Chapter 4 of 8

තෙවන නැවතුම 🚄

Window Seat - Taekook Nonfic2,954 words~15 min read

"අන්න ඔයාගේ තාත්තා ඔයාව හැමතැනම හොයනවලු"

"අහ්?"

ෂේන් තම ජංගම දුරකථනය තම කලිසම් සාක්කුව තුලට දමාගනිමින් ජනෙල් කවුළුවෙන් ඉවත බලා සිටින මිනූෂට ඇසෙන පරිදි කියූ විට ක්ෂණයෙන් මිනූශ තම අවධානය ෂේන් වෙතට යොමුකළා..

"ඔයාලගේ තාත්තා ඔයාව හොයනවලු"

ෂේන් හුස්මක් පාත දමා පැවසූ විට මිනූෂ තම යටිතොල දත් අතරට ගෙන බිම බලාගත්තේ භීතියක් ඔහුගේ හදවත වෙලාගනිද්දි..

"ඔ..ඔයා කොහොමද දන්නේ...?"

මිනූෂ නැවතත් ෂේන් දෙස බලා විමසූ විට මීට මිනිත්තු කීපයකට පෙර තමාගේ පියා දුරකථන ඇමතුම හරහා පැවසූ දෙය ඔහුගේ මතකයට නැගුණා..

"මං දැන් ඩැඩ්ට ගත්තා.. එවෙලේ එයා කිව්වා මිස්ටර් ෆර්නැන්ඩෝ එයාගේ පුතාව හැමතැනම හොයනවා කියලා.."

"ඉ..ඉතින් ඔයා ඇත්ත කිව්වද..?"

මිනූෂගේ ලා කදුළු පටලයක් බැඳී ඇති විසල් වූ දෑස් බාධාවකින් තොරවම ෂේන් ගේ කාල වර්ණ දැස් සමඟ එකට යා වුනා...

මිනූෂගේ දෑස් දුටු පමණින් ඔහුගේ මානසික තත්වය වටහා ගත් ෂේන් සංසුන් ලෙස සිනාසී හිස දෙපසට කලේ එසේ නොවන වග ඇඟවීමටයි..

"බය වෙන්න එපා මිනූෂ.. මං මුකුත් කිව්වේ නෑ..."

සැබවින්ම.. ඔහු තම පියාට මිනූෂ පිළිබඳව කිසිත් කීවේ නැහෑ.. නමුත් ඊට හේතුව ඔහු දැන සිටියේත් නෑ.. කුමන හෝ හේතුවකට තමා මිනූෂව ආරක්ශා කල යුතු බවත්, ඔහුට අවැසි නිදහස සතුට ලබාගැනීමට තමා ඔහුට උපකාර කල යුතු බවකුත් ෂේන් ගේ උඩු සිත සහ යටි සිත තරයේ තීරණය කොට තිබුණා..

එම නිසාම මිනූෂ පිළිබඳව කිසිවක් නොපැවසීමට ෂේන් වග බලාගත්තා..

"අනේ.. තැන්ක් යූ ෂේන්.. තැන්ක් යූ සෝ මච්"

"ඉට්ස් ඕකේ"

සැනසිලිදායක හැඟීමක් මොහොතකට මිනූෂගේ කලබලකාරී සිත සන්සුන් කරවද්දි ෂේන් ගේ දෑත් අල්ලා ගනිමින් මිනූෂ, ෂේන් හට ස්තූතිය පුද කලේ තමාව පාවා නොදීම ගැන මුලු හදවතින්ම ෂෙන්ට ස්තූතිවන්ත වෙමින්..

නමුදු සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වූ ෂේන්, මිනූෂගේ මුහුණ ලා සතුටකින් පිරී යන ආකාරය නිරීක්ෂණය කළා..

ඉන් මිනිත්තු පහලවක් පමණ ගත වූ තැනදිද දෙදෙනාගෙන් එක් අයෙකුවත් වචනයකුදු නොපවසා මුණිවත සුරැකීමට වග බලාගත්තා..

නමුත් එම නිහැඬියාව මිනූෂගේ සිතට අපහසු වූ නිසා ඔහු ෂේන් දෙස බැලුවද, එම මොහොතේ මිනූෂගේ හදවත වේගයෙන් ගැසෙන්නට පටන් ගත්තේ ෂේන් තමා දෙස බලා සිටින අයුරු දුටු නිසයි..

මිනූෂගේ සිත අහේතුවකට සතුටෙන් පිනා ගියත් ඊළග මොහොතේම එම සතුට උපන් ගෙයිම වැළලී ගියේ ෂේන් බලා සිටින්නේ තමා දෙස නොව, විවර කර ඇති ජනෙල් කවුළුවෙන් පෙනෙන දසුන දෙස යන්න මිනූෂට වැටහුනු පසුවයි..

කෙසේවෙතත් තමා හිතටම නිහඬ තරවටුවක් කරගත් මිනූෂ සිනාසී ෂේන් දෙස බැලුවා..

"ෂේන්..?"

මිනූෂගේ ඇමතීමට කල්පනා ලොවක සිරවී සිටි ෂේන්, මිනූෂ දෙස බැලුවා..

එම මුළු වේලාවම ෂේන්, වරින් වර මිනූෂ දෙස බලමින් මෙම උපද්‍රවයෙන් මිනූෂව ගලවාගැනීමට මඟක් සොයමින් ගත කලමුත් මිනූෂගේ ආමන්ත්‍රණය හමුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු වූවා..

ෂේන් බලාසිටින්නේ තමා දෙස බව තහවුරු වූ පසු මිනූෂ නැවතත් තම හඬ අවදි කළා..

"ඔයා ආදරේ ගැන මොනාද හිතන්නේ..?"

එක්වර තම සිතට නැගුණු ප්‍රශ්නය මිනූෂ සාමාන්‍ය ලෙස ෂේන්ගෙන් විමසුවද තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පැනයක් මිනූෂගෙන් තමා වෙත ලැබෙද්දි ෂේන් තරමක් පුදුම වුවද එය පිටට නොපෙන්වා සිටියා..

"ආදරේ..?"

එකම දෑ ෂේන් නැවතත් තහවුරු කරගැනීම පිණිස මිනූෂගෙන් විමසූ විට මිනූෂ තම හිස සලා එය නිවැරැදි බව අනුමත කළා..

නමුත් ඒ සමඟම ෂේන් ගේ මුව අඟ නැඟුණේ නෝක්කාඩු, සමච්චල් සහගත සිනහවක් වෙද්දී ෂේන්ගේ අතීතය නොදන්නා, ආදරය පූජනියත්වෙන් සලකන, ප්‍රථම ප්‍රේමයද නොවිදි මිනූෂගේ දෑස් සැකයෙන් හීනී වූවා..

"ඒයි ඒයි.. ඒ හිනාවනම් මට අල්ල්න්නෑ! මොකද ඔහොම හිනාවෙන්නේ ආ!?"

"මුකුත් නෑ"

මුවඟ ඇති සිනාවෙන්ම හිස දෙපසට සලා ෂේන් සැහැල්ලුවෙන් පැවසුවද එම සිනහවට හේතුවක් සොයාගන්නා තුරු මිනූෂගේ සිතට සැනසීමක් නොවූවා.. එම නිසාම ඔහු යළිත් ෂේන් දෙස සැකයෙන් බැලුවා..

"හරි කියන්නකො මං අහපු දේට උත්තරේ.. ඔයා මොකක්ද ආදරේ ගැන හිතන්නේ...?"

මිනූෂ නැවතත් ෂේන්ගෙන් විමසූ විට ඔහුව ආශ්‍රය කල පැයක පමන කාලය ඇතුලතදී මිනූෂට යමක් දැනගැනීමට අවැසි උවහොත් එය දැනගන්නා තුරු ඔහුගේ මුවට නිවනක් නොමැති බව දන්නා නිසාම ෂේන් ඔහුට උත්තර බැඳීමට තීරනය කලා..

"විරහව.. ආදරේ කියන්නේ විරහව.."

ෂේන් පැවසුවද ඔහුගේ පිළිතුර මිනූෂට ප්‍රමාණවත් වූයේ නෑ..

"සිංහල ඉගෙන ගෙන නැද්ද වැස්සකටවත්..? අඩුම ඉඩෝරෙටවත්..??"

"ඇයි?"

"විරහව කියන්නේ අඩුම ආදරේට සමාන පදයක්වත් නෙවෙයි"

"මං දන්නවා"

"එහෙනම් බොරු කියන්නේ??"

මිනූෂ ෂේන් දෙසට පහත් වී ඇසූ විට ෂේන් සිනාසී මිනූෂගේ දෑස් මගෑරියා.. නමුත් ඒ සිනහවේ සැඟවී තිබූ වේදනාව මිනූෂගේ හදවතට දැනෙද්දී ඔහුගේ හදවතේ ගැස්ම වෙනස් වූවා..

"විරහව කියන්නේ මොකක්ද..?"

නැවත මිනූෂ දෙස බැලූ ෂේන්, මිනූෂ වෙතට ප්‍රශ්නයක් යොමු කලා..

"වේදනාව.."

"හ්ම් ඉතින් ආදරේ කියන්නෙත් ඒකමයි.. මුලදි සතුට උනත් කල් යන්න යන්න ඒක ඇතුලේ තියෙන්නේ රැවටීම, වංචාව, බොරුව.. අන්තිමේදි වේදනාව.."

"හ්ම්ම්"

මිනූෂට පැවසීමට දෙයක් ඉතිරි නොකර ෂේන් පවසද්දි ඔහුගේ කතාවේ වරදක් නොමැති බව මොහොතකට ඔහුට හැගුණා..

"මට අනුව විරහව කියන්නේ ආදරේට කියන සමාන පදයක්.. දුකට වේදනාවට මිනිස්සු බොරුවට ආදරේ කියලා අලුත් වචනයක් හදන් ඒ මත්තේ නැහි නැහී විදවනවා.."

"ඒත්.. එහෙම කියන්නත් බෑ නේද... හරි කෙනා හම්බුනොත් ආදරේ හරි ලස්සනයි.."

"ඔයා ඔය කියන විදිහේ ලස්සන ආදරයක් විදලා තියනවද..? මුල ඉදන් අඟ වෙනකන්ම ලස්සන ආදරයක්..? නැත්තන් එහෙම එකක් දැකලා තියෙනවද..?"

දෙවන වරටත් මිනූෂට කට උත්තර නැති කරමින් ෂේන් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසූ විට මිනූෂ බිම බලා හිස දෙපසට කලේ එසේ නොවන වග ඇඟවීමට..

මිනූෂගේ ප්‍රතිචාරය සමඟ නැවතත් ෂේන්ගේ මුවඟට සමච්චල් සහඟත සිනහවක් නැගුනා..

"ඒත් මං විශ්වාස කරනවා.. එහෙම ආදරයක් මට ලැබෙයි කියලා.."

පහත බලාගෙනම මිනූෂ පැවසූ විට ෂේන් හුස්මක් පාත දමා ආසනයට තම හිස හේත්තු කරගත්තා..

"මාත්..."

තමාට ඇසෙන පරිදි පමණක් මිමිණු ඔහු තම දෑස් පියාගත්තේ ඔහුගේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් එකක් නෑර ඔහුගේ මතකය තුළ සිත්තම් මවද්දි..

"ෂේන්..?"

"ම්ම්?"

මිනූෂගේ හඬට ෂේන්ගෙන් පිට වූයේ මිමිනිල්ලක් පමණයි..

"ඔයා ආදරේ කරලා තියෙනවා නේද..? මං හරිනේ..?"

නමුත් මිනූෂගේ ප්‍රශ්නය සමඟ වසා සිටි දෑස් ඔහු විවර කොට තමා එහාපස සිටින මිනූෂ දෙස බැලුවා..

ෂේන්ගේ ප්‍රතිචාරය සමග තමාගේ අනුමානය සත්‍යක් යැයි නිගමනය කළ මිනූෂ, සියුම් වේදනාවක් සටහන් වී ඇති ෂේන්ගේ මුහුණ දෙස බැලුවා..

ඔව්.. වසර හයක පමණ කාලය ඔහුව බොහෝ දුරට සුවපත් කර තිබුණා.. රැයක් දවාලක් නොමැතිව කදුළු සැලූ ඔහුගේ දෑස් දැන් එම මතක හමුවේ තෙත් නොවීමට තරම් ශක්තිමත් වූවා.. එම නිසාම, ගත වූ කාලය සමග ප්‍රතම ප්‍රේමය ඔහුට එක්තරා මතකයක් පමනක්ම වූවද කලාතුරකින් එය සියුම් වේදනාවක් ගෙන දෙන අවස්ථාද අතලොස්සක් තිබුණා..

තමාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මිනූෂ දෑස් දල්වා තමා දෙස බලා සිටිනවා දුටු ෂේන්, හුස්මක් පහත හෙළා සිනාසී හිස ඉහල පහල කලේ ඔහුගේ නිගමනය සත්‍යක් බව හෙළි කරමින්..

සත්තකින්ම.. මෙවන් පෞද්ගලික දෑ බෙදාහදාගැනීමේ තරමට  එකිනෙකාට ලන් වීමට පසුවූ පැයක පමන කාලය ඔව්න් දෙදෙනාට බෙහෙවින් ප්‍රමාණවත් වූවා..

"ඔයාට අපහසුවක් නැත්තන්.. මන් කැමතියි ඒක ගැන දැනගන්න"

ෂේන් ගේ පෞද්ගලික ජීවිතයට කරන අනවශ්‍ය බලපෑමක්දෝ යන පැනය සමඟම හිතේ තිබුණු කුතුහලයෙන් මිනූෂ හීන් හඬින් පැවසූ විට ෂේන් මදක් කල්පනා කොට අපහසුවක් නැති බව තම හිසෙන් ඉඟි කලා..

ෂේන් ගේ ඉඟියත් සමඟ සතුටින් පිනා ගිය මිනූෂ හරිහැටි ආසනයේ හිඳගනිමින් ඔව්න් අතර තිබූ දෑත් රඳවනය මත තම වැලමිට තබා, අත්ල මත තම නිකට තබා, ෂේන් දෙස බැලුවා..

මිනූෂගේ හැසීරීම් ෂේන්ගේ සිත සතුටු කරවද්දි සිහින් සිනහවක් පෑ ෂේන් තම උගුර පාදා වැළලූ අතීතය යළිත් සිහිපත් කළා..

හොද හුස්මක් ගෙන තම පෙනහළු පුරවා ගත් ෂේන්, කතාවට මුල පිරුවා..

"එතකොට මට අවුරුදු විස්සයි.. මගේ ෆස්ට් ලව් එක.. එයා හරි හොදයි, අහිංසකයි, කරුණාවන්තයි.. ඒත් ඒ අපේ ආදරේ පටන් අරන් මාස හයක් විතර යනකන් විතරයි.. මං දන්නෑ ඊටපස්සේ එයාට මොනා උනාද කියලා.."

"ඇයි?"

"හ්ම්ම් කාලය ගත වෙන්න වෙන්න එයා වෙනස් උනා.. කවදාවත් මං එක්ක රන්ඩු කරගෙන නැති එයා කෑගගහ එක එක වචන කිය කිය මං එක්ක රන්ඩු උනා.. ඒත් මං ඉවසුවා මොකද මං එයාට ආදරේ කරපු නිසා.."

"ඊටපස්සේ..?"

මිනූෂ දෙස බැලූ ෂේන් නැවතත් තම මුව විවර කලා..

"අපි අවුරුදු දෙකක් විතර ආදරේ කලා.. එයාගේ හැසිරීම් මට කොච්චර මානසික වදයක්, වේදනාවක් උනත් ආදරේ නාමෙන් මං ඉවසුවා.. ඒත් ඒ හැම ඉවසීමක්ම ලිමිට් පැන්නේ එයාගේ හොර මගේ අතටම මාට්ටු වෙච්ච දවසේ"

"අහ් ඒ කොහොමද?"

විටෙන් විට ෂේන්ගේ මුහුන වෙනස් වන අයුරු දෙස බලමින් මිනූෂ ෂේන්ගේ කතාවට හොදින් අවධානය දුන්නා..

"මට එයාගේ වෙනසක් තේරුනත් මං ඒගැන ප්‍රශ්න කරන්න ගියේ නෑ.. ඒත් මං දවසක් දැක්කා එයා වෙන බෝයි කෙනෙක් එක්ක අත් අල්ලන් හුරතල් වෙවී ෆිල්ම් හෝල් එකක් ඇතුලට යනවා.. යාලුවෙක් වෙන්නැති කියලා මං මගේ හිතම රවට්ටගත්තේ එයාව මට නැතිවෙනවා කියන එක මට දරාගන්න බැරි නිසා.."

"මෝඩයි"

මිනූෂ පැවසූ විට ෂේන් සිනාසුණා..

"ඔව්.. ආදරේ අන්ධයි කියන්නේ ඒකයි.."

"ඊටපස්සේ මොකද උනේ..?"

"මං එයාගෙන් කෙලින්ම ඇහුවා.. එවෙලේ එයා කිව්වා ඒ එයා ආදරේ කරන කෙනා කියලා.. මාව එපා, මං වදයක් වගේ දේවල් එයා කිව්වත් මට එයාව අතාරින්න පුලුවන් කමක් තිබ්බේ නෑ.. මගේ අතින් එයාට වරදක් නොවුනු බව දැන දැනම මං එයාගෙ පස්සේ ගිහින් සමාව ඉල්ලුවා.."

"ඔයා පේනවට වඩා බොළඳයිනේ.."

"ඒ අවුරුදු හයකට කලින් මිනූෂ.."

"ආ ඔව් ඒකත් ඇත්තනේ.. ඉතින් කියන්නකො.."

ෂේන් නැවතත් සුසුමක් හෙළා තම කතාව ඇරඹුවා.. මෙවන් දේ මිනූෂ සමග බෙදාහදාගැනීම ඔහුට කිසිසේත්ම අපහසුවූයේ නෑ... හරිහැටි හේතුවක් නොතිබුණද ඔහු මිනූෂව විශ්වාස කළා.. හරියට මිනූෂ ෂේන්ව විශ්වාස කරනවා වගේම..

"ම්ම්.. මන් දන්නෑ ඇයි කියලා.. සමහරවිට මං පස්සෙන් ගිය නිසා වෙන්නැති.. එහෙම නැත්තන් මගේ ගාව සල්ලි තිබ්බ නිසා වෙන්නැති.. එයා මට සමාව දීලා ආපහු මං ගාවට ආවා.. ආයේ යයි කියලා බයෙන් මං එයාට කලින්ටත් වඩා හොදට සැලකුවා.. හොදට වියදම් කලා.. ඒත්.."

"ඒත්...?"

"ඒත් දවසක් එයාට මගේ ඉස්සරහම ආපු කෝල් එකේ id එක දැක්ක නිසා මං එයාට ස්පීකර් දාලා කතාකරන්න කිව්වහම එයා එදා මං එක්ක රන්ඩු උනා.. ඒනිසා මං බලෙන් එයාගෙන් ෆෝන් එක උදුරගෙන කතා කලා.."

"කව්ද කතාකලේ..?"

"එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්.. සම්බන්ධෙට අවුරුද්දක්ලු.."

ෂේන්ගේ මුවෙන් පිට වූයේ සමච්චල් සහගත සිනහවක්...මිනූෂගේ මුහුනෙන් දිස් වූයේ පුදුම වූ ස්වභාවයක්..

"මොකක්?? ඔයා එක්ක යාලුවෙලා අවුරුදු දෙකයි.. ඌ එක්ක යාලුවෙලා අවුරුද්දයි!?"

"ඔව්.."

"My god.. ඊටපස්සේ..?"

"මං බ්‍රේකප් උනා.. දන්නවද මිනූෂ.. එයා මට චීට් කරලා කියලා දැන දැනත් මන් ඉවසන් එයා එක්ක ඉන්නවා මොකද මං ආදරේ කලා ඒතරමටම.. ඒත් එයා අර බෝයි එක්ක සෙක්ස් පවා කරලා තියෙනවා කියලා පිළිගත්තු වෙලාවේ මට එයාව එපා උනා.. අප්පිරියා උනා.. ඒකමයි මං බ්‍රේකප් උනේ.."

"යන්තන් මොලයක් තිබිලා එහෙනම්.."

මිනූෂ පැවසූ විට ෂේන්ගේ මුව පුරා ඇදුණේ සිනහවක්.. පසුතැවීම හා කලකිරීම මුසු සිනහවක්..

"ඒත් එතනින් පස්සේ තමයි මට මාව අතෑරන්න ගත්තේ.. මගේ මුලු හීනලෝකෙම හිටියේ එයා වෙද්දි ඒ සිද්ධියෙන් පස්සේ මගෙ මුලු ලෝකෙම නැති උනා වගේ දැනුනා.. වේදනාව විරහව කියන දේ මං උපරිමටම වින්දා.. නිතර දෙවෙලේ ඇඩුවත් වේදනාව නැති නොවුනු තැන ඇබ්බැහිවීමකින් මිදෙන්න මං ඇබ්බැහි උනේ ක්ලබ් වලටයි ඩ්‍රග්ස් වලටයි.."

ෂේන්ගේ වචන වලින් පසු මිනූෂගේ දෑස් විසල් වූයේ දැන් සිටින ෂේන් ට වඩා මීට වසර ගණනාවකට පෙර සිටි ෂේන් කොතරම් වෙනස්ද යන්න සිතමින්..

"ඒ දේවල් බලන් ඉන්නම බැරි තැන තමයි ස්ටඩීස් වලට ඩෑඩ් මාව කැනඩා යැව්වේ.. අපි ආ ගිය තැන් මගේ මතකෙන් ටික ටික මැකෙනකොට මටම හිතුනා මාව එපා කියන කෙනෙක් වෙනුවෙන් මං නාස්ති වෙන්නේ ඇයි කියලා.. ඒනිසා ස්ටඩීස් වලට හිත දීලා ටික ටික ඒ වේදනාවෙන් දුකෙන් මිදුණා..

ඩෑඩ් එදා ඒ වගේ තීරනයක් නොගන්න මං මෙතන මෙහෙම ඉදීද කියලවත් හිතන්න බෑ මිනූෂ..."

ෂේන්ගේ කතාවෙන් පසු මිනූෂ හිස ඉහල පහල කලේ ෂේන් හුස්මක් පහත හෙලද්දි..

"ෂේන්.. ඔයා ආයේ ආදරේ කරේ නැද්ද..?"

"නෑ මිනූෂ.. මට ආදරේ එපා උනා.. අප්‍රසන්න උනා.."

"හ්ම් ඔව් එහෙම වෙන එක සාධාරණයි.."

මිනූෂ ෂේන්ගේ අතක් ස්පර්ශ කලේ ෂේන්ව අස්වැසීමේ අරමුණෙන් වුවද නොහිතූ ස්පර්ශය ෂේන්ගේ සිරුරට අමුත්තක් ගෙනාවා.. මඳ සිනහවක් පෑ ෂේන් මිනූෂගේ දෑස් මගෑරියා..

"ඔයා තාමත් එයාට ආදරෙයිද ෂේන්..?"

නමුත් මිනූෂ එක්වරම ඇසූ ප්‍රශ්නයෙන් ෂේන් විගස මිනූෂ දෙස බැලුවා..

කුමන හෝ හේතුවකට තමා හා තම හිටපු පෙම්වන්තිය අතර දැන් ඇදිනුම්කමක්වත් නොමැති බව මිනූෂට පැවසීමට ෂේන්ට අවැසි වූවා.. මිනූෂ තමා හා තම හිටපු පෙම්වන්තිය අතර සම්බන්ධයක් ඇති බවට සිතීම ෂේන්ගේ සිත කලබල කෙරෙව්වා..

"නැ මිනූෂ.. ඒ ආදරේ වැලලිලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා.."

"එහෙනම් ඔයා එයාට හේට් කරනවද?"

සිනාසී හිස දෙපස සැලූ ෂේන් මිනූෂට පිළිතුරු බැන්දා..

"මං උත්සාහ කළා.. ඒත් මං ආදරේ කරපු විදිහට එයාට හේට් කරන්න බෑ කියලා මටම තේරුම් ගියා.."

"එතකොට මොකක්ද දැන් ඔයාට ඒ ගැන තියන හැගීම..?"

"ඒක කලකිරීමක් මිනූෂ.. මන් දන්නෑ එයා දැන් මොනවද කරන්නේ කොහෙද කා එක්කද ඉන්නේ කියලවත්.. මං එයාගේ කන්ටෑක්ට්ස් සේරම අයින් කලා.. ඒකාලය ගැන මට තියෙන්නේ පසුතැවීමක්"

"බලන් යනකොට ඔයාට ආදරේ එපාවෙලා තියෙන එක සාධාරණයි.."

"ඒකනේ.."

මිනූෂ සමඟම සිනාසූ ෂේන් පැවසූ විට ෂේන්ගේ සිනහව දෙස මිනූෂ ආසාවෙන් බලා සිටියා..

නමුත් ෂේන්ගේ දෑස් තමාගේ මුහුණ මත නැවතී ඇති බව දැනුණු වහාම මිනුෂ ෂේන් ගේ දෑස් දෙස බැලුවා..

මොහොතක්.. එක් මොහොතකට ඔවුන්ගේ දෑස් එකිනෙක හා යා වුනා..

ෂේන් හට දැනුණේ මිනූෂගේ හේසල් පැහැ දෑස් තමාව ඔහු වෙතට ඇදගාන්නක් මෙන්..

මිනූෂ හට දැනුණෙ ෂේන්ගේ කාල වර්ණ දෑස් තුළ තමා මංමුලා වන ස්වභාවයක්..

එකිනෙකාගේ දෑස් අතරේ තමාට හුරුපුරුදු බවක් හැගෙද්දී එම සිතුවිල්ලෙන් මිදෙන්න දෙදෙනාගෙන් එක් අයෙකුටවත් උවමනා වුනේ නෑ.. තමා අවට සිදු වන්නේ කුමක්ද, තමා අවට සිටින්නේ කව්ද, තමා සිටින්නේ කොහේද යන සෑම දේ ඔව්න්ගේ මනසෙන් මැකී යද්දි එකිනෙකාගේ සිත තුළ ඇදෙනා රූප එකිනෙකා පමණක්ම වූවා..

වසර ගණනාවකට පෙර එක් දවසකදී එක් රූපයක් ළඟදී තම හදගැස්ම තමාට අවනත නොවූ ලෙසින්ම, වසර හයකට පසු ෂේන්ගේ හදගැස්ම ඔහුට අවනත නොවෙද්දී ඔහුගේ එක් අතක් ඔහුට නොදැනීම ඔහුගේ හදවත ස්පර්ශ කළා..

මේ අතර මිනූෂගේ තත්වයද එසේම වූවා.. ජීවිතයේ ප්‍රථම වතාවට තමා තුළ සිදුවන වෙනසක් ඔහුට දැනෙද්දී ඔහු දිගින් දිගටම ෂේන්ගේ දෑස් අතර කුමක් හෝ යමක් සොයමින් කිමිදුණා..

දෙදෙනාම නොදැනුවත්ව දෙදෙනාටම එක්වරම ආ අදහසට ඔව්න්, ඔව්නොවුන්ගේ මුහුණවල් මඳක් එකිනෙකාට ලන් කරගත්තේ හිස මදක් ඇලකරමින්..

මදින් මද එකිනෙකාගේ දෑස් අතර පරතරය අඩුවෙද්දී එක්තරා ස්පර්ශයක් බලාපොරොත්තුවෙන් මිනූෂගේ දෑස් පියවයද්දී, මිනූෂගේ පියවුණු දෑස් දෙස බලාගෙනම ෂේන් තවත් මිනූෂගේ මුවට ලන් වූවා..

එකිනෙකාගේ කලබලකාරී හදේ ගැස්ම සහ හුස්ම හොදින් ඇසෙන දැනෙන මට්ටමකට ඔවුන්ගේ මුහුණු එකට ලන් ව තිබුණා..

අවසානයේ ෂේන්, මිනූෂගේ දිගැටි සිහින් ලා-තැඹිලි පැහැති දෙතොලට ලන් වූයේ දෙදෙනාගේම හදේ ගැස්ම වැඩිකරවලා..

"මොන හුත්.."

"ආශ් මං බය උනා!"

හාදුවකට සැරසුණු ඔවුන් දෙදෙනාම එක්වරම ගැස්සී ගොස් ෂේන්ගේ මුවෙන් බෙහෙවින් අලංකාර වදන් පෙලක් නිකුත් වූයේ යාබඳ රේල් පාර දිගේ පැමිණි සීඝ්‍රගාමී දුම්‍,රියක් ඔවුන්ගේ දුම්.රිය පසුකර යාමත් සමඟයි..

පියවි ලෝකේ නොසිටි දෙදෙනාම හදිසියේ ඇසුණු දුම්.රියේ විශාල ශබ්දයෙන් මෙලොවට පැමිණෙද්දී ක්ශනයෙන් ෂේන්, මිනූෂගෙන් ඉවත් වූවා..

"අ-අම් සොරි.. ම්-මන් මේ.. ජ් ජනේලේ.. ඔව්.. ජනේලේ වහන්න හැදුවේ.. ඒකයි.."

"ඉ-ඉට්ස් ඕකේ.."

ක්ෂනයෙන් මුවට නැගි මුසා බස් ෂේන් තම හිස කසමින් පවසද්දී දෙපතුලේ සිට හිස දක්වා රත් පැහැයට හැරි මිනූෂ ගොත ගසමින් පැවසූවද ඊළඟ මොහොතේ ඔව්නොව්න්ගේ හැසිරීමට දෙදෙනාම එකවරම සිනාසුනේ මොහොතකට කලින් වූ සිදුවීම මදකට අමතක කර දමමින්..

ඒ පිළිබඳ විමසා ඔව්න් දෙදෙනා අතර ගොඩනැගි මිතුරුකම නැතිකරගැනීමට දෙදෙනාගෙන් එක් අයෙකුවත් කැමති නොවූ නිසා ඒ පිළිබඳ ඔව්න් කතා නොකලත්, හිත් ඇතුල මහා යුද්ධයක් බවට පත්ව තිබුණා..

'ඇයි මං එහෙම කලේ, මොකද්ද ඒ උනේ' වැනි ප්‍රශ්න අසන උසාවියක් බදු වූ ඔව්නොවුන්ගේ මනස නිසා දෙදෙනාම මදකට නිහඬ වූයේ හදවත් උසාවියෙන් ප්‍රශ්න නගමින්..

කෙසේවෙතත් තමා මිනූෂව සිපගැනීමට උත්සාහ කලා යන තීරනය හදවත් උසාවිය ෂේන්ගේ මොලයට ලබා දෙද්දී හදිසියේ දැනූනු රස්නය සහ තමා ඇග තුල ගලායන දහදිය බිදු දැනුණු නිසා ෂේන් හුස්මක් පිට කර තම ජැකැට්ටුව ගලවා දමා හිස ආසනයට හේත්තු කරගත්තද මේ දෙස මිනූෂ බලා සිටියේ දෑස් විසල් කරගෙනයි..

ජැකැට්ටුව ගැලවූ පසු ෂේන් ඇද සිටි කලු පැහැ ටී ශර්ටයට තද වී පෙනෙන ෂේන්ගේ අත් ගොබ, සහ ටී ශර්ටයේ පළු දෙක එකට අල්වා සිටින බොත්තම් ෂේන්ගේ ශක්තිමත් පපුව නිසා ගැලවී නොසිටීමට දරන උත්සාහය දුටු මිනූෂගේ උගුර කට වේලී ගියේ ෂේන් ගේ හැඩිදැඩි ශක්තිමත් සිරුර ඔහුට හොදින් පෙනුණු නිසයි...

"මේ ෂේන්..."

තමා දෙස මිනූෂ බලා සිටින බවක් නොදැන ෂේන් ආසනයට හිස වාරු කොට දෑස් වසාගෙන සිටි මුත් මිනූෂ ඔහුට කතා කළ නිසා ඔහු දෑස් විවර කර මිනූෂ දෙස බැලුවා..

"මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා..."

මිනූෂ තම දෑගිලි එකට මිරිකමින් පැකිලෙමින් යමක් පැවසීමට යන වග ෂේන් දුටුවා..

'එයා කිස් එක ගැන ඇහුවොත් මන් මොනාද කියන්නේ...?' දෙගිඩියාවෙන් ෂේන් මිනූෂ දෙස බලා සිටියා..

"කමක් නැ මිනූෂ කියන්න.."

"මේ-මේ මං පොඩ්ඩක් අල්ලන්නද...?"

"What?"

මිනූෂ අදහස් කල දේ තේරුම් ගැනීමට අපහසුව ෂේන් තම හිස කෙලින් කරගනිමින් ඇසූ විට මිනූෂ මඳක් බිය වූවත් ඔහුට යමක් අවැසි උවහොත් එය ලබාගැනීමට ඔහුට අවශ්‍ය නිසා ලැජ්ජාව පසෙක ලා මිනූෂ ෂේන් දෙස බැලුවා...

"මන් ඔයාගේ මේ මසල්ස් පොඩ්ඩක් අල්ලලා බලන්නද... ආසාවේ බෑ අප්පා..."

මිනූෂ තම එක් ඇගිල්ලකින් ලැජ්ජාවෙන් ෂේන්ගේ අත් ගොබයකට තට්ටු දමමින් විමසූ විට ෂේන් හට ඊට විරුද්ධ වීමට නොහැකි වූවා.. ඊටත් වඩා මිනූෂගේ සුරතල් හැසිරීම ෂේන්ව එවන් තත්වයකට ඇද දැමුවා..

"Yeah sure it's okay"

ෂේන් හිස සලා පැවසූ විට ප්‍රීතියෙන් ඉපිලුනු මිනූෂ, ෂේන්ගේ අත් ගොබයක් තදින් අල්ලා බැලුවා..

"wow so strong!"

මිනූෂගේ පැසසුම් ෂේන්ගේ මුවඟ ආඩම්බරකාරී සිනහවක් නැංවීමට සමත් වූවා..

සැබවින්ම මිනූෂගේ පැසසුම ෂේන්ගේ සිත ආඩම්බරයකින් පිරෙව්වා..

"you like this?"

"Ofcourse I am!"

මිනූෂ ආසාවෙන් තම අත් ගොබය පිරික්සන අයුරු දුටු ෂේන් විමසූ විට මිනූෂ එකහෙළා ඊට පිළිතුරු ලබා දුන්නද ඔහුගේ දෙනෙත් සහ ඔහුහේ දෑත් තවමත් ෂේන්ගේ අත් ගොබයට හිමි වූවා..

"ඔයා ජිම් යනවද..?"

"ඔව්.."

ෂේන්ගේ අතෙන් තම දෑත් අයින් කරවාගනිමින් මිනූෂ ඇසු විට ෂේන් ඊට පිලිතුරු ලබා දුන්නා..

"මමත් ට්‍රයි කරා.. ඒත් දවස් දෙකයි ගියේ මට සතියක් උණ ගත්තා.."

මිනූෂ බිම බලා සිය දෙතොල් උල් කරමින් පැවසූ විට තම මුහුන පහත් කොට මිනූෂගේ මුහුන දෙස බැලූ ෂේන් සිනාසෙන්නට පටන් ගත් විට මිනූෂ ඔහුට රැවීමකින් පිලිතුරු දුන්නා..

"බබාලට එතන හරියන්නෑ තමා.."

"එහෙමද..? හප්පොන්ට විතරද එතන හරියන්නේ...?"

"ඔව්නේ...."

"යැයි යැයි තමා.."

තම මුහුන ඇද කර පැවසූ මිනූෂ නැවත වරක් ෂේන්ට රවා, ෂේන්ගේ පපුව-උදර පෙදෙස බැලුවා...

"ඇබ්ස් තියෙනවද...?"

"හ්ම්ම් අල්ලලා බලන්න ඕනේද..?"

මිනූෂගේ පැනයට හිස සලා උත්තර දෙමින් මිනූෂ කිසිසේත්ම බලාපොරොත්තුව නොවූ පිලිතුරක් ෂේන් ලබා දෙද්දී මිනූෂගේ මුහුණ යලිත් රත් පැහැයට හැරුණා..

ලැජ්ජා මුසු හැගීමක් දැනෙන සෑම වෙලාවකට මිනූෂ රත් පැහැයට හැරීම් ෂේන්ගෙ සිත් ගත් අතර රතු පැහැයට හැරි මිනූෂගේ මුහුන දෙස ෂේන් සිනා සෙමින් බලා සිටියා..

"රතු වෙන්න තරම් දෙයක් මන් කිව්වේ නෑ.."

"කව්ද රතු උනේ...?"

තම මුහුන සගවා ගනිමින් තමාට උත්තර බදින මිනූෂ දෙස බලා සිටි ෂේන් යමක් මතක් වූ නිසා නැවතත් මිනූෂ හට කතා කලා..

"මේ මගේ ටැටූ එකකුත් තියෙනවා.. මෙතන ඉදන් මෙතෙන්ට.. මේක long sleeves නිසා පේන්නෑ.."

බලාපොරොත්තු වූ සේම නැවතත් මිනූෂගේ අවධානය තමාට ලැබෙද්දී ඊට සතුටු වූ ෂේන් තම දකුණු අතේ උරහිසේ සිට මැණික් කටුව දක්වා පෙන්වූ විට මිනූෂ ආසාවෙන් ඔහු දෙස බැලුවා..

"why..? Wanna see it..?"

"ඔව්.. ඒක තියෙන්නේ ඉතින් පෙන්නන්න බැරි තැනක නෙවෙයිනේ..."

"ඉතින් ඇබ්ස් තියෙන්නෙත් පෙන්නන්න බැරි තැනක නෙවෙයි.."

මිනූෂගේ රත් පැහැයට හැරි මුහුන දැකීමේ ආසාවෙන් ෂේන් යලි යලිත් මිනූෂව ලැජ්ජාවෙන් පුරවද්දි ඔහු අද දවසේ තෙවන වතාවටත් ස්ට්‍රෝබෙරි ගෙඩියක පැහැය ගත්තා..

ඒ දෙස ආසාවෙන් බලා සිටි ෂේන් හට තම දකුණු අත හා උදර පෙදෙස මිනූෂට පෙන්වීමට අවශ්‍ය වූවත් ඔවුන් සිටින ස්ථානය සහ තමා ඇද සිටි ඇදුම නිසා ඔහු එම ආසාව අතහැර දැමුවා..

සත්තකින්ම.. මිනූෂ හට තමා පිලිබදව පුරාජේරු දෙඩවීම ෂේන් හට දැනුනේ අත්‍යාවශ්‍ය කාරනයක් ලෙසයි..

තමා ශක්තිමත් බවත්, නුවණක්කාර බවත්, කඩවසම් බවත් මිනූෂ දැනගැනීම ඔහුට අමුතු සතුටක් ලැබ දුන්නා....

ඒ සමගම වේගයෙන් ඉදිරියට ඇදි දුම්‍.රියේ වේගය කෙමෙන් කෙමෙන් අඩු වෙද්දී 'අලව්ව' දුම්.රිය නැවතුම්පොළ අසල දුම්.රිය නැවැත්වූවා..

ලැජ්ජාවෙන් බිම බලා සිටි මිනූෂද යමක් ම්තක් වූවා සේ පීඩනයකින් ෂේන් දෙස බලා, ආසනයට මුවා වී දුම්.රියට ගොඩවන මගීන් වෙතට අවධානය දුන්නා..

මිනූෂ ව තේරුම් ගත් ෂේන්ද තම ආසනයෙන් , මිනූෂගේ ආසනයට බර වී ජනෙල් කවුලුවෙන් එබී වටපිට බැලුවේ සැක සිතිය හැකි පිරිසක් දුම්.රියට ගොඩ වනවාද නැද්ද යන්න දැනගැනීමටයි..

"අනේ ෂේන්.........."

එක්වරම තමා ඉදිරිපිට තිබූ ෂේන්ගේ අතක් තදින් අල්ලා ගත් මිනූෂ මුමුනද්දී බිය වූ ෂේන් මිනූෂ දෙස බැලුවද මිනූෂ බයෙන් බිරාන්ත වී පිටත බලා සිටිනු දුටු ෂේන් යලිත් විගස තම අවධානය පිටතට ලබා දුන්නා..

එවිට ඔහු දුටුවේ කළු පැහැ කෝට් කිට් එකෙන් සැරසී සිටින දහ දෙනෙකුට නොඅඩු පිරිසක් ඔව්න්ගේ මැදිරියට මැදිරි හයක් එහායින් තිබූ දෙවන පෙලේ මැදිරියකට ගොඩ වන අයුරුයි...

"Oh no!"

තමාට පමනක් ඇසෙන පරිදි මිමිණූ ෂේන්, තම අතක් තදින් අල්ලා ගෙන බියෙන් ගැහෙන මිනූෂ දෙස බැලුවා..

----------------

'හූඌඌඌඌඌඌඌඌඌ'

මීට කිස් එකට බාධා කරපු අනිත් කෝච්චිය 😹

මොකද ඒ අන්තිමට උනේ... මිනූශ ලෙප්ට් වෙන්නයි යන්නේ 😌

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!