Back
Chapter 10

09 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදු බේබි!!!!!"

අද මැනුවෙල් ගෙනත් දුන්නු කිරි එක වෙනදා වගේ රස නැති එකට පුපුරු ගගහා ගල් බැම්ම උඩට වෙලා පුරුදු පරිද්දෙන්ම ඈත පේන කඳු වළල්ලට නෙත් යොමාගෙන හිටපු සුදු බේබි ගැස්සිලා ගියේ ඈතින් ඉදංම විලාප තියාගෙන එන නේත්‍රගේ සද්දෙ නිසා.

"දෙයියනේ නේත්‍ර ඇයි මේ?"

දුවගෙන ආපු පිම්ම සුදු බේබිගෙ ඇඟට පැනලා සුදුබේබිගෙ පපුව අස්සෙ මූණ හංගගත්තු චූටි නේත්‍ර ඉකිගගහා අඬද්දි,සුදුබේබුත් හරි හරියට නේත්‍රගෙ පුංචි සරීරෙ තමන්ගේ පපුව අස්සෙ හංගගත්තා.ටික වෙලාවක් නේත්‍රව සන්සුන් වෙනකන් නේත්‍රගේ පිට අතගෑව සුදු බේබි වදුරෙක් වගේ තමන්ගෙ අස්සෙ එල්ලිලා හිටිය නේත්‍රවට් අල්ලගෙනම වලව් වත්තෙ තණතුල්ලඋඩ ඉඳගත්තා.සුදු බේබිත් එක්කම කකුල් නවලා ඉදගත්තු නේත්‍ර තාමත් සුදුබේබිගෙ අස්සට වෙලා ඉකි ගහනවා.

"කියන්නකො මගෙ නේත්‍ර......ඇයි මේ?"

සුදු බේබි නේත්‍රගේ සිනිඳු කොණ්ඩෙ උඩින් හාද්දක් තවරන ගමන් කියද්දී නේත්‍ර තව ඩිංගක් සුදු බේබිගෙ අස්සට ගුලි උනා.

"මාව ගෙයින් දොට්ට දැම්මා සුදු බේබිඊඊඊඊඊඊඊඊ..........."

නේත්‍රා ආපහු පාරක් මහා හයියෙන් විලාප තියන්න පටන් ගත්ත නිසා සුදු බේබි ඔලුව දෙපැත්තට හරෝන ගමන් වටපිට බැලුවේ ලොකු මැණිකේ හරි මහමුදියන්සේ හරි වටපිටාවක ඉන්නවද කියල බලන්න.මේ වෙද්දී වලව් සිරිත් ගැන යම්තාක් දුරකට තේරුම් අරං උන්නු සුදු බේබි මේ වගේ නේත්‍ර තමන් එක සමසමව ඉඳගෙන ඉන්න එක මහමුදියන්සේ දැක්කොත් නේත්‍රට ගුටි කන්න වෙන බව දැනගෙන හිටියා.නේත්‍ර කාගෙන්වත් නියපිටින් පාරක් කනවට සුදු බේබි කැමති නොවුන නිසා සුදු බේබි එන්න එන්නම පරිස්සම් වුනා.

"ගෙදරින් දොට්ට දැම්මා?ඒ ඇයි?"

සුදුබේබි නේත්‍රගෙන් අහද්දි නේත්‍ර කලේ "දන්නෑ" කියන්න වගේ ඔළුව දෙපැත්තට වැනුව එක.හැබැයි නේත්‍රගෙ ඇඩිල්ල නැවතුනේ නැති තැන සුදු බේබි කළේ නේත්‍රවත් හිටවන්න ගමන්ම හිටගත්තු එක.

"කෝ එන්නකො මගෙ බටු ඇටේ"

නේත්‍රව අතින් අල්ලගත්ත සුදුබේබි ගියේ වලව් පිළිකන්න පැත්තෙ තිබුණු ජල කරාමෙ ළඟට.මොකද ඒ අහලක පහලක වතුර ගන්න පුළුවන් තැනකට තිබුනෙ ඒක විතරයි.නේත්‍රව අතින් අල්ලලා ලඟට ගත්තු සුදුබේබි නේත්‍රගෙ නහය අල්ලලා කැරකෙව්වෙ නේත්‍රගේ හොටු අහක් කරන්න.සුදුබේබි ඒ දේ කළාට මොකෝ සුදුබේබිට ඒ වගේ වැඩ වල තිබුණු නුහුරු බව නිසාම හොටු හීරිල්ල කෙසේ වෙතත් නේත්‍රගෙ චුට්ටං නහය ගැලවිලා සුදු බේබිගෙ අතට එන්න ඉඩ තිබ්බා.

සුදුබේබි නහය කරකෝපු පාර රිදුනු නිසා නේත්‍ර හෙමින් සැරේ සුදුබේබිගෙ අත අහක් කරලා තමන්ම හොටු ටික හූරලා අහකට දාද්දි,සුදුබේබි අතට ගත්තු වතුර වලින් නේත්‍රගෙ නාහෙ වටේ තැවරිලා තිබුණු හොටු ටිකයි,නේත්‍රගෙ මුහුණයි පිහිදැම්මා.සුදු බේබිගේ පිහිදැමිල්ලෙ සියුම් බව කොච්චර නම් අපූරු ද කියනවා නම් ඒ ඩිංගට නේත්‍රගෙ මූණ දෙළුම් මදයක් වගේ රතුපාට වෙලා තිබුණා.

"යං අපි ගිහින් අහමු නිර්මලාලගෙන් එහෙම කළේ මොන හයියක් ඉඳ කියලා"

"හුම්ම්ම්"

නේත්‍රගෙ අතින් අල්ලගත්තු සුදුබේබි ලඳුකැලෑ කෑල්ල දිගේ පල්ලම් බහින්න ගත්තා.

"හහ්....නේත්‍රව කොහොමද එහෙම එලියට දාන්නෙ?"

"හුම්ම්ම්"

"නේත්‍රව එලියට දාන්න තරම් හයියක්?"

"හුම්ම්ම්"

"අද තමා දැනගන්නෙ කට්ටිය සුදුබේබිගෙ හැටි"

"හුම්ම්ම්"

"මගෙ නේත්‍රට අත තියන්න නිර්මලා කවුද?"

"අම්මා සුදුබේබි"

"ඒක වෙනම කතාවක්.ඒත් නේත්‍ර මගෙනෙ"

"හුම්ම්ම්"

"යංකො බලන්න.අද තමා මගෙ ඇත්ත දැනගන්නෙ හැමෝම"

නේත්‍රවත් අතින් අල්ලං මහ එකා වගේ කියව කියව පල්ලම් බැහැපු සුදුබේබිගෙ පස්සෙන් නේත්‍රත් ඇදීගෙන ගියේ නිදහස් අතින් හොටු පිහිද පිහිද.

"කෝ මේ ගෙදර මිනිස්සු?"

සුදුබේබි පණ්ඩිත චණ්ඩියෙක් වගේ නේත්‍රලාගේ ගේ ඉස්සරහට ගිහින් කෑ ගැහුවෙ ඉරුගල්බණ්ඩාර පරපුරේ වලව්කාරයන්ගෙ කටවල් වල සද්දෙ හරි ලස්සනට පෙන්නන ගමන්.සුදුබේබිගෙ සද්දෙ ඇහුනු නිර්මලා දඩිබිඩි ගාලා එලියට දුවගෙන එද්දි නේත්‍ර සුදුබේබිව ඉස්සරහට දාලා සුදුබේබිගෙ පිටිපස්සෙ හැංගුනා.

"දෙයියෝ සුදුබේබි.....මේ උදැහැනැක්කෙ මෙහෙ දුවං ආවෙ?"

නිර්මලා චීත්ත රෙද්දෙන් අත් දෙකත් පිහිද පිහිද ඉස්සරහට එද්දි සුදුබේබි නිර්මලා දිහා රවලා බලාගෙන හිටියා.

"නේත්‍රව ගෙදරින් එලෙව්වෙ ඇයි?"

සුදුබේබි රවාගෙන හිටපු විදියටම අහද්දි නිර්මලා කලේ සුදුබේබිගෙ පිටිපස්සෙන් පේන චූට්ටං ඔළු ගෙඩිය දිහා බලලා ඉණට අත් දෙක තියාගත්තු එක.

"ඒ ටිකට උබ ගිහින් කේලම තිබ්බද සුදුබේබිගෙ කනේ?"

"නේත්‍රට පුළුවන් එහෙම කරන්න......ඒයි ඒයි......එපා නේත්‍රට ගහන්න!!!!"

සුදුබේබි කතා කරන අතරෙම සුදුබේබි ලගට ඇවිදන් ආපු නිර්මලා සුදුබේබිගෙ පිටිපස්සෙ හැංගිලා හිටපු නේත්‍රව ඇදලා අරං ගහන්න හැදුවත් නේත්‍රව ආපහු පාරක් තමන්ගෙ පිටිපස්සෙ හංගගත්තු සුදුබේබි නිර්මලාට කෑගහද්දිනම් නිර්මලා උනත් පැත්තකට වෙලා හිටියා.

මොන දේ උනත් බයාදුකම කියන දේ උපතින්ම අරං ආව නිර්මලා වගේ මිනිස්සුන්ට වලව් මහතැන්ලගෙ එක වචනයක් ඇති උනා බයෙන් තැති ගැන්වෙන්න.පැත්තකට වෙලා බලන් ඉන්න නිර්මලා දිහා හොරෙන් ඇස් දෙක කරකෝලා බැලුව නේත්‍ර ආපහු පාරක් සුදුබේබිගෙ පිට අස්සට ගුලි උනේ නිර්මලා නේත්‍ර දිහා බැලුව බැල්මෙ තිබ්බ භයානකකම නිසා.

"සුදුබේබි මේකයි......මේකට මම කිව්වෙ පිලිවෙලක් වෙනකං එලියට වෙලා ඉන්න කියලා.මේකා ගේ ඇතුලට ආයෙම කඩාගෙන පනින්න හදද්දි තමා මම කිව්වෙ ටිකක් එලියට වෙලා ඉදපං කියලා.මේකා ඒ ඩිංගට අතුරුදන් වෙලා......ඒ පිම්ම තමා සුදුබේබි ගාවට දුවං එන්න ඇත්තෙ කේලං කියන්න"

නිර්මලා නේත්‍ර දිහා රව රව කියද්දි සුදුබේබි කලේ නේත්‍රගෙ අතිනුත් අල්ලං ගිහින් අරලිය ගහ යට තිබුනු බංකුවෙ ඉදගත්තු එක.ඒ දේ දැක්කට පස්සෙ ආපහු පාරක් නිර්මලාට දෙලොව රත් වුනා.නිර්මලාගෙ මූණ දැක්ක හැටියෙ නිර්මලා කියන්න යන දේ මොකද්ද කියලා සුදුබේබිට තේරුම් ගියේ මුල දවසක ඒ ගැන නේත්‍ර තමන්ට කියල තිබ්බ නිසා.

"මම මෙතන ඉදං ඉන්නම් නිර්මලා.මට පුටු එපා.මමනෙ කියන්නෙ"

සුදුබේබි කියද්දි නේත්‍ර දිහා බැලුව නිර්මලා අහක බලාගත්තෙ තමන්ගෙ පොඩි එකා සුදුබේබිට කරලා තියෙන වින්නැහිය එසේ මෙසේ එකක් නෙවෙයි කියලා තේරුනු නිසා.

"සීවරං දෙයියනේ.......අත්තා මුත්තා කාලෙවත් වෙච්ච දේවල්ද මේ වෙන්නෙ? සුදුබේබි මේ ඉන්න විදිය දැක්කොත් එහෙම ආයෙ විසුමක් වෙන එකක් නෑ අපිට මහමුදියන්සේගෙනුයි ලොකු මැණිකෙගෙනුයි.අපේ අසමජ්ජාතියගෙ ආස්‍රේ නිසා සුදුබේබිත් විනාස වෙලාද කොහෙද?"

නිර්මලා තනියම හිතද්දි සුදුබේබි ආපහු පාරක් නිර්මලාට කතා කලා.

"ඉතින් කිව්වෙ නෑනෙ ඇයි නිර්මලා නේත්‍රව ගෙට ගන්නෙ නැත්තෙ කියලා?"

"සුදුබේබිට ඔව්වා කිව්වා කියලා තේරුමක් තියෙන එකක්යෑ සුදුබේබි........."

"ඇයි මට තේරෙන්නෙ නැති මොකක් හරි වෙලාද?"

"සුදුබේබි ඔහොම ඉන්නකො......මමත් එන්නම් යන්න වලව්වට"

සුදුබේබිගෙ පණ්ඩිත වදන් වලට දෙන්න උත්තර නැති උනු නිර්මලා ගේ ඇතුලට දුවලා ගිහින් ඇවිත් සුදුබේබියි,නේත්‍රයි එක්කම වලව්ව පැත්තට ඇදෙන්න ගත්තා.

.

.

.

.

.

"අරුන්දතී කොටහළු වෙලා?"

"එහෙමයි ලොකු මැණිකෙ........"

තමන්ගෙ පිටිපස්සෙ එල්ලිලා ඔළු ගෙඩිය විතරක් ලොකු මැණිකෙට පේන්න එලියට දාං හැංගිලා ඉන්න නේත්‍ර නිසා ගැලවෙන්න යන තමන්ගෙ චීත්ත රෙද්ද අතින් අල්ලගෙන හිටපු නිර්මලා ඔලුව නවාගෙනම ලොකු මැණිකෙට උත්තර බැන්දා.නිර්මලා දිහා බලලා හිනාවක් ලා හිනාවක් පෑව ලොකු මැණිකෙ ආපහු පාරක් කතා කරන්න ගත්තා.

"පිරිමි පරාණ පේන්න තියන්න හොද නෑනෙ කෙල්ලව නාවනකං? නැකැත් බැලුවද?"

"තවම නෑ ලොකු මැණිකෙ.....මම දැන් යන්න කියලා තමා හිතුවෙ.පෝයත් පහු වුනු නිසා හොද නැකැතක් ලගම දවසක ඇති...එදාට කෙල්ලව නාවනවා"

"කෙල්ලගෙ තනියට? ආ සුමනා ඉන්නවනෙ නේද?"

"එහෙමයි ලොකු මැණිකෙ අම්මා ලග ඉන්නවා කෙල්ලගෙ.මම කෝකටත් කියලා මන්නෙකුත් දීලා ආවෙ කෙල්ලගෙ අතට"

"එහෙනම් කමක් නෑ.එතකං නේත්‍ර කොලුවා ඉන්නෙ කොහෙද? ගේ ඇතුලෙ ලොකු ඉඩකඩක් නෑනෙ නේද? කෙලීගෙ ඇහැ ගැටෙන්න ඉඩ තියෙනවා මේකව එතකොට"

"ඒකතමා මාත් බැලුවෙ මැණිකෙ....කෙල්ලව නාවනකං මේකව ආරියසිංහ මහත්තයලෑ දිහෑවත් නවත්තන්න.ඒ නෝනා මේකට හරි ආදරෙයිනෙ"

"ආරියසිංහ කියන්නෙ කවුද?"

මෙච්චර වෙලා තමන් දිහා හොරෙන් බල බල කොමල පපා හිටපු නේත්‍රගෙ සිහියෙන් ඉදපු සුදුබේබි ආරියසිංහ කියලා ආගන්තුක නමක් එක්ක නේත්‍රව එහෙ නවත්තනවා කියන වචන ටිකත් එක්ක පියවි සිහියට ආවා.

"අර මේකගෙ යාලුවෙක් ඉන්නෙ සුදුබේබි.....දිවාෂ පුංචි මහත්තයා.....අන්න ඒ දරුවාගෙ ගෙද........"

"නෑ නෑ.......නේත්‍ර යන්නෑ ඒ කොටාගෙ ගෙදර!!!! කොහොමත් යන්නෑ නේත්‍ර එහෙනම්!!!! මම නේත්‍රව මෙහෙ නවත්තගන්නවා!!!"

"සුදුපුතා!"

සුදුබේබිගෙ කෑගැහිල්ලත් එක්ක ලොකු මැණිකෙ පවා ගැස්සෙද්දි නේත්‍රනම් තමන්ගෙ කකුලෙ මහපටැගිල්ලෙන් බිම පහුරුගාන ගමන් උන්නා.නේත්‍රගෙත් වැඩි කැමැත්ත සුදුබේබි ලග ඉන්න වගේ!

"අනේ සමාවෙන්න ලොකු මැණිකෙ.....මම අපේ එකාව ඔය කොහෙ හරි නවත්තන්නම්....අනේ සමාවෙන්න"

සුදුබේබි කිව්ව කතාව තමන් කිව්වා වගේ,නොකරපු වරදකට නිර්මලා සමාව ගත්තෙ හිතේ ඇතිවුනු බයටමයි.මෙහෙම සුදුබේබි තමන් වගේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ගත්තු එක නිර්මලාගෙ හිතට සෑහෙන්න බරක් උනා.සුදුබේබි දැන් නොතේරුම් කමට කියන දේවල් නිසයි,හැසිරෙන විදිය නිසයි තමන්ගෙ අහිසකයත් සුදුබේබිටම ඇලෙනවා කියන එක නිර්මලාට නොතේරුනා නෙවෙයි.

ඒත් වයසින් මුහුකුරා යද්දි සුදුබේබිත් වලව් මාන්නෙටම හැඩ ගැහෙනවා මිසක මේ විදියටම ඉන්නෙ නෑ කියලා දැනන් උන්නු නිර්මලා ඒ දේවල් වලින් අන්තිමට තමන්ගෙ පොඩි එකාට විදවන්න වෙනව කියලා දැනන් හිටියා.කවුද දන්නෙ? සමහරවිට නිර්මලා වැරදි වෙන්නත් පුළුවන්....හරි වෙන්නත් පුළුවන්.

"නෑ නිර්මලා,කොල්ලව මෙහෙන් තියපං.උබටත් බයක් නෑනෙ.....මේකා මෙහෙ කොහෙ හරි වැටිලා නිදාගනියිනෙ"

ලොකු මැණිකෙ කිව්ව දේත් එක්ක නිර්මලා ලොකු මැණිකෙ දිහා ස්තූතිපූර්වකව බලද්දි සුදුබේබි කලේ රෑ වෙද්දි නේත්‍රව තමන්ගෙ කාමරේට ගන්න විදිය ගැන සැලැස්මක් හදන්න ගත්තු එක.ඒත් ඒක ලොකු මැණිකෙට කෙලින්ම නොකියන්න තරම් සුදුබේබි පරිස්සම් වුනා.කලිනුත් කිව්වා වගේ සුදුබේබි දැන් දැන් වලව් සිරිත් ගැන දැනුවත් වෙමින් හිටියා වගේම,ඒවා පිලිනොපදින්න ඕනි කියලා හිතෙන හැමවෙලේකම හොර රහසේ ඒ සිරිත් බිදින්නත් පටන් අරං තිබුනා.

"අනේ පිං අයිති වෙනවා ලොකු මැණිකෙ"

නිර්මලා අත් දෙකත් එක්කාසු කරං ලොකු මැණිකෙට කියද්දි නිර්මලාගෙ පිටිපස්සට වෙලා බිංකුණ්ඩෙක් වගේ බිම පහුරු ගගා උන්නු නේත්‍ර දිහා බැලුව ලොකු මැණිකෙ කතා කලා.

"ඇදුම් කෑලි දෙක තුනක් මල්ලක දාගෙන එවපංකො කොල්ලව මෙහෙ.ඔහෙ හිටපු දෙන් ඕකා.සුදු පුතාටත් පාලුව යයිනෙ නේත්‍ර ඉද්දි"

සුදුබේබිගෙ ඔලුව අතගෑව ලොකු මැණිකෙ වලව්ව ඇතුලට යද්දි නේත්‍රවත් අතින් අල්ලගත්තු නිර්මලා ඉක් ඉක්මනටම ගෙදර යන්න ගත්තෙ නේත්‍රව පිලිවෙලක් කලාට පස්සෙ නැකැත් බලන්න යන්න ඕනි නිසා.

...................................................................................................

"ලොකු මැණිකෙ........ලොකු මැණිකෙ......."

වලව්වට අයිති අක්කර එකහමාරක විතර පොල් වත්තට වෙලා පොල් කඩවමින් හිටපු ලොකු මැණිකෙ ලගට දුවගෙන ආව කරෝලිස් හති දාන ගමන් ලොකු මැණිකෙ ලගින් නැවතුනා.

"මොකද කරෝලිස්? බලපං උබේ හතිය වැඩි වෙයි....මොන යකා ගහලද දුවං ආවෙ?"

ලොකු මැණිකෙ කරෝලිස් දිහා බලාගෙන කියද්දි කරෝලිස් හිනාවක් පෑවා.මුදියන්සෙට වඩා සැහෙන්න වෙනස් ගතිගුණ වලින් පිරිච්ච ලොකු මැණිකෙ සේවකයො ගැන හොයා බලපු කෙනෙක් උනා.තමන්ගෙ අතට ලැබෙන්න සොච්චම් පඩියට ඉදලා හිටලා එකතු වෙන දම්පාට කොල දෙක තුන එකතු වෙන්නෙ කොහොමද කියන එක ගැන සේවකයො දැනන් උන්නා.

"ලොකු මැණිකෙ, සේනාධිනායක මුදලි වලව්වට ආවා.මැණිකෙට කියන්න ඕනි නිසයි මම මේ තකහනියක් දුවාගෙන ආවෙ"

කරෝලිස් කිව්ව දේත් එක්ක ලොකු මැණිකෙගෙ මූණත් එක්ක වෙනස් උනු හැටි කරෝලිස්ට තේරුනා.ලොකු මැණිකෙ මහමුදියන්සේව කරකාර බැදලා වලව්වට කැන්දන් ආවට පස්සෙත් ඔය සේනාධිනායක මුදලි, එහෙමත් නැත්තං ලොකු මැණිකෙගෙ වැඩිමල් සහෝදරයා වලව්වට හතර පස් පාරකට වැඩියෙ පය ගැහුවෙ නෑ කියන එක කරෝලිස්ටත් මතක තිබ්බා.කොහොම උනත් අද තමන්ගෙ අයියගෙ පැමිණීමෙනුත් ලොකු මැණිකෙගෙ ගෑනු ඉවට කිසිම හොදක් දැනුනෙනම් නැහැ.

"යමංකො බලන්න"

කරෝලිස් ලොකු මැණිකෙගෙ පස්සෙන් ගාටද්දි ලොකු මැණිකෙත් ඉක්මන් අඩි තිය තිය වලව්ව පැත්තට ඇවිදගෙන යන්නට වුණා.

.

.

.

.

.

"අයියෙ........"

"ආහ්හ්හ්හ්......නංගි"

වලව් විසිත්ත කාමරේ තිබුනු නවීන පන්නෙ සෝෆාව උඩ ඉදගෙන තේ එකක් බිබී උන්නු සේනාධිනායක මුදලි ලොකු මැණිකෙ දිහා බලලා හිනාවක් පෑවා.තමන්ගෙ අයියගෙ හැටි හොදට දැනන් උන්නු ලොකු මැණිකෙගෙ හිත හරි අමුතු විදියට ගැහෙන්න ගත්තත් ඒ අමුත්ත පැත්තකට දාපු ලොකු මැණිකෙත් ඇවිල්ලා තමන්ගෙ අයියව වැලදගත්තා.

මොනා උනත් ඒ පුංචි කාලෙ ඉදං තමන් එක්ක උන්නු සහෝදරයනෙ.තමන්ගෙ අක්කා එහෙමත් නැත්තං සුදුබේබිගෙ අම්මගෙ මරණෙන් පස්සෙ,ඒ තනිකම මකාගන්නත් එක්කම ලොකු මැණිකෙ සේනාධිනායක මුදලිට සෑහෙන්න කිට්ටු උනා.අදටත් ඒ සහෝදර බැම්ම වෙනසක් නැතුවම තියෙද්දි සේනාධිනායක මුදලිගෙ කපටිකම් අමතක කරපු ලොකු මැණිකෙ තමන්ගෙ අයියා ලග ඒ ආදරේ හෙව්වා.

"නංගි ඇදිලා ගිහින්ද මංදා?"

සේනාධිනායක මුදලි අහද්දි ලොකු මැණිකෙ කලේ හිනා වුනු එක.

"එහෙම නෑ අයියා.අයියා ආවෙ කාලෙකට පස්සෙනෙ....ඒ නිසා වෙන්න් ඇති....අයියා අදම යන්නෙ නෑ නේද?"

ලොකු මැණිකෙ අහද්දි සේනාධිනායක මුදලි ඔලුව දෙපැත්තට වැනුවා.

"ඔන්න මේ පාරනම් මම ආවෙ ටික දවසක් නැවතිලා යන්න"

සේනාධිනායක මුදලි හිනා වෙලා කියලා නැගිටිද්දි මුදලිව වලව්වෙ අමුත්තන්ට වෙන් කරල තිබුනු කාමරේකට ඇරලවපු ලොකු මැණිකෙ කුස්සියට ගියේ අද විශේශ දෙයක් හදන්න කියලා මේ ටිකේ කුස්සියෙ වැඩපල බලාගන්න දාපු සුපිපි කෙල්ලටයි ඒ කෙල්ලගෙ අම්මා උනු කාන්තිටයි උපදෙස් දෙන්න.ඒත් එවෙලෙත් ලොකුමැනිකෙගෙ ඔලුවෙ තිබුනෙ තමන්ගෙ අයියා මෙහෙම හදිසියෙ වලව්වට ඒමටයි,කවදාවත් නැති විදියට නැවතෙන්නයි හේතුව හිතන ගමන්.

ඒක අහේතුක දෙයක් වෙන්න පුළුවන් උනත් ඒ සිද්ධියට සම්බන්ධ කෙනා තමන්ගෙ සහෝදරයා නිසා ඒ සිද්ධිය අහේතුක වෙන්න බෑ කියන එක ලොකු මැණිකෙ දැනන් උන්නා.කොහොමහරි ඒ හේතුව හොයාගන්න හිතපු ලොකු මැණිකෙ කුස්සියට යද්දි ඇහුනු නේත්‍රගෙයි සුදුබේබිගෙයි සද්දෙ නිසා තමන්ගෙ විකාර වුනු මනසින් මිදිලා හිනාවක් නගාගත්තා.හැබැයි ලොකු මැණිකෙටවත් හිතාගන්න බැරි කාරණාවක් නිසානම් සේනාධිනායක මුදලි වලව්වට ඇවිත් ඉන්නෙ?

...................................................................................................

"නෑ දෙවින් අයියෙ අම්මා මාව ගෙයින් දොට්ට දාපු පාර මම බය උනා"

"දොට්ට දැම්මා means?"

"එලියට දැම්මා කියන එක දෙවින්"

පුරුදු විදියටම හවස් වරුවෙ තමන්ගෙ රාජධානියට ඇවිල්ලා හිටියෙ පොඩ්ඩො හතර දෙනා ලාවුළු ගහ යටට වෙලා ඉදගෙන කතා වෙවී හිටියෙ උදේ පාන්දරම නේත්‍රට උනු ඇබැද්දිය.

"එතෝට නේත්‍රගෙ අක්කා බිග් ගර්ල් කෙනෙක් වෙලාද?"

දෙවින් පුදුමෙන් අහද්දි සුදුබේබි කලේ ඔලුව උඩ පහල වැනුව එක.අද උදේ නේත්‍රගෙ අක්කට වෙලා තිබ්බෙ මොකද්ද කියලා නොතේරුනු නිසා සුදුබේබි කලේ ලොකු මැණිකෙගෙ පස්සෙන් වද දිදී ඇවිද්ද එක.කවදාවත් නැතුව සුදුපුතා මෙහෙම තමන්ගෙ පස්සෙ කැරකෙන එක නිසා ලොකු මැණිකෙගෙ හදවත ආදරණීය හැගීම් වලින් පිරෙද්දි ලොකු මැණිකෙත් සුදුබේබිව තමන් ලගම පුළුවන් වෙලාවක් රදවලා තියාගන්න උත්සාහ කලා.සුදුබේබි ඇහුව දේවල් වලට පුලු පුලුවන් විදියට උත්තර දීපු ලොකු මැණිකෙ අන්තිමට සුදුබේබි මුල ඉදංම ඇහුව ප්‍රශ්නෙට සරල උත්තරයක් දුන්නා.

"සුදුපුතා කොළඹ ඉන්න කාලෙ බිග්ගර්ල් පාටි කියන එක ගැන අහලා තියේ නේද? අන්න එහෙම දෙයක් තමා නේත්‍රගෙ අක්කට වෙලා තියෙන්නෙ....."

ඉතින් ලොකු මැණිකෙගෙන් දැනගත්තු දේ නිසා දෙවින්ට ආඩම්බරෙන් විස්තර කිව්ව සුදුබේබි මේ වෙද්දි හිටියෙ නේත්‍රගෙ බෙල්ලට ටිකක් පහලට වැවුනු කොන්ඩෙ එක්ක ඔට්ටු වෙන ගමන්.නේත්‍රගෙ කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙ රදෝලා ඒ උඩ රාජපොහොට්ටුවක් තියන්න උත්සහ කරන ගමන් උන්නු සුදුබේබියි ආපහු පාරක් දෙවින්ට අවධානෙ දුන්නෙ දෙවින් කතා කල නිසා.

"ඒත් පොඩි අවුලක් තියේ ආශව"

"ඒ මොකද්ද?"

සුදුබේබි දෙවින් දිහාවට හැරුනෙ සුදුබේබිගෙ මෙහෙයුම් සාර්ථක වෙලා නේත්‍රගෙ කන උඩ රාජ පොහොට්ටුව රදවලා තිබුනු නිසා.නේත්‍රත් සුදුබේබි කනේ ගැහුව රාජ පොහොට්ටුව වැටෙන්නෙ නැති වෙන්න පරීස්සමට ඔලුව හරෝලා දෙවින් දිහා බැලුවෙ ඕක වැටුනොත් සුදුබේබිට අමුතු යකෙක් වැහෙනවා කියලා දැනන් හිටිය නිසා.අනික දෙවින් ලොකු වැදගත් කතාවකට මුල පුරනවා කියලා දැනුනු නිසා නේත්‍ර සුදුබේබි දෙන්නටත් ඒ ගැන දැනගන්න ඕනි වෙලා තිබ්බා.

"මමයි තෙවිනුයි අම්මා,අප්පච්චි එක්ක කොලඹ ඉන්න කාලෙ අපේ අන්කල් කෙනෙක්ගෙ දුවෙක්ගෙ බිග් ගර්ල් පාටි එකකට ගිහින් තියේ....."

"ඉතින්?"

"ඊට පස්සෙ දෙවින් අයියෙ?"

සුදුබේබියි නේත්‍රයිත් දෙවින්ගෙ කතාවට හූමිටි තිය තිය අහගෙන හිටියා.

"එයාලා ඔය තෑගි ගන්න කරන බොරුවක් කරලා අප්පා.ඒ අක්කා හිටපු විදියමයි.එයා ටිකක්වත් ලොකු වෙලා තිබ්බෙ නෑ.බිග් ගර්ල් කෙනෙක් වෙලා කියලා තිබ්බෙ බොරුවට"

"එතෝට බිග් ගර්ල් කෙනෙක් වෙද්දි ලොකු වෙනවද?"

"ඔව් නේත්‍ර මල්ලි.අපේ තෙවින් කිව්වෙ එයාලගෙ යාලුවෙක්ගෙ අක්කා කෙනෙක් බිග් ගර්ල් කෙනෙක් වෙලා.ඒ යාලුවා කිව්වලු ඒ අක්කගෙ පාටි එක දවසෙ ඒ අක්කා එයාලගෙ අම්මා වගේ ලොකු වෙලා හිටියා කියලා"

"අනේ අපේ අක්කත් ලොකු වෙයිද දන්නෑ ඒනම් අම්මා වගේ?"

දෙවින් කිව්ව දේත් එක්ක බය උනු නේත්‍ර නාහෙන් අඩන ගමන් ඇහුවෙ අරුන්දතී දැන් ගහන පාරවලුත් මෙච්චර සැරනම් අක්කා අම්මා වගේ ලොකු උනොත් එහෙම කොහොම තමන්ට රිදෙයිද කියලා මතක් වුනු නිසා.දෙවින් කිව්ව දේත් එක්ක ටික වෙලාවක් කල්පනා කරපු සුදුබේබි කතා කරන්න ගත්තා.

"කුඩම්මා කිව්වෙ බිග් ගර්ල් වගේ එකක් කියලනෙ.ඒත් නේත්‍රගෙ අක්කා වෙලා තියෙන්නෙ කොටහළු කියන එකනෙ.සමහර විට කොටහළු උනාම බිග් ගර්ල් කෙනෙක් වෙන්නෙ නැද්ද දන්නෑ?"

සුදුබේබිගෙ දාර්ශනික උත්තරෙත් එක්ක දෙවිනුත් කලේ ඔලුව වනලා ඒක ස්ථාවර කරපු එක.ඔය මුකුත් ගැන නොහිතපු නේත්‍ර ලාවුළු ගහේ අතු අස්සෙන් ලා අව් රැල්ලක් වැටිලා හීනියට දිලිසෙන සුදුබේබිගෙ මූණෙ තිබුනු ලස්සන දිහා බලාගෙන හිටියෙ අර රාජපොහොට්ටුවත් බිමට වැටෙන්න නොදී රැකගෙන.

"ගෙනාවා!!!!!!!"

එකපාරටම හැමෝටම පිටිපස්සෙන් ඇහුනු දිවාෂගෙ සද්දෙ නිසා සුදුබේබිගෙ සිහියෙන් ඉදපු නේත්‍රයි,බිග් ගර්ල් හා හොටහළු අතර දෝලනය වෙන ගමන් ඉදපු සුදුබේබියි දෙවිනුයි තම තමන්ගෙ ලෝක වලින් මිදිලා පියවි සිහියට ආවා.

ලාවුළු ගහ ගාවට හෙමි හෙමින් අඩි තිබ්බ දිවාෂ තමන්ගෙ අත උඩ පත්තර කොලේකින් වහලා තිබ්බ මැටි කෝප්පෙ කට්ටියගෙ මැද්දෙන් තියන ගමන් පත්තර කොලේ අහකට වීසි කලා.

"අම්මෝ සුවද"

දෙවිනුයි සුදුබේබියි එකපාරම කියද්දි දිවාෂ කලේ ලොකු කමෙන් හිනා වුනු එක.

"මේ මොනාද දිවාශ? කොහෙන්ද මේ?"

"මම සෙල්ලම් කරන්න එද්දි නේත්‍රලෑ ගෙවල් දිහායින් හෙන පුසුඹක් ආවා....මම ගේ ඇතුලට දුවං යන්න හැදුවට නිර්මලා නැන්දා ඇවිල්ලා මාව නැවැත්තුවා.මම කිව්ව සුවද එන එක මොකද්ද බලන්න ආවෙ කියල.පස්සෙ කිව්වා 'අරුන්දතී අක්කට හැදුව කෑමක්.කමක් නෑ....කට්ටිය එක්ක බෙදාගන්න ටිකක් දෙන්නම්කො' කියලා මේක දුන්නෙ.මෙවට කියන්නෙ ගම්මිරිස් හොදි කියලලු"

"හොදිනම් නිකං බොන්න පුලුවනෑ? බත් එපායැ"

දිවාෂගෙ පැහැදිලි කිරීම නිසා ඇති උනු ප්‍රශ්නෙ දෙවින් ඉදිරිපත් කරද්දි දිවාෂ කලේ "ආපෝ" වගේ කට ඇද කල එක.

"ඔව්වා නිකංලු බොන්නෙ කියලා නිර්මලා නැන්දා කිව්වා"

ටික වෙලාවක් ගත වෙද්දි නිර්මලා එවපු හැදි තුන ආධාරෙන් තුන්දෙනා ගම්මිරිස් හොද්ද රස බලමින් හිටියා.තමන්ගෙ එකාව අමතක උනු නිර්මලා හැදි හතරක් විතරක් එවලා තියෙද්දි සුදුබේබි තමන්ගෙ හැන්දෙන් නේත්‍රටත් ගම්මිරිස් පොවන ගමන් ඒ චූට්ටං කට අයිනෙන් පෙරෙන ගම්මිරිස් හොදි බින්දු තමන්ගෙ ඇගිල්ලෙන් පිහිදන ගමන් හිටියා.

"අපිත් කොටහළු උනානම් අපිටත් මෙව්වා බිබී ඉන්න තිබ්බා නේද ආශව.....මේවා හරි රසයිනෙ"

දෙවින් කිව්ව කතාවට සුදුබේබිත් එකග වෙද්දි දිවාෂ බලාගෙන හිටියෙ යට අඩියෙ ඉතුරු වෙන සුදුළූනු කෑලි,චූට්ටං ගොරකා කෑලි,ගම්මිරිස් ඇට ටික තනියම බඩට දාගන්න විදියක් කල්පනා කරන ගමන්.

...................................................................................................

"උහුම්ම්ම්"

"ශූ....ශූ නේත්‍ර මම ලග ඉන්නවා"

අම්මගෙ තුරුල නැතුව ඉන්න එක නුපුරුදු උනු නේත්‍ර අඩ නින්දෙන් වගේ දගලද්දි,නිදියන්නෙ නැතුව හද එලියට බැබලෙන නේත්‍රගෙ මූණ දිහා බලන් උන්නු සුදුබේබි නේත්‍රගෙ පිටට තට්ටු දදා නේත්‍රගෙ ඇහිපිය ආයෙමත් පාරක් පියෙව්වා.

අම්මා ලග නැති උනාට දවස් දෙකක්ම සුදුබේබි ලග නිදාගත්තු නිසයි,තමන්ගෙ දවසෙ වැඩි කාලයක් ගෙවෙන්නෙ ඒ උණුහුම අස්සෙ නිසයි නේත්‍රට සුදුබේබිගෙ උණුහුමත් දැන් දැන් වෙද්දි සෑහෙන්න සමීප වෙලා තිබුනා.නින්දෙන්ම සුදුබේබිගෙ පැත්ත හැරුනු නේත්‍ර සුදුබේබිගෙ අස්සට ගුලි වෙලා සුදුබේබිගෙ නයිට් සූට් කමිසෙ තමන්ගෙ නහය අතුල්ලද්දි සුදුබේබිත් නේත්‍රව තද කරලා බදාගත්තා.

"ඔව් මෙහෙ කොහෙද ඔය කියන තැන තියෙන්නෙ?"

"වලව්වත්තෙන් එපිට මුදලිතුමා....ගම්මානෙ ටිකක් එහාට වෙන්න් වගේ"

"අවශ්‍ය කටයුතු කරන කෙනෙක්?"

"ඉන්නවා ඉන්නවා....ඒවා ගැන මුදලිතුමා බය වෙන්න එපා"

මුදලිතුමත් එක්ක සප්පායම් වෙල හිටිය මහමුදියන්සේට හොරෙන් කාමරේට දාගත්තු නේත්‍රව තුරුල් කරගෙන නිදිකරවමින් හිටිය පුංචි සුදුබේබිගෙත් ඇස් දෙක පියවෙද්දි,උඩු මහලෙ තිබුනු තමන්ගෙ කාමරේ ජනේලෙට පහලින් නැගුනු රහසිගත සංවාදය ඇහෙන්න තරම් සුදුබේබි වාසනාවන්ත වුනේ නැහැ.

...................................................................................................

ඔන්න ඔයාලගෙ වීරයා ආවා😁❤️

ලෝක ලමා දිනේ වෙනුවෙන් ඔන්න මගෙන් තෑග්ගක් ඔයාලට🌚❤

කෝමහරි,

අනේ ඔයාලා කලින් චැප්ටර් එකේ කමෙන්ට්ස් 150+ කරලා🥺❤️ මට සතුටට ඇඩුනත් එක්ක බබාලා🥺❤️ මගෙ කතාවකට මෙච්චර ප්‍රතිචාර එනවමයි😭❤️ මම මම........අනේ ඒ සතුටට හේතුව ඔයාලා🥺❤️ ගොඩාක් ස්තූතියි මාව සතුටින් තියෙනවට🥺❤️

මම ඒවා හරි ආසාවෙන් කියවන්නෙ🥺❤️ තනියම හිනාවෙවී පුදුම සතුටකින් බබාලා🥺❤️මම ඒ ඔක්කොටම රිප්ලයි කරනවා හොදේ❤️ මම මේ චැඔඅ දානකං හිටියෙ❤️

ඉතින් කතාව ගැන මොකෝ හිතෙන්නෙ?

මම චරිත ගලපලා සාධාරණයක් කරනවා වගේද බබාලා?🥺❤️

ඔයාලා ආසම චරිතෙ කවුද දැනට?🌚👉👈

බබාලා මගෙ අඩුපාඩු තියේනම් කියල දෙන්න හොදද?🥺❤️ මොකද මම ආසා නෑ මේ කතාව කැත කරගෙන ඔයාලට එපා කරවන්න😭❤️ මගෙ වරදක් තියේනම් ඉන්බොක්ස් හරි මැසේජ් දාන්න හොදද❤️

රාජ පොහොට්ටු කියන්නෙ මේවට අපේ අම්මලනම්🌚❤️ දන්නෙ නැති රීඩර් බබෙක් ඉන්නවනම් කියලා දැම්මෙ👉👈

(එතකොට ඊයෙ උනු වීඩියෝ සිද්ධිය ගැන මගෙ අදහසනම්,

මම කියන්නෙ මේ මගෙ අදහස........

ජන්කුක්ගෙ seven song එක එන්න කලින් ටේගෙ rumor එකට සම්බන්ධ femal idol එදා හිටපු girl ගෙ වගේ ඇදුමක් ඇදලා photos දැම්මා.......

එතකොට ඊයෙ 3D ආවා.....අද වීඩියෝ එකක් ලීක් වෙලා....

මම අහන්නෙ මේකයි,

ලෝකප්‍රසිද්ධ ආටිස්ට් කෙනෙක් උනු ජන්කුක් ජනෙල් ඇරගෙන,ලයිට් දාගෙන ඔව්වා කරයිද?

ඔයිට කලින් ජන්කුක් ලයිව් කරලා තියෙනවා,ටේ හොබී එක්ක ලයිව් එකක් කලා......

එතකොටවත් ඔය වීඩියෝ එක කල මිනිස්සු දැම්මද වීඩියෝ එකක් අඩුම කුක්ගෙ ගෙදරින් ලයිට් එලියක් පත්තු වෙන විඩියෝ එකක්වත්?

"අනේ මේ ඊයෙ පත්තු උනු ලයිට් එලිය....අනේ අපි දන්නෑනෙ ටේ හොබී දෙන්නත් හිටියා කියල" කියලවත්?

ඔව්වා හොදට හිතලා බලලා කරන දේවල්.....

මොකද ඔහොම දෙයක් ආපු ගමන් කුක්ගෙ සිංදුව අහන්නැති වෙන්න බලන්නෙ නැති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා ෆෑන්ස්ලා බහුතරය*

අනික මම අහන්නෙ ඇයි ටේකුක් දෙන්නම ඔය වගේ කෙල්ලො එක්ක ඉදගෙන වීඩියෝ ලීක් කරගන්නෙ?

ඇයි ටේකුක්ම? ඇයි අනිත් මෙම්බර්ස්ලා ඔක්කොම gay ද? නැත්තං කා එක්කවත් යාලු නැද්ද?එහෙමත් නැත්තං එයාලා ඔක්කොටම මෙව්වා හොර රහසෙ කරන්න තරම් මොලයක් තිබිලා ටේකුක් දෙන්නට විතරක් මොලේ නැද්ද?

මම කියන්නෙ නැ ටේකුක් gay මයි....ඒ දෙන්නා යාලු විය යුතුමයි කියලා.....මොකද ඒක එයාලගෙ ජීවිතේ එයාලගෙ අයිතීන්....

හැබැයි මෙහෙම හිතන්නකො,

එයාලා ඔය වගේ careless විදියට හැසිරෙයිද?

ජන්කුක් කවදාවත් ජනෙල් ඇරං ඕම ඉන්නෙ නැති එකා,කෙල්ල ආපු වෙලේම ලයිට් දාං,කර්ටන්ස් ඇරං ලව් කරයිද?

මම දන්නෑ ඇත්ත ගැන.....

"හැබැයි මට අනුවනම් මේක හරි දුර්වල අධ්‍යක්ෂණයක් වොට්සන්"

කියලා හෝම්ස් කිව්ව වදනක් මතක් වෙනවා......

එයාලව විශ්වාස කරන්න❤️

එයාලගෙ මොන දේට උනත් සපෝට් කරන්න❤️

එච්චරයි😌💜️💚)

ඕක තමා

ඉතින් බබාලා අදහසක් කියාගෙන යන්න🥺❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter