Chapter 19 of 23

දාහත්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]3,038 words~16 min read

වෙන්න බෑ.. මේක නම් කීයටවත් වෙන්න බෑ.. එයාලා කොහොමද මට මෙහෙම කරන්නේ..

කාර් එක නවත්තලා අප්පච්චි බහින්න කියනකන්ම මගේ ඇස් දෙක නැවතිලා තිබ්බේ එයාලා ලග.. ගේට් එකෙන් ඇතුලට එද්දිම තිබ්බේ වාහන හතරපහක් නවත්තන්න පුලුවන් හොදට තනකොල වවපු ගාර්ඩ්න් ඒකක්.. ඒකේ පැත්තකට වෙන්න සුදු පාට සිමෙන්ති මේසයක් එක්ක පුටු ටිකකුයි ඒ පාටම දිග ස්වින්ං චෙයාර් එක්කුයි තිබ්බා.. ඒවා කොහොම උනත් මගේ සිහිය තිබ්බේ එතන වාඩිවෙලා ඉන්න අයගේ වගේම තඩි ජර්මන් ශෙපර්ඩ් බල්ලෙක් එක්ක සෙල්ලම් කරන කොල්ලා ලග.. අප්පච්චි බහින්න කිව්වට බැස්සා මිසක් මට නම් එක විනාඩියක් මෙතන ඉන්න ඕන උන්නෑ..

අඩෝ බොක්ක.. කොහොමද සර්පයිස් එක..

මං කාර් එකෙන් බැස්ස ගමන් බල්ලත් එක්ක සෙල්ලන් කර කර හිටපු කොල්ලා මං දිහා බලලා හෙන කින්ඩියට හිනා උනා.. අප්පච්චිලත් එයාගේ යාලුවා ලගට ගිහින්.. එතන අතන හිටපු කට්ටියගෙත් ෆැමිලිස් වල කට්ටිය හිටියා.. එයාලා මං දිහා බලාන හිටියේ හරි ලස්සන් හිනාවක් එක්ක.. ඒත් මට නම් දැනුනේ මුලු ලෝකෙම එකතුවෙලා මාව රැවැට්ටුවා වගෙ ෆීලින් එකක්..

ඔයාලට මාව විහිලුවක්ද..

පුතා මොකද මේ..

මං හිතන්නේ මගේ වොයිස් එක සෑහෙන්න සද්දේ වැඩි උනා.. ඒකටම හරියන්න අප්පච්චිත් පොඩි සද්දයක් දැම්මා..

ඇයි මට මෙහෙම කරන්නේ.. ඔයාලා හිතන් ඉන්නේ මං හෙන චිල් එකේ ඉන්නවා කියලද.. ශිට් මට එක තප්පරයක් මෙතන ඉන්න ඕන්නෑ.. අප්පච්චි මට කී එක දෙන්න ඔයාලා ගෙදර එන වෙලාව කියන්න මං එන්නම් එක්ක යන්න.. I'm sorry uncle for my behavior..

පුතා ඒත්...

කොල්ලට යන්න දෙන්න රජී..

සුරේ ඒ... hmm okay..

අප්පච්චි කී එක දුන්නම මං කාර් එක කෙලින්ම ගේට් එකෙන් එලියට දාලා ගෙවල් පැත්තට එද්දී සයිඩ් මිරර් එකෙන් දැක්කා අතන හිටපු කොල්ලෝ ටික ගේට් එක ලගට වෙලා බලන් ඉන්නවා.. කෙලින්ම ගෙදර ආපු මම දොරවත් ලොක් කරන්නැතුව ස්පෙක්ස් දෙකත් කොෆි ටේබල් එක උඩට විසිකරලා සෝෆා එක ලග තිබ්බ බීන් බෑග් එක උඩට වැටුනා.. ඔලුවත් පස්සට කරගෙන ඇස් දෙකත් පියාන මේ දවස් ටිකේම මට උන දේවල් ආයෙත් මතක් කරන්න ගත්තා..

