Chapter 22 of 23

විසිවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]1,390 words~7 min read

අනේ අපේ නෙතුසයා දැන් ලොකු ලමයෙක්..

මූ හැදුනේ අපේ අත්වල උට්ටෝ..

අනේ නවත්තපල්ලා ඔය කරච්චලේ..

මං දන්නවා කිරි පුතේ උබට දුකයි කියලා අපිව දාලා යන්න..

අනේ මයේ වස්තුවෑ..

ඇයි මං මුන්ව එක්කන් ආවේ.. මැසේජ් එකේ තිබ්බේ පවුලේ අය එක්ක එන්න කියලනේ..

මේ වෙන මොකවත් නෙවෙයි මගේ ග්‍රැජුවේශන් එක දවසේ උදේ.. ඊයේ තමයි අපි කොලඹ ආවේ.. අපි කියන්නේ ඉතින් අපේ අම්මලයි මගේ අතිජාත පජාත මිතුරු කැලයි..

උන් ටික සෙට් උනේ කොහොමද කියනවානම් යසා කලින්ම යනවා කියලා තිබ්බා උගේ පස්සෙන් ගිම්හානයා ආවා.. ඊලගට අපේ මනුස්සයා අප්පච්චිගෙන් අංකල් මාත් එන්නද කියලා ඇහුවම අපේ අප්පච්චිත් දෝත බදලා බෑනට හා කිව්වා.. උගේ තනියට කියලා මිලානයා ආවා.. උබලා කොහොමද ඩෝ අපි නැතුව යන්නේ කියලා මහියා අර පාඩුවේ හිටපු තරුවව ඇදගෙන ආවා.. හිරුෂ මල්ලී විතරයි නැත්තේ උට ක්ලාස් නිසා අයිතිකාරයා බර බරේ දැම්මා එන්න ඇහුවම..

අන්තිමට අපේ වාහනේ විතරක් යන්න හිටපු ගමන අකීල්ගේ ඩිෆෙන්ඩර් එකත් බස්සන්න උනා.. යසාගෙයි මහියාගෙයි කරච්චලේ ඉවසන්න බෑ කියලා මිලානුයි තරුවයි අප්පච්චිලා එක්ක එයාලගේ වාහෙනේට නගිද්දි මේ වට්ටි තාත්තලා දෙන්නත් එක්ක මායි අකීල්ලුයි ගිම්හානයි ඩිෆෙන්ඩර් එකට නැග්ගා..

දැන් ඉතින් මේ BMICH එකට යන ගමන්.. ඒ ටිකට තමයි මේ අරුන් දෙන්නා මරු විකල්ලෙන් වගේ කියවන්නේ.. ගිමාගේ කන්දෙක ගොඩ වෙලා වගේ ඇති..

ඔය ඇති වෙනකන් කියවපුදෙන් සුදූ.. උන්ට හැපී ඇති..

අකීල් තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් නිදහස් අතින් මගේ අතක් අල්ලන් කිව්වා..

අනේ මයේ මනුස්සයා හෙන හැන්ඩ්සම් හලෝ.. අද කට්ටිය කලු ට්‍රවුසර් එකට ලයිට් කලර්ස් වලින් ශර්ට්ස් ඇදලා.. අපේ අප්පච්චිත් මෙයාලටම හරියන්න ලයිට් සී ග්‍රීන් ශර්ට් එකක් ඇදලා හිටියා.. අම්මත් ඒ පාටටම යන සාරී එකක්.. මං ඉතින් සාම්ප්‍රදායික ලෙස සුදු ශර්ට් එකට බ්ලැක් ට්‍රවුසර් එක..

ටිකකින් වාහන දෙකම පාර්කින් එකෙන් නැවැත්තුවම කට්ටියම බැස්සා.. මං හෙමීට අම්මා ලගට ගියාම එයා එයාගේ අතේ තිබ්බ ක්ලෝක් එක මට අන්දලා හැට් එක අතට දුන්නා.. ක්ලෝක් එකේ කරවටේට දම්පාටින් තීරුවක් ගිහින්..

මගේ කොල්ලා දැන් ලොකුයි..

අම්මා කිව්වේ මගේ මගේ පපුව අතගාන ගමන්.. අම්මගේ පිටිපස්සෙන් හිටන් හිටපු අප්පච්චි ඉස්සරහට ඇවිත් ලොකු හග් එකක් දීලා උරහිස් වලට අත් තියලා ඈත් උනා..

මගේ ආඩම්බරේ..

එච්චරයි.. ඒ තමා අප්පච්චිගේ ආදරේ.. අප්පච්චි මං ලගින් අයින් වෙද්දි මං දැක්කා හරක් රැලක් ගාල කඩාන මගේ පැත්තට එනවා..

අඩෝ උබ කොහොමහරි අපිට කලින් බම්බුවකුත් උස්සනවා නේ..

මගේ ඉතුරුවෙලා තියෙන නම්බුව ඒකෙවත් දාලා පරිස්සම් කරගන්න ඕනේ බං..

අනේ පලයන්..

ඊලගට ඔක්කොලාම එක පොකුරට මාව හග් කරලා මහියගේ සෙල්ෆි භීෂණේටත් අහුවෙලා එන්ට්‍රන්ස් එක පැත්තට ආවා..

ක්ලෝක් දාපු ලමයි එක පැත්තක පෝලිමට හිටන් ඉද්දී දෙමව්පියෝ එයාලට හෙමින් හෙමින් සමුදීලා ඇතුලට ගියා.. මාත් කට්ටියට ඇතුලට යන්න කියලා කැම්පස් බොක්ක උන භාග්‍යවත් හොයාගෙන කරටත් අත දාගෙන පෝලිමෙන් හිටගත්තම මං දැක්කා අකීල් මූනත් ඔහෙක් කරන් අපි දිහා බලලා ඇතුලට යනවා..

අනේ මගේ ඊරිසියාකාර පප්පා..

ටිකකින් සෙරමනි එක පටන්ගත්තා.. අපි හැමෝම පෝලිමට ඇතුලට ගිහින් තමන්ට අදාල තැන වාඩිඋනා.. ඊටපස්සේ ඉතින් කතා සේරම ඉවර වෙලා එක එක්කෙනාගේ නම් කියද්දී අපි ස්ක්‍රෝල් එක ගන්න ස්ටේජ් එකට නගින්න ලයිනප් උනා..

මේ මචං.. මේ කරේ පටලන් ඉන්න රෙද්ද පෑගිලා වැටුනොත් උබ මාව අල්ලගනින් හොදේ.. උබ වැටුනොත් මං අල්ලගන්නම්..

ඇයි කෝ උබේ ගර්ල්ෆ්‍රෙන්ඩ්..

එයාට ඉතින් සාරිය පටලන් දුවන් එන්න බෑනේ.. උබ හොද එකා වගේ අල්ලගනින් ඈ..

මට බෑ..

එහෙනම් උබ වැටුනත් මං බලන්නෑ.. උබේ අර මහලොකු බෝයියට ඇවිත් අල්ලගන්න කියපන්.. මං දැක්කා ඉස්සෙල්ලා මටත් රවාගෙන හිටියා එලියෙදි..

ඌ නැතුව වෙන කවුරු අල්ලන්නද..

ඒව් අහකට පල වලත්තයා..

මට පිටිපස්සෙන් පෝලිමේ හිටපු භාග්‍ය අඩියක් පස්සට තියලා අතකුත් ඉස්සරහට දික කරන් කියපු විදියට තවපොඩ්ඩෙන් මට හයියෙන් හිනා යනවා..

Next, students who have passed the software engineering degree with distinction..

Nethusha Reyan Samaradiwakara..

ෆයිනලි.. මං මගේ ස්ක්‍රෝල් එකත් අරන් බැස්සා.. එහෙනම් ඒකත් ඉවරයි.. දැන් ඉතින් ලබන අවුරුද්දෙ මුල වෙද්දී යන්න තමා තියෙන්නේ..

සෙරමනි එක ඉවර වෙලා එලියට ඇවිත් බැජ් එකේ කට්ටියයි භාග්‍යයි එක්ක වෙනමයි ෆොටෝ ගහලා අම්මලයි අපේ සෙට් එකයි එක්කත් ෆොටෝ ගහලා අපි එදාම නුවර එන්න පිටත් උනා..

.

.

.

.

.

අඩෝ හෙඩා එනවා..

මං හිටියේ දහය එකොලහ ක්ලාස් පැත්තේ උදේ රවුන්ඩ්ස්‍ යන ගමන්.. ග්‍රැජුවේශන් එකෙන් පස්සේ සති තුනක් ගෙවිලා ගිහින්.. ගිය සතියේ මුල ස්පෝර්ට් මීට් එකත් තිබ්බා.. ඊට දවසකට පස්සේ ඉදලා පොඩි උන්ට ටර්ම් ටෙස්ට් තිබ්බ නිසා ලොකු කරදරයක් තිබ්බේ නැතත් ඊයේ ඒකත් ඉවර උන නිසා දැන් මුන්ව නිකන් අතෑරලා දාපු හරක් වගේ.. මට හිතාගන්න පුලුවන් ඒ කාලේ අපේ අයියලා අපි ගැන හිතපු හැටි..

මං පල්ලෙහා කොරිඩෝර් එකෙන් එනවා දැක්ක ගමන් නැති කොසු පහල වෙලා අතුගෑවෙන්න ගත්තා.. බුදු කුටිවලට සුරුවම් කූඩු වලට මල් තියවුනා..

අනේ ඇයි මේ ලමයි මෙච්චර බය.. මං එහෙම සැර නෑනේ..

මුලු සෙක්ශන් එකේම රවුමක් ගහලා මං ආවා මේන් ගේට් එක පැත්තට.. මං යද්දී DHP නිසලයා එතන ඩියුටි බලනවා.. මං උටත් ඔලුව වනාන කොඩි කනු පැත්තට ගියා තව ටික්කින් ඉස්කෝලේ පටන්ගන්න නිසා..

එසෙම්බ්ලි එක ඉවර උනාට පස්සේ ඉතින් කෙලින්ම ප්‍රිෆෙක්ට් රූම් එකට තමා.. මාත් එක්කම වගේ නිසලයත් ඇවිත් උගේ පුටුවෙන් පතබෑවුනා..

අනේ කකුල් රිදෙනවා බං..

බොරු මරිසි නැතුව හිටපන්..

නෑ බං සිරාවටම.. ඒ කාලේ කෑම්ප් අස්සේ බඩගෑවට දැන් යන්නෑනේ.. එතකොට නිකන් හුරු නෑ වගේ..

අපි දෙන්නා කතා කර කර ඉද්දී යසායි බිනරයයි රූම් එකට ආවා.. උන් ස්පෝර්ට් මීට් එකේ බජට් අනන්මනන් තිබ්බ ෆයිල් එකත් උස්සන් උදේම ෆාදර්ව මීට් වෙන්න ගියානේ.. හැබැයි දැන් නම් අතේ තියෙන්නේ වෙන ෆයිල් එකක්..

මේක උබට..

බිනරයා ඒ ෆයිල් එක මගේ මේසෙ උඩට අතෑරියා.. ඒක පෙරලලා බැලුවම මට හික් ගෑවුනා..

අනේ අවුරුදු උත්සවේ..

අඩෝ මේක කරන්න ඕනේද බං..

බෑ කියන්නද.. කොහොමත් ගියපාර අයියලා කරපු විදියටම කරමු.. වැඩිය දගලන්න බෑ ලමයිටත් මහන්සි අපිටත් මහන්සි..

හම් එහෙනම් අද ලොකුවට උගන්නන්නෙත් නැති එකේ ප්‍රිෆෙක්ට්ලට මීටින් එකක් අරන් ක්ලාසස් වලට කියන්න ඕන ඒවා කියමු.. ඉතුරුවා ඉතින් කොහොමත් ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකෙන්නේ කරන්නේ..

හම්ම්.. මං තව ටික්කින් ගිහින් අනවුන්ස්මන්ට් එකක් දෙන්නම්..

.

.

.

.

මායි යසායි හිටියේ ඉස්කෝලේ ඇරිලා සහස් උයනේ හෙවනක් අල්ලන් වාඩිවෙලා බ්ලූ මොහොතෝ දෙකක් බොන ගමන්.. අකීල් ටවුන් ආවා කිව්වා හොටෙල් එකේ වැඩකට යන ගමන් මාවත් එක්ක යන්නම් කිව්ව නිසා මං ඉන්නේ.. අද අම්මලත් නිවාඩු නිසා ආයේ බස් වල බඩ ගාන්නේ මොකද.. යසා ඉතින් මගේ නැට්ටනේ.. අකීල් ආවම යන්නම් කියලා උගේ දඩුමොණරෙත් ලයිබ්‍රි එක ලගින් දාලා මාත් එක්ක ආවා..

මේ දැන් කොහොමද තත්වේ..

මොකේද..

උබගේ ලව් එකේ..

ඔය තියෙන්නේ..

නොදකින්.. මං ඇහුවේ ගෙදෙට්ට කියන්න එහෙම උවමනාවක් නෑ..

අකීගේ අප්පච්චි දන්නවා..

ඈ...

හම්ම්..

මං එදා හොස්පිටලයිස් වෙලා හිටපු දවසේ අංකල් කියපුවා යසා එක්ක කිව්වා..

අඩේ ඒ කියන්නේ මාමණ්ඩිය ඕකේ..

ඔව්වොව්.. දැන් ඉතින් අපේ ගෙදරට තමා කියන්න තියෙන්නේ..

ඇත්තට උබලගේ ගෙදරින් දන්නැද්ද බං.. මං කියන්නේ සැකයක්වත්.. මොකද ඉතින් උබ යන්නේ එන්නේ වැඩිපුර ඌත් එක්කනේ..

මෙහෙමනේ.. අකී අම්මලා ඉන්න වෙලාවට හුගක් එන්නේ මිලාන් එක්කනේ.. එතකොට ඉතින් එහෙම හිතෙන්නැතුව ඇති..

උබ හිතනවද අවුලක් වෙන්නැති වෙයි කියලා..

අපේ ගෙදරින් අවුලක් නෑ.. නෑයෝ කියන උන් එක්කනේ බැරි බං.. ස්පෙශලී අපේ ලොකු අම්මා..

අම්මෝ අර චීත්තේ..

ඔව් බං මල කරදරේ..

මං හරි ලස්සනට පාට මාරු කරන අහස දිහා බලන් හිටියා..

උබගේ හිතේ කවුරුත් නැද්ද බං.. මං අහන්නේ දැන් ඔය තනිකඩව හිටියා මදිද..

මෙහෙමයි කෙල්ලෙක්ට හිත ගිහින් තියේ.. කිව්වොත් කන්න වෙයිද දන්නැති නිසා කටවහන් ඉන්නවා..

කෙල්ලෙක්..

ඔව් ඇයි..

නෑ නිකන්..

එක්කො උත්තරේ මොකක් උනත් කමක් නෑ කියලා මං අහනවා බං..

දැන් උබ හිතනවද උබ ඇත්තටම ලව් කියලා.. මොකද මට ඕන්නෑ උබේ ෆස්ට් ලව් එකම... උබ දන්නවානේ මං කියන එක..

උබ දන්නවානේ උබයි මමයි දෙන්නම අනන්මනන් නිසා ලව් සබ්ජෙක්ට් එක පැත්තට වැඩිය ඔලුව දැම්මේ නෑ කියලා.. අකීල් ආවේ නැත්තන් උබත් තාම සිංගල්නේ.. මාත් හෙමීට ට්‍රයි එක්ක දාලා බලනවා බං.. ඉරණම් කාරයා කියල එකෙක් ඉන්නවනම් එන කාලෙට එයිනේ..

උබ කියන දෙයක් තමා.. හැබැයි...

ම්ම්ම්..

මාත් එක්ක අහස දිහා බලන් හිටපු යසා ඔලුව හරවලා මගේ දිහා බැලුවා..

හොදටම මතක තියාගනින්.. උබේ ඕන දේකට මං ඉන්නවා මචං..

මං දන්නවා බං..

ටිකකින් අකීල්ගෙන් ඇවිත් ඉන්නේ කියලා මැසේජ් එක ආවම යසාටත් යනවා කියාන මං අකීල් එක්ක ආවා..

ගේ ගාවට එනකන් මං කරේ දවසෙම උන දේවල් අකීල්ට කියපු එක.. ඒක මගේ පුරුද්දක්.. ඉස්සර හවසට අප්පච්චි තමයි ඕවා අහන් ඉන්නේ.. ඩිෆෙන්ඩර් එක ගේ ගාවින් නැවැත්තුවම අකීල්ගේ කම්මුලටත් කිස් එකක් තියාන වාහනෙන් බැහැලා පල්ලෙහාට එද්දී දැකලා නැති වාහනයක් මිදුලේ..

කවුද ඒ පාර කඩාපාත් වෙලා ඉන්න හූනියම.. මට පෙන්නන්නම බැරි දෙයක් තමයි කොහෙහරි ගිහින් මහන්සි වෙලා ගෙදර එන වෙලාවට මොකෙක්හරි ගෙදර ඇවිත් ඉන්න එක..

සපත්තු දෙකත් ගලවලා අතේ අරන් ගෙට ගොඩ වෙනකොටම ඇහුන කටහඩට මට දෙලොව රත් උනා..

ආ පුතා.. දැන් ද ගෙදර එන්නේ..

*************************************

ඉශූ ආවා ඒයි..

කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ..

පලවෙනි බාල්දිය ඔන්ද වේ..

ඔයාලා දන්නවද දන්නෑ අදට මං නෙත්සර ලියන්න අරන් හරියටම අවුරුද්දක් වෙනවා..

මට ඕන උනා මීට වඩා දිගට දෙන්න ඒත් ඉතින් දන්නැද්ද එක්සෑම් පීරියඩ් එකේ මිස් උන සීරීස් ටික බලන්න ගත්තම වෙලාව යනවා දැනෙන්නෑ..

කොහොම උනත් අවුරුද්දක් වගේ කාලයක් 5k ත් පහු කරලා රීඩර්ස්ලා වෙන්න තරම් මගේ කතාවත් එක්ක හිටපු ඔයාලට තැන්කිව්.. ඉස්සරහටත් ඔයාලා මාත් එක්ක ඉදී කියලා හිතනවා..

අද නම් ඔය හොරෙන් කතාව කියවලා යන අයත් කතාව ගැන මොනාද හිතන්නේ කියලා කමෙන්ට් කරන් යන්න හොදේ..

ඉශුවා ආදරෙයිනේ..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!