Chapter 6 of 23

පස්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,348 words~12 min read

ඔය විස්තර අහන ටිකට වෙබ් එක ලෝඩ් වෙලා.. මම නම්බර් එක ගැහුවම... දෙයියනේ මට අදහගන්න බැරි උනා.. කොච්චරද කියනවා නම්,

අම්මා ඔයා ඊයේ හදල ගෙනත් දුන්න ස්පෙක්ක් දෙක අරන් දෙන්නකෝ..

මොනාද මේ කියවන විකාර.. කෝ අයින් වෙන්න.. අම්මා මාවත් එහාට කරන් ස්ක්‍රීන් එකට එබුනා..

දෙයියනේ මගේ කොල්ලා.. එහෙම කියාගෙන අම්මා මාව බදාගත්තා..

මොකද මොකද මේ උදේම සද්දේ.. අප්පච්චිත් කාමරේට එබුනේ අම්මාගේ සද්දෙට..

බලන්නකෝ අප්පච්චි අපේ කොල්ලා..

අම්මා පෙන්නුවේ ලැප් එක.. අප්පච්චි ඒක දිහා බලලා මගේ දිහාත් බලලා ආයෙත් ලැප් එකට එබුනා..

සැක් මං හිතුවේ ෆේල් කියලා.. ඇයි ඉතින් අම්මා ඔයාට හොරෙන් ගිය පාර ලකුණු අඩුයි කියලා මට කිය කිය ඇඩුවා නේ.. අප්පච්චි මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා..

අයියෝ අප්පච්චි.. අම්මෝ අම්මෝ අපේ අම්මා රතු වෙලා.. මෙයාලගේ ලව් එක..

ස්ක්‍රීන් එකේ තිබ්බේ,

Name: Nethusha Reyan Samaradiwakara

NIC No: 2004********

Ad. No: *******

Year: G.C.E (O/L) 2020 (2021)

Sinhala : A

Buddhist : A

History : A

Mathematics : A

English : A

Science : A

Geography : A

Western music: A

ICT : A

ඇත්තටම මට හිතාගන්න බෑ මොකද මගේ ගිය පාර ලකුණු හුගක් s එකක් නැත්තන් c එකක් තිබ්බේ..

මූණ කට හෝදගෙන ඉස්සරහට එන්න.. අපි යමු අම්මා.. අප්පච්චි අම්මාගේ කරටත් අතක් දාගෙන කාමරෙන් එලියට ගියා..

මමත් වොෂ් දාගෙන ඇද උඩින් වාඩිවෙලා වට්සැප් පැත්තට ඔලුව දැම්මේ මගේ අර යාලුවෝ කියන උන්ගේ රිසාල්ට් දැනගන්න..

ඒ බං කොහොමද රිසාල්ට්..

මට A8 history B.. තරු

මටත් ඔය සෙතේම තමා.. හැබැයි B western music.. මහී

උබට කොහොමද නෙතුවා.. තරු

ඒ ඔහොම හිටපල්ලා.. මගේ රිසාල්ට් එපාද.. යසා

තෝ කොහොමත් ෆේල් නේ.. මහී

ඇත්තදූ.. යකෝ මට A9.. යසා

අඩෝ සිරාවටම.. කන්ග්‍රෑට්ස් මචං.. මහී

කන්ග්‍රෑට්ස් යසා..තරු

තැන්කූ තැන්කූ.. දැන් ඉතින් නෙතුවා උබත් කියපන්.. යසා

මමද.. මට ඉතින් A9..

මරේ මරු.. අපේ සෙට් එකේ දෙකක් A9 දෙකක් A8.. මහී

හරි හරි උබලා මිස්ට කෝල් කරලා කිව්වද..

නෑ හෙට කොහොමත් යනවා නේ කලර්ස් නයිට් එකේ ප්‍රැක්ටිස්.. හෙටම කියමු.. තරු

හම්.. එහෙනම් හෙට සෙට් වෙමු..

