනාඩි දහයක් ගියේ නෑ කෑම ටික වාස්ප වෙලා ගියා..

මේ කට්ටිය හෙට එන්න එහෙනම් හොදේ..

කොහේ..

ඇයි සුදූ මං කිව්වේ අපි අලුත් ගෙදරට යනවා කියලා..

අකීල්ලා මෙච්චරකල් හිටියේ එයාලගේ හොටෙල් එක්ක.. අංකල් ලොකුවට නුවර රැදෙන්නැති නිසායි අකීල් තනියෙන් නිසයි එහෙම හිටියේ.. ඒ උනාට අකීල් මේ පාර එක්සෑම් කරන නිසා අංකල් බිස්නස් වැඩ ටිකත් ඔක්කොම අකුලන් නුවරට මංගච්චන්නලුනේ යන්නේ.. හෙට එයාලා ගත්ත අලුත් ගෙදර යනවලු.. ඉතින් රෑට පොඩි පාර්ටියක් තියෙනවා ඒකට එන්න කියලා තමා ඔය කියන්නේ..

අනේ අකී මං ඔයාට කියන්න හිටියේ වෙලාවක් සෙට් උන්නෑ නේ..

මොකද්ද සුදූ..

අපේ අප්පච්චිගේ යාලුවෙක්ගේ මොකද්ද ලබ්බේ පාර්ටි එකක්ලු හෙට.. ෆැමිලි එකටම එන්න කියලා.. මං බෑ කිව්වම සිහිනැති කරලා හරි අරන් යනවා කිව්වා..

මං තොල් දෙකත් පවුට් කරගෙන අකීල්ගේ ඇගට හේත්තුවෙන ගමන් කිව්වා.. මෙන්න මේකා හිනා වෙනවා.. පොතේ හැටියට මූණ ඔහොක් කරගන්න එක නෙවෙයිද වෙන්න ඕනේ..

ඒකට කමක්නෑ සුදූ.. අංකල් එක්ක ආගිව් කරන්න එපා.. හෙට බැරි උනොත් අපි හැමෝම වෙන දවසක සෙට් වෙමු..

.

.

.

අම්මේ මගේ සුදු හාෆ් සොක් එකක් නෑ..

ඩ්‍රෝවර් එකේ බලන්න ලමයෝ..

ඒකේ නෑ..

මං කෑගැහුවේ ආයෙත් ඩ්‍රෝවර් එක ලගට යන ගමන්.. මේ සෙනසුරාදා හවස, අප්පච්චි මාව සිහි නැති කරලා හරි අරන් යනවා කියපු පාර්ටි එකට යන්න ලෑස්ති වෙන ගමන්.. ඊයේ හවස ලිට් ක්ලාස් ගිහින් ආයෙත් උදේම නැගිටලා මියුසික් ක්ලාස් ගිහින් පීස් එක ප්‍රැක්ටිස් මදි කියලා ඇගිලි රතුවෙන්න ගුටියකුත් කාලා මලම පැනලා ගෙදර ආවම මේ මගුලක යන්න ලෑස්ති වෙන්න කිව්වම මට නැග්ගා ඉතින්.. මුකුත් නෙවෙයි ප්‍රෙසර්.. ඒ අස්සේ ලබ්බේ මේස් එකක් මිසින්..

හැබැයි මං ඇවිත් හොයලා දුන්...

ආ හම්බුනා..

වෙලාවට හම්බුනේ.. නැත්තන් පාර්ටි එකට යන්න කලින්ම බඩ පුරෝගන්නවා.. මං කලු පැච්ඩ් ඩෙනිම් කලිසමට සුදු හයිනෙක් ලෝන්ග් ස්ලීව් එකක් ඇදලා ඊට උඩින් කලු ඩෙනිම් ජැකට් එකක් ඇදලා සුදු පාටම ස්නිකර්ස් දෙකක් දාගත්තා.. කොන්ඩෙත් පොඩ්ඩක් උඩට කරලා පර්ෆියුම් එකත් ඇගට හලාගෙන කණ්නාඩිය ඉස්සරහ පොඩි වටයක් කැරකුනේ අඩුපාඩුවක් තියේද බලන්න.. මොන වෙඩිමේ ගියත් පිලිවෙලට යන්න එපෑ.. සැක් මොනාහරි අඩුයි වගේනේ.. හුටා ස්පෙක්ස්.. ඕක නැතුව ගිහින් ටික වෙලාවකින් රුයිතෙට තමා යන්න වෙන්නේ.. ආආආආ.. ඔය ඉන්නේ හැන්ඩියා වගේ..

අයියා එන්ඩෝ..

අම්මා සාලේ ඉදලා අඩගහද්දී තවපාරක් කණ්නාඩියෙන් මූණ බලලා මාත් ගිහින් කාර් එකට නැග්ගා.. අප්පච්චි කාර් එක පාරට දැම්මට පැත්ත වැරදිනේ.. අපි අනික් පැත්තට නෙවෙයිද යන්න ඕනේ.. අන්න හැරෙව්වා පන්සල පාරට.. මේ කොයි යන්නේ..

අප්පච්චි.. මේ කොහෙද යන්නේ..

පාර්ටියට..

මේ ලගද යාලුවා ඉන්නේ..

හම්ම්.. අපි ආවා..

පන්සල පාරට දාලා එක වංගුවයි අපි ඇවිල්ලා.. වංගුව පහුවෙනවත් එක්කම හම්බෙන තට්ටු දෙකේ ලොකු ගෙදර රෝලර් ගේට් එක ඉස්සරහ අප්පච්චි කාර් එක්  නවත්තලා හෝන් එකක් ගැහුවා.. ටිකකින් ගේට් එක ඇරුනම කාර් එක ඇතුලට දැම්මම මං දැක්කේ ඇසට හුරු කවදාවත් දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරපු දර්ශනයක්..

වෙන්න බෑ.. මේක නම් කීයටවත් වෙන්න බෑ.. එයාලා කොහොමද මට මෙහෙම කරන්නේ..

*************************************

ඉශූ ආවා ඒයි..

කවුද නෙතුවට මොකද කරේ.. අනුමාන කර දොර දෙකේ වොශින් මැශිමක් දිනාගන්න..

මේ මාසෙට දෙකක් අරන් ආවා..(මේක කොටයි කියන්න නම් එපා කොටනවා )

ලෙක්චර් බ්‍රේක් එකක් අස්සේ දඩිබිඩියේ ටයිප් කරපු නිසා අඩුපාඩු බැලුවේ නෑ.. onhold උනාට කතාව වේලෙන්න දෙන්න බෑනේ..

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!