Chapter 8 of 23

හත්වන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]2,555 words~13 min read

සතියකට පස්සේ ටර්ම් ටෙස්ට් පටන් ගද්දී කොල්ලෝ නිකන් පිස්සුවෙන් වගේ පුලුවන් හැම වෙලාවකම පොතක් බදාගෙන පාඩම් කරනවා.. මුන් මෙහෙම පාඩම් කරන්නේ මොකටවත් නෙවෙයි මේ තමයි මෙතන සමහරුන්ගේ ඒලෙවල් වලට කලින් දෙන ප්‍රොවින්ෂියල් පේපර් එකට කලින් ලියන එකම එක්සෑම් එක.. ඉතින් ටිකක් හොද රිසාල්ට් එකක් තියෙන්න එපෑ අනික් ඒවාට එන්නැතුව ඉන්න.. මට නම් ඒ කිසි කරදරයක් නෑ.. මොකද අපේ ගෙදරින් එක්සෑම් කාලෙට පයින් ගහලා හරි ස්කූල් එවනවා..

ඉස්සෙල්ලාම තිබ්බේ වෙස්ටන් මියුසික්.. දෙයියනේ කියලා A එක්කට ලිව්වා.. ප්‍රැක්ටිකල් තමයි ගොඩදාගන්න ඕන.. ඊලඟට ෆ්‍රෙන්ච්.. එසේ එකයි ලෙටර් එකයි ඇරෙන්න ඉතුරු ටික ශේප් කරගත්තා.. ලිට් පේපර් එකට නම් 33kdp තමයි.. උදේ නවයට පටන්ගෙන පැය තුන ගානේ පේපර් දෙක යන්තන් තුනට ඉවර කරගත්තා.. ජෙනරල් ඉංග්ලිශ් එකයි කොමන් එකයි නම් කොහොමත් ශේප්.. සති දෙකක් එක්සෑම් තිබ්බා.. යසාරට නම් මීඩියා අමාරුයි කියලා කිව්වා.. අනික් දෙන්නට කොහොමද දන්නෑ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. දෙන්නෙක් නෙවෙයි දැන් තව අලුතෙන් තුනකුත් ඉන්නවා නේ.. අකීල්ට එහෙම කොහොමද දන්නෑ..

මතක් කරද්දිම යසා ඇවිත් බෙල්ලට පැන්නා..

කුඩු මාත්තයා...

බෙල්ලේ එල්ලෙන්න එපා ඕයි..

ඔයාගෙ නැත්තන් මං වෙන කාගේ එල්ලෙන්නද..

එකෙක් හොයගනින්කෝ යසා..

ඒවා මං බලාගන්නම්.. ඒක නෙවෙයි මේ කොයි යන්නේ..

රයිගම..

අනේ පලයන්.. සිරාවටම කොහෙද යන්නේ..

අඩෝ බොක්කලා කොහෙ යන්නේ.. ආර්ට් එකට යන පඩිපෙළ ලග කතා කර කර හිටපු අපි ලගට ආවේ මහීෂයි තරුෂයි එක්ක අකීල්ලා..

මියුසික් රූම් එකට බං.. ලකුණු දෙන්න එන්න කිව්වා..

අඩේ උබ විතරක් නිසා හොඳයි.. ප්‍රැක්ටිකල් ගත්තද..

මොන හොදද බං.. ලකුණු අඩු උනොත් සර් මාව මරයි.. උඹ දන්නවනේ මහී.. දැන් ප්‍රැක්ටිකල් දීලා ලකුණු ඉල්ල ගන්නවා..

එහෙනම් අපිත් යං..

කොහෙද..

උබ ප්‍රැක්ටිකල් දෙනවා බලන්න..

කාපියව් මාව..

අපේ උන් තුන්දෙනාටත් දෙහි කපන ගමන් මං ඉස්සර වෙද්දී අකීල් එක්ක අනික් දෙන්නත් අපි පස්සෙන් මියුසික් රූම් එකට ආවා.. ඇතුලට යද්දී සර් හිටයේ නැති උනාට නුපුරුදු තැනක් නොවුණු නිසා මහීයි යසායි අනික් අයත් එක්ක ටයිල් පොලොවෙන් වාඩි වෙද්දී මම පියානෝව ඉස්සරහ වාඩි උනේ සර් එනකල් ස්කේල්ස් ටික වත් ප්‍රැක්ටිස් කරන්න.. අරුන් ටික කාගේ හරි කෝප්පයක් හෝදද්දී ස්කේල්ස් ප්‍රැක්ටිස් කරන මං දිහා අකීල් බලන් ඉන්නවා මං මගේ ඇස් කොනට දැක්කා.. ඒ බැල්ම හරි අමුතුයි.. ඒ කලු ගැඹුරු ඇස් වලින් මට ලොකු කතාවක් කියන්න හදනවා කියලා හිතෙනවා ඒත් මට ඒක තේරෙන්නෑ.. ඒ ඇස් වල කතාව තෝරගන්න දාර මනෝ පාරක් ගහන් හිටපු මං මේ ලෝකෙට ආවේ රූම් එකේ දොරත් ඇරන් ඇතුලට ආව පැතුම් සර් නිසා..

ආ කොල්ලා ආවද.. මං පොඩි වැඩ වගේකට ඔෆිස් එකට ගියා..

සර් අපිත් මෙතන ඉන්නවෝ..

දැක්කා බං දැක්කා.. අලුත් මූණු ටිකකුත් ඉන්නේ..

සර් කිව්වේ අකීල්ලාව පෙන්නලා..

හරි අපි ඉක්මනින් ප්‍රැක්ටිකල් ටික ඉවර කරමු.. මං බෑන්ඩ් එකේ ලමයින්ට එන්න කිව්වා ප්‍රැක්ටිස් කරන්න.. මුලින් ස්කේල්ස් ටිකයි රෙකෝඩර් එකයි ගමු.. ඊලඟට ලිස්නිග් ඊටපස්සේ පියානෝ පීස් එකයි සෝන්ග් එකයි..

ඉතින් සර් කියපු ඕඩර් එකට පියානෝ පීස් එකට එනකල් ශේප් කරගත්තා.. පීස් එක මැදින් ටොක්කක් දෙකක් කාපු එක වෙනම කතාවක්.. ඊලඟට සෝන්ග් එක.. දෙයියනේ මං ආසාවටවත් ප්‍රැක්ටිස් කරේ නෑ.. ඒ මදිවට අකීල්ලාත් ඉන්නවා.. මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.. මොන සෙද්දක්ද මේ ම්හුක්..

මොකද්ද කියන්නේ නෙතුෂ..

දන්නෑ සර්..

දන්නෑ කියන්නේ..

මං හිතුවේ නෑ මොකද්ද කියන්නේ කියලා..

අනේ ඇත්තමයි අනින්න හිතයි පොල් ටොක්කක් මේ කොල්ලට..

මං ඉතින් මගේ නලදතත් පේන්න ගොන් හිනාවක් දැම්මා.. මගේ යාලුවො කියන උන් හිකි හිකි ගානවා..

සර් මං ඒලෙවල් වලට තෝරගත්ත එක කියන්නද..

හම්.. ඒකත් හොදයි.. එතකොට මට එක්සෑම් ලං වෙද්දී අඩුපාඩු ටික විතරනේ හදන්න තියෙන්නේ.. ඉන්න මං නොටේෂන් ගේන්න..

සර් ඒ ටික කබඩ් එකෙන් ගන්නකල් මං ආයෙත් ලිරික්ස් මතක් කරගත්තා..

හරි පටන් ගමු.. 1 2 3 4..

සර් කවුන්ට් එකත් එක්ක ප්ලේ කරන්න ගත්තා.. මාත් ඕපනින් මියුසික් එක ඉවර වෙද්දී ඇස් දෙකත් පියාන සින්ග් කරන්න ගත්තා..

Just before the battle, Mother

I am thinking most of you

While upon the fields we're watching

With the enemy in view

Comrades, brave round me lying

Filled with thoughts of home and God

For well they know that on the morrow

Some will sleep beneath the sod

Farewell, Mother, you may never

Press me to your heart again

But, oh, you'll not forget me, Mother

If I'm numbered with the slain

සර් කියන දෙයක් තමයි මං සින්ග් කරද්දී ඒක විදිනව විතරක් නෙවෙයි අනික් අයටත් විදින්න දෙනවලු.. ඉස්කෝලෙන් කරන මියුසික් ෂෝ එකේ සින්ග් කරාට මට ඒක ලොකුවට දැනිලා නෑ මොකද මට සෙට් උනේම හයිප් සෝන්ග්ස් නිසා.. ඒත් මේක මාව මාර විදියට ඉමෝෂනල් කරපු සෝන්ග් එකක්.. ඒකේ කියන්නේ යුද්දෙට ගියපු සෙබල පුතෙක් තමන්ගේ අම්මට බැට්ල් ෆීල්ඩ් එක ගැන, හතුරෝ ගැන එහෙම.. මං ඒක කොච්චර මගේ කරගත්තාද කියනවා නම් ෆස්ට් වර්ස් එකයි කෝරස් එකයි ඉවර වෙද්දී මට දැනුනා පියාගෙන හිටපු ඇස් වලින් කදුලු කැට දෙකක් එලියට එනවා..

Hark, I hear the bugels sounding

'Tis the signal for the fight

Now, may God protect us, Mother

As he ever does the right

Hear the battle cry of freedom

How it swells up on the air

Oh, yes, we'll rally 'round the standard

Or we'll perish nobly there

Farewell, Mother, you may never

Press me to your heart again

But, oh, you'll not forget me, Mother

If I'm numbered with the slain

ෆයිනල් කෝරස් එක සින්ග් කරද්දී මං ඇස් ඇරියා.. ඇස් වලට දැලක් බැදලා වගේ කදුලු වලට බොද වෙලා.. සෝන්ග් එක ඉවර වෙලා සාක්කුවේ තිබුණු ලේන්සුවෙන් ඇස් දෙකත් පිහාන් බලද්දී දෙයියනේ මගේ යාලුවො අඩනවා.. අද තමයි මට සර් කියන්නේ මොකද්ද කියලා හරියට තේරුනේ.. මං අනික් අයටත් විදින්න සින්ග් කරනවා..

වෝහ්.. කොල්ලෝ.. මට හදන්න දෙයක් නෑ වගේ.. යාලුවො ටික දැක්කම පේනවා..

සර් කියද්දී මං හිනාවක් එක්ක එයාලා දිහා ආයෙත් බැලුවා.. ආයෙමත් ඒ ගැඹුරු කලු ඇස් මං දිහා බලන් ඉන්නවා.. නිකන් නෙවෙයි ආඩම්බර හිනාවක් එක්ක.. දෙයියනේ මගේ පපුවට නිකන් උසේන් බෝල්ට් වැහිලා වගේ.. මේ මොකද මට වෙන්නේ..

ආ.. මෙන්න ලකුණු.. හුටා තව ටිකෙන් ඒකත් අමතක වෙනවා..

95%.. මේ මට්ටම තියාගෙන හිටියොත් A එකක් ෂුවර් පුතේ..

තැන්කිව් සර්..

දැන් බෑන්ඩ් එකේ ලමයි ඒවි.. ආවම ප්‍රැක්ටිස් පටන් ගන්න.. මං ආයෙත් ඔෆිස් එකට යන්න ඕන..

සර් යනවත් එක්කම ලමයි ටික ඇතුලට ආවා..

ඉන්ස්ටෘමන්ට් ගන්න ලමයි.. ස්කේල්ස් ටික අරන් මාචර්ස් ටික ප්‍රැක්ටිස් කරමු..

අඩෝ උබේ සිගින් පට්ට.. මෙච්චරකල් උබෙන් අපි ඇහුවේ හයිප් සෝන්ග්ස්.. අද එක නම් බොක්කටම දැනුනා..

පොඩි අය ඉන්ස්ටෘමන්ට් ගන්නකල් අනික් අය ලගින් වාඩි උන මගේ කරටත් අතක් දාගෙන මහී කියද්දී අනික් අයත් ඒක ඇත්ත කියනන් වගේ ඔලුගෙඩි ටික වැනුවා..

තෑන්ක්ස් බං..

මේ ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී අපි හිටියට කමක් නැද්ද..

අයියෝ කමක් නෑ.. ඔයාලට අද අපේ රියල් නෙතුෂව බලාගන්න පුලුවන්..

අනේ පලයන් යන්න යසා.. මගේ මොන ඇත්තක්ද.. මේ ඉන්නේ රියල් මම..

ඔව් ඔව්.. ඔය ඉන්නේ රියල් උබ තමා.. හැබැයි යසා කිව්වේ උබේ රියල් යකා ගැන..

ඒවගෙන් වැඩක් නෑ.. යසා උබත් ගනින් ට්‍රොම්බෝන් එක.. හිරුෂ ඔය එක්ස්ට්‍රා තියෙන සයිඩ් ස්ටික් එකක් දෙන්න.. අපිට එක්සෑම් තිබුනට උබලට ප්‍රැක්ටිස් කරන්න ටයිම් තිබ්බානේ.. තියෙන මාචර්ස් ඔක්කොම ගන්න.. අලුත් ඒවත් එක්ක..

ඉදගෙන හිටපු තැනින් නගිටලා හිරුෂ මල්ලී දුන්න ස්ටික් එක අතට ගන්න ගමන් මං කිව්වේ පොඩිම සෙට් එක උදේට ප්‍රැක්ටිස් එන්නෑ කියලා කම්ප්ලේන් එක්ක ඇවිත් තියෙන නිසා.. කට්ටි පනින සෙට් එකේ මූණු ටික හත්තිලව්වට ගහපු මොකද්ද එක වගේ.. ඒ විතරක් නෙවෙයි තව තව කැත විදියේ කම්ප්ලේන් වගේකුත් මගේ කනට වැටිලා තියෙන්නේ..

ඔක්කොම ඕනද අයියේ..

දැන් මං මොකද්ද කිව්වේ..

ඔක්කොම ඕනද කියලා අහපු එකාට හොදම එකෙන් රවල මං මොකද්ද කිව්වේ කියලා වියතරයි ඇහුවේ ඔක්කොම ඉන්ස්ටෘමන්ට් වයිස් ක'ව් එක්ක හැදිලා මං කවුන්ට් කරනකන් බලන් ඉන්නවා.. වෙලාවකට පව් කියලත් හිතෙනවා.. ඒ උනාට ඕනවට වඩා හුරතල් කරන්නත් බෑනේ..

ඕන්න අකීල් බලාගන්න නෙතුවාගේ යස්ස ලීඩර් මෝඩ් එක..

මගේ පිටිපස්සට වෙන්න බිම වාඩි වෙලා හිටපු මහී එහෙම කියනවා ඇහුනා..

හරින්ද.. ස්ටික් කවුන්ට් එකක් දෙන්න..

ස්ටික් කවුන්ට් එකත් එක්ක ස්කේල්ස් පටන් ගෙන මුලින් තියෙන මාචර්ස් ටික ගානට ප්ලේ කරා.. හැබැයි අලුත් ඒවට යන්න යන්න කට්ටි පනින උන් එකා දෙන්නා ඉන්ස්ටෘමන්ට් ඩවුන් කරනවා මං සද්ද නැතුව බලන් හිටියා.. ප්ලේ කරලා ඉවර වෙද්දෙන්කෝ.. අන්තිම වෙද්දී ට්‍රම්පට් දාසයෙන් හතරයි සැක්සෆෝන් හතරයි ඉයුෆෝනියම් එකයි ෆ්‍රෙන්ච් හෝර්න් එකයි ක්ලැරිනට් දෙකයි ඉංග්ලිශ් ෆ්ලූට් දෙකයි යසා එක්ක ට්‍රොම්බෝන් තුනයි ප්ලේ කරන්නේ.. ඩ්‍රම්ස් ටික නම් ශේප් අලුත් සයිඩ් මල්ලී ඇරෙන්න..

ඈ බං මේක මං හිටපු බෑන්ඩ් එකමද..

මටත් කලින් පටන් ගත්තේ මහී.. ඒකට හොදටම අවුල් ඇති.. ඇයි අනේ එයා අයින් වෙලා පොඩි කාලයයි ට්‍රම්පට් කැලේ.. හිරුෂ මල්ලිටත් එක්ක බැනුම් අහන්න වෙනවා මේ පොඩි ඇටයෝ නිසා.. හරින්ද මල්ලී අතේ තිබ්බ ස්ටික් එකකුත් අරන් මහී මගේ එහා පැත්තෙන් හිටගත්තම මං කතා කරන්න ගත්තා..

උදේට ප්‍රැක්ටිස් කරනවද.. මීක් නෑ..

මං ප්‍රශ්නයක් ඇහුවා.. උදේට ප්‍රැක්ටිස් කරනවද..

ඔව් අයියේ..

ඔක්කොලාම.. ආයෙත් මීක් නෑ..

හිරුෂ.. හරින්ද..

අපි උදේට ප්‍රැක්ටිස් කරනවා අයියේ.. ඒ උනාට පොඩි අය එනවා හොරයි..

මට ඒ කවුද කියලා කියන්න පුලුවන්ද හිරුෂ..

ආයෙත් එකෙන් මීක් නෑ.. ඔක්කොම බිම බලාන.. සැක් එකාට එකා පාවාදෙන්නෑ කියන එකනේ අපේ ෆස්ට් රූල් එක.. දැන් ඉතින් මේ කටවල් හොල්ලනවා බොරු..

මං දන්නවා කවුරුත් කාවවත් පාවාදෙන්නෑ කියලා.. ඒ නිසා මං අහපුදේ අදාල අය ඉස්සරහට ආවා නම්..

විනාඩියකට විතර පස්සේ ඉන්ස්ටෘමන්ට් ඩවුන් කරපු උන් එකා දෙන්නා ඉස්සරහට ආවා.. මට දැන් පට්ට තරහයි.. අනික් පැත්ත හැරිලා ඇස් දෙකත් පියාන ලොකු හුස්මක් ගත්තේ මාවම කන්ට්‍රෝල් කරගන්න.. මං දැක්කා අකීල් ගිමා එක්ක මිලාන් හෙන කුතුහලෙන් ඊලඟට මොනා වෙයිද කියලා බලාන ඉන්නවා.. තරුවට නම් ගානක්වත් නෑ..

The ones who most seniors after me and Yasa, .. come forward..

හිරුෂයි හරින්දයි එක්ක සැක්සෆෝන් ප්ලේ කරන මල්ලි කෙනෙක් ඉස්සරහට ආවා..

අපි නැතිව හිටියේ සතියයි.. ප්ලේයර්ස්ලා තිස් හයක් ඉන්න බෑන්ඩ් එකේ ප්ලේ කරන්නේ කීයෙන් කීදෙනාද.. බෑන්ඩ් එක්ක බුලට්ස් වෙන්න ඕන ට්‍රම්පට්.. ඒත් දාසයෙන් හතරයි ප්ලේ කරන්නේ.. ක්ලැරිනට් දෙකේ සද්දේ ඇහෙනවා ඊට වඩා.. උබලාගෙන් හේතු අහලා වැඩක් නෑ.. ඇහුවත් කියන්නේ පිච් වෙන්නෑ කියලානේ.. යකෝ ඒක තමයි කියන්නේ ඕක පිච් කරගන්න කලින් ඉයුෆෝනියම් එකක් හරි ෆ්‍රෙන්ච් හෝර්න් එකක් හරි පිච් කරගන්න කියලා.. එතකොට වේට් එකක් නැතුව ස්මූත්ලි ප්ලේ කරන්න පුලුවන්.. අනික් ප්ලේ නොකරපු ට්‍රොම්බෝන් එකයි ඉයුෆෝනියම් එකයි ෆ්‍රෙන්ච් හෝර්න් එකයි මට නෙවෙයි යසාරට හේතු කියන්න.. බලපල්ලා මහීෂ ගියා විතරයි ට්‍රම්පට් කට්ටි පනිනවා.. උබලා හිතන්නේ ඒකා අයින් උනා කියලා මේක ගැන හැගීමක් නෑ කියලද.. එහෙනම් උබලට වැරදිලා.. අද මූ උබලව නිකන් නෙවෙයි හමගැහුවත් මම නම් හැරිලවත් බලන්නෑ.. කම්ප්ලේන් කරන්න බැරිනම් ඕන #කක් කරගනිල්ලා.. මගේ රීඩ්ස්ලටයි යසාරගේ සෙට් එකටයි එක්ක මං මේ කියන්නේ.. ප්ලේ කරන්න බෑ, මේ කට්ට කන්න බෑ කියලා හිතෙනවා නම් අන්න දොර, යන්න පුලුවන්.. මේකට එන්න බලාන තව ඕනතරන් ලමයි ඉන්නවා.. මේ වගේ සොකඩ ඔට්ටපාල එවුන් නිසා හොදට ඉන්න ලමයින්ටත් බැනුම් අහන්න වෙනවා.. මං කවදාවත් මෙහෙම කතා කරන්න වෙයි කියලා හිතුවේ නෑ.. ඒ කාලේ අපි මෙහෙම හැසිරුනා නම් අපේ සින්නෝ පුකට දෙකක් ගහලා මේකෙන් එලියට දාන්නේ.. අපි නෝට් එකක් වැරැද්දුවත් අපිව මියුසික් රූම් එක ඉස්සරහ දනගස්සවලා තියෙනවා ප්‍රැක්ටිස් ඉවර වෙනකන්.. නිකන් නෙවෙයි කකුල් ඉදිමෙන්න සයිඩ් ස්ටික් එක්කින් ගහලා.. අපි කවදාවත් එහෙම කරලා තියෙනවාද.. ස්ටික් එක අතේ තිබ්බත් වැරැද්දුව තැන හදාගන්න කියනවා මිසක්.. උබලට අපි හොද වැඩී.. මං ආදරෙයි තමයි.. හැබැයි කලින් හිටපු අනූශ අයියා එක්ක දාපු සෙල්ලම් මාත් එක්ක නටන්න ලෑස්ති වෙන්න එපා.. මං ඒවා නොදන්නවා කියලා හිතන්නත් එපා.. ප්ලේ කිරිල්ල විතරක් නෙවෙයි ඩිසිප්ලීන් ගැනත්.. හිතන්න එපා මට ආරංචි වෙන්නෑ කියලා.. මොන මගුල කරත් බෑන්ඩ් එකේ ඉස්කෝලේ දෙමව්පියන්ගේ ගෞරවය තියපන්.. ආයේ මං කියන්නෑ.. මින් ඉස්සරහට පොඩි වැරැද්දක් උනත් මං අයින් වෙනවා.. ඕන විදියකට කරගන්න එකයි ඇත්තේ.. මට තොපි එකෙක් වත් ලොකු නෑ..

මෙච්චර දවස් මට ආපු කම්ප්ලේන් හැටියට මුන්ට බැන්නා මදි වගේ.. ඒ උනාට අදට ඇති..

මතක තියාගන්නවා පහලම ඉන්න එකා වැරැද්දක් කරත් ඉස්සෙල්ලාම පනිශ් වෙන්නේ සීනියර්ස්ලා.. ඊට පස්සේ උබලට.. මං නිසා අද මෙයාලා.. සර් හරි වෙන කාවුරුහරි නම් මටයි යසාටයි වැදිලා තමා එන්නේ.. Hirusha Harinda stretch your hands..

දෙයියනේ මේ ඉන්නේ මගේ හොදම කොල්ලෝ දෙන්නා.. ස්ටික් එක අතට තදකරගන්න ගමන් මං ඒ මූණු දිහා බැලුවා..

කමක් නෑ අයියේ.. මුං විතරක් නෙවෙයි අපිත් පොඩියට හරි වැරදිනේ..

හිරුෂ කියද්දී හොද හුස්මක් ගත්‍ත මම කොල්ලෝ තුන්දෙනාගේ අත් වලට පාරවල් දෙක ගානේ දුන්නා.. මං දන්නවා හොදටම රිදෙන්න ඇති මොකද මාත් කාපු නැති කෑමක් නෙවෙයි නේ.. ඒ උනාට උන් නෙවෙයි මීක් කිව්වේ.. ඊටපස්සේ සීනියර් පිලිවෙලට එක එකා ඉස්සරහට ආවත් මැදක් වෙද්දී මගේ අත් වෙවුලනවා මටම පෙනුනා.. කදුලු කැට මගේ කම්මුල් දිගේ බේරෙනවා.. දෙයියනේ උන්ට වඩා මට රිදුනා.. අමාරුවෙන් ඔක්කොලාටම පනිශ් කරපු මං ස්ටික් එකත් දමලා ගහාලා රූම් එකෙන් එලියට ආවේ යසාරට පොඩ්ඩක් බලන්න කියලා..

එක්සෑම් ඉවර නිසා ලමයි අඩුයි.. මං කෙලින්ම ගියේ අඹ ගහ යට සිමෙන්ති බංකුවට.. එතනින් වාඩි උන මං මේසෙට ඔලුව ගහගත්තේ මගේ කදුලු කවුරුත් දකින්න ඕන්නැති නිසා.. ටිකකින් කවුරුහරි මගේ ඔලුව අතගානවා දැනුනත් කවුද කියලා බලන්නවත් ඔලුව ඉස්සුවේ නැත්තේ ඒ ටච් එකට මට ඔලුවේ තිබ්බ බර සෑහෙන්න අඩුවෙනවා දැනුන නිසයි.. ඇතියි කියලා හිතෙනකන් කදුලු දියකරපු මං ඔලුව උස්සලා බැලුවේ මෙච්චර වෙලා මගේ ඔලුව අතගාපු කෙනා දිහා.. ඒ වෙන කවුරුත් නෙවෙයි අකීල්..

අඩලා ඉවරද..

හම්ම්ම්..

දුකයිද..

ඔව්.. මං එයාලට සැලකුවේ මගේ ලමයි වගේ.. එහෙම උන් ගැන එක එකා හරි කැත විදියට කම්ප්ලේන් කරද්දී මං කොහොමද ඉවසන්නේ අකීල්..

නැවතුන කදුලු ආයෙත් වාන් දාන්න ගත්තා.. අකීල් මගේ කරවටෙන් අතක් දාගෙන සයිඩ් හග් එකක් දෙන ගමන් අනික් අතින් මගෙ අතක් අල්ලගත්තා.. මමත් ඒ උරහිසට ඔලුව තියාගත්තේ අම්මටයි අප්පච්චිටයි යසාරටයි පස්සේ මට එයාගේ අත්දෙක සේෆ් ප්ලේස් එක්ක කියලා දැනුන නිසා..

මට තේරෙනවා ඔයාට දැනෙන විදිය.. කලින් ඉස්කෝලෙ ඉද්දී මටත් ඔය වගේම ප්‍රශ්නයක් උනා ටීටී ටීම් එකේ.. ඒ අපි අන්තිමට හම්බුන මැච් එකට පස්සේ.. මටත් ඔයාට වගේම තරහා ගියා.. ඊටත් වඩා.. හැබැයි පනිශ් කරන්න උනේ නෑ මම අප්පච්චි එක්ක US ගියා.. ඊට පස්සේ අයේ ආවේ එක්සෑම් ලියන්න.. මගේ ඊලඟ නැවතුම උනේ මං දැන් ඉන්න තැන.. එයාලා තාමත් මට කතා කරනවා මොකද ඒ ප්‍රශ්නේ තාමත් ඇදෙනවා.. ඒ උනාට මං ඒක ඇතෑරලා දැම්මා මොකද එයාලව මට හදන්න බෑ.. ඒ තරමට ප්‍රශ්නේ උඩු දුවලා.. ඒත් ඔයාට කල් තියෙනවා.. ස්ට්‍රෙස් වෙන්නැතුව ඔයාගේ උපරිමේ ට්‍රයි කරන්න.. මං උදව් කරන්නම්.. බැරිම උනොත් අපි අතාරිමු.. හැබැයි ඒ ඕනම තැනක මං ඔයත් එක්ක ඉන්නවා..

අකීල් ලොකු කතාවක් එක්ක මගේ උපරිමේ දෙන්න එයා මාත් එක්ක ඉන්නවා කියලා කිව්වේ මගේ අල්ලගත්ත අත එයාගේ මහපට ඇගිල්ලෙන් යාන්තමට අතගාන ගමන්.. හරියට එදා මැච් එක දවසේ වගේ.. එයාගේ වචන එක්ක මං සෑහෙන්න හිත හදාගත්තා..

තැන්කිව් අකීල්..

එනි ටයිම්.. අපි අදුරන්නැති අය නෙවෙයි නේ..

එයා කිව්වේ ඇස් දෙකත් හීනි වෙලා යන්න ලොකු හිනාවක් දෙන ගමන්.. දෙයියනේ මේ මනුස්සයා මෙහෙම හිනා වෙනවා දැක්කමයි.. ඒ අස්සේ මගේ හාටුව පිස්සු කෙලිනවා.. මොකද යකෝ ඔච්චර වේගෙන් ගැහෙන්නේ.. හෙමීට ගැහියන් මට පැනික් ඇටෑක් එන්න වගේ..

මොකද මගේ මූණ දිහා බලාන භාවනා කරනවද.. කම්මුල් එක්කන් රතුවෙලා..

සැක් මං මෙච්චර වෙලා අකීල්ගේ මූණ දිහා බලාන ඉදලා නේද.. ඒත් ඇයි කම්මුල් රතුවෙලා තියෙන්නේ..

අඩපු නිසා වෙන්න ඇති..

මං කිව්වේ කම්මුලක් නිදහස් අතින් අල්ලන ගමන්.. ලැජ්ජයි යකූ..

හාකෝ හාකෝ..

එයාගේ කටකොනේ හිනාවත් දාලා හා කියද්දී තාමත් ඉන්නේ ඒ අත් අස්සේ කියලා මතක් උන මං හෙමීට එයාගෙන් ඈත් උනා.. ඒ උණුහුමින් ඈත් වෙන්න ලෝබයි.. හැබැයි ඒ අත තාමත් මගේ අතේ පැටලිලා..

අපි යමුද.. හෙට ඉදලා හවසට ප්‍රැක්ටිස් දාගෙන ලමයි ටිකව යවන්න ඕන..

යමු..

මගේ අතින් අල්ලගෙනම නැගිට්ට එයා රූම් එක ලගදිවත් අත අතාරි කියලා හිතුවට මේ මිනිහා අතාරින්නැතුවම නැතුවම ඇතුලට ගියා.. අපිව දැකපු අපේ සෙට් එක හෙන අමුතුවට හිනා වුනා.. මගේ හිතට හරි අමුතු කෝල හැගීමක් දැනෙද්දී අකීල්ගේ අත හිමීට අතෑරියා.. ඒ එක්කම පොඩි අය මං ලගට ඇවිත්,

සොරි අයියේ.. අපි ආයෙත් එහෙම හැසිරෙන්නෑ.. ප්‍රොමිස්..

කොහොමද මම ට්‍රස්ට් කරන්නේ..

Please ayya.. forgive us.. we swear you can trust us..

Okay.. don't behave like this anymore.. you have any problem you can talk with me.. but if you brake my trust I'll never forgive you..

Thanak you ayya.. you are the best..

My little ones..

සොරි කියපු එයාලට සමාව දුන්නට තෑන්ක් කරන ගමන් ලොකු ගෲප් හග් එක්ක දෙද්දී මාත් එයාලව හග් කරේ ආයෙත් මෙහෙම දෙයක් වෙන්න කලින් එයාලම මට ඇවිත් කියයි කියලා හිතන ගමන්..

යාහ්... යකූ බෑන්ඩ් එකටම හග් එකක් දෙනවා නම් මාවත් ගනිල්ලා..

ඉතින් තමුසෙ මොකටද අයියේ ඔතනට වෙලා ඉන්නේ.. වරෙන්කෝ..

අකීල්ලා ලග හිටපු යසා ඌවත් හග් එකට ගනින් කියලා කෑ ගහද්දී හිරුෂ මල්ලී ඔතන ඉන්නතුව වරෙන්කෝ කියද්දී ඒකගේ ඔලුවටත් එක්ක ගහගෙන යසා මාව පිටිපස්සෙන් බදාගත්තා..

මහීෂ අයියත් එන්න..

මේ මොකද හිරුෂ මල්ලී මේකට වෙනම කතා කරන්නේ.. ඌ කලින් හිටපු එකා තමා.. ඒ උනාට එහෙම වෙනම එන්න කියන්න ඕන නෑ නේ.. මහියත් මූණෙන් හිනාව එක්ක පුරවන් ඇවිත් හිරුෂ ලගින්ම හග් එකට ජොයින් උනා.. යම් කිසි දෙයක් සිදුවෙනවා වgay.. මං හොයාගන්නම්කෝ.. අකීල් තරුයි ගිමයි මිලානුයි එක්ක මේ කෝලම් බලාන හිනාවෙන්වා..

හග් එකෙන් පස්සේ ඉතුරු වැඩ ටිකත් ඉවර කරලා ලමයි ටික යැව්වේ ඊලඟ දවසේ හවසට ප්‍රැක්ටිස් එන්න පොරොන්දු පිට..

*************************************

අත් අල්ලා.. දුරක් ගෙවලා.. හිත් ඉල්ලා... ඉල්ලුවට දෙයිද ඒයිලා..

හිරුෂ වෙනම මහීෂට කතාකරාලු.. හම් හම්..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!