Chapter 23 of 23

විසිඑක්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,742 words~14 min read

ආ පුතා.. දැන් ද ගෙදර එන්නේ..

අවසාන මොහොත මාගේ.. නොදකින් මේ ගෑනි මැරෙන්නෑ.. හවස මතක් කරා විතරයි ගෙදරින් මතුවෙලා.. දන්නවනම් චීත්ත දෙකක් අරන් එනවා..

ආ ලොකු අම්මේ.. දන්නැද්ද ඉතින් ඉස්කෝලේ හෙඩ් බෝයි උනාම වැඩ වැඩීනේ.. කොහෙද ඉතින් අක්කා නිකන් ප්‍රිෆෙක්ට් කෙනෙක්වත් උනානම් ඔයාට තේරෙයි.. අයියා උනත් බැජ් එක තිබ්බට අයිස් ගහපු එකමනේ කරෙ..

අම්මේ බලන්න ඕනේ ගෑනිගේ මූන.. තනි සෝෆා එකේ වාඩිවෙලා හිටපු අප්පච්චි ලොකු අම්මගේ මූන දැකලා හිනාව කාගෙන අහක බලාගත්තා.. වෙලාවට අම්මා කුස්සියේද කොහෙද..

ඒක නෙවෙයි ලොකු අම්මේ ගොඩක් වෙලාද ඇවිත්..

දැන් ටිකක් වෙලා පුතේ..

අයියා ආවද.. යන්න ගිහින් වොශ් එකක් එහෙම දාගෙන ඇවිත් අයියයි අක්කයි එක්ක කතා කරන්න..

අම්මා නිසා යන්තන් සේප් වෙලා කාමරේට පැනගත්තා.. ටවල් එකයි ඇදුමකුයි අරන් බාතෲම් එකට ගිහින් ඇගේ තිබ්බ තෙහෙට්ටු ගතියයි හිතේ තිබ්බ තරහවයි ඇරිලා යනකන්ම හොද වොශ් එකක් දාගත්තා.. සින්දුවකුත් මුමුන මුමුන එලියට එද්දී මගේ යටගිය තරහ ආයෙමත් සියදහස් ගුනේකින් වැඩිඋනා..

සදුනි අක්කේ.. ඔයා මොනාද මගේ කාමරේ කරන්නේ..

තරහ පාලනය කරගෙන මං හෙන සුහදව ඇහුවා..

ඇයි අනේ මට එන්න බැරිද..

හුට්ටක් කියනවනේ මේ ගෑනි.. යකෝ කොල්ලෙක් ඉන්න කාමරේකට එහෙම එකපාරට කඩන් පනිනවද.. හදිස්සියේවත් මං ඇදුම් මාරු කරන ගමන් හිටියනම් එහෙම.. මොනා උනත් හැදියාවක් තියෙන්න එපෑ..

ඒ ඒ.. ඒපාර මොකද මේ ලගට එන්නේ.. එන්න එපා කොටනවා සෙනිකව..

අක්කා මොකටද ආවේ කිව්වානම් ලේසි නේද..

මගේ පැත්තට එනවා දැක දැක මං සේප් එකේ මාරු වෙලා කාමරේ කොනක තිබ්බ අයන් බෝඩ් එක ලගට ඇවිත් ටවල් එක ඒක උඩින් දාලා අනික් පැත්ත හැරෙද්දී මෙන්න මේකී ඉන්නවා මගේ මූණට එබිලා.. අන්න ඒ පාර මගේ දෙපැත්තෙන් අයන් බෝඩ් එක උඩ අත්දෙක තිබ්බා.. මේකි නිකන් පුස් ඊරි වගේ මගේ ඇගට බර උනාම ඒකිගේ පිටිපස්සෙන් බලන එකෙක්ට අනිවා මාව පේන්නෑ සත්තයි..

දාර මනෝපාරක හිටපු මම ගැස්සිලා මේ ලෝකෙට ආවේ පුස් ඊරී මගේ පපුවට අත තියලා තද කරාම.. අනේ යකෝ ලොකු අම්මගෙ නම්බුව රෙද්ද පල්ලේ යනවා මේවා කවුරුහරි දැක්කොත්.. අප්පිරියයි ඩෝ..

අක්කේ..

ඇයි බබා..

ඒව්.. ඒ පාර බබාලු.. කවුද ඩෝ තොගේ බබා..

අත ගන්න..

ඇයි අනේ මං චුට්ටක් ඇල්ලුවම මොකද..

ඇති.. හොදටම ඇති..

අක්කේ..

තිබ්බ තරහටත් එක්කම සද්දෙන් කෑ ගැහෙද්දී ගෑණි ගැස්සුනා හැබැයි නිකන්වත් නෙවෙයි අයින් උනේ..

මොකද බබා කෑ ගහ...

ලොකු බබා තේද කිරි කෝපිද..

හරියට හරි.. හරියටම හරි..

දොර ලගින් ඇහුන කටහඩට මං අරකිගේ උරහිස උඩින් අමාරුවෙන් එබිලා බැලුවා.. සදුනියත් යන්තන් බෙල්ල හරවලා බැලුවා.. අනේ මගේ ගලවාගැනීමේ හමුදාව.. කවුරුත් නෙවෙයි අනේ මගේ සුදු ඇනී අම්මා.. මගේ වෙලාවටම එයාටත් මේ පුස් ඊරිව පේන්න බෑ..

දෙයියනේ මේ මොන අපරාදයක්ද..

මං සේප් එකේ ඇනී අම්මට මාව බේරගන්නකෝ කියලා තොල් මැතිරුවම මෙච්චර වෙලා ඇස් ලොකු කරන් බලන් හිටපු කෙනා මුලු ගේම දෙක වෙන්න කෑ ගැහුවා.. මෙතනින් බේරුනාම මං ඔයාට ලොකු උම්මියක් දෙන්නම් හොදේ..

හැබයි ඉතින් කොච්චර සද්දේ උනත් වැඩක් නෑ මේ පුස් ඊරී මගේ ලගින් දසමයක්වත් හෙල්ලුන්නෑ.. හැබයි ඇනී අම්මගෙ සද්දෙට ගෙදර හිටපු ඔක්කොලාම මගේ දොරකඩ..

මොකද ඇනී උනේ..

අනේ අර බලන්න මහත්තයා.. අර ලමයා ලොකු බබාට කරදර කරනවා..

අනේ අප්පච්චි..

ඇනී අම්මගෙ රංගනේට මාත් සපෝට් කරන්න එපෑ.. නැත්තන් තාත්වික මදි..

මං අඩන්න වගේ කිව්වම මෙච්චර වෙලා බකමූණා වගේ දොර පැත්තට ඔලුව හරවන් හිටපු සදුනියා මගේ දිහා බැලුවා.. බැලුව ගමන් ගැස්සිලා බය වෙලා අඩියකුත් පස්සට තිබ්බා.. බය උනේ මොකටවත් නෙවෙයි මගේ ඇස් වල කදුලු දැකලා.. මොනා නැතත් ඕනම දෙයක් ඕනවට වඩා හිතලා ඇස් වලට කදුලු පුරවගන්න විසේස හැකියාවක් මට තියෙනවා.. ඕකෙන් අපේ මනුස්සයව එහෙම නම්මගන්න හෙන ලේසි..

අරකි අයින් උන ගමන් මං දුවලා ගිහින් අප්පච්චිට තුරුල්වෙලා ඒ බෙල්ල අස්සේ මූන ඔබාගත්තා..

මොකද උනේ..

අප්පච්චි ඇහුවේ හොරෙන්..

අනේ මේකි මහ ඇණයක් අප්පච්චි.. මොකටද මුන් ආවේ.. ලොකු තාත්තා කොහොම ඉන්නවද මන්දා මේ වහන්තරා දෙකත් එක්ක..

ඇත්ත.. ඒ අහිංසකය පව්..

ඒකනේ.. අනේ ඕකිට බනින්නකෝ අප්පච්චි.. ඒකි මගේ පපුවත් මිරිකුවා..

අතින් පයිනුත් දාලා අප්පච්චිගේ බෙල්ල අස්සෙම ඉදලා කුටුකුටු ගාලා කේලම් කිව්ව මම අප්පච්චිව තව තද කරලා බදාගත්තා..

දුව.. මං කවදාවත් ඔයාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේනෑ..

හරියට හරි අප්පච්චි..

අනේ බාප්පේ මං මුකුත් කරේ නෑ..

මං අප්පච්චිගේ බෙල්ල අස්සේ ආයෙත් කුටුකුටු ගාන්න ගත්තා..

යැයි යැයි තමා.. මොන මලකරුමයක්ද අප්පච්චි.. ඔහොමත් කොල්ලොන්ගේ කාමරවල් වලට තනිපංගලමේ එනවද හැදියාවක් තියෙන කෙල්ලෙක්.. දරු පැටිය හරියට බය උනානේ..

ඇත්තට.. උබ බය උනාද ඈ.. මහලොකු හෙඩ් බෝයි..

යෝහ් අප්පච්චි.. ඔයත් මට කෝචොක් කරනවත ඈ.. බැනපල්ලකෝ ඕකිට..

ඒකනේ මගේ දුව එහෙම නරක ලමයෙක් නෙවෙයි..

ඔන්න ඔන්න අනික් එකිත් පටන්ගත්ත.. සිරාවටම මට තාමත් හිතාගන්න බෑ මේ අපේ අම්මගේ ලොකු අක්කද කියලා..

මේවා මෙහෙම කාමර අස්සේ කතා කරන්න පුලුවන් දේවල් නෙවෙයි යමු එලියට..

අප්පච්චි මාවත් එක්කන් ඉස්සර වෙද්දී කට්ටියම ආවේ සාලෙට..

අප්පච්චි මාවත් එක්කන් ඉස්සර වෙද්දී කට්ටියම ආවේ සාලෙට..

අයියා මොකද උනේ කිව්වා නම්..

අප්පච්චි එයා ගාවින් මාව වාඩි කරවගෙන නඩු අහන්න ගත්තා..

මං වොශ් එකක් දාගෙන එලියට එද්දී අක්කා මගේ ඇදේ වාඩිවෙලා හිටියා.. මං මොකද්ද උවමනාව කියලා....................

................................ ඉතින් අප්පච්චි හදිස්සියේවත් මං ටවල් එක් පිටින් හිටියානම්.. අනික හැදියාවක් තියෙන ගෑණු ලමයෙක් ඔහොම තනිපංගලමේ කොල්ලගේ කාමරේට එනවද..

මගේ අතිවිශිෂ්ට රංගන හැකියාවෙන් ටිකක් දාලා මං සුරුස් ගාලා නහයත් උඩට ඇද්දා.. අරකි ඉන්නවා බට වෙලා පුස් ඊරී..

ඇනී අම්මා..

අනේ ඇනී අම්මේ ගානට රගපාන්න හොදේ..

මං ගියේ ලොකු බබා තේද කිරි කෝපිද බොන්නේ අහන්න.. වෙනදට වහල තියෙන දොර අද බාගෙට ඇරිලා තිබ්බ නිසා මං හිතුවේ ලොකු බබා එලියට ඇවිත් ඇති කියලා.. ඒත් කෝකටත් කියලා මං දොරට තට්ටු කරලම ඇතුලට ගියේ නැත්තන් හරි නෑනේ.. එතකොට මං දැක්කේ මහත්තයලා එතනට එද්දී පේන්න තිබ්බ දේම තමයි..

එලම ඇනී අම්මේ.. මං සේපට ඇහැක් ගැහුවා..

දුව..

දැන් උත්තර දීපන් පුස් ඊරී..

බාප්පේ.. ඇත්....

ආවා සොයා ආදරේ..

අරකි කතා කරන්න හදද්දිම මොකෙද්ද එකෙක් ඉස්සරහ දොරත් ඇරගෙන ගෙට පැන්න පාර අපි ඔක්කොම ඒ දිහා බැලුවා.. එකෙක් නෙවෙයි සෙට් එකක්.. අනේ මගේ මිනිහයි අපි දෙන්නගේ මීහරක් සගයෝ ටිකයි.. අතින් කටින් kfc එකේ බෑග්ස් වගේකුත් උස්සන් මුන් මොකද මෙහෙ..

යසාර පුතා.. මොකද මෙහෙ..

අනේ අනේ සේමි.. ඔයාටත් මගේ cudu මහත්තයට වගේම අමතක උනා කියන්න නම් එපා..

මොකද්ද පුතා..

අද අපි මෙහෙ මූවි නයිට් එකක් දානවා කියලා කිව්වා මතක නැද්ද..

දෙයියනේ මට මේ උන දේවල් එක්ක ඒකත් අමතක උනා.. ඔයාලට කන්නවත් මොන...

අපි දැන් කන්න ඉල්ලුවද නෑනේ.. ඒවා අපි බලාගන්නම්.. නෙතුවෝ අද අපි සෙට් එකම උබේ කාමරේ හොදේ.. කොහොමත් ඉතින් අද වෙනදා වගේ ඉන්න බෑනේ නේද ලොකු අම්මේ..

අම්මේ අපේ ලොකු අම්මගෙ මූන තමා බලන්න වටින්නේ.. එයා යසාට පොඩ්ඩක්වත් කැමතිනෑ කට කියවනවා කියලා..

ඉතින් ඉතින් ඔයාලා මොනා ගැනද කතා කර කර හිටියේ..

මහිත් පැන්නා අඩුපාඩුවට..

ඒවා පවුලේ අයගේ කතා.. ඔය ලමයින්ට ඒවගෙන් වැඩක් නෑ..

ඒවා හැරියන්නෑ ලොකු අම්මේ.. අපේ එකාට අදාල දෙයක් නම් අපිටත් අදාලයි..

එහෙම කියලා කට්ටියම ඇවිත් සරනාගතයෝ වගේ සෝෆා එක් ලගින් බිම වාඩි උනා.. අකීල් ඇස් වලින් මොකද උනේ කියලා ඇහුවම මාත් ඇස් වලින් පුස් ඊරිව පෙන්නල කට ඇද කරා..

එහෙම පුලුවන්ද..

දුවට මේ ලමයි ඉන්න එක අපහසුවක්ද..

නෑ බාප්පේ..

ලොකු අම්මා ගස්සලා අහක බලාගත්තා..

එහෙනම් ඉස්සෙල්ලා කියන්න ගියපු දේ කිව්වා නම්..

ඇත්තටම බාප්පේ මං මල්ලිට කැමති.. ඒකයි මං කාමරේට ගියේ..

හම්මට යකෝ මේකි නිකන් පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම කිව්වනේ..

එහෙම කොහොමද..

මටත් කලින් මගේ එකා උන යසාට මල පැන්නා..

ඇයි මල්ලී එකේ වැරැද්ද මොකද්ද..

හිතට ආපු ආවේගෙට මාව නිකන්ම නැගිට්ටුනා..

වැරැද්ද.. වැරැද්ද තමයි මං ඔහේට කැමති නෑ.. එහෙම එක එකාට කැමති උන පලියට අනුන්ගේ කාමර වලට රිංගන්න පුලුවන්ද..

අනුන්ගේ වෙන්නේ කොහොමද.. ඔයා මගේ මස්සිනා නේ.. මස්සිනා අයිති නෑනටනේ..

ආ... මට දැන්නේ තේරුනේ.. ඇත්තට මස්සිනා අයිති නෑනටද.. එහෙනම් ඕවින්දි අක්කටත් මාව අයිතිනේ.. මොකද කියන්නේ එකගෙයි කමුද.. මස්සිනා අයිති මස්සිනාට වගේ කතාවක් තියේනම් ඔයාගේ අයියවත් එක්කගමු.. මට කිසි ප්‍රශ්නයක් නෑ.. අපි යමු සිව්සමේ.. ඇයි යකෝ..

මං දැක්කා කොනක හිටපු අයියා පපුවට අත තියාගන්නවා..

තූ.. මෙච්චර 21st සෙන්චරියේ ඉදලත් තාමත් අර ගල් යුගේ විදියට හිතන උන් ඉන්නවනේ.. අනේ අක්කේ.. අපේ අම්මලා කමක් නෑ කියමු.. ඒත් ඔයා.. පොඩ්ඩක්වත් කොමන් සෙන්ස් කියලා දෙයක් නැද්ද..

ඇයි ඔයා මෙච්චර කලබල වෙන්නේ පුතා.. ඔයාට කවදාවත් ගෑනු ලමයෙක් එක්ක සම්බන්දයක් තිබිලා නෑනේ.. දැන් උනත් එහෙම එකක් නැති එකේ ඇයි මේ.. අනික ඔයා අක්කා අක්කා කිව්වට ඔයාලා එකම වයසෙනේ..

අක්කා නෙවෙයි ඕකී කක්කා..

ලොකු අම්මේ කියන එක තේරුන් ගන්න.. සදුනි අක්කා කියන්නේ ඕවින්දි අක්කා වගේම මට අක්කා කෙනෙක් විතරයි.. එතනින් එහාට වෙන කිසිම හැගීමක් මගේ හිතේ නෑ.. අනික මගේ අම්මලටවත් නැති අමාරුවක්නේ ලොකු අම්මට මං ගැන තියෙන්නේ.. මං ගැන හොයන වෙලාවේ අයියා ගැන හෙව්වානම් මොකද..

දැන් අවුරුදු කීයක්ද එක්සෑම් කරලා.. තාම කැම්පස් එක්කුත් නෑ රස්සාවකුත් නෑ පරස්සාවකුත් නෑ.. ගෙදරට නාකි වෙනවා..

මගේ ලමයා ගැන මං බලාගන්නම්..

අන්න ඒක තමයි.. ලොකු අම්මා ලොකු අම්මගේ ලමයා ගැන බලාගන්න අපේ අම්මලා මං ගැන බලා ගනී.. Okay.. don't worry.. we can handle this situation.. got it..

මං මේක අපේ අම්මලටත් කිව්වා..

ලොකු අක්කේ..

හරිනේ.. ඔය කොරලා තියෙන්නේ.. අහවල් රෙද්දකටද අත්තම්මලට කියලා තියෙන්නේ.. හැබයි ඒක ඇහුන ගමන් මෙච්චර වෙලා කටපියන් හිටපු අම්මට කෑ ගැහුනා..

මං මෙච්චර වෙලා හරි සීරුවට කියන හැම දේම අහන් හිටියා.. දැන් හොදටම ඇති.. අක්කට මේ ගැන පුතාටත් කලින් අපිත් එක්ක කතා කරන්න තිබ්බා.. හරි ඒකත් කමක්නෑ කියමුකො මොකටද අම්මලට කිව්වේ.. දැන් ඒ වයසක මිනිස්සු දෙන්නා බලාපොරොත්තු පොදි බැදන් බලන් ඇති.. මේක වෙන්නෑ කිව්වම ඒ දෙන්නට මොනවා හිතෙයිද..

කවුද මේක දැන් වෙන්නෑ කිව්වේ..

මං..//

අප්පච්චියි මායි දෙන්නන කිව්වේ එකවර..

මල්ලි..

මගේ ලමයා ගැන හොයලා බලන්න මං වගේම සේමිත් තාම පනපිටින් ඉන්නවා.. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕන්නෑ.. ඒ නිසා මේ කතාව මෙතනින් ඉවරයි..

අක්කලා ආපු වැඩේ කරගෙන ඔයාලට ඕන තරම් කාලයක් මෙහෙ ඉදලා යන්න කිසි ප්‍රශ්නයක් නෑ හැබයි මේ කතව ආයේ ඇදිලා එන්න බෑ..

ඕකේ එහෙනම් සාකච්ඡා සාකච්ඡා ඉවරයිනේ.. අපි අපේ එකාව එක්කන් යනවා ආයේ ඉතින් හෙට උදේට තමයි දෙන්නේ..

අප්පච්චි කතා ඇති කියනවත් එක්කම යසයි මහියි පැනලා මාවත් එතනින් ඇදගෙන ගියා.. කට්ටිය කෙලින්ම නතර උනේ මගේ කාමරේ.. ආවට පස්සේ තමයි මං දැක්කේ හිරුෂයත් ඇවිත්..

මූ මොකද මෙහෙ..

කොල්ලා ඉන්නේ එක්සෑම් නිසා ස්ට්‍රෙස් එකේනේ බං.. ඔන්න ඔහේ පොඩ්ඩක් රිලැක්ස් වෙච්ච දෙන්..

ආ ඇත්තට.. ඌ රිලැක්ස් වෙයිද උබ රිලැක්ස් වෙයිද කියලා අපි බලමුකෝ..

අනේ මේ නෙතුවා.. තොගෙ කට දැන් හොදටම වැඩී..

කොහෙද උට්ටෝ මගේ කට වැඩි.. ඒක හැමදාමත් ගානට..

මං නිතරම මූවීස් බලනවා කියලා අප්පච්චි ගෙනත් දුන්න ප්‍රජෙක්ටර් එකයි ස්ක්‍රීන් එකයි කට්ටිය සෙට් කරන අතරේ මං මහියා එක්ක ආතල් එකටත් එක්ක පොඩ්ඩක් කියවන් ගියා..

අකීල් උබේ කොල්ල දැන් අලි ඔලුවෙන් ඉන්නේ.. දෙකක් දීලා හදාගනින්..

එයාව ඇද...

එච්චරයි කියන්න හම්බුනේ එකපාරට පැත්තකට ඇදිලා ගිහින් මගේ තොල් සීල් උනා.. අනේ මිනිහෝ.. මාව දැන් නිකන් දියවෙනවා වගේ..

Oh my god.. I thought exactly right..

අපේ උන් සූස් බූස් ගාන ඒවා ගනන් නොගෙන මාත් අනික්පැත්තට කිස් කරද්දී එක පාරට මෙතන එකෙක්ටවත් නැති වොයිස් එකක් ඇහුන නිසා මං අකීල්වත් එහාට කරන් දොර පැත්තට හැරුනා..

මල මගුලයි අපේ නංගි..

නංගි තමුසේ හිත...

No no its okay.. I don't care ur sexuality and he is better than that fat piggy.. No he is the best partner for u ayya.. I'm not gonna tell anyone.. so continue.. bye bye..

ඈ යකෝ ඒ මොකද්ද ඒ උනේ..

Aaaa ayya by the way one of my boy friend also gay..

දොර ගාව හිටන් හිටපු නංගි අර පුස් ඊරිටත් බැනලා අකීල් තමා මට ගැලපෙන එකා කියලා උගේ යාලුවෙකුත් ගේ කියලා යන්න ගියා..

අඩේ උබේ නංගි නම් පට්ට ඈ..

බලපන්කෝ බං ඒ පොඩි එකීට තේරෙන තරම..

අනික අර අන්තිමට කිව්වේ එයාගේ යාලුවෙකුත් ගේ කියලා.. බලපන් අපෙයි උන්ගෙයි අන්ඩස්ටෑන්ඩින් එක කොච්චර වෙනස්ද කියලා..

අඩේ සුදූ..

මෙච්චර වෙලා කට්ටිය කියන ඒවයි අපෙ නංගි කියපුවයි ඔලුවට ප්‍රොසෙස් වෙනකන් සද්ද නැතුව හිටපු මාව අකීල් උරහිස් වලින් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වා..

කොහෙද අතරමං වෙලා හිටියේ..

කොහෙවත් නෑ..

නංගා කියපුවා හිතන්න එපා.. අනික කෙල්ල කිව්වනේ කාටවත් කියන්නෑ කියලා..

හම්ම්.. හැබැයි ඔය ඔක්කොටම කලින් හොයාගන්න ඕනේ එයා අපි ගැන දැනගත්තේ කොහොමද කියලා..

හරි හරි ඒවා පස්සේ.. දැන් අපි කරන්න ආපු වැඩේ කරමු.. ගිමා ඔය දොර ලොක් කරන්ම වරෙන්.. නැත්තන් අර නෑනා ඒවි මස්සිනා හොයාන.. කොහෙවත් ඉන්න හාල් කෑලි වලට දෙන්න මං කොල්ලෙක් හොයාගත්තේ නෑ..

එහෙම කියාන අකීල් මාත් එක්ක ඇද පාමුල දාලා තිබ්බ බූල් කාපට් එකෙන් වාඩි උනා.. ඊට ඉස්සරහින් ප්‍රොජෙක්ටර් එක සෙට් කරලා ස්ක්‍රීන් එක දාලා..

ගෙනාපු ජාතිත් කන බොන ගමන් මං හිතන්නේ අපි සෑහෙන්න ෆිල්ම්ස් තොගයක් බැලුවා.. අන්තිමට නින්ද ගියේ කීයටද කියලවත් දන්නෑ.. වෙනදා පුරුද්දටම උදේම ඇහැරෙද්දී මං හිටියේ වැම්පයර් සිතුවිලි පහල වෙන බෙල්ලක් අස්සේ.. මං පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවම මගේ මනුස්සයා සනීපෙට නිදි.. මං හෙමීට අකීල්ගේ තුරුලෙන් අයින් වෙලා අපි දෙන්නවම වහන් හිටපු බ්ලැන්කියෙන් එයාව තව ටිකක් කවර් කරලා නැගිටලා අතේ පයේ හිරි අරින ගමන් වටපිට බැලුවා..

අනේ සතර පෙර නිමිති හොදයි..

යසාරයි ගිමයි මගේ බෙඩ්සයිඩ් ටේබල් එක පාමුල අතපය හතරත් දිග ඇරන් බුදි.. කුනු කෙලත් පෙරෙනවා.. මහියා හිරුෂ මල්ලී එක්ක ඇදේ හැබැයි මහියගේ කකුල් තියෙන්න ඕන තැන තියෙන්නේ උගේ ඔලුව.. ඒ මදිවට හිරුෂගේ කකුල් දෙකත් බදාන.. හෑයියා අන්න ඒ පාර කිස් කරන්න හදනවා.. ඒව් මේකා මොනවා හීනෙන් දකිනවද දන්නෑ.. තරුවා බීන් බෑග් එක උඩ.. මමයි අකීයි විතරයි පිලිවෙලකට හරි බිම නිදාගෙන තියෙන්නේ.. මිලානයා පේන්න නෑ.. මොන තූත්තුකුඩියක ගිහින්ද දන්නෑ..

හෙමීට මූනත් හෝදන් පොඩි වොශ් එක්කුත් දාලා චේන්ජ් කරන් කාමරෙන් එලියට ආවා.. කිචන් එක පැත්තෙන් සද්ද ගොඩයි.. උදේම මල් චීත්ත දෙජාතියෙන් ගවුමක් මහන්න පුලුවන් වගේ..

ගුඩ් මෝනින් මල්ලී..

ගුඩ් මෝනින්..

මං කුස්සියේ හිටපු ඔක්කොටම පොදුවේ කියලා ෆ්‍රිජ් එක ලගට ගියේ මගේ උදේ ජූස් එක ගන්න.. කකුල කඩාගත්තට පස්සේ උදේට හොදට විටමින් C තියෙන ජූස් එකක් බොන එක පුරුදු වෙලා කන්නත් කලින් ඒක හොයනවා.. ජූස් එකත් අරන් ෆ්‍රිජ් එක වහද්දී මෙන්න පුස් ඊරි ඉන්නවා අප්පච්චිගේ මග් එකත් අතේ තියන්..

ලොකු අම්මා කෑම මේසේ වාඩිවෙලා ඇනී අම්මට උන්දැගෙ පන්පෝරිය කියවනවා.. මං දන්නවා ඇනී අම්මට පුලුවන් නම් අතේ තියෙන වලදෙන් ගහමවා වලං කට බෙල්ලේ හිර වෙන්න..

මං ඔයාගේ කිරි එක හැදුවා.. මේක ඔයාගේ මග් එක නේ..

මහ ලොකුවට කසාද බදින්න කතාව ඒත් තාම දන්නෑ කොල්ලට කිරි බොන්න බෑ කියලා..

අඩේ අකීල්.. කුස්සියට එන තැන හිටියේ අකීල්.. අරකිගේ මූන ඇද වෙලා ගියා..

ගුඩ් මෝනින්.. ගුඩ් මෝනින් ආන්ටි..

අර සීතල ගතියෙන් වටේ හිටපු අයට ග්‍රීට් කරලා පොඩි එකා වගේ ගිහින් අනික් අයට තේ හද හද හිටපු අපේ අම්මගේ බෙල්ල බදාගත්තා..

ගුඩ් මෝනින්.. මොකද මේ උදේම තව ටිකක් නිදාගන්න එපෑ..

හීටර් එක ඕෆ් කරලනේ..

මේකා කිව්වම අම්මා මං දිහා බලලා හෙන කින්ඩි හිනාවක් දැම්මා.. දෙයියෝ බැරි වෙලාවත්..

කෝ මගේ කිරි එක.. ආ මේ තියෙන්නේ..

මට තව මුකුත් හිතන්න කලින් කිරි එක හොයන් කිචන් එකට ආපු අප්පච්චි සදුනි අක්කා අතේ තිබ්බ එයාගේ මග් එක අරන් උගුරක් බිව්වා.. අනේ අප්පච්චිට බඩ ගියේ නැත්තන් ඇති ඕකිගේ අරිශ්ටේ බීලා..

සේමි.. වැරදිලාවත් ඔයා අද පිටි හැන්දක් වැඩියෙන් දැම්මද..

ඕක ඔයාගේ නෙවෙයි අනික හැදුවේ මමත් නෙවෙයි..

මේක මගේ මග් එකනේ.. අනික මට ආයෙත් දත් මදින්න වෙනවා.. මගේ දත් ටිකත් ඇලවෙනවා.. ඒ තරමට මේකේ පිටි..

දෙයියෝ ඕක බිව්වා නම් මං කෙලින්ම වලපල්ලේ..

බාප්පේ.. ඕක හැදුවේ මම මල්ලිට..

බාච්චේ යැයි යැයි තමා.. අනේ මගේ අහිංසක අප්පච්චි..

වෙන එක්ක හදන්න එපෑ..

මං හිතුවේ ඕක මල්ලිගේ කියලා..

එයාට මග් එකක් නෑ.. මොකද මනුස්සයා තේ බොන්නෑනේ.. අනික් දවසේ පිට කොහෙහරි ගියාම දන්නැති දෙයක් ඒ ගෙදර මිනිස්සුන්ගෙන් අහලා බලලා කරන්න..

අප්පච්චි එහෙන්මම කිරි එක සින්ක් එකට හැලුවා.. අනේ සල්ලි..

පුතා ඔයාලා කීයටද යන්නේ..

අරුන් නැගිට්ටම යනවා..

පුතාලා කොහෙද යන්නේ..

අන්න අන්න අනික් චීත්තෙත් දිගෑරිලා.. මෙච්චර වෙලා අකුලන් හිටියනේ..

ඉස්කෝලේ වැඩ වගයක් ලොකු අම්මේ..

මේ නිවාඩු දවසෙත්.. අනික ඔයා මොකටද යන්නේ..

ඉස්කෝලේ වැඩ වලට හෙඩ් බෝයි නැතුව වෙන කවුරු යන්නද..

ඒ පාර කට වහගත්තා..

දැන් කොහාටද සෙට් වෙන්නේ කට්ටිය..

අපේ මල්ලි කෙනෙක්ගේ රෙන්ට් කරන ගෙයක් තියෙනවා ප්‍රයිමරියට ටිකක් එහායින් ගෙවල්.. එහෙට යන්න තමා කතා උනේ.. එතකොට ග්‍රවුන්ඩ් එකටත් ලගයිනේ..

ඒ ගෙවල් වලින් අවුලක් නැද්ද..

නෑ නෑ.. මේ දවස් වල කොහොමත් ඒක හිස්ලු..

වනසලා එන්නේ නෑ..

හරි හරි අනේ.. ආ අනික අපි හැමෝම අගහරුවාදා වෙනකන් එහේ නවතිනවා..

එහෙම කොහොමද..

ඇයි ලොකු අම්මේ ඔයාට ප්‍රශ්නයක් ද..

ආවා මෙතන කොහොමත අහන්න..

පරිස්සමට ඉදලා වැඩටික කරගන්න..

හම්ම්.. අකීල් යමු.. කාමරේ අස්කරලා අර කුම්බ්භකර්ණයෝ ටිකත් ඇහැරවගන්න එපෑ..

අපි කාමරේට යද්දි හිරුෂ නැගිටලා.. අකීල් ගිහින් ගිමාව ඇදලා අරන් හිටගැස්සුවා.. මේකා තාමත් ඇස් ඇරලා නෑ..

අඩේ නැගිටාන්..

පොඩ්ඩ්ක් හිටපන්.. ඇස් පියාගත්තා විතරයි..

මං ගිහින් යසාගේ පස්සට එකක් ගැහුවා..

නැගිටලා ඉන්නේ.. තට්ටු කරන්න එන්න එපා සුදු දෝණිගේ දේපල වලට..

මුට හීනෙනුත් හිත ගියපු එකීවද කොහෙද පේන්නේ.. ඉක්මනට හොයාගන්න ඕනේ ඕකිව..

දෝණිට කලින් තෝ මගේ උනේ නැගිටපන්..

ඌට තවපාරක් ගහලා ඇද උඩ හිටපු මහියටත් පාරක් ගහනන් හැරෙද්දී ඌ නැගිටලා ඇද උඩ දනගහන් වැදන් ඉන්නවා..

මේ මොකද..

අනේ අම්මෝ උදේම ඔය අතින් කන්න බෑ තෝ ගහන ඒවා රිදෙනවා..

ඕකුන්ට ගහන්න එපා සුදූ..

එහෙනම් ඔයාම ඇහැරවන්න තිබ්බනේ.. ඒවා වැඩක් නෑ කෝ මිලාන්..

මේකා කොහේ ගිහින්ද.. එලියේ හිටියෙත් නෑ නේද් සුදූ..

නෑ.. ඉන්නකෝ ම්ං හොයාගන්න.. මිලාන්..

කෑගහන්න එපා බං මේ ඉස්කෝලේ නෙවෙයි..

අඩේ නමේ අයිතිකාරයගේ වොයිස් එක විතරයි මිනිහා නෑ..

මිලාන්..

හුත්ත කෑගහන්න එපා කිව්වා නේ.. ඔලුවත් ඇනුනා..

මෙන්න මූ ඇද යටින් මතුවෙන්වා ඔලුවත් අතගගා..

සමාවෙන්න..

යැයි යැයි තමා.. අයිස් පැක් එකක් දීපන් ඉදිමෙන්න කලින්..

කොහොමහරි කට්ටියව නැගිට්ටවන් කාමරෙත් අස්කරලා උදේටත් කාලා කොහොමහරි අම්මලා යන වෙලාවටම ගෙදරින් පැනගත්තා..

*************************************

කාලෙකින් ටිකක් දිග චැපියක් අරන් ඉශූ ආවා ඒයි..

ඔන්න ඔහේ එක්කෝ නෙතුසයව නෑනට දෙමුද..

ඊටපස්සේ මස්සිනාවත් ලගට අරන් අනික් නෑනත් ගෙන්නන් සිව්සමේ යමු.. මදි වගේ නම් අකීල්වත් ගෙන්නගමු..

ඔයාලා මොකද කියන්නේ..

කතාව බෝරින් වගේද.. එකම තැන කැරකෙනවා වගේද.. මොනාහරි කියන් යන්න අප්පාවේ..

ඇත්තවසයෙන්ම කියනවනම් ලමයි තව සතියකින් මං මගේ රිසච් දෙක පටන්ගන්නවා.. එතකොට මෙහෙමවත් ඇවිත් යන්න පුලුවන් වෙයිද දන්නෑ..

මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ.. පුලුවන් වෙලාවට චුට්ට චුට්ට හරි ලියලා පොඩි චැප්ටර් එකක් හරි දෙන්න බලනවා..

පරක්කු වෙනවට සොරි..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!