Back
Chapter 18

17 කොටස🤍✨

නිවාලන්න මා...

යාන්තම් අඳුර මැකීගෙන එද්දී මැනුවෙල්ව පෙරටු කර ගත්තු පොඩ්ඩො හතර දෙනා ගම්මාන තිබුණු විසාල වෙල් යාය පහු කරන ගමන් හිටියා.අතේ තිබුන විදුලි පන්දම පත්තු කරගෙන පාරට අල්ලගෙන ගිය මැනුවෙල්ගේ ඇස් දෙක හීනි වෙලා ගිහින් තිබ්බෙ තිබ්බේ මේ අඩ අන්ධකාරෙ සත්තු සරපයි පාර මාරු වෙනවද කියන එක ගැන විමසිලිමත් වෙමින් හිටිය නිසා.

ඉඳහිටක ඇහෙන වෙල් යායෙ ඉන්න ගෙම්බන්ගේ "බක බක" සද්දෙ අනුගමනය කරන දිවාෂ නිසා කට්ටියගෙම මූණුවල හිනාවක් ඇදිලා තිබ්බා.මේ වෙලාවට ගම්මානයේ දුවන බස් රථයේ ගමනාගමන කටයුතු ඇරඹිලා නොතිබෙන නිසා පොඩ්ඩො ටික මේ සතිය පුරාම උදේ පාන්දර ටවුමට ගෑටුවා.මේ ගෙවමින් තිබ්බෙ පොඩ්ඩො හතර දෙනාගේ පාසල් යන තුන්වෙනි සතිය.

පලවෙනි සතියේ මුළුල්ලේම සුදු බේබිව අරගත්තු ඉරුගල්බණ්ඩාර වලව්වේ බෙන්ස් රථයයි,දෙවින්ව අරගත්තු සිංහවංශ මෝටර් රථයයි,නේත්‍රවයි දිවාෂවයි අරගත්තු ආරියසිංහ නෝනගෙ වැගන්ආර් රථයයි හැමදාම ඉස්කෝලෙ ගාවට උදේ ගිහින් පොඩ්ඩො හතර දෙනාව බැස්සුවා වගේම දවල්ට ඉස්කෝලෙ ඇරෙන වෙලාවටත් පොඩ්ඩො ටිකව පාසල ලගින් අරගෙන ගෙදර ආවා.

ඒත් දෙමව්පියන්ගෙම තීරණ වලට අනුව දෙවනි සතියෙ ඉදන්ම පොඩ්ඩො ටිකව බස් වලට හුරු කරන වැඩේ ආරම්භ කලා.මුලදි මැනුවෙල් බස් එකේ ඉස්කෝලෙ ලගටම ගිහින් සුදුබේබිවයි දෙවින්වයි දාලා ආවත්,ආරියසිංහ නෝනා දිවාෂවයි නේත්‍රවයි බස් එකේ ඉස්කෝලෙ ගාවටම ගියත් මේ වෙද්දි පොඩ්ඩො ටිකව පාරට දාන වැඩේ විතරක් මැනුවෙල්ට කරන්න ඉතිරි වෙලා තිබ්බා.ලොකු මැණිකෙගෙ උපදෙස් වලට අනුව නේත්‍රවයි දිවාෂවයි දෙන්නවත් සුදුබේබියි දෙවිනුයි එක්කම පාසල් ගමනට හුරු කලෙත් කට්ටියම එකට යද්දී  බයක් වෙන්න ඕනි නැති නිසා.

"කෝ ඔහොම ඉන්න නේත්‍ර"

සුදුබේබි නේත්‍රගෙ අත හයියෙන් තද කරලා අල්ලගෙන කියද්දි අත රිදුනු නිසා නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.බස් එකක් එනකං ටවුමට කලින් තිබුනු වංගුවෙ මාර ගහ යටට වෙලා හිටිය පොඩ්ඩො හතර දෙනාට ටිකක් එහාට වෙන්න මැනුවෙලුත් හිටගෙන හිටියා.හැමදාම ඔතනට ආවට පස්සෙ කඩි කුලප්පුව හැදෙන දිවාෂ බස් එක එනකං අරහෙට මෙහෙට දිව්වට සුදුබේබි එක්ක ඒ සෙල්ලම් කරන්න නේත්‍රට හම්බුනේ නැහැ.

හැමදාම පාරට එනකං වගේම ආවට පස්සෙත් නේත්‍රගෙ අතින් අල්ලගන්න සුදුබේබිගෙ අතේ ග්‍රහණෙ බස් එකේ ඉදගත්තට පස්සෙ නැතිවෙලා ආයෙ ඉස්කෝලෙ ලගින් බහිද්දි ඇති වෙනවා වගේම ඉස්කෝලෙ ගේට්ටුව ගාවදි නේත්‍රගෙ අත සුදුබේබි අතහරිනවා.ඉස්කෝලෙ ඉවර වෙලා ගේට්ටුවෙන් එලියට එන නේත්‍රගෙ පුංචි අත ආපහු පාරක් පෙර පිලිවෙලටම සුදුබේබිගෙ දඩු අඩුවෙ ග්‍රහණෙට අහුවෙනව වගේම ඒ අත අතෑරෙන්නෙ වලව්ව ලගදි.

පාර දිගේ දුවන්න හදන නේත්‍රගෙ අතින් අල්ලගන්න සුදුබේබි පාරෙ ඇතුල් පැත්තෙන් නේත්‍රව තියාගෙන පරිස්සමට එක්කන් එන හැටි,එක්කන් යන හැටි දෙවින්ට වගේම දිවාෂටත් හුරු පුරුදු දසුනක් වෙලා තිබ්බා.කාගෙවත් බලපෑමක් එල්ල වෙලා නොතිබ්බ දිවාෂ නම් පුලුවන් උපරිම විදියට නිදහසේ පාර දුවලා පැනලා ගියා වගේම වාහන වලට දිවාෂව හැප්පෙන්න යන අවස්ථා වලදි නම් තමන්ගෙ පාඩුවෙ සන්සුන්ව පාරෙ ඇවිදගෙන යන දෙවින් දිවාෂගෙ බෙල්ලෙන් අල්ලලා වාහන වලට හැප්පෙන්න නොදී බේරගත්තා.නේත්‍රට එහෙමවත් ප්‍රශ්නයක් නොවුනෙ හැමවෙලේම සුදුබේබි නේත්‍රව පරිස්සම් කරගෙන ගිය නිසා.

(බස් එක නවත්තන මාර ගහ)

පුරුදු විදියටම බස් එක ඇවිත් පොඩ්ඩො හතරදෙනා ඉස්සරහින් නවත්තද්දි ඔක්කොමල්ලව පෙරලගෙන දිවාෂ බස් එකට නැග්ගා.දිවාෂ ටිකක් කොට නිසා බස් එකේ කොන්දොස්තර මහත්තයා හැමදාම දිවාෂගෙ අතින් අල්ලලා දිවාෂව උඩට ගන්න එකත් හරි සාමාන්‍ය දෙයක් උනා.ඊලගට පිටිපස්ස බලලා සුදුබේබිට "නගින්න" කියල ඔලුවෙන් සන් කරපු දෙවින් බස් එකට නගිද්දි නේත්‍රගෙ අතින් අල්ලගත්තු සුදුබේබි මැනුවෙල් දිහා බලලා "යනවා" කියලා සංඥාවක් දුන්නා.

"කෝ පරිස්සමට නගින්න නේත්‍ර"

නේත්‍රගෙ ඉණෙන් අල්ලගෙන් හෙමීට බස් එකේ අන්තිම පඩියට නේත්‍රව නැග්ගෙව්ව සුදුබේබි අන්තිමට බස් එකට නැග්ගා.මේ වෙලාව වෙද්දි මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් බස් එක ඇතුලෙ හිටියා වගේම පුරුදු විදියට බස් එකේ ජනේලයක් අයිනෙන් ඉදගත්තු දිවාෂ තමන්ගෙ බෙල්ල ජනේලෙන් එලියට දාගෙන හිටියා.දිවාෂට එහා පැත්තෙන් ඉදගෙන හිටිය දෙවින් බස් එකට නැග්ග සුදුබේබිය් නේත්‍රයි දිහා බලලා හිනා වුණා.දෙවින්ටයි දිවාෂටයි පිටිපස්සෙ සීට් එකේ ජනේලේ පැත්තෙන් නේත්‍රව ඉන්දවපු සුදුබේබි නේත්‍ර ලගින්ම වාඩි වෙද්දි බස් එක ඇද්දෙව්වා.

