Back
Chapter 28

27 කොටස🤍✨

නිවාලන්න මා...

"ඔව්! මහනුවර **** විද්‍යාලයේ තෙවන කඩුල්ලත් එලෙස දැවී යනවා.කොලඹ **** විද්‍යාලයේ වේග පන්දු ක්‍රීඩක ඉරේෂ් වින්දන ඔහුගේ දෙවන කඩුල්ලත් එලෙස ලබාගන්නවා"

"ඔව් අසේල.පන්දුවාර 25ක් තුලදී මහනුවර **** විද්‍යාල කණ්ඩායම ලකුණු 170ක් රැස් කරගත යුතුයි.අපි බලමු! දැන් පිටියට පිවිසෙන්නේ මහනුවර *** විද්‍යාලය නියෝජනය කරමින් දිහන්ස සිංහවංශ."

බැට් එකත් වන වන පිට්ටනියට පය තිබ්බ දෙවින් ලකුණු 52ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් කණ්ඩායමට රැස් කරලා දීලා පිට්ටනියෙන් ඉවතට එන ගමන් හිටි රධීන්ගෙ පිටට තට්ටුවක් දැම්මා.එහෙම්මම බැට් එක එහෙ මෙහෙ හරෝ හරෝ පොඩි වැඩ කිඩ ටිකක් දැම්ම දෙවින් තවමත් තවමත් නොදැවී හිටි ආශවගෙ පිටටත් තට්ටුවක් දාලා ක්ෂණික වැලදගැනීමක් කරන ගමන්ම කඩුල්ල ලගට ගිහින් හිටගත්තා.තමන්ගේ වටේට හිටගෙන හිටි නාලන්දා ක්‍රීඩකයන්ගේ සමච්චල් සහගත මූණු ටික දැක්ක දෙවින් දත්මිටි කාගෙනම බැට් එක හයියෙන් අල්ලගත්තා.

"දෙන්නම් පුතේ උබර්ලට හික් ගෑවෙන්න"

ඒ එලඹුනේ කොළඹ ****  ක්‍රීඩකයන්ගෙ පසුබැසීමේ අවධියේ මුල් අදියර.දෙවින් ආශව දෙන්නා එකතු වෙහා ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගන්න ගත්තෙ පිට්ටනිය වටේටම ඇහෙන කොළඹ ****    සිසුන්ගේ ජය ඝෝෂා කනකටවත් නොගෙන.මේ වෙද්දිනුත් ආශව ලකුණු පනහෙ සීමාව පහු කරලා අර්ධ ශතකයක් ලබාගෙන තිබ්බ නිසා නාලන්දා ක්‍රීඩකයන්ගෙ ලොකුම අධිෂ්ඨානය වුණේ ආශවට ශතකයක් සම්පූර්ණ කරන්න නොදී දවාගැනීම.

ඒත් ඒකට ලොකු බාධකයක් විදියට දෙවින්ගෙ පැමිණීමත් එක්කම දැඩි අධිෂ්ඨානක්,විශ්වාසයක් ගොඩනගාගත්තු ආශව හරස් වුණා.කලින්ටත් වඩා ආවේගශීලී වුණු ආශව හැරෙන හැරෙන පැත්තට පන්දුවට පහර දෙද්දි දෙවිනුත් ඊට නොදෙවෙනි විදියට ක්‍රීඩා කරමින් හිටියා.

"ඔව්.මහනුවර ***** විද්‍යාලය අද දින ලබාගන්නා තුන්වන අර්ධ ශතකය සනිටුහන් කරමින් දිහන්ස සිංහවංශ මේ අවස්ථාවේදී අර්ධ ශතකයක් රැස් කරගන්නවා!"

පැවීලියන් එකේ හිටි තමන්ගෙ පාසලේ සිසුන් පිරිස ජය ඝෝෂා නගද්දි දෙවින් තමන්ගෙ පිත්ත ඔසවලා හිස නවලා හිස නවලා පිට්ටනියෙ හතර පැත්තටම හැරිලා ආචාර කරලා ආශවව තුරුල් කරගත්තා.38 වන පන්දුවාරයේදී දෙවින් ලබා ගත්තු අර්ධ ශතකයත් එක්කම  කොළඹ ****  ක්‍රීඩකයන් පසු බසිද්දි දෙවින් ආශව දෙන්නා තව ටිකක් උද්දාමයට පත් වුණා.

ඒ ගෙවෙමින් තිබ්බෙ 40 වෙනි පන්දුවාරය.ආශව Open Batsman කෙනෙක් විදියට ක්‍රීඩා කරපු නිසා තරගයේ ආරම්බයේ ඉදලම මේ වෙනකං කඩුල්ලෙ රැදිලා හිටියා.ඒ නිසාම ආශවට දැනෙමින් තිබ්බෙ දැඩි තෙහෙට්ටුවක්.ඒ තෙහෙට්ටුවට ප්‍රධානම හේතුව විදියට තමන්ගෙ කකුලෙ තිබ්බ සම්පූර්ණයෙන්ම සුව නොවුණු තුවාලය බලපාද්දි ආශවගෙ කකුලෙන් දැනෙන්න ගත්තෙ කකුල ඇදුම්කන්නා වගේ වේදනාවක්.ආශවගෙ වේදනාව හොදට තේරුම් ගත්තු දෙවින් හැමවෙලේම තමන් පන්දුවට පහර දෙන්න හැකි වෙන විදියට කඩුල්ලෙ රැදෙන්න උත්සාහ ගනිමින් හිටියා.

නුමුත් 40 වෙනි පන්දුවාරය අවසන් වෙන්න තව එක පන්දුවක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි ආශව කඩුල්ලෙ රැදිලා හිටියා වගේම ඒ වෙද්දි ආශව ලකුණු 97ක් රැස් කරලා තිබුණා. කොළඹ ****  දග පන්දු යවන්නෙක් එල්ල කල පන්දුවට වැරෙන් ප්‍රහාරයක් එල්ල කරපු ආශව පන්දුව පිටිය දිගේ රෝල් වෙලා ගිහින් බවුන්ඩ්‍රි එකේ වැදෙන හැටි බලාගෙන හිටියා.

