Back
Chapter 1

රිදුම්

රිදුම් (COMPLETE) ✔

"ඇත්තම කියන්න මට "

ඔයා මගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්වෙ මාව නිරුත්තර කරවන්...

"සසේන් ගිම්හාන...."

ඔව් ඒ නම ඇහෙනකොට මව ගැස්සිලා ගියා..

"සසේන් ගිම්හාන තමුසෙගෙ කවුද අනූ"

මෙච්චර වෙලාවක් සන්සුන්ව කතා කරපු එයා එක පාරටම කෑ ගහලා ඇහුවා...

මගේ හිත වේගෙන් වේගෙන් ගියේ ලොකු කාලයක් දුරට

"අනූ..."

"ම්ම්ම්..."

"මට කොයිතරම් ආදරෙයිද ඔයා..."

මගේ ඇස් දෙක දිහා බලාගෙන එයා හරි ලස්සනට එහෙම අහද්දි මට එයාව සැක කරන්න හේතුවක් තිබුනෙම නැති තරම්..

විශ්වාසය

විශ්වාසය තමයි මට මගෙ මුලු ලෝකෙම නැති කරේ..

"මගේ ලෝකේ ඔයානේ මහත්තයෝ..."

දාන්න පුලුවන් නාරිලතා කෝලම් ඔක්කොම දාලා මන් එහෙම කිව්වෙ හයියෙන් හිනාවෙන ගමන්..

"මමත් ඔයාට ගොඩක් ආදරෙයි.. මේ ලෝකේ ඕනිම දෙය මන් ඔයා වෙනුවෙන් දෙනවා.. "

ඒ වචන අස්සෙ තිබුණ කුරිරුකම මට එදා අඳුරගන්න බැරි වුණා පොඩ්ඩක්වත්..

"මාත් ඔයාට ඕනිම දෙයක් දෙනවනෙ මහත්තයෝ.. ඔයා දැන් මගේනේ.. "

එයාගේ ඒ කුරිරු අදහසට ගොදුරු වෙලා මම ම අවසර දුන්නෙ ඒ විදියට..

මන් හරි ම මෝඩ කෙල්ලෙක්.. බිත්ති හතරක් ඇතුලේ මගේ මුලු ආත්මෙ ම ඒ කුරිරු මනුස්සයට පූජා කරේ ඒ නිසයි

ඇඟ වහගන්න වැහුණු රෙදි කෑලි එකින් එක ඒ අත් දෙකින්ම අයින් කරද්දි කෙල්ලෙක් විදියට රැකිලා ඉදපු මං ගෑණියෙක් වුනේ.. එදයින් පස්සේ මන් හැමදාම එයාගේ නේද කියලා කල්පනා වෙද්දි..

ඒත් මම වැරදියි.. ගොඩක් වැරදියි...

මට ආයේ එයාව මුණ ගැහුනෙ නෑ.. එයා මගේ ආත්මෙ ම පාවලා දීලා තිබුණ ලෝකයා ඉස්සරහ..

එදා සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩාරියක් වයිරල් උනා එක්තරා වීඩියෝවක්... විනාඩි තිස් පහක ඒ වීඩියෝ එක මගේ මුලු ජීවිතේම විනාස කරා...

ඒත් ඒ විනාඩි තිස් පහ පුරාම එක ම එක තැනකවත් මගේ මූණ අඳුරගන්න බැරි විදිහට blur කරලා තිබුණා..

මට මැසේජ් එකක් ආවා..

"CLEAR VUDEO EKA  PUBLISH NIWENNANAM MAN KIYANA THANATA WAREN "

මට ඒ වේලේ කරන්න ඕනි දෙය තේරුනේ නෑ ... මන් ගියා ඒ තැනට ඒක පාලූ මූසා ගෙයක් .. එතන හිටියා හැඩි දැඩි පිරිමි දහයකට වැඩි පිරිසක් . මන් බය උනා... ඒ නිසා අන් එතනට ගියේ නෑ...

ඒත් ආයේ හැරිලා ගෙදර එන්න හයියක් මට තිබුණේ නෑ   මන් දැනන් හිටියා උන් මාව හොයන බව..

මන් ගොඩාක් ආදරෙන් වවාගත්තු කොන්ඩේ කොටටම කපලා දැම්මා.. මූණ වැහෙන්න ශෝල් එකක් දාගත්තා.  මට හිතුනා ශෝල් එක ගැලෙව්වත් කොන්ඩෙ නිසා උන්ට මාව අඳුරගන බැරි වෙයි කියලා..

බස් හතරක නැත්තම් පහක යන්න ඇති...

එක තැනක මම නැවතුනා... ඇස් නිලංකාර වෙනවා දැනුනා..

මන් ඇස් අරිද්දි  හිටියෙ කන්‍යාරාමයක.. මන් උපතින් බෞද්ධ ආගමිකයෙක් ඉතින් ක්‍රිස්තියානි අය එක්ක ඉන්න ඕනි කමක් මට තිබුණෙ නෑ..

එයාලා මාව ලමා නිවාසෙකට භාර දෙන්න කැමති වුනා.. අනුරාධා කුමාරි වුන මම අනුපමා සෙව්වන්දි විදියට මාව අඳුන්වා දුන්නා.. කාත් කවුරුත් නැති අනාථයෙක් විදියට ඔවුන් මාව පිලිගත්තා..

ඔව් කාත් කවුරුත් හිටියනම් මට මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බා..මට කවුරුත් ම නැද්ද..????

නෑ මට හිටියා.. මන් කොහේද කවදාවත් නොදන්න දෙමව්පියෝ දෙන්නෙක්ම ..

ඒ ලමා නිවාසේ මට ලොකු කාලයක් ජීවත් වෙන්න ඕනි වුනේ නෑ.. ලමයි නැති ජෝඩුවක් මාව භාරගත්තා.. මාව ඉස්කොලේ යැව්වා...

මන් දිගටම කොන්ඩේ කැපුවා.. මගේ ඉරියවු පෙන්හ්ම හැමදේම වෙනස් කරා... මගේ ජීවිතේ අඳුරු පැතිකඩ හැමදාම ඇස් ඉස්සරහ හොල්මන් කරා..

ඒත්,

මට තවත් මෝඩ වෙන්න ඕනි වුනේ නෑ.. මන් හොඳට ඉගෙන ගත්තා.. ඒ ගෙදර අය මට ප්‍රයිවට් උගන්නන්න කැමති වුනා.. එයාල මට ආදරේ කලා.

මාත් සමාජේ එක්ක ගැටෙන්න ගොඩක් බය වුනා.

අද මන් බිස්නස්මන් කෙනෙක්.. මගේ ඖත් පවුලෙ තාත්තගෙන් උරුම වුනු බිස්නස් ඔක්කොම මං භාරගත්තා..

ආයෙත් පිරිමියෙක් ගැන මට අදහසක් තිබුනේ නෑ...  තාත්තිගේ බිස්නස් පාට්නර් කෙනෙක් එයාගෙ පුතාට මව ප්‍රපෝස් කරලා තිබුණා...

ඒ යසිරු ෆර්නෑන්ඩෝ.. එයා මට ආදරේ බව කියලා තිබුනා ඒත් මට කිසිම ආදරයක් උවමනා වුනේ නෑ.  මාන් ආදරේ තඹ දොයිතුවකට මායිම් කලේ නෑ..

අපේ බිස්නස් ගැන හිතලා මන් යසිරුව මැරි කලා..

අද අපේ මැරේජ් එක ..

කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස ඒත් මට එහෙම නෑ..

"අනූ මේ අපේ හනිමූන් එක"

යසිරුගෙ කටහඬින් මන් ගැස්සිලා ගියා..

එයා තාමත් එයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙනකම් බලන් ඉන්නවා..

"සසේන් ගිම්හානට තමුසේ තාමත් ආදරේ කරනකද අනුරාධා...???? "

ඔව් . යසිරු හැමදේම දැනගෙන .. වලදාලා තිබුනු අතීතේ ගොඩගන්න එයා පටන් අරන්..

"යසිරු අපි ඩිවෝස් වෙමු."

ඒ වචන  ටිකත් එක්කම යසිරුගෙ ඇඟිලි හිතාගන්නවත් බැරි විදියට නගේ මූණේ පතිත වුනා..

"මං තිඔ ගැන නොදැන මැරි කරා කියලද හිතුවේ..?? ඇත්ත අහපු ගමන් ඩිවෝස් වෙන්න "

එයා මං දිහා බලාගෙන එහෙම ඇහුවා...

"තමුන් සසේන්ට ආදරේ ද විතරක් කියනවා "

මන් දැනටමත් වෙව්ලනවා..

"නැහැ යසිරු මන් ඒකට වෛර කරනවා.. " මන් කෑගහලා කිව්වා.. කඳුලක් නොවැටුනත් මගේ කටහඬ හොඳටම වෙව්ලනවා දැනුනා...

"මට මාව නැති කරපු පෙරේත පො#@$% මන් සඳහට ම...... "

යසිරු එයාගේ අතින් මගේ කට වැහුවා ...

එක පාරට ම මාව ඇද්දා මන් විසිවෙලා ගිහින් වැදුනේ එයාගේ පපුපවට..

කවදාවත් නොදැනුනු අමුතු ම හැඟීමක් එක්ක මගේ ඇස් දෙකෙන් කඳුලු අතෝරක් නැතුව ගලන්න ගත්තේ නොහිතපු විදිහට..

" අනූ ප්ලීස්... හැමදේම අමතක කරන්න.."

එයා මගේ දිහා බලාගෙන හිටියා .. අවුල් වෙලා තිබුණු කෙස් ගස් පස්සට කරලා උණුසුම් හාදුවක් නළලට තිබ්බා... මට ඒ හිතේ තිබ්බ ආදරේ මහමෙරක් තරමට දැන්න්න ගත්තා...

" මට ප්‍රොමිස් වෙන්න හැමදාම මගේ එක්ක ඉන්නවා කියලා ..."

මන් මගේ අත අරන් හිමීට ඒ අත උඩින් තිබ්බා...

මේ තරම් කැපකිරීමක්

මේ තරම් ආදරයක්

තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න පුලුවන්ද ..??

මට මගේ ජීවිතේ අහිමි වෙලා තිබුණු සතුට අද ලැබිලා.

මගේ ම නොවුනත් මගේ ම වගේ රත්තරන් දෙමව්පියෝ දෙන්නෙක්..

අත නොහරින ආදරයක් වගේම ලෝක ප්‍රසිද්ධ බිස්නස් එහෙකුත්..

ජීවිතේ හැමදේම මට ලැබිලා..

මම ආයෙත් හිනාවෙන්න පටන් අරන්..

රෙඩ්මාර්ක් එකක් නොතියම මධුසමය ඉවර වුණා.

ඒත් ,

මාස දෙකකට පසු

"මගේ සුබ පැතුම් සර් ..  සර් දැන් තාත්‍තා කෙනෙක්"

ඒ ඇස් වල සතුටු කඳුලු මන් දැක්කා..  ඉතින් ,

තවත් මොනවද මට ඕනී...

නිමි...

ඉතින් ඕන් කෙටි කතාවක් වගේ එක එපිසෝඩ් එහෙකින් කතාවක් දුන්නා..

මේ කතාවෙ මෙච්චරයි ආයේ ලියන්නෙ නෑ.. මොකද මන් හිතන්නෙ ඒ කතාව තව දික් කරනවට වඩා ඔහොම කෙටියෙන් තියෙද්දි ඔයාලෙගෙ හිතට වදී... කතාව හිතට වැදුනනම් අනිත් අයටත් කියවන්න ශෙයාර් පාරක් දාලා මේ හිච්චි ඕතරිගෙ හිත සතුටු කරන්න වෝට් එහෙකුත් දාන් යන්න මගෙ හිච්චො ටිකයි හිච්චියො ටිකයි 💗😑

ආතරේ නෑ හරිත අපි ඕන් හිච්චියන්ටයි හිච්චොන්ටයි .. 🐒

First
Last

Share This Chapter