Chapter 2 of 8

පළමු නැවතුම 🚄

Window Seat - Taekook Nonfic1,980 words~10 min read

Author POV

"කරුණාකර සවන්දෙන්න!! තුන්වන වේදිකාවේ නවතා ඇති දුම්රිය තව සුළු මොහොතකින් මහව මංසන්ධිය දුම්‍.රිය නැවතුම්පොළ දක්වා ගමන් අරඹයි.. එය නවත්වන්නේ රාගම හන්දිය........."

කොළඹ කොටුව ට්‍රේන් ස්ටේශන් එක සාමාන්‍ය විදිහටම මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බා.. වෙලදුන්,මගීන්,යාචකයන්,සේවකයන් වැනි නොයෙකුත් මිනිසුන්ගේ හඬවල් වලින් ස්ටේශන් එක පිරී තිබුනා..

"සොරි.. සොරි... ආහ්.. සොරි.. එක්ස්කියුස් මී.."

මේ අතරේ කළු පැහැ ඇදුමකින් සැරසී සිටි එක් තරුණයෙක් හදිසියෙන් මෙන් ස්ටේශන් එක ඇතුලේ එහා මෙහා දුවන්න ගත්තේ තුන් වෙනි වේදිකාවේ නවත්තලා තිබ්බ ට්‍රේන් එක දිහා සැරින් සැරේ බල බල..

අනව්ස්මන්ට් එක තරුනයාගේ දෙසවන් වල ගැටෙනවාත් එක්කම ඔහුගේ කලබලය වැඩි උනා.. කුඩා බෑගයක්ද පිට මත රඳවාගෙන ඔහු මිනිසුන්ගේ ඇග වල් වල හැපි හැපී ඉදිරියට ඇදුනේ මහව බලා යන ට්‍රේන් එකේ එන්ජින් එකත් පණ ගැන්වෙද්දි..

හති හල හල වේගයෙන් පඩිපෙළ නැගි ඔහු ඊටත් වඩා වේගයකින් තුන්වෙනි වේදිකාවට යන පඩිපෙළ බැස්සේ, අවසාන පඩි පහ මගහැර හයවෙනි පඩියේ සිට බිමට පනිමින්..

සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදීමට සැරසෙමින් සිටි මහව බලා ගමන් අරඹන දුම්.රිය දෙස බලමින් ඔහු, ඔහු ඉදිරියේම තිබූ දෙවන පන්තියේ කෝච්චි පෙට්ටියකට ගොඩ වුනේ ඉහෙන් කනෙන් බේරෙන දාඩිය පිස දමමින්..

"God! Jesus! Ahhhh it was close!"

දුම්.රියට ඇතුල් වෙන දොරට පිට හේත්තු කල ඔහු ලොකු හුස්මක් පාත දාන ගමන් ඔහුටම කියාගත්තා..

"මේක සකන්ඩ් ක්ලාස්ද.. ඔහ් ශිට් දැන් seat එක හොයාගෙන පලයංකෝ"

දොරෙහි සටහන් කරන තිබූ '2nd Class' යන සලකුන දෙස බැලූ ඔහු කටින් ශාපයක් පිට කරන ගමන් හිස දෙපසට වනා නැවතත් ඉදිරියට ඇදුනේ පලමු පන්තියේ මැදිරිය සොයා ගැනීමටයි.. දෙවන පන්තියේ මැදිරි කිහිපයක් පසු කරමින් ඔහු වේගෙන් ඉදිරියට ඇදුනා..

තවමත් දුම්.රියේ එන්ජින් පන ගන්වා තිබුණද කුමන හෝ හේතුවක් මත එය තවමත් නැවතුම්පොළේ නවතා තිබුණා..

අවසානයේ පලමු පන්තිය යැයි සටහන් කර තිබූ මැදිරියට ඒමට ඔහුගේ වේගයත් සමග ඔහුට ගත වූයේ තත්පර කිහිපයක් පමණයි...

"Finally"

සැනසුම් සුසුමක් පිට කරමින් ඔහු '1st Class' යැයි සටහන් කර තිබූ මැදිරියට ඇතුල් වී තම කලිසම් සාක්කුවට අත දමා ට්‍රේන් ටිකට් පත අතට ගත්තා.. ඒ වන විටත් එම මැදිරියේ ආසන මගීන්ගෙන් පිරී තිබුණා..

"Seat number 10W"

තම seat අංකය බලාගත් ඔහු දෙපස ඇති seat වල අංක බලමින් සෙමෙන් ඉදිරියට ඇදුනා..

"Number 07...08..."

අංක හත සහ අට ලෙස සටහන් කර තිබූ seats දෙස බැලූ ඔහු මුහුන සිහින් සිනහවකින් සරසගෙන ඊට ඉස්සරහින් තිබූ seat දෙකට ඇස් යොමු කලේ එම seat යුගලය අංක නවය සහ අංක දහය යන වග අනුමාන කරමින්..

මදක් ඉදිරියට පැමිණි ඔහුගේ අනුමානය නිවැරැදි උවද ඔහුගේ මුහුණේ තිබූ සිනහව එක් ක්ෂණිකයෙන් නැති වී ගියා..

කලබලෙන් නැවතත් තම කලිසම් සාක්කුවට අත දැමි ඔහු නැවතත් පරීක්ශා කලේ තම seat number එක දහයමද එහෙම නැත්තන් තමන්ට වැරදීමක් උනාද කියලා..

නෑ.. ඔහුට වැරදීමක් වෙලා නෑ.. ඔහුගේ අසුන අංක දහය.. එහෙනම් කව්ද දහය ශීට් එකේ ඉදගෙන ජනේලෙන් පිටත බලන් ඉන්නේ..

මද වේලාවක් ඔහු seat එක අසලම හිටගෙන හිටියේ ඔහුගේ seat එකේ වාඩිවෙලා ඉන්න කෙනාගේ අවධානය කොයිම වෙලාවක හරි තමන්ට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන්.. ඒත් ඒ අමුත්තා දිගටම ජනේලයෙන් එලිය පිරික්සමින් හිටියේ හරියට කවුරුහරි එයාව පැහැරගන්න එයි වගේ කලබලයකින්..

ඔහු තම හිස මදක් ඇල කර අමුත්තාගේ මුහුණ දැකීමට උත්සාහ කලද එය අසාර්ථක වූයේ අමුත්තා සිය මුහුණ සම්පූර්නෙන්ම ජනේලෙන් පිටට හරවාගෙන සිටි නිසයි.. ඔහුට දිස් වූයේ අමුත්තාගේ තරමක් දිගට වැවී ඇති නිසා කුඩා කොන්ඩ කුරුල්ලෙකු බැදි සිටි හිස පමනයි..

අමුත්තාගේ අවධානය තමාට නොලැබෙන බව තේරුම්ගත් ඔහු තම උගුර පාදා අමුත්තාට කතා කලා..

"Excuse me, ඕක මගේ ශීට් එක"

අමුත්තාගේ කාර්‍යට බාධාවක් නොවන ලෙස ඔහු පැවසුවද අමුත්තාගේ අවධානය ඔහුට ලැබුනේ නෑ.. ඒ වෙනුවට අමුත්තා ඔහු දෙස නොබලාම ඔහුට පිළිතුරක් ලබා දුන්නේද තරමක කලබලයකින්...

"ඔහ් අනේ මට සමාවෙලා ඔයා මේ නව වෙනි එකෙන් ඉදගන්නකෝ.. ඒක මගේ එක.."

අමුත්තා පැවසුවද ඔහු බර හුස්මක් පාත දමා තම දෑස් තද කර වසාගනිමින් සිය කෝපය පාලනය කරගත්තා..

අවසානයේ දුම්.රිය සෙමින් සෙමින් ඉදිරියට ඇදුනද අමුත්තා දිගටම එලිය බලමින් කලබලෙන් යම් කිසි කාර්‍යක නිරත වන විදිහ ඔහු තම දෑත් මිටිමොලවාගෙන සිටගෙනම බලා සිටියා..

අවසානයේ දුම්.රිය, නැවතුම්පොළෙන් පිටතට පැමිණි විට අමුත්තා සැනසුම් සුසුමක් හෙලා ආසනයට තම හිස තද කරගත්තේ තම දෑස්ද පියාගනිමින්..

අමුත්තාගේ වෙනස් වුනු ඉරියව්වත් සමඟ ඔහුට අමුත්තාගේ මුහුණ ඉතා පැහැදිලිව දිස් වූයේ අහේතුවකට ඔහුගේ මිට මෙලවුනු අත්,එකට තද වූ කම්මුල් ලිහිල් වෙද්දි..

(ඇස් වහගෙන ඉන්නේ කියලා හිතන්න..තව මෙතන ටේ ගේ රූපේ ගැන හිතන්න එපා එයා මේ කතාවේ මීට වඩා චුට්ටක් කියුට්.. කොන්ඩේ විතරයි මට පෙන්නන්න ඕනේ උනේ..)

අමුත්තාගේ පැති පෙනුම පමනක් ඔහුට දිස් වෙද්දී ඔහු ඒ නිවුන රූපය දෙස බලාසිටියා.. දුඹුරු පැහැ කමිසයකින් හා කළු පැහැ කලිසමින් හැඩ වී සිටි අමුත්තා දෙස බැලීම ඔහුගේ කේන්තිය පාලනය කිරීමක් වූවා..

ඔහු දිගටම අමුත්තා දෙස බලා සිටියේ අඩුම තරමේ දැන්වත් ඔහුට අමුත්තාගේ අවධානය ලැබේවී කියා බලාපොරොත්තුවෙන්.. අවසානයේ තත්පර කිහිපයකට පසු අමුත්තා වසා ගෙන සිටි තම දෑස් විවර කර ඔහු දෙස බැලුවද, ඔහු දුටු ක්ශණයෙන් අමුත්තාගේ මුහුණේ ඉරියව් වෙනස් වූවා..

"ආආආආආආ!!! මාෆියා කාරයෙක්!!! කව්ද තමුන්ව එව්වේ අපේ තාත්තද!! ආආඅ----"

ඔහු දුටු සැනින් අමුත්තාගේ මුහුණ වෙලාගත්තේ බියක්.. ඒ එක්කම අමුත්තා මහ හඬින් කෑ ගහන්න ගත්තේ ඔහුගේ රූපය දැකලා.. තනි කළු ඇදුමකින් සැරසී සිටි ඔහුගේ පෙනුම සැබැවින්ම පාතාල කල්ලි සාමාජිකයෙකුට සමාන වූවා.. අනෙක් අයට එසේ නැතත් serial killer,mafia romance වැනි ඝනයේ කතාවලට ඇබ්බැහි වූවෙකු වූ අමුත්තාට ඔහුව පෙනුනේ ඒ අයුරින්.. විශේෂයෙන්ම ඔහු පැළඳ සිටි කැප් එක නිසා අමුත්තාට ඔහුගේ මුහුණ පවා පෙනුණේ දාම ඝාතකයෙකු ලෙසයි..

(මාස්ක් එකක් නෑ😑)

අමුත්තාගේ හඬෙන් මැදිරියේ සිටි සියළු දෙනාගේ අවධානය ඔවුන් වෙත යොමු උනා.. ඒ සැමට සන්සුන් ලෙස සිනහ වූ ඔහු එක් වරම ආසනයට පැන අමුත්තාගේ මුවට තම අත්ලක් තද කලේ එයින් අමුත්තාගේ හඬ තවදුරටත් අනෙක් අයට නොඇසෙද්දි..

"කටවහන්නව! තමුසෙට ඕනේ මෙතන කලබලයක් ඇති කරන්නද"

ඔහු ආසනයට එක් දනහිසක් තබා අමුත්තාගේ ඇගට බරව අමුත්තාගේ මුව තදින් වසා සිටියා.. ඔහුගේ එම ඉරියව්වත් සමඟ අමුත්තාද ආසනයේ කොනකට ගුලි වී සිටියා.. ඔවුන්ගේ මුහුණු අතර තිබුණේ ඉතාමත් කුඩා පරතරයක් වුවද ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඒ පිළිබඳ අදහසක් තිබුණේ නෑ..

නමුත් ඒ මොහොතේ අමුත්තාගේ නෙත ගැටුනේ ඔහුගේ ඇහිබැමක සහ යටි තොලක තිබූ පියර්සින්ග්ස්.. එය ඔහුට ආකර්ශනීය පෙනුමක් ගෙන දෙන බව අමුත්තාට මොහොතකට සිතුනද අමුත්තා තවමත් සිටියේ බියෙන්..

"බ්බ්බ්ම්ම්ම්ම්ග්ග්ග්ග්"

"What?"

අමුත්තා පැවසූවේ යමක් කියන්නට වුවද ඔහුගෙ අතේ ග්‍රහණය සමග අමුත්තාට තම මුව විවර කිරීමට අවස්ථාවක් තිබුනේ නෑ.. ඒනිසාම අමුත්තාගෙන් වචන වෙනුවට පිට වුනේ කිසිවෙකුට නොතේරෙන අපබ්‍රංශයක්..

අමුත්තා දෙස ඇහිබැම් හකුලුවා බැලූ ඔහු තමාගේ අත අමුත්තාගේ මුවෙන් අහකට කලේ අමුත්තා ඔහුගේ අතට දිගටම පහර දුන් නිසා...

"අයින් වෙනවා! පුලුවන් දෙයක් කරනවා! මං එන්නෑ තමුසේ එක්ක යන්න! ම--"

"කට වැහුවේ නැත්තන් තියනව ඔලුව කුඩු වෙන්න"

තමන්ගේ අත අයින් කරගත්තු සැනින් අමුත්තා ආපහු කෑ ගහන්න ගත්තා උනත් ඒ කෑ ගැහීම කලින් පාර තරම් සද්ද උනේ නෑ.. අතින් පයින් ඔහුට ප්‍රහාර එල්ල කරමින් අමුත්තා කෑ ගැසුවද අවස්තාවෙන් ප්‍රයෝජන ගත් ඔහු අමුත්තාට තර්ජනය කල විගස අමුත්තා තම දෑතෙන් තම මුව වසාගත්තා..

සැනසුම් සුසුමක් හෙලූ ඔහු නව වෙනි ආසනය මත අසුන් ගෙන කැප් එක ගලවා බෑගය තුළට දමා ගත්තා.. අමුත්තා තවමත් ආසනයේ කොනකට ගුලි වී තම මුවද වසාගෙන විසල් වූ දෑසින් තමා දෙස බලා සිටිනවා දුටු ඔහු , අමුත්තාගේ හැසිරීම් දැක පුදුම වූවා..

"ඔහේ ආවේ මාව අරන් යන්න නේද!"

ආසනයේ මුල්ලකට ගුලි වී අමුත්තා ඇසූ විට ඔහු නැගිට තම බෑගය, බෑග් රදවනය මතින් තබා නැවතත් අසුනෙන් ඉදගත්තා..

"මං පොඩි බබ්බු උස්සන හප්පෙක් වගේද තමුසෙට පේන්නේ"

"බොරු කියන්නැතුව ඉන්නවා! අනික මං පොඩි එකෙක් වත් තමුසේ හප්පෙක්වත් නෙවේ!තමුසේ මාෆියා කාරයෙක්! අර ෆිල්ම් වල වගේ"

"මොන ෆිල්ම්?"

ඔහු තම එක් ඇහිබැමැක් උඩට ඔසවා අමුත්තාගෙන් ඇසූ විට අමුත්තා තම මුවෙන් දෑත් අයින් කොට මදක් ඔහුට ලන් වූවා..

"ඒක නෙවෙයි දැන් මෙතන වැදගත්!"

"මම මාෆියාකාරයෙක් නෙවෙයි දැන් කිව්වනේ සැරයක්!"

ඔහු නොරිස්සුම් ස්වරයකින් පැවසුවද අමුත්තා එම පිළිතුර භාරගත් බවක් නම් පෙනෙන්නට තිබුණේ නෑ.. විවර කල තිබූ ජනේලයෙන් , දුම්.රිය ඉදිරියට ඇදෙන විට මැදිරිය තුළට හමා ආ සුළගෙන් අමුත්තාගේ හිසකෙස් මුහුණ පුරාවටම දඟකාරකම් කලා..

"මට විශ්වාස නෑ"

"Not my problem"

අමුත්තාගේ ප්‍රශ්නය ඉතා ලේසියෙන් මග හැරි ඔහු සරල ලෙස පවසා තම දෑත් පපුව හරහා බැදගත්තා.. නමුත් ඔහු අසල සිටින්නේ කරදරකාරයෙක් නම් ඔහු කෙසේද මෙලෙසින් සාමකාමීව ඉන්නේ!

"But it is a huge problem for me!!"

"Definitely that's what I said"

අමුත්තාගේ කලබලකාරී හැසිරීම්,උස් ස්වරයන් තඹ දොයිදුවකට මායිම් නොකළ ඔහු ආසනයට තම හිස බරකරමින් දෑස් වසාගෙන පැවසීමෙන් සිදු වූයේ අමුත්තාගේ හිතේ තිබුණු කෝපය වැඩිවීමක් පමණයි..

"තමුන් මාෆියාකාරයෙක් කියන්න මං දන්නවා! ඒවගේ තමුන් මෙතෙන්ට ආවෙත් අපේ තාත්තගේ ඕඩර් එකකට කියලත් මං දන්නවා!"

"තමුසෙට මොකක් හරි mental issue එකක් තියෙනවද"

"ප්‍රශ්නේ මගාරින්න එපා!"

"ඉතින් මට ඔලුවෙන් හිටගන්න කියලද තමුසේ කියන්නේ!!"

අමුත්තාගේ ඒකාකාරී හැසීරිම සමග ඔහුගේද ඉවසීමේ සීමාව කෙමෙන් කෙමෙන් පහව ගියමුත් ඔහු තම උපරිමෙන් ඉවසුවා..

"ඔලුවෙන් හිටගන්න ඕනේ නෑ! තමුන් මාෆියාකාරයෙක් නෙවෙයි කියලනේ කියන්නේ එහෙනම් ඒක ඔප්පු කරනවා!"

"මොකක්!? ඒ කොහොමද?? මට බෑ"

"කරනවද නැත්තන් මන් පොලිසියට කෝල් කරන්නද??"

අමුත්තා තම ජංගම දුරකථනය පෙන්වමින් ඔහුට තර්ජනය කලද ඔහු කටින් කරදරකාරී ශබ්දයක් පිට කලා.. කෙසේවෙතත් ගැලවුමක් පේන්න නොතිබ්බ නිසා ඔහු හුස්මක් පාත දමමින් අමුත්තා දෙසට හැරුනා..

තමා අසල සිටින පුද්ගලයා සැබැවින්ම පාතාල කල්ලි සාමාජිකයෙකු උවද අමුත්තාට දැන් දැන් ඔහුව හුරුපුරුදු බවක් දැනුනා.. ඒනිසාම අහේතුවකට අමුත්තා බිය නැතුව දිගටම ඔහු සමග කතාබහ කලේ සැබැවින් ඔහු කවරෙක්ද යන්න අමුත්තා තුල තිබූ පුදුමයටයි..

"හරි මේ බලනව.. මං ඔය කියන විදිහේ මහ ලොකු මාෆියාකාරයෙක් උනා නම් මං මේ තරම් ලේසියෙන් මගේ ශීට් එක ඔහේට දෙනවද?? නෑනේ??"

ඔහු කරුණු පැහැදුවද අමුත්තා නම් එය පිළිගත් වගක් පෙනෙන්නට තිබුනේ නෑ.. අමුත්තා සිය ඇහිබැම් අකුලුවා,ඇස් හීනි කොට ඔහු දෙස බැලුවා..

