Chapter 5 of 8

සිව්වන නැවතුම 🚄

Window Seat - Taekook Nonfic2,881 words~15 min read

"Oh no!"

තමාට පමනක් ඇසෙන පරිදි මිමිණූ ෂේන්, තම අතක් තදින් අල්ලා ගෙන බියෙන් ගැහෙන මිනූෂ දෙස බැලුවා..

මිනූෂගේ දෙඇස් දැනටම තෙත් වී තිබුණේ ඔහු තුළ හටගත් බිය නිසා බව තේරුම් ගත් ෂේන්, ක්ශනයෙන් නැවතත් තම අසුනෙන් ඉදගෙන වේගයෙන් විවර කර තිබූ ජනෙල් කවුළුව වසා දැමුවේ කවුරුන් හෝ මිනූෂව දකිනු ඇතැයි ඔහු තුළ හටගත් සිතුවිල්ල නිසාවෙන්...

අසුනෙන් පිටතට එබී පිටුපස බැලූ ෂේන්ගේ දෑස් වලට කළු කෝට් හැදි පුද්ගලයින් හසු නොවෙද්දි ඔව්න් තවමත් තමාට ළඟින් නොමැති බව වටහාගත් ෂේන් අසුනට තම හිස බරකර දෑස් පියාගත්තේ කලබලකාරී මනස ඔහුට කිසිදු අදහසක් නොදෙන නිසාවෙනි...

මේ අතර දෑස් වසා සිටින ෂේන් දෙස බැලූ මිනූෂට අවශ්‍ය වූයේ කුමන හෝ අයුරකින් මෙම නැවතුම්පොළෙන් බැස ගොස් හෝ බේරීමට උවද ඔහුගේ වාසනාවකට හෝ අවාසනාවකට මේ වන විට දුම්.රිය අලව්ව නැවතුම්පොළ පහු කර සිය ධාවනය ආරම්භ කර තිබුණා...

ජනේලය විවර කර හෝ ජීවීත අවධානමක් ගෙන ජනෙල් කවුළුවෙන් පැනීම මිනූෂට දාහෙන් සම්පතක් වෙද්දි කරකියාගන්න දෙයක් නොමැතිව මිනූෂ සිය වෙව්ලන දෑත් එකට පටලවාගෙන බියෙන් ෂේන් දෙස බැලුවා...

සිතූ සේම දෑස් පියාගෙන බර හුස්මවල් පාත දැමීම ෂේන්ගේ කලබල සිත පුරුද්දකට මෙන් සන්සුන් කරද්දි ඔහු මිනූෂව මුදවාගැනීමට මඟක් කල්පනා කලා...

මිනූෂව ගලවාගැනීම තමාගේ වගකීමක් ලෙස දැනෙන නිසාම ෂේන් උවමනාවෙන් ඊට මඟක් සෙව්වා...

එක්වරම යමක් මතක් වූවා සේ සිනහවකින් මුහුන සරසාගත් ෂේන් දෑස් විවර කොට මිනූෂ දෙස බලා නැවතත් පිටුපස බැලුවේ ඔව්න් තමාට ලගා වී ඇත්දැයි පිරික්සීමට.. නමුත් තවමත් ඔව්න්ගේ චායාවකුදු ඔහුගේ නෙතට නොගැටෙද්දි සැනසුම් සුසුමක් ලෑ ෂේන් බියෙන් සිය දෑස් විසල් කරගෙන තමා දෙස බලාපොරොත්තු පිරුණු දෑසකින් බලා සිටින මිනූෂ දෙස බලා ඔහුට ළං වූවා..

"Don't worry, Let me handle this"

මිනූෂගේ සවනකට ෂේන් මිමිණූ විට අසරණබාවයේ අන්තයට පැමිණ සිටි මිනූෂ වේගයෙන් හිස සලා එය පිළිගත්තා..

ඔව්.. මීට පැයකට පමන කලින් හමුවූ අලුත් මිත්‍රයාව මිනූෂ තදින් විශ්වාස කලා... ඔහු මෙම තත්වයෙන් තමාව බේරාගනු ඇතැයි මිනූෂ තදින් විශ්වාස කලා...

නමුත් එය එසේ වේවිද....?

ඉන්පසු ෂේන් ඉක්මනින් ආසනයෙන් නැගිට සිය බෑගය ගෙන එහි තිබූ තම කැප් එක අතට ගෙන නැවතත් ආසනයේ වාඩි උනා...

මේ සියල්ල දෙස විසල් වූ දෑසින් මිනූෂ බලා සිටියේ ෂේන් ගේ සිතෙහි ඇති අදහස කුමක්ද යන්න ඔහුට අල්ප මාත්‍රයක දැනුමක් නැති නිසයි..

ඉක්මන් කොට මිනූෂ දෙසට පාත් වූ ෂේන්, මිනූෂගේ කොන්ඩය ලෙහා දැමුවේ මෙතෙක් වෙලා එකට සිර වී තිබුණු හිසකෙස් මිනූෂගේ නළල පුරාවටත් විසිරෙද්දියි..

තමා සිතුවට වඩා තරමක් දිගට වැවී තිබුණු මිනූෂගේ කෙස් වැටිය දෙස සිනාමුසු මුහුනෙන් බැලූ ෂේන් එම හිසකෙස් තම ඇගිලි ආධාරයෙන් පීරා සකස් කොට පහතට ඇද හැලෙන සේ සැකසුවා...

ගැහැනු ලමයෙකුගේ තරම් දීර්ඝව නොතිබුණද මිනූෂගේ කොණ්ඩය තරමක් දීර්ඝව වැවී තිබුණා...

ඉන්පසු තම කකුලක් මත තිබූ තමාගේ ජැකැට්ටුව ඔහු මිනූෂට දී එය ඇදගන්නා ලෙසට ඔහු ඉඟි කලා..

යලි යළිත් ෂේන්ගේ ක්‍රියාකලාපය හමුවේ පුදුම වූවද මිනූෂ ෂේන්ට කීකරු වූවා..

හිසකෙස් අතරින් ඇගිලි යවා තම හිසකෙස්ද මනාව සකස් කරගත් ෂේන් නැවතත් එබී පසුපස බැලූ විට ඔහු දුටුවේ මගීන්ගෙන් යමක් විමසන ගමන් ඉදිරියට පැමිණෙන කලු කෝට් හැදිගත් පුද්ගලයන් දෙදෙනක්...

සුසුමක් පහත හෙලා මිනූෂ දෙස ෂේන් බැලුවා...

තම කලු පැහැ ජැකැට්ටුව පැළඳගෙන මෙතෙක් වෙලා සිරව තිබූ හිසකෙස්ද නිදහසේ තමා දෙස බලාසිටින මිනූෂව දුටු විට ෂේන්ගේ සිත පිරී ගියා.. ඔහුවත් නොදන්න හැගීමකින් පිරී ගියා...

"මෙතන මොන දේ උනත් කට අරින්න එපා තේරුනාද?"

මිනූශට ලන් වී ෂේන් පැවසූ විට මිනූෂ වේගයෙන් හිස සලා ඊට එකග වූ විට ෂේන් හොදින් හරිබරි ගැසී ආසනයේ අසුන්ගත්තා...

"Come here"

ඉන්පසු මිනූෂ දෙස බැලූ ෂේන් පවසද්දි මිනූෂ ෂේන්ට ලන් වූවා..

"මගේ අත බදාගෙන ඔලුව බිමට හරවන් මට හේත්තු වෙන්න"

"අහ්?"

"Do what I said මිනූෂ! Hurry up!"

නොහිතූ මොහොතක නොහිතූ දෙයක් ෂේන් පවසද්දි පුදුමෙන් මහත් වූ මිනූෂ එය නොතේරුනාක් මෙන් ෂේන් දෙස බලද්දි මදින් මද ඔවුන්ට ලන් වෙන පුද්ගලයන් දෙස බැලූ ෂේන් පවසද්දි ලැජ්ජාව පසෙකලා මිනූෂ ෂේන්ගේ අතක් බදාගෙන එම අතටම තම හිස වාරු කොට බිම බලාගත්තා...

ඉක්මන් වූ ෂේන්ද තම අතැති හිස් පලදනාව පහතට බරව තිබූ මිනූෂගේ නළල මතින් තැබුවේ මිනූෂගේ මුහුණ වැසීයන පරිද්දෙන්...

මිනූෂගේ හිසකෙස්, ජැකැට්ටුව නිසා වැසී තිබූ ඔහුගේ පිරිමි ඇග සහ හිස් පලදනාවෙන් වැසී ගිය ඔහුගේ පිරිමි මුහුණ මෙන්ම ඔහු ෂේන්ට තුරුල් වී සිටින නිසා බැලු බැල්මට මිනූෂව පෙනෙන්නේ තම පෙම්වතාගේ තුරුලේ නිදාසිටින පෙම්වතියක් ලෙසයි...

ඔව්... එම දසුන ෂේන්ගේ උත්සාහය සාර්ථක කලා... වේලාවේ හැටියට කිරීමට පුලුවන් හොදම දේ ෂේන් බුද්ධිමත්ව තෝරාගනිද්දි ඊට අනුගත වූ මිනූෂද නිසා ෂේන්ගේ උපක්‍රමය සාර්ථක වූවා...

"බය නොවී ඉන්න ඔහොම... ඔලුව උස්සන්නවත් කතාකරන්නවත් එපා මං කියනකන්"

ෂේන් පවසද්දි මිනූෂ ෂේන්ගේ අතක් තදින් බදාගෙනම හිස සෙලෙව්වා...

මිනූෂ දෙස බැල්මක් හෙලූ ෂේන් තම දෙඅත් එකට පටලවාගත්තා...

සන්සුන් බවක් පෙන්වූවත් ෂේන්ගේ සිතද කලබලකාරී වූවා... යම් හෙයකින් තමාගේ උපක්‍රමය අසාර්ථක වුවහොත් ඉන්පසුව කරන්නේ කුමක්දැයි ඔහුගේ සිත ඔහුගෙන්ම විමසුව...

ඔහුට කිරීමට හැකිවූයේ දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලීම පමණක් වෙද්දි ඔහු නිහඬව දෙවියන් යැද්දා...

ෂේන්ගේ නොසන්සුන් කම එකට තද වෙන ඔහුගේ දෑත් වලින් සහ වේගයෙන් ඉහල පහල වන ඔහුගේ කකුල් වලින් මිනූෂට පෙනෙද්දි ඔහු තවත් ෂේන්ට තුරුල් වූවා...

මේ අතර මගීන් අතරේ තමාට අවශ්‍ය පුද්ගලයා සොයා ආ දෙපළ මිනූෂ සහ ෂේන් සිටින මැදිරියට ගොඩ වී එකින් එක පිරික්සන්නට පටන් ගත්තේ එක් අයෙක් ෂේන් අසලින් සිටගනිද්දි..

නමුත් කිසිත් නොදන්නා සේ ෂේන් ජනේලෙන් පිටතට සිය අවධානය යොමු කරගෙන සිටියා... විටෙන් විට මිනූෂගේ අත් වල ග්‍රහණය වැඩිවන අයුරු ඔහුට හොදින්ම දැනුණා...

"Excuse me sir"

ෂේන් අසලට ආ පුද්ගලයා ඔව්න්ට බාධාවක් නොවෙන්නට සිතා ෂේන්ට කතාකරද්දි කලු පැහැ ඇදුමකින් සැරසීගෙන තමා අසල සිටගෙන සිටින පුද්ගලයා දෙස ෂේන් හිස හරවා බැලුවා..

ඔහුගේ හදවත කෙතරම් නොසන්සුන් වූවත් එය මුහුණෙන් නිරූපණය නොවීමට ඔහු වග බලාගත්තා...

"Yes?"

සාමාන්‍ය ලෙස ෂේන් ඔහුට පිළිතුරු දෙද්දී මිනූෂගේ ග්‍රහණය වැඩි වන අයුරු ඔහුට දැනුනා..

"අපි කෙනෙක්ව හොයනවා සර්... අපිට පොඩ්ඩක් මැඩම්ගේ මූන බලන්න පුලුවන්ද?"

එම පුද්ගලය ෂේන්ගේ තුරුලේ සිටින මිනූෂව පෙන්වා විමසද්දී දෙදෙනාගේම බලාපොරොත්තු අඳුරු වී ගියා...

'මං මගේ කොල්ල ගැන දන්නවා... එයා ගෑනු කෙනෙක් වගේ ඉදී... ඒනිසා ගෑනුන්වත් බලන්න'

තම ස්වාමියාගේ අණ ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔව්න් මෙතෙක් වෙලා දුම්.රියේ සිටි සියලූම මගීන් පරීක්ශා කල අතර ෂේන්ගේ තුරුලේ සිටිනා ගැහැණු ළමයාවද පිරික්සීමට ඔහුට අවැසි වූවා..

මේ අතර ෂේන් සිටියේ කලබලෙන්.. හදිසියට ඔහුට කිසිවක් මතකයට නොඑද්දි ඔහු දිගටම එම පුද්ගලයා දෙස බලාසිටියා...

"No! she is sleeping"

ෂේන් එකහෙල පවසද්දි එම පිළිතුර භාරගත් බවක් එම පුද්ගලයාගේ මුහුනෙන් ඇගවුනේ නැ..

"I am doing my duty sir.. just one look"

"She is my- my wife!"

"Sir but--"

"Told you once! Meenu Danthanarayana my wife! She is five months pregnant and I cant disturb her sleep!"

"Ok sir I'm sorry for disturbing you two"

"Get lost!"

දෙවියන් දුන් අදහසක් සේ එක්වරම ෂේන්ගේ සිතට ආ අදහස ෂේන් පවසද්දි තත්‍වය වටහා ගත් එම පුද්ගලයා ෂේන්ගෙන් සමාව අයැද ඉදිරි අසුන වෙත පියමැන්නා...

මිනූෂගේ නම ඒ ආකාරයෙන් කෙටිව සිය වාසගම ඊට එකතු වූ ආකාරය, ඔහු තම බිරිඳ යන අදහස ඔහුට ආ ආකාරය, තම බිරිඳ පස් පස් ගැබිණියක් යන්න තම මනසට ආ ආකාරය ගැන ශේන්ට කිසිදු අදහසක් නොතිබෙද්දී ෂේන්ගේ වචන හමුවේ මිනූෂගේ හදේ ගැස්මද අක්‍රමානුකූල වූවා..

විශේෂයෙන් ඔහු තමාව හැඳින්වූ 'මීනු' යන නාමය ඔහුගේ හදෙහි ගැස්මේ වෙනසට ප්‍රධාන හේතුව වූවා...

හුස්මක් පාත දමා අනෙක් අතෙන් සිය නළල් තලය පිරිමැදි ෂේන් මිනූෂ දෙසට බැල්මක් යොදා ආසනයට තම හිස වාරු කරගත්තා...

කෙසේවෙතත් එවන් අදහසක් හදිසියේ හෝ තම මනසට පැමිණියාට ෂේන් දෙවියන් හට ස්තූති වන්ත වූවා... ඇතැම් විට ඔහු එසේ නොපවසන්න මේ මොහොතේ මිනූෂ සිය තුරුලේ නොසිටින්නට තිබුණා... මිනූෂ මේ මොහොතේ ඔහුගෙන් ඈත්ව හිදින්නට තිබුණා..

නමුත් දෙවියන් ලබා දුන්නා අවස්ථාවක් ලෙස ඔව්න් දෙදෙනාම බේරුණා...

එම පුද්ගලයින් තවමත් මැදිරිය තුළ සිටිනවාද නැද්ද යන්න නොදැනම මිනූෂ ෂේන්ගේ අතක් සිය දෑතින්ම බදාගෙන ඔහුට තුරුල් වී සිටියා... එම ආරාක්ශාරී හැඟීමෙන් මිදීමට ඔහුට අවැසි වූයේ නෑ...

එමෙන්ම එම පුද්ගලයින් දෙදෙනා මගීන් පිරික්සා අවසානයේ වෙනත් මැදිරියකට මාරු වූවද ෂේන් මිනූෂට බාධා නොකර ඔහුව සිය තුරුලේම සඟවා ගෙන සිටියා...

මෙසේ මිනූෂ තම තුරුලට වී තමාගෙන් ආරක්ශාව බලාපොරොත්තු වීම ඔහුගේ සිත සසල කල අතර මිනූෂගේ වෙව්ලන දෑත් ඔහු සිටින්නේ තවමත් බියෙන් යන්න අගවද්දී ෂේන් මිනූෂට බාධා නොකර ඔහුට සිය තුරුලේ සැනසෙන්නට අවස්ථාව ලබා දුන්නා...

මිනිත්තු පහකින් පමණ පසු මිනූෂ බියෙන් සිය මුහුණ වසා තිබුණු හිස් ආවරණය සිය අතකට ගෙන වටපිට බලමින් හිස ඔසවා ෂේන් දෙස බැලුවා...

මිනූෂගේ චලනයන් හමුවේ ෂේන්ද පියවි සිහියට පැමිණෙද්දි වටපිට බලන මිනූෂ දෙස ෂේන් බලාසිටියා..

"බය වෙන්න එපා... එයාලා පිටිපස්සට ගියා..."

"ෂේන්...මං දන්නෑ ඔයාට කොහොමද ස්තූති කරන්නද කියලා... ඔයාට හුඟක් පින් ෂේන් මාව බේරගත්තට... ඔයා නොහිටියනම් මං-මං.."

"Sh... It's okay..."

අකීකරු ලෙස මිනූෂගේ කොපුල් දිගේ ගලා ගිය කඳුළු බිදුවක් දෙස බලා ෂේන් පැවසූ විට මිනූෂ කඳුළු බිඳ පිහදා අයින් කලා..

"මීනු...?"

ඉන්පසු මුහුණේ රැඳි සියුම් සිනහව සමඟ මීට මොහොතකට පෙර ෂේන් තමාව හැඳින්වූ අකාරාය මතකයට ගෙන මිනූෂ මුමුණද්දි එය ඇසූ ෂේන්ගේ මුහුණද සිනහවකින් සැරසුණා..

"මං දන්නෑ ඒ නම මට කොහෙන් ආවද කියලා...."

ෂේන් සිනාසෙමින් පවසද්දි මිනූෂ ඔහු දෙසම බලසිටියා... මීට මොහොතකට පෙර බයෙන් වෙව්ලූ ඒ දෑස් ෂේන්ගේ සිනහව ඉදිරිපස කුමක්දෝ හැගීමකින් බැබළෙමින් තිබුණා...

"මම ආසයි... ඒ නමට..."

"Seriousley??"

ෂේන් විමතියෙන් මෙන් දෑස්ද විසල් කොට ඇසූ විට මිනූෂ ලැජ්ජාවෙන් සිනාසී සිය හිස සලා එය අනුමත කලා...

"එහෙනම් මං ඔයාට එහෙම කතාකරන්නම්... මීනු කියලා...?"

"හ්-හා.."

මිනුෂ නැවතත් ලැජ්ජාවෙන් පවසද්දි ෂේන් සිනාසී හුස්මක් පහත හෙළුවා..

ඔව්න් දෙදෙනා සිනාසුනත් අවධානම තවමත් ඇති බවට ෂේන්ට වැටහෙද්දී ඔහු යමක් මතකයට නැගුණා සේ ඔහුගේ ජංගම දුරකථනය අතට ගෙන යමක් පිරික්සුවා..

"Where will this train stop next?"

"පොල්ගහවෙල"

"Mmm twenty minutes apart"

ෂේන් නැවත සිය දුරකථනය සාක්කුව තුළට දමාගැනීමින් පැසවූ විට මිනූෂ ප්‍රශ්නාර්ථ බැල්මකින් ඔහු දෙස බලා සිටියා..

"අපි පොල්ගහවෙලෙන් බහිනවා"

"මො-මොකක්ද?"

ෂේන් ස්තීර හඬකින් පවසද්දි මිනූෂ තරමක් තිගැස්සුනා..

"Do you trust me?"

"Y-yes"

මිනූෂ වෙව්ලන හඬකින් පැවසු විට හිස සලා පමණක් ඊට ප්‍රතිචාර දැක්වූ ෂේන් වටපිට පිරික්සා බැලුවා..

"ෂේන්... ඇයි අපි පොල්ගහවෙලෙන් බහින්නේ...? මං අහන්නේ.. ඇයි අපි?? ඔයා මහවටනේ යන්න ඕනේ..."

මෙතෙක් වෙලා තම සිත තුළ කෑකෑරුණු ප්‍රශ්නය මිනූෂ ෂේන්ගෙන් විමසද්දි ෂේන් මිනූෂ දෙස බලා හුස්මක් පහත දැමුවා.. ඊට හේතුව ඔහුද නොදැන සිටියා...

"Simple.. මං මගේ destination එක වෙනස් කලා..."

ෂේන් සරලව පැවසුවමුත් ඔහුගේ සිත ඊට සැබෑ කරුණක් සොයමින් වෙහෙස වූවා... නමුත් ඔහුට ලැබුණු එකම පිළිතුර තමා කෙසේ හෝ මිනූෂව ආරක්ශා කල යුතුයි යන්න වෙද්දි ඔහු තම සිතෙන් ප්‍රශ්න නගන එක නතර කලා..

"ඒ-ඒ මං නිසාද...?"

තම සිතේ තිබූ අනෙක් පැනයද මිනූෂ ෂේන් ගෙන් විමසද්දි ෂේන් මඳක් කලබල වූවත් ඔහු යන්තමින් හිස සැලුවා..

"Whatever we must get off from this train"

ෂේන් ස්ථීරව පවසද්දි කිසිවක් නොකියූ මිනූෂ ජනේලයෙන් එපිට බලාගත්තා...

ඉන් මිනිත්තු කිහිපයකට පසු දුම්.රිය පොල්ගහවෙල දුම්.රිය නැවතුම්පොළෙන් නතර වූයේ කාර්‍යබහුල මඟීන් හුවමාරු වෙද්දි..

මේ අතර ෂේන්ද විගස සිය ආසනයෙන් නැඟිට තම ගමන් මල්ල අතට ගෙන මිනූෂ දෙස බැලුවේ ඔහුද ෂේන්ව අනුගමනය කරද්දි...

පොල්ගහවෙල යනු ඔහුට හුරුපුරුදු නගරයක් වූවා නොවූවා, මිනූෂ දැඩිව ෂේන්ව විශ්වාස කලා..

හනික මිනූෂගේ වම් අතේ මැණික් කටුව අසලින් තදින් අල්ලාගත් ෂේන්,මිනූෂගේ මුහුණ යන්තමින් හෝ වැසෙන පරිදි තම හිස් පලදනාව ඔහුගේ හිසට පලදා ඔහු සමඟම දුම්‍.රියෙන් බැස ගත්තා...

තමා බේරිමට පැන යන්න අදාළ පුද්ගලයින්ද මෙම නැවතුමෙන් බැසිය හැකි නිසා ෂේන් බොහොම පරිස්සමෙන් වටපිට බලමින් මිනූෂ සමඟ දුම්.රිය නැවතුම්පොළෙන් එළියට පැමිණියේ මිනූෂද ෂේන් පසුපස පැමිණෙද්දි...

නැවතුම්පොළෙන් එලියට ආ හනික පාර මැදට පැන කලබලෙන් මෙන් ෂේන් පාරේ ගමන් කරමින් තිබූ ටැක්සි රථයක් නවතා ගත්තේ ටැක්සි රථ රියදුරා ෂේන් හට බැන වදිමින් ඔව්න් අසල කාර් රථය නවත්වද්දි..

"මොනවද මහත්තයා කරන්නේ? හැප්පුනානම් එහෙම මාත් ගස්"

"අයිම් රියලි සොරි අන්කල්..."

රියදුරු මහතා අසලට නැවී ඔහුගෙන් සමාව ඉල්ලන ෂේන් දෙස මිනූෂ බලා සිටියේ මඳ සිනාවක්ද සමඟයි...

ඔහු වසර හතරක් තිස්සේ බටහිර රටක ජීවත් වූවද ඔහුගේ ගතිගුණ සියුම්,ආදරණීය ඒවා බව මිනූෂට වැටහී ගියා...

"Minusha.. get on"

කාර් රථයේ පිටුපස දොර විවර කරමින් ෂේන් පවසද්දි මිනූෂ කාර් රථයට ගොඩ වූවා.. ඉන්පසු ෂේන්ද රථයට ගොඩ වූ විට රියදුරා කාරය පණ ගැන්වූවා..

"කොහෙටද මහත්තයා...?"

"මේ පැත්තේ තියෙන හොද හොටෙල්ස් මොනාද මාමේ..?"

කාරය පාරට දමමින් රියදුරා ඇසූ විට ෂේන් ආසනයෙන් මඳක් ඉස්සරහට වී ඇසූ ප්‍රශ්නයෙන් මිනූෂගේ දෑස් විසල් වූවා..

මන් නැවත නැවතත් කියනවා! මිනූෂ දැඩි ලෙස ෂේන්ව විශ්වාස කරනවා.. ඔහු සමඟ හෝටලයකට යාම ඔහුට කිසිසේත්ම බියජනක හැඟීමක් ගෙන දුන්නේ නෑ... ෂේන්ගේ උපාය පිළිබඳව කුතුහලයම පමණයි ඔහුට තිබුනේ...

"මේ හරියෙනම්.... **** එක තමා මහත්තයෝ... මං හිතන්නේ ඒක තරු පන්තියේ හෝටලයක්..."

"එහෙනම් ඒකට යමු මාමේ.."

රියැදුරු මහතා මදක් කල්පනා කොට පැවසූ විට ෂේන් සිනා සී ඔහුට පිළිතුරු ලබා දී නැවතත් ආසනයට බර වූවා...

ඔහු කෙලින්ම බැලුවේ මිනූෂගේ දෑස් දෙස... එම දෑස් වල බයක් සහ තවත් කුමක්දෝ හැගීමක් ලියවිලා තිබියදී ෂේන් උගුර පාදා වෙනතක් බැලුවා..

ඉන්පසු විනාඩි පහලවක් පමණ ගතවන තුරුත් ඔව්න් දෙදෙනා අතර කිසිදු සංවාදයක් ගොඩ නොනැගෙද්දි මිනූෂ ජනේලයට සිය හිස වාරු කොට ඔහුගේ ජීවිතය පිළිබඳවත්, ෂේන් ආසනයට සිය හිස වාරු කොටගෙන මිනූෂ මුදව ගන්නා ආකරය පිළිබඳවත් සිතමින් සිටියා..

"මෙතන තමා තැන මහත්තයා..."

එක්වරම රියැදුරු මහතා පවසද්දියි දෙදෙනාම පියවි ලෝකයට පැමිණියේ...

අති විශාල ගොඩනැගිල්ලක් ඉදිරිපිට වාහනය නවතා තිබූ අතර අදාළ මුදල ගෙවා ෂේන් සහ මිනූෂ ඒ දෙසට ඇවිද ගියා..

එම මොහොතෙත් එම හෝටලය මිනිසුන්ගෙන් පිරී ගොස් තිබුණු අතර බැලූ බැල්මෙන් එය තරු පන්තියේ හෝටලයක් බව දෙදෙනාටම වැටහී ගියා...

වටපිටාව බලමින් ඔව්න් දෙදෙනා මඳක් පසෙකට වන්නට තිබූ ඇතුලත් කරගැනීමේ වැඩ කටයුතු සිදු කෙරෙන ස්ථානය වෙතට පියමැන්නා...

"One bedroom for two days"

ෂේන් එතැන සිටි නිලධාරිනිය දෙස බලා පවසද්දි ඇය ෂේන් සහ මිනූෂ දෙස බැලුවා..

"One bed or two beds sir?"

නිලධාරිනිය අසන විට මිනූෂගේ මුහුණ ලෑජ්ජාවෙන් බිමට බර වුනා.. ෂේන් මිනූෂ දෙසට බැල්මක් යොදා ඇයට පිළිතුරු ලබා දුන්නේ මිනූෂට අපහසුතා ඇති කිරීමට ඔහුට අනවශ්‍ය වූ නිසයි..

"Two beds"

"Your id?"

ඉන්පසු අවශ්‍ය ලියකියවිලි වලට අවැසි තොරතුරු ඔව්න් ලබා දුන්නා..

"Room number 202. Ten'th floor. Here is the access card"

"Thank you"

අවසර කාඩ් පතද ලබා ගෙන නිළධාරිනියට මද සිනහවක් පෑ ෂේන් මිනූෂ සමඟ සෝපානය තුළට ගොඩ වූයේ ඒ තුල සිටි තරුණ යුවලක්ද සමඟයි..

"Honey..m what if my father reject us?"

"Don't worry my love. I can handle it"

තරුණ වියේ ගැහැණු දරුවා තරුණ වියේ පිරිමි ළමයාට තුරුල් වී යෙදුණු සංවාදය දෙදෙනාගෙම සවන් ගැටෙද්දි මිනූෂට ෂේන්ව සිහි වූවා...

මීට පෙර තමාට සිදු වීමට ගිය දෙයින් ෂේන් ඔහුව බේරාගත් ආකරාය ඔහුට සිහිවෙද්දි ෂේන් ඔහුගේ සිතේ ඉඩකඩ යමක් වැඩියෙන් ලබාගන්නා අයුරු ඔහුට දැනුණා...

තනි කළු ඇඳුමෙන් සැරසීගෙන බෑගයද තම කර මත රඳවාගෙන තමාට ඉදිරිපසින් සිටින ෂේන්ගේ කඩවසම් රුව දෙස මිනූෂ සිතපුරා බලාගත්තා..

ඉන්පසු සෝපානය දහවන මහළේ නවතිද්දී ඔව්න් දෙදෙනා සිය කාමර අංකය සොයා මහළ දිගේ ඇවිදන් ඉස්සරහට ගියා..

"ෂේන් මේ... මේ තියෙන්නේ.."

මිනූෂගේ නෙතට කාමර අංකය ගැටෙද්දී එහා පස කාමර පිරික්සමින් සිටි ෂේන් මිනූෂගේ හඬට ඒ වෙත පැමිණියා...

අවසර කාඩ් පත ආධාරයෙන් කාමරේ දොර විවර වෙද්දි ඔව්න් කාමරය තුළට පැමිණ දොර වසා දැමුවා..

බැලූ බැල්මෙන්ම කාමරය ෂේන්ගේ සහ මිනූෂගේ සිත ඇද ගත්තා..

දෙදෙනෙකුට සුවපහසුවේ නිදාගත හැකි විශාල ඇඳන් දෙකක්, ඇඳන් ඉදිරිපස බිත්තියේ දිගු තිරයක් ඇති රූපවාහිනියක්, රූපවාහිනිය යට මේසයේ විවිධ ජාතියේ කෙටි ආහාර, කාමරයේ පසුපසම කුඩා සෝෆාවක්, එක් කොනක නාන කාමරය යැයි අනුමාන කළ හැකි දොරක්, කුඩා අල්මාරියක්, බැල්කනියක් සහ කුඩා පාන සකසා ගත හැකි ද්‍රව්‍ය සමග කාමරයේ තවත් කොනක මේසයක් තිබුණා...

ෂේන් කාමරය පිරික්සමින් පැමිණ දකුණු පස ඇදට ගොඩ වුණු පසු මිනූෂද පැමිණ වම් පස ඇදෙන් ඉදගත්තා...

"මිනූෂ...?"

"කියන්න ෂේන්"

කාමරය වටා ඇස් යවමින් සිටි මිනූෂ දෙස බලා ෂේන් කතාකල විට මිනූෂගේ දෑස් ෂේන් වෙතට වැටුණා..

"ඇයි කතා පෙට්ටිය වැහිලා.."

"එ-එහෙම නෑ..."

දුම්.රියේ සිටියදී නිවනක් නැතිව කියවපු මිනූෂගේ කියවිල්ල දැන් දැන් ඔහුගේ සවනට නොවැකෙද්දී ෂේන්ට පාලුවක් දැනුණා..

"හ්ම් ගිහින් වොශ් එකක් දාගන්න.. දැන් පහත් පහු"

ෂේන් සිය අත් ඔරලෝසුව පිරික්සමින් පවසද්දි ඊට එකඟ වූ මිනූෂ බෑගයෙන් ඇදුම් ගෙන නානකාමරය වෙත පිවසියා...

මිනිත්තු පහලවකින් පමණ වෙනත් ඇදුමකින් තෙත කොන්ඩය සමග මිනූෂ එලියට එද්දි ඔහුගේ මලානික වූ දෑස් තමාගේ සිත දුකෙන් පුරවන බවක් ෂේන් හට දැනුණා..

ෂේන්ද ඇඳුමක් රැගෙන නාන කාමරය වෙත පිවිස හොදින් පිරිසිදු වී හිස පිසදමමින් එලියට පැමිණෙන විට මිනූෂ රූපවාහිනිය නරඹමින් සිටියා..

කිසිත් නොකී ෂේන් වතුර බිඳු ඇදහැලෙන හිස කෙස්ද සමඟ ඇදට පැන සිය දුරකථනය පිරික්සන්න ගත්තා..

"ෂේන්?"

"ම්ම්?"

තෙත කොන්ඩය සමග දුරකතනය සමග කාර්‍යබහුල ෂේන් වෙත දෑස් යොමාගෙන මිනූෂ විමසද්දි ෂේන් මිමිනිල්ලකින් පිළිතුරු දුන්නා..

"කොන්ඩෙ පිහ ගන්න... ඔයා ලෙඩ වෙයි"

"ම්ම්"

"මේ ලෝකේ සිහියෙන් නෙවේ ඉන්නේ.."

"ආ මොකක්ද?"

"මුකුත් නැ"

මිනූෂ රහසෙන් මිමිනුවද යමක් සවන් ගැටුණු නිසා ෂේන් මිනූෂ දෙස බැලුවත් ඔහුට ඔරවා මිනූෂ ඇදෙන් බිමට බැස්සා..

කිසිත් නාහා ඇදේ එහාපස තිබුණු තුවාය ගත් මිනූෂ දැනුම් දීමක් නොමැතිවම එම තුවාය ෂේන් ගේ කොන්ඩය මත එලා තදින් එය අතුල්ලන්න ගත්තේ තමන්ගේ බෙල්ල ගැලවෙන්න ඔන්න මෙන්න වගේ එකක් දැනුණු නිසා ෂේන් තමන්ගේ දුරකථනේ පැත්තකට කරද්දි..

"හෙමින් කරනවා! බෙල්ල ගලවන්නද ඕනේ!"

"ඔව් ඇයි!"

"මූ යකෝ!"

"නිකන් ඉන්නව ෂේන්! කොන්ඩෙ තෙතයි හොදටම"

එ වතාවේ හෙමින් සීරුවේ ෂේන්ගේ හිසකෙස් පිසින ගමන් මිනූෂ පවසද්දි ෂේන්ගේ මුහුන සිනාවකින් හැඩ වූවා..

"මං ඔයාට කොෆි එකක් හදන්නද?"

"වැඩි සීනි හොදෙ!"

"වැඩි ලුණු කොහොමද"

"මංම හදාගන්නම්!"

"නැ නැ විහිලුවක් කලේ.. ඉන්න මං හදල දෙන්නම්..."

ෂේන්ගේ කොන්ඩය තමාට අවශ්‍ය ප්‍රමාණයට තෙත මාත්තු වූ පසු තුවාය රාක්කෙන් දමන ගමන් මිනූෂ සිනාසීගෙනම කාමරය කොනේ තිබුණු මේසය වෙත ඇවිද ගියා...

වතුර මඳක් විදුළි කේතලයට පුරවා එය විදුලියට සම්බන්ධ කල මිනූෂ බැල්කනියෙන් පේන එලිමහන දිහා බලාගෙන කල්පනාවකට වැටුණා..

ඔහුගේ මුළු කල්පනා ලොවම රජ කලේ ෂේන්ම පමණක් වෙද්දි අහම්බෙන් ඔහුව හමු වූ ආකරය, ඔහු දැන් තමාව බේරගාන්නා ආකාරය විශේශෙන් තමා ඔහුව විශ්වාස කරන ආකාරය පිළිබඳ ඔහු සිතුවා...

ඔහුට කිසිදු විකල්පයක් නොපෙනෙද්දී ඔහුට පෙනුණු එකම විකල්පය ෂේන් පමණක්ම වුවා.. ඔහු කරනා කියනා දේකට අනුගත වනවා හැර වෙන කිරීමට යමක් ඔහු නොදැන සිටියා...

යාමට තැනක් හෝ රැදීමට තැනක් ඔහුට නොමැති වෙද්දි ඔහු ෂේන්ගෙන් උදව් සහ ආරාක්ශාව පැතුවා...

වතුර රත් වී අවසන් බව අඟවමින් 'ටුක්' යන නාදයක් සමඟ විදුලි කේතලය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වූවත් මිනූෂ මේ ලෝකයෙන් වෙන්ව කල්පනා ලොව බොහෝ දුරක් ගොස් තිබුණා...

රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි ෂේන් ගේ සවනට එම නාදය ඇසුනත් කෝප්පයක සද්දය ඔහුට නෑසුණු නිසා ඔහු මිනූෂ දෙස බලන විට දුටුවේ මේසය අසලම හිටගෙන බැල්කනිය දෙස බලා වෙනත් සිහියක සිටින මිනූෂව...

මිනූෂගේ මානසික මට්ටම මෙයමයි කියා ඔහුට අනුමත කිරීමට නොහැකි වූවත් ඔහුගේ මානසකත්වය කෙසේවත් සුවපත් නොවන බව දන්නා නිසාම ෂේන් හුස්මක් පාත දමා ඇදෙන් නැගිට මිනූෂ වෙත පැමිණියත් මිනූෂ සිටියේ අසිහියෙන්...

එක්වරම සිය අතක්, තවත් උනුහුම් අතක ග්‍රහණයට අසුවන බව දැනුණු වහාම බිය වූ මිනූෂ ගැස්සී මෙලොවට පැමිණියත් ඒ සිටින්නේ ෂේන් බව දුටු සැනින් ඔහු සන්සුන් වූවා..

ෂේන් සිය අතක්, ඔහුගේ අතක් සමග පටලවාගෙන ඉන්නවා යන වග මිනූෂගේ සිහියට නොඑන්නට තරම් මිනූෂ ෂේන්ගේ කාල වර්ණ දෑස් අතරේ සිර ව සිටියා...

එම දෑස් අවංක බාවයකින් හා විශ්වාසනීයත්වයකින් පිරී ගොස් තියෙද්දි මිනූෂ තව තවත් එ දෑස් අතරේ මංමුලා වී ගියා...

"මීනු.... බය වෙන්න එපා.... මං කිව්වානේ මන් මේක හැන්ඩ්ල් කරන්නම් කියලා... මාව විශ්වාස බව ඔයාගේ ඇස් දෙකෙන්ම මට පේනවා... ඒ විශ්වාසේ තියාගෙන ඉන්න...

මට ප්ලෑන් එකක් තියෙනවා...."

.

.

------------------

හොදයිද...?

කොහොමද ෂේන් මිනූෂව බේරගත්තු විදිහ...?

එතකොට ෂේන්ගෙ ප්ලෑන මොකක් වෙන්නැතිද..?

ලස්සනයිද කතාව...?😁

අනේ ළමයි ඔයාලගේ කමෙන්ට්ස් වෝට්ස් වල්ලට හුඟාක් ස්තූති හරිද... මං ඒ ඔක්කොම බලනවා.. ඒ එකක් නෑර කියවනවා... ඒත් මේ ටිකේ පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ... ඉතින් රිප්ලයි කරන්න බැරි උනා... නැත්තං මං අනිවාරෙන් රිප්ලයි කරනවනේ...

අනේ තරහ වෙන්නඑපා හරිද මං ඒ ඔක්කොම බලනවා... මට හරි සතුටුයි ඔයාලා කතාව ආසාවෙන් කියවනවා දකිනකොට🥺💕

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!