Chapter 7 of 23

හයවැනි දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,325 words~12 min read

කලර්ස් නයිට් එකෙන් පස්සේ සතියක් ගිහින්.. නයිට් එක තිබ්බේ සිකුරාදා.. සති අන්තේ හිටු කියලා ක්ලාස්.. සෙනසුරාදා උදේ මියුසික් ක්ලාස් එක හවස ලිට්.. ඉරිදා උදේ ෆ්රෙන්ච් හවසට ඉස්කෝලෙන් දුන්න හෝම්වර්ක් පාස්ට් පේපර්ස් ටිකක් කරල ඉවර වෙද්දී සති අන්තේ ඉගිල්ලිලා ගිහින්..

පුරුදු විදියට උදේ ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහින් සයින් කරලා ඩියුටි ඉවර කරලා පන්තියට ඇවිත් වාඩි උනේ ඉගෙන ගන්න.. අපේ පන්තියේ ලමයි විස්සයි.. ලැන්ග්වේජස් සෙට් එක නේ.. හැබැයි ඉතින් මං ඇරෙන්න ඔක්කොලාම අලුතෙන් ඉස්කෝලෙට ආපු අය.. මං විතරයි ඉස්කෝලේ හිටපු එකෙක්ට ඉන්නේ.. ඉතින් ගොනා පස්සේ එන කරත්ත රෝදේ වගේ අන්තිම අවුරුදු දෙකෙත් ක්ලාස් කැප්ටන් කම මගේ කරේ.. මුන්ගේ හෙන අලි ඔලුව.. මාත් එක්ක වචන දහයකට වැඩිය කතා කරලා නැ.. මට පාන්ද..

ඉගෙන ගන්න කියලා වාඩි උනා විතරයි මොකෙද්ද හෝහපුට්ටෙක් ක්ලාස් එකේ දොරට තට්ටු කරා.. ඔව් ඔව් අපි දොරවල් වහන් අධි ආරක්ෂිත කලාපයක් වගේ ජීවත් වෙන ස්මාට් ක්ලාස් එකක්..

Come in..

ඒ අපේ ලිට් උගන්නන්න මිස්..

Excuse me ma'am..

Yes putha.. how can I help you..

Can I talk to Nethusha ayya..

Go ahead..

Yes malli..

Yatawara sir said that come and meet him now..

Okay.. ma'am may I..

I can't say no.. so come to clz soon as possible that you can..

Thank you ma'am..

මිස් ගෙන් ලැබුණු අවසරෙත් එක්ක මං ක්ලාස් එකෙන් එලියට ආවේ මීඩියා රූම් එකට යන්න.. මොකද යටවර සර් කියන්නේ මීඩියා ස'කල් එක භාර සර්..

ඒ ලෙවල් වලට ඉස්කෝලේ පටන් අරන් දෙවෙනි සතිය වෙද්දී ඇයි මං මේක කරන්නේ කියලා හිතිලා ඉන්නේ.. මොක නිසාවත් නෙවෙයි, කලින් කියපු මීඩියා ස'කල් එක නිසා.. ඇයි යකඩෝ පන්තියේ ඉන්නවට වඩා මං ඉන්නේ මීඩියා රූම් එකේ.. මං ඉන්න කල්බ් වලින් මං ආසම එකක් තමා මේක.. රට වහලා තිබ්බ කාලේ තියන්න බැරි උන මීඩීයා ඩේස් දිගට හරහට පටන් අරන්.. ඉතින් අදාල කැටගරි වලට හොදම ලමයි තෝරන්න තමා මේ එන්න කියන්නේ..ඒත් යුනිට් එකේ සබ් ප්‍රසිඩන්ට් නැත්තන් ඉංගිල්ෂ් මීඩියම් ප්‍රසිඩන්ට් උන පලියට හැම ලබ්බකටම මං ඕනද..

මං යද්දී පොඩි මල්ලිලා ටිකකුයි අපිට පස්සේ මේක භාර ගන්න ඉන්න සෙට් එකයි සර් එක්ක කතාවක්..

Excuse me sir..

ඔහ්.. එන්න නෙතුෂ පුතා.. අනික් එක්කෙනත් දැන් එයි..

සර් මට එන්න කිව්වේ ලමයි ගැන අහන්න නම් උදේම සර්ගේ මේස උඩින් මං අදාල ඩොකියුමන්ට්ස් ටික තිබ්බා..

මොකද මේ ස්ද්දේ එලියට ඇහෙනවා..

'ටසිරි මගේ සද්දේ චුට්ටක් වැඩි වෙලා.. කරන්න දෙයක් නෑ මට කේන්ති..

එහෙම කීයාන ඇතුලට ඇවිත් යටවර සර්ගේ එහා පැත්තේ පුටුවෙන් වාඩි උනේ කොමස් එකේ සෙක්ෂනල් හෙඩ්.. ඊව්.. ඒ නාකියා මොකද මෙතන කරන්නේ.. මූ නිසා තමා කොමස් එකේ උන් අමුතු උන් වගේ හැසිරෙන්නේ.. හදිසියකටවත් පණිවිඩේකට යන්න බෑ cid එකෙන් වගේ ප්‍රශ්න කරනවා.. මෙයා හෙට අනිද්දට රිටයර් වෙනවා කියලා අපේ මහීලා එහෙම උඩ පැන පැන ඉන්නේ.. සර්ගේ පිටිපස්සේ ඇතුලට ආවේ අපේ මීඩියා ප්‍රසිඩන්ට්.. ගිවන්ත.. මොකද දන්නෑ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ..

ආ මේ ඇවිත් ඉන්නේ අපේ ප්‍රසිඩන්ට්..

මොකද පුතා මේ කේන්තියෙන්..

කේන්ති යන්නැද්ද සර්.. සර් හැම ලබ්... දේකටම මට කතා කරනවා.. ස්කූල් පටන් අරන් සතියක් උනාට මං තාම හරියකට පන්තියේ ඉදලා නෑ.. මං සබ් ප්‍රසිඩන්ට් තමයි.. ඒත් මටත් වැඩ කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.. මේක විතරක් නෙවෙයිනේ මං මේ ඉස්කෝලේ ඇතුලේ දරන එකම තනතුර..

මෙච්චර දවස් හිතේ තිබ්බ තරහව එලියට පැන්නා..

ඒක හරි කතාවක්නේ.. එතකොට ඔය ලමයා විතරක් ඉගෙන ගත්තම ඇද්ද.. කොමස් කරන මේ ලමයා ඉගෙන ගන්න එපාද..

එහෙම කිව්වේ අර වල පයයි ගොඩ පයයි තියන් ඉන්න උන්දෑ.. මට තරහට ඇස් වල කදුලු පිරුණා.. අනික් හිටපු මල්ලිලා බය වෙලා බලන් ඉන්නවා.. එයාලා කවදාවත් මාව මෙහෙම දැකලා නෑ..

එතකොට සර් කියන්නේ කොමස් එකේ ලමයි ඉගෙන ගත්තම ඇති.. අපි ඉගෙන නොගෙන ඉන්න කියලද.. දෙයියනේ සර් මං කරන්නේ ලැන්ග්වේජස්..

මට කොච්චර කේන්තිද කිව්වොත් මෙච්චර වෙලා හිරකරන් හිටපු කදුලු ලාවා වගේ මගේ කම්මුල් පහලට බේරුනා..

මං තාම හරියකට එක පීරියඩ් එක්කට පන්තියේ ඉදලා නෑ.. අඩුම පලවෙනි පීරියඩ් එකට ටීචර් කෙනෙක් එනකන්වත්.. මං හැදේම කරලා ඉවර උනාම මෙයා ගිහින් නොකරපු ඒවට ක්‍රෙඩිට් ගන්නවා මං පැත්තකට වෙලා බලන් ඉන්න ඕනද.. මගේ හමයන්න මෙයාගේ නම යන්න.. මං කිව්වේ මගෙ දිහා බයවෙලා බලන් ඉන්න ගිවන්ත පෙන්නලා..

