Chapter 21 of 23

දහනමවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]1,686 words~9 min read

ආහ්.. මං මේ කොහෙද ඉන්නේ.. කවුරුහරි කතා කරනවා නේ.. ඔහ් ඒ අකීගේ වොයිස් එක නේද.. කාත් එක්කද එයා ඒ කතා කතා කරන්නේ..

ඇයි ඩොක්ටර් එයාට සිහිය එන්නැත්තේ..

බය වෙන්න එපා පුතා.. ඔයාගේ යාලුවට එකපාරටම ආපු පේන් එක දරාගන්න බැරුව තමයි ෆේන්ට් වෙලා තියෙන්නේ.. අනික අපි පේන් කිලර්ස් දීලා තියෙන නිසා දැන් එයා ඉන්නේ නින්දක.. තව ටිකකින් ඇහැරෙයි..

හරි ඩොක්ටර්..

යාලුවගේ පේරන්ට්ස්ලව දැනුවත් කරාද..

ඔව් ඩොක්ටර්.. එයාලා මේ වෙලාවේ කැන්ඩි වලින් පිට ඉන්නේ.. පුලුවන් ඉක්මනට එන්නම් කිව්වා..

හරි එයාලා ආවම මාව මීට් වෙන්න කියන්න..

තද නින්දකට පස්සේ නැගිට්ටා වගේ ෆීලින්ග් එකක් දැනෙද්දී හරි අමාරුවෙන් මං මගේ ඇස් දෙක ඇරියා.. ඇස් අරිද්දිම දැක්කේ සුදුපාට සිවිලිමක්.. දැනුන ඒසි එකයි ෆ්ලෝර්ල් එයාෆ්‍රෙශ්න එකෙයි හැටියට මං ඉන්නේ ආසිරි එකේ ප්‍රයිවට් රූම් එක්ක.. ඇස් කරකවලා බලද්දී අකීල් ෆෝන් එකත කනේ ගහගෙන රූම් එකේ තිබුණු සෝෆා එකේ වාඩිවෙලා කාත් එක්ක හරි කතාවක්.. ටික්කින් එයා කෝල් එක කට් කරලා මං හිටපු පැත්ත බැලුවා..

අකී..

සුදූ ඔයා ඇහැරියද.. දැන් කොහොමද.. කොහෙහරි රිදෙනවද.. ඉන්න මං ඩොක්ටර්ට කතා කරන්නම්..

අ...

මං මොනවත් කියන්නත් කලින් අකීල් රූම් එකෙන් එලියට දිව්වා.. ආයිශ්.. ඇගම නිකන් ගල් වෙලා වගේ.. පොඩ්ඩක් හෙලවෙන්න හැදුවම මගේ වම් කකුලේ දනිස වගේම ඇන්කල් එකත් ගිනි ගන්නවා වගේ දැනුනා..

හලෝ පුතා.. නින්ද සැපද..

දොර ඇරගෙන අකීල් එක්ක ආපු ඩොක්ටර් හරි ලස්සනට මගෙත් එක්ක හිනාවෙලා ඇහුවා.. ඩොක්ටර් මගේ ලගට ආවත් අකීල් තාමත් දොර ලග..

කොහොමද.. කොහෙහරි රිදෙනවද..

ලෙෆ්ට් ලෙග් එක ගිනි ගන්නවා වගේ..

පිච්චුන්නෑ නේද..

ඒක අහපු විදියට නම් මටත් හිනා ගියා..

මං කොච්චර වෙලා නිදාගත්තද ඩොක්ටර්..

වැඩිය නෑ පැය හතරක් පහක්..

ලගට ආපු ඩොක්ටර් මට පොරවලා තිබ්බ ශීට් එක අයින් කරා.. දෙයියනේ කෝ මගේ කකුල.. වම් කකුලේ කලව මැද ඉදලා ඇගිලි වලට යනකන් පීඕපී එකක් දාලා.. මගේ සූටි ඇගිලි ටික විතරක් හරි අසරණ විදියට ඉතුරුවෙලා තිබ්බා..

වට්ද හෙක්..

හික් හික් නෙවෙයි කකුල ලෙෆ්ට් වෙලා තියෙන්නේ..

අයියෝ මේ ඩොක්ටර්ටත් මාර කටක් තමා තියෙන්නේ.. එයා තව මොනාහරි කියන්න යද්දී රූම් එකේ දොර ඇරුනා.. අඩ්ඩඩ්ඩේ අපේ අම්මා නේත.. ඒ පිටිපස්සෙන් අප්පච්චියි නංගිත් ඇතුලට ආවා.. පොඩ්ඩක් ඉන්න මෙයාලා අද උදේ අනුරාධපුරේ ගියානේ..

අහ් මිස් සේමිණි..

ඩොකා අම්මව දන්නවා වගේ මොකද අම්මා හුගක් වෙලාවට ආසිරි එනවනේ පේශන්ට්ස්ලට ට්‍රීට්මන්ස් වලට..

ඩොක්ටර් මගේ පුතාට කොහොමද.. සර්ජරි එකක් කරන්න වෙයිද..

මේ මිස්ගේ පුතාද.. කලබල වෙන්න එපා.. There is minor damage to the ankle and a small patella fracture and a quadriceps tendon injury.. No need for surgery.. Only POP is enough.. POP for two months and then rest for another month with physiotherapy.. මං හිතන්නේ ඩිස්චාජ් කරනකන් මගේ වැඩ ඉවරයි.. මං තවපාරක් චෙක් කරන්න එන්නම් හෙට උදේට ඩිස්චාජ් කරන්න පුලුවන්..

Thank you so much doctor.. මේ ලමයා කරගන්න වැඩ වලට වෙලාවක මට මොනාහරි වෙනවා..

ගනන් ගන්න එපා මිස් සේමිණි.. මේ වයසේ කොල්ලො කොහොමත් ඔහොමනේ..

කකුලයි සේලයින් එකයි චෙක් කරනගමන් අම්මා එක්ක කතා කරපු ඩොකා මගේ ඔලුවත් අතගාලා එලියට ගියා.. පොඩ්ඩක් ඉන්න කොයි වෙලාවෙද මගේ අතට සේලයින් එකක් දාලා තිබ්බේ.. දැනුනේවත් නෑ..

අයියා..

හිතලා කරගත්තේ නෑ අයියෝ.. ශොට් එකක් ගහන්න ගිහින්නේ..

මේ ශොට් වලට මෙහෙම නම් අනික් ශොට් වලට කොහොම ඉදීද..

ඒ කියපු එකට මං මූණ ඇද කරගද්දී අකීල් ජනේලෙන් පේන කන්දේ කූඹි ගනින්න ගත්තා.. සැක් අපේ අම්මත් මොනා කියනවද මන්දා..

මොකද කොල්ලෝ උනේ..

අප්පච්චි ඇහුවේ අකීල්ගෙන්.. ඒ දෙන්නා සෝෆා එකේ වාඩි උනේ තඩි කෝප්පයක් හෝදන්න..

රිදෙනවද පුතේ..

මං ලගට ආපු අම්මා ඇහුවේ මගේ ඔලුවත් අතගාන ගමන්.. පව් දෙයියනේ ඇස් වල කදුලු පිරිලා..

හෙල්ලෙද්දී රිදෙනවා අම්මා.. නැත්තන් ශේප්..

අකීල් පුතා කෝල් කරද්දී අපි උඩමලු ගිහින් එන ගමන්.. එහෙන්මම හරවන් ආවා..

සොරි අම්මා..

හරි හරි.. දැන් ඉතින් සනීපවෙලා ඉන්නකෝ..

අම්මලා දැන් ගෙදර යන්න.. අර නංගිත් නිදිකිරනවා.. අකීල්වත් එක්කන් යන්නකෝ.. පව් තාම මැච් එකට ඇදපු ශෝට් එක පිටින්..

අකීල් අප්පච්චි එක්ක සෝෆා එකේ වාඩිවෙලා ලොකු කතාවක් වෙද්දී නංගි අප්පච්චිට හේත්තුවෙලා නිදිකිරනවා.. පව් කෙල්ල..

හම්ම්.. අකීල් පුතා අපිත් එක්ක ගෙදර ගිහින් එමු..

එතකොට රෙයාන් ලග ඉන්නේ කවුද ආන්ටි..

යසාර පුතාලා මගදි කෝල් කරලා කිව්වා රෑට ලග ඉන්න එන්නම් කියලා.. එයාලා ආවම අපි යමු..

එහෙනම් මං ගෙදර ගිහින් චේන්ජ් කරන් එන්නම්..

සේමි මං පහලට ගිහින් බිල් එක ගෙවලා එන්නම්නේ.. එතකොට ලේසි..

කවුද උබට බිල් ගෙවන්න කිව්වේ..

රූම් එකේ හිටපු ඔක්කොලාම බැලුවේ දොර දිහා.. ඒ වෙන කවුරුත් නෙවෙයි අකීල්ගේ අප්පච්චි.. එයාගේ පස්සෙන් යසාරයි ගිම්හානයි ඇතුලට ආවා..

සුරේ..

මං ඔක්කොම සෙට්ල් කරලා තියෙන්නේ.. උබලා ගෙදර ගිහින් හෙට උදේ වරෙන් මං ඉන්නම් පුතා ලග..

එහෙම හරි නෑනේ බං.. උබ තාම ඔෆිස් ගියපු විදියටමයි..

බයිලා නොගහා හිටපන්.. අකීල් ඔයත් අංකල්ලා එක්ක ගෙදර යන්න..

ඒත් අප්පච්චි මට රෙයාන් ලග ඉන්න ඕනේ..

එහෙනම් ගෙදර ගිහින් චේන්ජ් කරන් එන්න..

අංකල් වටේම හිටපු අයට උපදෙස් දීලා ඇවිත් ඇද ලග තිබුණු පුටුවෙන් වාඩි වුනා..

මුට කියලා වැඩක් නෑ කියන්න වගේ අංකල් දිහා බලපු අප්පච්චි ඔලුවත් දෙපැත්තට වනලා කට්ටියම එක්කන් යන්න ගියා..

.

.

.

.

දීලා තිබුණු පේන් කිලර්ස් වලට නින්ද ගිහින් හිටපු මම ආයෙත් ඇහැරුනේ කවුරුහරි ඔලුව අතගානවා දැනිලා.. බලද්දී සුරේ අංකල්.. යසා ගිම්හානට තුරුල්වෙලා සෝෆා එකේ නිදි..

දැන් කොහොමද පුතා..

කකුල දැනෙන්නෑ අනේ..

උබලටත් ඉතින් නැටවිල්ලනේ..

බොරු කියන්න එපා..

අපේ අප්පෝ පොඩි එකෙක් වගේ.. මගේ කොල්ලට සෑහෙන්න වද දෙනවානේ..

නෑ..

නැත්තේ නෑ.. තමන්ගේ මිනිහට නැතුව කාටද වද දෙන්නේ..

මම එහෙම අකීට ව...ද... අ.... අංක...ල්..

දෙයියනේ අංකල් මොනාද ඒ කිව්වේ.. මිනිහා.. තමන්ගේ..

මං වචනත් පටලන් බයවෙලා අංකල් දිහා බලන් ඉද්දී එයා හරි ලස්සනට හිනාවෙලා මගේ කොන්ඩේ පොඩ්ඩ්ක ඇවිස්සුවා..

බය වෙන්න එපා.. මං දන්නවා ඔයාලා දෙන්නගේ සම්බන්දේ.. මොකද ඔයාගේ අකීල්ටත් කලින් ඒ හිත තේරුම් ගත්තේ මම.. මං එයාගේ අප්පච්චි පුතේ අම්මත් නැතුව ඔය කොල්ලව තනියෙන් හැදුවේ මම.. මහා ලොකුවට ලග නොහිටියට පුලුවන් හැම වෙලාවෙම මං කොල්ලගේ පස්සෙන් හිටියා.. වටේ උන්ට අයිස් කදක් වගේ පෙනුනට මගේ කොල්ලගේ ඇතුලේ තාමත් නැති උන අම්මගේ කිරි සුවද හොයන පොඩි එකෙක් ඉන්නවා බං.. මං ඉල්ලන්නේ මොනා උනත් ඒ ඇතුලේ ඉන්න පොඩි එකාට රිද්දන්න එපා බං..

මගේ ඔලුව අතගාන ගමන් අංකල් ලොකු කතාවක් කියලා රූම් එකේ ජනේලෙන් පේන රෑ අහස දිහා බලාන කොහේදෝ ඈතක අතරමං උනා..

මට හිතාගන්න බෑ මොනා කියන්නද කියලා ඒත් මගේ හිත කිව්වේ එක දෙයයි.. අකීල්ගේ ඇතුලේ ඉන්න පොඩි එකාට මං නියපිටින්වත් රිදෙන්න දෙන්නෑ කියන එක..

.

.

.

.

.

.

.

.

අයියා.. අයි ඩී එකයි ඇඩ්මිශන් එකයි ගත්තද..

බොව්බොව් බත්තා..

කටේ කෑම තියන් කතා කරන්න එපා ලමයෝ..

මගේ කකුල ලෙප්ට් වෙලා දැන් මාස හතරක් ගිහින්.. මාස දෙකක් විතර ගෙදර ඉදලා පීඕපී එකත් කැපුවට පස්සේ නී ගාඩ් එක්කුයි ඇන්කල් ගාඩ් එක්කුයි දාගෙන කකුලත් කරේ තියන් වෙනදා වගේම මං ඉස්කෝලේ ගියා.. වෙනසකට තිබ්බේ උදේම අකීල් මිලාන් එක්ක අපේ ගෙදරට කඩාපාත් වෙලා අපේ අම්මලාගේ අවසරේ ඇතුව මාව පැහැරගෙන ඉස්කෝලේ එක්ක ගියපු එක..

ඒලෙවල් වලට ඇඩ්මිශන් දෙනකන් විතරක් ඉස්කෝලේ ගිහින් නවතින්න හිතුවට ප්‍රිෆෙක්ට් බෝඩ් එකට බැජින් සෙරමනි එක තියෙනකන්ම යන්න උනා.. එදා නම් මං බැජ් එක ගන්න ස්ටේජ් එකට නැග්ගේ යසාගේ උදව්වෙන්.. නැත්තන් ඉතින් මේ නෙතුසයා ස්ටේජ් එක පල්ලේ හබක් තමා.. ඇයි ප්‍රයිස්ගිවින් එකත් එහෙමයි..

ඔය ඔක්කොම ඉවර වෙලා යන්තන් එක්සෑම් එකට මාස එකහමාරක් තියලා පාඩම් කරන්න ගෙදර නවතින්න පුලුවන් උනා.. අන්තිමට තිබ්බ පලාත් පේපර් එකටත් ගේමක් නැතුව ලකුණු තිබ්බ නිසා ශේප් එකේ පාඩම් කරන්න ගියා.. කකුල ඉන්ජර්ඩ් වුන එකයි එක තැන ඉදලා පාඩම් කරපු නිසයි මාව මහත් වෙලා කියලා තේරුනේ අද උදේ යුනිෆෝම් එක ඇන්දම.. මහතයි කියන්නේ ඉතින් කලිසම ඉන හරියෙන් පොඩ්ඩක් හිරයි, මං හිතන්නේ බඩ ඇවිල්ලා.. එක්සෑම් ඉවර උන ගමන් ඒක බස්සගන්න ඕනේ..

අද ඉතින් ඒලෙවල් පටන්ගන්නවා.. බුදුසරණයි කියලා පටන්ගන්න දවසෙම මටත් මියුසික්, තව යසාට ආර්ට්.. බලන්න ඒ මිත්‍රත්වය.. කොහේ ගියත් එකට.. ඔන්න ඕක නිසා තමයි අපේ අම්මා මේ උදේම මට කවන ගමන් අරක ගත්තද මේක ගත්තද කියලා අහන්නේ..

පුලුවන් උපරිමේ ලියලා එන්න.. බුදුසරණයි..

මං අම්මටයි අප්පච්චිටයි වදිද්දී දෙන්නම ඔලුව අතගාලා කිව්වේ එහෙමයි..

අපේ ලොකු බබාට බැරිනම් කාටද පුලුවන්..

ඒ ඇනී අම්මා..

ඊටපස්සේ ඉතින් සුපුරුදු ලෙස අම්මලා මාව ඉස්කෝලේ ලගින් හලාන වැඩට ගියා.. අපිට උදේ ඇවිලා ඉන්න කියලා තිබ්බේ මේන් හෝල් එකේ වෙනකොට මං ඉතින් නොන්ඩි සිමයියා වගේ හෙමින් හෙමින් ගිහින් හෝල් එකේ පඩිපෙල නගින්න හදද්දී යසා ඉන්නවා පඩියක් උඩින් වාඩිවෙලා පොතකුත් දිග ඇරන්.. මං හිතන්නේ පාඩම් කරපුවා තාම දාරණය කරගන්නවා.. මාත් ගිහින් උට එහාපැත්තෙන් වාඩි උනා..

මේ..

ඕ..

ඇයි බං ලංකාවේ උන් මෙච්චර චිත්‍ර ඇන්දේ..

සන්නිවේදනයට නෙවෙයිද..

ඉතින් බං ඒවා ඇක්ශන් එක්කින් පෙන්නන්න තිබ්බනේ..

ඉතින් ඇක්ශන් වලින් පෙන්නපු නිසානේ අපිට දෙදාස් පන්සිය ගානක ඉතිහාසයක් තියෙන්නේ..

යසාට එකපාරටම මං කියපු එක ක්ලික් උන්නෑ.. ටිකකින් උට ඒක ක්ලික් උනා කියලා තේරුනේ මූන වෙනස් උන විදියෙන්..

නොදකින් හිවලා.. ගිහිම් සරිගම කාපන්..

.

.

.

.

.

.

.

.

ඕයේ ඔජායේ වැද්දගේ පිජාමේ..

ඒවා මහලා ගියේ ජපානේ..

හතරහමාරේ බස් එකේ ඇවිත් හන්දියෙන් බැහැලා ගෙදරට යන පාරේ වංගුව පහුවෙනකන් ඉදලා හොදට උගුරත් පාදලා මහ හයියෙන් සින්දුවකුත් කියාන මිදුල මැදම දගර ඩාන්ස් එක්කුත් දාගෙනම මං ගෙට ගොඩ උනා..

හම්මේ එක්සෑම් ඉවරයි.. හැබැයි ඉතිම් මේ දරු පැටියට විතරනේ.. අනික් දරු පැටව්න්ට මාසේ ඉවර වෙනකන්ම එක්සෑම්.. අද හවස තිබ්බේ ලිට් දෙවෙනි පේපර් එක.. බලන උන්දැට හික් වෙන්නම පිටු හතක අටක එසේ එකක් ලියලා ආවා..

කොහොමද පේපර් එක පුතා..