.

.

.

.

Next day morning

පහුවදා උදේ පුරුදු විදියට ස්කූල් ගියේ අපි ගෙදර උනාට අනික් ලමයින්ට නිවාඩු නැනේ.. ප්‍රිෆෙක්ට් රූම් එකට යද්දී තරුවයි මහියයි ඇවිත් යසාගේ බෑග් එක තියෙනවා හැබැයි මිනිහා මිසින්.. මහියා ලංකාවට ආවේ ගිය සතියේ..

ජී එම් බොම්ක.. කොවිඩ් කොච්චර අපේ ජීවිත වලට ඇවිල්ලද කියනවා නම් අපේ උන් සමහර වෙලාවට කතා කරන්නේ මැසේජ් භාෂාවෙන්..

ජී එම්.. කෝ යසා..

ඌ ගේට් ඩියුටි ගියා..

හම්මට දැන් අපි ඩියුටි යන්නත් ඕන නේ..

ඔව් දැන්වත් යමන්.. මං උබ එනකන් හිටියේ..

ඒ මං එම් කේ.. අඩේ මහියා අමතක උනා නේ.. මූ ප්‍රිෆෙක්ට් කෙනෙක් නෙවෙයි නේ..

පොඩ්ඩක් හිටපන්.. ආ අයියේ මේ අපේ යාලුවා රූම් එකේ හිටියට අවුලක් නෑ නේ.. තරු ඇහුවේ ඒ වෙලාවේ ප්‍රිෆෙක්ට් රූම් එකට ආපු DHP ගෙන්..

අවුලක් නෑ මල්ලී..

හරිනේ.. උබ එහෙනම් හිටපන්.. අපි යනවා..

එල..

ඉතින් උදේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ.. අපි ගියා නිමේෂා මිස්ව හම්බෙන්න.. මිස්ට මාරම සතුටුයි.. අපේ ක්ලාස් එකේ ඔක්කොලාම පාස්.. අර නසරාණි කංචුකයටත් A5 ක් තියේලු..

නෙක්ස්ට් වීක් අපේ ලමයින්ට ඉන්ටවීව් තියනවා කිව්වා ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් තෝරගන්න.. මොකද ඉතින් සයන්ස් වලට එහෙම s තියෙන කෙනෙක්ට බයෝ කරන්න දීලා පාස් උනේ නැති උනොත් ඉස්සෙල්ලාම ඇගිල්ල දික් වෙන්නේ ඉගෙන ගත්ත ඉස්කෝලෙට නේ.. හැබැයි ටාගට් එක තියෙන එකා කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගේම ගහනවා.. අපේ ටීචර්ස්ලත් ඒ වගේ උන්ට උපරිම සපෝර්ට් එක දෙනවා..

අපේ ඉන්ටවිව් තියලා අලුත් අයට ඒ කිව්වේ ඒ ලෙවල් වලට අලුතෙන් එන ලමයින්ට ඉන්ටවිව් තියනවා කිව්වා.. හැබැයි එදාට නම් මට එන්න වෙන්නෑ උදේ ලෙක්චර්ස්.. ඒ ලෙවල් වලට ඉස්කෝලේ පටන් ගන්නේ තව මාස දෙකහමාරකින් විතර.. ඒ කියන්නේ ජූලි.. හරියට කිව්වොත් කලර්ස් නයිට් එක තියෙන දවසට..

මිස් එක්කත් කතා කරලා අපි ගියේ වෙස්ටන් මියුසික් රූම් එකට.. තරුවා නම් ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා.. අපි තුන්දෙනා ඉතින් බෑන්ඩ් එකේ නිසා ඕන වෙලාවක මේක ඇතුලේ.. අපි යද්දී පැතුම් සර් බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරවනවා.. කලර්ස් නයිට් එක නිසා මේ දවස්වල ලොකුවට උගන්නන්නේ නෑ.. මෙයා තමයි අපේ වෙස්ටන් මියුසික් සර්..

