Back
Chapter 11

10 කොටස🤍✨

නිවාලන්න මා...

"ඕවයෙ අපි යන්නේ නැහැ මැණිකේ.ඔය කීයක් හරි මැනුවෙල්ගේ අතේ යවන්නයි තියෙන්නෙ.තෑග්ගක් හරි ප්‍රශ්නයක් නෑ.මැණිකෙ සුදුසුදෙයක් බලලා කරලා මැනුවෙල්ගෙ අතේ යවන්න. ඕකුන්ගෙ ගුබ්බෑයම් වල අපට රිංගන්න පුළුවන් කියල යෑ"

මහමුදියන්සේ ලොකු මැණිකෙට කරුණු පැහැදිලි කරලා දුන්නෙ කුලමාන්නෙ නිසා උදුම්මව ගෙන ඉදපු ඔළුවෙන්.වලව් මාන්නෙ උත්පත්තියෙන්ම හිස් මුදුනෙ තියාගෙන ඉපදුනු මහමුදියන්සේ ලොකු මැණිකෙට කරුණු පහදද්දි,ඊට එහා පැත්තෙ ඉදපු සේනාධිනායක මුදලිත් ඒකට හිටු කියලා උල්පන්දම් දුන්නා.

"තෑගිබෝග මොකටද මුදියන්සෙ?ඔය කීයක් හරි වැඩ කාරයෙක්ගේ අත යැව්වා නම් මදෑ"

සේනාධිනායක මුදලි කිව්ව දේට හිස විතරක් සොලවපු මහමුදියන්සේ එහෙමම තමන්ගේ ඇඳි පුටුවට හිස තියාගත්තෙ මදක් අමනාපෙන්.තමන්ගේ බිරිඳගෙ වැඩිමල් සහෝදරයා උනාට මහමුදියන්සේට සේනාධිනායක මුදලි කියලා කියන්නේ රුස්සන්නෙම නැති මිනිහෙක්.මුවින් නොබැණ උන්නට මොකෝ මහා මුදියන්සේගේ මුළු හිතම මහා නොසරුප් වදන් වලින් සේනාධිනායක මුදලිතුමාව දකින දකින වාරයක් ගාණෙ පිරිලා යනවා.

බිරිඳට දීලා තියෙන ගෞරවය නිසා සේනාධිනායක මුදලි මෙහි නතර වුණු එකට මුකුත් නොකිව්ව මිසක මහමුදියන්සේ සේනාධිනායක මුදලිව වලව්වෙ නවත්තගත්තෙ හිත හොඳකින් නම් නෙවෙයි.ඒ නොහොඳකම නිසාම මහමුදියන්සේ මේ ටික දොහේ ම තමන්ගේ ව්‍යාපාර වැඩ වලට වැඩි වැඩියෙන් යෙදෙන්න ගත්තෙත් ඒක උලුප්පලා වලව්වට නෑවිත් ඉන්න පුළුවන් වෙන හින්දා.ඔන්න ඔය හේතුව නිසාම වෙන්න ඇති කොයි දේත් හොඳ හැටි පේන මහමුදියන්සේ තියුණු ඇස් වලට නේත්‍රත් එක්ක හරි හරියට ඇලෙන ගැලෙන සුදු බේබිබවත්,වත්තෙ සේවකයෙක් වුණු කරූ එක්ක මොකක්ම හරි අටමංගල්ලෙකට අර අඳින සේනාධිනායක මුදලිවවත් අහු වුනේ නැත්තෙ.

"මැණිකෙ,එහෙනම් මොනාහරි බලලා කරන්නකො.මම යනවා"

මහමුදියන්සෙ ඇඳි පුටුවෙන් නැගිටලා තමන්ගේ ඇඳුමත් හරිහැටි හදාගෙන තමන්ගේ තමන්ගේ මෝටර් රථයේ පිටුපසට නැග්ගේ අදත් රෑ වෙලා ම ගෙදර එනවා කියලා  හිතාගෙන.

"අයියා ඉන්නකො,මං තේ එකක් හදන්න එන්න"

සේනාධිනායක මුදලි ඉස්තෝප්පුවෙන් බැහැලා වලව්වත්තට පය තිබ්බෙ මේ ටිකේම අල්ලගන්න බලන් උන්නු පුංචි රූපෙ හැටට හැටේ වත්ත පිටිපස්සෙ ඉඳන් දුවන් එනවා දැකලා.

"අල්ල ගත්තා!!!!"

සුදු බේබි තමන්ගෙ පිටිපස්සෙන් එනවද කියලා බල බල හිනා වෙවී චුට්ටං අඩි තිය තිය දුවන් ආව නේත්‍ර එකපාරම අහුවුනේ අඩුවක් වගේ වුණු ග්‍රහණයකට.ඒත් එක්කම නේත්‍රගේ මූණෙ තිබුණ සිගිති හිනාව නැති වුණා වගේම තප්පර පහක් යන්නත් කලින් ඒ බෝල ඇස් වල කඳුළු පිරුණා.

"කොහෙද හා පැංචො දුවන්නෙ?"

තණතිල්ල මත ඉදගත්තු සේනාධිනායක මුදලි නේත්‍රව තද කරල අල්ලගෙන තමන්ගේ උකුලෙන් ඉන්දවගන්න උත්සහ දරන ගමන් ඇහුවා.

"ම්හ්හ්හ්.......ම්හ්හූඌඌක්ක්ක්.....ම්හ්හ්හ්හ්"

සේනාධිනායක මුදලි අහපු දේට උත්තර දෙන්න මහන්සි නොවන පුංචි නේත්‍ර කෙඳිරි ගාන ගමන් දැඟලුවේ ඒ දැඩි ග්‍රහණයෙන් මිදෙන්න.සුදු බේබි එක්ක වත්ත පහළට ගිය නේත්‍ර නස්නාරං කඩාගෙන සුදු බේබිවත් දාලා වලව්ව පැත්තට දුවන් එන්න ගත්තෙ උදේ පාන්දර තමන් නස්නාරං කන එකට සුදු බේබි බනින බව දන්න හින්දා.

නස් නාරං ගෙඩි පහ හයක් ඒ චුට්ටං අත් දෙකේ ගුලි කරං තමන්ගෙ පස්සෙන් පන්නාගෙන එන සුදු බේබි දිහා බල බල හිනා වෙවී ආව නේත්‍රට ලඳු කැලෑ කෑල්ලෙන් වලව්වත්තට ගොඩවෙන්න තියෙන පඩිය හරියට එද්දි සුදුබේබිව නොපෙනුනා.සුදු බේබි එන්න කලින් හංගන්න ඕනි කියලා හිතන් කියලා හිතන් ආව නස්නාරං ගෙඩි ටිකත් සේනාධිනායක මුදලිගෙ ග්‍රහණය නිසා බිම වැටිලා විසිරිලා ගිහින් තිබුණා.

"මොකෝ චූටි පැටියෝ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?"

නේත්‍රගෙ චූටි ශරීරය කිටි කිටියේ තද කරගත්ත සේනාධිනායක මුදලි අහද්දි නේත්‍ර කළේම දැඟලුව එක.අම්මා,අත්තම්මා,අක්කා ඇරෙන්න කිසිම පිරිමියෙක්ගේ ස්පර්ශයක් අද වෙනකන් නොවින්ඳ නේත්‍ර ලැදි වුනු එකම පිරිමි ස්පර්ශය ලැබුණේ සුදු බේබිගෙන්.ගමේ පිරිමි මිනිස්සු වගේම වලව් වැඩකරන මැනුවෙල් වගේ පිරිමි මිනිස්සුත් මේ හුරතල් බෝලෙට ලං වෙන්න කොච්චර හැදුවත් නේත්‍ර ඒ කිසි කෙනෙක් එක්ක කුළුපග නොවුනේ උපන්දා ඉඳලා ගෑනු උණුහුම් තුනකට  විතරක් මැදිවෙලා හැදුනු නිසා වෙන්න ඇති.

ඩිංගක්වත් රිද්දන්නේ නැති සුදු බේබිගෙ පිරිමි ස්පර්ශයට විතරක් ලෙන්ගතු වෙලා උන්නු පුංචි නේත්‍රට මේ ආගන්තුක පිරිමියාගේ ස්පර්ශය හුඟක් අපහසු වුණා.නේත්‍ර ගේ හුස්ම පවා හිරවෙලා ගියා.ඇග වෙවුලන්න ගත්තා.කෑගහන්නවත් පණක් නැති විදිහට පුංචි ශරීරය දුර්වල වෙද්දී තිබ්බ පණ ඩිංගෙන් නේත්‍ර කළේ කෙඳිරි ගගා දඟලපු එක.

"මොක......"

"එයාව අතාරිනවා!!!!"

සේනාධිනායක මුදලි නේත්‍රගෙ කම්මුල ලඟට අත ගෙනියන ගමන් තව මොකක් හරි අහන්න හදද්දිම ඇහුණු සද්දෙ නිසා සේනාධිනායක මුදලි පවා ගැස්සිලා ගියා.තමන්ට පිටුපස්සෙන් ඇහුනු කටහඬ නිසා අමුතුම පණක් එකට ආව නේත්‍ර තව ටිකක් දඟලද්දී,එකපාර ඇහුණු කටහඬට ගැස්සිලා ගිහින් හිටපු සේනාධිනායක මුදලිගෙ ග්‍රහණෙ ලිහිල් උනත් එක්කම නේත්‍ර මුදලිගෙන් අහකට පැන්නා.

බය උනු පාර නේත්‍රගෙ පුංචි ඇග පණ නැති වෙලා තිබුනා වගේම නේත්‍ර අහකට පැන්නත් එතනින් දුවාගන්න පුළුවන්කමක් නේත්‍රට තිබුනෙ නැහැ.අහකට පැන්න නේත්‍රව එතනම ඇදගෙන වැටෙන්න යද්දිම තමන්ගෙ වටේ එතුනු ඒ ආරක්ෂාකාරී උණුහුම දැනුනු නේත්‍ර තමන්ගෙ මුළු ශරීරෙම බර ඒ උණුහුමේ අයිතිකාරයට දීලා සැහැල්ලු උනා.

"ඔයා එයාව බය කරලා!!!!"

නේත්‍රවත් තුරුල් කරගත්තු සුදුබේබි මහ හයියෙන් කෑගහද්දි සේනාධිනායක මුදලි කේන්තියෙන් රතු කරගත්ත ඇස් වලින් සුදුබේබි දිහා බලන් හිටියා.වයස් පරතරේ කොච්චර වැඩි උනත් ඉරුගල්බණ්ඩාර පරම්පරාවෙ ලේ ඇගේ දුවන සුදුබේබිත් සේනාධිනායක මුදලි දිහා බලන් හිටියෙ ගිනි ගන්න ඇස් දෙකකින්.

"මොකද්ද සුදුපුතා උනේ?"

එලියෙ මොකක්ම හරි කලබලයක් වෙනවා දැනුනු ලොකුමැණිකෙ වලව් මුළුතැන්ගෙයි ඉදන් වත්තට දුවං එද්දි මකරු දෙන්නෙක් වගේ එකාට එකා පිඹගෙන ඉන්න තමන්ගෙ අයියව වගේව සුදුබේබුව දැකලා අඩිය ඉක්මන් කරලා එතනට ආවා.

"මෙයාව!!! මෙන්න මෙයාව ඉක්මනටම මගෙ ගෙදරින් යවන්න!!! මේ මනුස්සයා මගෙ නේත්‍රට රිද්දුවා!!!"

පුංචි දරුවෙක් උනත් සුදුබේබි රළු ගති තිබ්බ පුද්ගලයෙක් වෙද්දි මහමුදියන්සේට විතරක් අප්පච්චි කියලා කතා කල සුදුබේබි ලොකුමැණිකෙටවත් අම්මෙ කියලා කිව්වෙ නෑ.එහෙව් එකේ ලොකු මැණිකෙගෙ අයියට නෑකම් කියලා කතා කරයි කියලා බලාපොරොත්තුවක් කාගෙවත් හිත්වල නොතිබෙද්දි සුදුබේබිගෙ මේ කතා විලාසෙ ලොකුමැණිකෙට අසාමාන්‍ය එකක් උනේ නැහැ.

"සුදුපුතා.....හොද දරුවා වගේ නේත්‍රවත් අරගෙන කාමරේට යන්නකො"

ලොකු මැණිකෙ ඉක්මනින්ම තීරණයක් අරගෙන කිව්වෙ මෙතන සුදුබේබි රැදෙන්න රැදෙන්න ප්‍රශ්නෙ උඩුදුවන සම්භාවිතාව වැඩියි කියලා තේරුනු නිසා.අනික සුදුබේබිට වාරු වෙලා ඉකිගගහ අඩන නේත්‍රව දැක්කම සුදුබේබිගෙ කෑගැහිල්ලෙ වරදක් නෑ කියලත් ලොකු මැණිකෙට තේරුනා.නේත්‍රව තව ටිකක් තදින් තුරුල් කරගත්තු සුදුබේබි ලොකුමැණිකෙට වගේම සේනාධිනායක මුදලිටත් දවා අළු කරන බැල්මක් හෙලන ගමන් එතනින් ගියේ නේත්‍රගෙ හුස්ම ගැනීමෙ රටාව පවා අසාමාන්‍ය වීගෙන එද්දි.

"අයියා මොකද්ද කලේ ඒ කොලුවට?"

"යකෝ මම ඒකාට මක් කරන්නද? මේ ටොපි ටික දෙන්න හැදුවෙ පොඩි එකෙක්නෙ කියලා හිතලා.කොහෙද ඉතින් පොඩි මුදියන්සේ ඇවිත් මෙතන ඩෙගා නැටුවනෙ!!!"

සේනාධිනායක මුදලි කේන්තියෙන් කියන ගමන් තමන්ගෙ කලිසම් සාක්කුවෙ තිබුනු ටොපි දෙක තුන පෙන්නලා කියද්දි ඔලුව දෙපැත්තට වැනුව ලොකු මැනිකෙ යමක් මතක් උනා වගේ ගේ ඇතුලට දිව්වෙ සුපිපි කෙල්ලට සේනාධිනායක මුදලිගෙ තේ එක ගේන්න කියලා අණ කරන ගමන්.

"සුදුපුතා!!!"

"අහ්...අහ්නේ......නේ....නේට්....නේට්ට......ක....කතා.....කහ්....කරන්නෑනෙ පුංචි අම්මේ........"

වෙවුලන හඩකින් කරපු සුදුබේබිගෙ ආමන්ත්‍රණෙත් එක්කම ලොකු මැණිකෙ ගල් ගැහුනා.වලව්වට පය තිබ්බත් හරි සුදුබේබි තමන්ට ලෙංගතුව කතා කරපු පලවෙනි පාර මේක උනත් ලොකු මැණිකෙට ඒ ගැන හිත හිත සතුටු වෙන්න පුලුවන්කමක් තිබුනෙ නැහැ.මොකද මැණිකෙ හිතුවා වගේම සුදුබේබිගෙ ඇද උඩ හිටිය නේත්‍රගෙ හුස්ම ගැනීම අක්‍රමවත් වෙලා තිබුනා.උගත් ගැහැනියක් විදියට ඒ අක්‍රමවත් බව ඇතිඋනු කම්පනේ නිසා කියලා තේරුම් ගත්තු ලොකු මැණිකෙ සන්සුන්ව කටයුතු කරන්න හිතාගත්තා.

"සුදුපුතා.....පහලට ගිහින් අප්පච්චිගෙයි මගෙයි කාමරේ කන්නාඩි මේසෙ උඩ ඇති මහා සිද්ධාර්ථ තෛලය කියලා පොඩි කුප්පියක්.....අන්න ඒක අරගෙන එන්න"

ලොකු මැණිකෙ කිව්ව පමාවට ඔලුව වනපු සුදුබේබි තමන්ගෙ දෑස් වලින් පහලට රූටන කදුළුත් පිහිද පිහිද තමන්ට පුළුවන් උපරිම වේගෙන් දුවගෙන ගියේ පහල මාලයට.නේත්‍රව වාරු කරගෙන කාමරේට ආව සුදුබේබි බය උනේ නේත්‍ර කතා නොකරම එක දිගට ඉකි ගහන නිසා.එහෙම්මම නේත්‍රව ඇදෙන් ඇල කලත් නේත්‍ර හුස්ම ඉහලට ඇද ඇද ඉකිගැහුව මිසක් කතා කලේම නැහැ.කරගන්න දෙයක් හිතාගන්න බැරි වෙද්දි නේත්‍රට කරදරයක් වේදෝයි කියන බයත් එක්කම සුදුබේබිගෙ හිතුවක්කාර ඇස් වලින් කදුළු පනිද්දි දෙයියො බුදුන් දැක්කා වගේ ලොකු මැණිකෙ සුදුබේබිගෙ කාමරේට ඇවිත් හිටියා.

"ආ මෙන්න......."

විනාඩියක් යන්නත් කලින් පහලට ගිහින් උඩ තට්ටුවට දුවගෙන ආව සුදුබේබි අතේ පරිස්සමට ගුලි කරගෙන ආව තෙල් බෝතලේ ලොකු මැණිකෙගෙ අතේ තියද්දි ලොකු මැණිකෙ නේත්‍රව හෙමීට උස්සලා නේත්‍රගෙ උඩුකය වැහිලා තිබුනු කමිසෙ ගලවලා දැම්මා.අතට තෙල් ටිකක් ගත්තු ලොකු මැණිකෙ හෙමි හෙමින් නේත්‍රගෙ පපුවෙ වම්පැත්තෙ ඒ තෙල් ආලේප කරන්න ගත්තට ලොකු මැණිකෙ ඉක්මනටම තමන්ගෙ අත අහකට කරගත්තෙ නේත්‍රගෙ හදගැස්මෙ දැනුනු වෙනස නිසා.

තත්පර ගාණක් යන්නත් කලින් ලොකුමැණිකෙට වෙච්චි දේ තේරුනු නිසා ඇස් වල කදුළු පුරවගත්ත ලොකු මැණිකෙ නේත්‍රගෙ ඔලුව ගාවට වෙල ඒ මූණට එබීගෙන ඉන්න සුදුබේබි දිහා බැලුවා.

ඔව්.....සේනාධිනායක මුදලිගෙ ස්පර්ශෙන් බය වෙලා උන්නු පුංචි නේත්‍ර,ආපහු පාරක් තමන්ගෙ ශරීරෙට දැනෙන ආගන්තුක ස්පර්ශෙ නිසා බය වෙලා හිටියා.ගැහැනියෙක් උනත් ලොකු මැණිකෙගෙ ස්පර්ශෙ නේත්‍රට ආගන්තුක නිසා නේත්‍රගෙ ඇග පවා බයට වෙවුලද්දි ලොකු මැණිකෙ කල ඉගිය තේරුම් ගත්තු සුදුබේබි ඉක්මනටම නේත්‍රගෙ ලගින් ඇදේ ඉදගත්තා.

"සුදුපුතා....ඔය තෙල් බෝතලෙන් ඩිංගක් අල්ලට අරගෙන ඔය කොල්ලගෙ පපුවෙ වම් පැත්තෙ ගාන්නකො"

ලොකු මැණිකෙ කිව්ව දේට ඉක්මනටම ඔලුව වැනුව සුදුබේබි තමන්ගෙ චූටි අල්ල උඩට හලාගත්තු තෙල් ටික නේත්‍රගෙ පපුවෙ තවරන්න උනා.උඩ ඉදන් පහලට පපුවෙ වම් පැත්තෙ තෙල් ටික ගාලා හොදට අතගෑව සුදුබේබි විටින් විටේ ඉදිරියට නැවිලා නේත්‍රගෙ නලලෙන් සියුම් සිපුම් තැවරුවා.ටික වෙලාවක් යද්දි නේත්‍රගෙ හදගැස්ම සාමාන්‍ය වෙනවා දැනුනු සුදුබේබි ලොකුමැණිකෙ දිහා බලද්දි නේත්‍ර දිහා බලලා සුදුබේබි දිහා බැලුව ලොකු මැණිකෙ සුදුබේබිට එතනින් අයින් වෙන්න සන් කලා.නේත්‍ර ලගින් නැගිට්ට සුදුබේබි තමන්ගෙ ඇතිරිල්ල නේත්‍රට පෙරවලා කාමරේ කවුළුව ලග හිටන් උන්නු ලොකු මැණිකෙ ලගට ගියේ නේත්‍රට නින්දයාගෙන එනවා දැනුනු නිසා.

"එයාව ගෙදරින් යවන්න!"

මීට ටික වෙලාවකට කලින් තමන්ට කතා කල සුදුබේබිගෙ ලෙංගතු හඩ නැති වෙලා තිබුනා කියන එක දැනුනු ලොකු මැණිකෙ තමන්ගෙ ඇස් වලට පිරුනු කදුළු හොරෙන් පිහිදලා දාලා සුදුබේබි ලගිණ් දණනවාගත්තෙ සුදුබේබිගෙ උසට සරිලන උස හදාගන්න පුළුවන් උනේ එහෙම නිසා.

"සුදු පුතා,මම කියන දේ හොදට අහගන්න......මම එයාව යවන්නම් පුළුවන් ඉක්මනට.....හැබැයි එයා යනකම් සුදුපුතා පරිස්සම් වෙන්න ඕනි.....මේ කොලුවවත් සුදුපුතා හැමනිතරම සුදුපුතා ලගින් තියාගන්න.පුළුවන් තරම් අපි කවුරුහරි ඉන්න තැනක දෙන්නා එක්ක ඉන්න බලන්න.....

රෑට මොනම හේතුවකටවත් කාමරෙන් එලියට එන්න එපා.මම හරි අප්පච්චි හරි ඇරෙන්න වෙන කවුරු ඇවිත් කතා කලත් කාමරෙන් එලියට එන්න එපා.....තේරුනාද සුදුපුතාට? හවස් වෙන්න කලියෙන් වලව්වට එන්න......වැඩකරන කෙනෙක්ගෙ උනත් මේ ටිකේ මේ පොඩි එකා අපෙත් වගකීමක්......."

ලොකු මැණිකෙ සුදුබේබි ලගින් නැගිටලා ඉදිරිය බලාගද්දි සුදුබේබි හිටියෙ ලොකුමැණිකෙ කිව්ව දේවල් වලට පුදුම වෙලා.

"මම කිව්ව දේවල් ඒ විදියටම කරන්න සුදුපුතා.......මගෙ හිතට බයක් දැනෙනවා........සුදුපුතා මම කිව්ව දේවල් කඩකරන්න එපා තේරුනාද?"

ලොකු මැණිකෙ ආදරෙන් අහද්දි හිතුවක්කාර සුදුබේබි උනත් ඒකට එකග වෙලා තමන්ගෙ හිස වැනුවා.සුදුබේබිගෙ ඔලුව අතගෑව ලොකු මැණිකෙ කාමරේ දොරත් වහගෙන එලියට යද්දි සුදුබේබි ගිහින් කාමරේ දොර අගුල් දාලා ආපහු නේත්‍ර ලගට ආවෙ තාම උදේ උනත් ලොකු මැණිකෙගෙ වචන වලින් ඒ පුංචි හිතට ලොකු බරක් දැනිල තිබුනු නිසා.

"මගෙ නේත්‍ර......."

සුදුබේබිගෙ ඇතිරිල්ලත් බෙල්ල ලගට යනකං පොරවගෙන නිදාගෙන ඉන්න ඒ සන්සුන් රූපෙ දිහා බලන ගමන් සුදුබේබි ඇද පාමුල ඉදගත්තා.එහෙම ඉදගත්තු සුදුබේබි නේත්‍රගෙ මූණට සමාන්තරවම තමන්ගෙ මූණත් ඇද උඩින් තියාගෙන නේත්‍රගෙ සන්සුන් රූපෙ රසවිදින ගමන් හිටියා.

"ආයෙ බය වෙන්න එපා නේත්‍ර.....මම ඉන්නවා ඔයාව බලාගන්න"

නිදාගෙන ඉන්න නේත්‍ර දිහා බෙල්ලත් ඇල කරගෙන බලාගෙන ලොකුකම් මිමිනුව සුදුබේබි එහෙම්මම ඉස්සරහට නැවිලා නේත්‍රගෙ ඇස් දෙක උඩ හාදු දෙකක් තවරලා ආපහු පාරක් කලින් විදියටම ඔලුව තියාගත්තා.

"නිදාගන්න මගෙ නේත්‍ර.....මම ඔයා ලගම ඉන්නවා"

ලොක්කෙක් වගේ වචන කිය කිය නේත්‍රගෙ අත තමන්ගෙ අතට මැදි කරගෙන පිරිමදිමින් හිටපු සුදුබේබිගෙ ඇසුත් හෙමීට පියවීගෙන ගියා.

.

.

.

.

.

"බයියං කන්න බෑ?"

"එ..ප්...පා..."

"කේක් කෑල්ලක්?"

"එ...ප්..පා..."

"බිස්කට් එකක්?"

"එ..ප්..පා..."

"ම්ම්ම්.....එහෙනම් නස්නාරං ගෙඩියක්?"

"එහ්ත්...එ...ප්..පා..."

"මොනාද එහෙනම් ඕනි කියන්නකො නේත්‍ර?"

"අහ්ම්...මා....අම්මාව ඕහ්...ඕහ්නී.....අම්මා ඕනී"

නේත්‍ර කිව්ව දේත් එක්ක සුදුබේබිගෙ පුංචි හිතත් කීරිගැහිලා ගියා.උදේ උනු සිද්ධියත් එක්ක පැයක දෙකක වගේ වෙලාවක් නිදාගෙන උන්නු නේත්‍ර ඇහැරුනු ගමන් කලේ ආපහු පාරක් අඩන්න හදපු එක.නේත්‍රගෙ සද්දෙ එක්කම ඇද පාමුල.ඔලුව ගහන් උන්නු සුදුබේබිට ඇහැරෙද්දි නේත්‍රව තුරුල් කරගත්තු සුදුබේබි නේත්‍රට අඩන්න නොදී පාලනය කරගත්තා.ඒත් එවෙලෙ ඉදන්වත් නේත්‍ර හරි හැටි සුදුබේබි එක්ක කතා කලේවත්,කන්න බොන්න දුන්නු ඒවා පිලිගත්තෙවත් නැහැ.

බැරිම තැන නේත්‍රගෙ පය පාමුල දණ නවාගත්තු සුදුබේබි නේත්‍රගෙ චුට්ටං මූණ තමන්ගෙ අත්අතරට අරගෙන ඕනි දේවල් අහන්න ගත්තත් නේත්‍ර අම්මා ලගට යන්න ඕනි කිව්ව් දේත් එක්ක සුදුබේබිගෙ පපුව කඩා වැටුනා වගේ උනා.නේත්‍රව හම්බ වුණු දවසෙ ඉදලම සුදුබේබි තමන්ට මගෑරුනු මොකක්ම හරි උණුහුමක් පුංචි නේත්‍රගෙන් හෙව්වා.පුංචි උනත් ඒ දේ නේත්‍ර ලග තියෙනවා දැනූ නිසාමයි සුදුබේබි මෙච්චර නේත්‍රට කිට්ටු වෙන්නත් ඇත්තෙ.

නේත්‍ර අම්මා ගාවට යන්න ඕනි කියලා කියද්දි සුදුබේබිට දැනුනෙ නේත්‍රගෙන් ලැබෙන උණුහුම තමන්ට නොලැබීම යයි කියන බය.නේත්‍ර තමන්ගෙ යාලුකම යාලුකම එපා කියයි කියන බය.ඇත්තටම මේ වෙද්දි නේත්‍ර නිර්මලාට ලං වෙන එකට පවා සුදුබේබිගෙ හිතට පුංචි ඉරිසියාවක් ඇවිල්ලා තිබ්බා.සුදුබේබිගෙ වයසත් එක්ක එහෙම හිතෙන එක සාමාන්‍යයි.

සුදුබේබි වයසින් මුහුකුරා ගිය කෙනෙක් නම් නේත්‍රයි,නේත්‍රගෙ අම්මයි අතර තියෙන බැඳීම හරි ඝනකම් බැඳීමක් කියන එක තේරුම් ගන්න පුළුවන් වේවි.ඒත් තවම අවුරුදු 12ක පොඩි එකෙක් වුනු සුදු බේබිට ඒ දේ තේරුම් ගන්න අමාරු උනා.අම්මා දරුවා අතර තියෙන බැදීම හරි පුදුමාකාර වගේම ලේසියෙන් කඩන්න බැරි බැදීමක් කියන එක තේරුම් ගන්න සුදුබේබිට පුළුවන්කමක් තිබුනෙ නෑ.අන්න ඒ හේතුව නිසාමයි සුදුබේබි බය වුනේ නේත්‍ර, නිර්මලා නිසා තමන්ව දාලා යයි කියලා.

"දෙ....දෙයියනේ සුදුබේබි ඇයි මේ?"

මෙච්චර වෙලා සුදුබේබිව ගණන්වත් ගන්නෙ නැතුව අම්මා ලගට යන්න කුනුකුනු ගෑව නේත්‍ර කලබල උනේ තමන් ලග දණගහගෙන උන්නු සුදුබේබි පපුවත් අල්ලගෙන දෙකට නැවිලා ඉකිගහන්න ගත්තම.

"ම්....මාව දා...ලා.....යන්න.....එපා....නේ....ට්....ට"

සුදුබේබි ඉකි ගගහ අඩද්දි නේත්‍රට තමන් ගැන දැනුනෙ ලොකු කලකිරීමක්.උදේ වුනු සිද්ධියට තමන් බය උනත් සුදුබේබි තමන්ව බේරගෙන තමන්ගෙ ලගම හිටපු එක අමතක කරලා අම්මා ලගට යන්න ඕනි කියලා ඇඩුව එක හරි වැරදියි කියලා පුංචි උනත් නේත්‍රට තේරුනා.ඕනිම දරුවෙක් තමන්ට අමාරු වෙලාවක හොයන එකම දේ අම්මගෙ උණුහුම වෙද්දි නේත්‍රත් නිර්මලාව හොයපු එකේ වරදක් නොතිබුණත් සුදුබේබිගෙ හැසිරීම නිසා නේත්‍රගෙ හිතට මහ වරදකාරී වේදනාවක් දැනිලා තිබ්බා.

මොනා උනත් තමන්ගෙ ලගින්ම ඉන්න සුදුබේබිගෙ හිත රිද්දපු එක ගැන නේත්‍ර හිටියෙ ලොකු දුකකින්.සුදුබේබි තමන්ව කොච්චර හොදින් බලාගන්නවද,තමන්ට කොච්චර හොදට සලකනවද,තමන්ට කොච්චර ආදරෙයිද කියන එක නේත්‍රට මතක් වෙන්න ගත්තා.හිත පුරාම සුදුබේබි ගැන මහා උණුහුමක්,ලෝභකමක් පිරිලා යද්දි ඇද පාමුල දණ ගහගත්තු නේත්‍ර තමන්ගෙ චූට්ටං අත් වලින් බිම බලාගෙන අඩන සුදුබේබිට තට්ටු කලා.

"අඩන්න එපා මගෙ සුදුබේබි......සුදුබේබි අඩද්දි කැතයි"

හෙමින් සැරේ තමන්ගෙ දිහාවට හැරුනු සුදුබේබිගෙ කම්මුල් වලින් පල්ලම් බහින කදුළු කැට තමන්ගෙ චූට්ටං රෝස පාට අත් වලින් පිහිදන ගමන් නේත්‍ර කියද්දි සුදුබේබිට ඉකිය අතරින්ම ලාවට හිනා ගියා.

"නේත්‍ර.....මාව...දාලා යන්නෙ.....නෑ....නේද?"

තමන්ගෙ කම්මුල් උඩ එහා මෙහා යන නේත්‍රගෙ රෝසපාට අත් දෙක තමන්ගෙ අත් වලින් අල්ලගත්තු සුදුබේබි අහද්දි,සුදුබේබිගෙ අත් වලින් තමන්ගෙ අත් නිදහස් කරගත්තු නේත්‍ර ඒ චූටි අත් දෙක දෙපැත්තට විහිදුවෙ සුදුබේබිට නිහඩ ආරාධනාවක් කරන ගමන්.නේත්‍රගෙ නිහඩ ආරාධනය තේරුම් ගත්තු සුදුබේබි ඉක්මනටම නේත්‍රගෙ පපුව අස්සට ගුලි වෙද්දි තමන්ගෙ චූටි අත් වලින් සුදුබේබිව බදාගත්තු නේත්‍ර තමන්ගෙ චූටි ශරීරෙ අස්සෙ සුදුබේබිව දරාගෙන හිටියා.

"කවදාවත් නෑ සුදුබේබි"

"හැමදා...ම.....මාත් ...එක්ක ඉන්නවා නේද?"

"අනේ ඔයා..අඩ...න්...න....එපා සුදුබේබි....මම හැමදාම සුදුබේබි එක්ක ඉන්න...වා"

"අයියෝ අඩන්න එපා නේත්‍ර....කෝ....මේ මම අඩන්නෑ...මේ"

"අනේ සුදුබේබි මාත් එක්ක තරහයිද?"

"නෑ නෑ නේත්‍ර නෑ.....අයියෝ අඩන්න එපා.....නේත්‍ර....නෑ එපා......අයියෝ"

සුදුබේබිව තුරුල් කරං සනසන්න හදපු පණ්ඩිත බටු ඇටේට වැඩි වෙලා යන්න කලින්  සුදුබේබිගෙ කදුළු දරන්න බැරි වෙද්දි අන්තිමට උනේ හැමදාම වගේ සුදුබේබිට නේත්‍රව නලවන්න උනු එක.

...................................................................................................

"හෙමින් අනේ.....ඔය....ඔලු ගෙඩිය පේනවා"

"තමුන් කොටෙක් උනාට මම මොනා කරන්නද කොටෝ? තමුන්ට නැවෙන්නෙ නැතුව යන්න පුළුවන් උනාට අපිට නැවිලා ගිහින් අමාරුයි"

"ඔය ඉතින් වැඩේ අහුකරගන්න තමා ඔය දෙන්නා දගලන්නෙ ආශව,දිවාෂ මල්ලි!"

"අනේ අම්මට අහු උනොත්නම් ගුටි කන්න වෙයි මට"

"මම ඉන්නකං නේත්‍රට ගහන්න දෙන්නෑ කාටවත්"

"අනේ අනේ ආශව මේ.......ඇයි අර කොලඹදි කලා වගේ ගහපු මනුස්සයව පොකුණකට තල්ලු කරන්නද?"

"මොකද්ද සුදුබේබි පොකුණෙ කතාව?"

නේත්‍රගෙ ගෙදරෙ පිටිපස්සට ඇදෙන පොඩි හොරු හතරදෙනෙක් අතරෙ මේ රහසිගත සංවාදෙ හුවමාරු වෙද්දි ලොකු මෙහෙයුමකට තමන්ගෙ ගෙදරට හොරු පනින්න යනවා කියන කාරණාව නොදැන උන්නු නිර්මලායි සුමනායි තමන් කර කර උන්නු රාජකාරියෙ දිගටම නිරත වෙමින් උන්නා.

පුරුදු විදියටම දවල් කෑමෙන් පස්සෙ තමන්ගෙ සෙල්ලම් ඉසව්වට එක්කාසු වෙලා උන්නු නේත්‍ර,සුදුබේබි,දෙවින් තුන්දෙනා බලාගෙන හිටියෙ දිවාෂ එනකං.නිල ඇදුම් මහන්න දෙන්න ගිය දිවාෂ එන්න ටිකක් පරක්කු වෙන බව දැනන් උන්නු පොඩ්ඩො තුන්දෙනා එතනට වෙලා කල් මර මර හිටියෙ දිවාෂ නැතුව සෙල්ලම් කරන්නත් තිබ්බ කම්මැලිකම නිසා.ටික වෙලාවක් යද්දි ගිනි කසයා වගේ එතනට පිඹගෙන ආව දිවාෂ හති දදා කතා කරන්න ගත්තෙ දෙවින් දිවාෂව සන්සුන් කරන්න උත්සාහ කරද්දි.

"අහ්පිහ්...යහ්මුහ්ක්කෝ..නේහ්ත්තහ්ලාහ්ගේහ් ගෙහ්....."

"කෝ කෝ දිවාෂ මල්ලි ඔයාගෙ හුස්ම හිරවෙයි ඔහොම ඉදගන්නකො ඉස්සෙල්ලාම"

හති හල හල කතා කරන දිවාෂව තමන් ලගින් ඉන්දෝගත්තු දෙවින් හති හලන දිවාෂගෙ පිට අතගාන ගමන් දිවාෂට යම් සහනයක් ලබා දෙන්න උත්සාහ කලා.හැම තිස්සෙම තෙවින්ගෙ ගති ලක්ෂණ දිවාෂගෙන් පෙන්නුම් කරද්දි දෙවිනුත් එන්න එන්නම දිවාෂට සහෝදරයෙක් විදියට කිට්ටු වෙන්න අරං තිබ්බා.

"මොකද්ද කියන්න හැදුවෙ කියන්නකො දිවාෂ?"

සුදුබේබි තමන්ගෙ කන උඩ රදවලා තිබුනු නිදිකුම්බා මල අතින් අල්ලන ගමන්ම නේත්‍ර දිවාෂගෙන් අහද්දි සුදුබේබි කලේ අතේ තිබ්බ අනික් නිදිකුම්බා මල නේත්‍රගෙ අනික් පැත්තෙ කන උඩ රදවන්න උත්සාහ කල එක.සුදුබේබි දිහා බලලා ඇස් රෝල් කරපු දිවාෂ නේත්‍ර දිහා බලලා ආදරණීය හිනාවක් පාන ගමන් කතා කරන්න ගත්තෙ දෙවින්ගෙ ඔලුවට හයියෙන් පාරකුත් දෙන ගමන්.

"නේත්‍රලෑ ගෙවල් ලගින් එන්න බෑහ්....අම්මෝ පුසුඹ.....කැවුම් පුච්චනවා මගෙ හිතේ.මම එදා වගේම කෑගහගෙන ගේ ඇතුලට දුවන්න හැදුවෙ මම එන එක නවත්තන්න හරි එදා වගේ නේත්‍රලෑ අම්මා මට කැවුම් ගෙඩිය දෙයි කියලා හිතාන."

"ඉතින්?"

"දැකලා නැති නැන්දෙක් ඇවිත් මාව එලෙව්වා දෙවින් අයියෙ...."මේ පොඩිඋන් යකෝ ඉලන්දාරින්ට තියෙන අලිවිසේ උන්ට ගහලනෙ" කියලා කෑගැහුවත් එක්ක.අනේ මම නොපෙනී යනකංම කඩුල්ල ලගට වෙලා රවාගෙන බලාන උන්නා"

"අහ්...හහ්...හා"

නේත්‍රයි දෙවිනුයි අනුකම්පාවෙන් දිවාෂ දිහා බලාගෙන හිටියත් සුදුබේබි බිම පෙරලෙන ගමන් මහා හයියෙන් හිනා වෙන්න ගත්තා.දිවාෂට පොඩි ඇබැද්දියක් උනත් ඒක සුදුබේබිට මහ මෙරක් වගේ උනා.නේත්‍රව තමන්ගෙන් උදුරගන්න එක ලොකුම රාස්සයා විදියට දිවාෂට ගරු නම්බු දීලා උන්නු සුදුබේබි කොයි වෙලෙත් බැලුවෙ දිවාෂව කොන් කරලා හිනා වෙන්න පුළුවන් අවස්ථාවක් හොයාගන්න.ඉතින් මේ වගේ අවස්ථාවක් අතටම ඇවිල්ලත් ඒක මගෑරගන්න තරම් අමාරුවක් සුදුබේබිට තිබ්බෙ නෑ.

ඒ කොහොම උනත් තත්පර ගාණක් යද්දි පොඩ්ඩො හතර දෙනාගෙම ඔළුගෙඩි ඇතුලෙ කැරකෙන්න ගත්තෙ කැවුම් කොකිස් ගැන මතකෙ.ඒ සුවද පවා තමන්ට දැනෙනවා දැනෙනවා වගේ වෙද්දි අන්තිමට හැමෝම දිවාෂගෙ කූට උපක්‍රමේට දක්වපු සහයෝගීතාවෙ ප්‍රතිඵලයක් විදියට මෙ වෙද්දි හතරදෙනත් එක්කම නේත්‍රගෙ ගෙදර පිටිපස්සට හැංගි හැංගි ඇදෙන ගමන් හිටියා.

"අම්මෙ....එහා පැත්තෙ කොල සරබර ගානේ මක්කද දන්නෑ?"

"අර කාලකණ්ණි පූස්නාම්බා එනවා ඇති.කෙල්ලෙ ගනින් ඔය පොල් පිති කෑල්ලක්"

කුස්සියට වෙලා කැවුම් පුච්චන ගමන් උන්නු සුමනාගෙ අණට අනුව නිර්මලා තමන්ට එහා පැත්තෙ තිබ්බ දරමැස්සෙන් පොල් පිති කෑල්ලක් ඇදලා අරං දෙද්දි සුමනා කලේ ඉලක්කෙ බලලා සද්දෙ ආපු පැත්තට පොල් පිති කෑල්ල විසික් කරපු එක.

"බුදු අම්මෝ මයෙ දෙයියෝ!!!!"

"අම්මෙ පූසෙක් නෙවෙයි වගේ"

පොල් පිත්ත විසික් කරනවත් එක්කම මහ හයියෙන් ඇහුනු විලාප සද්දෙට ගැස්සිලා ගිය නිර්මලා ඉක් ඉක්කන්ටම විලාපෙ ඇහුනු පැත්තට දුවං ගියේ ඒ හඩේ තිබ්බ හුරුව නිසා.ඒ කටහඩ නිකං ආරියසිංහ මහත්තයාගේ එකම පුත්‍රරත්නෙගෙ වගේ!

"දෙයියෝ දිවාෂ පුංචි මහ.....මේ සිංහවංශ මහත්තයලෑ ලොකු බේ.....දෙයියෝ සුදුබේ.....ආ....මේ ඉන්නෙ නොසණ්ඩාලයා.ඒ ගමන මේ ලමයි ටිකව ඇදං ආවද කැවුම් හොරකමේ යන්න"

පුරුදු විදියටම නිර්මලා තමන්ගෙ එකාගෙ ඇගටම වරද පටවද්දි මෙලෝ වරදක් නොකල නේත්‍ර හෙමීට සුදුබේබිගෙ පිටිපස්සට වහං උනා.සුදුබේබි ඉස්සරහ දහයට ගනින්න බැරි අහිංසකයා වගේ උන්නට නේත්‍ර කියන්නෙත් එසේ මෙසේ අණ්ඩපාලයෙක් නෙවෙයි කියන එක නිර්මලා දැනන් උන්නා.නේත්‍ර සුදුබේබිව හම්බෙන්න කලින් අල්ලලා තිබ්බ ජල්ලි වල හැටියට අල්ලපු ගමේ වෙන අකරතැබ්බ වලටත් නිර්මලා නේත්‍රව සැක නොකර ඉන්න එකම ලොකු දෙයක් උනා.

කොහොමහරි සුදුබේබිගෙ ආශ්‍රෙත් එක්කම නේත්‍ර වෙනස් වෙන ගමන් හිටියා.ඒක නේත්‍රගෙ අම්මා උනු නිර්මලාට දැනිලා තිබ්බා.සමහර විට සුදුබේබිගෙ ආශ්‍රෙත් එක්ක එලියට එන්න අරං තිබ්බෙ දිවාෂගෙ ආශ්‍රේ තිබ්බ හොදකමින් ලැබුනු ආභාෂ නිසා යටගිහින් තිබ්බ නේත්‍රගෙ ඇත්තම ස්වරූපෙ වෙන්න පුළුවන්.ඇත්තම නේත්‍ර වෙන්න පුළුවන්.

"අපි එහෙනම් හෙට උදේම එන්නම් නිර්මලා නැන්දෙ"

මූණත් එක්ක බෙරි කරගෙන උන්නු දිවාෂ කියද්දි නිර්මලා දිවාෂගෙ ඔලුව අතගෑවා.කට්ටියව අහු උනාට පස්සෙ දිවාෂ තමන් මුකුත්ම නොකර අනික් අයගෙ මග පෙන්වීමෙන් මෙතනට ආවා වගේ ඔක්කොම සැලසුම් ටික පාපොච්චාරණය කරද්දි නිර්මලා හිටියෙ කටින් පනින්න යන හිනාව තද කරගන්න ගමන්.අන්තිමේදි මේ කැවුම් හෙට චාරිත්‍ර වලට ගන්නකං ඉදුල් කරන්න හොද නෑ කියලා පොඩ්ඩො ටිකට ආදරෙන් පැහැදිලි කල නිර්මලා පොඩ්ඩො ටිකව ගෙදරින් පිටත් කලෙ හෙට උත්සවේට එන්න කියලා ආරාධනා කරන ගමන්මයි.පොඩ්ඩො ටිකත් ඒකට එකපයින් කැමති උනා.මොකද ඉතින් එයාලට කැවුම් කොකිස් ඕනිතරම් කන්න පුළුවන් නෙ!

කඩුල්ලෙන් එපිටට පැන්න නේත්‍රගෙ මූණ ඉම්බ නිර්මලා තමන්ගෙ තුරුලෙන් මිදිලා සුදුබේබි ලගට ගියාට පස්සෙ,සුදුබේබි පරිස්සම් කරගෙන එක්කන් යන තමන්ගෙ පොඩි එකා දිහා බලලා සැනසුම් සුසුමක් හෙලන ගමන් ගේ ඇතුලට ගියා.දෙවින් දිවාෂ දෙන්නගෙ හිත ඇතුලෙ හෙට උත්සවේ නිසා ඇති වුනු සතුට පිනුම් ගහද්දි නේත්‍ර හිටියෙ දුක සතුට අතර දෝලනය වෙන ගමන්.හෙට ඉදන් ආයෙ නිර්මලා ලග තමන්ට ඉන්න පුළුවන් එකට සතුටු හිතෙද්දි,හෙට ඉදං සුදුබේබි එක්ක ඉන්න පුළුවන් කාලෙ අඩු වෙන එක ගැන අනික් පැත්තෙන් නේත්‍ර දුක් වුනා.

මේ අතරෙ සුදුබේබි හිටියෙ තමන්ගෙ ඇස් වල බැදිලා තිබ්බ කදුළු පටලෙ ඉක්මනටම වියලාගන්න උත්සාහ කරන ගමන්.හෙට ඉදන් නේත්‍ර ආපහු තමන්ගෙන් ඈත් වෙන එක ගැන සුදුබේබිගෙ හිතේ මහ දුකක් පුරෝලා තිබ්බා.තත්පර ගාණකට නේත්‍රව අතෑපු සුදුබේබි වත්ත පහල ගහක් පාමුල තිබ්බ ගැටපිච්ච මල් වැලෙන් මලක් කඩාගෙන ආපහු නේත්‍ර ගාවට දුවගෙන ඇවිත්

නේත්‍රව තද කරලා අල්ලගත්තා.

නේත්‍ර දිහා බලලා දුක්මුසු හිනාවක් පැව සුදුබේබි ගැටපිච්ච මල හෙමින් සැරේ තමන්ගෙ කොටකලිසම් සාක්කුවෙන් දාගන්න ගමන් නේත්‍රව පරිස්සමින් අල්ලන් ලදුකැලෑ කෑල්ල නගින්න ගත්තා.

...................................................................................................

3000+ වචන හොදතේ🙈❤️

ඔයාලගෙ වීරයා ආවා🌚👉👈

අද කෑල්ල එච්චර හරි නැද්ද මංදා?

ලොකු දෙයක් ලියවුනේ නෑනෙ......

හරි නැ වගේනම් තරහා වෙන්න එපා බබාලා හොදද🥺❤️

ඉස්සරහට හොද හොද සෙල්ලම් වෙන්න තියේ😌🥺❤️

_Taekookie_Moon_ නංගො🥺❤️ තැන්කූ🥺❤️ මගෙ කතාවට හම්බුනු දෙවනි තෑග්ග මේ.....ඒක හුගාක් ලස්සනයි 🥺❤️ ගොඩාරියක් ස්තූතියි ඔයාට🥺❤️මම ආදරෙයි❤️

ඔයාලට කියන්න තව දෙයක් තියේ බබාලා🥺❤️

මම කවදාවත් වෝට් ගෝල්,කමෙන්ට් ගෝල් දාලා නෑ......ඒකට හේතුව තමයි මම විශ්වාස කරපු දෙයක් තිබ්බා.......

දවසක මම කතාවට සාධාරණයක් ඉෂ්ට කලොත් ඒක කියවන පාඨකයොත් මට සාධාරණයක් කරයි කියලා 🥺❤️

දන්නවද?

ඔයාලා ඒක කලා🥺❤️

මම මේක පටන් ගත්තු මුල ඉදංම මගෙ හිතේ ආසාවක් තිබ්බා කමෙන්ට්ස් ගොඩාරියක් එක්ක වෝට්ස් 50ක්වත් අඩුම පන්නන්න❤️ ඒත් මම ඒක කිව්වෙ නැහැ....මොකද මගෙ විශ්වාසෙ නිසා❤️

අන්තිමේදි ඒක ඉෂ්ට උනා🥺❤️ ගියපාර 200+ comments ......මට පිස්සු වගේ🥺❤️ ඇඩෙන්නත් ආවා මට......වෝට්ස් 50පැන්නුවා🥺❤️ අනේ මට මේ දෙන සතුටට ගොඩාරියක් ස්තූතියි බබාලා ඔයාලට😭❤️

මේ මට ලැබුනු තවත් ලස්සනම ලස්සන අදහසක්🥺❤️ මම හිතුවෙ නෑ මේ තරමටම කතාව දැනිලා ඇති කියල....කියන්න තියෙන්නෙ මෙච්චරයි.......

අනේ මම ආදරෙයි🥺❤️

බබාලා එහෙනම් මම ගිහින් එන්නම්❤️

අඩුපාඩු මොනාහරි තියේනම් මට කියල දෙන්න හරිද🥺❤️ මම ඒවා ආසාවෙන් හදාගන්නවා❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤

මම කැමීලියා🏵️❤️

Share This Chapter