Back
Chapter 24

23 කොටස🤍✨

නිවාලන්න මා...

"රත්තරනේ,එලියට ආවනම්.නැකත හරි මයෙ අම්මා"

හිමිදිරි උදෑසනක නිර්මලාගෙ කටහඩ ඇහුණු නේත්‍ර තමන්ගෙ ඉස්කෝලෙ අරගෙන යන බෑග් එකත් උස්සගෙන ගෙදර දොරෙන් කකුල එලියට තිබ්බෙ දකුණු දිශාව බලාගෙන.උදේ හය හමාර විතර වෙලා තිබුණු ඒ මොහොතෙ මුළු නුවරම පැතිරිලා තිබුණේ හීතලක්.

කොහොමත් හීතල නුවර දෙසැම්බර් මාසෙ වෙද්දි  තව ටිකක් හීතල වෙද්දි උදේ පාන්දරවල් වල ගමේ හැම මනුස්සයෙක්ම පාහේ අදින ඇදුම උඩින් තව සාළුවක් දවටගෙන හිටියා.ඉස්කෝලෙ යන්න තියෙන නිසා සීතලේ උනත් එලියට බැස්ස නේත්‍රගෙ මූණ ලස්සන හිනාවකින් ඔප වැටුණෙ මේ හිමිදිරි පාන්දර තමන්ගෙ වාසනාව ලබා දෙන සුභ මුහුර්ථ දෙකම තමන්ගෙ ඇස් ඉස්සරහ ඉන්නවා දැකලා.

වතුසුදු මල් දාලා තිබුණු වතුර වීදුරුවක් අතේ දරාන හිනා වීගෙන උන්නු නිර්මලාගෙ පිටිපස්සෙන් ගැටපිච්ච මල් මිටක් දෝතින් දරාගත්තු ආශව රැදිලා හිටියා.නිර්මලාගෙයි ආශවගෙයි දෙන්නගෙම ආදරේ පිරුණු ඇස් එල්ල වෙලා තිබුනෙ ගෙදරින් එලියට බහින නේත්‍ර දිහාවට.හිනා වීගෙනම නිර්මලා ලගට ආව නේත්‍ර ආශව දිහා බලලා හිනා වෙද්දි ලා රෝස පාටක් ගත්තු නේත්‍රගෙ කම්මුල් තද රෝසපාටකට හැරුණා.නිර්මලාගෙ අතේ තිබුණු වතුර වීදුරුවෙන් වතුර උගුරක් බිව්ව නේත්‍ර එහෙම්මම ආශවගෙ අතේ තිබ්බ මල් ටික තමන්ගෙ අතට අරගෙන මිදුලෙ තිබුණු පුංචි බුදු කුටියට පූජා කරලා ඒ පහන පත්තු කලා.

"මයෙ අම්මට ජයෙන් ජයම වෙන්න ඕනි රත්තරනේ"

නිර්මලාගෙ පය පාමුල දණ ගහලා වැන්ද නේත්‍රව නැගිට්ටවලා පපුවට තුරුල් කරගෙන ආශිර්වාද කරපු නිර්මලා නේත්‍රගෙ නලල තද කරලා ඉම්බා.නිර්මලාගෙන් ඈත් වුණු නේත්‍ර හෙමින් සැරේ ආශව ලගග ගිහින් ආශවගෙ කකුල් දෙක ලග නැවුනත් පුරුදු විදියටම නේත්‍රව තමන්ගෙ අත් දෙකෙන් අල්ලලා නැගිට්ටෙව්ව ආශව එහෙම්මම නේත්‍රව තුරුල් කරගත්තා.

"නේත්‍රට පුලුවන්.මම දන්නවා ඒක.බුදු සරණයි"

නේත්‍රගෙ නලල් තලෙන් සියුම් සිපුමක් තැවරුව ආශව නිර්මලාටත් 'යන්නම්' කියලා කියාගෙනම වලව්වට යන කන්ද නගින්න ගත්තෙ නේත්‍රගෙ අතිනුත් අල්ලගෙන.සුදු කමිසෙට සුදු දිග කලිසම ඇදලා පොත් බෑග් එක එක කරක එල්ල ගත්තු නේත්‍රත්,කළු කලිසමට ලා කහ පාට කමිසයක් ඇදලා යට කරලා අත් දෙක වැලමිට ලගට වෙනකං නවාගෙන නේත්‍රගෙ අතිනුත් අල්ලගෙන වලව් පාරෙ කන්ද නගින ආශවත් කෙනෙක්ට බලාගෙන ඉන්න හිතෙන තරම් ලස්සන දර්ශනයක් වුණා.

ලොකු මැණිකෙටත් වැදලා ආශිර්වාද ගත්තු නේත්‍රත් එක්කම ආශවත් පිටත් වුණේ හෙමීට ටවුමට යන්න.මහ මුදියන්සෙ මේ ටිකේම ගෙදර නොහිටි නිසා ආශවට හැමදාම උදේට නේත්‍රව අරගෙන යන්න,දවාලට නේත්‍රව අරගෙන එන්නත් බාධාවක් වුණේ නැහැ.හෙමීට ඉස්සරහට ඇදුණ ආශවයි නේත්‍රයි දෙන්නම දැනගෙන හිටියා ඉස්සරහට යද්දි දිවාෂයි දෙවිනුයිත් තමන් එක්ක එකතු වෙනවා කියලා.

ටික වෙලාවක් යද්දි මේ ගැටව් හතර දෙනාම හිටියෙ සුපුරුදු මාර ගහ යට.බස් එකක් ඇවිත් නැවැත්තුව ගමන් නේත්‍රව බස් එකට නැග්ගුව ආශවත් බස් එකට නැග ගද්දි දෙවින් දිවාෂ දෙන්නත් බස් එකට ගොඩ වුණා.උදේට මාර්ග තදබදෙත් නැති නිසා පැය බාගයක් වගේ යද්දි හතර දෙනාටම ඉස්කෝලෙ ලගින් බැහැගන්න පුළුවන් වුණා.

පුරුදු විදියටම තමන්ගෙ අතින් නේත්‍රගෙ අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙ හැදුව ආශව නේත්‍රව ඉස්කෝලෙ ගේට්ටුව ගාවටම ඇරලවලා දෙවින් එක්ක බලාගෙන හිටියෙ නේත්‍රයි දිවාෂයි නොපෙනිලා යනකං.නේත්‍රගෙයි දිවාෂගෙයි දෙන්නගෙම ඡායාවල් පවා ඉස්කෝලෙ ගිල ගනිද්දි ආශවයි දෙවිනුයි දෙන්නා පිට වුණේ දෙනෙත්ලගෙ ගෙදර යන්න.මේ ටිකේම පොඩි උන් දෙන්නව ඉස්කෝලෙ ගෙනත් දාන ආශව දෙවින් දෙන්නාගෙ නවාතැන්පොල වුණේ ඉස්කෝලෙට කිට්ටුව තියෙන දෙනෙත්ලගෙ ගෙදර.

