Chapter 3 of 8

දෙවන නැවතුම 🚄

Window Seat - Taekook Nonfic2,405 words~13 min read

කොළඹ පිට කොටුව දුම්.රිය ස්ථානයේ සිට ගමන් ඇරඹි මහව බලා පිටත් වන දුම්.රිය නිදහසේ ඉදිරියට ඇදුනේ තවත් දුම්.රිය නැවතුම්පලවල් තුනක් පසු කිරීමෙන් අනතුරුවයි..

එහි සිටි සෑම මඟියෙක් පාහේම තම තමන්ගේ ලෝක වල දුක සතුට අතරේ තනිවෙද්දි පළමු පෙළේ එක් දුම්.රිය මැදිරියක් තුළ නවවන සහ දහවන අසුන් අයිති කොටගෙන සිටින තරුණයන් දෙදෙනාද ඔවුන්ගේ ලෝක වල තනි වී ඇත..

එක් තරුණයෙක් විවර කොට ඇති ජනෙල් කවුළුව හරහා නගර පසුවෙන දෙස බලමින් සිටින අතර අනෙක් තරුණයා තම හිස ආසනයට බර කොට තම දෙනෙත් පියාගෙන සිටී..

තමාට යාබඳ අසුනේ සන්සුන් ලෙස නිදාසිටින තම නව මිතුරා දෙස වරක් හැරී බැලූ මිනූෂ, නැවතත් කවුළුවෙන් පිටතට තම අවධානය යොමු කලද හදිසියේ දැනුනු කුසගින්න නිසාවෙන් මිනූෂ නැවතත් ෂේන් වෙත තම දෙනෙත් යොමු කළා..

තම දෙඅත් පපුව හරහා බැඳගෙන දෙනෙත් පියා සිටින ෂේන්ගේ රුව, මිනූෂ ගේ හදගැස්මේ පාලනය ඔහුගෙන් උඳුරන්නාක් බඳු වූවා..

එක් ඇහිබැමැක සහ යටිතොලේහි කර තිබූ පියර්සින්ග්ස් ඔහුට සරාගී ආකර්ෂණීය බවක් ගෙන දී ඇති බව මිනූෂ වාදයකින් තොරව පිළිගත්තා..

තවත් මඳක් සන්සුන්ව පිය වී ඇති දෙනෙත් හිමි ෂේන්ගේ මුහුණට ලන් වූ මිනූෂ, ෂේන්ගේ නළලට වැටී ඇති හිසකෙස් දෙස උවමනාවෙන් විපරම් කළා..

"ඇත්තටම මාෆියා ලීඩර් කෙනෙක් වගේනේ.. මං රැවටුන එක පුදුමයක් නෙවෙයි... ආහ් ඔයා ඇත්තටම එහෙම කෙනෙක් උනානම් මං මොන ඇම දාලා හරි ඔයාව දැලේ දාගන්නවා.. uwuuu I love dark romance!"

තමාට පමණක් ඇසෙන පරිදි රහසින් මිමිණූ මිනූෂ, ෂේන්ගේ රුවෙන් ඈත් වී ආසනයෙන් නැගිට බෑග් රඳවනයේ තිබූ තම බෑගය අතට ගෙන නැවතත් ආසනයෙන් වාඩිවූවා..

විවර කර තිබූ ජනෙල් කවුළුවෙන් පැමිනෙන සුළඟ නිසා විසිර යන තම හිසකෙස් රොඳක් අල්ලා එය තම කනක් පිටුපස රැදවූ මිනූෂ, බෑගයේ තිබූ එක් භාජනයක් තම දෑතට ගෙන නිදාසිටින ෂේන් දෙස බැලුවා..

හුස්මක් පාත දැමූ මිනූෂ සෙමෙන් භාජනයේ පියන විවෘත කළ විට පැතිර ගිය සැන්ඩ්විචස් සුවඳෙන් ව්‍යාජ නින්දක සිටි ෂේන්, එක ඇසැක් විවර කර සැන්ඩ්විචස් දමා තිබෙන භාජනය දෙස බලා සිටින මිනූෂ දෙස බලා, නැවතත් තම ඇස පියවාගත්තා..

සැන්ඩ්විචස් සුවඳ සමඟ තිබූ කුසගින්න දෙගුණව තුන්ගුණව වැඩිවෙද්දි මිනූෂට අවශ්‍ය වූයේ සැන්ඩ්විච් එකක් ගෙන එයින් තම කුසගින්න පුරවා ගැනීමට වුවද මීට මිනිත්තු දහයකට පෙර අවදියෙන් සිටි ෂේන් මේ මොහොතේ සම්පූර්ණව නිදා නොසිටින බව දන්න නිසාම ඔහුට නොදී කෑමට මිනූෂගේ හිත මිනූෂ සමඟ එකඟ වූයේ නෑ..

කෙසේවෙතත් ඔහු දැන් සම්පූර්ණ නැතත් අඩ නින්දක පසුවන නිසා එය තැකීමකට ලක් නොකළ මිනූෂ, භාජනයෙන් එක් පාන් පෙත්තක් ගෙන එය තම මුවට ලන් කරගත්තද, ඔහුගේ හිත ඔහු සමඟ එකඟ වූයේම නෑ..

කෙසේ වෙතත් 'මනුස්සකම' පෙරදැරි කොටගෙන තම දෑස් රෝල් කළ ඔහු දෙනෙත් පියා සිටින ෂේන්ගේ දැහැනට බාධාවක් නොවන ලෙසට ඔහුට ළංව කතා කලා..

"ඒ මේ.. ස්ස්.. ස්ස්..."

නමුත් ඊට ෂේන්ගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසා හුස්මක් පාත දැමූ මිනූෂ, ෂේන්ගෙ අත් ගොබයක් අල්ලා ගත්තේ ෂේන්ව අවදි කිරීමේ අරමුණෙන් වුවද ෂේන් තම දෑත් බැඳගෙන ඇති ඉරියව්ව හේතුවෙන් තද වී ඇති මාංශ පේශීන් මිනූෂගේ අතට හොඳින්ම දැනෙද්දි ඔහු මොහොතකට නිසල වූවා..

දේහදාරී ශරීරයකට උරුමකම් නොකිව්වද එවන් ශරීරයකට ආසාවෙන් සිටින මිනූෂගේ මුහුන සිනහවකින් සැරසෙද්දි ඔහුට අවශ්‍ය වූයේම තවත් හොඳින් ෂේන්ගේ මාංශ පේශීන් අල්ලා බැලීමට උවද එම අදහස අතහැර ගත් මිනූෂ, ෂේන් ගේ අතක් සොලවමින් ඔහුට කතා කළා..

"ෂේන්.. ෂේන්..."

"ම්ම්ම්..?"

"නැගිටිනවකෝ.. "

"මං නිදි"

"නිදිනම් කොහොමද කතාකරන්නේ..බොරුවට නිදි වගේ ඉන්නැතුව නැගිටිනව..."

දිගින් දිගටම ෂේන්ගේ අතක් සොලවමින් කතා කරන මිනූෂගේ කරදරය දරන්නම බැරි තැන ෂේන් අකැමැත්තෙන් තම දෙනෙත් විවර කොට මිනූෂ දෙස බැලුවා..

කෙසේවෙතත් දින දෙක තුනක් පුරාවටම හරිහැටි නින්දක් නොලැබූ ශේන් ගේ දෙනෙත් අඬවන් වී තිබුණේ මිනූෂගේ සිත මොහොතකට සිසිල් කරමින්..

"ආ...."

මිනූෂ තම අත මත තිබූ සැන්විචස් භාජනය ෂේන් දෙසට යොමු කළද, ඒ දෙස බැලූ ෂේන් තම හිස දෙපසට සොලවා එය ප්‍රතික්ෂේප කලේ පාන් ඔහුගේ 'අකැමැතිම කෑම ලැයිස්තුව' තුළ මුල් තැන උසුලන නිසාවෙන්..

ෂේන්ගේ ප්‍රතිචාරය අනපේක්ෂිත ලෙස මිනූෂගේ සිත දුකකින් බර කරද්දි සැන්ඩ්විචස් භාජනය ආසනය මත තැබූ ඔහු, නැවතත් තම බෑගය අවුස්සා තවත් භාජනයක් එලියට ගෙන ෂේන් දෙස බැලුවා..

මිනූෂගේ ක්‍රියාකලාපය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව ෂේන් හිස් බැල්මකින් මිනූෂ දෙස බලා සිටියදී මුහුණ සිනහවකින් සරසවා ගත් ඔහු එම භාජනයේද පියන විවර කොට එය ෂේන් දෙසට දිගු කළා..

බඳුන පිරෙන්නට තිබුණේ කට්ලට් බෝල කීපයක් වෙද්දි ශේන් ගේ 'අකැමැතිම කෑම ලැයිස්තුව' තුල හතරවන ස්ථානය ඉසිලූ කට්ලට්ද,ෂේන් තම හිස දෙපසට කරමින් ප්‍රතික්ෂේප කලා..

ෂේන්ගේ ප්‍රතිචාරය සමඟ අතැති කට්ලට් බඳුනෙන්ම ෂේන්ගේ මුහුණට ගැසීමට ආ ආවේගය බොහොම අමාරුවෙන් පාලනය කරගත් මිනූෂ දිගු හුස්මක් ගෙන තම මුව විවර කලා..

"තියෙන ලොකුකම... මේ මහත්තයෝ මෙතන මේ ඔහේ බ්ලන් ඉද්දි මට තනියෙන් ගිලින්න බෑනේ ඒකයි මං මේ ඔහේටත් කෑම දුන්නේ නැතුව මේ මගේ කොහෙවත් කහනවට නෙවේ නිකන් චාල්ස් පාට් දාන්නැතුව එ--"

ගත් හුස්ම රඳවාගෙනම එක දිගට මිනූෂ කතාකරද්දි මිනුෂගේ හුස්ම සිර වී ඔහු දැන් මියැදෙනු ඇතැයි ෂේන් තුල හටගත් අනිසි බිය නිසා ඉක්මන් වුනු ෂේන් කට්ලට් බදුනෙන් එක් කට්ලට් බෝලයක් ගෙන එය මිනූෂගේ මුව තුලට එබුවේ උනු දේ ගැන හරි අදහසක් නොමැතිව විසල් වූ දෑසින් මිනූෂ, ෂේන් දෙස එක එල්ලේ බලාසිටිද්දි..

මුව තුළ කට්ලට් බෝලයක් සමඟ තමා දෙස බලාසිටින මිනූෂ වෙත ව්‍යාජ සිනහවක් පෑ ෂේන්, භාජනයෙන් එක් කට්ලට් බෝලයක් ගෙන එය මිනූෂ දෙසට දික් කර පෙන්වා අකැමැත්තෙන් එය තම මුව තුලට ඇතුල් කරගත්තා..

නමුත් මෙතෙක් කාලයකට කට්ලට් බෝලයකින් නොවින්ද රසක්, එම කට්ලට් බෝලයෙන් ෂේන් හට දැනෙද්දි ඒ ගැන තැකීමක් නොකොට විනාඩි දහයක් තුලදි ෂේන් මුලු කට්ලට් භාජනයම හිස් කලේ ජීවිතයේ ප්‍රථම වරට කෑ වැඩිම කට්ලට් ගනන යනුවෙන් වාර්තාවක්ද තබමින්..

ඇතැම් විට මින්පසු කට්ලට්, ඔහුගේ 'කැමතිම කෑම ලැයිස්තුව' වෙත ඇතුලත් වීමට වරම් ලැබීමට හැකි වේවි.. නමුත් එම වරම ලබන්නේ 'මිනූෂ ගේ කට්ලට්' පමණක්ම වේවි..

කෙසේවෙතත් දෙදෙනා සතුටු සාමිචියේ යෙදෙමින් සැන්ඩ්විචස් සහ කට්ලට් දැමූ භාජන හිස් කරද්දි ඔවුන් දෙදෙනා අතර තිබූ ඇදිනුම් කමද කෙමෙන් කෙමෙන් වැඩි වූවා..

"ඒකියන්නේ ඔයා business management ඩිග්‍රි එකක් තියෙන අවුරුදු විසි හතක දේහදාරි සිරුරක් හිමි පුත් කුමරෙක්"

ෂේන් පැවසූ සෑම කරුණක්ම සාරාංශ කොටගෙන ලේන්සු කොනකින් තම මුව පිසින ෂේන් දෙස බලා මිනූෂ පැවසූ විට එය සථ්‍යාපනය කිරීමට ෂේන් සිනාසී තම හිස ඉහල පහල කලා.. නමුත් මිනූෂගෙන් පිට වූ 'දේහදාරී' යන වචනය ඔහුගේ සිත ලැජ්ජාව මුසු ආඩම්බර හැඟීමකින් පිරවූවා..

"මම නම් වෙන්න ඩොක්ටර් කෙනෙක්.. තාම විසි පහයි.."

තමා ගැනද කෙටි හැඳින්වීමක් කරමින් මිනුෂ පැවසූ විට ඊටද ෂේන් හිස ඉහල පහල කරමින් ප්‍රතිචාර දැක්වූවා..

"ඒකනෙවේ.. කට්ලට් රසයිද..?"

"ඔව් රසයි.."

"ඒවා හැදුවේ මන්"

"ඔහ් ඇත්තටම හරිම රසයි... තැන්ක් යූ මිනූෂ.."

මිනූෂගේ දිලිසෙන දෑස් දෙස බලමින් ෂේන් පැවසූ විට මිනූෂ සිනාසී ඊට ප්‍රතිචාර දැක්වූවා.. ප්‍රථම වතාවට මිනූෂගේ සිනහව දැකි ෂේන් හට මොහොතකට මුළු ලොවම අමතක වූවාක් මෙන් හැඟීමක් දැනෙද්දි මිනූෂගේ හතරැස් සිනහව දෙස ඔහු ඇසි පිය නොහෙළා බලා සිටියේ ඔහුගේ මුවද ඔහුට නොදැනුවත්වම සියුම් සිනහවකින් සැරසී තිබෙද්දි...

තමාගේ සිතට, ගතට සිදුවන්නේ කුමක්ද යන්න කිසිදු අදහසක් නොතිබුණු ෂේන් දිගින් දිගටම මිනූෂගේ සිනහව අතර මංමුලා වූවා..

නමුත් සිනහවකින් සැරසුණු මුහුනෙන් එක එල්ලේ ෂේන් තමා දෙස බලාසිටිනු දුටු මිනූෂගේ දෙකොපුල්ද අහේතුවකට රත් පැහැය ගනිද්දි බිම බලා ලැජ්ජාවකින් සිනාසුනු ඔහු ෂේන් ගේ දෑස් ඉදිරියේ තම අතක් එහ මෙහා කිරීමෙනුයි ෂේන් නැවතත් පියවි ලෝකයට් පැමිනියේ..

එනමුදු ඔහුට මීට තප්පරයකට පෙර සිදුවුණු දෙය පිළිබඳ අදහසක් තිබුනේ නෑ.. ඔහුගේ හදවතෙහි ගැස්මෙහි වෙනසද ඔහුට වැටහුනේ නෑ.. ඔහුගේ දෑස් අමුතු දිස්නයකින් බැබළෙන බවට ඔහුට අදහසක් තිබුණේ නෑ..

තම උගුර පාදා වෙනතක් බැලූ ෂේන් වේගයෙන් ඇස් පිල්ලම් ගසමින් තම හදවත මතට අතක් ගෙන ගියා..

ඔහ්.. ඒක වේගෙන් ගැහෙනවා...

"අහ්ම් ඔයා කොහෙටද යන්නේ.."

මද වේලාවක් තම හදවත පිරිමැදි ඔහු කතාව වෙනතකට හැරවීමට මිනූෂ වෙත ප්‍රශ්නයක් යොමු කලද ඒ හමුවේ සතුටින් පිරුනු ඔහුගේ මුහුන ක්ෂනිකෙන් අඳුරු වී ගියා.. එම වෙනස තම නෙත ගැටෙද්දි ෂේන් තරමක් කලබල වුවද ඒ පිළිබඳ පිටතට නොපෙන්වා දුකෙන් පිරී ගිය මිනූෂගේ මුහුණ දෙස ඔහු බලා සිටියා..

"අම්ම්... මං.. ඔ-ඔයා කොහෙටද යන්නේ...?"

තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට මිනූෂ ෂේන් වෙත ප්‍රශ්නයක් යොමු කරද්දි ෂේන් එය නොතකා මිනුෂ හට පිළිතුර දුන්නා..

"මහව ටව්න් එක හරියේ ඩෑඩ්ගේ බිස්නස් වල බ්‍රාන්චස් තියෙනවා.. මං මෙහෙට ආවට එහේ නොගිය නිසා ඒ ටික බලන්න යන්නේ.."

"ඔහ් ඒත් ඔයාට තිබ්බනේ කෝච්චියේ නෑවිත් කා එකක වගේ එන්න"

මිනූෂ තුල හටගත් දෙවන ප්‍රශ්නයත් ඔහු ෂේන් වෙත යොමු කරද්දි හිස සලා එය පිළිගත් ෂේන් මිනූෂ දෙසට හැරුනා..

"ඔව් ඒත් මෙහෙම මං කැමතියි.. කැනඩා වල ඉද්දි මන් යූස් කලේම ප්‍රයිවට් වෙහිකල්ස්.. ඉතින් වෙනසකටත් එක්ක මෙහෙම එන්න හිතුනා.."

"දන්නවද.. ඔයා ඔහොම කියද්දි මේ කෝච්චියේ යන කීයක් නම් කා එකක ගමන් බිමන් යන්න හීන දකිනවද කියලා.."

"ම්ම් ඔව්.."

"හ්ම්ම් දෛවය හැමෝටම එක වගේ නෑනේ.. කොහොම උනත් ඔයාට ටව්න් එකෙන් බැස්සම එහෙ මෙහෙ යන්න එපා වෙයි.."

"නෑ ඒක ප්‍රශ්නයක් නෑ.. බස් වල යනවා කියලා හිතන් ආවේ.. හැමදේටම හුරු වෙන එක හොදයිනේ.."

ෂේන් තුල ඇති ආකල්පයන් එම සුළු කතාබහෙන් මිනූෂ හට වැටහෙද්දි මිනූෂ තුල ෂේන් ගැන ඇතිවූයේ පැහැදීමක්..

"ඉතින්.. ඔයා කොහෙද යන්නේ..?"

තමාගේ ප්‍රශ්නයට මිනූෂගෙන් පිළිතුරක් නොලැබුනු නිසාම ෂේන් නැවතත් එම ප්‍රශ්නය මිනූෂ වෙතට යොමු කරද්දි ඔහු දිගු හුස්මක් ගත්තේ දිගු කතාවකට මුල පිරීමක් මෙන්..

"මං දන්නෑ.."

එක හුස්මට කී මිනූෂ තම දෑස් තද කර පියාගත්තේ ෂේන් ගේ එක් ඇහිබැමැක් ඉහලට එසවෙද්දී..

"දන්නෑ....?"

"ඔව්"

"What?"

මෙවර ඉහළට එසවුනු ඇහිබැම සමග විසල් වූ දෑසින් ෂේන් මිනූෂගෙන් විමසද්දි මිනූෂ තම දෙනෙත් විවර කොට ෂේන් දෙස බැලුවා.. එම බැල්මේ ගැබ් ව තිබූ දුක,වේදනාව,අසරණකම ක්ෂනයෙන් ෂේන් හට වැටහෙද්දි ඔහු මදක් මිනූෂට ලන් වූවා..

"ඔයා කොහෙන්ද බහින්න හිතන් ඉන්නේ..?"

"මං ටිකට් ගත්තේ මහවට.."

"So....?"

ෂේන් බර කර පැවසූයේ මිනූෂගේ කතාව ඇසීමට ඔහු සූදානම් බවක් අගවමින්.. එම ඉඟිය තේරුම් ගත් මිනූෂ ආසනය මත හොදින් වාඩි වී

වේගයෙන් පසු වන වීදි,කඩ,මිනිසුන්,මාර්ග දෙස බලා නැවතත් ෂේන් වෙත තම දෑස් යොමු කළා..

"ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ.. මං මේ ගෙදරින් පැනලා යන ගමන් ඉන්නේ.."

"Oh my god! Where's the girl!!?"

"Girl?"

හිසට තම දෑත් ගෙන ගොස් භීතියකින් මෙන් කෑගැසූ ෂේන් දෙස ඇස් හීනි කොට බැලූ මිනූෂ අසද්දි දෙඅත් වලින් තම මුව වසාගත් ෂේන් දෑස් විසල් කොටගෙන එක එල්ලේ මිනූෂ දෙස බලාසිටියා..

"Y-yes.. පැනල යනවා කිව්වේ... කොහෙද ගර්ල් එතකොට.."

ෂේන් තමාගේ පිළිතුර තේරුම් අරන් ඇත්තේ වෙනස්ම විදිහකට යන්න තේරුම් ගත් මිනූෂ සිනාසෙමින් තම හිස දෙපසට කලද ෂේන් විසල් වූ දෑසින් මිනූෂ දෙස බලා සිටියා..

"එහෙම එකක් නෙවෙයි.. මම තනියෙනුයි ආවේ.."

"අහ්..?"

"ගෙදර පොඩි ප්‍රශ්නයක්.. ඒ නිසා මම ගෙදරින් ආවා.. තේරෙනවනේ..? Like escaping from house.. you know..?"

"Oh my god! මං හිතුවේ ඔයා කෙල්ලෙක් එක්ක පැනලා යනවා කියලා.."

මිනූෂගේ පැහැදිලි කිරීම හමුවේ සැනසුම් සුසුමක් හෙලූ ෂේන් පවසද්දි මිනූෂ සිනහවකින් ඊට ප්‍රතිචාර දක්වා හදිසියේම හිතට නැගුණු ප්‍රශ්නය ෂේන්ගෙන් විමසුවා..

"ඉතින්.. මං කෙල්ලෙක් එක්ක නම් පැනලා යන්නේ.. ඔයා මොකද කරන්නේ..?"

"මං නවත්තනවා.."

ෂේන් දැඩි හඩෙන් කියූ විට මිනූෂගේ හදවත ගැස්සුනා.. ඊට හේතුව දන්නේ ඔහුම පමණයි..

"ඒ-ඒ ඇයි.."

මිනූශ සිහින් හඬෙන් විමසුවා..

"පැනලා යන එක මහ මෝඩකමක්.. දෙන්නගෙම ජීවිත ඉවරයි.. ඔයා උනත් ඩිග්‍රි එක කම්ප්ලීට් නෑනේ.. ඒක කම්ප්ලීට් නම් ප්‍රශ්නයක් නෑ..."

"හ්ම් ඔව් නේද.."

තමා බලාපොරොත්තු වූ පිළිතුරට හාත්පසින්ම වෙනස් පිළිතුරක් ෂේන්ගේ මුවෙන් පිට වෙද්දි එවන් දෙයක් තමා බලාපොරොත්තු වීම පිළිබඳව මිනූෂ පසුතැවුනා..

"Wait.. ඒකියන්නේ ඔයා මේ සැන්ඩ්විචස් කට්ලට් හදන් පැනලා ආවා කියන එකද...?"

දෙවන වරටත් පුදුමය මිශ්‍ර හඬකින් ෂේන් විමසද්දී මිනූෂ හිස සලා එය අනුමත කලා..

"මං දවස් දෙක තුනක් ප්ලෑන් කලා.."

"If you don't mind.. what is the reason...?"

මිනූෂ නම් ආගන්තුකයා හමුවී ගත වුනේ විනාඩි හතලිස් පහක පමණ කෙටි කාලයක් උවද එම කාලය ඇතුලත ඔව්න් දෙදෙනා ඉතා හොදින් එකිනෙකාව දැන ඇදිනගත්තා.. සංසාරයේ කවදාක හෝ ඔව්න් දෙදෙනා ඉතා ළඟින් ආශ්‍රය කර ඇති බවක්, දුටු මොහොතේම දැනුනු හුරුපුරුදු කමෙන් ඔව්න් දෙදෙනාට දැනෙද්දි එකිනෙකා සමඟ කතාබහ කිරිම,විශ්වාස කිරීම,ලෙන්ගතු වීම ඔව්න්ට පහසු වූවා..

එම නිසාම හිතේ කකියන ප්‍රශ්නය ෂේන් මිනූෂගෙන් විමසද්දී, එය සැඟවීමට අවැසි බවක් මිනූෂගෙන් නිරූපණය නොවීම ෂේන්ට අස්වැසිල්ලක් වූවා..

"හ්ම්ම්.. මීට සතියකට කලින් මගේ තාත්තා මට ගර්ල් කෙනෙක්ව ප්‍රපෝස් කලා.."

මිනූෂ දවස් කීපයක අතීතයට තම මතකය රැගෙන යමින් ෂේන් සමඟ දොඩමළු වූවා..

"මං කොච්චර බෑ කිව්වත් තාත්තා මාව කනකට ගත්තෙම නෑ.. එයාගේ යාලුවෙක්ගේ දුවෙක්.. හොදට ඉගෙනගන තියෙනවා දේපළ ඉඩකඩම් තියෙනවා සල්ලි තියෙනවා ලස්සන තියෙනවා ගගා ඒ හැමවෙලේකම තාත්තා මාව නොසලකා හැරියා.."

මිනූෂගේ මුහුණේ වෙනස් වන ඉරියව්, විටෙක දුකකුත් විටෙක කලකිරීමකුත් නිරූපණය වන මුහුණ දෙස බලාගෙන ෂේන් ඔහුගේ සෑම වචනයකටම හොදින් සවන් දුන්නා..

"ඉතින් ඔයා පැනලා ආවා..?"

"හ්ම් ඔව් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..."

"අම්මා..?"

"අම්මා මේ දේවල් දන්නේ නෑ.. එයා ඉන්නේ ඕස්ට්‍රේලියා වල.."

"ඔයා අම්මට මේවා කිව්වෙත් නැද්ද..?"

ෂේන් උවමනාවෙන් ඇසූ විට මිනූෂ හිස දෙපසට වනා එය ප්‍රතික්ශේප කලා..

"මට මේ ප්‍රශ්න අම්මගේ ඔලුවට දෙන්න බෑ.. එයා එහේ සතුටින් ඉන්නවා..."

තම පියා සමඟ මව සිටියදී ඈ දුක් වින්ද අයුරුත්, දැන් ඇය සතුටෙන් සිටින අයුරුත් මතක් වූ විට මිනූෂගේ මුහුණ අහිංසක ආදරණීය සිනහවකින් පිරී ගියා..

මිනූෂගේ මව පිළිබඳව දැන ගැනීමටද ෂේන් තුල උවමනාවක් හට ගත්තද එය ඔහුගේ පෞද්ගලිකත්වයට ඕනවට වඩා ඇගිලි ගැසීමක් බව ෂේන්ට හැගුනා..එම නිසා ඔහු හිස සලා ඊට ප්‍රතිචාර දැක්වුවා..

"ඒත්.. ඒ ගර්ල් ඔය කිය්න තරම් පර්ෆෙක්ට් නම් ඇයි ඔයා එයාව රිජෙක්ට් කලේ..?"

ෂේන් තම අනෙක් ප්‍රශ්නයද මිනූෂ වෙත යොමු කළ විට ඔහුගේ මුහුණේ දුක්මුසු සිනහවක් ඇදෙන අයුරු ෂේන් නෙත්‍ යොමා බලා සිටියා..

"I prefer boys.. not girls.. well.. I'm gay!"

සියුම් හඬකින් මිනූෂ පැවසුවද එය ඇසීමෙන් ෂේන් පුදුම වූ වගක් පෙනෙන්නට තිබුණේ නෑ.. එය මිනූෂ හට මහත් සහනයක් වූවා..

"Oh I got it.. ඒත් ඔයා ඒ ගැන තාත්තට කිව්වේ නැද්ද.."

ෂේන් ඉතා සරල ලෙස විමසද්දී මිනූෂගේ මුහුණ බයකින් වෙලී ගියා..

"අම්මෝ නෑ.. එයා ඒක දැනගත්තොත් මාව ගෙදරින් පන්නවා.. ඒනිසා එයා පන්නන්න කලින්ම මං ආවා.."

මිනූෂ දෑත් දෙපසට කරමින් පැවසූ විට එම වාක්‍යේ තිබුණු වේදනාව අතරින්ම ෂේන් සහ මිනූෂ දෙදෙනාම සිනාසුණා..

"අම්මා ඒක දන්නෙත් නැද්ද..?"

"නෑ.. කවුරුත් දැනන් හිටියේ නෑ.. ඔ-ඔයා විතරයි දන්නේ.."

"ඔහ්"

මිනූෂගේ පිළිතුර හමුවේ ෂේන්ගේ මුහුණෙන් පුදුමයට පත්වුනු ඉරියව් පහළ වුනා.. ඒ දෙසා බලා සිටි මිනූෂ සිනාසී නැවතත් ෂේන් සමඟ දොඩමළු වූවා..

මෙලෙස තමාගේ පීඩනය ෂේන් සමඟ බෙදාගැනීම ඔහුට මහත් අස්වැසිල්ලක් වූවා..

"ඔයාට කිව්වේ ඇයි කියලද හිතන්නේ...?"

විටෙක රැලි වන නළලත්,එකට මුහුවෙන ඇහිබැමිත් දෙස බැලූ මිනූෂ, ෂේන්ගේ සිත තුළ මුදුන් වූ ප්‍රශ්නය තේරුම් ගත් විට ෂේන් මිනූෂ දෙස බැලුවා..

"ම්ම් ඇත්තටම ඔව්..."

"ඔයා අවුරුදු හතරක් කැනඩා වලනේ හිටියේ.. කැනඩා කියන්නේ අපිට සපෝට් කරන කන්ට්‍රි එකක්.. ඉතින් ඔයාට මේ දේවල් සාමාන්‍යයි කියලා මට හිතුණා.. හිතුණා වගේම ඒක ඇත්තක්.."

"ඔහ් ඔව්.. එහේ ඔය දේවල් හරි සාමාන්‍යයි..."

ෂේන් හිස සලා මිනූෂ සමඟ එකඟ වූවා...

"ඉතින් ඔය නිසා මං අද උදේම බඩු පැක් කරන් ගෙයින් එලියට බැස්සා.. එවෙලේ තිබ්බ ට්‍රේන් එක කොහෙටදවත් නොදැනම ටිකට් අරන් මන් ට්‍රේන් එකට නැග්ගේ.."

"හරි... එතකොට මාව දැකලා බය උනේ ඇයි..?"

ඔවුන් හමුවු මුල්ම අවස්තාවේ තමාව දැක මිනූෂ බිය වූ ආකාරය මතකයට නංවාගනිමින් ෂේන් ඇසූ විට මිනූෂට ලැජ්ජාවක් දැනුනද ඔහු එය වසන් කරගත්තා..

"අපේ තාත්තා මාව එක්ක යන්න ඔයාව එවලා කියලා මං හිතුවේ...එයාට underworld එකේ කන්ටෑක්ට්ස් තියෙනවා..."

බිම බලාගෙනම මිනූෂ පැවසූ විට සිදුව ඇති දේ වටහා ගත් ෂේන් කල්පනාවක ගිලුනා..

"ඔය කියන විදිහට එයා කන්ට්‍රෑක්ට් එකක් දීලානම් ඕනම වෙලාවක උන් ඔයාව හොයන් එන්න පුලුවන්.. ඒකයි ඔයා හැම ස්ටොප් එකකදිම බෙල්ල එලියට දාගෙන වටපිට බලන්නේ...?"

ෂේන් තම ඇගිල්ලක් එහෙ මෙහෙ යවන ගමන් වචන ගලපා ඇසු විට සුසුමක් පහත දැමූ මිනූෂ ඊට හිස සොලවා එය අනුමත කළා..

"එහෙම බැලුවා කියලා ඔයා එයාලව අදුරනවද.. නෑනේ...?"

"අඳුරනව.. එයාලා අපේ ගෙදර යනවා එනවා..."

"බෙල්ල එලියට දාන් ඉන්න වෙලාවක ඔයාව දැක්කොත් වැඩේ ඉවරයි.. ඒනිසා පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.."

"හ්ම්ම්"

මිමිණිල්ලකින් පමණක් ෂේන් හට උත්තර බැඳි මිනූෂ වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්.රියේ, විවර කර ඇති ජනේලය හරහා පෙනෙන දසුන් වෙත නෙත් යොමාගත්තා...

ෂේන්ද හුස්මක් පිට කර සාක්කුවෙන් තම ජංගම දුරකථනය ගෙන තමාට පැමිණ ඇති ඇමතුම් සහ කෙටි පණිවිඩ පිරික්සන්නට පටන් ගත්තා..

.

.

.

-----------------

කතාව හොදද...?

දිගටම දෙන්නද ☺️

මං බලාපොරොත්තු උනු ගානට වඩා වැඩියෙන් කට්ටිය කතාව ආදරෙන් වැලදගෙන... අනේ මට සතුටුයි 🥹💜️✨💚

ෂේන්, මිනූශ ගැන මොකද හිතන්නේ..

ඔයාලගේ අදහස් කියන්න යන්න ළමයි මට.. වෝට් කමෙන්ට් එකක් දාන්න මගේ මහන්සිය වෙනුවෙන්.. ✨

ශෙයා කරලා උදව්වක් දෙන්න ✨

ෂේන් 😌❤️

මිනූෂ 😌❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!