Chapter 5 of 23

සිව්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,298 words~12 min read

අයියා බබා තුනට කාලයි.. නැගිටින්න..

අද ට්‍රිප් එක යන දවස.. අම්මා වෙලාව කියලා කෑ ගහද්දී මම වොෂ්රූම් එකෙන් එලියට එන ගමන් හිටියේ..

හරියෝ..

මමත් කෑ ගහලම උත්තර දීලා යුනිෆෝම් එක ඇදගෙන සපත්තු දෙකත් පොලිෂ් කරලා දාගත්තා.. ආපහු සැරයක් බෑග් එකත් චෙක් කරලා ෆස්ට්ඒඩ් තිබුන බොක්ස් එකත් අරන් සාලේ සෝෆා එකෙන් තියලා කිචන් එකට යද්දී අම්මා ඇනී අම්මා එක්ක සැන්විච් හදනවා.. ඔයාලා හිතයි ඇයි ආයේ අමුතුවෙන් කෑම ටකයගේ සෙට් එක ගේනවා නේ.. වැඩේ කියන්නේ මට සීනිසම්බල් කන්න බෑ සුට්ටක් අවුල් යනවා.. ඉතින් අම්මා මට එග් සැන්විච් හදලා දෙනවා කොහේ ගියත්..

අයියා ඔයා නැගිටලාද හිටියේ..

නැගිටින්න නින්ද යන්න ඕනනේ අම්මා..

එතකොට නිදාගත්තේ නැද්ද..

නින්ද ගියේ නෑ අම්මා.. අනික් තුන්දෙනත් ඇහරලා හිටපු නිසා චැටක් දාගෙන හිටියා..

හම් හම්.. දැන් ගිහින් අප්පච්චිව ඇහැරවන්නකෝ..

නංගී..?

නින්දෙන්නම අරන් යන්.. අපේ රූම් එකේදී රෙඩි කරවලා ගිහින් දානවා..

ඔය කියන්නේ එයාලගේ රෙස්ට් රූම් එක ගැන.. මට එතන නිකන් ගෙදර වගේ.. ඇයි ඉතින් චූටි කාලේ ඉදලා ගෙදර කවුරුත් නැත්තන් මම ගිහින් ඔතනට වෙලා ඉන්නවා..

මම අප්පච්චිව නැගිට්ටවන්න එයාලගේ රූම් එකට යද්දී අප්පච්චි හොදට ඔලුවේ ඉදලා පොරවන් නිදි.. නංගි අප්පච්චිගේ කකුල් දෙක ලග.. මේකා රෑට ඇද පුරා පෙරලි පෙරලි නිදාගන්නවා..

අප්පච්චි නැගිටින්න.. තුනට දහයයි..

මම කිවවේ අප්පච්චිගේ කකුලකට තට්ටුවක් දාලා..

හරි හරි තුනයි කාලට ගියාම ඇති නේ.. කොහොමත් ඔයාව දාලා යන්නෑ නේ..

අප්පච්චි කිව්වේ ඇස් දෙකත් වහගෙන.. අපේ අප්පච්චි නැගිටින්න හරි හොරයි..

ඒ උනාට අනේ.. නැගිටින්න හොදේ..

හම්..

අයියෝ මෙයා අයෙත් පොරවන් නිදි..

කොහොමහරි අප්පච්චිවත් නැගිට්ටවගෙන එයාටයි අම්මටයි ඇනී අම්මටයි වැදලා නංගිවත් නින්දෙන්ම උස්සන් තුනයි විස්සට විතර අපි ගෙදරින් පිටත් උනා.. පාන්දර නිසා පාරේ වාහන නෑ.. ස්කූල් එක ලගට එද්දි තුනයි හිතලිහයි.. අවුලක් නෑ ෂේප්.. මං අම්මලා යනවා කියාන අපේ පන්තියට අදාල බස් එක ලගට දිව්වා..