සෑර් අපි ඇතුලට එන්නතේ..

'මටසිරි.. මේ තුන්දෙනා නේ.. එන්න එන්න.. අපිව දැකපු සර් ඇතුලට අඩගැහුවා..

ඉතින් ඉතින් කොහොමද කොල්ලනේ රිසාල්ට්..

මට A8 B1..

B වෙස්ටන් මියුසික් නේ..

ඔව් සර්..

කමක් නෑ මහීෂ.. ඔය මදෑ උබ හිටපු හැටියට.. සර් එහෙම කිව්වේ මහියා වෙස්ටන් මියුසික් කරන්න ගත්තේ ග්‍රේඩ් නයින් වල ඉදලා නිසා..

අනික් දෙන්නා එම් කේ..

සර් මායි යසායි දෙන්නාගෙන් ඇහුවේ.. සර්ට වැඩි වයසක් නෑ.. තිස් තුනක් විතර.. අපිත් එක්ක හෙන ෆ්රෙන්ඩ්ලි.. සමහර වෙලාවට බං බොලන් මචං කියලත් අපිට කතා කරනවා.. හැබැයි තරහා ගියාම විසූවියස් පිපිරුවා වගේ..

අපි රිසාල්ට් කියනකන් පොඩි සෙට් එකත් බලන් ඉන්නවා.. උන්ට හෙන කුතුහලේ සීනියර්ස්ලාගේ ඔපේ අහන්න..

අපි දෙන්නටම A9..

ඔහෝ කන්ග්‍රෑට්ස් තුන්දෙනාටම.. දැක්කා නේද ලමයි.. මොන දේ කරත් වැඩක් නෑ හරියට ඉගෙන ගත්තේ නැත්තන්.. උබලට අනාගතේ ඉතුරු වෙන්නේ ඉගෙන ගත්ත ශිල්පෙයි උපයා ගත්ත මනුස්සකමයි..

සර් එහෙම කිව්වම ජුන්නෝ ටික අර වෙහිකල් වල ඉස්සරහ ඩෑශ් බෝඩ් එකට ෆික්ස් කරන්න පුලුවන් ඔලුව හොල්ලන ඕනමන්ට් එක වගේ ඔලුව වනනවා..

සර්.. මහී කතා කරපු නිසා සර් ආයෙත් අපේ පැත්තට හැරුනා

සර් මං බෑන්ඩ් එකෙන් අයින් වෙනවා..

මොනාද යකූ මූ මේ කියන්නේ..

ඒ ලෙවල් නිසාද..

ඔව් සර්.. කොමස් කරන්න ඉන්නේ.. අනික මං අයියට ෆැමිලි බිස්නස් වලට හෙල්ප් කරන්න ඕන.. ඉතින් බැලන්ස් කර ගන්න බැරි වෙයි කියලා හිතුනා.. that's the reason sir..

Hmm.. it's okay putha.. I wish you good luck for your target..

Thanks sir... and I'm really sorry..

හරි දැන් ඔය දෙන්නා මොකද..

මං ෆැෂන් ඩිසයින් කෝස් එකක් ෆලෝ කරනවා.. ඒක නිසා ආර්ට්ස් කරන්න ඉන්නේ.. තව සිංහල ඇන්ඩ් ජැපනීස්..

Good choice yasara..

මං නම් ඉතින් සර්ට වද දෙන්න ඉන්නේ..

අප්පේ.. මදැයි නිදහස් වෙන්න හිටියා.. හරි හරි ඉතුරු සබ්ජෙක්ට්ස් මොනාද..

ෆ්රෙන්ච් ඇන්ඩ් ලිට්..

ඒ කියන්නේ ලැන්ග්වේජස් ක්ලාස් එකේ.. යසාරත් ඒකෙද..

නෑ සර්.. ආර්ට් නිසා A2 එකේ..

කොහොමහරි කමක් නෑ තුන්දෙනා ඊලග එකත් උඩින්ම පාස් වෙන්න ඕන..

මෙම නිවේදනය සියලුම උසස් පෙල ගුරුභවතුන්ට.. කෙටි රැස්වීමක් සදහා කාර්යාලයට පැමිණෙන්න..

දැන් මාත් යන්න ඕන නේද.. පොඩ්ඩක් මේ ලමයින්ව බලන්න මං එනකන්..

හරි සර්..

සර් ගියාම අපිත් ජූනියර්ස්ලා ප්ලේ කරනවා බලලා එයාලගේ අඩුපාඩු පෙන්නුවා.. ඉන්ටවල් එකට බෙල් එක ගැහුවත් මේ ලමයි කන්නේ මෙතනම නිසා පොඩ්ඩක් හිටපන් කියලා මහියා එලියට ගියා.. ටිකකින් සර්ත් ආවම අපි හිටියේ මහී එනකන්.. අඩේ මෙන්න මූ එනවා අතින් කටින් මලු ගොඩකුත් උස්සන්..

මොනාද මහීෂ මේ..

මං යන්න කලින් බෑන්ඩ් එකට දෙන ලාස්ට් ට්‍රීට් එක..

අනේ.. මූ කැන්ටින් එකෙන් එක්කෙනාට ජූස් බොට්ල්ස් එක්ක ස්නැක් පැකට් එක ගානේ ගෙනල්ලා.. ඉතින් අපි තුන්දෙනා හැමෝටම ඒ ටික බෙදලා දුන්නා.. මල්ලිලාගේ ඇස් වල කදුලු.. හැබැයි උන් හොදට වැඩ ටික කරගන්න අයියේ කියලා විතරයි කිව්වේ.. මොකද මුන් මහීට බයයි.. ඇයි යකා වගේ නේ.. ට්‍රම්පට් ප්ලේ කරන සෙට් එක තමා ඒ ගැන හොදටම දන්නේ.. ඒ වැඩෙත් ඉවර කරලා කලර්ස් නයිට් එකේ ප්ලේ එක ගැනත් කතා කරලා අපි ප්‍රිෆෙක්ට් රූම් එකට ආවේ මටයි යසාටයි ඩියුටි දාලා නම් එහෙට මෙහෙට කරලා සෙට්ල් කර ගන්න..

ඔය අනන් මනන් වැඩ එක්ක සතියක් ගෙවිලා යද්දී අපේ ඉන්ටවිව් තිබ්බා.. අපේ ස්කූල් එකේ කලින් ඉදලම ලැන්ග්වේජස් තිබ්බට වෙනම ක්ලාස් එකක් තිබ්බේ නෑ.. A3 කියලා ඒ ක්ලාස් එකට ෆ්රෙන්ච් ජැපනීස් හින්දි කොරියන් කරන ලමයි සේරම දැම්මා.. ඒ උනාට මේ පාර ඒ ක්ලාස් එක ලැන්ග්වේජස් කියලා වෙන් කරලා.. අඩුම ලැන්ග්වේජස් දෙකක් වත් කරන්න ඕන.. ලිට් එකත් ලැන්ග්වේජස් කියලා ගන්න නිසා මං ඒකේ.. යසා එහා ක්ලාස් එකේ.. මහී කොමස් C2 එකේ.. තරුවා බයෝ S1 එකේ.. හතර දෙනා තුන් කොනක.. ඊව් ගැලපෙන්නෑ..

ඊලග සතියේ අලුත් ලමයින්ගේ ඉන්ටවිව් තිබ්බට මටයි මහීටයි ස්කූල් එක පැත්තෙවත් යන්න උනේ නෑ.. ඌ අයියා එක්ක කලම්බෝ ගියා බිස්නස් වැඩ වගේකට.. මට අපේ කැම්පස් එකේ ක්‍රිකට් ෆෙස්ටිවල් එක සෙට් උනා.. ගවමන්ට් වගේම බැජ් එකේ බැජ් රෙපා නිසා හැම මගුලම මගේ ඔලුව උඩ.. වෙලාවකට මේ නායකත්ව මගුල් නම් සාපයක්.. ඒ උනාට ආතල් අනේ.. හිකිස්..

.

.

.

.

.

තවත් මාස දෙකකට පස්සේ මගේ අයීටී කෝස් එකේ ෆස්ට් ඉයර් එක ඉවර වෙද්දී සෙටිෆිකට් සෙරමනියට ඩේට්ස් කියන්නම් දැන් පලයව් කියලා අපේ ලෙකා අපිව එලෙව්වා.. අපි ඒ තරම් හොදයි.. ඉතින් අපිට ස්කූල් පටන් ගන්න තව සති දෙකක් විතර තියෙන නිසා දිගටම බෑන්ඩ් ප්‍රැක්ටිස් ගියේ මාව බෑන්ඩ් ලීඩර් කරපු පැතුම් සර්ගේ අම්මා මුත්තා සිහි කර කර.. ඉස්කෝලෙන් අවුට් වෙනක් මං තමා ඉතින් මේක අදින් ඕන.. අකමැත්තක් නෑ මේ තනතුර ගැන මොකද මේක හම්බෙනකන් සෑහෙන බලාපොරොත්තුවෙන් හිටියේ.. ඒත් නයිට් එකට සති දෙකක් තියලා උබ තමා ලීඩර් කිව්වම දෙයියනේ මං පව් නැද්ද.. අනික චීෆ් ගෙස්ට් විදියට එන්නේ අපේ ඕල්ඩ් බෝයි කෙනෙක්..

.

.

.

.

.

තව දවස් තුනයි නයිට් එකට.. එදා උදේටම තමා අලුත් ඒ ලෙවල් බැජ් එක ඔෆීශියලි ඉස්කෝලේ පටන් ගන්නේ.. පොඩි ඔරියන්ටේෂන් එකක් තියලා ලමයින්ව ක්ලාස් වලට දානවා.. හවස හයට නයිට් එක පටන් ගන්නවා.. දැනුත් මං මේ ඉන්නේ බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරවනවා බලාන.. සෙට් එක ස්ලෝ මාර්ච් එක හරියට ප්ලේ කරනවා.. ඒත් මට අවුල්නේ..

ආයේත් ප්ලේ කරන්න..

අනේ අයියේ.. ටෙන් මිනිට්ස් බ්රේක් එකක්..

හරි තව එක පාරක් මාර්ච් එකත් එක්ක ප්ලේ කරලා.. බ්රේක් එකෙන් පස්සේ අයිටම් එකේ සෝන්ග්ස් ටික බලමු..

ඕකේ..

මාත් ඉතින් ඉස්සරහින් හිටිගෙන මෙස් එක කරකවලා එදාට කියන්න ඕන හෑලි ටිකත් කියලා වෙල්කම් එකේ ප්‍රැක්ටිස් ඉවර කරා.. ආයේ ඉතින් එදාට තමා..

බ්රේක් එක දීලා මං මෙන් හෝල් එකට ආවේ අපිට ස්ටේජ් අයිටම් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද බලන්න.. ඉස්කෝලේ ඇරිලා පැය බාගයක් වගේ නිසා ලමයි අඩුයි.. අද යසාත් ක්ලාස් එකක් කියලා තව ටිකක් පරක්කු වෙයි කිව්වා එනකොට.. අපි ටීටී ප්‍රැක්ටිස් කරන්නේ ප්‍රයිමරි එක පැත්තට වෙන්න තියන මේ වගේම හෝල් එකේ.. මොකද මේකේ තියෙන කොලිටි පුටු එහෙ මෙහෙ කරොත් ෆාදර්ගෙන් කෝටු පාර තමා.. පොඩි කාලේ අනික් හෝල් එකටත් මේන් හෝල් එක කියපු පුරුද්දට දෙකම මේන් හෝල් වෙලා.. ඉස්කෝලේ ගේට් එකෙන් ඇතුලට ඇවිල්ලා පාර දිගේ එනකොට ඉස්සෙල්ලාම හම්බෙන්නේ මේ හෝල් එක.. හෝල් එකේ කවුරුත් නැති නිසා මං සිකියුරිටි අංකල්ටත් කියලා උඩහට යන මල්ලී කෙනෙක් අතේ හෝල් එකට එන්න කියලා බෑන්ඩ් එකට පණිවිඩේ ඇරියා..

හෝල් එකේ ඉස්සරහ පඩියක් උඩින් වාඩිවෙලා සෙට් එක එනකන් බලන් ඉද්දී යසා එනවා හැටට හැටේ..

මොකෝ බං මේ හති දාගෙන..

ගුණසේන එකට ගියා බං පොත් වගයක් ගන්න.. එතන ඉදලා පයින් අවේ.. මාලියන්ස්ලගෙයි වෙස්ටර්ස්ලගෙයි මොකද්ද එකක් තිබිලා දැන් ඇරිලා තියෙන්නේ..

හප්පා එහෙනම් කච්චේරිය හරියේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතුව ඇති..

ඔව් ඒ.. මේ පැතුම් සර් මට කෝල් කරා උබ ෆෝන් එක උස්සන්නෑ කියලා..

අඩෝ මං ඒක සයිලන්ස් දැම්මා.. සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරන් බලද්දී සර්ගෙන් මිස් කෝල් පහයි..

හේතුව කිව්වේ නැද්ද බං..

නෑ.. අන්න සෙට් එක එනවා මං ප්‍රැක්ටිස් පටන් ගන්නම්.. උබ කතා කරලා වරෙන්..

යසා ලමයි ටිකත් අරන් හෝල් එක ඇතුලට යද්දී මං සර්ට කෝල් බැක් කරා..

.

.

.

.

කෝල් එක ඉවර වෙලා මං ඇතුලට යද්දී කට්ටිය ප්ලේ කරනවා.. මං දන්නවා මොනා නැතත් මුං අයිටම් එක හොදට කරනවා..

මොකද ඔය මූණ.. යසා ඇහුවේ ඇතුලට ආව මාව දැකලා..

අනේ මට මේක කරන්න බෑ බං.. මං කිව්වේ ස්ටේජ් එකේ ගැට්ටේ වාඩි වෙන ගමන්..

මොකද උනේ අයියේ.. ජුන්නෝ ටිකත් ඉන්ස්ටෘමන්ට් ටිකත් තියලා යසාරත් එක්ක ඇවිත් මං ලගින් වාඩි උනා..

අනේ බං අලුතෙන් එන සෙට් එකට තියෙන ඔරියන්ටේෂන් එකේ පිලිගැනීමේ ගීතය ප්ලේ කරන්න කියලා දැන් කියනවා..

අඩේ එහෙම එකක් කලින් තිබ්බේ නෑ නේ..

ඔව් බං.. අර ඩිපියුටි හත්වලාමට කසනවා නේ බෑන්ඩ් එකට බාල්දියක් දැම්මේ නැත්තන්..

අනේ ඕකට තාම හැට පිරුන්නැද්ද අයියේ..

අනේ මන්දා මල්ලී..

දැන් මොකද්ද අපි ප්ලේ කරන්න ඕන බං..

ඊස්ටන් මියුසික් මිස් ලමයෙක් අතේ එවයි කිව්වා නොටේෂන්..

එතකොටම වගේ නවයේ විතර පොඩි එකෙක් කොල වගේකුත් උස්සන් ඇවිත් මගේ අතට දීලා..

අයියේ මේ තියෙන්නේ නොටේෂන්.. මිස් කිව්වා පැයකින් විතර ලමයේ ටකත් අරන් එන්නම් කියලා.. ඊට පස්සේ ඌ වාස්ප උනා..

හපෝ ඒ අනික් බඩ්ඩ.. හිතාන ඉන්නේ මිස් වර්ල්ඩ් කියලනේ.. එයා තරම් ලස්සන දක්ෂ කෙනෙක් නෑ කියලා.. මටයි යසාටයි පස්සේ සීනියර් ඉන්න හිරුෂ මල්ලී දෙස් තියන්න ගත්තේ ඊස්ටන් මියුසික් මිස්ට..

හරි හරි එයාව අපිට අදාල නෑ.. හැම ඉන්ස්ටෘමන්ට් එකෙන්ම එක්කෙනා ගානේ හිටියම ඇති මේකට.. දෙදරන්න ප්ලේ කරන්න ඕන නෑ නේ..

මං නොටේෂන් කොල ටික දිග අරින ගමන් කියද්දී සොෆ්ට් ප්ලේයර්ස්ල ටික එයාලගේ නොටේෂන් බුක්ස් අරන් ආවා..

මල්ලිලා.. සිංහල නොටේෂන් තියෙන්නේ..

අවුලක් නෑ අයියා.. අපිට ඔය කෝකත් එකයි.. මිනුලයා සැක්ස් වලට ලියා ගද්දී සිංහලෙන්ම පහක් උඩට දාලා ලියාගන්න..

හම්මෝ හිරුෂ මල්ලී.. දැන් නම් බයේ බෑ මුට බෑන්ඩ් එක භාරදීලා යන්න.. ඉතින් අපි විනාඩි හතලිස් පහක් විතර යද්දී අපි ඒ මගුල ප්‍රැක්ටිස් කරගත්තා.. වෙලාවට අපිට ඔය ඕන නොටේෂන් එක්කට ඔට්ටු වෙන්න මුල ඉදලම හුරු කරවන්නේ.. තවත් විනාඩි දහයකින් විතර මියුසික් මිස් ලමයි ටිකත් අරන් එයා ඉමෑජින් කරන් ඉන්න පස්සත් පද්ද පද්ද හෝල් එකට ආවා..

පුතා ඔයාලා ප්‍රැක්ටිස් කරාද.. මං එවපු නොටේෂන් ඔයාලට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් උනාද.. ඈ යකෝ අපිව පේන්නේ මොක්කු වගේද..

අපි ප්‍රැක්ටිස් කරලා නම් දැන් තර්ටි මිනිට්ස් විතර මෑම්.. අනික අපිට ඔය ඕන නොටේෂන් එකක් ඔට්ටුයි.. සැක්සෆෝන් පවා කන්වර්ට් කරේ දීපුවගෙන්ම තමා.. හිරුෂ මල්ලී දුන්නා ෂෝට් එක..

ඔහ් හරි.. මිස් ඇස් දෙකත් ලොකු කරන් අපි දිහා බලන් ඉන්නවා..

මිස් ට්‍රැක් එක තියෙනවා නම් පොඩ්ඩක් ප්ලේ කරනවද හරියටම ටෙම්පෝ එක සෙට් කර ගන්න..

මං ඇහුවම මිස් ට්‍රැක් එක ප්ලේ කරා.. ඊට පස්සේ දෙපාරක් විතර අපි ප්ලේ කරද්දී එයාලා ප්‍රැක්ටිස් කරලා ගියා.. අපිත් හතර විතර වෙනකන් නයිට් එකේ අයිටම් එක ප්‍රැක්ටිස් කරලා ගෙවල් වලට ගියා..

.

.

.

.

