Chapter 1 of 107

Intro🤍✨️

නිවාලන්න මා...229 words~2 min read

"ඇත්තටම ගම්පෙරළියේ නන්දා පියල් ට අකමැති උනේ මොන හේතුවක් නිසා කියලද නේත්‍ර හිතන්නේ?"

"නන්දාගේ මාන්නෙ වැඩි වුණා නේද සුදු බේබි?පියල්ට නන්දා එක්ක වංශයෙන් පෑහෙන්න බැරි උනු එක තමයි හේතුව."

"එහෙනම් නේත්‍ර හරියට කතාව කියෝල නෑ"

..................................................................................

"සුදු බේබි මොනවද ඔච්චර බලන්නේ?"

"නේත්‍රගෙ ඇස්....ඒවා හරි ගැඹුරුයි.මං උත්සාහ කරන්නේ ඒව කියවන්න"

"ඉතිං ඉතිං..... මොනාද ඒවගේ කියවන්න පුළුවන් වුනේ?"

"ආදරේ.........ඔය හිතේ සුදු බේබිගෙ නමින් ලියවිලා තියෙන ආදරේ"

..................................................................................

"එතකොට විරාගයේ දී ඇයි අරවින්ද සරෝජනීව අතෑරියෙ?"

"අරවින්ද බය උනා.සමාජයට කලංකයක් වෙන්න වෙයි කියලා.පැනලා යන එක ලොකු වරදක්,පවක් විදිහට අරවින්ද දැක්කේ.ඒත් සුදු බේබි මට හිතාගන්න බැරි දේ තමයි බතී අරවින්දට අච්චර ලංවෙද්දීත් ඇයි අරවින්ද බතීව පිළිනොගත්තෙ කියලා?"

"මොකද අරවින්ද ආදරේ කලේ සරෝජනීට විතරයි නේත්‍ර"

..................................................................................

"ඒක නිසඳැස් පොතක් නේත්‍ර"

"මොකද්ද සුදුබේබි එකට දාන්න ඉන්න නම?"

"ප්‍රේමණීය හෝරා....."

"ආහ්?"

"මොකද ඒකෙ බාගෙට බාගයක්ම ලියවිලා තියෙන්නෙ මේ ලෝකෙ ඉන්න ආදරණීයම මනුස්සයා ගැන වගේම,ඒ මනුස්සයා එක්ක ගත කරපු සුන්දර මොහොතවල් ගැන"

...................................................................................................

ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර

නේත්‍ර සන්හිත අත්තනායක

දෙවින් දිහන්ස සිංහවංශ

තෙවින් විහන්ස සිංහවංශ

දෙනෙත් උචිත බණ්ඩාර

දිවාෂ යුගාන් ආරියසිංහ

...................................................................................................

අතපය හතර තියං ඉන්න බැරි කමට intro එක දැම්මා මගෙ ලමයිනේ🙈❤️

හැබැයි දැන්මම මේක දෙන්නෑ🌚❤️

ඒත් මට මොකක්ම හරි වචනයක් ඕනි ඔයාලගෙන්🥺❤️

මොකක්ම හරි දෙයක්❤️

එතකොට දවසක මේ කතාවෙ final chapter එක දැම්මට පස්සෙ ඒකෙ comments එක්ක මේකෙ comments බලලා අපිට කතා කරන්න පුළුවන් 🥺❤️

ඒක මගෙ හීනයක් හොදේ 🌚❤️

එහෙනම් ගිහින් එන්නම්❤️

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම Camellia🏵️❤️

...................................................................................................

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!