Chapter 8 of 8

අවසන් නැවතුම 🚄

Window Seat - Taekook Nonfic4,374 words~22 min read

.

.

(අවසානේ කියවලා මුල.කියවන්නෙ එහෙම නෑ හරිත පිලිවලට කියවන් යම්න මොකත අවසානෙට තියෙන්නෙ හීනයක් වෙන්න පුලුවන්😾😌🌝)

.

.

"මීනූ.... මං- මං- ඔ ඔව්.. මං ආදරෙයි බට් අයි නීඩ් ටයිම් මීනූ... ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් මී... මීනූ..."

"මන් ඔයාට ආදරෙයි ආශු....ඔයා මගේ උනත් නොවුනත් මං හැමදාම ආදරෙයි ආශූ..."

"මට සමාවෙන්න මීනූ... I'm extremely sorry....may be you are the one for me but i want time meenu.."

"මීනූ වේක් අප්...."

"මීනූ...."

"මීනූ we're getting late hurry up!"

"ම්ම්ම්හ්හ්හ්ම්ම්ම්~"

තාර මාළුවෙකු මෙන් සිය දෙඅත් හා දෙපා සතර අතේ විහිදුවාගෙන පෙර දින වූ මතකයන් සිහිනයක් ලෙස දකිමින් සිටි මිනූෂ ආයාසයෙන් දෑස් විවර කලේ මිනිත්තු පහක් පමණ තිස්සේ නොකඩවා ඇසුණු ෂේන්ගෙ කටහඬ නිසාවෙන්...

"wake up..meenu..."

ඇදුම් ආයිත්තම් විශාල ගමන් බෑගයකට අසුරමින් සිටි ෂේන්, අවදිවන්නට උත්සාහ දරන මිනූෂව දුටු පසු උන් තැනින් නැගිට මිනූෂගේ යහන අසලට ගොස් මිනූෂ අසලින්ම යහනේ අසුන් ගත්තා...

දෑස් විවර කරගැනීමට අවැසි උවද පෙර දින රාත්‍රියේ ගත් මත්පැන් නිසාවෙන් මිනූෂගේ දෑස් බර වෙද්දී ඔහු සිය දෑස් අතකින් පොඩි කරා..

"ඔලුව රිදෙනවද..?"

"ශේන්...... ඇස් බරයි මගේ...."

ෂේන් මිනූෂගේ හිසකෙස් අතරේ ඇගිලි යවමින් ආදරණීය හඬකින් ඇසූ විට මිනූෂ කලෙ අමාරුවෙන් සිය දෑස් විවර කොට ෂේන් දෙස බැලීමයි..

මෙවන් අත්දැකීම් රාශියකට මුහුණ දුන් ෂේන් සිනාසී ඇද අසලම ඇති කුඩා මේසය මත තිබූ වීදුරුව අතට ගෙන මිනූෂ දෙස බැලුවා..

"නැගිටලා මේක බොන්න.. මන් ලෙමනේඩ් එකක් ගෙන්නුවා.. මේක බිව්වම ඔය ගතිය ඇරිලා යයි"

ෂේන් දොඩම් වීදුරුව මිනූෂගේ අත තබා ගොස් නැවතත් ඇදුම් බෑගයට අසුරන්න ගත්තා.. ඔහු මෙවර ඇසුරුවේ මිනූෂගේ ඇදුම්..

"එකත් පහු මිනූ-- හිරකරගන්නැතුව බොනවා ඕක!"

ෂේන් පැවසන්නට තැත් කලේ අද දින ගුවන් යානය යෙදී ඇති නිසාවෙන් කාලය කෙතරම් වටිනවාද යන්න මිනූෂට අවධාරණය කිරීමට උවද තමා දහවල් එක පසුවන තෙක්ම නින්දේ සිටි බව වටහාගත් මිනූෂගේ දොඩම් බීම උඟුර අයාලේ ගියා..

"එකයි?? එච්චරවෙලා නින්ද ගියාද මට....?"

මිනූෂ සිය අවුල් වූ හිසකෙස් අතෙන් හදමින් තමාටම නෝක්කාඩු පවසගන්නකොට ෂේන් සිනාසී මිනූෂ දෙස බැලුවා...

අවුල් වූ හිසකෙස් ඇතිව ඇදේ හිදගෙන සිටින මිනූෂගේ රුව තරමක් හුරතල් වූවා..

"මාත් නැගිට්ටේ දැන් පැයකට වගේ කලින්... ඕක බීලා ගිහින් වොශ් එකක් දාන්න.. මන් බෑග්ස් ඇරේන්ජ් කරා ලන්ච් අරන් කොළඹට පිටත් වෙමු.. ලේට් වෙන්න බෑ ෆ්ලයිට් එකට පැයකට කලින්වත් එයාපෝට් එකට යන්න ඕනේ.."

ෂේන් එක හුස්මට පවසද්දී මිනූෂගේ හදවත පෑරී ගියා.. තමා ෂේන් සමඟ ගෙවාදමන අවසාන පැය කිහිපය මෙය වන බවට මිනූෂගේ සිතට තදින් දැනෙද්දී ඔහු වේදනාවෙන් මිරිකී ගියා..

ඉන්පසු මිනූෂ ඇගපත සෝදාගෙන විත් දහවල් ආහාරය සදහා කාමරයේ තිබූ කුඩා මේසය අසල පුටුවකින් වාඩිවන තුරුම දෙදෙනා අතර කතාබහක් සිදු වූයේ නෑ..

වචනෙන් නොකීවාට මිනූෂගේ වෙන්ව යාම ෂේන්ගේ සිතටද තදින් දැනී තිබුණා.. විශේෂයෙන් පෙර දින රාත්‍රියෙදි සිදු වූ සිදුවීම් මාලාව නිසා ෂේන්ගේ සිත නොසන්සුන් වූවා..

නමුත් ෂේන්ගේ සිත ඊටත් වඩා නොසන්සුන් කලේ මිනූෂගේ හැසිරීම.. මිනූෂ මෙසේ කිසිත් නොවූවා, කිසිත් හෙලි නොවූවා සේ හැසිරෙන්නේ පෙරදින සිදුවීම් මතකයේ ඇතිවද නැතිවද යන්න ෂේන්ගේ සිත ප්‍රශ්න කරගනිද්දී බත් පිඟානට ව්‍යංජන බෙදාගනිමින් සිටි මිනූෂ දෙස බලාම ෂේන් ඔහුට කතා කළා..

"මීනු..."

ෂේන්ගේ හඬෙන් මිනූෂ ෂේන්ගේ මුහුණ දෙස බලා සිය පිඟාන තමා ඉදිරියෙන් තබාගෙන තවමත් හිස්ව තිබූ ෂේන්ගේ පිගාන සිය අතට ගෙන ඊට කෑම බෙදන්නට පටන් ගත්තා..

"තැන්ක් යූ..."

තමා කැමති ඇකැමැති ව්‍යංජන තෝරා වෙන් කොට සිය පිඟාන පුරවන මිනූෂ දෙස ෂේන් බලාසිටියේ හැඟීම් ගොන්නක් ලියව තිබූ දෑසෙන්..

ෂෙන්ගේ කුඩා ආසාවක්, අකැමැත්තක් උවද මිනූෂ හොදින් මතකයේ තබාගෙන ඒ අනුව ක්‍රියාකිරීම ෂේන් මිනූෂගෙන් දුටු ලක්ශණයක් වූ අතර ෂේන් ඊට බෙහෙවින් ප්‍රිය කළා..

ව්‍යංජන බෙදා අවසන් පිගාන මිනූෂ සිනාසී ෂේන් වෙත දෙද්දී ෂේන් උණුසුම්ව සිනාසුණා..

"ඔයා ඩ්‍රින්ක්ස් ගත්තු හැමපාරම වගේ එහෙමද...?"

"එහෙමද කිව්වේ...?"

"ඊයේ රෑ වගේ...."

"ඇ-ඇයි"

සුපුරුදු පරිදි මිනූෂගේ මුහුණ කෙමෙන් රත්පැහැයට හැරවෙද්දී ෂේන් පෙනෙන නොපෙනෙන ප්‍රමාණයෙ හිනාවක් කටකොනක රදවාගෙන ලැජ්ජාවෙන් සිටින මිනූෂ දෙසම බලා සිටියා...

"you were totally a different person last night.. Cute plus Sexy"

"මයි ගෝඩ් ඔයා පිපිරෙයි මීනූ!"

සිතූ සේම තමා වාක්‍යට එක් කල විශේෂණ පද හරහා මිනූෂගේ ඇස් ගැස්සී ගොස් තව තවත් ඔහුව රත් පැහැයට හැරවෙද්දී ෂේන් සිනාසෙමින් මිනූෂට විහිළුවක් කළේ මිනූෂ සිය කම්මුල් වලට තට්ටු කරගනිමින් බිම බලාගන්නකොට..

"why....? Did I say something wrong...?"

යලි යලිත් ෂේන් මිනූෂට විහිළු කරද්දී මිනූෂ ඇස් හීනි කොට ෂේන් දෙස බලා ඔහුට රැව්වේ ෂේන්ගෙ සිනහව දෙගුණ තෙගුණ කරලා!! මීනූ ඔරවනකොටත් හරි හුරතල්නේ!!

"ඕක කන්න ෂේන්.. ඔයාම නේද කිව්වේ දැන් පරක්කු වෙනවා කියලා.."

"නෑ.. ෂේන් නෙවෙයි.. ආශු.. කියන්න.."

"අහ්?"

එවර මිනූෂ පුදුම වූයේ ෂේන්ගේ මුවෙන් ඔහු කිසිසේත්ම නොහිතූ ආකාරයේ වචනයක් පිට වූ නිසාවෙන්..

"හ්ම්.. මන් කෙලින්ම කතාවට එන්නම්.. ඔයාට ඊයේ රෑ වුනු දේවල් මතකයිද මීනු..?"

එවර ෂේන්ගේ මුහුණ පෙරදී වඩා බෙහෙවින් වෙනස්ව තිබුණා.. ඔහුගේ මුහුණෙන් විහිලුවකට සොබාවක් නිරූපනය නොවෙද්දී මිනූෂ හුස්මක් ගෙන එය ඉවත හෙලුවා..

"මතකයි..."

මිනූෂ දෑස වසාගෙනම මුමුණද්දී ෂේන්ට දැනුණේ ඔහුගේ හදේ ගැස්ම වේගවත්වන ස්වාභවයක්..

"හැමදේම..?"

"ඔව්.. මට හැමදේම මතකයි ෂේන්.."

"ආශු!"

මිනූෂ කතාකළේ දෑස් වසාගෙන වුවද වරදක් නිවැරදි කරන්නාක් මෙන් ෂේන්ගේ උස් හඬ ඔහුගෙ සවන් වැකෙද්දී ඔහු දෑස් විවර කොට තමා දෙස එක එල්ලේ බලාසිටින ෂේන් දෙස බැලුවා...

"ආ-ආශු...."

"that's right"

ෂේන් සිනාසී පවසා සිය කුසගින්න නිවා ගනිද්දී මිනූෂ කළේ ෂේන් දෙස බලාසිටීම පමණයි..

"මන් එහෙම කතාකරාට කමක් නැද්ද...?"

මිනූෂගේ සියුම් හඬ සිය සවන් වැකෙද්දී ෂේන් හිස ඔසවා මිනූෂ දෙස බලා කටකොනෙන් සිනාසුණා..

"ඔයා ඒ නම මට දුන්නේ මගෙන් අහලද මීනූ...?"

ෂේන් නෝක්කාඩු ස්වරයකින් පවසද්දී මිනූෂ කළේ අහිංසක ලෙස සිනාසීම පමණයි..

"අයිම් සොරි ආශු.. මන් පසුතැවෙනවා ඊයේ රෑ වෙච්ච දේ ගැන.. මට තිබ්බා මේ පැය කීපය ගෙවෙනකන් ඒක ඔයාට නොකියා ඉන්න.."

"ඒත් මන් සතුටු වෙනවා මීනූ.. එහෙම හරි මං ඒ දේ දැනගත්ත එක ගැන..."

"හ්ම්"

එතනින් පසු දෙදෙනා අතර කිසිදු වදන් හුවමාරුවක් සිදු වූයේ නෑ..

එකිනෙකාට නොකීවාට දෙදෙනාගේම සිත් අමුතු නිහැඬියාවකින්, මූසලකමකින් වෙලා ගනිද්දී ඔව්න් දෙදෙනාම හදවත නමැති උසාවියේ නඩු අසමින් සිටියා..

මිනූෂගෙන් වෙන්ව යාම ෂේන්ටත්, ෂේන්ගෙන් වෙන්ව යාම මිනූෂටත්, නොසිතූ ලෙස ඍණාත්මක බලපෑම් එල්ල කරද්දී සිය හැඟීම් සඟවා ගෙන ඔව්න් දෙදෙනාම නිහැඬියාව රැක්කා..

මේ වන විට මිනූෂගේ පැමිණීම හා ඊට හේතුව පිළිබඳව මිනූෂගේ මව දැනුවත්ව සිටි අතර වසර ගනනකට පසු තමා අසලට එන සිය පුතු දැකගැනීමේ ආසාවෙන් ඇය මිනූෂ එන තුරු ඇඟිලි ගනිමින් බලාසිටින බවට මිනූෂට ඇය එවූ කෙටි පණිවිඩය දැනුම්දුන්නා..

අවසානයේ දෙදෙනාම තමාගේ සියළු ඇදුම් ආයිත්තම් රැගෙන කාමරයෙන් පිට වුනේ මතක රැසක් පිරි කාමරය ෂේන් සුසුමක් හෙළා අගුළු දමද්දී..

යතුරු භාර දී ඔව්න් පොල්ගහවෙලෙන් කොළඹ බලා පිටත් වීමට සැරසෙණ විට දහවල් දෙක පහු වී තිබුණා..

"කෙලින්ම එයාපෝට් යමු.."

ෂේන් වේලාව පිරික්සමින් පැවසූ විට මිනූෂ ඔහු දෙස බැලුවා.. ඔව්න් දෙදෙනා පාරේ අයිනකින් ඉදිරියට ගමන් කරමින් සිටියා..

"කලින් වැඩි නැද්ද?"

"කමක් නෑ කලින් යමු"

"හ්ම්ම්"

"මන් කැබ් එකක් දාන්නම්"

"එපා!"

ෂේන්ගේ යෝජනාව මිනූෂ දැඩි හඩකින් ප්‍රතික්ෂේප කරද්දී දුරකථනය හරහා කැබ් රථයක් ගෙන්වීමට ගිය ෂේන් දෑස් හීනි කොට මිනූෂ දෙස බැලුවා..

"බස් එකේ යං..."

"බස් එකේ!?"

ෂේන් තරමක් මවිත වූවත් පෞද්ගලික වාහනයක වඩා පොදු වාහනයක ගමන් කිරීමට ෂෙන්ද කැමැති වූවා.. නමුත් මින්පෙරදී ෂේන් කිසිදු අවස්ථාවක පොදු වාහන පාවිච්චි නොකල ප්‍රධානම හේතුව මිනූෂගේ ආරක්ෂාව වෙද්දී මිනූෂගේ යෝජනාවෙන් ඔහු තරමක් විමතියට පත් උනා..

"තාත්තා කොහෙත්ම හිතන්නෑ මන් බස් එකක යයි කියලා.. අනික ඔයත් ආසයිනේ.. වෙලාවත් තියෙන එකේ බස් එකේ යමු.. ඔය ඉස්සරහ හෝල්ට් එක.."

"okay then.."

කරුණු සලකා බලා අවසානයේ ෂේන් බසයේ ගමන් ගැනීමට එකඟතාව පළකරද්දී මිනූෂ සතුටින් ඉපිලුණා..

පහුගිය දින දෙක තුලදී කැබ් රථ පමණක් පාවිච්චි කළ මිනූෂට ෂේන් සමග බස් රථයක ගමන් ගැනීමේ ආසාවක් හට ගෙන තිබියදී අවසන් අවස්තාවේ හෝ එය ඉටුවීම පිලිබදව ඔහු සතුටු වුනා..

මිනිත්තු කිහිපයක් ගෙවුණු තැන පොල්ගහවෙල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගමන් ගන්නා බස් රථයක් ඔව්න් ඉදිරියේ නවත්වද්දී ඉක්මන් වුනු මිනූෂ කාටත් කලින් බසයට නැඟ ආසන දෙකක ආසනයේ ජනේලය අයිනේ අසුන් ගනිද්දී සෑම දෙනෙකුම නැඟ අවසානයේ ෂේන් බසයට නැග්ගේ තමා වෙනුවෙන් අසුනක් වෙන්ව ඇති බව ඔහු හොදින්ම දන්නා නිසාවෙන්..

සිතූ අයුරෙන්ම එක් අසුනක හිදගෙන අනෙක් අසුනේ බෑගය තබාගෙන ඉදිරිපස විපරම් කරමින් සිටින මිනූෂව දුටු ෂේන් සිනාසී ගොස් මිනූෂ අසලින් හිඳගත්තේ තමාගේ හා මිනූෂගෙ බෑගයන් රඳවනය මත තබමින්...

තවත් මිනිත්තු කිහිපයක් තුළඳී බසය ගමන් ඇරඹි අතර ගමනාන්තයට ප්‍රවේශ පත්‍ර මිලදී ගත් දෙදෙනා තත්පරයෙන් තත්පරය ගෙවී යන කාලය ගැන සිතමින් වේලාව ගත කළා..

නමුත්..

ෂේන් සමඟ දොඩමළු වීමට තමාට ලැබෙන අවසන් පැය කීපය මෙයනම් තමා ඉන් ප්‍රයෝජනයක් ගත යුතු යැයි මිනූෂගේ සිත වාද කරද්දී ඔහු ආසනයට හේත්තු වී විවර කර තිබූ ජනේලය වසා දමා ෂේන් දෙස බැලුවා..

ෂේන් කුමක්දෝ ලෝකයක අතරමංව ඉදිරිපස බලාගෙන සිටිනු දුටු මිනූෂ සිනාසී ෂේන්ගෙ අතක් ඇල්ලුවේ ෂේන් ගැස්සී මිනූෂ දෙස බලද්දී..

"මොන ලෝකෙද ඉන්නේ...?"

මිනූෂ විහිළුවට මෙන් දෑස් හීනි කොට ගෙන විමසද්දී ෂේන් කළේ ලා සිනාවක් පෑම පමණයි.. එම සිනාව තුළ වේදනාවක් කැටිව තිබුණද මිනුෂ ඒ පිළිබදව නොඅසා සිටියේ ෂේන්ගේ සිනහවේ ඇදි වේදනාවට හේතුව ඔහු හොදින්ම දන්නා නිසාවෙන්..

"මට ඔයා නැතුව පාළු දැනෙයි මීනූ.. ඔයාව මීට් වෙලා දවස් දෙකයි තුනයි උනාට ඒක මට හරියට ලොකු කාලයක් වගේ..."

ෂේන් හදවතින්ම කතා කරද්දී මිනූෂ ඊට සිනාසී ෂේන්ගේ උරහිස පිරිමැද්දා..

"මටත් හුගක් පාලු හිතෙයි ආශු..."

"හැමදාම කෝල් එකක් ගන්න මට.."

"අනිවාරෙන් ගන්නම්..."

ෂේන්ගේ වචන හමුවේ මිනූෂගේ සිතද වේදනාවෙන් පිරී ගියද ඔහු ඒ බව පිටට නොපෙන්වා ෂෙන්ව සැනසීමට උත්සාහ කළේ ආදරණීය උණුසුම් සිනාවකින්..

නමුත් ෂේන් කළේ මිනූෂගේ දෑස් දෙස බලා සිටීම පමණයි..

මිනූෂගේ හේසල් පැහැ දෙනෙත් තමාගේ හදවතේ ඉඩක් ඉල්ලන බව ෂේන්ට දැනුණා..

"අයිම් සොරි මීනූ...."

"ඉට්ස් ඕකේ ෂේන්.. මට ඔයාව තේරෙනවා.. මට පුලුවන් බලන් ඉන්න ඔයා වෙනුවෙන්.."

"එපා මීනු.. ඔයාට ඒ කාලේ ඇතුලත මට වඩා හොඳ කෙනෙක්ව මුණගැහෙයි.. ඒ අවස්ථා නැති කරගන්න එපා..."

ෂේන් පැවසුවද මිනූෂ කලේ සිනාසීම පමණයි.. එම සිනහව තුල හැගීම් ගොන්නක් ගැබ්ව තිබුණද මින්ෂගේ දෑස් අතරේ අතරමංව සිටි ෂේන් ඒ කිසිත් දුටුවේ නෑ..

"ඔව්.. හොද කෙනෙක් හම්බෙයි.. ඒත් ඒ ඔයා නෙවෙයිනේ ෂේන්.. මට ඕනේ ඔයාව..."

"ඔයා පිස්සු කොල්ලෙක් මීනූ..."

ෂේන් මිනූෂගේ දඟකාර දෑස් දෙස ද‍ඟකාර ලෙසම බලමින් පැවසුවා..

"වෙන්නැති.. ඒත් ඒ පිස්සුවට මං ආසයි....."

"ආ ඇත්තට...?"

"ඔව්ව්...."

ඉන්පසු දෙදෙනා අතර සාමාන්‍ය කතාබස් සිදු වූ අතර ගමනාන්තයට ළඟාවන තුරුම ඔව්න් එකිනෙකා හා නව මතකයන් රැස් කරගත්තා..

එකිනෙකා හා සිනහවෙමින්, කථිකා කරමින්, විටෙක සතුටු වෙමින් හා විටෙක දුක් වෙමින්, එළිපැනීමට පොරකන කදුළු බිඳු උහුලාගනිමින්, තුරුලට පැන සැනසෙන්නට ඇති ආසාව මැඩපවත්වාගනිමින් ඔව්න් සාමාන්‍ය කතාබහේ යෙදුණද එම කාල වර්ණ දෑස් සහ හේසල් පැහැ දෑස් වෙනමම ආදරණීය කතාබහක පැටලී තිබුණා..

අවසානයේ ඔව්න් ගමනාන්තයට ළඟා වූවේ අවසන් මොහොත තත්පරයක් පා‍සා ඔව්න්ගේ හැඟීම් වලට අගුළු දැමීමට ළ‍ වෙද්දී..

"කටුනායක බහින්න!!"

බසයේ රියැදුරු මහතා අවධාරණය කරද්දී බසයේ ඉතිරි වී සිටිය සෙනඟ එකින් එක ගමන් මළුද රැගෙන බසයෙන් බැසගත්තේ මිනූෂ හා ෂේන්ද බසයෙන් බහිද්දී..

බස් නැවතුම්පොළෙන් ඔව්න් දෙදෙනා බැසගත් අතර ගුවන් තොටුපළ වෙත යාමට තවත් මිනිත්තු පහළවක පමණක් වේලාවක ගමන් යෑමට තිබුණා.. ඒවන විට වේලාව සවස පහ පසු වී තිබුණ නිසා පරක්කු නොවී ත්‍රී රෝද රථයකින් ගුවන් තොටුපොළ වෙත යාමට සිතාගත්තද ෂේන් මිනූෂ දෙස බැලුවේ මිනූෂගේ අදහස ඊට හාත්පසින්ම වෙනස් එකක් බව ෂේන් දන්නා නිසාවෙන්...

"පයින් යමු...?"

තමා අදහස පැවසීමට තමා දෙස ෂේන් බලන තුරු සිටියාක් මෙන් ෂේන් හිස හරවා මිනූෂ දෙස ‍බැලූ විගස මිනූෂ දෑස්ද සිහින් කොට උණුසුම් ලෙස සිනහවී එසේ අසද්දී මිනූෂගේ මෙම අදහස පෙර තියාම අනුමාන කළ ෂේන් සිනාසී ඊට හිස සැලුවා..

"යමු..."

දුක වේදනාව සඟවාගෙන සිනාසෙන මිනූෂගේ දෑස් දෙස බලාගෙනම තම දකුණතේ ගෑවී නොගෑවී තිබුණු මිනූෂගේ වම් අතේ සුලැගිල්ල, සිය සුලැගිල්ලේ යන්තම් පටලවාගත්තා...

නොහිතූ ස්පර්ශයෙන් මිනූෂගේ දෑස් ගැස්සුණද ඔහුගේ මුළු හදවතම නව පණකින් පිරීගිය බවක් ඔහුට දැනෙද්දී ඒ බව ඔහුගේ දෑසෙන් ෂෙන්ට විනිවිදව පෙනුණා...

එම නිසාම ෂේන් කෙමෙන් කෙමෙන් මිනූෂගේ දෑගිලි අතරින් සිය දෑගිලි යවා අත් එකට පටලවාගත්තේ ඔව්න්ගේ සිත් මෙන්ම දෑස්ද එකිනෙකාට හොරෙන් එකිනෙක හා පැටලෙද්දී...

එකිනෙක දෑත් පැටළුනු සැනින් ෂේන් ආදරණීය සිනහවක් මිනූෂ වෙත පෑවේ මිනූෂද අව්‍යාජ ආදරණීය සිනහවකින් ෂේන්ට පිළිතුරු දෙද්දී...

"යමුද...?"

ෂේන් සිය වම් අතෙන් ඉදිරිය පෙන්වා මිනූෂට ආරාධනා කරන්නාක් මෙන් අසද්දී මිනූෂ සිනාසී හිස සළා පැටළුණු දෑත් දෙස බලා ෂේන් සමග මාර්ගය දිගේ ඉදිරියට ඇදුණා..

(Music Track එක විතරයි තියෙන්නේ.. පුලුවන් නම් අහන ගමන් කියවන් යන්න ❤️‍🩹)

එකිනෙක දෑත් අතරේ නොකීව සෙනෙහේ පාමින් ෂේන් සහ මිනූෂ මාර්ගය දිගේ ඉදිරියටම ඇවිද ගියා..

තරමක් විශාල ගමන් මළුද කරමත ලා ගෙන දෑත් අල්ලාගෙන ඉදිරියට ඇදෙන වැඩිහිටි පිරිමින් දෙදෙනාට ඇතැමුන්ගේ අවධානය ලැබුණද සැවොම එක සේ සලකන බහුතරයක් සිනහවක් පා ඔව්න් දෙදෙනාට හිත් වලින් ආශිර්වාද කළා..

ප්‍රකාශිත ප්‍රේමයක් වුවද, අප්‍රකාශිත ප්‍රේමයක් බඳු වූ ඔවුන් දෙදෙනා අතර තිබූ සබැඳියාව එම අව්‍යාජ ආශිර්වාද සියල්ල පිළිගනිද්දී කිසිවෙකුගේ බැල්මවල් තඹ දොයිදුවකට මායිම් නොකළ ෂේන්ගේ හැසිරීම ඔහු එම ආශිර්වාද සියල්ල භාරගත් බව මිනූෂට ඇඟවූවා..

මීට දින දෙකකට පෙර අහඹු ලෙස හමුවූ ඔව්න් දෙදෙනාගේ ආත්මයන්, ආත්මගත ප්‍රේම පුරාණයේ මීළඟ වෘතාන්තය ආරම්භ කිරීමට සැලසුම් කළද ෂේන්ගේ අතීතය ඊට අකුල් හෙලද්දී ඔව්න්ගේ ආත්මයන් පවා අන්ත අසරණ තත්වයට පත් වූවා..

එක්වරක් හෝ එම පළල් පපුවේ උණුසුම විදගැනීමට, එම දෙතොල් වල ආදරණීය ස්පර්ෂය සිය නළල් තලය මතින් විදින්නට මිනූෂ කෙතරම් ආසා කළද ඔහු ඒ සියලු ආසාවන් සිය හදවත තුළම අගුළු දමා සිරකර දැමුවා..

එක්වරක් හෝ මිනූෂගේ දෙතොල සිය දෙතොලෙන් වසා ඔහුගේ මුහුණ රත් පැහැයෙන් වෙනස් වන අයුරු දැකීමට, මිනූෂගේ දෑත මේ ලෙසම අල්ලාගෙන ජීවිතය පුරාවටම තියෙනා ගමනක් එක්ව යාමට ෂේන්ගේ සිත කෙතරම් ආසා කළද ඔහුගේ පරණ මතකයන් ඔහුව ඉන් වැලැක්වූවා..

නමුත් ඒ සියළු ආශාවන් මුවෙන් අප්‍රාකිෂිත වුවද දෙනෙත් හරහා ප්‍රකාෂිත වෙද්දී මුවෙන් අප්‍රකාෂිත නොවීම ඵලක් නැති වූවා..

මා අසන්නම්...

ප්‍රකාෂිත විය යුතුමද ආදරය...?

බැරිද විදින්නට අප්‍රකාෂිතව...?

එක් විය යුතුමද ආදරය...?

මුණගැහී වෙන්ව යන ආදර කතා නොමැතිද...?

දෑත් පටලවාගෙන තමාගේ වේගයට සරිලන වේගයකින්, තමාට වම් පසින් ඇවිදගෙන එන ෂේන් දෙස මිනූෂ හිස හරවා බැලුවා..

කිසිදු කලබලයකින් තොරව ෂේන් සන්සුන්ව සිය අතක්ද අල්ලා ගෙන ඉදිරියට ඇදෙන අයුරු, විටෙන් විට එම කාල වර්ණ දෑස් තමා වෙතට එල්ලවන අයුරු මිනූෂ සතුටින් ආදරයෙන් වින්දා..

ප්‍රකාශ නොකලද ෂේන්ගේ සිත තුළ ඇති ආලය ඔහුගේ ක්‍රියාවෙන් මිනූෂට හොද හැටි වැටහුණා..

තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගිය තැන ඔවුන් දෙදෙනා දෑත්ද අල්වාගෙන සිටගෙන සිටියේ කටුනායක ගුවන් තොටුපොළේ පිවිසුම අසලයි..

විවිධාකාරයේ මිනිස්සු අතර විනිවිදව පෙනෙන ආලය විදින ඔව්න් දෙදෙනා මිනිත්තුවකට නොඅඩු කාලයක් පිවිසුම අසල සිටගෙන සිටියා..

.

.

.

"ආශු..."

"මීනු...?"

"අපි පරක්කුයිද..?"

"නෑ.. අපි වෙලාවට ආවා.."

"මට දැන්ම ඇතුලට යන්න බෑ... අනේ මං තව ටිකක් ඉන්නද...?"

"මීනු මං--..."

"ප්ලීස්..."

"මීනු--"

"ප්ලීස් එපා කියන්න එපා ආශු..."

මිනූෂ බැගෑපත් වෙද්දී ෂේන් කළේ හුස්මක් පාත දමා මිනූෂ දෙස බැලීම පමණයි.. තමා කීමට යන වාක්‍ය සම්පූර්ණ කිරීමට නොදි මිනූෂ මෙසේ බාධා කරන විට ෂේන් දිගටම මිනූෂ දෙස බලාසිටියේ ඔහු සන්සුන් වෙන තුරුයි..

"මීනු මුලින් කියන්න දෙන්නකෝ.. මං ඔයාව.. මං ඔයාව හග් කරන්නද...?"

ෂේන්ට දකුණු පසින් වාඩිවී සිටි මිනූෂගේ අදුරු වී තිබූ දෑස් ක්ශණයෙන් බැබළුණා..

ඔව්න් දෙදෙනා ගුවන්තොටුපළ තුළ මගීන් ඉදගන්නා ස්ථානයේ ඉදගෙන සිටි අතර පිරිසක් පෝළිම් ගැසී සිය අනන්‍යතාව හා ප්‍රවේශපත්‍ර පෙන්වමින්ද තවත් පිරිසක් ෂේන් හා මිනූෂ සේ ආසන වල වාඩි වී සිටියා..

ඒ වන විට වේලාව සවස 5.30 පහු වී තිබූ අතර මිනූෂ ප්‍රවේශ පත්‍ර පෙන්වා ඇතුළට යාම මේ මොහොතේ අනිවාර්‍ය වී තිබුණා.. තවත් වේලාව නාස්ති කිරීමෙන් මිනූෂට ගුවන් යානය වුවද මගහැරීමට ඉඩකඩ තිබුණද දෙදෙනාටම වෙන්වීමට අදහසක් හෝ උවමනාවක් තිබුණේ නෑ..

කෙසේවෙතත් ෂේන්ගේ වචන හමුවේ මිනූෂගේ සිත සතුටෙන් පිරී යද්දී කාලයේ වටිනාකම හොදින්ම දන්නා මිනූෂ ඊට වචනයෙන් පිලිතුරු ලබා නොදී ක්‍රියාවෙන්ම ඊට පිළිතුරු ලබා දුන්නා..

ෂේන්ට සිතන්නවත් වෙලාවක් නොදී මිනූෂ විගස ෂේන්ව දෑත බදා බදාගනිද්දී වේදනාවෙන් සිනාසුණු ෂේන්ද ආපිට මිනූෂව වැලදගත්තා...

"මීනු.. දැන් යමු ඇතුළට.. මන් පුලුවන් දුර ඔයා එක්ක එන්නම්...."

"ම්ම්ම්ම්ම්හූම්ම්"

සිය උරහිස මත හිස තබාගෙන තවමත් තමාව වැලදගෙන සිටින මිනූෂගේ පිට එක් අතකින්ද, හිස එක් අතකින්ද පිරිමදින් ෂේන් පැවසුවද මිනූෂ ෂේන්ගේ උරහිස උඩ සිටම හිස දෙපසට වැනුවේ ෂේන් සිනාවෙද්දී..

නමුත් එම සිනාව එක් වරම නැති වී ගියේ සිය උරහිස තෙත් වන ස්වාභයක් ඔහුට දැනුණු නිසාවෙන්..

"මීනු...?"

"මීනූ ලුක් ඇට් මී..."

ෂේන් පැවසුවද මිනූෂ තවත් ෂේන්ගේ තුරුලට ගුලි වෙද්දී මිනූෂගේ උරහිසෙන් අල්ලාසත් ෂේන් මිනූෂව පසුපසට ඇද්දා..

එවිට දිස්වූයේ කදුළු පිරුණු දෙනෙත් පහතට හරවාගෙන ලා ඉකි පිට කරන මිනූෂව වෙද්දී ෂේන් හනික ඔහුව නැවතත් සිය පපුතුරුල වෙත ඇදගෙන මිනූෂව තදින් වැලදගත්තා..

එම ක්‍රියාවත් සමග මිනූෂගේ ඉකිගැසීම් තවත් වේගවත් වෙද්දී ෂේන් කිසිත් නොකියා මිනූෂව සිය තුරුලේ සගවාගෙනම සිටියා..

මිනූෂගේ ඉකි ගැසීම් සිය පපුවට පිහිතුඩු මෙන් දැනෙද්දී ඔහු ඔහුටම ශාප කරගත්තා.. පරණ මතක හමුවේ ආදරයට බිය වීම පිළිබදව ඔහු ඔහුටම ශාප කරගනිද්දී වැරෙන් උහුලාගෙන සිටි එක් කදුළු බිඳුවක් ෂේන්ගේ දෑස් කොනෙන් ගලා ගියා..

"ස්-සොරි ආශු.. එ..එන්න අපි යමු.."

තවත් මිනිත්තු කීපයකට පසු මිනූෂ බර වූ නහය උඩට අදිමින් යථාර්ථය වටහා ගෙන ෂේන්ගේ පපුතුරුලෙන් ඉවත් වෙද්දී කනස්සලු මුහුණෙන් ෂේන් මිනූෂ දෙස බලා සිටියා..

නමුත් මිනූෂ ලා සිනාවක් පා හනික ආසනයෙන් නැගිට සිය ගමන් මල්ලද ගෙන ප්‍රවේශපත්‍ර කවුළුව වෙත ඇවිද යද්දී ෂේන් හුස්මක් හෙළා සිය හිසකෙස් දෑතෙන් ඇදගනිමින් ආසනයට සිය ඔලුව හේත්තු කරගත්තා...

හදවත මිනූෂව උඩින්ම පිළිගනිද්දී මොළය මිනූෂව ප්‍රතික්ෂේප කළා.. නැවත වෙන්වයාමක්, විදවීමක්, රැවටීමක් උහුලාගත නොහැකි ෂේන් තීරනයක් ගැනීමට නොහැකිව අසරණ වූවා...

මිනූෂ සමඟ ඕස්ට්‍රේලියාව වෙත යාමට ඔහුට දහස්වාරයක් සිතුණද සිය පියාට දීමට උත්තරයක් නැතිව ඔහු තවත් අසරණ වූවා..

"ෂේන් එන්න.. ඇතුලට යමු.. ටික දුරක් පුළුවන්ලු.."

ආසනයට හිස බර කොටගෙන දෑස් වසාගෙන සිටින ෂේන් අසලට ආ මිනූෂ, ෂේන්ගේ හිසකෙස් අතරින් ඇඟිලි යවමින් පවසද්දී ෂේන් වේදනාවෙන් සිනාසී දෑස් වසාගෙනම සිය හිස මත වූ මිනූෂගේ සිහින් දෑතේ අතැගිළි සමග සිය අතැගිලි පටලවා ගෙන මිනූෂගේ අත පහලට ගෙනැවිත් සිය මුවට ලන් කොට පිට අල්ල මතින් හාදුවක් තැවරුවේ එම ස්පර්ශය හමුවේ මිනූෂගේ හදවතද ඔහුට අවනත නොවෙද්දී..

ක්ශනයෙන් මිනූෂගේ කම්මුල් වලට ලේ පුරද්දී මිනූෂ ආදරය මුසු බැල්මකින් ෂේන් දෙස බැලුවා..

ෂේන්ද දෑස් විවර කොට මිනූෂ දෙස බලා සිනාසී අසුනෙන් නැගිට ඔහු සම‍ඟ ගුවන්තොටුපළේ තවත් ඇතුළට ගමන් කරා.. ඒ කිසිදු මොහොතක ෂේන් මිනූෂගේ අත, අත්නොහැර අල්ලාගෙන සිටියා..

සිතූ තරම් දුරක් දෙදෙනාට එක්ව ගමන් කිරීමට නොහැකි වෙද්දී මඟින් හරස් වූ ආරක්ෂකයන් ෂේන්ව වැලැක්වූවා..

ප්‍රවේශපත්‍රයක් හිමි මිනූෂට පමණක් ඉදිරියට ගමන් කිරීමට අවසරය ලැබෙද්දී ෂේන් මඟින් නැවතුනේ මිනූෂද ඔහු සමග නැවතෙද්දී..

තමා ඉදිරියේ සිටින ආරක්ශකයා දෙස බැලූ මිනූෂ, පැටලවී ඇති සිය දෑත දෙස, ඉන්පසු පහතට බර වී ඇති ෂේන්ගේ මුහුණ දෙස බැලුවා..

එතැනදී මිනූෂ මඳක් පුදුම වූයේ බිමට හැරවී තිබුණු මිනූෂගේ ඇසකින් වැටෙන කදුළු බිඳුවක් පහතට වැටී ෂේන්ගේ සපත්තුව මත රැදෙන අයුරු දැකීමෙන්..

ඒත් සමගම තම දෑස්ද කදුළෙන් බරවෙද්දී මිනූෂ ෂේන්ගේ අත තදින් මිරිකා අල්ලාගත්තේ ෂේන්ගේ කදුළු පටලයක් බැඳි දෑස් මිනූෂ වෙත යොමු වෙද්දී..

ඒත් සමගම ෂේන්ට ලන් වූ මිනූෂ, ෂේන්ගේ කම්මුලකට අත තබා ඔහුට ළං වී ෂේන්ගේ වම් කම්මුල මත වූ කුඩා කැළල මතින් සිය දෙතොල් තැවරුවේ දෑස් වසාගනිමින්..

එම ස්පර්ශය හමුවේ ෂේන්ගේ දෑස්ද වැසී යද්දී එකම වේලාවේදී වැසී ගිය දෑසෙන්, එකම වේලාවේදී කදුළු බිදු දෙකක් ඔව්න්ගේ දෑසකින් පහතට කඩා වැටුණා..

"මං ආදරෙයි... හැමදාටම ආදරෙයි ආශු... මගේ නොවුනත් මං ආදරෙයි.."

මදක් ඉස්සී ෂේන්ගේ වම් සවනට මිමිණූ මිනූෂ ඉකිය පාලනය කරගනිමින් තවත් වචනයකුදු නොකියා ෂේන්ගෙන් ඈත්ව සීමාව පසු කොට වේගයෙන් ඉදිරියට ඇවිද ගියේ සිය කම්මුල් දිගේ බේරෙන කදුළු පිසදමමින්..

පෙර සිටි ආකාරයටම ෂේන් දෑස් වසාගෙන සිටියදී දෑස් තුළ නැලියූ කදුළු බිඳු කම්මුල් දිගේ ගලාගෙන යද්දී ඔහුගේ හදවත මහත් සේ ඇදුම් කෑවා..

යළි පසුපස හැරී ෂේන්ගෙ රුව දැකීමට තරම් හයියක් සිය හිතට නැති බව දන්නා නිසාම මිනූෂ වේගයෙන් ඉදිරියට ඇදුණේ කදුළු සලමින්..

හරි තීරණයක් ගැනීමට නොහැකිව ෂේන් දෑස් විවර කරද්දී ඔහු දුටුවේ උරහිස් ගැස්සෙමින් ඉදිරියට ඇදෙන මිනූෂව..

ඉදින්...

මෙම ලෝකය අප සිතනවාට වඩා බෙහෙවින් කුඩයි.. එම නිසා ඔව්න් කෙදිනක හෝ කොහේදී හෝ යළිත් හමුවේවී..

ඔව්න්ගේ කතාවේ අවසානයට කොමාවක් වැටී එම කතාව අලුත් පරිඡ්චේදයකින් නැවතත් ආරම්භ වේවී..

ඔව්න්ගේ ආත්මගත ප්‍රේම වෘතාන්තයට මෙම ආත්මයත් සහභාගී වේවි..

එහෙත්....

මෙම ලෝකය අප සිතනවාට වඩා බෙහෙවින් විශාලයි.. එම නිසා ඔව්න් කවදාක හෝ කොහෙදී හෝ කිසිදාක යලිත් මුණ නොගැහේවී..

ඔව්න්ගේ කතාවේ අවසන් වාක්‍යට නැවතීමේ තිත උරුම වේවි.. තවත් පරිඡ්චේද නොමැති එම කතාව එතැනින් අවසන් වේවි.. 'මතු උපදින ඊළඟ ආත්මයේ නුඹේ නමින් මගේ හදවත ලියා තබමි' යන පසුවදනෙන් ඔව්න්ගේ කතාව අවසන් වේවී..

ඔව්න්ට මේ ආත්මයේදී එම ආත්මගත ප්‍රේම වෘතාන්තයට සහභාගී වීමට වරම් නොලැබේවි..

.

.

.

.

.

.

.

.

නමුත්.......

"මීනු! මීනු නවතින්න! මීනු!"

කලබලයෙන් එහා මෙහා ගිය දෑස්, ෂේන් තීරනයක් ගැනීමට වෙහෙසන බව පෙන්නුම් කරද්දී අවසානයේ එම දෑස් ඉදිරියට ඇදෙන මිනූෂගේ රුව අසල නතර වූවා..

ෂේන්ගේ හඬ ඇසනවාත් සමඟම අවට සිටි මිනිසුන් කීපදෙනෙකුගේ අවධානය මෙන්ම මිනූෂගේ අවධානයද ෂේන් වෙත ලැබෙද්දී මිනූෂ සිය හිස හරවා ඇස් කොනෙන් ෂේන් දෙස බැලුවා..

ඔහුට ෂේන්ගේ රුව දැකීම කඩාවැටීමක් වූ නිසාම වාරු නැති හදවතට තවත් වේදනා දීමට බැරි තැන මිනූෂ ෂේන් දෙස නොබලා සිටියා..

"මීනු! මම මේ ලයින් එක ක්‍රොස් කලොත් මාව ඇරෙස්ට් කරයි! ඒනිසා ඔයා ආයේ එන්න...!"

වෙව්ලන හඬක් වෙනුවට සතුටෙන් ඉපිලෙන හඬක් මිනූෂට ඇසෙද්දී මිනූෂ පුදුමයෙන් මෙන් හැරි ෂේන් දෙස බැලුවා..

එවිට ඔහු දුටුවේ දෑත් දෙපසට විහිදුවා ගෙන තමාට සිය තුරුලට ආරාධනා කරන ෂේන්ව!

මිනූෂ පුදුමයෙන් මෙන් ෂේන් දෙස බලාසිටිද්දී අවට සිටි පිරිසක්ද ඔව්න්ට ලන් වූවා..

ඒ පිරිසෙන් බොහෝ අය විදේශිකයන් වූ අතර සමරිසි ආදර කතා ඔවුන්ට සාමාන්‍ය නිසාම ඔව්න් ෂේන් වටා රැස්ව කුතුහලයෙන් මේ දෙස බලා සිටියා..

යම් පිරිසක් ෂේන් වටා රැස් වුවද සිට තුරුලට කරස ආරාධනාව පිළිගතහොත් මිනූෂට ෂේන් වෙත ඒමට ඉඩකඩ ඔව්න් සලසද්දී මිනූෂගේ දෑස් වලට කෙලින්ම හසු වූයේ දෑත් දෙපසට කරගෙන සිටින ෂේන්ව...

"මීනු! මං.. මං ඔයාට ආදරෙයිී මීනු! මට සමාවෙන්න මන් මෝඩ උනා! but now U understand! ඔයා තමා මගේ කෙනා.. you are the right person! And this is the right time! I love you Meenu.. I love You!"

ෂේන් මිනූෂට ඇසෙන පරිදි කෑගසා පවසද්දී මිනූෂට දැනුණේ සිය කකුල් වාරු නැතිවන ස්වභාවයක්..

තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, නමුත් ඇසීමට ආසා කල වචන නොසිතූ ලෙස මෙසේ ෂේන්ගේ මුවෙන් පිටවෙද්දී දුකට වෙනුවට මෙවර ඔහු සතුටට කදුළු සැලුවා..

අවට රැස්වූ විදේශිකයන්ට ෂේන්ගේ වචන සියල්ල නොතේරුණද ෂේන්ගේ ඇතැම් වචන ඔව්න්ට තේරෙද්දී ඔව්න් සිනාසී අත්පුඩි ගසමින් මිනූෂව දිරිමත් කළා..

"c'mon meenu! He loves you.... Do you love him....?"

එක් විදේශික කාන්තාවක් කෑගසා මිනූෂගෙන් අසද්දී මිනූෂ සිනාසී හිස සැලුවේ ඔහු ෂේන්ට ආදරේ කරන බව පැවසීමට..

තවත් මොහොතකුදු නාස්ති නොකළ මිනූෂ වේගයෙන් දිව විත් ෂේන්ගේ තුරුලට පැන්නේ ෂේන් අඩියක් පසුපසට විසිවෙද්දී..

මෙම සිදුවීම් මාලාව දෙස බලාසිටි පිරිස ඔව්න්ට් සුභ පතා විසිර යද්දී මිනූෂ එම මුළු වේලාවම ෂේන්ගේ තුරුලේ ගතකළා..

ඉක්මන් වූ ෂේන් මිනූෂගේ අතකින් අල්ලා ගෙන බිත්තියක් අයිනට ගොස් නැවතත් මිනූෂව බදාගත්තේ ඔහුට මිනූෂ සම්ඟ නිදහසේ කතාකිරීමට මෙම ස්ථානය සුදුසු බව ඔහුට දැනුණු නිසා..

"මීනු.. මට සමාවෙන්න මීනු මන් ඔයාව ඇඩෙව්වා.. මට තිබ්බා ඔයාට මේ ගැන කලින් කියන්න ඒත් මං මෝඩ උනා මීනු! අතීතය කියන්නේ අතීතයට! ඔයයි දැන් මගේ වර්තමානය වගේම අනාගතය! මන් දන්නව ඔයා කවදාවත් මට රිද්දන එකක් නෑ මගේ මීනූ..

මම ආදරෙයි මීනූ.. කවදා කොහොම කොතන ඉදන්ද කියලා මන් දන්නෑ.. මන් දන්න එකම දේ මේ පපුව පුරා තියන ආදරේ අයිතිය ඔයාගේ විතරයි කියන එක! ඒ අයිතිය මගේ මීනුගේ විතරයි කියන එක!"

"දෙ-දෙයියනේ මට මේක විශ්වාස කරගන්න බෑ ආශු... මන් ආදරෙයි මගේ ආශු මන් ආදරෙයි ඔයාට....මන් ඔයාව රවට්ටන්නෑ මගේ ආශු.. මාව විශ්වාස කලාට ඔයාට හුගක් ස්තූතියි...."

සතුටට හඬමින් ඔව්න් දෙදෙනා හැඟීම් එලෙස වචන කරද්දී වෙලාවද කෙමෙන් කෙමෙන් ගත වෙමින් තිබුණා..

මිනිත්තු කීපයක්ම එකිනෙකාගේ තුරුලේ සැනසුන ඔව්න් දෙදෙනා අනාගතය ගැන නොහිතා වර්තමාන මොහොත හදවතින්ම විදගත්තා..

අවසානයේ ෂේන් සිය හැඟීම් තේරුම් ගෙන මිනූෂ මත විශ්වාසය තබද්දී මිනූෂගේ ආදරයට උරුමකම ෂේන් ලබාගත්තා..

තවත් මොහොතකට පසු ෂේන් මිනූෂගේ මුහුණ සිය අත් අතරට ගෙන මිනූෂගේ නළල සිපගත්තේ එම ස්පර්ශය නිසාවෙන් දෙදෙනාගේම දෑස් පියවයද්දී..

අනතුරුව පිළිවලින් දෑස්, නාසය, කම්මුල් හා අවසානයේ මිනූෂගේ දෙතොල වෙත බර වූ ෂේන් ආදරයම පමණක් කැටි වූ හැඟීමකින් මිනූෂගේ දෙතොල් පළමු වරට සිපගත්තා..

ෂේන්ගේ සෑම ආදරණීය හාදුවක් පාසාම හදවත ගැඹුරෙන්ම විදගත් මිනූෂද ෂේන්ගේ හාදුවට ප්‍රතිචාර දැක්වූවා..

"I love you honey.."

"I love you too Ashu..."

දෙතොල් මතම මිමිණූ ඔව්න් දෙදෙනා කෙටි හාද්දකින් හාදුව අවසන් කරද්දී මිනූෂ ලැජ්ජාවෙන් බිම බලාගත්තා..

තමා ආසා කරන පරිදිම මිනූෂගේ මුහුණ ස්ට්‍රෝබෙරි ගෙඩියක පැහැය ගනිද්දී ෂේන් සිනාසී මිනූෂගේ කම්මුලකින් හාද්දක් තැවරුවා..

"දැන් යන්න.. තව පරක්කු වෙන්න එපා.."

"මට පාළු දැනෙයි..."

"මටත් පාළු දැනෙයි මගේ මැණික... ඒත් මං එනවා ඔයාව බලන්න.. තේරුණාද...?"

ෂේන් මිනූෂව තුරුලට ගෙන පවසද්දී ෂේන්ගේ මුවෙන් පිට වූ ආමන්ත්‍රණය මිනූෂගේ සිත තව තවත් ආදරයෙන් පිරවූවා..

"ඇත්තටම එනවද..?"

මිනූෂ දෑස් දල්වාගෙන අස්ද්දී ෂේන් සිනාසී මිනූෂගේ දෙතොලට කෙටි හාදුවක් දුන්නා..

"මාසෙකට පාරක් අනිවාරෙන් එනවා.. ටික කාලයක් ගියාම ඔයාවත් එක්කන් ආයේ මෙහෙ එනවා.. මෙහෙ බිස්නස් දාලා යන්න බෑනේ මැනික මට.. ඒ ටික සෙට්ල් කරලා අපි කොහෙහරි ගිහින් ජීවත් වෙමු..."

"හා!"

මිනූෂ සතුටින් පවසා ෂේන්ගේ පළල් පපුව මතින් තම කම්මුලක් තබාගනිද්දී ෂේන් සිනාසී මිනූෂගේ හිස් මුදුන සිපගත්තා..

අනතුරුව මිනූෂව කැටුව ෂේන් සීමාව අසලට පැමිණියේ තවත් වේලාව ඔව්න්ට නොමැති නිසයි.. එකිනෙකා හා එකට කාලය ගත කිරීමට දෙදෙනා කෙතරම් කැමති වුවද කාලය ඊට හරස් වූවා..

"පරිස්සමින් යන්න.. ගිහින් මට කෝල් එකක් දෙන්න.. මං බලන් ඉන්නවා.."

"හා ආශු.. ඔයත් පරිස්සමින් ගිහින් වැඩ ටික කරගන්න.. මේ ටිකේම ඔයාට මන් නිසා වැඩ මිස් උනා..."

"වැඩ මිස් වෙන එක නෙවෙයි ඔයාව මිස් වෙන එකයි මට දුක..."

ෂේන් තොල් නොපිට පෙරළාගනිද්දි ප්‍රථම වතාවට ෂේන්ගේ හුරතල් පැතිකඩ දුටු මිනූෂ සිනාසී ෂෙන්ගේ කම්මුලක් සිය මහපටැගිල්ලෙන් පිරිමැද, කකුලේ ඇගිලි වලින් ඉස්සී ෂේන්ගේ නළල සිපගෙන දෙතොල් වලින්ද හාදුවක් තැවරුවා..

ෂේන් හනික මිනූෂව සිය තුරුලට ගනිද්දී මිනූෂද දෑස් වසාගෙන එම තුරුලේ උනුසුම විදගෙන තුරුලෙන් ඈත්ව ෂේන්ගේ අතක් අල්ලාගත්තා..

"Gonna miss you my love.. Safe flight.. I LOVE YOU MORE THAN YOU THINK"

"I love you too Ashu.."

අවසානයේ එසේ මුමුණා හාදුවකින් සමුගත් මිනූෂ වෙන්ව යාමේ දුකෙන් සීමාව පනිද්දි ඔව්න්ගේ දෑත් තවමත් එකට පැටලී තිබුණා..

පැටලී ඇති දෑත් දෙස බැලූ මිනූෂ හිස ඔසවා ෂේන් දෙස බලද්දී මිනූෂගේ හැගීම් බැල්මකින් තේරුම්ගත් ෂේන් සිනාහවකින් මිනූෂව සැනසුවා..

එම සිනහව තුළ 'මම ඔයාව බලන්න එනවා. මම ඔයාට ආදරෙයි' යන්න ගැබ්ව තිබියදී එක් සිනහවකින් මිනූෂගේ සිත සැනසුණා..

එම නිසා එවන් ආකරයටම මිනූෂද ෂේන් සමග සිනාසුණේ ෂේන්ගේ හිත අස්වැසීමටයි..

මිනූෂගේ සිනහවට ප්‍රතිචාරයක් ලෙස ෂේන් පහත් වී සිය අතක පැටලී ඇති මිනූෂගේ අත සිපගනිද්දී මිනුෂ ආදරණීය ලෙස සිනාසෙන හඬ ඔහුට ඇසුණා..

"යන්න... මන් ආදරෙයි.."

"මමත් ඔයාට ආදරෙයි.."

නමුත් මිනූෂට යාමට අදහසක් තිබුණේ නෑ.. ඔහු ෂේන් දෙසම බලාසිටියා.. එම නිසාම ෂේන් දෑස් වලින් ඉදිරියට යන ලෙසට මිනූෂට ඉඟි කරද්දී මිනූෂ තොල් නොපිට පෙරළා අඩියෙන් අඩිය පසුපසට තිබ්බා..

මිනූෂ තබන අඩියක් පාසා ඔව්න්ගේ අත් දිගෑදෙද්දි අත අතහැරෙන මොහොතේ මිනුෂ පහත් වී ෂේන්ගේ පිට අල්ල සිපගත්තා..

අවසානයේ ඔව්න්ගේ අත් එකිනෙකාගේ දෑතෙන් ගිලිහෙද්දී ඔව්න් දෙදෙනාම සිනහවකින් එම තාවකාලික වෙන්ව යාම භාරගත්තා..

නැවත ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තුවෙන් දෙදෙනා තාවකාලිකව වෙන්ව යද්දී මිනූෂව නොපෙනී යන තෙක්ම ෂේන් මිනූෂ දෙස බලා සිටියා.. මිනුෂද ෂේන්ව නොපෙනී යන තෙක්ම ‍ආපසු හැරි හැරි ෂේන් දෙස බලමින් ඉදිරියටම ඇදුණා......

.

.

°°°°°°°

ඉතින්...

තිබෙන්නට හැකිනම් ප්‍රේමයක්.. අහඹු ලෙස පැමිණෙන..

තිබෙන්නට හැකිනම් ප්‍රේමයක්.. ආත්මයම සුවපත් කරන..

තිබෙන්නට හැකිනම් ප්‍රේමයක්.. මුලාවක් යැයි ටැග් ගැසූ ආදරය නමින්ම හදවතක් සසල කරන...

තිබෙන්නට නොහැකිද ප්‍රේමයක්..

හදවතෙන් ලෙංගතු වූ මොහොතේම දෑඟිලි වලින් වෙන්ව යන...?

°°°°°

• සමාප්තයි •

______________________________________

හෙලෝ ළමයි... අප්ඩේට් එක ලේට් ඒකට පෞද්ගලික හේතු ගොඩක් තියේ සමාවෙන්න හොදේ.. 😓

ඉතින්.. මොකද හිතන්නේ අද කොටස ගැන...?🌚

සතුටුදායකද..?🌝

හිතුව විදිහේ අවසානයක්ද..?🌝

නොහිතුව විදිහේ අවසානයක්ද...?🌝

ඔයාලව සප්‍රයිස් කරන් තමා මන් අද ආවේහ්.. මේක ශෝට් එකක් කියලා මන් මුලින්ම කිව්වනෙ.. හැබැයි ඊලග එකෙන් ඉවරයි කියල මන් කලින් චැප් එකේවත් කිව්ව් නෑ.. ඉඟියක්වත් දුන්නෑ..😌😌

මට ඕන උනේ ඔයාලව පොඩ්ඩක් කුතුහලය දනවල ගන්න.😾

ඉතින් කියන්ටකො..

window seat - අවසාන නැවතුම

කියලා නොටිෆිය ආවම මොකත හිතුණේ? 😓🌚

ඉතින් ළමයි කතාව ගැන කිව්වොත්...🙌

මේක මන් කෝච්චියේ වින්ඩෝ සීට් එකක ඉදන් යනකොට පම්ස තැලිලා ආව අයිඩියා එකක්.. මන් එවෙලම ප්ලොට් එකත් හදල ඒකට නමත් දැම්ම වින්ඩෝ සීට් කියලා.. කොහොමත මොල ගෙනාව නැවක් නේත? 🌝 (අවස්‍ය වෙලාවට මොල්‍ර් නැති එක වෙනම කතාවක් 🥴😒)

ඉතින් ඒක තමා මේ කතාව..

ජූනි 20 දීපු පලවෙනි අප්ඩේට් එකත් එක්ක මාස දෙකකට අඩු කාලයක් ඔයාලා කතාවත් එක්ක හිටියා..💗💗

ඔයාලගේ කමෙන්ට්ස්,වෝට්ස්,වීව්ස් වලින්න් කොච්චරනම් මන් සතුටු උනාද දන්නේ මන් විතරයි.. ❤️‍🩹

ඒවගේම මේක ඔන්ගොයින්ග් තියෙද්දිම 1K+ වීව්ස් ගන්න එක මගේ ගෝල් එකක් වෙලා තිබ්බා.. ඒකත් පස් වෙනි චැප් එකෙන් මට ලැබුනා. ඒ හැමදේම ඔයාලා නිසා.. ඔයාලා කතාව එක්ක රැදුණු නිසා.. 💗

ඉතින් වින්ඩෝ සීට් මෙතනින් ඉවරයි.. ඔයාලා කතාව ගැන හිතන දේ කමෙන්ට් එකක් දාලා යන්න.. ඒක මට ලොකු දෙයක්.. ❤️‍🩹

එතකොට සයිලන්ට් රීඩර්ස්ලා.. පුලුවන් නම් ඔයාලත් අදහසක් කියාගෙන යන්න.👻

කතාව ලස්සනයිද.. ඔයාලා ඒක වින්දද වගේ දේවල්... මන් ආසයි සමස්ථ කතාව ගැන ඔයාලගේ අදහස් දැනගන්න...😓💗

එතකොට කම්ප්ලීට් උනාම කියවනව කියන යාලුවො අතරේ කතාව බෙදන්න.. දැන් මේක කම්ප්ලීට් නෙහ් 👻

එහෙනම් මෙතනින් අපි වින්ඩෝ සීට් නවත්තමු... කතාව එක්ක රැදිලා හිටිය හැමෝටම හුගක් ස්තූතියි.. ඉස්සරහටත් මන් එක්ක රැදෙයි කියල මන් හිතනව.. ❤️‍🩹

ආ තව දෙයක්..🌝

මේක ටොප් කූක් ශෝට් එකක්නෙ.. ඉති ටොප්ටේ ෆෑන්ස්ලට ශෝට් එකක් ලියන්න මන් හිතුවා..😌

1956 වසරේදි දකුණු කොරියාවේ කුඩා ගම්පලාතකට සිය මිත්තණිය වෙනුවෙන් පැමිණි ඔහුට,

ආදායම් ඉපැයීමට ලියමන් බෙදාහැරි ඔහුව...

අධි මාත්‍රික ඖෂධයක් වූයේ සම්මතයෙන් ඔබ්බට ගොස්‍ ය.......

• Taekook

• Fanfiction

• Sinhala

• Top - Taehyung

• Bottom - Jungkook

• Old type story

• Short Story

තබා ගිය පණිවුඩෙන්...

°°ආදරෙද පවසන්න...°°

මේකේ ඉන්ට්‍රො එක මන් මෙහෙමම දාන්නම්.. කැමති අය ලයිබ්‍රි ඇඩ් කරගන්න... 😌ටොප් ටේ කියවන්නැති අය ශෙයා කරලා සප් එකක් දෙන්න 🌚💜️💚

එහෙනම් මන් ගියා... බායි.. පරිස්සමින් ඉන්න හැමෝම........😾💚💜️

Contents
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!