"ගොං කතා කියන්නෙපා"

අවධාරණය කිරීමක් වැනි හඬකින් අමුත්තා පැවසූ විට ඔහුට සිතුනේ විවර කල ඇති ජනේලයෙන් පිටතට පැන දිවිනසා ගැනීම අමුත්තාට උත්තර බදිනවාට වඩා දාහකින් සම්පතක් ලෙසයි..

"ආහ් හරි එහෙනම්.. මං මාෆියාකාරයෙක් නම් public transport use කරන්නෑනේ.. බොඩිගාඩ්ලා අටක් දහයක් එක්ක v8 හරි prado එකක හරිනේ යන්නේ.."

"ම්ම්ම් ඒත් කව්ද දන්නේ තමුන් මේ යන්නේ මොකක් හරි ඩීල් එකකටද කියලා.. නැත්තන් කාවහරි මරන්නද කියලා.. ඒක නම් අරමුන ප්‍රයිවට් වාහන වල යනවට වඩා පබ්ලික් ට්‍රාන්ස්පෝට් යූස් කරන එක තමුන්ට වාසියි! අනික තමුන් ආවේ මාව කිඩ්නැප් කරන්න නම් එහෙම!!"

"දැන් කීපාරක් කිව්වද මං!!?? මං ආවේ තමුසෙව උස්සන්න නෙවෙයි!!"

විකල්පයක් නොමැති තැන ඔහු මැදිරියම දෙදරන තරම් සද්දෙකින් පැවසුවද තම පපුව හරහා දෑත් බැද ගත් අමුත්තා ජනේලයේ දාරයකට හේත්තු වෙලා ඔහු දෙසම සැකෙන් බලා සිටියා.. ඔව්.. ඈත් වෙලා ඉන්න එක ඇගට හොදයි.. කව්ද දන්නේ සමහරවිට මේ කෙනා ආවේ අපේ කතාවේ ප්‍රධාන චරිතයක් පැහැරගන්නද කියලා!!

"Okay okay! ඔයා mr.ජගත් දන්තනාරායනව දන්නවද"

අමුත්තාගේ බැල්ම දරාගත නොහැකිව ඔහු නැවතත් කරුණු පැහැදුවා.. ඔහු තම පියා පිළිබඳව විමසුවේ ජගත් දන්තනාරායන යනු ඔහුගේ මුදල් බලය නිසාම සැලකිය යුතු තරමක ප්‍රසිද්ධියක් උසුලන නිසා.. කෙසේ හෝ ඒ උත්සහය මදක් සාර්ථක කරමින් අමුත්තා ඔහුට හොදින් සවන් දෙන ගමන් මදක් ඉදිරියට නැවුනා..

"ඔව් මං දන්නවා.. එයා අපේ තාත්තගෙ යාලුවෙක්"

"තාත්තගේ යාලුවෙක්? කොච්චරකල් ඉදන්ද..?"

නොසිතූ ලෙස අමුත්තාගෙන් ලැබුනු පිලිතුරෙන් ඔහු පුදුම වූයේ ඔහු දන්න තරමින් තමන්ගේ තාත්තට මේ වගේ වයසක පුතෙක් ඉන්න යාලුවෙක් නැති නිසා..

"අවුරුදු තුනක් විතර.. තමුන්ට මොකටද ඒක!?"

අමුත්තා නොරිස්සුම් සහගතව පැවසුවද ඔහු හිස සලමින් එය පිළිගත්තා.. ඔහු තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාව වෙත ගොස් වසර හතරක් සපිරී අවසන්.. එම කාලය තුලදී තම පියාට මේ අලුත් මිත්‍රයාව මුනගැසෙන්නට ඇතැයි සිතූ ඔහුගේ අනුමානය අමුත්තාගේ පිළිතුර සමග සනාථ වූවා..

"ම්ම් මම තමයි mr.දන්තනාරායනගේ පුතා.. ෂේන් දන්තනාරායන"

ඔහු පැවසුවේ තරමක ආඩම්බරයෙන් උවද ඔහු දෙස බලාසිටි අමුත්තා සිනාසුනේ ඔහුගේ අභිමානය බිද දමමින්..

"බොරු නොකියා ඉන්නවා.. අන්කල්ගේ පුතා කැන්ඩා වල ඉන්නේ.. මට එකපාරක් කියලා තියෙනවා"

අමුත්තා සිනහව පාලනය කරගනිමින් පැවසුවද ඔහු එය සත්‍යක් බව පවසමින් තම හිස ඉහල පහල කලා..

"ඔව් ඒත් දැන් ට්‍රේන් එකක පොඩි බබෙක්ගේ හප්පා වෙලා ඉන්නේ"

"මොකක්!! ඔයා ඇත්තටම අන්කල්ගේ පුතාද!"

ඔහුගේ පිළිතුර සමග අමුත්තාගේ මුව විවර වී ඇස් විශාල වන අයුරු ඔහු මද සිනහවකින් සරසා ගත් මුහුනෙන් බලා සිටියා..

"ඔව් මං ඒකත් ඔප්පු කරන්න ඕනෙද? මේ මගේ id එක"

අමුත්තාගේ ඊලග ප්‍රශ්නය කුමක්ද යන වග නිසියාකාරව අනුමාන කල ඔහු කලිසම් සාක්කුවෙන් ගත් පසුම්බියෙන් තම හැඳුනුම්පත ගෙන අමුත්තාට පෙන්වූ විට එහි තිබූ 'දන්තනාරායන' යන නාමය සහ මෙතෙක් වෙලා අමුත්තාට නොපෙනුනු ඔහුගේ හා ජගත් දන්තනාරායනගේ හැඩරුවේ තිබූ සමානකම් වලින් අමුත්තාගේ පුදුමය තවත් විසල් වූවා..

"යොහ් මං බය උනා.. මං හිතුවේ.. නෑ එක්කො ඕන්නෑ.. anyway I'm so sorry for misunderstanding mr.mafia"

"හරි ඒත් ඊලගපාර කෙනෙක්ට චෝදනා කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න.. ඔයා නිසා තවටිකෙන් මට හිරේ ලගින්නත් වෙනවා"

"Sorry again..."

"It's okay.. අනික මගේ නම ෂේන් අශාක්‍ය.. මිස්ටර් මාෆියා නෙවෙයි"

ඔහු එසේත් නැතිනම් ෂේන්, සිනාසී පැවසූ විට අමුත්තාද ඔහු සමග එක්ව සිනාසුනා..

"ඕකේ ෂේන්.. මම මිනූෂ වින්දිව්.. nice to meet you"

අමුත්තා එසේත් නැතිනම් මිනූශ, තමාව හදුන්වා දී තම අතක් ඉදිරියට කල විට ඔහුගේ ඉඟිය තේරුම් ගත් ෂේන් ඔහුට අතට අත දී සිනාසුනා...

"Nice to meet you too මිනූශ"

.

.

.

------------------------------------

හෙහේ කොහොමද ඔයාලට... මේක අලුත් කතාවක්.. ටේකූක් ටොප් කුක් නන්ෆික් එකක්..

මං ප්ලෑන් කරන් ඉන්නේ නම් මේක ශෝට් ස්ටෝරි එකක් විදිහට ලියන්න.. ඒකියන්නේ කොටස් හයෙන් හතෙන් ඉවරකරන්න..

ඔන්න දෙන්නා හම්බුනා..

කොහොමද හමුවීම හොදයිද...😁

මේක මේ මම ළඟදි ට්‍රේන් එකේ ගියවෙලේක ආව අයිඩියා එකක් 🥲 ඉතින් ලියන්න හිතුනා 😌 මොකො කියන්නේ දිගටම දෙන්නද..

කියවලා බලලා වෝට්,කමෙන්ට් කරන්න.. ශෙයා කරලා සප් එකක් දෙන්න ළමයි 💜️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!