* * * * *

"හොදට අහගන්න ලමයි.මේක ඔයාලගෙ තීරණාත්මක විභාගයක්.කවුරු කොහොම කිව්වත් ඕලෙවල් අනිවාර්යයෙන්ම පාස් විය යුතු විභාගයක්.ඔයාලගෙ ඉදිරි අනාගතේට ඕලෙවල් කියන්නෙ ගොඩක් වැදගත් වෙන එකක්.ඉතින් මම හිතනවා ඔයාලා ඔයාලගෙ උපරිමේ කරාවි කියලා.අවංකව විභාගෙ ලියන්න එහෙනම්.ඔයාලා හැමෝටම සුභ පැතුම්"

සිංහල පේපර් එකට ඔලුව ඔබාගෙන ලියන නේත්‍රගෙ ඔලුවෙ වැඩ කලේ ඒ වචන ටික විතරයි.මේ වෙද්දි නොදැනිම අවුරුද්දක්ම ගෙවිලා ගිහින් තිබුණා.ආශව,දෙවින්,දෙනෙත් තුන්දෙනාම මේ වෙද්දි උසස් පෙල හදාරමින් හිටියා වගේම නේත්‍රලාටත් ඕලෙවල් විභාගෙ ඉවර වෙන්න ඉතුරු වෙලා තිබ්බෙ තව දවස් කිහිපයයි.නේත්‍ර විභාගෙට හොදින් මුහුණ දෙන ගමන් හිටියා.මොකද ආශව A9 ක්ම දාලා දිස්ත්‍රික්කෙන් පලවෙනි දහදෙනා අතරට ඇවිත් හිටි හින්දා නේත්‍රට ආශවගෙන් ගැලවීමක් තිබුනෙම නැහැ.

කොයි වෙලෙත් පේපරයක් උස්සගෙන නේත්‍රව ලගින් ඉන්දෝගෙන උගන්නන ආශව වලව්වට ආවෙ රෑ නිදාගන්න විතරක්ම වුණා.නේත්‍ර අමතර පන්ති ගියෙත් නැති නිසා සෙනසුරාදා උදේ තමන්ට යෙදිලා තියෙන උසස්පෙල අමතර පන්ති යන ආශව නේත්‍රට කරන්න විභාග ප්‍රශ්න පත්‍ර දීලා ගියා.උදේ 6.30ට විතර පිටත් වෙලා දවල් 3ට විතර ගෙදරට එන ආශව නාලා බත් කටක් කාලා දුවන්නෙ නේත්‍රගෙ ගෙදරට.එහෙමත් නැත්තං කරපු පේපර්ස් ටිකත් අරගෙන නේත්‍ර ඒ වෙලාව වෙද්දි වලව්වට ඇවිත් ඉන්නවා.

තමන්ගෙ මහන්සිය ගැන බින්දුවක්වත් නොහිතන ආශවගෙ ඊලග පැය ගාණ ගෙවෙන්නෙ නේත්‍රගෙ ඉගැන්වීම් කටයුතු එක්ක.නේත්‍රලාගෙ ගෙදර යන දවසට නේත්‍රලාගෙ ගෙදර අරලිය ගහ යටට වෙලා හවස් වෙනකං පාඩම් කියලා දෙන ආශව ඇදිරි වැටුණට පස්සෙ නේත්‍රගෙ ගෙදර ඉස්තෝප්පුවට වෙලා නේත්‍රට පාඩම් කියලා දුන්නා.

ඉස්තෝප්පුවෙ බිම ඉදගෙන පාඩම් අහගෙන කරන නේත්‍රයි,නේත්‍රගෙ බලවත් පෙරැත්තෙ නිසාම බිම ඉද නොගෙන පුටුවක ඉදගෙන නේත්‍රට පාඩම් කියලා දෙන ආශවයි රෑට වලව්වෙ වැඩ ඉවර වෙලා ගෙදර එන නිර්මලාගෙ ඇස් දෙකට හරි හුරු පුරුදු දර්ශනයක් වුණා.නේත්‍ර වලව්වට එන දවසට ජෝඩුවටම හුරු පුරුදු ගල් බැම්ම උඩට වෙලා ඉදගෙන ඉන්න ආශවයි,එතනම බිම එලාගත්තු ඉටි කොලේ උඩ පොත් ටික තියාගෙන පාඩම් අහගෙන තණකොල බිස්සෙ ඉන්න නේත්‍රවයි වලව්වෙ උදවියට හුරු පුරුදු දර්ශනයක් වුණා.

හරි අඩුවෙන් වලව්වට යන එන මහ මුදියන්සෙ ඉන්න දවසට පවා ආශව නේත්‍රට පාඩම් උගන්නද්දි මහ මුදියන්සෙ කේන්තිය පාලනේ කරගත්තෙ ලොකු මැණිකෙගෙ වචන වලින්.වැඩකාරයෙක්ගෙ පුතෙක් මත්තෙ තමන්ගෙ වංශක්කාර උරුමෙ මෙහෙම නහින එක මහ මුදියන්සෙගෙ ආඩම්බරේට කැළලක් වුණත් හැමනිතරම නේත්‍ර කවදාහරි ආශවට විශ්වාසවන්ත සේවකයෙක් වෙයි කියන විශ්වාසෙ නිසාම මහ මුදියන්සෙ තමන්ගෙ කෝපය පාලනේ කරගත්තා.කොහොමත් රෑ දෙගොඩහරි ජාමෙට වලව්වට ගොඩ වෙන මහමුදියන්සේගෙ ඇස් වලට නේත්‍රව අහු වෙන්නෙත් කලාතුරකින් නිසා මහ මුදියන්සෙ ඒ ගැන වැඩි තැකීමක් කරන්න ගියෙත් නැහැ.

කොහොමින් කොහොමින් හරි හැමදාම නේත්‍ර නිසා කටු කන දිවාෂටත් මේ ආශවගෙ ඉගැන්නිල්ල නිසා ලොකු කරදරේක වැටෙන්න උනා!

මොන වෙලෙත් කන්නයි,බුදියන්නයි,කාත් එක්ක හරි කට කියවන්නයි විතරක් වෙහෙස මහන්සි වෙන දිවාෂට අන්තිමට උනේ ඉස්කෝලෙදි දෙනෙත් ගෙනත් දෙන අනුමාන ප්‍රශ්න පත්‍ර කරලා ඒවා ආපහු දෙනෙත්ට ගෙනිහින් දෙන්නයි,එකපාරටම තමන්ගෙ ගෙදරට කඩා පනින සිංහවංශ වලව්වෙ ලොකු බේබිගෙ ඉගැන්නීමේ කටයුතු වලට යටත් වෙන්නයි.ආශව එහෙන් පණ නැහැගෙන තමන්ගෙ කීම අහගෙන ඉගෙන ගන්න නේත්‍ර වෙනුවෙන් වෙහෙසෙද්දි,දෙනෙතුයි දෙවිනුයි පණ නැහැගෙන දිවාෂගෙන් ගුටි කකා බැනුම් අහ අහ දිවාෂට ඉගැන්නුවා.

කොහොම උනත් ඔය තුන්කට්ටුවෙ මහන්සිය නිසාම කොහොමත් ඉගෙන ගන්න දක්ෂ නේත්‍ර වගේම ඉගෙන ගන්න දක්ෂ උනාට මෙලෝ උනන්දුවක් නැති දිවාෂත් හොද මට්ටමකට ඇවිල්ලා හිටියා.A9 ම නැති උනත් A7 ක් හරි තමන්ට ගන්න පුළුවන් කියලා දිවාෂ මේ වෙද්දි විශ්වාස කරගෙන හිටියා.ඒත් නේත්‍රට ඒ සෙල්ලම් හරි ගියේ නැහැ ආශව එක්ක.

"මම දිස්ත්‍රික්කෙ අටවෙනියා නේත්‍ර.ඔයා අඩුම හත් වෙනියවත් වෙන්න ඕනි! ඔයා මට වඩා එක අඩියක් හරි ඉස්සරහින් ඉන්න ඕනි! එච්චරයි!!!"

හැමදාම පාඩම පටන් ගන්න කලින් ආශව කියන ඔය වචන ටික නේත්‍රට කටපාඩම් වෙලා තිබුනා.කොච්චර අමාරු වුනත් නේත්‍ර උනත් ඒ තැනට එන්න සෑහෙන්නම මහන්සි වුණේ උදයක් දවාලක් නැතුව වලව්වට කඹුරලා,රැ වෙද්දි ගෙදර ඇවිත් අර මැෂිම පාග පාග ඇදුම් කෑලි මහලා තමන්ට උගන්නන්න වෙහෙසෙන තමන්ගෙ ආදරණීය අම්මට වගේම,තමන්ගෙ සරීර සෞඛ්‍ය ගැනවත්,තමන්ගෙ ගෙදර මිනිස්සු ගැනවත් නොහිතා නේත්‍ර වෙනුවෙන් වෙහෙම මහන්සි වෙන නේත්‍රගෙ සුදු අයියා වෙනුවෙනුත් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනි නිසා.නේත්‍ර ඒ දේ කරයි.කොහොමහරි!

"ප්ස් ප්ස්.....දිවාෂ"

සිංහල විචාරයක් අස්සෙ හිර වෙලා හිටිය දිවාෂට ඔලුව වටේ පෙනි පෙනී තිබ්බෙ දෙවින්ගෙයි දෙනෙත්ගෙයි භයානක මූණත්තහඩු දෙක.දෙවින් යකෙක් වගේ දතුත් විලිස්සගෙන තමන්ගෙ සාහිත්‍ය පොත උස්සගෙන කෑගහනවයි,දෙනෙත් දෙනෙත්ගෙ දිග නියපොතු තියෙන අතින් තමන්ගෙ බෙල්ල අල්ලගෙන සාහිත්‍ය පොත අස්සට තමන්ගෙ ඔලුව තද කරනවයි දිවාෂගෙ ඔලුව වටේ මැවි මැවී තිබුනා.ඒත් එක්කම පිටිපස්සෙ ඩෙස් එකේ හිටිය කොල්ලා තමන්ගෙ පිටට ඇගිල්ලෙන් අනිනවත් එක්කම පිටිපස්ස හැරිලා බැලුව දිවාෂ ඒ කොල්ලගෙන් රවාගෙනම ඇයි කියලා ඇහුවෙ තමන්ගෙ පන්තියෙ විභාග සුපරීක්ෂක කටයුතු වලට හිටිය මිස්ට නොපෙනෙන විදියට.

"මොකද?"

"මේ බං,සැළලිහිණියා තොටගමු යද්දි දැක්කෙ මොනාද?"

"සැළලිහිණියා මගෙ පුක දැක්කා කියලා ලියපං"

විචාරෙට කරුණු මතක් වෙන්නෙත් නැතුව ඉද්දි පිටිපස්සෙ එකා ඇහුව දේ නිසා තව ටිකක් මලපැන්න දිවාෂ ඉස්සරහ බලාගත්තට මොකෝ තත්පර ගාණක් ඇතුලත ඒ කේන්තිය දිය කරගත්තු දිවාෂ ඒ කොල්ලට පේන විදියට තමන්ගෙ පේපරේ මේසෙ කොණකට කරලා ඇල්ලුවා.

ඒ අතරෙ ආර්ය හිටියෙත් ඔය වගේම ප්‍රශ්නෙකට මැදි වෙලා.නේත්‍රගෙන් සිංහල පාඩම් හැම නිතරම අහගත්තු ආර්යටත් සිංහල යම් තාක් දුරකට ලේසි විශයක් උනත් ආර්යට උත්තර මතක් වෙන්නනම් සෑහෙන්න හිතන්න ඕනි වුණා.ආර්යගෙ ඉස්සරහ පුටුවෙ ඉදන් හිටි මහීල් එකපාරටම පිටිපස්ස හැරිලා ආර්යගෙන් ප්‍රශ්නයක් ඇහුව පාරට කලබල වුණු ආර්යගෙ පෑනත් උඩින් විසික් වෙලා ගියා.

"ඕයි මේ,උග්ගසේන සිටු පුතා හිටපු පාඩම මොකද්ද?"

"කෑරගල වැනුමෙ හිටියෙ"

මහීල් කියලා කියන්නෙ ඔක්කොම ප්‍රශ්න ටිකට උත්තර ලියලා අනික් ලමයිගෙ උත්තර ලියන වැඩේට බාධාවක් වෙන විදියට ඔහොම කරදර කරන කෙනෙක් කියලා දැනන් හිටි ආර්ය ඇගට පතට නොදැනී උත්තර දෙද්දි මහීල් ඉස්සරහ බලාගත්තෙ ලොකු කල්පනාවකින්.මොකද ආර්යගෙ උත්තරේ ඇත්තටම හරිද කියන එක මහීල්ට හිතෙන තරමටම ආර්යගෙ මූණ හරි බරපතල විදියට හැඩ වෙලා තිබුණා.

හැමදාම වගේ නේත්‍ර නම් හිටියෙ පුලු පුලුවන් විදියට අනික් අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන ගමන්.නේත්‍රට හොර වැඩ කරන්න තේරෙන්නෙ නැති බව දන්න නිසාම නේත්‍රගෙන් උත්තර අහන ලමයි හරි ප්‍රවේශම් වුනා.ඒ කට්ටිය තමන්වත් ආරක්ෂ කරගන්න ගමන් නේත්‍රවත් ආරක්ෂා කලා.

ඉතින් පන්තියෙ හිටිය විභාග පරීක්ෂක ඒ නිසා දැක්කෙ විටින් විටේ එහෙ මෙහෙ හැරවෙන නේත්‍රගෙ ඔලු ගෙඩිය විතරයි.ඒකෙ සැක කරන්න දෙයක් ඒ ගුරුතුමීට තිබ්බෙ නැහැ.මොකද අවුරුදු ගාණක අත්දැකීම් තිබුණු ඒ ගුරුතුමීට නේත්‍ර වගේ අහිංසකයන්වයි,දිවාෂ වගේ කුපාඩියන්වයි හොදට තෝරලා බේරලා අදුරගන්න පුළුවන් වුණා.

විභාගෙ ඉවර කරපු ලමයි ටික එලියට බැහැලා කතා කර කර හිටියෙ විභාගෙ ගැන.මුළු ඉස්කෝලෙම හිටියෙ කොල්ලො විතරක් වෙනකොට ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් පොත් පෙරලගෙන හරි වැරදි බල බල හිටියෙ නැහැ.නේත්‍රයි දිවාෂයි හිටියෙ ආර්ය එක්ක ගෙවල් වලින් ගෙනාව බත් මුල් ටිකට වැඩේ දෙන ගමන්.

"තව ටික දවසයි.එතනින් පස්සෙ ටික දවසකට හරි නිදහස්"

ලමයි හැමෝම හිතුවෙ එහෙම.

.

.

.

.

.

"නේත්‍ර,එහෙනම් අද පරිස්සමට ගෙදර යන්න හොදද? ආශව අයියා එනවා කිව්වනෙ ඔයාව ගන්න"

ඕලෙවල් සමයත් හෙමීට ඉවර වෙලා ගිහින් තිබුනා.අද අවසන් විභාගයත් ලිව්ව නිසා ලංකාව වටේම තිබුණු ඉස්කෝල වල සාමාන්‍ය පෙල ලමයි සතුට සමරමින් හිටියා.ගොඩක් වෙලා මෙතන රැදෙන්න ඕනි වුණත් දිවාෂට ඉක්මනටම පිටත් වෙන්න සිද්ධ වුණේ අද තාත්තා දිවාෂව ගමනක් එක්කගෙන යන්න එන නිසා.

ඉතින් අද කොහොමත් නේත්‍රලාගෙ ඉස්කෝලෙ ලමයි ටිකක් විනෝද වෙනවා කියලා දැනන් හිටපු නිසා ආශව නේත්‍රට වැඩිපුර පැය දෙකක කාලයක් දීලා තිබුනා.ඉස්කෝලෙ ඇතුලෙ විනෝද වෙලා,කෑම බීම කාලා ටික වෙලාවක් යාලුවො එක්ක ගත කරන්න අවස්ථාව දුන්නු ආශව අද ටිකක් පරක්කු වෙලා නේත්‍රව ගන්න ඉස්කෝලෙ ලගට එන බව කලින්ම කියලා තිබුණා.

දිවාෂත් පිට වෙලා ගියාට පස්සෙ ආර්ය එක්ක යාලුවො එක්ක එකතු වුණු නේත්‍රත් අතේ තිබ්බ සල්ලි වලින් ටිකක් යාලුවො එකතු කරපු සල්ලි ගොඩට දැම්මා.මේ වගේ දේවල් වලට වියදම් කරන්න නිර්මලාට සල්ලි නැති වුණත් අද උදේ ආශවගෙ තර්ජන ඉවසගන්නම බැරුව ආශව දුන්නු සල්ලි කොල කීපය නේත්‍ර තමන්ගෙ අතට අරන් තිබුනා.

"මේ සල්ලි අප්පච්චිගෙ සල්ලි නෙවෙයි නේත්‍ර.මෙව්වා මම තරග වලින් හම්බකරපු සල්ලි.ඔයාට බෑ කියන්න බැහැ ඒ නිසා"

ඉතින් නේත්‍රත් අද ලමයි කාගෙන්වත් කොන් නොවී තමන්ගෙ සුදු අයියා තමන්ට දුන්නෙ සල්ලි වලින් ටිකක් විනෝද කටයුතු සදහා යෙදෙව්වා.

"ඉස්කෝලෙ ඉදලා වැඩක් නෑනෙ බං.අපි කොහෙහරි යමු අද?"

"හරි.අපි #### පාක් එකට යමු කෑමත් අරගෙන"

මහීල් කරපු යෝජනාවට ලමයි ඔක්කොම එකපයින් කැමති වුණත් නේත්‍ර ඒ දේට අදිමදි කලේ ආශව තමන්ට අවසර දුන්නෙ ඉස්කෝලෙ ඇතුලෙ විනෝද වෙන්න විතරක් නිසා.කොහොම නමුත් නේත්‍ර කැමති වුණේ නැහැ ආශවගෙ වචනෙකට පිටින් යන්න.ඒ නිසාම නේත්‍ර තමන්ගෙ හඩ අවධි කලා.

"මට නම් එන්න බැහැ.අයියා එනවනෙ මාව ගන්න.ඔයාලා ගිහින් එන්න එහෙනම්"

"ආශව අයියා නේහ්? එයාලා සෙට් එකත් අද එතනට එනවා කිව්වා දැන් ටිකකට කලින් කෝල් කරලා.ඒක තමයි මම එතනට යමු කිව්වෙ"

"එ....එහෙමද? එහෙනම් කමක් නෑ යමු"

මහිල් කිව්ව දේ නේත්‍ර පිලිගත්තෙ මහීල් කියන්නෙත් ක්‍රිකට් ටීම් එකේ ඉන්න කෙනෙක් වගේම ආශවව අදුරන කෙනෙක් නිසා.තමන් ලග දුරකථනයක් නැති නිසා ආශවට කෝල් කරන්නත් බැරි බව මතක් වුණ නේත්‍ර ඒ නිසාම ආශව ඒ පණිවිඩේ මහීල්ට දෙන්න ඇති කියලා හිතුවා.නේත්‍ර කියන්නෙ ගමක හැදුනු වැඩුනු අහිංසකයෙක්.සමාජෙ ගැන ලොකුවට දැනුමක් නැති කෙනෙක්.ඉතින් නේත්‍ර වගේ කෙනෙක්ව රවට්ටගන්න එක හරි ලේසි කාරණයක් වුණා.

මහීල් මේ හැමදේම කලේ යටි අරමුණක් ඇතුව.කෙනෙක්ගෙ අවශ්‍යතාවයකට මේ හැමදේම කරපු මහීල්ගෙ හිත යටත් පොඩි උපායක් තිබුනා.මහීල්ට ඉගෙනීම අතින් පරාද කරන්න බැරි වුණේ නේත්‍රව විතරයි.ඒ වගේමයි,ඉස්කෝලෙ ලමයිගෙ ආදරේ,ගරුත්වය,ගුරුවරුන්ගෙ ආදරේ විශ්වාසය ඒ හැමදෙයක්ම තමන්ට වඩා වැඩිපුර නේත්‍රට හම්බවෙද්දි මහීල්ට ඕනි වුණේ කොයි විදියකින් හරි නේත්‍රගෙ නම කැත කරන්න.එහෙම ලමයි ඕනිම ඉස්කෝලෙම ඉන්නවා!

කොල්ලො ටික ටවුන් එකට ගිහින් restaurant එකකින් කෑමත් අරගෙන එහෙම්මම ඇදුනෙ පෙර කිව්ව පාක් එකට.මහීල් කාටම හරි කෝල් එකක් අරගෙන තමන්ගෙ පැමිණීම දැනුම් දුන්න එකවත් කාගෙවත් අවධානෙකට ලක් වුණේ නැහැ.නේත්‍ර වටපිට බල බල ගියේ තමන්ගෙ සුදුඅයියව තමන්ගෙ ඇස් වලට අහුවෙනකං.ආර්ය හිටියත් දිවාෂ නැති පාළුව නේත්‍රට මේ වෙලාවෙත් දැනෙන ගමන් තිබුනා.නේත්‍රලා පාක් එකට ඇතුල් වෙනවත් එක්කම කලු පාට වෙසල් රථයකින් තමන්ට හුරුපුරුදු රුවක් පාක් එකට ඇතුල් වෙනවවත් නේත්‍රලාව පේන මානෙන් ඒ රූපෙ ඉදගන්න එකවත් කිසි කෙනෙක් දැක්කෙ නැහැ.

මේ අතරෙදි දෙනෙත්ලගෙ ගෙදර හිටිය දෙවිනුයි ආශවයි දෙන්නා නිවි සැනසිල්ලෙ කතා කර කර හිටියෙ නේත්‍ර එන්න තව වෙලා යන නිසා.ඒත් එකපාරමට මොකක් හරි දැනුනු ආශව තමන් ඉදගෙන හිටි තැනින් නැගිටිද්දි දෙනෙතුයි දෙවිනුයි කලබල වෙලා ආශව දිහා බැලුවා.

"මොකෝ බං?"

"ම්.....මම දැන් යනවා.දෙවින් උබත් වරෙං යන්න"

"දැන්මම කොහෙ යන්නද බං? උබ ඒ පොඩි එකාට ආතල් එකක් ගන්න දියංකො.උබ කිව්ව වෙලාව එහෙම් පිටින්ම ඉතුරුයිනෙ තාම"

"දෙවින්! උබ එනවනම් වරෙං.නැත්තං නිකං ඉදපං.මම දැන් යනවා"

"ඒ......ඒහ් ආශව, ඔහොම ඉදපං මම එනවා.දෙනෙත් අපි යනවා හොදද? අරූට මොන පගක් වෙලාද මංදා අර පුක කඩං දුවන්නෙ.ඔහොම ඉදපිය ආශව!!!"

දුවගෙන ආව ආශවගෙ පස්සෙන් ආව දෙවින් ඉක්මනට යතුරත් අරගෙන තමන්ගෙ කාර් එකට ගොඩ වුනා.ඒත් එක්කම පැසෙන්ජර් ශීට් එකේ දොර ඇරගත්තු ආශවත් දෙවින්ගෙ කාර් එකට ගොඩ වෙද්දි දෙවින් පුළුවන් උපරිම වේගෙන් ඉස්කෝලෙ පැත්තට රථය පදවගෙන යන්න ගත්තා.ඉස්කෝලෙ ලගින් වාහනේ නවත්තන්නත් කලින් දොර ඇරගෙන එලියට පැන්න ආශව එහෙම්මම ඉස්කෝලෙ ඇතුලට දුවද්දි ආශවව හැප්පුනේ ගේට් එකේ ඉන්න සිකියුරිටිගෙ ඇගේ.

"කොහෙ.....ආහ්.....මේ ආශව පුතානෙ.ඇයි දරුවො?"

"අන්කල්,නේත්‍ර!!! නේත්‍රලා ඉස්කෝලෙ ඇතුලෙද?"

"නේත්‍ර......ආ......ඔය පුතාගෙ මල්ලි නේද? අන්න ඒ දරුවො  ඔක්කොමල්ලා ##### පාක් එකට යනවයි කියලා ගියේ"

"ම්....මොකක්? අන්කල් මම ඉක්මනට ගිහින් එන්නම්"

"හරි දරුවො.ගිහින් එන්නකො එහෙනම්"

ආශව ආපහු පාරක් වාහනේට නැගලා දෙවින්ට යන්න ඕනි තැන කියද්දි පවා ආශවගෙ ඇස් දෙක ලා රතකට හැරෙන ගමන් තිබුනා.නේත්‍ර තමන් ගැන කී දේ නාහලා කරපු දේ වගේම අනික් පැත්තෙන් තමන්ගෙ හිත නේත්‍රට මොකක්ම හරි කරදරයක් කියලා හගවන නිසා ආශව කලබල වෙලා හිටියා.

ආශව නේත්‍රගෙ නිදහස සීමා කලා කියලා හිතන්න එපා.ආශව නේත්‍රට හැම සතුටක්ම දුන්නා.සීමාවක් ඇතුලෙ.මොකද නේත්‍ර කියන්නෙ සමාජෙ ගැන ලොකු දැනුමක් නැති අහිංසකයෙක් බවත්,නේත්‍රට සමාජෙ ගැන තේරුම් ගන්න තාම දැනුමක් නෑ කියලත් ආශව දැනගෙන හිටියා.ඒ නිසාමයි ආශව නේත්‍රට සීමා දැම්මෙ.ආශව ටිකෙන් ටික නේත්‍රව සමාජෙට හුරු කරවන ගමන් හිටියත් මේ වගේ දෙයක් වෙයි කියලා ආශවට හිතුනෙ නැහැ.

"අඩෝ අඩෝ!!!"

පාක් එකට ගිය කොල්ලො ටික නිදහස් තැනක් බලලා ඉදගත්තා.ඒත් එක්කම පන්තියෙ හිටි කුපාඩිම කොල්ලෙක් තමන්ගෙ බෑග් එක අස්සට අත දාලා එලියට ගත්තෙ බියර් ටින් වගයක්.ඒක දකිනවත් එක්කම පොඩි වයසෙදිම ඔය දහ ජරාව කටේ ගහන උන් ටික සන්තෝසෙන් කෑගැහුවත් නේත්‍රලා වගේ වයසට ගැලපෙන වැඩ කරන කොල්ලො ටිකනම් ඒකට කිසිම විදියට ප්‍රතිචාරයක් දැක්වුවෙ නැහැ.බොන උන් බීපු දෙන් කියලා හිතුව කොල්ලො ටික Restaurant එකෙන් ගෙනාව කෑම ජාති ටික කන්න ගත්තා.

ටික වෙලාවක් යද්දි බොන්නෙ නෑ කිව්ව කොල්ලො පවා උගුර උගුර හරි බියර් වලින් කටට හලා ගනිද්දි ටින් එක කටේවත් නොතිබ්බ කොල්ලොන්ට හිටියෙ නේත්‍රයි,මහීලුයි පන්තියෙ තව කොල්ලො දෙන්නෙකුයි විතරයි.එකපාරටම බියර් ටින් එකක් අතට අරගත්තු මහ ආවෙ නේත්‍ර ලගට.

"නේත්‍ර උගුරක් බොනවකො කිව්වම අහලා."

"මට එපා මහීල්"

"අනේ මොකද්ද බං? උබ කොල්ලෙක් නෙවෙයිද කියහංකො"

"ඒක බලන්නෙ බොන එකෙන් නෙවෙයිනෙ මහීල්.මට එපා"

මහීල් නේත්‍රව අල්ලගෙන බියර් ටින් එක කටට ලං කරන්න හැදුවත් නේත්‍ර ඒක එකහෙලාම ප්‍රතික්ෂේප කලා.ඒත් නැවතුනේ නැති මහීල් බියර් ටින් එක නේත්‍රගෙ කට ලගට කරලා නවද්දි බියර් ටිකක් තමන්ගෙ තොල් තෙමාගෙන තමන්ගෙ කමිසෙට වැටෙද්දි මහීල්ව පැත්තකට තල්ලු කල නේත්‍ර පිලිකුලෙන් තමන්ගෙ කට පිහිදගත්තා.

ඒත් එක්කම බෑග් එක අතට ගත්තු නේත්‍ර ආර්යට කතා කරගෙන එතනින් යන්න හැදුවත් ටිකක් වෙරි වෙලා හිටි ආර්යට නේත්‍ර වගේ වේගෙන් නැගිටගන්න බැරි වුණා.හෙමීට නැගිට්ට ආර්ය එක්ක නේත්‍ර එතනින් පිට වෙන්න හැදුවත් නේත්‍ර ගල් වුණේ තමන්ගෙ ඉස්සරහට එන රූපෙ දැකලා.