සදුදා හෙඩ් බෝඩ් මීටින් එකෙන් පස්සේ එච්චර හොදයි කියන්න පුලුවන් දවස් ටිකක් නෙවෙයි තිබ්බේ.. අගහරුවාදා මගේ ඩිග්‍රි එකේ එක්සෑම් එකක් තිබ්බා.. ඉස්කෝලේ ඉවර වෙලා යුනිෆෝම් පිටින්ම ගිහින් ඒකත් ලියලා ආවා.. මුකුත් බලන්නෙවත් නැතුව ගිහින් ලියලා ආවට ෆේල් වෙන්නෑ කියලා දන්නවා.. ඒත් වෙනදා තරම් ග්‍රේඩ් එකක් ශුවර් නෑ.. ඒක ගැන හිත හිත ගෙදර ඇවිල්ලා මේල්ස් චෙක් කරද්දී කරපු ඇසෙස්මන්ට් එකක් රිපීට් වැටිලා කියලා මේල් එකක්.. ඒක නම් කීයටවත් වෙන්න බෑ.. අන්තිමට රෑට හරිහමන් නින්දකුත් පහුවෙනිදා උදේම කැම්පස් එකට රිංගලා එහෙම උනේ කොහොමද බැලුවම කොපි කරපු සීන් එකක්.. බලන් ගියාම අපිත් එක්කම හිටපු එකෙක් නෙවෙයි එකියක් මං එහෙමෙහෙ වෙනකන් ඉදලා මගේ එක උස්සලා.. අපි සෙට් වෙලානේ ඔය වැඩ කරන්නේ.. අන්තිමට ඒකිවත් ගෙන්නලා තොරතුරු හොයාගත්ත සයිට් ඇහුවම කට උත්තර නෑ.. නොදකින් මෙහෙමත් ගෑනු.. ඒ හුටපටේ ඉවර කරලා හවස ඉස්කෝලේට ගියාම අර පේ වෙන සීන් එකට ඕන කරන වැඩ වලට ටවුන් එකේ එහෙට මෙහෙට දුවන්න උනා.. බ්‍රහස්පතින්දා ඉස්කෝලේ ගියාම ඊලඟ සතියේ සිකුරාදා පේරන්ට්ස් මීටින් කියලා තඩි ලකුණු පොතකුයි ෆයිල් වගේකුයි ක්ලාස් ටීචර් ඇගේ ගැහුවා.. ඊටපස්සේ උගන්නන එන එන එකා පේරන්ට්ස් මීටින් නේද, ඉන්නකෝ ලමයින්ගේ හැටි කියන්න, යැයි යැයි යැයි.. දවසම කන් ගොඩ කරලා වගේ.. ඔය අස්සේ තමා අකීල් ඇවිත් අලුත් ගෙදරට යන සීන් එක කිව්වේ..

එදාටවත් නිදහසේ ඉන්න පුලුවන්නේ කියලා ගෙදර ඇවිත් යන්න ඇහුවම එදාට අප්පච්චිගේ යාලුවෙක්ගේ පාටියක්ය, ෆැමිලි එකටම එන්න කියලය, ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනය, ආවේ නැත්තන් උස්සන් හරි යනවය කියලා හෙන බණක් කිව්වා.. ඒකමයි ඊයේ අකීල් එන්න කිව්වම හිතේ අමාරුවෙන් හරි එන්න වෙන්නෑ කිව්වේ.. හවස ලිට් ක්ලාස් එක ශේප් එකේ ගියාට අද උදේම මියුසික් සර්ගෙන් ගුටි කන්න උන නිසා මලම පැනලා ගෙදර ඇවිත් පාර්ටියට ගියාම වෙන දවසක සෙට් වෙමු කියපු උන් ටික එකතන.. ඉතින් තරහ යන්නැද්ද කියන්නකෝ මේ දවස් ටිකට තිබ්බ ප්‍රෙෂර් එකට..

ඔව්වොව්.. අප්පච්චිගේ යාලුවා වෙන කවුරුත් නෙවෙයි අකීල්ගේ අප්පච්චි, සූරියසිංහ අංකල්.. අර බල්ලත් එක්ක නට නට හිටියේ මගේ යාලුවා කියන එකා, යසාර.. ඉතුරු උගුඩුවෝ ටිකත් හිටියේ වාඩි වෙලා.. මට කොච්චර තරහද කියනවනම් මගේ ඇග ගැහෙනවා.. හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් මං ඇස් දෙකත් පියාන හිටියේ හිතේ තියෙන ප්‍රෙෂර් එක අඩුවෙනකන් කියලා.. ටිකකින් කවුරුහරි ඔලුව අතගානවා දැනුන නිසා මං ඇස්දෙක ඇරියා.. ඇවිත් හිටියේ අකීල්..

තරහද මාත් එක්ක..

ඔයාලට මාව විහිලුවක්ද..

අනේ ඔයාව සප්‍රයිස් කරන්නනේ හැදුවේ..

හැමතිස්සෙම හිනාවෙලා නටලා හැමදේම ගානක් නෑ වගේ හිටියට ඒ දේවල් තමයි මං වැඩිපුරම ගනන් ගන්නේ අකී.. ප්‍රශ්න මුකුත් නෑ වගේ හිටියට මගේ හිත ඇතුලෙත් ප්‍රශ්න කෝටියක් තියෙනවා.. එදා ඔයා ඇවිත් එන්න කිව්වම මං සතුටු උනා අනේ එක දවසක් හරි සැනසීමෙන් ඉන්න පුලුවන්නේ කියලා.. ඒත් ඔයාලා මාව සප්‍රයිස් කරන්න කියලා ඒ සතුට විනාඩි ගානකට සීමා කරා.. ඇයි ඇ...

ඒක කරේ මාව සප්‍රයිස් කරන්න කිව්වම මං හිතන්නේ මගේ හිතේ තිබ්බ පීඩනේ මං වචන කරන්න ගත්තා.. ඒත මැදින් ඇඩ් දාන්න වගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක රිංග් වෙන්න ගත්තම කවුද කියලවත් නොබලා ආන්සර් කරලා කනේ තියාගත්තේ තාමත් මං හිටපු බීන් බෑග් එක ලග දනගහන ඉන්න අකීල්ටත් රවන ගමන්.. ඒකා ඉන්නවා කටත් ඔහොක් කරගෙන..

හෙලෝ..

හෙලෝ මල්ලි බබා.. මං සදුනි අක්කා..

මේ ඔලුව කුරුවල් වෙලා ඉන්න වෙලාවේ සදුනියෙක් කෝල් කරලා මගුලක් කතා කතාකරනවා.. කවුද ඩෝ මේ සදු... හුටා ලොකු අම්මගේ දුව නේද..

ඔව් කියන්න.. මොකක්හරි හදිස්සියක් නෙවෙයි නම් තියන්න.. මොකද මං මේ වෙලාවේ බිසී..

අයියෝ මොකද්ද මල්ලී.. අපි කතා කරාම තමා ඔයාලා බිසී.. ඕවින්දි කතා කරොත් ඕන දෙයක්.. මොකද්ද ඔයාට එයත් එක්ක තියෙන සම්බ...

අනේ මේ ගැනියේ.. මගුලක් කතා නොකර ඕන දේ කියනවා.. නැත්තන් මං ෆෝන් එක තියන්නම්.. ඇයි යකෝ අපිට වෙන වැඩ නැද්ද මේ කොහෙවත් ඉන්න ගෑනු හුරතල් කරන්න..

මං තරහ ගන්න දෙයක් කිව්වේ නෑනේ.. අපි ලබන සතියේ නුවර එනවා මාලිගාවට භාර වෙන්න.. ඒ නි.....

මං කෝල් එක කට් කරා.. එක වයසේ උනාට ලොකු අම්මගේ දුවටයි සුදු අම්මගේ දුවටයි දෙන්නටම පොඩිකාලේ ඉදලම අක්කා කියලා කතා කරාම උන් එනවා කරේ නගින්න.. ඔය ඕවින්දි කියන්නේ සුදු අම්මගේ දුව.. අපි තුදෙනාගෙන් ලොකු එක්කෙනා.. නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉන්න එයාට ඕන දෙයක් කියන්න පුලුවන්.. සදුනි ඒකේ අනික් පැත්ත.. මේ පාර ආවම අර ටොරින්ටන් එකෙන් හොද මල් මල් චීත්තයක් අරන් දෙන්න ඕනේ ලොකු අම්මටත් එක්කම..

දැන්වත් සුදූගේ තරහ නිවුනද..

අනේ මේ මිනිහෝ..

මේ මිනිහටත් ආතල්ද මන්දා.. ශිට් අර වහන්තරාව මගේ ඔලුව තවත් අවුල් කරා..

කාම් ඩවුන් සුදූ.. ආයේ කවදාවත් එහෙම කරන්නෑ.. දැන්වත් ඔය රවන එක නතර කරන්නකෝ.. නැත්තන් මං..

ඇයි නැත්තන් මොනවා කරන්නද..

හැබැයි කරාට පස්සේ දොස් කියන්න බෑ..

මම තව පාරක් හොදට ඇස් කරකවලා රැව්වා.. ඒත් එක්කම මෙච්චර වෙලා බීන් බෑග් එක ලග දනගහන් හිටපු අකීල් අර මට පේන්න බැරි කටකොනේ හිනාවත් දාගෙන මගේ ඔලුව දෙපැත්තෙන් අත තියලා මගේ ඇග උඩට ආවා..

මේ මොකද..

මං කිව්වානේ පස්සේ දොස් කියන්න එපා කියලා..

මෙන්න ඒපාර මූණට පාත්වෙනවා.. අනේ මයේ කුලුදුල් ෆස්ට්කිස් එකට ටටා බායි කියන්න වෙයි වගේ.. අම්මේඒඒඒඒඒඒ.. මගේ මිනිහා ගෙදර කවුරුත් නැති වෙලාවේ මට අතවර කරන්න හදනවා..

ලගින් ලගින් පේන අකීල්ගේ ඇස් දිහා මං බලන් හිටියේ මුකුත් කියාගන්න බැරුව.. ඇත්තටම කිව්වොත් ඒ ඇස් වල බැල්මට මාව නිකන් මත් වෙලා වගේ.. එලියේ හෙමීට පොද වැස්සකුත් යනවා ලාවට ඇහෙනවා.. ඒත් මගේ තොල් වලට දැනෙන එයාගෙ උණුසුම් හුස්මත් එක්ක මට වටපිටාවේ වෙන දේවල් හරියට ගව් ගානක් දුරින් වෙනවා වගේ.. ඒ මත් උන ඇස්.. අකීල් තව තව ලන්වෙද්දී මගේ ඇස් ඉබේම පිය උනා..

ආදරෙයි සුදූ..

මගේ කන් දෙක අගුලු වැටෙන්න කලින් එයාගෙන් ඇහුන අනතිම වචන උනේ ඒ ටික.. ඊලඟට මට දැනුනේ මගේ තොල් උණුසුම් තොල් දෙකක් අස්සේ හැංගිලා යනවා.. මගේ ඇස් පිය උනා.. අපේ ෆස්ට් කිස් එක.. එයා හරි සීරුවට මුලින්ම මගේ උඩු තොලත් ඊලගට යටි තොලත් සිපගත්තා.. මගේ බඩේ හරියට සමනල්ලු පිරිලා වගේ.. ඒක හරි නුහුරු කිතියක් වගේ දෙයක්ද.. අනේ මන්දා මට කියන්න තේරෙන්නෑ..

කිස් බැක් සුදූ..

තප්පර ගානකට නැවතුන එයා මගේ තොල් අතරෙම මිමිනුවා.. මෙච්චර වෙලා අර අමුතු හැගීම විදින ගමන් හිටපු මම අකීල්ගේ මිමිනුමත් එක්ක කිස් බැක් කරන්න ගත්තා.. කිස් එක ටික ටික ඩීප් වෙද්දී අකීල්ගේ අත් මගේ ඇග වටෙන් ගිහින් මාව බීන් බෑග් එකෙන් කෙලින් කරලා මගේ කකුල් එයාගේ ඉන වටේ දාගත්තා.. මගේ අත් එයාගේ බෙල්ල වටේ පැටලෙද්දී එයා මාවත් උස්සගෙනම සෝෆා එකෙන් වාඩි උනා.. දැන් මං ඉන්නේ එයාගේ ඉන දෙපැත්තෙන් මගේ කකුල් දාගෙන එයාගේ උකුලේ.. අකීල්ගේ අත් මගේ ඩෙනිම් ජැකට් එකට යටින් පිට පුරාම දුවන්වා.. එයාගේ දිව මගේ මුලු කටේම රස බලනවා.. අකීල් තව ටිකක් තදින් මගේ තොල් උරලා අතෑරියා..

හාහ්...

අපි දෙන්නටම හොදටම හති..

චෙරි පාටයි..

අකීල් කෙල වලින් නෑවිලා තිබුණු මගේ තොල් උඩින් ඇගිල්ලක් ගෙනියන ගමන් කිව්වා.. එක පාරට දැනුන කෝල ගතියට මං එයාගේ බෙල්ල අස්සේ මූණ ගහගත්තා..

ඔයා අද බේරුනේ මේ ටී එක නිසා කියලා මතක තියාගන්න සුදූ..

අකීල් මගේ හයිනෙක් එකට රවන ගමන් කියද්දි මට සද්දෙට හිනා ගියා.. කොහොමද මං වෙන ටී එකක් දාන් හිටියා නම්.. සමාජෙට මූන තියා පුපවත් දෙන්න බැරි වෙන්න මූ වැඩේ දෙයි වල් සතා.. රවන් හිටපු එයාගේ තොල් වලට කිස් එකක් දුන්නම ඔන්න ආයෙත් මූනට හිනාවක් ආවා..

දැන්වත් සමාව දෙනවද..

හම්ම්..

අඩෝ අකීල්.. උබලා යහතින්ද.. අපේ එකා උබව මැරුවද.. උත්තර දීපන්..

උත්තර දෙන්න කලින් අපිව ගෙට ගනින් යකෝ.. එලියේ වහිනවා.. තෙමුන්නැති උනාට සීතලයි පගෝ..

අපේ අය නේද ඒ.. උන් මොනාද එලියේ කරන්නේ..

ලොක් කරලා නෑ ඇතුලට වරෙන්..

අකීල් කියද්දි මං එයාගේ උකුලෙන් නැගිටින්න හැදුවත් එයාගේ අත් නම් මගේ ඉන වටෙන් අයින් උන්නෑ.. ඒත් එක්කම අරුන් ටික දොරත් ඇරගෙන ඇතුලට ආවා.. මේ මොකද මුන් ඇස් වහගෙන.. ඇස් වහගෙන නිසා මුං බිත්තිය අතගගා ඉස්සරහට එනවා..

මොකද යකෝ ඔය ඇස් වහන්.. පිස්සුද..

අපිට ඇස් අරින්න පුලුවන් වාතාවරණයක් තියේද මචං.. සුවර්ද අපේ ඇස් දූෂණය වෙන්නැති වෙයි කියලා..

මොනාද බං කියවන්නේ.. ඔය ඔය බලාගෙන අපේ අම්මගෙ වාස් එක යකෝ..

ඉස්සරහින් ආපු තරුවා තව පොඩ්ඩෙන් අම්මගේ වාස් එකත් පෙරලන් බිම..

ඔන්න එහෙනම් ඇස් ඇරියා..

ගිමා කියද්දී අනික් අයත් අත් අයින් කරලා ටික වෙලාවක් ඇසුත් ලොකු කරන් අපි දිහා බලන් ඉදලා හෙන කැරි හිනාවක් දැම්මා.. ඒ පාර මොන මගුලක්ද කියලා මං අපි දිහාම බලද්දී තමයි දැක්කේ මං තාමත් ඉන්නේ අකීල්ගේ උකුලේ, ඒ මදිවට මනුස්සයා දෝතබදලා මගේ ඉනෙන් අල්ලන් ඉන්නවා.. හරීම අගෙයි උත්කෘෂ්ටයි විශිෂ්ටයි..මගේ නම්බුව එලියේ වහින වැස්සත් එක්කම හේදිලා යනවා.. අතිවිශිෂ්ටයි සෑර්..

අපි බොරුවටනේ බං බයවෙලා තියෙන්නේ.. අර ඉන්නේ ගස්සන් පුප්පන් ආපු එකා බබා වගේ..

මං බොග් ගාලා අකීල්ගේ බෙල්ල අස්සේ මූන ඔබා ගත්තා.. එයාට නම් හිනා.. සෙට් එකම ඇවිත් අපි වටේට වාඩි උනා..

හා හා.. උබ පැස්බරා වගේ ඔලුව හංගගත්තට වැඩක් නෑ..

ඊටපස්සේ ඉතින් කොහොමහරි කට්ටියම මට දන්න බටර් වර්ග සේරම ගාලා මදිපාඩුවට සීනිත් දාලා ආයෙත් අකීල්ලගේ ගෙදර එක්ක ගියා..

.

.

.

.

.

අයියා මං කීයටද එන්න ඕනේ..

එහෙ බලලා මෙහෙ බලද්දී සතියක් ගිහින්.. අර කරන්න තිබ්බ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම කරලා අපිව ඊලග ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක කියලා අනවුන්ස් කරා.. එතකොට ඔය අම්මා අහන්නේ අද පේරන්ට්ස් මීටින් එක ගැන.. දෙයියනේ අද තමයි දවස.. තාම අවසාන් කැමැත්තවත් ලිව්වේ නෑ..

දොලාහමාරට පටන්ගන්නේ.. මුලු ඒලෙවල් සෙක්ශන් එකටම එකවර කතා කරන්න ඕනේ කිව්වේ..

හරි මං එන්නම්.. ඔයා ඩියුටිද පුතා..

ඔව්.. ඒ උනාට මං එන්න බලන්නම් ගේට් එක ලගට.. මං යනවා බුදුසරණයි..

කාර් එකෙන් බැස්ස මම ඉක්මනට ගේට් එකෙන් ඇතුලට ගියා..

.

.

.

අඩෝ මේ පාර නම් මගේ බත් කාඩ් එක කැපෙනවා මචං..

මහ මීටිම ඉවර වෙලා දැන් පැය බාගයක් විතර.. අම්මලා තාත්තලා සබ්ජෙක්ට්ස් වලට අදාල ගුරුවරු හම්බෙන්න අපේ ක්ලාසස් පැත්තට යද්දී ඉස්කෝලේ ඇරෙන වෙලාව.. මං ගේට් ඩියුටි එද්දී යසත් මගේ පස්සෙන්ම එල්ලිලා ඇවිත් මගේ එහාපැත්තෙන් හිටගෙන කුනු කුනු ගාන්න ගත්තා..

දැන් මොකද්ද ප්‍රශ්නේ..

මං ඇහුවේ පෝලිමෙන් පිට පැන්න මල්ලිල දෙතුදෙනෙක්ට පොඩ්ඩ්ක් ඔරවලා බලන ගමන්.. මුන් හරක් වගේ යන්නයි අපි බැනුම් අහන්නයි දෙකක් බෑනේ..

අනේ බං උබ දන්නවා මං අපේ අම්මටත් පාට් එකක් දාලා ජපන් කරන්න ගත්තේ.. කලින් ඒවා කෙසේවෙතත් අන්තිමට තිබ්බ එකට යන්තමට එස් එකක් තියෙන්නේ.. අප්පච්චිත් ගෙදර නෑ.. අඩුම අයියත් නෑ.. මාව එල්ලයි සගෝර්..

උබට විතරක් නෙවෙයි ඕයි මටත් ඔය සෙතේම තමයි ලිට් එකේ ලකුණු දැක්කම.. හැබැයි මෙහෙමයි..

කොහොමද..

උබ දන්නවනේ ගෙදර ගියපු ගමන් හැමදේම ගිරවා වගේ ගෙදර මිනිස්සුන්ට කියන පුරුද්දක් මට තියෙනවා කියලා.. සෝ...

අඩෝ බල්ලා.. තෝ කියන්නේ කලින්ම ලකුණු ගැන කියලා තියෙන්නේ කියලද..

ඕ යෑස්..

ඊටපස්සේ ඉතින් මූනත් ඔහෙක් කරන් ඉන්න යසාත් එක්කම ඩියුටි ඉවර කරලා ඩාන්සින් රූම් එකේ ඇරේන්ජ් කරලා තිබ්බ ආර්ට් සෙක්ශන් එකේ මහ මීටිමට ගියා..

හරී සෝක්.. අම්මලා තාත්තලා ලග ලමයා වාඩි වෙන්න ඕනේ.. අපේ අම්මයි යසාගේ අම්මයි එක ලග.. අපි දෙන්නත් ඒ දෙන්නා දෙපැත්තෙන් වාඩි උනා.. ඉස්සරහ මහ මණ්ඩලේ වගේ ටීචර්ස්ලා වාඩිවෙලා ඉන්නවා.. අඩේ අර යන්න ගියපු නාකියා මොකද මෙහෙ.. අනික උන්දැ කොමස් එකට නෙවෙයිද යන්න ඕනේ.. මං වටපිටාවට පොඩ්ඩක් ඇහැ දාද්දි තමයි දැක්කේ යකෝ කොමස් එකත් මේක අස්සේ.. ඒක තමයි මේක ඇතුලේ මෙච්චර පැක් වෙලා වගේ පෙනුනේ.. වෙලාවට ඒස්තටික් රූම්ස් ලොකුවට තියෙන්නේ..

කොමස් එකේ සෙට් එකත් මූනු ඔහෙක් කරන්න ඉන්නවා.. ටීචර්ස්ලා ටික කියවන්න පටන්ගත්තම මම සේප් එකේ අම්මගේ උරහිසට මුක්කුවක් ගහන්න ගියේ කොහේ අපේ අම්මා ජොග් ගාලා උරහිස පාත්කරානේ.. අම්මා මටයි අප්පච්චිටයි වඩා සෑහෙන්න චූටි මගෙත් පපුව හරියට තමා උස.. කොන්ඩෙත් ඩයනා කට් කපලා ඉන්න එයා මට නම් අර පොඩි ලමයි සෙල්ලන් කරන බෝනික්කියක් වගේ.. ආයෙත් මුක්කු ගහන්න හැදුවම රැව්ව නිසා මං කෙලින් වෙලා ආයෙත් වටේටම ස්කෑන් පාරක් දැම්මා.. අඩ්ඩඩ්ඩේ අර ඉන්නේ මයේ මනුස්ස පරානේ නේත.. සුරේ අංකලුත් ඉන්නේ අර.. සැක් අප්පච්චිගෙයි පුතාගෙයි ගැම්ම.. ආයේ එහෙමෙහෙ නෑ කොන්ද කෙලින් ඇස් ඉස්සරහට.. එයා දිහා බලාන දාර මනෝ පාරක් ගහන් ඉද්දී කවුරුහරි අත කොනිත්තනවා දැනුනා.. හැරිලා බැලුවම අපේ අම්මා ඇස් වලින් ඉස්සරහ පෙන්නලා නැගිට්ටා.. හුටා මගේ නම කතා කරලා තියෙන්නේ අහවල් එක්කටද.. මගෙ විතරක් නෙවෙයි යසාගෙත් නම කියලා..

ආ මේ ඉන්නේ ඩබලම.. බැලුවොත් ඇත්තන් ඉස්කෝලේ වටේ රවුන් ගහන එකමයි කරන්නේ.. මං ඉස්කෝලේ ඉන්නකන් දැකලා නෑ එක දිගට පන්තියේ ඉන්නවා..

අනේ මේ නාකි ඩෑල් එකට ආර්ට් එකේ උන් ගැන තියෙන්නේ පුදූ.....ම ඉස්නේහයක්.. උන්දැගෙ කතාව නිසා ඔක්කොල්ලාම දැන් අපි දිහා බලාගෙන.. ශිට් මේකා නිසා අම්මලා දෙන්නටත් නැගිටින්න උනා..

කොහොමද මැඩම් මෙයාලගේ ලකුණු.. මං නම් හිතන්නෑ එක විෂයකටවත් එස් එකක්වත් ඇති කියලා.. බලන්න ඔය ලමයි නිසා අම්මලටත් මෙතන නැගිටින්න වෙලා.. අඩුම අම්මලා දෙන්න දන්නවද මෙයාලගේ රස්තියාදු ජීවිතේ ගැන..

දැන් නම් මගේ රතු කට්ට පනිනවා.. මේකා අපි ගැන මොනාද දන්නේ.. අපි දෙන්නගේ ක්ලාස් ටීචර්ස්ලා දෙන්නා මූනට මූන බලාගද්දී මං හැදුවේ කතා කරන්න.. ඇයි යකෝ අපි නිසා කොහෙවත් ඉන්න අම්මලා චාටර් වෙන්නේ.. ඒත් අම්මා මගේ අතින් අල්ලගත්ත නිසා මං හොද හුස්මක් අරන් කාම් වෙන්න බැලුවා..

දැන් සර් දන්නවද මගේ පුතාගේ ජීවිතේ ගැන..

අඩෝ අම්මේ.. අපේ අම්මා ජීවිතේට ඉස්කෝලේ දේකට කතා කරලා නෑ නෙවෙයි කතාකරන්න අවස්ථාවක් ඇවිල්ලා නෑ.. මොකද මෙහෙම නැගිට්ටවලා මං ගැනවත් යසාර ගැනවත් අපේ අනික් කා ගැනවත් කියන්න දේවල් තිබිලා නෑ.. දැන් උනත් මේ ඩෑල් එක කෑගැහුවට අනික් අයට අපි ගැන ප්‍රශ්නයක් නෑනේ..

දැන් ඔය අම්මා කියන්නේ කියපු දේවල් වැරැදි කියලද..

අපොයි නෑ සර්.. සර් කිව්වා හරියටම හරි.. මගේ පුතා එතකොට යසාර පුතා ලේසියකට පන්තියේ ඉන්න ලමයි නෙවෙයි.. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඒ ලමයි දරන තනතුරු නිසා.. මගේ ලමයා ඉස්කෝලේ තියෙන හැම සමිති සමාගමකම ඉහල තනතුරක් අඩුම සාමාන්‍ය සාමාජිකයෙක් විදියට හරි ඉන්නවා.. අනික් පුතත් එහෙමයි.. ඔය ඔක්කොටම වැඩියෙන් උඩින් තියෙන්නේ ඒ දෙන්නගේ පපුව මැද්දේ ගහන් ඉන්න ප්‍රිෆෙක්ට් ශිප් එක.. දැන් ඔය සර් කියන්න පුලුවන් ඒක ගත්තම ඕන කෙනෙකුට වැඩ වැඩීනේ කියලා.. ඒත් ඒ එක වැඩක්වත් මගේ ලමයගෙවත් මෙතන ඉන්න අනික් එක ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙවත් පෞද්ගලික වැඩද.. නෑ ඉස්කෝලේම මොනාහරි නේ.. මමත් මගේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා නිකන් නෙවෙයි ඩිපියුටි හෙඩ්.. ඒ නිසා මං දන්නවා කොච්චර ප්‍රෙශර් එකක් මගේ පුතාට දැනෙනවද කියලා.. අපිත් මෙහෙම වැඩ කරා හැබැයි මෙච්චර නෙවෙයි.. සමාවෙන්න මෙහෙම කතාකරනවට ඒත් මගේ ලමයා ඉස්කෝලේ ටොයිලට් බටයක් කැඩුනත් ඒකටත් ගෙන්නවනේ.. මෙතන මෙහෙම ගලක් වගේ හිටගෙන හිටියට මගේ ලමයත් ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයෙක්.. එයා දන්නෑ කියලා හිතුවට හුගක් දවසට මේ දැනෙන ප්‍රෙශර් එක දරාගන්න බැරුව කාමරේට වෙලා තනියෙන් අඩනවා මං අහන් ඉන්නේ.. ආර්ට් කරන්නේ කිව්වම මාත් ඉස්සර හිතන් හිටියේ ආ ඒක හරි ලේසි කියලා.. ඒත් මෙයා හින්දම ඒක අපි කරපු මැත්ස් සයන්ස් වලටත් වඩා අමාරුයි කියලා මං ඉගෙන ගත්තා.. මං පංපෝරි ගහනවා කියලා හිතන්න එපා ඒත් පුතා එයාගේ ඩිග්‍රි එක කරන ගමන් තමයි ඒලෙවල් කරන්නේ.. අදත් මේ දැනුත් එයාට ලෙක්චර් එකක්.. මගේ පුතා විතරක් නෙවෙයි යසාර පුතත් ඔය ටික ඔය විදියටම අඩුවක් නැතුව කරනවා.. ආ අනික ඔය සර් දන්නවද මේ කොල්ලෝ දෙන්නම ඊලඟ හෙඩ් බෝඩ් එකට තේරිලා ඉන්නේ කියලා.. එතකොට සර් කියන්නේ මේ ලමයි අත උස්සලා එතනට ගියා කියලද.. මේ තියෙන්නේ මං මගේ පුතා ගැන විතරක් නෙවෙයි යසාර පුතා ගැනත් දන්න දේවල් වලින් පොඩ්ඩක්.. ඔක්කොටම කලින් සර් ඒ ගැන දන්නවද කියලා මට කියන්නකෝ..

හොද වැඩේ නාකියට.. දැන් ඉන්නවා ගල්බිල්ලා වගේ.. අපේ අම්මා කියවන් කියවන් ගිහින් හරිම සාන්තව පුටුවෙන වාඩිවෙලා මගේ අතින් ඇදලා මාවත් වාඩි කෙරෙව්වා.. ආන්ටිත් යසා එක්කම වාඩි උනේ අපේ අම්මා දෙන්නටම හරියන්න කතාකරපු නිසා.. ටික වෙලාවක් යනකන් වටපිටාවේ තිබ්බේ මාරම ටෙන්ශන් එකක්.. ඒක බිදින්න වගේ අපේ සෙක්ශනල් හෙඩ් මැඩම් කතා කරන්න ගත්තා.. එයා කතාකරලා ඉවර උනාම අපේ රිපෝට් දෙන්න ගත්තා.. ඉස්සෙල්ලම කොමස් එක.. සෙක්ශන් ෆස්ට් අපේ එක්කෙනා දෙවනියා මහී.. තුන නම් වෙන කොල්ලෙක්.. අනික් දෙන්නත් පල්වෙනි දහය අතරෙ හිටියා... ඊලඟට ආර්ට් එක..

අවසාන මොහොත මාගේ

පෝරකය දෑස මානේ..

සැක් මහ කැරි සින්දු තමයි මේ වෙලාවට ඔලුව ඇතුලේ ප්ලේ වෙන්නේ.. ටික වෙලාවකින් ඔක්කොලාටම වගේ රිපෝට් දීලා ඉවරයි මායි යසයි තාම ඉදගෙන.. තව දෙන්න තියෙන්නේ සෙක්ශන් එකේ හොදම තුනට.. අර නාකියත් මහ කින්ඩි හිනාවක් දාගෙන ඉන්නවා මේ පැත්තට.. අනේ පැංචෝ දැන් නම් බයයි..

කලා අංශයේ තුන්වන ස්ථානය කංචුක ඩි'මැල්..

හනේ මට බෑ..

දෙවන ස්ථානය යසාර නිමේෂ් සමරසිංහ..

මම නම් ගගේ පනිනවා..

ප්‍රථම ස්ථානය නෙතුෂ රෙයාන් සමරදිවාකර..

හරියට හරි මං පනින එක පනි.. පොඩ්ඩක් ඉන්න.. ඒ කිව්වේ මගේ නම නේ.. අඩේ මං කොහොමද..

අයියා යන්න.. ගිහින් අරක අරන් එන්න..

මට මගේ කන් අදහාගන්න බැරුව ඉද්දී අපේ අම්මා මාව බලෙන් වගේ නැගිට්ටලා චුට්ටක් ඉස්සරහට තල්ලු කරාම තමයි මං හරි සිහියට ඇවිත් රිපෝට් එක ගන්න ගියේ.. කෝ අර, ආ අර ඉන්නේ ඩෑල් එක හත්තිළව්වට ගහපු මොකද්ද එක වගේ.. මොනා උනත් පව් වලපයයි ගොඩපයයි ඉන්න මනුස්සයානේ..

ඔක්කොම සෙල්ලන් ඉවර වෙලා ගෙදර එන්න එලියට බැස්සම මෙන්න ඉන්නවා අපේ මනුස්සයා සුරේ අංකල් එක්ක..

සේමි.. අපිත් එක්ක යමු.. මං රජීට කිව්වා දෙන්නව ගේ ලගින් ඩ්‍රොප් කරන්නම් කියලා..

තෑන්ක්ස් සුරේ..

නගින්න පුතා..

අංකල් අද ඇවිත් තියෙන්නේ අකීල්ගේ බ්ලැකී එක්ක.. අංකල් ඩ්‍රයිවින් සීට් එකට නගිද්දී අම්මව පැසෙන්ජර් සීට් එකට දාලා අපේ මනුස්සයා මාවත් ඇදන් පිටිපස්සට නැගලා මගේ අත බදාගත්තා.. අර කලින් හිටපු ගල් ගෙඩිය විසිවෙලා හුරතල් වෙන්න එනවා.. දැන් නම් හතර පහුවෙලා නිසා වාහනේ ඇතුල සෑහෙන්න ප්‍රමාණයක් අදුරුයි.. ඒ නිසාම හොදයි.. ටික දුරක් ගිහින් අංකල් කතාව පටන් ගත්තා..

කාලෙකින් පරන සේමිණිව දැක්කා..

ඇයි එහෙම කියන්නේ..

අර ඇමතුවේ කන්දෙකේ ඇගිලි ගහගන්න.. පුතා දන්නවද ඉස්සර ඔයාලගේ අප්පච්චි ෆිසියෝ ස්කූල් එකේදි පස්සෙන් ගිහින් අනන්තවත් බැනුම් අහලා අපිට දුක කියනවා..

අනේ අහිංසක අප්පච්චි..

අයියා බබා..

මං හිතන්නේ අපේ අම්මා රතු උනා.. අපි කදුලු පනිනකන් හිනා උනා.. ඔහොම පරන මතක ගොඩක් අම්මයි අංකලුයි එලියට අදිද්දී අකීල් මගේ අත බදාගෙන උරහිසේ ඔලුවත් තියන් හරි සනීප නින්දකට වැටෙද්දී මාත් එයාගේ ඔලුවට ඔලුව තියන් ඇස් දෙක පියාගත්තා..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

එකම ට්‍රැක් එක්ක දුවලා හරි මහන්සි.. ඒත් මග නවතින්න බෑ.. මොකද අවසානෙට තව දුරයි..

.

.

.

.

.

.

.

*************************************

ඉශූ ආවා ඒයි..

ඇමතුවා ඇමතුවා.. කෝමද සේමිගේ ගැම්ම..

මේක හුගක් වෙලාවට මේ අවුරුද්දේ අන්තිම අප්ඩේට් එක වෙයි..

සමාවෙන්න අප්ඩේට් පරක්කු වෙනවට..

සෙමෙස්ටර් එන්ඩ් එක නිසා මේ මාසෙත් අසයිමන්ට් පිරිලා අලුත් අවුරුද්දෙත් පලවෙනි මාසේ ඉවර වෙනකන්ම.. ඒ අස්සට ලෙකෙක් අපේ කොල්ලෝ සෙට් එකෙන් ඇරියස් කවර් කරන්නද මන්දා එයාගේ ෆේව් දෙතුන්දෙනා ඇරෙන්න ඉතුරු ඔක්කොම රිපීට් කරලා..

ආආආආආආ.. ස්ට්‍රෙස්... මගේ පිටු තුන්සිය ගානක රිපෝට් එක.. දැන් ආයේ කරපන්කෝ..

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!