"ඔව්....මහනුවර **** විද්‍යාලීය කණ්ඩායම් නායක ආශව තිදස්වර මේ අවස්ථාවේදී ශතකයක් රැස් කරගන්නවා!"

පිට්ටනිය වටෙන් ඇහෙන අත්පොලසන් නාදය මැද්දෙන් හෙල්මට් එක ගලවලා ගත්තු ආශව හෙල්මට් එකයි බැට් එකයි දෙකම අත් දෙකට අරගෙන ඒවා ඔසවන ගමන්ම ඇස් දෙක පියාගෙන අහස දිහා බැලුවා.

"එයා ප්‍රාර්ථනා කරන්න ඇති!"

ඇස් දෙක හෙමීට විවර කරපු ආශව තමන්ගෙ අතේ ගැටගහලා තිබ්බ පිරිත්නූල දිහා බලලා මද හිනාවක් පාන ගමන් ආපහු පාරක් තමන්ගෙ හිස් වැසුම පැලදගෙන පිත්ත අතට ගත්තා.තව පන්දුවාර 10ක් ඉතුරුවෙලා තිබ්බා වගේම ඒ පන්දුවාර 10 ඇතුලත ලකුණු 63 ක් රැස් කරගන්න අවශ්‍ය වෙලා තිබ්බා.සාමාන්‍යෙන් ඒ ලකුණු ප්‍රමාණෙ ඉතා තීරණාත්මක ලකුණක් වෙද්දි විරුද්ධ පිලේ නායකතුමා පන්දු යවන්නන්වත් වෙනස් කලේ කොහොමහරි ජයග්‍රහණෙ තමන්ගෙ අතට ගන්න ඕනි කියලා හිතාගෙන.

පන්දුවෙන් පන්දුව ගිලිහෙද්දි,පහසුවෙන්ම දෙවින්ව දවාගන්න පුළුවන් අවස්ථාවක් වුණු දෙවින් එල්ල කරපු පහරකින් ගුවන්ගත වුණු පන්දුව රැක ගන්න අපහසු වෙලා ක්‍රීඩකයෙක්ගෙ අත් දෙක අස්සෙන් ඒ පන්දුව ගිලිගෙද්දි,ආශවයි දෙවිනුයි ඒ දේවල් වලින් අවස්ථාවන් ලබා ගන්න ගමන් තව ටිකක් ආවේගශීලීව ක්‍රීඩා කරද්දි කොළඹ ****   ක්‍රීඩකයො පසු බැස්සා.

පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේදී ආශව හා දෙවින් ලකුණු 165 ක දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩනගලා තිබ්බා වගේම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එක් පන්දුවකින් ලකුණු 5ක් ලබාගන්න අවශ්‍ය වෙලා තිබ්බා.මහනුවර **** විද්‍යාලීය නායක ආශව කඩුල්ලෙ රැදිලා ඉද්දි ආශවට කෙලින්ම හිටි දෙවින් කකුලකුත් ඉස්සරහට තියාගෙන බලාගෙන හිටියෙ දුවන්න ලෑස්ති වෙලා.

හෙල්මට් එක අස්සෙන් පේන ආශවගෙ කළුවට හුරු තදම තද දුඹුරු පාට ඇස් දෙක දිහා බැලුව දෙවින් තමන්ගෙ කළු පාට සිහින් ඇස් දෙක තවත් ටිකක් හීනි කලේ හරියට "උබට මේක කරන්න පුළුවන්" කියලා දන්වන්න වගේ.කොළඹ ****   විද්‍යාලයේ පන්දු යවන්නා ඈතින් දුවගෙන එනවා දකිද්දිම ආශව තමන්ගෙ ඇස් දෙක තද කරලා පියාගෙන ක්ෂණයෙන් විවර කලා.

"කොහොමහරි දිනලා එන්න මගෙ සුදු අයියෙ.ඔයාට පුළුවන්"

පිටත් වෙන දවසෙ තමන් වලව්වෙන් පිටත් වෙන්න කලින් පිලිකන්න පැත්තෙ ඉදන් දුවන් ආව නේත්‍ර තමන්ගෙ අතේ ගැටපිච්ච මල් දෙක තුනක් ගුලි කරන ගමන් කිව්ව හැටි මතක් වුණු ආශව තමන්ගෙ පැත්තට වේගෙන් ඇදෙමින් තිබ්බ පන්දුවට වැරෙන් පහර දුන්නා.ඒත් එක්කම ඉස්සරහ බැලුව ආශව මේ වෙද්දිනුත් තමන්ගෙ පැත්තට වේගෙන් දුවගෙන එන දෙවින්ව දැකලා පුළුවන් උපරිම වේගෙන් දුවගෙන අනික් කඩුල්ලට යන ගමන් ගුවන්ගත වුණු පන්දුවට තමන්ගෙ අවධානෙ යොමු කලා.

තමන්ගෙ පාසලේ සහෝදරයො කිහිපදෙනාගෙ,තමන්ගෙ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගෙ වගේම තරගය වෙනුවෙන් ආව තමන්ගෙ පාසලේ තරුණ ගුරුවරු කිහිපදෙනාගෙ ජය ඝෝෂාවත් එක්කම පන්දුව ගිහින් පැවීලියන් එකටම වැටෙද්දි මරහඩ තැලුව දෙවින් ආශව හිටි පැත්තට දුවගෙන ආවා.