"කෝ ඔළුව ඇතුලට දාගන්න දිවාෂ මල්ලි"

පුරුදු විදියටම දිවාෂගෙ කමිසෙන් අල්ලලා ඇද්ද දෙවින් දිවාෂට කියද්දි දෙවින්ට විරිත්තුව දිවාෂ සීට් එකේ පිලිවෙලට ඉදගත්තා.මේ දේවල් මෙහෙම වෙද්දි සුදුබේබිනම් හිටියෙ පුරුදු විදියටම හුලං පාර වැදිලා කොණ්ඩෙ එහෙ මෙහෙ යන නේත්‍රගෙ මූණ දිහා බලාගෙන.තවමත් සුදුබේබිගෙ අතක් නේත්‍රගෙ අතක තදින් පැටලිලා තිබ්බා වගේම සුදුබේබිගෙ මූණ නේත්‍ර දිහා බලන හැමපාරකම හරි අමුතු හිනාවකින් සැරසුණා.

"සුදුබේබි"

නේත්‍ර තමන්ගෙ මූණ දිහා බලාගෙන ඉන්න සුදුබේබිට කතා කරලා තමන් ලග හිටගෙන හිටිය කොන්දොස්තර මහත්තයව පෙන්නුවා.බෑග් එකට අතදාලා සල්ලි ගත්තු සුදුබේබි ඒ සල්ලි කොල දෙක කොන්දොස්තර මහත්තයට දික් කලා.

"**** එක ගාව දෙකයි"

කොන්දොස්තර මහත්තයට කිව්ව සුදුබේබි ඉස්සරහ බලාගද්දි කොන්දොස්තර මහත්තයා හෙමීට සුදුබේබිගෙ එහා පැත්තෙ ඉදන් හිටිය නේත්‍ර එක්ක හිනා වෙද්දි නේත්‍රත් ආපිට කොන්දොස්තර මහත්තයා එක්ක හිනා වුණා.මේ හැමදේම සුදුබේබිට හොරෙන් සිද්ධ වෙන්න හේතුව තිබුණා.

බස් එකේ යන පලවෙනිම දවසෙ නේත්‍රගෙ හුරතල් පෙනුම නිසා නේත්‍ර ගැන ආදරේ හිතුනු කොන්දොස්තර මහත්තයා නේත්‍රගෙ ඔලුව අතගාලා "සුභ උදෑසනක් පුතේ" කියලා කිව්වෙ කොන්දොස්තර මහත්තයාටත් නේත්‍රගෙ වයසෙම දරුවෙක් හිටිය නිසා.ඒත් ඒ ගමන්ම කොන්දොස්තර මහත්තයා දිහාට මාරාන්තික බැල්මක් හෙලපු සුදුබේබි නේත්‍රගෙත් අත තද කරලා මිරිකපු පාරට බය වුණු කොන්දොස්තර මහත්තයා වගේම නේත්‍ර එදා ඉදන් සුදුබේබිට හොරෙන් හිනා වෙන්න පුරුදු වෙලා හිටියා.සුදුබේබි පොඩි ලමයෙක් උනාට එයාගෙ තිබුනු අමුතුම දැඩි ගතිය නිසා ලොකු මනුස්සයෙක්ව උනත් ටිකක් සසල කිරීමේ හැකියාවක් තිබුනා.

"නේත්‍ර ඊයෙ දුන්නු ගෙදර වැඩ ඔක්කොම කලා නේද? මට ඊයෙ හවස එන්න බැරි වුනානෙ නේත්‍රව බලන්න ගෙදෙට්ට"

"කලා සුදුබේබි.ඊයෙ ගණන් වලයි,ඉංග්‍රීසි වලයි විතරයි ගෙදර වැඩ තිබ්බෙත්"

"ඊයෙ නෑයො වගයක් ආවනෙ.ඒකයි එන්න බැරි උනේ.නේත්‍ර මා එක්ක තරහා නෑ නේද?"

"අනේ කමක් නෑ සුදුබේබි.මම කොහොමද සුදුබේබි එක්ක තරහා වෙන්නෙ?"

නේත්‍ර ඇස් දෙකත් ලොකු කරන් අහද්දි සුදුබේබි හිනාවෙලා නේත්‍රගෙ කම්මුලක් හෙමීට අතගෑවා.සුදුබේබි එක්ක හිනා වුනු නේත්‍ර ආපහු පාරක් ජනේලෙන් එලිය බලාගද්දි නේත්‍රගෙ මූණ මත්තෙම ඇස් දෙක එල්ලගෙන හිටිය සුදුබේබි හෙමීට වචන ටිකක් මිමිණුවා.

"කොහොමත් නේත්‍රට මාත් එක්ක තරහා වෙන්න ඉඩ තියන්නෙත් නෑ මම"

...................................................................................................

(උදේට ඉස්කෝලෙ යද්දි අවට පරිසරය)

.

.

.

.

.

"**** එක ගාව බහින්න බහින්න බහින්න."

කොන්දොස්තර මහත්තයගෙ සද්දෙත් එක්ක සීට් වලින් නැගිටලා ඉස්සරහට ගිය පොඩ්ඩො හතර දෙනා ඉස්කෝලෙ ලගම තිබුනු බස් හෝල්ට් එකෙන් බැහැගන්න ලෑස්ති වුනා.පුරුදු විදියටම බස් එකේ පඩි ටික පහල හිටන් හිටිය කොන්දොස්තර මහත්තයා දිවාෂව උස්සලා වඩාගෙන බිමින් තියද්දි ඊට පිටිපස්සෙන් බැහැපු දෙවින් එක්කම බැස්ස සුදුබේබි අන්තිම පඩියෙ හිටිය නේත්‍රව උස්සලා බස් එකෙන් එලියට ගත්තා.

පොඩ්ඩො ටිකට හිනාවෙලා සමුදීලා බස් එකට නැග්ග කොන්දොස්තර මහත්තයට අත වැනුව දිවාෂ ඉස්කෝලෙ පැත්තට යන්න ගත්තෙ උඩ පැන පැන.දිවාෂගෙ පිටිපස්සෙන් ඇවිදගෙන ගිය දෙවින්ගෙ ගමනනම් හරි තැන්පත් එකක් උනා.ඊට පිටිපස්සෙන් නේත්‍ර එක්ක ආව සුදුබේබි ඉස්කෝලෙ ගේට්ටුවට ටිකක් මෙහායින් නැවතිලා පුරුදු විදියටම නේත්‍රගෙ අතින් අතෑරලා නේත්‍රගෙ පැත්තට හැරුනා.

කලිසම් සාක්කුවෙන් පුංචි පනාවක් අතට ගත්තු සුදුබේබි බෑග් එකේ පටි දෙකෙන් අල්ලගෙන තමන් දිහා බලාගෙන ඉන්න නේත්‍රගෙ මූණ ලගට නැවිලා පුරුදු විදියටම නේත්‍රගෙ කොණ්ඩෙ පීරුවා.කොණ්ඩෙ පීරලා ඉවර වෙලා නේත්‍රගෙ කමිසෙයි කලිසමයිත් අතින් පිලිවෙලකට හැදුව සුදුබේබි නේත්‍රගෙ බෑග් එකෙන් අල්ලගෙන ඉස්කෝලෙ විශාල ගේට්ටුවෙන් ඇතුල් වුණා.

...................................................................................................

"Good Morning මගෙ මලමාලයෝ!!!!"

සෙක්ෂන් එකට ඇතුල් වුණත් හරි මල යටිගිරියෙන් හූ තියාගෙන ආව පොඩි කොල්ලෙක් දෙවින්ගෙ අතේ එල්ලිලා ඒත් එක්කම සුදුබේබි එක්කත් හිනා වුණා.

"Good morning ආශව"

"Good morning දෙනෙත්"

"ඔයා මට ඇයි කවදාවත් Good morning කියන්නෙ නැත්තෙ මනමාලයො?"

සුදුබේබිගෙ උදෑසන සුභපැතීම නිසා සතුටින් හිනා වුණු දෙනෙත් ඊලග තත්පරේ තොල් දෙකත් නොපිටට පෙරලගෙන දෙවින්ගෙන් අහද්දි දෙනෙත්ගෙ අත තමන්ගෙ බාහුවෙන් ගලවලා දාපු දෙවින් කිසි කතාවක් නැතුව පන්තියට ඇතුල් වුණා.දෙවින්ගෙ පස්සෙන්ම ගිහින් දෙවින්ට එහා පුටුවෙ ඉදගත්තු දෙනෙත් දෙවින්ගෙ අතින් ඇද ඇද වද දෙද්දි සුදුබේබිට මතක් වුනේ පෙරේදා දවසක තමන් නේත්‍ර එක්ක කේන්ති අරන් කතා නොකර ඉද්දි නේත්‍රත් ඔහොම්මම තමන්ට වද දුන්නු හැටි.

ඒත් එක්කම එදා පලවෙනි දවසෙ දෙනෙත් පන්තිය මැද්දෙම කෑගහලා දෙවින්ව පිලිඅරගෙන දෙනෙත් ලග හිටිය ලමයි දෙන්නවම වෙන ඩෙස් දෙකකට එලවලා දාලා තමන්වයි දෙවින්වයි දෙනෙත් ලගට ගත්තු හැටිත් සුදුබේබිට මතක් වුණා.

"මෙයා මගෙ නැන්දගෙ පුතා.ඔය අපි මොන්ටිසෝරි යන කාලෙකදිද කොහෙද අපි මෙයාලෑ ගෙදර පාටියකට ගියා.කොහොමහරි එතන හිටපු නෑදෑයො අපේ නෑකම් ගැන කියවන්න ගද්දි නෑනා මස්සිනා දෙන්නට marry කරන්න පුළුවන් කියලා කියන්න ගත්තා.නෑනා අයිති මස්සිනාට කියලා.ඒත් මටයි තෙවින්ටයි නෑනෙක් නැහැ.මෙයා තමා අපි දෙන්නටම මස්සිනෙක් විදියට හරි හිටියෙ."

"ඉතින්?"

"ඉතින් නෑනෙකුත් නැති නිසා මෙයාලගෙ තාත්තා කිව්වා මස්සිනාලා දෙන්නට තමා එහෙනම් බදින්න වෙන්නෙ කියලා.එවෙලෙ මෙයා ඇහුවා මාමගෙන් 'මම කවදාහරි බදින්නෙ දෙවින් අයියවද?' කියලා.මාමත් ඔව් කිව්වා.එදා ඉදන් තමා මේ වදේ මට.එදා ඉදන් මෙයා මාව මෙයාගෙ මනමාලයා කරගත්තා.මට තාම හිතාගන්න බැරි ඇයි අපේ මල්ලිව නැතුව මෙයා මාවම මගෙ මනමාලයා කරගත්තෙ කියලා."

"ඔයා තෙවින් වගේ නපුරු නෑ මගෙ මනමාලයෝ"

එදා දෙවින් තමන්ගෙ බාහුවක් අල්ලගෙන ඒක උඩ ඔලුව තියං ගෙදර වැඩ ටික කොපි කරන දෙනෙත් දිහා බලලා කියද්දි දෙනෙත් තමන්ගෙ ඇගට පතට නොදැනී දෙවින්ට උත්තර දුන්නු හැටිත් සුදුබේබිට මතක් වුණා.ඒත් එක්කම සුදුබේබි පියවි සිහියට ආවෙ කෑගහන දෙනෙත්ගෙ සද්දෙ නිසා.

"කියන්නකො මනමාලයෝ!!!! ඔයා ඇයි අනේ මට උදේට Good morning නොකියන්නෙ?"

"මම ඔයාට Good morning කියන්නෙ නැත්තෙ මට ඔයාව දැක්කම morning එක good වෙන්නෙ නැති නිසා දෙනෙත්!!!"

සති තුනක් තිස්සෙම කට පියාගෙන දෙනෙත් කියන හැම දෙයක්ම ඉවසන් හිටිය දෙවින් අද කෑගහද්දි දෙනෙත් ඇස් දෙකත් ලොකු කරගෙන දෙවින් දිහා බලාගෙන හිටියා.සුදුබේබිට උනත් එකපාරටම අවුල් ගියේ මොනා උනත් මේ ටික කාලෙට දෙනෙත් තමන්ය හුගක් කිට්ටු වුණු යාලුවෙක් උන නිසා.ඇස් වල කදුළුත් පුරවගත්තු දෙනෙත් දෙවින් දිහාම බලාගෙන ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.

"මම ඒක ඔයාට කරදරයක් කියලා හිතුවෙ නෑ මගෙ මනමා........දෙවින් අයියෙ.මම ඔයාට චූටි කාලෙ ඉදලම හරි ආදරේ නිසයි එහෙම කතා කලේ.Sorry.......ඇත්තටම.....මට ගොඩාක් සමාවෙන්න.ආයෙ මම එහෙම වද දෙන්නෙ නැහැ"

දෙවින් දිහා බලලා කියපු දෙනෙත් කදුළුත් පිහිදගෙන පන්තියෙන් පිට වෙද්දි සුදුබේබි හයියෙන් හුස්ම ගන්න ගමන් හිටිය දෙවින්ගෙ උරහිස උඩින් තමන්ගෙ අත තිබ්බා.ලේසියකින් කේන්ති නොගන්න දෙවින් මෙහෙම කේන්ති ගත්තම ඒක පාලනය කරන්නත් අමාරු බව සුදුබේබි දැනගෙන හිටියා.දෙවින් මෙහෙම කේන්ති ගන්න හේතුව දෙවින්ට පන්තියෙ ලමයි විහිලු කරපු එක වෙන්න ඇති කියලා සුදුබේබි අනුමාන කලා.

"දෙවින්,කලබල නොවී ඉන්නකො"

"හරි ආශවයා.ඒක අවුලක් නෑ.ආයෙවත් මට වද නොදී ඉදීනෙ එයා!!!"

සුදුබේබි දෙවින්ගෙ කරට තට්ටු කරන ගමන් කියද්දි පුංචි  දෙනෙත් කවුරුත් නැති ඉස්කෝලෙ වොෂ් රූම් එකක් ඇතුලට වෙලා අඩන ගමන් හිටියා.

.

.

.

.

.

"යංකො"

"ඉන්නකො ටිකක්"

"අනේ යංකො"

"ඉන්න ඉන්න මේ අන්තිම ටික"

"අනේ යංකො"

"හරි තව තත්පර දහයයි"

"අනේ යංකො දෙවින්"

"පොඩ්ඩක් දගලන්නෙ නැතුව ඉන්නවකො ආශව!!!"

උදේ 10.30ට විවේක කාලෙ ආරම්භ වුනා කියන්න දන්වන සීනුව නාද වුනාට පස්සෙ සුදුබේබි කලේම සිංහල වල නෝට් එකක් ලියන ගමන් ඉන්න දෙවින්ගෙ අතින් ඇද ඇද එලියට යමු කියපු එක.ඇත්තටම එලියට නෙවෙයි.06 වසරෙ පන්ති කාමර පැත්තට!!!

"දෙනෙත් යමු"

"ඔයාලා යන්න ආශව.මට මේ නෝට් එකක් සම්පූර්ණ කරගන්න තියෙනවා"

සුදුබේබි දෙනෙත්ට කතා කලේ හැමදාම වගේ සුදුබේබි නේත්‍රව බලන්න දෙවින් එක්ක යද්දි මෙච්චර දවස් දෙනෙතුත් එයාලා එක්කම පස්සෙන් වැටීගෙන ආපු නිසා.උදේ උනු සිද්ධියෙන් පස්සෙ දෙනෙත් තමන් ඉදගෙන හිටපු තැන පවා වෙනස් කරගත්තා.ඩෙස් තුන ගාණෙ එක ලගට වෙන්න ගිය ඩෙස් පෝලිම් තුනක් පන්තිය දෙකොනෙ තිබ්බා වගේම ඩෙස් දෙක ගාණෙ ගිය පෝලිමක් ඒ මැද්දෙ තිබ්බා.

මෙච්චර දවස් දෙනෙත්,දෙවින්,සුදුබේබි පිලිවෙලට එක ලග ඩෙස් තුනේ ඉදගෙන හිටියත් අද උදෙන් පස්සෙ සුදුබේබිව මැද්දෙ ඩෙස් එකට දැම්ම දෙනෙත් බිත්තිය කොනේ තිබුනු ඩෙස් එකේ තමන්ගෙ තැන හදාගත්තා.දෙවින් උනත් අද වෙනදට වඩා සන්සුන්ව හිටියෙ හැමවෙලේම තමන්ට වද දෙන දෙනෙත්ගෙ වදෙන් නිදහස් වෙලා හිටිය නිසා.