මං යද්දී හැමෝම වගේ ඇවිල්ලා.. මමද කොහෙදෝ අන්තිමට ඇවිත් තියෙන්නේ..

ගුඩ් මෝනින් නෙතුවා.. මොකෑ මේ කලින්ම ඇවිල්ලා.. ඒ මහී

ඒක තමා නේද මහියා.. 'ටසිරි යකෝ යසා..

ඈ බං යසෝ තොපි දෙන්නා සාම ගිවිසුම් ගැහුවද.. බැලුවොත් මරා ගන්නවා නේ..

ඒ ආදරේටනේ.. මහී කිව්වේ යසාගේ කරට අතකුත් දාගෙන..

හාකෝ හාකෝ.. ඒක නෙවේ මිස් අවේ නැද්ද තාම..

ආවා ආවා.. ඔෆිස් එකට ගිහින් එන්නම් කියලා ගියේ.. උබ ආවම ලමයි ටික ගනන් කරලා රෙජිස්ටර් එක පැන්සලකින් මාර්ක් කරන්න කිව්වා..

තරු කියපු නිසා මං ලමයි ගනන් කරන වැඩේ මහියට දීලා රෙජිස්ටර් එක ගේන්න ගියා.. මං එද්දී ඌ ඉන්නවා ලග තිබ්බ පඩියක වාඩිවෙලා ඔලුවටත් අත තියාන.. අනික් ඩබල පේන්න නෑ.. ෂුවර් බස් එකේ දොර ලගට වෙලා ඇති පිටිපස්ස ශීට් එක අල්ලගන්න..

මොකද මේ.. ලමයි ගනන් කරාද.. මං ඇහුවේ ඔලුවේ අතගහන් ඉන්න මහීගෙන්

අනේ නෙතුවෝ..

මොකද බං..

පන්තිය පැටව් ගහලා..

මොකක්..

ඔව් බං..

තේරෙන්න කියපන් හරකෝ..

මං දැන් පස් පාරකට වඩා ගැන්නා ඔක්කොම ලමයි හතලිස් පහක් ඉන්නවා..

මොකක් වෙන්න බෑ.. හතලිහයිනේ ඉන්නේ..

ඒක තමා කියන්නේ..

නෙතුෂ රෙජිස්ටර් මාර්ක් කරාද.. නිමේෂා මිස් ඇහුවේ අපි ලගට එන ගමන්..

අනේ මිස්.. හෑපූ මේකා නම් මහා..

මොකද මහීෂ..

මිස් මිස්ගේ පන්තිය පැටව් ගහලා..

මොනාද බං මේ කියන්නේ.. මිස් මගෙන් ඇහුවේ මහීව පෙන්නලා..

මෙයා ගැන්නම ලමයි හතලිස් පහක් ආවාලු..

නෙතුෂ ඔයා ගනන් කරන්න.. ෂුවර් එකට මේකා එහෙ මෙහෙ ඇවිදින අය දෙපාරක් ගැනලා.. හතලිහක් ආවොත් තමුන්ට මම ටොක්කක් අනිනවා මහීෂ..

මිස් කිව්වේ මහීට ඇගිල්ලකුත් උරුක් කරන ගමන්..

ඉතින් මමත් ගනන් කරා.. අඩෝ ඇත්තටම හතලිස් පහක් ඉන්නවා..

මිස් හතලිස් පහයි නේ..

අනේ මැටි ලමයෝ.. උබලා දෙන්නම අර කංචුකගේ සෙට් එක දෙපාරක් ගැනලා.. ඔයා පටන් ගද්දී හිටපු තැන නෙවෙයි ඉවර වෙද්දී උන් හිටියේ.. මිස් කිව්වේ රෙජිස්ටර් එකත් මාර්ක් කරන ගමන්..

නොදෝකින් මේ කංචුකයා..

ඊට පස්සේ තිබ්බේ බස් එකට නැගලා පිටත් වෙන්න.. මමයි මහී ලමයි එක එකා නගිද්දී ආයෙත් ගැන්නා.. කියන්න බෑනේ මුං එකකෙක් හරි මිසින් උනොත්.. අන්තිමට අපි දෙන්නත් නැග්ගට පස්සේ බස් එක හරියට හතරට පිටත් උනා.. වෙලාවට පිටත් උනාමද කොහෙද.. ඉස්සරහම ෂීට් එකේ නිමේෂා මිස් එක්ක අපේ මැත්ස් කරන ගයාන් සර්.. ඊට පිටිපස්සේ ෆස්ට් ඒඩ් බෝක්ස් එකයි මිස්ගෙයි සර්ගෙයි බෑග්.. ඊටත් ෂීට් දෙකක් විතර ඇරලා තමා අපේ උන් වාඩි වෙලා තිබ්බේ.. වාඩි උනා කියලා කියන්න බෑ මොකද බෑග් විතරයි ඔක්කොලාම පිටිපස්සේ..

අපිත් යද්දී පිටිපස්සේ ෂීට් එකට වලියක්.. යසායි කංචුකයි..

අපියි මුලින් නැග්ගේ.. ඒ යසා

එහෙම කියලා උබලට ලියලා දීලා නෑනේ..

අනේ මේ කංචුක උබට ලියලා දීලත් නෑනේ..

එහෙම කියලා තොපිට තනි..

නවත්තපන්.. කංචුක අපේ උන් ඉස්සෙල්ලා නැගල ෂීට් එක ඇල්ලුවා.. අපි හතරක් ඉන්නවා.. තව දෙකක් ඉතුරුනේ.. උබලගේ පහෙන් දෙකක් ඒකේ වාඩි වෙලා ඉතුරු තුන ඊලගට තියෙන තුනේ ෂීට් එකට පලයන්..

එහෙම කොහොමද කරන්නේ නෙතුෂ අපි සෙ..

උබ වාඩි වෙනවද මං වෙන දෙන්නෙක් වාඩි කරගන්නද.. මං උට හොදම එකෙන් රවලා ඇහුවා..

නෙතුෂ කියන නිසා උබ බේරුනා කියලා හිතාගනින් යසාර..

හා හා ඇති බං.. අපි ආවේ ට්‍රිප් එකක්.. ට්‍රිප් යන්නේ වාඩි වෙලාද.. මෙන්න මෙහෙ වරෙන් නටන්න.. අයියේ මියුසික්..

කංචුගේ කරට අතක් දාගත්ත මහී අර ස්ටිකර් එකේ වගේ අත දික්කරලා මියුසික් කියලා කෑ ගැහුවේ බස් එකේ කන්ඩක්ටර් අයියට..

ඉතින් ඊට පස්සේ අපි හෙන සංවර විදියට නැටුවා එච්චරයි.. මොන පිස්සුද යකෝ.. සාන්ත දාන්ත තරුවා නිකන් ගුලි කාලා වගේ.. ඉස්සෙල්ලා වලි අල්ලපු උන් දෙන්නා අත් අල්ලන් බස් එක නවන නවන වංගුවලට එහාට මෙහාට වැටි වැටි නටනවා.. මාත් ඉතින් පොඩ්ඩක් පැද්දි පැද්දි හිටියා.. මට ඔය ලොකුවට නටන එක අල්ලන්නෑ..

අපි හත හතහමාර විතර වෙද්දී රත්නපුරේ සමන් දේවාලේ ලගින් නැවැත්තුවේ සමන් දේවාලයක් වැදගෙන උදේට කන්න.. වැදලා එනකන් එකෙක් මීක් නෑ.. අල්ලපු පන්තිවල මිස්ලා බය වෙලා වගේ බලන් ඉන්නවා ඇයි ඉතින් ස්කූල් එකේ ඉන්න නසරාණියෝනේ අපේ පන්තියේ ඉන්නේ.. කොහොමහරි කාලා ටික වෙලාවකින් අපි ආයෙත් පිටත් උනා..