"දින්නා හු#තො දින්නා"

ආශව ලගට දුවගෙන විත් ආශවව තුරුල් කරගත්තු දෙවින් කෑගහද්දි ආශවත් තමන්ගෙ බැට් එක උඩට උස්සන ගමන් හයියෙන් කැගැහුවා.පැවීලියන් එකේ බාගෙට බාගයක්ම පිරිලා හිටියෙ කොළඹ ****   විද්‍යාලයේ සිසුන් වෙද්දි ආශවලා වෙනුවෙන් හිටියෙ පාසලට අයිති බස් රථයකින් ආව සිසුන් පනහක වගේ කුඩා පිරිසක් විතරමයි.පාසල් නිවාඩු කාලය උනත් තමන්ගෙ පාසලේ තරගය බරඹන්න කොළඹ ****   විද්‍යාලයේ සිසුන් සිය ගාණක් හරි ආසාවෙන් පිට්ටනියට රැස් වෙද්දි ආශව දෙවින් දෙන්නා ප්‍රමුඛ වුණු මහනුවර **** විද්‍යාලීය කණ්ඩායම හරි අපූරුවට ඒ සිය ගාණක සිසුන්ව නිහඩ කරවලා තිබ්බා.

ඒ වෙද්දි මහනුවර **** විද්‍යාලයේ ලකුණු පුවරුව ආශව තිදස්වර - 133, දිහන්ස සිංහවංශ - 90, රධීන් විජේවික්‍රම - 52, සචින් වසුන්දර - 10, නිමේත් භාතික - 15 විදියට සටහන් වෙලා තිබුණා.

"Our warmest congratulations to Ashawa Thidaswara Irugalbandara who was the Man of the match"

විශාල අත්පොලසන් නාදයක් මැද්දෙන් ඉදිරියට ගිය ආශව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කල මහේන් ආරච්චි මහතා අතින් තමන්ගෙ කුසලානය ලබාගත්තෙ ආඩම්බරකාරී හිනාවකින් මූණ සරසගන්න ගමන්මයි.කොහොමත් ආශව කියන්නෙ තමන්ගෙ කියලා පිලිගත්තු මිනිස්සුන්ට ඇරෙන්න අනික් හැම මිනිහටම ආඩම්බරකාර චරිතයක් වෙද්දි ආශවගෙ පාසලේ කාටවත් ඒ හැසිරීම ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් තිබ්බෙ නෑ.

"දිව්දේත්‍රා........ඉක්මනට එන්න.ඩෑඩ් වාහනේ එවලා"

පැවීලියන් එකේ උඩම හරියට වෙලා තරගෙ ආරම්භයේ ඉදන් මේ වෙනකංම පිට්ටනිය මැද්දෙ දගලපු ඒ කඩවසම් පිරිමි රූපෙ දිහාම ඇස් පිය ගහන්නෙ නැතිව බලාගෙන හිටිය සුරූපී තරුණියක් තමන්ගෙ මිතුරියගෙ ආමණ්ත්‍රනෙත් එක්ක ගැස්සිලා ගියා.දැනුත් කුසලානෙ අතේ තියාගෙන කණ්ඩායම් ඡායාරූප වලට පෙනී ඉන්න ඒ ලා දුඹුරු පාට හමක් සහිත වුණු ඒ කඩවසම් තරුණයාගේ උගුරු දණ්ඩ උඩින් ගලාගෙන යන දාඩිය බිදිති තරුණියගෙ හිත හරියට නොසන්සුන් කලා.

තඹ පැහැ වර්ණයෙන් වර්ණ ගන්වා තිබුණු තමන්ගෙ අක්බමරු කෙස් කලාපය පිටිපස්සට කරලා ගස්සන ගමන් නැගිට්ට තරුණිය තමන්ගෙ කුඩා ඩෙනිම් ශෝට් එක හා බැගී ටී ෂර්ටය හරියට සකසා ගන්න ගමන් තමන්ගෙ මිතුරියගෙ පිටිපස්සෙන් ඇවිදගෙන ගියේ තමන්ගෙ හිත ගත්තු ඒ කඩවසම් පිරිමි රූපෙ දිහා තවත් වරක් බලලා කෙල පිඩක් ගිල ගන්න ගමන්මයි.

"Ashawa.......What a handsome boy"

...................................................................................................

ඇදන් හිටි කළු පාට ශෝට් එකෙ සාක්කු දෙකට අත් දෙක ඔබාගත්තු ආශව හෙමින් සැරේ ඇවිදගෙන ආවෙ හොටෙල් එකේ ගාර්ඩ්න් එකට.පාසල නියෝජනය කරන තරගයක් නිසාවෙන් පාසලෙන්ම ක්‍රිකට් කණ්ඩායමට නවාතැන් පහසුකම් සපයලා තිබුණා.කොහොමත් නුවර ඉන්න ධනකුවේරයන්ගෙ දරුවන් වැඩි පිරිසක් යන්නෙ ආශවලාගෙ පාසලට නිසා මේ වගේ තැනක නවාතැන් පහසුකමක් සැපයීම ඔවුන්ට හරි සුලුපටු දෙයක් වුණා.කොටින්ම කිව්වොත් මේ හෝටලේ අධිපතිතුමාත් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙද්දි කණ්ඩායම සදහා විශේශ විදියට හෝටලේ එක පරිශ්‍රයක්ම වෙන් කරලා තිබුණා.

රෑ වෙලා තිබුණු නිසා හොටෙල් ගාර්ඩ්න් එකේ වවලා තිබුණු එකේක මල් වලින් සුවද හැමුවත් ආශවට ඒ සුවදවල් වලින් හිත පුරවගන්න බැරි වෙලා තිබුනා.හැමදාම තමන් සැනසෙන ගැටපිච්ච මල් සුවද තමන්ගෙ නාහෙට නොදැනෙද්දි දිග හුස්මක් පහලට දැම්ම ආශව ගාර්ඩ්න් එකෙ තිබ්බ බෙන්ච් එකකින් ඉදගත්තා.

දැන් ටිකකට කලිනුත් නේත්‍ර එක්ක කතා කලත් ඒ දේ හරි මදි වගේ හැගීමක් ආශවට දැනුනා.වෙනදා වගේම තමන්ගෙ අත් අස්සට නේත්‍රව තුරුල් කරගන්න,ඒ සිනිදු හිසකේ උඩින් හාදු තියන්න,ඒ රෝස පාට කම්මුල් මිරිකන්න ආශවට ඕනි වුණා.තවමත් නේත්‍ර නැතුව ගෙවිලා තිබ්බෙ දවස් දෙකයි වුණාට ආශවට ඒ කාලෙ කල්පයක් වගේ දැනුනා.

ඒත් එක්කම නේත්‍ර කෝල් එකක් ගත්තෙ දිවාෂට.ඊයෙ ඉදන් ගමේ මනුස්සයෙක්ගෙ මල ගෙදරක වැඩ වල උදපදව්වට නිර්මලාට යන්න වෙන නිසා මේ ටිකේ තමන් දිවාෂ එක්ක නැවතෙනවා කියලා නේත්‍ර ආශවට කියලා තිබ්බා.දවස් දෙකක් තිස්සෙ නේත්‍රගෙ රූපෙ ඇහැටවත් නොදැක්ක එකෙන් ආශවගෙ හිත තවත් ටිකක් නොසන්සුන් වෙද්දි ආශව දිවාෂට කතා කලේ ඒ ගැන කියන්නත් එක්කමයි.

නවීන පන්නයේ ජංගම දුරකථනයක් ආශව තමන්ට ලබා දීලත් නේත්‍ර වීඩියෝ කෝල් එකක්වත් ගන්න ඉඩක් නොදුන්නෙ හිතේ තියෙන දැඩි ලැජ්ජාව,සබකෝලෙ නිසාමයි.නේත්‍රගෙ හැටි කාටත් වඩා හොදට දැනන් උන්නු ආශවත් නේත්‍රට ඒ දේට බල නොකලත් නේත්‍ර උනත් ඉන්නෙ තමන්ව නොදැක දුකෙන් කියන එක ආශව දැනන් උන්නා.

"හනේ අම්මෝ හලෝ මහ එකා.ඔක්කොටම කලින් Congratulations හරිත.උබ හෙන වැඩ්ඩෙක්නෙ බලන් ගියාම.උබර්ට දැන් තමා මාව මතක් වුණේ නේත?"

"Thank you thank you.ඇයි උබව හැම වෙලේම මතක් වෙන්න උබ මගෙ මිනිහා නෙවේනේ?"

"සද්දෙ අඩුවෙන් කතා කරපං ආසව.නැත්තං මම නේත්‍රට කියනවා උබ කොළබ ගිහින් නැවතිලා ඉන්නෙ උබේ හොර කෑල්ලක් එක්ක කියල"

"ඒ ඒ බලු වැඩ කරන්න එපා දිවාෂ මල්ලි.උබ ඉතින් හොද එකානෙ"

"අන්න ඒම.මේ ඒක නෙවේ.උබලා දෙන්නා මට නොකියාම සෙට් වෙලාත ඉන්නෙ?"

"පිස්සුද යකෝ.එහෙනම් මම මෙහෙම උබට කෝල් අරං නැහෙනවායෑ.ඇයි?"

"නෑ.නේත්‍ර රෑ හීනෙන් ඊයෙ කොට්ටෙකුත් තුරුල් කරාන "සුදුබේබි,සුදු බේබි " ගෑවා.මම බයත් වුණා"

"උබ මොන එහෙකටද බය වුණේ?"

"නෑ උබ කියලා හිතලා හීනෙන් මට උම්මියක්වත් දුන්නොත් එහෙම"

"අනේ මේ දිවාෂ.මගෙන් මුකුත් නාහා ඉදපං.උම්මි දෙන්න? නේත්‍ර? උබට? අර උබ කියනවා වගේ යැයි යැයි තමා"

"නේත්‍ර මේ උබේ සුදුඅයියා කොලඹ..........."

"කෑ ගහන්න එපා ඕයි."

"යැයි යැයි චමා"

"අද දවසම ගෙදරද හිටියෙ?"

"කොහෙ ඉන්නද ඕයි උබේ ප්‍රේම පරාණෙ එක්ක"

"ඇයි? නේත්‍රට මොකද උනේ?"

"කලබල වෙන්න එපා බං අයියෙ.ඌට මුකුත් අවුලක් උනේ නෑ.මැච් එක පටන් ගන්න කිට්ටු කල වෙලෙ ඉදන් ඒකා මාත් එක්ක පන්සලේ උන්නෙ"

"ආහ්හ්හ්හ්????"

"ඕඕ.බෝධියට භාරෙකුත් වුනා මම හිතන්නෙ"

".................."

"දැන් තවුසෙ අඩනවද ඔය? නෑනෙ?"

"න්....නෑ නෑ මල්ලි.......නේත්‍ර........"

"ඔව් ඕයි.ඒ ඒකගෙ හැටි.උබ දන්නවනෙ.ඌට ඌ නෙවේ උගෙ ජීවිතේ අංක එක.උඹ! උඹනෙ මහ පගා වගේ කොල්ලට සැර කරන්නෙ"

"ඒ ආදරේටනෙ ඕයි.තමුසෙත් මම වෙනුවෙන් පන්සල් ගියාද ඒ කියන්නෙ?"

"අනේ උබ වෙනුවෙන් යන්න කැහිල්ල කියලා හිතුවද මට? මම ගියේ මගෙ කොලු පැංචා තනියෙන් නිසා.මම පන්සල් ගිහින් ඉයර්ෆෝන්ස් ගහගෙන මැච් එක බැලුවා.Fb live දුන්නනෙ."

"නේත්‍ර?"