මේ පෝස්ට් එක නැති උනා කියලා මට අමුතුවෙන් මොකුත් නැති වෙන්නෑ.. ඒ නිසා මං මේකෙන් ඉල්ලා අස්වෙනවා.. මගේ රිසයින්ග් ලෙටර් එක මං හෙට සර් අතට ගෙනත් දෙන්නම්.. මට වටිනාකමක් නැති තැන්වල මං ඉන්නේ මොකටද.. කියලා මං හැරුනේ ගිවන්ත පැත්තට..

පොඩ්ඩක් උදව් කරාම කරේ නගින්න එපා.. මගේ විතරක් නෙවෙයි කාගේ උනත්.. හැබැයි මගේ ටාර්ගට් එකේ තියෙන රිසාල්ට් අඩු උනොත්..., මං යන්නම්..

එහෙම කියපු මම කම්මුල් දිගේ බේරෙන කදුලු පිහින ගමන් මීඩියා රූම් එකෙන් එලියට දිව්වේ යටවර සර් මට කතාකරනවා ඇහෙද්දී..

ආර්ට් එකේ පඩිපෙල නැගලා ඉවර වෙද්දීම තුන්වෙනි පීරියඩ් එකටත් බෙල් එක ගැහුවත් මට ක්ලාස් එකට යන්න මූඩ් එකක් නැති නිසා මං එබුනේ අපිට එහා පැත්තේ තිබුන යසාලගේ පන්තියට.. A9 ගත්ත උන්ගෙන් අපි විතරද කොහෙද ආර්ට් එකේ ඉන්නේ.. ආ තව පොලිටිකල් කරන එකෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා A1 එකේ.. මං එබෙද්දී යකෝ මුං සින්දු සාජ්ජයක් දාලා.. මං හිතන්නේ උන්ට දැන් ලයිබ්රි.. යසා පන්තිය මැද ඩෙස් එකක් උඩ වාඩි වෙලා උගේ බෝතලෙත් මයික් එකට තියාන බෙරිහන් දෙනවා.. අනික් උනුත් වෙනසක් නෑ.. උන්ගේ සප් එකට කංචුකයා ඩෙස් එක්කට තඩිබානවා.. ඔව් ඔව් අර නසරාණි කංචුකයා තමා.. පොර තමා මේ පාර අපේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්.. ඌ කරන්නේ ඩාන්සින්.. ඒකයි යසාලගේ ක්ලාස් එකේ ඉන්නේ.. කරන්න දෙයක් නැතුවට කරනවා කියලා හිතුවනම් වැරදි පුතේ.. ක්‍රිකට්  ගහන නිසා බොඩි බිල්ඩර් වගේ ඇගක් තිබුණට කංචුකට හැඩට නටන්න පුලුවන්.. උන්ට ලබන අවුරුද්දේ අන්තිමට හිස්වෙස් තියනවා කියලත් කිව්වා..

කොහොමහරි මාව මුලින්ම දැක්කේ කංචු.. ඉතින් ඌ යසාරගේ අතට ඇනලා මාව පෙන්නුවම යසා ඩෙස් එකෙනුත් පැනගෙන මගේ ලගට ආවා..

ඉතින් නෙතුවා මොක.. අඩෝ උබ ඇඩුවද..

යසාව හම්බෙන්න කලින් මූණ හොදගෙන ගියත් මූ මගේ වෙනස දැක්කා..

යමන්කෝ පොට් එකට..

