Chapter 1 of 8

චරිත හඳුන්වාදීම

Window Seat - Taekook Nonfic371 words~2 min read

Window Seat

ෂේන් අශාක්‍ය දන්තනාරායන

වයස අවුරුදු 27

තම ප්‍රථම ප්‍රේමයේ ආදරණීය මෙන්ම වේදනාබර මතක හමුවේ වසර ගණනක් දුක් විඳි මොහු, අවසනායේදී තම වේදනාවට සහනයක් සොයාගන්නේ රාත්‍රී සමාජශාලා සහ මත්පැන් වලිනි. මොහුගේ ක්‍රියාකලාපය පිළිබඳ කනස්සල්ලට පත් Mr.ජගත් දන්තනාරායන, නැතහොත් ෂේන් දන්තනාරායනගේ පියා ඔහුව කැනඩාව වෙත පිට කරන්නේ උසස් අධ්‍යාපනය සඳහායි.. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 23කි.

වසර හතරකට පසු ඔහු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නේ තම ව්‍යාපාර කළමනාකරණ උපාධිය අවසන් වූ පසුවයි.. ඊට හේතුව වන්නේ කොළඹ පිහිටි තම පියාගේ ව්‍යාපාරයන්, පියාගේ ඉල්ලීම මත තම පාලනයට ගැනීමයි. ශ්‍රී ලංකාවෙන් පිට වන විටි සිටි ෂේන් අශාක්‍යට වඩා බෙහෙවින් පරිණත,උගත් මෙන්ම වඩාත් කඩවසම් ෂේන් අශාක්‍යට එතෙරදී පවා ගැහැණු පිරිමි භේදයකින් තොරව බෙහෙවින් යෝජනා ලැබුණද ඔහු ඒ සියළු ප්‍රේම සබඳතා ප්‍රතික්ශේප කළේ පලමු ප්‍රේමයේ අඳුරු මතකෙහි ලා ඔහු තව දුරටත් ප්‍රේමය විශ්වාස නොකරන නිසාවෙනි..

°°°°°°°°°°°

මිනූෂ වින්දිව් ෆර්නෑන්ඩෝ

වයස අවුරුදු 25

තම පියා සමඟ ජීවත් වන මොහුගේ මව, පියාගෙන් වෙන්ව තනිව ජීවත් වේ. පියාට මෙන්ම මවටද එක සේ ආදරය කරන මොහුගේ අතීතය එතරම් සුන්දර නැත. මව වෙත ගොස් ඇය සමඟ ජීවත් වීමට මොහුට කෙතරම් අවස්ථා ලැබුණද ඔහු ඒ සියල්ල ප්‍රතික්ශේප කරන්නේ තම පියාව අතහැර යාමට හා ඔහුගේ ඉගෙනීම් කටයුතු අතපසු කරගැනීමට අකැමැති නිසාවෙනි.. මුදල් වලින් කිසි අඩු පාඩුවක් නොතිබුණද මොහු සරල බවට බෙහෙවින් ප්‍රේම කරයි..

තරමක් විසේකාර නමුත් සංවේදී හදවතක් හිමි මොහු, කෙතරම් සිත් වේදනා තිබුණද තම ජීවිතය විනෝදයෙන් හා සතුටෙන් ගත කරයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසර ගත කරමින් සිටින මොහුගේ විෂය වෛද්‍ය විද්‍යාවයි. මිනිසුන්ගේ ලෙඩ දුක් සුව කර ඔවුන්ට නීරෝගි ජීවිතයක් ලබා දීමෙන් මොහු මහත් සේ ආත්ම තෘප්තියක් ලබයි.. මුදල් වලින් කිසිදු අඩුවක් නැති නිසාම මුදලක් නියම නොකොට අසරණ වූ මිනිසුන් හට වෛද්‍ය සේවා සැපයීම මොහුගේ එක් සිහිනයකි..

°°°°°°°

ඉතින්...

තිබෙන්නට නොහැකිද ප්‍රේමයක්.. අහඹු ලෙස පැමිණෙන..?

තිබෙන්නට නොහැකිද ප්‍රේමයක්.. ආත්මයම සුවපත් කරන..?

තිබෙන්නට නොහැකිද ප්‍රේමයක්.. මුලාවක් යැයි ටැග් ගැසූ ආදරය නමින්ම හදවතක් සසල කරන...?

°°

මෙලෙස දිගහැරෙන්නේ එසේ විය හැකි හදවත් දෙකක ගැස්මෙහි වෙනසයි..

ෂේන්×මිනූෂ

එසේත් නැතිනම්

ඔහුගේ ආශු සහ ඔහුගේ මීනූ

ආශු×මීනූ

ආදර අන්දරයයි..

කෙළවරක් නොමැති හැගීමක වෙළුණු ඔවුන්ගේ නැවතුම කෙසේ වේවිද...?

°°°°°°

Window Seat

Taekook

Nonfic

Sinhala

Top - Jungkook

Bottom - Taehyung

============================

මෙය හුදෙක් රසාස්වාදය සඳහා නිර්මාණය වන බවත්, මෙහි ඇති නම්,ගම් සියල්ල මා විසින් කතාවට අනුරූපීව රචනා කර ඇති බවත්, ඒවා සැබෑ ලෝකයට අයත් නොවන බවත් කරුණාවෙන් සලකන්න.

============================

පලවෙනි කොටස දාලා තියෙන්නේ ඔහොම්ම කියවන් යන්න 👀

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!