"ඌ කොහෙ බලන්නද? පැය ගාණක් බෝ මලුවෙ ඉදගෙන වැදගෙන හිටියෙ"

"...........................මට තේරෙන්නෑ දිවාෂ.මට වෙලාවකට බයයි.නේත්‍රට මගෙ අතින් මොනම හරි අඩුවක් වෙයි කියලා"

"උබ ආවම හෙමීට කතා කරමුකො ඒවා.මැච් එක දින්නා කියලා මම ලගට ගිහින් කිව්වම තමා ඒකා ඇස් දෙක ඇරියෙ"

".............හ්ම්ම්ම්ම්ම්......මට හිතුනා ප්ලේ කරද්දිත් නේත්‍ර බුදුන් හරි වදින්න ඇති කියල"

"දින්නා කිව්වම ඇස් වලින් කදුලු පෙර පෙර කිව්වෙ එයා දැනගෙන හිටියා කියල"

"නේත්‍ර ඇඩුවද?"

"නෑ කදුළු පෙරුවා.අනේ මට තේරෙන්නෑ ඕයි උබලගෙ මේ කෙරුවාවල්.මම වගේ ඉන්න බෑනෙ උඹලට"

"උබට ලාදුරු කියලා අපි මැරෙන්නයෑ!"

"නේත්‍ර මූ කොළඹ ගෑනු......."

"එපා ඕයි.හරි ඉතින්"

"අන්න ඒම ඉදින්.දැන් මොකෝ උබ මහෞෂධ පඩිතුමාට කෝල් කලේ? කුමක් හෝ උපදේසයක් අවස්සත දරුව?"

"නේත්‍රව බලන්න ආසයි ඕයි"

"ඉතින් වීඩියෝ කෝල් එකක් ගනින්කො.ලබ්බ.මට වද දෙන්නෙ.උබ දන්නෑද වීඩියෝ කෝල් ගන්න? ඔය වස්සැප් එකේ නේත්‍රගෙ කන්ටැක් එකට ගිහින් එතන උඩ තියෙනවා පෙට්ටියක් ඉස්සරහට හොටක් සෙට් වෙලා වගේ රූපයක්.අන්න ඒක එබුවම..........."

"අනේ කුණුහරප නාහා ඉදපියකො.නේත්‍ර ලැජ්ජයි බං වීඩියෝ කෝල් ගන්න.නිකං මූණ බලලා කතා කලත් රතු වෙන මනුස්සයා වීඩියෝ කෝල් ගනියි යෑ?"

"ඒම එහෙකුත් තියේද? හැබැයි පුතේ ඔන්න උඹ නේත්‍රව බිලි ගත්තට පස්සෙ උගෙ කිචි ඇරපං ඈ.නැත්තං.........."

"අනේ ඒවා මම ගාණට කරගන්නම්කො.නේත්‍රට හොරෙන් වීඩියෝ එකක් හරි අරං එවපංකො මට"

"නේත්‍ර බාත්තූම් එකේ ඉන්නෙ.මම මෙහෙම්මම ගිහින් වීඩියෝ කරලා එවන්නම්ත?"

"කකුල් කඩනවා පොඩි ඇටයා තොගෙ මම.මට ඒම ඕන්නෑ.නේත්‍ර එලියට ආවම.........."

"ඇයි එහෙම එව්වොත් උබට නගියි කියලා බයද?"

"දිවාෂ!!!!!"

"හා හා ඉතින් ඇයි මේ කෝප වෙලා.මම එවන්නම්.බායි ඈ"

ආශවට යකා නැග්ග කියලා තේරුනු ගමන් කෝල් එක කට් කරපු දිවාෂ ෆෝන් එක අතට අරගෙන ඒකට ගහන්න වගේ අත උරුක් කලා.

"ඌට ලිංගික බෙලහීනතාවය කියලා මම දන්නවයෑ ඉතින්!"

.

.

.

.

.

"සිංදුවක් කියන්නකෝ නේත්‍ර පැටියො ඉතින්"

"දැන් සිංදු කියන්න තරම් ආසාවක් එන්නෙ නෑනෙ දිවාෂ"

දිවාෂලාගෙ ගෙදර එලියෙ තිබ්බ ගල් බංකුව උඩට වෙලා අහස දිහා බලන් උන්නු නේත්‍ර බංකුව ලගම තිබ්බ අඹ ගහේ කදට හේත්තු වෙලා ඔලුව තියා ගත්තා.වෙනදට හැමවෙලේම ආශවගෙ තුරුලෙ ඉන්න බැරි වුණත් නිතර දෙවේලේ ආශවව ඇහැට හරි වදින නිසා නේත්‍රට පාලුවක් නොදැනුනත් මේ දවස් දෙක නේත්‍ර හිටියෙත් හෝන්දු මාන්දු වෙලා වගේ.

වැඩි කතා බහක් නැතිව,ඔහේ පාඩුවෙ උන්නු නේත්‍ර දවස පුරා හිනා වුනෙත් හරි අඩුවෙන්.මේ දවස් නේත්‍ර ඉන්නෙ ලොකු අවුලකින් කියන එක දිවාෂ තීරණේ කලේ  මේ දවස් දෙක තුනේම නස් නාරං ගෙඩියක්වත් නේත්‍ර නොකෑව නිසා.දිවාෂ ලොකු බුද්ධිමතෙක් නිසා ඔය වගේ දේවල් හරි ඉක්මනට හොයාගන්න පුළුවන්කමක් දිවාෂට තිබ්බා!

"අනේ එකක් කියමුකො.මගෙ හොද මිතුරනේ ඔයා! අනේ අනේ අනේ අනේ නේත්‍ර"

"හ්ම්ම්ම් හරි දිවාෂ.....අයියෝ ඔයාත් හරි වදකාරයෙක් තමා වෙලාවකට"

"සුට්ටක් ඉන්ඩෝඕඕඕඕඕඕඕ"

ගේ ඇතුලට දුවලා ගිය දිවාෂ තමන්ගෙ ගිටාර් එකත් උස්සගෙන එද්දි නේත්‍රට හිනා ගියේ දිවාෂගෙ හැසිරීම දැකලා.මොන ප්‍රශ්නයක් උනත් හිනා වෙලා භාරගන්න දිවාෂ හිත හයිය හොද ලමයෙක් කියලා නේත්‍ර දැනන් හිටියා.ලමයි කොච්චර දෙනෙක් එක්ක කතා බහ කලට් දිවාෂ තරම් තමන්ගෙ හිතට වැදුනු කිසිම කෙනෙක් නැහැ කියන එක නේත්‍ර පිලිගත්තා.කවදහරි දවසක දිවාෂ ආදරේ කරන කෙනා මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයෙක් වෙයි කියලා නේත්‍ර හිතුවා.

.

.

.

.

.

"අවුලක් උනේ නෑ.ඕ ඕ.......අපි කෑවා.ඔයා කෑවද? හ්ම්ම්ම්......හා හරි බය වෙන්න එපා........හෙට එනවා.......කවද්ද? ෂුවර්ද ඔයාට? හා එහෙනම් හෙට රෑට කෝල් එකක් දෙන්නකො.......හරි පරිස්සමින් ඉන්න ඔයත්.හරී........බුදු සරණයි!"

"කවුද?"

"දෙනෙත්"

ෆෝන් එකත් කනේ ගහගෙන අනික් අතින් ගිටාර් එකත් උස්සගෙන ආව දෙවින් කෝල් එක ඉවර කරලා ආශවගෙ උකුල උඩින් තියලා උත්තර දුන්නා.අඩුම තරමෙ තමන් උන්නද මලාද කියලවත් හොයන්න වෙලාවක් නැති දෙමව්පියො ඉද්දි තමන් ගැන හොයලා බලන්න තමන්ගෙම කියලා එක මිනිහෙක් හරි ඉන්න එක ආශවට දෙවින්ට ලොකු සහනයක් වුණා.සමහර ලමයි අම්මලා තාත්තලාට කතා කරලා තරගෙ විස්තර බෙදාගනිද්දි දෙවින් ආශව දෙන්නා කතා නේත්‍ර,දිවාෂ,තෙවින් එක්ක විස්තර බෙදාගත්තා.

ආශව අත් දෙකත් ගුලි කරගෙන අහස දිහා බල බල හූල්ලද්දි දෙවින් ෆෝන් එක අතට අරගෙන ඒක බලන්න ගත්තා.ඒත් එක්කම දෙවින්ගෙ මූණ මනමාල හිනාවකින් පාට වෙද්දි දෙවින් ආශවට ඇනලා ෆෝන් එක දික් කලා.

"දිවාෂයගෙ ස්ටේටස් බලපියකො"

දෙවින්ගෙ වචනත් එක්ක තමන්ගෙ ෆෝන් එක අතට ගත්තු ආශව ඉක්මනටම දෙවින් කිව්ව විදියට දිවාෂගෙ ස්ටේටස් බලද්දි ආශවගෙ මුළු මූණම ලස්සන හිනාවකින් එලිය වුනා.කොළබ දූවිලි හුලගත් රාත්‍රී කාලෙට ටිකක් හරි පිරිසිදු එකක් වෙද්දි ඒ හීතල හුලගත් එක්කම ෆෝන් එකෙන් පේන තමන්ගෙ හිත පුරා අරක් ගත්තු ඒ සුන්දර රූපෙ එක්ක ඇහෙන කටහඩ ආශවව වෙනම ලෝකෙකට අරගෙන ගියා.

"නුඹේ ලෙංගතුකමට

හිතින් මා පෙම් කල තරම්

නොකිව්වට මම කියයි නුඹහට

වැව රවුමෙ රොබරෝසියන්..........."

දිවාෂ ගිටාර් එක ගහද්දි ඇස් දෙකත් පියාගෙන මුමුණන නේත්‍රගෙ හඩත් එක්කම ආශවගෙ හිත පුරා අමුතු හැගීමක් යද්දි ෆෝන් එක ලං කරගත්තු ආශව කීපපාරක්ම ඒ ලස්සන රූපෙ එක්ක ඒ හඩ රස වින්දා.නේත්‍රගෙ ඒ හඩේ ගැබ් වෙලා තියෙන හැගීම් තේරුම් ගත්තු ආශව ගිටාර් එක අතට ගද්දි ආශවව තේරුම් ගත්තු දෙවින් කට කොනකින් හිනාවෙලා ආශවගෙ ෆෝන් එක අතට ගත්තා.

"ගිහින් අහපං අහසින් සෙංකඩ

ප්‍රේමයේ පරිමාව දැන්

හෙලන වැහිකැට ගණිනු හැකිනම්

ආදරෙයි එපමණකි මං..........."

දිවාෂගෙ කෑ ගැහිල්ලත් එක්ක තමන්ගෙ ෆෝන් එක අතට ගත්තු නේත්‍ර ආශවගෙ ස්ටේටස් දිහා බලාන හිටියා."ආදරෙයි එපමණකි මං" කියන කොටසත් එක්ක ගැඹුරු වෙලා ඇහෙන තමන්ගෙ සුදු අයියගෙ හඩත් එක්කම ඇග පුරා විදුලි සැරක් ගලාගෙන යද්දි දිවාෂගෙ තරවටුව නිසාම නේත්‍ර ආපහු පාරක් තමන්ගෙ හඩ අවධි කලා.

"අදුරු ලාගෙන වහිනකොට වැහි

සිත් ඉමට පාලුව අරන්

රැගෙන උණුහුම වරෙන් හනිකට

උඩුරාවණ මොන දුරද බං......"

"ඉක්මනට යමං.කොල්ලට පාළු හිතිලා වගේ"

දිවාෂගෙ ස්ටේටස් දිහා බලාගෙන දෙවින් කියද්දි ආශවගෙ කට කොනක ඇදුනෙ හරි දඩබ්බර හිනාවක්."රැගෙන උණුහුම වරෙන් හනිකට" කියද්දි නේත්‍රගෙ තොල්පට ලාවට වෙවුලන හැටි දෙවින් නොදැක්කත් නේත්‍රගෙ මූණෙ හැම අංගයක්ම සියුම්ව රස විදින ආශවනම් හොදට දැක්කා.නේත්‍ර ඉල්ලන දේ ආශව දෙයි! ආශවගෙ විදියට!

"රෑට තනියම නින්ද නැතුවම

ඉන්න මට හිතෙනා තරම්

යන්න උනහම ඉන්නෙ කොහොමද

නුඹට වැඩියෙන් හැඩුව මං........"

"ඔව් ඕයි.ඌ මැරෙන්න ගියා නෙවේනෙ.මැච් එකකටනෙ ගියේ.බලපං.ඌ සාංකාවට අඩලත් එක්කත කොහෙත?මොනා උනත් මිනිහා හරි බුද්ධිමත්නෙ මම හිතුවට වඩා.ගාණට සිංදුවෙන්ම උත්තර දෙන්නෙ?"

"සිංදුවෙන් උත්තර දෙන්න දෙයක් නෑනෙ දිවාෂ.හුම්ම්ම්.....ඔයත් බොරුවට එකේක ඒවා හිතනවද කොහෙද?"

තමන්ගෙ රතු වුණු මූණ දිවාෂගෙන් හංගගන්න උත්සාහ කරන ගමන් නේත්‍ර මුමුණද්දි දිවාෂට හිනා ගියා.නේත්‍ර එච්චරටම හු‍රතල්.නේත්‍ර හරි අහිංසකයි.ඒ හැම දේටම වඩා නේත්‍ර හරි ආදරණියයි.ආශව මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මිනිහා වෙයි නේත්‍රව ලගට ගත්තු දවසට.දිවාෂ හිතන ගමන්ම නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.

"නුවර අහසට නාඩා ඉන්නට

කියන් මල් පෙති පිපෙනකන්

පිපුනු රොබරෝසියන් මල් යට

නුඹ නිසා හෙට එනවා මං......."

"අනේ දිවාෂ හිනා වෙන්නෙපානෙ.මොකද්ද අනේ"

"තමුසෙ මොකෝ රතු වෙලා ආ.........අනේ අහිම්සක මටත් වුණානෙ මේ කෝලම් බලන්න"

නේත්‍රගෙ ඔලුවට පුංචි ටොක්කක් අනින ගමන් දිවාෂ කියද්දි හිනා වුණු නේත්‍ර ආපහු පාරක් ආශවගෙ අන්තිම වීඩියෝ එක බැලුවා. "නුඹ නැතත් හෙට යනවා මං" කියන පද පේලිය තමන් දෙන්නට ගැලපෙන විදියට "නුඹ නිසා හෙට එනවා මං" කියලා ආශව හදලා කියලා තියෙන්නෙ කියන එක නොතේරෙන්න තරම් නේත්‍ර මෝඩයෙක් නොවුණත් ඒ දේ එහෙමයි කියලා පිලිනොගන්න තරම් නේත්‍ර බයගුල්ලෙක් වුණා.බයටත් වඩා නේත්‍ර අසරණ වුණා.

තමන්ගෙ හිතේ තමන්ගෙ සුදු අයියා ගැන තියෙන ආදරය දිවාෂ ගැන දෙවින් ගැන හිතෙන විදියෙ ආදරයක්වත්,අම්මා ගැන අත්තම්මා ගැන අක්කා ගැන ඇති වෙනවා වගේ ආදරයක්වත් නෙවෙයි කියලා නේත්‍ර දැනන් හිටියත් ඒ හැගීම "පෙම්වතෙක්" ගැන ඇති වෙනවා වගේ ආදරයක් කියලා පිලිගන්න බැරි තරමට නේත්‍ර අසරණ වුණා.

තමන් මේ විදියට සුදු අයියා එක්ක හැසිරෙන එක වැරදිද කියලා නේත්‍ර හැම වෙලේම කල්පනා කලා.ඒත් තමන් ඈත් වුණොත් සුදු අයියා ජීවිතේම උනත් විනාස කරගන්න මට්ටමකට පත් වෙන්න පුළුවන් කියන එක නේත්‍ර එදා උනු දෙයින් දැනගත්තා.තමන්ට මොනවා උනත් සුදුඅයියා වෙනුවෙන් තමන් ඉන්නවා කියලා නේත්‍රගෙ පුංචි හිත මේ වෙද්දිනුත් ලොකු තීරණයක් අරගෙන තිබ්බා.

නේත්‍රවත් ඇදගෙන නිදාගන්න කාමරේට ගිය දිවාෂ එක තැනම නතර වුණේ තමන් කවදාවත් ස්ටේටස් එකක් නොදැක්ක අංකයකට අදාල නමක ඉස්සරහ කොල පාට රවුමක් ඇති වෙලා තියෙනවා දැකලා.ආශවට තවමත් ඒ අදාල අංකෙ හිමිකාරයට තමන්ගෙ ස්ටේටස් පෙනෙන විදියට සකසන එක මගඇරිලා තියෙද්දි,ඒ අංකෙ අයිතිකරුවා දිවාෂගෙ ස්ටේටස් විතරක් දකිද්දි,අදාල අයිතිකාරයා තමන්ගෙ ගායනාවත් දිවාෂට විතරක් පේන විදියට සකසලා තිබ්බෙ ඒක නේත්‍රත් දකියි කියන බලාපොරොත්තුවෙන්.මොකද ඒ පුද්ගලයා ලග නේත්‍රගෙ දුරකතන අංකෙ තිබුණෙ නැහැ.

"ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු

කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ

එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ

ඔබ ගැවසෙන මා හිත අවිනීතයි

අවනත නැති නෙතටද අවිවේකයි

හුදෙකලාව අවනඩුවක්...

හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්.........

ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි

පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි

අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි

කියාගන්න බැරි කමින් හිත බරයි

ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි

හුදෙකලාව අවනඩුවක්...

හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්.......

ඔබ ඇපල් මලක් වාගේ

ලස්සන වසන්ත කාලේ

මට හදිස්සියෙන් වාගේ හමු වූ

පායන්න දෑස මානේ

උනුහුමට ගින්දරී

ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී

දිගු දෑසෙ බැල්ම ඔබගේ

ඇයි සොදුරු ඔය හැටී?"

නේත්‍රගෙන් ඉල්ලගෙන ආව කමිසෙ තුරුලු කරගෙන ආශව නින්දට වැටෙද්දි,ආශව ඉක්මනට එන එක ගැන හිතන ගමන් නේත්‍ර නින්දට වැටෙද්දි දිවාෂගෙ ඇස් දෙක ඇරිලා තිබුණා.ඇස් දෙකත් පියාගෙන ගිටාර් එක ගහන ගමන් හරි හැගීම්බරව සිංදුව කියන තෙවින්ව දිවාෂට මැවිලා පේන්න ගත්තා.

"ගැහැනු ලමයෝ" කියන තැන් වලදි ඒ වචනෙ නොකියා ඒ තාලෙට හුස්ම අල්ලන තෙවින්ගෙ හැගීම්බර කටහඩ එක්කම  වීඩියෝ එකට අහු වුණු කොටසෙ පැත්තකට වෙන්න දැල්වෙන ගමන් තිබ්බ පුලිගුව සිගරැට් පුලිගුවක් කියන එකට් දිවාෂ තේරුන් ගත්තා.තමන් නේත්‍රගෙ වීඩියෝ එක අප්ලෝඩ් කරපු වෙලාවෙදිම තෙවිනුත් සිංදුවක් කිව්ව එක දිවාෂට අහම්බයක් විදියට දැනුනෙ නැහැ.ටිකක්වත් නැහැ.මොකක් නමුත් වරදක් වෙන්න යනවා කියන එක දිවාෂගෙ හිතට ලොකුවටම දැනෙන්න ගත්තා.

"ඔයාටවත් ආශව අයියටවත් වරදක් වෙන්න මම ඉඩ තියන්නෑ නේත්‍ර"

තමන්ගෙ එහා පැත්තෙ වැතිරිලා හරි සන්සුන් විදියට නින්දට වැටිලා ඉන්න නේත්‍රගෙ ඔලුව අත ගාන ගමන් දිවාෂ මුමුණද්දි,තමන්ගෙ ඇද උඩට වෙලා තවත් සිගරැට්ටුවක් උරන ගමන් හිටි තෙවින් තමන්ගෙ දුරකථන තිරෙන් සියවෙනි වතාවටත් පේන ඇහෙන ඒ රූපෙ දිහා ඇස් පිය ගහන්නෙ නැතුව බලාගෙන හිටියා.

"ඔයා හුගක් ලස්සනයි නේත්‍ර.....මට හරි ලෝබයි....."

..................................................................................................

Words 2940+😪❤️

දැන් කැමීලියා හොද වැඩියි.හොදටම අප්ඩේට් දෙනවා වැඩියි දැන් කැමීලියත් හුහ්හ්හ්හ්😒❤️

ගියපාර චැප්ටරේ සපාසිස් එක නිසා කැමීලියා ගුටි කාලේ මේ ඉස්පිරිතාලෙ ඉන්නෙ හරිත😾❤️ අඩු කැඩිලා මගෙ😪❤️

මට ආසාවක් තිබ්බා කතාවට නුවර දැම්ම දවසෙ ඉදන්ම මේ සිංදුව කතාවට ගලපන්න.මම හිතනවා මම සිංදුවට අසාධාරණයක් නොවෙන විදියට ඒක කතාවට ගැලපුවා කියලා 🥺❤️ වචනයක් කියන් යන්න හොදද ඒ ගැනත්❤️ මොකද මේකෙදි මේ විදියට මම සිංදු ගලපන්න හිතාන ඉන්නවා අවශ්‍ය තැන් වලදි.ඒකයි❤️

නුඹේ ලෙංගතු කමට,අදුරු ලාගෙන කෑලි දෙක කිව්වෙ නේට්ට 🥺❤️

ගිහින් අහපං,රෑට තනියම,නුවර අහසට කෑලි තුන ආසව කිව්වෙ🥺❤️

සිංදුව උඩ දාලා තියෙන්නෙ.ඒක අහන්න🥺❤️ පෞද්ගලිකව මම ආසම සිංදුවක්🥺❤️

ඊලගට ඔබ ඇපල් මලක් වාගේ සිංදුවෙත් ඔය කවර් එක අහන්න බබාලා🥺❤️

ඒක තමා කතාවෙ ඔය කොටසට ගැලපෙන්නෙ🥺❤️ මම හිතනවා ඔයාලට ෆීල් වෙයි කියලා 😁❤️

ඉතින් ඔන්න දැන් කතාවෙ ලස්සන දේවල් වෙයි.....ඉස්සර උනාටත් වඩා🙈❤️

කමෙන්ට්ස් ගොඩාරියක් දාන්න බබාලා🥺❤️ මට ලියන්න  ආසාව එන්නෙ ඔයාලගෙ අදහස් එක්කනෙ🥺❤️ බල කිරීමක් කියලා හිතන්න එහෙම එපා හොදද❤️ මම ආසා නිසයි කිව්වෙ🥺❤️

එහෙනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter