Chapter 7 of 8

හයවන නැවතුම 🚄

Window Seat - Taekook Nonfic3,394 words~17 min read

.

.

"ඔයා යන්න මං මල් අරන් එන්නම්"

"මං පේ කරන්නම් ෂේන්... ඔයා දැනටමත් හුගක් දේවල් වලට සල්ලි වියදම් කලා..."

"කිව්ව දේ කරන්නකො මිනූෂ...."

ෂේන් මිනූෂව පන්සලේ ඇතුල්වීම දෙසට තල්ලු කරමින් පැවසූ විට මුඛ ආවරණයකින් සිය මුහුණ වසාගෙන සිටි මිනූෂ කිසිත් නොකියා පන්සල තුළට පිවිසෙන ගේට්ටුව අසලට ගොස් ෂේන් දෙස බලාසිටියා...

තමාගේ ඉල්ලීම පරිදිම ෂේන් මිනූෂව යාබඳව පිහිටා තිබූ කුඩා පන්සලක් වෙත කැබ් රථයකින් කැටුව එද්දි මිනූෂගේ ආරක්ශාව පිණිස ඔහු ෂේන්ගේ කීම පරිදි මුඛ ආවරණයක් පැළඳගෙන සිටියා...

ගතවුණු දවස පුරාවටම හෝටල් කාමරයේ මෙන්ම අනෙක් වියදම් හා තමාගේ ගුවන් ගමන් බලපත්‍රයේ වියදම පවා ෂේන් කැමැත්තෙන් දරද්දී ඊට මිනූෂගේ සිත නම් එකඟ වූයේ නැ.. එම නිසාම හැමවෙලාවකම කුඩා දෙයකට හෝ මිනූෂ වියදම් කිරීමට ඉදිරිපත් වූවද පෙර සේම ෂේන් කරන්නේ මිනූෂව පසෙකට කොට වියදම් තම මුදලෙන් පියවීමයි...

සුදු නෙළුම් මල් මිටක්, නිල් මානෙල් මල් මිටක් හා පිච්ච මල් වට්ටියක්ද හඳුන්කූරූ පොල්තෙල් කපුරු ආදියද මිලට ගෙන අමුද්‍රව්‍ය සියල්ල එක් බෑගයකද මල් මිටි සියල්ල එක් අතකද රඳවාගෙන පරිස්සම් ගමනෙන් තමා වෙත් ඇවිද එන ෂේන් දෙස මිනූෂ බලා සිටියා...

සිරුරට තරමක් විශාල දිග අත් ඇති සුදු පැහැ කමිසයක්ද, ලා නිල් පැහැ කලිසමකින්ද සැරසී සිටින ෂේන්ගේ රුව මිනූෂගේ සිත් ගත්තා... නිතරම කළු පැහැ ඇදුමකින් සැරසෙන ෂේන් සුදු පැහැයෙන් සැරසීගෙන සිටීම මිනූෂගේ සිත සෙලවීමට කාරණාව වූවා...

"ආ මේක ගන්න..."

පහන්තිර ද්‍රව්‍ය දමා තිබූ බෑගය මිනූෂ වෙත දෙමින් ෂේන් සිය එක් අතක තිබුණු මල් තම දෙඅත් අතරේ බෙදාහැරියා...

"නාරටි වලින් වතුරයි කහටයි බේරෙනවා ෂේන්... ඇඳුමේ ගාවගන්න එපා යවන්න අමාරුයි පැල්ලම්... අයියෝ... කියලා කට ගත්තා විතරයි"

තම සුදුපැහැ කමිසයේ තිබෙන අඳුරු පැල්ලම දෙස බලා ෂේන් වරදක් කළ කුඩාදරුවෙක් මෙන් මිනූෂ දෙස බලද්දි මිනූෂ සිය නළලේ අතක් ගහගත්තා...

"ඔයා මේක ගන්න... දෙන්න මල් ටික මං ගන්න"

බලෙන්ම ෂේන් අතැති මල් සියල්ල සිය දෑතට ගෙන තම අතක තිබුණු බෑගය ෂේන්ගේ අතට දෙමින් මිනූෂ පවසද්දි ෂේන් කිසිත් නොපවසා මිනූෂගේ කීමට කීකරු වුණා...

ඉන් මිනිත්තු තිහක් ගත වුණු තැන ෂේන් සහ මිනූෂ දෙදෙනා තෙල් පහන් මල් සියල්ල පූජා කොට අදාළ ගාථා පවසමින් වන්දනාමාන කොට වැලිමළුවේ කොනක අසුන් ගත්තා...

ඒවන විට රාත්‍රී හත පසුව තිබුණු අතර අන්ධකාරය රජයන පරිසරය පිළිබඳව අනුකම්පාවෙන් අඩ සඳ බැබළෙමින් කුඩා ආලෝකයකින් මිහිපිට ආලෝකමත් කරමින් තිබුණා...

"තැන්ක් යූ ෂේන්... තැන්ක් යූ සෝ මච්...."

සඳ එළිය අතුරාගෙන දිදුළන චෛත්‍යය රාජාණන් වහන්සේ වෙත සිය නෙත් යොමුකරමින් සන්සුන් හඬකින් මිනූෂ මිමිනුවද ෂේන් කළේ සියුම් ශබ්දයක් නැගෙන ලෙස සිනාසීම පමණයි... 'ඒක මට ඔයා වෙනුවෙන් සුළු දෙයක්' යන අදහස එම සිනහව ගැබ්ව තිබූ අතර මිනූෂ හදුනාගත්තේ 'ඒක මට සුළු දෙයක්' යන අර්ථය පමණයි..

"පන්සල් එන්න කැමතියිද...?"

"පන්සල් එන්න අකැමැති කෙනෙක් ඉන්නවද ෂේන්... හිත නිවන තැනක්නේ...."

"මගේ හිතනම් නිවෙන්නේ ළඟ ඉන්න කෙනා අනුව..."

වැලි මලුවේ අතුරා තිබූ වැලි ස්වල්පයක් සිය අතකට ගනිමින් ෂේන් පැවසූ විට මිනූෂ ඊට කිසිදු පිළිතුරක් ලබා නොදී සිටියා...

