Chapter 2 of 23

පළමු දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]1,269 words~7 min read

අඩෝ මේ පාරත් මැච් එකට යමුද

අපේ කැපා තරූ ඇහුවෙ කවුරුත් නැති මේන් හෝල් එකේ ටේබල් එකක් දාගෙන ප්‍රැක්ටිස් කර කර හිටපු මගෙනුයි මහීගෙනුයි...

යමන් යමන්... පොඩි සෙට් එකත් අරන් යමු මේ පාර

මහී කිව්වේ මේ පාරත් ගිහින් කප් එක උස්සන්න ඕන නිසා...

ඔයාලා බලනවා ඇති නේ මේ මොකද වෙන්නේ කියලා... මම නෙතුෂ රෙයාන් සමරදිවාකර අපේ ස්කූල් එකේ ටේබල් ටෙනිස් ටීම් එකේ වයිස් කැපා... ඔය මැච් එකට යමුද කියලා යෝජනාව දැම්මේ ටීම් එකේ කැපා තරුෂ ද සිල්වා... ඒ යෝජනාව ස්ථීර කරේ අපි දෙන්නගේ අනික් භාගේ මහීෂ නානායක්කාර... තා එකෙක් ඉන්නෝ, ඌ ගැන ඉස්සරහ කියන්නම්..

අපි තුන්දෙනා තමා කොච්චර අයියලා හිටියත් ස්කූල් එකේ ටීටී ටීම් එක රන් කරන්නේ...

තරුවගේ මේ කතාව මේ පාරත් දෙසැම්බර් වල තියෙන ඇනුවල් මැචස් වලට ප්ලේ කරන්න... අපි තාම නවයේ, ඒ උනාට ප්‍රින්සිපල්ටත් නැතුව ඇති අපිට තරම් වැඩ...

ටර්ම් ටෙස්ට් එකත් ඉවර එකේ දිගටම ප්‍රැක්ටිස් දාමු... එතකොට පොඩි උන්ටත් ෂේප් කරගන්න පුළුවන් වෙයි... මේ පාර අයියලත් නැති නිසා අපිට එයාලගේ මැචස් ටිකත් අදින්න වෙයි නේ...

මමත් හා කිව්වේ අයියලා මේ පාර එක්සෑම් නිසා එයාලගේ අඩුවත් මතක් කරන ගමන්

හම්... එහෙනම් හෙට උදේට අනවුන්ස්මන්ට් වලට මේ ගැන කියමු.. නේතූ එක බලනවා හෝදේ...

එල...

.

.

.

.

.

.

.

.

.

.

Next day morning

අයියා බබා නැගිටින්නෝ.. අද ප්‍රැක්ටිස් කිව්වා නේද.. ඉස්කෝලේ යන්නැද්ද ලමයෝ..

කවුද ඒයි මගේ ලස්සන නින්ද කෑව දුස්ඨයා.. එහෙම හිතන ගමන් මම හේමීට ඇහැක් ඇරල බැලුවා. හුටා අපේ මව් යානය ඉන්නව දොරෙන් එබීගෙන..

නැගිටලා ඉන්නේ අම්මා..

එහෙම කියන ගමන් මම ඇස් දෙකත් පොඩි කර කර ඇදෙන් වාඩි උනා

ඉක්මනට ලෑස්ති වෙන්න.. අද නංගිත් යනවා..

හම්.. නංගි කියන ජීවියා ගැන කියනවා නම් අවුරුදු එකොළහක් තනියම මලක් වගේ හැදුන මාව කන්න ආපු දලඹුවෙක්.. ඔව් ඔව් එකා මට වඩා එකොළහක් බාලයි.. දැන් මගෙන් අහන්න එපා ඇයි එච්චර කියලා අපේ අම්මයි අප්පච්චි තමා දන්නේ..

පොර අද තමා ප්‍රී ස්කූල් යන්න පටන් ගන්නේ.. ඉතින් මට මොකෑ..

අයියා.. අම්මා ආයෙත් කතා කරාම තමා මම මේ ලෝකෙට ආවේ.. අපේ අම්මලාට නෑනේ ඔය එක එක නම්.. මම අයියා බබා අපේ නංගි නංගි බබා..

හරි මේ යනෝ...

එහෙම කියාගෙන මම වොෂ්රූම් එකට රිංගගත්තා.. මං වොෂ් දානකන් අපේ පුංචි පවුල ගැන කියන්නම්කෝ..

අපේ අම්මයි අප්පච්චි දෙන්නම kandy national hospital එකේ physiotherapistලා දෙන්නෙක්.. පියානෝ තමා චීෆ්.. ගැම්මක් තමා.. හැබැයි ඉතින් මගේ නම් ඔය science පැත්තට වැඩි ආසාවක්.. එහෙමයි කියල කවදාවත් අසූපහට වඩා ලකුණු අඩුවෙන්නෙත් නෑ.. මං කැමති මියුසික් වලට.. හය වසරේ ඉදල කරන්නේ වෙස්ටන් මියුසික්.. ප්‍රයිමරියෙදි ඉතින් ඔය බක්ති ගීත කියන ඒවට කවි කියන්න එහෙම ගිහින් ප්ලේසස් ගත්තා.. හැබැයි ඉතින් සබ්ජෙක්ට් එකක් විදියට ඉගෙන ගන්න ගත්තම තවත් ආස හිතුනා.. දැන් ඉතින් ආගමක් වගේ.. හත වසරේදී සීනියර් වෙස්ටන් බෑන්ඩ් එකටත් ජොයින් උනා.. අම්මලත් ලොකුවට අරක කරන්න මේක කරන්න කියලා පස්සෙන් පන්නන්නෑ.. නංගි ගැන කලින්ම කිව්වනේ..

කතාවෙන් කතාවෙන් මං වොෂ් දාලත් ඉවරයි.. හේ හේ..

වොෂ්රූම් එකෙන් එලියට ආපු මම සුටුස් ගාලා යුනිෆෝම් එක දාගෙන ලස්සන දම්වැල් දෙකක් එල්ලෙන රත්තරන් පාට බැජ් එක සුදු කමිසෙ පපුව මැදට වෙන්න ගහගත්තා.. මම තමා ජූනිය ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ DHP.. අට වසරෙන් තමා අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ලා තෝරන්නේ. ඒ අය ඉස්කෝලෙන් අස්වෙනකන්ම ප්‍රිෆෙක්ට්ලා විදියට ඩියුටිය කරනවා.. හැබැයි අයින් වෙන්න ඕන කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ අඩුපාඩුවට ඉන්ටවිව් තියලා අලුත් අය ගන්නවා..

මං ලෑස්ති වෙලා ගෙදර වැඩට ඉන්න ඇනී අම්මා බෙදල තිබ්බ බත් එකත් කාලා වතුර එකයි කෑම එකයි බෑග් එකට දාගත්තා.. ඉස්සරහ සාලෙට යද්දී මෙන්න අපේ පොඩි හොතබුවා ඉන්නෝ අලුත් යුනිෆෝම් එකත් ඇදගෙන කැරකි කැරකි.. හොද වෙලාවට ෂෝට් එකක් එක්ක ටීෂර්ට් එකක් තිබ්බේ.. නැත්නම්.......see more

නංගි දිහා බලාන මනෝ පාරක් ගහන් ඉද්දි අම්මයි අප්පච්චි ලෑස්ති වෙලා ආපු නිසා එයාලටත් වැදලා අපි පිටත් උනා..

මායි අප්පච්චි ඉස්සරහ නංගි අම්මයි පිටිපස්සේ..

කොහොම හරි හයට ගෙදරින් පිටත් උන අපි හයහමාර වෙද්දී අපේ ඉස්කෝලේ ලගට ආවා.. ටවුන් එක මැද තියෙන නිසා හයහමාර පහු උනාද ට්‍රැෆික් එක.. මම ගේට් එක ලගින් බැහැලා අම්මලාට අතත් වනාන කෙලින්ම දිව්වේ ප්‍රිෆෙක්ට් රූම් එකට.. මම යද්දී තරුවයි අර මම කියපු අපේ සැට් එකේ අනික් එකා යසාරයයි පොත සයින් කරනවා..

ගුඩ් මෝනින් ඩබල..

ගුඩ් මෝනින් නෙතුවා.. අද ප්‍රැක්ටිස් තියෙනවා නේ..

තරුවා අහද්දී

ඔව් මම මැසේජ් එකක් දැම්මා උදේම අනවුන්ස්මන්ට් එකකුත් දෙමු මම කිව්වා

උඹලා ඕවා පස්සේ කතා කරගනින්.. නෙතුවා යමන් රවුන්ඩ්ස් යන්න තියෙනවා.. එහෙම කියාගෙන අපේ ජූනිය ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ HP වෙච්චි යසා මාවත් ඇදන් රූම් එකෙන් එලියට ආවා..

මට තාමත් හිතාගන්න බැරි යසාට කොහොමද HP කම හම්බුනේ කියලා.. ඌ පට්ට මොන්ගල් ඩයල් එකක්.. තනිකරම තියෙන්නේ මොන්ටිසෝරි වැඩ. හැබැයි ඉතින් සීරියස් උනොත් පුතෝ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. කොහොමහරි හතාමාරේ බෙල් එක වදිද්දී රවුන්ඩ්ස් ඉවර කරපු අපි දෙන්නා ඔෆිස් එක ලගින් දෙපැත්තට ගියේ යසාට ස්කූල් ෆ්ලෑග් එක උස්සන්නයි මට මෝර්නින් ප්‍රෝග්‍රෑම් එක බලන්නයි තියෙන නිසා.. මම මීඩියා රූම් එකට යද්දීම අපේ හාමුදුරුවෝ පන්සිල් දෙන්න පටන් ගත්තා.. මෝනින් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මම පන්තියට යද්දී යසායි තරුවයි පන්තියට ඇවිත් මහී එක්ක කෝප්පයක් හෝදනවා..

අඩෝ තොපි කෝප්ප හෝද හෝද ඉන්නේ යමව් ප්‍රැක්ටිස් කරන්න.. පොඩි සෙට් එක ඇවිල්ලා ඇත්තේ..

මේ මාත් එන්නද ඒයි.. යසා මගේ අතේ එල්ලිලා හෙන පපී අයිස් දෙකක් දාගෙන ඇහුවම කොහොමද යකූ බෑ කියන්නේ..

[කවුද ඕයි මේකට HP පට්ටම දුන්නේ...😣]

යමන් යමන් තෝව තනියම දාලා ගිහින් ඊට පස්සේ තව මල්ඉත්තක්..

මම එහෙම කිව්වම අනේ අම්මේ යසාටත් ඊට වඩා දෙයක් නෑ.. අපි චේන්ජ් කරගෙන එන ටිකට මේකා අපේ නම මාර්ක් කරලා ක්ලාස් ටීචටත් කියලා බෑග් ටිකත් උස්සන් ඉන්නෝ.. පව් අනේ මගේ මොට්ට පැටියා.. අපි හෝල් එකට යද්දී ඇච්චෝ බැච්චෝ සේරම ඇවිලා.. ඉතින් අපි එයාලගෙන් හොදම අය තෝරගෙන දෙන්න ඕන පණිවිඩ සේරම දීලා ඉවර වෙද්දී ස්කූල් එක අරින්න බෙල් එක ගහපු නිසා ගාථා කියලා ගෙදර ආවා..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Two weeks later

සතියකට කලින් අපිට දෙසැම්බර් නිවාඩු දුන්නා.. ආය ඉතින් පටන් ගන්නේ ජනවාරි තමා.. අද අපිට ඇනුවල් මැචස් D-2.. D-1 මූලික තෝරාගැනීම් වට තියෙනකොට අද තිබ්බේ ක්වාට' ෆයිනල් ඉදලා ෆයිනල් වෙනකන් මැචස් විතරයි.. කලින් දවසේ වගේම අපි කතා කරගත්ත විදියට උදේම ක්ලොක් ටවර් එක ලගට වෙලා හිටියේ පොඩි ලමයි ටික එනකන්.. මෙතන ඉදලා ස්ටේඩියම් එකට යනකන් අපි එයාලව දෙමාපියන්ගෙන් භාර ගන්නවා.. එයාලට තියෙන්නේ මැචස් ඉවරයි කියලා පණිවිඩේ ලැබුණාම ඇවිල්ලා පොඩි අය අරන් යන්න.. ටික ටික ලමයි එන්න පටන් ගද්දී යසාත් අතින් කටින් මලු ගොඩකුත් උස්සන් අවා..

ගුම්මෝනින් එවුරිවන්.. ඔයාලගේ වීරයා ආවා..

මොනාද ඔය බෑග්ස් වල.. මම එහෙම ඇහුවම

ස්නැක්ස් වගයක් මෙයා.. ඔයාලා ප්ලේ කරනකන් මං බකන්නිලන් ඉන්නද සුදාප්පච්චි.. නොදෝකින් හෝතම්බා කැත නැතුව පොඩි උන් ඉස්සරහ මට කියපු කතාව.. මගේ අතෙත් එල්ලිලා..

හරියට හැසිරියන් බං.. පොඩි උන් ඉන්නවා.. තෝ HP නේත..

ඔයාට ඊරිසියාව මහී.. බලන්නකෝ නෙතු..

හා හා නවත්තපන් මට මේ ලමයි ටික ගැන ගන්න.. එහෙම කියාන තරුවා ඇතිවෙන්න ගියපු ලෝක යුද්දේ නතර කරා..

ඔක්කොලාම ඇවිල්ලා නේ.. අපි යමුද තරුවා..

යමු නෙතුවා.. ලමයි බස් එකේද පයින්ද..

බස් එකේ යමු අයියේ.. පොඩි අය එහෙම කව්ව නිසා අපි පැණිදෙනිය බස් එක්ක ඇවිත් ස්ටේඩියම් එක ලගින් බැස්සා..

හම්මෝ ඇතුලට යන දොර දැක්කම සසර කලකිරුනා.. ඇයි යකෝ ප්ලේයර්ස්ලට අමතරව ඕල්ඩ් බෝයිස්ලා ගර්ල්ස්ලත් ඇවිල්ලා.. අපේ නෑනේ ඔය සෝබන.. ඇවිල්ලා විකාර කරන්න හිතන් ඉන්නවා නම් එන්න එපා කියලා අපි මූණටම කියලා තියෙන්නේ.. කොහොමහරි අපි පොඩි අයත් එක්ක ඇතුලට ඇවිල්ලා චේන්ජ් වෙලා නම්බර්ස් චෙක් කරගෙන රිපෝර්ට් කරල ටේබල් එක්ක ප්‍රැක්ටිස් කරනකොට අපේ කෝච් චතුර සර් ආවා.. සර් කිව්වට අපිට වඩා අවුරුදු හයක් හතක් විතර වැඩිමල් අපේ ස්කූල් එකේම ඕල්ඩ් බෝයි කෙනෙක්.. කවුරු උනත් රෙස්පෙක්ට් කරන්න ඕන නේ..

ගුඩ් මෝනින් සර්.. ඒ තරු

ගුඩ් මෝනින් කොල්ලෝ.. ලෑස්ති නේද.. අද ඔයාලට අයියලාගේ මැචස් ටිකත් අදින්න වෙනවා..

අපි රෙඩි කෝච්..මහී එහෙම කිව්වම

ගුඩ් එහෙ.. කෝච් කියන්න ගියපු දේ එහෙමම නතර උනෙත් මම නප්පෙට තද උනෙත් එකම වෙලාවේ..

ගුඩ් මෝනින් චතූ අයියා..

**************************************

කවුද ඒයි ඒ ගුම්මෝනින් කිව්වේ..

මේක මගේ දෙවෙනි කතාව වගේම පලවෙන් bl එක.. මගේ රයිටින් ස්ටයිල් එන, වැරදි අඩුපාඩු මම හදාහදාගන්න ඕන තැන් තියෙනවා නම් කියාන යන්න..

සතියකට එක චැපියක් දෙන්නම්.. එහෙම බැරි උනොත් සති දෙක්කට එකයි..

ඉතින් ඔයාලා කතාවට කැමති නම් මාත් එක්ක එකතුවෙලා ඉන්න..

Luv U❤

Vote, Comment & Share

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!