Back
Chapter 100

99 කොටස🤍✨️

නිවාලන්න මා...

"නේත්‍ර ලයිට්ස් වැඩේ?"

"දිවාෂ මගෙ කලිසම නෑනෙ අනේ"

"නේත්‍ර ස්ටේජ් එකේ මැද්දෙ බල්බ් එකට අපස්මාරෙ වගේනෙ අනේ"

"දිවාෂ මේ එක්කෙනෙක්ගෙ උගුර රිදෙනවලු"

"නේත්‍ර,බැක්ග්‍රවුන්ඩ් සින්ග් කරන්න ඉන්න උන් දෙන්නෙක් මයික් වලින් කෙලගෙන අන්න"

"දිවාෂ ඔයාට ප්‍රැක්ටිස් එන්න කිව්වා දෙනෙත් අයියා"

"නේත්‍ර.....අර ආශව අයියා ඔයාව හොය හොය හිටියා..."

නේත්‍ර එහෙම්මම ලඟම තිබ්බ බිත්තියට ඔලුව හේත්තු කරගනිද්දි දිවාෂ ඇවිල්ලා නේත්‍රගෙ ඇඟට බර වෙලා ඇස් පියාගත්තා.කොහෙන් හරි ආව කාර්තික් දිවාෂගෙ ඇඟට බර වෙද්දි ආර්ය දුවගෙන ඇවිල්ලා නැවතුනේ තුන් දෙනාවම බදාගෙන.

"නේත්‍රව අතාරිනවා දිවාස! තමුන්ලා දෙන්නත් පැත්තකට!!!"

පිටිපස්සෙන් ඇහුනු ආශවගෙ සද්දෙ එක්ක බය උනු ආර්යයි කාර්තිකුයි කට්ටියගෙන් ඈත් වුනත් දිවාෂනම් ඇහුන්නෑ වගේ නේත්‍රව තව ටිකක් තුරුල් කරං ඇස් පියාගත්තා.දිවාෂගෙ හැටි දැනන් උන්නු ආශව නේත්‍රව පැත්තකට කරගන්න ලං උනත් ආශවගෙ ඇස් ලොකු උනේ දිවාෂ තොලුත් උල් කරං නේත්‍රගෙ කම්මුලකට කිට්ටු වෙනවා දැක්කම.

"නේත්‍ර!!!! හංගොල්ලෙක්!!!"

පොඩි කාලෙ හංගොල්ලෙක්ව අල්ලලා අප්පිරියා හිතිලා තිබ්බ නේත්‍රට අද වෙනකලුත් හංගොල්ලොන්ව අප්පිරියා වෙද්දි ලඟ පාතක හංගොල්ලෙක් ඇති කියලා හිතුව නේත්‍ර දිවාෂව අහකට තල්ලු කරලා දාලා ආශව ලඟට පැන්නෙ ආශවගෙ කපටිකම සාර්ථක කරන ගමන්.

"කෝ සුදුබේබි හ....හංගොල්ලා?"

"ඌ ගියා....තව තත්පරයක් මිස් උනානම් ඌ ඔයාගෙ ඇඟේ ගෑවෙනවා"

ආශව ඇඟට පතට නොදැනී දිවාෂට හංගොල්ලා කියලා කියද්දි දිවාෂ හැටට හැටේ ආශවට රැව්වෙ මේ මෙලෝ මලදානයක් නොදන්න නේත්‍ර අතපය වල සෙවල පාරක් තියෙනවද කියලා හොයද්දි.නේත්‍රගෙ ඔලුව අතගාලා නේත්‍රව අල්ලගෙන ශ්‍රවණාගාරෙන් එලියට යන්න ගිය ආශව දිවාෂලාගෙ පැත්තටත් මොකක් හරි මල්ලක් විසික් කරලා නේත්‍ර එක්ක එලියට ගියා.

"ආ නේත්‍ර....මේක කාලම ඉන්නකො"

"මොනාද සුදුබේබි මේ?"

"කෑම වගයක්....ඕක කාලම ආයෙ වැඩ ටිකට යං"

"සුදුබේබිට?"

"මමත් කන්නම්...."

"දිවාෂලාට කියලා එන්නද සුදුබේබි?"

"එයාලට අර මම දුන්නෙ කෑම තමා....ඔයා යංකො"

නේත්‍රව ඉස්සර කරගත්තු ආශව ශ්‍රවණාගාරෙ තිබ්බ පරිශ්‍රයට ටිකක් එහාට වෙන්න තිබ්බ නුග ගහක් යටට ගිහින් එතන මුලක් උඩින් තමන්ගෙ ලේන්සුව එලලා නේත්‍රට ඉදගන්න කියද්දි සුදු කලිසම කිලිටි නොවෙන විදියට නේත්‍ර ලේන්සුව උඩින් ඉදගත්තා.ඒ ලගම තිබ්බ අනික් මුල අතින් ටිකක් පිහදැම්ම ආශව නිකංම එතනින් ඉදගත්තෙ එතන මඩක් නැති නිසා වගේම තමන් ඇදන් උන්නෙ කලු කලිසම් නිසා.

"නේත්‍ර....."

"ඕ සුදුබේබි....."

"හෙට වැඩේට මොනාහරි අඩුපාඩු තියේද ඔයාට? ම්ම්ම්?"

"නෑ සුදුබේබි....ඔක්කොම හරි"

"අර ශර්ට් එකේ වෙනස් කරන්න දෙයක් එහෙම නෑනෙ නේද නේත්‍ර?"

"නෑ සුදුබේබි......ඒක ගාණට මහලා තිබ්බා"

"අපේ වෙඩින් කිට් එකත් එතනින් මහගමු එහෙනම්"

"වෙඩින් කිට් එක? දෙයියෝ!!!"

"මොකෝ ම්ම්ම්ම්"

"තාම නේත්‍රයි සුදුබේබියි චූටියිනෙ"

නේත්‍රගෙ වචන එක්ක එකපාරටම මහ නසරාණි විදියට හිනා වුනු ආශව අහක බලාගෙන තමන්ටම මුමුණගත්තෙ මහ ඕනි නැති කතාවක්.

"සුදුබේබිනම් චූටි නෑ.....නේත්‍ර දැකලා නෑනෙ එව්වා"

ආශවගෙ මූණෙ තිබ්බ අමුතු හිනාවයි ආශව මොනාහරි මුමුණනවයි දැක්ක නේත්‍ර ආශව දිහා බලලා කතා කලා.

"මොකද්ද සුදුබේබි කිව්වෙ?"

"මුකුත් නෑ නේත්‍ර.....අපි වයසෙන් පොඩියිනෙ තාම ඉතින්"

නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව කියද්දි නේත්‍ර ඇස් චූටි කරං හිනාවෙලා ආයෙම කෑම එක කන්න ගත්තා.දෙයියන්ගෙ පිහිටෙන් තමන් කිව්ව දේ නේත්‍රට තේරිලා නෑ කියලා තේරුම් ගත්තු ආශවත් නේත්‍ර කකා හිටිය එකෙන්ම කොටසක් අරං කෑවෙ කොලඹ ගිය තමන්ට උනේ මොකද්ද කියලා හිතන ගමන්.ඇත්තටම ආශව හොඳ ගාණට හැදෙමින් හිටියා!

"අර දිවාෂ කොහෙද යන්නෙ?"

"ඌ යයි අනේ කොහෙ හරි....ඔයා කන්නකො ඕක"

"ඒ උනාට තනියමනෙ සුදුබේබි....මෙවෙලෙ ඉස්කෝලෙවත් කවුරුත් නෑනෙ"

"ආ....අර අරූ යන්නෙ පස්සෙන්"

ආශව කිව්වෙ දිවාෂගෙ පස්සෙන් ඇඹලයෙක් වගේ ඇදිලා යන තෙවින්ව පෙන්නන ගමන්.තෙවිනුයි දිවාෂයි දෙන්නා දිහා බලලා හිනාවුනු නේත්‍ර ආශවගෙ පැත්තට හැරුණා.

"ඒ දෙන්නා යාලූ උනොත් ආදරෙන් ඉදීවි නේද සුදුබේබි?"

ඒත් එක්කම ඇහුනු සද්දෙ එක්ක නේත්‍රට උත්තර දෙන්න කලින් ආශව දිවාෂලා හිටිය පැත්ත බැලුවා.තෙවින් ඔලු ගෙඩිය අල්ලන් මොනාහරි කිය කිය ඉද්දි තෙවින් දිහා බලන් හිටිය දිවාෂගෙ අතේ ගලක් තිබ්බා.ඒත් එක්කම දිවාෂ හිතන්නත් කලින් ඒ හරියෙ වැටිලා තිබ්බ කොට්ටම්බා ගෙඩියක් අතට ගත්තු තෙවින් කට කොණකින් හිනා වෙලා දිවාෂ දිහා බලද්දි අනික් පැත්ත හැරුණු දිවාෂ දුවන්න පටන් ගත්තා.වටපිට බලපු තෙවින් ආශවව දැක්කම ආශව දිහා බලලා අමුතු විදියට හිනා වෙද්දි ආශවත් අමුතු විදියකට හිනා උනා.කොට්ටම්බා ගෙඩිය උඩ දාලා අල්ලගත්තු තෙවින් ඈත දුවන දිවාෂගෙ පස්සෙන් දුවන්න ගනිද්දි ආශව හිනාවෙවීම නේත්‍ර දිහා බැලුවා.

"හුඟක් ආදරෙන් ඉදියි තමා ඕකුන් දෙන්නා"

ආශවගෙ කට කොනක ගෑවිලා තිබ්බ වයිට් සෝස් බිඳ තමන්ගෙ ඇඟිල්ලෙන් පිහිදපු නේත්‍ර ඒ ඇඟිල්ල තමන්ගෙ තොල් වලින් ඇතුලට අරං යනවා දැක්ක ආශව නේත්‍රගෙ කම්මුලක් මිරිකලා අරං ඇවිත් තිබ්බ බීම බෝතලේ කඩලා දුන්නා.ඔක්කොම කාලා බීලා ඇතුලට ගිය නේත්‍ර දැක්කෙ වේදිකාව ලග හිටගෙන මොන මොනාහරි දෙනෙත් එක්ක කතා කරන රකිතව.ආශවගෙ අතේ තිබ්බ ෆයිල් එක තමන්ගෙ අතට ගත්තු නේත්‍ර ආශව එක්කම රකිතලා ලඟට ඇවිදන් යද්දි රකිත පිටිපස්ස හැරිලා බලලා නේත්‍ර එක්ක හිනා වුණා.

"මොනාහරි අඩුපාඩුවක්ද රකිත අයියෙ?"

"නෑ නෑ මල්ලි....ඩාන්සින් අයිටම්ස් ටිකේ රිහසල් එකක් ගන්න කියලා බැලුවෙ....එතකොට වැඩේ කම්ප්ලීට්...."

"කට්ටියම ඩාන්සින් රූම් එකේ නේද?"

"ඔව් ආශවයා.....අරුන් දෙන්නත් ගියා ගියාමයි තාම නෑ"

"කවු.....ආහ්! දිවාසයි තෙවිනුයිද?"

"ඔව්.....බැක්ග්‍රවුන්ඩ් එකෙන් තියන්න ඕනි ප්.....ආහ්! අර එන්නෙ දිවාෂ මල්ලි....තෙවින් කෝ?"

විදුලි වේගෙන් නේත්‍ර ලඟට ඇවිදන් ආව දිවාෂ නේත්‍රගෙ අතේ තිබ්බ ෆයිල් එක අරගෙන ඒක බලන්න ගත්තෙ අහේතුකවමයි කියලා කට්ටියටම තේරුණා.දිවාෂගෙ රතු වෙලා තිබ්බ මූණ නිසා මොකක්ම හරි වෙලා තියෙනවා දැනුනු නේත්‍ර දිවාෂගෙ උරහිසෙන් අතක් තිබ්බා.

"දිවාෂ....ඇයි මේ? මොකක් හරි අවුලක් උනාද ඔයාට?"

"අර හු#තව මරනවා නේත්‍ර මම! මම සෙල්ලම් බඩුවක් කියල හිතන් ඉන්නවද දන්නෑ වට බේසිකයා!"

"කෝ තෙවින් අයියා?"

"ඌ ඩ්‍රාමා රූම් එකේ!"

දිවාෂගෙ ඇස් වලට ඒත් එක්කම කඳුළු පිරෙනවා දැක්ක නේත්‍ර ආශව දිහාවට හැරුණා.දිවාෂව තමන් ලඟට ගත්‍තු නේත්‍ර ආශවට ඔලුවෙන් සන් කරලා දිවාෂ එක්ක ශ්‍රවණාගාරෙන් එලියට යද්දි නේත්‍ර ඇස් කොණෙන් දැක්කා කොර ගගහා තෙවින් ඇතුලට එන වග.ඒක නොදැක්කා වගේ දිවාෂ එක්ක එලියට ආව නේත්‍ර නුග ගහක් යට හිටගත්තෙ දිවාෂ නේත්‍රව අල්ලන් කදුළු වක්කරන්න ගනිද්දි.

"මොකද්ද උනේ කියන්නකො දිවාෂ?"

"මම නරක කෙනෙක් වගේ පේනවද චූචි? නිකං ඔහේ ඕනි වෙලාවට ලඟට ගන්නයි එපා උනාම අතාරින්නයි පුළුවන් කෙනෙක් වගේ?"

"දෙයියෝ මොනාද මේ කියන්නෙ ඔයා? ඔයා හුඟාක් වටින කෙනෙක්නෙ දිවාෂ....ඔහොම කතා කියන්නෙ ඇයි? කවුරුහරි මොනාහරි කිව්වද?"

"එකක් නෙවේ නේත්‍ර.....ඊයෙ ඕෂිණි කෝල් කරලා අනන් මනන් කිව්වා"

"ආයෙ කෝල් කලාද එයා? මම එදා නම්බර් එක බ්ලොක් කරන්න කිව්වනෙ....කලේ නෑද ඔයා?"

"කලා කලා.....ඊයෙ වෙන එකකින් ගත්තෙ ඒකි"

"එයා කිව්ව එව්වා අහන්න යන්නෑ මම මෙවෙලෙ....ආයෙ ඔයාගෙ හිත පාරවන්න ඕනි නෑ මට....අද මොකද්ද උනේ කියන්නකො"

"තෙවින් මාවත් එයා ආශ්‍රේ කල අනික් අය ගාණට දාලා වගේ නේත්‍ර....මම එයාට ආදරේ උනේ ඇත්තටම මිසක් අසහනේකට හරි ටයිම් පාස් එකකට හරි නෙවේනේ"

"ඔව්.....දිවාෂගෙ හිතේ තියෙන්නෙ ඇත්තම ආදරයක් කියලා මම දන්නවනෙ....ඔයාට අඬන්න වෙන තරමට තෙවින් අයියා මොනාහරි කිව්වද?"

"ය්....යාලු නෑනෙ නේත්‍ර අපි දෙන්නා....එ....එයා මට ල්...ලිප් කිස් එකක් දෙන්න ගියා.මට ලැජ්ජයි නේත්‍ර......මම එහෙම අවුල් කෙනෙක් නෙවේනෙ එයාට ඕනි ඕනි වෙලාවට කිස් කරන්න....ඔයා හිතන්නකො බය නැතුව එයා එහෙම දෙයක් කරන්න ගියා කිව්වම මට මම ගැන දැනුනෙ මහ පහත් කමක්"

"අහන්නකො දිවාෂ...."

නුග ගහේ මුලක් උඩින් ඉදගත්තු නේත්‍ර දිවාෂට එන්න කියලා සන් කරද්දි දිවාෂත් නේත්‍ර ලඟින්ම ඉඳගත්තා.දිවාෂගෙ අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙ ටිකක් අතින් හරියට හැදුව නේත්‍ර දිවාෂ එක්ක හිනා වුණා.

"කලබල නොවී මම කියන එක අහන්න හොඳද?"

"හා චූචි"

"තෙවින් අයියා ඔයා ඔය කියන විදියට ඔයා ගැන හිතන් ඉන්නවනම්.....හිතන්නකො දිවාෂ,එයාට ඔයිට වඩා දෙයක් ඔයාට කරන්න උනත් කොච්චරනම් අවස්ථා තිබ්බද ම්ම්ම්?"

"..............."

"ඔයයි එයයි කොච්චරනම් තනි වෙලා ඉදලා තියෙනවද? රැයවල් වල පවා...ඔයා එහෙ යනවා එනවා,එයා ඔයාලගෙ ගෙදර නවතිනවා....ඒත් ඒ එක දවසකවත් එයා ඔයාට අනවශ්‍ය බලපෑමක් කරලා තියෙනවද? ම්ම්ම්ම්?"

"න්....නෑ"

"ඉතින් දිවාෂ හිතන විදියට,තෙවින් අයියට ඔයාව සෙල්ලම් බඩුවක් වගේනම් එයා ඔයාට උම්මා එකක් දෙන්න මේ ඉස්කෝලෙම තෝරගනීවිද? එයාට ඔයා එහෙ යන වෙලාවක එහෙම දෙයක් කරන්න තිබ්බානෙ...කාමරේට දාලා දොර වහගත්තම එයාට අවුලක් වෙන්නෙත් නෑ....දෙවින් අයියත් නෑනෙ දැන් ගෙදර?"

"..............."

"එයාට එහෙම දෙයක් නෙවේ දිවාෂ මමනම් හිතන්නෙ වෙලා තියෙන්නෙ....මේ ටිකේම තෙවින් අයියා ඔයාගෙ පස්සෙන් එනවනෙ....එයාට එයාගෙ හැඟීම් ඔයාට හරියටම පෙන්නන්න ඕනි වෙන්න ඇති....එක එක අයගෙ විදියවල් වෙනස්නෙ දිවාෂ....තෙවින් අයියා කොහොමත් හරි කලබල මනුස්සයෙක්....ඒ නිසා එයා කලබල වුණා වෙන්න පුලුවන්.....නැත්තං මූවි එකක හරි මොකක හරි දැක්ක දෙයක් අත්හදා බලන්න යන්න ඇති මේකවත් හරියයිද කියලා හිතාගෙන....දිවාෂම කියලා තියේනෙ තෙවින් අයියා ඒ වගේ පිස්සු වැඩ නොහිතා නොබලා කරනවා කියලා"

"හ්ම්ම්ම්ම්"

"අහන්නකො දිවාෂ....සමහරවිට තෙවින් අයියා ඕෂිණී කියන කෙනා එක්ක යාලු වෙන්න කලින් ඔයාට මෙහෙම දෙයක් කරන්න ගියානම් ඔයා උනත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ....තෙවින් අයියගෙ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කරයි ඔයා....ඒත් දැන් තියෙන සිටුවේෂන් එක වෙනස්නෙ.....තෙවින් අයියා ඕෂිණී අක්කා එක්ක යාලු වෙලා එකපාරටම බ්‍රේකප් උනාට පස්සෙයි,ඕෂිණී අක්කා ඔයාට කතා කරලා කිව්ව දේවල් වලින් පස්සෙයි දිවාෂට තෙවින් අයියව පේන්නෙ වැරදි විදියට වෙන්න පුලුවන්"

"..............."

"හැමවෙලේම මොලේ කියන දේවල් හරි කියලා කියන්න බෑ දිවාෂ....සමහර දේවල් තියෙනවා හදවත කියන දේත් අහන්න ඕනි වෙන....මම සුදුබේබි මගෙන් ආස්කවුට් කල වෙලාවෙ මොලේ කිව්ව දේ අහලා හදවත කියන දේ නාහා හිටියනම් අපි දෙන්නා අදටත් දෙපැත්තට වෙලා විඳෝනවා....ප්‍රශ්න වෙනවා කියලා දැන දැන මූණ දෙන්න ලෑස්ති පිටනෙ මායි සුදුබේබියි යාලු උනේ....අන්න ඒ වගේ,ටිකක් හදවතත් පාවිච්චි කරලා බලන්න"

"හ්ම්ම්ම්"

"බැඳීමකට අත්‍යාවශ්‍යම දේ විශ්වාසෙ දිවාෂ.....ටික ටික ඒ විශ්වාසෙ ඇති කරගන්න....ඔයා ඉන්නෙ දැන් තෙවින් අයියව ඩිංගක්වත් විශ්වාස කරන්නෙ නැති මට්ටමට ඇවිල්ලා...ඒක ඔයාගෙ වරදක් නෙවේ....ඒක තෙවින් අයියගෙම වරදක්.....ඒත් කෙනෙක් වැරදි හදාගන්න උත්සාහ දරනවනම්,එයාට අවස්ථාවක් දෙන්න ඕනි...ඇයි දන්නවද?"

"චූචි කියන්නකො....."

"සමහරවිට එයා වැරදි හදාගන්න අවස්ථාව ඉල්ලන අන්තිමයා ඔයා වෙන්න පුළුවන්....එයාගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ඒක වෙන්න පුළුවන්"

"ඔ....ඔයා කියන දේ හරි....මම හිතන්න ගන්නම් මේවා"

"දැන් හෙට වැඩේට ෆෝකස් කරන්න....කරලා,හෙටින් පස්සෙ ඔය ගැන හෙමීට හිතන්න දිවාෂ හොඳද?"

"හරී"

නේත්‍ර එක්ක හිනා වෙලා කිව්ව දිවාෂ ලොකු හුස්මක් පහල දැම්මා.තෙවින් ගැන තමන් විතරක් දන්න දේවල් කොච්චරනම් තියෙනවද කියන එක දැනන් හිටියෙ දිවාෂ විතරමයි.සමහරවිට ඇත්තම තෙවින් ගැන නේත්‍ර දන්නවනම් නේත්‍ර ඔක්කොටම කලින් තමන්ව තෙවින්ගෙන් ඈත් කරවනවා කියලා දිවාෂට සැකේකින් තොරව හිතුනා.ඒ තරමට නුවර එද්දි හිටිය තෙවින් වෙනමම කෙනෙක්.දැන් ඒ තරමට නැති උනත්,තෙවින් එලියට පෙන්නන තරම් හුරතල් මනුස්සයෙක් නෙවෙයි කියන එක දැනන් උන්නෙත් දිවාෂ විතරමයි!!!

"හැමදේම හොඳින් වෙයි දිවාෂ....අපි හැමවෙලේම පොසිටිව් විදියට හිතමු...එතකොට අපිට හොඳ දේවල්ම වෙයි"

නේත්‍ර කිව්ව දේට ඔලුව වැනුව දිවාෂ නේත්‍රගෙ අතින් අල්ලන් ශ්‍රවණාගාරෙ පැත්තට ඇවිදන් එද්දි දෙන්නා එන මඟ බලන් උන්නු ආශව නේත්‍ර එක්ක ආදරෙන් හිනා වෙන හැටි දිවාෂ දැක්කා.

..............................................................................................

"ස්.....සුදුබේබි"

"න්....නේත්‍ර!!! ද්....දෙයියනේ...බෑ බෑ....මෙහෙම ස්ටේජ් එකට නගින්න දෙන්න බෑ ඔයාට"

"කැතද සුදුබේබි?"

"ලස්සන වැඩියි නේත්‍ර......හොඳටම ලස්සන වැඩියි!"

දෙනෙත්ගෙ ගෙදර අමුත්තන්ගෙ කාමරේ ලෑස්ති වෙන ගමන් උන්නු ආශව තමන්ගෙ ඉස්සරහ ඇවිල්ලා කමිසෙ කොලරය හදන ගමන් තොල් දෙක නොපිටට පෙරලන් උන්නු නේත්‍ර ලඟට ඇවිල්ලා නේත්‍රගෙ ඉණෙන් අල්ලලා තමන් ලඟට ඇදලා ගත්තා.කමිසෙ මෝස්තරේ එක්ක කමිසෙ ඉණ හරියෙන් නේත්‍රගෙ ඇඟේ හැඩ ගාණට පෙනෙද්දි ආශව කමිසෙ උඩින්ම හරි සියුම් විදියට නේත්‍රගෙ ඉණ දිගේ අත උඩ පහල යැව්වා.

"ම්හ්....."

"මගෙ දේවල්නෙ මේවා.....හැමෝම බලයිද අද....ම්ම්ම්"

"එ....එහ්....එහෙමට පේන්නෑනෙ සුදුබේබි....අනික.... ම්හ්හ්"

"මොකද්ද අනික? ම්ම්ම්"

"ඉණේ හැඩ විතරයිනෙ පෙ....පේන්නෙ සුදුබේබි....ඒකත් කමිසෙ උඩින්.....ම්හ්.....පේන්නෙ.....හරියටම බලන්න...අ...අල්ලන්න....හැමදාටම පුළුවන් වෙන්නෙ සුදුබේබිට.....සුදුබේබිට විතරමයිනෙ"

"වෙන කාටවත්ම බෑ....මම දන්නවා ඒක"

"වෙන කාටවත්ම බෑ....එහෙම බලෙන් හරි කරන්න හැදුවොත් කවුරුමහරි...."

"ඔව්......මොකෝ කරන්නෙ?"

"එ....ඒ මනුස්සයව මරනවා.....නැත්තං මම මැරෙනවා!"

"නේත්‍ර!"

ආශව නේත්‍රගෙ ඉණෙන් අත් දෙක අහකට අරගෙන නේත්‍රගෙ කම්මුල් දෙකෙන් තමන්ගෙ අත් දෙක තියාගෙන නේත්‍රව තමන්ගෙ මූණ ලගට කරගත්තා.

"මැරෙන කතා කියන්න බෑ....ම්ම්ම්"

"සුදුබේබිට විතරයි මගෙ හැමදේකම අයිතිය තියෙන්නෙ....වෙන කෙනෙක්ට බලෙන් හරි මාව ලැබුනොත් මම ආයෙ තත්පරයක්වත් ජීවත් වෙන්නෙ නෑ සුදුබේබි"

"ඔයාව වෙන කාටවත් දෙන්නෑනෙ මැණිකෙ මම....ම්ම්....ඒ  නිසා මැරෙන කතා කියන්න එපා"

"සමාවෙන්න සුදුබේබි......ආයෙ නොකියා ඉන්නම්"

"මගෙ නේත්‍ර මගෙ.....මගෙ නේත්‍රව වෙන කවුරුහරි එයාගෙ කරගන්නකං සුදුබේබි බලන් ඉදියි කියලා හිතනවද?"

"නෑ....සුදුබේබි නේත්‍රව දෙන්නෙ නෑ කාටවත්"

"ඒකනෙ"

"නේත්‍ර දෙන්නෙත් නෑ කාටවත්ම සුදුබේබිව"

"දෙන්න එපා....ඔයා ලඟම තියාගන්න"

නේත්‍රගෙ තොල් උඩින් කෙටි සිපුමක් තිබ්බ ආශව කියද්දි නේත්‍රත් හිනාවෙලා ඒ පපුව අස්සෙ මූණ ඔබාගත්තා.නේත්‍රගෙ ඉණ වටේ තිබ්බ තමන්ගෙ අත් තද කෙරුව ආශව ආයෙමත් නේත්‍රව හාදුවකට පොලඹවගනිද්දි ආශවගෙ බාහු දෙක අල්ලගත්තු නේත්‍ර ඒ හාදුවට පෙරලලා උත්තර දුන්නා.

"අනික් ඇඳුම් ටික ගත්තද මැණිකෙ?"

"ඔව් සුදුබේබි....දිවාෂලාගෙ කාර් එකේ"

"යං.....දෙනෙත් කිව්වා පොඩි මේකප් එකක් දාගමු කියලා....ලාවට වගේ මොනාහරි ගාගමු"

"කමක් නෑද සුදුබේබි?"

"මම ආසයි ඔයා හුඟාක් ලස්සනට ඉන්නවට....මට ඒ ගැන ඉරිසියාවක් නැහැ...මට ඕනි ඔයා ලස්සනට ඉන්නව බලන්න විතරයි.....මට ඕනි නෑ නේත්‍රට ලිමිට් දාන්න....ඔයාට ඔයා ලස්සනයි කියලා දැනෙන විදියට අඳිනවට කරනවට මගෙ කිසිම විරෝධයක් නෑ"

"මම දන්නවා....මම ලිමිට් පන්නන්නෙත් නෑ සුදුබේබි"

"ඒ ගැන දන්න නිසා තමා මම නේත්‍රට අසීමිත නිදහසක් දීලා තියෙන්නෙ...."

"මම ඒ විශ්වාසෙ කඩන්නෑ සුදුබේබි"

"මම ඒකත් දන්නවා....ඒ ගැන සැකයක් නෑ මට"

"මේ කමිසෙ අවුල් වගේනම්,මම නිකං කමිසයක් අඳින්නම්...."

"එපා එපා.....ඔයාව ලස්සනට පේන්න ඕනි අද හැමෝටම වඩා....ඒකමයි මම ඔය වගේ ඩිසයින් එකකින් මහන්න දුන්නෙත්"

"ඉණ....."

"නේත්‍රම කිව්වනෙ.....ඒ හැමදේම අයිතිය තියෙන්නෙ මටනෙ....ම්ම්ම්"

"අපි පහලට යංද සුදුබේබි?"

"යං...."

නේත්‍රගෙ කමිස කොලරය ලස්සනට හැදුව ආශව නේත්‍රගෙ කමිසෙටම අල්ලලා තියෙන බෙල්ටයත් හරි ගාණට හදලා නේත්‍ර එක්ක පහලට බැස්සා.දෙනෙත්ගෙ කාමරේ තිබ්බ උස වීදුරු කණ්නාඩිය සාලෙ මැද්දෙ තිබ්බා වගේම ඒ ඉස්සරහ ඉදන් උන්නු දිවාෂගෙ මූණට නැවිලා හිටිය උපාධ්‍යා දිවාෂගෙ ඇස් වටේට මොනාහරි අඳින ගමන් හිටියා.

"ඕක ඕනිමද උපාධ්‍යා?"

"ඔව් තෙවින් අයියෙ....දිවාෂගෙ අවුට්ෆිට් එක එක්ක මේක ඇන්දම ලස්සනයි"

"ම්ම්ම්.....හ්ම්ම්....යුගාන් ඔය උඩ බොත්තං දෙක දාගෙන යමු ඈ....එලියෙ දාගෙන ඉන්නෙ නැතුව"

"ඇරං යනවා මම! පුළුවන් දෙයක් කරපං!"

"පුළුවන් දේ කරන්නෑ මම උඹ පවු හින්දා!"

තෙවින්ට රවලා කිව්ව දිවාෂ තව බොත්තමක් ගලවගනිද්දි දිවාෂ දිහා බලලා හොද වැඩක් කරන්නම්කො වගේ ඔලුව උඩ පහල වැනුව තෙවින් අහක බලාගත්තු හැටි දැක්ක උපාධ්‍යාට හිනා ගියා.

"තෙවින් අයියා මෙහෙ ආවට පස්සෙ හුඟක් වෙනස් වෙලා"

"ඔයාලා දෙන්නට දෙන්නා දන්නවත? ඒ කොහොමද?"

"ආහ්....ඔව් යුගාන්....අපි දෙන්නා අඳුනනවා.කොහොමද අඳුනන්නෙ......"

"මම වර්ක්ශොප් එකකදියි,කම්පිටිෂන්ස් දෙක තුනකයිදියි තෙවින් අයියව අඳුනගෙන කතා බහ කරලා තියෙනවා දිවාෂ"

තෙවින්ට කලින් ඉස්සර උනු උපාධ්‍යා සුහදව කියද්දි දිවාෂ ඔලුව වනලා ආයෙම තෙවින් දිහා හොඳට බැලුවා.ඒත් එක්කම කණ්නාඩියෙන් දැක්ක ප්‍රතිබිම්බෙ එක්ක ඔක්කොම දමලා ගහලා නැගිට්ට දිවාෂ මරහඬ තලාගෙන නේත්‍ර ලඟට දුවං යන්න ගත්තෙ පිස්සෙක් වගේ.

"දෙයියනේ!!!!! අම්මෝ!!!!! අප්පච්චෝ!!!!! දෙවින් පණෝ!!!!!! හත්තික්කේ!!!!! මගෙ පුතේ!!! අම්මේ!!!!! චූචියගෙ ලස්සන!!! ආසව අහකට පලකො!!!! අනේ අම්මෝ ලස්සනයි යකෝ මේකා!!!! දෙවින් පණ! මාව අල්ලගන්න මම වැටෙන්න එන්නෙ!!!"

දිවාෂ මොකෙක්වත් පිටිපස්සෙ ඉන්නවදවත් බලන්නෙ නැතුව වැටෙන්න යද්දි තෙවින් පැනලා දිවාෂව අල්ලගත්තා.දිවාෂට හොඳවයින් දෙකක් රැව්ව ආශව නේත්‍රත් එක්ක ගිහින් සෝෆාවකින් ඉදගනිද්දි දෙනෙත් තමන්ගෙ කමිසෙ ඇඳ ඇඳ එලියට ආවා.

"වෝහ්! නේත්‍ර බබාගෙ ලස්සන බලනවකො ආශව.....තමුසෙට වඩා හොඳ එකක් සෙට් කරගන්න තිබ්බෙ කොල්ලට"

"අනේ මේ! මම කැත උනාට නේත්‍ර මට ආදරෙයි"

"යැව් යැව් තමා"

නේත්‍රගෙ කොණ්ඩෙ ටිකක් ඇවිස්සුව දෙනෙත් දෙවින්ගෙ තොල් උඩින් කෙටි හාද්දකුත් තියලා ආයෙමත් කාමරේ ඇතුලට ගිහින් මොනාහරි ලට්ට ලොට්ට ටිකක් උස්සන් ඇවිල්ලා උපාධ්‍යා ලඟම තිබ්බ මේසෙ උඩින් තිබ්බා.

"කෝ දෙනෙත් අයියෙ නිදුකි?"

"අර කාමරේ ...කා එක්ක හරි වීඩියෝ කෝල් එකක හිටියා"

"ආහ්.....හරි හරි"

දිවාෂගෙ මූණට ගාන්න ඕනි ටික ගෑව උපාධ්‍යා සෑහීමකට පත්වෙලා දිවාෂ දිහා බැලුවම දෙනෙත් නැගිටලා ඇවිල්ලා දිවාෂගෙ කොණ්ඩෙ හදන්න ගත්තා.උඩට කරලා කොන්ඩෙත් හදාගත්තු දිවාෂ ඇහිබැමකුත් උස්සලා තමන්ගෙ හැඩ එහෙම බලලා එතනින් නැගිටිද්දි අනේ අර පාඩුවෙ පැත්තකට වෙලා උන්නු තෙවින්ට දරුණු ගණයේ කැස්සක් ඇති වෙලා තිබ්බා.පොඩි බොක්ස් එකක් අරගෙන ඒකෙන් පිරිමි අත් පලඳනාවක්,මුදු වගයක් වගේ ජාති ටිකක් දාගත්තු දිවාෂ කකුලක් පිට කකුලක් දාගනිද්දි තෙවින් වතුර ටිකක් බොන්න හිතාගෙන කුස්සිය පැත්තට දුවලා ගියා.

"නේත්‍ර බබා එන්න...."

දෙනෙත් නේත්‍රට කතා කරද්දි නේත්‍ර නැගිටලා දෙනෙත් ලඟට ගියා.නේත්‍රගෙ සුදු කමිසෙ වැහෙන්න රෙද්දක් පෙරෙව්ව දෙනෙත් උපාධ්‍යාට ඉඩ දීලා පැත්තකට වෙද්දි උපාධ්‍යා නේත්‍රගෙ මූණ ලඟට නැවුණා.

"න්....නේත්‍ර....පො....පොඩ්ඩක් ඔලුව උස්සගන්නකො"

උපාධ්‍යාගෙ ඇස් වලට කදුළු උනද්දි ඒ සියුමැලි හීනි අත් වෙවුලන්න අරං තිබ්බා.මොනා උනත් නේත්‍ර කියන්නෙ උපාධ්‍යාගෙ පලවෙනි ආදරේ.පලවෙනි ලස්සන හැඟීම.මොනාහරි ක්‍රීම් වර්ගයක් අරං නේත්‍රගෙ නලල උඩ බිංදුවක් තියලා අනික් බිංදුව නේත්‍රගෙ කම්මුල් වලින් තියන්න ගියත් තමන්ගෙ වෙවුලන අත් එක්ක උපාධ්‍යාට ඒ දේ කරගන්න අමාරු උනා.

"මට දෙන්න උපාධ්‍යා....මම කරන්නම්!"

ඒත් එක්කම ඇහුනු ආශවගෙ සද්දෙ එක්ක උපාධ්‍යා නේත්‍ර ලඟින් ඈත් වුණා.සීතල බැල්මකින් උපාධ්‍යාට සංග්‍රහ කෙරුව ආශව ඒ බෝතලේ අරං ක්‍රීම් තලියක් මිරිකගන්න කලින් දෙයියො දැක්කා වගේ දෙනෙත් ආශව කරන්න යන වැඩේ දැක්කා.

"ඒයි! මෝඩයා! යකෝ ඕක ඔහොම මිරිකගෙන ඇඟ පුරා ගාගන්නද! ඔහොම ඉන්නවා මම කරන්නම්!"

ආශව ඉන්නෙ ඉරිසියාවෙ කියලා තේරුණු දෙනෙත් උපාධ්‍යාට ඇස් වලින් එහාට යන්න කියලා නේත්‍ර ලඟින් හිටගත්තා.එතන ඉදන් නේත්‍රගෙ මූණ ලස්සන කරන වැඩ ටික දෙනෙත් අතින් වෙද්දි තොල් ආලේපනය තමන්ගෙ අතට ගත්තු දෙනෙත් ආශව දිහාවට හැරුණෙ ආශවගෙ හැටි හොඳටම දන්න නිසා.

"පුරුදු වෙන්නත් එක්ක ගාපං මේක නේත්‍ර බබාගෙ ලිප්ස් වල"

"තද පාටක් නෙවේ නේද?"

"නෑ නෑ.....ලා රෝසක්"

"හා....මේවා ගෑවම ලිප්ස් සවුත්තු වෙන්නෑ නේද?"

"ආශව! මගෙ මාරයා නාවුස්සා ඕක ගාපං බබාගෙ ලිප්ස් වල! අනේ දෙව් මූට කියන්නකො මම බාල එව්වා යූස් කරන්නෑ කියලා!"

දෙනෙත් නාහෙන් අඬද්දි තොල් ආලේපනේ තමන්ගෙ ඇඟිලි වල තවරගත්තු ආශව ඒක නේත්‍රගෙ තොල් වල පරිස්සමට ආලේප කලා.කට්ටියගෙම වැඩ ටික ඉවර වෙලා එලියට ගිහින් තම තමන් තම තමන්ගෙ වාහන වලට ගොඩ උනත් ආශව නේත්‍ර දෙන්නට යන්න සිද්ධ වුනේ දිවාෂලාගෙ ගෙදර වාහනේ.මොකද එදා උන සිද්ධියෙන් පස්සෙ ආශව තමන්ගෙ ගෙදර මෝටර් රථ භාවිතය සම්පූර්ණයෙන්ම මග ඇරියා.

"මේ පාර විතරක් පිට වාහනේක යං....ම්ම්ම්"

"මට පයින් හරි යන්න පුලුවන් සුදුබේබි....ඒ නිසා ඒ ගැන හිතන්න එපා"

"මම දන්නවා.....ඒත් මට ඕනි ඔයාට උපරිම හොඳ දේවල් දෙන්න....ඔයාගෙ ජීවිතේ තියෙන අපහසුකම් නවත්තන්න....."

"සුදුබේබි ලඟ හිටියම ඇති.....මම සතුටින්"

නේත්‍ර තමන්ගෙ ඔලුව ආශවගෙ උරහිසකට තද කරං මුමුණද්දි දිවාෂ වාහනේ පණ ගන්වලා ඉස්සරහට අරං ගියා.පාසලේ වාහන අංගනයෙන් වාහනේ ගාල් කෙරුව දිවාෂ ලොකු කුඩ දෙකක් අතට අරං එකක් ආශවට දීලා අනික තෙවින්ට දුන්නා.ආශව තමන්ගෙ අතට ලැබුණු කුඩේ ඉහලගෙන නේත්‍රව ඒ යටට ගද්දි නේත්‍ර ආශවගෙයි තමන්ගෙයි අනික් ඇඳුම් තිබ්බ පැක් දෙක අතට ගත්තා.

ශ්‍රවණාගාරෙ පිටිපස්සෙ දොරටුවෙන් ඇතුල් උනු කොල්ලො ටික එහෙම්මම එතන තිබ්බ කුටි වලින් එකකට යද්දි කට්ටියටම කලින් ඇවිල්ලා තිබ්බ රකිත කොල්ලො ටිකට ඒ කුටිය වෙන් කරගෙන තිබ්බා.ආශවලට ඔලුවෙන් ඇතුලට එන්න කියලා සන් කල රකිත නේත්‍රටයි දිවාෂටයි එලියට එන්න කියලා කාර්තික්ව හොයාගෙන ගියා.

"වැඩ ඔක්කොම හරිද මල්ලිලා?"

"සවුන්ඩ්ස් හදනවලු තාම අයියෙ ආර්යලා.....අනික් ඔක්කොම හරි"

"ගර්ල්ස් ස්කූල් එකේ ලමයි ටික ඉන්න තැන් බැලුවද? ඒ තැන් සේෆ් නේ?"

"ඔව් අයියෙ.....අපේ මැඩම්ලා වගයක් එතන ඉන්නවා...කොල්ලොන්ට යන්නත් එපා කියල තියෙන්නෙ.අපේ අය එහෙම යන්නෑනෙ ඉතින්"

"කවුද එතන වැඩ ටික සේෆ්ද කියලා බැලුවෙ"

"නේත්‍ර"

"හරි එහෙනම්.....අවුලක් වෙන එකක් නෑ......ඉන්දීප ඔයයි දෙනෙතුයි අනික් දෙන්නා එක්ක අනවුන්සින්ග් කරන වැඩේට යන්න......එතන බලන්න අඩුපාඩු තියෙනවද කියලා"

"හරි රකිත"

"ආශව කෝ?"

"ඌ ගියා එන්ට්‍රන්ස් එකේ වැඩ ටික බලන්නයි ලමයිව ඇතුලට ගන්න වැඩ ටික බලන්නයි....දෙවිනුත් ගියා"

"හරි....උන් දෙන්නා ඒක කරයි.....පොඩි අය,ඔයාලා ඇඳුම් වල කුණු ගාගන්නෙ නැතුව ඉන්න හොඳද? තව පැයකින් වගේ වැඩේ පටන් ගත්තම එකම තැනකට වෙලා ඉන්න....අපි කට්ටිය එලියෙ වැඩ බලන්නම්....ඔයාලා ටික ඇතුලෙ වැඩ බලන්න"

"හරි රකිත අයියෙ"

කට්ටියව විසුරෝලා යැව්ව රකිත හෙමින් සැරේ නේත්‍රයි දිවාෂයි ලඟට කිට්ටුවෙද්දි දෙන්නා රකිත දිහා හොඳට බැලුවා.

"ඔයාලා අවුලෙන්ද ඉන්නෙ ඩ්‍රාමා එක කැන්සල් උනු එකට?"

රකිත ඇහුවෙ කීප දවසක ඉඳන්ම හිතේ තෙරපි තෙරපි තිබ්බ ප්‍රශ්නයක්.රකිත අහද්දි ඔලුව උස්සලා බැලුව නේත්‍රයි දිවාෂයි දෙන්නා ඒකට හිනාවෙලා ඔලුව වැනුවත් ඒ ඇස් හතරෙ තිබ්බ වේදනාව රකිතට නොදැනුනා නෙවෙයි.

"මොනා කරන්නද මල්ලි....පුළුවන් තරම් අපි කතා කරලා විසඳගන්න බැලුවා.....ඒ උනාට ඉතින් ඒක සමාජෙට ගැලපෙන්නෑ කියලා අර සෙට් එකක් අවුලක් ඇද්දනෙ...වැඩේට කැමති උනු ගුරුවරු ටිකටත් උනේ කටවහන් ඉන්න අන්තිමට"

"ඒකනෙ අයියෙ....අනික ආසවයි තෙවින් පුකයි කිව්වා අපි දෙන්නටම ආයෙ ඒ ගැන කතාවට යන්න එපා කියලා....කිසිම ඉල්ලීමක් කරන්න එපා කිව්වා....හේතුවක් කිව්වෙ නෑ.ඒ ඩබල,ස්පෙශලි ආසවයා නේත්‍රට එපා කියන්නෑනෙ දෙයක් ලේසියකින්....ඒ නිසාම අපි ආයෙ ඔය ගැන කාගෙන්වත් අහන්න ගියේ නෑ....ඇත්තටම ඇයි ඒ දෙන්නට එච්චරටම කේන්ති ගිහින් තිබ්බෙ රකිතයියෙ?"

"හේතුවක් ආශවලා කිව්වෙ නෑ කියන්නෙ හේතුව ඔයාලට අදාල නෑ කියලා හිතෙන්න ඇති එයාලට....නේත්‍ර මල්ලි සද්ද නැත්තෙ මොකෝ?"

"සුදුබේබි එපා කිව්වනෙ රකිත අයියෙ එදා ඒක.....හේතුවක් අහන්නත් එපා කිව්වා...එහෙම කියන්නෙ මට ඒක අනවශ්‍ය දෙයක් නිසානෙ...ඒ හන්දා මට ආයෙ ඒ ගැන දැනගන්න ඕනි උනේ නැහැ."

නේත්‍ර බිම බලන් මුමුණද්දි රකිත නේත්‍රගෙ ඔලුව අතගාලා දිවාෂව ලඟට ඇදලා අරං එක පැත්තකින් තුරුල් කරගත්තා.

"ඒකනෙ....ඔයාලා ඒක අමතක කරලා දාන්න....  තේරුනාද දිවාෂ මල්ලිටත්?"

"යස් සර්!"

දිවාෂයි නේත්‍රයි දෙන්නා සුහදව හිනා වෙද්දි රකිත ආයෙ මොකකට හරි හොරගල් අහුලන වග තේරුනු නේත්‍ර රකිතට කතා කලා.

"ඇයි රකිත අයියෙ?"

"මේ.....ගර්ල්ස්කූල් වල කට්ටියම ඇවිල්ලද දන්නෑ නේද?"

"දන්නෙනම් නෑ.....හැබැයි ටයිම් එකට පෆෝම් කරන්න අනිවාර්‍යෙන්ම කට්ටිය එනවා අයියෙ....ඒ ගැන බය වෙන්න එපා"

"ම්ම්ම්ම්"

රකිත පොලව හාර හාරම එතනින් එහාට යද්දි කොහේදෝ ඉඳලා ආව තෙවින් රකිතගෙ කර වටේ තමන්ගෙ අත දාගත්තා.

"උපාධ්‍යා ආවා"

"ආවද කෝ ද.....ආහ්?"

"උපාධ්‍යා ආවා කියලා කිව්වෙ"

"ම්...මම එයා ගැන නෙවේ ඇහුවෙ"

"අනේ මේ.....නිකා ඉඳපං රකිත....ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල දන්නවා මම"

"එ....එහෙම එකක් නෑ තෙවින්"

"ඕනි දෙයක් පරිස්සමින්...."

"එ....එහෙම කිව්වෙ ඇයි?"

"උපාධ්‍යා ගැන මොනාද දන්නෙ?"

"නමයි.....ඉස්කෝලෙයි....ගතිගුණයි විතරයි"

රකිත බිම බලාගෙන මුමුණද්දි තෙවින්ගෙ හිත නොසෑහෙන්න බර උනා.උපාධ්‍යාගෙ පවුල් පසුබිම ගැන දිවාෂලා පවා දැනගත්තෙ උපාධ්‍යාම කියලා වෙනකොට ඒ ගැන රකිත නොදැන ඉන්න එක පුදුමයක් නෙවේ කියලා තෙවින්ට හිතුනා.රකිත කියන්නෙ ඉස්කෝලෙ කැපිලා පේන චරිතයක් උනත් ඇතුලාන්තෙන් හරි අහිංසක කොල්ලෙක් කියලත් තෙවින් දැනගෙන හිටියා.

"කෙල්ල හොඳයි.....දාගන්න ටිකක් අමාරු වෙයි....ට්‍රයි කරපං ඒත්....එහෙම කෙල්ලෙක් හම්බුනා කියන්නෙම ලක් එක උඹේ"

"එයා හොඳයි නේද?"

"යුගාන් තරං නෑ.....ඒත් හොඳයි හුඟක්"

"අනේ උඹේ යුගාන්"

හිනාවෙවීම තෙවින්ගෙ බඩට පාරක් දුන්නු රකිත කියද්දි තෙවින් රකිත එක්ක හිනා උනා.

"සිරා කියන්නෙ....ඒකි උබට සෙට්....අතෑරගන්න එපා"

"නෑ.....මම සීරියස්මයි හිතන්නෙ එයා ගැන"

"ඕනි උදව්වක් ඉල්ලපං....අපි සප් එක දෙනවා ඈ"

"අනිවා අනිවා"

කතාවෙන් කතාවෙන්,වැඩ වලින් නොදැනීම පැයක් ගෙවිලා ගිහින් තිබ්බා.ටිකට්ටු පරික්ශා කරන ගමන් හැම ලමයවම ඇතුලට ගත්තට පස්සෙ මුළු ශ්‍රවණාගාරෙම අතුරු සිදුරු නැතුව පිරිලා ගිහින් තිබුණා.කිසිම අංගයකට නොයිදිය ශිෂ්‍යනායකයො ටික ශාලාවෙ පිරිස හැසිරවීමෙ වැඩේ භාර අරගෙන තියෙද්දි ශ්‍රවණාගාරෙ පිටිපස්සෙ කුටියට ආව රකිත ආශවලට කතා කලා.

"ආශව....දෙවින්....යං,ගෙස්ට්ස්ලා එනවලු විනාඩි පහකින්"

මල් පොකුරු දෙකක් ආශවගෙයි දෙවින්ගෙයි අත් වලට දුන්නු රකිත දෙන්නා එක්කම එලියට යද්දි නේත්‍රට ඇස් වලින් යනවා කිව්ව ආශව එලියට ගියා.බෙර හඬ මැද්දෙ ප්‍රධාන ආරාධිතයන්ව පිලිගන්න රකිත ආශව දෙවින් කියන ප්‍රධාන ශිෂ්‍යනායක මණ්ඩලේ තුන් කට්ටුව හිටගෙන ඉදිද්දි ඉදිරියට ආව ආරාධිතයො තුන් දෙනාට මල් පොකුරු දීලා පිලිගනු ලැබුවා.

"ආශව නේද.....ක්‍රිකටර්?"

"යස් සර්"

ලංකාවෙ ඉන්න ප්‍රවීණ ගායන ශිල්පියෙක් ආශවගෙන් අහද්දි ආශව සුහදව හිනා වෙලා අතට අත දුන්නා.යාලුවව හැමෝම වගේ දැන් දන්න එක ගැන හරියට සතුටු හිතුන රකිතයි දෙවිනුයි එකිනෙකා දිහා බලන් හිනා වුණා.ආරාධිතයන්ව ශාලාවෙ අසුන් ගැන්වූවට පස්සෙ ඉලන්දාරි තුන් දෙනා ආපහු පිටිපස කුටියට දුවගෙන ගියේ තමන්ගෙ පාසල් නිල ඇඳුම් වලින් අංගයට අවශ්‍ය ඇඳුම් ඇඳගන්න.

"අතිශය ප්‍රෞඪත්වයෙන් යුක්තව සමරනු ලබන අප පාසලේ එකසිය පණස් වන සංවත්සරය හේතුකොටගෙන ඇරඹෙන්නාවූ මහනුවර ත්‍රි### විද්‍යාලීය වර්ෂාවසාන ප්‍රසංගයයි මේ!!!!"

දෙනෙත්ගෙයි ඉන්දීපගෙයි එකම වේගෙන් ගිය ගැඹුරු හඬවල් වලින් ඇරඹුනු ප්‍රසංගයේ පලවෙනි අංගය විදියට තිබුනෙ වෙස් නර්තනයක්.එතනින් ඇරඹුනු ප්‍රසංගය හරි අපූරුවට ගලාගෙන යද්දි විදුහල්පතිතුමාගෙ සහ රකිතවෙ මූලිකත්ව කතා දෙක ඇදිලා යන වෙලාවෙ එකපාරටම ශාලාව තුල කසුකුසු හඬක් නැගුණෙ මැදපෙල අසුන්  පැත්තට ඇවිදන් ආව හතර කට්ටුවක් නිසා.

"අර අරයා නේද? සනුක"

"ඒ.....මම එයාගෙ හියුජ් ෆෑන් කෙනෙක්"

"ඔයා ක්‍රිකට් ෆෑන් කෙනෙක් නෙවේනෙ"

"සනුකගෙ සෝෂල් මීඩියාස් වල ෆෑන් කෙනෙක් මම....එයා ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් අනන් මනන් කරනවනෙ....ඒවටත් වඩා ලස්සනයි වගේ නේද ඇත්තටම"

"ඔව්....අර ආදිත්‍ය නේහ්....එයාට කොල්ලොයි ක්‍රිකට් බලන හුඟක් කෙල්ලොයි බැන්නට මමනම් ආසයි අනේ...."

"හැන්ඩ්සම් නිසාද?"

"ඒකත් එකක්....අනික මොන මනුස්සයට උනත් ෆේල් පීරියඩ් එකක් එනවා....ආදිත්‍යගෙත් මේ යන්නෙ ඒ ෆේල් පීරියඩ් එක වෙන්න ඇති"

"අර ලියෝන්....මල්ලි කෙනෙක් උනාට අනේ මම ආසයි අප්පා....අර කාවද එයා වීල් චෙයා එකක තියලා අරං එන්නෙ?"

"දන්නෑ....අයියද දන්නෑ"

"පිස්සු.....ලියෝන්ගෙ අයියානෙ ඇන්තනීස් එකේ කැප්ටන් ආශවලාත් එක්ක හිටිය පාර....මෙයා කවුද දන්නෑ"

"බෝයිවත්ද දන්නෑ"

"යාලුවෙක් වෙන්නත් පුළුවන්"

"අනේ මංදා....ක්‍රිකටර් කෙනෙක් කොල්ලෙක් එක්ක යාලු වෙයිද?"

"ඇයි උන්ට හැඟීම් නැද්ද? අනෙව් නිකං යන්න අනේ යන්න ඔයා"

"සනුකනම් සිංගල් මම හිතන්නෙ"

"කතා කරලා බලමුකො....අපතෙ ගියොත් යන්නෙ වචනයක් විතරයි ඒ වගේද සෙට් උනොත්?"

"අනේ ඔයාලා කටවල් වහගන්නකො....මම මේ බලන් ඉන්නෙ ආශව ස්ටේජ් එකට නගිනකං"

"ඔයාගෙ පිස්සුව තාම හොඳ උනේ නෑ නේහ්? අනේ අම්මේ....ආශව ආශව ආශව"

"මට කියන්නෙ! ඔයත් අර දෙනෙත්ට......"

"කට කට!"

"නේත්‍ර අයියාත් පෆෝම් කරයිද හලෝ?"

"කරයි නේද? ලස්සනට ඉදියි එයානම්"

"එයා හුඟක් හොඳයිත් එක්ක"

"හ්ම්ම්ම්"

ගෑනු ලමයිගෙ පැත්තෙන් ඒ විදියට කසුකුසුව නැගෙද්දි පිරිමි ලමයි කතා වුනේ වෙනමම දේවල්.

"ආශව නිසා එන්න ඇත්තෙ නේහ්? සනුකයි ආශවයි එකටමයි ඉන්නෙ..."

"ඔව්....ඉන්ස්ට ස්ටෝරීස් එහෙම දැකලා තියෙනව මමත්"

"සනුකයි ලියෝනුයිනම් වැඩ්ඩො....ආදිත්‍යනම් සෙට් නෑ"

"මිනිහා ටැලන්ටඩ්ලු ඉස්සර....ස්කූල් ටීම් කාලෙ එහෙම....මගෙ යාලුවෙක් ඉන්නව ඌ කිව්වෙ"

"මිනිහා දැන් සෙට් නෑ ඉතින්....ඒකයි මම කිව්වෙ"

"ආශව අයියත් සනුක අයියලාගෙ මට්ටමටම එයි නේද දවසක?"

"එල්පීඑල් එකේ හරියට කලර්ස් පෙන්නුවා කියන්නෙ ගොඩ ඉතින්"

"දෙවින් අයියාටත් හරියන්න ඕනි අනේ....ඔය සෙට් එකෙන් ඕනිම කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන්නෙ හොඳටම එයා....මාරම හොඳයිනෙ ඇත්තටම"

"ආශව අයියානම් කොහොමත් නෝ කතා නෝ සිනා....ටීම් එක එක්ක ඉන්නෙත් එහෙමද දන්නෑ"

"අම්මෝහ්! ටීම් එක ඇතුලෙදි මල නොපැන්නොත් ඇති මිනිහට....මතකනෙ එකපාරක් අරහෙ ඉස්කෝලෙ ලඟටම ගිහින් ගහලා ආවෙ එකෙක්ට"

"ඒ සිරා.....අපේ අයියා ඉන්නෙ ඒකෙනෙ....එයත් කිව්වෙ මෙලො ගාණක් නැතුව ආශව අයියා ගිහින් තියෙන්නෙ දෙවින් අයියා එක්ක....ඒ ඩබල විතරක්....පස්සෙ කේස් එක ඇදෙද්දි තමා දෙනෙත් අයියයි රකිත අයියයි දෙවින් අයියගෙ ට්වින්....එයයි ඇවිත් තියෙන්නෙ...ඒ එද්දිනුත් ආශව අයියා ගහගන්න පටන් අරංලු"

"මාර මල පැනිල්ලක්නෙ පයින්නෙ.....එයා හොඳින් ඉන්නෙ නේත්‍ර එක්ක විතරයි...වෙන උන්ව සෙට්ම නැති ගාණට ඉන්නෙ"

"අර සුදු පොඩි එක්කෙනාගෙ නම දන්නවද බං? සනුක අයියලා එක්ක ආවෙ?"

"ඔව්...ලියෝන්....බෝලර් කෙනෙක්....නැෂනල් ටීම් සිලෙක්ටඩ්"

"ඒ එයා අර එක්කන් ආවෙ කොල්ලවද එයාගෙ?"

"කෝ....ආ....අර වීල් චෙයා එකේ නේහ්?"

"ඔව්.....දැක්කද ඒක දොර ලඟින් නවත්තලා මෙයා ඒ බෝයිව වත්තං කරගෙන වගේ ආවෙ...පඩිපෙලවල් වලින් එන්න බෑනෙ අරකට"

"කොල්ලද දන්නෑ"

"ඊයා...මට පේන්න බෑ එහෙම උනනම්....කොලුකාරයො"

"ඒ උබටනෙ! උන්ට හොඳනම් උබට වැඩක් නෑනෙ"

"උබත් කොලුකාරයෙක්ද උන්ට සප් එක දෙන්නෙ?"

"අනේ මම සප් එකක් දෙන්නෑ බං....මට වැඩක් නෑ.උන් දෙන්නෙක් ඇඳ උඩ කරන දෙයින් මට අදාලත්වයක් එන්නෙ නෑනෙ....උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දුන්නනම් මේ ප්‍රශ්න මුකුත් නෑ"

"ආදිත්‍ය අයියා කැන්ඩි යනවා එනවලු දැන්.....අපේ යාලුවෙක් දැකලා කීප දවසක්ම"

"නේත්‍ර මල්ලිවයි දිවාෂ මල්ලිවයි දැක්කද උබ? ඒ පිස්සු හැදෙනවා බං....සිරාවටම උන් දෙන්නද මංදා ලස්සනම ඩබල අපේ ඉස්කෝලෙන්"

"ආශවයි දෙවිනුයි පොඩි ජෝඩුවගෙ පස්සෙන්ම ඉන්නෙ ඒ හින්දා වෙන්න ඇති"

ශ්‍රවණාගාරෙ ගිය කසුකුසුව නැවතුනේ ඊලඟට ආව නර්තන අංගය නිසා.ඔය විදියට ප්‍රසංගය ගලාගෙන යද්දි තෙවින් ඇඳගෙන පැලඳගෙන ලෑස්ති වෙලා ආවෙ තෙවින්ගෙ අංගය වෙනුවෙන්.ශ්‍රවණාගාරෙ පිටිපස්සෙ තිබ්බ අඩ අඳුරු කොරිඩෝවට වෙලා දිවාෂගෙ අංගයේ තිබ්බ පුංචි පුංචි නැටුම් කෑලි ටික නටලා පෙන්නන දිවාෂයි,ඒවගෙ අඩුපාඩු මොනාහරි තිබ්බොත් කියලා දිදී උන්නු නේත්‍රයි දෙන්නම තෙවින් දිහාවට හැරුණා.

"වාව්!"

හයියෙන් කියවුණු දිවාෂගෙ කට බාගෙට ඇරෙද්දි නේත්‍ර හෙමින් සැරේ දිවාෂගෙ කට තමන්ගෙ අතකින් වැහුවා.දිවාෂ ලඟට ඇවිදන් ආව තෙවින් දිවාෂගෙ ඇස් මට්ටමට පාත් වෙද්දි නේත්‍ර කිචි කිචි ගගා හෙමීට හිනාවෙවී එතනින් එහාට ගියා.

"ලස්සනයිද මම?"

"ඔ....ඔව්....හුඟක්....ක්....කොණ්ඩෙත් එක්ක ලස්සනයි"

"යුගාන් ඊටත් වඩා ලස්සනයි.....හුරතල්....යුගාන් දන්නවද ඒක? ම්ම්ම්?"

"න්....නෑ....."

"ඒක ඔයා දැනගන්න ඕනිත් නෑ තමා....මම දැක්කම දැනගත්තම ඇති!"

"ඒ මොන පුකක්ද ඒ කිව්වෙ? යකෝ මගෙ ඇඟ මගෙ ඇස් දෙක!"

දිවාෂගෙ නලල ලඟින් ඇඟිල්ලක් තද කෙරුව තෙවින් හෙමින් සැරේ ඒ ඇඟිල්ල දිවාෂගෙ කම්මුලල් ලගට අරං ඇවිත් එහෙම්මම තමන්ගෙ අතින් දිවාෂගෙ කම්මුල එක්කම කන පිටිපස්ස හරිය අහු වෙන්නත් එක්ක අල්ලගත්තා.තෙවින්ගෙ කට කොණේ තිබ්බ හිනාව එක්ක දිවාෂගෙ ඇඟම හීතල වෙලා ගියත් දිවාෂ කකුල් දෙකට පණ අරං වැටෙන්නෙ නැතුව හිටියා.

"යුගාන් දන්නවද? දවසක "yes I'm yours" කියන වචන ටික ඔයාගෙ කටින් මම වෙනුවෙන් පිට උනාට පස්සෙ,යුගාන්ව යුගාන්ටවත් අයිති නෑ....එදා ඉදලා ඔයාව අයිති වෙන්නෙ මට....එච්චරයි!"

"අ.....අනේ අනේ මේ! ඔ....ලුව දාගන්න දු...දුන්නම ඇඟිල්ල දාගන්න හදන්න එපා"

"කලබලේට යුගාන්ට දන්න සිංහලත් පැටලෙනවනෙ....බය වෙන්න එපා යුගාන්....තාම ඔයා ඔයාගෙ....තව ටික කාලෙකින් මගෙ වෙයි....මගෙ විතරක්ම....ම්ම්ම්"

තෙවින්ගෙ ආධිපත්‍යය පිරුණු හඬ එක්ක දිවාෂගෙ ඔලුව ඉබේටම උඩ පහල වැනෙද්දි දිවාෂගෙ ඔලුවට තට්ටුවක් දැම්ම තෙවින් හිනාවෙවීම කෙලින් උනා.

"ගුඩ් බෝයි"

අඩ අදුරු කොරිඩෝවට වෙලා උත්පත්තියෙන්ම උරුම වෙලා තිබ්බ හීනි ඇස් දෙක ලොකු කරං තමන් දිහා බලාගෙන ඉන්න දිවාෂ දිහාවට යොමු වෙලා තිබ්බ තමන්ගෙ ඇස් දෙක ටිකෙන් ටික හැඟීම් වලින් මත් වෙන වග තෙවින්ට තේරුණා.බොත්තම් දෙකක් තුනක් ඇරගෙන උන්නු දිවාෂගෙ කමිසෙ බොත්තම් පියවල දැම්ම තෙවින්,ඒ කමිසෙටම අල්ලලා එක උරහිසක් උඩින් ගිහින් තිබ්බ රන්වන් පැහැ දම්වැල් ටික හරියට සකසලා දිවාෂ ලඟට තව ටිකක් ලං වුණා.තමන්ගෙ මූණ ලඟටම පාත් වුණු තෙවින්ගෙ උණුහුම් හුස්ම තමන්ගෙ කම්මුල් වල වැදෙනව දැනුනු දිවාෂ ඇස් දෙක හෙමින් පියාගනිද්දි දිවාෂ දිහා බලන් උන්නු තෙවින් ලස්සනට හිනා වුණා.

"මම කිව්වෙ දැනට ඔයාව ඔයාට අයිතියි කියල විතරයි යුගාන්....අනික් අයට අයිතියක් නෑ! කාටවත් මෙව්වා පේන්න ඕනිත් නෑ!"

තමන්ගෙ හඬට යටත් වෙලා ආයෙමත් ඔලුව වැනුව දිවාෂගෙ දෙපැත්තෙන් අත් දෙක බිත්තියට තද කෙරුව තෙවින්,ලාවට ඇහිපියන් වැහිලා තියෙන ඒ සුන්දර මූණ දිහා බලාගෙන හිටියා.දිවාෂ ලඟදි තමන් හැඟීම් වලින් නොසෑහෙන්න අසරණ වෙන වග දැනන් උන්නු තෙවින් ඉක්මනට දිවාෂගෙන් ඈත් වෙන්න හැදුවත් දිවාෂගෙ පියවිලා තියෙන ඇස්,ලාවට රතු වෙලා තියෙන පුංචි නාහෙ,ලා රෝස පාට කම්මුල් වගේම උල් වෙලා තියෙන පිරුණු තොල් තෙවින්ගෙ ඉවසීම තවදුරටත් පරික්ෂා කලා.බැරිම තැන දිවාෂගෙ කම්මුලකින් තමන්ගෙ තොල් තද කල තෙවින් එහෙම්මම හැරිලා වේගෙන් වේදිකාවෙ පිටිපස්සට යද්දි දිවාෂ පපුවත් අල්ලන් බිත්තියටම තද වෙලා උන්නා.

"ඉන්දීප දන්නවද? හැඟීම් වලට භාෂවක් නෑ කියලා?"

"ඒ කිව්වෙ දෙනෙත්?"

"හැඟීම් වලට හරිහමන් භාෂාවක් නැහැ....කොයි විදියට කිව්වත් ඒ දේ අනික් කෙනාට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි හැඟීම් කියන දේ පිහිටලා තියෙන්නෙ"

"ඔව්....සමහර අපි නොදන්නා භාෂා වල ගීත උනත් අපිට නොසෑහෙන්න දැනෙන්න හේතුවත් ඒක වෙන්න ඇති නේද?"

"ඔව්.....ඉතින් ඒ විදියට අද අපිව ආමණ්ත්‍රණය කරන්න යුවලක් සූදානම්"

"එසේනම් මේ ඇරයුම තෙවින් විහංස සොයුරාට සහ උපාධ්‍යා සපුමි සොයුරියටයි!"

ඒත් එක්කම වේදිකාව අඳුරු වෙද්දි තෙවින් එකපාරක් තමන් දිහා බලලා වේදිකාව මැදට යන හැටි දිවාෂ බලාගෙන හිටියා.ඒත් එක්කම දිවාෂගෙ අතකින් අල්ලගත්තු නේත්‍ර ආශවගෙත් අතකින් අල්ලන් බැල්කනිය වෙතට තියෙන පඩිපෙලට දුවද්දි ආශව දෙවින්ට පාරක් ගහලා දෙවින්වත් ගමනට එක්කාසු කරගත්තා.

"කොහෙද මේ දුවන්නෙ?"

"එන්නකො....නේත්‍රනෙ එක්කන් යන්නෙ"

දිවාෂගෙ ප්‍රශ්නෙට කෙටි උත්තරයක් දුන්නු නේත්‍ර ගිහින් නැවතුනේ බැල්කනියෙ හරිම මැද හරියෙ.ඒ ලඟ හිටිය රකිත හිනාවෙලා නේත්‍රලාට ඔලුවෙන් කතා කරද්දි රකිත ලඟින්ම දිවාෂව හිට්ටෙව්ව නේත්‍ර ගිහින් ආශව ලඟින් හිටගත්තා.බැල්කනිය පුරාවටම තමන්ගෙ පාසලේ ලමයින් පිරිලා හිටිය නිසා ආශවලා ඉස්සරහින්ම හිටගත්තු එක ගැන කාගෙන්වත් චෝදනාවක් එල්ල වුණේ නැහැ.ඒත් එක්කම හති දාගෙන ආව දෙනෙතුත් දෙවින් ලඟින් හිටගනිද්දිම වේදිකාව ආලෝකමත් උනා.

"ම්....මගෙනෙ"

දිවාෂට හෙමින් මිමිණෙද්දි දිවාෂගෙ ඇස් දිලිසෙන අමන් තිබ්බා.සුදුපාට කලිසමක්,සුදුපාට ටීෂර්ටයක්,සුදුපාට ජැකට්ටුවක් ඇඳලා සුදුයකඩෙන් හැදුව මාලයකින් සැරසිලා උන්නු තෙවින්ට පුදුමාකාර කඩවසම් බවක් තෙවින්ගෙ මදක් වැවිලා තිබ්බ කොණ්ඩයෙන් එක්කාසු වෙලා තිබුනා.බැල්කනියෙ කෙටි බැම්ම අත් දෙකෙන් තද කරගත්තු දිවාෂ කහ පැහැ විදුලි ආලෝකය එල්ල වෙලා නිසා අමුතුම සුන්දරත්වයකින් පේන තෙවින්ට තමන්ගෙ ඇස් දෙක අලවගනිද්දි රකිතගෙ ඇසුත් නොසන්සුන්ව එහෙ මෙහෙ දිව්වා.

"mujh mein safar tu karti rahe

har ik saans mein guzarti rahe......"

තෙවින්ගෙ ගැඹුරු වගේම උස් හඬ අවධි වෙද්දිම ප්‍රේක්ශකාගාරය තුලින් නැගුනෙ විශාල ඔල්වරසන් නාදයක්.තෙවින් කියන්නෙ දැනටම ලංකාව ඇතුලෙ පුංචි හරි ජනප්‍රියත්වයක් තිබ්බ කෙනෙක් නිසා වගේම නුවර ප්‍රදේශය ඇතුලෙ තෙවින් කියන්නෙ ලොකු ජනප්‍රියත්වයක් තිබ්බ කෙනෙක් උනු නිසා අවධානය කියන දේ තෙවින්ට නොසෑහෙන්න ලැබුණා.

"shaamo subah tu mera

tere bina kya mera

do jism jaan ek hai

na hona kabhi tu juda

teri meri kahaani

hai baarishon ka paani

ban ke jo ishq barse

teri meri kahaani

teri meri kahaani

hai baarishon ka paani

ban ke jo ishq barse

teri meri kahaani......"

තෙවින්ගෙ ඇස් දෙක කෙලින්ම එල්ල වෙලා තිබ්බෙ බැල්කනියෙ හරි මැද්දෙ හිටගෙන තමන් දිහා බලන් හිටිය දිවාෂගෙ පැත්තට.එකපාරටම තෙවින් සිංදුව කියන ගමන් ඇහැක් ගහද්දි ආයෙමත් ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඔල්වරසන් හඬක් නැගුණා.

"dekho na kaisi ijaazat mili hai

ek doosre mein hifaazat mili hai"

තෙවින් තමන්ගෙ කොටස ඉවර කරලා වේදිකාවෙ දකුණු පස බලද්දි වේදිකාවට ගීතය කියාගෙනම ගොඩවුනේ උපාධ්‍යා.සුදු අත් දිග ගවොමක් ඇඳලා කොණ්ඩෙ ලස්සනට කඩා දාලා උන්නු උපාධ්‍යාගෙ පැමිණීම එක්ක පිරිමි ලමයිගෙ කටවල් වලින් එලියට පැන්නෙ ලොකු කෑ ගැහිල්ලක්.ඇත්තටම උපාධ්‍යා කියන්නෙ නුවර ප්‍රදේශයේ බොහෝ පිරිමි පාසල් ඇතුලෙ වැදගත් විදියට ජනප්‍රිය වෙලා හිටිය කෙල්ලෙක් උනා.බොහො දෙනෙක්ගෙ හිත් වල උපාධ්‍යා කියන සිහින කුමාරිකාව හිටියා කිව්වොත් ඒකෙ වරදක් තිබ්බෙත් නැහැ.තමාට ලැබුනු හැම ප්‍රේමාරාධනාවක්ම ප්‍රතික්ශේප කල උපාධ්‍යාගෙ හිත අහේතුකවම ගිහින් නේත්‍ර ලඟින් නැවතෙද්දි උපාධ්‍යාටත් උනේ නේත්‍ර අතින් ප්‍රතික්ශේප වෙන්න.ඔය කිසිම දෙයක් දැනන් නොවුන්න ගොඩක් පිරිමි ලමයි අදටත් උපාධ්‍යා ගැන බලාපොත්තුවක් තියාගෙන හිටියා.

"jeene ki saari zaroorat mili hai

ye jaam hai jaisa yoon hi

hamesha hamesha rahe jis tarah"

උපාධ්‍යා ලඟට ගිය තෙවින් උපාධ්‍යාගෙ අතින් අල්ලගනිද්දිනම් සැලකිය යුතු ප්‍රමාණෙ සූස් සද්දයක් ප්‍රේක්ශකාගාරෙන් නැගෙද්දි රකිතයි දිවාෂයි එකාට එකා දිහා බලලා හිනා වෙලා ඉස්සරහ බලාගත්තා.ආයෙමත් තෙවින් ගීතය කියන ගමන් උපාධ්‍යා එක්කම තාලෙට පැද්දි පැද්දි පුංචි නැටුමක් නටද්දිනම් දෙන්නට ලොකු සහයෝගයක් ප්‍රේක්ශකාගාරෙන් ලැබුණා.

"shaamo subah tu mera

tere bina kya mera

do jismo jaan ek hai

na hona kabhi tu juda

teri meri kahaani

hai baarishon ka paani

ban ke jo ishq barse

teri meri kahaani.....//"

ඊලඟට උපාධ්‍යාගේ අත අතෑරිය තෙවින් වේදිකාව හරි මැද හිටගෙන ටිකක් නැවිලා ඔලුව උඩට උස්සන ගමන් අදාල කොටස ගායනා කරද්දි ස්වර වල තිබ්බ උච්ච බව නිසාම තෙවින්ගෙ බෙල්ලෙ නහර ඉලිප්පිලා පෙනුනා.ටිකක් වැවිලා තිබ්බ කොණ්ඩෙ අතින් පස්සට කරගත්තු තෙවින් දිහා බලන් හිටිය හුඟක් අයගෙ හිත් ගැස්සුනු බවත් නොරහසක්.

""mujh mein safar tu karti rahe

har ik saans mein guzarti rahe......"

ඒත් එක්කම තෙවින් ලඟට ආව උපාධ්‍යා තෙවින්ගෙ පිටට අතක් තියලා වටයක් කැරකුණාම ඊලග කොටස තෙවින් කිව්වෙ උපාධ්‍යාගේ අත තමන්ගෙ පපුව උඩින් තියාගෙන.ඕක දැක්ක දිවාෂගෙ ඇස් දෙක පස්සට රෝල් වෙද්දි රකිතත් ටිකක් කැහැලා අහක බලාගත්තා.

"හරි සෝක් පෆෝමන්ස් එකක්නෙ දෙන්නෙ මූ"

"තෙවින්ද මල්ලි?"

"ඔව්....ඥෙවිඥ් චමා චමා"

"ර්....රියල් කපල් එකක් වගේම පෆෝම් කරනවා"

"ඔව් රකිතයියෙ....එතකොට මට නගිනවා!"

"මොනාද? ප්‍රෙශර්ද?"

"නෑ! මාරයා!!!"

"කමක් නෑ....නිකං පෆෝමන්ස් එකක්නෙ කියලා හිත හදාගමු"

"හදාග.....ඈ.....ගමු කිව්වෙ මොකෝ ඇ?"

"න්...නිකං නිකං"

"ආ ආ රකිත පැංචා! ඔයත් එක්කත් විසඳගන්න දෙයක් තියෙයි වගේ නේත? අල්ලගන්නම්කො මේකේන් පස්සෙ"

"මම තෙවින්ට කැමති නෑ!"

"ඌට කැමති මම විතරයි කියලා මාත් දන්නවා! හැබැයි අතන ඉන්න කෙල්ලට ඔයා.....ම්ම්ම්....වැටහුනා වැටහුණා...මම මීටරෙන් ඉන්නෙ ඈ!"

දිවාෂ දිහා බලලා ඔලුව කසපු රකිතගෙ අත අස්සෙන් තමන්ගෙ අත දාගත්තු දිවාෂ තෙවින්ගෙ හඬ නැගෙද්දි ආයෙමත් වේදිකාවට ඇස් දෙක යොමු කලත් දිවාෂගෙ ඇස් ගැස්සුනේ තෙවින් තමන් දිහා බලන් ඉන්නවා දැකලා.

"hum se ye jo bhi harqat hui hai

mohabbat mohabbat mohabbat hui hai"

ආයෙමත් වාරෙ ආවෙ උපාධ්‍යාට.උපාධ්‍යා තමන්ගෙ අර ලස්සන හිනාවෙන් හිනාවෙන ගමන් ඒ කොටස කියද්දි රකිතගෙ ඇස් වල ලා කදුළු පටලයක් බැඳුනා.

"kuchh itne hain hum tum

kami kuch nahi hai.........

jitna bhi jeena hai

tujhko hi jeena hai

jeete rahein jis tarah"

උපාධ්‍යාව අතෑරිය තෙවින් ඉස්සරහට ඇවිදන් එන ගමන් ගීතයේ අවසාන කොටස කියද්දි තමන්ගෙ පපුවට පිට හේත්තු වෙන විදියට හිටං උන්නු නේත්‍රගෙ ඔලුව උඩින් නොදැනෙන්න හාද්දක් තිබ්බ ආශව නේත්‍රව මැදිවෙන්න බැල්කනියෙන් තියං උන්නු අතකින් නේත්‍රගෙ පුංචි අතක් කොනහන්න ගත්තා.

"shaamo subah tu mera

tere bina kya mera

do jism jaan ek hai

na hona kabhi tu juda

teri meri kahaani

hai baarishon ka paani

ban ke jo ishq barse

teri meri kahaani......."

තෙවින්ගෙයි උපාධ්‍යාගෙයි ගීතය අවසන් උනේ ඉදිරිපෙල උන්නු ප්‍රවීණයන්ව පවා තෘප්තිමත් කරන ගමන්.තෙවින් කියන්නෙ අනාගතේදි සංගීත ක්ෂේත්‍රය ඇතුලෙ නමක් තියෙන කෙනෙක් කියන එක අද හැමෝටම සැකේකින් තොරව පසක් වුණා.තෙවින්ගෙයි උපාධ්‍යාගෙයි ගීතයට පස්සෙ ප්‍රාථමික අංශයේ දරුවන්ගෙ නර්තන අංගයකට යොමු වෙද්දි නේත්‍රට තට්ටු කල ආශව එතනින් යං කියලා සන් කලා.

"අපේ අයිටම් එකත් ලඟ ලඟම එනවා නේත්‍ර....යං....ම්ම්ම්"

"යං සුදුබේබි....පහලට ගියාම ඔය ගැටේ හරියට දාන්න මතක් කරන්න මට හොඳද?"

"හරී...."

නේත්‍රලා කට්ටියම පහලට එද්දි කට්ටියම තමන් ලඟට ආව තෙවින්ව වැලඳගෙන සුභ පැතුවා.උපාධ්‍යාටත් හිනාවලින් සංග්‍රහ කරපු කොල්ලො ටික ආයෙමත් වේදිකාව පිටුපසට වෙලා අදාල රාජකාරි කටයුතු පටන් ගත්තා.ටික වෙලාවකට පස්සෙ නේත්‍ර ලඟට ආව ආශව නේත්‍රගෙ උරහිසට තට්ටුවක් දාලා ඒ වෙලාවෙ සිදු කෙරෙමින් තිබ්බ කාර්තික්ලගෙ ගි ගායනය ඇස් වලින් පෙන්නද්දි නේත්‍ර ඔලුව වැනුවා.

"ඊලඟට අපි සුදුබේබි....."

"ඔව්....."

"බ්....බයයිත් වගේ සුදුබේබි"

"මම ලඟ ඉන්නවනෙ....බය වෙන්න එපා"

ටික වෙලාවක් යද්දි නේත්‍රගෙයි ආශවගෙයි හදගැස්ම වේගවත් වුණේ තමන් දෙන්නගෙ කාලය එලඹිලා කියලා දැනුනු නිසා.කොච්චර උනත් අද වෙනකං දෙන්නා ප්‍රසිද්ධියෙ මේ විදියට ඉදිරිපත්වීමක් කරලා තිබ්බෙ නැහැ.අනික් පැත්තෙන් තමන්ගෙ පුංචි අම්මා සහ අම්මා යන දෙන්නා ඔය පිරිස අතරෙ ඉන්න වගත් ඉලන්දාරි දෙන්නා දැනගෙන හිටියා.ඔය හැම හේතුකාරණාවක් නිසාම කොල්ලො දෙන්නගෙ හදවත් නොසන්සුන් වෙලා තිබ්බත් ඉස්සෙල්ලාම සන්සුන් වුනු නේත්‍ර ආශවගෙ අතින් අල්ලලා ආශවවත් සන්සුන් කලා.

"දෙනෙත් පිවිතුරු ආදරය ගැන අහලා තියෙනවද?"

"පිවිතුරු ආදරය...ඔව්...අහලා නම් තියෙනවා"

"ආදරය කියන දේ වචන කරන්න හරි අමාරුයිනෙ දෙනෙත්....ඒත් ඒකෙන් බින්දුවක් හරි වචන කලාම ඒකට වටිනාකමක් එනවා....ඒ වචන ටිකට හිත ඇදිලා යන සංගීතය මුසු වුණොත්? ඒකෙ මිලක් නියම කරන්න බැරි වෙනවා"

"අපි ඊලගට ආරාධනා කරන්නෙ ඒ වගේ පිවිතුරු ආදරයක් ගීතයට නැංවීමට....එසේනම් මේ ඇරයුම ආශව සොයුරාට සහ නේත්‍ර සොයුරා හටයි!"

තනි සුදු අත් දිග කඩාහැලෙන රෙද්දකින් මහලා තිබ්බ ආශවගෙ කමිසෙ කොලරය කොටස එක්කාසු කරලා ලොකු ගැටයක් ගහන විදියට මෝස්තරය නිර්මාණය කරලා තිබ්බා.ඒ තනි සුදු කමිසයට කළු කලිසමක් ඇදලා උන්නු ආශව වේදිකාවෙ දකුණු පසින් රැඳෙද්දි නේත්‍ර වේදිකාවෙ වම්පසින් රැඳිලා උන්නා.තනි සුදු අත්දිග කමිසයේ ඉණ හරිය එකට එකතු වෙන්න ඒකටම අල්ලලා තිබ්බ බෙල්ටය නේත්‍රට අපූරුම සුන්දරත්වයක් එකතු කලා.ඒ සුදු කමිසෙට කලු කලිසමක් ඇඳගෙන උන්නු නේත්‍ර කොන්ඩෙ උඩට වෙන්න පීරලා ඉද්දි ආශව කොණ්ඩෙ නලලට වැටෙන විදියට හදාගෙන තිබ්බා.

ඒත් එක්කම ආර්යගෙ මෙහෙයවීමෙන් සංගීතය පටන් ගනිද්දි කට්ටියම සද්ද නැතුව හිටියෙ දැන් ඉදිරිපත්කිරීම සිද්ධ කරන්නෙ ඇත්තටම නුවර ප්‍රදේශයේ නොසෑහෙන්න ජනප්‍රිය පිරිමි ලමයි දෙන්නෙක් නිසා.වේදිකාවට යොමු වෙලා තිබ්බ නිල් පාට ආලෝක කදම්බය එක්ක එතන අමුතුම නිව්ච්ච ගතියක් ඇවිත් තිබුණා.ඒත් එක්කම ගීතයේ පලවෙනිම කොටස කියාගෙන වේදිකාවට ආශව ගොඩ වෙද්දි ආව ඔල්වරසන් නාදෙ එක්ක ඉදිරිපස හිටිය ආරාධිතයන් පවා පිටිපස්ස හැරිලා බැලුවෙ පුදුමෙන්.සාමාන්‍යෙන් ගායකයෙක් වේදිකාවකට ගොඩ වෙද්දි ලැබෙන තරමෙ විශාල ප්‍රතිචාරයක් ආශවට ලැබුනා.

"මත් මල් සේනා පාවේ පාවේ....

දෑසේ දැවටේ මා......

සිත්තම් වීලා මා නෙත් මානේ....

සෙනෙහේ සුව සේමා....."

ප්‍රේක්ශකාගාරෙන් කොච්චර ලොකු ඔල්වරසන් හඬක් නැගුනත් ආශවගෙ ඇස් දෙක යොමු වෙලා තිබ්බෙ වේදිකාවෙ වම් පස දිහාවට.ඊලඟ කොටස කියාගෙන වේදිකාවට අඩිය තිබ්බ නේත්‍ර ආශව ලඟට ඇවිදන් එද්දි ආශවගෙ ඇස් අසාමාන්‍ය විදියට දිලිසෙන්න ගත්තු හැටි බැල්කනියෙ හිටිය දිවාෂ ඇතුලු යාලුවො ටිකට හොඳටම පෙනුනා.නේත්‍ර වේදිකාවට එද්දිනුත් ආශවට ලැබුනා වගේම ශාලාව දෙදරවන ප්‍රතිචාරයක් ලැබෙද්දි ආරාධිතයන්ට උනත් ලා හිනාවක් පහල වුණේ මේ දෙන්නා මේ ප්‍රදේශෙ සෑහෙන්න ජනප්‍රිය දෙන්නෙක් වග වැටහුණු නිසා.සන්සුන්ව සිංදුව කියාගෙන ආශව ලඟට ගිය නේත්‍ර තමන්ගෙ ලස්සන හිනාවෙන් ආශවට ප්‍රතිචාර දක්වද්දි හුරුපුරුදු විදියටම ආශවගෙ ඇස් නේත්‍රගෙ ඇස් එක්ක බැඳිලා තිබ්බා.

"ලා ඉරේ රන් ගෑවිලා

සදා ස්නේහයේ

මල් වැහි වෑහුනා......"

"න්....නේත්‍ර....."

ප්‍රේක්ශකාගාරෙ හිටිය සනුකට හිමිහිට මිමිණුනේ වේදිකාවට ගොඩ වුණු පුංචි සුරදූතයා නිසා.ඒත් එක්කම සනුකගෙ ඇස් වල කදුළු පිරෙද්දි සනුකගෙ මුළු හිතම ලොකු ලෝභකමකින් බර වුණා.

ඊලඟට "ටාර රප් පප් ටාර රප් පප්" කිය කිය ඉලන්දාරියො දෙන්නා දෙපැත්තට පුංචි නර්ථන අංගෙකුත් එක්ක එහෙ මෙහෙ වෙන්න ගනිද්දි බැල්කනියෙ හිටිය දිවාෂ උරුවන් බාන ගමන් දෙන්නට උපරිම සහයෝගෙ දුන්නා.මේ වගේ වැඩ වලට ලැජ්ජාශීලී ප්‍රතිපත්තියක් පෙන්වපු නේත්‍රගෙ කම්මුල් රෝස පාට වෙද්දි තමන්ගෙ ලඟින්ම එහෙ මෙහෙ යන ආශව නිසා නේත්‍රගෙ හිතට හයියක් ඇවිත් තිබ්බා.ඊලඟ කොටස කියන්න ගත්තෙ ආශව.

"පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ..

දෙතොලේ ළැගුම් සොය සොයා....."

ආශව කියලා වේදිකාවෙ හරි මැදට එද්දි නේත්‍ර ඊලඟ කෑල්ල කියාගෙන ඇවිත් ආශවගෙ ඉස්සරහින් හිටගත්තා.දෙන්නටම තිබ්බෙ mouth mic නිසා අංගචලනාදියට දෙන්නටම ලොකු බාධාවක් තිබුනෙ නැහැ.

"සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ

ලං වෙන්නමයි නෙත් පියා......"

ඒත් එක්කම අත් දෙක උඩට කල නේත්‍රගෙ අත් අල්ලගත්තු ආශව රවුමට ඒ අත් තමන්ගෙ අත් වලින් පාත් කරද්දි දෙන්නත් එක්කම සිංදුවෙ ඊලඟ කොටස ගායනා කලා.

"උදා වේ මා.......

සැබෑ වේ මුදා......

නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ....."

ආයෙමත් සංගීතයට දෙන්නා අසුරුසන් ගසන ගමන් දෙපැත්තට යද්දි නේත්‍ර ඊලඟ කොටස ගායනා කරන්න ගත්තා.

"ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ.....

රෑ තුන් යමේ හිත් පුරා....."

නේත්‍ර ලඟට ඇවිල්ලා නේත්‍රගෙ ඔලුව පිටිපස්සෙන් අත තිබ්බ ආශව අනික් කෑල්ල කියද්දි නම් නොසෑහෙන ලොකු ඔල්වරසන් නාදයක් ලැබුනා.

"නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ

දෙතොලේ සුසුම් උතුරලා......"

ඊලඟට මූණට මූණ පේන්න හිටගත්තු ආශවයි නේත්‍රයි දෙන්නට දෙන්නගෙ අත් අල්ලගෙන ඉඩ ඉදන් පහලට කැරකුවෙ අත් දිහා බලාගෙන.අවසන් වචන කීපයේදී අත් පහලට දාලා දෙන්නට දෙන්නා තමන්ගෙ ඇස් හතර පටලෝගත්තා.

"උදා වේ මා

සැබෑ වේ මුදා

නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ......"

අවසන් සංගීත කණ්ඩයේදී නේත්‍රගෙ හීනි ඉනෙන් තමන්ගෙ අත පටලවගත්තු ආශව අනික් අත තමන්ගෙ පිටිපස්සට කරලා තියාගනිද්දි නේත්‍රත් එක අතක් ආශවගෙ ඉනෙන් තියලා අනික් අත තමන්ගෙ පිටිපස්සෙන් තියාගත්තා.කකුල් ලස්සනට ඈත් කරන ගමන් "ටාර රප් පප් ටාර රප් පප්" කියන ගමන් රවුමට කැරකිලා සංගීතය අවසන් වෙනවත් එක්කම මූණට මූණ බලන් නැවතෙද්දි වේදිකාව අඳුරු වුනේ අතිශය ඝෝෂාකාරී ඔල්වරසන් මැද්දෙ.ඉදිරිපෙල අසුන් වල සිටි පාසලේ ප්‍රධානීන් ආරාධිතයන් වගේම ආශවගෙ පුංචි අම්මත් හයියෙන් අත්පොලසන් දෙද්දි නේත්‍රගෙ අම්මා දිවාෂගෙ අම්මා දිහා බලලා හිනාවෙවී තමන්ගෙ ඇස් වල කඳුලු පිහදැම්මා.

"අඩෝ අඩෝ ආශවයා ගැම්මක් ඈ!"

"චූචී! අනේ ඔයා හරි ලස්සනයි අනේ....ආආආආආආආආආආආආ!!!!!!"

"යුගාන් කෑ ගහන්න එපා මේ වගේ වෙලාවකවත්!"

"නේත්‍ර බබා ලස්සනට පෆෝම් කලා...ආශවත් ශෝක්"

"ආශව සුපිරියක් ඈ....නේත්‍ර මල්ලිත් ලස්සනට සින්ග් කලා"

පහලට දුවං ආව කොල්ලො ටික ආශවවයි නේත්‍රවයි තුරුල් කරං කියද්දි කොල්ලො දෙන්නා කට්ටියටම හිනාවෙලා ඒ සුභ පැතුම් භාරගත්තා.මේ අතරෙ ප්‍රේක්ශකාගාරෙ එක තැනක තිබ්බ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.

"සනුක අයියෙ!"

"ල්....ලියෝන්....ම්...මං"

"ඔයා අඬන්නෙ ඇයි?"

"ම්....මුකුත් නෑ....ලයිට්ස් වලට මොකක් හරි උනා මම හිතන්නෙ"

"ඔයා එක්ක මට මේකෙන් පස්සෙ කතා කරන්න දෙයක් තියෙනවා වගේ......"

ලියෝන් කියද්දි මුකුත් නොකිව්ව සනුක තමන්ගෙ ඇස් දෙක පිහගත්තා.සනුකගෙ අතට තට්ටුවක් දැම්ම ලියෝන් එහෙම්මම ඇසුත් ලොකු කරං ආසාවෙන් වේදිකාවෙ යන අපූරු රංගන අංගය දිහා බලන් ඉන්න බිවේෂ්ගෙ අතක තනන්ගෙ අත පටලගද්දි බිවේෂ් ලියෝන් එක්ක ලස්සනට හිනා වුණා.සනුකගෙ අනික් පසින් උන්නු ආදිත්‍යගෙ නොසන්සුන් ඇස් එහෙ මෙහෙ දුවන වග සනුක දැක්කත් ඒ වග අහන්න සනුකට මානසිකත්වයක් නොතිබ්බෙ සනුක දුරකථනයට අහු කරගත්තු නේත්‍රගෙ ලස්සන ඡායාරූප දිහා බලන්න සනුක කාර්‍යබහුල වෙලා උන්නු නිසා.

"හැමදාම වගේ මගෙ නොවෙන ඔය බැල්ම අස්සෙ පිස්සෙක් වගේ මම අතරමං වෙනවා නේත්‍ර මල්ලි...."

වේදිකාවෙ උන්නු නේත්‍ර ප්‍රේක්ශකාගාරෙ දිහා හැරිලා බලන අවස්ථාවක කාචයට අහු වුණු ඡායාරූපෙ දිහා බලන් සනුක මුමුණද්දි සනුකගෙ ඇහැකින් තව කඳුළු බින්දුවක් පහලට රූරාගෙන වැටුණා.

"ප්‍රේමය කියන දේ ඇතුලෙ ආදරය,සතුට,සැනසීම වගේම විරහව,දුක,වේදනාව වගේ දේවලුත් ගැබ්ව තියෙනවා....එහෙම නේද සහස්‍ර?"

"ඔව් විනෙත්....ඒ හැම හැඟිමක්ම අපේ නහර අස්සට කාවද්දන්න අපේ සහෝදරයෙක් වගේම සහෝදර පාසලක සහෝදරියෙකුත් සූදානම්"

"එසේනම් මේ ආරාධනය රකිත නිම්හාන් සොයුරාට සහ අරුන්දතී පූර්විකා සොයුරියටයි!"

ඒ නිවේදනය එක්කම වේදිකාව පිටිපස්සෙ උන්නු අරුන්දතී නේත්‍රගෙ අත හයියෙන් අල්ලගත්තා.

"අක්කා යන්න.....බය වෙන්න එපා"

"මම....මට....මට හුරු නෑ පොඩ්ඩො මෙහෙම දේවල්"

"හුරු වෙන්න ඕනිනෙ අක්කෙ....බය වෙන්නෙපා.....රකිත අයියත් ඉන්නවනෙ"

"ර්....රකිත....හිටියට....."

"ආදිත්‍ය ඉන්නවා අරුන්දතී ඕඩියන්ස් එකේ!"

ආශව ගැඹුරු විදියට කියන ගමන් නේත්‍රව තමන් ලඟට ඇදලා අරං කර වටේ අතක් දාන් ලං කරගනිද්දි අරුන්දතී බය වෙලා වගේ ආශව දිහා බලලා නේත්‍ර දිහා බැලුවා.ඒත් එක්කම අරුන්දතීගෙ ඇස් වලට පසුතැවීමක් එක් වුණේ තමන්ගෙ මල්ලි තමන් දිහා දුකෙන් බලන් ඉද්දි.

"ප්.....පොඩ්ඩො"

"මේක ඉවර වෙලා කතා කරමු අක්කා.....ඔයා වෙනුවෙන් මේක බලන්න ආව කෙනාව මවාගෙන සින්ග් කරන්න..."

"මම ඇත්තටම....ද....දන්නෑ එයා එනවා කියලා....එයාලගෙ ගෙදර....අද....."

"පාටි එකක්.....ඒක කැන්සල් කරලා ඌ ඇවිත් තියෙන්නෙ....හැමදේම පස්සෙ විසඳගන්න පුළුවන් අරුන්දතී....දැන් යන්න"

"හ්....හරි සුදුබේබි.....පොඩ්ඩො"

"අක්කට පුළුවන් බය නැතුව යන්න"

"ප්....පොඩ්ඩො....."

"ඕ අක්කෙ...."

"ඔයාට පුළුවන්ද මගෙ ඇස් මානෙ ඉන්න....මට පේන තැනක?"

"මම බැල්කනි එකට මේ යන්න හදන්නෙ අක්කෙ....නේත්‍ර ඒ හරි මැද ඉන්නවා....අක්කා බය වෙන්නෙපා"

"හරි පොඩ්ඩො"

අරුන්දතීට ඔලුව වැනුව නේත්‍ර ආශවට උඩට යං කියලා සන් කරද්දි ටික වෙලාවක් නේත්‍ර දිහා බලන් උන්නු ආශව නේත්‍ර එක්කම උඩට නැග්ගා.ඒ පිටිපස්සෙන්ම දිවාෂලාත් බැල්කනියට යද්දි සංගීතය වාදනය වෙන එක ආරම්භ වෙලා තිබ්බා.

සුදුපාට ටී ෂර්ටයක් උඩින් දුඹුරු පාට ජැකටයක් ඇඳලා උන්නු රකිතගෙන් හරි සරල කඩවසම් බවක් පෙනෙද්දි දුඹුරු පාට ලස්සන දිගු ගවොමක් ඇඳලා ඉනෙනුත් පහලට තියෙන කොණ්ඩෙ කඩලා දාලා උන්නු අරුන්දතීගෙන් පෙනුනෙත් අතිශය චාම් සුන්දරත්වයක්.ඒ සුන්දරත්වෙ දිහා ඇස්පිය නොගහා බලන් උන්නු කෙනෙකුත් ප්‍රේක්ශකාගාරෙ හිටියා.

"ආදිත්‍ය!"

"මොකද ඕයි කෑ ගහන්නෙ?"

"කෙල පෙරන්නෙ ඇයි?"

"පෙරනවා හු#තක්! කට වහං අරක බලන්න දීපංකො සනුක"

"මුගෙ රැස් යකෝ.....පාංකඩයා!"

ආදිත්‍යට ගැස්සුව සනුක වේදිකාවට ඇස් දෙක යොමු කරද්දිම සනුකගෙ ඇස් වලට අහු උනේ දිග කොණ්ඩයක් තිබ්බ අහිංසක පාට කෙල්ලෙක්ව.ඒ කෙල්ල අරුන්දතී කියලා තේරුම් ගත්තු සනුක කල්පනා කලේ අරුන්දතීත් නේත්‍ර වගේම ඇද්ද කියන එක.සනුකගෙ කල්පනාව බිඳුනෙ එහා පැත්තෙ ඉන්න මනුස්සයා උනු ආදිත්‍යගෙ අතක් ඉස්සෙනවා දැකලා.

"මේ මොකෝ මේ?"

සනුක තනියම මිමිනුවෙ දුරකථනෙ වීඩියෝ සක්‍රීය කරගෙන වේදිකාවට අල්ලගෙන ඉන්න ආදිත්‍යව දැක්ක නිසා.මෙච්චර වෙලා තිබ්බ හැම අංගයක්ම හරි සාමාන්‍ය විදියට නැරඹුව ආදිත්‍යගෙ මේ අමුතු වෙනස ගැන සනුකට සැක හිතුනා.මොකද ආදිත්‍ය කියන්නෙ මෙහෙම හැසිරෙන මිනිහෙක් නෙවෙයි!

සංගීත වාදනය එක්කන අරුන්දතී ලඟට ඇවිදන් ආව රකිත අරුන්දතී දිහා බලාගෙනම ගීතය ගායනා කලත් තත්පර ගාණක් ඇතුලත රකිතගෙ ඇස් යොමු වුණේ බැල්කනියට.තමන් ලඟම හිටන් උන්නු උපාධ්‍යා දිහා බලලා තනියම හිනා වුණු තෙවින් රකිත දිහා බලද්දි රකිතගෙ ඇස් උපාධ්‍යා මත්තෙම විටින් විට ඇවිත් නැවතෙනවා තෙවින් දැක්කා.

"දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණ දා, හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ

සුහදිනියේ

ඕ-ඕ-ඕ......"

ඒත් එක්කම ප්‍රේක්ශකාගාරෙ දෙදරන ප්‍රතිචාරයක් රකිතට ලැබුනත් රකිත හිටියෙ ඒ සිහියෙන් නෙවෙයි.

"මින් පෙරදී අපි මේ වගේ

වෙන් වී යන්නට ඇති

මේ කඳුළු ගංගා ඉමේ

කොතැනක හෝ.......

මගේ ජීවිතේ ඉකිබිදී

ඔබ දෙනෙත් යලි, යලි සොයයි

අපි පතා ආවා වගේ

වෙන්වී යයි......"

රකිත ඒත් එක්කම ඇවිදන් ඇවිත් අරුන්දතීගෙ අතින් අල්ලගෙන අරුන්දතීව තමන්ගෙ පැත්තට හරවගෙන අරුන්දතීගෙ කොණ්ඩ කැරැල්ලක් පස්සට කරනව වගේ රංගනයක යෙදෙද්දි ආදිත්‍යගෙ අතමිට මෙලවෙන වග සනුකට දැනුනා.අරුන්දතීගෙ අතින් අල්ලගෙනම රකිත ඊලඟ පද පේලිය හරි ආවේගශීලීව කිව්වත් රකිතගෙ තියුණු බැල්ම එක්ක ඒ ඇස් උපාධ්‍යා මත්තෙ රැඳෙද්දි  රකිත දිහා බලන් උන්නු උපාධ්‍යාගෙ පපුව දිගේ ලා හිරියක් පලවෙනිම වතාවට ඇදිලා ගියා.

"ඔබ පපුතුරේ මා හිදී

මගේ පපුතුරේ නුඹ හිදී

වෙන් වෙන්න වෙන්නේ නම් නෑ

සුහදිනියේ......."

තුන්වෙනි පදය රකිතගෙ අතින් උනු අතපසුවීමකින් වෙනස් වුණා කියලා ගීතයෙ පද ඔක්කොම හරියටම මතක අයවලුන් හිතුවත් උපාධ්‍යා දිහාට තිබ්බ බැල්ම දැක්ක ආශව නම් ඒක වෙනස් වුණේ රකිතගෙ හැඟීම් එක්ක කියන එක තත්පර ගාණකින් තේරුම් ගත්තා.ඊලඟ කොටස අරුන්දතී කියන්න ගනිද්දි අරුන්දතීගේ නොසන්සුන් ඇස් නේත්‍රව දැකලා හිනා වෙද්දි සන්සුන් වෙනවා දැක්ක නේත්‍රට අක්කා ගැන ආවෙ අසීමාන්තික බැඳීමක්.

"දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණු දා, හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ

ඕ-ඕ-ඕ, හ්ම්-හ්ම්-හ්ම්....."

ඊලඟට අරුන්දතී හරිම බයෙන් තමන්ගෙ ඇස් ප්‍රේක්ශ්කාගාරෙට යොමු කලේ මේ වගේ පිරිසක් ඉදිරියෙ මීට කලින් ඉදලා නැති නිසා.අඳුරු ප්‍රේක්ශකාගාරෙ මැද්දෙ දිලිසෙමින් තිබ්බ එක දෙනෙත් යුගලක් අඳුනගත්තු අරුන්දතී ඒ ඇස් එක්කම තමන්ගෙ ඇස් වල සම්බන්ධතාවෙ තියාගෙන අනික් කොටස ගායනා කරද්දි අරුන්දතීගෙ ඇස් වල කා කදුළු පටලයක් බැඳුනා.

"සුදු සිනිඳු මල් පෙති වගේ

ගිලිහී යන්නට ඇති

මුදු සුවඳ දැනෙනා ඉමේ

දෙතැන පිපී.....

හමුවීම ප්රේමය නොවේ

වෙන්වීම ප්රේමය වඩයි

අපි පතා ආවා වගේ

වෙන් වී යයි......"

ඒත් එක්කම ආදිත්‍යගෙ ඇස් ගැස්සෙනවා දැක්ක අරුන්දතී කදුළු ඇස් වලින් පල්ලම් බහින්න කලින් ඉක්මනටම ආදිත්‍යගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට ගත්තා.ඊලඟ කොටස රකිත ගායනා කලේ අරුන්දතීගෙන් ඈත් වෙලා වෙද්දි අරුන්දතීට තිබ්බෙ රකිත දිහා බලන් ඉන්න.

"ඔබේ සිහිනවල මා හිදී

මගේ සිහිනවල ඔබ හිදී

එය පියවි ලෝකය නොවේ

සුහදිනියේ....."

ඊලඟට දෙන්නා එක්කම අත් අල්ලන් ඉස්සරහට ඇවිදන් ආව අරුන්දතී රකිතයි එකටම අවසන් කොටස ගායනා කරද්දි ආදිත්‍ය ඇස් වල බැඳුනු ලා කදුළු පටලෙ එක්ක අරුන්දතී දිහාම බලන් හිටියා.ආදිත්‍යගෙ ඇස් වල ලොකු පසුතැවිල්ලක්,සමාව අයැදීමක් වගේ දෙයක් සනුක දැක්කත් සනුකට එහෙම ආදිත්‍ය හිතන්නෙ ඇයි කියන එක තේරුණේ නැහැ.මෙච්චර වෙලා ආදිත්‍ය දිහයි අරුන්දතී දිහයි බලන් උන්නු බිවේෂ් ලොකු හුස්මක් පහල දාලා ආදිත්‍ය දිහා බලද්දි ආදිත්‍ය ලාවට හිනාවෙලා බිම බලාගත්තා.

"දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණු දා, හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ

සුහදිනියේ

හ්ම්-හ්ම්-හ්ම්......."

ඒ අංගය අවසන් වුනෙත් හොඳ ඔල්වරසන් නාදයක් එක්ක.

.

.

.

.

.

"දිවාෂ බබා බය නෑ නේද?"

"නෑ දෙනෙත් අයියෙ...ශේප්....ගේමක් ගහමු"

"ඕකේ.....ස්ටෙප්ස් ටික මතකනෙ"

"ඔව්.....ඔයා බය වෙන්න එපා....අර ස්ටෙප් එක මම හරියට කරනවා!"

"ඔයාව ශුවර්....ගේමක් ගහමු!"

තමන් දෙන්නගෙ නම් කිව්ව නිවේදනය එක්ක දිවාෂ අඳුරු වේදිකාව මැද්දට යද්දි දෙනෙත්ගෙ අත අල්ලලා හොදට කරන්න කියලා කිව්ව දෙවින් දිව්වෙ ආශවලා හිටිය බැල්කනියට.

වේදිකාව ආලෝකමවත් වෙනවා එක්කම මහ හඬින් ඔල්වරසන් නාදයක් ලැබුණා.ඒත් එක්කම වේදිකාවම දුමකින් පිරෙද්දි සංගීතය වාදනය වෙන්න ගත්තා.පලවෙනි කොටස කියාගෙන දෙනෙත් ඉස්සරහට එද්දි දෙවින්ගෙ ඇස් දිලිසුනේ තමන්ගෙ පෙම්වතාගෙ කඩවසම් බවට.තනි කළු ඇඳුමකින් සැරසිලා උන්නු දෙනෙත් කමිසයේ ඉණ ප්‍රදේශයට ලෙදර් ඉණ පලඳනාවක් පැලඳගෙන හිටියා.අතට දාලා තිබ්බ ලෙදර් පලඳනාව වගේම බෙල්ලට දාලා තිබ්බ දම්වැල් මාලය අවුල් වුණු හිසකෙස් එක්ක දෙනෙත්ගෙන් විහිදුනේ පුදුමාකාර කඩවසම් බවක්.

"En pakkam ponavala

Thedamella moochu thalla

En thalaiku yeravilla

Pera ketka thonna villa

En vekkam thira enna

Thoonga nenjam thookathula

Un siripu maara villa

Naala parthu mellam thulla....."

ඒත් එක්කම දෙනෙත්ගෙ පිටිපස්සෙන් මතු වුනේ දිවාෂ.තනි කළුම ඇඳුමකින් සැරසිලා උන්නු දිවාෂගෙ කමිසයේ දකුණු කර මතින් රන් දම්වැල් තුනක් ගිහින් තිබ්බා වගේම ඒ දම්වැල් තුන ඉණ වටේ එතිලා තිබ්බ බෙල්ටයට සවිවෙලා තිබ්බා.කොණ්ඩෙ උඩට වෙන්න පීරලා තිබ්බ දිවාෂ දෙනෙත්ට ඇහැකුත් ගහලා තමන්ගෙ කොටස කියද්දි තෙවින්ගෙ තොල් පට ලාවට වගේ තෙවින්ගෙ දත් වලටම අහු වෙලා තිබ්බා.

"En pakkam ponavala

Thedamella moochu thalla

En thalaikum yeravilla

Pera ketka thonna villa....

Thikku manamae potta thittama aa aah

Un patham thallam poda en paarva unnoda...."

ඒත් එක්කම ඒ ගීතයට අදාල නර්ථන කොටස දෙන්නට දෙන්නගෙ මූණ දිහා බලන් ඉලන්දාරි දෙන්නා ඉදිරිපත් කරන්න ගනිද්දි දිවාෂ තමන්ගෙ කොටස එක දිගටම ගායනා කලා.

"Nee pesa lighta aasa kooda

Vaasam veesum kaatha theda

Azham kudida megam thurida...."

නර්ථනය එක දිගටම පවත්වගෙනන ඊලඟ කොටස ගායනා කරන්න ගත්තෙ දෙනෙත්.

"Nee pesa lightu aasa kooda

Vaasam veesum kaatha theda

Oram sanjida dhegam sernthida"

ඊලඟට දිවාෂයි දෙනෙතුයි දෙපැත්තට වෙලා එකම විදියට නර්තනයක යෙදෙන්න ගත්තා.

"මාව ශුවර් කරන්න දෙනෙත් අයියෙ"

"ඔයාව ශුවර්....එන්න!"

ඒ සංගීත කණ්ඩෙ අවසානය එක්කම දෙනෙත්ගෙ කන ලඟට කරල දිවාෂ මොනාහරි කියලා වේදිකාවෙ පිටුපසට වෙන්න දුවනවත් දෙනෙත් පපුවට අතක් තියාගෙන පොඩ්ඩක් ගැස්සෙන ගමන් නර්තන චලනයක් කරලා බිමට නැවෙද්දි දිවාෂ දෙනෙත් ලඟට දිවාෂ දුවං එනවත් ප්‍රේක්ශකාගාරෙ බලන් හිටියෙ ඇස් පිය නොගහා.ඒත් එක්කම දෙනෙත් ඇසුත් පියාගෙන බිම නිදාගන්නවත් දුවං ආව දිවාෂ දෙනෙත්ගෙ ඔලුව ලඟින්ම තමන්ගෙ පය තද කරලා දෙනෙත්ගෙ ඇඟ උඩින් විශාල කරණමක් ගහනවා දැක්ක ජානකී තමන්ගෙ ආසනෙන් පවා නැගිට්ටා.සාර්ථකව කරණම ගහලා ඉවර වුණු දිවාෂ ආයෙමත් ඊලඟ කොටස ගායනේ පටන් ගද්දි ප්‍රේක්ශකාගාරෙ තිබ්බෙ විශාල ඔල්වරසන් නාදයක්.

"Aalolam aadum thoovaanam thoovum

Kellamal ketallum innum enna agum

Aalolam aadum thoovaanam thoovum

Kellamal ketallum innum enna agum

Seramal serum theeramal theerum

Modhamal meendodum meendodum......"

දිවාෂගෙ ඉණෙන් ඇදලා අරං දිවාෂව උස්සලා අනික් පැත්තෙන් තිබ්බ දෙනෙත් ඊලඟ කොටස ගායනා කරන්න ගත්තා.

"En pakkam ponavala

Thedamella moochu thalla

En thalaikum yeravilla

Pera ketka thonna villa

En vekkam thira enna

Thoonga nenjam thookathula

Un siripu maara villa

Naala parthu mellam thulla......"

ඊලඟ කොටස දිවාෂ ගායනා කරන්න ගත්තෙ ගීයට අදාල නර්ථනයේ යෙදෙන ගමන්.

"Nee pesa lighta aasa kooda

Vaasam veesum kaatha theda

Azham kudida megam thurida

දිවාෂ දිහා බලලා ඇහැක් ගැහුව දෙනෙත් දිවාෂගෙ මූන දිහා බලන්ම ගීතයේ අවසන් කොටස් ගායනා කරලා අවසන් කලා.

"Nee pesa lightu aasa kooda

Vaasam veesum kaatha theda

Oram sanjida dhegam sernthida......"

කෙමෙන් කෙමෙන් ප්‍රසංගයේ අවසානය එලඹෙමින් තිබ්බා.ප්‍රසංගෙ අවසානම අංගය වුනේ ආශව,නේත්‍ර,දෙවින්,දෙනෙත්,දිවාෂ,තෙවින් හය දෙනාගෙ කණ්ඩායම් ගීයක්.කට්ටියම ඇඳුම් මාරු කරන කාමරයට වෙලා ඇඳුම් මාරු කරං එද්දි ඇඳුම් ඇඳන් එන එන එකාව දෙනෙත් ලාවට අනන් මනන් ගාලා ලස්සන කරන ගමන් හිටියා.

"නේත්‍ර බබා කොණ්ඩෙ කොහොමද දාන්නෙ?"

"සුදුබේබි කොහොමද දාන්නෙ මම?"

"මම දාන්නෙ නම් කොණ්ඩෙ උඩට පීරල....නේත්‍රගෙ කොණ්ඩෙ නලලට වැටෙන්න පීරමුද?"

"හා....දෙනෙත් අයියෙ එහෙම කරමු"

"මාත් ඕක හිතුවා....මේ කිට් එකට එහෙම ලස්සනයි"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව තමන්ගේ සුදුපාට ජැකට්ටුව ඇඳගනිද්දි දෙනෙත් නේත්‍රගෙ කොණ්ඩෙ හදන්න ගත්තා.ටිකකට කලින් ලෑස්ති වෙලා ඉවර වුණු තෙවාෂ දෙන්නා මේ වෙද්දිනුත් රණ්ඩුවක් ඇදන් තියෙද්දි තෙවින් දිහා බලන් තොලුත් නොපිට පෙරලන් හිටිය දිවාෂ බිත්තිය හාරන ගමන් ඉද්දි තෙවින් බිත්තියට හේත්තු වෙලා දිවාෂගෙ ඇඳුමට ඇන ඇන මොනාහරි කියන ගමන් හිටියා.

"බලනවකො යුගාන්! තමුසෙ අර පිටකොටුවෙන් ගත්තු ඇපල් ගෙඩියක් වගේ"

"ඇපල් ගෙඩි රතුයිනෙ පගෝ"

"ආ....ඇපල් ගෙඩියට රක්තහීනමානෙ ඇවිල්ලා!"

"රක්තහීනතාවෙ ඕයි!"

"මොන මගුල හරි.....සිරාවටම අර ඇපල් එක වටේ ඔතන හිල් හිල් එක වගේ"

"ඒ කැතද ඕයි මම"

"අර ඇපල් ගෙඩියමයි! වෙනසක් නෑ"

"පරයා!"

දිවාෂ ගස්සලා අහක බලාගනිද්දි රකිත කාමරේ ඇතුලට බෙල්ල දැම්මා.අවසාන අංගයට කාලෙ ලං වෙලා කියලා දැන්වුව රකිත එලියට යද්දි දෙවින්ගෙ තොල් වල ලිප්ස්ටික් ටිකක් ගෑව දෙනෙත් කට්ටියටම එලියට යමු කියලා කිව්වා.නේත්‍රව ඉස්සර කරගත්තු ආශව එලියට යද්දි අනික් හැමෝමත් එලියට හෙමින් සැරේ ඇඳෙන්න ගත්තත් දිවාෂ නැවතුනේ තමන්ගෙ අතේ පැටලුණු තෙවින්ගෙ අත නිසා.

"තමුසෙ චූටියට ඉන්න නිසා හුරතලේට පේනවා වැඩියි යුගාන්!"

ඇඟට පතට නොදැනී කියලා දැම්ම තෙවින් එලියට යද්දි ටික වෙලාවක් ගල් ගැහිලා වගේ උන්නු දිවාෂත් එලියට ගියා.වේදිකාව දෙපස තියෙන කළු තිර රෙද්දක් අස්සට වෙලා උන්නු ආශව නේත්‍රගෙ කම්මුලකින් හාද්දක් තියද්දි වටපිට බැලුව නේත්‍ර ආශව දිහා බැලුවෙ ඇසුත් ලොකු කරං.

"සුදුබේබි!!!"

"නේත්‍ර දන්නෑනෙ....මම මේ දෙයක් කල්පනා කරනවා"

"මොකද්ද සුදුබේබි?"

"ඇත්තටම නේත්‍ර මෙහෙට වැරදිලා වැටුනු සුරංගනා පැටියෙක් වෙන්න බැයිද?"

"බෑ"

"ඒ මොකෝ?"

"නේත්‍ර සුරංගනා පැටියෙක් නෙවේ.....සුදුබේබිගෙ පැටියානෙ"

"අනේ අම්මේ....ඔහොම හුරතල් වෙන්න එපා මැණිකෙ....ඇත්තටම ගිලින්න හිතෙනවා"

"හි හී..."

දත් තිස් දෙකම පෙන්නලා තමන්ගෙ බට්ටිචි හිනාවෙන් ආශව එක්ක හිනා වුණු නේත්‍ර ආශවගෙ පපුවට තමන්ගෙ පිට හේත්තු කරං හිටගෙන හිටියා.හිටියෙ තිර රෙද්දක් අස්සෙ නිසයි,එතන තිබ්බ අඳුරු ගතිය නිසයි ආශවත් නේත්‍රගෙ ඔලුවට පුංචි පුංචි හාදු දිදී බය නැතුව හිටියා.

"පාසලක තියෙන් ලොකුම හයිය මොකක් කියලද සහස්‍ර හිතන්නෙ?"

"විනය.....ම්ම්ම්....එහෙමත් නැත්තං පාසලේ නම බබලවන සිසුන්?"

"සහස්‍ර කිව්ව දේවලුත් හරි.....හැබැයි ඊට වඩා පාසලක තියෙන ලොකුම හයිය තමා බැඳීම....සහෝදරත්වය!"

"ඕහ්....ඔව්මයි"

"නොදැනීම අපි අපේ ප්‍රසංගයේ අවසන්ම අදියරටත් ඇවිල්ලා....ඉතින් අපි අපේ ප්‍රසංගෙ සහෝදරත්වයෙන්ම අවසන් කලොත්?"

"මේ හය දෙනාව ගත්තොත් විනෙත්....ඇත්තටම කියන්න ඕනි....පුංචි කාලෙ ඉදන්ම එකටමයි.....අදටත් ඒ බැඳීම නොවෙනස්"

"අපි අතරේ ඒ වගේ නොවෙනස් බැඳීම් තියෙන අය කොච්චරනම් ඇත්ද? එසේනම් මේ ආරාධනය ආශව,දෙවින්,දෙනෙත්,තෙවින්,නේත්‍ර සහ දිවාෂ සොයුරන් වෙතයි!"

දිවාෂ ආශව දෙනෙත් තුන්දෙනා වේදිකාවෙ වම් පසින් රැඳෙද්දි නේත්‍ර,දෙවින්,තෙවින් තුන් දෙනා වේදිකාවෙ දකුණු පසින් හිටගත්තා.මුළු වේදිකාවම අඳුරුවුණා.ප්‍රේක්ශකාගාරෙ තිබ්බෙත් ඉඳිකට්ටක් බිමට වැටුණත් ඇහෙන තරම් නිහඬ බවක්.ඒ නිහඬ බව කපාගෙන ආර්යගෙ 'වන් ටූ ත්‍රී' සද්දෙත් එක්ක සංගීතය ආරම්භ වෙන්න ගත්තා.වේදිකාව උඩ හිටිය ප්‍රාථමික අංශෙ පුංචි කොල්ලො ටික සංගීතෙ අනුව නර්ථනයේ යෙදෙන්න ගනිද්දි ඉස්සෙල්ලාම වේදිකාවට පය ගැහුවෙ දිවාෂ.සුදු අත් දිග අර තෙවින් කිව්වා වගේ හිල් හිල් තියෙන අමුතුම විදියෙ ලස්සන ටී ෂර්ටයක් ඇඳලා උන්නු දිවාෂගෙ කලිසමත් සුදුපාටම උනා.කොණ්ඩෙ නලලට වැටෙන්න පීරලා උන්නු දිවාෂගෙන් පෙනුනෙ අමුතුම සුන්දරත්වයක් වෙද්දි දිවාෂව දැක්ක ප්‍රේක්ශකාගරෙන් ලොකු ඔල්වරසන් නාදයක් ලැබෙන්න ගත්තා.

"ඉර පුපුරනවාලු තරු පූදින කාලේ......."

එහෙම කියාගෙන දිවාෂ ඇවිදගෙන වේදිකාවෙ එක තැනකට යද්දි ඊලඟ පදේ කියාගෙන එලියට ආවෙ නේත්‍ර.සුදු ටීෂර්ටයකට සුදු කලිසමක් ඇඳලා උන්නු නේත්‍ර නිල් පැහැ පසුබිමේ සුදු මෝස්තරයක් ගිය ජැකට්ටුවක් ඊට උඩින් දාගෙන හිටියා.නලලට වැටෙන්න පීරලා තිබ්බ කොණ්ඩෙ වගේම නේත්‍රගෙ ලස්සන හිනාව එක්ක නේත්‍රව මිහිමත සුරදූතයෙක් වගේ පෙනෙද්දි ප්‍රේක්ශකාගාරෙන් ලොකු ඔල්වරසන් නාදයක් ලැබුණා.

"සඳ මිය යනවාලු තරු දී දිලි අහසේ......"

නේත්‍ර දිවාෂ ලඟට ගිහින් දිවාෂගෙ අතකින් අල්ලලා පපුවට පපුව ගහලා එතනින් හිටගනිද්දි ඊලඟ කොටස කියාගෙන වේදිකාවට ගොඩ වුණේ ආශව.නිල් සහ සුදු ඉරි ඉරි ගිය ටී ෂර්ටයකට සුදු පැහැ කලිසමක් ඇඳලා උන්නු ආශව ලේස් වගේ පෙනුමක් තියෙන සුදු පැහැ කබායක් ඊට උඩින් දාගෙන හිටියා.කොණ්ඩෙ ටිකක් උඩට වෙල්ල පැත්තකට පීරලා උන්නු ආශවගෙ කට කොණේ තිබ්බ හිනාව වෙනදා වගේම මුළු නුවරම පිස්සු වට්ටවද්දි ප්‍රේක්ශකාගාරෙ දෙදරුම් කන ඔල්වරසන් නාදයක් ආශව වෙනුවෙනුත් ලැබුනා.

"දෙරණ පුරා පිපුනා....."

ආශව කියාගෙන එද්දිම අනික් පසින් මතු වුනේ දෙවින්.සුදු පැහැ ටී ෂර්ටයකට සුදු පැහැ කමිසයක් උඩින් ඇදලා උන්නු දෙවින් සුදු පැහැම කලිසමක් ඇඳගෙන හිටියා.දෙවින්ගෙ හැමදාම වගේ හැමෝවම හොඳ හැඟීමකින් පුරවන මිත්‍රශීලී හිනාව ඒ මූණෙ මැවිලා තියෙද්දි දෙවින්ටත් විශාල ඔල්වරසන් නාදයක් ලැබුණා.

"මල් සුවඳක් ආවා......."

දෙවිනුත් ගිහින් ආශවලා කලා වගේම පපුවට පපුව ගහලා ආශව ලඟින් හිටගනිද්දි අනික් පසින් මතුවුනේ දෙනෙත්.නිල් පැහැ කමිසයක් ඇඳලා උඩ බොත්තම් දෙක ගලවගෙන හිටිය දෙනෙත් ඇඳන් හිටියෙත් සුදු පැහැ කලිසමක්මයි.ඒ වගේම දෙනෙත්ගෙ අපූරු සුන්දරක් විදහාපාන ගමන් දෙනෙත් ලස්සන පන් තොප්පියක් පැලඳගෙන හිටියා.

"ගිරි හිස මත තිබුනා....."

දෙනෙතුත් ගිහින් කලින් අය කලා වගේම කරලා දෙවින් ලඟින් හිටගනිද්දි වේදිකාවෙ දකුණු පසින් මතු වුනේ දෙවින් වගේම ඇඳුමකින් සැරසුනු තෙවින්.ඇත්තටම දෙන්නව වෙන් කරලා අඳුනගන්න පුලුවන්කමක්තිබ්බෙ ඒ දෙන්නට හිතවත්ම අයට විතරක් වෙන්නම කොල්ලො දෙන්නා සර්වසම නිවුන්නු වුණා.හැබැයි දෙවින්ගෙ මූණ පුරා තිබ්බ විදුරුමස් පවා පේන හිනාවයි තෙවින්ගෙ මූණෙ තිබ්බ ලා හිනාවයි එක්කනම් හුඟක් අයට මේ වෙලාවෙ දෙන්නව වෙන් කරලා අඳුනගන්න පුලුවන් වුණා.

"අපි වාගේ......"

ඒත් එක්කම කොල්ලො හය දෙනා එකිනෙකාගෙ ඉණවල් වල අත් පටලවගෙන එක පේලියට ඉදගෙන පැද්දෙන ගමන් ඊලඟ කොටස එකටම කියන්න ගනිද්දි ප්‍රාථමිකෙ පුංචි උන් ටික ඉලන්දාරි හය දෙනා වටේට කැරකෙන්න ගත්තා.

"උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී

මව් කුසයේ සබැඳි එක රෑනේ....."

ඊලඟට හය දෙනා හය තැනක ස්ථානගත වෙද්දි පුංචි අය කොල්ලො හය දෙනා අතරෙ බෙදිලා රවුමට නටන්න ගත්තා.ඊලඟ කොටස කියන්න ගත්තෙ දෙනෙත්.

"මිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු....."

දෙනෙත් දිහා බලලා කට කොණකින් හිනා වුණු ආශව ඊලඟ කොටස කියන්න ගත්තා.

"තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු......"

දෙන්නත් එක්ක එහෙම කියාගෙන එක තැනකට එද්දි පැත්තක හිටිය නේත්‍ර දුවං ඇවිල්ලා ආශවගෙයි දෙනෙත්ගෙයි මැද්දෙන් හිටං දෙන්නගෙ ඉණවල් වටේ අත් දෙක දාලා දෙන්නටම තුරුල් වෙද්දි ආශවයි දෙනෙතුයි ඒ වගේම නේත්‍රව මැදි කරන් තුරුලු කරගෙන පෝලිමට ඉද්දි නේත්‍ර ඊලඟ කොටස කිව්වා.

"තුරුලේ ලමැදේ පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ......."

නේත්‍රගෙ ඒ වාක්‍ය එක්ක ආශව ලස්සනට හිනා වෙලා නේත්‍රගෙ මූණ දිහා බලලා අහක බලාගෙනත් හිනා වුණා කියලා බැල්කනියට වෙලා මෙව්වා බලාගෙන උන්නු රකිතලා දැකලා එයාලටත් හිනා ගියත් උපාධ්‍යාගෙ ඇස් වල වගේම තව කෙනෙක්ගෙ ඇස් වල කදුළු තිබ්බා.

ආයෙමත් ඉලන්දාරි ටික තාලෙට පැද්දෙන ගමන් ගීතය එකටම ඉදිරිපත් කරන්න ගත්තා.

"උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී

මව් කුසයේ සබැඳි එක රෑනේ"

ඊලඟ කොටස ඉදිරිපත් කරන්න ගත්තෙ තෙවින්.

"ඉර පුපුරනවාලු තරු පූදින කාලේ......."

තෙවින්ගෙ උරහිස අල්ලගෙනම හිනා වෙලා ඊලඟ කොටස කියන්න ආවෙ දෙනෙත්.

"සඳ මිය යනවාලු තරු දී දිලි අහසේ....."

ඒත් එක්කම දෙවින්ගෙ උරහිස වටේ අත දාගෙන තෙවින් දෙනෙත් දෙන්නා ලඟට ඇවිදන් ආවෙ ආශව.

"දෙරණ පුරා පිපුනා....."

ඊලඟ කොටස ආශව දිහා බලලා හිනාවෙලා කිව්වෙ දෙවින්.

"මල් සුවඳක් ආවා....."

අයියලා හතර දෙනාගෙ මැද්දට පැන්න පොඩි උන් දෙන්නා ඊලඟ කොටස පිලිවෙලින් නේත්‍ර සහ දිවාෂ විදියට ගායනා කලා.

"ගිරි හිස මත තිබුනා....

"අපි වාගේ...."

පොඩි දෙන්නව මැදි කරගත්තු අයියලා හතර දෙනත් පොඩි දෙන්නා එක්කම ඊලඟ කොටස ගායනා කරන්න ගනිද්දි ප්‍රාථමිකෙ දරුවො ටික ඒ වටේට කැරකෙන්න ගත්තා.

"උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී

මව් කුසයේ සබැඳි එක රෑනේ....."

ආයෙමත් හය දෙනා හය තැනකට ගියාම කට්ටිය අතරින් ඊලඟ කොටස කියන්න ඉස්සරහට ආවෙ දෙවින්.

"එක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ......"

ඊලඟ කොටස කියන්න දෙවින් ලඟට ඇවිත් හිටගත්තු තෙවින්ව තමන්ගෙම ප්‍රතිබිම්බෙ වගේ ඉන්න අයියා එක්ක හිනා වුණා.

"උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ......"

ඊලඟට නේත්‍ර ආශවලා ලඟට දුවං ගියා වගේ දෙවින් තෙවින් දෙන්නා මැද්දෙ හිටගත්තු දිවාෂ අවසන් කොටස කිව්වෙ නිවුන් ජෝඩුවට තුරුල් වෙලා.

"තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ....."

ඊලඟ කොටසෙ ඉඳන් අවසාන කොටස වෙනකං කොල්ලො ටික මුළු ගීතයම එකටම ගායනා කලා.නේත්‍රගෙ අත් දෙකෙන් අල්ලගත්තු පොඩි උන් ටික නේත්‍ර වටේ කැරකෙද්දි නේත්‍ර සිංදුව කිය කියම පුංචි එකෙක්ව වඩාගත්තු දර්ශනේ ඇත්තටම හරි ලස්සන එකක් වුණා.අවසානයේදි හය දෙනාම පෝලිමට හිටගෙන අත් ටික බැඳගෙන අත් උඩට ඔසවන ගමන් ගීතය අවසන් කලා.

"උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී

මව් කුසයේ සබැඳි එක රෑනේ

ඉර පුපුරනවාලු තරු පූදින කාලේ

සඳ මිය යනවලු තරු දී දිලි අහසේ

දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා

ගිරි හිස මත තිබුනා අපි වාගේ

උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී

මව් කුසයේ සබැඳි එක රෑනේ......."

අවසන් අංගය වුණු ඒ ගීත ගායනේ අවසන් උනේ ලොකු ඔල්වරසන් ශබ්දයක් මැද්දෙ.අවසානයේ වේදිකාව අඳුරු වෙනවත් එක්කම කට්ටියම වේදිකාවෙන් පිටවෙද්දි පාසලේ දෙවනි ප්‍රධාන ශිෂ්‍යනායකයෙක් විදියට ආශව ඉක්මනටම සුදු කලිසම උඩින්ම තමන්ගෙ පාසල් කමිසෙ ඇඳගෙන කබාය දාන් ආවෙ ස්තූති කතාව සිද්ධ කරන්න.ආශවගෙ ගැඹුරු හඬින් සිද්ධ කල ස්තූති කතාව එක්ක ප්‍රසංගය අවසන්ම වෙද්දි සංවිධායක මණ්ඩලේ හිටිය හැමෝම උඩ පැන්නෙ මේක සාර්ථකව අවසන් වුණු නිසා.

.

.

.

.

.

"කෝ කෝ කපල් එක එන්න ෆොටෝ එකක් ගන්න ඕනි! අපි ක්‍රිකට් සෙට් එකක් ඉස්සෙල්ලාම එකක් අරං ඉමු"

ලියෝන්ගෙ කටේ සද්දෙ එක්ක නේත්‍රව රතු වෙද්දි ආයෙමත් ඇඳුම් මාටු කරගෙන අවසන් අංගයට ඇන්ද ඇඳුම ඇදගත්තු ආශවත් එතනට ආවා.නේත්‍රට ඔලුවෙන් සන් කෙරුව ආශව ලියෝන්ලා ලඟට යද්දි සනුක තමන්ගෙ දුරකථනෙ තෙවින්ට දුන්නා.

"නේත්‍රව මැද්දට එන්න හිටගන්න ඔයාලා"

දිවාෂ කිය කිය තෙවින්ගෙ අතේ තිබ්බ දුරකථනෙට එබෙද්දි කොල්ලො ටික ස්ථාන ගතවුණා.රෝද පුටුවක උන්නු නිසා බිවේෂ් කොණෙන්ම ඉද්දි ලියෝනුත් බිවේෂ් ලඟින්ම හිටගත්තා.ලියෝන්ගෙ ලඟින් ආශව හිටගෙන නේත්‍රව තමන් ලඟට අරගනිද්දි සනුකත් හෙමින් සැරේ නේත්‍ර ලඟින් හිටගත්තා.සනුක ලඟින්ම දෙවින් හිටගනිද්දි ඒ කොණේ ආදිත්‍ය හිටගත්තා.

"චීස් කියන්ඩෝ!"

දුරකථනෙ තිබ්බෙ තෙවින්ගෙ අතේ උනාට ඔක්කොම පාලනේ කරන පාලකයා විදියට දිවාෂ උපදෙස් දෙද්දි කට්ටියම දුරකථන කැමරාව දිහා බලාගෙන හිනා වුණා.සනුකට නේත්‍රයි ආශවයි එක්ක වෙනමම ඡායාරූපයකුත් ගන්න ඕනි වෙද්දි ඒකත් අරං දුන්නු තෙවින් දුරකථනෙ සනුකගෙ අතට දෙද්දි දුරකථනෙ අතට ගත්තු සනුක දෙනෙත්ලටයි රකිතලාටයි ඔක්කොටම එන්න කියලා කතා කලා.

"කට්ටියම එන්න! සෙල්ෆි එකක් ගමු!"

කොල්ලො ටිකත් එක්ක ඒ වගේ ඡායාරූපෙකුත් ගත්තු සනුක දැක්කෙ ශ්‍රවණාගාරෙ ලඟ වැදගත් විදියට ඇඳන් උන්නු කෙනෙක් එක්ක කතා කරමින් උන්නු අරුන්දතීව.ඒ කෙනා නේත්‍රගෙ අම්මා කියලා දැක්ක සනුක අරුන්දතීටත් අඬ ගැහුවෙ ඡායාරූපෙකට එකතු වෙන්න කියලා.ලඟ උන්නු උපාධ්‍යාවයි නිදුකිවයිත් අතින් අල්ලගත්තු අරුන්දතී කට්ටිය ලඟට එද්දි ආදිත්‍ය අරුන්දතී දිහා බලාගෙනම උන්නු හැටි නේත්‍ර විමසිල්ලෙන් බලන් හිටියා.අවසානයේදී ඉන්දීප ආර්ය දෙන්නත් ආවට පස්සෙ ඔක්කොමල්ලත් එක්කම ඡායාරූපයක් සනුක ගන්න්වගත්තෙ එතනින් ගිය වෙන පිරිමි ලමයෙක්ට ආශව ලව්වා කතා කරවලා.

නේත්‍රගෙන් සමුගත්තු නිර්මලා අරුන්දතී එක්කම පිට වුනෙ නේත්‍ර එන්න පරක්කු වෙන බව දන්න නිසා.උත්සවේ තිබ්බ ශාලාව ආයෙමත් හරියට සකස් කලායින් අනතුරුව තව තිබ්බ පුංචි පුංචි වැඩත් ඉවර කෙරුව ආශවලා එලියට එද්දි සෑහෙන්න රෑ වෙලා තිබ්බා.බිවේෂ්ලගෙ ගෙදර අද සනුකලා ලියෝන්ලා නතර වෙන වග කලින්ම කියල තිබ්බ නිසා ආශව නේත්‍ර එක්කම දිවාෂලාගෙ වාහනේට නැග්ගෙ ගෙදර යන්න.

අතරමගින් නවත්තලා කෑමත් අරගත්තු ආශව නේත්‍ර එක්කම වලව්වෙ පිට පාරෙන්ම නේත්‍රලාගෙ ගෙවල් හරියට පල්ලම් බැස්සෙ අද නිර්මලා අරුන්දතී එක්ක එහෙ නවතින වග දන්වලා තිබ්බ නිසා.ගිය ගමන් ඇඳුම් මාරු කරන් නාගෙන කරගෙන ඉවර උනු ආශව නේත්‍රලාගෙ ගෙදර සාලෙකින් ඉදගත්තෙ තුවායෙන් ඔලුව පිහිද පිහිදමයි.

"සුදුබේබි කමිසයක් ඇඳ උඩ තියල තිබ්බෙ මම"

"මෙහෙම ඉන්න එපාද ඉතින්.....ම්ම්ම්"

බත් එකත් බෙදාගෙන ඒක අතේ තියං පුටුව උඩ ඉදන් උන්නු නේත්‍රගෙ මූණට එබුනු ආශව අහද්දි නේත්‍ර ඉක්මනටම බිම බලාගත්තා.නේත්‍රගෙ රතු උනු කම්මුලක් උඩින් තමන්ගෙ තොල් තද කල ආශව නේත්‍ර ලඟම පුටුවෙන් ඉදගෙන තුවාය කර උඩින් දාගනිද්දි නේත්‍ර රයිස් එකෙන් ටිකක් අතට අරං ආශවගෙ කට ලඟට ලං කලා.

"ඔයත් කකා මට කවන්න"

"හරි සුදුබේබි"

මාරුවෙන් මාරුවට ආශවටත් කව කව කෑම කෑව නේත්‍ර මුළු කෑම එකම ඉවර කරලා අත සෝදගන්න යද්දි ආශව නැගිටලා තමන්ගෙ බෑගය තියලා තිබ්බ තැනට ගියා.ප්‍රසංගය හොඳට කෙරුනු එක ගැන ආශවගෙන් අහන්න හිතන් ආයෙ සාලෙට ආවත් නේත්‍ර වටපිට බැලුවෙ ආශව එතන නොයිඳිය නිසා.

"සුදුබේබි මොකද අර එලියෙ කරන්නෙ?"

තනියම මුමුණගත්තු නේත්‍ර එලියට යද්දි ආශව උඩුකය නිරුවත්ව අරලිය ගහ යට හිටන් උන්නා.ආශව ලඟට ගිහින් හිටගත්තු නේත්‍ර ආශවගෙ බඳ වටේ අත් දෙක යවන ගමන් පිටිපස්සෙන් ආශවව තුරුල් කරගනිද්දි ආශව නේත්‍රව තමන්ගෙ ඉස්සරහට අරගත්තා.

"ඇස් දෙක පියාගන්න වස්තුව"

නේත්‍රව ඉස්සරහට අරගත්තු ආශව කියද්දි නේත්‍ර තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.තත්පර ගාණක් ඇතුලත මොනාහරි සීතල දෙයක් බෙල්ලට වැටෙනවා දැනුනත් ආශව ඇස් අරින්න කියනකං නේත්‍රට ඇස් අරින්න ඕනි වුනේ නැහැ.

"ඇස් ඇරලා බලන්නකො මැණිකෙ"

ආශවගෙ වචනත් එක්ක ඇස් දෙක ඇරලා බැලුව නේත්‍රගෙ ඇස් වලින් හෝ ගාලා කදුළු කඩා වැටෙන්න ගත්තෙ ආශව තමන්ට දීලා තියෙන තෑග්ග නිසා.ඒත් එක්කම අවුරුදු ගාණක අතීතෙට නේත්‍රගෙ මනස දිව්වා.

"හැබැයි මම දවසක නේත්‍රට මගෙ සල්ලි වලින් මාලයක් අරගෙන දෙනවා.එදාට බෑ කියන්න බැහැ"

පුංචි ආශව තියෙන හිතුවක්කාර කමට ඒ කාලෙ කිව්ව දේවල් දැන් ඉෂ්ට කරන වග තේරුනු නේත්‍ර ඉකි ගගහම ආශවගෙ පපුවට තුරුල් වුනේ ලොකූ මොකද්ද මංදා මහ අමුතු හැඟීමකින් හිතම බර වෙලා යද්දි.

"ම්....මගෙ සුදුබේබි ලොකු වෙලා"

නේත්‍ර ඉකි ගගහම කිව්ව කතාවට හිනා වුනු ආශව නේත්‍රගෙ හිස් මුදුනෙන් තමන්ගෙ තොල් තද කරගනිද්දි නේත්‍ර එක දිගටම ආශවට තුරුල් වෙලා ඇඬුවා.මේ වගේ වටිනා කියන දේවල් තමන්ට ඕනි නැති උනත් ආශවට තමන්ව වටින නිසායි මේ දේවල් දෙන්නෙ කියන එක දැනන් උන්නු නේත්‍රට ආශවගෙ හිත රිද්දන්න ඕනි වුනේ නැහැ.තමන්ගෙ බෙල්ලෙ තියෙන රත්තරං මාලෙට ආශව දාලා තිබ්බ පෙන්ඩන්ටය දිහා බැලුව නේත්‍රට ලස්සනට හිනාවක් ගියේ පුංචි මලක් මැද අංක 1 ඒකෙ කැටයම් කරල තිබ්බ නිසා.

"ස්තූති කරලා මගෙ සුදුබේබිව පිට කරන්න බෑ මට....ඒත් මට මේ දෙන ආදරේට....සුදුබේබිට නේත්‍ර පණ වගේ ආදරේ කරනවා"

"සුදුබේබිත් ආදරෙයිනෙ මගෙ නේත්‍රට"

"ආශව...A...ඒ කියන්නෙ 1....එහෙම නේද සුදුබේබි?"

"ඔව්.....ඔයාගෙ පපුව අයිති එකම අංකෙ"

"ඒක හරි ලස්සනයි සුදුබේබි"

"ඔයා දාගෙන ඉන්න නිසයි ඒ ලස්සන පේන්නෙ"

ආශව හෙමින් මුමුණද්දි නේත්‍ර ආශවට ආයෙමත් තුරුල් වුනා.ටික වෙලාවක් ආශවගෙ පපුවෙ නාහෙ ගාව ගාව හුරතල් වුණු නේත්‍ර ආශවගෙ පැත්තට හැරිලා අත් දෙක දික් කරද්දි ආශවට හිනා ගියේ නේත්‍රගෙ හුරතල් පාට මූණ දැකලා.

"සුදුබේබි නේත්‍රව වඩාගෙන කාමරේට යන්නකො"

"එන්න මෙහෙට....මගෙ බටු ඇටේ"

නේත්‍රව වඩාගත්තු ආශව එහෙම්මම ගෙට ගිහින් දොර වහලා අගුල් දාලා නේත්‍ර එක්කම කාමරේට ගියා.කාමරේ ඇඳෙන් ඇලවුණු ආශව නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගනිද්දි දෙන්නවම වැහෙන්න පොරවනේ දාගත්තු නේත්‍ර ආශව බලන්න ගත්තු දුරකථන තිරේට එබුණා.

"අපේ ෆොටෝසුත් අද දාමුද සුදුබේබි?"

"හෙට දිහාට දාමු.....මොකද දිවාෂ කිව්වා අපි දෙන්නගෙ අයිටම් එකේ ෆොටෝස් වගයක් ඌ ගත්තා කියලා....මට ඒ ටික ඕනි... අපේ ෆොටෝග්‍රැෆි සොසයිටි එකේ අය ගැහුව එව්වනම් දාද්දි ටිකක් පරක්කු වෙයි....ඒ නිසා එව්වගෙ එව්වා ඕන්නෑ....අර ටික හම්බුනාමම දාමු...එහෙම හොඳයි නේද?"

"එහෙම කරමු සුදුබේබි ......ආ....සනුක අයියා දාලා නේද ෆොටෝස්?"

නේත්‍ර අහද්දි ආශවත් ඔලුව වනලා සනුක දාලා තිබ්බ ඡායාරූප ටික බලන්න ගත්තා.ආශවගෙයි නේත්‍රගෙයි ඉදිරිපත් කිරීමේ ඡායරූප දෙකක්ම ඒ ගොන්නෙ තිබ්බ වගේම ඒවගෙන් එකක ආශවව ඒ හැටි නොපෙනී නේත්‍රව හොඳින් පේනවා දැක්ක ආශවගෙ හිත ටිකක් ගැස්සුණා.සනුකගෙ දුරකථනෙ තියෙන එකම ඡායාරූප දෙක ඒක වෙන්න ඇති කියලා හිත උඩින් හදාගත්තු ආශව නේත්‍ර තමන්ට කියල දුන්නු විදියට ඉවසීම කියන දේ ප්‍රගුණ කලා.නේත්‍රයි තමනුයි එක්කත් සනුක ගත්තු ඡායාරූපය වගේම අනික් කණ්ඩායම් ඡායාරූප තුනත් ඒ ගොන්නෙ තියෙනවා දැක්ක ආශවගෙ හිත ආයෙම වතාවක් ගැහෙන්න ගත්තෙ ඒ ඡායාරූප ගොන්නට සනුක එකතු කරල තිබ්බ ශීර්ෂ පාඨය නිසා.

"මතකෙට ඒ මෙපමනී....

නුඹ ඈත යන බව දනී....

කිමදෝ නොදැන හඬමී...."

ඒ වචන ටික දිහා බලන් ඉද්දි තමන්ගෙ ඇඟේ ලේ රත් වීගෙන එන වග ආශවට දැනුනත් ආශව සන්සුන් උනේ නේත්‍රගෙ කටහඬ නිසා.

"සනුක අයියා ඒ අයිටම් එකට ආසා වෙලා වගේ නේද සුදුබේබි? මේ සිංදුව එකොලහ වසරෙ මල්ලි කෙනෙක්නෙ කිව්වෙ"

"ම්ම්ම්ම්"

ඒත් එක්කම ගැහුව අකුණක් එක්ක නේත්‍ර ආශවට තුරුල් උනේ එකපාරටම හිත ගැස්සුනු නිසා.නේත්‍රගෙ කාමරේ කවුළුවෙන් පේන විදුලි ඉරි ඇඳිලා මැකිලා යන නුවර ආකාහෙ දිහා බලන් උන්නු ආශව නේත්‍රව තමන්ගෙ පපුවට තද කරගත්තෙ තමන්ගෙ තුරුලෙ ඉන්න තාක්ක් හැම අකුණකින්ම නේත්‍රව ‍රැකෙනවා කියලා හිතාගෙන වගේ.චිරි චිරි සද්දෙ එක්ක වැස්සක් පටන් ගනිද්දි නුවර කලු පාට ආකාහෙ විටින් විටේ ආලෝකමත් වෙන්න ගත්තෙ විදුලි කෙටිල්ල නිසා.

ඝන අන්ධකාරෙක උනත් තමන් වෙනුවෙන්...තමන් වෙනුවෙන් විතරක්ම දිලිසෙන නේත්‍රගෙ මන්දාකිණි ඇස් දිහා බලන් උන්නු ආශව හිනා වෙද්දි තමන් වෙනුවෙන්...තමන් වෙනුවෙන්ම විතරක් උණුහුමෙන් පිරෙන සුදුබේබිගෙ පපු තුරට නේත්‍ර තුරුල් වුණා.අකුණු පුපුරන ගමන් වැස්සක් වට්ටවන නුවර ආකාහෙ ඈත...ඈතම ඈත පුංචි කොණක තාරකා දෙකක් එක ලඟ පායලා තිබ්බ වග එකිනෙකාගෙ උණුහුමේ සැනසෙමින් උන්නු ඉලන්දාරි දෙන්නගෙ ඇස් වලින් මගෑරිලා තිබ්බා.

...................................................................................................

වචන 10 000+ 🙂❤️

උඩවැඩියා මලේ සිංදුවෙ,

ආශව 🤍

නේත්‍ර 🤍

දිවාෂ🤍

තෙවින් 🤍

දෙනෙත් 🤍

දෙවින් 🤍

පුලුවන්නම් මගෙ මහන්සියට වටිනාකමක් දීගෙන යන්නලා🙂❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමට❤

මම කැමීලියා🏵️❤️

Share This Chapter