මිනිත්තු පහක් පසුවන තෙක්ම ඔව්න් දෙදෙනා කිසිදු කතාබහක් නොමැතිව ගතකළා... පන්සල මිනූෂගේ සිත නිවන බවක් ඔහුගේ මුහුණෙන් දිස්වූ සන්සුන් බවෙන් ෂේන් හට වැටහෙද්දි අවධානමක් ගෙන හෝ මිනුෂව පන්සලට රැගෙන ඒමට තමා ගත් තීරණාත්මක තීරණය පිළිබඳව ෂේන් සතුටු වූවා...

නමුත් එක්වරම තම මතකයට ආ දෙයක් නිසා ෂේන් සිය කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය ඔහුගේ අතකට ගෙන මිනූෂ දෙස බැලුවා..

"Hey meenu..."

මිනූෂගේ මනෝලොවට බාධාවක් නොවන අයුරේ ස්වරයකින් ෂේන් මිනූෂට කතාකරද්දි ඔහුගේ එක් ආමන්ත්‍රණය හමුවේ මිනූෂගේ දැස් ෂේන් වෙත යොමු වූවා...

"Can I get your number...?"

සැබැවින්ම... ඔව්න් දිනයකට හෙඹි කාලයක් එකට ගතකළමුදු ෂේන් අසලවත් මිනූෂ අසලවත් එකිනෙකාගේ දුරකථන අංකයන් තිබුණේ නෑ.. ඒනිසාම මතක් වූ මොහොතේ ෂේන් මිනූෂ්ගෙන් එය ඉල්ලා සිටියා...

මිනූෂද කිසිදු පැකිලීමකින් තොරව සතුටෙන් ඔහුගේ පුද්ගලික අංකය ෂේන් වෙත ලබා දෙද්දි එය සනිටුහන් කරගැනීමට නමක් ෂේන් සිතුවා..

'Minusha'

ලෙස ඔහු එය සටහන් කළද ක්ෂනයෙක් මකා දමා,

'Meenu'

ලෙස සටහන් කරගත්තා...

මේ අතර ෂේන්ගේ අංකය ලබාගැනීමට ෂේන්ගෙන් සිය අංකයට ඇමතුමක් ලැබෙන තෙක් මිනූෂ සිය දුරකථනය දෙස බලාසිටියා...

"I sent a msg"

"Oh okay... got it"

නාදයක් නිකුත් වූ සිය දුරකථනය අතට ගත් ෂේන් දෙවරක් නොහිතාම එම අංකය ,

'ආශු ❤️'

ලෙස සටහන් කළා... 'අශාක්‍ය' යන නාමයෙන් ඇහිදගත් අක්ශර දෙකකින් නිම වූ එම නාමය මිනූෂගේ සිතට ආ ක්ෂනයෙන් ඔහු එය සටහන් කරගත්තා...

මේ අතර තම අංකය දුරකථ්නයේ සටහන් කරගනිමින් සිටින් මිනූෂගේ දුරකථනය දෙස බලා කටකොනෙන් රදවා ගත් සිනහවත් සමඟ තමාට කිසිසේත්ම අදාළ නොවන පැනයක් ෂේන් මිනූෂගෙන් විමසුවේ මිනූෂ තරමක් පුදුම වෙද්දි..

"ඔයාගේ ක්‍රශ් එකව කොහොමද ඉතින් සේව් කරලා තියෙන්නේ..."

හිස දෙපසට වනමින් වපර ඇහෙන් මිනූෂ දෙස බලමින් ෂේන් සෙල්ලක්කාර හඬකින් විමසුවේ දුරකථන තිරය දෙස බලා සිටි මිනූෂගේ දෙනෙත් ෂේන් වෙත යොමුවෙද්දි...

"ඇයි ෂේන් එහෙම අහන්නේ...?"

"Ah.. just asked..."

යලිත් සෙල්ලක්කාර හඬකින් ෂේන් එසේ පැවසුවද සැබැවින්ම ඊට හේතුව ඔහුද නොදැන සිටියා...

"මම එයාට දීපු නික් නේම් එකක් තියෙනවා... ඒ එක්ක හාට් එමොජියක් දාලා සේව් කරන් ඉන්නේ ෂේන්..."

"හ්ම්ම්"

කුමක් හෝ හේතුවක් නිසා මිනූෂගේ පිළිතුර සමඟ ෂේන්ගේ සිත බිඳී යද්දි ඔහු ඉන් එහා කිසිත් නාහා නිහඬව කාලය ගත කළා...

"ඔස්ට්‍රේලියා ගියහම ඒ නම්බර් එක මට සෙන්ඩ් කරන්න"

"හ්ම් හරි ආ--ෂේන්..."

මොහොතකට පෙර සිතේ ඇදි අන්වර්ථ නාමය පිටවීමද ගියද වහාම එය වලක්වා ගත් මිනූෂ සාමාන්‍ය ලෙස කතාබහ කලා...

කුඩා කුඩා සංවාද හමුවේ ගෙවී ගිය අඩ හෝරාවක පමණ කාලයකට පසු ඔව්න් දෙදෙනා රාත්‍රී අටේ කණිසමට ලන් වූ මොහොතේ රාත්‍රී බෝජනයද කැටුව කැබ් රථයේම නැඟී හෝටලය වෙත ගමන් කිරීමට තීරණය කරා...

"මීනු...?"

කැබ් රථයේ නැඟී ගමන් ගන්නා අතර හදිසියේ සිය මනසට් ආ ප්‍රශ්නයක් විමසීමට ෂේන් මිනූෂට කතාකළා...

"කියන්න ෂේන්"

"තව යන්න කැමති තැන් තියෙනවද...?"

ෂේන් මිනූෂ දෙස බලා එසේ විමසූවේ එවන් තවත් ස්ථාන තිබිය නොහැකි නිසාවෙන්...තවත් එකදු ස්ථානයක් හෝ ඇතැයි අනුමාන කරමින් ෂේන් එසේ විමසුවේ මිනූෂ පිටව යාමට පෙර ඔහුගේ ආශාවන් ඉටුකිරීමට ඇති කැමැත්තෙන්...

නමුත් ඊට ලැජ්ජාවක් හා අපහසුතාවක් මුසු මුහුණෙන් මිනූෂ බිම බලාගත්තේ ෂේන් මුවඟට හිනහවක් එක් කරමින්...

"Tell me... Beach, restaurant, parks anywhere..."

"Club..."

"What??"

එකවරම මිනූෂගේ මුවෙන් පිටවූ වචනය අදහාගත නොහැකිව පුදුමයෙන් ෂේන් තරමක් සද්දෙන් කෑගසද්දි සිටින්නේ කැබ් රථය තුළයි යන වග වටහාගත් ෂේන් හඬ බාල කරගත්තා...

ෂේන් කිසිසේත්ම මිනූෂගෙන් එවන් පිළිතුරක් බලාපොරොත්තු නොවූ නිසාම ඔහු ඉන් පුදුමයට පත් වූවා...

"ආ යූ සීරියස්..?"

"යෙස් ෂේන්... එහෙ ගියාම අම්මා මට ක්ලබ් වලට යන්න දෙන එකක් නෑ..."

"ඔයා කවදාවත් ගිහින් නැද්ද...?"

ෂේන් විමසූ විට මිනූෂ කලේ නැත යන්න ඇගවීමට හිස දෙපසට සැලීම පමණයි..

"ඔයා ගිහින් තියෙනවනේ... මාවත් එක්කන් යන්නකො ෂේන්..."

තරමක උසිගැනීමේ ස්වරයකින් මිනූෂ ෂේන්ට පවසද්දි මිනූෂගේ වයස සමඟ එහි වරදක් නොමැති බවද ෂේන්ට වැටහී ගියා..

"ක්ලබ් වල වෙන්නේ මොනාද කියලා දන්නවද...?"

"ෆිල්ම් වල දැකලා තියෙනවා ඉතින්... බීලා නටනවනේ..."

මිනූෂ සිනාසී පැවසුවද එම පිළිතුර ගෙනාවේ ෂේන්ගේ මුවඟට සිනාවක්..

"There are more than drinks and dj meenu..."

"ශේන්..?"

"ඔයත්... අයි මීන්... ගර්ල්ස්ලා එක්ක..."

වචන අහුලමින් ලැජ්ජාවකින් මිනූෂ විම්සන දෙය වටහාගත් ෂේන් හිස දෙපසට වැනුවේ එසේ නොවන් වග ඇගවීමට...

"No meenu... I just got drunk and enjoyed to ignore the pain..."

"Ah okay..."

කෙසේවෙතත් ෂේන්ගේ පිලිතුර මිනූෂගේ සිත සතුටු කරද්දී ෂේන්ට අවශ්‍ය වූයේම මිනූෂගේ සිත සොරාගත් පුද්ගලයාව දැන හැදින ගැනීමට පමණයි... එම නිසාම ඔහු මිනූෂගේ ආශාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට මඟක් සොයද්දි යලිත් ඔහුගේ කටකොනේ සිනාව වැජඹුනේ ඔහුට අදහසක් ලැබුණු නිසාවෙනි...

"ඔයාගේ ක්‍රශ් එකනම් කැමති වෙන එකක් නෑ ඔයා ඔහොම ක්ලබ් ගානේ යනවට... ඕන්නම් අපි එයාවත් එක්කන් යමු...."

ඇගට නොදැනී ෂේන් අවැසි දේ අසද්දි මිනූෂගේ තත්ත්වය නම් ඔහු හිතුවාටත් වඩා හාත්පසින්ම වෙනස් වූවා..

තමා ආදරය කරන පුද්ගලයා සමඟම ඔහු සමාජශාලා වෙත යාමට කතාබහ කරගනිද්දි ඔහුව රැගෙන එන ලෙසටද ඔහුම තමාට පවසද්දි මිනූෂගේ සිත සිනසුනා...

"නැ නැ ඕන්නෑ... අනික එයාට ඒක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑනේ ෂේන්..."

මිනූෂ සිත යටින් සිනාසෙමින් තමාට යාබඳව හිඳගෙන සිටින ෂේන් දෙස බලා පවසද්දී එම පිලිතුරෙන් ෂේන් තරමක් පැටලුම් සහගත වූ බවක් ඔහුගේ මුහුනෙන් පෙනෙන්නට තිබුණා..

"ඒ ඇයි එහෙම කියන්නේ...?"

ෂේන් සිය එක් ඇහිබැමැක් විහිදුවමින් ඇසුවේ මිනූෂගේ පිළිතුරේ අගක් මුලක් ඔහුට තේරුම් ගැනීමට අපහසු වූ නිසාවෙන්...

"මම එයාට ආදරේ කරාට එයාගේ හිතේ මම ගැන එහෙම දෙයක් නෑනේ ෂේන්... ඉතින් මන් කොහෙ ගියත් ඒක එයාට ප්‍රශ්නයක් වෙයි කියලා මන් හිතන්නෑ..."

සරලව නමුත් වේදනාවක් මුසු කට හඬකින් මිනූෂ ෂේන්ගේ කාලවර්ණ දෑස් දෙස බලාම පවසද්දි ෂේන්ගේ හදවත හිරිවැටී ගියේ එම හේසල් පැහැ දෑස් තුල ගැබ්ව තිබූ විරහව ඔහු අදුනාගත් නිසාවෙන්..

නමුත්...

අදුරු වලාවක් පසුපස ඇති රිදී රේඛාවක් සේ මිනූෂගේ කියමනේ තිබූ අඳුරු බව පසෙක ඇති රිදී රේඛාවද ඉක්මනින් හදුනාගත් ෂේන්,

"ඒකියන්නේ තව කෙනෙක්ට චාන්ස් එකක් තියෙනවා..."

පෙනෙන නොපෙනන තරමක කටකොනකට නගාගත් සිනහව සමඟ ෂේන් විමසද්දි මිනූෂ තරමක් පුදුම වී මඳක් දෑස් විසල් කොටගෙන ෂේන් දෙස බැලුවා...

(Ignore ear-ring)

"no.. i said if you are the only one who loves, then someone can love you.. right..?"

මිනූෂගේ බැල්මේ තිබුණු අරුත වටහාගනිමින් ෂේන් පැවසූවද ඔහුගේ සිතේ සතුටක් තිබුණා..

තමා තවමත් ආදර සම්බන්ධයකට සූදානම් නොවුනද, තමාට ආදරය පිලිබඳව තඹ දොයිදුවක තරමකවත් විශ්වාසයක් නොතිබුණද, මිනූෂ තනිකඩව සිටීම ඔහුව සතුටට පත් කළා... මිනූෂ වෙනත් කෙනෙකුට ආදරය කිරීම හෝ මිනූෂට වෙනත් කෙනෙකු ආදරය කිරීම ෂේන්ගේ සිතේ දුකක්, ඊරිෂ්‍යාවක් මෙන්ම තරමක තරහක්ද ඇති කළා..

ඔව්... ඔහු මිනූෂගේ කාරණාව හමුවේ බෙහෙවින් ආත්මාර්ථකාමීත්වයක් දැරුවා...

"මට කවුරු ආදරේ කලත් මගේ හිතේ ඉන්නේ එයා විතරයි ෂේන්.. ලැබුණත් නොලැබුණත්, අදටත් හෙටටත්, මගේ හදවත එයා ගාවම තියෙයි..හැමදාටම"

"බට් මීනූ එයා ඔයාගේ හදවත පරිස්සම් කරේ නැති උනොත් එහෙ--"

"එක්ස්කියුස් මී සර්; අපි හොටෙල් එකට ආවා.."

නොලැබෙනා ආදරයක් වෙනුවෙන් සිය හදවත සදහටම පුදනා බව මිනූෂ පවසන විට ෂේන්ට දැනුණේ පරාජිත හැඟීමක්.. ඒනිසාම ඔහු මිනූෂගේ අදහස වෙනස් කිරීමට තැත් කළද ඔවුන්ට ලැබී තිබුණු කාලය අවසන් වෙද්දි අවශ්‍ය මුදල් ගෙවා ඔව්න් කැබ් රථයෙන් බැස හෝටලය වෙතට පිවිසියේ පහළ මහළේ තිබුණු අවන් හලෙන් රාත්‍රී ආහාරයට කෑමද රැගෙනයි...

.

.

.

"වෙන එකක්!"

"එපා ඕපන් වැඩියි!"

"told you once! Don't use patched denims meenu!"

"ඔය... ඔය උඩ බොත්තම දාගන්න.."

"එතකොට හිරයි ෂේන්..."

මිනූෂ සිය රතු පැහැ කමිසයේ උඩම බොත්තම දෙස බලමින් පැවසූ විට ෂේන් හුස්මක් පහත දමා හිඳගෙන සිටි සෝෆාවෙන් නැගිට මිනූෂ වෙත පියමැන්නා...

"මන් ගාවම ඉන්න.. ඩ්‍රින්ක්ස් ගන්න ඉට්ස් ඕකේ... එන්ජෝයි යුර්සෙල්ෆ් බට් බී කෙයාෆුල්.. ස්ටේ අරව්න්ඩ් මී ඕකේ?"

රතු පැහැ කමිසයට තරමක් හිර කලිසමකින් සැරසී සිටි මිනූෂගේ දෙඋරහිසෙන් අල්ලා ෂේන් මිනූෂට අවවාද පෙළක් දෙද්දී මිනූෂ ඒ සියල්ල හිස සලමින් පිලිගත්තා..

හෙට දිනයේ හවස හතට ශ්‍රී ලංකාවෙන් පිටව ඕස්ට්‍රේලියාව වෙත ගමන් අරඹන ගුවන් යානයේ පළමු පන්තියේ අංක 13W ආසනය මිනූෂ වෙත වෙන් වී තිබියදී මිනූෂගේ තවත් ආශාවක් ඉටු කිරීම පිණිස ෂේන් මිනූෂව රාත්‍රී සමාජශාලාවක් වෙත කැටුව යාමට ඔහුව සූදානම් කරමින් සිටියා..

සමාජශාලා තුල සිටිනා විවිධාකාරයේ පුද්ගලයන් මෙන්ම ඔව්න්ගේ අවශ්‍යතා හොඳින් දන්නා ෂේන් කිසි අයෙකුගේ වරදකාරී බැල්මක් මිනූෂ වෙත එල්ල නොවී සිටීමට ඔහුව සූදානම් කරන්නට පෙළඹුණා..

ෂේන්ද කළු පැහැ කමිසයකින් හා කලිසමකින් සැරසී සිටිය අතර ඔහු උදේ සහ දවල් වේලාවම මිනූෂට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමෙහි ලා කාර්‍යබහුල වූවා.. උදේ දවල් වේලාවන් මිනූෂගේ ආරක්ශාව පිණිස ෂේන් ඔහුව කැටුව නොයද්දි මිනූෂ සිය සිතුවිලි අතර එම කාලයම ගෙවා දැමුවා..

"හ්ම්ම් කොණ්ඩෙ හදන් එන්න"

මිනූෂගේ දෑස් දෙස බලා සිටි ෂේන් කණ්නාඩි මේසය මත තිබූ කුඩා පනාව මිනූෂගේ අත තබමින් එහිම පසෙක වූ ජෙල් පැකැට්ටුව කඩා ඉන් මදක් සිය අත්ලට ගෙන පැ‍කැට්ටුවද මිනූෂගේ අතේ රඳවා සිය හිසකෙස් සඳමින් කාමරයේ දොර දෙසට ඇවිද යන අයුරු මිනූෂ නිහඬව බලා සිටියා..

"ඒ ඔයා කියලා දන්නවනම් ඔයා මේ විදිහට මන් එක්කම ඉන්නවද ආශු...?"

ෂේන්ගේ පසුපස රූපය දෙස බලාගෙන මිනූෂ තමාටම මුමුණාගත්තේ ඔහුගේ සිත නැවත වරක් වේදනාවකින් බර වෙද්දි..

ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔව්න් දෙදෙනා පුරුදු පරිදිම කැබ් රථයේ නැඟී සමාජ ශාලාවක් වෙත පිටව ගොස් සිය හැඳුනුම්පත් හා අනෙකුත් අවශ්‍යතා පෙන්වා ශාලාව තුළට ගමන් කළා..

ශාලාවට ඇතුල් වූ මොහොතේම ෂේන් පෙරමුණ ගත් අතර ෂේන්ගෙ එක් අතක ඇඟිලි මිනූෂගේ අතැඟිලි අතරේ හාද වෙමින් තිබුණා..

බීමතින් ඇ‍ඟේ වැදෙන මිනිසුන්ගෙන් බේරාගෙන ෂේන් මිනූෂගේ අතකින් අල්ලාගෙන කොනකට පිවිසියා..සිය අතැඟිලි හා තදින් බැඳී ඇති ෂේන්ගේ අතැඟිලි දෙස බලමින් මිනූෂද ෂේන් සමඟම ඉදිරියට ඇදුණා...

ශාලාවේ කොනක තිබූ මේසයක් අසලට ගොස් ෂේන් මිනූෂව වාඩිකරවද්දි පලමු වතාවට ලද සජීවී අත්දැකීම් මිනූෂ විදිමින් සිටියා..

ඇස් නිලංකාර වන විදුළි ආලෝකයන්, දෙකන් බිහිරි කරවන සංගීතය, මත්පැන් සපයන සේවකයන්, සූදුවේ නිරත වන පොහොසතුන්,මත් වූ පිරිමින් හා ගැහැණුන් මෙන්ම කාමාචාරයේ යෙදෙන ගැහුණුන් පිරිමින් පවා මිනූෂගේ දෑස් වලට හසු වෙද්දි හිස හරවමින් අවට විපරම් කරන මිනූෂ දෙස බලමින් මිනූෂට ඉදිරි අසුනෙන් ෂේන් හිඳගත්තා...

තමාට අවශ්‍ය පරිදි අවට වටපිටාව නිරීක්ශනය කර ගත් පසු විසල් වූ දෑසින් මිනූෂ ෂේන් දෙස බැලුවේ මිනූෂගේ මුහුණේ ඉරියව් වලින් ෂේන්‍ඟේ මුවෙන් සිනහවක් එළි පනිද්දි..

"මොකද බයවෙලා වගේ... මන් කිව්වනේ ෆිල්ම් වලට වඩා දේවල් තියෙනවා කියලා..."

"නියමයිනේ!"

සිනාවෙන් පිරී ගිය ෂේන්ගේ මුහුණ එක්වර වෙනස් වූයේ මිනූෂ සතුටෙන් කියූ වචනය නිසයි..

"what!?"

මෙවර මිනූෂගේ මුහුන සිනහවකින් පිරී ගොස් තිබූ අතර ෂේන්ගේ දෑස් විසල්ව ගොස් තිබුණා..

ෂේන් සිතුවේ සැබෑ දසුන් දුටු මිනූෂ පුදුමයට පත් වූ බවක් වූවත් මිනූෂ ඉන් අමන්දානන්දයට පත්ව ඇති බව වටහා ගත් ෂේන්ගේ මුහුණ වෙනස්වුණා..

"super!"

ඒවර නැවතත් මිනූෂ ආසාවෙන් කෑගැහුවේ සේවකයෙක් පැමිණ ඔහු ඉදිරියෙන් තැබූ මත්පැන් බෝතල් නිසයි..

ඉක්මන් වූ මිනූෂ ෂේන් වෙත එක් බැලමක් හෙලා සිය මුඛාවරණය ඉවත් කළේ තමා මෙවන් ස්ථානයක සිටින බවට සිය පියා කිසිසේත්ම නිගමනය නොකරන නිසාවෙන්...

සතුට පිරී ඉතිරී ගිය නිසාදෝ මන්දා මිනූෂ සිනාසීගෙනම මත්පැන් බෝතලය කඩා එය වීදුරුවට වත් කරගෙන බීමට සැරසුනත් මිනූෂගේ සෑම චලනයක් පිලිබඳවම විමසිල්ලෙන් සිටින ෂේන් එක්වරම පහතට නැමී මිනූෂගේ මුවට ලං වූ මත් පැන් වීදුරුව උඳුරාගත්තේ මිනූෂ ප්‍රශ්නාර්ථ බැල්මකින් ඔහු දෙස බලද්දී..

"are you mad minusha?? Mix this with sprite or your throat gonna burn!"

තරමක් තදින් මිනූෂට අවවාද කරමින් පුරුදුකාරයෙකු මෙන් ෂේන් ස්ප්‍රයිට් බෝතලය කඩා ඉන් මදක් වීදුරුවට දමා කලවම් කොට නැවතත් මිනූෂගේ අතට දෙමින් තම ආසනයෙන් හිඳගත්තා..

"hey handsome.."

ෂේන් වෙතට ස්තූතිපූරක සිනහවක් පෑ මිනූෂ වීදුරුවෙන් එක් උඟුරක් තම මුවට ගෙන එය ගිල දමද්දී ෂේන්ද ඉස්සරහට නැවී තමා වෙනුවෙන් කුඩා වීදුරුවකට මත්පැන් සහ ස්ප්‍රයිට් ස්වල්පයක් දමා කලවම් කරගත්තද තමාට පසුපසින් ඇහුණු ගැහැණු කටහඬ නිසා ඔහු ඇස් රෝල් කර වීදුරුව අතට ගත්තා..

තමා ඉදිරියේ, ෂේන්ට අසලින් සිටන් සිටින කුඩා ගව්මක් හා තද ලෙස රූපලාවණ්‍යය ආලේප කරගෙන ඇති තරුණ වයසේ ගැහැණු ලමයා දෙස මිනූෂ අවධානෙන්, ඉවසීමෙන් බලන් සිටියා..

නමුත් ඔහුගේ ඉවසීම අහවර වූයේ එම කාන්තාව ෂේන්ගේ උරහිස ස්පර්ශ කල මොහොතේ... ඇයව ගානකට නොගෙන සිටි ෂේන්ද එම ස්පර්ශයෙන් ඇය දෙස බැලූ අතර එම බැල්ම රෞද්‍රතාවය පිරි බැල්මක් වූවා..

මේඅතර ඉදිරි දසුනෙන් සිය සිත ආයේ ආයේ කැඩී බිදී ගියේ ඊට විරුද්ධ වීමට තමාට හැකියාවක් හෝ ෂේන් පිළිබඳ අයිතියක් තමාට නැති නිසයි.. ෂේන්ට අවවාද කිරීමටද තමාට අයිතියක් නැතිවෙද්දී ඔහු වෙනතක් බලමින් මත්පැන් වීදුරුවෙන් වේගවත් ලෙස උඟුරු තුන හතරක් සිය මුවට ගත්තා..

"Hello Daddy!"

"F*ck off!!"

කාන්තාවගේ සියුමැලි මුත් පොළඹවනසුළු කටහඬට පසු තමා මෙතෙක් අසා නැති තරමේ ගැඹුරු, තරහව පිරුණු ෂේන්ගේ හඬෙන් ශාපයක් පිටවෙද්දි මුවට ගත් මත්පැන උඟුර සමඟම මිනූෂ හොරැහෙන් ෂේන් දෙස බැලුවා..

ෂේන් රෞද්‍ර ලෙස කාන්තාව දෙස බලාසිටින ආකරයත් කාන්තාව ඔහුගෙන් ඈත්ව තමා වෙතට පියමනින ආකරයත් දුටු මිනූෂ කිසිත් නොදැක්කා සේ යලිත් වෙනතක් බලාගත්තා...

"Don't you dare!!"

නමුත් ඊලඟ තත්පරයේම නැවතත් මිනූෂ ෂේන් දෙස බැලුවේ කලින්ටත් වඩා තරහව පිරුණු ෂේන්ගේ උස් හඬ ඔහුගේ දෙසවන් ගැටුණු නිසාවෙනි..

එවිට ඔහු දුටුවේ තමා අසලම සිටගෙන සිටින එම කාන්තාව හා ඇය දෙස ගිනි පිටවෙන දෑස් වලින් බලාසිටින ෂේන්වයි...

තවත් තත්පරයක් වත් නොරැඳ ෂේන්ගේ බැල්ම දරන්නම බැරි තැනදීද එම කාන්තාව ඔවුන්ගේ මේසය අසලින් පිටව යද්දි සිය කමිස බොත්තමක් ලිහිල් කරගත් ෂේන් අතැති වීදුරුව ක්ෂණයෙන් අවසන් කළා...

.

.

"ආ- ෂේන් අනේ එන්නකෝ......."

"මට නටන්න බෑ මීනු..."

"හැබැයි අඩනවා මන්..."

"දැන් පැය දෙකක් විතර ඩාන්ස් කරලනේ ආවේ! No no I am tired meenu.. come here sit down"

පැය තුනකට ආසන්න කාලයක් ඔව්න් මේ වනවිට ශාලාව ඈතුලත ගත කර තිබූ අතර සෙනඟද කෙමෙන් කෙමෙන් වැඩි වූවා... එම නිසාම ෂේන් යළිත් මත්පැන් නොගෙන සිටීමට තීරණය කරද්දී හෙට දින වෙන්ව යාමේ දුකටත් එක්කම මිනූෂ තරමටත් වඩා මත්පැන් පානය කර තිබුණා...

ඔහුගේ සීමාව ඉක්මවා ඇති බව රත් පැහැයට හැරි මුහුණෙන් හා හැසිරීමෙන් ෂේන්ට වැටහී යද්දි ෂේන් ඉක්මන් කර මේසය මත වූ බෝතල් සියල මිනූෂගේ ගුටි බැට හමුවේ පසෙකට කර දැමුවා...

අවසානයේ මිනූෂගේ දැඩි ඉල්ලීම හමුවේද නර්ථනය ප්‍රතික්ෂේප කලමුත් ෂේන්ට බැන වදිමින් තනිව දෙපසට වැනි වැනි නර්ථනයේ යෙදෙන පිරිස අතරට මිනූෂ එක්වෙද්දී මිනූෂගේ ආරක්ශාව පිණිස ෂේන් දෙවරක් නොහිතා මිනූෂ අසලටම වී ඔහුට ඇති තරම් වේලා ආරක්ශාකාරීව නර්ථනයේ යෙදීමට අවස්තාව සලසා දුන්නා...

මිනූෂගේ ඉරියව් ෂේන්ගේ සිත සතුටු කරවද්දි ඔහු සිනාසෙමින් මිනූෂගේ හැසිරීම් දෙස බලාසිටියා..

පැය දෙකකට පසු ෂේන් මිනූෂගේ දෑතින් අල්ලාගෙන නැවතත් සිය මේසය වෙත පැමිණ බලෙන්ම මිනූෂව තමා අසලම පුටුවෙන් වාඩි කරවගෙන මිනූෂගේ රත් පැහැයට හැරි මුහුණට එබුණා..

"Happy now...?"

ෂේන් ආදරණීය කටහඬකින් අසද්දී මිනූෂ දෑස් වලින් පවා සිනාසෙමින් වේගයෙන් හිස ඉහල පහල කල විට ෂේන් සිනාසී මිනූෂගේ හිස පිරමැද්දා..

"දැන් යමු.. දොලහටත් කිට්ටුයි.. හෙට කොලබ යන්නත් ඕනේ දැන් යමු මීනූෂ.."

"බෑ!"

ෂේන් කරුණු පහදා පැවසූවද මිනූෂ එකහෙළා පිටවීම ප්‍රතික්ෂේප කළා..

"why...?"

"අර... අර නම කිව්වොත් එනව..."

"what?"

මිනූෂ පවසනා දෙය නොවැටහුණු නිසා ෂේන් අසද්දී මිනූෂ සිය දෙතොල් උල් කොට බිම බලාගත්තේ මින් පෙර නොදුටු තරමේ මිනූෂගේ හුරතල් හැසිරීමට ෂේන් සිත යටින් සතුටු වෙද්දී..

"say meenu...."

ඇහෙන නෑහෙන තරමින් මිනූෂ බිම බලන්ම මුමුණද්දී එය ඇසූ ෂේන් සිනාසෙමින් යලිත් මිනූෂගේ හිස පිරිමැද්දා..

"let's go meenu... c'mon.. where is your phone..?"

"ම්හුම්"

එවරනම් ෂේන් ගේ කීමට මිනූෂ අවනත වූ විට ෂේන් සිය ජංගම දුරකථනය තම සාක්කුවට දමා ගෙන මිනූෂ දෙස බැලුවේ මිනූෂගේ දුරකථනය ඔහුගේ දෑසට මඳ වේලාවක් තිස්සේ නොගැටුණු නිසාවෙන්..

නමුත් සිය කලිසම් සාක්කුව අත ගා බැලූ මිනූෂ එය තමා ලග නොමැති බව ෂේන්ට පවසද්දි ෂේන් මේසය උඩ හා යට පිරික්සුවද එය හමු වූයේ නෑ..

"කවුරුත් ගන්න විදිහක් නම් නෑ....."

දුරකථනයක් හොරකම් කිරීමට තරම් මිනිසුන් නැතිනිසාම මිනූෂට ඇසෙන ලෙස ෂේන් පවසා ඔහුගේ දුරකථනය අතට ගත් විට මිනූෂ විසල් වූ දෑසින් ෂේන් දෙස බලා සිටියා..

"කෝල් එකක් අරන් බලමු..."

"Nooooooooooo"

එක්වරම මිනූෂ ෂේන්ගේ අතක් අල්ලාගෙන කෑගහන්න ගත්තෙ ෂේන් බියවෙද්දි..

"why? What happened??"

බිය වූ ෂේන් මිනූෂව පිරික්සද්දී මිනූෂ දෙතොල් නොපිට පෙරලාගෙන ෂේන්ගේ දුරකථනය දෙස දුකෙන් බලා සිටියා..

"කෝල් ගන්නෙපා... අපි හොයාගමු..."

"දැන් හෙව්වට තිබ්බේ නෑනේ... ඉන්න කෝල් එක්ක් දාලා බලමු..."

"Nooooooooo..."

"Why...?"

දුරකථන ඇමතුම ලබා දීමට නොදෙන මිනූෂ දෙස ෂේන් විමතියෙන් බලා අසද්දී මිනූෂ දෑස් විසල් කොට අහිංසක බැල්මකින් ෂේන් දෙස බැලුවා...

"එතකොට ඔයා සේව් කරලා තියන එක දකිනවනේ.........."

"සෝ?"

"ඉතින් මන් ඒක ආශු කියලනේ සේව් කරන් ඉන්නේ............"

"ආ-ආශු?"

"ඔව්නේ...... හාට් එක්කුත් එක්කනේ සේව් කරේ........."

"ව-වට්..?"

තවත් දෑස් විසල් කොටගෙන මිනූෂ හැකි උපරිම අහින්සක බැල්මෙන් ෂේන්ව නැවතීමට උත්සාහ කලේ පෙර දිනයේ තමා ආදරය කරන පුද්ගලයව තමා කෙටි නමෙන් හා හදවත් රූපයකින් සටහන් කරගෙන ඇති බව ෂේන්ට පැවසූ නිසාවෙන්...

දැන් මිනූෂගේ දුරකථනය නාද වන විට ෂේන් තමා 'ආශු ❤️' ලෙස සටහන් කරගත් අංකය දකින බවත්, තමා ආදරය කරන්නේ ඔහුට බවත් දැනගැනීම මිනූෂව අපහසුතාවයට පත් කළා..

ෂේන් තමා සමග ඇති යාලුකම නවත්වයි, තමාව ඈත් කරයි, තමාව ප්‍රතික්ෂේප කරයි යන ‍සිතුවිලි ඔහුගේ බිය තවත් වැඩි කළා..

"ආශූ...?"

"අශාක්‍ය.. ආශූ..."

"හා-හාට් එකක් එක්ක...? හරියට අර ඔයාගේ ක්‍රශ් එකව සේව් කරන් ඉන්නවා වගේද...?"

ෂේන් ඇසූ විට මිනූෂ වේගයෙන් හිස ඉහල පහල කළේ ෂේන්ගේ හදගැස්ම වැඩි කරවලා...

තමාගේ අනුමානය ටිකෙන් ටික සනාථ වෙද්දී මිනූෂගේ විරෝධය මැද්දේම ෂේන් ඇමතුම ලබාගත්තා..

ඒ මොහොතේම මේසය යටින් නාදය ඇසෙද්දී ෂේන් පහතට නැවී එය අතට ගත්තා...

ආශු ❤️

calling.......

"අනේ....... දැක්කනේ..............."

"ම්-මීනූ...."

"අනේ මට බයින්නෙපා...."

මිනූෂ කුඩා දරුවෙකු මෙන් දෙඅත් වලින් සිය මුහුණ වසාගෙන ඇඩීමට සැරසෙද්දී දුරකථන දෙකම අත් දෙකේ රදවාගෙන ෂේන් විසල් වූ දෑසේන් මිනූෂ දෙස මදක් බලා සිටියා..

මිනූෂගේ හැසිරීමෙන් තම සැකය තව තවත් තහවුරු වෙද්දී ඔහුගේ හදවතට හීයකින් විදිනවා මෙන් හැඟීමක් ඔහුට දැනුණා...

"මීනූ.. ලුක් ඇට් මී.. ප්ලීස්.. මන් බයින්නෑ මීනු ඇයි මන් ඔයාට බයින්නේ...?"

ඇහෙන නෑහෙන ලෙස පිටවෙන මිනූෂගේ ඉකිගැසීම් හමුවේ ෂේන් පියවි සිහියට පැමිණෙද්දී ඔහු දුරකථන මේසය මතින් තබා මුහුන වසාගෙන සිටින මිනූෂගේ දෑත් පසෙකට කළමුදු මිනූෂ අපහසුතාවයෙන් මෙන් පහල බලාගෙන සිටියා..

"මීනු.... ඒ.. ඒ මමද මීනූ... ඔයා ආදරය කරන්නේ මට නේද...?"

තම සිතද වේදනාවෙන් පිරුණමුත් ඒ බවක් නෝපෙන්වා ආදරණීය, සන්සුන් හඬකින් බිම බලාසිටින මිනූෂගේ නිකටෙන් උස්සමින් ෂේන් විමසූ විට මිනූෂ වරක් ඔහු දෙස බලා යලිත් බිම බලාගත්තා...

මිනූෂගේ හැසිරීමෙන් සහ තත්පරයක් එකට ගැටුණු එම හේසල් පැහැ දෑසේ ඊට පිළිතුර පැහැදිලිව සටහන්ව තිබියදී ෂේන් හුස්මක් පහත දමා වේගයෙන් සිය හිසකෙස් පසුපසට ඇදගත්තා..

තමා කලයුත්තේ කුමක්ද යන්න ඔහුට නොවැටහෙද්දී ඔහු එලෙසම බිම බලාගෙන සිටින මිනූෂ දෙස මඳ වේලාවක් බලා සිටියා...

මිනූෂව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් පවා තමාට නොතිබෙද්දී, තමාද හොර රහසේම මිනූෂට ආදරය කරද, ඔහුගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම් එකින් එක එකින් එක යලි යලිත් ඔහුගේ මතකයට නැගෙද්දී අඩියක් ඉදිරියට තබනවාද නැද්ද යන්න ඔහු තමාගෙන්ම ප්‍රශ්න කරගත්තා..

"ආශු...."

මිනූෂ දෙස බලාගෙනම කල්පනාවේ ගිලී සිටි ෂේන් ඇස් පිල්ලම් කීපයක් ගසා පියවි සිහියට පැමිණියා...

"i-i love you..."

වරක් ෂේන් දෙස බැලූ මිනූෂ යලිත් බිම බලා හෙමින් මුමුණද්දී ෂේන් ඉදිරිපසට නැවී මිනූෂගේ මුහුනට එබුනා..

"මීනූ ම--"

"අනේ මට සමාවෙන්න ආශු.... මන් දන්නෑ කොයිවෙලේ කොහොම එහෙම උනාද කියලා.. මං දන්න එකම දේ.. මං.. මං ඔයාට ආදරෙයි කියන එක විතරයි.. අනේ මාව දාලා යන්න එපා.."

"ශ්... ශ්... ඉට්ස් ඕල්‍ රයිට් මීනු...මං අතාරින්නෑ ඔයාව.. ප්ලීස් ගිව් මී ටයිම් මීනූ.. මන් දන්නෑ ඔයාට මේ දේවල් උදේ වෙනකොට අමතක වෙයිද කියලා.. බට් අයි වෝන්ට් ටු සේ දිස්...

මට දැනෙනවා මීනු මන් රෙඩී නෑ තාම.. ඒ දේවල් නිකන් ට්‍රව්මා එකක් වගේ මගේ ජීවිතේට බලපෑම් කරන්නේ.. මං- මං- ඔ ඔව්.. මං ආදරෙයි බට් අයි නීඩ් ටයිම් මීනූ... ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් මී... මීනූ..."

"මන් ඔයාට ආදරෙයි ආශු....ඔයා මගේ උනත් නොවුනත් මං හැමදාම ආදරෙයි ආශූ..."

"මට සමාවෙන්න මීනූ... I'm extremely sorry....may be you are the one for me but i want time meenu.."

මිනූෂගේ දෑත සිය දෑත මතට ගෙන ෂේන් මිනූෂගේ දෑස් දෙස බලා වේදනාවෙන් පැවසුවද මිනූෂ කළේ ෂේන්ගේ කම්මුලක් පිරිමැද ආදරණීය සිනහවකින් ඔහුට සංග්‍රහ කිරීම පමණයි....

---------------------------

•Sometimes, It's the right person but wrong time ♡♧♡

---------------------------

Hello guys!

මුලින්ම සොරි වෙන්ඩෝනේ අප්ඩෙට් එකට මෙච්චරකල් ගත්තට... ඒවට හේතු තියෙනව හරිත.....

එකක් මගේ පෞද්ගලික වැඩවගයක් තිබ්බා.. අනික ෆෝන් එක චාජ් වෙන්නැතුව ප්‍රශ්නයක් උනා.. දැන් හරි ඔන්න ඒනිසා මන් කතාව එක්ක ආවා..

ඔයාලා බලන් හිටියද අප්ඩේට් එකක් එනකන්..? 😬

සොරි හොදේ... ඉක්මනින් ආයේ එන්න ට්‍රයි කරනව මන්.......

යමක් සිත්ත උනා නේත 😪

දෙන්නම පව් නේද... ඔයාලට ෂේන්ව තේරෙනවද ලමයි? ෆස්ට් ලව් එකේ අදුරු මතක එක්ක එයා ආයේ ආදරේ කරන්න බයයි...

අදහස් කියාගෙන යම් 😌

හොදයිද ලස්සනයිද චැප්ටර් එක?

laccanai ciyanna

අනන් මනන් වානා කමෙන්ට්ස් වෝට්ස් තමා ඕනා 🌚😌😒

බ්ලඩී මූන් එකෙන් ඉක්මනින් හම්බෙමූ... ඔලුබක්කො සෙට් එකගේ ඔලු රත් වෙලා තියෙන්නේ අබ අහුරක් දැම්මොත් චට පට ගාලා පුපුරන්න... ඒනිසා ඊලගට ඒකෙන් හම්බෙමු..

මේකේ අප්ඩේට් එකත් ඉක්ම්නින් අරන් එන්නම්....

පරිස්සමින් ඉන්ඩලා...

#මරණතර්ජනභාරගනුනොලැබේ

#තරුවටඇනගෙනයන්න

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!