හත්තික්කේ අපේ පියානෝ දවල්ට ආහාර අනුභව කරනවා.. අද සෙනසුරාදානේ.. කලින් ඇවිත් එළවලු කොටුවට රිංගලා දැන් එන්න ඇත්තේ..

සුදුපාට කොලේක කලුපාටින් පර සුද්දගේ අකුරු ටිකක් තිබ්බා අප්පච්චි..

කොල්ලෝ..

හරි හරි අවුලක් නෑ.. ශේප් කරගත්තා.. ඔයා දන්නවනේ යන්තන් සී එකක් තිබ්බත් ඇති කියලා..

ඕන එකක්.. සකන්ඩ් එක...

අනේ අම්මේ මෙන්න වැන්දා මලත් ආයෙනම් ලංකාවේ විභාගයක් ලියන්නෑ.. අනික අනේ ලබන මාසේ මුල මගේ ග්‍රැජුවේශන් එක.. ඔයාට අමතක උනාද මං දැන් ඩිග්‍රි ගහපු කොල්ලෙක්..

මෙයැයිට හරීයට අමතක වෙනවා.. දැන් වයසයිනේ..

හම් හම්.. යන්න වොශ් එකක් දාගෙන එන්න.. මං බඩ්ඩක් ගෙනාවා ෆ්‍රිජ් එකේ ඇති..

අප්පච්චි කියන පමාව විතරයි මං හිටියේ ෆ්‍රිජ් එක ඇතුලේ.. දෙයියනේ දෙයියනේ ඕක්‍රේ එකෙන් චොක්ලට් බ්‍රවුනීස් එක්ක එයාම හදපු ලෙමන් එකක්.. මේවනේ දිව්‍ය බෝජන කියන්නේ..

අප්පච්චි ගෙනාපු ටිකත් බෙඩ් සයිඩ් ටේබල් එකෙන් තියලා සුටුස් ගාලා වොශ් එක්කුත් දාගෙන කබඩ් එකක් අවුස්සලා හොයාගත්ත කොත්තුමී එක්කුත් හදාන ලැප් එකේ ෆිල්ම් එක්කුත් දාගෙන ඇදට ආවේ අම්මට මට අද රෑට කෑමත් එපා කියාගෙනමයි..

මොන මගුල කරන්නත් කලින් මේ නිකන් ඉන්න තියෙන දවස් ටික චිල් එකේ ඉන්න ඕනේ..

*************************************

ආවා සොයා ආදරේ.. ඉශූ ආවා ඒයි..

ඔය අඩු කඩාගත්ත එක තියෙනවා නේද.. ඒක ඇත්ත ලමයි.. නෙතුසයා විතරක් නෙවෙයි ඕතරිත් ඇත්තටම අන්ඩක් කඩන් හිටියා.. අම්මෝ ඒ මාස තුන තමයි අපේ ජීවිතේ ඒපාකරපුම මාස තුන.. එහෙට හැරෙන්නත් බෑ මෙහෙට හැරෙන්නත් බෑ.. 🥲

කැම්පස් එකේ සකන්ඩ් යර් එකත් පටන්ගත්තා.. හම්මේ වැඩ ගොඩයි.. බැජ් ට්‍රිප් එක යන්නත් තියේ.. තව ඩිපාර්ට්මන්ට් එකේ මොකද්ද ඉවෙන්ට් එකකුත් හොස්ට් කරන්න අපේ බැජ් එකට දීලා.. ඔය ඔක්කොම එක්ක ස්ටඩීස් ටිකත් බැලන්ස් කරගෙන මේකත් ලියන්න එපෑ..

ඒ හින්දා පුලුවන් වෙලාවට දිගට නැතත් චූටියට හරි දෙන්නම් කමක් නෑනේ..

කෝමහරි ග්‍රැජුවේශන් එක ඕනද.. නැත්තන් ආයෙත් මාස තුනක් විතර ස්කිප් කරන්නද..

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!