"හරි දෙනෙත් අපි ගිහින් එන්නම් එහෙනම්"

සුදුබේබි කියද්දි දෙවින් දිහා හොරෙන් බැලුව දෙනෙත් සුදුබේබි එක්ක හිනා වෙලා තමන්ගෙ ඔලුව වැනුවා.දෙවින්ගෙ කරටත් අත දාගත්තු සුදුබේබි හෙමින් හෙමින් ඇදෙන්න ගත්තෙ 06 වසරෙ පන්ති පැත්තට.විවේක කාලෙට හැමදාම වගේ ඉස්කෝලෙ කැන්ටින් එකෙන් කෑම කන සුදුබේබියි දෙවිනුයි දෙන්නා විවේක කාලෙ දීලා තිබ්බ පැය බාගෙන් විනාඩි 20ක්ම නේත්‍ර දිවාෂ දෙන්නත් එක්ක ගත කරලා අන්තිම විනාඩි 10 කෑම කන්න කැන්ටින් එකට දිව්වා.

ඇත්තටම ඔය වැඩෙන් දෙවින්ට සෑහෙන්න පාඩුවක් උනත් සුදුබේබි තමන්ගෙ හොදම යාලුවා නිසා දෙවින් උනත් ඒකට මුකුත් කිව්වෙ නැහැ.ඇත්තටම සුදුබේබි මේ නේත්‍රව බලන්න එන වැඩේ නිසා හැමදාම පිලිවෙලට හෙමීට කන දෙවින්ට සවලෙන් ගහන්නා වගේ බත් එක කටට දෙකට වේගෙන් කාලා දාන්න උනා.

"නේත්‍ර,අන්න ඔයාගෙ අයියා ඇවිල්ලා"

ඉදුල් අතක් පිටින් පන්තියෙන් එලියට ආව නේත්‍රගෙ පන්තියෙ ලමයෙක් කෑගහද්දි සුදුබේබිට හිනා ගියා.තමන් ආව බව ඇහුනු ගමන් බත් කකා හිටිය නේත්‍ර පුරුදු විදියටම පුටුවෙන් නැගිටලා එන්න හැදුවත් සුපුරුදු විදියටම සුදුබේබිගෙ රැවිල්ල නිසා නේත්‍ර පුටුවෙන් ඉදගෙන ඉක් ඉක්මනට තමන්ගෙ බත් එක කන්න ගත්තා.පලවෙනි දවසෙ දෙකේදි සුදුබේබි තමන්ව බලන්න එද්දි කකා හිටිය කෑම එකත් පැත්තකින් තියලා සුදුබේබිව බලන්න ගිය නිසා සුදුබේබි කෑම කාලා මිසක් ආයෙ එලියට එන්න එපා කියලා නේත්‍රට සැර කලා.මොකද සුදුබේබිට ඕනි වුනේ නෑ නේත්‍රව බඩගින්නෙ තියන්න.

"ආ දිවාෂගෙ අයියත් ඇවිල්ලා"

"ඇයි තමුසෙට කැහිල්ල වගේද?"

පන්තියෙ හිටිය කටකාරම කොල්ලෙක් කෑ ගහලා කියද්දි දිවාෂ ඒ කොල්ලට අනික් පැත්තට කියලා දැම්මා.ඇත්තටම 1 වසරෙ ඉදලම ඉස්කෝලෙ හිටිය පන්තියෙ උඩගු ලමයි කීප දෙනෙක්ටනම් දිවාෂටයි නේත්‍රටයි ලොකු අයියලා දෙන්නෙක් ඉන්න එක ගැන ලොකු ඉරිසියාවක් දැනිලා තිබ්බා.දිවාෂයි නේත්‍රයි ඉස්කෝලෙට ඇවිල්ලා ටික කාලයක් උනත් මේ වෙද්දිනුත් සෑහෙන්න කැපී පෙනෙන ලමයි දෙන්නෙක් වීගෙන එන එක හුගක් දෙනාට දිරවන්නෙ නැති වුණා.

ඉස්කෝලෙට ආව මුල්ම සතියෙදි අලුත් ලමයින්ට පාසලේ තියෙන එක සංගමයකට හරි බැදීම අනිවාර්‍ය වුනේ පාසලේ බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීම අත්‍යවශ්‍ය වුණු නිසා.ඉතින් අලුත් සාමාජියකො බන්දවගන්න පන්තියට එන ලොකු අයියලා ඔක්කොමල්ලා ඉස්සරහම නැගිට්ට දිවාෂ තමන්ගෙ නමයි නේත්‍රගෙ නමයි හැම සංගමේකටම ලබා දුන්නා.

ඇත්තම කිව්වොත් දිවාෂ සමහර සංගම් වල කරන්න තියෙන්නෙ මොනාද කියලවත් දැනන් හිටියෙ නැහැ.සමහර සංගම් වල නමේ තේරුමවත් දිවාෂට තේරුනේ නෑ.ඒත් දිවාෂගෙ නොබියව ඉදිරිපත් වීමේ ප්‍රතිඵල විදියට මේ වෙද්දි නේත්‍රගෙ නමයි දිවාෂගෙ නමයි හැම සංගමේකම වගේ තිබ්බා.

දෙවින්ගෙයි සුදුබේබිගෙයි තත්වෙ ඊට හාත්පසින්ම වෙනස් වුණා.තෝරා බේරගෙන අවශ්‍යම සංගම් වලට විතරක් බැදුනු ඒ ජෝඩුව අතරින් සුදුබේබි මේ වෙද්දි පාසලේ Cricket Club එකට,Media Unit එකට,Music Club එකට විතරක් ආසාවෙන් බැදුනා වගේම නේත්‍ර ඉන්නවා කියලා දැනන් හිටිය නිසා පාසලෙ නාට්‍ය සංගමේටත් බැදුනා.Cricket Club එකට,Music Club එකට විතරක් බැදුනු දෙවින් එතනින් එහාට ආව එක සංගමේකටවත් බැදෙන්නෙ නැතුව මේසෙ උඩ ඔලුව තියාගෙන නිදාගෙන හිටියා.

"සුදුබේබි"

ඉදුල් අත පිටින්ම සුදුබේබි ලගට ආව නේත්‍ර සුදුබේබිට කතා කරද්දි නේත්‍ර එක්ක හිනා වුනු සුදුබේබි ටැප් එක පෙන්නුවා.සුදුබේබි එක්ක හිනා වෙලා නේත්‍ර තමන්ගෙ අත හෝදගන්න ටැප් එක ලගට යද්දි ඇගිල්ලක් කටේ දාගෙන දතක් අස්සෙ හාර හාර පන්තියෙන් එලියට ආව දිවාෂ සුදුබේබිට රවලා දෙවින්ට විරිත්තලා ටැප් එක ලගට දුවගෙන ගියා.

"බඩ පිරෙන්න කෑවද නේත්‍ර?"

"ඔව් සුදුබේබි"

හැමදාම කෑම කෑවට පස්සෙ සුදුබේබි අහන ප්‍රශ්නෙට හිනා වෙලා උත්තර දුන්නු නේත්‍ර සුදුබේබිගෙ ඉස්සරහට වෙලා හිටගෙන සපත්තුවෙන් පොලව හාරන්න පටන් ගත්තා.

"ආ ආශව අයියේ"

නේත්‍රගෙයි දිවාෂගෙයි අලුත් යාලුවා වුනු ආර්ය සුදුබේබි එක්ක හිනා වෙලා දෙවින්ගෙත් පිටට තට්ටුවක් දාගෙන යද්දි සුදුබේබි ලාවට ආර්ය එක්ක හිනා වුනා.ඇත්තටම සුදුබේබිගෙ යටිහිතේ ආර්ය එක්කත් සෑහෙන්න ලොකු අවුලක් තිබුනා.ඇයි ඉතින් නේත්‍රව බෙදාගන්න තව මනුස්සයෙක් ඇවිල්ලනෙ!

"අරක තියෙන්නෙ කීයට කිව්වද?"

"ඉන්ටවල් එකෙන් පස්සෙ සුදුබේබි.11.15 ට විතර"

පෙරේදා හවස තිස්සෙම පොඩ්ඩො හතර දෙනා දිවාෂලාගෙ ගෙදරට වෙලා පෝස්ටර් වගයක් හැදුව හැටි සුදුබේබිට මතක් වුණා.මත්ද්‍රව්‍ය විරෝධී පාසල් සතියක් පවත්වාගෙන යන්න කියලා රජයෙන් හැම පාසලකටම කරපු දැනුවත් කිරීමේ ප්‍රතිඵල විදියට අද නේත්‍රලාගෙ ඉස්කෝලෙත් 6 - 9 පාසල් සිසුන් එක්ක මත්ද්‍රව්‍ය වලට කරන විරෝධතාවයක් සංවිධානය කරලා තිබ්බා.පෙරේදා ඉදන්ම ඒ ගැන කරපු දැනුවත් කිරීම් එක්ක 6 හා 7 ශ්‍රේණි වල සිසුන්ට නියමිත වුණේ පෝස්ටර් නිර්මාණය කිරීම.

ඉතින් පෙරේදා හවස පොඩ්ඩො හතර දෙනා තමන්ගෙ පෝස්ටර් නිර්මාණය කරන්න දිවාෂලාගෙ ගෙදරට රිංගුවෙ ගමේ හිටිය වැදගත් පවුලක් විදියට ආරියසිංහ පවුල මහමුදියන්සෙයි සිංහවංශ වලව්වෙ මහ කුමාරිහාමියි දකින නිසා වගේම වලව් වල ඉස්සරහ දොරෙන් ඇතුලට පය තිබ්බත් බැනුම් අහන නේත්‍රට උනත් ආරියසිංහ ගෙදරට යන එන එකේ තහංචියක් නොතිබ්බ නිසා.

"මොනාද දැන් මේවයෙ ලියන්නෙ අපි?"

දෙවින් අහද්දි දිවාෂ වැඩ්ඩා වගේ පපුව ඉස්සරහට දාගෙන උත්තර දුන්නා.

"ඔබ මත් රකුසාව බිලි ගනියි"

"වැරදියිනෙ කොටෝ"

කොයි වෙලෙත් දිවාෂව විහිලුවට ගන්න හදන සුදුබේබිටනම් දිවාෂට වචනයක් පැටලුනු එක උනත් ලොකු දෙයක් වුණා.

"මත් රකුසා ඔබව බිලිගනියි දිවාෂ"

"හරි.ඒක දිවාෂ මල්ලි ලියන්න.එතකොට නේත්‍ර මල්ලි?"

"ආශව රකුසා නේත්‍රව බිලිගනියි"

"දිවාෂ මල්ලි!"

"අනේ දිවාෂ"

"ඕනිනම් බිලිගන්නවා තමා කොටෝ!"

"මොකද දෙයියනේ මේ රණ්ඩුව?"

කට්ටියගෙම කටවල් වහන ගමන් එතනට ආව ආරියසිංහ නෝනාගෙ අතේ තිබ්බ බීම වීදුරු ටික පොඩ්ඩො හතර දෙනා අතේ බෙදිලා ගියා.

"මේ දිවාෂ තමා අනේ"

බීම එකෙන් උගුරක් බොන ගමන් සුදුබේබි ගතු කියද්දි තමන්ගෙ පුංචි පුතාගෙ කටේ හැටි දන්න ආරියසිංහ නෝනා දිවාෂ දිහා බැලුවෙ ඉණටත් අත් දෙක තියාගෙන.

"සිගිති! මම ඔයාට කියලා තියෙනවා යාලුවො එක්ක ඔහොම......."

"සිගිති?"

"සිගිති!!!"

"ඈ සිගිති?"

"අනේ අම්මා!!!"

එදා හවස පෝස්ටර් හදන වැඩේට අමතරව දිවාෂගෙ ලොකු රහසකුත් හෙලි වුණු නිසා කවුරු නැතත් සුදුබේබි හිටියෙ සතුටෙන්.දිවාෂට ගෙදරට කියන නම දැනගත්තු නිසා තව ටිකක් දිවාෂව විහිලුවට ලක් කරන්න පුලුවන් වෙන එක ගැන සුදුබේබි හරියට සතුටු වුණා.

"ආශව ඉන්ටවල් ඉවර වෙන්න තව විනාඩි 10යි.කන්න යංකො"

මෙච්චර වෙලා දිවාෂගෙ ගැටේකට අහු වෙලා දිවාෂට රුපියල් පනහක් පිදුව දෙවින් ඉන්ටවල් එක ඉවර වෙන්න තියෙන වෙලාව කියලා සුදුබේබිට කතා කලා.මතක ලෝකෙන් එලියට ආව සුදුබේබි දෙවින්ට ඔලුව වනලා නේත්‍රගෙ පැත්තට හැරුණා.

"ඉස්කෝලෙ ඇරුනාම ගේට් එක ගාවටම වෙලා ඉන්න.හරිද? අද අර කොල්ලා ආවෙ නෑනෙ ඔයාගෙ මූණ මිරිකන්න?"

"න්..නෑ නෑ සුදුබේබි"

සුදුබේබි නේත්‍ර එක්ක තරහා වෙන්න හේතුව උනු සිද්ධිය මතක් වෙද්දි නේත්‍රගෙ ඇග වෙවුලුම් කෑවා.සති දෙකක් යන්නත් කලින් මහ මුදියන්සෙට ඉස්කෝලෙට එන්න හේතුවක් උනෙත් ඒ දේ.ඒ දේට මුල් වුනේ සුදුබේබිගෙ පන්තියෙම හිටිය නාහෙට නාහන කොල්ලෙක්.හැමදාම උදේට ඉස්කෝලෙ හත වසර ලග තියෙන වතුසුදු මල් ගහ ගාවට මල් කඩන්න එන පුංචි කොල්ලෙක්ව දැක්ක ඒ නාහෙට නාහන එකා දවසක් දෙකක් යද්දි ඒ ගැන විමසිලිමත් වෙන්න ගත්තෙ ඒ පොඩිත්තගෙ තිබුනු අමුතු ලස්සන නිසාමයි.

දවස් දෙක තුනකට පස්සෙ වතුසුදු මල් ගහ ගාව රැකං හිටිය ඒ දගයා කලේ උදේ පාන්දරම නේත්‍රව අල්ලගත්තු එක.නේත්‍රගෙ අත් දෙකෙන් අල්ලගත්තු ඒ දගයට ඕනි වුනේ මේ ලස්සන පුංචි බබා එක්ක වචනයක් දෙකක් කතා කරන්න.ඒත් කොහෙද අල්ලගත්තු ගමන් ඒ පොඩි එකා කලේ ඉකි ගගහා අර දගයගෙන් ඈත් වෙන්න දැගලුව එක.

කලිනුත් කිව්වා වගේ නේත්‍රට පහසු,සහනයක් තියෙන එකම පිරිමි උණුහුම අද වෙනකනුත් සුදුබේබිගෙ උණුහුම විතරයි!

"අනේ අතාරින්නකෝ"

"චූටි බබාගෙ නම මොකද්ද?"

නේත්‍ර අමාරුවෙන් වචන ගැටගහන ගමන් අර දගයගෙ ඇගෙන් ඈත් වෙන්න හැදුවත් ඒ දගයට ඕනි වුනේ මේ පුංචි බට්ටගෙ නම දැනගන්න.තමන් මෙහෙම ඒ පුංචි බට්ටව අල්ලගෙන ඉන්න එක ඒ බට්ටට අපහසුවක් වෙයි කියලා අර දගයට නිකමටවත් හිතුනෙ නැහැ.ඒත් එක්කම පිරිලා තියෙන නේත්‍රගෙ කම්මුලක් මිරිකුව ඒ දගයා නේත්‍ර එක්ක ලස්සනට හිනා වුණා.

"අතාරිනවා එයාව!"

හරි! පුරුදු විදියටම නේත්‍ර මල් කඩන දිහා උඩ තට්ටුවෙ දැලේ එල්ලිලා බලාගෙන හිටිය සුදුබේබි අඩියට දෙකට පහලට දුවගෙන ඇවිල්ලා නේත්‍රගෙ ඇගෙන් අර දගයව අහකට ඇදලා නේත්‍රව තුරුල් කරගත්‍තා.අහකට තල්ලු කරපු පාරට ලග තිබුනු කණුවක වැදිලා අන්තිමේදි අර දගයගෙ අත කැඩුණු නිසා පාසලට ආව මහ මුදියන්සේ සුදුබේබිව ගෙදර අරං ගිහින් වේවැල් කසායෙන් ඇති පදම් සැලකුවා.

අන්තිමේදි සුදුබේබිට නින්ද යනකං අඩ අඩ සුදුබේබිගෙ කකුල් වල පොල් තෙල් ගගා සුදුබේබිගෙ කකුල් අතගෑව නේත්‍ර එදායින් පස්සෙ සුදුබේබිව රණ්ඩු වල පැටලෙන්න නැති විදියට පොරොන්දු කරවගත්‍තා.

"ආයෙ එයා ආවොත් නේත්‍ර මට කියන්න හොදද? මම එහෙනම් දැන් යන්නම්"

"හරි සුදුබේබි.පරිස්සමින්!"

මහ මනුස්සයා වගේ නේත්‍රට උපදෙස් දුන්නු සුදුබේබි නේත්‍රගෙ ඔලුවත් අතගාලා කැන්ටින් එක පැත්තට දෙවින් එක්ක දුවද්දි නේත්‍රයි දිවාෂයි දෙන්නා පන්තිය ඇතුලට ගියේ ඊලගට පෝස්ටර් උස්සගෙන "මත් ද්‍රව්‍ය භාවිතය තහනම් කරනු" කියලා තමන්ට කෑගගහා ඉන්න වෙනවා කියලා දන්න නිසා.

...................................................................................................

"පරිස්සමට බහින්න නේත්‍ර"

ගමට යන අතුරුපාර ලගදි නැවැත්තුව බස් එකෙන් බැස්ස සුදුබේබි නේත්‍රගෙ අතිනුත් අල්ලං බස් එකෙන් බස්සවගෙන නේත්‍රව පාරෙ ඇතුල් පැත්තට කරගෙන ඇවිදගෙන යන්න පටන් ගත්තා.සුදුබේබිලාගෙ ඉස්සරහින් දෙවින් පාඩුවෙ ඇවිදන් ගියා වගේම දිවාෂනම් පිස්සෙක් පිහාට්ටෙක් ගානට පාරෙ දිගේ උඩ පැන පැන ඇවිදින ගමන් හිටියා.

"ඒයි සිගිති පාරෙ අයින් වෙලා යනවා!"

"අනේ අනේ ආශව තිදස්වර මේහ්හ්හ්හ්හ්!!!"

නේත්‍රව පරිස්සමට එක්කරං එන ගමන් දිවාෂට කෑගැහුව සුදුබේබි දිහා බලලා රැව්ව දිවාෂත් සුදුබේබිට පස්ස දික් කරලා පස්ස දෙපැත්තට වැනුවා.

මේ හැමෝගෙම මල විගඩම් බල බල පාඩුවෙ යන දෙවින්ගෙ හිතනම් අද ටිකක් රිදිලා තිබුනෙ දෙනෙත්ගෙ වෙනස් වීම නිසා.උදේ තමන් සැර කලාට පස්සෙ පන්තියෙන් එලියට ගිය දෙනෙත් පන්තියට ආපහු ආ වෙලේ ඉදන්ම තමන්ට වදයක් නොවෙන විදියට හිටියා කියලා දෙවින්ට තේරුනත් ඒ වෙනස දෙවින්ට වදයක් වුණා.හෙට වෙද්දි දෙනෙත් ඔව්වා අමතක කරයි කියලා හිත හදාගත්ත දෙවින් කල්පනා කලේ අද ගෙදර ගිහින් තෙවින්ට කෝල් කරලා එයාලා පාසලේ කෙරුව විරෝධතාවෙ ගැන විස්තර කියන්න ඕනි කියලා හිතාගත්තා.

"නේත්‍ර....."

"ම්ම්ම්ම්ම්"

"ඔයාට නිකං මම හැමවෙලේම ඔයා එක්ක කතා කරන එක,ලගට එන එක වදයක් වගේද?"

සුදුබේබි ඇහුවෙ ඇත්තටම අද උදේ ඉදන් හිතට දැනුනු චකිතය නිසා.දෙනෙත් වගේම තමනුත් හැමවෙලේම නේත්‍රට අයිතිවාසිකම් කියන නිසා ඒ දේ දෙවින්ට වදයක් වුනා වගේ නේත්‍රටත් තමන්ව වදයක් වෙයි කියලා සුදුබේබි බය වුණා.සුදුබේබිගෙ හිත මේ වෙද්දිනුත් නේත්‍රගෙ අයිතිවාසිකම් එක්ක ලොකු දුරක් ගිහින් තිබ්බ නිසා නේත්‍රට තමන්ව වදයක් වගේ වෙයි කියන එක හිතන්න පවා සුදුබේබි බය වුණා.

"අනේ සුදුබේබි.මොනාද මේ අහන්නෙ? අනේ.....මට....සුදුබේබිව වටිනවා හුගාක්....."

නේත්‍රගෙ වචන කැඩි කැඩී ඇහෙන්න ගද්දි ඊලගට වෙන්න යන දේ තේරුණු සුදුබේබි නේත්‍රගෙ කරවටේ අත දාලා නේත්‍රව තමන් ලගට තුරුල් කරගත්තා.

"අඩන්න එපා.නේත්‍රට මාව වදයක් වෙයි කියලා බය වුණු නිසයි මම ඇහුවෙ"

ගම්මානෙ ඇතුලට තියෙන අතුරුපාරෙ වටපිටාව ඇත්තටම පුදුමාකාර විදියෙ ලස්සන එකක් වුණා.පාර තිබුනෙම බෑවුම් දෙකකට මැදි වුණු උස් බිමක වෙද්දි හයියෙන් කෑගහලා කතා කලොත් ගම්මානෙ වටේ තියන කදුපන්ති වල හැප්පිලා ඒ සද්ද දෝංකාර දෙන මට්ටමටම ඒ පරිසරේ සැකසිලා තිබුණා.හරිත වර්ණයෙන් දිදුලන ඒ පරිසරය දිවා කාලයේදී උනත් උෂ්ණාධික එකක් නොවුණා.

කොයි වෙලෙත් සෞම්‍ය දේශගුණයක් තිබුණු ඒ ගම්මානෙ අතුරුපාර දෙපැත්තෙම වැවිලා තිබුනු ගහ කොලන් නිසා පාර උනත් ඉර එලිය තදේට නොවැටෙන විදියට ආවරණය වෙලා තිබුණා.පැය බාගෙකට වාරයක් ගමනාගමනයෙ යෙදෙන ගම්මානෙ බස් රථය ඇරෙන්න පුට් සයිකලයක්,මෝටර් සයිකලයක් වගෙ දෙයක් පාරෙ ගියා මිසක මෝටර් රථ වගේ දේවල් ඒ පාරෙ ගියේ හරි අහම්බෙන් වුණා.ඉතින් පුංචි ලමයෙකුට උනත් හිතේ හැටියට දුවලා පැනලා බයක් නැතුව පාරෙ ගමන් කරන්න වගේම,තරුණ පෙම්වතුන්ට නිදහසේ කතා කරන ගමන් ඇවිදින්න ගමේ අතුරු පාර උනත් ආරක්ෂාකාරී එකක් වුණා.

"දෙවින් අයියෙ....ඔයාගෙ මනමාලයා අද ආවෙ නැත්තෙ මොකෝ අපේ පන්ති පැත්තෙ?"

"ආහ්හ්....එයාට ඔලුවෙ කැක්කුමක් කිව්වෙ දිවාෂ මල්ලි"

පාර දිගේ නට නට ගිය දිවාෂ නැවතිලා අහද්දි ඔලුව පිටිපස්ස කැසුව දෙවින් පත පචයක් කෙලියෙ ඇත්ත කියලා දිවාෂගෙ කට අවුස්සගන්න ඕනි නැති නිසා.මොකද දිවාෂ සුදුබේබිටයි,දෙවින්ටයි වඩා මේ ටික දවසට දෙනෙත්ට ලං වෙලා හිටියා.

"අනේ...දෙනෙත් අයියව හෙට උදේම බලන්න යන්නෝනි.ඒක නෙවේ.ඔයා ඇත්තටම කවදා හරි දෙනෙත් අයියව බදිනව නේද දෙවින් අයියෙ?"

දිවාෂ නොදැනුවත්කමට අහද්දි දෙවින් උනත් කලේ හිනා වුණු එක.තවමත සමාජෙට පය ගහන මුල් අවධියෙ හිටිය මේ පුංචි උන් තවමත් සමාජෙ තියෙන සම්මත අසම්මත ගැන,නීති රීති ගැන,චාරිත්‍ර වාරිත්‍ර ගැන ලොකුවට දැනුමකින් පිරිලා හිටියෙ නෑ.දෙන්නට දෙන්නා ආදරෙයිනම් එයාලට කසාද බදින්න පුළුවන් කියන උසස් මානසික මට්ටමේ හිටිය මේ පොඩි උන් ටික සමාජෙ ගැන ටිකෙන් ටික දැනුවත් වෙද්දිනම් තේරුම් ගනීවි.....

විවාහෙකට අවශ්‍ය වෙන්නෙ ආදරය නෙවෙයි ලිංගය කියන සමාජ සම්මතේ ගැන!

තවමත් ඒ ගැන කිසි දැනුමක් නොතිබ්බ දෙවින් ඔලුව උඩ පහල වනලා නේත්‍රවත් තුරුල් කරන් එන සුදුබේබි දිහා බලාගෙන දිවාෂ ලගින් නතර වුණා.නාහෙන් අඩන නේත්‍රව නලව නලව එන සුදුබේබි තමන් දෙන්නා හිටි තැනට එන්න තව ටිකක් වෙලා යනවා කියන එක තේරුම් ගත්තු දෙවින් දිවාෂ දිහා බලලා ප්‍රශ්නයක් ඇහුවා.

"එතකොට් දිවාෂ කසාද බදින්නෙ? ගමේ එක්කෙනෙක්වද?"

"අප්පෝ නෑ.මම ගමේ අයට ආසා නෑ.මම ගමේ අයගෙන් ආස නේත්‍රට විතරයි.ඒත් නේත්‍රව කසාද බදින්න බෑනෙ මට.අර රාක්ෂයා හින්දා"

"දිවාෂ මල්ලි! ඔයානම් ගුටි කනව වෙලාවක නේත්‍රට අයිතිවාසිකම් කියන්න ගිහින්"

"මම නම් බය වෙයි ඔය මොට්ට ආශවයට"

"හරි හරි .ඒනම් කාවද බදින්න කියන්නකො"

"මම කොලඹින් මනමාලයෙක් හරි මනමාලියක් හරි හොයාගන්නවා"

"කොළබින්? අපේ මල්ලිව දෙන්නද?"

"තෙවින් අයියව? දෙවින් අයියා කැමතිද?"

"අප්පෝ ඔව්.ඔය දෙන්නා එකම විදියෙ ඩබලක්නෙ"

දෙවින් දිහා බලලා කුපාඩි විදියට හිනා වුනු දිවාෂ අතුරුපාරෙ කොනටම ගිහින් කන්ද පැත්තට හැරිලා කෑගහන්න ගත්තා.

"ඔන්න දෙවින් අයියත් කැමති වුනෝ.මම කවදහරි කසාද බදින්නෙ තෙවින් අයියව!!!"

සමාජෙ තියෙන විසකුරු බව ගැන පුංචිවත් වැටහීමක් නැති පොඩි එකෙක් කෑගහද්දි ඒකට සතුටින් හිනා වුනු අනික් පොඩ්ඩො තුන් දෙනාගෙ හිනාවලුයි දිවාෂගෙ කටේ සද්දෙයි ගම්මානෙම රහස් හංගගෙන ඉන්න කදු පන්තියෙ වැදිලා දෝංකාර දුන්නා.

...................................................................................................

"ගැටපිච්ච මලයි නේත්‍රයි දෙන්නම එක වගේ.......

ගැටපිච්ච මල සුදුයි,ලස්සනයි,සුවදයි.......

නේත්‍රත් සුදුයි,ලස්සනයි,සුවදයි.........

ඉතින් නේත්‍රයි ගැටපිච්ච මලයි දෙන්නෙක් වෙන්නෙ කොහොමද?"

තමන්ගෙ පුංචි හිතට එන හැම අදහසක්ම ලියලා තියන සුදුබේබිගෙ පුංචි පොත අදත් සැරසුනේ නේත්‍ර ගැන වුනු අදහසකින්.කොහොමත් ඔය පොතේ වැඩිපුරම ලියවිලා තියෙන්නෙත් නේත්‍ර ගැන කියලා මතක් වුනු සුදුබේබි තමන්ගෙ අතේ තිබුනු පෑන පැත්තකින් තියලා ලස්සනට හිනා වුනා.පොතත් වහලා මේසෙ උඩින් තිබ්බ සුදුබේබි එහෙම්මම ආවෙ කාමරේ කවුළුව ලගට.

අද උදේම මුළු පලාතම දෙවනත් වෙන්න අඩන ගමන් අරුන්දතී පද්මිණී එක්ක ගිය හැටිත් ඊට විනාඩි ගාණකට පස්සෙ තමන්ව හොයාගෙන දුවගෙන ආව නේත්‍ර පැය ගාණක් තිස්සෙ තමන්ගෙ තුරුලට වෙලා "අක්කව ඕනි" කියලා ඉකි ගගහ ඇඩුව හැටිත් සුදුබේබිට මතක් වුණා.අරුන්දතී ගමෙන් ගිය එකෙන් සුදුබේබිට සතුටක් ආවෙ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි.නේත්‍රව බෙදාගන්න වෙන අයගෙන් දෙන්නෙක්ම අඩු වුණු නිසා.මොකද අරුන්දතී,පද්මිණී දෙන්නත් එක්ක සුමනත් අද අවුරුදු හැත්තෑවක් තිස්සෙ විතර ජීවත් වුණු මේ ගම්මානෙන් පිටවෙලා ගියා.ඒත් නේත්‍රගෙ ඇඩිල්ල නිසා සුදුබේබිගෙ හිත වුණත් ලොකු දුකකින් පිරිලා තිබුනා.

දවල් වෙද්දි නේත්‍රවත් ලෑස්ති කරගත්තු නිර්මලා අඩුම කුඩුම වගයක් අරගෙන පද්මිණීලගෙ ගෙදර යන්න පිටත් වුණු නිසා සුදුබේබි මුලු දවල් වරුවම ගත කලේ සාංකාවෙන් වගේ.දැන් ටිකකට කලින් දෙවින් ඇවිත් සෙල්ලම් කරන්න යන්න කතා කලත් නේත්‍ර නැති නිසා ඒ ගමන ප්‍රතික්ෂේප කරපු සුදුබේබි මුළු හවස් වරුවමත් කාමරේ ඇතුලට වෙලා ගත කලා.

ඈතින් පේන කදු වලල්ලත් එක්කම තියෙන අහස දම් රෝස පාට වෙලා තිබුනා.හවස් වෙද්දි තමන්ගෙ ගෙවල් වලට පියඹගෙන යන පක්ෂීන් දිහා බලන් හිටිය සුදුබේබිගෙ හීනි හිනාවක් ඇදිලා තිබ්බා.කදු වලල්ල මැද්දෙන් දවසම වැඩ කරලා වෙහෙස නිවාගන්න බැහැලා යන ඉර නිසා කදු වලල්ල අවට අහසට අර දම් රෝස පාට එක්කම පොඩි තැඹිලි පාටකුත් එකතු වෙලා තිබුනා.ගොම්මන් කළුවර තව ටික වෙලාවක් යද්දි වැටෙනවා කියලා දැනන් උන්නු සුදුබේබි දඩි බිඩි ගාලා පහලට දුවගෙන ගියේ වලව්වෙ සේවිකාවක් වුනු සුපිපි බුදු පහන තියෙන වෙලාව මේක කියලා දැනගෙන හිටිය නිසා.

බුදු පහනක් තියන්න තියා බුදුන් වදින්නවත් ලොකු වුවමනාවක් නොතිබ්බ සුදුබේබි මේ වෙද්දි සුපිපි බුදු පහන තිබ්බට පස්සෙ ගිහින් ගාථා ටික කියලා එන්නෙ නේත්‍රගෙ කටේ බලේට කියන එක දැනගෙන හිටියෙත් සුදුබේබි විතරයි.හැමදාම හවසට මල් කඩලා බුදු පහන තියලා තෙරුවණ් නමදින නේත්‍රත් ටිකෙන් ටික සුදුබේබිව ඒකට හුරු කරවලා තිබ්බා.

බුදුන් නැමදලා එලියට බැහැපු සුදුබේබි ගොම්මන් කළුවර වැටිලා තිබ්බ නිසා අදුරු වීගෙන එන වලව්වත්තට බැස්සා.වලව්වෙ තිබ්බ ගල් බැම්ම ලගට ගිහින් ඒ උඩින් ඉදගත්තු සුදුබේබි එතන බිම තණ බිස්ස දිහා බලද්දි නස් නාරමක් හප හප ඉන්න නේත්‍රව සුදුබේබිට එතනත් මැවිලා පෙනුනා.

නේත්‍රව තමන් දැක්ක මුල් දවසෙ ඉදන් අද වෙනකං වුණු හැමදෙයක්ම සුදුබේබිට මතක් වෙද්දි සුදුබේබිගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා.ලාවට පායගෙන එන හද දිහා බැලුව සුදුබේබි තමන්ගෙ හිත ඇතුලෙ තිබ්බ වචන ටික හෙමීට හද මාමට කියන්න ගත්තා.

"එයාට ඉක්මනටම එන්න කියන්න හදමාමෙ.මට හරි පාළුයි"

"එයාට කියන්න මම ඉක්මනටම එනවා කියලා.මට හරි පාළුයි හදමාමෙ"

සුදුබේබි නොදන්නවා උනාට එකම අහස යට තව තැනක හිටිය පුංචි ගැටපිච්ච මලක් හදමාමට එයාගෙ හිතේ තියෙන හැගීමුත් එවෙලෙ වචන කලා.

"සුදුපුතා,කන්න එන්න පුතේ.බලන්නකො මදුරුවොත් කනවා ඇති ඔයාව"

ලොකු මැණිකෙගෙ සද්දෙ ඇහුණු සුදුබේබි හෙමිහිට නැගිටලා වලව්ව ඇතුලට ගියේ හැමෝටම රහසක් වෙලා තිබ්බ දේකුත් තමන්ගෙ අත මිට මොලවගෙන.

.

.

.

.

.

"හෙට ඉස්කෝලෙ නිසා නේත්‍ර මහ රෑ හරි ගෙදර එයි"

හෙමීට මිමිණුව සුදුබේබි තමන්ගෙ එහා පැත්තෙ කොට්ටෙ වැතිරිලා හිටිය තමන්ගෙ රහස දිහා බැලුවා.එදා සුමනට අහු වෙයි කියලා බය හිතුනු තමන්ගෙ රහස දිහා බැලුව සුදුබේබි කවුළුවෙන් ඇතුලට ගලාගෙන එන හද එලිය වැටිලා බැබලෙන තමන්ගෙ රහස දිහා බලලා හිනා වුණා.

සෑහෙන කාලයක් තිස්සෙ මහ මුදියන්සෙට හොරෙන් උනත් නේත්‍රව තමන් ලග තියාගෙන නිදිකරවගත්තු එක සුදුබේබිට ඇබ්බැහියක් වෙලා තිබුනා.ඉස්කෝලෙ පටන් ගන්නවත් එක්කම නේත්‍ර තව දුරටත් තමන් ලග නිදියන්නෙ නෑ කියලා දැනුනු සුදුබේබි නේත්‍ර තමන් ලග නැති පාළුව ටිකක් හරි අඩු කරගන්න හිතාගෙන පුංචි පුරුද්දකට හුරු වෙන්න ගත්තා.ඒක හැමෝටම රහසක් වුනා.කොටින්ම කිව්වොත් නේත්‍රට පවා ඒක රහසක් වුණා.තමන්ගෙ රහස දිහා බලලා හිනා වුණු සුදුබේබි ඇස් දෙක පියාගත්තෙ සුවබර නින්දක් බලාපොරොත්තුවෙන්.

ඉතින් සුදුබේබිගෙ අපූරු රහස වුණු ගැටපිච්ච මල් තුන හතරක් වෙනදට නේත්‍ර නිදාගන්න කොට්ටෙ උඩ හරි අපූරුවට වැතිරිලා හිටියා.

...................................................................................................

Words 4050 යි ජෙයියනේ🙈❤️

මම ලිව්ව දිගම චැපද කොහෙත මේක😂❤️

ඉතින් බබාලා.............

ඔන්න අදින් එයාලගෙ පුංචි කාලෙ ඉවරයි🥺❤️

ඉතින් අපි චූටි නේට්ටටයි,චූටි සුදුබේබිටයි,චුටි දෙවින්ටයි,චූටි කපටි කොටාටයි සමුදෙමු❤️🥺

ලිව්වට මොකෝ මටත් මාරම දුකක් ආවෙ බබාලා මෙයාලගෙ චූටි කාලෙ ඉවර කරන්න වුණාම🥺💔

ඉතින් වචනයක් කියාගෙන යන්න.......

ඒ පුංචි කාලෙ දැනුනු විදිය......

මම සාර්ථකද කියලා බලමු අපි❤️

තව දෙයක් අහන්න තියේ බබාලා....දැන් නේත්‍ර සුදුබේබි දෙන්නම එකම ඉස්කෝලෙනෙ ඉන්නෙ.එතකොට ඉස්කෝලෙදිත් නේත්‍ර සුදුබේබිට සුදුබේබි කියලා කියන එක ටිකක් අතාත්විකයිනෙ......ඕනිම කෙනෙක් එහෙම කියද්දි විමසිලිමත් වෙනවනෙ.ඒ නිසා මට ඔයාලගෙන් උදව්වක් ඕනි.

නේත්‍රට සුදුබේබිට කතා කරන්න ලස්සන නමක් කියාගෙන යන්නකො......ගැලපෙන එකක්.සුදුබේබි කියලා කියයි නේත්‍ර වලව්වෙදි.ඒත් පිට තැන්වල,ඉස්කෝලෙ ඇතුලෙදි මොකක් වගේ කිව්වොත් හොදද? මට කියාගෙන යන්න මගෙ බබාලා🥺❤️

ඊලග චැප් එකේ ඉදන් එයාලගෙ ලොකු කාලෙ පටන් ගන්නවා.ලොකු කිව්වට ලොකුම නෙවෙයි.OL කාලෙන් තමා ලොකු කාලෙ පටන් ගන්නෙ❤ඒ නිසා ඊලග එකේ ඉදන් "සුදුබේබි" කියන එක "ආශව"කියන එකට හැරෙයි❤️ ඒක ඔයාලට අපහසුවක් නොවේවි කියලා මම හිතනවා මගෙ මැණික් කැට ටික❤️

දැන් ඔහොම මත් රකුසා පරදමු කියලා බෝඩ් අල්ලන් නැටුවට ලොකු උනාම සුදුබේබි රා බීලා හෙන පිස්සුවක් කෙලිනවා කියලා දන්න ඕතර්:-

මම මට පුළුවන් උපරිමෙන් ලියනවා බබාලා කොහොමහරි 🥺❤️ ඔයාලත් මාත් එක්ක ඉදියි කියලා මම විශ්වාස කරනවා.

ඔයාලගෙ වෝට්ස් කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තූතියි🥺❤️ මම ඒවා කියවලා සතුටු වෙන තරම ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි🥺❤️ මම ආදරෙයි ඔයාලට මාව සතුටින් තියනවට❤️

කැමීලියා මේ ටිකේම වැඩ වගේකට හිර වෙලා හිටියෙ😪💔 updates පරක්කු උනේ ඒ නිසා හොදද💔 Sorry බබාලා ඒකට🥺💔

අර පරිසරයේ Photos වල Credit එක යන්නෝනි Dewmee අක්කට❤️ ඒ නුවර නෙවෙයි උනත් ඒ ගම්මානෙ තිබ්බ ලස්සන පොටෝස් වගයක් මට එව්ව නිස මම ඒවගෙන් ලොකු අදහසක් ගත්තා ගම්මානෙක ලස්සන ගැන❤️ තැන්කූ අක්කා බබෝ🥺❤️

එහෙනම් අදත් කියන්න තියෙන්නෙ,

අදහසක් කියාගෙන යන්න❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

මේ තාක් මාත් එක්ක හිටියට ආදරෙයි🥺❤️

එහෙනම් මම ගිහින් එන්නම් බබාලා🙈

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

Share This Chapter