"ර්....රධීන්!"

"නේත්‍ර!!!"

නේත්‍රගෙ ඉස්සරහට ආව රධීන් එහෙම්මම අනික් පැත්ත හැරිලා පිට වෙලා යන්න තරම් නේත්‍රගෙ පිටිපස්සෙන් ඇහුණු ඒ කටහඩ ප්‍රබල වුණා.ඒත් එක්කම පිටිපස්ස හැරිලා බැලුව නේත්‍ර ලොකු හිනාවකුත් මූණෙ පුරවගෙන ආශව ලගට දුවගෙන ගියේ මෙතන වුණු ඇත්ත සිද්ධිය ගැන කිසිම දෙයක් නොදැන.

"සුදු අයියා ඇයි මෙච්චර පරක්කු වුණේ?"

"කට පියාගෙන නැගපං නේත්‍ර වාහනේට!!!"

"ස්....සුදුඅයියෙ......."

තමන්ගෙ අතින් අල්ලගෙන තමන්ගෙ හේත්තු වුණු නේත්‍රගෙ අතින් අල්ලලා නේත්‍රව අහකට කරන ගමන් ආශව කියද්දි නේත්‍ර ඇස් දෙකත් ලොකු කරගෙන ආශව දිහා බැලුවෙ කිසි දෙයක් හිතාගන්න බැරිවුණු නිසා.ආර්යටත් යන්නම් කියාගෙන ආව නේත්‍ර ආශව ඇරලා දුන්නු වාහනේ පිටිපස්සෙ සීට් එකට ගොඩ වෙද්දි දඩාස් ගාලා වාහනේ දොර වැහුව ආශව ගිහින් පැසෙන්ජර් ශීට් එකට ගොඩ වුණා.

"ම්හ්.....දෙවින් මොකද්ද බං ඒ එන අමුතු ගද?"

"මොන?"

"ඔය එන්.....නිකං බියර් ගදක් වගේ?"

"ඔව්මයි බං කොහෙ......"

"දෙවින් වාහනේ ටිකක් නවත්තපං!!!!"

දෙවින් වාහනේ පාර අයිනට කරලා නවත්තද්දි ආශව එහෙම්මම ගිහින් නැග්ගෙ පිටි පස්සෙ ශීට් එකට.ආශවගෙ ඉගියත් එක්ක වාහනේ පාරට දාගත්තු දෙවින් වේගෙන් ගම්මානෙ පැත්තට යන්න පටන් ගත්තා.ආශව පිටිපස්සට නැගලා නේත්‍ර ලගට ලං වෙද්දි ඇස් වලින් ගලන කදුළු පිහිදාගත්තු නේත්‍ර හෙමීට ඔලුව උස්සලා ආශව දිහා බැලුවා.

නේත්‍රගෙ උරහිසෙන් අල්ලලා නේත්‍රව තමන්ගෙ පැත්තට හරවගත්තු ආශව එහෙම්මම නේත්‍ර ලගට නැවිලා ලොකු හුස්මක් ඉහලට අදිනවත් එක්කම ආශවගෙ ලා රතු පාට ඇස් දෙක කේන්තියකින් පිරිලා ගියා.ආශවගෙ සද්දයක් නැති තැන ඒ මුණ බලන්න ඔලුව උස්සපු නේත්‍ර ආපහු පාරක් බිම බලාගත්තෙ ආශවගෙ ඇස් වලින් පිට වෙන කේන්තිය ඉස්සරහ තමන්ව පිච්චිලා යන්න පුළුවන් කියලා දැනුනු නිසා.

"දෙවින් ඉක්මනට යමං.උඹ ගැන මම බලාගන්නම් නේත්‍ර!!!"

.

.

.

.

.

වලව්ව ලගින් නැවැත්තුව කාර් එකෙන් එලියට බැහැලා ගෙදර ආව නේත්‍ර ඉක්මනටම අර ජරාව හැලුනු ඇදුම් ගලවලා දාලා කොට කලිසමකුයි කමිසෙකුයි ඇදෙගන දැන් විනාඩි පහක් විතර වෙනවා.වලව්ව ලගින් බැහැලා ගෙදර ගිහින් තමන් එනකං ඉන්න කියලා නේත්‍රට තර්ජනේ කල ආශව එනකන් නේත්‍ර බලාගෙන හිටියා.

"ස්....සුදුඅයියෙ?"

කල්පනා ලෝකෙ හිටිය නේත්‍ර හරි සිහියට ඇවිත් දොර දිහා බලද්දි එතන හිටියෙ ආශව.නිකංම නෙවෙයි දිග රත්මල් කෝට්ටක් අතේ දරාන උන්නු ආශව ඒකෙ කොල එකින් එක ගලවලා සුද්ධ කරන ගමන් හිටියා.රත්මල් කෝට්ටෙ කොල ටික ගලවලා දැම්මට පස්සෙ රත්මල් කෝට්ටෙ තියෙන ගැටිති උඩට මතු වෙන බවත්,රත්මල් කෝට්ටෙ පාර වතුසුදු කෝට්ටවල් වගේ නෙවෙයි සෑහෙන්න දරුණු බවත් නේත්‍ර දැනන් හිටියා.

"මොකද්ද අද උබ ඒ කරන්න ගියේ?"

සුද්ධ කරගත්තු රත්මල් කෝට්ට අතේ තියාගෙනම ගේ ඇතුලට ආව ආශව නේත්‍රගෙ ගෙදර දොර එක් අතකින් වහලා දැම්මා.නේත්‍ර පස්සෙන් පස්සට ගියේ ආශවගෙ පෙනුම දැකල.නේත්‍රගෙ ඉස්සරහා ආශව මේ විදියට හැසිරෙන පලවෙනි අවස්තාව මේක වෙද්දි නේත්‍ර ඕනිවටත් වඩා බය වෙලා හිටියා.ආශවගෙ ඇස් වල තිබ්බ ලා රත තාමත් තුරන් වෙලා ගිහින් තිබ්බෙ නෑ වගේම ආශවගෙ අත් වල,බෙල්ලෙ කොල පාට නහර පවා මතු වෙලා තිබුනා.

"ම්....මම සුදු අයියා හිතනවා වගේ......."

"උබ එක වචනයක් කතා කරන්න එපා!!! එක වචනයක්"

ඉතින්,හැමදාම වගේ අදත් නේත්‍ර ආශවගෙ වචනෙට කීකරු වුණා.තමන් බියර් බිව්වෙ නැති බව දැන දැන නේත්‍ර කට වහගත්තා.කේන්තියෙන් අන්ධ වෙලා ගිහින් හිටි ආශවට නේත්‍ර ලගින් කලින් ආව ගද එන්නෙ නැ කියලවත් දැනුනෙ නැ.ඒ දේ නොදැනෙන තරමටම ආශව කෝපයෙන් ගිනි ගන්න ගමන් හිටියා.

'කුෂ්..............'

"ආහ්.......සුදු අයියේ........"

රත්මල් කෝට්ට එක පාරක් උඩට ඉස්සිලා පහත් වෙනවත් එක්කම ඇහුනු 'කුෂ්' සද්දෙත් එක්කම නේත්‍රගෙ කටින් පිට වුණේ ලොකු විලාපයක්.ආශව ජීවිතේ පලවෙනි වතාවට නේත්‍රට අත ඉස්සුවා.

"උඹට මොකක් හරි කරදරයක් උනානම්?"

"උබට මොලයක් නැද්ද?"

"යකෝ,අර පර බල්ලත් එතනට ඇවිත් හිටියා"

"උබව මත් කරලා හරි බලෙන් හරි උන් කොහෙට හරි උබව ඇදන් ගියානම්"

"මම මැරෙයි යකෝ!!! මම මැරෙයි!!!!"

ඒත් එක්කම උඩට ඉස්සුණු කෝට්ට ආපහු පාරක් පාත් වුණේ නේත්‍රගෙ කකුල් දෙකටමයි.ඒ කිරි සුදු පාට කකුල් දෙක රත් මල් කෝටු පාරවල් දෙකක් කද්දි තද රතුපාට වෙනවත් එක්කම වේදනාව දරන්න බැරි වුණු නේත්‍ර එහෙම්මම බිම වැටුනෙ කකුල් දෙක අල්ලගන්න ගමන්මයි.

"අනේ රිදෙනවා සුදු අයියෙ......නේත්‍රට රිදෙනවා"

මහ හයියෙන් ඉකි ගහන ගමන් නේත්‍ර කියද්දි කේන්තිය පාලනේ කරපු ආශවගෙ ඇග ආපහු පාරක් නේත්‍රගෙ සුදු අයියා තමන්ගෙ පාලනයට ගන්න උත්සාහ කලා.ඒත් එක්කම කෝට්ට බිමට අතැරපු ආශව නේත්‍රලාගෙ සාලෙ තිබ්බ මැටි මල් පෝච්චියක් පොලවෙ ගහලා දැම්මා.ආශවගෙ මේ වියරු සගහත හැසිරීම දිහා බලන් හිටි නේත්‍ර වෙවුලන්න ගත්තෙ බයටමයි.

"නේත්‍ර,කාමරේට ගිහින් දොරවහගනින්!!!! මම කියන්නෙ දැන්මම වහගනින්!!! මම කියනකං දොර අරින්න එපා.මොන සද්දෙ ඇහුනත්"

ආශවගෙ වචනත් එක්කම තමන්ගෙ කාමරේ දිහාවට දිව්ව නේත්‍ර කාමරේ දොර වහගෙන ඇතුලට උනා.විනාඩි ගාණක් යද්දි නේත්‍ර ඇහුනෙ ආශව මහ හයියෙන් කෑගගහා අඩන සද්දයක්.

"දෙයියනෙ මම මගෙ අහිංසකයට අත ඉස්සුවා"

ආශවගෙ ඇඩීම් අස්සෙන් නේත්‍රට ඇහුණු එකම දේ වුණේ ඒක.නේත්‍රට ඕනි වුණ්ත් එලියට ගිහින් එයාගෙ සුදු අයියව සනසන්න නේත්‍රට ඒක කරන්න පුළුවන් උනේ නැහැ.මොකද නේත්‍ර ආශවගෙ වචනෙට ගරු කලා.එහෙම්මම ඇදේ ඇල වෙලා අඩන්න ගත්තු නේත්‍රගෙ ඇස් දෙක හෙමීට පිය විලා ගියේ අද දවස ඕනිවටත් වඩා තෙහෙට්ටු වුණු දවසක් වුණු නිසා.

විභාගෙ ඉවර කරලා සතුටින් ඉන්න හිටියත් නේත්‍රගෙම මෝඩ වැඩ නිසා නේත්‍රට වුණේ අඩන්න.නේත්‍ර හිතුවෙ එහෙම.ඒත් ඇත්තටම ඒක එහෙමද? ඒ දේ වරද නේත්‍රගෙද? ආශවගෙද? එහෙමත් නැත්තං මුල ඉදංම යටි අරමුණු හිතේ තියං වැඩ කරපු අර පිට වුන් දෙන්නගෙද?

...................................................................................................

"ම්හ්හ්හ්හ්"

පැය ගාණක නින්දකට පස්සෙ නේත්‍ර කෙදිරි ගගා ඇහැරුණේ තමන්ට ලොකු සනීපයක් දැනෙන්න ගත්තු නිසා.ඇස් අරිද්දි තමන්ගෙ කකුල් කාගෙ හරි ස්පර්ශෙකට යටත් වෙලා බව දැනුනු නිසා එකපාරටම කලබල වුණත් ඒ ස්පර්ශෙ දැනුනු සුවදායි බවයි හුරු පුරුදු බවයි නිසා නේත්‍ර සන්සුන් වුණා.

"නේත්‍ර ඇහැරියද?"

නේත්‍රගෙ පය පාමුල නැවීගෙන උන්නු ආශව ඉක්මනටම නැගිටලා ඇවිත් නේත්‍රව උස්සලා ඇද විට්ටමට හේත්තු කරලා අහද්දි නේත්‍ර ඔලුව උඩ පහල වැනුවා.ඒත් එක්කම නේත්‍ර බැලුවෙ තමන්ගෙ කකුල් දෙක දිහා.රත්මල් කෝටු පාරවල් දෙක වැදිලා වැවිරි ඇවිත් තිබ්බ තමන්ගෙ කකුල් දෙක වතුරෙන් පිහිදලා තිබුණු ආශව ඒ වැවිරි පාරවල් දෙකට ක්‍රීම් ගාලා තිබුණා.

"නේත්‍ර,ම්.....ම.......මම ෆ්‍රයිඩ් රයිස් අරගෙන ආවා.අපි කාලා පෙනඩෝල් දෙකක් බොමුද?"

නේත්‍රගෙ පිගානට ෆ්‍රයිඩ් රයිස් දාගෙන ආව ආශව තමන්ගෙ අනික් අතේ තිබ්බ වතුර කෝප්පෙ නේත්‍රගෙ කට ලගට කිට්ටු කරද්දි නේත්‍ර වතුර ඩිංගක් බිව්වා.චිකන් කෑල්ලක් දාලා රයිස් ටිකක් අතට ගත්තු ආශව ඒ ටික නේත්‍රගෙ කටට කිට්ටු කරද්දි නේත්‍ර දැක්කා ආශවගෙ අත හයියෙන් වෙවුලන හැටි.ආශවව තේරුම් ගත්තු නේත්‍ර ආශව දුන්නු බත් කට කටට අරගෙන ආශවගෙ අතේ තිබ්බ කෑම පිගාන තමන්ගෙ අතට අරගෙන ඒක තමන්ගෙ ඇද උඩින් තිබ්බා.

ආශව තවමත් හිටියෙ නේත්‍රගෙ ඇස් මගාරිනම් ගමන්.ආශවගෙ මූණ තමන්ගෙ එක අතකින් උඩට ඉස්සුව නේත්‍ර තමන්ගෙ අත් දෙක දෙපැත්තට කලේ පුංචි කාලෙත් ආශවව සන්සුන් කරගත්තු හැටි මතක් වෙලා.තත්පර ගාණක් නේත්‍ර දිහා බලන් උන්නු ආශව එහෙම්මම නේත්‍රගෙ අත් අතරට ගිහින් පපුවට තුරුල් වෙලා හයියෙන් අඩන්න ගත්තා.

"ම්ම්.......ම.......ම.....මට සමා....වෙයං රත්තරනේ....උබේ සුදු අයියාට බය හිතුනා"

"මම දන්නවා සුදු අයියෙ ඒක.අඩන්න එපා ඒ නිසා"

"ඒත් මම ගැහුවා.මගෙ නේත්‍රට ගැහුවා.මගෙ නේත්‍රට රිද්දුවා.නේත්‍ර නොකරපු වරදක් ගැන චෝදනා කලා"

"අ....අයියෙ?"

"ආර්ය කිව්වා මට කෝල් කරල හැම දේම.මම හිතුවෙ නේත්‍ර හිතුවක්කාරකමට එතනට ගියා කියලා.උබව මට අවිශ්වාසෙකට නෙවෙයි නේත්‍ර......ඒත්........"

"ශ් ශ්.......දැන් ඇති කෝ ඉතින්.......අඩන්න එපානෙ සුදුඅයියෙ"

"මට බය හිතුනා.....නේත්‍රට මොකක් හරි කරදරයක් උනානම් එහෙම?"

"දැන් හරිනෙ.කෝ බලන්න.මම ආයෙ කවදාවත් ඒ වගේ නොසැලකිල්ලෙන් වැඩ කරන්නෑ සුදු අයියෙ.මට සමාවෙන්න"

"මටත් සමාවෙන්න නේත්‍ර.....දහස් වාරයක් සමාවෙන්න.නේත්‍රට අත ඉස්සුවට"

"අනේ සුදු අයියෙ.......කෝ අඩන්න එපා.අඩද්දි සුදු අයියා හුගක් කැතයි"

පුංචි කාලෙ කියනව වගේම කිව්ව නේත්‍ර තමන්ගෙ රෝස පාට අත් දෙකෙන් ආශවගෙ කදුළු පිහිදැම්මා.ආශව නේත්‍රගෙ පපුවට තුරුල් වෙලා පැය ගාණක් ඇඩුවා.අඩලා අඩලා ටිකෙන් ටික සන්සුන් වුණු ආශව නේත්‍රට බත් කවලා තමනුත් කෑවා.

අද සතුටුදායක දවසක් තමන්ගෙ අතින් විනාස වුණා කියලා හිතුව ආශව නේත්‍රට පුංචි හරි සතුටක් දෙන්න ඕනි නිසා කඩෙන්ම කෑම බීම අරං ඇවිත් තිබුනා.නේත්‍ර ආසාම කොකා කෝලා ලීටරේ බෝතලේකුත් අරං ඇවිත් තිබ්බ ආශව නේත්‍රට කවන ගමන් බීම දැම්ම කෝප්පෙකුත් නේත්‍රගෙ අතට දීලා තිබුනා.

දෙන්නත් එක්ක කාලා ඉවර වෙලා නේත්‍රට පෙනඩෝල් දෙහෙකුත් පෙව්ව ආශව නේත්‍රත් එක්කම ඇදට ගොඩ වුනේ නිර්මලා එනකං නේත්‍ර එක්ක ඉන්නවා කියලා හිතාගෙන.නේත්‍ර කකුල් දකින දකින වාරයක් ගාණෙ ආශවට නේත්‍රගෙන් සමාව ගන්න ඕනි වුණත් ආශව ඒ හැගීම යටපත් කරගත්තෙ නේත්‍රගෙන් බැනුම් අහන්න බැරි කමට.නේත්‍රගෙ ඇදට ගොඩ වුණු ආශව තමන්ගෙ අත දිගෑරලා නේත්‍රට කරපු සන් කිරීම තේරුම් ගත්තු නේත්‍ර එහෙම්මම ආශවගෙ පපුවට ගුලි වුණා.

"උඹ මලක් නේත්‍ර.මම ඒකමයි මෙච්චර බය....මම එපායෑ මේ මල මේකෙ වහන්න එන එක එක බඹරුන්ගෙන් සමනලයන්ගෙන් ආරක්ෂා කරන්න....ඒ දේදි අයියගෙ අතින් වෙන වැරදි වලට අයියට දහස් වතාවක් සමාවෙන්න මගෙ නේත්‍ර............"

වචනෙන් කෙලින්ම නොකිවත් ආශවගෙ දයාබරත්වෙ නේත්‍රට දැනිලා තිබුනා.ආශවගෙ පපුවට ගුලි වෙලා හිටි නේත්‍රගෙ කටින් හීන් ඉකියක් පිට වුණේ ඒ දයාබරත්වෙ දරාගන්නම නොහැකි වුණු තැන.තමන්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්න පුංචි ගැටපිච්ච මලේ සිනිදු කෙස් උඩින් තමන්ගෙ තොල් තද කල ආශව එහෙම්මම ඇස් පියාගෙන ඒ සුවද විදිද්දි,වත්තෙ තිබුණු වැලේ පිපීගෙන එමින් තිබ්බ ගැටපිච්ච මල් වල සුවද මද සුලගට මුසු වෙලා ඒ රාත්‍රී පරිසරය පුරාම පැතිරිලා ගියා.

...................................................................................................

හායිම්🌚❤️

Words 3600+

දිගම දිග එකක් දුන්නා ඈ🌚👉👈

ඔන්න ඒනම් අවුරුදු 16 නේට්ටටයි අවුරුදු 17 සුදුබේබිටයි බායි කියලා කියන්න🌚👉👈

ඊලගට ආයෙ කෙලින්ම එන්ටර්වෙන්නෙ අවුරුදු 18 මහ හිච්චි මුදියන්සෙයි,අවුරුදු 17 නස් නාරං පෙරේතයෙකුයි🌚👉👈 ඒ දෙන්නත් එක්ක ඔයාලට සෑහෙන කාලයක් ඉන්න වේවි🌚❤️ කැමතියි නේත🥺❤️

මම මේ චැප්ටර් එක ගැන සෑහීමකට පත් වෙනවා කලින් එකට වඩා❤️

අහන්නකො බබාලා,මට මේකට උත්තරයක් ඕනි.....ඔයාලා කැමතිනම් දීගෙන යන්න.කැමීලියා බල කරන්නෙ නැහැ❤️

"ඔයාල දැනට මේකෙ කැමතිම චරිතෙ කවුද?"

මෙන්න මෙයාලා ගැන නිකං ඔයාලට හිතෙන දේ වචනයක් හරි පුළුවන් නම් කියන්න.

ආශව

නේත්‍ර

දිවාෂ

දෙවින්

දෙනෙත්

ලොකු මැණිකෙ

මහ මුදියන්සේ

ඊලග චැප් එකේදි කතාවෙ මෙතෙක් කල් නිකන් හිටිය චරිතයක් එන්ටර්වෙයි😌❤️ සමහර අයනම් එයා එනකංමයි බලන් ඉන්නෙ😭😂❤️ Swag_sopier හායි බබා🙈😂❤️

ඉතින් බබාලා අදහසක් තියාගෙන යන්න අමතක කරන්න එපා🥺❤️

එහෙනම් මම ගිහින් එන්නම් බබාලා🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter