Chapter 6 of 8

පස්වන නැවතුම 🚄

Window Seat - Taekook Nonfic3,353 words~17 min read

.

.

.

බැල්කනියට වී කෝපි කෝප්පය තොල ගාමින් සිටි මිනූෂ ඔහුගේ අනෙක් පසෙන් සිටගෙන බැල්කනියට වී හිස් අවකාශය දෙස බලා සිටින ෂේන් දෙස හැරී බැලුවේ විනාඩි පහකට ආසන්න කාලයක් ගත වී ගියද ෂේන්ගේ මුවෙන් වචනයක් හෝ පිට නොවුණ නිසාවෙන්...

මීට මොහොතකට පෙර තම දෑත අල්ලාගෙන තමාව අස්වැසූ ෂේන්ගේ වචන කිහිපය යලි යළිත් මතකයට නගමින් ලා සිනාවක් සමඟින්ම මිනූෂද ඉදිරිපස බලාගත්තා...

යන්තමින් තරුවක් දෙකක් පායා තිබුණු තවමත් මඳ එළියක් වූ අහස් කුස වෙත ඔව්න් දෙදෙනාගේම අවධානය එල්ල වී තිබියදී කෝපි කෝප්පයෙන් තවත් උඟුරක් තම උඟුරෙන් පහලට යවාගත් ෂේන් සිනාසී මිනූෂ දෙස බැලුවා....

"කොෆී එක රසයි..."

"මම හදන දේවල් කොහොමත් රසයි ෂේන්... ඒක පිළිගන්න..."

මඳක් ආඩම්බරයෙන් ෂේන්ට පිළිතුරු දුන් මිනූෂ උජාරුවෙන් හිස සොලවමින් කතා කරද්දි ෂේන් මුහුණේ වූ සිනාව සමගම ඔහු දෙස බලා සිටියා...

"Definitely... ඔයාගේ කට්ලට් එකත් රසයි..."

"ඒකනේ..."

පෙර තමාගේ වචන විශ්වාස කිරීමෙන් මිනූෂගේ මානසික තත්වය සැලකිය යුතු තරමකින් ධනාත්මක වී ඇතැයි දැන් දැන් පෙර සේ කතාවට පැමිණෙන මිනූෂ දුටු ෂේන් හට සිතුණා...

ඉන් ඔහුගේ සිතද සතුටෙන් පිරී යද්දි තවදුරටත් මිනූෂ සමග සල්ලාපයේ යෙදීමට ඔහුට තදින් අවශ්‍ය වූවා... මිනූෂගේ නිහැඬියාව ඔහුට මහත් පාළු වටපිටාවක් නිර්මාණය කළා...

ඒනිසාම ඔහු සිය මනසට නැඟුණු ප්‍රශ්නයක් විමසීමට නැවතත් මිනූෂ දෙස බැලුවා...

"ඔයා බොටම් ටයිප් නේද...?"

"අහ්? කැහ් කැහ්"

හදිසියේ නැඟුණු ෂේන්ගේ ප්‍රශ්නයෙන් මිනූෂගේ කෝපි උඟුරත් අයාලේ යද්දි ඔහු කහිමින් විමතිය මුසු බැල්මකින් ෂේන් දෙස බැලුවා..

මඳක් මිනූෂට ලන් වී මිනූෂගේ පිට පිරිමදින් ෂේන්ද ඔහුගේ බැල්ම තේරුම් ගත්තා...

"එහෙ මගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා... එයා ගේ.. ඉතින් මං ඒ දේවල් ගැන දන්නවා ටිකක්..."

"අහ් ඒකමිසක්..."

සැනසුම් සුසුමක් ලෑ මිනූෂ කැස්ස නිසාම ඇසට උනා තිබූ කදුළු බිඳුවක් පිසදමමින් ෂේන් සමග සිනා සුනා... එකවර ෂේන් එවන් ප්‍රශ්නයක් ඇසීම මිනූෂගේ කුතුහලයට හේතු වූ අතර ඔහු ඉන් පුදුමයට පත් වූවා...

"ඔව් මං බොටම් ටයිප්..."

"මට හිතුණා..."

"ඔයා නම් ටොප් වයිබ්..."

"එහෙම දැක්කම කියන්න පුලුවන්ද?"

ෂේන් සිය දැස්ද විසල් කරගෙන මිනූෂ දෙස බැලූ විට මිනූෂ දෑස් හීනි කරගෙන ෂේන් දෙස බලාසිටියා...

"ඔව් ඉතින් දැන් ඔයත් කිව්වෙ"

මිනූෂ හිස දෙපසට කරමින් පැවසුවා..

"ඒක ගෙස් එකක්.. ඒත් ඔයා ඩව්ට් එකක් නැතුව ඩිරෙක්ට් කිව්වෙ කොහොමද...?"

"අහ් මට එහෙම කියන්න පුලුවන් සාමාන්‍යෙන් කෙනෙක්ව දැක්කම..."

දවසේ කීවෙනි වතාවටදෝ මන්දා මිනූෂ නැවතත් ආඩම්බරයෙන් පවසද්දි ෂේන් සිය ඇහි බැම් විහිදුවා හිස සැලුවා...

"Special skills..."

"Yeah kinda!"

ඉන්පසු මිනිත්තු පහක් පමණ ගතවන තුරු ඔව්න් දෙදෙනා කතාබහ කරමින් ගතකළා...

තමාව මුදවාගැනීමට ෂේන් සතු උපාය කුමක්දැයි මිනූෂ තවමත් නොදන්නවා වූවත් මෙතරම් දුරක් තමාව බේරාගත් ෂේන් ඉතුරු වේලාවේදීද තමාව හැර නොයා ආරක්ශා කරන බවට මිනූෂගේ සිත විශ්වාස කළා...

ෂේන්ගේ උපාය පිළිබඳව ඇති කුතුහලය නිසාම ඔහුට කීපවතාවක්ම ඒ පිලිබදව විමසීමට උවමනා උනත් ඔහු කිසිවක් නොකියා ෂේන්ම එය තමාට පවසන තෙක් සිටීමට ඔහු සිතාගත්තා...

"ඒකනෙවෙයි මීනූ... ඔයා අම්මා එක්ක කතාබහ කරනවද"

ෂේන් එක්වරම තමාට ඇමතූ නාමයෙන් මිමූෂව ක්ශනයෙන් රත් පැහැ ගැන්වෙද්දී ඔහු ඒ බව සඟවාගෙන ෂේන් හට පිළිතුරු බැන්ඳා..

තමාගේ ආමන්ත්‍රණය හමුවේ වෙනස් වූ මිනූෂගේ හමේ පැහැය ෂේන්ගේ දෑස් වලට අසු වුනත් ඔහු ඒ බව කිසිවක් නොඅසා මිනූෂට ඇහුම්කන් දුන්නේ මෙය තීරණාත්මක මොහොතක් නිසාවෙන්...

තමාගේ ප්‍රශ්න වලට මිනූෂගෙන් ලැබෙන පිළිතුරු හමුවේ ඔහුගේ උපාය සාර්ථක වේද නොවේද තීරණය වෙද්දි ඔහු උවමනාවෙන් මිනූෂ වෙත නෙත් යොමාගෙන සිටියා...

"ඔව් ෂේන්.. අපි කතා කරනවා"

"එයා ඉන්න තැන ඔයා දන්නවද?"

"ඔස්ට්‍රෙලියා වලනේ..."

"එහේ කොහෙද කියලා දන්නවද?"

"ඔ-ඔව් සිඩ්නි වල..."

ෂේන්ගේ නිමක් නැති එවන් ගණයේ ප්‍රශ්න මිනූෂගේ සිත තරමක් නොසන්සුන් කරත් තමාගේ සෑම ප්‍රශ්නයකටම මිනූෂගේ පිළිතුරු සුභවාදී වෙද්දි ෂේන්ගේ මුහුණ එළිය් වැටුණා...

"Ok. ඔයා පාස්පෝට් එක ගෙනාවද?"

"ෂේන්..?"

"Yes or no?"

"ගෙනාව ෂේන්..."

තමා එසේ නොවේවා යැයි ප්‍රාර්ථනා කරපු ප්‍රශ්නයම ෂේන් ඊළගට මිනූෂගෙන් අසද්දි මිනූෂගේ සිත තව තවත් නොසන්සුන් වුනා...

"ඔසී වලට තියෙන නෙක්ස්ට් ෆ්ලයිට් එකේ ඔයා සිඩ්නි වලට ෆ්ලයි කරනවා... අම්මට කෝල් එකක් දීලා විස්තරේ කියන්න.. මෙහෙන් පිටවෙනකන් වෙන්න ඕනේ දේවල් ටිකක් මං බලාගන්නම්"

සරලව පැවසුවද කිරීමට දෙයක් නොමැතිම තැන මිනූෂගේ සිත සුව පිණිස ෂේන් තනිව තීරණය කරත් ඔහුගේ සිතද මිනූෂගේන් වෙන්ව් යාමට සිදුවීම හමුවේ දුකකින් තැවුණා..

නමුත් සිය හැඟීම් තඹ දොයිදුවකට මායිම් නොකරමින් ෂේන් ස්ථීරව එම තීරණය මිනූෂ හට පවසද්දි මිනූෂගේ හද එක්වර කඩාවැටුනා...

තම පියා අතහැර මේ රටෙන් යාම එකම විසඳුම බව මිනූෂ දැන සිටි අතර හදිසියේම දුම්.රියෙන් හමුවූ ආගන්තුකයා සමඟ කාලය ගෙවෙද්දි ඔහු එම තීරණය අතහැර දැමුවා...

ඔව්... ෂේන් සමග දිගටම රැඳීමට මිනූෂගේ සිත ආස කළත් තමා සිතට වැර කරමින් එළි පනින්න දගලන සිය හැඟීම් පොදිය හදවත තුළම හොර රහසේ මිනූෂ සඟවා සිටි අතර මෙවන් අවස්ථාවක ඔහුට බේරීමට තිබෙන එකම අවස්තාව මෙය බව දැන දැනම ඔහුගේ හද එය ප්‍රතික්ෂේප කළා...

සිය පියා වෙත නැවත ගොස් ඔහුගේ අණට එකඟව ජීවත් වී හෝ සියැසින් ෂේන්ව දැක බලා ගැනීම, ඔහු සමග කතාබහ කිරීම මිනූෂට දාහෙන් සම්පතක් වෙද්දි වැටුණු කදුළු බිදුව පිසදමා කාමරය තුළට යන්නට සැරසුණු ෂේන්ගේ දකුණතේ මැණික් කටුවෙන් අල්ලාගත් මිනූෂ ඔහු අසලට ඇවිද ගියා...

"Why... did I say something wrong..?"

තමාව නැවැත්වූ මිනූෂ තමාගෙ දෑස් ඉදිරිය්ට පැමිනෙද්දි දුකෙන් තැවෙන ඔහුගේ මුහුන දුටු ෂේන් තරමක් කලබලයට පත් වූවා...

"වෙන කරන්න දෙයක් නැද්ද ෂේන්...?"

ෂේන්ගේ ප්‍රශ්නය කනකට නොගත් මිනූෂ ෂේන්ගේ අතක් තම දෑතින්ම බදාගෙන අසරණ ලෙස විමසුවේ මිනූෂගේ මෙවන් හැසිරීම් හමුවේ ෂේන්ගේ දෑස් තරමක් විමතියෙන් විසල් වෙද්දී..

බේරිමට අවස්තාවක් සලසා දුන් පසු මිනූෂ ඉන් ම්හත් සේ සතුටු වනු ඇතැයි ෂේන් සිතාසිටියද් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අකාරයේ ප්‍රතිචරයක් මිනූෂගෙන් ෂේන්ට ලැබෙද්දි ඔහු පුදුම වීම අපට පුදුමයක් නොවේ නේද...?

ෂේන්ගේ සතුට ගැන සිත ෂේන් මෙවන් තීරනයක් ගත්තද ඔහු කිසිසේත්ම දන සිටියේ නෑ මිනූෂගේ සතුට රඳා පවතින්නේ තමා මත බව... මිනූෂද එය මුලින් මුලින් පිළිගැනීම ප්‍රතික්ෂේප කලද මෙම සිදුවීම් මාලා හමුවේ ඔහුට එය තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වූවා..

"ඇයි ඔයා අම්මා ගාවට යන්න කැමති නැද්ද...?"

"න්-නෑ එහෙම දෙයක් නෙවෙයි...."

මිනූෂ බිම බලා පැවසුවේ සැබැවින්ම ඔහුට ෂේන්ට පැවසිය හැකි නිදහසට කරුණක් නැති නිසා...

"එහෙනම්...?"

ෂේන් ඇහිබැමැක් ඔසවා විමසද්දි මිනූෂ ඔහු දෙස බලා දුර්වල ලෙස සිනාසුනා...

"මුකුත් නෑ... මම යන්නම් ෂේන්...."

දුරවල සිනහවෙන් එපමණක් පමණක් පැවසූ මිනූෂ ෂේන්ගේ අත හැර දමා කාමරය තුළට ගොස් ඇඳට ගොඩ වූවා....

ඒදෙස බලාසිටි ෂේන්ද තම උරහිස් අකුළා හුස්මක් ගෙන කාමරය තුළට පැමිණියා... ඔහු ඒවන විට කෝපි කොප්පය හිස් කර තිබූ නිසා ඔහු එය සෝදා කුඩා රාක්කයෙන් තැබුවා...

කෙමෙන් කෙමෙන් වේලාව ගත වී තිබූ අතර තවත් පැයක පමණ කාලයක් දෙදෙනාගේම නිහැඬියාව අතරේ ගලා ගියා...

ෂේන්ගේ අනපේක්ෂිත තීරනය මිනූෂගේ සිත පාරවද්දි ඔහු සිය ජංගම දුරකථනය දෙස ඔහේ බලා සිටියා...

තමාගේ තීරනය පිලිබද තමාම සිත් තැවුලෙන් පසුවෙද්දි ෂේන් රූපවාහිනිය නරඹමින් සිටියා...

ප්‍රවෘති අවසන් වූ පසු වේලාව රාත්‍රී අටයි යැයි රූපවාහිනි තිරයේ දිස්වූ බැවින් ෂේන් හුස්මක් පාත දමා මිනූෂ දෙස බැලුවා...

"කෑම ඕඩර් කරන්නද...? බඩගිනි නැද්ද...?"

ෂේන්ගේ කටහඬෙන් මිනූෂ බියවී ගැස්සුනත් ඒ බව නොපෙන්වීමට ඔහු හිස සැලුවා... ෂේන් ඇසුවේ කුමක්දැයි නොදැනම ඔහු සිනාසී හිස සැලුවා...

"මොනාද හොද...?"

"අහ්?"

"කෑමට මොනාද හොද...?"

"අහ් කන්නද...ම්ම් මොනාහරි පොඩි දෙයක් ෂේන්... ඔයා කැමති එකක් ඕඩර් කරන්න"

"පීසා?"

"ඕකේ"

"ඕෆ් කරන්න එපා! ඕෆ් කරන්න එපා! මං බලනවා!"

මිනූෂට හිස සලා සිය දුරකථනය අතට ගත් ෂේන් තැනුවේ රූපවාහිනිය වසා දැමීමට වුවද මීළඟට යැයි පෙන්වූ දැන්වීම හමුවේ මිනූෂ කෑ ගැසුවේ ෂේන්වද බියගන්වලා...

"96?"

රූපවාහිනි තිරයේ කලු පැහැ පසුබිමේ සුදු පැහැ විශාල ඉලක්කමෙන් 96 යැයි සටහන් වෙද්දි මිනූෂ දැස් අයා ඒ දෙස බලා සිටියද ෂේන් හට මේ පිළිබඳව කිසිදු අදහසක් තිබුණේ නෑ...

මිනූෂගේ කැමැත්තට ඉඩදී ෂේන් රූපවාහිනි තිරය ක්‍රියා විරහිත නොකර මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ තමාට අවශ්‍ය රසයේ,ප්‍රමාණයේ පීසා ඇනවුම් කර දනහිසක් නමා ඇද මත වාඩි වී රූපවාහිනිය දෙස බැලුවා...

කෙසේ වෙතත් මිනූෂ නම් අවට වන කිසිදු දෙයක් නොදන්නා තරමට තිරයට අවධානය දී තිබුණා...

කුඩා සාදයක් තිරයේ පෙන්වද්දි සිංහල උපසිරැසි තිරයේ යටින් දිස් වූවා...

මද වේලාවක් ඒ දෙස බලාසිටි ෂේන් හට කුතුහලයක් ඇති වූ නිසාවෙන් ඔහු මිනූෂට කතා කළා...

"මිනූෂ...."

"මිනූෂ...."

ෂේන් දෙවරක් කතා කලද, ඒ බව මිනූෂට ඇසුනද, මිනූෂ නෑසුනා සේ තිරය දෙසම බලා සිටියේ ඔහුට ඇවැසි වචනය ෂේන්ගේ මුවෙන් පිට වන තුරු නොඉවසිල්ලෙන්...

"මීනූ...."

"ආ ඕ කියන්න..."

මේ දැන් තමාගේ නාමය ඇසුණු සේ මිනූෂ තාත්වික රංගනයක යෙදෙද්දී ෂේන් ඔහුගේ රංගනයට හසුව සිටියා...

"මොකක්ද මේ...?"

ෂේන් ඇසුවද තම දෑස් හීනි කරගත් මිනූෂ ෂේන් දෙස බැලුවේ ගල් යුගයේ මානවයකු දෙස බලන ස්වරූපයෙන්...

"ෆිල්ම් එකක්!"

"හරි ඒක මාත් දන්නවා..."

"එහෙනම් ඇහුවෙ?"

මිනූෂ පුරුදු බැල්මෙන්ම අසද්දි ෂේන් නැවතත් තිරය දෙස බලා මිනූෂ දෙස බැලුවා...

හෙට දිනයේ කුම්ක් වූවද ෂේන් සමග ගෙවෙන අවසන් පැය කීපය ස්තුටෙන් ගත කිරීමට මිනූෂ හිත අස්වසාගෙන තිබුණා...

"මං අහන්නේ මොකක්ද මේ.... තෙළිඟු ද...?"

"නැ මලයාලම්"

"මල...වට්!?"

එම වචනය උච්චාරනය කිරීම ෂේන්ට අපහසු වෙද්දි මිනූෂ සද්දෙන්ම සිනා සී අසල තිබූ කොට්ටයකින් ෂේන්ට ගැසුවා...

"ඔයා ෆිල්ම් බලලා නැද්ද ෂේන්...? මේ ටැමිල්..."

මිනූෂ සිනාසීගෙනම පවසද්දි මිනූෂ එල්ල කල කොට්ටය ෂේන් අල්ලාගත්තා...

"අහ් ටැමිල් ද... ඇත්තටම මං මූවිස් බලන්න ඉස්සර ඉදන් ඉන්ට්‍රෙස්ට් එකක් නෑ..."

"එතකොට ඔයා ෆ්‍රී වෙලාවට මොනාද කරන්නේ...?"

"පොත් කියවනවා..."

ෂේන් තම අතැති කොට්ටය මිනූෂගේ ඇඳට විසි කරමින් පැවසූ විට මිනූෂ හිස සැලුවා...

"මේක ලස්සන ලව් ස්ටෝරි එකක්...."

"ඔයා බලලා තියෙනවද...?"

"ම්ම් හත් අට වතාවක්..."

"වට්!? ඉතින් ආයේ බලන්නේ!?"

ෂේන් පුදුමෙන් විමසද්දි මිනූෂ ලා සිනාවකින් ඔහු දෙස බැලුවා..

"සමහර ෆිල්ම්ස් තියෙනවා කොච්චර බැලුවත් එපා වෙන්නැති... ඔයාට එහෙම පොතුත් ඇති...."

"අහ් ඔව්... The Fault in Our Stars... ඒකත් romance novel එකක්... මං දහ පාරක් විතර කියවලා තියෙනවා..."

"හරි හරි... අද මේක බලමු අපි...."

අවසානයේ පැය දෙකයි මිනිත්තු තිහකට ආසන්න කාලයක් නව වෙනි වරට චිත්‍රපටය නරඹන මිනූෂ සහ ප්‍රථම වරට නරඹන ෂේන්, චිත්‍රපටයට සමවැඳී තිරය දෙස බලාසිටියා...

මුලදී අපැහැදිලි තැන් මිනූෂගෙන් විමසීමට ගොස් මිනූෂගෙන් ෂේන් බැනුම් ඇසූ නිසාම ෂේන් වැරදීමකින්ව්ත් නැවත මුව විවර කළේ නෑ...

කෙසේ වෙතත් පළමු මිනිත්තු තිහෙන් පසු ෂේන්ටද අපැහැදිලි තැන් පැහැදිලි වෙද්දි අතරවාරයේ ලැබුණු පීසා ද ආහරයට ගනිමින් ඔව්න් චිත්‍රපටය නැරඹුවා...

"අනේ මීනු... ඒ දෙන්නා වෙන් වෙනවද....?"

"ජානු බැඳලනේ...."

"ඒත් රාම් ආදරෙයිනේ...."

"ජානුට දුවෙකුත් ඉන්නවා..."

"අනේ එදා ජානු රාම්ව හයි ස්කූල් එකේදි දැක්කා නම් නේද...."

"හ්ම්ම්ම්ම්"

අවසාන මොහොතේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සහ නිළිය වූ රාම්, ජානු දෙදෙනා ගුවන්තොටුපළට ගොස් එකිනෙකාගේ දෑස් දෙස බලමින් අඬන්නට පටන් ගනිද්දි අසල වූ කොට්ටයක් තද කර බදාගත් ෂේන් නහකුණු පවසන්න ගත්තේ චිත්‍රපටයේ තිරපිටපත් රචක වන් මිනූෂද ඊට පිළිතුරු සපයද්දී...

මුල සිට චිත්‍රපටය නැරඹූවද මෙතෙක් වේලා ෂේන් සිර කරන් සිටි කඳුළක් ඔහුගේ දෑසකින් මිදී කොපුලක් හරහා ගලන්නට ගත්තේ ජානු රාම්ගේ දෑස් වසා අඩන්නට පටන් ගත් මොහොතේ...

මෙම සිදුවීම හුරුපුරුදු වූ මිනූෂ ඊට ඒතරම් සංවේදි නොවුනද ප්‍රතම වතාවට නැරඹී ෂේන් අතිශය සංවේදී වෙද්දී ඔහු ගලාගිය කදුළ පිළිබඳ තැකීමක් නොකර ජානු ගුවන් යානයේ නැගී පිටවන අයුරුත්, හැඬි කදුලෙන් රාම් ගුවන් තොටුපළෙන් පිටව යන අයුරුත් අවසානයේ චිත්‍රපටය අවසන් වූ අයුරුත් නිහඬව බලා සිටියා...

"ජානු රාම් දෙන්නම පව්... වෙලාවට ඔයා අර කෙල්ලව මැරි කරන්න බෑ කියලා පැනල ආවේ..."

"ඇයි?"

මිනූෂ සිනාසෙමින් විමසද්දි යන්තමින් බර වූ නහය උඩට අඳිමින් ෂේන් ඇදේ වැතිරුණා...

"ජානුට උන එකේ අනික නැත්තන් ඔයාට වෙන්නේ..."

"ඒක ඇත්ත"

මිනූෂ සිනාසෙමින්ම දුරකථනයේ වේලාව පිරික්සුවා... රාත්‍රී එකොලහට ආසන්න වී තිබූ වේලාව දුටු ෂේන් ඇදෙන් නැගිට විදුළි ආලෝක නිවාදමා රූපවාහිනියද නිවාදමා ඇදට ගොඩ වුනා...

"ඒ දෙන්නා පව් මීනූ...."

එහෙමෙහෙ වී තිබූ කොට්ට පිලිව්ලට සකසමින් සිටි මිනූෂගේ අවධානය වෙනස් වූයේ තව්මත් ඇදේ වැතිර තනිව කියවන ෂේන් නිසා...

මිනූෂ ඊට කිසිවක් නොපවසා ලා සිනාවක් පා ඇදේ වැතිරුණා...

"දන්නවද ෂේන්.. සමහර ආදර කතා තියෙනවා ආදරේ විදලා වෙන්වෙන... ඒත් සමහර ආදර කතා තියෙනවා හිතේ තියෙන හැඟීම කියන්නත් කලින්ම වෙන් වෙන්න සිද්ධ වෙන...."

මිනූෂගේ සිත බරවෙද්දි ඔහු සිහින් හඬකින් මිමිණුවා... ඇද අසලම තිබූ මේසය මත තවමත් දැල්වෙමින් තිබුණු කුඩා ලාම්පුවේ එලියෙන් ඇදේ වැතිර සිවිලිම දෙස බලා සිටින ෂේන්ගේ රුව මිනූෂට යන්තමින් පෙනුණා...

"වන් සයිඩ් ලව්?"

"හ්ම්"

"වෙයිට් වට්!? Are you in love with someone?"

එක්වරම ෂේන් මිනූෂගේ දෙසට හැරී අසද්දි මිනූෂ වේදනාවෙන් සිනාසී හිස සැලුවේ ඔව් කියන්න...

"ඔයා මට කිව්වෙ නෑනේ..."

ෂේන් නොරිස්සුම් ස්වරයකින් පවසද්දි මිනූෂට හැකි වූයේ සිනාසෙන්නට පමණයි...

ජීවිතයට ආදරයක් විදලා නැති තමාට මීට පැය කීපයකට කලින් හමුවූ නුඹ ගැනම ආදරයක් පහළ වී ඇතැයි මිනූෂ කෙසේද ෂේන්ට පවසන්නේ...?

කොයි මොහොතේ, කොයි වේලාවේ තම හදවත තමාට අකීකරුව ෂේන්ගේ හදේ ස්ථානයක් සොයන්නට පටන් ගත්තාදැයි මිනූෂ නොදැන සිටියත් මෙම පැය කීපය ඇතුළතදී තමා ෂේන් සමඟ ආදරයකින් වෙලී ඇති බව මීනුෂ තේරුම් ගෙන තිබුණා...

නමුත් එය පැවසීමට තරම් මිනූෂගේ සිතේ ශක්තියක් නොවෙද්දි ෂේන් යනු මින් පෙර ගැහැනු ලමයෙකු සමග සම්බන්ධයක් පැවැත්වූ අයෙක් නිසා ඔහුගේ රුචිය තමාට හිමි වේ දැයි යන සැකය ඔහුට තිබූ කුඩා ශක්තිය හෝ නැතිකර දැමුවා...

"දැන් කිව්වනේ ෂේන්..."

මිනූෂ සිනාසීගෙනම සිහින් හඬකින් පවසද්දි අහේතුවකට ෂේන්ගේ සිත බරවුණා... මිනූෂගේ සිනහවේ තිබූ වේදනාවද අඩු ආලෝකය හමුවේ ෂේන්ගේ නෙත නොගැටුණා...

එම පුද්ගලයා කවුරුන්ද යන වග තමාට දැනගැනීමට උවමනා බව ෂේන්ගේ සිත තදින්ම කියද්දි ඔහු නැවතත් මිනූෂට පැනයක් යොමු කලා...

"එයා ගැන ටිකක් කියන්නකෝ... කොයිවගේ කෙනෙක්ද..."

"ම්ම්... උසයි සුදුයි ලස්සනයි.. නෑ නෑ.. එයා හැන්ඩ්සම්... මං දැක්ක හැන්ඩම්ම කෙනා එයා ෂේන්..."

ෂේන්ගේ රුව සිත තුළ මවාගනිමින් ෂේන් පිලිබදවම් මිනූෂ ෂේන්ට පවසද්දි ෂේන් ඒ සියල්ල හොදින් අසා සිටියා..

"තව...?"

කඩවසම් යන තොරතුර තමාට නොසෑහෙද්දි ෂේන් නැවත්ත් මිනූෂගෙන් විමසුවා...

"තව.... එයා ආසම කළු පාටට... එයා ඇගෙන් වගේම හිතෙනුත් හරි ලස්සන, ශක්තිමත් කෙනෙක් ෂේන්..."

"මගේ ට්වින් කෙනෙක් මන්දා... එයා මං වගේනේ ටිකක්..."

ෂේන් කල්පනා කරමින් පැව්සුවා... මිනූෂ කියූ සෑම තොරතුරක්ම තමාට සමාන වෙද්දි ෂේන් යලිත් පැනයක් යොමු කලා...

"හ්ම් ඔව්.. ඔයා වගේ... ගොඩක් ඔයා වගේ..."

"එතකො--"

"නිදාගන්න ෂේන්.. මට මහන්සියි.. ගුඩ් නයිට්"

ෂේන් තැනුවේ තවත් ප්‍රශ්නයක් අසන්නට උවද මදින් මද බරවන සිය හදවත සමඟ තමාට තවදුරටත් කතා කිරීම අපහසු යැයි වැටහුණු මිනූෂ ෂේන්ව අතරමැද නවතමින් නින්දට සැරසුණා...

නමුත් යමක් මතක් වූ නිසා මිනූෂ නැවතත් ෂේන් දෙස බැලුවා...

"ඔයා හෙට කොළඹ යනවද ෂේන්...?"

"නෑ කෝල් කරලා බලමු"

"හ්ම් ඕකේ"

"ගුඩ් නයිට් මීනු"

මිනූෂ විමසන්නේ ඔහුගේ ගුවන් ගමන පිළිබඳව යැයි වටහාගත් ෂේන් මිනූෂට පිළිතුරු දෙද්දි මිමිණිල්ලක් පමණක් පිට කරමින් මිනූෂ ඇදේ අනෙක් පසට හැරුණා...

ෂේන්ද ඇඳේ වැතිර තම එක් අතක් වැලමිටෙන් නවා හිස යටට ගෙනගොස් කල්පනාවකට වැටුණා...

සිත් තැවුලෙන් පසු වූවත් මහන්සියටම මිනිත්තු කීපයක් ඇතුළත මිනූෂ නිදි සුව සොයාගනිද්දි ෂේන් තවමත් අවදියෙන් පසු වූවා...

මිනූෂගෙන් ඈත් වීම සහා මිනූෂගේ ආදරය පිළිබඳව සිතමින් ෂේන් පැයක් පමණ අවදියෙන් සිටියා...

"Am I mad...? Why is this so hard...? Meenu... What have you done to my heart..?"

හුස්මක් පාත හෙලමින් තමාට පිටුපා නිදා සිටින මිනූෂ දෙස බලා ෂේන් මිමිණුවා...

මද වේලාවක් මිනූෂ දෙස බලාසිටි ෂේන් සිය දුරකථනයෙන් වේලාව පිරික්සා රාත්‍රී දොළහද පහුව ඇති නිසා ඇදෙන් නැගිට නානකාමරය වෙත පිවිස මුහුණ කට සෝදාගෙන යලිත් කාමරය තුළට පැමිණියා...

දැල්වෙමින් තිබූ ලාම්පුවේ මඳ එලියෙන් ඔහු සිය ඇද වෙතට ලන් වූවත් හදිසියේ ඇතිවූ සිතුවිල්ලක් නිසා ඔහු මිනූෂගේ ඇද වෙත ගොස් මිනූෂගේ මුහුණ දෙසට එබී ටයිල් පොළොව මත වාඩි වී එතැනම තිබූ කුඩා මේසයට තම පිට හේත්තු කරගත්තා...

තිර රෙදි අතරෙන් ගලා එන හඳ එළියේන් පෙනෙන මිනූෂගේ මුහුණ දෙස ෂේන් ඇසිපිය නොහෙළා බලාසිටියා...

මිනූෂගේ මුහුණේ සෑම අගලක්ම පිරික්සූ ඔහුගේ දෑසට හසු වූ යමක් නිසා ෂේන් මිනූෂගේ මුහුණට ලන් ව එක් අතක් ඇද උඩින් තබාගත්තා...

"Why didn't I notice this mole before...?"

"Three moles!"

"Long Eyelashes... Long eyes... Long nose... Chubby cheeks... Kissable lips....."

පිළිවලින් පිළිවට මිනූෂගේ මුහුණ අංග ඇගයූ ෂේන්ගේ දෑස් අවසානයේ නතර වූයේ මිනූෂගේ දිගැටි, සිහින්, ලා-තැඹිලි පැහැ දෙතොල් අසල...

මිනූෂගේ තොල් දෙසම බලාසිටි ෂේන්ගේ මතකයට තමා එම දෙතොල් සිපගන්නට දැරූ වෑයම මතකයට නැගෙද්දි ඔහු තමා සමඟම ලැජ්ජාවෙන් සිනාසුණා...

මිනූෂගේ කම්මුලක් මතට වැටී තිබූ කෙස් රොඳක් ගෙන කන පසුපස සැඟවූ ෂේන් දිදුළන දෑසෙන් මිනූෂ දෙස බලා හුස්මක් ගෙන මේසයට හේත්තු වුනා...

"What is happening to my heart Minusha...? Is it love...?"

ඔහු මිනූෂ දෙස බලාගෙන තමාගෙන්ම ප්‍රශ්න කළා...

"I don't understand මිනූෂ... මම කොහොමද ඔයාට ආදරේ කරන්නේ...? ඔයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවනම්...?

බැරිවෙලාවත් ඒ මමද මිනූෂ... ඔයා ඒ කිව හැමදේම මට සමානයි කියලා හිතෙන්නේ ඇයි... ඒ කිව්වෙ මම ගැන කියලා හිතෙන්නේ ඇයි... මගේ ඇස් ඔයාගේ ඇස් එක්ක පැටලෙනකොට ඔයාගේ ඇස් ගැස්සෙන්නේ ඇයි... මාව මේතරම් විශ්වාස කරන්නේ ඇයි...?

මීනු... මම ආදරේ විශ්වාස කරන්නෑ... මං බයයි මීනු... මං බයයි... මං ආදරේට බයයි... මාව රවට්ටයි මට බොරු කරයි කියලා බයයි මීනු... ඔයා එහෙම නොකරන බව මං දන්නවා... ඒත් මට බයයි මීනු... මට බෑ ආයේ විඳවන්න... එකම දේ ආයේ සැරයක් උනොත් මට පිස්සු හැදෙයි... මට බෑ මීනු... මං බයයි...."

තනිව තමාටම මුමුණ ගත් ෂේන් දනහිස් නවා සිය මුහුණ දණහිස් මත සඟවාගත්තා.....

මේ කිසිත් නොදන්න මිනූෂ නිදි දෙව්දුවගේ තුරුලේ නැලවෙමින් සිටියා....

.

.

.

"Hello? Sri Lankan Air Line?"

"............"

"ඔස්ට්‍රේලියා වලට යන ඊලග ෆ්ලයිට් එක කවද්ද...?"

"............."

"ඔහ් එහෙමද... ඊලග එක....?"

ෂේන්ගේ මුහුණ වෙනස් වන අයුරු මිනූෂ සිය ඇගිල්ලක් සපමින් බලා සිටියා...

"ඒක කීයටද මෙහෙන් ෆ්ලයි කරන්නේ...?"

"............."

"ඕකේ.. බිස්නස් ක්ලාස් එකේ වින්ඩෝ ශීට් එකක් බුක් කරන්න මං දැන් පේ කරනවා"

ඇමතුම විසන්ධි කරමින් ෂේන් මිනූෂ දෙස බැලුවා..

"කවද්ද...?"

ෂේන් සමග සිටීමට තිබූ ආසාව නිසාම මිනූෂගේ පලමු ප්‍රශ්නය වුනේ එය.. ගුවන් යානය පිටත් වන දිනය තෙක් ඔහුට ෂේන් සමග සිටිය හැකීනේ...

"හෙට එක ෆුල් ලු... අනිද්දා ඊලග එක... මෙහෙන් රෑ හතට ෆ්ලයි කරනවා"

"හ්ම්ම්"

"මීනු...?"

මිනූෂගේ වෙනස් වූ මුහුන දෙස බලා ෂේන් කතාකළා... සතුටු විය මුත් දුකෙන් පෙළෙන ඔහුගේ මුහුණ දෙස ෂේන් බලා සිටියා...

"ඇයි ෂේන්?"

"මට ඇත්ත කියන්න ඔයා අකැමැතිද මේ දේට.."

"අනේ එහෙම නෑ... ෂේන්.. මං දෙයක් ඉල්ලන්නද...?"

තමා අසලම තමාගේ ඇදේ ඉදගෙන ඉන්න ෂේන්ගේන් බලාපොරොත්තු දැල්වෙන දෑසෙන් මිනූෂ ඇසුවා..

"Sure"

"මෙහෙන් යන්න කලින් මට පන්සල් යන්න ආසයි ෂේන්... අනේ අද හවස යමුද...?"

"පන්සල්...?"

"ඔව්... මං මැප් එකේ බැලුවා මේ ළඟ පන්සලක් තියෙනවා... වැඩි දුරක් නෑ.. ප්ලීස් ෂේන්.. මං දන්නවා මේක අවධානම් කියලා අපි කැබ් එකක් දාන් යමුකො..."

ක්‍රියාව අවධානම් සහගත වුවත් මිනූෂගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම් ෂේන් හිස සලා ඊට එකග වූ විට මිනූෂගේ දෑස් සතුටෙන් දිදුළන්නට ගත්තා...

"ඕකේ තව පැයකින් රෙඩි වෙන්න... අපි හතරට වගේ යමු දැන් දෙකයිනේ..."

"තැන්ක් යූ ෂේන්.. තැන්ක්‍යූ සෝ මච්"

සතුටටම මිනූෂ ෂේන්ව වැලදගනිද්දි බලාපොරොත්තු නොවූ ස්පර්ශයෙන් ෂේන් ගැස්සී ගියද ඔහු ආපිට මිනූෂව වැලදගත්තා...

දෙදෙනාගෙම හර්ද ස්පන්ධනය වේගවත් වෙද්දි ෂේන් මිනූෂට නොදැනෙන්න හොර රහසේම මිනූෂව සිය තුරුලට ගත්තා...

.

.

.

-----------------------------------

ආ ළමයි කොහොමත😁

ලස්සනද අද එක...?

ඔන්න දෙන්නගෙ හැඟීම් ගැන අද ඔයලට කිව්වා...

ෂේන් පව් නේ...

මිනූෂත් පව්...

මාත් පව්...

ඔයලත් පව්...

මෛන්ද මාතියත් පව්...

සජබෙත් පව්....

ඒකනෙවෙ...

96 මූවි එක ඔයාලා බලලා තොයෙනවද🙄 නැති අයත් ඇතිනේ... මෙන්න මේකයි සීන් එක 😁

කෙල්ල ජානු.. කොල්ලා රාම්... ස්කෝලේ කාලේ ලව් එකක්.. කොහොමහරි දෙන්නා අතර ප්‍රශ්නයක් වෙලා ලව් එක මගදි පොඩ්ඩක් අව්ල් යනවා.. (මන් මැද ටික බලල නැ මුලයි අගයි බලල තියෙන්නෙ... කොහොමහරි දෙන්න සෙපරේට් වෙලා ඉන්නෙ හයි ස්කූල් යනකොට ඒත් තාම ලව් දෙන්නට දෙන්න හරිත)

ඉතින් ජානු බලන් ඉන්නව රාම් එනකන් හැමදාම හයිස්කුල් එකෙත්... රාම් මැඩ්‍රාස් වල හයි ස්කූල් එක වෙන කොහෙවත්.. දුරයි... ඒත් ජානු බලන් ඉන්නව මීට් වෙන්න එයි කියල..

ඉතින් දවසක් රාම් එනවා... ඒත් ඒක ගර්ල්ස් ඔන්ලි නිසා එයා ඇතුලට යන්නැ.. එයා එලියෙ ඉදන් වසන්ති කියල කෙල්ලෙක් අතේ පනිවිඩේ යවනව කේ. රාමචන්ද්‍රන් හබෙන්න ඇවිත් ඉන්නව ජානුට කියන්න කියලා...

වසන්ති ගිහින් ජානුට කියල ගේට් එක පෙන්නුවත් වසන්තිට කොල්ලගෙ නම අමතක වෙනව.. කොල්ලෙක් බලන් ඉන්නව කියල තමා කියන්නේ... වැඩේ කියන්නෙ ජානු එදා දකින්නෙ රාම්ව නෙවෙ ජානු පස්සෙ ඇවිත් වද දෙන කොල්ලව... කරුමෙට ඒ කොල්ලත් ඒද ගේට් එක ගාව ඉදන් ජානු දොහා බලන් ඉන්නව.. ජානු රාම්ව දකින්නැ රාම් තාප්පෙට කවර් වෙලා...

පනිවිඩෙ එව්වෙ වදකර කොල්ල කියල හිතන් ජානු වසන්ති අතේම අයේ එන්නෙපා කියල බැනල යනව්.. වස්න්තිත් ගිහින් රාම්ට කිය්න්ව් ආයේ වද දෙන්න් එන්න එප කිව්ව් කියල..

තමන්ව ජානුට වදයක් කියල හිතල රාම් යනවා... මුකුත් නොදන්න ජානු රාම් එනකල් බලන් ඉන්නවා... රාම් ගියත් එයා හොරෙන් ජානු ගැන හැමදේම බලනවා.. මොකද කරන්නෙ කෑවද බීවද ඉගෙන ගන්නවද පරිස්සමින් ඉන්නවද ඒ ඔක්කොම... ජානු පස්සෙ එන කොල්ලටත් රාම් ගහනව...

ජානු මේ මුකුත් දන්නැ...

ඉතින් කාලේ එක්ක ජානුට සිද්ධ වෙනවා බඳින්න. එයා අකැමැත්තෙන් ගෙදර කීමට කොල්ලෙක්ව බදිනව.. ඒත් එයා ලව් රාම් ට... ඒ බඳින දවසෙත් රාම් එනව ජානුගේ මන්ඩපේට... ජානු ඒක දන්නෙත් නැ..

ජානු හිතෙන් හිතනව් ෆිල්ම් වල වගේ රාම් මන්ඩපේට ඇවිත් ජානු මගෙ විතරයි කියලා එයාව එක්ක යයි කියල.. ඒත් රාම් එතනින් පුල්‍ය්වන් තරම් දුර යනව තැල්ල බඳින්න කලින්.. කාටද පුලුවන් තමන් ලව් කරන කෙනා වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න..?

රාම් හිතන්නෙ ජානුටඑයාඅ එපා , වදයක් කියල.. ඒකයි එයා එහෙම කරන්නෙ. එ කොල්ල එක්ක ජානු සතුටෙන් ඉදි කියල රාම් පැත්තකට වෙනව..

බන්දට පස්සෙ ජානු සිංගප්පූරුවට යනව බැන්ද කෙනා එක්ක..

කොහොමහරි අවුරුදු විසි දෙක්කට වගේ පස්සෙ 96 සෙට් එක, ඒකියන්නෙ රාම්ලගෙ බැජ් එක, බැජ් පාටි එකක් ඕගනයිස් කරනවා.. ඒකට ජානු සිංගප්පූරුවෙනිදන් එනව.. ඒතකොට එයාට දුවෙකුත් ඉන්නව.. දුව එහෙ දාලා එන්නෙ තනියෙන් ජානු..

එතනදි තමා අවිරිදි ගානකින් දෙන්නා ආයේ හම්බෙන්නෙ... රාම් බැදලනැ... එයා තම ජානු ට ලව්... ජානු බැදල ළමයෙක් ඉන්නව උනත් එයා ලව්... රාම්ට තියෙන්නෙ අයිතිකරගන්න ඕනෙ කියන ආදරෙ නෙමෙ... එයා සතුටෙන් ඉන්න ඕනේ සැනසීමෙන් ඉන්න ඕන කියන ආදරේ....

අර ජානු හයිස්කුල් එකෙදි කොල්ලො දෙන්නා මාරු කරගත්තු සීන් එක ඔතනින් තමා දෙන්නට තේරෙන්නේ... ඒකියන්නෙ එයාලා අතීතේ ගැන කතාකරනකොට ජානු අහනව ඇයි නාවෙ කියල... රාම් කියනව මං ආව් කියල.. ඊට්ප්ස්සෙ දෙන්නට තේරෙනවා මොකද උනෙ කියල.. සමහරවොට එද ාජානු රාම්ව දැක්කනම්, වසන්තිට රාම්ගෙ නම මතක තිබ්බනම් ඒ දෙන්නා එකතු වෙන්න තිබුණා...

ඒක දැනගත්තම ජානු හොදටම අඩනවා... රාම් වලහෙක් වගේ කොන්ඩ රැව්ල් වවල.. ජානු සැලුන් එකට එක්ක ගිහින් දහය වසරෙ ළමයෙක් වගේ කොන්ඩෙ කපන්න කියනව..

ෆිල්ම් එක පට්ට ල්මයි.. බලල නැති අය බලන්න...

අන්තිමට ජානු පහුවදම ආයෙ යනව දු ව තනියෙන් නිසා... ඒ මුලු රෑම එයාලා අතීතෙ මතක වර්තමානේ සිද්ධි ගැන කතකර කර ඉන්නව... රාම් ජානුව අල්ලන්නෙවත් නැ... එයා දන්නව ජානු දැන් වෙන කෙනෙක්ගෙ කියල...

අන්තිමට ජානු රාම් ගේ ඇස් වහල අරම අඩනව... කාගෙන ෆිල්ම් එක බැලුව මටත් ඇඩුනෙ එන්න එතනදි 🥹 ඉතින් මං ශේන්ව්ත් ඇඩෙව්ව එතනින් 🌝😌

ඒක බැලුවම රාම්ගේ ආදරේ ගැම පුදුම හිතෙනව ළමයි...❤️ මාර ඉමෝශනල්,රොමෑන්ටික් ෆිල්ම් එකක් ඒක... ආයේ කතා දෙකක් නැ masterpiece එකක් ❤️

හෑල්ල කියෙවු ඔබ ස්ම්ද්ට් මගෙ හද පිරි මෙව්ව එක්

පන්සල් යං... සුදුඇඳන් මල් කඩන් ලෑස්ති වෙන්න😌

මං ගියා.... පරිස්සමින් ඉන්න හැමෝම...

කැමති අය බලන්න....

කවදාවත් බඳින්නැ කියන කෙල්ලෙක්ගෙන් කොල්ලෙක්ගෙන් අහල බලන්න ඇයි එහෙම කියන්නේ කියලා, අවුරුදු ගානක මතක ආවර්ජනේ එක්ක ඒ කොල්ලා, කෙල්ල කියයි එකම එක මනුස්සයෙක් ගැන.. එක්තරා කාලෙක තමන් පණ වගේ ආදරේ කරපු, ඒත් මඟින් අතෑරුණු.....

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!