මගේ කරටත් අතක් දාගත්ත යසා ආර්ට් එකෙන් එලියට ආවේ අපි හතර දෙනා අපර් ස්කූල් එකට ආපු දවසේ ඉදලා සෙට් වෙන මේන් හෝල් එක පිටි පස්සේ තිබුණු අඹ ගහ ලගට.. ඊට පිටි පස්සේ බාස්කට් බෝල් කෝට් එක.. අපි යද්දී තරුවයි මහියයි එතට..

අඩෝ.. අපිට කමක් නෑ කියමු.. කොමස් සයන්ස් වල උගන්නන්නේ නැද්ද..

හම්මට බොක්ක..

ඇත්තට උබලට උගන්නන්නේ නැද්ද තරු..

අද අයියලාට සෙමිනා නෙතුවා.. මිස්ලා සර්ලා ඔක්කොම ඒකේ..

පුදුමයි.. එතකොට උබට මහී..

මට it.. මිස් නෑ.. මං පැන්නා.. නොදෝකින් කිව්ව ලස්සන..

හරි හරි ඒවා වැඩක් නෑ.. මොකද නෙතුවා මේ මූණ.. හරි තරුවාටත් මීටර් උනා..

මුකුත් නෑ..

අනේ මේ අපිට කොලේ වහන්න උබට බෑ.. කියපන් මොකද්ද අවුල.. අනේ යසෝ අනික් එකාව අවුස්සන්නැතුව හිටුකෝ..

මුකුත් නෑ කිව්වානේ බං..

නෙතුෂ රෙයාන් සමරදිවාකර.. හරී සෝයි.. මහීෂ පිපිරුවා..

ඉන්න ඉන්න කියන්නම්.. හැබැයි මැදින් ඇඩ් බෑ..

එහෙම කියාන මං අඹ ගහ යට තිබුණු සිමෙන්ති බෙන්ච් එකෙන්වාඩි උනා..

හරි කියපන්කෝ..

තරුෂයි යසාරයි මගේ දෙපැත්තෙන් වාඩි වෙනකොට මහීෂ එතන තිබුණු සිමෙන්ති මේසෙට පස්ස තියාගත්තා..

මං ඇමතුවා..

කාටද උබ හෙලෝ කිව්වේ.. ඒ මේ යසා..

හෙලෝ විතරක් නෙවෙයි බායි ටේක් කෙයාර් කියලම ආවා.. උබල දන්නවා නේ මේ දවස්වල හැමතැනම මීඩියා කම්පිටිෂන් කියලා..

ඔව්..

ඉතින් අදත් පන්තියට ඇවිත් වාඩි වෙද්දීම යටවර සර් පණිවිඩයක් එවලා තිබ්බා එන්න කියලා..

යකෝ තෝ විතරද හැම මගුලටම ඉන්නේ.. අර ගිවන්ත කියන #කයා පන්තියට වෙලා ඉන්නවා.. මහීට හොදටම මල පැනලා..

හිටපන්නකෝ කියනකන්.. ඉතින් මං යද්දී...

මං එතන උන හැමදේම අකුරක් නෑර එයාලට කිව්වා.. මේ ඉන්නේ මං පොඩිකාලේ ඉදලම මගේ හැමදේම දන්න මගේ උන්..

අඩෝ.. උබ ලෙසටම අමතලා.. ඒත් මං බැලුවා අපේ ලොක්කා ඇයි ගිවන්තව එක්කන් ගියේ කියලා..

දැන් එතකොට ඇත්තටම උබ රිසයින්ග් වෙනවද.. තරුවා ඇහුවේ නහය උඩ තිබුණු කණ්නාඩියත් උඩට කරන ගමන්..

ඔව් බං.. මාව ඕකෙන් එලවන්නෑ.. මොකද කොහොම කරත් හැම වැඩේම කැරකිලා එන්නේ මගේ ඔලුවට..

උබට හොදයි කියලා හිතෙන දෙයක්.. ඒක නෙවෙයි තව මාස එකහමාරකින් විතර ෆස්ට් ටර්ම් ටෙස්ට් එක තියන කතාවක් කිව්වා..

අඩේ.. මොනවද යකෝ ලියන්නේ.. මට බිස්නස් එක විතරයි ෂුවර්.. අයියාගෙන්වත් අහගන්න ඕන..

අද දෙන ටික අදම පාඩම් කරානම් හරිනේ..

අනේ මේ නෙතුවා.. අද දෙන ටික තියා පන්තියේවත් ඉන්න වෙලාව් නැති උබ බණ කියන්න එපා බං..

සැක්.. විලී ලැජ්ජාවයි සන්තෝසේ බැරුවා.. ඔය වෙලාවේ තමා මට මතක් උනේ ස්කූල් පටන් ගත්ත දවසේ මං අහම්බෙන් දැකපු හුරුපුරුදු මූණු ටික..

මහී මං උබෙන් අහන්න හිටියේ.. බැරි වෙලාවත් උබලගේ පන්ති වල අපි හොදටම දන්න කියන කෙනෙක්ගේ ෆේස් කට් එක තියෙන අලුත් ලමයෙක් ඉන්වද..

'ටසිරි.. මේ ඉගෙන ගැනිල්ල අස්සේ මට ඒකත් කියන්න අමතක උනා..

අඩෝ මට හිතෙන එකා කියලා නම් කියන්න එපා..

මෙහෙමයි පුතේ.. ඒ ඌ තමයි..

මොකාද දැන් උබලා කියන ඌ..

මෙච්චර වෙලා අපි දෙන්නාගේ මූණු දිහා මාරුවෙන් මාරුවට බලන් හිටපු තරුවා ඇහුවා..

ඌ ද.. ඌ තමයි සාරන්‍ය අකීල් සූරියසිංහ..

එකා.. අපේ ස්කූල් එකේ..

හම්.. ඔව් එයා විතරක් නෙවෙයි.. ගිම්හාන වික්‍රමසිංහයි මිලාන් ජයවර්ධනයි දෙන්නත් අපේ ස්කූල් එකේ කොමස් සෙක්ෂන් එකේ අපේ පන්තියේ මගේ පේලියේ මට එහා පැත්තේ වාඩි වෙලා ඉගෙන ගන්නවා..

නොදෝම්කින්.. ඒක කිව්ව ලස්සන..

එහෙනම් මං දැකපු මූණ එයා තමයි..

අඩේ.. අපිට කොමස් එකට එන්නවත් බෑනේ අර නාකි ඩයල් එක නිසා..

තව සතියයි බං.. ඊට පස්සේ පෙරේරා සර් ඉන්නේ.. එයා ඉතින් තරුවගේ බොක්ක නේ..

අම්මෝ එහෙනම් හොදයි මහියෝ..

තරු කිව්වේ පෙරේරා සර්ගේ ආතල් මතක් වෙලා හිනා වෙවී.. එයා තමයි ඕ ලෙවල් කාලේ කොමස් කරේ.. තරුවා බයෝ කරාට ඕ ලෙවල් කලේ කොමස් කරේ..

ඉතින් පහුවදා උදේම මං ඩියුටි ඉවර කරලා පන්තියට යන්න කලින් කෙලින්ම මීඩියා රූම් එකට ගිහින් රිසයින්ග් ලෙටර් එක භාර දීලා වචනයක් අහන්නැතුව එන්න ආවා.. මට වටිනාකමක් නැති තැන්වල මං තප්පරයක් වත් රැදෙන්නෑ..

.

.

.

.

මන් රිසයින්ග් උනාට පස්සේ කට්ටිය කොහොම වැඩ ටික කරගත්තද දන්නෑ, මම ගියේ මට අදාල ඉවෙන්ට් ටිකට විතරයි..

ඊට පස්සේ සතියේ නාකි ඩෑල් එක යන්න ගියා.. උන්දැගේ සමුගැනීමේ උත්සවේ එයාගේ ගුණ වයලා ස්තුති කරන්න තිබ්බේ මට.. මටමයි වෙන්නේ.. හැබැයි කවදාවත් නැතුව මූණේ හිනා කදුලක් නැතුව පෝඩියම් එකට නැග්ගම, උන්දැගේ ඇස් ටොම්බ සයිස් වෙනවා දැකලා මට නිකන්ම හිනාවක් ගියා.. එයැයිට ටාටා බායි කියලා අපි ආයෙත් අපේ පුරුදු වැඩ ටික පටන් ගත්තා..

දැන් ටික ටික අපේ පන්තියේ ලමයි සෝෂල් වෙනවා.. ඒකට වැඩිපුරම හේතුව උනේ ෆ්‍රෙන්ච්

මිස්.. අපේ පන්තියේ දෙන්නෙක් ඇරෙන්න කවුරුත් ඕලෙවල් වලට ෆ්‍රෙන්ච් කරලා නෑ.. ඉතින් මිස් මුලින් මුලින් කියපුවා තේරුම් ගන්න

අපිටම කතා කරන්න උනා.. එනිසා හැමෝම හැමොත් එක්කම කතා කරා.. මොන නැතත් ඒ වැඩේ වුනේ ළමයි හැමෝම සෝෂල් වෙච්ච එක..

ඔය විදිහට ඉගෙන ගන්න ඒවත් එක්ක තවත් මාස දෙකක් ගෙවිල යද්දී අපි හතර දෙනාගෙන් වැඩිපුරම සෙට් වුණේ මායි යසයි විතරයි.. අනික් දෙන්නට හිටු කියලා උගන්වනවා.. අපිටත් වෙනසක් නෑ.. ප්‍රිෆෙක්ට් කෙනෙක් උනාට සෙක්ශන් එකක් පැත්ත පලාතෙවත් යන්න බැරි වුණා.. ඉතින් අද උදෙන්ම අපි කතා උනේ සෙකන්ඩ් ඉන්ටවල් එකට කොමස් එකේ වත් සෙට් වෙන්න.. නෙක්ස්ට් වීක් ටර්ම් ටෙස්ට් නිසා ලමයි නෑ එයාලගේ.. ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක ක්ලාස් ටීචර් වෙච්ච සර් උගන්නපු ජෙනරල් ඉග්ලිෂ් වෙද්දී, බෙල් එක ගහලත් මේ මනුස්සයා තවත් උගන්වනවා..

Sir.. its time for interval..

Yes sir please..

පන්තියේ කෑම දාසලා ටික පටන් ගත්තා..

Okay okay.. මන් දන්නවා දැන් ඔය කොල්ලොන්ට උගන්නන මුකුත් ඔලුවට යන්නෑ කියලා..

Thanak you sir.. Have a nice day..

ඉතින් එච්චරයි.. සර් යන්නත් කලින් බත් මුල් එලියේ.. මාත් උන්ට සැලියුට් එකක් දාලා පඩිපෙළ බැහැලා මගේ බත් එකත් අරන් ආවේ කොමස් එක්ට යන්න.. ආර්ට් සෙක්ෂන් එක තියෙන්නේ බාස්කට් බෝල් කෝට් එක් ලග.. උඩ තට්ටුවේ ක්ලාසස් වෙනකොට පල්ලෙහා තට්ටුවේ ඩාන්සින් රූම් එකයි ඊස්ටන් මියුසික් රූම් එකයි it රූම් එකයි.. ආර්ට් සෙක්ෂන් එක ලග තියෙන පඩි දෙක තුන නැග්ගම පොඩි පාත් එකක් එක්ක්ම තියෙන්නේ කොමස් සෙක්ෂන් බිල්ඩින් එක.. ඒකෙත් උඩ ක්ලාස් පල්ලෙහා ආර්ට් රූම් එකයි වෙස්ටන් මියුසික් රූම් එකයි.. යසාරට කලින් git තිබ්බ නිසා දැනටමත් මහීලගේ ක්ලාස් එකේ ඇත්තේ.. මන් යද්දී මුන් කෝප්පයක් හෝදනවා.. පොඩ්ඩක් ඉන්න, ඇයි මට අපේ සෙට් එකේ කට්ටිය වැඩියෙන් පේන්නේ..

හුටා.. අකීල් එක්ක එයාගේ යාලුවොත් ඉන්නවා..

ආ.. නෙතුවා වරෙන් වරෙන්.. මාව දැකලා මහී කතා කරා..

ඇයි පරක්කු..

ඉන්ග්ලිෂ් තිබ්බේ තරුවෝ..

හප්පේ.. මහේන් සර් නේ.. අපි ඒ ගැන කතා නොකර ඉමු..

දැන්වත් කමු.. අකීල්ලා හිටියට අවුලක් නෑ නේ..

මගුලක් කතා කරන්නැතුව ඔය බත් එක දිගෑරපන්.. මගේ එක අන්තිමට..

ඔයා කියන දෙයක් තමා නෙතුවෝ..

ඉතින් අපි වල් පල් කියව කියව හෙමින් හෙමින් කෑවේ ලාස්ට් පීරියඩ් දෙකේ ටර්ම් ටෙස්ට් එකටයි නොවැම්බර් වල තියෙන ප්‍රයිස් ගිවින් එකටයි ගුරු රැස්වීමක් නිසා.. ගිම්හානයි මිලානුයි මාත් එක්ක ෆිට් උනා.. අර බුම්මට්ට නම් හුම් නෑ පාඩුවේ කනවා.. හැබැයි අපි කටවල් පහක් කද්දි මේකා එකයි.. අන්තිමට මගේ බත් එක දිගාරිද්දිත් එයා කටවල් දහයක් වත් කෑවද දන්නෑ..

අයියෝ මොකද්ද අකීල්.. ඔහොම ස්ලෝ වෙලා නම් බෑ.. මන් කවන්නද..

මන් බලන් ඉදල බැරිම තැන කිව්වා..

කැහ් කැහ්..

මේ මොකද අනික් උන් කහින්නේ.. එයත් මන් දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉන්නවා..

මොකද කහින්නේ.. හිර උනා නම් වතුර ටිකක් බීපන්..

ඉස්සරහට කැහැලා නතර වෙන්න පුලුවන් උනොත් ඇති..

ගිම්හාන කිව්වේ අමුතු හිනාවකුත් දාලා..

ඔන්න ඔහේ කවාගන්න අකීල්.. අනාගතේට හොඳ පාඩම්..

ඇත්ත ඇත්ත මිලාන්.. ඕන් තරුවාත් පටන් ගත්තා..

අනේ මුන්ගේ සමයන්.. මෙහෙ එන්න අකීල් කවන්න..

ඉතින් මන් මාත් කන ගමන් එයාටත් කැව්වා.. මෙහෙමයි, එයාට කවද්දී මගේ හාර්ට් එක මීටර් සීය දුවපු එකයි අනික් උන් සැරින් සැරේට හිරකරගෙන කැහැපු එකයි වෙනම කතාවක්..

මේ කවද්ද ප්‍රයිස් ගිවින්..

නොවැම්බර් මුල නේ.. ටෙස්ට් ඉවර වෙලා සති දෙකකින්..

වෙලාවට වෙල්කම් එක විතරක් තියෙන්නේ..

අප්පෝ ඔව්.. දවස් දෙකක් විතර ප්‍රැක්ටිසි කර ගත්තා නම් ඇති..

මේ පාර ප්‍රයිසස් ටික හමෝම අතරේ බෙදෙයි..

ඔව් නේද..

අඩේ එහෙම එකකුත් තියෙනවා නේ.. අපිටත් කලින් ඉස්කෝලෙට යන්න වෙයි නේද..

ඔයාලට යන්න වෙනවා නේ..

ඔව් යසා.. අපිට කෙසේවෙතත් මෙන්න මේකට.. මිලාන් පෙන්නුවේ අකීල්ව.. එයාට නෙවෙයි ගානක්වත්..

මේ නෙතුෂ.. ඔයා බෑන්ඩ් එකේ ඉන්නවා නේද.. මන් දැකලා තියෙනවා..

අයියෝ මොනාද ගිම්හාන.. අපේ බෑන්ඩ් ලීඩර්ගෙන් අහන්නේ ඒකේ ඉන්නවද කියලා.. මගෙන් අහපු එකට උත්තර දුන්නේ මහී..

අඩේ සොරි බ්‍රෝ.. ගැම්මක් තමා.. ගිම්හාන කිව්වේ තම්බ්ස් අප් එකක් දීලා..

ඔයාලගේ ටීටී ටීම් එක කොහොමද.. තාම ප්‍රැක්ටිස් යනවද..

මෙතනට අදාල නැති උනත් ඒ කතාකරේ මෙච්චර වෙලා ගල්බිල්ලා වගේ හිටපු අකීල්..

හම්...ඒක නම් මුල ඉදලා හදන්න වෙනවා.. බර හුස්මකුත් ඇතෑරලා තරුවා කිව්වා..

ඔව්.. පොඩි අය ප්‍රැක්ටිස් කරගෙන යනවා.. අපිත් ඉදලා හිටලා ඔලුව දාලා එනවා.. ක්ලාස් එක්ක ප්‍රැක්ටිස් යන්න වෙලාවක් නෑ..

ඒ උනාට හවුස් මැච් වලට ප්ලේ කරනවා.. ඔයාලටත් පුලුවන්.. මන් කියද්දී අකීල් කරේ ඔලුව වනපු එක විතරයි..

උබලා ආයේ කවද්ද ස්කූල් එන්නේ..

ආයෙ ඉතින් එක්සෑම් එක්ට තමයි..

හම්.. අපි යමු නේද..

ඉදන් හිටපු තැනින් නැගිටින ගමන් මන් තරුගෙනුයි යසාගෙනුයි ඇහුවා..

ඇයි දැම්ම යන්නේ.. තව වෙලා තියෙනවා නේ..

මිලාන් අහද්දී මට නිකන්ම බැලුනේ එයාගෙ මුණ.. ඒ ඇස් මොනාද කියන්න හදනවා වගෙ මට දැනෙන්නේ ඇයි..

මේ පිරිපෙක්ට් උත්තමයන්ට ඩියුටි බන්.. ඒක්ට අපි.. මහී කිව්වේ ඩෙස් එක උඩින් කකුල් තියන ගමන් නෝන්ඩි හිනාවකින්..

අනේ නරකට හිටියි ඒසිකයා.. අනික අපි කවද්ද ආතල් මිස් කරේ #කයෝ..

ඌප්ස්.. මොන්ගල් ගතිය එලියට පැනලා අලුත් තුන්දෙනා ඉස්සරහා ඔකු වචන ටිකක් කියවුනා නේ.. මන් දැක්කා එයාලා මූණට මූණ බලනවා.. සෝ කෝල්ඩ් වගේ හිටියට පිට් උනාම මේම තමා.. සෝරී..

හා හා.. අරුන් තුන්දෙනා බය නොකර යමන් ඩියුටි.. හැමදාම වගේ තරුවා..

ඉතින් මගේ දිහා බලන් ඉන්න අයට ටටා බායි කියලා ක්ලාස් එකෙන් එලියට එද්දී අකීල් කියපු දේකට අනිත් අය හිනා උනා.. එයා කියපු එක මටත් ඇහුනත් එයා එහෙම කිව්වේ ඇයි කියලා හිතාගන්න බෑ.. එයා කිව්වේ...

මට ඉස්සරහට ලේසි වෙන්නැති වෙයි වගේ..

*************************************

මොනාද ඒයි ඒ අකීල් කිව්වේ.. තේරුන කෙනෙක් මට කියන්නකෝ.. (නෙතුෂ) 😂

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!