Chapter 3 of 23

දෙවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]1,958 words~10 min read

ගුඩ් මෝනින් චතූ අයියා..

දෙයියනේ ඒ වොයිස් එක.. ඇයි මේකා මේ වෙලාවේ.. මං අනික් පැත්ත හැරෙද්දි ඒ හිටියේ එයා.. මට මැචස් වලට ආවාම පේන්නම බැරි ඩයල් එක.. සාරන්‍ය අකීල් සූරියසිංහ.. මෙච්චර කාලෙකට ප්ලේ කරපු හැම සිංගල් මැච් එකක්ම දිනපු අපේ සහෝදර පාසලේ සිස්සයා.. අපි කොච්චර වැම්පින් උනත් මූ නිසා අපිට එක ඉවෙන්ට් එකක සෙකන්ඩ් වෙන්න වෙනෝ.. ඊ.....මට මේකව පේන්න බෑ..

ගුඩ් මෝනින් සාරන්‍ය මල්ලී.. අද ප්ලේ කරනවා නේද..

ඔව් අයියේ.. කෝ සීනියර් සෙට් එක නැද්ද..

එයාලට එක්සෑම් නේ.. අද ඉදලා මේ සෙට් එක තමා සීනියර්ස්ලා.. එහෙම කියලා කෝච් අපිව පෙන්නුවා..

ඔහ්.. මරු මරු.. එහෙනම් ඕල්ද බෙස්ට්.. හෙන කින්ඩි හිනාවක් දාලා ඒකා එහෙම කියනකොට ඇත්තමයි ඒ හැන්ඩ්සම් මූණ තැලෙන්න දෙන්න හිතුනා.. ඈ යකූ මගෙ හිත දැන් කිව්වේ හැන්ඩ්සම් කියලා නේද.. කට වහප් අසහනකාරී හිත.. ඒකා අපේ හතුරා..

මම යනවා අයියේ.. අපේ සෙට් එකත් ඇවිල්ලා.. යන්නං.. එහෙම කයපු අකීල් යද්දී අපිත් ටේබල්ස් වලින් අයින් උනේ මැචස් පටන් ගන්න අනවුන්ස් කරපු නිසා..

.

.

.

.

.

Few Hours Later

දවසේ මුල් පැය කිහිපය ගෙවිලා ලන්ච් ටයිම් ආවේ සෙමි ෆයිනල්ස් එනකන් මැචස් ටික ඉවර වෙනකොට වෙද්දී, පොඩි සෙට් එක එයාලට අදාල ඒජ් ග්රූප් වල ෆයිනලස් වලට සිලෙක්ට් වෙලා තිබ්බා.. තරුවා අපි හැමදාම ප්ලේ කරන සිංගල්ස් ෆයිනල් යද්දී මමයි මහියයි ඩබල්ස් වගේම මම සීනියර්ස්ලාගේ වෙනද ප්ලේ කරන ඒජ් ග්රූප් එකේ ෆයිනල් සිලෙක්ට් වෙලා තිබ්බා..

අම්මෝ බඩගිනී.. යසා එහෙම කියාන කැන්ටින් එකේ ටේබල් එකකින් පතබෑවුනා...

ඈ යකූ තෝ අතන අපි ප්ලේ කරනකන් කාපු ඒවා කොහෙටද ගියේ.. මහියා ගේමට එහෙම කියාන උට එහා පැත්තෙන් වාඩි උනේ යසා මේකා ආසම ස්නැක් එක මුට පෙන්න පෙන්න කාපු නිසා..

ඔච්චර ඊරිසියා කරන්න එපා සගෝ.. ඒවා මගේ බඩේ ගෑවෙන්නත් මදි..

අනේ මං කිව්වා කියලා හිතාගනින්.. පොඩි උන් ඉන්න නිසා තෝ අද බේරුනේ..

හා හා නවත්තපන්.. කන්න ඇවිල්ලාත් මරා ගන්නවා.. ඔය මල්ලිලා තුන් දෙනා කෑම ගෙනාවා නේද.. මම ඇහුවා..

ඔව් අයියේ..

හරි එහෙනම්.. අපි මොනාද කන්නේ..

මට නම් බර්ගර් එකක්.. වැඩිය කෑවොත් ප්ලේ කරගන්න බැරි වෙයි..තරුවා අහද්දී මම කිව්වා

අපිත් ඒවම ගමු.. තරු ගියා කෑම ටික අරන් එන්න.. කෑම ටික ගේනකන් මම දොර දිහා බලාන හිටියේ මොකද කියල මමවත් නොදන්නකොට දොරෙන් ඇතුලට ආවේ අකීල්..

වටේම බලලා ඒ ඇස් මගේ ලගින් නතර වෙද්දි, මගේ හාර්ට් රේට් එක වැඩි උනේ ඇයිද කියලා මටම තේරුනේ නෑ.. කට කොනේ කින්ඩි හිනාව දාලා උගේ යලුවෝ දෙන්නත් එක්ක ඇවිත් අපේ එහා පැත්තේ ටේබල් එකෙන් වාඩි වුණා.. තරුවත් කෑම ටික අරන් ආවා. .

ඒ නෙතුවා අරූ නේද උඹට ෆයිනල් සෙට් වෙලා ඉන්නේ.. යසා එහෙම අහද්දී

අනේ මචං මැච් එකට කලින් මූඩ් එක නම් කන්න එපා.. කන්න ගත්ත බර්ගර් එක ආයෙම ප්ලෙට් එකෙන් තිබ්බේ හිතට නුරුස්සන හැගීමක් දැනෙද්දී..

සොරි මචං..

ඒකට කමක් නෑ.. උඹ හිතලා නෙවේනේ කිව්වේ.. මම හිනාවක් දාලා කිව්වේ යසා පොඩි එකා වගේ චුට්ට ඇත්තන් හිත රිද්ද ගන්න නිසා..

ඈ බං ගිමා..බර්ගර් එකක් කාලා මැච් එකක් ගහන්න ෆිට්නස් එයිද.. ඒ ටකරන් වොයිස් එක ඇහුනේ අපේ එහා පැත්තේ ටේබල් එකෙන්

මං නම් හිතන්නෑ මිලාන්.. මං ඒ පැත්ත බලද්දී අනික් ටකයත් පටන් ගත්තා..

ඒ වෙන කවුරුවත් නෙවෙයි අකීල්ගේ අඹ යාලුවෝ දෙන්නා ගිම්හාන වික්‍රමසිංහයි මිලාන් ජයවර්ධනයි.. මුන් දෙන්නා මේ සේරම කියන්නේ අපේ පැත්ත බලාන උනාට ඇයි මට හිතෙන්නේ උන් ඒක කිව්වේ මට කියලා..

අපේ අකීල් ගහන පාරවල් නම් ඉතින් ඔය බර්ගර් එකක් කාලා නම් දරාගන්න බැරි වෙයි.. කියපු ගිම්හාන මිලාන්ට හයිෆයිව් එකක් දාලා හිනා වෙද්දී අර කට කොනේ හිනාවෙන්ම අකීල් මං දිහා බලාන උන්නා...

ඊව්.. මොකද්ද ඒ කියපු අසමජ්ජාති කතාව.. මට දැන් මේකට හොම්බකට සමතලා වෙන්න දෙන්න ඕන..

මොකද්ද යකෝ ඒ කිව්වේ.. පොඩ්ඩක් හිටපන් මං අරකට කතා කරල එන්න.. වලියක් එනකන් මග බලන් ඉන්න මහියා එහෙම කියලා නැගිටිද්දී මං උගේ අතින් ඇදලා ඇස් වලින් එපා කිව්වම ඌ වාඩි උනා..

ඒ මචං උබලට මදුරුවෙක් වටේ කැරකෙනවා ඇහුනද.. මම මගේ විදියට ගේම පටන් ගත්තා.. ඔව් මං අතින් පයින් වලි වලට වඩා වචන වලින් ගහගන්න ආසයි.. මොකද ඒවා කිව්වොත් කිව්වා ආය ගිලින්නයෑ...

ඔව් බං හරි කරදරේ.. පාඩුවේ කන්නවත් නෑ..මගේ විදිය දන්න යසාත් පටන් ගත්තා.. හැබැයි ඉතින් ඊලඟට කියපු එකට අපිටත් හික් ගෑවුනා.. මං ඕකව අහු උනොත් ඇට දෙක තලලා උටම කවනවා, සෙද්ද..

අපි බලාන ඉද්දිම අර මෝඩ ජෝඩුවගේ මූණු අපායට ගහපු කැලැන්ඩර් වගේ උනා.. අකීල්ට නම් හිනා.. ඌ හිනා වෙවීම ගිම්හානගේ පිටට තට්ටුවක් දාලා මොනාද කනට මිමිණුවම ඌ අත දිගෑරලා අකීල්ගේ පිටට ඩෑස් පාරක් දුන්නා.. අනේ මන්දා මේ පිස්සෝ මොනා කරනවද කියලා..

එතනින් එහාට කවුරුත් මුකුත් නොකියම කාලා ඉවර වෙද්දී ෆයිනල් පටන් ගන්න වෙලාව ඇවිල්ලා තිබුණා.. අපි ස්ටේඩියම් එකේ ෆැවිලියන් එකෙන් වාඩිවෙලා ටික වෙලාවකින් පොඩි අයගේ සිංගල්ස් වගේම ඩබල්ස් මැචස් පටන් ගත්තා.. කොහොමහරි මැචස් ඉවර උනේ අපේ පොඩ්ඩෝ චැම්පියන්ස්ලා වෙලා..

වෙල් ඩන් මයි ලිට්ල් වන්ස්.. අයිම් සෝ ප්‍රවුඩ් ඔෆ් යූ.. මම කිව්වේ පොඩ්ඩෝ තුනව හග් කරන ගමන්.. ඇයි දන්නෑ ගෙදර ඉන්න එකීට වඩා මම වටේ උන්ව හුරතල් කරනවා..

Under 15 boys singles and doubles are will start next..

අන්න මචං උබලගේ එවාට කතා කරනවා.. දිනලා වරෙන්..

එලම මචං.. යසා කියද්දි උටත් ෆිට් බම් එකක් දීගෙන අපි තුන්දෙනා ටේබල්ස් වලට ගියා..

අඩෝ බං සහෝදර පාසල නේ.. නියමයි නියමයි.. මේ පාරත් දෙමු වැලේ වැල් නැති වෙන්න..

අනිවා.. උන්ගේ ඔලුව වැඩී..

මමයි මහී යද්දී අනික් පැත්තෙන් ඇවිත් හිට ගත්ත උන් දැක්කම අපිට ගේමක් නෑ කියලා තේරුනා වගේම හිතුව විදියටම වට 2ට 0ක් විදියට අපි දින්නා.. අපි දෙන්නා ඉදගන්න යද්දී මෙන්න යකෝ තරුවා වාඩිවෙලා ඉන්නෝ..

ඈ බං උබ ප්ලේ කරන්නෑ..

මං ප්ලේ කරා..

මෙච්චර ඉක්මනට..

ඔව් බං.. මාත් එක්ක හිටපු එකා කොහොම ෆයිනල් ආවාද දන්නෑ.. මම ස්මෑෂ් දෙක්ක ගහද්දී ඒකා වෙව්ලන්න ගත්තා.. වට දෙකම මට මිස් උන ශොට්ස් දෙක තුනට විතරයි උට ලකුණු හම්බුනේ.. අපි අහපුවට තරූ කිව්වේ හිනා වෙවී..

අඩෝ අඩෝ මරු ඈ..

Under 16 boys singles will start next..

හම්මට මගේ එකට නේත ඒ..

ඔව් ඔව්.. දිනලා වරෙන් මයෙඅම්මා.. යසා මාවත් බදාන කිව්වා..

තම්ස් අප් එකකුත් ගන මං ටේබල් ටේබල් එක ලගට යද්දී අනික් පැත්තෙන් අකීලුත් එයාගේ යාලුවන්ගේ සද්දෙත් එක්ක ටේබල් එක ලගට ආවා.. මේක තමා අද දවසේ තියෙන අවසාන මැච් එක වගේම උනුසුම්ම මැච් එක.. මොකද මේකට ප්ලේ කරන්නේ අකීල්..

අර කට කොනේ හිනාව දාගෙන ආපු අකීල් දැක්කම මම හිතා ගත්තා කොහොමහරි අද මැච් එක වින් කරනවා කරලා..

දෙන්නම්කෝ මං තොට..

ඕල්ද බෙස්ට්.. අකීල් කිව්වේ ශේක් හෑන්ඩ් කරන ගමන්.. විෂ් යූ ද සේම්..

මැච් එක පටන් ගත්තා.. අඩෝ මේ #කයා පුදනකොටම කාපි යකා කියලා දීලා ඇද්දා ස්මෑෂ් එකක්.. උට 1යි මට 0යි.. ඇත්තම කිව්වොත් මම ස්මෑෂ් ෂෝට්ස් වලට බයයි.. මොකද මහියා එක්ක එකපාරක් ප්ලේ කරද්දී ෂොට් එකක් කෙලින්ම ඇවිත් මගේ ඇහැට යටින් කම්මුලේ වැදුනා ආයි අම්මා මුත්තා සිහි වෙන්න.. එදා ඉදලා ඔය අටමගල් ෂොට් එකට මං බයයි.. හැබැයි මම ගැහුවොත් එහා පැත්තේ එකා ඇකිලෙන්නම දීලා අදිනවා.. හී හී... මං හිතන්නේ අකීල් ඒක ස්ටඩී කරලා.. මොකද මේකා ෆස්ට් රවුන්ඩ් එකම ස්මෑෂ් ෂොට්ස් වලින්ම දින්නා..

දැන් නම් ඉතින් මගෙත් යකා උඩට එනවා.. ෆස්ට් රවුන්ඩ් එකට පස්සේ ඊලග රවුන්ඩ් එකට කලින් දෙන පොඩි බ්රේක් එකේ මම පැත්තක හිටපු තරුවලා ලගට ගියේ මාවම කාම් කරගන්න..

ඒ නෙතුවා අරූ උබව හෙනට ස්ටඩී කරලා වගේ.. මං යද්දීම තරුවා කිව්වා..

මටත් හිතුනා ඕයි.. මේක මාර කරුමයක් උනා නේ.. මම කිව්වේ නහයෙන් පිබින ගමන්..

හරි හරි තව රවුන්ඩ්ස් දෙකක් තියෙනවා නේ.. අනික අපි මේක තිබ්බා නැතා කොහොමත් චැම්පියන්ස්ලා නේ.. එහෙම කිව්වේ මහියා..

නෑ බං මම මේක අනිවා දිනනවා.. දෙන්නම් මං ඔය පොල් කෑදැත්තට..

තෝ මොකද කරන්න යන්නේ.. ඒත් එක්කම ටයිම්ස් අප් කියන්න විසිල් එක වැදුනා..

උට විතරද මචං අනික් ප්ලේයර්ව ස්ටඩී කරන්න පුලුවන්.. කට කොනේ කින්ඩි හිනාවක් දාගෙන එහෙම කියපු මම ටේබල් එක ලගට යද්දී තරුවයි මහියයි මං දිහා කන්පියුස් වෙලා වගේ බලන් හිටියට ටික වෙලාවක් යද්දී ඒ මූණු වලට ආපු හිනාව දැක්කම මට තේරුනා ටියුබ් ලයිට් දෙක ගානට මීටරේට වැටුණා කියලා..

මං යද්දී අර යකා ඉන්නෝ හිනා වෙවී.. දෙන්නම් පුතේ උබට මම.. සෙකන්ඩ් රවුන්ඩ් එක පටන් ගත්තා.. මේකා කලින් රවුන්ඩ් එකේ වගේම ස්මෑෂ් ගහන්න ගත්තට මම ඒ හැම ෂෝට් එකක්ම බ්ලොක් කරා විතරක් නෙවෙයි ඒ හැම බ්ලොකින් එකක්ම ටේබල් එක ටච් කරේ අකීල්ගේ මූණ නිකන් මොකද්ද එකක් වගේ වෙද්දී.. සෙකන්ඩ් රවුන්ඩ් එක මං දින්නේ ලකුණු දෙකකින් වෙද්දී අපේ සැට් එක හූ තියන්න ගත්තා..

වෙල් ඩන් නෙතුවා.. ඔහොම යමන්..

යූ කැන් ඩූ ඉට් බ්‍රෝ..

මට හෙන හැපී.. ඇයි ඉතින් අකීල් සූරියසිංහව මෙච්චර කාලෙකට එක රවුන්ඩ් එකක් හරි පරද්දපු එකා මමනේ..

ඊලග රවුන්ඩ් එක බ්රේක් එකක් නැතුවම පටන් ගද්දී ස'විස් එක තිබ්බේ මට.. බැක් හෑන්ඩ් ස'විස් එකකට වගේ රෙඩි වෙලා හිටිය මම එතනම අත හරවලා ෆෝ හෑන්ඩ් සවිස් එකක් දැම්මා ටේබල් එකේ අකීල්ගේ පැත්තේ බැක් හෑන්ඩ් කෝනර් එකේ වදින්න..

නයිස්..

මට නිකන්ම කියවුනේ අකීල්ට ඒ ෂෝට් එක මිස් උන නිසා.. ඊලග එකත් මම ගානට මිම්මට බැක් හෑන්ඩ් කෝනර් එකට දැම්මේ ස්කෝ' බෝ'ඩ් එකේ මගේ පැත්තට තව ලකුණක් එකතු කරනගමන්.. තව ෂොට්ස් දෙකක් විතර යනකොට මං හිතන්නේ අකීල්ට තේරුනා මං කරන දේ.. ඔව් මමත් අකීල්ව ස්ටඩී කරා මැච් එකට කලින්.. එයාගේ ලොකුම වීක් පොයින්ට් එක තමා කොච්චර හොද ප්ලේයර් කෙනෙක් උනත් බැක් හෑන්ඩ් සයිඩ් එකේ කෝන'ස් වලට ඉක්මනට රිඇක්ට් කර ගන්න බැරි එක.. එයාගේ ප්ලෙයින් බලලා අම්මෝ එයා එකක් අපිට බෑ කියලා හිතුනොත් කවදාවත් ඒ දේ පේන්නෑ.. මටත් එහෙම කාලයක් තිබ්බා හැබැයි ඒ ගොනා මං වික්කා පුතේ.. දෙන්නම්කෝ මම අද..

ඊලග ෂෝට් එකත් මම කලින් විදියටම දැම්මේ අකීල්ට මම කරන දේ තේරුනාද කියලා කන්ෆර්ම් කර ගන්න.. ඔව් එයාට තේරිලා පැනපු ගමන් බෝල් එකට ගැහුවේ එයාගේ පලවෙනි ලකුණ එකතු කර ගන්න ගමන්.. 4ට 1යි.. නරකම නෑ..

කමෝන නෙතුෂ.. යූ කැන් ඩූ ඉට්..

යු ආ ද බෙස්ට්..

කමෝන් නෙතුෂ අයියා..

අපේ සෙට් එක චියර් කරනවා.. ඒ අස්සේ යසා..

නෙතුවෝ.. ඔයැයි මේක වින් කරොත් මම ඔයාට මේ ස්නැක් පැකට් එක දෙනවා.. කියලා බෙරිහන් දුන්නා..

නොදෝකින්.. මුන්ට තමා නියම යාලුවෝ කියන්නේ.. සැක් ඔක්කම උන් හිනා වෙනෝ.. හැබැයි ඉතින් එකෙක්වත් ඒක ජෝක් එකට ගත්තේ නෑ මොකද මේක අකීල් සූරියසිංහ එක්ක ප්ලේ කරන මැච් එක.. මම යසාගේ පැත්තට හැරිලා කට වහපිය කියලා තොල් මැතිරුවාම එකා ඕකේ සයින් එක පෙන්නලා තවත් ස්නැක් අහුරක් කටේ දාගත්තා..

ඒ සිද්දියෙන් පස්සේ ආයේත් මැච් එක පටන් ගත්තේ සයිඩ් චේන්ජ් කරන ගමන් මොකද ස්කෝ ඊක්කුවල්.. දෙන්නටම 5යි.. අකීල් සර්විස් එක දැම්මා.. මමත් පැනලා ගැහුවට ඒක එලියේ.. අකීල්ගේ පිටිපස්සේ හිටපු එයාගේ ස්කූල් එකේ සෙට් එකේ චියර් එක වහලේ උඩ යන්න

තරම්.. මේක හරියන්නෑ. හොදටම ඇති.. ඊලගට ගහපු ෂොට්ස් කොහොම ගැහුවද කියලා මමවත් දන්නෑ.. අන්තිමට අත දිගෑරලා ස්මෑෂ් එකක් ගැහුවේ 5ට 10යි කියලා ස්කෝ බෝඩ් එක තියෙද්දී වෙනකොට ඒ ෂොට් එක ටේබල් එකේ දාරේ යාන්තමට ගෑවිලා අකීල්ට මිස් උනා..

යහූ... යෙස් යෙස් යෙස්..

මම දිනුවා දෙයියනේ.. මම එයාව පැරැද්දුවා.. මේක අනික් අයට නිකන් මැච් එකක් උනාට kandy zone එකේ ටීටී ප්ලේයර්ස්ලට ලොකු දෙයක් මොකද ඒ පැරැද්දුවේ අකීල් සූරියසිංහව.. මට කොච්චර සතුටු ද කියනවා නම් ඇස් වලට කදුලු පිරුණා.. අකීල්ගේ ටීම් එක තාමත් ෂොක් වෙලා.. කිසිම හැලහොල්මනක් නෑ.. ඒකට අපේ අය.. එක එකා කියන දේ තේරුම් ගන්න බැරි තරමට සද්දේ..

වෙල් ඩන් නෙතුෂ.. අකීල් කිව්වේ ශේක් හෑන්ඩ් කරන ගමන්.. අනේ ඒත් මට වචන එන්නේ නෑ.. මම ඇස්වල සතුටු කඳුළු පුරවන් එයා දිහා බලාන හිටියා..

හේයි.. මං දන්නවා ඔයාට හැපී කියලා.. ඒත් අඩන්න එපා.. කදුලු ඔය ලස්සන ඇස් වලට ගැලපෙන්නෑ සුදු මැණික..

අකීල් මගේ කදුළු දැකලා අල්ලන් හිටපු මගේ අත එයාගේ මහපට ඇගිල්ලෙන් යාන්තමට අතගාන ගමන් එහෙම කිව්වා..ඒ අන්තිමට කිව්ව දේ මැච් එක වින් කරාට වඩා මාව ෂොක් කරා.. ඒ උනාට මට එයාට ඒක පෙන්නන්න ඕන උනේ නෑ..

තැන්කිව්..

වෙනසක් නොපෙන්නම එහෙම කිව්ව මම එයා අල්ලන් හිටපු අත අහකට අරන් අපේ අය ලගට ගියේ තව ටිකකින් අවෝඩ් සෙරමනි එක පටන් ගන්න නිසා..

තවත් විනාඩි විස්සකින් විතර අවෝඩ් සෙරමනි එක පටන් ගද්දී අපේ ටීම් එකේ හැමෝම තමන්ගේ අවෝඩ් එක ගන්න ස්ටේජ් එකට නැග්ගේ මාරම සතුටින්.. මොකද ඒ හැමෝම චැම්පියන්ස්ලා.. මම මගේ සිංගල්ස් වල අවෝඩ් එක අරන් ස්ටේජ් එකෙන් බහිද්දී කවුරු හරි බලන් ඉන්නවා කියලා දැනුනත් ගනන් ගත්තේ නෑ.. සුපුරුදු විදියටම මේ පාරත් අපි චැම්පියන්ස්ලා වෙද්දී තරුයි මමයි කැප්ටන් ඇන්ඩ් වයිස් විදියට ස්ටේජ් එකට නැගලා ට්‍රෝෆි එක ගද්දී මම දැක්කා අකීල් එයාගේ යාලුවොත් එක්ක හිනා වෙලා බලන් ඉන්නවා.. ඒක වෙනදා දාන නෝන්ඩි හිනාව නෙවෙයි හරි ලස්සන ආදරණීය හිනාවක්.. ඇයි මට හිතෙන්නේ එයා බලන් ඉන්නේ මං දිහා කියලා හිතෙන්නේ.. මටත් පිස්සූ..

ඉතින් සෙරමනි එකෙන් පස්සේ ෆොටෝස් එහෙම ගහලා පොඩි අයත් පේරන්ට්ස්ලට භාර දීලා කෝච්ටත් කියලා අපි ගෙවල් වලට පිටත් උනා..

*************************************

ඉතින් ඔහොම තමයි මැච් එක ඉවර උනේ..

කතාව හොදයිද..කියන්නකෝ ඒයිලා..

වැරදි අඩුපාඩු මම හදාහදාගන්න ඕන තැන් තියෙනවා නම් කියාන යන්න..

Luv U❤

Vote, Comment & Share

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!