Chapter 9 of 23

අටවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]3,393 words~17 min read

ඊලඟ දවසේ හවස ඉදලා දිගටම හවසට ප්‍රැක්ටිස් තිබුණා.. මොකද නොවැම්බර් මැද තියන්න තිබ්බ ප්‍රයිස් ගිවින් එක මාසේ මුල සතියෙම තියෙනවා කිව්ව නිසා.. මේ සිකුරාදා තමයි තියෙන්නේ.. හෙට පළවෙනිදා.. මගේ බර්ත්ඩේ එක.. හැබැයි වෙනදට මොනා තිබ්බත් ට්‍රීට් ඉල්ලන මගේ නල්ලමලේ යාලුවො සද්ද නෑ.. ඉරිදා උනත් කෝල් එක්කවත් නෑ.. මොන ජවුසමක් නටන්න ඉන්නවද දන්නෑ.. උදේම ෆ්‍රෙන්ච් ක්ලාස් ගිහින් ඇවිත් හෙන ගැහුවත් උගන්නන අපේ ඉස්කෝලෙන් දුන්න හෝම්වර්ක් ටිකත් ඉවර කරලා කුස්සියට රිංගුවේ කේක් එක හදන්න..ඇයි මොකද.. කෙල්ලොන්ට විතරද උයන්න පුලුවන්.. අපිට ලාදුරුද.. මට උයන්න විතරක් නෙවෙයි මුලු හෝඩියම පුලුවන් හුම්..

ඒ කතා වැඩක් නෑ.. හැමදාම වගේ මේ පාරත් කේක් එක මංම හදලා මංම කපලා මංම කන්න කියලා හිතුවත් හැටහුට හමාරකට ට්‍රීට් දෙන්න ඕන නිසා පැන්ට්‍රිකබඩ් එක අවුස්සලා අවුස්සලා අම්මගේ කප්කේක් ට්‍රේ දෙක හොයාගත්තා.. හෙමින් හෙමින් ෆ්‍රී එකේ බැටර් එකත් බීට් කරලා ට්‍රේ එකට බේකින් ශීට් දාලා බැටර් එක දාගත්තේ නංගි මේ ලග ගෙදරකට සෙල්ලම් කරන්න ගිහින් නිසා.. හිටියා නම් බීට් කරන සද්දෙට එනවා can I do කියාන.. එහෙනම් ඉතින් ඇනී අම්මට රණ්ඩු බේරලා ඉවර නැති වෙනවා..

ලොකු බබා.. මං පලා මිටියක් කඩන් එන ටිකට කේක් එකත් හැදුවාද..

එහෙම කියාන කුස්සියේ දොරෙන් ඇතුලට ආවේ වත්ත පල්ලෙහා කොරටුවෙන් ගොටුකොළ මිටියක් කඩාගන්න ගිය ඇනී අම්මා.. ඕක අප්පච්චිගේ කොරටුව.. මොන වැඩේ තිබ්බත් සෙනසුරාදා හවස් වරුවම අප්පච්චි ඉන්නේ එතන.. ඉතින් අපේ ගෙදරට එලවළු කඩෙන් ගේනවා හරි අඩුයි..

ඔව් ඇනී අම්මා.. නංගි එන්න කලින් බේක් කරලා ඉවර කරගන්නවා.. එයා නිදාගත්තම අයිසින් කරනවා..

හම්මේ ඔව්.. නැත්තන් නෝනටයි මටයි වලි බේරලා ඉවරයක් නැතිවෙනවා..

මං කිව්වේ.. ඇනී අම්මා එක්ක තව ගමේ චීත්ත ටිකක් හෝදන ගමන් කේක් ටික බේක් කරලා ඉවර කරා.. දැන් මේ ටික අනික් බේකින් ට්‍රේ වලත් තියලා අවන් එකෙන්ම තියන්න ඕන.. නැත්තන් අර යක් පැටියා කූරු ගානවා.. ඊටපස්සේ මං ස්ටෑන්ඩ් ෆෑන් එකත් ගෙනල්ලා කුස්සියෙන් තියලා ජනෙල් දොරවල් ඇරියේ කේක් සුවද යන්න.. ජල්ලි අල්ලන්න බෑනේ..

ටිකකින් අම්මලා ගෙදර ආවේ නංගිවත් මගින් අරගෙන..

.

.

.

.

.

Ayya.. didn't you make a cake..

For what..

For your birthday..

Nope.. not this year..

රෑ කෑම මේසේ වාඩි වෙලා කන ගමන් හිටපු අපෙ නංගිට දැන් තමා කේක් ගැන මතක් වෙලා තියෙන්නේ.. මං කේක් හැදුවේ නෑ කිව්වම කෙලින්ම හැරුනේ අම්මාගේ පැත්තට..

So amma.. did you make one..

Nope..

Why.. don't say you forgot ayya's birthday..

No I'm not

Then.. is there any surprise for ayya..

ඔන්න එතකොට නම් අම්මයි අප්පච්චි මූණට මූණ බලාගත්තා.. ඒ පාර මේ දෙන්නා mk..

Nope.. you know what nangi baba ayya wants for his every birthday..

Why not.. novels..

Okay.. I think you finish your dinner.. so go to your room and do your homework.. tomorrow you have to go to school..

තවත් කතාව දිගට ඇදෙන්න කලින් අප්පච්චි නංගිට කාලා ඉවර නම් ගිහින් හෝම්වර්ක් කරන්න හෙට ඉස්කෝලේ කියලා මතක් කරාම ඇටකිච්චි මූණත් කොරහක් කරන් කාමරේට ගියා.. ඉන්ටර්නැෂනල් යන නිසා ග්‍රේඩ් වන් හිටියත් පොරට හෙට සයන්ස් මොනාද තියෙනවා කියලා කුනු කුනු ගගා හිටියේ.. මොනා නැතත් අම්මලාගේ හොරයක් තියෙනවා.. හෙට අල්ලගන්නම්කෝ..

මාත් කාලා කාමරේට ගිහින් හෙට ඇදන් යන්න යුනිෆෝම් එකයි බෑග් එකයි හදලා ටිකකින් කුස්සියට ආවේ කප්කේක් ටික අයිසින් කරන්න..නවය හමාරයි.. මං ඇරෙන්න අපේ ගෙදර අය නවයට නිදි.. එන ගමන් නංගිගේ කාමරේක ඔලුව දැම්මේ නිදිද කියලා ෂුවර් කරගන්න.. කුස්සියට ආපු මම අයිසින් ටිකත් හදලා බෝල්ස් තුනකට දාගත්තේ ෆුඩ් කලරින් මික්ස් කරන්න ඕන නිසා..

වැඩේ ලේසි නෑ.. කේක් සීයක් විතර විතර.. බෑන්ඩ් එකටයි ප්‍රිෆෙක්ට් බෝඩ් එකටයි දුන්නම මේ ටික ඉවරයි.. ඒ දෙගොල්ලොයි මගේ සෙට් එකයි ගත්තම එතනම අනූවකට කිට්‍ටුයි.. ඉතුරු ටික දන්න කියන ටීචර්ස්ලට.. පොඩි එකෙක් වගේ තමයි ඒ උනාට මගේ හිතට හරි නෑනේ මුකුත් නොදුන්නම.. හෙඩ්සෙට් එකත් කනේ දාගෙන ප්ලේ ලිස්ට් එකත් දාගෙන හෙමින් හෙමින් අයිසින් කරන්න පටන් ගත්තා..

You're insecure, don't know what for

You're turnin' heads when you walk through the door

Don't need makeup to cover up (Huh)

Bein' the way that you are is enough

Everyone else in the room can see it

Everyone else but you

Baby, you light up my world like nobody else

The way that you flip your hair gets me overwhelmed

But when you smile at the ground, it ain't hard to tell

You don't know, oh-oh, you don't know you're beautiful

One directionලගෙන් පටන් ගත්ත ප්ලේ ලිස්ට් එකේ භාගෙකට වඩා ඉවර වෙද්දී ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙයි බෑන්ඩ් එකෙයි ටික ඉවර කර ගත්තා.. වෙලාව එකොළාහමාරයි.. පුදුමයි පැය දෙකට මෙච්චර ඉවර කරා..තව ඉතුරු ටීචර්ස්ලගේ ටිකයි අපේ සෙට් එකේ ටිකයි.. ටීචර්ස්ලටත් මේ ඩිසයින් එකෙන්ම යනවා.. අනික් ටික වෙන ඩිසයින් එක්ක දාන්න ඕන.. නැත්තන් අර ටින් බෙලෙක්ක ටික කැට හොල්ලනවානේ අනික් අයත් එක්ක වෙනසක් නෑය.. උබට අපිව වටින්නෑය කියලා..

තව සින්දු තුනක් විතර යද්දී ටීචර්ස්ලගේ ටිකත් ඉවර කරලා අලුත් ඩිසයින් එකට ඕන විදියට පයිපින් බෑග් එකක් අයිසින් වලින් පුරවලා ඉතුරු ටිකත් අයිසින් කරන්න ගත්තා.. දොලහට කලින් ඉවර කරන එක තමයි ටාගට් එක..

හම්මේ ඉවරයි..

අන්තිම එකත් ඉවර කරලා ඔලුව උස්සද්දී ප්ලේ වෙවී තිබුණු සින්දුව අස්සෙන් ටිං ගාද්දී තමයි වෙලාව බැලුවේ.. හරියට දොලහයි.. මගෙ ස්පීඩ් එක හොදයි වගේ..

කේක් ටික අප්පච්චි එද්දී ගෙනාව බොක්ස් වලට අහුරන්න කලින් මං ෆෝන් එක අතට ගත්තේ එක දිගට ටිං ටිං ගාන්න ගත්ත නිසා.. මේක ලේනෙක් නෙවෙයි අයියෝ මං දාලා තියෙන නොටිෆි සවුන්ඩ් එක.. ඉන්න හැම සෝශල් මීඩියා ඇප් එක්කින්ම නොටිෆි එනවා සට සට ගාලා.. බුදාම්මෝ මෙච්චර උන් මගේ බර්ත්ඩේ එක දන්නවද.. මං ඉතින් ඔක්කොලාටම ටැන්කිය බෙදුවා.. ඒ අස්සේ බෑන්ඩ් එකෙනුයි ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙනුයි මීඩියා ස'කල් එකෙනුයි එකී මෙකී මං ඉන්න හැම ලබ්බේ ක්ල්බ් ඔක්කොගෙන්ම විශ් කරලා පෝස්ට් ශෙයා වෙනවා හිටු කියලා.. හොදම වැඩේ කියන්නේ මීඩියා ස්'කල් එකෙන් මගේ පෝස්ට් එක දාලා තියෙන්නේ English mediam president කියලා.. මං කොහෙන්ද ඒයි හිනාවෙන්න ඕන..

ඉන්බොක්ස් මැසේජස් බලලා මං ස්ටේටස් පැත්තට යද්දී මගේ යස්ස යාලුවො ටික හද්දා පරණ මගේ පජාත ෆොටෝ වීඩියෝ තොගයක් අප්ලෝඩ් කරලා.. එක්ක මං කෙලපෙරාන නිදන් ඉද්දි මගේ මූණ චිත්‍ර පොතක් කරලා.. තව එක්ක මං මොකකට හරි කෙල්ලෙක්ට ඩ්‍රෙස් කරපු එකක්.. හොදම එක මුන් මෙහෙ ආපු වෙලාවක මං ජොකෙක් ඔලුවේ දාන නටන වීඩියෝ එකක්.. අන්තිමට ඔලුවේ තිබුණු එක මහී අරන් විසිකරද්දී ඒක සීලින් ෆෑන් එකේ රැදිලා මම ඒකම ඕන කියලා බිම වාඩිවෙලා පොලොවටත් තඩිබාන ගමන් අඩනවා.. හරිම කුජීතයි.. උන් තුන්දෙනාට ජාතිය අමතලා රිප්ලයි කරලා ඉතුරු ඒවත් බැලුවා..අකීල් මිලාන් ගිම්හානත් විශ් කරලා.. එයාලා නම් මං මැච් එක්ක ප්ලේ කරන ෆොටෝ එකක් දාලා තියෙන්නේ.. ඉස්සෙල්ලාම අකීල් ඊලඟ අනික් දෙන්නා.. එයාලටත් තෑන්ක් කරාට මං බැලුවේ මං ලගවත් නැති ෆොටෝ එකක් කොහෙන්ද අකීල්ට.. හැබැයි ඒක සුපිරි ඈංගල් එක්කට වැදිලා.. පස්සේ ඉල්ලගන්න ඕන..ඔය ඔක්කොටම පස්සේ මං ආයෙත් කප්කේක් වැඩේට අතගැහුවා..

හෙමින් හෙමින් අප්පච්චි ගෙනාව බොක්ස් වලට ප්‍රිෆෙක්ට් බෝඩ් එක්ට බෑන්ඩ් එකට ටීචර්ස්ලට අපේ සෙට් එකට වෙන වෙනම  කේක් ටික පැක් කරා.. වැඩිය නෑ බොක්ස් හයයි.. ඒ ටික ඉවර කරද්දී පාන්දර එකයි.. බොක්ස් ටිකත් අරන් ගිහින් පොත් මේසෙන් තියලා ඇදට පැන්නේ පහට නැගිටින්න ඕන නිසා..

පහට එලාම් එක කන ලග කෑගහද්දී ඇහැරුන ම‍ං ඉස්සෙල්ලාම දැක්කේ හැමදාම වගේ කොට්ටේ ලග තියෙන අම්මාගෙයි අප්පච්චිගෙයි ගිෆ්ට් එක.. වෙන මොනාද ඉතින් පොත් මිසක්.. මේ පාර මං kcc එකේ බුක් ෆෙයා එකෙන් මුල් පොත් තුන විතරක් ගත්ත සීරීස් එකේ ඉතුරු ටික.. හැබැයි ඉතින් දැන්ම කියවන්න වෙන්නෑ, එක්සෑම් වලින් පස්සේ තමයි.. පොත් ටික මගේ මිනි ලයිබ්‍රි එකට දාලා වොෂ්‍ රූම් එකට පැනලා සුටුස් ගාලා වොෂ්‍ එක්කුත් දාගෙන ලෑස්තිවෙලා මුලින්ම කේක් බොක්ස් ටික කාර් එකට දැම්මා.. ඒ ටිකත් දාලා කුස්සියට යද්දී අම්මයි ඇනී අම්මයි උදේට කිරිබත් හදලා..

ගුඩ් මෝනින් අම්මා.. ඇනී අම්මා ගුඩ් මෝනින්..

ඔහ්.. ගුඩ් මෝනින් ඇන්ඩ් හැපි බර්ත්ඩේ අයියා බබා..

ගුඩ් මෝනින් ලොකු බබා.. හැපි බර්ත්ඩේ..

තැන්කිව් තැන්කිව්..

ඔන්න එතකොට අප්පච්චි නංගිවත් ඇහැරවගෙන කුස්සියට ආවා..

හැපි බර්ත්ඩේ අයියා..

නංගිව කෑම මේසේ පුටුවකින් වාඩි කරවපු අප්පච්චි මගේ ඔලුවත් ඉඹලා කිව්වම මං අප්පච්චිව හග් කරා..

තැන්කිව් අප්පච්චි..

දැන් අවුරුදු දහඅටක ලොකු කොල්ලෙක්.. හැබැයි පුතෝ එහෙමයි කියලා නටන්න ලෑස්ති වෙන්න එපා..

අයියෝ අප්පච්චි.. මොනාද මේ නොදරුවට කියන කතා.. වයස කියන්නේ ඉලක්කමක්.. ඔයාටයි අම්මටයි හතලිස් හතක් උනාට ඔය ඉන්නේ ඉස්කෝලේ කාලේ කපල් එකක් වගේ.. එහෙම බැලුවම මං තාම ඉපදිලත් නෑ..

මට ඒක කියලා කට ගන්න හම්බුන්නෑ අපේ අම්මා ඇන්නා මට පොල් ටොක්කක්..

නතර කරන්න අයියා ඔය කතාව.. හොදටම වැඩී කට..

මොකා....ක්.. වෙන්න බෑ.. ඔයාලා දීපු කටම තමා තාම තියෙන්නේ.. ඌයි..

තව ටොක්කක්.. ඇනී අම්මා නම් අතින් කටත් වහන හිනා වෙනවා..

ඇති ඇති.. අම්මා මගේ කිරි එක දීලා නංගි එක්ක ගිහින් ලෑස්ති වෙන්න.. අයියා ඔයත් උදේට කන්න..

අප්පච්චිගේ වචනේ තමයි අන්තිම තීරණේ.. ඉතින් අම්මා නංගිත් එක්ක ලෑස්ති වෙන්න යද්දී අප්පච්චිත් කිරි එක බීලා ගියා.. මං තඩි කිරිබත් පිගානකුත් බෙදාන කන්න වාඩිඋනේ උදේට කිරි බොන්නැති නිසා.. මං මේ අවුරුදු දහඅටටම බීලා තියෙන්නේ අම්මා කුක්කු විතරයි.. මට කිරිපිටි ඇලජි.. හැබැයි අනික් මිල්ක් ප්‍රොඩක්ට්ස් ඕකේ.. කාලා බීලා ලෑස්තිවෙලා කාර් එක මේන් රෝඩ් එකට දාද්දී මිලාන් ඉන්නවා හන්දියේ ස්කූල් බස් එක එනකන්.. අපේ ගෙදර තියෙන්නේ වලක.. වලක කියන්නේ ලොකු වංගුවක ඇතුල් පැත්තේ පල්ලමේ.. හන්දියත් එක්ක තියෙන බස් හෝල්ට් එකට අඩි දහයයි.. ඉතින් මේන් රෝඩ් එකට දාන්න උඩට ගද්දී හන්දිය පේනවා..

අප්පච්චි මිලාන් ඉන්නවා දාගෙන යමුද..

ඉක්මනට කතා කරන්න.. බස් එක හෝන් කරනවා ඇහුනා..

මං ටක්ගාලා කාර් එකෙන් බැහැලා අත වැනුවා.. මං අතවනනවා දැක්ක මිලාන් දුවගෙන ඇවිත් කාර් එක්ට නගිද්දී මාත් නැග්ගා..

ගුඩ් මෝනින් අංකල්, ආන්ටි..

ගුඩ් මෝනින් පුතා..

ගුඩ් මෝනින් නෙතුවා ඇන්ඩ් හැපි බර්ත්ඩේ..

තැන්කිව්..

අද අප්පච්චි නැද්ද පුතා.. නැත්තන් පුතා හැමදාම ස්කූල් බස් එකේද යන්නේ..

මේ සතියේ විතරයි අංකල්.. අප්පච්චිට ට්‍රින්කෝ කෑම්ප් එකෙන් කෝල් කරා.. හුගක් වෙලාවට නෙක්ස්ට් ඉයර් ඉදලා එයාට එහෙට පර්මනට්ම යන්න වෙයි..

ඔහ් එහෙමද.. එහෙනම් යන්න කලින් යාලුවොත් එක්ක සෙට් වෙන්න ඕන..

ඔයාලා බලනවා ඇති මේ මොකද කියලා.. මෙහෙමයි යම්කිසි හේතුවක් නිසා ඉස්සර අපි අතරේ පොඩි ඇරියස් එකක් තිබ්බා.. ඒත් අපේ අප්පච්චිලා ඉස්කෝලේ කාලේ ඉදන් යාලුවෝ..

නංගිවත් ඉස්කෝලෙට දාලා අපි දෙන්නවත් බස්සන් අම්මලා ගියා.. මිලාන් හිටපු නිසා අපි දෙන්නා කේක් බොක්ස් ටික බෙදාගෙන අරන් ගියා.. මේ සතියේ ප්‍රයිස් තියෙන ලමයි ඇරෙන්න ගොඩක් අය ඉස්කොලේ එන්නේ නෑ.. අපේ පන්තියෙත් ලමයි නැති නිසා මං කෙලින්ම ගියේ මියුසික් රූම් එකට.. අනික් අයත් මේ දවස් ටිකේ මෙතන.. බෑග් එක රූම් එකේ තියලා ප්‍රිෆෙක්ට්ලාගේ කේක් බොක්ස් දෙක අරන් එලියට එද්දී මිලානුත් මාත් එක්කම ආවේ එයාලගේ ක්ලාස් එකට ගිහින් එන්න..

මං ප්‍රිෆෙක්ට් රූම් එකට යද්දී යසා සයින් කරනවා.. රූම් එකේ තිබුණු මේසයක් උඩින් කේක් බොක්ස් දෙක තියලා පිටිපස්සෙන් ගිහින් යසාගේ ඇස් දෙක වැහුවා..

කවුද යකෝ පිටිපස්සෙන් ඇවිත් ඇස් වහලා පිස්සු හු... ඒ නෙතුවා අත ගනින්..

ගැස්සුන පාර හොදම එකෙන් අමතන්න ලෑස්ති උන යසා මාව අදුරගත්තා..

කොහොමද මං කියලා අදුරගත්තේ..

තොගේ අත කේක් සුවදයි.. අනික ඔය අත් දෙක අපේ අත් වලට වඩා සුට්ටං සුකුටු බුකුටු සිනිදු මල් පෙත්තක්නේ බං..

ආයිශ්.. පල පල.. මගේ අත් කොහොම උනත් උබ මට වඩා තුනක් කොටයිනේ..

ඌ පහයි හයයි.. මං පහයි නවයයි..

ඒවගෙන් වැඩක් නෑ.. කෝ කේක්..

බෑන්ඩ් රූම් එකේ.. අර ටික ප්‍රිෆෙක්ට්ලට..

එලම.. මේ තරුවා ඇවිත් ඩියුටි ගිහින්.. මං උගේ බෑග් එකත් රූම් එක්ට දාගෙන යන්නම්.. උබත් ඩියුටි ගිහින් වරෙන්.. ඊට කලින් මේ ටික අරන් තියලා යමු..

යමන් මාත් ටීචර්ස්ලගේ බොක්ස් එක ගන්න ඕන..

ඉතින් කේක් බොක්ස් දෙක පරිස්සමින් කබඩ් එකක් උඩින් තියලා අපි දෙන්නා ඩියුටි ගියා.. අද ඉස්කොලේ පටන් ගත්තම ප්‍රයිස් ගිවින් එකේ ඩියුටි බෙදන්න මීටින් එක.. ටීචර්ස්ලගේ බොක්ස් එකත් අරන් මම ඉස්සෙල්ලාම ඔෆිස් එකට ඔලුව දැම්මා.. මාත් එක්ක ඉන්න ජූනියර් මල්ලී ඇවිත්.. එයාට වැඩ ටික බලන්න කියලා.. එසෙම්බ්ලි එකටත් ඔලුව දාලා මං ගියේ මීඩියා රූම් එකට.. මොනවා උනත් මේ තමයි මගේ personality එක හදාගන්න උදව් කරපු තැන.. මං දොරෙන් එබෙද්දී යටවර සර් ටේබල් එකේ..

ගුඩ් මෝනින් සර්..

ගුඩ් මෝනින් නෙතුෂ.. මොකද උදේම මේ පැත්තේ..

සර් අද මගේ බර්ත්ඩේ එක.. ට්‍රීට් එක දීලා යන්න ආවේ..

එහෙම කියන ගමන් මං කප්කේක් එකක් ටේබල් එකෙන් තිබ්බා..

Oh.. wish your very happy birthday Nethusha.. have a grate future..

Thank you sir.. and I have to go because of the morning essembly..

Okay putha..

ලොකුවට මුකුත් නොකියා මං එතනින් ආවා.. ඊලඟට ආර්ට් එකේ ටීචර්ස්ල ඉන්න ස්‍ටාෆ් රූම් එකට ගියේ ඉතුරු කේක් ටික දෙන්න.. මං යද්දී සෙක්ෂනල් හෙඩ් මෑම් අපේ ක්ලාස් ටීචර් එක්ක කයියක්.. මං ඉතින් එක්ස්කියුස් කරලා ඇතුලට ගිහින් හේතුව කියලා කේක් ටික ටේබල් එක්කින් තිබ්බේ ටී ටයිම් එකට ගන්න කියලා පොඩි විහිලුවකුත් කරන ගමන්..

ආයෙත් ඔෆිස් එකට ඇවිත් එතන වැඩත් බලලා මෝනින් එසෙම්බ්ලි එකත් ඉවර කරලා ප්‍රිෆෙක්ට් රූම් එකට යද්දී හැමෝම එතන.. මීටින් එක නිසා ගනන් නොගෙන ඉන්න හැදුවත් ඇතුලට යද්දීම හැමෝම විශ් කරලා සින්ග් කරන්න ගත්තා.. එයාලට තැන්කිව් කියලා අරන් තියපු කප්කේක් ටික බෙදලා දෙද්දී ප්‍රයිමරි සෙට් එකේ මූණු තමයි බලන්න වටින්නේ.. ඒ වැඩෙන් පස්සේ එයාලව යැව්වේ මීටින් එකට ඕන නැති නිසා.. කන ගමන්ම මීටින් එක තියෙද්දී මගේ දෙපැත්තේ වාඩිවෙලා හිටපු තරුවයි යසයි කට පුරවන් කේක් කනවා.. දැන් මුන් මියුසික් රූම් එකට ගියාම ආයෙත් කනවා..

හොදයි.. අද මීටින් එක තියෙන්නේ ප්‍රයිස් ගිවින් එකේ ඩියුටි බෙදන්න.. කෝ බලන්න ප්‍රයිස් තියෙන අය..

HP අයියා ඇහුවම භාගෙකට භාගයක් අත් ඉස්සුවා..

හරි.. ප්‍රයිස් නැති අයගෙන් හතරක් ටී ටේබල් එක්ටයි ඉතුරු අය බැල්කනි එකෙයි ස්ටේජ් එකෙයි ඩියුටි දානවා.. ඉතුරු අය හොල් එක ඇතුලෙයි ලමයිව පෝලින් ගස්සන්නයි දානවා.. හෙඩ් බෝඩ් එකේ නවදෙනා වෙල්කම් එකයි ඉතුරු වැඩයි බලනවා.. අදාල නම් ගෲප් එකට දාන්නම්..

අපිත් ඔලුව වැනුවා..

තරුෂ මල්ලී.. ඩෙකෝ ටික හරිද..

අද හවසට පටන් ගන්නවා අයියේ.. ලොකුවට නෑ.. බැනර් එක එහෙම හදලානේ තියෙන්නේ..

හරි.. නෙතුෂ මල්ලී ඔයාගේ වැඩ කොහොමද.. ඩියුටි දාන්න පුලුවන්ද..

බෑන්ඩ් එක ඕන වෙලාවක රෙඩි.. ඩියුටි යන එක නම් ප්‍රශ්නයක් නෑ අයියේ.. හැබැයි මං ස්ටේජ් නගින්නේ කොස්ටියුම් එකෙන්..

එහෙනම් ඒ වැඩේ සෙට් නෑ.. මෙයාව දාන්න පුලුවන් ඩියුටියක් තියෙනද..

ඉවර වෙලා අමුත්තන් කැදවාගෙන යාමට දාමු.. අපි නිදහස්..

HP අයියා ඇහුවම DHP අයියා කිව්වේ නිවන් දැක්කා වගේ ෆීලින් එක්කින්.. මුංගේ ඩියුටි මට දීලා නිදහස් වෙන්න.. මුකුත් කියන්නත් බෑ.. ඔන්න ඔහේ කමක් නෑ කියලා ඒ වැඩේ භාරගත්තා.. ඊටපස්සේ මොනාද හෑලි වගයක් කියවලා මීටින් එක ඉවර කරා.. අනික් දෙන්නා යද්දී හෙඩ් බෝඩ් එකෙන් චීෆ් ගෙස්ට්ගේ විස්තරත් ඉල්ලන්ම මාත් මියුසික් රූම් එකට ආවා.. රූම් එකේ දොර ඇරන් ඇතුලට අඩියයි තිබ්බේ එකපාරටම පාර්ටි බොම්බ් එකක් පුපුරනවත් එක්කම හැපි බර්ත්ඩේ සෝන්ග් එක ඇහුනා..

Happy birthday to you..

Happy birthday to you..

Happy birthday dear our leader..

Happy birthday to you...

දෙයියනේ මේ ලමයි මට පාර්ටියක් ලෑස්ති කරලා.. යසා ඉන්නවා කැන්ඩ්ල්ස් ගහපු පොඩි ගැටෝ කේක් එකකුත් අතේ තියාන.. හිරුෂ මල්ලී මහීෂයි තමයි පාර්ටි බෝම්ස් පුපුරවලා තියෙන්නේ.. හරින්ද මල්ලී යසාගේ ෆෝන් එකෙන් වීඩියෝ කරනවා.. අපේ සෙට් එකෙත් ෆෝන් ටික අතේ.. ඒලෙවල් ක්ලාස් වල්ට පර්මිෂන් තියෙන නිසා හොදයි.. හැබැයි මගේ අජූත ෆොටෝ ටිකක් තියෙයි..

හැපි බර්ත්ඩේ නෙතුෂ අයියා...

ජුන්නෝ ටික කෑගහද්දී තමයි මම මේ ලෝකෙට ආවේ..

තැන්කිව් ලමයි.. ඒ උනාට ඇයි මෙච්චර මහන්සි උනේ..

අයියෝ මේක මොනාද අයියා අපි වෙනුවෙන් කරන දේවල් වලට..

මේ ඒවගෙන් වැඩක් නෑ.. මෙන්න මේක නිවලා කපපන්.. මගේ අත් දෙකත් රිදෙනවා..

යසා තවත් මොනාහරි කියලා කෑගහන්න කලින් මං කැන්ඩ්ල්ස් නිවලා කේක් එක කැපුවා.. කපපු කෑල්ලෙන් චුට්ට චුට්ට හැමෝටම කැව්වා.. අන්තිමට අකීල්ව සෙට් වෙද්දී අද මගේ යස්ස යාලුවො විතරක් නෙවෙයි මල්ලිලටත් කැස්ස හොදටම.. අප්පච්චිට කියලා හොද ඩොක්ටර් කෙනෙක් බලලා මුං ඔක්කොම එක්ක යන්න ඕන කැස්සට බෙහෙත් අරන් දෙන්න..

.

.

.

.

.

අපිට මුකුත් නැම්ත අයියේ..

ඈ බං.. උබලාගෙද මගෙද බර්ත්ඩේ එක..

අනේ ඉතින්.. ඔයාගේ ඔය සූටි සුකුටු බුකුටු අත් දෙකෙන් රස මුකුත් හදන් ආවේ නෑ..

කේක් කපලා කාලා ඉවර වෙලා රූම් එකත් අස් කරලා ප්‍රැක්ටිස් වලට ඉන්ස්ටෘමන්ට් ගන්න ටිකට හිරුෂයා මගේ බෙල්ලේ එල්ලිලා අහනවා ට්‍රීට් නැද්ද කියලා.. අපේ උන් හිනාවෙනවා.. ඒ උනාට අකීල් මොකද රවන්නේ.. බුදාම්මෝ මරන් කන සයිස් එකට හිරුෂ දිහා බලන් ඉන්නේ.. මල්ලිටත් ඒක නෝට් වෙලාද කොහෙද උගුර පාදලා මගේ කරෙන් අයින් උනා..

අද හරියට ස්ලෝ එකට අමතරව ඔක්කොම මාචර්ස් ටිකයි ඩිස්ප්ලේ එකේ සෝන්ග්ස් ටිකයි හරියට ප්ලේ කරොත් දෙන්නම්..

අඩෝ උබලට ඇහුනද.. හරියට ගහපල්ලා.. වැරැද්දුවොත් අයියාට කලින් මගෙන් කන්නේ..

ඕන් බලාපල්ලා මේකගේ තියෙන පෙරේතකම..

ඒ උබ සිරාවටම මුකුත් හැදුවේ නෑ..

මහියත් පටන්ගත්තා.. මුන්ට කන්න තියෙනවා නම් මලත් කමක් නෑ..

දැන් උබලට මොනාද ඕන..

මෙහෙමයි මචන්.. ලිස්ට් එකක් තියෙනවා.. උබට අරන් දෙන්න පුලුවන්ද..

එහෙනම් අර ගෙනාපුවා බලුකපුටු දානයක්වත් දෙමු නේද මිලාන්..

ඇයි ඇයි උබ මිලාන්ගෙන් අහන්නේ.. ආ දැන් එහෙමයි නේ.. මුලින් ආව කනට වඩා පස්සේ ආපු අග ලොකු උනා නේ.. ඕන් අකීල් උබේ යාලුවගෙ වැඩ.. පරිස්සන් කරගනින් මචන් උබේ මැණිකව..

මං කිව්වේ.. මොනාද ඕන කියලා අහපුවම ලිස්ට් එකක් ගැන කියලා ගෙනාපුවා ගැන මිලාන් එක්ක කියද්දී යසා ටිපර් උනා..ඒ අස්සේ අකීල්ට කියනවා එයාගේ මැණිකක් පරිස්සන් කරගන්නලු.. ඒක කිව්වම ඔක්කොලාම හිනාවෙනවා.. මුන්ට මොනා වෙලාද.. හිටපු ගමන් කක්කල් කැස්ස වගේ කහිනවා, ටිකකින් ලාෆින් ගෑස් ගහලා වගේ හිනාවෙනවා..

හරි හරි නැට්ට පාගගන්නේ නැතුව හිටු.. දවල්ට කෑවම දෙන්නම්.. ඒක නෙවෙයි අද සර් නැද්ද..

ආර්ට් එක්ට යනවා කිව්වා ඩෙකෝ ටික බලන්න..

එහෙනම් එතනින් ට්‍රීට් එක හම්බෙයි.. වෙලාවට මං කියලා ආවේ අපිට උගන්නන හැමෝටම කියලා..

එහෙමද.. එතකොට උබ යන්නේ කීයටද තරු..

දැන් ගිහින් බඩු ගෙන්න ටවුන් එකට යනවා.. ඒ ගිහින් ඇවිත් උබලත් එක්ක දවල්ට කාලා ආයෙත් යනවා වැඩේ පටන් ගන්න..

හරි.. එතකොට අනික් අය..

අපි ඉතින් සුපුරුදු පරිදි ඔයාලා ප්‍රැක්ටිස් කරනවා බලන් ඉන්නම්.. පන්තියට ගියත් උගන්නන්න කවුරුත් එන්නෑ මේ වැඩ නිසා.. මහීත් මෙතනනේ..

එහෙනම් මචන් මං කැපුනා.. කද්දි සෙට් වෙමු.. තරුවා ගියා..

හරි යසා උබත් ගනින් ට්‍රොම්බෝන් එක.. මහී මුන් පිච් කරනවද බලපන්.. රෙඩි.. ස්කේල්ස්.. 1 2 3 4..

ඒ වෙලාවෙ ඉදලා දිගටම සෙකන්ඩ් ඉන්ටවල් එක වෙනකන් පොඩි පොඩි බ්‍රෙක් එක්ක අලුත් පරන හැම නොටේෂන් එකම ප්‍රැක්ටිස් කරා.. ට්‍රීට් දෙනවා කිව්ව නිසාද මන්දා දෙතුන් පාරකට වඩා වැරැද්දුවෙත් නෑ.. දැම්ම තියාම ස්පෝර්ට් මීට් එක්ටත් රෙඩි වෙන නිසා ඩිස්ප්ලේ එකේ සෝන්ග්ස් ටිකත් ප්‍රැක්ටිස් කරා.. මියුසිකල් ශෝ එකක් වගේ ඇති එලියට.. මං දැක්කා සැරින් සැරේ ලමයි ග්ලාස් වලින් එබිලා බලනවා.. කොහොමහරි තරුවා ආයෙත් එනකන්ම ප්‍රැක්ටිස් කරා..

හරි ලමයි අදට ඇති.. ආයේ හවස ඉන්න ඕන්නෑ ස්කූල් ටයිම් ප්‍රැක්ටිස් කරමු.. බ්‍රහස්පතින්දා හවස හිටියම ඇති.. ඉන්ස්ටෘමන්ට් පැක් කරලා එන්නකෝ ට්‍රීට් දෙන්න..

ඉක්මනට පැක් කරපල්ලා..

ඔව් ඔව්..

හිරුෂයා ට්‍රීට් ගන්න හදිස්සි කරද්දී යසාත් උල්පන්දම් දෙනවා.. මාත් හිනාවෙවීම ෆයිල් දාලා තිබුණු කබඩ් එකේ තිබ්බ බොක්ස් ටික එලියට අරන් පෝලිමේ ආව සෙට් එකට බෙදලා දුන්නා..

ඔයාලා ක්ලාස් වලට ගිහින්ද ලන්ච් ගන්නේ..

ඔව් අයියේ..

හරි.. එහෙනම් යන්න.. හෙට අනිවාර්යයෙන් ප්‍රැක්ටිස් එන්න.. එන්න වෙන්නැත්තන් මට හරි යසාරට හරි හිරුෂට හරි මැසේජ් එකක් දාන්න..

Okay ayye.. Thanks for the treats..

එයාලා ගියාට පස්සේ මං හැරුනේ රූම් එකේ ඉතුරු උන අය පැත්තට.. අපේ අයට අමතරව හිරුෂ මල්ලි විතරයි.. මුන් කන්න වගේ බලන් ඉන්නෙ මොකද..

මොකද ඔහොම බලන්නේ.. බඩගිනි නම් බත් ටික ගනින්..

කෝ අපිට..

මොනාද..

කප්කේක්..

ඉස්සෙල්ලා බත් කාලා ඉමු.. ඊටපස්සේ දෙන්නම්..

උබත් හරියට පොඩි එකෙක්ට කවන්න ට්‍රයි කරන අම්මෙක් වගේ..

එතකොට කවුද අප්පච්චි.. අනේ නිකන් හිටපන් තරු.. ඔන්න ඔය බත් එකක් ගනින්..

සූට්ටන් වලියක් නොවන වලියක් අස්සේ බිමින් වාඩි උන අපි ගෙනාල්ලා තිබුණු බත් ටික කාලා ඉවර වෙද්දී මං ඉතුරු කප්කේක් ටිකත් බෙදලා දුන්නා..

අනේ සුදාම්මියා.. අපිට වෙනස් හැඩේකට නිල්පාට බෙට්ට්ක උඩින් තියපු කේක් කෑල්ලක් ගෙනල්ලා..

යසෝ උබ ඕක කනවද.. නැත්තන් මං කවන්නද.. ඇයි බොල නිකන් හම්බුන අස්සයගේ දත් ගනින්නේ.. රෑ දොලහ වෙනකන් වෙනස් ඩිසයින් එක්කට උබලට වෙනම හැදුවා කනක් ඇහිලා ඉන්න හිතන්.. ආයේ එකෙක්ට මුකුත් හදන් එන්නෑ.. ම්හුක්...

අනෙව්.. අපේ හුරත්ලේ.. ඔච්චර රවන්න එපා.. වපර වෙයි..

මං දන්නවා යසා ඔය අනන් මනන් කියන්නේ ආතල් එකට.. ඒ උනාට.. මං ආයෙත් ගස්සලා අහක බලාගත්තා..

දෙයියනේ දෙයියනේ.. මේ ඉන්නේ අපේ සෝ කෝල්ඩ් ලීඩර් අයියමද..

හිරුෂයත් පටන් ගත්තා.. ම්හුක් මං තරහයි.. කට්ටියම හිනාවෙනවා පාප මිත්‍රයෝ.. ඒත් අපේ කෝලම් ඔක්කොම පැත්තකට වෙලා බලාන හිටපු අකීල් කතා කරද්දී එයාලා විතරක් නෙවෙයි මාත් බලන් හිටියේ පුදුමෙන්.. හර් නිහඬ චරිතයක් උන එයා දැන් වැඩිපුර කතාකරනවා..

නවත්තපන්.. නෙතු ඕවා ගනන් ගන්න එපා.. මෙයාලට නැති උනාට මට නම් මේක මාරම රහයි..

අනේ.. ඔයාට විතරයි අකීල් මගේ මහන්සිය වටින්නේ.. මට ඕන්නෑ ඔය එක්කෙනෙක්වත්.. ඔයා හිටියම ඇති.. ම්වහාහාහාහාහ්..

කේක් එක රසයි කියපු ගමන් මගෙයි අකීල්ගෙයි මැද්දේ හිටපු ගිම්හානවත් තල්ලුකරන් අකීල්ගේ බෙල්ලේ එල්ලුනු මං අනික් එකෙක් වත් එපා එයා විතරක් ඇති කියලා ඒ කම්මුලක් පිරෙන්නම කිස් එකක් දුන්නා.. ඒත් ඇයි මේ එයා බය වෙලා.. මං වැරදි දෙයක් කරේ නෑනේ..

ක්හැ ක්හැ.. බුදාම්මෝ නෙතුවා..

ඕ මයි ගෝඩි.. මොකද්ද ඒ උනේ..

මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් එහෙම දෙයක් වෙයි කියලා..

අනේ මයේ ඇස් දෙක..

ලැජ්ජ නැද්ද බං පොඩි එකෙක් ඉන්නවා මෙතන..

දෙයියනේ නෙතුෂ අයියේ.. ඔයා දියුණු වෙලා..

පොඩි එකා කිව්ව කිව්ව එක ඉල්ලා අස්කරගන්නවා..

මොකද යකෝ මේ.. මං මොනාද කරේ.. අනික මොනාද උනේ ඔච්චර නටන්න..

දැන් උබ කියන්නේ උබ අකීල්ගේ කම්මුලක් කිස් කරේ නෑ කියලද..

කවුද නෑ කියන්නේ.. එකක් නෙවෙයි මට ඕන්නම් මං අනිකත් කිස් කරනවා..

එහෙම කියලා මං අකීල්ගේ අනික් කම්මුලටත් කිස් එකක් දුන්නා..

හරි මචන් එල..

දැක්කා නේද මේ නෙතුෂගේ වැඩ.. හැබැයි තාමත් අරුන් කහිනවා.. උන්ටත් රවලා මං අකීල් දිහා බලද්දී එයා මගේ දිහා ඇසුත් ලොකු වෙලා මූණත් රතු කරන් බලන් ඉන්නවා.. මාත් තාම එයාගේ බෙල්ලේ එල්ලිලා..

අකීල්.. ඇයි ඔයා ඔහොම බලන් ඉන්නේ..

නෑ මුකුත් නෑ නෙතු..

එහෙනම් කමක් නෑ.. ඔයා සිකුරාදා එනවද..

මං එන්න ඕනද..

කැමති නම් එන්න..හැබැයි එදාට උගන්නන්නේ නම් නැතිවෙයි..

අද කියලත් වෙනසක් නෑනේ.. මං එන්නැතුව ඉන්නම් කියලා හිතුවේ.. ඒත් ඔයාට ඕන්නම් එන්නම්..

ඇත්තටම මං එන්න කිව්වොත් එනවද..

ඔව්..

එහෙනම් එන්න හොදේ.. මහීත් නෑ ප්‍රයිස් තියෙන නිසා වාඩි උන්නාම එලියට එන්න දෙන්නෑනේ.. මට උදව් කරන්න පුලුවන්නේද එදාට..

හරි මං එන්නම්.. ඔයාටයි යසාරටයිත් ප්‍රයිස් තියෙනවා නේ..

ඕ.. අපි ස්ටේජ් නගින්නේ කොස්ටියුම් එකෙන්..

එහෙනම් මං ඔයාලා ප්ලේ කරලා ඉවර උනාම යන්නම්..

කමක් නැද්ද එහෙම.. එක්කෝ ඔයා එදාට එන්න එපා.. බොරුවට රස්තියාදු වෙනවා..

නෑ නෑ මං එනවා..

හරි..

අඩෝ නෙතුවා දැන්වත් ඔය කොල්ලගේ බෙල්ල අතෑරපන් කූඩැල්ලා වගේ එල්ලිලා ඉන්නැතුව..

එතකොට තමයි මටත් මීටර් උනේ තාමත් මං එයාගේ බෙල්ලේ එල්ලිලා කියලා..

සොරි.. මං දැන් යන්න ඕන.. ඩියුටි..

ඉට්ස් ඔකේ.. ඔයා හවස ඉන්නවද..

ඔව්..

ඒත් එක්කම බෙල් එක ගැහුවා.. මං අකීල්ටත් බායි කියාන අනික් උන්ටත් ගස්සගෙන එලියට ආවේ ඩියුටි දුවන්න..

*************************************

ඕන්න නෙතුෂ කිව්වොත් අකීල් එනවලු.. හිකිස්..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!