Three days later

එහෙ බලලා මෙහෙ බලද්දී ඉතුරු දවස් තුනත් ගෙවිලා ගිහින්.. අද උදේ ඉදලා මුලු ඉස්කෝලෙම කඩි ගුලක් ඇවිස්සිලා වගේ.. උදේම හෝල් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක නිසා ප්‍රිෆෙක්ට්ලා එතන.. නයිට් එකේ ඩෙකරේෂන් භාර සෙට් එක මල් කොල අතු ඔක්කොම අරන් හොල් එක ලගම බිල්ඩින් එකේ ක්ලාස් එකකට වෙලා බලන් ඉන්නවා මේක ඉවර උන ගමන් හෝල් එකට පනින්න.. තරුවත් ඔය සෙට් එකේ..

මමත් උදේම හෝල් එකට ගියේ ඩ්‍රම් කිට් එක එහෙම ප්ලේස් කර ගන්න ඕන නිසා.. එතන වැඩ ටිකත් බලලා මං ආයේත් මියුසික් රූම් එකට ගියේ චේන්ජ් කරගෙන එන්න.. අපි උදේ ෆන්ෂන් එකට ඇන්දේ කලු ට්‍රවුසර් එකට සුදු අත් දිග ෂර්ට් එකක්.. දවසම ඒකෙන් ඉදලා හවසට නිල් පාට බෑන්ඩ් කොස්ටියුම් එක දාගන්නවා නයිට් එකට.. අපි ලෑස්ති වෙලා යද්දී ප්‍රිෆෙක්ට්ලා ඇරෙන්න අලුත් පරණ ලමයි සේරම හෝල් එකේ වාඩි වෙලා.. අපිත් අපිට අදාල තැනට ගියා.. මේ වෙල්කම් මගුලක් නිසා ට්‍රැක් එක දාන්න හිටපු ස්කූල් ඇන්තම් එකයි නැෂනල් ඇන්තම් එකයි අපිට ප්ලේ කරන්න උනා.. මාත් ඉතින් සියල්ල දත් වගේ අර බැටන් එකත් වන වන හිටියා.. දකින උන්ට ලේසි උනාට මං එපෑ වනන්න..

එතන වැඩ ඉවර කරලා එලියට යද්දී අලුත් ලමයි අතරේ දැකලා පුරුදු මූණු දෙකතුනක් දැක්කට කවුද කියලා අදුරගන්න බැරි උනේ යසා මාවත් ඇදන් ගියපු නිසා..

ලීඩර් විදියට මගේ ඔෆිෂියලි පලවෙනි ප්ලේ එක නයිට් එකේ සාර්ථක විදියට ඉවර කර ගත්ත මං සුපුරුදු ලෙස බෑන්ඩ් එකෙන් වගේම ටීටී වලටත් කලර්ස් හම්බුනා.. තව තව සොසයිටි අනන් මනන් ගොඩකටත් තිබ්බා ඉතින්.. මේ පාර ප්ලේයර් ඔෆ් ද ඉයර් තරුවා..

ඉතින් නයිට් එකත් ඉවර උනා.. අයේ තියෙන්නේ අවුරුදු දෙකකින්, ඒ කියන්නේ අපි අවුට් වෙන අවුරුද්දේ.. ඔක්කොම වැඩ ඉවර කරලා මගේ ලමයින්ව පරිස්සමින් අම්මලාට භාර දීලා මමත් ගෙදර ආවේ උදේ ෆන්ෂන් එක ඉවර වෙලා එලියට එද්දී දැකපු මූණු ටික මගේ හිතේ හොල්මන් කරද්දී.. ඇත්තටම ඒ හිටියේ එයාද..

*************************************

කවුද කවුද මේ නෙතුෂගේ හේතේ හොල්මන් කරන මූණු..

මම කලින්ම කිව්වනේ.. මේක සිරා සිද්ධියක් එක්ක මං කතාවට ගැලපෙන විදියට ඉමෑජින් කරලා ලියන්නේ.. ඉතින් මෙතන කියවෙන ලොකෙෂන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තිබ්බොත් ගනන් ගන්න එපා.. :)

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!