කට්ටියම සද්ද නෑ උදෙට කාපු නිසා.. බස් එකේ ප්ලේ වෙන සින්දු විතරයි..

ඒ කම්මැලී බං..

ඉතින් මට කියන්නේ.. යසා අහද්දී එහෙම ඇහුවේ කංචුක..

මේක හරියන්නෑ.. මං පටන් ගන්නවා චැනල් එකක්..

යූ ටියුබ්..

නෑ උබේ #$&@*.. යසා කිව්වම අරූ කට වහගත්තා..

හොදයි මගේ මුල්ම ප්‍රශ්නය යොමුවන්නේ අපේ නෙතුෂ සහෝදරයට.. හරි මං ඉවරයි..

කියන්න බලන්න අවුරුද්දට වතාවක් ගමේ යන ඔබට යහලුවන් සමග චාරිකාවක් ලෙස නැවත යාමට හැකි වීම ගැන ඔබේ අදහස.. හරිනේ.. මං හිතුවා ඕක අහයි කියලා..

සිරාවටම.. නෙතුවා උබේ ගම හම්බන්තොටද.. මං හිතුවේ නුවර කියලා..

අපේ අම්මා එහෙ කංචුවා.. අප්පච්චි තමයි නුවර..

එතකොට උබේ උපන් ගම නුවර..

නෑ බං මං ඉපදුනේ රාගම.. අම්මා ඒ කාලේ වර්ක් කරේ රිජ්වේ එකේ..

අඩෝ උබ වටයක් නේ බං..

ඔයා ඒක තේරුම් ගත්තා නම් ලොකු දෙයක් සුදු මහත්තයා..

අනේ පලයන් යන්න.. ඌ මගේ පිටට ඩෑස් පාරක් දුන්නා..

දැන් වෙලාව දහයයි.. අපි ගමනාන්තයට කිට්ටු කරලා ඉන්නේ.. ඉතින් මං ඉස්සරහ මිස් ඉන්න ෂීට් එකට එහා පැත්තේ එකේ වාඩි උනා..

ආ නෙතුෂ මොකද මේ ඉස්සරහට ඇවිත්..

මාව දැකපු ගයාන් සර් අහද්දී කන්න නවත්තපු වෙලාවේ අපේ බස් එකට නැග්ග සයන්ස් උගන්නන්න රත්නායක සර් මං හිටපු පැත්තට හැරුනා..

හී නිකන්..

ඇයි අප්පේ බොරු කියන්නේ.. ඒ අපේ මිස්..

ඇයි නිමේෂා මිස් එහෙම කියන්නේ.. මේ රත්නායක සර්ට ඕන්නැති දෙයක් නෑ..

නෙතුෂම කිව්වා නම්..

මොනාද නෙතුෂ මිස් මේ කියන්නේ..

නෑ සර් මේකයි.. මං මේ ගමේනේ ආවේ ඉතින් ඊලගට යන තැනට පාර කියන්න ආවේ..

මොකක් මං හිතුවේ පුතා නුවර කියලා.. මෙච්චර දුෂ්කර පැත්තක ඉදල ශිෂ්‍යත්වෙන්ද නුවර ආවේ..

ඔන්න ඔන්න මට රත්නායක සර් එක්ක මල පනිනවා.. පොර අපේ ස්කූල් එකට ආවේ ගිය අවුරුද්දේ ට්‍රාන්සර් එකකින්.. ඒ හින්දා අපි ගැන ලොකුවට දන්නේ නෑ.. ඒක කමක් නෑ කියමු.. යකෝ කවුද හම්බන්තොට දුෂ්කර කියන්නේ.. යන්න එන්න හොද පාරවල්, ලොකු නම් නැති උනාට ඉඩ තියන හොද ඉස්කෝල, ඕන දෙයක් ගන්න කඩවල්, ආසාවටවත් ට්‍රැෆික් එකක් දකින්න නෑ.. මං ආස නෑ ගම හම්බන්තොට කිව්වම දුෂ්කර කතා කියන එකට.. මට ඒ අතින් බැලුවම නුවර ටවුන් එක දුෂ්කරයි.. ඇයි යකඩෝ එලියට බැස්සොත් පැය එකහමාරක් වත් යනවා ට්‍රැෆික් එකෙන් බේරිලා එලියට එද්දී..

අයියෝ රත්නායක සර්.. මේ කොල්ලා පොඩි කාලේ ඉඳන් මේ ඉස්කෝලේම තමා.. කොල්ලගේ අම්මයි අප්පච්චියි දෙන්නම physiotherapist.. අම්මා ගාල්ල *****.. අප්පච්චි නුවර ***** බෝයිස් කොලේජ්.. මං හරි නේද පුතා.. මිස් කියාන කියාන ගිහින් මගෙන් ඇහුවම මං ඔලුව වැනුවා..

ඉතින් කොල්ලට ****** යන්න තිබ්බා නේ..

ඒ උනාට සර් අම්මලට හදිස්සියකට එන්න බෑනේ හොස්පිට්ල් ඉදලා..

හම්.. ඇත්ත ඇත්ත..

මං ඩ්‍රයිවර් අංකල් ලගට ගිහින් නෝනගම හන්දියෙන් වමට දාද්දි අපේ මාමට කෝල් කරේ එයා අපිත් එක්ක රිදියගම යන්න එනවා කිව්ව නිසා..

හෙලෝ මාමා අපි නෝනගම හන්දියෙන් හැරෙව්වා..

හරි මං චිල්රන්ස් පාර්ක් එක ලග ඉන්නේ..

කැබ් එකේද ආවේ..

ඕ..

හරි..

මිස් මාමා ඉස්සරහ ඉන්නවා කිව්වා..

හරි පුතා.. මං අපේ හාමුදුරුවන්ට කියන්නම්..

ඉතින් අපි රිදියගම ගිහින් ඊලගට ලුණු ලේවායත් බලලා දවල්ට කාලා බීච් ගිහින් ආයම ඉස්කෝලෙට එන්න පිටත් උනා.. පැය තුනක් වෙනකන් ඔක්කොලාම කරේ හොදට නිදාගත්ත එක.. ඊට පස්සේ එකා එකා නැගිටලා නිදන් හිටපු උන්වත් ඇහැරවන් ආයෙත් නටන්න පටන් ගත්තා.. රෑ නම් ගෙනාපු බොන්ගෝ එකට තලන ගමන් සින්දු කිව්වා.. අපි පාන්දර දොලාහමාර විතර වෙද්දී ස්කූල් එක ලගට ආවා.. අම්මලා තාත්තලා පිරිලා.. බස් ආපු පිලිවෙලට තමයි ලමයින්ව දුන්නේ.. මමත් ඉතින් මිස් එක්ක ඉස්සෙල්ලා බැහැලා ඉන්න අම්මලා අනුව ලමයින්ව බාරදුන්නා.. මොනා නැතත් අපේ අම්මලා වගේම ලමයි හෙන පිලිවෙලට වැඩ.. මහී කිරිබත්කුඹුරෙන් බැස්සා තරුවා පේරාදෙණියෙන් බැස්සා.. යසාව ගන්න උගේ අයියා ඇවිත් හිටියා..

වැඩ ටික ඉවර කරලා මිස්ටත් කියලා තමා මං අප්පච්චි එක්ක ගෙදර ආවේ.. අපේ අප්පච්චි කියන්නේ මං වලං පිඟන් හොදලා තමා එලියට බහින්නේ කියලා..

ගෙදර ඇවිත් වොෂ් දාලා ඇදට වැටුනම මලා වගේ නින්ද ගියා..

