Chapter 4 of 23

තෙවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,052 words~11 min read

One year later

නොදැනිම අවුරුද්දක් ගෙවිලා ගිහින්.. අලුත් අවුරුද්ට ඉස්කෝල පටන් ගෙන මාස කීපයක් ගෙවිලා යද්දී බෝම්බ ප්‍රහාරය නිසා රටේ ඇති උන කලබල එක්ක ස්කූල් යන එක නිකන් ගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ වැඩක් උනා.. ගියත් ට්‍රාන්ස් පේරන්ට් බෑග්ස් අරන් යන්න ඕන.. ටවුන් එක මැද තියෙන ස්කූල් එකක් නිසා අවදානම වැඩි කියලා අපි වැඩි හරියක් ඉගෙන ගත්තේ ඔන්ලයින්.. ඒ දේවල් නිසා ඇනුවලි අපි කරන එක ප්‍රෝග්‍රෑම් එකක්වත් උනේ නෑ.. හැබැයි සමහර ඒවා පුළුවන් විදියට ඔන්ලයින් තියන්න අදාල ක්ලබ්ස් වැඩ කරා..

මම හිටියේ අප්පච්චිලා එක්ක කාර් එකේ අපිට ලැබුන ඉන්විටේෂන් එක්කට දුනුවිල ඉස්කෝලෙට යන ගමන්.. මහ දුරක් නෑ ගෙදර ඉදලා විනාඩි දහයයි නැත්තන් පහයි.. අද එයාලගේ කලා උලෙල.. ගමේම ලමයි නිසා එයාලා කිසි ප්‍රශ්නයක් නැතුව ස්කූල් යනවා.. වෙනදට ඉන්වයිට් කරන්නේ ලොකු ලොකු ඈයොන්ට.. ඒ උනාට මේ පාර එහෙම අය නෑ.. ඉතින් අපේ අප්පච්චි තමා චීෆ් ගෙස්ට්.. කොහොමත් මේක අපේ ගෙදරට හැම අවුරුද්දෙම හම්බෙන ඉන්විටේෂන් එකක්.. මොකද අපේ ලොකු අත්තා අප්පච්චිගේ අප්පච්චි දුනුවිල ඉස්කෝලේ හිටපු ප්‍රින්සිපල්.. එයා නැති උනා කියලා වෙනසක් නෑ අපි තාමත් යනවා..

අපි ස්කොලේ ග්‍රවුන්ඩ් එකෙන් කාර් එක පාක් කරලා කෙලින්ම ගියේ ප්‍රින්සිපල් ඔෆිස් එකට.. යන අතර මග මගේ වස්තුව කෑ ගහන්න ගත්ත නිසා අම්මිලාට යන්න මම එන්නම් කියලා පැත්තකට ගියේ මේක මට නුහුරු තැනක් නෙවෙයි නිසායි.. සාක්කුවේ තිබ්බ මයේ වස්තුව අතට අරන් බැලුවම මං දැක්කේ අපේ සැට් එක ග්රූප් වීඩියෝ කෝල් එකක් අරන්.. ඉතින් මාත් ජොයින් උනා...

මයේ වස්තුවෑ.. ඒ යසා

කෑ ගහන්න එපා ඕයි මම මේ වැදගත් වැඩකට ඇවිත් ඉන්නේ..

තොට මොනාද තියෙන වැදගත් වැඩ.. ක. බො. නි ඇරෙන්න.. නොදකින් මහියා

අනේ පලයන් මං මේ ගෙස්ට් කෙනෙක් හැටියට කලා උළෙලකට ඇවිත් ඉන්නේ.. එහෙම කියන ගමන් මං කැම් එක ස්විච් කරලා සෙට් එකට වටපිටාව පෙන්නුවා..

අඩෝ.. ස්කූල් යුනිෆෝම් එකෙන් ලමයි දැක්කම දුක හිතෙනවා බං.. ඒ තරුවා

ඇත්ත..

මේ පාර මැචස් නෑ නේද..

ඔව් තරුවෝ.. දැන්නම් ප්ලේ කරන හැටත් අමතකයිද දන්නෑ..

අනේ මන්දා මහී.. මේ ඒක නෙවෙයි සහෝදර පාසලේ සිස්සයා ගැන ආරන්චියක් නෑ නේ..

ඇයි නෙතුවා උබ දන්නැද්ද අකීල් රට ගිහිල්ලා.. එහෙම කිව්වේ යසා..

අඩෝ නෝ.. ඒකා ආයේ එන්නේ නැතිවෙයිද බං.. මං එහෙම ඇහුවේ හිතට දැනුන මහා අමුතු බරක් එක්ක..

ඌ ඕලෙවල් කරන්න එන කතාවක් තමා මට ගිම්හාන කිව්වේ..

ඈ යසෝ තොට කොහොමද ගිමාව සෙට් උනේ.. ඒ තරුවා..

ඇයි පගෝ ඒකා අපේ ගෙවල් පාරේ නේ..

ඔව් නේද..

ටිං.. මට අප්පච්චිගෙන් මැසේජ් එකක් ආවේ වෙලාව හරි එන්න කියලා..

ඒ බං මං කැපුනා.. අප්පච්චි එන්නලූ.. සී යූ..

එහෙම කියාගෙන මම කෝල් එකෙන් ලීව් වෙලා මේන් ගේට් එක දිහාවට ගියා.. බොරු මොකටද වැඩේ මාරම ලස්සනයි.. වෙල්කම් එකේ ඉදලම ස්තූති කතාව වෙනකම් මාරම ලස්සනයි.. අඩුපාඩු නොවුනා නෙවෙයි.. ඒ මේ ලෝකේ කොහෙද ඉන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු..

පැය තුනක විතර වැඩසටහනකින් පස්සේ අපි ආවේ අමුත්තන්ට සංග්‍රහ කටයුතු ලෑස්ති කරලා තිබ්බ තැනට.. එතන කැවිලි වර්ග පුරෝලා.. මගේ ඇහැ මුලින්ම ගියේ කහණ කහ පාටට දිලිසි දිලිසි තිබ්බ කොකිස් පිඟානට.. ෂුවර් ෂොට් ඕක හදන්න ඇත්තේ ඉස්කෝලේ සිංහල මිස්.. මොකද ඉස්කෝලේ සිංහල මිස්ලට රසට කොකිස් හදන්න පුළුවන්.. ඇයි අපේ අත්තම්මා.. එයත් ඉතිං මේ ඉස්කෝලේම සිංහල උගන්වපු ගුරුවරයෙක්.. අත්තම්මවයි ලොකු අත්තවයි මතක් වෙද්දී හිතට හරි දුකයි.. ඒ දෙන්නා තව ටික කාලයක් ජීවත් උනා නම් නංගිටත් ලස්සන අත්දැකීමක් වෙයි..

මගේ මනෝ පාර එක පාරටම බිදිලා ගියේ ප්‍රින්සිපල් සර් අහපු ප්‍රශ්නෙට..

ඉතිං පුතා දැන් මොකද කරන්නේ..

මමද.. ලබන අවුරුද්දේ ඕලෙවල් නේ සර්..

හොදයි හොදයි.. අම්මා අප්පච්චි වගේම හොදට ඉගෙන ගන්න ඕන..

මම හිනාවක් දාලා තව කොකිසක් අතට අරන් අපේ ග්රූප් චැට් එක පැත්තට ගියා.. Yasa change the group name.. ඒ පාර මේ පිස්සා මොකද්ද දන්නෑ දලා තියෙන නම.. ඕකා කාලයක් රැල්ලට පොත් කියෙව්වා.. අපේ සෙට් එකෙන් මටයි තරුවාටයි ඇරෙන්න අනික් දෙන්නට පොත් කියවිල්ල අරහං.. අපි දෙන්නට පොත් කියන්නේ දේවත්වයෙන් අදහන දෙයක්.. කොහොමහරි ඒ කාලේ මූ මේ ග්රූප් එකට සිව් සුමිතුරෝ කියලා දාලා තිබ්බා.. ඊට පස්සේ මහ කෙහෙල්මල් නම් දැම්මා මට නම් මතකත් නෑ..

ඕවා ගැන හිතන ගමන් මම ග්රූප් චැට් එක ඕපන් කරා.. මඩ කාවයියෝ සහ රෝස මල.. හම්මට යකෝ ඒ නම.. මහී ටයිපින් කියලා උඩින් වැටිලා නිසා මාත් බලාන හිටියා..

කවුද බොල මේකේ ඉන්න රෝස මල.. මහී

ඇයි මම.. යසා

ආ... එතකොට අපි මඩ කාවයියෝ.. මහී

තේරුනා නම් ලොකු දෙයක්.. යසා

අනේ පලයන් යන්න හිපාටුවා.. මහී

ඇයි ඇයි ඇත්ත කියද්දී රිදෙන්නේ..යසා

නවත්තපියව්.. තරූ

බලපන් මූ කියන කතා.. මහී

කෝක දුන්නත් මොලේ දෙන්න බෑ නේ මචං.. තරූ

අම්මෝ අම්මෝ ඒක..

ඇත්ත කතාව.. මහී

අනේ යනවා යන්න.. බලන්නකෝ නෙතු මුං මට කෝචොක් කරනවා.. ඔන්ලයින් ඉදලත් මොකාද වගේ ඉන්නැතුව පොඩ්ඩක් සප් එක දීපියකෝ.. යසා

ඉතින් බං උන් දෙන්නා කියන්නේ ඇත්තනේ.. කෝක දුන්නත් මොලේ දෙන්න බෑ නේ..

ආ දැන් උබත් එහෙම ද.. යසා

කොහොමද..

මට කෝචොක් කරනවා නේද.. යසා

ඉතින් බම්ලෝ අපි මොනා කිව්වත් ඇයි උබ ටිපර් වෙන්නේ..

ඇත්තනේ.. ඇයි මං ටිපර් වෙන්නේ.. මට අදාල නෑ නේ.. යසා

පව් බං මූ.. තරූ

කාගේ දරුවෙක්ද බං මේ..මහී

ඇයි අපේ අම්මගෙයි අප්පච්චිගෙයි..යසා

හා හා ඇති ඇති.. ඒක නෙවෙයි තව සති දෙක්කින් ස්කූල් පටන් ගන්නවානේ..

අඩෝ ඔව් නේද.. මේ පාර වත් හරියට ස්කූල් යන්න පුලුවන් උනොත් හොදා..තරූ

ඔව් ඈ.. මහී

අයියා බබා ගෙදර යමු නේද.. අම්මා කියද්දී මං ඔලුව උස්සලා බැලුවා.. හුටා කට්ටියම මං දිහා බලාන ඉන්නෝ..

හා අම්මා.. මාත් ඉතින් හෙන ගොන් හිනාවක් දාලා කිව්වා..

ඉතින් අපි ගෙදර ආවා..

.

.

.

.

.

.

.

Two weeks later

අද තමයි අලුත් අවුරුද්දට ඉස්කෝලේ පටන් ගන්නේ.. දෙයියනේ කියලා මේ අවුරුද්දේවත් හරියට ඉස්කෝලේ යන්න ඕන.. ඇයි අප්පා දිග කලිසන් අදින්න ගත්තා විතරයි රටම වැහුවා බෝම්බයක් නිසා.. ඉතින් හෙන අමාරුවෙන් උදේම ඇස් දෙකත් පොඩි කර කර ඇදෙන් නැගිට්ටේ ස්කූල් යන්න.. ගෙදර ඉදලම කම්මැලි වෙලා..

මං ලෑස්ති වෙලා කිචන් එකට යනකොට අපේ නගා ඉන්නවා කෑම මේසේ ටැබ් එකත් දිගෑරගෙන.. පොර උදේම වීඩියෝ එකක් බලන ගමන් සීරියල් පිගානකට වග කියනවා..

ගුඩ් මෝනින් හේඩිස්.. ඒ තමා මං එයාට කියන නම.. හැබැයි ඉතින් මේකා යම රජාටත් අන්තයි..

ගුඩ් මෝනින් අයියා.. හැබැයි ඉතින් එයා නම් මට මොකුත් කියාන එන්නෑ.. කන්න වෙනෝ කියලා දන්නවා නේ..

Why are you so early today.. මං ඇහුවේ වෙනදට අපේ අම්මා දහඅට සන්නිය නටල ලෑස්ති කරන එකා මටත් කලින් ලෑස්ති වෙලා ඉන්න නිසයි..

Why you ask..

I'm your ayya..

Then I'm your nangi..

Shut up and eat..

How can I eat when I close my mouth.. ඔය බලාපල්ලකෝ..

Okay okay.. do what you need.. එහෙම කියපු මම ඇනී අම්මා ගෙනත් දුන්න කෑම එකයි වතුර එකයි බෑග් එකට දාගෙන පිගානට බෙදලා තිබ්බ බත් එක කන්න ගත්තා..

අපේ නංගි ගැන ස්පෙෂල් දෙයක් කියනවා නම් පොර සිංහල කතා කරන්නෑ.. නැත්තෙම නෑ වැඩි භාවිතයක් නෑ.. හැබැයි හොදට තේරෙනවා.. උත්තර දෙන්නේ ඉංගිල්ෂ් වලින්.. පොරගෙ ඇක්සන්ට් එකත් තනිකර ඔස්ට්‍රේලියන්.. මං කියන්නේම මේකට ෆලයිට් එක වැරදිලා ලංකාවට ඇවිත් කියලා.. ඒ වගේම තමයි සයන්ස් ඇන්ඩ් මැත්ස් නොලේජ් එක.. සයන්ස් කියන්නේ ආය හැම පැත්තෙන්ම ස්පේස්, ඇග්රි, මෙඩිකල්, ආර්කියෝ ලොජිකල්.. දවසක් මං බලද්දී මේකා මිදුල පුරා පොඩි සවලකින් වලවල් හාරනවා.. මං ඇහුවම මොකද කරන්නේ කියලා ඩයිනසෝර් ෆොසිල්ස් හොයනවාලු.. කාට කියන්නද...

ඉතින් වෙනදා වගේම හයහමාර වෙද්දී ස්කූල් එක ගාවින් මාව බස්සලා අප්පච්චිලා ගියා.. මම ප්‍රිෆෙක්ට් රූම් එකට යද්දී යසායි තරුවයි බෑග් ගලවනවා.. ගිය අවුරුද්දේ ඉදලා අපි සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ.. ඒ ලෙවල් ක්ලාස් එකට ගියාම අපිට ටොප් බෝර්ඩ් ඉල්ලන්න පුලුවන් හැබැයි ඒ පට්ටම් හම්බෙන්නේ ඒ ලෙවල් කරාට පස්සේ.. එතකන් දොළහ වසර සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදියට වගේම දහතුන වසර පරිවාස කාලයක් ඩියුටි කරන්න ඕන.. මේ පරිවාස කාලෙදි හවුසස් වල ටොප් බෝර්ඩ් ඉල්ලන්න පුලුවන්..

ගුඩ් මෝනින් නෙතු..

ගුඩ් මෝනින් දෙන්නටම.. යමන් ඩියුටි.. ඉස්සර වගේ රවුන්ඩ්ස් විතරක් ගිහින් ෂේප් වෙන්න බෑ නේ.. මම එහෙම කිව්වම යසාගේ මූණ දෙක උනා..

මට ගේට් ඩියුටි ඕයි.. ආආආ ඒක තමා මූ මූණ ඇද කර ගත්තේ..

මට නම් 7A.. ඒ තරූ

තොපි දෙන්නටම හොදයි යකෝ.. මට ප්‍රිප්සිපල් ඔෆිස් එකයි මෝනින් ප්‍රෝග්‍රෑම් එකයි දෙකම.. මෝනින් ප්‍රෝග්‍රෑම් එක කමක් නෑ කියමු ඔෆිස් එක..

හරි හරි.. දැන් ඉතින් දුන්න එක කරමු.. මේ අවුරුද්ද විතරනේ..

ඒ ඔයාලටනේ තරූ.. මට ඉතින් හෙඩ් බෝඩ් ඉල්ලනක් මේකම තමා.. මං කිව්වා.. අපේ ප්‍රින්සිපල් ඉන්න ෆාදර් හොදයි.. හැබැයි ඩිපියුටි තමා අවුල.. දැන් නම් හැට පැනලා හොට බිම ඇනෙන වයස හැබැයි තාමත් ඉන්නවා.. වයිස් ඉතින් අපේ හාමුදුරුවෝ නේ.. සෙමි ගවර්මන්ට් කැතලික් ස්කූල් එකක් උනාට හැමෝම කැතලික් නෙවෙයිනේ..

අපේ සෙට් එකෙත් මහී විතරයි කැතලික්..

උබලට ඩියුටිය යන්න ආසාවක් නැද්ද.. එක පාරට දොර ලගින් ඇහුන වොයිස් එකට හැරිලා බැලුවම දැක්කේ හෙඩ් ප්‍රිෆෙක්ට් අයියව..

මේ යනවා අයියේ.. එහෙම කියපු යසා මාවයි තරුවයි ඇදගෙන ඩියුටි වලට දිව්වා..

.

.

.

.

.

.

After one month

මාසයක්ම එකම දින චර්යාවෙන් ගෙවෙනකොට අද මේ දැන් ගෙවෙන්නේ ඉන්ටවල් එකට පස්සේ පීරියඩ් එක.. අපි මේ බලාන ඉන්නේ පන්ති භාර නිමේෂා මිස් එනකන්.. හෙට අපි ඇනුවල් ට්‍රිප් එක යනවා.. හෙට යන එක කෙසේ වෙතත් දැන් නම් පන්තියේ ඩීජේ දාලා වගේ.. අනික් පන්ති තුනත් එහෙමයි.. සෙට් එක හෙට කියන්න සින්දු තෝරනවා කියලා පටන් ගත්ත එක මුලු සෙක්ෂන් එකම දෙක වෙන්න සින්දු කියනවා.. ඒකටම හරියන්න අද ඊස්තටික් ප්‍රැක්ටිකල් දවස.. ඉතින් ගිටාර් ගෙනාපු උන් ප්ලේ කරනවා.. පන්තියේ උප නායකයා වෙච්ච මහී ගිරිය කඩාන කෑ ගහනවා කෑ ගහන්න එපා කියලා.. එතකොට කෝ පන්ති නායකයා.. ඌ සින්දු කියන උන්ට උපරිම සප් එක දීගෙන ගිටාර් එකක් ප්ලේ කරනවා.. ඒ වෙන කවුරුවත් නෙවෙයි මිත්‍රවරුනි මේ මම.. ඩියුටිය පස්සේ ආතල් නම් ආතල්..

නයින නයිනේ.. නයින නයිනේ..

නයින නයි නනයි නයි..

සැර වැඩි බීම බිව්වට රෑට..

අපි මහ පාරේ කෑ ගහලා

චොර වීලා නෑ..

අනේ යකූ තොපේ සද්දේ වැඩී බං.. පගෝ තෝ ක්ලාස් කැප්ටන්නේ තේරුම් ගන්නින්කෝ මචං..

හරි හරි මහියෝ.. බය වෙන්න එපා ටකයා මුරට ඉන්නවා නේ.. මම කිව්වේ දොර ලගට වෙලා කවුරු හරි එනවද බලන නිසල්ව පෙන්නලා.. ඌ තමා ඕනම වැඩකට දොර ලග මුරට තියන්නේ.. ඒක නිසා උට ටකයා කියා කාඩ් එක වැදුනා..

නිමේෂා මිස් එනවා.. ටකයා කෑ ගැහුවට ඒක ඇහුනේ මටයි මහියටයි විතරයි.. මුන්ට සින්දු කියන්න ගියපුවම එච්චරකට සිහිය..

යකෝ මිස් එනවා.. වහපියව් තොපෙ හැකර කටවල්.. සැක් මං එක පාරයි කිව්වේ එකෙක් මීක් නෑ.. එලියට අරන් තිබුන ගිටාර් එහෙම කේස් අස්සට චුත වෙලා හැම ලමයගෙම අතේ හෙට යන ගමනට අදාල වැඩ කරන ෆයිල් එකක්.. පන්තියේ නසරාණියෝ වෙච්ච කංචුයි උගේ ගැන්සියයි සින්දු තෝරනවා වගේ හෙනටම ඇක්ට් කරනවා.. මහියා මං දිගා බැලුවේ ඇයි බං උබ මං කිව්වම ඔහොම නොකරේ වගේ බැල්මකින්.. හිකිස්..

අපි සද්දේ නවත්තලා විනාඩියක් ගියේ නෑ නිමේෂා මිස් 11A එකට බනිනවා ඇහුනා.. අපි 11B එකට තියෙනවා කරන්න පුලුවන් ලොකුම ජල්තරස් වැඩේ කරලා අපි නෙවෙයි වගේ ඉන්න කුරිරු හැකියාවක්.. දැනුත් ඒ වගේ.. මුලු සෙක්ෂන් එකම දෙක වෙන්න සින්දු කියලා අල්ලපු පන්තිය බැනුම් අහනවා.. හැබැයි ඉතින් ස්ටඩීස් පැත්තත් ඒ වගේම තමා.. සෙක්ෂන් එකේ හොදම රිසාල්ට් ප්‍රයිස් ගිවින් එකේ වැඩිම ප්‍රයිසස් කලර්ස් නයිට් එකේ කලර්ස් හතක් අටක් වත් අපේ ක්ලාස් එකට තමා.. අපි නිකන් මික්ස්ෆෘට් සැලඩ් එකක් වගේ..

තවත් විනාඩි දහයකින් විතර නිමේෂා මිස් එහා පන්තියට අමතලා අපේ පන්තියට ආවා..

ආයුබෝවන් ලමයි..

ආයුබෝවන් මිස්..

දැන් හෙට හැමෝම ට්‍රිප් එක යනවා නේද.. යන්නැති කවුරුත් ඉන්නවද.. නෙතුෂ..

මේ මොකද මගේ නම කියන්නේ.. මම යනවා නේ..

මම යනවා මිස්.. ඇයි මගේ නම කියන්නේ.. මමත් නැගිටලා ඇහුවා..

අනේ අම්මේ මේ ලමයට.. ලමයෝ මං ඇහුවේ යන්නැති අය කවුද කියලා..

ඉතින් මිස් මගෙන් අහන්නේ..

ඇයි යකෝ තෝ නේ ක්ලාස් කැප්ටන්.. පිටිපස්සේ හිටපු කංචුකයා කෑ ගැහුවා.. හුටා ඔව් නේද.. පන්තියම හිනා වෙනවා..

හී හී සොරි මිස්.. දන්නැද්ද පොඩ්ඩක් හී හී..

හරි හරි.. කෝ ඔය ඩොකියුමන්ට්ස් තියෙන ෆයිල් එක අරන් එන්න.. මාත් ඉතින් පන්තියේ ලට්ට ලොට්ට තොරතුරු තියෙන ක්ලියර් බෑග් එකත් අරන් මිස් ලගට ගිහින් පුටුවක් තියාන වාඩි වුණා.. මේක ඇතුලේ නැති දෙයක් නෑ.. අපේ එවුන්ගේ මරණ සහතිකේ විතරයි නැත්තේ..

ට්‍රිප් එකට අදාල ෆයිල් එක එලියට අරන් ඒක මිස්ට දුන්නම එයා ආපහු සැරයක් ලමයින්ගේ නම් කිය කිය චෙක් කරා..

ලමයි ඔයාලා හෙට උදේ තුන හමාර වෙද්දී ඉස්කෝලේට එන්න ඕන.. අපි හතර වෙද්දී පිටත් වෙනවා.. හම්බන්තොට යන නිසා පැය හයක ගමනක්.. ඉතිං වෙලාවට එන්න.. මගින් නගින්න බෑ.. ඔයාලට අවශ්‍ය හැම දේම අරන් එන්න.. බීච් ගිහිල්ලා ආපහු එද්දී චෙන්ජ් කරගන්න ස්කූල් ටී එකට ඩෙනිම අදින්න ප්‍රින්සිපල් සර් අවසර දුන්නා.. හැබැයි අනවශ්‍ය කෑම බීම මුකුත් ගෙනල්ලා අහුවෙන්නෑ.. එකෙක් ගෙනාවොත් තොපි ඔක්කොම බාවනවා.. තේරුනාද.. රෑ එද්දී මගින් බැහැලා ගෙවල් වල යන ලමයි ඉන්නවද..

නෑ මිස් ඔක්කොලාම ඉස්කෝලෙට ඇවිත් යන්නේ..

හොදයි.. ඔයාලව ගන්න ඕන වෙලාව අපි දෙමාපියන්ව දැනුවත් කරන්නම්.. කොහොමත් ඉතින් ඔය ලමයි අර ජංගම දුරකථන කියන ජාතිය එපා කිව්වත් අරන් යනව නේ.. හත්තික්කේ ගැහුවා නේද දාර හින්ට් එකක්..

පන්තියම ඔලුව නවාන හිනා වෙනවා..

හා හා ඔලු ගෙඩි ටික උස්සපල්ලා.. දැන් මොනාද හෙට උදේට කන්නේ..

මිස් අපි පස්දෙනා අපේ පන්තියේ සෙට් එකටම සැන්විච් හදාන එනවා.. ටකය එයාගේ යාලුවොත් එක්ක නැගිටලා කිව්වා..

හරි.. එතකොට මොනාද බොන්නේ..

මිස්ට මොනාද ඕන.. අරක්කු කාලක් භාගයක් නැත්තන් බියර් වයින් වොඩ්කා.. එහෙම කියපු කංචුකයා හිකි හිකි ගාන්න ගත්තා..

වහපිය කට ඇට්ටරයා.. පොවනවා තොපිට වයින්..

එතකොටම ඉස්කෝලේ ඇරෙන බෙල් එක ගැහුවා..

එහෙනම් ලමයි හෙට උදේට හම්බෙමු.. වෙලාවට එන්න නැත්තන් දාලා යනවා.. ආයුබෝවන්..

ආයුබෝවන් මිස්..

ගාථා කියලා ඉවර උනාම වෙනදා වගේ තැග් ගැහි ගැහි ඉන්නැතුව අපි සෙට් එකත් ගෙවල් වලට ගියේ හෙට ට්‍රිප් එක නිසා..

*************************************

වයින් බොවද නැත්න් වොඩ්කා බොනවද.. ඔය ඔක්කොම පැත්තක තියලා රා කට්ටක් බොමුතේ..

ට්‍රිප් එකෙන් හම්බෙමු..

කියවලා හොරෙන් යන්න එපා ඔයාලාගේ අදහස් කියාන යන්න..

Luv U❤

Vote, Comment & Share

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!