පහුවදා උදේ මං ඇහැරුනේ මගේ වස්තුව කෑ ගහන සද්දෙට.. කෝල් කරපු එකාට බැන බැන බෙඩ් ටෙබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගද්දී කෝල් එක කට් උනා.. දහයයි වෙලාව.. ඒ උනාට මට නිදාගත්තා මදිනේ..

ආයෙත් කෝල් එකක් එද්දී මං ආන්සර් කරේ කෝල් අයිඩී එකවත් නොබලා..

හේලෝ ගුඩ් මෝනින්..

ගුඩ් මෝනින් නෙතුෂ.. හුටා නිමේෂා මිස්

කියන්න මිස්..

මං ඇහෙරෙව්වද මන්දා.. ඔව් කියන්නද

කමක් නෑ මිස්..

මං ගත්තේ පුතා අපේ ක්ලාස් එකේ ගිය අවුරුද්දේ වගේම ඔන්ලයින් ලෙසන්ස් ටිකට ලින්ක් හදන්න කියන්න..

ඒත් මිස් ඇයි..

අයියෝ කොල්ලා නැගිට්ටේ දැන් නේද.. කමක් නෑ හෙමින් නිව්ස් එහෙම බලලා සදුදට ලෑස්ති වෙන්නකෝ.. මං තියනවා තව ටිකකින් ටීචර්ස්ලට මීටින් එකක්.. ටේක් කෙයාර්..

හරි මිස් ටේක් කෙයාර්..

ඇයි හත්දෙයියනේ ආයෙත් ඔන්ලයින් ලෙසන්ස්.. මම මූණත් හෝදගෙන සාලෙට යද්දී මෙන්න බොලේ ජීවිතේට නිවාඩු දාන්නැති අම්මයි අප්පච්චියි සෝෆා එකේ වාඩි වෙලා නිව්ස් බලනවා..

ගුඩ් මෝනින්.. අද නිවාඩුද..

ගුඩ් මෝනින්.. නිවාඩු නම් නෑ..

එහෙනම්..

කොවිඩ් නිසා රට වහලා.. ඒ හින්දා දවසක් ඇර දවසක් වැඩට යන්නේ.. හෙට මමයි අප්පච්චි යනවා..

එහෙනම් ඒක තමා..

මොකද්ද අයියා..

නෑ අප්පච්චි දැන් මිස් කෝල් කරලා කිව්වා ඔන්ලයින් ලෙසන්ස් ටිකට ලින්ක් හදන්න කියලා..

ඉතින් සදුදා ඉදලා ඔන්ලයින් ලෙසන්ස් පටන් ගත්තා.. ඔක්කොමත් හරි ඉතිහාසය තමා අවුල.. දෙයියනේ පන්තියේ ඉන්නෙත් පුදුම අමාරුවකින්.. වෙලාවට කැම් එක ඕෆ් කරලා තියෙන්නේ..

.

.

.

.

රට වහලා දැන් මාස හයකට කිට්ටුයි.. කොවිඩ් ලෙඩ්ඩු වැඩිපුර හම්බෙන පැති ලොක් ඩවුන් කරනවා.. අපිත් ලොක් ඩවුන් **** ලෙඩ්ඩු වැඩි කියලා.. අපි ඉන්නේ කිලෝමීටර් දෙකහමාරක් විතර ඇතුලට වෙන්න ඒ උනාට අපේ ගේ ලගින් තමා බැරියර් එක දාලා තියෙන්නේ.. අම්මලා වැඩට යන්නේ දුණුවිල පැත්තෙන් ගිහින් ජම්බුගහපිටියට දාලා කටුගස්තොටට ගිහින්.. මං ඉතින් ගෙයි ගෙම්බා වගේ.. එහෙමත් නෑ වත්ත දිගේ ගියහම පහල වෙලට බහින්න පුලුවන්..

අකීල්ගේ යාලුවා මිලාන් ඉන්නෙත් අපේ ගෙවල් වලට ටිකක් එහායින්.. ඉතින් අපි වෙලේ ක්‍රිකට් ගහන්න එහෙම සෙට් වෙනවා.. එයා කියපු විදියට අකීල් එයාගේ තාත්තා එක්ක ලංකාවට ඇවිත් හැබැයි තාම කොලඹලු.. කොහොමත් ඕලෙවල් කරන්න නුවර එන්න ඕන නේ.. එක්සෑම් ඊලග අවුරුද්දේ මාර්තු..

.

.

.

.

After six months

තවත් මාස පහක් විතර ඔහොම ගෙවිලා ගහින් ඉස්කෝලේ පටන් ගෙන දැනටා මාසයක් වෙනවා.. හැබැයි ඉතින් යාලුවෝ ලගින් වාඩි වෙන්න බෑ ඇයි ඉතින් මීටරේ පරතරේට ඉදලා මාස්ක් දාගෙන ඉන්න ඕන නේ..

ඕලෙවල් වලට තව සති තුනයි.. අද ඇඩ්මිෂන් දෙනවා.. හයියෝ ඇයි මම ක්ලාස් කැප්ටන් උනේ.. බෑ යකෝ මේක කරන්න.. අරූගේ අරක නැ මුගේ මේක නෑ කිව්වම මං යන්න ඕන හොයලා දෙන්න.. යකෝ මුන්ගේ යට එකේ ඉදලා මම හොයන්න ඕන..

අනේ නෙතුෂ මගේ අයිඩී එක නෑ නේ.. ඒක ඕනමද ඇඩ්මිෂන් ගන්න..ඔය මං කිව්වේ

ඔව් යකෝ.. තොපි එකකෙක් හරි ආය පාරක් කියපිය බලන්න අරක නෑ මේක නෑ කියලා.. තියන උන් එක්ක ඔක්කොලාම යවනවා ෆාදර්ගේ ඔෆිස් එකට..

ටීචර්ස් ටේබල් එකට වෙලා ඇඩ්මිෂන් ගනන් කර කර හිටපු මං ටේබල් එකටත් පාරක් ගහලා කෑ ගැහුවම ඔක්කොම සද්ද නැතුව ඕන කරන ඒවා ලෑස්ති කර ගත්තා.. මට මේ වැඩිපුර මලපැනලා ඉන්නේ මේ පාර ටර්ම් ටෙස්ට් එකේ ලකුනු හොදටම අඩුයි.. දෙයියනේ මේ මමද කියලා මටම හිතෙන තරමට අඩුයි..

ඇඩ්මිෂන් වැඩත් ඉවර කරලා අරුන්ටත් බායි පාරක් දාගෙන නිකන්ම ගෙදර ආවේ කොවිඩ් නිසා අපිට පාර්ටියක් දාන්නවත් පර්මිෂන් නැති නිසා.. ආයේ ඉතින් එක්සෑම් එකට තමා ඉස්කෝලේ යන්නේ..

.

.

.

.

ඉතින් ඕලෙවලුත් ඉවර උනා.. ලොකු අමාරුවක් නෑ.. හැබැයි මැත්ස් පේපර් එක ඒවර වෙලා ගෙදර යද්දී මට ඇඩුනා.. මැත්ස් කියන්නේ මට ගේමක් නෙවෙයි ඒත් හිතට සැටිස් නෑ.. ලාස්ට් ටර්ම් එකේ ලකුණු නිසා ඔලුව අවුල්.. හැබැයි මම A9 ආවත් S9 ආවත් කරන්නේ ආර්ට් මොකද මට වෙස්ටන් මියුසික් කරන්න ඕන.. අපේ අම්මාගේ අක්කලා දෙන්නගේ දුවලා දෙන්නත් මගේ වයසම හැබැයි මාස ගානක් වැඩිමල්.. ඉතින් මං කතා කරන්නේ අක්කා කියලා.. ඒ දෙන්නා ඉතින් මට වඩා මීටර්.. උන් නම් ෂුවර් A9..

රිසාල්ට් එනකන් මං ප්‍රයිවට් කැම්පස් එක්ක අයිටී කෝස් එකක් පටන් ගත්තා.. යසා ආර්ට් කෝස් එකක් එක්ක ෆැෂන් ඩිසයින් කෝස් එකක් පටන් ගත්තා.. මහී එයාගේ අයියා එක්ක වැකේෂන් එක්කට රට ගියා මාස තුනකට.. තරුවා උගේ අප්පච්චි එක්ක උන්ගේ කම්පැනි එකට යනවා..

මම කැම්පස් ගියපු පලවෙනි දවසේම මූණටම හම්බුනේ අකීල්.. එයාගේ යාලුවෝ දෙන්නත් හිටියා.. එයා රට ගිහින් ආවට පස්සේ මං මේ දැක්කමයි.. සෑහෙන වෙනස් වෙලා, හැන්ඩ්සම්.. ටහිකෙන්නඩ මගේ අසහනකාරී හිත.. මාත් එකක් කතා කරේ මිලානුයි ගිම්හානයි විතරයි.. අරය මුලු වෙලාවෙම කරේ මගේ දිහා බලාන හිටපු එක.. සැක් මගේ කම්මුල් රතු උනාද මන්දා.. මගේ මොලේට පිස්සු නේ.. එයාලා බිස්නස් කෝස් එකලු කරන්නේ.. කොමස් කරන්නලුනේ ඉන්නේ..

කැම්පස් එකේ වැඩත් එක්ක බිසී වෙලා අවුරුද්දක් ගෙවිලා යනවා නොදැනෙද්දී කොවිඩ් නිසා කල් ගියපු අපේ රිසාල්ට් හෙට එනවා කියලා නිව්ස් වලට කියද්දී මං දඩ බඩේ හෙව්වේ ඇඩ්මිෂන් නම්බර් එක.. කෝස් එක ඉවර වෙන්න තව මාස දෙකක් තියෙනවා.. මම හිතුවේ දිගටම මේක ඩිග්රිය ඉවර වෙනකන්ම කරන්න.. මේ යන විදියට අපි ඒ ලෙවල් කරලා රිසාල්ට් එද්දී හැට පැනලා තියෙයි..

පහුවදා උදේ මං ඇහැරුනේ අම්මා මාව අල්ලලා හොලවද්දී..

අයියා නැගිටින්න..

අයියෝ අම්මා අද ලෙක්චර්ස් නෑ..

නැගිටින්න ලමයෝ රිසාල්ට් දාලාලු.. අක්කලා කතා කරා..

ඒක ඇහුන ගමන් මං කෙලින්ම දිව්වේ ස්ටඩී ටේබල් එක ලගට..

කොහොමද එයාලගේ රිසාල්ට්..

ලැප් එක ඔන් කරලා වෙබ් සයිට් එකට ලොග් වෙන ගමන් මං ඇහුවා..

ලොකූට A8.. ඉංගිල්ෂ් B.. අනික් එක්කෙනාට A7.. IT ඉංගිල්ෂ් C..

ලොකූ කිව්වේ අම්මගේ දෙවෙනි අක්කා, සුදු අම්මාගේ දුව..එයා තමා වැඩිමලා.. අනික් එක්කෙනා ලොකු අම්මාගේ දුව.. ලොකු අම්මාගේ පම්පෝරිය එයාගේ දුවට මට වඩා වැඩ පුළුවන් කියලා.. ගිය පාර මගෙ ලකුණු වලටත් හරියට අනන් මනන් කිව්වා.. කොහොමත් හැම පවුලකම ඉන්නවානේ වේයෙක් වෙන නෑයෙක්..

ඔය විස්තර අහන ටිකට වෙබ් එක ලෝඩ් වෙලා.. මම නම්බර් එක ගැහුවම...

*************************************

ගැහුවම W9ක් ආවා එච්චරයි..

නෑ නෑ ඊලග එකෙන් බලමු මොකද උනේ කියලා..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!